Friday, July 21, 2017

මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි



ආගම් ගැන මටද අදහසක් තිබේ. ආගම් යන්නට මාක්ස්වාදය වැනි දේශපාලන ඇදහිලිද අයත්ය . පහසුව පිනිස ආගම් යන වචනය යෙදුවද සියළු පුදපූජා අභිචාර ක්‍රම ද ඊට අයත්ය. දේශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාවන්ද ඊට අයත්ය.දේශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාවන්ද ඊට අයත්ය. පුද්ගල වන්දනාවේ රහසද තම අසම්පූර්න බව ( කුදු බව ) ය.වන්දනාවට  පිළිම ( හෝ පොත් ) අවශ්‍ය දුර්වලයන්ටය.

පොදු මතය නම් දිව්‍ය ලෝක හා අපායවල් වැනි ගමනාන්තයන් පිලිබඳ හැඟීම නිසා බවයි. ඒ ඇත්තද

මට සිතෙන්නේ මිනිසා මෙතරම් අභිරුචියකින් ආගම් අදහන්නේ එහි යම් අබින් ගතියක් ඇති නිසා බවයි. ( කුමක්ද මේ අබින් ගතිය. එය ලිපියේ අවසානයේදී සාකච්ඡා කෙරේ ). එසේ නැතිව දිව්‍යලෝකයක් ගැන රුචියක් හා අපායක් ගැන බියක් නිසාම නොවෙයි. දිව්‍යලෝක ගැන කියනවානම් එහි යන්නේ කුසල් කල අයයි. සිත පහදා සරළුවක් තරම් දෙයක් භික්ෂුවකට දුන් කෙනෙකුටද එලව එලවා සැප ලැබුන නිසා ලොකු පොල්කටු හැදිවලින් දන් බෙදා ඇති අප බිය විය යුතු නැත.


අපගේ ශරීර සෑදී ඇත්තේ පෘථිවියට ගැලපෙන ලෙසය. අඩු තරමේ අගහරු ලෝකයේ ජීවත් වීමද අපගේ අස්ථි වලට පේෂි වලට ඔරොත්තු නොදේ. ඉන්දියානු දිව්‍යලෝකයේ සිතන පමනින්දිව බොජුන් ලැබේ. මේවා සුවද බලනවා පමනද . මේවා ජීර්නය කිරීමේ ආහාර ජීර්න පද්ධතියක් දෙවියන්ට වේද.

ප්‍රජනනය සදහා සොබා දහමේ උගුලක් ලෙස ලිංගිකත්වය සත්ව ලෝකයේ ඇත. පින් කල අයට දිව්යාංගනා සැප කෙලවරක් නැතිලු. සියුම් ශරීර වලින් ඔයාකාර බරපතල වැඩක් කරන්නේ කෙසේද. නැත්නම් මාදිලියේ භ්‍රාන්තිමය අත්දැකීමක්ද.

කෙසේ හෝ අපගේ සිතට යම් දෙයක් රුචි වූ විට එය සැපයක් වෙයි. එහෙත් කල් යාමේදී එය එපා වෙයි. මනස ඊට හුරුවූ පසු අලුත් සැප අවශ්‍ය වෙයි. සැපයට හුරුවීම නිසා එය තව දුරටත් සැපක් නොවේ. අපායෙ අයටද වෙන්නෙ මේ සංගදියමය.

අරාබි දිව්‍ය ලෝකයේ සැප යනු කන්‍යාවන් ,පිරිසිදු ජලය හා පළතුරුය. ඔවුන්ගේ අපායේ පතොක් වර්ග තිබේලු.


 ග්‍රීක දිව්‍ය ලෝකය ශීතලය .සුදු පැහැති පියාපත් සහිතව පියාඹමින් වීණාවෙන් දිවි පසසමින්  එහි ජීවත් විය හැක.


මේ මිනිසුන්ගෙ දිව්‍ය ලෝකයි. අපේ පූසා කිව්වේ  පූසන්ගෙ දිව්‍යලෝකයෙ මාළු සහ කුප්පමේනියා සුලබ බවයි. කුප්පමේනියා ගස් මුල් උඩු අතට එන ලෙස තිබේලු.

හැම දිව්‍යලෝකයකම දෙවියන් හමුවන නිසා දෙවියන් ඔවුන්ට අමුතු කෙනෙක් නොවේ. පෘථිවියේ තරම් බැතියක් නැතිවනු ඇත.


ඇත්තටම මිනිසුන් ආගම් අදහන්නේ මේ මේ මනහ්කල්පිත සැපක් නිසාද නැත්නම් අපාය නම් වූ වධකාගාරයකට ඇති බියෙන්ද.
පූසන් උදේ හවා පුරු පුරු ගාමින් යාඥා කරන්නේ මාළුන් ගහන කුප්පමේනියා වනයකට ඇති ආශාවෙන්ද.

මගේ මතය නැත යන්නයි.මෙය එක් එළඹුමක් පමණි. නමුත් නමුත් සැපය හා දුක  අවශ්‍ය වන්නේම යම් හේතුවක් නිසාය. මෙය කුමක්ද

එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය. 

මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි ඉන්ද්‍රිය ගෝචරනොවන නොවිසදුන ගැටළුවලට කල්පිත විසදුම් ආගම්වලින් ලැබෙන නිසාද

පුරාන මිනිසාට සමාජය ,විශ්වය ගැන නොවිසදුන ප්‍රශ්න බොහෝ විය. අහවලා මං තරම් කුඹුරකොටන්නෙත් නෑ ඒත් සරු අස්වැන්න. මොකක්ද රහස. ආ මේකයි රහස දෙවිය ගෙ කැමැත්ත නැත්නම් පෙර භවයක කුසල් කරල  . ආ හරි එහෙනම් ඕකේ . මේ නිසා විවිධ පරිකල්පනයන් ගොඩ නගා වනපොත් කලහ. අපූරු පුද්ගල දෙවිවරු නිර්මානය විය. මිනිසා තම ස්වරූපයෙන් දෙවියා මැව්වාය කියා කියන්නේ ඒකය.

කල් යාමේදී මෙම පුද්ගල දෙවියා ස්වයංක්‍රීය බලවේග විය. කර්මය එවැන්නකි.


මෙම පරිකල්පනයන් පරම්පරාවෙන් පරම්පරාවට මේ තරම් අභිරුචියකින් ගෙන යන්නේ මන්ද යන්න මෙම ලිපියේ මුලින්ම මා මතුකල ප්‍රශ්නයයි. මෙහි අරමුන ආගම්වල සමාජ මෙහෙවර කතා කිරීම නොවේ. ඇත්තෙන්ම ආගම යනු මෝඩයාට කෙවිටකි. ආගම් කියා දෙයක් නොදියුනු මිනිසුන්ට නොතිබුනේනම් අපට පාරක බැස යාමට නොහැකි වනු ඇත. මොළය නොවැඩුන මිනිසුන්ට අපායවල්  සිරගෙවල් අවශ්‍යය.  නමුත් ආගමේ සැබෑ මානසික පදනම මෙය නොවෙයි.

නොවිසදුන ගැටළු සාධකය එක් එළඹුමක් පමණි. නමුත් ආගම් අදහන ප්‍රධානම කරුන මෙය නොවේ.  නොවිසදුන ගැටළු  හටගන්නේම යම් හේතුවක් නිසාය

එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය. 


ඇත්තය. සියළු ආගම් තෘප්තිය වෙත පාර පෙන්වයි. නූගත් එඩේරාට ගැබුරු දර්ශන වැඩක් නැත. මහා කාරුණික දේවියා ලෞකිකත්වයේ සියළු වගකීම් භාර ගනියි. සතුන්ට අලුත් තනබිමක් ලැබුනේ දෙවියාගේ සැලසුමකටය. එඩේරාගේ සිත නිදහස්ය. ඔහුට ඇත්තේ තුති පිදීම පමනකි. තනබිමක්  වෙනුවට කාන්තාරයක් හමුවීම ගැන කරන්නට දෙයක් නැත. එයද සැලසුමක් බැවිනි. ද්වේශ කර පවු නොකර උනන්දුවෙන් කන්නලවු කරයි. ඩේල් කානගී අරාබීන් සමග ජීවත් වූ සමයක අරාබීන්ගේ මේ යාන්ත්‍රික හැසිරීම දෙස බලා එය අගයා ඇත.සර්වබලධාරී සංකල්පයකට තම මමත්වය යටපත් කිරීමයි. එයද නරක නැත.

එහෙත් නූතන සමාජයට ඊට වඩා යමක් අවශ්‍යය. බෞද්ධ දර්ශනය හා වේදාන්ත තුල මෙන්ම සිත ගැන විග්‍රහ කල චින්තකයන්ගේ ඇසුර අපට අවශ්‍යය.

අතෘප්තිය උපදින්නේ සිතිවිලි වලිනි. සිතිවිලි යනු බාහිර පරිසරයේ ප්‍රතිඵලයි. දුක ඇත්තේ සිතිවිලි වලයි. නිදා ගත් විට දුක කියා දෙයක් නෑ නේද. මෙය තවත් එළඹුමකින් උඩුසිතේ ඇති දෙයක් ලෙසද කිව හැක. මෙය ඉතා සරල කාරනයකි. මමත්වයෙන් මිදුන විට දුක නැතිවේ. යූ ටියුබ් එකේ ඇති ඒ එස් බාලසූරිය මහතාගේ දේශනා අසන්න. මා එය නිර්දේශ කලේ එය වඩා ආසන්න මූලාශ්‍රයක් නිසාය. ක්‍රිශ්නමූර්ති , අවුරෝබින්දෝ , රාජ්නීශ් ඔෂෝ මේ හැමෝම කීවේ මේ සරල කතාවය. එනම් සිතිවිලි අතර පරතරයක් ඇත. ඔබ සිතිවිලි වලින් විනිර්මුක්ත වූ මොහොත අති සුන්දර උත්තරීතරත්වයයි. රහතන් වහන්සේලාගේ උදාන ගී ථේරගාථා සහ ථේරී ගාථාවල කියවන්න. බුදුන් වහන්සේම මේ  තෘප්තිමත් ප්‍රභාශ්වර තත්වය කීප තැනකම වර්ණනා කර ඇත. හින්දූන් මෙයට බ්‍රහ්මානන්දය කියා කියයි.
අපගේ සිතට තෘප්තිය පිණිස පිපාසයක් ඇත. මෙය සිතිවිලි වලින් කිළිටි නොවූ ප්‍රභාෂ්වර සිතයි. මෙහි බිය ද්වේශය  ආශාවන් නැත. 

නමුත් නමුත් සැපය හා දුක  අවශ්‍ය වන්නේම යම් හේතුවක් නිසාය. මෙය කුමක්ද


මමත්වය යි. අපගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවන්නේ මමත්වය නිසයි. නිර්මානවාදී ආගම්වලින් කෙරෙන්නේ මේ මමත්වය යෝධ සංකල්පයකින් වසා දැමීමයි. බුදු දහමේ මමත්වය නැති කිරීම ගැන විද්‍යාත්මක විග්‍රහයක් ඇත.මෙයට ආචාර ධර්මීය සම්බන්ධයක් නැත.පවු පින් කතා නැත. ආගම් භේදයක් නැත. සිතේ ක්‍රියාකාරීත්වය ගැන සැබෑ විග්‍රහය තුල වෙනත් බැරියර නැත. එසේම සරල සත්‍ය ගාම්භීර කිරීමට කාටවත් නොතේරෙන දහම් ගැට හෝ අපබ්‍රංස අවශ්‍ය නැත. වචන හරඹ අදාලම නැත.

ධනිය ගෝපාල තම ලෞකික සැපත ගැන කියන විට බුදුන් වහන්සේ ඊට දුන්නේ නිරාමිස සුවය ගැන පිළිතුරකි.
.

බත් උයලා ඉවරයි. මම බත් කාලා ඉවරයි. මගේ බඩ හොඳටම පිරිලයි තියෙන්නේ. මම කිරිත් දොවාගෙන ඉවරයි. මහී ගඟ අයිනේ තිබෙන ගෙදරට මගේ පිරිවර ජනයා දූ දරුවෝ ගෙදර වැඩ කරන අය සේරම ඇවිල්ලයි ඉන්නේ. දරු මුණුපුරන්, මා සමඟයි ඉන්නේ. ඒ ගෙදර හොඳින් සෙවිලි කර තිබෙන්නේ. කොහින්වත් තෙමන්නේ නැහැ. ගේ තුළ ගිනිත් දල්වා තිබෙනවා. මේ සූදානම් නිසා ඔහු අහස දෙස බලා සතුටින් පවසනවා වැස්ස කැමැතිනම් වහින්න. ඕනෑ තරම් වහින්න කියා.//

බුදුන්  වහන්සේ තමන් වහන්සේට මේ කිසිවක් නැතත් අත්විදින සුවය ගැන දේශනා කලහ.

උපුටා ගැනීම

බොහෝ ථෙරී ගාථාවලද රහතන් වහන්සේලා අත් විදින මේ සුවය ගැන සදහන් වී ඇත.  බැඳීම් වලින් විනිර්මුක්ත මෙම සුවය තුල සිතිවිලිවල බලපෑමක් නැත. අපේ දුකට හේතුව අප සිතිවිලිවලට අනන්‍ය වීමය. උපාදානායන් හා බැදීමය.

දුකින් මිදීම යනු සිතිවිලි වලට අනන්‍ය නොවීමය. මෙය පුරුදු පුහුණු කල විට සිතිවිලි තව දුරටත් බරක් නොවෙයි.
මගේ අදහස බුදුන් වහන්සේ ,එකල සිටි මහා විද්වතුන් , මෑත යුගයේ ක්‍රිශ්නමූර්ති වැනි අය අවුරෝ බින්දෝ වැනි අය අපේ යුගේ දේශන පවත්වන චින්තකයන් දේශනා කෙලේ මේ සරල සත්‍ය බවයි. නිරාමිස සමාධි  සුවය ලැබූ තැනැත්තාට දිව්‍ය ලෝක අවශ්‍ය නැත. ඔහුට බියවීමට අපායවල් නැත. ( බිය ඇතිවන්නේද සිතිවිලිවලට අනන්‍ය වීම තුලය ) එසේම ඔහුට නොවිසදුන ප්‍රශ්න නැත. 

මෙම සුවය ගැන දන්නේ එය යන්තමින් හෝ ලැබූ අයයි. භාවනානුයෝගීන් මෙම අත්දැකීම ලබා ඇත.එය වචනයෙන් විස්තර කල නොහැකි ප්‍රීතියක් බව ඔවුහු කියා ඇත. ආගම් අදහන්නේ මෙම පරමාදර්ශී තෘප්තිය නොලැබූ අයයි. ( වැඩි විසතර සදහා ඒ එස් බාලසූරිය හෝ එඛාර්ට් ටොල් ට සවන් දෙන්නෙ ,ඔවුන් අන්තර්ජාලයේ තිබෙන වඩා පහසු මූලාශ්‍ර නිසයි නිර්දේශ කලේ.)

මට සිතෙන අන්දමට තවදුරටත් සිතිවිලිවල සිරකරුවන් නොවූ අයට අදහන්නට මල් පුදන්නට මහා පුරුෂයන් හෝ පිළිම නැත. ඒ ඔවුන් සර්ව සම්පූර්නත්වය අත් විදින බැවිනි. සියළු පුදපූජා වැඩිහිටියන්ගෙ  වැලිබත් ඉවීම් වන පදනම මේ අතෘප්තියයි ( වැලිබත් ඉවීම් යන වචනය ඊ ඩබ් අධිකාරම් ගෙනි ). ලෞකික වශයෙන් මේ අතෘප්තිය ජයගත නොහැක. තෘප්තිය ඇත්තේ ලෞකිකත්වයෙන් ඉවත්වීම තුල බැවිනි.

බුදුන් හා රහතුන් අත්වින්ද සුවය පුරාන බමුනන් අත් වින්ද බ්‍රහ්මානන්දය සර්වබලධාරී දෙවියන් අදහන්නන් විදින සුවය මේ සියල්ල එකක්මය. එහෙත් බෞද්ධ හා හින්දු ආගම්වල වඩා සම්පූර්න විග්‍රහයක් දක්නට ලැබේ. විශ්ව දහම යනු එයයි. මමත්වයෙන් මිදීමයි  සනාතන සැපය එයයි.



මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි

පිළිතුර අතෘප්තිය නිසාය.
අතෘප්තිය ඇතිවන්නේ ඇයි සිතිවිලි හා අනන්‍ය වීම නිසාය.
තෘප්තිය ඇත්තේ කොහිද 
'සිතිවිලිවලින් නිදහස් වීම ( නො ඇලීම ) තුලය.

Tuesday, July 18, 2017

බුදුන් දෙසූ පුනර්භවය අන්ඩර දෙමලයක් වුන හැටි . ඊ නිව්ස් ලිපියක්

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.18, පෙ.ව.5.45) බමුණන් විසින් කළ එකම සමාජ මෙහෙවර වන්නේ සංස්කෘත භාෂාවට අසීමිත වූ වචන සමුදායක් එකතු කිරීමය. එහෙත් එම වචන වලින් කළ ආගමික ඉගැන්වීම් අතිශයින්ම භයානකය. නිදහස් මිනිස් චින්තනය එහෙම පිටින්ම  විකෘති කොට සමස්ත භාරතීය සමාජයම තම අල්ලේ නටවන්ට බමුණන්ට හැකිවූයේ  වචන  මත ඔවුන් ගොඩ නගන ලද ‘වෛදික ධර්මය‘ නැමති සෙප්පඩ විජ්ජාව නිසාය.  මිනිසුන් යලි ප්‍රකෘර්තිමත් කිරීම සඳහා ‘පාර්ශව නාථ‘යන් සහ ‘මහාවීර‘යන් විසින් හඳුන්වා දුන්  ‘ජෛන දර්ශණය‘ ද බමුණු  මතවාදයේම තවත් දිගුවක් විනා අළුත් දෙයක් නොවීය. මේ සියල්ලෝම පෝෂනය කළේ කර්මයට අනුරූපව නැවත නැවත උපදින “සම්සාර චක්‍රය යි” (උපනිෂද්).      
සියළු ක්‍රියාකාරකම්  “පුණ්‍ය කර්ම” හා  “පාප කර්ම”  වශයෙන් කොටස් දෙකකට වෙන් කළ ඔවුහු ඒ අනුව මරණින් පසුව  “ආත්මය” වෙනත් වෙනත් ශරීර තුල උපත ලබන බව ඉගැන්වූහ. මෙය හරියටම  කිසියම්  වාහනයක ඇන්ජිමක් වෙනත්  වාහනයකට සවි කිරීමට සමානය . බොඩිය වෙනස් වුනත් ඇන්ජිම එකය. මිනිසෙකු මරණින් පසු තිරිසන් ආත්ම භවයක් ලබන්නේ ඔහු කළ පවු කම් නිසාය. දෙවියෙකු වන්නේ  පිං කම් නිසාය. මේ  දෙකම නැවතී “ශීල සුද්ධී“ භාවයට හෝ “මෝක්ෂයට“ පත්වන්නේ පිං පවු කිරීම නතර වූ පසුවය. ඒ සඳහා වෛදික හෝ ජෛන ඉගැන්වීම් පිළිපැදිය යුතුය. ඔවුන් කියාදෙන මේ ධර්මයට අනුව මුලින්ම “සම්සාර චක්‍රයට“  ඇතුල් වී ඇත්තේ මිනිසා ය.  කම් වූ පරිද්දෙන් පසුකාලීනව විවිධ සත්ව ආත්ම ලබා ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ කිසිම් කාලයක මේ චක්‍රාවාටය තුල මිනිසුන් පමණක් ජීවත් වී  ඔවුන් කරන ලද පවු පිං අනුව සෙසු ජීවීන්  පහළ වූ බවක් නොවේද? මේ පිළිබදව ප්‍රශ්ණ කිරීම තහනම්ය. පිං පවු නොපිළිගන්නා මිදිටුවෙකි. අදටත් මෙහි වෙනසක් නැත.
සිද්ධාර්ථ ගෞතමයන්ගේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ  මෙයට හාත්පසින්ම වෙනස් වූ දිසානතියකි. උන්වහන්සේ  “සාස්වත“ (පැවත්ම)    සහ “උච්චේද“  (නැවත්ම) යන කාරණා දෙකම  බැහැර කළහ.     කර්මය අනුව නැවත නැවත ඉපදීම බුදු දහමේ මාතෘකාවක් නොවේ.  බුදු වදන වනුයේ කර්මය යනු  චේතනාව බවයි. (චේතනාහං භික්ඛවේ කම්මන් වදාමී).  මරණය ‘සම්මුති‘ සහ ‘පරමාර්ථ‘ වශයෙන් ආකාර  දෙකකි. ‘සම්මුති මරණය‘ යනු  ජීවිතය අවසන් වීමයි. උපතේ සිට එසේ ජීවිතය අවසන් වෙන තුරු  සිතෙහි නැවත නැවත  මැරි මැරී උපදින , ඉපදී ඉපදී මැරෙණ චෛතසික ස්වභාවය ‘පරමාර්ථ මරණය‘ සහ ‘පුනර් භවයයි‘ . චෛතසිකයන්ගේ ඉපදීමත් මිය යෑමත් නිමා වන්නේ රහත් භාවයට පත්වීමෙන් පසුවය.       උපතේ සිට ‘සම්මුති මරණය‘ දක්වා ගෙවන ජීවිත කාලය තුල රාග ද්වේශ මෝහ පටිඝ  හෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ආරම්මනයන්ට උපස්ථම්භකව හටගන්නා චෛතසිකයන්ට අනුව තිරිසන් ප්‍රේත නරක අසුර ආදී හෝ,  දෙව් මිනිස්  බ්‍රහ්ම  භාවන්ට පත්වේ. මේ සියල්ල සිදුවන්නේ මෙලොවදී මිස පරලොවකදී නොවේ.බුදු රදුන්  “නච සෝ නච අඤ්ඤෝ“යනුවෙන් ඉතා කෙටියෙන්  දේශණාකළේ ද මේ කාරණයමය.  ‘පුනර් භවය‘ ලබන්නේ ඔහුත් නොවේ, වෙනකෙනෙකුත් නොවේ.
බුදු දහමෙහි පැහැදී  රහත් බව ලද සියළුම  උත්තම  උත්තමාවියෝ  චෛතසික හා බැඳුනු  ‘පරමාර්ථ මරණය‘ තුල නැවත වෙනත් භවයක් නොලබති. සියළුම රහතන් වහන්සේලා එයට උදාහරණයන්ය. අංගුලිමාල අති භයාණක මිණීමරුවෙකි, බුදුන් දුටු ඔහු  එතෙක් මනසෙහි පැවති  පාපී චෛතසිකයන් සහමුලින්ම උපුටා දැමීය. එතුමන් නැවත කිසි දිනෙක කිරි දරුවෙකුටවත් හිංසාවක් කළේ නැත. එම නිසා  ඝාතක භවයෙන් මිදුනාහ. දේවදත්ත  යනු මනස  යම් තත්වකට දියුණු කළ භික්ෂුවකි. පසුව ඔහු බුදුන් කෙරෙහි වෛර බැඳ සිය භවය වෙනස් කර ගත්තේය. ඒ නිසා  ඔහු ‘සම්මුති මරණයට‘ පත්වෙන තුරුම මැරි මැරී ඉපදුනේය.  ඉපදි ඉපදී මැරුණේය. බමුණන් විසින් කුලහීන භවයකට ඇද දමා සිටි සුනීත සහ සෝපාක බුදු සසුනෙහි රහත් බව ලැබීය. උන් වහන්සේලා දෙව්දතුන් මෙන් සිය භවය නැවත වෙනස් කරගත්තේ නැත. බදු දහම මැනවින් අවබෝධ කරගත් කල්හී පුනරු භවයක් නොලබන්නේය
“පබස්සරමිදං  භික්ඛවේ චිත්තං. තංච ඛො ආගන්තුකේහි  උපක්ඛිලේසේහි  උපක්කිළිට්ඨං” මහණෙනි මේ සිත ප්‍රභාස්වරය. එය පිටතින් ගලා එන කෙලෙස් සිතුවිලි නිසා කිළිටි වෙයි. උපතේ දී සිත ප්‍රභාශ්වරය පිරිසිදුය පැහැදිලිය. පුනරුප්පත්තියක් සිදුවන්නේ පෙර ආත්මයේ කළ පව් පිං අනුව නම් , පුද්ගලයෙකුගේ මරණින් පසුව එම සිත වෙනත්  කයකට ඇතුල් වන්නේ නම්, එසේ ඇතුල් වූ සිතෙහි  මොනවා හෝ තිබිය යුතුය. එහෙත් බුදුහිමියන් පවසන්නේ එවැනි  කිසිදු කිලුටක් නැති බවයි. පෙර භවයේ හුරු කළ පුරුදු ද එහි නැත.  ලොවට බිහිවන්නේ අළුත්ම සිතක් සහිත අළුත්ම ශරීරයකි. අප මුලින් ප්‍රකාශ කළ පරිදි  පුද්ගලයෙක් දේව බ්‍රහ්ම මාර හෝ තිරිසන් ප්‍රේත අසුර හෝ තත්වයන්ට පත්වන්නේ  පසුව ඇතිවෙන චෛතසිකයන් මතය. සොරුන් අතර ඇති දැඩි වූ ගිරා පැටවා පරුෂ වචන කථා කළේය. තවුසන් අතර ඇති දැඩී වූ ගිරා පැටවා යහපත් වචන කථා කළේය. නමුත් උන් දෙදෙනාම එකම ගිරා මවකගේ පැටවුන්ය.
බුදු හිමියන් විසින් ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව දේශණා කළ පුනරුප්පත්තිය හා පුනර්භවය පිළිබඳ මෙම කාරණා  කිසිවෙකුටත් නොතේරෙන අණ්ඩර දෙමළයක් බවට පත් කළේ බමුණු මත ධාරී කාසාම්භර චෝරවාදීන්ය. අහිංක මිනිසුන් හමුවේ සුරංගනා ලෝක  මවා පා ඔවුන්  උපයන දෑ වංචාවෙන් ඩැහැ ගැනීම චෝර වාදීන්ගේ ඒකායන අරමුණයි. නිවන ශාක්සාත් කරගැනීම සඳහා යැයි කියා සිවුරු පටිය කරේ බැඳ පැවිදි වූ මොවුන් අබමල් රේණුවක තරම්වත් වෙහෙසක් නිවන සඳහා නොදරන්නේ ද ඒ නිසාම ය. බුදු හිමියන් විසින් අනුදැන වදාළ දෙසිය විසි හතක් වූ  විනය නීතී (ප්‍රාතිමෝක්ෂ ශීලය) එකක් වත් නොරැක කහරෙදි පෙරවා ගෙන ගිහියන් සේ මොවුන් හැසිරෙන්නේ තමන්  කිසිවෙකුටත් මරණින් පසු  නැවත ඉපදීමක් නැති බව ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. නමුත් පුනරුත්පත්තියක් ගැන සඳහන් කරමින් මිනිසුන් මුලා නොකරන්නට චෝර වාදීන්ට පැවත්මක් නම් නැත්තේම ය.   


Saturday, June 24, 2017

සුද්දන්ගේ මුතුන්මිත්තෝ දෙමළද ?

Oculocutaneous albinism, type 2

The gene OCA2, when in a variant form, the gene causes the hypopigmentation common in human albinism. Different SNPs within OCA2 are strongly associated with blue and green eyes. Hair color is the pigmentation of hair follicles due to two types of melanin, eumelanin and pheomelanin. Generally, if more melanin is present, the color of the hair is darker; if less melanin is present, the hair is lighter. Blond hair can have almost any proportion of phaeomelanin and eumelanin, but both only in small amounts. More phaeomelanin creates a more golden blond color, and more eumelanin creates an ash blond. Blond hair is common in many European peoples, but rare among peoples of non-European origin. Red hair ranges from vivid strawberry shades to deep auburn and burgundy, and is the rarest fully distinct hair color on earth. It is caused by a variation in the Mc1r gene and believed to be recessive. Red hair has the highest amounts of phaeomelanin and usually low levels of eumelanin, and is the rarest natural human hair color.


Dravidian
Dravidian Albino

Confirmation that the White (Caucasian) Race is derived from Dravidian Albinos, is documented in the findings from genetic analysis of Y-DNA haplogroup "R".


වැඩි විස්තර මෙතනින් බලන්න.



මේ නම් ප්‍රශ්න පත්‍රයකි. ජාන විද්‍යාව ගැන තවමත් නොවිසදුන ගැටළු සහ විවිධ කල්පිතයන් රැසක් මෙහි ඇත. පිළිතුරු නැත 

.?????????????????????????????????????????????????? පමණි.

පුරාන මිනිසාගේ ජනසංක්‍රමණ අප සිතුවාට වඩා දියුණුව පැවතුනි. මහා සමුද්‍රය ඒ සදහා කිසිම බාධාවක් නොවීය . මා මේ කියන්නෙ අයිස් යුගය නිසා මහද්වීප යාවූ සාපේක්ෂව මෑත අතීතය ගැන නොවේ. නිරතුරුවම සිදුවූ සමුද්‍ර චාරිකා ගැනය.

මුහුදට කිසිසේත්ම බියනොවූ ජනකොටස් ඇත්තේ කිහිපයකි. ෆිනීශියානුවන් ද්‍රවිඩයන් වයිකින්වරු වැනි අතලොස්සකි. වයිකින් වරු හා අරාබීන් අතර වෙලද සබදතා විය. වයිකින්වරු යනු හුදු ම්ලේච්ඡයන් ය කියන්නේ කුමන අරුතින්ද ?

http://www.thenational.ae/world/europe/when-the-arabs-met-the-vikings-new-discovery-suggests-ancient-links


ද්‍රවිඩයන් හා ඉතියෝපියානුවන් අතර මානව විද්‍යාත්මක ඥාතීත්වයක් ගැන අදහස් පලවී ඇත. එහෙත් ජාන විද්‍යාත්මක සබදතා ද තිබේනම් මෙම මතය ශක්තිමත් වනු ඇත.අරාබි සහ දෙමළ භාශා අතර වාග් විද්‍යාත්මක සමානකම් ගැන සමහර විද්වතුන් මත පළ කරති. මට සිතෙන්නේ වෙලද සබදතා නිසා මෙවැනි සමානකම් සිදුවිය නොහැකි බවයි. අරාබීන් හා ද්‍රවිඩයන් කලක් එකට ජීවත් වන්නට ඇත. සැමිටික් හා ජැපටික් ආක්‍රමන නිසා ද්‍රවිඩයන් දකුනට තල්ලුවන්නට ඇත.බ්‍රාහුයි ප්‍රදේශයේ ද්‍රවිඩ භාශාවක් කතා කරන ජනකොටසක් සිටීම මේ මතයට දිරි දෙන්නකි. එහෙත් අරාබිය කයිබර් දුර්ගය හරහා නොව කෙලිනම් මුහුද තරනය කර අප්‍රිකාවේ සිට දකුණු ඉන්දියාවට ආවා වෙන්නත් පුලුවන. මන්ද ද්‍රවිඩයන් මුහුදු ගමන්වලට කිසිසේත්ම බිය නොවූ බැවිනි. 

ද්‍රවිඩයන් ඉන්දියන් සාගරය හරහා ඉතියෝපියාවේ සිට ආවාද ?

http://arutkural.tripod.com/tolcampus/drav-african.htm


පුරාන ජනසංක්‍රමණ නැගෙනහිර සිට බටහිරට වූ බව පෙනේ.
පසුකාලීනව රයින් ගඟබඩසිටි හේවරාලලා රෝමය ජනාවාස කිරීමත් ඊටත් පසුකලෙක තවත් ඈත පෙරදිග සිටි හේවරාලලා ( හන් සහ ටාටර් මෙන්ම පසුකලෙක ස්ලාව් වරු ) තද ශීත දේශගුනයෙන් මිදීමටත් ආර්ථික අවශ්‍යතා නිසාත් නැගෙනහිරට සහ දකුනට සංක්‍රමනය වූහ.


හන් සහ ටාටර් වරු න්ගේ මීමුත්තන්ට චීන සම්භවයක් ඇත්ද ?


මේවාත් කියවන්නhttps://owlcation.com/stem/Irish-Blood-Genetic-Identity

https://www.theguardian.com/science/2015/dec/28/origins-of-the-irish-down-to-mass-migration-ancient-dna-confirms

ගල් යුගයේ හා ලෝකඩ යුගයේ සිදුවූ මහා ජන සංක්‍රමන  නිසා යුරෝපයේ කෙල්ටික් ප්‍රජාව බිහිවිනිද

ආදිකාලීන අයිරිෂ් මුතුන් මිත්තන් වර්තමාන දකුණු යුරෝපීය ප්‍රජාවට එසේත් නැත්නම් ශිෂ්ටාචාරයේ තොටිල්ල නම් වූ මැද පෙරදිග වැසියන්ට සමානය.
ඊජිප්තුවාසීන් ට ඇත්තේ උපසහරානු ජාන සැකැස්මක්ද . මටද සිතෙන්නේ එසේ බවයි මන්ද පාරාවෝ වරුන්ගේ චිත්‍ර වල කලු හිසකෙස් පලල් තොල් සහ අදුරු සම දැකිය හැක.
මේ ඊට වෙනස් කතාවක්.  ඩී.එන්. ඒ අනුව ඔවුන් වත්මනෙහි ලෙවන්ට්  නම්වූ බටහිර ආසියාවට වඩා සමානලු.
මෙය කියවන්න.
නමුත් මේ  දීග විවාහයක ආ කුමරියකගේ නම් . එවිට ඇයගේ ජානවලින් සමස්තය ගැන නිගමනය කරන්නේ කෙසේද ?
http://www.cbc.ca/news/technology/first-genome-ancient-egyptians-1.4138156

මානව රූපාකෘති විද්‍යාව හා ජාන ඇසුරින් හරි අපූරු නිගමන වලට එළැබිය හැක. නමුත් පුරාන මිසරවරුන් සුද්දන් කියා ඔප්පු කරන්නට කාට හෝ දේශපාලන ඕනෑකමක්වත් තියෙනවා වත්ද ?

http://www.independent.co.uk/news/science/archaeology/ancient-egyptians-europeans-related-claims-a7763866.html
http://bigthink.com/philip-perry/were-the-ancient-egyptians-black-or-white-scientists-now-know



http://www.independent.co.uk/news/science/archaeology/ancient-egyptians-europeans-related-claims-a7763866.html
http://bigthink.com/philip-perry/were-the-ancient-egyptians-black-or-white-scientists-now-know






අයිරිෂ් වරු කෙල්ටික් සම්භවයක් ඇති බව ඇත්තකි. එහෙත් ඔවුහු මැදපෙරදිග සිට උතුරු අප්‍රිකාව ,දකුණු යුරෝපය හරහා නූතන අයර්ලන්තයට පැමින ඇත. අයිරිශ් ස්කොටිෂ් හා වෙල්ශ් ජනයා සමානකම් ඇති අතර ඉංග්‍රීසීන්ට වෙනස්ය.

ජර්මැනික් ගෝත්‍ර වන ඇන්ග්ලෝ  වරු සැක්සන්වරු ,මාකොමන්නිවරු ,විසිගොත්වරු ( පෘතුගාල ස්පාඤ්ඤ හා දකුනු ප්‍රංශ ජනගහන්යේ යම් කොටසකට දායක වූ ) ෆෑන්ක්වරු ( ප්‍රංශ ජනගහනයෙන් කොටසකට දායක වූ ) බර්ගන්ඩියන්වරු ,ලොම්බාඩිවරු ( ඉතාලියේ ඒ නමින් ප්‍රදේශයක්ද ඇත ඉතාලි ජනගහනයේ කොටසකට දායක වූහ ) රයින් ගඟබඩ සිටි කාලයේ ඔවුන්ට නැගෙනහිරින් සිටියේ සාමේෂියන්වරුය. ඔවුහු ඉරානික භාෂා කතා කල අතර ඔවුන් සේම තවත් නෝමැඩික් ජනතාවක් වූ සිතියන් වරු සමානවම රණකාමී වූහ. 
සාමේෂියන්වරු නූතන ස්ලාව් වරුන්ගේ මුතුන් මිත්තන්ද ?
ශාක්‍යයන් කියන්නේ සිතියන්වරුද?

Friday, June 23, 2017

සයිටම් නැපෝලියන්ලා සහ මිසර පූසෝ

බ්ලොග් ගුණ විනිස

                                                 සයිටම් 


සයිටම් උද්ඝෝෂනය ගැන බ්ලොග් අවකාශයේ දුටු අංග සම්පූර්නම ලිපිය පලකලේ ප්‍රේමලාල් රණවීරගේ විසින් ඔහුගේ සුදුකුකුලා බ්ලොග් අඩවියේය. පහත ලින්ක් එක


රසිකොලොජිස්ට් සයිටම් ගැන ට්‍රාන්සිල් බ්ලොගයේ මෙසේ කියයි.

"සිසුන් යනු වැඩිහිටියන්ය .ඔවුහු සටන් කරන්නේ ස්ව කැමැත්තෙනි."

එය සත්‍ය නොවේ. බහුතරය යනවා නොව යැවෙනවාය. නිහඩ බහුතරය සංවිධානාත්මක සුළුතරයට නොදැනුවත්වම සහාය වෙයි.

ඇත්තෙන්ම මෙම සිසුන් බලෙන් හා බලකිරීමෙන් උද්ඝෝශනවලට ගෙන යන අයයි. සමහරෙක් මොබ් එකක ඇති ආතල් එකට යනවා විය හැක. කදුලු ගෑස් හා ජල ප්‍රහාරයක රස විද කෑ ගසා එන එකේ රසයක් ඇත. නමුත් මොවුන්ගේ බොස්ලාට ඇත්තේ වෙන්දේසියට මිනියක් සොයාගැනීමය. සිසුන්ගේ බොස්ලාගේ අභිලාශ භයානකය. ඊටත් වඩා භයානක බොස්ලාගේත් බොස්ලාවන පෙරටුගාමීන්ගේ අභිලාශයි. සමහර විට තවත් 89 ක් අවශ්‍ය ද දන්නේ නැත. එසේ නොවේවා.

ප්‍රේමලාල් ගේ විග්‍රහයට නොදෙවෙනි විග්‍රහයක් ඉකොනොමැට්ටා කරයි. ඔහු මෙහි අනාගත අවදානමක් ගැන අනතුරු අගවයි. ඔහු කියන මේ අදහස් බලන්න.

ජවිපෙ පන්ති වලට සහභාගී නොවූ හා ජවිපෙ සාමාජිකයින් නොවූ අපට නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අලවන්නට සිදුවූ පෝස්ටර් වල තිබුණු සටන් පාඨ මොනවාද කියා අපට දකින්නට ලැබුණේ ඒවා ඇලෙවුවාටද පසුවය. ඒ කාලයේ ජීවිතය මරණයෙන් අවසන් වන්නට මෙවැනි පෝස්ටරයක් අතේ තිබී අසුවන්නට අවශ්‍ය නොවීය. ජවිපෙ කැරැල්ලට පක්ෂපාතී මතයක නොසිටි රාවය සඟරාවක් වැනි දෙයක් හෝ සරසවි ශිෂ්‍ය හැඳුනුම්පතක් වැනි දෙයක් අතේ තිබී හමුවීම වුවද ඒ සඳහා ප්‍රමාණවත් විය.//



ජවිපෙ අදහස් වලට වෙනස් රාවය පත්තරයක් අතේ තිබ්බත් මරනය නිසැක වන පරිසරයක් නිර්මානය කලේ මේ දුර දිග නොබලන කඩිකුලප්පුකාරයන්ය. තමන් අලවන පෝස්ටරය ට තමන්ගෙ වගකීමක් නෑ කියන්නෙ මනෝ විද්‍යාත්මක ශිල්ප  ක්‍රම භාවිතයෙන් මුළු සමාජයම වසගයට ගැනීමට අතලොස්සක් වූ ත්‍රස්තයන්ට හැකි විය. තමන් අලවන්නේ තම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් නැත්තටම නැතිකරන අත්තනෝමතික කල්ලියක වුවමනාවන් බව නොසිතූහ. රූකඩ සමාජයක් ගැන ලියවුන 1984 කෘතිය සිහිවෙයි.


එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ


බයිනරි  දේශපාලනයේ භයානකකම මෙන්න

          ඇතැම් ගම් වල ජීවත් වූ "දේශප්‍රේමීන්" සියලු දෙනාටම ඉන්දීය සාමසාධක හමුදා වලට වහාම රටින් ඉවත් වන්නට බල කරමින් පෙළපාලි යන්නට සිදුවුනේ අවසන් ප්‍රතිඵලය පොලිස් වෙඩි පහරට ලක් වන්නට සිදුවීම බව ඉඳුරාම දැන දැනමය. අනෙක් විකල්පය වුනේ මේ පෙළපාලි වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර "දේශද්‍රෝහීන්" වීමයි   
පහත ලින්ක් එක


https://economatta.blogspot.com/2017/06/blog-post_23.html?showComment=1498266450665#c8922206211221036068


නලින් ද සිල්වා සයිටම් ගැන පලකර ඇති අදහසද මනරම්ය. මෙම ලිපියේ ඔහු ඒකාබද්ධයද විවේචනය කරයි.සයිටම් ආයතනය ඇති කිරීම ගැන කිසිම පක්ශයකට ඇග බේරාගත නොහැක. සයිටම් ආයතනය පිහිටවීම වැරදිය කියා මෙයින් අදහස් නොවේ. නලින් මෙහිදී මෙසේ පවසයි වෛද්‍යවරු පෞද්ගලික ව්‍යවසායට විරුද්ධ නැත. එසේම පෞද්ගලික අධ්‍යාපනයටද විරුද්ධ නැත. ඔහුගේ කතාව ඇත්තය. වෛද්‍යවරු සටන් කරන්නේ බමුණු කුලය සදහා බව නොතේරෙන මෝඩයෙක් නැත. ඔවුන් පෙරටුගාමී බන අසන්නට ගොස් ධ්‍රැවීකරනය වී තිබේ.

නමුත් මේ මහා මේඝය මකුලුදැලින් නවත්වන්නට බැරිය .බංග්ලාදේශයේ නේපාලයේ මෙඩිසින් කල අයද මෙහි පැමින ඇක්ට් 16 ලියයි. පසුගියදා බංග්ලාදේශයේදී දූෂනයට ලක් වූ සිසුවිය ගේ වයස අවුරුදු 17 ක් ලු. එසේනම් ඉන්ටනැෂනල් ස්කූල් එකෙන් කෙලින්ම මෙඩිකල් කොලෙජ් ගොස් ඇත.  ඒ කියන්නෙ මේ කෝස් එක එහෙමත් කරන්න පුලුවන් කියන එකයි. එහෙත් අප සමාජයේ වෛද්‍ය අධ්‍යාපනය ගැන මිත්‍යා මත ඇත. එහි ගූඪබව ගැන අපූරු කතන්දර ඇත. මේ මිත්‍යාව ඉදිරි දශකයේ පුපුරා යනු ඇත.

සයිටම් සටන ඔවුන් ජයගත්තොත් තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දහයක් පහලොවක් වුව බිහිවන්නට හොදටම ඉඩ ඇත. එසේ වුවහොත් මෙඩිසින් කරන්න යන ලක්ෂ 120 ඇතැම් විට ලක්ෂ 20 දක්වාවත් පහල බසින්නට ඇත. උසස් පෙල නැති අයට පදනම් පාඨමාලා පවත්වා අවුරුදු 7 න් මෙඩිසින් ඩිග්‍රිය ලබා දීමටද ඔවුන් ක්‍රියා කරන්නට ඉඩ තිබේ. බමුණු කුලයට දෙයියන්ගේම පිහිටය. එම් .බී.බී. එස් එකත් වෙනත් උපාධි වගේම තවත් එක්තරා උපාධියක් වනු ඇත. දැනට ඉංජිනේරු උපාධිය ලබාගැනීමට වෙනත් විකල්ප ක්‍රම ඇත.

පහත ලින්ක් එක

http://www1.kalaya.org/2017/06/blog-post_24.html


මම මධ්‍යස්ථ මතධාරියාය. මට යම් යම් දේ ගැන මතවාද නැතැයි එයින් නොකියවේ. එයින් කියවෙන්නේ මම මොන මතය දැරුවත් අනුන්ටත් කියන්න කතාවක් තිබෙන බව පිලිගන්නා බවයි. එසේම මම විරුද්ධ මතයටත් මගේ මතයට සමානම පිලිගැනීමක් දෙන බවයි. කලාමැදිරියා යනු මා දරන මතවලට වෙනස් මත දරමින් මට දැඩි ලෙස විවේචන කල අයෙකි. එහෙත් ඔහු බ්ලොග් අවකාශයේ සිටිය යුතුම අදීන එඩිතර බ්ලොග්කරුවෙකි. ඔහුගේ ශෛලිය රසවත්ය. ඔහුගෙන් මම බොහෝ දේ ඉගෙන ගෙන ඇත. 
වර්ජකයන් ගැන හා ඔවුන්ගේ දේශපාලනය ගැන කවර විවේචන තිබුනත් ඔවුන් තිරශ්චීන ලෙස මර්ධනය කරන්නට යන්නේ නම් අප ඊට එකඟ නැත. අමාවකගේ ලිපිය කියවිය යුත්තේ එබැවිනි.

මෙන්න ලින්ක් එක

http://bitternight.blogspot.com/2017/06/blog-post_23.html

                     නැපෝලියන්ලා

අනුන්ගේ ලමයි දංගෙඩියට දක්කන පක්ෂයක නායකයන්ගේ දරුවන් ගැන ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ අපූරු ඡායාරූපයක් පලවිය. ඇත්තෙන්ම එය වචන දහසකින් කියන දේ කැටිකල අපූරු සංසන්දනාත්මක ඡායාරූපයකි.
ඇත්තෙන්ම මේ ලෝක සොබාවයයි. පක්ෂය නම් පිරමිඩයේ උඩින්ම සිටින නැපෝලියන්ලා ස්නෝබෝල්ලා සෙසු සතුන් දැනුවත් කරන නිසා ඔවුන්ට හොද පෝෂනයක් අවශ්‍යය. ඒ සදහා කිරි හා ඇපල් ඌරන්ට වෙන් කල යුතුය. ( ජෝජ් ඕවල් ගේ ඇනිමල් ෆාම් පොත කියවන්න).
සමාජවාදය තුලින් ධනපතියා වෙනුවට නිළධාරියා ආදේශ වෙයි. පිරමිඩාකාර ව්‍යුහ තිබෙන තාක් සාධාරණය සිහිනයකි. 

පහත ලින්ක් එක



                                                  මිසර පූසෝ

මිසරයේ පූසන්ට තිබුන තැන ගැන මා කුඩා කාලයේ කියවූ පොතේ නම මට මතක නැත. නමුත් එහි ප්‍රධාන චරිතය ? වූ ඇමියුබා යන නම මට මතකය. මේ ඇමියුබා අතින් වැරදීමකින් පූසෙක් මරනයට පත් වෙයි. කතාව දිග හැරෙන්නේ ඔහු එම වරදින් මිදීමට ගන්න උත්සාහය ගැනයි. මිසරයේ ප්‍රභූවරයෙකු වූ ඇමියුබා ට සියල්ල අහිමිවීමේ අවදානමක් ඇත. රහස එලි වුනොත් මරන දඩුවම නියතය. කතාවේ අවසානය කෙලෙස වීදැයි මතක නැත.
මිසරයේ මෙසේ වැජඹුන පූසා හොට බිම ඇනගන්නේ මධ්‍යතන යුරෝපයේය. එහිදී සාතන්ගේ නියෝජිතයෙක් ලෙස පූසන් දුටුතැන මරා දැමෙයි.පූසන්ට දේවත්වයෙන් සැලකූ මිසරයාගෙන් පැවත එන කිතුනු මිසරයන් පූසන් මරා දමන්නට ඇත. එය දෛවයේ සරදමකි.

පහත ලින්ක් එක






Tuesday, June 20, 2017

මෙන්න පිලිගන්න හොරේෂියෝ විලේගාස්

 හොරේෂියෝ විලේගාස් මෙරට ජනතාවට එතරම් නෙමෙයි කොහොමවත්ම හුරුපුරුදු නමක් නෙමෙයි. හොරේෂියෝ නෙල්සන් නැපෝලියන්ව වෝටර්ලූ සටනෙදි පරාජය කලබව අසා තිබෙනවා. කවුද මේ විලේගාස්. ඔහු තමයි තොටවත්තලගෙ සුමනදාසලගෙ ජාත්‍යාන්තර කවුන්ටර්පාට්.

ඔහු තුන්වන ලෝක යුද්ධයට දින නියම කරල. ෆාතිමාතුමිය පෘතුගාලයේ ගොපලුදරුවන් ඉදිරියේ පෙනී සිට අවුරුදු සීය සම්පූර්න වෙනවලු. හොරේෂියෝගෙ අනාවැකි බයිබලය හා සමගාමියි.


බාබා වැන්ගා යුරෝපය අලුදූවිලිකරන මුස්ලිම් බලයක් ගැන කීවත් එය ප්‍රායෝගික නොවන බව ඕනම කෙනෙක් දැනසිටියා. දැවැන්ත ගිනිබලයක් සහිත නේටෝ සාමාජික යුරෝපා රටවල් ජනශූන්‍යකරන්න මුස්ලිම්කාරයන්ට ඉඩ දීල බලන් ඉදියිද.
ඔබාම අන්තිම ජනපති කියපු කතාවත් බොරුවුනානෙ.

හැබැයි මේ විලේගාස් ගෙ කතා නම් එහෙමට අත ඇරල දාන්න බෑ. මේ අනාවැකිවල කිතුනු පසුබිම නොතකා හැරියත් ලෝක දේශපාලනයේ කෙස් ගහක අත් වැරැද්දකින් සිරියාවෙදි නේටෝව හා රුසියාවත් උතුරු කොරියාවෙදි ඇමරිකාව හා උතුරු කොරියාවත් පසුව බලවත් රටවලුත් සම්බන්ධවන යුද්ධයක් ඇති වීමේ ඉඩ බැහැරකරන්නත් බෑ.


බ්ලොග් ගුණ විනිස

ඥාන ගවේශන බ්ලොග් අවකාශයක් වෙනුවෙන් මම අලුත් වැඩක් පටන් ගන්න කල්පනා කලා . ඒ ශාස්ත්‍රීය බ්ලොග් ලිපිවල ලින්ක් මෙහි පළ කිරීම. 













කටාර් ප්‍රශ්නය ගැන සිංහල බ්ලොග් අවකාශයෙ සාරය වන නෙළුම්යායේ අපූරු ලිපියක්.




සාදර අනුග්‍රහය  අජිත් කුමාර බ්ලොග් දර්ශකයට.

සාදර අනුග්‍රහය කොත්තු සින්ඩියට
සාදර අනුග්‍රහය අඹගහ සින්ඩියට


මේ හැම දෙයක් අස්සෙම කණගාටුවට කාරනා දෙකකුත් තියනව. අපේ විශිෂ්ටතම බුද්ධිමතෙක් චින්තකයෙක් වුන රාජ් බ්ලොග් එක ඉන්වයිටඩ් රීඩර්ස් ඔන්ලි කරල .රාජ් කියන්නෙ බයස් නැති නිදහස්ව සිතන සාධාරන කෙනෙක්. එහෙම කෙනෙක් ලියන රාජ්ගෙ නවාතැන අප්ඩේට් නොකලත් ඕනම කෙනෙකුට පසුගිය ලිපි කියවන්න හැකි ලෙස තිබිය යුත්තක්.

අනෙක් කනස්සල්ල තමයි කොළඹ ගමයා  නෙළුම්යායෙන් ඉවත්වෙන අදහසක් දැක්ක එක. බ්ලොග් වලට සම්මාන දීම නම් මම කවදත් අප්‍රිය කල දෙයක්. නමුත් බ්ලොග් ගැන රටේ මිනිස්සු සතුටුදායක ලෙස දැනුම්වත් වුනේ දේශපාලනඥයන් විද්වතුන් ගෙනල්ල කරපු කල එලි මංගල්ල නිසයි. ඒ දේ වටිනව.

අජිත් ල කල්‍යාන ල නැතිව ඒ දේ හරියට වෙන්නෙ නෑ.වැඩේ අලකරන්න හදන දෙතුන් දෙනෙක් සතුටට ඉඩ දෙන්න ඕනද . මේ ක මේ බී .ඕ .අයි ප්‍රොජෙක්ට් එකක් වගෙ බජට් පෙන්වන්න කිය කිය කෑගහන්නෙ බ්ලොග් වලට ආදරේ නැති දුෂ්ටයො. 

ඔවුන්ගෙ සතුට වෙනුවට බ්ලොග් ලියන්නන්ගෙ සතුට ට ප්‍රමුඛත්වය දෙමු.මම නම් සම්මාන දෙන වැඩ වලට කැමති කෙනෙක්වත් සම්මාන බලාපොරොත්තුවුන කෙනෙක්වත් නෙමෙයි . කාගෙන්වත් කිසිම දෙයක් ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන් වැඩකරන කෙනෙක් නෙමෙයි. කොමෙන්ට් පවා වහලයි තියෙන්නෙ. ඒක නම් කාලවේලාව ඉතිරිකරගන්නත් එක්කයි.

Friday, June 16, 2017

අප වැයකරන කාලයට ඩේටාවලට යුක්තියක් ඉටුකරමු


අද එක් විභාගයක් අවසන් විය. ඒ නිසා යම් තරමක අස්වැසිල්ලක් ඇත. වැඩි වෙලාවක් බ්ලොග් එකේ රැදී සිටීමට සිතුනි. එහෙත් තවත් විභාග දෙක තුනක්ම ඉදිරියේ තිබෙන නිසා තව අවුරුද්දකට හමාරකට බ්ලොග් වල සක්‍රිය නොවෙමි. එහෙත් සින්ඩි වල තිබෙන වැදගත් ලිපි කියවමි. හිතුනොත් කොමෙන්ට් කරමි. එක්තරා බ්ලොග් එකක කොමෙන්ට් කිරීමට ගොස් බල්ලෙක්ද බුරාගෙන පැන්නේය. අයිතිකාරයා බල්ලා අල්ලානොගත් නිසා බල්ලා පිටුපස අයිතිකාරයා සිටින බව තේරුම් ගත්තෙමි. එම බ්ලොග් එකට ගිය එක ලොකු වරදක් බව අවබෝධකරගත්තෙමි. 


 එහෙත් බ්ලොග් වල කුණුහරප රැල්ලක් යන බව පෙනේ. මම කලින් සඳහන් කල බ්ලොග් එකේ සමහර බ්ලොග්කරුවන්ගේ දරුවන්ට පවා ඉතා කැත අපහාස කරනු දැකිය හැක. ඒ සමහර කොමෙන්ට් ඇග හිරිවැටෙන ඒවාය. ඒවා තම බ්ලොග් එකේ ප්‍රදර්ශනය කරන බ්ලොග් කරු කෙබදු අයෙක්ද කියා සිතන්නට ඔබට බාරය.

බ්ලොග් සම්මාන ,බ්ලොග්කරුවන්ගේ සුහද හමු , බ්ලොග් අරක්කු පාටි මට අදාලම නැත. මම කනගාටුවන්නේ සුළුවෙන් හෝ එලිදරවු වීම ගැනය. මම කිසිම බ්ලොග්කරුවෙක් සමග අමනාප නැති අතර කිසිවෙක් සමග හිතවත්කමක්ද නැත. බොහෝ බ්ලොග්කරුවන් අතර ගැටුම් වල හේතුව ඔවුන් ඕනවට වඩා ඇලෙන්න යාම බව මට සිතේ.මම  බ්ලොගර් ආයතනය නොමිලේ දෙන ඉඩකඩෙහි මට කැමති දෙයක් ලියන හුදකලා ලියන්නෙකු පමනක් වෙමි.

අපට තේරුම් ගන්න අමාරු දේවල් විවිධ බලවේගවලට පැවරීම ඉතා ඈත අතීතයේ සිටම සිදුවන්නෙකි. තමන්ට කතෘ හදුනාගත නොහැකි කොමෙන්ට් දමන්නේ යකා විය හැකියයි සමහරු සිතති. මෙය මධ්‍යතන යුගයේ යුරෝපයේ හැම දෙයක්ම සාතන්ට පැවරීම සේය. තමන් අකමැති  දේවල් යකාගෙ වැඩය  .යකා මාරය ඌට වෙන වැඩක් නැත. බ්ලොග් අඩවි දෙකතුනකම වෙනත් අය දමන කොමෙන්ට් මට බැරකර තිබූ  අවස්ථාවල මම උත්තර දුන්නෙමි. පසුව එයද අත් හැර දැමුවෙමි. වෙනත් ප්‍රොෆයිල් වලින් දැමූ කොමෙන්ට් මා දැමූ බව කියා දොස් පවරා තිබිනි.


ඇත්තටම මා හිතෙන හිතෙන දේවල් ලියන්නෙක් නොවෙමි.එසේ වුවද එක් වැරැද්දක් විය. යකාගෙ අඩවිය ලෙස බ්ලොග් එකට නම දැමීමම මා කල වරදකි.එය අහම්බෙන් සිදුවුනකි. අයින් සිදුවුනේ බ්ලොග් එකට කිසියම් ඍනාත්මක හැගීමක් ඇතිවීමය. යකා කියන වචනයම යම් තරමකට ගර්හිත අසභ්‍ය වචනයකි.මට අසභ්‍ය දේ තව කෙනෙකුට ප්‍රියජනකයි කියා විකාර කතා කීම අවශ්‍ය නැත. පොදු ඇස පොදු දැක්ම කියා දෙයක් ඇත.විවේකය තිබෙන කෙනෙකුට ඇනෝ කෙමෙන්ට් සිය ගනන් දමාගෙන තව බොරු ප්‍රොෆයිල් හදාගෙන සෙල්ලමක් කල හැක. ඒත් කොයින්ද අපට වෙලාවක්. අනික මොකටද ඒ වගෙ පොඩි ලමයි කරන වැඩකරන්නෙ. දේශපාලන අරමුනක් ඇත්නම් අවුලක් නෑ.

මට තාක්ෂනික දැනුම අඩුය. මෙම බ්ලොග් එක හදපු කාලෙම සින්ඩියක් හැදුවත් මට එහි පෙල බෙදාගන්න ට බැරිව අත හැර දැම්මෙමි. එසේනම් කොහොමද මං බ්ලොග් වල හතර වරන් ගහන්නෙ.  වැඩි වෙලාවක් අරන් ලියපු කාලෙත් කලේ මේක විතරයි.


බ්ලොග් යනු අප සින්ඩිවල දකින ඒවාම නොවෙයි.  එලිදරවු නොවූ බ්ලොග්කරුවන් සිටිති. සමහරු න්ගේ බ්ලොග් සින්ඩි වලවත් නැත .එකම කොමෙන්ට් එකක්වත් නැත . නමුත් ඉතා සාරගර්භ ලිපි පල කරති. සින්ඩිවල තිබෙන ඒකාකාරී නිතර අප්ඩේට් වෙන සමහර බ්ලොග් වල කතෘත්වයද හෙලිදරවු වී නැත. ඒවාද කරන්නේ යකා කියා කියා නිකා ඉදිමු. මේ අනුමාන කරන්නේ ඇතැම් විට අදහස් වල ස්වරූපය අනුවය. එහෙත් එය තරම් මුග්ධ කමක් නැත.අදහස් ඕනෑම කෙනෙකුට ෆලෝ කල හැකි නිසාය.


සම්ප්‍රදායෙන් බැහැරව සිතන්නට ගියොත් ප්‍රශ්න ඇති වේ. කවුරුත් කැමති නැත. වැඩි දෙනෙකුට අවශ්‍ය කුණුහරපයක් කියාගෙන අරක්කු ටිකක් බී අනුන්ගෙ ඕප දූප සොයන්නාටය. ඇත්තටම ලියන දේ මිස ලියන්නා ගැන අපට කුමටද. මගේ පුද්ගලික දේවල් ඔබට අවශ්‍ය නැත. ඔබගේ පුද්ගලික දේද මට අනවශ්යය. 

තමන්ට නොතේරෙන දෙයක් අදීනව යමෙක් ලියන්නේනමොහු කුලියට ලියන්නෙක්ල. කොමෙන්ට් වලට පවා මුදල් ගෙවන බව සිතන මිනිසුන් අප අතර වෙයි. මේවාට ගෙවන්නේත් ලේසි පාසු අය නොවේ. ඇත්තටම ඔවුන් මේවා දන්නවානම් බඩ අල්ලගෙන සිනාවී නවත්වාගත නොහැකිව  යම් අනතුරක් විය හැක. හමුදා කදවුරු හදන්න ඇල්ල වැල්ලවාය පාරලොකුකල ඇමරිකන්කාරය සිංහලෙන් ෆේස්බුක් එකේ දාන කොමෙන්ට් වලට මුදල් නොගෙවා සිටීවිද

මේ සියල්ල පෞද්ගලික කරුණුය.මේවා කිව්වේ දැන් බ්ලොග්වලට මොඩරේශන් දමන්නට සිදුවන තත්වයක් ඇති වේගන යන නිසාය. මමද මොඩරේෂන් දැම්මෙමි. ඒකට හේතුව අරකයි. කතාව ඉවරයි

බ්ලොග් සාහිත්‍ය යායුතු මග කුමක්ද  අපේ රටේ මාධ්‍ය යන මග කුමක්ද බ්ලොග් ඊට වෙනස් විය යුතුද නැද්ද

බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් ශාස්ත්‍රීය ලිපි ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවක්ද ඇත. එක්තරා බ්ලොග්කරුවෙක් මැක්‍රොන් ගැන වෙනස්ම විදියක ලිපියක් පලකලේය .එයට එකම කොමෙන්ටුවක් වත් නැත.එක්තරා කාලයක ලෝකවාසීන් පොලව පැතලි බව සිතා සිටිබව මතක තබා ගන්න. සමහර විට ඔබද මමද අප සියල්ලන්ම වැරදි විය හැක. එනිසා වෙනස් අදහස් වලට සවන් දිය යුතුය. වෙනස් අදහස් ලෙස එන්නේද ඇතැම්විට අන්තවාදයන්ය.බටහිර විද්‍යාවේ වහලුන් නොවන ලෙස අපට උපදෙස් දෙන අය තමන් ආගමික ඇදහිල්ලක වහලුන් බව අමතක කරති.මේ බලන්න විද්‍යා ගවේශන බ්ලොග් එකේ පලවූ මේ රුවන් වැකිය.


""කලක් පිටු කිහිපයකට සීමාවී තිබූ මේ ජෝතිෂ්‍ය වැදිබණ-අණාවැකි-කයිවාරු, විද්‍යාත්මක පදනමක් නැති එහෙත් අත්දුටු ප්‍රතිපල සහිත මැරුණු මිනිස්සු පවා නැගිට්ටවූ ආයූර්වේද උපදෙස් පමණක් නොව පිලිකාවට, ඩෙංගුවට, දියවැඩියාවට අත්දුටු ප්‍රතිකර්ම රැගත් වට්ට්ටෝරුවලින් අදවන විට සිංහල ඉරිදා පත්තරවල 60%-70% දක්වා වැසී ඇත. ඉතිරි ටික කපටි දේශපාලකයින්ට, දේශපාලන ගොසිප් වලට හා ප්‍රභාකරන්ගේ/විජේවීරගේ/කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ පැරණි රසාංගවලට වෙන්වී ඇත.""

ජනමාධ්‍ය වලින් සිදුවන්නේ වහලුන් බිහිකිරීමයි බ්ලොග් වලින් ඊට වඩා මහ මෙහෙවරක් කල හැක.සියළුම ආකාරයේ මානසික වහල්භාවයන්ට එරෙහිව මම කතාකරමි. ආගම් හා දේශපාලන දර්ශනද ප්‍රශ්න නොකල යුතු දේවල් නොවේ.
මගේ බ්ලොග් එක මුල පටන්ම යම් නිශ්චිත මාර්ගයක ගමන් කලේය. මට අවශ්‍ය වුනේ සම්ප්‍රදායික දෘෂ්ටි කෝණවලින් ඔබ්බට ගිය නව කතිකාවතක් ආරම්භ කිරීමටය. සමාන සමාජයක් වෙනුවෙන් ලියන්නටය. මිත්‍යාවට එරෙහිව ලියන්නටය,ප්‍රචන්ඩත්වයට හා අසාධාරණයට එරෙහිව ලියන්නටය.මාක්ස්වාදය වැනි අන්තවාදයන්ට මම කවදත් ප්‍රිය නොකලෙමි. මම හැර අනෙක් සියල්ලෝම වැරදිය වැනි භයානක ඌනිතවාදයක් මහා ව්‍යසනයකි.( දැන් ලාංකීය සිතුවිලි හෝ වෙන කෙනෙක් මාක්ස්වාදයට බැන්නොත් ඒ යකාගෙ වැඩක් බව මතක තබාගන්න ). ඇත්තටම මාක්ස්වාදය පමනක් නොවේ. පිරමිඩාකාර සියලු ව්‍යුහයන් තුල අසාධාරණය ඇත. පක්ෂය යන්න එහෙම පිටින්ම පිරමිඩයකි. එය සමාන පුද්ගලයන්ගේ වටමේස සාකච්ඡාවක් නොවේ.ධනපතියා සිටින තැන නිළධාරියා ආදේශ කිරීම ඉගුරු දී මිරිස් ගැනීමකි. 

බහුතරයක් පුරුදු වී සිටින්නේ සම්ප්‍රදායට අනුව සිතන්නටය.තමන්ගෙ මොළයට අනුන් විසින් කවා ඇති දත්තවලට අනුව ලොව දකින්නටය. යම් සිදුවීමකට එක් හේතුවක් පමනක් ඇති බව සිතන්නට පහසුය.එය ඇදහිල්ලකි. නමුත් ඕනෑම දෙයක් පැති කීපයක්ම ඇත.මෙය අපහසුය නමුත් අවබෝධයකි. බ්ලොග් වලින් සිදුවිය යුත්තේ බුද්ධි කලම්බනයකි. අප වැයකරන කාලයට ඩේටාවලට යුක්තියක් ඉටුකලා වන්නේ එවිටය.


මගේ විශ්වාසය කවදාහෝ සමාන පුද්ගලයන්ගෙන් සමන්විත සමාජ බිහිවන බවයි. සර්වජන ඡන්ද බලය ලැබුනත් බහුතරයක් සමාන පුද්ගලයන් නොවේ. රස්සාවක් ගන්න යම් වැඩක් කරගන්න දේශපාලකයා පසුපස යන පුද්ගලයා තම සමානකම බිලි දෙයි. සමාන පුද්ගලයන්ගේ සංසද පුරාන ග්‍රීක් සමාජයේ තිබිනි. ඒවා කුඩා පෞර රාජ්‍ය ලෙස විසිරුනි. මෙහිදී සියලු මිනිසුන් සමාන වූ වා කියා නොසිතන්න. මෙහිදී සමාන වුනේ පුරවැසියන්ය. පුරවැසියෙකු වීම ඉහල වරප්‍රසාදයකි. අද ඇත්තේ සමාන සමාජ නොව ශ්‍රාවක සමාජයන්ය.


අපට අවශ්‍ය වැද නමස්කාර කරන්නන් නොව බුද්ධිමත්ව තර්ක කරන්නන්ය.  හැම දෙයක්ම ප්‍රශ්න කරමු. ඕනෑම දෙයක් ශිෂ්ටව සංවාද කල හැක. සාකච්ඡා මණ්ඩපයෙන් සුහදව මෙන්ම නව දැණුමෙන් බරකරගත් හිසින් යුතුව නැගිට යමු.අපගේ ඩේටා සහ කාලයට යුක්තිය ඉටුකලා වන්නේ එවිටය.


*****     *******    ********

වෙනත් බ්ලොග්වල දමන මගේ කොමෙන්ට්

ඉකොනොමැට්ටා යනු අලුත් විදියට සිතන තර්කානුකූලව කරුණු දක්වන බුද්ධිමතෙකි. මම එවැනි පන්ඩිතයන් ඇසුර ප්‍රිය කරමි. කලාකාර වන්දනය ගැන ඔහු දරන්නේද මම දරන අදහසමයි. ප්‍රීතියි. හැමෝම සමාන නිසා හැමෝගේම රැකියා සමාන නිසා කලාකාරයන්ට අමුත් සත්කාර අනවශ්‍ය බව මම සිතමි. එකොනොමැට්ටාද එසේ සිතයි. මා එහි මෙසේ අකුරු කලෙමි.



මෙහෙමයි කලාකරුවන් ක්‍රීඩකයන් වගෙ අය හිතනවා තමන් සුවිශේෂ පුද්ගලයන් කියල. අන්න ඒ පදනමේ ඉදගෙනයි ආධාර ඉල්ලන්නෙ. අපි සුවිශේෂයි අපට සැප විදින්න ඕන කියන කතාව වැරදියි. ප්‍රයිවෙට් හොස්පිට්ල් ගිහින් ජනතාවට බිල් ඉදිරිපත් කරන එක වැරදියි. ආන්ඩුව කලාකාරයන් ගැන බලන්න ඕන කියන කතාවම ජනතා විරෝධී කතාවක්. හැමෝම සමානයි .

සින්දුවක් දෙකක් කියපුවම මේ අය ජාතියෙ පෙරගමන්කාරයො වෙනව. ඡන්ද කාලෙට අපට චන්දෙ දෙන හැටිත් උගන්වන්න එනව. යම් පක්ෂයක් දිනුවම කියනව කියනව අපි තමා දිනෙව්වෙ අපට බෙදපියව් කියල.

නමුත් සමාජයට නව නිර්මාන බිහිකරන බුද්ධිමතුන් මේ තරම් පහලට වැටිල තියනව දකල තියනවද.

මේ හැමෝම කරන්නෙ රස්සාවක්. අලෙවිකිරීමක්. එක් ජීවන මාර්ගයක් තවත් ජීවන මාර්ගයකට වඩා උතුම් නෑ.