Wednesday, November 9, 2016

ට්‍රම්ප් සමග නැගිටිමු

Image for the news result

ඇමරිකානු ජනාධිපතිවරනයෙන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ජයක් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා ලබාගෙන ඇත. ඇත්තෙන්ම ලෝකයේ ගමන්මග තීරනය කරන්නේ ඇමරිකාව රුසියාව ඉන්දියාව හා චීනය වැනි රටවල් නිසා කුඩා රටවල ජනයාට තම රටේ මැතිවරනයකට වඩා මෙම රටවල මැතිවරන ගැන උනන්දු වීම වැදගත්ය.තමරටේ අය ක්‍රියා කරන්නේ මේ අය කියන ලෙස නිසා තම රටේ චන්දය දා පොරවගෙන නිදාගෙන මෙම රටවල චන්ද නිදිමරා ඇසුවත් පාඩු නැත.

එහෙත් ඇමරිකාව වැනි රටවල ජනපතිවරු යනු ප්‍රතිපත්තිතීරකයන් විසින් ගන්නා තීරන ක්‍රියාත්මක කරන්නවුන්ය. එහෙත් මොවුන් පබයන් යැයි නොසිතිය යුතුය. යාන්ත්‍රනයට නායකත්වය දීම සිදුකරන නිසා ජනාධිපතිවරුන්ගේ භූමිකාවද ප්‍රබලය.

මෙවර ජනාධිපතිවරනය හේතු දෙකක් නිසා විශේෂ විය . ඇමරිකාවේ ප්‍රථම ජනපතිවරිය වීමට හිලරි මහත්මිය ඉදිරිපත්වීමය. ඇත්තටම මෙය ඩිමොක්‍රටික් පක්ෂයේ වැරදි තීරණයකි. යම්තාක් දුරට වමට බර රැල්ලක් බරිනි සැන්ඩර්ස් මහතාට විය. මෙය මරිකාවට නුපුරුදු දෙයකි. එහෙත් බර්නි මහතා ට රැල්ලක් තිබීමෙන් ඇමරිකාව වෙනස් වීමට සූදානම් බව පෙන්වීය.අවසන් සටන බර්නි හා ට්‍රම්ප් අතර වීනම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමටද ඉඩ තිබිනි සමහර විට.

අනෙක් කරුන ඩොනල්ඩ් ට්‍රම්ප් සම්ප්‍රදායික ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිට තුන්වන ලෝකයේ දේශපාලකයෙකුගේ මට්ටමට වැටීමයි.සම්ප්‍රදායික රිපබ්ලිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ට්‍රම්ප් හැරගියේ මේ නිසාය.එහෙත් ඔහු කී බොහෝ දේවල් ඇමරිකානු ජනතාවගේ හදවතට ආමන්ත්‍රනය කලේය. ට්‍රම්ප් කිසියම් ආරක්ෂනවාදී ආස්ථානයකට මාරුවීමට යෝජනා කලේය. යලිත් ඇමරිකාව ශ්‍රේෂ්ට කල යුත්තේ ඇමරිකාව දඩයම වීමේ බේරීමෙනි

අද ඇමරිකාව දඩයක්කරුගේ සිට දඩයමට මාරුවන සෙයක්ද පෙනේ. ඒ ආර්ථික ක්ශේත්‍රයේය.ඇමරිකාවේ විරැකියාව වැඩිවේ.ආයෝජකයෝ ලාබ ශ්‍රමය සොයා යති. ඇමරිකානු වෙලදපොල චීන බඩුවලින් පිරේ.ඇමරිකානු ජනාධිපතිවරු ලොව සැමතැනටම ජනාධිපතිවීමට යාම නිසා විශාල අවුල් ඇතිවී ඇත. රුසියාව සමග මිත්‍රව ප්‍රශ්න විසදාගන්නට යාමෙන් විශාල බරක් බිමින් තබන්නට හැකිවේ.රුසියාව හා චීනය වටලෑමේ ප්‍රතිපත්තිය වර්තමානයට ප්‍රායෝගික නැත.


ඇමරිකානු චන්දය පටන් ගත් සැනින්ම අනාවැකිකාරයන් පෙරට ආහ. මා මුල සිටම නිරීක්ෂනය කලෙමි. කිසිවෙක් අවසන් චන්දය හිලරි හා ට්‍රම්ප් අතර වේ යැයි නොකීහ.මා මේ කියන්නේ ගුප්ත පාර්ශ්වයේම හපන්කම්ය. සමහරු කීවේ හිලරි හා ජෙබ් බුශ් අතර අවසන් තරගය තිබෙන බවයි. ට්‍රම්ප්ට අවසන් තරගයට එන්න බැරිවන බවද කීහ. 2016 දී කාන්තාවක් බලවත් වීමට ඉඩ තිබෙන බව කී මංජුල ඊට වඩා හොදය.එය දෙපැත්තටම කැපෙන බැවිනි.බර්නි හා ට්‍රම්ප් අතර අවසන් සටන ඇතිවෙන බව කීහ.

ජනමාධ්‍ය හිලරිට පක්ෂපාතී වූ අතර ඔවුන්ගේ සමීක්ෂන නම් තුට්ටු දෙකේ වැඩය. ඇත්තටම මමත් හිතුවේ හිලරි දිනයි කියාය.හැම සමීක්ශනයක්ම මෙසේ කීවා යනු තව දුරටත්මේවා ගැන කිසිම විශ්වාසයක් තබන්නට බැරිබවයි.


හිලරිගේ ජයග්‍රහනය ලංකාවට අවාසිදායක බව කාගේත් පිලිගැනීම විය. ලංකාවට මතුනොව මැද පෙරදිගටද අවාසි විය හැක. කොල්ලෙකුට වඩා ටෙස්ටස්ටොරෝන් ඇති බව කී හිලරිගෙන් තුන් වැනි ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ වැඩි නිසාය. ඇමරිකාවට පමනක් ජනපතිවන බව කී ට්‍රම්ප් නිසා ලොවම ලොකු අනතුරකින් ගැලවුන බව සිතේ.

ට්‍රම්ප් මහතා කී දේවල් කරන්නට හැකිද යන්න වෙනම කතාවකි. ඔහු හිස්පැනික් වරුන්ට එරෙහිව කතා කලේය. ඇත්තටම සංක්‍රමනික ප්‍රශ්නය සුදු ඇමරිකානුවාට ප්‍රශ්නයකි. මොන ක්‍රමයකින් අත් පත් කරගත්තත් අද ඇමරිකාව ඔවුන්ගේය. සුදු ක්‍රිස්තියානීන්ගේය. ට්‍රම්ප් ආමන්ත්‍රනය කලේ මේ පිරිසටයි. ලබ්බ ඇතුලෙ තොවිලෙ මෙන් හැම එකාම ඇමරිකාවට පැමින තමන්ගෙ රැකියා අවදානමේ දමනවාටත් තම සංස්කෘතික වටිනාකම් හෑල්ලු කාරන්වාටත් මේ අය අකමැති වූහ. ඔහුගේ ආර්ථික ආරක්ෂනවාදයද ගැලවීමට ඇති එකම පිදුරු ගහකි.

මේවා මේ ලෙසම කරයිද කියා අප නොදනිමු. ඇමරිකානු ආර්ථිකය මත රැදෙන ආර්ථිකයන්ට මෙවැන්නක් දැනෙනු ඇත.එහෙත් එක් දෙයක් පැහැදිලිය. ලෝකය වෙනස් වෙමින් ඇත. එය අප හිතනවාට වඩා ලොකු වෙනස්කම් විය හැක.

අද ලෝකයේ ජාතිකත්ව රැල්ලක් යයි. බ්‍රෙක්සිට් තුලින්ද විද්‍යාමාන වූයේ එයයි.ට්‍රම්ප්ට අවශ්‍ය ආරක්ෂනවාදී ජාතිකවාදයකි. එය ඇමරිකානුවාට හොදය. තවද ඔහු පුටින් හා එක්වී ඉස්ලාමීය අන්තවාදය මර්ධනය කරන්නටද ඉඩ ඇත. ට්‍රම්ප් පුටින් සුසංයෝගය ලෝකයට කොහොමත් හොදය. සිරියාවේ උතුරු කොරියාවේ ඉරානයේ ප්‍රශ්න ලේ වැගිරීම් නැතිව විසදාගනු ඇත. හිලරි ආවානම් සිදුවීමට ඉඩ තිබූ තුන්වන ලෝක යුද්ධයක අවදානම නැතිවීමම සැනසිල්ලකි.

Democratic Presidential Nominee Hillary Clinton Holds Election Night Event In New York City
There appeared to be shock and amazement that the election result went the way of Trump

20 comments:

  1. සෝන්ඩර්ස් අපේක්ෂකයා වූවානම් ට්‍රම්ප් පරදින්න ඉඩ තිබුණ බව මගේ හැඟීම. මම හිතන්නේ සුළු එහෙත් තීරණාත්මක චන්ද සංඛ්‍යාවක් ට්‍රම්ට්ට වැටුනේ බොරුකාර, වංචාකාර හිලරිට විරුද්ධවයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකානු සමාජය තුල එක්තරා වාම නැඹුරුවක් දකින්නට හැකියි. බර්නි ඉල්ලුවානම් වගකිවයුතු විදග්ධ වියපත් දේශපාලකයකු ලෙස පිලිගැනීමක් ලැබෙන්නට ඉඩ තිබුනා.මොනවා කිව්වත් මේ චන්දෙදි ප්‍රධාන වුනේ ආර්ථිකය. වෙනත් රටවල ආයෝජන කිරීම නොව ඇමරිකානුවන්ට රැකියා දීම, විදෙස් නිෂ්පාදනවලට බදු පැනවීම ,රැකියා අවදානමට දාන සංක්‍රමනිකයන් ට වැට බැදීම වගෙ දේවල් වලින් ආමන්ත්‍රනය කලේ කෙලින්ම බඩ. බරිනි ආවනම් මේ බඩට විදග්ධ ලෙස ආමන්ත්‍රනයකරන්න තිබුන. තරුන හා උගත් ප්‍රජාව ඔහු වෙත නැඹුරු වෙන්න තිබුන. නමුත් තව ප්‍රශනයක් ආව. ඒ කාන්තා සාධකය. ඒ කතාවත් ඇත්ත. කලු ජාතිකයෙක් වගේම කාන්තාවකුත් ඇමරිකානු ජනාධිපති විය යුතුයි.නමුත් ඒකට හිලරි කොයිතරම් සුදුසුද කියන ප්‍රශ්නෙ ආව. මමත් හිලරිට අකමැතිවුනේ දෙමල ඩයස්පෝරාවෙ ප්‍රශ්නෙයි මැදපෙරදිග අවුල් ඇතිකරන්න හිලරි දක්වපු දායකත්වයයි නිසා. ට්‍රම්ෆ් ඇමරිකාවට විතරක්ල් ජනාදිපතිවෙනව කියන්නෙ කොහොමත් හොදයිනෙ.

      හැබැයි ට්‍රම්ප් ගැලරියට කරපු කතා ඉස්සරහට ගෙනියන එකක් නැති පාටක් පේනව. මුස්ලිම් විරෝධී දේවලුත් වෙබ් සයිට් එකෙන් ඉවත් කරලලු නේද.
      කොහොමත් අවුරුදු කීපයකින් ඔහු බලවත් සේ අප්‍රසාදයට පත්වෙන්නත් ඉඩ තියනව මහින්දට වගේ. මොකද ඔය කියන වැඩකරන්න බැරි නිසා. තාප්පෙ බදින එක මුස්ලිම්වරුන්ට වැට බදින එක වගෙ දේවල් කරන්න බැරි වෙයි.
      ට්‍රම්ප් ඉදිරියෙදි කොයි තරම් දුරට ප්‍රතිපත්ති තීරකයන්ගෙ බලපෑමට ලක් වෙයිද කියන එක මතයි සියල්ල තීරණය වෙන්නෙ.

      Delete
  2. ඇමරිකානු ජනාධිපතිවරු ලොව සැමතැනටම ජනාධිපතිවීමට යාම නිසා විශාල අවුල් ඇතිවී ඇත. +++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මට මතක තියන පලමුවැනි ජනාධිපති රොනල්ඩ් රේගන් .ඒ කාලෙ චිත්‍රකතා පත්තර වල සිටි යුනිකෝ, නිවුරෝ ,ටෝගා වගෙ ප්‍රතිරූපයක් හිතේ ඇදිල තිබුනෙ.ඔහුගෙ උප ජනාධිපතිව සිට පසුව ජනපතිවූ ජෝජ්. එච් .ඩබ් බුෂ්නම් මුලු ලෝකයටම ජනාදිපති වුනා ගොර්බශොව් හා යෙල්ට්සින් නිසා.
      එන්න එන්නම ඇමරිකාවෙ ශක්තිය අඩුවන නිසා අනාගත ජනාධිපතිවරු ඇත්තටම ඇමරිකානු ජනාධිපතිවරු වෙයි.

      Delete
  3. බොන්ඩ් / අමරදේව / ට්‍රම්ප් ගැන ඇතිවෙන්න කියවා ඇත. කමෙන්ට් කිරීම නවතා ඇත.

    ReplyDelete
    Replies
    1. බොන්ඩ් කිව්වේ ජේම්ස් බොන්ඩ්ද....

      Delete
    2. මටත් එපා වෙලා තිබුනෙ. මේක දාන්න හිතපු පෝස්ට් එකක් නෙමෙයි. ගෙදර ආවට පස්සෙ නෙට් එකට ගියාම මේ ගැන තිබ්බ ගොබ්බ අදහස් දැකලයි ලියන්න හිතුවෙ. සමහරු කියල හිලරි කාන්තාවක් නිසා චන්ද දුන්නෙ නෑලු. ඇමරිකාවෙ කාන්තාවකට නැති නිදහසක් නෑ. ඕනම තනතුරකට පත්වෙන්න ඕනම දෙයක් කරන්න නිදහස තියනව. මෙච්චර සරල විග්‍රහයකට ලඝුකරනව කියන්නෙ විකාරයක්.ට්‍රම්ප්ගෙ පුරුෂධිපත්‍ය කතා වලට ලු චන්ද වැටුනෙ.

      අනික තමයි ජාතිවාදය නිසාම ට්‍රම්ප් පත්කලා කියන එක. ඒකත් බලපාන්න ඇති. නමුත් ඊට වඩා බලපාන්නෙ ආර්ථික ප්‍රශ්න. ඇමරිකාවෙ මිනිස්සු හිතන්නෙ තමන්ගෙ ආර්ථික ප්‍රශ්නවලට හේතුව සංක්‍රමනිකයො කියල. ඇමරිකානු වෙලදපොල විදේශිකයන් විසින් අල්ලගන. ට්‍රම්ප් පසුපස ආර්ථික ආරක්ෂනවාදී බලවේග තියනවා.ඔබාමගෙ කාලෙ රට දෙවෙනි තැනට වැටුන. රටේ සල්ලි පිටරටවලට ඇදිල යනව ඇමරිකන් කාරයන්ට රස්සා නෑ. මේවයි ප්‍රශ්න. ඇමරිකාව ලෝකෙ හැම රටකම ප්‍රශ්නවලට අත දාන නිසානෙ මේ අවුල්.වෙනසක් අවශ්‍යයි ඒ වෙනස වෙනුවෙන් ලොකු බලවේගයක් තිබුන. ඒක ජඩමාධ්‍යවලින් සමාජ ජාලවලින් යට කරන්න බෑ.
      නමුත් ඒ වෙනස කියන තරම්ම ඉක්මනට ලැබෙයිද කියන එකයි ප්‍රශ්නෙ.

      Delete
    3. ම.ම. ඇමරිකාවේ කාන්තාව කියන්නේ සෑහෙන්න සේක්ෂුවලයිස් කරපු කෙනෙක්. සමන කම තිබ්බට ට්‍රම්ප් වගේ අය කෙලින්ම අර ගෑණි ගෙදර ඉන්න ඕනේ එහෙම නැත්නම් මිනිහ ගෙදර එනකොට කකුල් පළල කරන ඉන්න ඕනේ කියන ඇමෙරිකන් කාරයෝ. පොර කතා කලෙත් එහෙමනේ. ඉවංක දුව නෙමේ නම් පොරත් ට්‍රයි කරන කියල කීපු එකනේ. එනිසා කන්ත්වට තැන දෙනවට අකමැති පිරිමි ගොඩක් ට්‍රම්ප් ගේ පැත්තේ හිටියේ.

      Delete
  4. ට්‍රම්ප් දිණනා බව, මම ඔහුගේ ග්‍රහයන් පරික්ෂා කොට කීවෙමි....

    :)

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද? හිලරි දිනවන්න ග්‍රහයො ටික මාරු කරන්න උඹට බැරි උනා නේද? දැන් ඉතින් ඉවසලා හිටපන් උඹගෙ හිලරිත් පරාදයි හිලරිට කියලා අපේ රටේ කොටි නැගිට්ටන්න ගිය එවුනුත් පරාදයි. ට්‍රම්ප්ට ජය වේවා.

      Delete
    2. පුදුම වැඩේ කියන්නෙ කිසිම ග්‍රහයෙක් ආවෙ නෑනෙ අනාවැකි කියන්න. කේන්දරකාරයනුත් හතර අතට කැරකෙව්වෙ ජනමත සමීක්ෂනකාරයො.ඉන්දිකයල මංජුලයල මොකෙක්වත් නෑ. හැබැයි මංජුලය කිව්ව නේද ගෑනියෙක් හෝ පිරිමියෙක් දිනනව කියල.

      ඇනෝ @ ඔබ දේශපාලන සිපයියෙක් බව පෙනේ.ඉයන් ගේ කොමෙන්ටුවටට සාහසික ඇනෝ කොමෙන්ටුව දැම්මේද ඔබ විය හැක. කරුනාකර දේශපාලන සිපයියෙක් නොවන්න. ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඇදහිලිවන්තයෙක් වීම අමන කමකි.කිසිම පුද්ගලයෙක් පක්ෂයක් අදහන්න එපා. අදහනව කියන වචනයම කුනුහරපයකි මනුෂ්‍යත්වයට නිගාවකි.

      Delete
  5. හොඳ ලිපියක්,
    මමත් බොහෝ දුරට ඔබේ මතයේ තමයි ඉන්නේ මේ ප්‍රශ්නය ගැන.
    ට්‍රම්ප් යනු මොකෙක් වුනත් හිලරි නම් නූතනයේ මාරි ඇන්ටනොට් ට වඩා ඔහු අංශුමාත්‍රයකින් හෝ ලෝකයට යහපත් වනු ඇතැයි මමද සිතමි.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සය ඇමරිකාවට විතරක් ජනාධිපති කියනවනම් තව මොනාද.
      හිලරි දූෂිත විනාශකාරී චරිතයක් අතට බලය නොගිය එක වාසනාවක්.
      පහුගිය දවස් ටිකේම මම වැඩිපුරම ගූගල් සර්ච් කලේ වර්ල්ඩ් වෝ ත්‍රී කියල. ඇත්තටම ලොකයම නූලෙන් බේරුනේ.
      හිලරි සහ ට්‍රම්ප් කියන තනි පුද්ගලයො අතර සටනක් විදියට අර්ථ දක්වන මෝඩයොත් ඉන්නව. නෑ හිලරි නියෝජනය කලේ එක්තරා බලවේගයක්. ට්‍රම්ප් නියෝජනය කලේත් බලවේගයක්.

      බලවේග අතර ගැටුමක් තිබුනෙ. සංක්‍රමනිකයන් හා මුස්ලිම්වරු පිටුදැකල විදේශීය ප්‍රශ්නවලට අත දාන්නෙ නැතිව චීනය වැනි ආර්ථික සතුරන්ගෙන් ආරක්ෂාවෙලා ඇමරිකාවෙ විරැකියාව වගෙ ප්‍රශ්න විසදන්න ඕන කියන මතය දරන බලවේගයක් තියනව. ප්‍රයිමරි චන්ද වලදි බර්නි පසුපස ආවෙත් ඒ වගෙ පිරිසක්.

      Delete
  6. ට්‍රම්ප්ට වඩා මමත් හිලරිට කැමැත්තෙන් හිටියා.ඒකට හේතු වුනේ හිලරිට සාපේක්ෂව ට්‍රම්ප්ගේ තිබ්බා නොසන්ඩාල හැසිරීම.කොහොම වෙතත් මේ ගමන ඇමරිකානුවන්ට තිබ්බේ නරක දෙන්නෙක්ගෙන් අඩු නරක තෝරා ගන්න.(අපිට නම් හැමදාම තියෙන්නේ එකනේ.හොඳ උන් නැහැ.ඉන්න උන්ගෙන් අඩු නරක එකා තොර ගන්න වෙලා තියෙන්නේ.)

    කොහොම වෙතත් මේ ජන්දේදී ට්‍රම්ප්ට වඩා තරුණ ජන්ද ආකර්ෂණයක් තිබි තියෙනවා හිලරිට.මේ නිසා ඉදිරියට ට්‍රම්ප්ට තියෙන වගකීමක් තමයි අර තරුණ කොටස් තමන් වෙත දිනා ගැනීම.ලෝක දේශපාලනය තුල ට්‍රම්ප්ගේ භූමිකාව ගැන අනාවැකි දැන්ම කියන එක ලේසි නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිලරිට අකමැතිවුනේ ඇය ලෝකයේ අනෙක් රටවල ප්‍රශ්න නිර්මානය කරන්න දරන තැත නිසයි. ට්‍රම්ප් ඔහුගෙ නිවසෙ මොනවා කලත් අපට කරදරයක් නැත්නම් එච්චරයි කියල හිතන ආත්මාර්ථකාමී ස්ථාවරයෙ මං හිටිය. මොකද හිලරිලගෙ අරාබි වසන්තය හා දෙමල ජාතිවාදීන් හිලරි සමග තිබුන ඇයි හොදයිය ලොකු ව්‍යසනයක් නිසා

      Delete
  7. හිලරි ලෝකේ තියන අනිත් රටවල ප්‍රශ්න වලට අත දැම්මේ තනියම නොවේ. ඒක තමා .ඇමෙරිකාව රැක ගන්න. ට්‍රම්ප් වුනත් ලෙහෙසි නැහැ ඒක වෙනස් කරන්න. මෙන්න මේ කොමඩි ලිපිය කියවන්න.
    https://enfieldvoteslabour.wordpress.com/2016/11/14/trumps-first-day-at-the-oval-office-after-being-elected-president/

    ReplyDelete
  8. Trump’s first day at the Oval Office after being elected President
    First briefing by the CIA, Pentagon, FBI:

    Trump: We must destroy ISIS immediately. No delays.

    CIA: We cannot do that, sir. We created them along with Turkey, Saudi, Qatar and others.

    Trump: The Democrats created them.

    CIA: We created ISIS, sir. You need them or else you would lose funding from the natural gas lobby.

    Trump: Stop funding Pakistan. Let India deal with them.

    CIA: We can’t do that.

    Trump: Why is that?

    CIA: India will cut Balochistan out of Pak.

    Trump: I don’t care.

    CIA: India will have peace in Kashmir. They will stop buying our weapons. They will become a superpower. We have to fund Pakistan to keep India busy in Kashmir.

    Trump: But you have to destroy the Taliban.

    CIA: Sir, we can’t do that. We created the Taliban to keep Russia in check during the 80s. Now they are keeping Pakistan busy and away from their nukes.

    Trump: We have to destroy terror sponsoring regimes in the Middle East. Let us start with the Saudis.

    Pentagon: Sir, we can’t do that. We created those regimes because we wanted their oil. We can’t have democracy there, otherwise their people will get that oil – and we cannot let their people own it.

    Trump: Then, let us invade Iran.

    Pentagon: We cannot do that either, sir.

    Trump: Why not?

    CIA: We are talking to them, sir.

    Trump: What? Why?

    CIA: We want our Stealth Drones back. If we attack them, Russia will obliterate us as they did to our buddy ISIS in Syria. Besides we need Iran to keep Israel in check.

    Trump: Then let us invade Iraq again.

    CIA: Sir, our friends (ISIS) are already occupying 1/3rd of Iraq.

    Trump: Why not the whole of Iraq?

    CIA: We need the Shi’ite govt of Iraq to keep ISIS in check.

    Trump: I am banning Muslims from entering US.

    FBI: We can’t do that.

    Trump: Why not?

    FBI: Then our own population will become fearless.

    Trump: I am deporting all illegal immigrants to south of the border.

    Border patrol: You can’t do that, sir.

    Trump: Why not?

    Border patrol: If they’re gone, who will build the wall?

    Trump: I am banning H1B visas.

    USCIS: You cannot do that.

    Trump: Why?

    Chief of Staff: If you do so, we’ll have to outsource White House operations to Bangalore. Which is in India.

    Trump (sweating profusely by now): What the hell should I do as President???

    CIA: Enjoy the White House, sir! We will take care of the rest!

    ReplyDelete
    Replies
    1. මාත් බුකියෙ තිබිල ඕක කියෙවුව. තාප්පෙ ගැන කියපු හරිය තමයි නියම.
      ට්‍රම්ප් ට ලේසිවෙන්නෙ නෑ අැමරිකානු අධිපති මතවාදය එක්ක හැප්පෙන්න.
      සමහරවිට කුක්කෙක් වෙයි. නැත්නම් රිචඩ් නික්සන්ට වුන දේ වෙයි.

      ඒ පැත්තෙ අාවට යමක් කොමෙන්ට් කරන්න බැරිවුනේ ඉන්ටනෙට්ප්‍රශ්න නිසා.

      Delete
  9. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete