Wednesday, November 9, 2016

ට්‍රම්ප් සමග නැගිටිමු

Image for the news result

ඇමරිකානු ජනාධිපතිවරනයෙන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ජයක් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා ලබාගෙන ඇත. ඇත්තෙන්ම ලෝකයේ ගමන්මග තීරනය කරන්නේ ඇමරිකාව රුසියාව ඉන්දියාව හා චීනය වැනි රටවල් නිසා කුඩා රටවල ජනයාට තම රටේ මැතිවරනයකට වඩා මෙම රටවල මැතිවරන ගැන උනන්දු වීම වැදගත්ය.තමරටේ අය ක්‍රියා කරන්නේ මේ අය කියන ලෙස නිසා තම රටේ චන්දය දා පොරවගෙන නිදාගෙන මෙම රටවල චන්ද නිදිමරා ඇසුවත් පාඩු නැත.

එහෙත් ඇමරිකාව වැනි රටවල ජනපතිවරු යනු ප්‍රතිපත්තිතීරකයන් විසින් ගන්නා තීරන ක්‍රියාත්මක කරන්නවුන්ය. එහෙත් මොවුන් පබයන් යැයි නොසිතිය යුතුය. යාන්ත්‍රනයට නායකත්වය දීම සිදුකරන නිසා ජනාධිපතිවරුන්ගේ භූමිකාවද ප්‍රබලය.

මෙවර ජනාධිපතිවරනය හේතු දෙකක් නිසා විශේෂ විය . ඇමරිකාවේ ප්‍රථම ජනපතිවරිය වීමට හිලරි මහත්මිය ඉදිරිපත්වීමය. ඇත්තටම මෙය ඩිමොක්‍රටික් පක්ෂයේ වැරදි තීරණයකි. යම්තාක් දුරට වමට බර රැල්ලක් බරිනි සැන්ඩර්ස් මහතාට විය. මෙය මරිකාවට නුපුරුදු දෙයකි. එහෙත් බර්නි මහතා ට රැල්ලක් තිබීමෙන් ඇමරිකාව වෙනස් වීමට සූදානම් බව පෙන්වීය.අවසන් සටන බර්නි හා ට්‍රම්ප් අතර වීනම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමටද ඉඩ තිබිනි සමහර විට.

අනෙක් කරුන ඩොනල්ඩ් ට්‍රම්ප් සම්ප්‍රදායික ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිට තුන්වන ලෝකයේ දේශපාලකයෙකුගේ මට්ටමට වැටීමයි.සම්ප්‍රදායික රිපබ්ලිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ට්‍රම්ප් හැරගියේ මේ නිසාය.එහෙත් ඔහු කී බොහෝ දේවල් ඇමරිකානු ජනතාවගේ හදවතට ආමන්ත්‍රනය කලේය. ට්‍රම්ප් කිසියම් ආරක්ෂනවාදී ආස්ථානයකට මාරුවීමට යෝජනා කලේය. යලිත් ඇමරිකාව ශ්‍රේෂ්ට කල යුත්තේ ඇමරිකාව දඩයම වීමේ බේරීමෙනි

අද ඇමරිකාව දඩයක්කරුගේ සිට දඩයමට මාරුවන සෙයක්ද පෙනේ. ඒ ආර්ථික ක්ශේත්‍රයේය.ඇමරිකාවේ විරැකියාව වැඩිවේ.ආයෝජකයෝ ලාබ ශ්‍රමය සොයා යති. ඇමරිකානු වෙලදපොල චීන බඩුවලින් පිරේ.ඇමරිකානු ජනාධිපතිවරු ලොව සැමතැනටම ජනාධිපතිවීමට යාම නිසා විශාල අවුල් ඇතිවී ඇත. රුසියාව සමග මිත්‍රව ප්‍රශ්න විසදාගන්නට යාමෙන් විශාල බරක් බිමින් තබන්නට හැකිවේ.රුසියාව හා චීනය වටලෑමේ ප්‍රතිපත්තිය වර්තමානයට ප්‍රායෝගික නැත.


ඇමරිකානු චන්දය පටන් ගත් සැනින්ම අනාවැකිකාරයන් පෙරට ආහ. මා මුල සිටම නිරීක්ෂනය කලෙමි. කිසිවෙක් අවසන් චන්දය හිලරි හා ට්‍රම්ප් අතර වේ යැයි නොකීහ.මා මේ කියන්නේ ගුප්ත පාර්ශ්වයේම හපන්කම්ය. සමහරු කීවේ හිලරි හා ජෙබ් බුශ් අතර අවසන් තරගය තිබෙන බවයි. ට්‍රම්ප්ට අවසන් තරගයට එන්න බැරිවන බවද කීහ. 2016 දී කාන්තාවක් බලවත් වීමට ඉඩ තිබෙන බව කී මංජුල ඊට වඩා හොදය.එය දෙපැත්තටම කැපෙන බැවිනි.බර්නි හා ට්‍රම්ප් අතර අවසන් සටන ඇතිවෙන බව කීහ.

ජනමාධ්‍ය හිලරිට පක්ෂපාතී වූ අතර ඔවුන්ගේ සමීක්ෂන නම් තුට්ටු දෙකේ වැඩය. ඇත්තටම මමත් හිතුවේ හිලරි දිනයි කියාය.හැම සමීක්ශනයක්ම මෙසේ කීවා යනු තව දුරටත්මේවා ගැන කිසිම විශ්වාසයක් තබන්නට බැරිබවයි.


හිලරිගේ ජයග්‍රහනය ලංකාවට අවාසිදායක බව කාගේත් පිලිගැනීම විය. ලංකාවට මතුනොව මැද පෙරදිගටද අවාසි විය හැක. කොල්ලෙකුට වඩා ටෙස්ටස්ටොරෝන් ඇති බව කී හිලරිගෙන් තුන් වැනි ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ වැඩි නිසාය. ඇමරිකාවට පමනක් ජනපතිවන බව කී ට්‍රම්ප් නිසා ලොවම ලොකු අනතුරකින් ගැලවුන බව සිතේ.

ට්‍රම්ප් මහතා කී දේවල් කරන්නට හැකිද යන්න වෙනම කතාවකි. ඔහු හිස්පැනික් වරුන්ට එරෙහිව කතා කලේය. ඇත්තටම සංක්‍රමනික ප්‍රශ්නය සුදු ඇමරිකානුවාට ප්‍රශ්නයකි. මොන ක්‍රමයකින් අත් පත් කරගත්තත් අද ඇමරිකාව ඔවුන්ගේය. සුදු ක්‍රිස්තියානීන්ගේය. ට්‍රම්ප් ආමන්ත්‍රනය කලේ මේ පිරිසටයි. ලබ්බ ඇතුලෙ තොවිලෙ මෙන් හැම එකාම ඇමරිකාවට පැමින තමන්ගෙ රැකියා අවදානමේ දමනවාටත් තම සංස්කෘතික වටිනාකම් හෑල්ලු කාරන්වාටත් මේ අය අකමැති වූහ. ඔහුගේ ආර්ථික ආරක්ෂනවාදයද ගැලවීමට ඇති එකම පිදුරු ගහකි.

මේවා මේ ලෙසම කරයිද කියා අප නොදනිමු. ඇමරිකානු ආර්ථිකය මත රැදෙන ආර්ථිකයන්ට මෙවැන්නක් දැනෙනු ඇත.එහෙත් එක් දෙයක් පැහැදිලිය. ලෝකය වෙනස් වෙමින් ඇත. එය අප හිතනවාට වඩා ලොකු වෙනස්කම් විය හැක.

අද ලෝකයේ ජාතිකත්ව රැල්ලක් යයි. බ්‍රෙක්සිට් තුලින්ද විද්‍යාමාන වූයේ එයයි.ට්‍රම්ප්ට අවශ්‍ය ආරක්ෂනවාදී ජාතිකවාදයකි. එය ඇමරිකානුවාට හොදය. තවද ඔහු පුටින් හා එක්වී ඉස්ලාමීය අන්තවාදය මර්ධනය කරන්නටද ඉඩ ඇත. ට්‍රම්ප් පුටින් සුසංයෝගය ලෝකයට කොහොමත් හොදය. සිරියාවේ උතුරු කොරියාවේ ඉරානයේ ප්‍රශ්න ලේ වැගිරීම් නැතිව විසදාගනු ඇත. හිලරි ආවානම් සිදුවීමට ඉඩ තිබූ තුන්වන ලෝක යුද්ධයක අවදානම නැතිවීමම සැනසිල්ලකි.

Democratic Presidential Nominee Hillary Clinton Holds Election Night Event In New York City
There appeared to be shock and amazement that the election result went the way of Trump