Wednesday, June 8, 2016

වහල්ලු හා රජවරු


  කාලය හරහා අතීතයට හා අනාගතයට යාම විද්‍යා ප්‍රබන්ධවලට මාතෘකාවක් වී ඇත. මෙය ප්‍රායෝගිකව කල හැකිබවට විද්‍යාඥයෝ දැන් පවසති. ඉතා සුළු වේලාවක් අනාගතයට ගිය රුසියන් නියමුවෙක් ගැනද වාර්තා වෙයි.

මෙය සත්‍ය නම් අනාගතයේ සිට කිසිවෙක් අතීතයට නාවේ මන්ද

මෙම ඡායාරූප ගනනාවක් ඇත. සමහර ඒවායේ මොබයිල් ෆෝන් ගත් අය සිටිති . තව සමහර ඒවායේ කාලයට නොගැලපෙන ඇදුම් ඇදි අය සිටිති. නමුත් ඒවා අපහැදිලිය. එහෙත් මෙම ඡායාරූපය නම් ඉතා සැක කටයුතුය.මෙම තරුනයා සැබවින්ම අනාගතයෙන් ආ කෙනෙක්ද




  සමාජ විද්‍යාවන් ස්වාභාවික විද්‍යාවන් පසුපස යන බවට මතයක් ඇත. ස්වාභාවික විද්‍යාවන්හි සිද්ධාන්ත සමාජයට ගලපා සමාජ විද්‍යා න්‍යායන් ඉදිරිපත් කරනු දැකිය හැක.
මනෝ වෛද්‍ය විද්‍යාව ස්වාභාවික විද්‍යාවකි.එහෙත් එය සමාජ විද්‍යාව පසුපස යන්නේද

කලක් වහලුන් ස්වාමීන්ගෙන් පලායාම මානසික රෝගයක් ලෙස සැලකුනි
එහෙත් අද වහල් මෙහෙය ශිෂ්ට ලෝකය පිලිකුල් කරයි.

සමලිංගිකත්වයද මානසික රෝගයක් ලෙස ඊයේ සැලකුනි.
එහෙත් අද එය විෂම ලිංගිකත්වයටත් වඩා උතුම් දෙයකි.

එලෙසම වෙනත් මනෝ ලිංගික අසාමාන්‍යතා ලෙස අද හදුන්වන දේ හෙට යහපත් දේ බවට පත්විය නොහැකිද




රුසියානු රජ පවුල


මේ රුසියාවෙ රොමොනොව් රජපවුල. අපි කලින් පෝස්ට් එකකදි රස්පුටින්ගෙ සාපයට ලක්වුනා කියල කිව්වෙ මේ අයයි.
මේ අය විප්ලවවාදීන් විසින් මරාදැමුවා.
රජපවුලෙ බල්ලවත් මැරුවලු.
බල්ල ඉතිරි කලානම් රාජාන්ඩුවාදීන් බල්ල පෙරටුකරගෙන රාජාන්ඩුව යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙරදරනවා සිකුරුයි.
රජපවුල් අහෝසි කිරීමනම් ඉතාම ප්‍රගතිශීලී දෙයක්.


ඇනා ඇන්ඩසන් යනු විප්වවාදීන්ගෙන් පනබේරාගත් ඇනස්ටාසියා කුමරියද

















26 comments:

  1. පළමු රුපයට පැහැදිලි කිරීමක් යම් තැනක තිබුණා. ඒ දවස් වල ජනප්‍රිය බේස්බෝල් කණ්ඩායමක හෝ එවැනි යම් වෙනත් කණ්ඩායමක ඇඳුම ඔහු ඇඳන් සිටින්නේලු

    චීනේ සොහොනකින් හොයා ගත්තායි කියන ස්විස් ඔරලෝසුව ද වංචාවක් බව දැන් කියනවා

    නමුත් සමහර චායාරූප මෙන්ම සමහර සිද්ධීන් ඔය කිසිම විදියකින් පැහැදිලි කරන්න බෑ. (අනෙක් අතට ඔය විදියට ඕනෑම සිද්දියක් පහදන්නත් පුළුවන්)

    මේක මගේම අත්දැකීමක්. දවසක් අපි ලෝකාන්තය බලන්න ගියා. කලින් දවසේ වැස්සක් වපු නිසා ඒ මාර්ගය හොඳටම මඩවෙලා තිබුණා. අපි ගියේ බේකර්ස් ඇල්ලත් බලාගෙන.
    ලොකු මඩ ගොඩක් බොහොම සීරුවට තරණය කර කර හිටපු අපේ පැත්තට ජෝඩුවක් ආව. ඒ කියන්නේ ඔවුන් ලෝකාන්තය දක්වා ගිහින් නැවත පැමිණෙන දෙන්නක් විය යුතුයි. නමුත් ඔවුන්ගේ කිසිම වෙහෙස පාටක් නැතුව. ඔවුන්ගේ ඇඳුම් පවා ඉතාම පිරිසිදුව දහදිය පොදක් නැතිව තිබ්බා මතකයි. ඒ ඔක්කොටම වඩා ඔවුන්ගේ ක්‍රීඩා සපත්තු.
    ඒවා සුදු පාටට දිලිහෙමින් තිබුනා
    ඒ වෙලාවේ අපි ඒ ගැන වැඩි අවදානයක් යොමු කළේ නැත්තේ අර දුෂ්කර ගමනට අපේ සම්පුර්ණ අවධානය යොමුවෙලා තිබුණු හින්දා. ඔවුන් අපිව පසු කරගෙන ගියා. අපි ඉදිරියට ගියා. යන්න යන්න මඩ වැඩි වෙනකොට අපි අර දෙන්නා මතක් කර කර හිනා වුනා. උන් දෙන්න නං ගිහින් තියෙන්නේ උඩින් කියල
    ගමන ගිහින් එද්දී තමයි අපිට හරියටම තේරුනේ ඇත්තටම උඩින් මිසක් ඒ විදියට වෙන කිසිම විදියකට එන්න විදියක් නෑ කියල

    ReplyDelete
    Replies
    1. ඔරලෝසුවෙ පින්තූරෙ දැම්මෙ නැත්තෙ ඒක ගැන තිබෙන සැකය නිසාමයි. නමුත් මේ පින්තූරෙ ඇත්තටම කාල හරහා ආ කෙනෙක්මද කියල මටත් නිකමට හිතුන .සමහරවිට ක්‍රීඩා හෝ විකට ඇදුම් කන්ඩායමක කෙනෙක් වීමටත් පුලුවන්.

      ඇත්තටම අනාගතයෙන් ඇවිත් අපගේ සැකයට භාජනය නොවී අප අතර සැරිසරන්න ඒ අයට පුලුවන්. කාල සංචාරකයන් දැනටමත් අප අතර විය හැකියි.ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක එන්නෙ අපි එක්ක ගනුදෙනු කරන්න ගියාමයි.

      කාලය හරහා යන්න ලැබුනොත් එය මානව සංහතියේ පෙර නොවූ විරූ පෙරලිය විය හැකියි.

      Delete
    2. රොටියා බබෝ ඒ දෙන්නා යුරෝපිය ජාතිකයොද

      Delete
    3. පෙනුමෙන් නම් ලංකාවේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි වගේ

      Delete
  2. කාලය හරහා යාහැකි මනස දියුණු කිරීමේ භාවනා ක්‍රම ගැන නම් පෙරදිග සටහන් වෙනවා.
    කොහොම උනත් කාලය හරහා යාත්‍රාකිරීමට තරම් දියුණුවක් ලැබූවෙක් පවතින රටාවට උඩින් යටින් අත දමා වියවුල් කිරීමක් කරන්න තියෙන ඉඩකඩ අවමයි.
    ඔබතුමාට අවස්ථාවක් ලැබුනොත් ඔබ යන්නෙ අතීතයටද අනාගතයටද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අතීතයට තමයි. ඒක චමත්කාරජනක අත්දැකීමක් වෙයි.

      සිත දියුනු කල අය සොබාදහමෙ පිලිවෙලට මැදිහත්වෙන්නෙ නැතිවෙයි කියල මටත් හිතෙනව

      Delete
  3. උදාහරණයක් ලෙස
    https://en.wikipedia.org/wiki/Green_children_of_Woolpit
    පැහැදිලි කිරීම කියවල බලන්න.

    හුඟක් ඔය වගේ දේවල් සීරියස්ලි හදාරන්න තියන අපහසුකමක් තමයි පැහැදිලිකිරීම් කීපයක් තියන අවස්තාවල එයින් වඩාත්ම sensational එක මතම එල්බ ගැනීමේ මනුෂ්‍ය ස්වාභාවය

    ReplyDelete
  4. //ඔළුව හොදනැති අයලු වහල් හිමියන්ගෙන් බේරිල යන්න හිතන්නෙ. මොකද්ද ඉංගිරිස් නමකුත් තියෙන්නෙ. ඒක බරසාර මානසික රෝගයක්ලු. බොරුනම් සැමුවෙල් ගොය්යගෙන් අහපල්ල//

    pseudo-science යොදා ගැනීමක්.

    දැන් හරියට ඕක කරනවා රාවණා, විශ්ව ශක්තිය, ගස්වල කිරණ, ග්‍රහලෝකවල බලපෑම ආදී දේවල් විද්‍යාත්මක මට්ටමට ගේන්න

    ReplyDelete
    Replies
    1. වඩාත් නරක දේ තමා ව්‍යාජ විද්‍යාව.නමුත් සැමුවෙල් මහතාගේ අදහස ඒ කාලෙ පිලිගැනීමට ලක් වුන දෙයක්නෙ. මම අහන්නෙ පිකටින් එකක් කරල පනතක් සම්මත කරගත්තම මනෝ විද්‍යාවෙ සිද්ධාන්ත වෙනස් වෙනවද කියන එක.

      Delete
  5. ඇනා ඇන්ඩසන් යනු විප්වවාදීන්ගෙන් පනබේරාගත් ඇනස්ටාසියා කුමරියද////////නැත මෑතකදී ඇලෙක්සෙයි කුමාරයාගේ සහ ඇනස්ටාසියා කුමාරියගේ ශරීර කොටස් හමුවූවා. එය ඩීඑන් ඒ මගින් තහවුරු කලා . ඇනා ඇන්ඩසන් කලේ බොරුවක් . රුසියාවෙ රොමොනොව් රජපවුල ඝාතනය ගැන මගේ ඉදිරි කාලයේ එන පොතක (PTSD in the Soviet Union) සවිස්තරව සඳහන් වෙනවා

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශයේ අපරාධ කලවුන් ගේ මානසික තත්වය ගැන කියවන්න ආසාවෙනුයි ඉන්නෙ. ෆීලික්ස් ශෙර්සින්ස්කි කියන ම්ලේච්ඡය ගැන දැනගත්තෙත් ඔබේ ලිපියකින්.

      ඇනා බොරුවක් කල බව ඩී එන් ඒ වලින් හෙලිවුනා . ඔය වාතාවරනය යටතෙ පොඩි කෙල්ලෙකුට පැනල එන එල ලේසි නෑ.

      Delete
  6. හඳහන් හා සාස්තර වලින් කරන්නෙත් ඒකම නේද....?

    අනාවැකි කියන එකා අනිවාරයයෙන් අනාගතයට යනවා ඇති නේ....

    ReplyDelete
    Replies
    1. මම ආගම් විශ්වාස නොකලට අධිමානසික බල නම් විශ්වාස කරනවා. කාලය හරහා මනසින් දැකීමක් තුලින් අනාවැකි කියන්න පුලුවන් ඇති.

      Delete
  7. අප නොදන්නා දේ බොහෝ තිබිය හැකිය එහෙත් ඒ සියල්ල පරම සත්‍යය යයි විශ්වාස නොකරමි.

    ReplyDelete
    Replies
    1. තිබිය හැකියි. එසේම අනාගතයේ කරන සොයාගැනීමකින් අප සිතන පතන විදිය සම්පූර්නයෙන්ම වෙනස් විය හැකියි.

      Delete
  8. ලේසිම දේ ඕව හිතන්නේ නැතුව ඉන්න එක.. හෙක්..

    ReplyDelete
  9. ඉස්සර රූපවාහිනියේ ගිය ටයිම් ටනල් කතාව මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. මට බලන්න බැරි වුනා. මායා බන්ධන නම් අතරින් පතර බැලුව වගෙ මතකයි.

      Delete
  10. ලංකාවේ සමලිංගික දේශපාලඥයින්ටනම් විශේෂ වාසියක් තියෙනවා.
    එහෙම කෙනෙක් පිරිමියෙක් සමඟ සබඳකමක් තියෙන බවට මඩ ප්‍රචාරයක් කෙරුවොක්. එයාගේ පාක්ෂිකයෝ,
    අයියෝ ඕක පරන කතාවක්නේ, එයාලට හොඳනම් අපිට මොකෝ. කියලා කියයි.
    එහෙම කෙනෙක් ගැහැණියක් සමඟ සබඳකමක් තියෙන බවට මඩ ප්‍රචාරයක් කෙරුවොක්. එයාගේ පාක්ෂිකයෝ,
    ඇති යාන්තන් ඒ මහත්තයා දැන්වත් සාමාන්‍ය තත්වයට ආපු එක ලොකු දෙයක් කියයි. ඒ කියන්නේ කොහොම බැලුවත් ඔහු දිනුම්

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ පක්ෂෙ කෙනා මොනව කලත් පාක්ෂිකයන්ට හොදයි. මම නම් මේ පක්ෂ ක්‍රමයට කැමති නෑ. පක්ෂ ආගම් කරගෙනනෙ ඉන්නෙ

      Delete
  11. ඒක තමයි මේ දවස් වල හිටපු ජනාධිපති මල්ලිගේ බල්ලෝ ගැන කතා කරන්නේ..... මං හිතන්නේ හෙට අනිද්දා ම බල්ලෝ දෙන්නත් එෆ්සීඅයිඩීයට ගෙන්නාවි...... එතකොට ඉතින් තරහා ඉවරයිනේ.......

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් හැම දේශපාලුවම එකයි. අපට අවශ්‍යයි ප්‍රතිසංස්කරනයක් . ඒ මේ පක්ෂ ක්‍රමයට විකල්පයක්. ලංකාව වගෙ රටක මේ පක්ෂ ක්‍රමය තුලින් බිහිවෙන්නෙ විකෘතියක්.
      අනික බයියො ටොයියො කිව්වට ලොකු අය නිතර හමුවෙන කනබොන නෑයො නේද.

      Delete
  12. අලුත් එකක් ලියවිලා නැහැ නේද.

    ReplyDelete
  13. ayyo oka simple kalaya haraha yana eka.. oka ona kekekuta karnana puluwan deyak...

    Just close your eyes....

    ReplyDelete