Wednesday, June 1, 2016

හෙළුවැලි වෙඩින් එක හා තවත් කතා




 මේ ඡායාරූපයෙ තියන විශේෂත්වය තමයි බටහිර දියුණු ජාතීන් අනුන්ගෙ පෞද්ගලිකත්වයට මොනතරම් ගරුකරනවද කියන එක. නිරුවත් විවාහයක් වුනත් සහභාගිත්වය අවුලක් නෑ.දියුණු රටවල නිරුවත් සමාජ තියනව. නිරුවත් සමාජයක් කියන්නෙ ඒ අයට බොහොම රිලැක්ස් තැනක්. තවදුරටත් ලිංගිකත්වය කුහුලක් නොවෙයි. නිරුවත් සත්වයෙක් වුන මිනිසා ඇදුම් අදින්න පටන් ගත් දවසෙ තමා ශිෂ්ටාචාරයෙ අර්බුදය ඇතිවුනේ.













  අපරාධ මර්ධනයට කියාපු ක්‍රමය. මේව කොයිතරම් ප්‍රායෝගිකද මන්ද. කනප්පුව අහිංසකයෙක් ලග හෙම නතර වුනොත් විනාසයි. නමුත් මෙහෙම බලවේග නැතැයි පූර්ව නිගමනවලට එන්නත් බෑ

















මේ ලෝකෙ ආගම් සිය ගනනක් තියනව. දන්නවද මොකක්ද ඇත්තම ආගම කියල. ඒ තමා ශින්ටෝ ආගම. පරමානු බෝම්බෙකිනුත්  ඒ ආගමේ දේවාල විනාශවෙලා නෑ . සුනාමියෙනුත් විනාශ වෙලා නෑ. ඉතින් මේ දේවාලවල අනුහස් තියනබව පැහැදිලිනෙ. ශින්ටෝ දේවාලෙටත් වඩා ඇත්ත දේවාලෙ දොරටුව. දොරටුව සරන යන එක තමා කරන්න තියෙන්නෙ . දැක්කනෙ අනුහස්




මේ පොටෝ එක ගත්තෙ සමාන්තර විශ්වයකදි. ඒ විශ්වයෙ  බලය තියෙන්නෙ ගවයන්ගෙ අතේ. ඉතින් මිනිසුන්ව මේ වගෙ කෲර ක්‍රීඩාවල යොදවනව. ඒකට මොකුත් කියන්න බැරි ඒක ගවයන්ගෙ සංස්කෘතිකාංගයක්ලු.






මේ නම් මගෙ අනුමානයක් හරි ගිය අවස්ථාවක්. මම මේ බ්ලොග් එකේම සමහර තැනක ඉයිබීරියානු අර්ධද්වීපය ගැන අදහසක් පලකරල තිබුන ෆිනීෂියන්වරු ටියුනීසියාව හා අයිබීරියාව ජනාවාස කල බවට. මට මේ සැකය ඇතිවුනේ පෘතුගීසීන් අරාබීන්ගෙන් නිදහස් වූ හදිසියේම නාවික බලවතුන් වූ සැටියෙනුයි. නාවික නියාමක හෙන්‍රි නැව් ශිල්පය දියුනු කලා කියනවා මිස  එතනින් එහා කතාවක් නෑ.

නමුත් පෘතුගීසීන් කියන්නෙ ෆිනීෂියන් ,විසිගොත් ,වැන්ඩල් වැනි ගෝත්‍රික සම්භවයක් සහිත ජාතියක්. ඉතින් ඔවුන්ට නාවික උරුමය ලේවලම තියෙන්නැති. ආදිකාලයේ සුප්‍රකටම නාවික ජාතිය ෆිනීෂියන්වරුයි. ඊජිප්තුවේ තුර්කියේ හා ඉරාකයේ සිට මුලු ලොවම මුස්ලිමුන් පාලනය කල අවදියක ඉන්දියන් සාගරය පරංගි වැවක් වූ පසුයි යුරෝපීය ජාතීන් සෙමෙන් නැගිටින්න පටන් ගත්තෙ.ගොඩබිම මුස්ලිම්වරු න් අතේ වුවත් සමුද්‍රයෙ ඔවුන් පරාජය වුනා. මේ රහස පරංගීන්ගෙ ජානගත මුහුදු සැරීමේ දක්ෂතාවයයි



මෙතනින් කියවන්න



ප්‍රතිඵලයෙන් විද්‍යාඥයන් පුදුමයට පත්වෙලා. ඔවුන් සිතා සිටියෙ අවුරුදු 2500  ක් පරන ෆිනීශියානුවා මැද පේරදිග හෝ උතුරු අප්‍රිකානු සමානකමක්. නමුත් ඔහු වඩා සමානවී ඇත්තෙ නූතන පෘතුගීසීන්ටයි. ෆිනීශියානුවන් යුරෝපයේ දඩයක්කාර ගෝත්‍රිකයන් හා මිශ්‍රව පෘතුගීසි ජනතාව සැදෙන්න ඇති. විසිගොත් ,වන්ඩල් වැනි ජර්මානු ගෝත්‍රද ඔවුන්ට පසුව මිශ්‍රවෙන්න ඇති








25 comments:

  1. චඃ, කනප්පු 1000 ක් විතර ඇවිද්දවලා, ඔක්කොම හොරු අල්ලන්න පුළුවන් නිසා, පොලීසි වහලා දමනු. FCID එක විසුරුවනු.

    ReplyDelete
    Replies
    1. කලකට පෙර මා මේ කිසිම දෙයක් විශ්වාස කලේ නෑ. නමුත් භෞතික ලෝකයට එපිටින් යම් දේවල් තිබිය හැකියි කියා මා දැන් විශ්වාස කරනවා.
      නමුත් මෙවැනි ක්‍රම භාවිතා කල හැක්කේ සාක්ෂි සපයාගැනීමට මිස වරදක් ඔප්පු කිරීමට නොවෙයි.

      Delete
  2. මේ අළුත් ෆොර්මැට් එක නියමයි. ෂෝට් ඇන්ඩ් ස්වීට්.

    ReplyDelete
    Replies
    1. කලකට පෙර මා මේ කිසිම දෙයක් විශ්වාස කලේ නෑ. නමුත් භෞතික ලෝකයට එපිටින් යම් දේවල් තිබිය හැකියි කියා මා දැන් විශ්වාස කරනවා.
      නමුත් මෙවැනි ක්‍රම භාවිතා කල හැක්කේ සාක්ෂි සපයාගැනීමට මිස වරදක් ඔප්පු කිරීමට නොවෙයි.

      Delete
  3. හප්පේ..... උඹේ මාගල් වලට වඩා මේක නම් මරු....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      ඔවු මේක කියවන කෙනාටත් ප්‍රිය උපදවන ක්‍රමයක්. මට එච්චර රසවත්ව ලියන්නත් බෑ. කෙටිකතා නවකතා ශෛලියෙන් ලියන්නනන් කොහොමවත් බෑ.මගෙ ලිපිවල කරුනු තිබුනත් ඒව කියවන්නාට ඒත්තු යන විදියට ලියවෙන්නෙත් නෑ. ඒ නිසා වෙනත් විකල්ප වලට යොමුවෙම අවශ්‍යයි.

      Delete
  4. පෘතුගීසි ආවෙනැත්නම් මේක දැන් මුස්ලිම් රටක් කියන තියරි එක ඔබ අසා ඇති නේද? කන්ජෙක්චර් එකක් නිසා ඔප්පුකල නොහැකිවුනත් විය හැකිව තිබූ දෙයක්.
    අනිත් එක ලංකාවට ආ යුරෝපීයයන්ගෙන් වර්ණභේදය අඩුවෙන්ම සැලකූ ජාතිය පෘතුගීසි. ඔවුන්ට වෙලඳාම හා ආගම වැදගත් වුනාට උතුරු යුරෝපීයයන්ට තරමට ජාති භේදය තිබුනේ නෑ. කතෝලික යුරෝපීය/ආසියානු මිශ්‍ර ජාතියක් ඇතිවෙන්න තිබුනා.
    ( මං මේ දවස්වල ඇටිලා සහ හන්වරු ගැන කියවනවා. මේක කියවනකොට නිකම් හිතුනා ඔබ ඒ පැත්තටත් එයි කියලා :-D )

    ReplyDelete
    Replies
    1. age of empire ගේම් කට්ටලය ගහන්න සෑහෙන්න ඉතිහාස දැනුමක් එයි. :)

      පෘතුග්‍රීසි කාරයින්ගේ තියෙන හොඳ ගතියක් (හෝ දුර්වලකමක්) තමයි ඔවුන් අවංකයි. ඒ අතින් ඉංග්‍රීසි ජාතිකයෝ ඉතාම කපටි ජාතියක්. ඉංග්‍රීසි ජාතිකයින් අනුගමනය කල ක්‍රමය වුනේ යටත් විජිත වාසීන්ට ඉංග්‍රීසීන් දෙවිවරු ලෙස ඇඟවෙන ලෙස හැසිරීම.
      එතනදී අනුගමනය කල එක උපක්‍රමයක් වූයේ දේශීය නිලධාරීන්ට බලය අයුතු ලෙස පාවිච්චියට ඉඩදීම.
      උදාහරණයක් දැක්වුවොත්, අතීතයේ බණ්ඩාරනායක මහතාගේ පියා ව්‍යායාමයක් ලෙස උදේ කාලයේදී කොළඹ නුවර පාර දිගේ අශ්වයෙකු පිටනැඟී ගමන් කිරීම කලා. එහිදී රූමත් ගැමි ගැහැණියක් දුටුවොත් ඔහු ඇයව බලෙන් අශ්වයා පිට නංවාගෙන ටික දුරක් ගෙනියනවා. එසේම ලොරි රියැදුරන් මුදලිවරයා දුටුවිට රථය නවතා ඔහුවෙතගොස් වැඳිය යුතුයි. නැතිනම් ඔහු රථය ඉදිරියට අශ්වයා ගෙනගොස් රිය නවත්වා රියැදුරාට කසපහර දෙනවා.
      වැදගත්ම කරුණ වන්නේ කිසිම ඉංග්‍රීසි නිලධාරියෙක් තම දේශීය නිලධාරියාගේ මෙම නොමනා කටයුතු නතර නොකිරීමයි.
      එයින් වන වාසිය නම්, ඉංග්‍රීසි නිලධාරීන් හොඳ අය ලෙසත්. සිංහල නිලධාරින් නරක අය ලෙසත් මතයක් ඇතිවීම.

      Delete
    2. මම පෘතුගීසි බලපෑම තදින් දැනුන ප්‍රදේශයකට ආසන්නව ජීවත් වන්නෙක්.මට හිතෙනව පෘතුගීසි ජාන දේශීය ජානවලට මිශ්‍රවෙලා ලස්සන මිනිස්සු බිහිවෙන්න ඉඩතිබුන කියල. තද සුදත් නැති තද කලුත් නැති අතරමැද ප්‍රසන්න ප්‍රියමනාප මිනිස්සු බිහිවෙන්න තිබුන.ෆීජි දූපත්වල ඔස්ට්‍රොලොයිඩ් යුරෝපොයිඩ් මිශ්‍රන ලස්සනක් නෑ.නමුත් මනබදින බවක් නෑ. මොංගොලොයිඩ් නීග්‍රොයිඩ් මිශ්‍රනයත් එහෙමයි.නමුත් අපියි යුරෝපීයන් මිශ්‍රවුනානම් ලස්සනයි.

      පෘතුගීසි ආවෙ නැත්නම් සමහරවිට මුස්ලිම් රටක් වෙන්න ඉඩ තිබුන. අවුරුදු 700 ක් ඉන්දියාව අල්ලගෙන හිටිය ට ඉන්දියාව මුස්ලිම් නොවුනට බෞද්ධ සමාජයක් ඉක්මනින් මුස්ලිම් වෙනවා. බංග්ලාදේශය හොදම උදාහරනයක්.මාලදිවයිනත් එහෙමයි.ලංකාව බෞද්ධවීමට එකම හේතුව දූපතක් වීම.

      හන් ජාන යුරෝපයටත් ඉන්දියාවටත් දෙමටම ලැබුනත් ඔවුන්ට සංස්කෘතික ලකුනක් තියන්න බැරිවුනා. ඇටිලා ගෙ නෑයො සමහරවිට කාශ්මීරයේ ඇති.
      රයින් ගගබඩ සිටි හේවරාලලගෙන් යුරෝපයේ සියලකුන තිබ්බෙ ලොම්බාඩිවරු පමනයි. ඉතාලියෙ ඉන්න යාලුවො ලොම්බාඩිය ගැන දන්නව ඇති.විසිගොත් වරු වැන්ඩල් වරු පෘතුගීසි ස්පාඥ්ඥ හා ප්‍රංශ සමාජවල දියවී ගියා.වයිකින් ලේ නම් පසුකාලයක මුළු යුරෝපයටම වගෙ ලැබුන. මාකොමන්නි වගෙ ආක්‍රමනිකයන්ගෙ ජාන උතුරු අප්‍රිකාවටත් ලැබුන.
      නමුත් ඊටත් පසුකාලයක ආක්‍රමන සිදුකල ස්ලාව් ගෝත්‍රිකයන් නම් තමන්ගෙම රටවල් හදාගත්ත.

      Delete
    3. ජගත් පෘතුගීසීන්ගෙ හා ඉංග්‍රීසීන්ගෙ අභිලාශ වෙනස් නේද.

      මට බන්ඩාරනායකල අප්පිරිය වෙන්න එක හේතුවක් ඔය මහමුදලිය කලා කියන නොපනත්කම් ගැන අසන්නට ලැබීම

      Delete
    4. උතුරු/ දකුණු යුරෝපීය ඉමෝශනල් වෙනස වගේම කාලයේ වෙනසත් තිබුනා. පෘතුගීසීන්ගේ medieval ලක්ෂණ හුඟක් තිබුනා. දරුණු බව , ශාරීරික නිර්භීතභාවය (physical bravery)රොමෑන්තිකබව medieval කාලෙ වගේ.
      ඉන්ග්‍රීසි ඊට වඩා modern and subtle. දේශපාලනික හා සාමාජයීය වශයෙන් වෙනස්. 1800ගණන්වල හැමදේම සීඝ්‍රයෙන් වෙනස් වුනා. ලිබරල් අදහසුත් ආව. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාප්තියට එරෙහිව ඉන්ගලන්තයේම මතයක් ගොඩ නැගුනා.

      Delete
    5. @JP ඇටිලා හා හන්වරු ගැන ආස හිතෙන විදිහට කියවන්න හොඳම විදිහ William Napier's books. ඊට පස්සෙ ඉතිහාසය ගැඹුරෙන් හදාරන්න පුලුවන් අවශ්‍යනම්.

      Delete
  5. මුස්ලිම් ජාතිකයෝ මුහුදත් ජය ගත්තානම් ලෝක ඉතිහාසය එහෙම පිටින්ම වෙනස් වෙන්න තිබ්බ නේද ?

    ReplyDelete
    Replies
    1. ලෝක ඉතිහාසයේ ඉතාම තීරනාත්මක සටනකදී ( නම සහ ප්‍රංශ රජු මතක නෑ චාලිමේන් හෝ චාර්ල්ස් මාර්ටල් වියහැකියි ) බටහිරින් යුරෝපයට ඇතුලුවූ මුස්ලිම් රැල්ල පරාජය වුනත් අනෙක් සියලු සටන් මුස්ලිම්වරු ජයගත්තා. ගොඩබිම බලය තිබුනෙ මුස්ලිම්වරුන්ට. නැගෙනහිරින් තුර්කිය හරහාත් බටහිරින් උතුරු අප්‍රිකාවෙනුත් ඕනම මොහොතක මුස්ලිම් ආක්‍රමයක් සිදුවිය හැකිව තිබුනා. යුරෝපයේ මහා ක්‍රිස්තියානි ජාතීන් මුස්ලිම්වරුන් හා වලියට ගොස් හොදටම ගුටිකා ආපසු ඒම මධ්‍යතන යුගයේ සුපුරුදු දේවල්.

      එහෙත් ස්පාඥ්ඥය හා පෘතුගාලය නිදහස් වූ පසු එකවරම පෘතුගීසීන් සමුද්‍රයේදී මුස්ලිම්වරු පරාජය කිරීම සිත් ගන්නා සුළුයි.ඉන්දියන් සාගරය ප්‍රතිකාල් වැවක් වුනා. ගෝව ,මැලක්කා සමුද්‍ර සන්ධිය, සුබපැත්මේ තුඩුව තෙක් බටහිර අප්‍රිකාවේ බලය පෘතුගීසීන්ට හිමිවුනා.ෆෙර්ඩිනන්ඩ් මැගලන් , බර්තොලමියු ඩයස් ,ප්‍රැන්සිස්කෝද අල්මේදා ,වස්කෝද ගාමා යන අයගේ කැපවීම විශ්මයජනකයි.

      ක්‍රිස්තියානීන්ට සමුද්‍රය ජයගන්න ලැබුන කියන්නෙ අද දක්වා මුස්ලිම්වරු ලබන පරාජයේ අඩිතාලම වැටුන කියන එක.

      Delete
  6. අර සමාන්තර විශ්වයේ තව ෆොටෝ තිබුනා නේද? ඒක සුපිරි.. :)

    ReplyDelete
    Replies
    1. ඒකත් මම දැක්ක. ඒක මේකට දාන්න මට හොයාගන්න බැරිවුනා. මේක වෙනම ශෙයා වුන එකක්.

      Delete
  7. හොඳ ලිපියක් නේ යකෝ.

    ReplyDelete
  8. නිර්වස්ත්‍ර සමාජ, ක්ලබ්ස්, වෙරල්, මඟුල්, පාටි අහලා තියෙනවා. ඈ බං යකෝ උඹ නිර්වස්ත්‍ර අවමගුල් උත්සව අහලා තියෙනවද..

    ReplyDelete
    Replies
    1. අහලනම් නෑ. වෙඩින් තියන නිසා ඒවත් නැතිවෙන්න බෑනෙ.

      Delete
  9. බටහිර විවාහ ක්‍ර‍ය ගොඩනැඟී ඇත්තේ කතෝලික චින්තනය පදනම් කරගෙන. මේ වනවිට කතෝලික චින්තනය පරදා යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මතුවී ඇතත්. විවාහය සම්බන්ධයෙන් විකල්ප විකල්ප සම්පුදායක් ගොඩනඟා ගැනීමට බටහිරයන් අසමත් වී ඇත. එමනිසා කතෝලික විවාහය උපහාසයට ලක්කරන මෙවැනි සිරිත් බටහිරයන් අනුගමනය කරනු ඉඳහිට දැකිය හැක.

    ReplyDelete
    Replies
    1. කතෝලික චින්තනය පරදා යුදෙව් චින්තනයක ජයග්‍රාහී වීමක් නැහැ. අවශ්‍ය කෙනෙකුට එලෙස යුරෝපීය චින්තන විප්ලවය දකින්නත් පුලුවන්. නමුත් මම එලෙස එය දකින්නෙ නෑ.
      යුරෝපයේ දක්නට ලැබෙන පුද්ගලවාදය ග්‍රීක් පෞර රාජ්‍ය යුගයේත් දක්නට ලැබුනා. ඕනෑම පුරයකට වෙන්වී යාමට පවා ඉඩ සැලසුන රාජ්‍ය අහෝසිවන මට්ටමේ පුද්ගලවාදයක්. නමුත් ග්‍රීක් පුද්ගලයා අප කතා කරන පුද්ගලයාට වඩා වෙනස් .
      කාන්තාවන් වහලුන් ,බංකොලොත්වූවන් ,රදල නොවූවන් වැනි අය පුද්ගලයන් ලෙස සැලකුනේ නෑ.
      මට පේන්නෙ සෙමිටික් බන්ධනයෙන් මිදී යුරෝපය ආපසු යාමක් ලෙස.

      ඔබ දැඩිව අවධාරනය කරන්නෙ මැවිල්ලෙන් වියුක්ත දෙවියාත් මැවිල්ල හා සංයුක්ත දෙවියාත් අතර වෙනස.මැවිල්ලෙන් වියුක්ත දෙවියා ග්‍රීක් පෞර සම්ප්‍රදායේ පුද්ගලවාදයට සමානවීම යුදෙව් ක්‍රිස්තියානි ජයක් ලෙස මම දකින්නෙ නෑ.

      මානව චින්තන ඉතිහාසය විශ්ලේශනයේදී මම දකිනව මානව චින්තන සම්ප්‍රදායන් හතරක්.

      මැවුම්කරු මැවිල්ල හා ගනුදෙනු කරන සම්ප්‍රදාය
      මැවුම්කරු මැවිල්ල හා සංයුක්ත වෙමින් ජීවත්වන සම්ප්‍රදාය
      මැවුම්කරු ද මැවිල්ලේ ප්‍රතිඵලයක් වීම
      වියුක්ත මැවුම්කරු

      මැවුම්කරු මැවිල්ල හා ගනුදෙනු කිරීම තමයි පැරනිම සම්ප්‍රදාය.ඇත්තටම මැවුම්කාරියක්. මැවිල්ල ඉපදී වැඩී මියයන හා යලි උපදින පුරුශත්වයයි. එය නිශ්ක්‍රියයි. සක්‍රිය ,කතෘකාරක ස්ත්‍රීත්වය විසින් එය ගිලගනු ලබනවා. එක්තරා කලෙක ලොව පුරාම මානවයන් සිටියෙ මේ සම්ප්‍රදායෙ. එය තමා වැඩිම කාලයක් මිනිසා ජීවත්වූ සම්ප්‍රදාය.



      මැවුම්කරු මැවිල්ල හා සංයුක්ත වෙමින් ටා ඕ හා බ්‍රහ්මන් වැනි සංකල්ප බිහිවුනා.

      මැවුම්කරු මැවිල්ලේ ප්‍රථිඵලයක් කියන්නෙ කර්මය වැනි බලවේග විජයග්‍රහනය කල යුගය. මෙහි පුද්ගල දෙවියන් පවා සර්ව ව්‍යාපී බලවේග වල ප්‍රතිපල
      වියුක්ත මැවුම්කරු කියන්නෙ යුදෙව්, ඉස්ලාම් හා යෙහෝවාගෙ සාක්ෂිකාරයන් දෙසන දේ.


      යුරෝපයෙ සිදුවීම මේ චින්තන සම්ප්‍රදායවල් අනුව විග්‍රහ කරන්න බෑ

      Delete
    2. යුදෙව් ක්‍රිස්තියානි චින්තනය? මේ මොකක්ද ? මම දන්නා විධිහට යුරෝපයේ කසාද නොයෙකුත් ක්‍රම වලට කෙරෙනවා. එංගලන්තයේ කථිලොඉක ආගම දෙවැනි තැන තියෙන්නේ. (ක්‍රිස්තියානු ආගම් වලින්) එනිසා විවාහ සිරිත් ඇන්ග්ලිකන් ක්‍රමයට. ජර්මනියේ ප්රෝටෙස්ටන්ට්. ඔබ මෙහි බැලුවොත් ආගමික විවාහ කෙමෙන් අඩුවෙනවා පෙනෙයි.
      http://webarchive.nationalarchives.gov.uk/20160105160709/http://www.ons.gov.uk/ons/rel/vsob1/marriages-in-england-and-wales--provisional-/2011/sty-marriages.html

      Delete
    3. යුදෙව් ක්‍රිස්තියානි විවාහ කියල එකක් නැහැ. යුදෙව් නම් යුදෙව්. ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි.

      Delete
    4. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තුල ඇති ප්‍රධාන අංගයක් වන්නේ පුද්ගලවාදයයි. සාම්ප්‍රදායික කතෝලික විවාහය පුද්ගලවාදය සමඟ ගැටෙයි.
      නූතන බටහිර සංස්කෘතියට ගැලපෙනුයේ ඉස්ලාමීය විවාහ සම්පුදාය වැනි සම්ප්‍රදායයක් වුවද ඔවුන් තවමත් වැඩවසම් කකෝලික විවාහ සම්ප්‍රදාය තුල එල්ලී සිටින බව පෙනීයයි. දික්කසාද බහුලවීම සහ ඉහත දක්වා ඇති විසිලු විවාහ සිරිත් ඇතිවීමට හේතුව මෙම නොගැලපීමයි.

      Delete