Wednesday, June 8, 2016

වහල්ලු හා රජවරු


  කාලය හරහා අතීතයට හා අනාගතයට යාම විද්‍යා ප්‍රබන්ධවලට මාතෘකාවක් වී ඇත. මෙය ප්‍රායෝගිකව කල හැකිබවට විද්‍යාඥයෝ දැන් පවසති. ඉතා සුළු වේලාවක් අනාගතයට ගිය රුසියන් නියමුවෙක් ගැනද වාර්තා වෙයි.

මෙය සත්‍ය නම් අනාගතයේ සිට කිසිවෙක් අතීතයට නාවේ මන්ද

මෙම ඡායාරූප ගනනාවක් ඇත. සමහර ඒවායේ මොබයිල් ෆෝන් ගත් අය සිටිති . තව සමහර ඒවායේ කාලයට නොගැලපෙන ඇදුම් ඇදි අය සිටිති. නමුත් ඒවා අපහැදිලිය. එහෙත් මෙම ඡායාරූපය නම් ඉතා සැක කටයුතුය.මෙම තරුනයා සැබවින්ම අනාගතයෙන් ආ කෙනෙක්ද




  සමාජ විද්‍යාවන් ස්වාභාවික විද්‍යාවන් පසුපස යන බවට මතයක් ඇත. ස්වාභාවික විද්‍යාවන්හි සිද්ධාන්ත සමාජයට ගලපා සමාජ විද්‍යා න්‍යායන් ඉදිරිපත් කරනු දැකිය හැක.
මනෝ වෛද්‍ය විද්‍යාව ස්වාභාවික විද්‍යාවකි.එහෙත් එය සමාජ විද්‍යාව පසුපස යන්නේද

කලක් වහලුන් ස්වාමීන්ගෙන් පලායාම මානසික රෝගයක් ලෙස සැලකුනි
එහෙත් අද වහල් මෙහෙය ශිෂ්ට ලෝකය පිලිකුල් කරයි.

සමලිංගිකත්වයද මානසික රෝගයක් ලෙස ඊයේ සැලකුනි.
එහෙත් අද එය විෂම ලිංගිකත්වයටත් වඩා උතුම් දෙයකි.

එලෙසම වෙනත් මනෝ ලිංගික අසාමාන්‍යතා ලෙස අද හදුන්වන දේ හෙට යහපත් දේ බවට පත්විය නොහැකිද




රුසියානු රජ පවුල


මේ රුසියාවෙ රොමොනොව් රජපවුල. අපි කලින් පෝස්ට් එකකදි රස්පුටින්ගෙ සාපයට ලක්වුනා කියල කිව්වෙ මේ අයයි.
මේ අය විප්ලවවාදීන් විසින් මරාදැමුවා.
රජපවුලෙ බල්ලවත් මැරුවලු.
බල්ල ඉතිරි කලානම් රාජාන්ඩුවාදීන් බල්ල පෙරටුකරගෙන රාජාන්ඩුව යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙරදරනවා සිකුරුයි.
රජපවුල් අහෝසි කිරීමනම් ඉතාම ප්‍රගතිශීලී දෙයක්.


ඇනා ඇන්ඩසන් යනු විප්වවාදීන්ගෙන් පනබේරාගත් ඇනස්ටාසියා කුමරියද

















Wednesday, June 1, 2016

හෙළුවැලි වෙඩින් එක හා තවත් කතා




 මේ ඡායාරූපයෙ තියන විශේෂත්වය තමයි බටහිර දියුණු ජාතීන් අනුන්ගෙ පෞද්ගලිකත්වයට මොනතරම් ගරුකරනවද කියන එක. නිරුවත් විවාහයක් වුනත් සහභාගිත්වය අවුලක් නෑ.දියුණු රටවල නිරුවත් සමාජ තියනව. නිරුවත් සමාජයක් කියන්නෙ ඒ අයට බොහොම රිලැක්ස් තැනක්. තවදුරටත් ලිංගිකත්වය කුහුලක් නොවෙයි. නිරුවත් සත්වයෙක් වුන මිනිසා ඇදුම් අදින්න පටන් ගත් දවසෙ තමා ශිෂ්ටාචාරයෙ අර්බුදය ඇතිවුනේ.













  අපරාධ මර්ධනයට කියාපු ක්‍රමය. මේව කොයිතරම් ප්‍රායෝගිකද මන්ද. කනප්පුව අහිංසකයෙක් ලග හෙම නතර වුනොත් විනාසයි. නමුත් මෙහෙම බලවේග නැතැයි පූර්ව නිගමනවලට එන්නත් බෑ

















මේ ලෝකෙ ආගම් සිය ගනනක් තියනව. දන්නවද මොකක්ද ඇත්තම ආගම කියල. ඒ තමා ශින්ටෝ ආගම. පරමානු බෝම්බෙකිනුත්  ඒ ආගමේ දේවාල විනාශවෙලා නෑ . සුනාමියෙනුත් විනාශ වෙලා නෑ. ඉතින් මේ දේවාලවල අනුහස් තියනබව පැහැදිලිනෙ. ශින්ටෝ දේවාලෙටත් වඩා ඇත්ත දේවාලෙ දොරටුව. දොරටුව සරන යන එක තමා කරන්න තියෙන්නෙ . දැක්කනෙ අනුහස්




මේ පොටෝ එක ගත්තෙ සමාන්තර විශ්වයකදි. ඒ විශ්වයෙ  බලය තියෙන්නෙ ගවයන්ගෙ අතේ. ඉතින් මිනිසුන්ව මේ වගෙ කෲර ක්‍රීඩාවල යොදවනව. ඒකට මොකුත් කියන්න බැරි ඒක ගවයන්ගෙ සංස්කෘතිකාංගයක්ලු.






මේ නම් මගෙ අනුමානයක් හරි ගිය අවස්ථාවක්. මම මේ බ්ලොග් එකේම සමහර තැනක ඉයිබීරියානු අර්ධද්වීපය ගැන අදහසක් පලකරල තිබුන ෆිනීෂියන්වරු ටියුනීසියාව හා අයිබීරියාව ජනාවාස කල බවට. මට මේ සැකය ඇතිවුනේ පෘතුගීසීන් අරාබීන්ගෙන් නිදහස් වූ හදිසියේම නාවික බලවතුන් වූ සැටියෙනුයි. නාවික නියාමක හෙන්‍රි නැව් ශිල්පය දියුනු කලා කියනවා මිස  එතනින් එහා කතාවක් නෑ.

නමුත් පෘතුගීසීන් කියන්නෙ ෆිනීෂියන් ,විසිගොත් ,වැන්ඩල් වැනි ගෝත්‍රික සම්භවයක් සහිත ජාතියක්. ඉතින් ඔවුන්ට නාවික උරුමය ලේවලම තියෙන්නැති. ආදිකාලයේ සුප්‍රකටම නාවික ජාතිය ෆිනීෂියන්වරුයි. ඊජිප්තුවේ තුර්කියේ හා ඉරාකයේ සිට මුලු ලොවම මුස්ලිමුන් පාලනය කල අවදියක ඉන්දියන් සාගරය පරංගි වැවක් වූ පසුයි යුරෝපීය ජාතීන් සෙමෙන් නැගිටින්න පටන් ගත්තෙ.ගොඩබිම මුස්ලිම්වරු න් අතේ වුවත් සමුද්‍රයෙ ඔවුන් පරාජය වුනා. මේ රහස පරංගීන්ගෙ ජානගත මුහුදු සැරීමේ දක්ෂතාවයයි



මෙතනින් කියවන්න



ප්‍රතිඵලයෙන් විද්‍යාඥයන් පුදුමයට පත්වෙලා. ඔවුන් සිතා සිටියෙ අවුරුදු 2500  ක් පරන ෆිනීශියානුවා මැද පේරදිග හෝ උතුරු අප්‍රිකානු සමානකමක්. නමුත් ඔහු වඩා සමානවී ඇත්තෙ නූතන පෘතුගීසීන්ටයි. ෆිනීශියානුවන් යුරෝපයේ දඩයක්කාර ගෝත්‍රිකයන් හා මිශ්‍රව පෘතුගීසි ජනතාව සැදෙන්න ඇති. විසිගොත් ,වන්ඩල් වැනි ජර්මානු ගෝත්‍රද ඔවුන්ට පසුව මිශ්‍රවෙන්න ඇති