Thursday, May 19, 2016

පිරමීඩයෙන් බසිමු.

From paddy fields to UAE deserts: The farmer growing rice using hydroponics
මෙහෙම වගා කරන්න නම් මම ආසයි.
වහින එක නතර  වෙලා නෑ. දැන් මිනිස්සු කුඹුරු වැඩ පටන් ගන්නයි යන්නෙ.අපේ සම්ප්‍රදායික කෘෂිකර්මය වැව මූලික වෙලා තියන එකක්.වැවත් එක්ක තියන කැලෑව  වෙල් යාය මේ හැම දෙයක්ම සුන්දරයි.  ඒත් මේ සම්ප්‍රදායික කෘෂිකර්මය කාර්යක්ෂ්ම නෑ  කියල මට හිතෙනව. වතුර හරවන ඒව  ,තව කෙනෙකුගෙ නියරක් උඩින් වාහන ගන්න ඒව ටිකක් අවුල්. කලකට පෙර කඩු එහෙම අරගෙන මහ රෑ වතුර හරවන්න යන සීන් එහෙමත් තියෙනව. ගමේ බහුතරය නෑයො වුනත් ඉතාම  කලාතුරකින් ගුටිකෙලිත් නොයනවාම නෙමෙයි.හොරෙන් වතුර අරින අයත් ඉන්නව ඒකට කියනව උම යනව කියල .කක්කුටු උමයක් කියන්න හීනෙ සැරේ නාරාසනය අනින අයත් ඉන්නව. සේරටම මුල බහුතරයකට සුලුප්‍රමාන විලික් කුඹුරු හිමිවීම.අපට නම් වැවේ ඉදන් තාර පාර වෙනකම් කුඹුරු තියෙන නිසා ගෑටුමකින් තොරව අපේම කුඹුරකින් තව කුඹුරකට වතුර ගන්න පුලුවන්.අවස්ථා දෙකකදි හැර. 

චීනය වාගෙ රටවල කුඹුරු අපේ වගෙ කනටි නෙවෙයිලු. අක්කර කාලක් විතර කුඹුරක ප්‍රමානය. වගාලිදක් මැද කපල ජලය ගන්නව. මේ ක්‍රමය ඉතාම කාර්යක්ෂ්මයි. තව ගැටළුවක් තමා  කුඹුරු පුරන් වීම. ඒ වගේම රැකියා සදහා ගමෙන් පිටවෙන තරුන පරපුර.ඔවුන්  මඩ ගාගන්න කැමති නෑ.ඇත්තටම අපේ ගමෙත් ඊලග පරම්පරාව හැටියට කුඹුරට බහින්න කිසිම කෙනෙක් නැති තරම්. වෙනත් ගම්වල තත්වයත් මේකම තමයි. ඉතින් මේ පුරන් වෙන කුඹුරු සමාගමකට දීල හෝ කිසියම් සමූපකාර අත්තමකින් කරන්න බැරිද. ඒ වගේම කුඹුරු වල වෙනත් බෝග වගා කිරීම සහ හැකිනම් අභ්‍යන්තර ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරල සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න බැරිද.අපේ ගොවියොත් පෝර දානව මිස පස හදන්න කිසිම උත්සාහයක් ගන්නෙත් නෑ. 

අනාගතයෙ මට හිතෙනව පස් නොමැතිව කරන වගා ක්‍රමත් ඇති වෙයි.දෙමුහුන් ක්‍රම සහ මතභේදයට තුඩු දෙනෙ දෙයක් වුනත් ජාන ඉංජිනේරු විද්‍යාවත් යොදාගෙන ලොකු දෙයක් කරන්න පුලුවන්. අස්වැන්න අඩු වුනත් කමක් නෑ ජලය එතරම් අවශ්‍ය නොවන ලෙඩරෝගවලට ප්‍රතිරෝධී වී වර්ග දියුණු කරන්නයි වැඩි අවධානය යොමු විය යුත්තෙ. අපේ පරන වී වර්ග වල ගොයම් ගස ඉතා ශක්තිමත් කියල අහල තියනව. අස්වැන්න වැඩි ක්‍රම ගැන පමනක් අවධානය යොමු කල නිසා දුර්වල ලෙඩරෝග වලට සංවේදී එම නිසාම විශාල වශයෙන් තෙල් පෝර අවශ්‍ය බහුජාතික සමාගම්වලට වාසි පරිසරයට හා සෞඛ්‍යයට අවාසි  වී ගොවිතැනක් අපට ලැබිල තියනව.

පස් නොමැතිව වී වගා කරන අවස්ථාවක්

වී ගොවිතැන මත තමයි පරන ගම් ස්වයංපෝෂිත වුනේ. නමුත් අනුරාධපුර යුගයෙ පවා මධ්‍යගත වාරික්‍රම නිසා නිළධාරී පැලන්තියකුත් සිටි නිසා පරමාදර්ශීව මේ ස්වයංපෝෂිත ගම තිබුනෙ නෑ. ඒ වගේම කුල ක්‍රමය වගෙ දේවල් නිසා ගම තුලත් සමානාත්මතාව තිබුනෙ නෑ . කුල ක්‍රමයත් පිරමිඩාකාර  අගතියක්. මහා සමාජයක් බවට කුඩා ඒකකය ප්‍රසාරනය වෙන විට ඇතිවුන දෙයක්.


හැම දෙයක්ම එන්න එන්නම පුංචි වෙනව කියන එක මම කවදත් කියන කතාවනෙ. මහා සමාජයක් ලෙස සිදුවුන ප්‍රසාරනයෙදි රජවරු ,සිටුවරු පමනක් නෙවෙයි මහා පරිමාන යෝධ සංවර්ධන ව්‍යාපාරත් බිහිවුනා. නමුත් මේ සියල්ල ඉතාම අසාර්ථකයි. නමුත් සිදුවීම් සිදුවන විට උඩුගම්බලා පීනන්න බෑ. 

විශ්වයේ සියළු චලිතයන් නියමයන් හතරකට අනුව ක්‍රියා කරන බව පේනව. ඒ තමා  සංයෝජනය ,ප්‍රසාරනය , උච්ඡාවස්ථාව සහ සංකෝචනය .මීට වෙනස් පැහැදිලිකිරීමක් අහල තියන අයත් ඇති. එනම් ගැටුම තුලින් ඉස්සරහට යනව කියන එක.නමුත් විශ්වයෙ චලිත වල තියෙන්නෙ ගැටුමක් නොවෙයි සංයෝජනයක් බව සියුම්ව බැලුවම පේනව. 

සමාජයක් ගත්තහමත් ඉහත නියාමයන්ට අනුව ප්‍රසාරනය වෙලා දැන් තියෙන්නෙ යලි සංකෝචනය වන අවස්ථාව. අපි වගේම මිනිහෙකුට රජා කියල ඌට දුම් අල්ලල උගෙ පවුල ජාතික ආදායමෙන් නඩත්තු කරන පිංබතාල කරන ක්‍රම දේශපාලනිකව අහෝසි වුනත් ඒ වෙනුවට ආදේශ මතුවීමයි වුනේ. ඒක විසදුමක් නෙවෙයි.

ඉදිරියෙදි වඩා ස්වයංපෝශිත කුඩා ඒකක ලොව හැමතැනම බිහිවෙනව. සිරස් පිරමිඩාකාර ව්‍යුහ වෙනුවට තිරස් සමාන්තරාශ්යන් ගොඩ නැගෙනව. ඉදිරියෙදි මහා කම්හල් නැතිවෙයි. ඒ වෙනුවට ත්‍රිමාන මුද්‍රනය වගෙ ක්‍රම වලින් භාන්ඩ නිශ්පාදනය කරගන්න හැකියාවක් එයි.

හැකිතාක් රැකියා උත්පාදනය, නිළධාරී පැලැන්තිය මේ හැම දෙයක්ම අයිති අතීතයට. අනාගතය කියන්නෙ නව දැනුම සොයායාම. ඒ වගේම වඩාම වැදගත් වෙන්නෙ ස්වයංපෝෂී වීම. බදු අඩුවෙන් අයකරන සුබ සාධනයත් අවම නමුත් ස්වයංපෝෂිත වෙන්න උදව් කරන එක තමා පරමාදර්ශී ක්‍රමය. එහිදී ලොක්කො කියල පිරිසක් නෑ. අපේ ගම් බලන්න. ගමේ හැම එකාම එකාට එකා අදුරනව.ලොක්කො නෑ. සමානාත්මතාව තියනව. ඒ කියන්නෙ ගම්වල තියෙන්නෙ සාපේක්ෂව පිරමිඩය නොවෙයි සමාන්තරාශ්‍රය.මේ වගෙ කුඩා ඒකක හැකිතරම් ස්වයංපෝශිත කරල බලය බෙදන එකයි වෙන්න ඕන.

උඩ ඉදන් පහලට බලය ගලා යන පක්ශය කියන ව්‍යුහයත් අහෝසිවෙලා සමාන මිනිසුන්ගේ සම්මේලනයක් බවට දේශපාලනය පත් වෙයි.ඔටුන්න සහ බිම් මට්ටම වෙනුවට තීරන ගත හැකි ජන සභාවන් වගෙ මූලික ඒකක සංවර්ධනය වෙයි.

මේ සදහා දැනුමෙන් සන්නද්ධ සමාජයක් අවශ්‍යයි. කලාකරුවො විද්වත්තු මාධ්‍ය මගින් මනස සකස් කිරීමට යටත් ඇබිත්තයො තමා පිරමිඩාකාර සමාජයෙ ඉන්නෙ. නමුත් ආර්ථිකව පමනක් නොව  දැනුමෙනුත් ස්වයංපෝශී ජනතාවකට ඒ  සමාන්තරාශ්‍රය ගොඩනගන්න පුළුවන්. එය අනාගතයෙදි ගොඩ නැගේවි.

8 comments:

  1. //එය අනාගතයෙදි ගොඩ නැගේවි.//

    කවද්ද ??

    ReplyDelete
    Replies
    1. නුදුරු අනාගතයේදී සිදුවේවි.

      Delete
  2. ////ඒ වගේම රැකියා සදහා ගමෙන් පිටවෙන තරුන පරපුර.ඔවුන් මඩ ගාගන්න කැමති නෑ.ඇත්තටම අපේ ගමෙත් ඊලග පරම්පරාව හැටියට කුඹුරට බහින්න කිසිම කෙනෙක් නැති තරම්.////////

    ම.මතධාරියා........ස්ටඩීස් ඉවරවුනාට පස්සේ ඕගොල්ලන්ගෙ කුඹුරු ඔයා කරන්න බාර ගන්නවද..නැත්නම් කොළඹම නවතිනවද? අපිනම් කුඹුරු විකුනලා දැම්මා...අපේ මාමලා ගොඩකරා. පොඩි මාමාලා මීහරක්ට ස්විමින්ග් පූල් එකක් දාලා දුන්නා. දැන් ඒවගේ ලගින්නේ මීහරක්. විහිලු නෙමේ. ඔය ගොල්ලන්ගේ කුඹුරුවලටත් එහෙම වෙයි ඔයාවත් ගිහින් කුඹුරු කරේ නැත්නම්.

    ReplyDelete
    Replies
    1. මටත් කුඹුරු වැඩ කියන්නෙ පට්ට අමාරු කෝස් එක. කුලීකාරයන් දමල කරන්නයි ඉන්නෙ. අදේට දෙන්නත් පුලුවන්. නමුත් ඉල්ලන්නෙ දෙකෙන් පන්ගුව හෝ හතරෙන් තුන. කොටසක් අදේට දෙන්නත් ඉඩ තියනවා.

      පර්ල් එස් බක් ගෙ කතාවල දෙබසක් තිබුන ඉඩම් කියන්නෙ මිනිසාගෙ ලේ සහ මස් කියල. ඒවගෙ තමා ඇත්තටම ඉඩම් සහ කුඹුරු විකුනන එක ගැනනම් අපි හිතන්නෙවත් නෑ.
      අනාගත කාලගුන විපර්යාස දිහා බලනකොට නාගරික ජීවිතයට වඩා ගමේ ජීවිතය තමා හරියන්නෙ. ඒ වගේම ආහාර අතින් ස්වයංපෝෂිත වීමත් අනාගතයට ප්‍රයෝජනවත් වෙයි.

      Delete
  3. ////අනාගතයෙ මට හිතෙනව පස් නොමැතිව කරන වගා ක්‍රමත් ඇති වෙයි./////

    ම.මතධාරියා....දැනටත් ඔය හයිඩ්‍රොපොනික් කියලා ක්‍රමයක් තියෙනවා නේද පස් නැතුව වගාකරන. ඒ ක්‍රමය ගැන යමක් දන්නවා නම්, එය සාර්ථක ක්‍රමයක්ද?

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැන ලින්ක් දෙකතුනක් දාන්නත් හිතල නිකම් සිටිය. මම නම් මේ වගෙ නව ක්‍රම වලින් හරිම කැමතියි. මේක ඉතාම වියදම් අධිකයි. වියදම් ප්‍රශ්නය හැරුනම් අනික් හැම අතින්ම සාර්ථකයි. කෘමි හානිත් නෑනෙ. හරිම පිරිසිදුයි.

      සූර්ය බලශක්තියටත් ඔය ප්‍රශ්නෙනෙ. නමුත් සන්නිවේදනයෙ කාලයත් සමග ලාභ වුනා වගෙ මේවත් ලාභ වෙයි.

      Delete
  4. තරුණ පරපුර මඩ ගා ගන්න අකමැතියි කියන්නෙ බොරු.නිකමට බලන්න කන්ස්ත්‍රක්ශන් සයිට් වල කොල්ලො මඩ කනවා.එකම වෙනස ඒකෙ ශුවර් එකටම අතට ගානක් හම්බෙනවා.කුඹුරු කියන්නෙ සූදුවක්.ලොකු හාල් මෝල් කාරයො වී මිළ තීරණය කරන්නෙ.රජය තෙල් වෙලෙන්දටයි හාල් වෙලෙන්දටයි බයයි.ඒ අස්සෙ කාලගුණ සාධක.ඔය ඔක්කොම අස්සෙ පුළුවන් තරම් ගොවියව අධයිර්යයට පත් කරනවා.ඉතින් මොකාද කුඹුරකට බහින්නෙ?
    අනික ආර්ථිකේ බාර ඇමතියා රටින් හාල් ගේන එක වවනවාට වඩා හොඳයි කිව්වම ඒ රිස්ක් එක ගන්න කැමති නෑ මිනිස්සු.මොනව උනත් පිටින් ගෙන්නල දෙනව නම් මිනිස්සු බඩගින්නෙන් කොන්ට්‍රෝල් කර ගන්න පුළුවන්.ඒකට මේ පොඩියට හරි එක එකා වවන එක නවතින්න ඕනෙ.දැනට ඒක වෙමින් යන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ පොෂ් මඩනෙ. ලොකු සැලරි එකක් එක්කනෙ. එහෙම මඩ ගාගත්තට තමන් රජකමටත් සුදුසු බව උන් දන්නවනෙ. ගොවි තරුනය මඩ ගාගන්නෙ මේ මොකුත් නැතිවනෙ.
      කුඹුරු කරන්න බෑ. සහනාධාර නැත්නම් තියෙන්නෙ ශුද්ධ පාඩුවක්. පොඩි පොඩි කුඹුරු කෑලි නිසා නිසි කලමනාකරනයක් කරන්නත් බෑ.

      Delete