Saturday, May 28, 2016

රස්පුටින්ගේ ලිංගය හා තවත් කතා










මේ ගෑනු ළමය උනන්දුවෙන් බලන් ඉන්නෙ මොකක් දිහාද දන්නවද . මේ තමා රස්පුටින්ගෙ පුරුෂ ලිංගය. රස්පුටින් විශාල පුරුෂ ලිංගයකට හිමිකම් කීවෙක්.මේ බහා තිබෙන අවයවය තරම් සැප වින්ද අවයවයක් මේ ලෝකෙ තවත් නැති තරම් . ඔහු ජීවත් වූ යුගයේ සිටි  රුසියන් රූමතියන් හැම කෙනෙක්ම වගෙ රස වින්දා.රජ පවුලත් ඔහුගෙන් බේරුනේ නෑ. ස්ත්‍රී සැප විදීමෙන් අගතැන්පත් වූ රස්පුටින් මුළු රුසියානු සමාජයම බියපත් කරගෙන සිටියෙ. රස්පුටින් මියගියෙ රජපවුලෙ කුමන්ත්‍රනයකින්. රස්පුටින් මරන්න කිසිම කෙනෙකුට බැරි වුනා. සාමාන්‍ය මිනිහෙක් මරන විදියට රස්පුටින් මරන්න බෑ. එහෙත් වෙඩි පහරවල් ගනනාවක් තබා විශාල  වශයෙන් රසදිය ශරීර ගත කර ඔහුව මරා දැමීමට රජ කුමරෙක් සමත් වුනා. ඒත් රස්පුටින් ශාප කලා රුසියන් රජපවුල අතුගෑවී යන ලෙස. රස්පුටින් මියගොස් සුළුකලකින් 1917 දි එය සැබෑ වුනා.



මෙන්න රැකියා අවස්ථාවක් යුෂ්මතුන්ට. යුෂ්මතා කියන එකේ උත්තම පුරුෂ පදය අෂ්මතා කියල මම අහල තියනව. 

කෑමත් ඇදුනුත් දෙනවලු. මරේ මරු නේද
ආ තව අලුත්ම මිනිහෙක් කරනවලු

අපේ ගෙවල් දොරවල් වගේම ලංකාවත් ආරක්ෂා කරගෙන මහරැජිනගෙ ආන්ඩුවට සේවය කරන්න ඔන්න යුෂ්මතුන්ට අවස්ථාව.
මේ චාන්ස් එක නැතිකරගන්න එපා




බුදු හාමුදුරුවො දැක්කා වාගෙයි පින්බර සුවාමිනේ

මේක  දැකල හිනායනව තමා. නමුත් හිනාව පොඩ්ඩකට නතර කරගෙන මුන් වහන්සෙගෙ දර්ශනය ගැන පොඩ්ඩක් බලමුද

ඇත්තටම මේ නම් රැඩිකල් ස්වාමීන් වහන්සෙ නමක්.
සමහරු මුන් වහන්සෙට කැමති නෑ. මම නම් කැමතියි.
ඇත්තටම බුදුහාමුදුරුවොත් මේ වාගෙ තමා.
බුදුන් වෘක්ෂමූලික වුනේ නෑ ජේතවනාරාමය වගෙ සුඵෝඛභෝගී ආරාමවල සිටියෙ.
නමුත් ඇලුනෙ නෑ. 
අපේ හුග දෙනෙක් වරද්දග්න තියන දෙයක් 
බෞද්ධ කියල කියනව ජෛන සම්ප්‍රදායට.

නිර්වානය කියන්නෙ මොකක්ද 

නිර් + වාන ( තන්හාව නැති )

තන්හාව ඇතිකරන්නෙ මොනවයින්ද 
උපාදාන වලින්
මේ උපාදාන සිතිවිලි වලින් බැදෙනවා.
සිතිවිලිවලින් සිත ශූන්‍ය වුනාම සිත නිදහස්.
මුන් වහන්සෙ කියන්නෙ මේ සරල සත්‍ය.




මේ තමා අපේ සාඩම්බර මාධ්‍ය සම්ප්‍රදාය.
මෙන්න මේ විදියටයි අපේ ඔළු හෝදල බ්‍රේන් වොෂ් කරන්නෙ.
අපි සිතිය යුතු ආකාරය අපි දකින්න ඕන ආකාරය නිර්දේශකරන මාධ්‍ය මාෆියාව ක්‍රියා කරන්නෙ මෙහෙමයි
 ගිලෙන්න ගිය මාළුවෙක් බේරගන්න සර්පය කරන කැපකිරීමට මාධ්‍ය ආවරනය දෙන්නම ඕන.
මේ සංවේදී මොහොත ආවරනය කරන්න අපේ මාධ්‍ය කන්ඩායම සිද්දිය වූ ස්ථානයට ලගා වෙමින් සිටිනවා.
ඔවු ඔබ සම්බන්ධ කරගන්නවා ආයුබෝවන්



A 15th century depiction of Scota’s voyage from Egypt.

ඊජිප්තුවත් අයර්ලන්තයත් තියෙන්නෙ බොහෝ ඈතින්.
පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හෙළිවෙලා තියනව ඊජිප්තුව හා අයර්ලන්තය අතර සම්බන්ධකම් තිබුන බව.
දකුනු ඇමරිකාවෙත් මිසර පිරමීඩවලට සමාන පිරමීඩ තියනව. අයර්ලන්තෙට ආවනම් ලොව වටාම යන්න ඇති
මෙව වෙන්නෙ කෙල්ටික්වරු බ්‍රිතාන්‍යයට හා අයර්ලන්තයට එන්න ඉස්සර.
මීට අවුරුදු 3800 කට 4000 කට ඉස්සර. 

වැඩි විස්තර ඕන නම් මෙතනින්

28 comments:

  1. රස්පුටින්ගෙ අහවල් එක ගැන - දැනන් හිටියේ නෑ ඔහොම කතාවක්. බෙදා ගත්තට ස්තූතියි

    යුෂ්මතුන් ගැන - දුප්පත් යුෂ්මතුන් යුධ හමුදාවට බැඳෙන්නම ඕන. නැත්තම් රට වෙනුවෙන්, ඒ කිව්වේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මැරෙන්නෙ කව්ද? අපිද?

    රැඩිකල් ස්වාමීන් වහන්සේ ගැන - එතුමා රහත්ද කියා එතුමාවත් දනී ද කියා මා නොදනිමි. නමුත් එතුමාගේ රහත් භාවය ප්‍රශ්න කරන්න තරම් skeptical අපේ අය මීට අවුරුදු දහස් ගාණකට කලින් හිටියාය කියන රහතන්වහන්සේලාගේ රහත් භාවය ප්‍රශ්න කරන්න තරම් skeptical නැති වීම පුදුමයක්මය.

    මාධ්‍යය සම්ප්‍රදාය ගැන - මේක ගැන නම් කියල වැඩක් නැහැ. අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන්න, අඩුම ගානේ එහෙම එකක් නැහැ. පහුගිය දවස් ටිකේ ගංවතුර ආධාර බෙදන ගමන් ඒ අසරණ විපතට පත් මිනිස්සුන්ට කියලා තමාගේ මාධ්‍ය ආයතනය ප්‍රමෝට් කරගත්ත හැටි වස කැතයි.

    ඊජිප්තුව හා අයර්ලන්තය ගැන - දැනගෙන හිටියේ නෑ. කියවලා බලන්නම්. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සියල්ලටම එකඟයි . ස්තුතියි

      Delete
  2. විශාල වශයෙන් රසදිය ශරීර ගත කර ඔහුව මරා දැමීමට රජ කුමරෙක් සමත් වුනා.///// ඔහුට දුන්නේ ආසනික් අඩංගු කේක්, ආසනික් සහ ග්ලුකෝස් විශ ගරීරයේ පැතිරීම ප්‍රමාද කරවනවා. ඒ නිසයි ඔහු ආසනික් අඩංගු කේක් කාලා දීර්ඝ වේලාවක් පණ පිටින් හිටියේ. ඔහුට යූසුපොෆ් කුමාරයා වෙඩි පහරවල් කීපයක් තියනවා, නමුත් අවසානයේදී ඔලුවට තබපු වෙඩි පහරකින් තමයි ඔහු මිය යන්නේ

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලාට ස්තුතියි. මට මතක් වුනා . රසදිය නෙමෙයි ආසනික්. කුමාරයගෙ නමත් අමතක වෙලා තිබුනෙ. හුග ඉස්සර අහල තිබුන කතාවක්.

      Delete
    2. ආසනික් කිලෝ ගානක් එක පාර කෑවත් මැරෙන්නේ නැහැ...
      වතාවකට ශරීරෙට උරා ගන්න නිශ්චිත ප්‍රමාණය පමණයි උරා ගන්නේ...
      මනුස්සයෙක් මැරෙන්න අවශ්‍ය කරන විෂ ප්‍රමාණය ඉක්මවන දවසට ඔහු මැරෙනවා...
      ඒ නිසා තමයි ආසනික් යොදාගෙන මිනි මරද්දී දීර්ඝ කාලීනව එය ලබා දිය යුත්තේ...

      Delete
    3. විෂ කන්‍යාව නමැති සංකල්පය ගැන අහලා තියනවද? එහිදී කරන්නේ, කුඩා වයසේදීම තෝරාගත් සුරූපී දැරියකට, ඉතා සුළු මාත්‍රා වලින්, උග්‍ර විෂ වර්ග ලබාදී, පසුව ඒ මාත්‍රාව වැඩිකොට, ඇය තුළ ඒ විෂට ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිකිරීමයි. ඇය තරුණ වයසට පත්වන විට, ඇගේ සිරුරේ, උග්‍ර විෂ මට්ටමක් තිබෙනවා. තම සතුරන් සමග යහන ගතවන්නට ඇයව පොළඹවා, ඇය ලවා සපාකන්නට සැලැස්වීමෙන්, සතුරා මරණයට පත්කරනවා.

      මෙය කොතරම් ප්‍රායෝගිකද යන්න ගැටළුවක්.

      Delete
  3. මම දුවගෙන ආවා රස්පුටින්ගේ සරම ගලවපු කතාවක්ද කියල බලන්න.

    "අපේ හුග දෙනෙක් වරද්දග්න තියන දෙයක්
    බෞද්ධ කියල කියනව ජෛන සම්ප්‍රදායට". +++++
    හරියටම හරි. මගෙත් යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා බුද්ධාගම අදහනවා කියල හිතාගෙන ලස්සනට ඇඳුමක්වත් අඳින්නේ නැතුව ඉන්න. ඒගොල්ලෝ හිතන්නේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ හැමෝටම ගස් යටට ගිහිල්ල භාවනා කරන්න කියලයි.

    "මුන් වහන්සෙ කියන්නෙ මේ සරල සත්‍ය". ඇත්ත. නමුත් සරල සත්‍යයක් කියල දෙන්න ලොකු පුටු වල පත බෑවිලා කකුල් උඩට අරගෙන ගිරිය කඩාගෙන කෑගහන එකයි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. නිවන කියන සංකල්පය අධ්‍යනය කරන කොට නිවන් දකින්න බෞද්ධ වෙන්න ඕනත් නෑ කියලයි අපට අවබෝධ වෙන්නෙ.අපට තෘෂ්නාව ඇතිවෙන්නෙ අපේ සිතේ විවිධ බාහිර අරමුනු ගැන ඇතිවන සිතිවිලි නිසයි. මේ සිතිවිලි වලින් සිත ශූන්‍ය කිරීමයි නිවන. මේ සරල කාරනාව මහා සාහිත්‍යකින් සහ ව්‍යාජ ගාම්භීර දේශන වලින් වහල. මේ හාමුදුරුවො බුද්ධිමත් කෙනෙක්. මේක තේරුම් ගත්ත.
      නමුත් මේකරන ගොන් පාට් නිසා අපට හිනා යනව.
      හැබැයි අවුරුදු දහස් ගනනකට පෙර මේව අවුලක් නැතිව ඇති.

      අරවින්ද කියනව වගෙ මෙයාගෙ රහත්බව ගැන සැක අපට අවුරුදු දාස් ගානකට පෙර සිටි අයගෙ රහත්බව ගැන කිසි සැකයක් නෑනෙ.

      Delete
    2. නිවන කියන සංකල්පය අධ්‍යනය කරන කොට නිවන් දකින්න බෞද්ධ වෙන්න ඕනත් නෑ කියලයි අපට අවබෝධ වෙන්නෙ++++ absolutely correct.

      Delete
  4. An impressive 11 inches (nearly 30cm) long, and as thick as most men's wrists, the pickled pecker certainly measures up to the reports of Rasputin's raking rapier - which according to his daughter Marie (we're afraid to ask how she would know this!) was a whopping 13 inches long when pointing skywards.

    more on;
    http://www.local-life.com/st-petersburg/articles/rasputins-penis

    ReplyDelete
  5. බොහොම හොඳ තොරතුරු එකතුවක්.

    අදත් අරවගේ රස්පුටින්ලා ඉන්නවා. විශේෂයෙන් ලංකාවේ දේශපාලනයේ. නමුත් (අ)ප්‍රසිද්ධියේ.

    අර උන්නාන්සේව වඩම්මවන්න දෝලාවක් පාවිච්චි නොකරන්නේ ඇයි කියන එක මට නම් ගැටළුවක්.

    ෂඃ, අර දැන්වීම මල් හතයි අදත් හමුදාවට තරුණයන් බන්දගන්න.

    මාධ්‍ය සර්පයා ගැන පෙන්වන රූපය 1000% ක් ගැළපෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඇත්තට දෝලාවක් ගත්තෙ නැත්තෙ ඇයි දන්නෑ

      Delete
  6. රස්පුටිං ගෙ අහවල් එක ගැන කලින් අහල තිබුණෙ නෑ. හොඳ තොරතුරක්.
    රහතං වහන්සෙල, මීඩියා ගැනනං කතා කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මට හිතෙනව මේ ක්‍රමය වඩා සාර්ථක සන්නිවේදන මාධ්‍යයක් කියල.

      Delete
  7. රහතංවහන්සෙ වඩිනව දැකල චිත්තප්පිරීතිය ඕප්ලෝ උන පාර ඇන්ද නැත්තං තව ඩිංගෙන් පුටුවෙනුත් බිම.. !! ඕ යේස්…

    ReplyDelete
    Replies
    1. මුන් වහන්සෙගෙ මේ ප්‍රාතිහාර්ය දැක්කම මම ලැප් එකටත් දනගහල වදිනව.බුද්ධාලම්බන ප්‍රීතිය තමයි ඉතින්

      Delete
  8. රස්පුටින් ගේ සීන් එක අදමයි ඇහුවේ.

    සමන්තබද්‍ර ඔය ඉන්දියාවේ ඉන්න හොද සාමි වරයෙක් වගේ තැනක් හදාගන්න ගමනකයි ඔය ඉන්නේ.

    අපේ මීඩියා ගැන ඉතින් අමුතුවෙන් මොනා කියන්නද..

    ReplyDelete
    Replies
    1. මේක අතිශයෝක්තියක් නෙමෙයි බන්. සහතිකම ඇත්ත. සාක්ෂිත් තියෙන්නෙ .
      සමන්ත බද්‍ර නම් එහෙම තමයි. හැබැයි පොර දක්ෂය . වෙන කාටවත් ඔහොම සෙල්ලමක් දාන්න බැරි වුනානෙ.

      Delete
  9. සමන්තබද්‍ර හාමුදුරුවො කරන්නේ අත්හදා බැලීමක්. ඒක හරිගියොත් කාටත් හොඳයි. ඒ නිසා විවේචන නොකර බලා සිටීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අත්හදා බැලීම් කියලා දෙයක් බෞද්ධ දර්ශනයේ කොතනකවත් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වපු අරි අටඟි මග දිගේ ගොස් චතුරාර්ය සත්‍යය අවබෝධය පමණයි කලයුත්තේ. එහෙම නැතුව සුඛෝපභෝගී මාලිගා හදාගෙන සිංහාසන හදාගෙන පන්සල් ඉඩම නැවත නැවත විකුණමින් බිස්නස් කිරීම සහ ගෑණු පිරිවරාගෙන බර්ත් ඩේ පාටි දැමීම නෙවෙයි. මෝඩයන්ඒ තව තවත් කාලයක් රවට්ටා තබාගෙන පංචකාම සම්පත්තිය විඳින්න තමයි මෙයා මේ අත්හදා බැලීම කියන බයිලාව ගහන්නේ. අපි නොදන්න සමන්තභද්‍ර හෙවත් පී සිරිධම්ම

      Delete
    2. ඔය යකා කියන කතාවල ඇත්තක් තියනව. කාටවත් තර්ක කරන්න බැරි ඒකයි. රහතුන් සම්මා සම්බුදුන් ගැන අපේ හිතේ සාහිත්‍යකරුවන් විසින් ගොඩනගා ඇති ප්‍රතිරූප බිද වැටෙනව.ක්‍රි: පූ 6 සියවසේ දේවල් ආයෙ නිරූපනය කරන්න ගියාම නම් විහිලුවක්. නමුත් අපේ සමාජය ඒ විහිලුව තුල නිද්‍රාවට පත්වෙලා.

      ඇනෝ @ ඔහුට සැප විදින්න ඕන නම් ඒක අනෙක් අය කරන විදියට රහසින් කරන්න තිබුන. ඔහුට ඕන සමාජ වෙනසක් කරන්න. ඒ සිතුවිල්ල උදාරයි.

      Delete
  10. රාස්පුටින් මාර පොරක් නේ බං... ඕක ඔහොමනං අනික්වා කොහොම ඇද්ද නේද?????? 

    ReplyDelete
    Replies
    1. ඔහු පූජකයෙක්. කිසියම් රූමතියක් රසවිදින්න ඔහුට හිතුනොත් ඔහු එය කරනවමයි. ඒ කවුද කියන එක වැදගත් නෑ. ඔහු ට වශී වුනේ රජ සිටු පවුල්වල කුමරියන් බිසෝවරුන්.සාර් රජ පවුල හොල්ලගෙන හිටියෙ.
      ඔහු තව කලක් ජීවත්වුනානම් ඔහුගෙ ගුප්ත බලය ඉදිරියෙ ඇඹරෙන්න වෙන්නෙ ලෙනින් ලාටයි.

      Delete
  11. ඔයකාලෙම රුසියාවේ ඉඳලා තියෙනවා ස්කොප්සි කියලා ක්‍රිස්තියානි කල්ට් එකක්.
    https://en.wikipedia.org/wiki/Skoptsy
    මක්සිම් ගෝර්කිගේ පොත්වලත් මේ අයගැන විස්තරකරලා තියෙනවා වියයුතුයි. මක්ිසිම් ගෝර්කිගේ "ළමාවිය" හෝ "මිනිසුන් අතර" කියන පොත් දෙකෙන් එකක ඔහු නැවක වැඩකරන කාලයේ ඔය ආගමට කෙනෙක් බඳවා ගන්න හැටි විස්තරකර තිබෙනවා වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. කල්ට් බිහිවීම නරක දෙයක් නොවෙයි. මම නම් කල්ට් නෙමෙයි වෙනම අලුත් ආගම් ඇතිවෙනවටත් කැමතියි. ආගමක් කියන්නෙ මානව පරිකල්පනයේ සුන්දර පිළිබිඹුවක්. ආගමක් වෙනස් වීමෙන් සම්පූර්න චින්තන ප්‍රවාහයක්ම වෙනස් වෙනව

      Delete
  12. කුරුන්දේ සෙන්නා රස්පුටින් ගැන කාලෙකට කලියෙන් නියම ලියුමක් ලියා තිබුනා. මේ තියෙන්නේ එක.

    අපේ මාධ්‍ය ගැන නම් කතා කරලා පලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා කලකට පෙර රස්පුටින් ගැන ඉතා රසවත් හරබර ලිපියක් ලියලනේ. ඇත්තටම ඔහු අරුම පුදුම මිනිහෙක් තමයි.

      Delete