Sunday, May 22, 2016

ගංවතුරෙන් ඉගෙනගත් පාඩම්

මිනිසාටම සම්පූර්නයෙන්ම වරද පැටවිය නොහැකි ගෝලීය උනුසුම වැඩිවීම නිසා මේ මිහිතලය 2100 වන විට මිනිස් ශිෂ්ටාචාරයකට නුසුදුසු තතවයට පත්වීමේ ඉඩ වැඩිය.මිනිසා ඩයිනෝසරයන් මෙන් වදවීයාමටද ඉඩ ඇත.මේ නිසා අනාගතයේ ප්‍රමුඛ විශය බවට ආපදා කලමනාකරනය පත්වනු ඇත. රැකියා අවස්ථාද වැඩිපුර ජනනනය වනු ඇත්තේ පරිඝනක,ත්‍රිමාන මුද්‍රන,කෘතිම බුද්ධිය වැනි තාක්ශනික ක්ශේත්‍රයක නොව ආපදා කලමනාකරනයේය. සොබාවික විපත්වලින් විනාශවූ දේපල ප්‍රතිසංස්කරනයට විශාල කාලයක් ගනු ඇත.


මෙවර ඇතිවූ ගංවතුරෙන් ඉගෙනගත් පාඩම් බොහෝය. සුනාමිය සිදුවූ අවස්ථාවේ මෙන්ම මෙවරද අපේ මිනිසුන්ගේ මනුස්සකම දක්නට ලැබුනි.එය විදේශිකයන් පවා පුදුමයට පත් කරවීය. සියලුම දෙනා තමන්ට හැකි අයුරින් විපතට පත් වූවන්ට දීමට ඉදිරිපත්වූයේ කිසිම පෙලඹවීමකින් තොරවය.දුම්‍රියේ යන මගීන් තම කෑම පාර්සල් පවා දීමට දැක්වූයේ විශාල උනන්දුවකි. පසුව ටී වී චැනල් එය මනාව සම්බන්ධීකරනය කිරීමද පැසසිය යුතුය.වෙසක් උත්සවයත් ගංවතුරත් එකවිට යෙදීම නිසා දන්සැල් වලට එක් කල බඩු අවතැන්වූවන්ට යැවිය හැකි වූ නිසා පහසුවක්ද විය. 



පරිත්‍යාගය සදහා අපේ ජනයා දැක්වූ උනන්දුව ගැන තුර්කි කාන්තාවකගේ ෆේස් බුක් සටහනක් ද විය. ආධාර සදහා ද්‍රව්‍ය එකතුකිරීමට තිබූ පෝස්ලිම් අය පුදුමයට පත්කර තිබ්බුනි. අඩු ආදායම් ලබන ලාංකිකයන්ගෙන් ඇය එවන්නක් බලාපොරොත්තු වොවූ බව කියා ඇත.එයට නිදසුන් සැමතනමය .සමහර ඒවා අනුවේදනීය විය. එක්තරා වයසක යුවලක් තමන්ට තෑගි ලැබුන ඇදුම් අවතැන්වූවන්ට දීමට ගෙන ආ දසුන කාගෙත් ඇස් වලට කදුලු නංවීය.

මෙහිදී ත්‍රිවිධ හමුදාව , ජනතා විමුක්ති පෙරමුන හා ස්වෙච්ඡා කන්ඩායම් කල සේවය ප්‍රශංසනීයය. එසේම භික්ෂූන් වහන්සේලා හා මුස්ලිම්වරුන්ගේ දායකත්වය කැපී පෙනුනි. තමන්ට දානය පිලියෙලකල දායකයන් විපතට වැටුන විට දානය උයන්නට ශ්‍රමය වැය කල භික්ෂූන් වහන්සේලාගේ දසුන් ඇසට කදුලු උනන්නකි. එසේම තව්හිද් ජමාත් සංවිධානයද විශාල සේවයක් කලේය.දනක් නොව ඉන දක්වා වතුරේ භික්ෂූන් වහන්සේලා ,ස්වෙච්ඡා තරුනයන් සේවය කලහ. මාතර සිට ආ සශේන් නම් ජවිපෙ තරුනයෙක් දින ගනනාවක් එක දිගට දුශ්කර ස්ථානවල සේවය කරමින් කල සේවය අප බුකියෙන් දුටුවෙමු.බුකියේ පින්තූර දැමීමේ කිසිම වරදක් නැත. එය තවත් අය උත්තීජනයට හේතුවකි. එසේම තම ආයතන හා පක්ෂවලට අයත් නිල ඇදුම් හැදීමද වරදක් නොවේ.

මේ සියල්ල අතරේ බොර දියේ මාලුබාන පිරිසක්ද වෙති. තවුහිද් සංවිධානය මුස්ලිම්වරු පමනක් බේරූ බවට බු
කියේ ප්‍රචාරයක් යැවීය. එය අසත්‍ය බවට ප්‍රකාශකරමින් බුකියෙන්ද නැගුනේ විරෝධයකි. ජාතිවාදය ආගම්වාදය වැනි සියලු පටු භේදද ගංවතුරෙන් ගසාගෙන ගියේය. එහෙත් මුස්ලිම්වරුන් පමනක් බේරාගත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ගැන ජනතාව චෝදනා කරන වීඩියෝවක් නැරඹුවෙමි. පිළිකුල්ම කාරනය නම් මොහු ඡන්දය ඉල්ලා තිබුනේ ජාතික දේශපාලන පක්ෂයකින් වන  අතර එහිදී ඔහු ආකර්ශනීය පාටැ යොදා සියලු ජනතාව ආමන්ත්‍රනය කර තිබුනේ. ඔහුට තව්හිද් ජමාඅත් සංවිධනායෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.

තම පක්ෂයේ අයට පමනක් ආධාර බෙදූ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් අවතැන් වූවන්ට පහර දී තිබූ කතාවක්ද ආරංචි විය. සිය පාක්ෂිකයන්ට පමනක් ආධාර බෙදා අවතැන් වූවන්ට සිය ආරක්ෂකයන් ලවා පහර දීම අතිශයින්ම ම්ලේච්ඡය.

හමුදාව ජවිපෙ වැනි ක්‍රියාශීලී යාන්ත්‍රනයන් මෙවනි විපතකදී විශාල වශයෙන් ප්‍රයෝජනවත්ය. තමන් දෙන ආධාර නාස්ති නොවී හොරාකෑමට ලක් නොවී අවශ්‍ය තැනටම යන බවට දායකයන්ට සහතික විය හැක්කේද මෙවැනි අයට සිය ආධාර දීමෙනි. හමුදාව ,ජවිපෙ හා ටී වී චැන
වලට බය නැතිව ආධාර දිය හැක.මෙහිදී විශාල නාස්තියක්ද සිදුවූ බව නොරහසකි. නමුත් කළමනාකරනයේ අඩුපාඩු නිසා ඉවත දැමූ කෑම කන්දක්ද විය.මේවා දැකීමෙන් ආධාර කරන්නන් අධෛර්ය වනු ඇත.

එසේම තාක්ශනයද ප්‍රයෝජනවත් විය. ෆේස්බුක් ගෲප් ,බ්ලොග් ලියන්නන් මෙහිදී විශාල දායකත්වයක් දැක්වූහ. විශේශයෙන් බුකියේ අසවල් තනට ආධාර මෙපමනක් අවශ්‍යයි, අසවල් තැන මෙපමන පිරිසක් කොටුවී සිටිනවා, අපට මෙපමන ප්‍රමානයක් කෑම සැපයිය හැකියි ආදී වශයෙන් දැන්වීම් දැකිය හැකිවිය.

ආපදාවකදී පිසූ ආහාර හා වෙනත අධාර සංවිධානාත්මකව එකතු කිරීම ,සහන සේවකයන් අතර මනා සම්බන්ධීකරනය,ඒවා නිසි පරිදි  බෙදා හැරීම ,පශ්චාත් ආපදා සහන සදහා මීට වඩා හොද ක්‍රමවේදයක් අනුගමනය කල යුතුය.

8 comments:

  1. ඔබ හරි. ආපදා කළමනා ක්ෂේත්‍රයේ බොහො රැකියා සඳහා හොඳ ඉල්ලුමක් තියෙන බව පේනවා. බොහෝ රටවල් ඒ වෙනුවෙන් ඔවුන් හොඳ වැටුප් යෝජනා කරනවා. අපේ රටේ ආපදා කළමනාකරනය පිලිබඳ තත්වය ඉතා අසතුටුදායක බව ලිපි කියවීමේදි වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. තවත් අවුරුදු 50 කින් පමන පසු ප්‍රධානම විශය ආපදා කලමනාකරනය වේවි. මිනිස්සු ලොකු ගෙවල් යාන වාහන ගැන තියන ආශාව අඩුකරාවි. සොබාවික විපත්වලට ඔරොත්තු දෙන ඉදිකිරීම් හා ප්‍රවාහන මාධ්‍ය ගැන අවධානය යොමු වේවි.

      Delete
  2. අනිත් රටවල් ආපදා තත්වයකදි ක්‍රියාත්මක වෙන විදිහ එක්ක බලද්දී ලංකාවේ වැඩ කටයුතු වෙන්නේ බොහෝම අඩුවෙන්. මූලික පහසුකම් ටිකත් සකස ගන්නේ සෑහෙන්න අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. ක්ෂනිකව ක්‍රියාත්මක කල හැකි වැඩ පිලිවෙලක් අවශ්‍යයි.නාස්තිය වලක්වා නිසිපරිදි කලමනාකරනය කරගන්න වෙනව.

      Delete
  3. රජය සැලසුම් සහගතව වැඩ කරනවා නම් ප්‍රශ්න අඩුයි.

    ReplyDelete