Saturday, May 21, 2016

සොබාවික විපත් හෙට ලෝකයේ පුවත් මවනු ඇත


Ice in the south Artic Ocean melts in a photo taken on July 20, 2011. (Photo: NASA Goddard Space Flight Center)

කාලගුන විපර්යාසය ගැන වෙන කවරදාටත් වඩා අවධානය යොමු වී තිබේ. ඇත්තෙන්ම වෙනත් සියලුම දේ ඒ මත තීරනය වන තත්වයක් උදා වී ඇත. ආර්ථික වර්ධනය ,විද්‍යාත්මක ජයග්‍රහන හෝ දේශපාලනික කරුනු ගැන පුරෝකථන කලද කාලගුන විපර්යාස නිසා ඒ සියල්ල වෙනස් විය හැක.

උෂ්නත්වය ඉහල යාම නිසා ආක්ටික් ප්‍රදේශයේ අයිස් දියවීම අපේක්ෂා කාල් හැකි භයානකම සිදුවීමයි . මෙය භයානක වන්නේ සූර්ය තාපය කෙලින්ම නිල් ජලයට වැටෙන නිසා තව දුරත් රත්වීම පමනක් නොව මීතේන් නිධිද මුදාහැරෙන බැවිනි. හරිතාගාර වායුවක් වාන් මීතේන් නිධි විවර වීමෙන් තව දුරටත් උෂ්නත්වය වැඩිවේ

ගෝලීය උෂ්නත්වය ඉහල යාම නිසා මැදපෙරදිග ප්‍රදේශවල ජීවත් වීම කිසිලෙසකින්වත් කල නොහැකි වනු ඇත.



මෙය ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ.


මුහුදු මට්ටම අඩි කීපයකින් ඉහල යාම යනු වෙරලබඩ ප්‍රදේශවල ජනජීවිතයට තදින් බලපායි. ලෝක ආර්ථිකයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට හා ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් ජීවත් වන්නේ වෙරලබඩය. බොහෝ රටවල අගනුවරවල් ඇත්තේ වෙරලබඩ බව සිතියමක් ගත් විට පෙනේ.


එසේම ආහාර නිෂ්පාදනය පහල බසිනු ඇත.දිගු නියන් සමය මෙන්ම දරුනු සුලු සුලන් හා ගංවතුර වසර පුරාවටම කතා කරන මාතෘකා වනු ඇත.

4 comments:

  1. කඳු මුදුනේ මිනිසුන්ගේ වැඩ ගැන කඳු පල්ලමේ මිනිසුන්ට වගවීමට කාලය ඇවිත්, අරණායක නාය ඇරඹුනේ කොහොමද කියා ඩිසැස්ටර් ලොක්කා යන්තමින් කීවා හැරෙන්න වෙන මුකුත් නෑ, කවුරු හරි ඒ ගැන සොයා බලා තැටිය රත්වෙලා තියෙද්දීම රිපොට්කලේ නැතිනම් ඒක තවත් එක ලොස්ට් අපටුයුනිටි එකක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කදුකරයේ ගෙවල් හදාගෙන සිටින පිරිස පමනයි අද විපත්වලට මුහුන දෙන්නෙ .ඉදිරියෙදි මීට වඩා දරුණු සුළුකුනාටු හා මහා ජල ගැලීම් සිදුවෙන්න ඉඩ තියෙනව. එතකොට කාටවත් වගවෙන්න වෙන්නෙ නෑ. හැමෝම වින්දිතයන් වේවි.

      Delete
  2. මේ සියල්ල අස්සේ ලෝක බලවතුන් සිය යුධ ශක්තිය එකිනෙකාට පෙන්වන බල අරගලයේ යහමින් යෙදී සිටිති.
    සමස්ථ මිනිස් ප්‍රජාවම අද හැලිය යට ගින්දර ඇති බව නොදැන නටක කකුළුවන් වැනිය !
    අවශේෂ මිනිසුන් වූ අප කුමක් කරන්නද?
    ඇත්තෙන්ම අප වැනියන්ට කළ හැකි දෙයක් නැතිද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ 2100 වෙනකොට මේ මිහිතලය මිනිස් වර්ගයාට ජීවත්වීමට නුසුදුසු තත්වයට පත් වේවි. ගෝලීය උෂ්නත්වය මේ විදියට ඉහල යන්න ගියොත් තව දශක කීපයකට වඩා මිනිස් ශිෂ්ටාචාරය පවතින් එකක් නෑ.

      Delete