Wednesday, May 18, 2016

කෝච්චියක් ගිය දුර.

අද ට්‍රේන් එක ආවෙ බරකරත්තයක් වගෙ. කලින් එක්ස්ප්‍රස් එකට ත්‍රීවීල් එකක් බෝලවත්තෙදි අහුවෙලා මීටර් පන්සීයක් විතර ඇදීගෙන ගියාලු. පසුගිය කාලෙ ඉන්දියාවෙන්  ගෙන්වපු ට්‍රේන් සවිශක්තියෙනුත් දුර්වලයි.එක්ස්ප්‍රස් එකත් කොච්චිකඩේට දාල ගාට ගාට ඇවිත් යන්තම් දහයට කලින් ඔෆිස් ආව.

එක එක කතා පැතිරෙනව. ගේට් එක වහල තියනකොට ත්‍රීවීල් එක දැම්මලු කියනව තව සමහරු කියනව රේල් ගේට් එක වහල තිබුනෙ නෑ කියල. අපි දන්නෙ නෑ මොනව වුනාද කියල.

නමුත් අපේ රටේ රියදුරන් වගේම මගීනුත් විනය කියන එකනම් අහලවත් නෑ. රියදුරන් නම් පාරෙදි හැසිරෙන්නෙ දාමරිකයන් වගේ.බොහෝ අනතුරු වලට හේතුව රියදුරන්ගෙ වැරදි.

වෙලාවකට හිතෙනව අපේ මේ දුර්වලකමට හේතුව සම්පත් අඩුකමද කියල. අපි ට්‍රේන් එකට පොරකකකා නගිනව .විදේශිකයොත් මේක දකිනව හරිම අසෝබනයි. නමුත් දුර ගමනක් හිටගෙන යන්න බැරි නිසා මමත් ඇතුලුව වැඩි දෙනෙක් ඉක්මනට නැගල සීට් එකක් අල්ලගන්න පොරකනව.

අපේ දුම් රිය සේවය මීට වඩා දියුනු කරනවනම් හොදයි. හැම ස්ටේෂන් එකකටම ආරක්ෂිත රථගාලක් හදල පිරිසිදු වට කෑම ගන්න පුලුවන් තැන් හදල හොදට දියුණු කරන්න පුලුවන්. ඒ වගේම සියළු ප්‍රධාන නගර සම්බන්ධ වන  දුම් රිය පද්ධතියක් හදල කෙටි ගමන්වලට බස් දානවනම් මිනිසුන්ගෙ ගමනාගමන ප්‍රශ්න විසදෙනව.ලංකාවට එන විදේශිකයො ඡායාරූප ගන්නෙ සියවසක් අතීතයට ගිහින් පොටෝ ගන්නව වගෙ. තාම එහෙමමනෙ.

 ඇත්තට ඉස්සර මුලින්ම ට්‍රේන් එක ආපු දවස්වල හිටපු අපේ මුතුන්මිත්තන්ට  මේක මහා විශ්මයක් වෙන්න ඇති. ඇත්තෙන්ම එදා රටපුරා දුම් රිය මාර්ග හදපු එක ගැනනම් ඉංග්‍රීසීන්ට කෘතඥ විය යුතුයි. මා නම් සිතන්නෙ මෙය අපි ඉංග්‍රීසීන්ට කෘතඥ විය යුතු දෙවන හේතුව කියල. පලමු එක රාජාන්ඩුව  අහෝසි කිරීම.

ඉස්සරකාලෙ ගැන අතීතකාමයෙන් මත්වන අය අප අතර ඉන්නව.අපේ වැඩිහිටියන්ට නම් ඉස්සර කාලෙ කියන්නෙ සෞභාග්‍යවත් සුරපුරයක්.

ඉස්සර කාලෙ අද වගේ නෙමෙයි හරි හොදයි කියල අපේ වැඩිහිටියො කියනව. එන්න එන්න නරක අතට හැරෙනවලු. හරි කියමු සුද්දගෙ කාලෙ අදට වඩා හොදයි කියල. සුද්ද සිරා පොර. පාරවල් හදනව වැඩකෝටියයි. ඉතින් සුද්දගෙ කාලෙ හිටපු අය කියන්න ඇති. දැන් කාලෙ හොද නෑ. දැන් වගේද ඉස්සර රජ කාලෙ කියල. ඔහොම ගියොත් කෙලවරක් නෑනෙ. අන්තිමට වඩාම හොද යුගය තමා ගල් යුගය.

සමහර අය කියනව පට්ට සිරා වල්ලපට්ට යුගයක් ඉස්සර තිබුන කියල. ඒකට ඒ අය නමකුත් දාල. ඒ තමා ප්‍රාග් කොමියුනිස්ට් අවධිය. ඒක හෙන වල්ලපට්ට යුගයක්ලු. පෞද්ගලික දේපොල නැහැල්ලු. නිශ්පාදනය කරන දේ සමානව බෙදා ගත්තලු. අනේ මගෙ කට.

ස්වභාවයෙන්ම සුන්දර ගුනයහපත් මනුස්සය බෙදාහදාගෙන ප්‍රාග් කොමියුනිස්ට් ජීවිතේ ගත කරගෙන දැහැමෙන් සෙමෙන් ඉන්නකොට අර සර්පය තහනම් ගෙඩි දුන්න වගෙ වැඩක් වෙලා. මොකක්ද දන්නවද පුද්ගලික දේපොල ක්‍රමය ඇතිවෙලා. ඊට පස්සෙ තමාලු පාපය බිහිවුනේ. අග්ගඥ්ඥ සූත්‍රයෙත් තියෙන්නෙ මීට බෙහෙවින් සමානකතාවක්.

ඇත්තටම පුද්ගලික දේපොල නැති යුගයක් තිබුනද.ඉස්සර කාලෙ අදට වඩා හොද නම් හුගක්ම ඉස්සර තිබුනය කියන ප්‍රාග් කොමියුනිස්ට් යුගය වල්ලපට්ට යුගයක්ම තමා. කාපට් පාරවල් නැතත් යානවාහන තියා රෝදයවත් හොයාගන තුබුනෙ නැතත් දඩයම් කරගත්ත දේ සාධාරනව බෙදාගත්ත ඒ දඩයක්කාරයො හරිම සුන්දරයි. ප්‍රශ්න මොකුත්ම නෑ.පුද්ගලික දේපොල එහෙම නෑනෙ.ප්‍රාග්  කොමියුනිස්ට් ගී ගය ගය ඉන්න ඇති නෙහ්.

මිනිස් සොභාවය ආර්ථික වූවක් පමනක්ද. මිනිසා යනු ආර්ථික වෙනස්වීම්වල් රූකඩයක්ද. ඒ අතීත සුරපුරයේ තත්වය කුමක්ද කියා මැදහත්ව සිතා බලමු.

එදා බාහුබලයෙන් අනූන ගෝත්‍රිකයා නිෂ්පාදනයේ හොදම කොටස භුක්ති වින්දහ. පිනා හාවෙක් දඩයම් කර ගත්තත් එය කදිරා දුටුවොත් කදිරාට දෙන්න සිදුවෙයි. නැත්නම් ගුටි පූජාවක් සමග දානය දීමට සිදුවන බැවිනි.  බොහෝ ලිංගික සංසර්ගයන් දූශන වන අතර ගෝත්‍රයේ ලිංගික සම්පත් දාමරිකයන් සතුය. එදා සමාජයේ තිබූ එකම සාධු යැයි සම්මත ක්‍රියාව මංකොල්ලයයි. මංකොල්ල,ස්ත්‍රී දූෂන හා මිනීමැරුම් බහුල ඒ යුගයේ ගෝත්‍රිකයෝ තිරිසන් සතුන්ගෙන් වෙන්කරගැනීම දුෂ්කරය.

සමාජය වෙනස් වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වීමෙනි. ඉතා ප්‍රාථමික යුගයේ නිෂ්පාදනය වූයේ දඩයමයි. ඵලවැල නෙලීමයි. මේ නිෂ්පාදනය සදහා දාමරිකයා විසින් අමතර ශ්‍රමය බලෙන් ගන්න ලදී. නමුත් ගොවිතැන ,සතුන් ඇති කිරීම හා ඖෂධ  ගැන දැනුම වැදගත් වන විට මේ දැනුම බලෙන්ම ගැනීම කල නොහැකි විය. එය යම් රටාවකට අනුව සිදුවිය.

බොහෝ ප්‍රාථමික සමාජවල නායකයා හා පූජකයා දෙන්නෙක් වුවත් ඇතැම් සමාජවල මේ දෙදෙනාම එක් අයෙකි. සමාජයේ සංකීර්න නිෂ්පාදන ඇතිවන විට ඒවා නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේද ගැන දැනුම ඇති අය විවිධ ස්ථානවල ස්ථානගත වූහ.

නමුත් ගෝත්‍රයේ සාමාජිකයන් අතර ධනවතුන් ,බලවතුන් ,කීර්තිමතුන් කියා පිරිසක් නොවීය. හැමෝම ආසන්න වශයෙන් සමානය. මෙය මූලික කුඩා සමාජයකි. සමාන්තරාශ්‍රයක් වැන්න.

මෙම සමාය ක්‍රම ක්‍රමයෙන් විශාල සමාජයක් විය. විශාල වන විට සමාජ සම්බන්ධතා පිරමිඩාකාර විය. ව්‍යුහය ප්‍රසාරනය වන විට ඒකකයන්ද ප්‍රසාරනය විය. ගෝත්‍රයේ තමන් දන්න හදුනන කීප දෙනෙකුට භාන්ඩයක් විකුනා ජීවත් වූ පුද්ගලයාට දැන් අති විශාල පිරිසකට තම නිෂ්පාදන අලෙවිකල හැකි අතර එහිදී විශාල ධූරාවලියක් යටතේ මෙම මහා කාර්යය සිදුකල උතුවේ. ඔහු ධනවතෙක් බවට පත් වියෙ. මෙසේ රජවරු, මහා පූජකයන්, සිටුවරු බිහිවිය.කුඩා සමාජයේ කීප දෙනෙක් සමග ගනුදෙනු කල ගායකයා මහා සමාජයේ විශාල සැප සම්පත් ලබන මහා ගාන්ධර්වයෙකි.ක්‍රීඩකයෝද එසේය.

මහා ආගමික සංස්ථා බිහිවන්නේ මේ ප්‍රසාරනය නිසාය.අද අප දකින සියලුම ව්‍යුහයන් මෙම මහා සමාජයට ගැලපෙන සේ සකස් වී ඇත.

සමාජ අසාධාරනය ගැන කතා කරන්නේ මෙම කුඩා සමාජය මහා සමාජයක් බවට ප්‍රසාරනය වීමේදී තමන් ස්ථානගත වූ ස්ථනාගතවීම් ගැන අතෘප්තියෙන් සිටින අයයි.එහෙත් ඔවුහු මෙම සිද්ධිය විද්‍යාත්මකව නොහදාරති. ධනය එක් රැස් වීමේ නරක දකින ඔවුන් බලය එක් රැස් වීමේ නරකක් නොදැක පක්ෂය නම් වූ බිහිසුනු සත්වයාගේ සෙවන යටතට එන්නේ එබැවිනි.

වර්තමානයේ ලොව පවතින බහුපක්ෂ ක්‍රමය මෙම පිරමිඩාකාර ව්‍යුහය වෙනුවෙන් සකස් වී ඇත. කොමියුනිස්ට් රටවල හා වෙනත් ඒකාධිපති රටවල තිබෙන තනිපක්ෂ ක්‍රමය නම්වූ වනචර වරත්ත නින්දිත නීච පාලන ක්‍රමය ගැන කතා කිරීමත් කාලය කා දැමීමකි.ඒ හැර සියලුම දූරාවලිද මෙම පිරමිඩාකාර ව්‍යුහය වෙනුවෙන් සකස් වී ඇත.

සමාජ දැනුම වර්දනයත් සමග මෙම පිරමිඩාකාර ව්‍යුහ යලි සමාන්තර වනු ඇතැයි මම සිතමි. දැනටත් බටහිර රටවල vertical system  වෙනුවට horizontal system ආදේශ වී ඇත. නිශ්ඵල චාරීත්‍ර , ආචාර යන් වෙනුවට  සමානාත්මතා ක්‍රමයකට හැඩ ගැසෙමින් පවතී.තාක්ෂනයද එන්න එන්නම ක්ෂුද්‍ර වේ. අනාගතයේ මහා කම්හල් මහා සංවිධාන ජාලයන් වෙනුවට තනි තනි ව්‍යුහ වර්ධනය වනු ඇත. කෘතිම බුද්ධියේ ජයග්‍රහනයත් සමග මිනිස් හැකියාවන් වලට සීමිත බවක් ලැබීමත් සමග පිරමිඩාකාර සොභාවයට ඇති ලැදියාව අඩුවනු ඇත.දැනටමත් කෙටිකාලීන පුහුණුව ලැබිය යුතු රැකියා තාක්ෂනය විසින් අබිබවන අතර ඉදිරියේදී දිගුකාලීන පුහුණුව අවශ්‍ය රැකියාද තාක්ශනය විසින් අබිබවා ප්‍රථම වරට මිනිස් සමාජයට සමානාත්මතාව ලබා දෙනු ඇත.

කෝච්චියක් ගිය දුර.

 බාබා වැන්ගා ගැන ලිපියක් අන්තර්ජාලයේ කියවීමි. මාධ්‍ය මගින් මොනතරම් අමන ලෙස මිනිසුන් අන්දනවාද බලන්න

අනාගතය කෙසේ වේදැයි අනාවැකි කීම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම සිදුවූවකි.මිනිස් සමාජයට අනාවැකි කරුවන්ගෙන් අඩුවක් නම් නොවීය.අනාවැකි කීම කලාවක් මෙන්ම විද්‍යාවක්ද විය. හරියටම හරියන අනාවැකි කී අවස්ථා නම් අතේ ඇගිලි ගනනටත් අඩුය.

අනාවැකිකරුවන් කියන අනාවැකි ගැන සාමාන්‍යයෙන් මා විමසිලිමත්ව සිටිමි. මේ වනතෙක් හරියටම හරිගිය අනාවැකි කීපයක් මගේ මතකයේ ඇත.

අනාගත ලෝකයේ පාලනය ගැන පිෂ්ටන් මහත්මිය පලකල අනාවැකිය.
සෝවියට් දේශය බිද වැටීම ගැන ජින් ඩික්සන් කී අනාවැකිය ( 1991 දී නොවේ 70 ගනන්වල )
1977 දී බලයට පත් රජය අවුරුදු 17 ක් රට පාලනය කරන බවට එක්තරා ජ්‍යොතිර්වේදියෙක් කී අනාවැකිය .( 1994 දී 1977 සුබසෙතේ පත්තර පිටුවද සමග ඔහු සම්මුඛ සාකච්ඡාවක් කල අතර මේ රජය අවුරුදු 20 ක් පවතින බව කීවේය. හරියටම හරියමින් 2014 දි බිද වැටුනි.

මට මේ ගැන ලියන්නට සිත්වුනේ බාබා වැන්ගා නම් බල්ගේරියානු අන්ධ අනාවැකිකාරිය ගේ වැරදුන අනාවැකි ගැන ලියවුන ලිපියක් කියවීමෙනි. තුන්වන ලෝක යුද්ධය 2010 දී ඇතිවන බව ඇය කීවාය. 2016 දී යුරෝපය මුස්ලිම් ආක්‍රමන එල්ල වන බවත් කීවාය. මේවා අසත්‍ය බව අප දනිමු.

අනාවැකියක් කීමේදී දෙපාර්ශ්වයක් සටන් කරන විට ඉන් එකෙක් දිනන බව කීම විහිලුවකි. සම්භාවිතාව 50 % බැවිනි.කිසිසේත්ම අනුමානකල නොහැකි දේවල් නිවැරදිව කීම නම් අවධානයට ලක් විය යුත්තකි.

පැරනි අනාවැකිකරුවෝ මාලුවකු පිට නැගී එන කතා කුරුල්ලන් පිට නැගී යන කතා ද බැහැර කල හැක. මන්ද ඒවා උපමා ලෙස ඕනෑම කෙනෙකුට ඕනෑම අතකට හැරවිය හැකි බැවිනි. නෝත්‍රඩාමුස් එවැන්නෙකි.

එඩ්ගාර් කේසි බොහෝ විට අනාවැකි කීවේ පුනරුත්පත්තිය ගැනය. අතීතය ගැන ඔප්පු කල නොහැකි කතන්දර කීම වැඩක් ඇති වැඩක් නොවේ.ඉතාම කලාතුරකින් විශ්මිත අනාවැකි කීම් දැක තිබුනත් ලොව පුරා ආන්දෝලනයට ලක් වූ මේ කතා සියල්ල මහා මාධ්‍ය මෙහෙයුම් බව කිව හැක.

ආතර් සී ක්ලාක් කී විද්‍යාත්මක අනාවැකි පවා සත්‍ය නොවූ බව මෙහිදී කිව යුතුය. ඇත්තෙන්ම වර්තමාන තාක්ශන දියුනුව දෙස බලන කල අනාගතය ගැන හිතාගන්නවත් බැරිය.ක්ලාක් මහතා 2001 දී ප්‍රථම මිනිස් ක්ලෝනය බිහිවන බව කීවේය. එසේම අභ්‍යවකාශ ජයග්‍රහන ගැනද ඔහුගේ අනාවැකි සර්ව සුබ වාදී විය.
 බ්ලොග් සහජීවනයවිද්‍යාත්මක පුරෝකථනයන් තුල පවා ඇත්තේ 50% සත්‍යතාවයකි. සෙසු අය ගැන කවර කතාද

 බ්ලොග් සහජීවනය
විපස්සනා ගැන කියන මේ මහා පුරුෂයාට සවන් දෙන්න 


 දවසේ කොමෙන්ටුව

මේ යටතේ බ්ලොග් වල හෝ බුකියේ මා හට කියවන්න ලැබුන සිත් ගත් කොමෙන්ටුව පලකරමි.



  1. මේ ජීවිත ගැන පුදුම දුකක් දැනෙන්නෙ.. ඔළුගෙඩි වලට එක එක විසබීජ දැමීමේ ප්‍රතිපල... අපරාදෙ...

     උපුටා ගැනීම : නොකීකතා බ්ලොගය


     කිව යුතු සියල්ලම එක වැකියකින්. අපූරුයි. මේක මීටත් වඩා කෙටි කර අනේ අනිච්චන් කීවනම් තව හොදයි. මේ කවි කියවල මට සිතුනෙ මෙහෙම මිනිස්සුත් මේ ඉර හද යට ඉන්න හැටි කියල.  මේ අයට දාල තියන විශබීජ අයින් කරන්න දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍යයි කියල හිතෙනව. විටෙක සිනහවත් විටෙක දුකත් විටෙක විමතියත් එකවිට ඇතිවන මේ ඊනියා විමුක්ති ගී වලින් පෙනෙන්නේ කෙනෙකුගේ මනස කපටි දේශපාලන උන්මත්තකයන්ට මොන තරම් විකාර කල හැකිද යන්නයි.


27 comments:

  1. සින්ගපූරුවෙ මෑතදි පටන් ගත්තු ට්‍රේන් ලයින්ස් වල (Circle Line, North East Line) ඩැයිවර්ල නැති ට්‍රේන් උදේ 5 සිට රෑ 12 වෙනකල් විනාඩි 4ට 5ට වරක් බැගින් දුවනවා.
    කොළඹත් එහෙම කරන්න මම හිතාගෙන ඉන්නෙ ජනාධිපති උනාම.

    ReplyDelete
    Replies
    1. පිලිගන්න බෑ . මම දන්න තරමට ලෝකෙ කොහෙවත් රියදුරන් නැති දුම් රිය නෑ. රියදුරන් රහිත වාහන සංකල්පයට මම ඉතාම කැමතියි. තවම පාරෙ දුවන කාර් එකක්වත් හරියට සංවර්ධනය කරල නෑ.පර්යේශන මට්ටමේ තියෙන්නෙ.
      ඔබ ඉතාම ඉක්මනින් හීනෙන් ජනාධිපති වේවායි පතනවා.ජනාධිපතිවරු ගැන හිත හිත ඉදල නින්දට යන්න.

      Delete
    2. ඇසින් දුටුවෙ නැතිව පිලිගන්නම බැරිනම් ඉතින් ටිකට් එකක් ඇරන් ගිහින් බලන්න.
      ඒ නැතත් මට පාන්යැ.

      Delete
    3. යකෝ මෙන්න බලහං.
      http://www.railwaygazette.com/news/urban/single-view/view/driverless-trains-delivered-to-singapore.html

      Delete
    4. නිවාඩුපාඩුව බලන්නම්. ලින්ක් එකට බොහොම ස්තුතියි

      Delete
    5. ස්වයංක්‍රීයව දුම්රියක් ධාවනය කිරීම මෝටර් රථයක් ධාවනය කරනවාට වඩා ගොඩක් පහසු කරුණක්. දැන් වසර ගණනාවක ටික රටවල් ගණනකම මෙය සිදු වෙනවා. පැරණි මාදිලියේ දුම්රියක වුනත් රියදුරකුගේ කාර්ය භාරය ඉතා සීමිතයි. ස්වයංක්‍රීය මෝටර් රථත් මේ වන විට සාර්ථකව භාවිතයට යෙදෙමින් පවතිනවා. ඇමරිකාවේනම් රථ ධාවනය හා අදාළ නීතිත් වෙනස් වෙමිනුයි පවතින්නේ.

      http://www.citylab.com/tech/2015/04/the-case-for-driverless-trains-by-the-numbers/390408/

      Delete
    6. එංගලන්තේ ඩොක්ලන්ඩ්ස් ලයිට් රේල්වේ කියන්නේත් රියදුරන් නැති කෝච්චි තමයි .

      Delete
    7. මම මේ කියන්න හැදුව විතරයි. ජර්මනියේත් තියනවා. කුඩා නගර වල දුම්රිය වල රියදුරන් නැහැ.

      Delete
    8. මැලේසියාවේ කුවාලාලම්පුර් ගුවන් තොටුපලෙත් අභ්‍යන්තර මගී ප්‍රවාහනය සඳහා ගුවන් ධාවන පථය යටින් උමගක් තුලින් දුවන ඔපරේටර් වරුන් රහිත විදුලි දුම් රිය පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා.

      Delete
    9. රියදුරන් නැති කෝච්චි ගැන දැනගත්තේ අද. ඒත් මීට කලකට පෙර පිළිගැනීමක් තිබුනා, තාක්ශනය කොච්චර දියුණුවුනත් හදිසි අවස්තාවක සිතාබලා තීරණගැනීම සම්බන්ධයෙන් මිනිස් මොලේ වඩා කාර්යක්ශමයි කියලා පිළිගත්තු. දැන් ඒක වෙනස්වෙලා ඇති. ඉස්සර බලපු රූපවාහිනි වැඩසටහනකට අනූව දියුණු තාක්ශනික රටවල විදුලි දුම්රිය රියදුරාට තියෙන්නේ ලීවරයකට අත තියාගන යන්න පමණයි. හදිසි අවශ්‍යතාවකදී හෝ රියදුරාට සිදුවන අනතුරකදී එම ලීවරයෙන් අතගත් සැනින් දුම්රිය ඉබේම නවතිනවා.එතනදී කියපු විදිහට එසේ සිදුවන්නෙතදිසි අවස්තාවලදී යන්ත්‍රවලට වඩා මිනිස් මොලය ගැන විශ්වාස කරන නිසයි.ගුවන් යානා වල ඇති "ඔටෝ පයිලට්" තාක්ශනයෙන් ගුවන්යානා ගොඩබැස්වීම කලහැකි නමුත් එසේ සිදුකරන්නේත් නියමුවන්ට එය සිදුකල නොහැකි අවස්තා වලදී පමනයි. ඒත් මිනිස් මොලය වඩා විශ්වාසයි කියන පිළිගැනීම නිසා.

      Delete
    10. දැන්නම් ස්වයංක්‍රීය මෝටර් රථ හඳුන්වා දෙන්නෙම අනතුරු සිදුවීම අඩු කරන ක්‍රමයක් ලෙසයි.

      ස්වයංක්‍රීය දුම්රිය පරම්පරා හතරක් යටතේ වර්ග කරනවා.

      1. බොහෝ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදු වුණත් රියදුරෙකු විසින් ධාවනය කරන දුම්රිය.
      2. දුම්රිය ස්වයංක්‍රීය ලෙස ධාවනය වුණත් එන්ජිම පණගැන්වීම සහ දොරවල් ඇරීම හා වැසීම රියදුරු විසින් කිරීම.
      3. දුම්රිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ලෙස ධාවනය වුණත් දොරවල් ඇරීම හා වැසීම සඳහා සහායකයෙකු සිටී.
      4. සියළු කටයුතු ස්වයංක්‍රීය ලෙස සිදුවේ.

      දැන් මේ හතරවෙනි පරම්පරාවේ යුගයයි.

      [ටික කාලෙකට පෙර මරදානේ සිට රත්මලානට ස්වයංක්‍රීය දුම්රියක් අත්හදා බැළුවා නේද? දශක කිහිපයකට පෙර කඩුගන්නාවේ සිට රඹුක්කන දක්වා එන්ජිමක් නැති දුම්රියකුත් අත්හදා බැළුවා. :) ]

      Delete
    11. ඇයි බන් යකා උබ මෙහෙම නාන්නේ.......

      Delete
    12. අරුන පෙරේරා , අජිත් ධර්ම ,නයනේ, කටුසු හදවත ,ඉකොනොමැට්ටා @
      ස්තුතියි.
      මම ඒ ගැන දැනගත්තෙ දැන්. නමුත් අද තරම් කෘතිම බුද්ධිය දියුණු නැති කාලෙ කොහොමද ස්ටාට් කිරීම හා අවශ්‍ය තැන්වල නතර කිරීම කලේ.
      දැන් තාක්ෂනය අනුවනම් අවුලක් නෑ.

      ඇනෝ .

      මම කොමෙන්ට් වලින් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය තියන කෙනෙක්. ඇත්තටම මගෙ ලිපිවලටත් වඩා සමහර කොමෙන්ට් වැදගත්. මම යම් ක්ශේත්‍රයක් ගැන කතා කරන්න පටන් ගත්තම එම ක්ශේත්‍රය ගැන මට වඩා දන්න අය මේකෙ ඉන්න බව මම දන්නව. මම සර්වඥත් නැති නිසා වෙන කෙනෙකුගෙන් ඉගෙන ගැනීම නා ගැනීමක් ලෙස මම සලකන්නෙ නෑ. මගෙ ලිපි කැපිල කෙටිල මැනිකක් වගෙ ඔපමට්ටම් වෙන්නෙ කොමෙන්ට් වලින් . කොමෙන්ට් වලින් කැපෙන්නෙ කෙටෙන්නෙ නැති මගෙ ලිපිය නිකම්ම නිකම් තිරුවානා ගලක්.

      Delete
  2. A very informative and thought provoking post!

    ReplyDelete
  3. A very informative and thought provoking post!

    ReplyDelete
  4. කෝච්චි යන දුරට සජ්ජගෙ ෆොටෝ එකක් එන්නෙ මොකද කියල මම බැලුවෙ. එකපාරක් මට වෙච්ච දේම තමයි ‍වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කෙ දැන්.රෝල බලනකොට එකපාරටම මම හිතුවෙ සජ්ජ අලුත් පෝස්ට් එකක් දාලවත්ද කියල. බලපුවම මගෙ පෝස්ට් එකමයි.. දකින කෙනා හොල්මන් වෙනවනෙ ගැලපීමක් නෑනෙ. රූපය ඉවත් කලා.

      Delete
  5. //1977 දී බලයට පත් රජය අවුරුදු 17 ක් රට පාලනය කරන බවට එක්තරා ජ්‍යොතිර්වේදියෙක් කී අනාවැකිය .( 1994 දී 1977 සුබසෙතේ පත්තර පිටුවද සමග ඔහු සම්මුඛ සාකච්ඡාවක් කල අතර මේ රජය අවුරුදු 20 ක් පවතින බව කීවේය. හරියටම හරියමින් 2014 දි බිද වැටුනි.// 1977 අනාවැකියද උපුටා දක්වමින් වසර 19.5 ක් (හෝ වසර 2.5ක් යන දෙකෙන් එකක්) එම රජය පවතින බව 1994දී පමණ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය ඇසුරෙන් යම් අයෙක් කියූ බව මටත් මතකයි. මෙය කියූ පුද්ගලයා ගැන මතකයක් හෝ අදාළ පුවත ගැන (හෝ පලවූ කාලය ගැන) වැඩිපුර මතකයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට මට මතක නෑ..
      ඇත්තටම එහෙම කියන්න පුලුවන් කියන්නෙ විශ්වයෙ සිදුවීම් කල් ඇතිව තීරනය වෙනව කියන එක. ඒක හේතුඵලවාදයට වඩා නිර්මානාත්මක ආගම්වල පූර්ව සැලසුම් සංකල්පයට ආසන්නයි.
      මම කැමතියි මේව ගැන හොයන්න සහ ඉගෙනගන්න.

      Delete
  6. @සජ්ජා ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. මේ කථාව ඇතුලේ ඔබතුමා අග්ගඥ්ඥ සූත්‍රයත් පටලවලා තියෙන නිසා පොඩි මතක් කිරීමක් කරන්නේ.
    එතැනදී ඔය සමානාත්මතා සමාජයක් තිබුනාය පස්සේ මිනිස්සුන්ගේ තන්හාව නිසා ඒක වැනසුනාය කියන කථාව කියැවෙන්නේ පැරණි බමුණු මතයට අනුව ලෝකය බිහිවුනේ මෙසේය කියා බුදු හිමියන් පැරණි බමුණු මතය ගැන කරන ප්‍රකාශයක් ලෙස මිස බුදු හිමියන්ගේ මතයක් ලෙස නොවෙයි.
    බමුණන් එදා එසේ කීවා අද මෙසේ කියනවා මේ බමුණු මත කාලෙන් කාලෙට වෙනස් වනවා යන්නයි බුදු හිමියන් එයින් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා ගැනනම් අග ඉඳන් මුලට මුල ඉඳන් අගට ප්‍රති ව්‍යහගත විය යුතු, ඔඩු දුවා පැසවා ඔජස් වැගිරෙන ඉහඳ ගැසූ වනයකි. කල යුතු දේවල් ගැන වෙනම කතිකාවතක් ඇති කල යුත්තකි.

      Delete
    2. මට ඕන වුනේ පුද්ගලික දේපොල නිසා සියලු ප්‍රශ්න ඇති වූ බවත් පුද්ගලික දෙපොල ඇතිවීමට පෙර සුරපුරයක් බවත් කියන මතයට එරෙහිවයි.
      ඔබ කියන කරුන එසේ වෙන්න පුලුවන්.

      Delete