Thursday, May 26, 2016

පින්තූර වලින් කියන දහසක් දේ







මේක ඇත්තනම් බටහිර රටවල හැම මොහොතකම පොලොව කම්පා වෙන්න එපායැ. 
අපේ අය මේකට කියන්නෙ හරක් මරන නිසා මෙහෙම වෙනව කියල. විශාල වශයෙන් හරක් මරන ඇමරිකාව වගෙ රටවල නිතරම පොලව කම්පා වෙන්න ඕන. විද්‍යාත්මකව ලෝකය දකින පරම්පරාවක් කවද පහල වෙයිද














දරුවෙක් හදන්න දෙමවුපියන් මොනතරම් මහන්සි වෙනවද 
නමුත් කෙල්ලෙක් නිසා මෙයා සිරුරට ගිනිතියාගෙන.
හරක් නිසා හාමුදුරුවරු ගිනිතියාගන්නව
කෙල්ලො නිසා හරක් ගිනිතියාගන්නව
ලෝකෙ හැටි.
ඇත්තටම කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට සිරාවට ලවු කරන එක අපේ වගෙ රටක මෝඩ කමක් කියල මම හිතන්නෙ.
මොකද අපේ තරුන තරුනියන් ඉන්නෙ වැඩිහිටියන්ගෙ අත් අඩංගුවෙ.
ඒ නිස එක් පාර්ශ්වායක් වඩිහිටියන්ට අවනත වුනහම අනෙක් පාර්ශ්වය අසරන වෙනව.
අනික තමා මිනිස්සු වෙනස් වෙන්න ගත වෙන්නෙ ටික කාලයයි. අපටකිසිම කෙනෙක් ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. 
අවුරුදු 10,15 එකට ජීවත්වුන අයත් වෙන් වෙන්නෙ.
තමන්ගෙ ජීවිතේ අල්ටිමේට් ටාගට් එක කෙල්ල කියල හිතන් උන්න තවත් එක්තරා අවාසනාවන්තයෙක්.
සිරා ලවු තියාගන්නෙ මෝඩයො. ලවු එක කියන්නෙ මායාවක්. සැබෑ ප්‍රේමවන්තයො එක්තරා මානසික රෝගීන් පිරිසක්ය කියල මම කොහෙන් හරි කියවල තියනව. මතක් වුනොත් ලින්ක් එක දාන්නම්.





අපේ රටේ පාලකයෙකුට මෙහෙම හැසිරෙන්න බෑ. පාලකයො කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කියල හිතන්න තරම් බටහිර මිනිසා බුද්ධිමත්. අපට ඉන්නෙ දෙවිවරු වගෙ පිරිසක්. අපි දුවනව ඒ අයගෙ අත් අල්ලන්න.
මේ ගැලවුම්කාර දේශපාලනය බටහිර දියුනු ලෝකයෙන් ඉවත් වෙලා











අපට දැන් රහතන් වහන්සෙලත් වැහි වැහැල. මම දැක්ක ඊයෙ කොටුවෙ කඩේක තියනව එනසාල් රහතන් වහන්සෙ කෙනෙකුගෙ පොතක් ගැනත්. දැන් එහෙනම් තුන් දෙනයි.
මේ පින්තූරෙ හම්බවුනෙ අපේ මුල්ම රහතන් වහන්සෙ මල් උඩින් වඩම කරන පින්තූරෙයක් එක්ක. රහතන් වහන්සෙල වැහි වහින්න ගියොත් රටේ මල් හිගයක් ඇතිවෙන්න පුලුවන්.
ඒ වගේම මිනිස්සු මල් කඩන්න ගියොත් මෙහෙම ගස්වල ගෙඩි නොහැදෙන්නත් පුලුවන්.
අනාගතයෙ මල් වෙලදපොල වර්ධනය වේවි. මල් පාවාඩහදන්නන් මල් විකුනන්නන් වගෙ රැකියා සුලබ වේවි.
ඉතින් මේ රැකියාවලට ලංකාවෙ මිනිස්සු ප්‍රමානවත්ද.
කොහෙත්ම නෑ කෝටි දෙකනෙ ඉන්නෙ.  රහතන් වහන්සෙල එක දිගට පහල වුනොත් උන් වහන්සෙලොගෙ පයට පෑගෙන්න දාන්න විශාල මල් ප්‍රමානයක් හා ශ්‍රමිකයන් ප්‍රමානයක් අවශ්‍ය වෙනව. කෝටි දෙකනෙ ජනගහනය . මදි මදි හොදටම මදි.
පිටරටින් සංක්‍රමනිකයො ගෙන්වනවටත් සමහරු කැමති නෑනෙ.
ඉතින් විකල්පය මේ අයට මල් විකිනීම වගෙ රැකියා ගැන පුහුනුවක් දෙන එක නේද



මේ වැඩේනම් හොදයි.දෙයක් වේ නම් එය සුදුස්සාටම ලැබිය යුතු. පූජාවට සුදුස්සෙක්. තනකොල කන්නෙ . පස්පවි කරන්නෙත් නෑනෙ.කහටක් නැතිව වදින්න පුදන්න පුලුවන් සිල්වතෙක්.









චීනයෙ සාර්ථකත්වයෙ රහස මානව හිමිකම් නැතිවීම. පොඩි ලමයි කිරි බොනකාලෙම අල්ලන් ඇවිත් අනාගත ක්‍රීඩකයො කරන්න ට්‍රේනින් කරනව. මේව වෙන රටක කරන්න පුලුවන් දේ නෙමෙයි. ලමයි දෙන්න බෑ කිව්වොත් දෙමවුපියන්ට දඩුවම්. පුහුනුවෙදි ලමයින්ට ආබාධයක් වුනත් කරන්න දෙයක් නෑ. පුහුනුවෙදි මැරුනත් අවුලක් නෑ. වගකීමක් නෑ


.







බ්ලොග් සහජීවනය

ප‍්‍රභාස්වර

ත්‍රිමාන මුද්‍රණ යන්ත‍්‍ර පිළිබඳව මා මේ කොලම හරහා මුලින්ම විස්තර කළේ 2012 මැයි 03 වැනිදාය. මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන අයිතමය, එහි නිවැරදි කිරුම් මිනුම් සංයුතිය සමග පරිගණක තිරය මත නිර්මාණය කොට, ඉන්පසු මූසිකය මගින් විධානයක් දුන් සැණින් 3ඩී මුද්‍රණ යන්ත‍්‍රයෙන් එය නිමි භාණ්ඩයක් සේ පිටතට පැමිණෙයි. සාම්ප‍්‍රදායික කර්මාන්තශාලාවක් තුළ සෑදිය නොහැකි සංකීර්ණ බඩු භාණ්ඩ රාශියක් 100%ක්ම අනර්ඝ ලෙස නිපදවීමේ අපූරු හැකියාව 3ඩී මුද්‍රණ යන්ත‍්‍රය සතුය. යම් භාණ්ඩයක් නිපදවීම සඳහා අවශ්‍ය සියලූ අමුද්‍රව්‍ය, ‘නැනෝ’ පරිමාණයෙන් 3ඩී මුද්‍රණ යන්ත‍්‍රය තුළ තැන්පත් කොට ඇත්තේ ස්තර වශයෙනි. ප‍්‍රින්ටරය ක‍්‍රියාත්මක කළ විගස අමුද්‍රව්‍ය අඩංගු කාට්රිජ් සිය කෘති‍්‍රම බුද්ධිය යොදවා ඇණැවුම් කළ භාණ්ඩය සෑදීම වහා අරඹයි. 3ඩී  පි‍්‍රන්ටර් මගින් විවිධ භාණ්ඩ නිපදවා අලෙවි කිරීම අතින් ලොව ප‍්‍රමුඛයා ලෙස සැලකෙන්නේ නෙදර්ලන්තයේ ‘ෂේප්වේ’ සමාගමයි. 3ඩී මුද්‍රණ යන්ත‍්‍රය ගෝලීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වත්මනෙහි සිදු කරමින් සිටින පෙරැුළිය ඇදහිය නොහැකි තරම් විස්මිතය. අද අප කතා කරන්නට යන්නේ ඒ ගැනය.

මෙතනින්

මෙම තාක්ෂනය නිසා කම්කරුවා යන වචනය ශබ්දකෝෂයෙන් ඉවත් වේවිද


6 comments:

  1. සුමති එකෙන් මේ මැෂින් එකක් ගෙනත් තියනවා මම පත්තරේ දැක්කා
    ReplyDelete

    Replies




    1. හරියටම දන්නවද.
      මමත් පත්තරේ දැක්ක මීට කලකට පෙර. පස්සෙ බලපුවම ඒක ටී ශර්ට් වල අකුරු මුද්‍රනයට තමා ඒ අය ත්‍රිමාන මුද්‍රනය කියන්නෙ. නමුත් 3 D printing කියන එක ලොව පුරාම භාවිතා වෙන්නෙ ඉහත කී සංකල්පයට.
      මේ තාක්ෂනය නිෂ්පාදන සංස්කෘතිය උඩු යටිකුරු කරනවා නො අනුමානයි.
      Delete
  2. අපිට ජනාධිපති කෙනෙක් මුද්‍රණය කරගන්න පුලුවන්ද මාමේ?
    ReplyDelete

    Replies




    1. එහෙමත් වෙන්න බැරි නෑ ඉස්සරහට
      Delete
  3. 3D printing ආවාම කම්කරුවෝ සුලබ වෙයි, දැන් ඔයි ජෙප්පෝ කම්කරුවෝ හොයගන්න නැතුව කොච්චර දුක් විඳිනවද, එත් 3D printing දියුනු වුනාම එයාලට පුළුවනි ඇති තරම් කම්කරුවො ප්‍රින්ට් කරගන්න.
    ReplyDelete

    Replies




    1. ඒකත් ඇත්ත තමයි. පෝස්ටර් ගහන්න බැරියර් පෙරලන්න පිකටින් කරන්න ම සුදුසු අය ප්‍රින්ට් කරගනියි.
      දේශපාලකයොත් ඡන්දදායකයො ප්‍රින්ට් කරයිද දන්නෙ නෑ
      Delete


11 comments:

  1. ලෝකෙ මුල්ම 3ඩී ප්‍රින්ටඩ් ගොඩානැගිල්ල ඩුබායි රජු පෙරේද ඕපන් කරා.

    http://www.emirates247.com/news/emirates/mohammed-inaugurates-world-s-first-3d-printed-office-in-dubai-2016-05-24-1.630882

    ReplyDelete
  2. ලින්ක් එකට ස්තුතියි. ඩුබායි රජු ඉතා ප්‍රගතිශීලී පුද්ගලයෙක් කියා මා අසා තිබෙනවා.
    පොඩි පොඩි අයිටම් ප්‍රින්ට් කරනව වගෙ නෙමෙයි ගොඩනැගිලි ප්‍රින්ට් කරන එක.ඇත්තටම මේව තමා හාස්කම්. මීට වඩා ප්‍රාතිහාර්ය මොනවද කියල හිතෙනවා.

    ReplyDelete
  3. යකා,
    මට පොඩ්ඩක් පැටලිලා උඩ කෙමෙන්ට් ඒක දාලා තියෙන්නේ
    දැන් තමයි මිටෙර් අහුඋනේ

    ReplyDelete
  4. උබ මගේ පොටෝ ඒක දාලා තියෙන්නේ
    ඉස්ස්ටුති මචෝ

    ReplyDelete
  5. පින්තූරත් මරු. පැහැදිලි කිරීමත් මරු. හැබෑ ප්‍රේමවන්තයෝ මානසික රෝගියෝද?

    ReplyDelete
  6. ශ්‍රේෂ්ට ප්‍රේමවන්තයන් යනු මානසික රෝගීන් විය හැකියි. මම මෙය ගැන කියෙව්වේ 1998 තරම් ඈත කදී. ඒ කාලෙ ඉන්ටනෙට් තිබුනෙ නෑ. නමුත් හෙල්ලන් ෆිෂර් වෛද්‍යතුමියගෙ නමත් මතක සිටියා.
    මේ මෑතකදීත් එතුමිය හෙළිදරව්වුවක් කලා. දිගුකලක් තිස්සේ පර්යේශන කල බව මට සිතෙනවා.
    ආදරයෙන් බැදුන කෙනෙකුගෙ මොලයට ඇතිවන බලපෑම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හෝ obsessive Compulsive Disorder නම් මානසික රෝගීන්ගේ මොලයේ වෙනස්කම් වලට සමානයි.
    අප ශ්‍රේෂ්ට ප්‍රේමවන්තයන් ලෙස සලකන චරිත ප්‍රතිකාර ගත යුතු මට්ටමේ මානසික රෝගීන් විය හැකියි.

    http://www.wsj.com/articles/SB117131067930406235

    ReplyDelete
  7. ගං වතුර ගැලුවේ ගෑණු බ්‍රා විසිකිරීම නිසා නාත දෙය්යෝ කෝප වීමෙනි

    ReplyDelete
  8. 3D ප්‍රින්ට් මැසිමෙන් අක්මාවල් හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ දැන් තියෙන එක දිය වෙන්න කලින්...

    ReplyDelete
  9. @ලොකු පුතේ.....හදලා කියලා ආරංචි වුනොත් මටත් දන්වපන්.

    ReplyDelete
  10. ලොකු පුතාMay 28, 2016 at 1:31 AM @

    ඒ සදහා මූලික අඩිතාලම දාල කියල ආරංචියි.

    ReplyDelete
  11. ///ඒ සදහා මූලික අඩිතාලම දාල කියල ආරංචියි.///
    එළ, හැබැයි මුල් කාලයේ ගොඩක් ගණන් වෙයි...

    ReplyDelete