Saturday, May 28, 2016

රස්පුටින්ගේ ලිංගය හා තවත් කතා










මේ ගෑනු ළමය උනන්දුවෙන් බලන් ඉන්නෙ මොකක් දිහාද දන්නවද . මේ තමා රස්පුටින්ගෙ පුරුෂ ලිංගය. රස්පුටින් විශාල පුරුෂ ලිංගයකට හිමිකම් කීවෙක්.මේ බහා තිබෙන අවයවය තරම් සැප වින්ද අවයවයක් මේ ලෝකෙ තවත් නැති තරම් . ඔහු ජීවත් වූ යුගයේ සිටි  රුසියන් රූමතියන් හැම කෙනෙක්ම වගෙ රස වින්දා.රජ පවුලත් ඔහුගෙන් බේරුනේ නෑ. ස්ත්‍රී සැප විදීමෙන් අගතැන්පත් වූ රස්පුටින් මුළු රුසියානු සමාජයම බියපත් කරගෙන සිටියෙ. රස්පුටින් මියගියෙ රජපවුලෙ කුමන්ත්‍රනයකින්. රස්පුටින් මරන්න කිසිම කෙනෙකුට බැරි වුනා. සාමාන්‍ය මිනිහෙක් මරන විදියට රස්පුටින් මරන්න බෑ. එහෙත් වෙඩි පහරවල් ගනනාවක් තබා විශාල  වශයෙන් රසදිය ශරීර ගත කර ඔහුව මරා දැමීමට රජ කුමරෙක් සමත් වුනා. ඒත් රස්පුටින් ශාප කලා රුසියන් රජපවුල අතුගෑවී යන ලෙස. රස්පුටින් මියගොස් සුළුකලකින් 1917 දි එය සැබෑ වුනා.



මෙන්න රැකියා අවස්ථාවක් යුෂ්මතුන්ට. යුෂ්මතා කියන එකේ උත්තම පුරුෂ පදය අෂ්මතා කියල මම අහල තියනව. 

කෑමත් ඇදුනුත් දෙනවලු. මරේ මරු නේද
ආ තව අලුත්ම මිනිහෙක් කරනවලු

අපේ ගෙවල් දොරවල් වගේම ලංකාවත් ආරක්ෂා කරගෙන මහරැජිනගෙ ආන්ඩුවට සේවය කරන්න ඔන්න යුෂ්මතුන්ට අවස්ථාව.
මේ චාන්ස් එක නැතිකරගන්න එපා




බුදු හාමුදුරුවො දැක්කා වාගෙයි පින්බර සුවාමිනේ

මේක  දැකල හිනායනව තමා. නමුත් හිනාව පොඩ්ඩකට නතර කරගෙන මුන් වහන්සෙගෙ දර්ශනය ගැන පොඩ්ඩක් බලමුද

ඇත්තටම මේ නම් රැඩිකල් ස්වාමීන් වහන්සෙ නමක්.
සමහරු මුන් වහන්සෙට කැමති නෑ. මම නම් කැමතියි.
ඇත්තටම බුදුහාමුදුරුවොත් මේ වාගෙ තමා.
බුදුන් වෘක්ෂමූලික වුනේ නෑ ජේතවනාරාමය වගෙ සුඵෝඛභෝගී ආරාමවල සිටියෙ.
නමුත් ඇලුනෙ නෑ. 
අපේ හුග දෙනෙක් වරද්දග්න තියන දෙයක් 
බෞද්ධ කියල කියනව ජෛන සම්ප්‍රදායට.

නිර්වානය කියන්නෙ මොකක්ද 

නිර් + වාන ( තන්හාව නැති )

තන්හාව ඇතිකරන්නෙ මොනවයින්ද 
උපාදාන වලින්
මේ උපාදාන සිතිවිලි වලින් බැදෙනවා.
සිතිවිලිවලින් සිත ශූන්‍ය වුනාම සිත නිදහස්.
මුන් වහන්සෙ කියන්නෙ මේ සරල සත්‍ය.




මේ තමා අපේ සාඩම්බර මාධ්‍ය සම්ප්‍රදාය.
මෙන්න මේ විදියටයි අපේ ඔළු හෝදල බ්‍රේන් වොෂ් කරන්නෙ.
අපි සිතිය යුතු ආකාරය අපි දකින්න ඕන ආකාරය නිර්දේශකරන මාධ්‍ය මාෆියාව ක්‍රියා කරන්නෙ මෙහෙමයි
 ගිලෙන්න ගිය මාළුවෙක් බේරගන්න සර්පය කරන කැපකිරීමට මාධ්‍ය ආවරනය දෙන්නම ඕන.
මේ සංවේදී මොහොත ආවරනය කරන්න අපේ මාධ්‍ය කන්ඩායම සිද්දිය වූ ස්ථානයට ලගා වෙමින් සිටිනවා.
ඔවු ඔබ සම්බන්ධ කරගන්නවා ආයුබෝවන්



A 15th century depiction of Scota’s voyage from Egypt.

ඊජිප්තුවත් අයර්ලන්තයත් තියෙන්නෙ බොහෝ ඈතින්.
පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හෙළිවෙලා තියනව ඊජිප්තුව හා අයර්ලන්තය අතර සම්බන්ධකම් තිබුන බව.
දකුනු ඇමරිකාවෙත් මිසර පිරමීඩවලට සමාන පිරමීඩ තියනව. අයර්ලන්තෙට ආවනම් ලොව වටාම යන්න ඇති
මෙව වෙන්නෙ කෙල්ටික්වරු බ්‍රිතාන්‍යයට හා අයර්ලන්තයට එන්න ඉස්සර.
මීට අවුරුදු 3800 කට 4000 කට ඉස්සර. 

වැඩි විස්තර ඕන නම් මෙතනින්

Thursday, May 26, 2016

පින්තූර වලින් කියන දහසක් දේ







මේක ඇත්තනම් බටහිර රටවල හැම මොහොතකම පොලොව කම්පා වෙන්න එපායැ. 
අපේ අය මේකට කියන්නෙ හරක් මරන නිසා මෙහෙම වෙනව කියල. විශාල වශයෙන් හරක් මරන ඇමරිකාව වගෙ රටවල නිතරම පොලව කම්පා වෙන්න ඕන. විද්‍යාත්මකව ලෝකය දකින පරම්පරාවක් කවද පහල වෙයිද














දරුවෙක් හදන්න දෙමවුපියන් මොනතරම් මහන්සි වෙනවද 
නමුත් කෙල්ලෙක් නිසා මෙයා සිරුරට ගිනිතියාගෙන.
හරක් නිසා හාමුදුරුවරු ගිනිතියාගන්නව
කෙල්ලො නිසා හරක් ගිනිතියාගන්නව
ලෝකෙ හැටි.
ඇත්තටම කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට සිරාවට ලවු කරන එක අපේ වගෙ රටක මෝඩ කමක් කියල මම හිතන්නෙ.
මොකද අපේ තරුන තරුනියන් ඉන්නෙ වැඩිහිටියන්ගෙ අත් අඩංගුවෙ.
ඒ නිස එක් පාර්ශ්වායක් වඩිහිටියන්ට අවනත වුනහම අනෙක් පාර්ශ්වය අසරන වෙනව.
අනික තමා මිනිස්සු වෙනස් වෙන්න ගත වෙන්නෙ ටික කාලයයි. අපටකිසිම කෙනෙක් ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. 
අවුරුදු 10,15 එකට ජීවත්වුන අයත් වෙන් වෙන්නෙ.
තමන්ගෙ ජීවිතේ අල්ටිමේට් ටාගට් එක කෙල්ල කියල හිතන් උන්න තවත් එක්තරා අවාසනාවන්තයෙක්.
සිරා ලවු තියාගන්නෙ මෝඩයො. ලවු එක කියන්නෙ මායාවක්. සැබෑ ප්‍රේමවන්තයො එක්තරා මානසික රෝගීන් පිරිසක්ය කියල මම කොහෙන් හරි කියවල තියනව. මතක් වුනොත් ලින්ක් එක දාන්නම්.





අපේ රටේ පාලකයෙකුට මෙහෙම හැසිරෙන්න බෑ. පාලකයො කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කියල හිතන්න තරම් බටහිර මිනිසා බුද්ධිමත්. අපට ඉන්නෙ දෙවිවරු වගෙ පිරිසක්. අපි දුවනව ඒ අයගෙ අත් අල්ලන්න.
මේ ගැලවුම්කාර දේශපාලනය බටහිර දියුනු ලෝකයෙන් ඉවත් වෙලා











අපට දැන් රහතන් වහන්සෙලත් වැහි වැහැල. මම දැක්ක ඊයෙ කොටුවෙ කඩේක තියනව එනසාල් රහතන් වහන්සෙ කෙනෙකුගෙ පොතක් ගැනත්. දැන් එහෙනම් තුන් දෙනයි.
මේ පින්තූරෙ හම්බවුනෙ අපේ මුල්ම රහතන් වහන්සෙ මල් උඩින් වඩම කරන පින්තූරෙයක් එක්ක. රහතන් වහන්සෙල වැහි වහින්න ගියොත් රටේ මල් හිගයක් ඇතිවෙන්න පුලුවන්.
ඒ වගේම මිනිස්සු මල් කඩන්න ගියොත් මෙහෙම ගස්වල ගෙඩි නොහැදෙන්නත් පුලුවන්.
අනාගතයෙ මල් වෙලදපොල වර්ධනය වේවි. මල් පාවාඩහදන්නන් මල් විකුනන්නන් වගෙ රැකියා සුලබ වේවි.
ඉතින් මේ රැකියාවලට ලංකාවෙ මිනිස්සු ප්‍රමානවත්ද.
කොහෙත්ම නෑ කෝටි දෙකනෙ ඉන්නෙ.  රහතන් වහන්සෙල එක දිගට පහල වුනොත් උන් වහන්සෙලොගෙ පයට පෑගෙන්න දාන්න විශාල මල් ප්‍රමානයක් හා ශ්‍රමිකයන් ප්‍රමානයක් අවශ්‍ය වෙනව. කෝටි දෙකනෙ ජනගහනය . මදි මදි හොදටම මදි.
පිටරටින් සංක්‍රමනිකයො ගෙන්වනවටත් සමහරු කැමති නෑනෙ.
ඉතින් විකල්පය මේ අයට මල් විකිනීම වගෙ රැකියා ගැන පුහුනුවක් දෙන එක නේද



මේ වැඩේනම් හොදයි.දෙයක් වේ නම් එය සුදුස්සාටම ලැබිය යුතු. පූජාවට සුදුස්සෙක්. තනකොල කන්නෙ . පස්පවි කරන්නෙත් නෑනෙ.කහටක් නැතිව වදින්න පුදන්න පුලුවන් සිල්වතෙක්.









චීනයෙ සාර්ථකත්වයෙ රහස මානව හිමිකම් නැතිවීම. පොඩි ලමයි කිරි බොනකාලෙම අල්ලන් ඇවිත් අනාගත ක්‍රීඩකයො කරන්න ට්‍රේනින් කරනව. මේව වෙන රටක කරන්න පුලුවන් දේ නෙමෙයි. ලමයි දෙන්න බෑ කිව්වොත් දෙමවුපියන්ට දඩුවම්. පුහුනුවෙදි ලමයින්ට ආබාධයක් වුනත් කරන්න දෙයක් නෑ. පුහුනුවෙදි මැරුනත් අවුලක් නෑ. වගකීමක් නෑ


.







බ්ලොග් සහජීවනය

ප‍්‍රභාස්වර

ත්‍රිමාන මුද්‍රණ යන්ත‍්‍ර පිළිබඳව මා මේ කොලම හරහා මුලින්ම විස්තර කළේ 2012 මැයි 03 වැනිදාය. මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන අයිතමය, එහි නිවැරදි කිරුම් මිනුම් සංයුතිය සමග පරිගණක තිරය මත නිර්මාණය කොට, ඉන්පසු මූසිකය මගින් විධානයක් දුන් සැණින් 3ඩී මුද්‍රණ යන්ත‍්‍රයෙන් එය නිමි භාණ්ඩයක් සේ පිටතට පැමිණෙයි. සාම්ප‍්‍රදායික කර්මාන්තශාලාවක් තුළ සෑදිය නොහැකි සංකීර්ණ බඩු භාණ්ඩ රාශියක් 100%ක්ම අනර්ඝ ලෙස නිපදවීමේ අපූරු හැකියාව 3ඩී මුද්‍රණ යන්ත‍්‍රය සතුය. යම් භාණ්ඩයක් නිපදවීම සඳහා අවශ්‍ය සියලූ අමුද්‍රව්‍ය, ‘නැනෝ’ පරිමාණයෙන් 3ඩී මුද්‍රණ යන්ත‍්‍රය තුළ තැන්පත් කොට ඇත්තේ ස්තර වශයෙනි. ප‍්‍රින්ටරය ක‍්‍රියාත්මක කළ විගස අමුද්‍රව්‍ය අඩංගු කාට්රිජ් සිය කෘති‍්‍රම බුද්ධිය යොදවා ඇණැවුම් කළ භාණ්ඩය සෑදීම වහා අරඹයි. 3ඩී  පි‍්‍රන්ටර් මගින් විවිධ භාණ්ඩ නිපදවා අලෙවි කිරීම අතින් ලොව ප‍්‍රමුඛයා ලෙස සැලකෙන්නේ නෙදර්ලන්තයේ ‘ෂේප්වේ’ සමාගමයි. 3ඩී මුද්‍රණ යන්ත‍්‍රය ගෝලීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වත්මනෙහි සිදු කරමින් සිටින පෙරැුළිය ඇදහිය නොහැකි තරම් විස්මිතය. අද අප කතා කරන්නට යන්නේ ඒ ගැනය.

මෙතනින්

මෙම තාක්ෂනය නිසා කම්කරුවා යන වචනය ශබ්දකෝෂයෙන් ඉවත් වේවිද


6 comments:

  1. සුමති එකෙන් මේ මැෂින් එකක් ගෙනත් තියනවා මම පත්තරේ දැක්කා
    ReplyDelete

    Replies




    1. හරියටම දන්නවද.
      මමත් පත්තරේ දැක්ක මීට කලකට පෙර. පස්සෙ බලපුවම ඒක ටී ශර්ට් වල අකුරු මුද්‍රනයට තමා ඒ අය ත්‍රිමාන මුද්‍රනය කියන්නෙ. නමුත් 3 D printing කියන එක ලොව පුරාම භාවිතා වෙන්නෙ ඉහත කී සංකල්පයට.
      මේ තාක්ෂනය නිෂ්පාදන සංස්කෘතිය උඩු යටිකුරු කරනවා නො අනුමානයි.
      Delete
  2. අපිට ජනාධිපති කෙනෙක් මුද්‍රණය කරගන්න පුලුවන්ද මාමේ?
    ReplyDelete

    Replies




    1. එහෙමත් වෙන්න බැරි නෑ ඉස්සරහට
      Delete
  3. 3D printing ආවාම කම්කරුවෝ සුලබ වෙයි, දැන් ඔයි ජෙප්පෝ කම්කරුවෝ හොයගන්න නැතුව කොච්චර දුක් විඳිනවද, එත් 3D printing දියුනු වුනාම එයාලට පුළුවනි ඇති තරම් කම්කරුවො ප්‍රින්ට් කරගන්න.
    ReplyDelete

    Replies




    1. ඒකත් ඇත්ත තමයි. පෝස්ටර් ගහන්න බැරියර් පෙරලන්න පිකටින් කරන්න ම සුදුසු අය ප්‍රින්ට් කරගනියි.
      දේශපාලකයොත් ඡන්දදායකයො ප්‍රින්ට් කරයිද දන්නෙ නෑ
      Delete


Sunday, May 22, 2016

ගංවතුරෙන් ඉගෙනගත් පාඩම්

මිනිසාටම සම්පූර්නයෙන්ම වරද පැටවිය නොහැකි ගෝලීය උනුසුම වැඩිවීම නිසා මේ මිහිතලය 2100 වන විට මිනිස් ශිෂ්ටාචාරයකට නුසුදුසු තතවයට පත්වීමේ ඉඩ වැඩිය.මිනිසා ඩයිනෝසරයන් මෙන් වදවීයාමටද ඉඩ ඇත.මේ නිසා අනාගතයේ ප්‍රමුඛ විශය බවට ආපදා කලමනාකරනය පත්වනු ඇත. රැකියා අවස්ථාද වැඩිපුර ජනනනය වනු ඇත්තේ පරිඝනක,ත්‍රිමාන මුද්‍රන,කෘතිම බුද්ධිය වැනි තාක්ශනික ක්ශේත්‍රයක නොව ආපදා කලමනාකරනයේය. සොබාවික විපත්වලින් විනාශවූ දේපල ප්‍රතිසංස්කරනයට විශාල කාලයක් ගනු ඇත.


මෙවර ඇතිවූ ගංවතුරෙන් ඉගෙනගත් පාඩම් බොහෝය. සුනාමිය සිදුවූ අවස්ථාවේ මෙන්ම මෙවරද අපේ මිනිසුන්ගේ මනුස්සකම දක්නට ලැබුනි.එය විදේශිකයන් පවා පුදුමයට පත් කරවීය. සියලුම දෙනා තමන්ට හැකි අයුරින් විපතට පත් වූවන්ට දීමට ඉදිරිපත්වූයේ කිසිම පෙලඹවීමකින් තොරවය.දුම්‍රියේ යන මගීන් තම කෑම පාර්සල් පවා දීමට දැක්වූයේ විශාල උනන්දුවකි. පසුව ටී වී චැනල් එය මනාව සම්බන්ධීකරනය කිරීමද පැසසිය යුතුය.වෙසක් උත්සවයත් ගංවතුරත් එකවිට යෙදීම නිසා දන්සැල් වලට එක් කල බඩු අවතැන්වූවන්ට යැවිය හැකි වූ නිසා පහසුවක්ද විය. 



පරිත්‍යාගය සදහා අපේ ජනයා දැක්වූ උනන්දුව ගැන තුර්කි කාන්තාවකගේ ෆේස් බුක් සටහනක් ද විය. ආධාර සදහා ද්‍රව්‍ය එකතුකිරීමට තිබූ පෝස්ලිම් අය පුදුමයට පත්කර තිබ්බුනි. අඩු ආදායම් ලබන ලාංකිකයන්ගෙන් ඇය එවන්නක් බලාපොරොත්තු වොවූ බව කියා ඇත.එයට නිදසුන් සැමතනමය .සමහර ඒවා අනුවේදනීය විය. එක්තරා වයසක යුවලක් තමන්ට තෑගි ලැබුන ඇදුම් අවතැන්වූවන්ට දීමට ගෙන ආ දසුන කාගෙත් ඇස් වලට කදුලු නංවීය.

මෙහිදී ත්‍රිවිධ හමුදාව , ජනතා විමුක්ති පෙරමුන හා ස්වෙච්ඡා කන්ඩායම් කල සේවය ප්‍රශංසනීයය. එසේම භික්ෂූන් වහන්සේලා හා මුස්ලිම්වරුන්ගේ දායකත්වය කැපී පෙනුනි. තමන්ට දානය පිලියෙලකල දායකයන් විපතට වැටුන විට දානය උයන්නට ශ්‍රමය වැය කල භික්ෂූන් වහන්සේලාගේ දසුන් ඇසට කදුලු උනන්නකි. එසේම තව්හිද් ජමාත් සංවිධානයද විශාල සේවයක් කලේය.දනක් නොව ඉන දක්වා වතුරේ භික්ෂූන් වහන්සේලා ,ස්වෙච්ඡා තරුනයන් සේවය කලහ. මාතර සිට ආ සශේන් නම් ජවිපෙ තරුනයෙක් දින ගනනාවක් එක දිගට දුශ්කර ස්ථානවල සේවය කරමින් කල සේවය අප බුකියෙන් දුටුවෙමු.බුකියේ පින්තූර දැමීමේ කිසිම වරදක් නැත. එය තවත් අය උත්තීජනයට හේතුවකි. එසේම තම ආයතන හා පක්ෂවලට අයත් නිල ඇදුම් හැදීමද වරදක් නොවේ.

මේ සියල්ල අතරේ බොර දියේ මාලුබාන පිරිසක්ද වෙති. තවුහිද් සංවිධානය මුස්ලිම්වරු පමනක් බේරූ බවට බු
කියේ ප්‍රචාරයක් යැවීය. එය අසත්‍ය බවට ප්‍රකාශකරමින් බුකියෙන්ද නැගුනේ විරෝධයකි. ජාතිවාදය ආගම්වාදය වැනි සියලු පටු භේදද ගංවතුරෙන් ගසාගෙන ගියේය. එහෙත් මුස්ලිම්වරුන් පමනක් බේරාගත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ගැන ජනතාව චෝදනා කරන වීඩියෝවක් නැරඹුවෙමි. පිළිකුල්ම කාරනය නම් මොහු ඡන්දය ඉල්ලා තිබුනේ ජාතික දේශපාලන පක්ෂයකින් වන  අතර එහිදී ඔහු ආකර්ශනීය පාටැ යොදා සියලු ජනතාව ආමන්ත්‍රනය කර තිබුනේ. ඔහුට තව්හිද් ජමාඅත් සංවිධනායෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.

තම පක්ෂයේ අයට පමනක් ආධාර බෙදූ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් අවතැන් වූවන්ට පහර දී තිබූ කතාවක්ද ආරංචි විය. සිය පාක්ෂිකයන්ට පමනක් ආධාර බෙදා අවතැන් වූවන්ට සිය ආරක්ෂකයන් ලවා පහර දීම අතිශයින්ම ම්ලේච්ඡය.

හමුදාව ජවිපෙ වැනි ක්‍රියාශීලී යාන්ත්‍රනයන් මෙවනි විපතකදී විශාල වශයෙන් ප්‍රයෝජනවත්ය. තමන් දෙන ආධාර නාස්ති නොවී හොරාකෑමට ලක් නොවී අවශ්‍ය තැනටම යන බවට දායකයන්ට සහතික විය හැක්කේද මෙවැනි අයට සිය ආධාර දීමෙනි. හමුදාව ,ජවිපෙ හා ටී වී චැන
වලට බය නැතිව ආධාර දිය හැක.මෙහිදී විශාල නාස්තියක්ද සිදුවූ බව නොරහසකි. නමුත් කළමනාකරනයේ අඩුපාඩු නිසා ඉවත දැමූ කෑම කන්දක්ද විය.මේවා දැකීමෙන් ආධාර කරන්නන් අධෛර්ය වනු ඇත.

එසේම තාක්ශනයද ප්‍රයෝජනවත් විය. ෆේස්බුක් ගෲප් ,බ්ලොග් ලියන්නන් මෙහිදී විශාල දායකත්වයක් දැක්වූහ. විශේශයෙන් බුකියේ අසවල් තනට ආධාර මෙපමනක් අවශ්‍යයි, අසවල් තැන මෙපමන පිරිසක් කොටුවී සිටිනවා, අපට මෙපමන ප්‍රමානයක් කෑම සැපයිය හැකියි ආදී වශයෙන් දැන්වීම් දැකිය හැකිවිය.

ආපදාවකදී පිසූ ආහාර හා වෙනත අධාර සංවිධානාත්මකව එකතු කිරීම ,සහන සේවකයන් අතර මනා සම්බන්ධීකරනය,ඒවා නිසි පරිදි  බෙදා හැරීම ,පශ්චාත් ආපදා සහන සදහා මීට වඩා හොද ක්‍රමවේදයක් අනුගමනය කල යුතුය.

Saturday, May 21, 2016

සොබාවික විපත් හෙට ලෝකයේ පුවත් මවනු ඇත


Ice in the south Artic Ocean melts in a photo taken on July 20, 2011. (Photo: NASA Goddard Space Flight Center)

කාලගුන විපර්යාසය ගැන වෙන කවරදාටත් වඩා අවධානය යොමු වී තිබේ. ඇත්තෙන්ම වෙනත් සියලුම දේ ඒ මත තීරනය වන තත්වයක් උදා වී ඇත. ආර්ථික වර්ධනය ,විද්‍යාත්මක ජයග්‍රහන හෝ දේශපාලනික කරුනු ගැන පුරෝකථන කලද කාලගුන විපර්යාස නිසා ඒ සියල්ල වෙනස් විය හැක.

උෂ්නත්වය ඉහල යාම නිසා ආක්ටික් ප්‍රදේශයේ අයිස් දියවීම අපේක්ෂා කාල් හැකි භයානකම සිදුවීමයි . මෙය භයානක වන්නේ සූර්ය තාපය කෙලින්ම නිල් ජලයට වැටෙන නිසා තව දුරත් රත්වීම පමනක් නොව මීතේන් නිධිද මුදාහැරෙන බැවිනි. හරිතාගාර වායුවක් වාන් මීතේන් නිධි විවර වීමෙන් තව දුරටත් උෂ්නත්වය වැඩිවේ

ගෝලීය උෂ්නත්වය ඉහල යාම නිසා මැදපෙරදිග ප්‍රදේශවල ජීවත් වීම කිසිලෙසකින්වත් කල නොහැකි වනු ඇත.



මෙය ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ.


මුහුදු මට්ටම අඩි කීපයකින් ඉහල යාම යනු වෙරලබඩ ප්‍රදේශවල ජනජීවිතයට තදින් බලපායි. ලෝක ආර්ථිකයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට හා ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් ජීවත් වන්නේ වෙරලබඩය. බොහෝ රටවල අගනුවරවල් ඇත්තේ වෙරලබඩ බව සිතියමක් ගත් විට පෙනේ.


එසේම ආහාර නිෂ්පාදනය පහල බසිනු ඇත.දිගු නියන් සමය මෙන්ම දරුනු සුලු සුලන් හා ගංවතුර වසර පුරාවටම කතා කරන මාතෘකා වනු ඇත.

Thursday, May 19, 2016

පිරමීඩයෙන් බසිමු.

From paddy fields to UAE deserts: The farmer growing rice using hydroponics
මෙහෙම වගා කරන්න නම් මම ආසයි.
වහින එක නතර  වෙලා නෑ. දැන් මිනිස්සු කුඹුරු වැඩ පටන් ගන්නයි යන්නෙ.අපේ සම්ප්‍රදායික කෘෂිකර්මය වැව මූලික වෙලා තියන එකක්.වැවත් එක්ක තියන කැලෑව  වෙල් යාය මේ හැම දෙයක්ම සුන්දරයි.  ඒත් මේ සම්ප්‍රදායික කෘෂිකර්මය කාර්යක්ෂ්ම නෑ  කියල මට හිතෙනව. වතුර හරවන ඒව  ,තව කෙනෙකුගෙ නියරක් උඩින් වාහන ගන්න ඒව ටිකක් අවුල්. කලකට පෙර කඩු එහෙම අරගෙන මහ රෑ වතුර හරවන්න යන සීන් එහෙමත් තියෙනව. ගමේ බහුතරය නෑයො වුනත් ඉතාම  කලාතුරකින් ගුටිකෙලිත් නොයනවාම නෙමෙයි.හොරෙන් වතුර අරින අයත් ඉන්නව ඒකට කියනව උම යනව කියල .කක්කුටු උමයක් කියන්න හීනෙ සැරේ නාරාසනය අනින අයත් ඉන්නව. සේරටම මුල බහුතරයකට සුලුප්‍රමාන විලික් කුඹුරු හිමිවීම.අපට නම් වැවේ ඉදන් තාර පාර වෙනකම් කුඹුරු තියෙන නිසා ගෑටුමකින් තොරව අපේම කුඹුරකින් තව කුඹුරකට වතුර ගන්න පුලුවන්.අවස්ථා දෙකකදි හැර. 

චීනය වාගෙ රටවල කුඹුරු අපේ වගෙ කනටි නෙවෙයිලු. අක්කර කාලක් විතර කුඹුරක ප්‍රමානය. වගාලිදක් මැද කපල ජලය ගන්නව. මේ ක්‍රමය ඉතාම කාර්යක්ෂ්මයි. තව ගැටළුවක් තමා  කුඹුරු පුරන් වීම. ඒ වගේම රැකියා සදහා ගමෙන් පිටවෙන තරුන පරපුර.ඔවුන්  මඩ ගාගන්න කැමති නෑ.ඇත්තටම අපේ ගමෙත් ඊලග පරම්පරාව හැටියට කුඹුරට බහින්න කිසිම කෙනෙක් නැති තරම්. වෙනත් ගම්වල තත්වයත් මේකම තමයි. ඉතින් මේ පුරන් වෙන කුඹුරු සමාගමකට දීල හෝ කිසියම් සමූපකාර අත්තමකින් කරන්න බැරිද. ඒ වගේම කුඹුරු වල වෙනත් බෝග වගා කිරීම සහ හැකිනම් අභ්‍යන්තර ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරල සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න බැරිද.අපේ ගොවියොත් පෝර දානව මිස පස හදන්න කිසිම උත්සාහයක් ගන්නෙත් නෑ. 

අනාගතයෙ මට හිතෙනව පස් නොමැතිව කරන වගා ක්‍රමත් ඇති වෙයි.දෙමුහුන් ක්‍රම සහ මතභේදයට තුඩු දෙනෙ දෙයක් වුනත් ජාන ඉංජිනේරු විද්‍යාවත් යොදාගෙන ලොකු දෙයක් කරන්න පුලුවන්. අස්වැන්න අඩු වුනත් කමක් නෑ ජලය එතරම් අවශ්‍ය නොවන ලෙඩරෝගවලට ප්‍රතිරෝධී වී වර්ග දියුණු කරන්නයි වැඩි අවධානය යොමු විය යුත්තෙ. අපේ පරන වී වර්ග වල ගොයම් ගස ඉතා ශක්තිමත් කියල අහල තියනව. අස්වැන්න වැඩි ක්‍රම ගැන පමනක් අවධානය යොමු කල නිසා දුර්වල ලෙඩරෝග වලට සංවේදී එම නිසාම විශාල වශයෙන් තෙල් පෝර අවශ්‍ය බහුජාතික සමාගම්වලට වාසි පරිසරයට හා සෞඛ්‍යයට අවාසි  වී ගොවිතැනක් අපට ලැබිල තියනව.

පස් නොමැතිව වී වගා කරන අවස්ථාවක්

වී ගොවිතැන මත තමයි පරන ගම් ස්වයංපෝෂිත වුනේ. නමුත් අනුරාධපුර යුගයෙ පවා මධ්‍යගත වාරික්‍රම නිසා නිළධාරී පැලන්තියකුත් සිටි නිසා පරමාදර්ශීව මේ ස්වයංපෝෂිත ගම තිබුනෙ නෑ. ඒ වගේම කුල ක්‍රමය වගෙ දේවල් නිසා ගම තුලත් සමානාත්මතාව තිබුනෙ නෑ . කුල ක්‍රමයත් පිරමිඩාකාර  අගතියක්. මහා සමාජයක් බවට කුඩා ඒකකය ප්‍රසාරනය වෙන විට ඇතිවුන දෙයක්.


හැම දෙයක්ම එන්න එන්නම පුංචි වෙනව කියන එක මම කවදත් කියන කතාවනෙ. මහා සමාජයක් ලෙස සිදුවුන ප්‍රසාරනයෙදි රජවරු ,සිටුවරු පමනක් නෙවෙයි මහා පරිමාන යෝධ සංවර්ධන ව්‍යාපාරත් බිහිවුනා. නමුත් මේ සියල්ල ඉතාම අසාර්ථකයි. නමුත් සිදුවීම් සිදුවන විට උඩුගම්බලා පීනන්න බෑ. 

විශ්වයේ සියළු චලිතයන් නියමයන් හතරකට අනුව ක්‍රියා කරන බව පේනව. ඒ තමා  සංයෝජනය ,ප්‍රසාරනය , උච්ඡාවස්ථාව සහ සංකෝචනය .මීට වෙනස් පැහැදිලිකිරීමක් අහල තියන අයත් ඇති. එනම් ගැටුම තුලින් ඉස්සරහට යනව කියන එක.නමුත් විශ්වයෙ චලිත වල තියෙන්නෙ ගැටුමක් නොවෙයි සංයෝජනයක් බව සියුම්ව බැලුවම පේනව. 

සමාජයක් ගත්තහමත් ඉහත නියාමයන්ට අනුව ප්‍රසාරනය වෙලා දැන් තියෙන්නෙ යලි සංකෝචනය වන අවස්ථාව. අපි වගේම මිනිහෙකුට රජා කියල ඌට දුම් අල්ලල උගෙ පවුල ජාතික ආදායමෙන් නඩත්තු කරන පිංබතාල කරන ක්‍රම දේශපාලනිකව අහෝසි වුනත් ඒ වෙනුවට ආදේශ මතුවීමයි වුනේ. ඒක විසදුමක් නෙවෙයි.

ඉදිරියෙදි වඩා ස්වයංපෝශිත කුඩා ඒකක ලොව හැමතැනම බිහිවෙනව. සිරස් පිරමිඩාකාර ව්‍යුහ වෙනුවට තිරස් සමාන්තරාශ්යන් ගොඩ නැගෙනව. ඉදිරියෙදි මහා කම්හල් නැතිවෙයි. ඒ වෙනුවට ත්‍රිමාන මුද්‍රනය වගෙ ක්‍රම වලින් භාන්ඩ නිශ්පාදනය කරගන්න හැකියාවක් එයි.

හැකිතාක් රැකියා උත්පාදනය, නිළධාරී පැලැන්තිය මේ හැම දෙයක්ම අයිති අතීතයට. අනාගතය කියන්නෙ නව දැනුම සොයායාම. ඒ වගේම වඩාම වැදගත් වෙන්නෙ ස්වයංපෝෂී වීම. බදු අඩුවෙන් අයකරන සුබ සාධනයත් අවම නමුත් ස්වයංපෝෂිත වෙන්න උදව් කරන එක තමා පරමාදර්ශී ක්‍රමය. එහිදී ලොක්කො කියල පිරිසක් නෑ. අපේ ගම් බලන්න. ගමේ හැම එකාම එකාට එකා අදුරනව.ලොක්කො නෑ. සමානාත්මතාව තියනව. ඒ කියන්නෙ ගම්වල තියෙන්නෙ සාපේක්ෂව පිරමිඩය නොවෙයි සමාන්තරාශ්‍රය.මේ වගෙ කුඩා ඒකක හැකිතරම් ස්වයංපෝශිත කරල බලය බෙදන එකයි වෙන්න ඕන.

උඩ ඉදන් පහලට බලය ගලා යන පක්ශය කියන ව්‍යුහයත් අහෝසිවෙලා සමාන මිනිසුන්ගේ සම්මේලනයක් බවට දේශපාලනය පත් වෙයි.ඔටුන්න සහ බිම් මට්ටම වෙනුවට තීරන ගත හැකි ජන සභාවන් වගෙ මූලික ඒකක සංවර්ධනය වෙයි.

මේ සදහා දැනුමෙන් සන්නද්ධ සමාජයක් අවශ්‍යයි. කලාකරුවො විද්වත්තු මාධ්‍ය මගින් මනස සකස් කිරීමට යටත් ඇබිත්තයො තමා පිරමිඩාකාර සමාජයෙ ඉන්නෙ. නමුත් ආර්ථිකව පමනක් නොව  දැනුමෙනුත් ස්වයංපෝශී ජනතාවකට ඒ  සමාන්තරාශ්‍රය ගොඩනගන්න පුළුවන්. එය අනාගතයෙදි ගොඩ නැගේවි.

Wednesday, May 18, 2016

කෝච්චියක් ගිය දුර.

අද ට්‍රේන් එක ආවෙ බරකරත්තයක් වගෙ. කලින් එක්ස්ප්‍රස් එකට ත්‍රීවීල් එකක් බෝලවත්තෙදි අහුවෙලා මීටර් පන්සීයක් විතර ඇදීගෙන ගියාලු. පසුගිය කාලෙ ඉන්දියාවෙන්  ගෙන්වපු ට්‍රේන් සවිශක්තියෙනුත් දුර්වලයි.එක්ස්ප්‍රස් එකත් කොච්චිකඩේට දාල ගාට ගාට ඇවිත් යන්තම් දහයට කලින් ඔෆිස් ආව.

එක එක කතා පැතිරෙනව. ගේට් එක වහල තියනකොට ත්‍රීවීල් එක දැම්මලු කියනව තව සමහරු කියනව රේල් ගේට් එක වහල තිබුනෙ නෑ කියල. අපි දන්නෙ නෑ මොනව වුනාද කියල.

නමුත් අපේ රටේ රියදුරන් වගේම මගීනුත් විනය කියන එකනම් අහලවත් නෑ. රියදුරන් නම් පාරෙදි හැසිරෙන්නෙ දාමරිකයන් වගේ.බොහෝ අනතුරු වලට හේතුව රියදුරන්ගෙ වැරදි.

වෙලාවකට හිතෙනව අපේ මේ දුර්වලකමට හේතුව සම්පත් අඩුකමද කියල. අපි ට්‍රේන් එකට පොරකකකා නගිනව .විදේශිකයොත් මේක දකිනව හරිම අසෝබනයි. නමුත් දුර ගමනක් හිටගෙන යන්න බැරි නිසා මමත් ඇතුලුව වැඩි දෙනෙක් ඉක්මනට නැගල සීට් එකක් අල්ලගන්න පොරකනව.

අපේ දුම් රිය සේවය මීට වඩා දියුනු කරනවනම් හොදයි. හැම ස්ටේෂන් එකකටම ආරක්ෂිත රථගාලක් හදල පිරිසිදු වට කෑම ගන්න පුලුවන් තැන් හදල හොදට දියුණු කරන්න පුලුවන්. ඒ වගේම සියළු ප්‍රධාන නගර සම්බන්ධ වන  දුම් රිය පද්ධතියක් හදල කෙටි ගමන්වලට බස් දානවනම් මිනිසුන්ගෙ ගමනාගමන ප්‍රශ්න විසදෙනව.ලංකාවට එන විදේශිකයො ඡායාරූප ගන්නෙ සියවසක් අතීතයට ගිහින් පොටෝ ගන්නව වගෙ. තාම එහෙමමනෙ.

 ඇත්තට ඉස්සර මුලින්ම ට්‍රේන් එක ආපු දවස්වල හිටපු අපේ මුතුන්මිත්තන්ට  මේක මහා විශ්මයක් වෙන්න ඇති. ඇත්තෙන්ම එදා රටපුරා දුම් රිය මාර්ග හදපු එක ගැනනම් ඉංග්‍රීසීන්ට කෘතඥ විය යුතුයි. මා නම් සිතන්නෙ මෙය අපි ඉංග්‍රීසීන්ට කෘතඥ විය යුතු දෙවන හේතුව කියල. පලමු එක රාජාන්ඩුව  අහෝසි කිරීම.

ඉස්සරකාලෙ ගැන අතීතකාමයෙන් මත්වන අය අප අතර ඉන්නව.අපේ වැඩිහිටියන්ට නම් ඉස්සර කාලෙ කියන්නෙ සෞභාග්‍යවත් සුරපුරයක්.

ඉස්සර කාලෙ අද වගේ නෙමෙයි හරි හොදයි කියල අපේ වැඩිහිටියො කියනව. එන්න එන්න නරක අතට හැරෙනවලු. හරි කියමු සුද්දගෙ කාලෙ අදට වඩා හොදයි කියල. සුද්ද සිරා පොර. පාරවල් හදනව වැඩකෝටියයි. ඉතින් සුද්දගෙ කාලෙ හිටපු අය කියන්න ඇති. දැන් කාලෙ හොද නෑ. දැන් වගේද ඉස්සර රජ කාලෙ කියල. ඔහොම ගියොත් කෙලවරක් නෑනෙ. අන්තිමට වඩාම හොද යුගය තමා ගල් යුගය.

සමහර අය කියනව පට්ට සිරා වල්ලපට්ට යුගයක් ඉස්සර තිබුන කියල. ඒකට ඒ අය නමකුත් දාල. ඒ තමා ප්‍රාග් කොමියුනිස්ට් අවධිය. ඒක හෙන වල්ලපට්ට යුගයක්ලු. පෞද්ගලික දේපොල නැහැල්ලු. නිශ්පාදනය කරන දේ සමානව බෙදා ගත්තලු. අනේ මගෙ කට.

ස්වභාවයෙන්ම සුන්දර ගුනයහපත් මනුස්සය බෙදාහදාගෙන ප්‍රාග් කොමියුනිස්ට් ජීවිතේ ගත කරගෙන දැහැමෙන් සෙමෙන් ඉන්නකොට අර සර්පය තහනම් ගෙඩි දුන්න වගෙ වැඩක් වෙලා. මොකක්ද දන්නවද පුද්ගලික දේපොල ක්‍රමය ඇතිවෙලා. ඊට පස්සෙ තමාලු පාපය බිහිවුනේ. අග්ගඥ්ඥ සූත්‍රයෙත් තියෙන්නෙ මීට බෙහෙවින් සමානකතාවක්.

ඇත්තටම පුද්ගලික දේපොල නැති යුගයක් තිබුනද.ඉස්සර කාලෙ අදට වඩා හොද නම් හුගක්ම ඉස්සර තිබුනය කියන ප්‍රාග් කොමියුනිස්ට් යුගය වල්ලපට්ට යුගයක්ම තමා. කාපට් පාරවල් නැතත් යානවාහන තියා රෝදයවත් හොයාගන තුබුනෙ නැතත් දඩයම් කරගත්ත දේ සාධාරනව බෙදාගත්ත ඒ දඩයක්කාරයො හරිම සුන්දරයි. ප්‍රශ්න මොකුත්ම නෑ.පුද්ගලික දේපොල එහෙම නෑනෙ.ප්‍රාග්  කොමියුනිස්ට් ගී ගය ගය ඉන්න ඇති නෙහ්.

මිනිස් සොභාවය ආර්ථික වූවක් පමනක්ද. මිනිසා යනු ආර්ථික වෙනස්වීම්වල් රූකඩයක්ද. ඒ අතීත සුරපුරයේ තත්වය කුමක්ද කියා මැදහත්ව සිතා බලමු.

එදා බාහුබලයෙන් අනූන ගෝත්‍රිකයා නිෂ්පාදනයේ හොදම කොටස භුක්ති වින්දහ. පිනා හාවෙක් දඩයම් කර ගත්තත් එය කදිරා දුටුවොත් කදිරාට දෙන්න සිදුවෙයි. නැත්නම් ගුටි පූජාවක් සමග දානය දීමට සිදුවන බැවිනි.  බොහෝ ලිංගික සංසර්ගයන් දූශන වන අතර ගෝත්‍රයේ ලිංගික සම්පත් දාමරිකයන් සතුය. එදා සමාජයේ තිබූ එකම සාධු යැයි සම්මත ක්‍රියාව මංකොල්ලයයි. මංකොල්ල,ස්ත්‍රී දූෂන හා මිනීමැරුම් බහුල ඒ යුගයේ ගෝත්‍රිකයෝ තිරිසන් සතුන්ගෙන් වෙන්කරගැනීම දුෂ්කරය.

සමාජය වෙනස් වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වීමෙනි. ඉතා ප්‍රාථමික යුගයේ නිෂ්පාදනය වූයේ දඩයමයි. ඵලවැල නෙලීමයි. මේ නිෂ්පාදනය සදහා දාමරිකයා විසින් අමතර ශ්‍රමය බලෙන් ගන්න ලදී. නමුත් ගොවිතැන ,සතුන් ඇති කිරීම හා ඖෂධ  ගැන දැනුම වැදගත් වන විට මේ දැනුම බලෙන්ම ගැනීම කල නොහැකි විය. එය යම් රටාවකට අනුව සිදුවිය.

බොහෝ ප්‍රාථමික සමාජවල නායකයා හා පූජකයා දෙන්නෙක් වුවත් ඇතැම් සමාජවල මේ දෙදෙනාම එක් අයෙකි. සමාජයේ සංකීර්න නිෂ්පාදන ඇතිවන විට ඒවා නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේද ගැන දැනුම ඇති අය විවිධ ස්ථානවල ස්ථානගත වූහ.

නමුත් ගෝත්‍රයේ සාමාජිකයන් අතර ධනවතුන් ,බලවතුන් ,කීර්තිමතුන් කියා පිරිසක් නොවීය. හැමෝම ආසන්න වශයෙන් සමානය. මෙය මූලික කුඩා සමාජයකි. සමාන්තරාශ්‍රයක් වැන්න.

මෙම සමාය ක්‍රම ක්‍රමයෙන් විශාල සමාජයක් විය. විශාල වන විට සමාජ සම්බන්ධතා පිරමිඩාකාර විය. ව්‍යුහය ප්‍රසාරනය වන විට ඒකකයන්ද ප්‍රසාරනය විය. ගෝත්‍රයේ තමන් දන්න හදුනන කීප දෙනෙකුට භාන්ඩයක් විකුනා ජීවත් වූ පුද්ගලයාට දැන් අති විශාල පිරිසකට තම නිෂ්පාදන අලෙවිකල හැකි අතර එහිදී විශාල ධූරාවලියක් යටතේ මෙම මහා කාර්යය සිදුකල උතුවේ. ඔහු ධනවතෙක් බවට පත් වියෙ. මෙසේ රජවරු, මහා පූජකයන්, සිටුවරු බිහිවිය.කුඩා සමාජයේ කීප දෙනෙක් සමග ගනුදෙනු කල ගායකයා මහා සමාජයේ විශාල සැප සම්පත් ලබන මහා ගාන්ධර්වයෙකි.ක්‍රීඩකයෝද එසේය.

මහා ආගමික සංස්ථා බිහිවන්නේ මේ ප්‍රසාරනය නිසාය.අද අප දකින සියලුම ව්‍යුහයන් මෙම මහා සමාජයට ගැලපෙන සේ සකස් වී ඇත.

සමාජ අසාධාරනය ගැන කතා කරන්නේ මෙම කුඩා සමාජය මහා සමාජයක් බවට ප්‍රසාරනය වීමේදී තමන් ස්ථානගත වූ ස්ථනාගතවීම් ගැන අතෘප්තියෙන් සිටින අයයි.එහෙත් ඔවුහු මෙම සිද්ධිය විද්‍යාත්මකව නොහදාරති. ධනය එක් රැස් වීමේ නරක දකින ඔවුන් බලය එක් රැස් වීමේ නරකක් නොදැක පක්ෂය නම් වූ බිහිසුනු සත්වයාගේ සෙවන යටතට එන්නේ එබැවිනි.

වර්තමානයේ ලොව පවතින බහුපක්ෂ ක්‍රමය මෙම පිරමිඩාකාර ව්‍යුහය වෙනුවෙන් සකස් වී ඇත. කොමියුනිස්ට් රටවල හා වෙනත් ඒකාධිපති රටවල තිබෙන තනිපක්ෂ ක්‍රමය නම්වූ වනචර වරත්ත නින්දිත නීච පාලන ක්‍රමය ගැන කතා කිරීමත් කාලය කා දැමීමකි.ඒ හැර සියලුම දූරාවලිද මෙම පිරමිඩාකාර ව්‍යුහය වෙනුවෙන් සකස් වී ඇත.

සමාජ දැනුම වර්දනයත් සමග මෙම පිරමිඩාකාර ව්‍යුහ යලි සමාන්තර වනු ඇතැයි මම සිතමි. දැනටත් බටහිර රටවල vertical system  වෙනුවට horizontal system ආදේශ වී ඇත. නිශ්ඵල චාරීත්‍ර , ආචාර යන් වෙනුවට  සමානාත්මතා ක්‍රමයකට හැඩ ගැසෙමින් පවතී.තාක්ෂනයද එන්න එන්නම ක්ෂුද්‍ර වේ. අනාගතයේ මහා කම්හල් මහා සංවිධාන ජාලයන් වෙනුවට තනි තනි ව්‍යුහ වර්ධනය වනු ඇත. කෘතිම බුද්ධියේ ජයග්‍රහනයත් සමග මිනිස් හැකියාවන් වලට සීමිත බවක් ලැබීමත් සමග පිරමිඩාකාර සොභාවයට ඇති ලැදියාව අඩුවනු ඇත.දැනටමත් කෙටිකාලීන පුහුණුව ලැබිය යුතු රැකියා තාක්ෂනය විසින් අබිබවන අතර ඉදිරියේදී දිගුකාලීන පුහුණුව අවශ්‍ය රැකියාද තාක්ශනය විසින් අබිබවා ප්‍රථම වරට මිනිස් සමාජයට සමානාත්මතාව ලබා දෙනු ඇත.

කෝච්චියක් ගිය දුර.

 බාබා වැන්ගා ගැන ලිපියක් අන්තර්ජාලයේ කියවීමි. මාධ්‍ය මගින් මොනතරම් අමන ලෙස මිනිසුන් අන්දනවාද බලන්න

අනාගතය කෙසේ වේදැයි අනාවැකි කීම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම සිදුවූවකි.මිනිස් සමාජයට අනාවැකි කරුවන්ගෙන් අඩුවක් නම් නොවීය.අනාවැකි කීම කලාවක් මෙන්ම විද්‍යාවක්ද විය. හරියටම හරියන අනාවැකි කී අවස්ථා නම් අතේ ඇගිලි ගනනටත් අඩුය.

අනාවැකිකරුවන් කියන අනාවැකි ගැන සාමාන්‍යයෙන් මා විමසිලිමත්ව සිටිමි. මේ වනතෙක් හරියටම හරිගිය අනාවැකි කීපයක් මගේ මතකයේ ඇත.

අනාගත ලෝකයේ පාලනය ගැන පිෂ්ටන් මහත්මිය පලකල අනාවැකිය.
සෝවියට් දේශය බිද වැටීම ගැන ජින් ඩික්සන් කී අනාවැකිය ( 1991 දී නොවේ 70 ගනන්වල )
1977 දී බලයට පත් රජය අවුරුදු 17 ක් රට පාලනය කරන බවට එක්තරා ජ්‍යොතිර්වේදියෙක් කී අනාවැකිය .( 1994 දී 1977 සුබසෙතේ පත්තර පිටුවද සමග ඔහු සම්මුඛ සාකච්ඡාවක් කල අතර මේ රජය අවුරුදු 20 ක් පවතින බව කීවේය. හරියටම හරියමින් 2014 දි බිද වැටුනි.

මට මේ ගැන ලියන්නට සිත්වුනේ බාබා වැන්ගා නම් බල්ගේරියානු අන්ධ අනාවැකිකාරිය ගේ වැරදුන අනාවැකි ගැන ලියවුන ලිපියක් කියවීමෙනි. තුන්වන ලෝක යුද්ධය 2010 දී ඇතිවන බව ඇය කීවාය. 2016 දී යුරෝපය මුස්ලිම් ආක්‍රමන එල්ල වන බවත් කීවාය. මේවා අසත්‍ය බව අප දනිමු.

අනාවැකියක් කීමේදී දෙපාර්ශ්වයක් සටන් කරන විට ඉන් එකෙක් දිනන බව කීම විහිලුවකි. සම්භාවිතාව 50 % බැවිනි.කිසිසේත්ම අනුමානකල නොහැකි දේවල් නිවැරදිව කීම නම් අවධානයට ලක් විය යුත්තකි.

පැරනි අනාවැකිකරුවෝ මාලුවකු පිට නැගී එන කතා කුරුල්ලන් පිට නැගී යන කතා ද බැහැර කල හැක. මන්ද ඒවා උපමා ලෙස ඕනෑම කෙනෙකුට ඕනෑම අතකට හැරවිය හැකි බැවිනි. නෝත්‍රඩාමුස් එවැන්නෙකි.

එඩ්ගාර් කේසි බොහෝ විට අනාවැකි කීවේ පුනරුත්පත්තිය ගැනය. අතීතය ගැන ඔප්පු කල නොහැකි කතන්දර කීම වැඩක් ඇති වැඩක් නොවේ.ඉතාම කලාතුරකින් විශ්මිත අනාවැකි කීම් දැක තිබුනත් ලොව පුරා ආන්දෝලනයට ලක් වූ මේ කතා සියල්ල මහා මාධ්‍ය මෙහෙයුම් බව කිව හැක.

ආතර් සී ක්ලාක් කී විද්‍යාත්මක අනාවැකි පවා සත්‍ය නොවූ බව මෙහිදී කිව යුතුය. ඇත්තෙන්ම වර්තමාන තාක්ශන දියුනුව දෙස බලන කල අනාගතය ගැන හිතාගන්නවත් බැරිය.ක්ලාක් මහතා 2001 දී ප්‍රථම මිනිස් ක්ලෝනය බිහිවන බව කීවේය. එසේම අභ්‍යවකාශ ජයග්‍රහන ගැනද ඔහුගේ අනාවැකි සර්ව සුබ වාදී විය.
 බ්ලොග් සහජීවනයවිද්‍යාත්මක පුරෝකථනයන් තුල පවා ඇත්තේ 50% සත්‍යතාවයකි. සෙසු අය ගැන කවර කතාද

 බ්ලොග් සහජීවනය
විපස්සනා ගැන කියන මේ මහා පුරුෂයාට සවන් දෙන්න 


 දවසේ කොමෙන්ටුව

මේ යටතේ බ්ලොග් වල හෝ බුකියේ මා හට කියවන්න ලැබුන සිත් ගත් කොමෙන්ටුව පලකරමි.



  1. මේ ජීවිත ගැන පුදුම දුකක් දැනෙන්නෙ.. ඔළුගෙඩි වලට එක එක විසබීජ දැමීමේ ප්‍රතිපල... අපරාදෙ...

     උපුටා ගැනීම : නොකීකතා බ්ලොගය


     කිව යුතු සියල්ලම එක වැකියකින්. අපූරුයි. මේක මීටත් වඩා කෙටි කර අනේ අනිච්චන් කීවනම් තව හොදයි. මේ කවි කියවල මට සිතුනෙ මෙහෙම මිනිස්සුත් මේ ඉර හද යට ඉන්න හැටි කියල.  මේ අයට දාල තියන විශබීජ අයින් කරන්න දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍යයි කියල හිතෙනව. විටෙක සිනහවත් විටෙක දුකත් විටෙක විමතියත් එකවිට ඇතිවන මේ ඊනියා විමුක්ති ගී වලින් පෙනෙන්නේ කෙනෙකුගේ මනස කපටි දේශපාලන උන්මත්තකයන්ට මොන තරම් විකාර කල හැකිද යන්නයි.


Monday, May 16, 2016

හීතලට හිතුන දේවල්

අද දවසෙම වැස්ස. පසුගිය මාස කීපයෙ තිබුන දරුනු රස්නය වෙනස් වෙලා. දැන් සීතයි. කොහොමත් මම උනුසුමට වඩා සීතලට කැමතියි.බස් එකත් වැරදුනා. ගස් කඩාවැටිල  කියලත් ආරංචි ආව. වැහි දවස්වලට ට්‍රේන් සිග්නල් කොහොමත් අවුල් නිසා මේ වගෙ අනෝරා වැහි දාක වැඩට ගියත් යන්න වෙන්නෙ ශෝට් එකක් නෙමෙයි කෙලින්ම හාෆ් එකක්ම දාන්න බලාගෙන. කොහොමත් වැහි අන්ධකාරෙත් එක්ක මල පාලුව. නමුත් මාර සුන්දරත්වයක්. මගෙ කාමරේ ඉදිරියෙන් තියෙන්නෙ වෙල් යාය . වෙල් යාය එක්කම වැව.  අවට පසුතලය ගස්කොලන් වලින් පිරිල.   පොල් වතු හැම තැනම . හරිම සුන්දරත්වයක්.වැහි කලුවර ලස්සනයි.හුලං  හමනව වහිනව හරිම  චමත්කාරජනකයි.බ්ලොග් පෝස්ට් එකක් මේකෙ කාලෙකින් දැම්මෙ නැති නිසාත් අධ්‍යාපන වැඩ ඊලඟ රෙජිස්ට්‍රේෂන් එක වෙනකම් කෙරෙන්නෙ නැති නිසාත් මේ මාස දෙකතුනේ ඉසිඹුවෙදි පෝස්ට් නොදැම්මත් මාව කොමෙන්ට් වලදි හෝ දකින්න ලැබෙයි.

නවක වධ ආන්දෝලනය නිසා මටත් ඒකට සහභාගි වෙන්න සිදුවුනා. මම බුකියටත් ගියා. බුකියෙ වගේම බ්ලොග් වලත් නවක වධකයන්ට දුවන්න පාරවල් මදි වුනා. ඇත්තටම සමාජය මේ වගෙ සංවර්ධනාත්මක ප්‍රවේශයක් ලැබීම හුගක් හොදයි. මට හිංසාව පෙන්නන්න බෑ. ආරක්ෂක අංශවල වේවා ,පොලීසියේ වේවා, පාසල්වල වේවා,සිවිල් සමාජයේ වේවා සිදුවන හිංසාවට මම විරුද්ධයි. ඒකට හේතුව හිංසාව සිදුවෙන්නෙ සාපේක්ෂ බලවතා විසින් සාපේක්ෂ දුබලයාට එරෙහිව වීම  නිසා.

හිංසාව ගැන කියනකොට පහුගිය දවස්වල උදේම මට දකින්න ලැබුන ශෝචනීය සිද්ධියක් ගැනත් කියන්න ඕන. අපේ ගමේ මම දන්න කෙනෙක් දැන් හිගා කනව. ඔහු මන්ද මානසික කෙනෙක්. හැමෝගෙන්ම ගුටි කනව. ඉක්මනටම තරහ යනව. හැමෝටම බනිනව. අර කවුද කිව්ව කතාවෙ අනික. මේ මනුස්සය ගුටි නොකාපු කෙනෙක් පැත්ත පලාතෙ නෑ. හිගා කන තැනත් ඉදගෙන අල්ලපු ගෙදරක මිනිස්සුන්ට බනිනව. මෙහෙම බනින කොට පිරිමියෙක් ආව මෙයා ඉදිරියට. අනික් පැත්ත හැරිල ගහන්න බැරි මේ මනුස්සයට ගුටි අනින්නයි මේ එන්නෙ. මේ වෙනකම් සිංහ නාද කරපු මේ හිගාකන තැනැත්ත අනේ මන් නිකම් ඉන්නකොට මට බනිනව කියල අඩන්න ගත්ත.මාත් අවධානෙන් ඉන්න බව පෙන්නුව. දේවාලෙට පඩුරු දාන්න ආපු තව කෙනෙකුත් ඒකම කලා කියල මට හිතුන. දැනටත් කකුලක් කැඩිල හිගාකන මේ හාදයට තව ගුටි පූජාවක් ලැබෙන එක වැලකුනා.

අපේ සමාජයෙ උදවිය තමන්ට වඩා දුර්වලයෙකුට ප්‍රචන්ඩත්වය පෙන්වන්න හරි ආසයි. නවක වධයෙනුත් වෙන්නෙ ඒක. සමාජගත කරන කෙහෙල්මල් උප සංස්කෘතියක් නෑ. හිට්ලර් යුදෙව්වන් ආර්ය ජර්මන් උප සංස්කෘතියට අනුගත කරන්න දරපු පෙරටුගාමී වෙහෙස බලන්න. එහෙමනම් හිට්ලර් සහෝදරය කොච්චර හොදද. මෙච්චර නවක වධ දීල උප සංස්කෘති හදාගන ඉන්න අපේ කැම්පස් ජාත්‍යාන්තර වර්ගීකරන වල ඉතාම පහලින් ඉන්නෙ. උගන්ඩාවෙ කම්පාලා කැම්පස් එකත් අපේ ඔක්කොටම වඩා උඩින්.

ලෝකෙ දියුණු රටවල නවක වධය නැත්නම් අපට මොකටද . මොකක්ද මේ අලුත් අයට වද දීල හුරු කරන උප සංස්කෘතිය. මේකට වචන උඩප්පරන් ගහල හිනායන කතන්දරයක් කියන්න පුලුවන්.නවක වදය දුන්නෙ නැත්නම් ලෝක බැංකුව නිදහස් අධ්‍යාපනය නැතිකරන කුමන්ත්‍රනයෙන් ජයලබන හැටි කියල දෙන්නෙ උත්තමයො ඉදිරිපත් වෙන්න ඉඩ තියනව.

හැම වසරකම නවක වදය නිසා යම් පිරිසක් විශ්ව විද්යාල හැර යනව. යම් පිරිසක් ආබාධිත වෙනව. අවුරුද්දකට දෙකකට සැරයක් එකෙක් දෙන්නෙක් මැරෙනව. ඉතින් මේ වගෙ දෙයක් රැකගන්න ඉදිරිපත් වෙන අයත් ඉන්නව. රැග් එක අපට බටහිරින් ආ දෙයක්.නමුත් බටහිර විරෝධීනුත් මේක ආදරෙන් වැලදගෙන් අතියනව.

නායක සහෝදරය රුසියාවෙන් ඉගන ගත්ත අපූරු මනෝ විද්‍යාත්මක සංකල්ප තියනව. වධ දීමෙන් පසු මතවාද ගිල්ලවීම. ඇත්තටම මේක අත් හදා බැලුවෙ ස්ටාලින් සහෝදරයටත් පෙර හිට්ලර් සහෝදරය. වධ දීල මතවාද ගිලලනව කීවම ඒක ටිකක් මඤ්ඤං වගේ නෙහ්.
ගුවන් යානා මංකොල්ල කෑවම ඒ මංකොල්ලකරුවන් හා ප්‍රාන ඇපකරුවන් අතර යම් බැදීමක් ඇතිවෙනව කියල කියනව. කුනු ෆ්‍රෙශාල සහ ජේස්ට උත්තමයො අතරත් එහෙම බැදීමක් තමා තියෙන්නෙ.

තව දෙයක් තමා ලිංගිකත්වය. නිරුවත් යුදෙව්වො ඉදිරියෙ ඇදුම් හැදි එස් එස් නිලධාරිය ඉතා උතුම් වුනා. එස් එස් නිළධාරිය කියන දේ බලවත් වුනා. ලිංගිකත්වය කියන්නෙ අපූරු ක්ශේත්‍රයක්. මතයක් ගිල්ලන්න ඇතුළු වෙන්න පුලුවන් හොද දොරක්.

දීමෙ එකම අරමුන වෙන මොකක්වත් නෙමෙයි ලිංගික තෘප්තියක් ලැබීම කියාන් තැනට සමාජය තල්ලු වුනොත් වධකයන්ගෙ සලු පිලි ගැලවෙයි. අද වධකයන් ආරක්ෂකයන් හා සමාජගත කරන්නන් වෙලා.
නවක වය තියෙන්නෙ විශ්ව විද්‍යාලවල විතරක් නෙමෙයි. කාර්මික විද්‍යාල,හමුදා , වෙඩින් වල පවා තියනව. සමාජය තුලින් මීට දැඩි ප්‍රතිවිරෝධතාවයක් ගොඩ නගන්න ඕන ඒකයි.


වධක කතාව ඇති. අපට එච්චර ගානක් නැති වුනාට අද ලෝක දේශපාලනයෙ වැදගත් දෙයක් තමා ඇමරිකානු ජනාධිපතිවරනය. මේක sexism හා racisim අතර සටනක්.  මටනම් හිතෙන්නෙ මේ පාර ඩොනල්ඩ් ට්‍රම්ෆ් දිනයි කියල. ඔහු සියළු ප්‍රශ්නවලට හේතුව සංක්‍රමනිකයන්ය කියල ගෙනයන මතවාදය ඉතා භයානකයි. නමුත් සුදු කන්සවැටිව් ජනයා තමන්ගෙම රටේ තමන් බෝඩිම්කාරයො වෙලාකියල හිතන්න පටන් අරන් බව පේනව.

ලොව පුරාම දක්ශිනාංශික රැල්ලක් යන බවත් පේනව බ්‍රසීලයෙ ඩිල්මාවත් ඉවත් කරල. වෙනිසියුලාවෙ මදුරුවටත් විශාල විරෝධයක් ගොඩ නැගෙන හැඩයි.මේ සේරම වෙද්දි කියුබාවෙ නාමල් කුමාරය කරලියට එනව වගෙ. මෙහෙ පවුල්වාදෙ නරක උනාට වාමාංශිකයන්ට අනුවත් කියුබාවෙ ඇලජෙන්ඩ්‍රෝ කුමාරය එන එක හොදයි.ලෝකෙ හුගක්ම දකුනට බරවෙන එකේනම් මහ අමුත්තක් මට දැනෙනව.

 තනි පුද්ගලයෙකුට රටකට කරන්න පුලුවන් ලොකුම හානිය වෙනිසියුලාවෙන් දකින්න පුලුවන් වුනා. අපේ 70 77 කොත්තමල්ලි බූමිතෙල් යුගය වගෙ. කොහොමත් සමාජවාදය කියන්නෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයි.ඒක මානව සොභාවයට එරෙහියි. උත්තර සමාජවාදයක් ගොඩ නගනවනම් ඒක වෙන්නෙ ජනතාව ආර්ථික හා අධ්‍යාත්මික ලෙස සංවර්ධනය වූ දාක.

අපේ ගමක ගොවි සමිතියකට තෙල් ටැංකියක් ගත්තත් ඒක වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ. අයිතිකාරයො නැති වුනාම අයිතිකාරයො ගොඩයි. පුද්ගලික බස් එකට අයිතිකාරය ආදරෙයි. නමුත් රජයේ බස් වල දුනුකොල පවා විකුනගනන්
යි බලන්නෙ. මමත්වය පොදු මමත්වයක් බවට පත් කිරීම ප්‍රායෝගික නෑ. මම මිසක් අපි කියල දෙයක් නෑ. කල යුත්තෙ මම තවත් මම කෙනෙකුට ප්‍රයෝජනවත් දිශානතියකට යොමුකිරීම මිස මම බලෙන් අපි කිරීම නෙමෙයි. එහෙම කරනකොට දැඩි විනයයි වධ කදවුරුයි වැඩ කදවුරුයි අරකයි මේකයි අනිකයි ඔක්කොම ඕන වෙන්නෙ.මේ නිසයි සමාජවාදය සාර්ථක කරගන්න දැඩි මර්ධනයක් අවශ්‍ය වෙන්නෙ.

කල යුත්තෙ පුද්ගලිකත්වය වර්ධනය කිරීම. මම නිදහස් අධ්‍යාපනයට වගේම නිදහස් සෞඛ්‍යටත් විරුද්ධයි.නිදහස් අධ්‍යාපනය වෙනුවට සිසුනය ක්‍රමයක් යෝජනා කරන්නෙ ඒකයි. උසස් පෙල දක්වා හැමෝටම පොදු අධ්‍යාපනයක් දෙනව. ඒක ඒ නිසා නිදහස් වුනාට කමක් නෑ. නමුත් උසස් අධ්‍යාපනය සිසුනය ක්‍රමයක් මත දුන්නොත් ඔය බැරියර් පෙරලන ඒව අට්ටාලවල ප්‍රාතිහාර්ය පාන ඒව අඩු වෙයි.නිදහස් සෞඛ්‍ය වෙනුවට සියලු දෙනා ආවරනය වන රක්ෂන ක්‍රමයක් තිබුනොත් හොද සෞඛ්‍ය සේවයක් හැමෝටම ලබෙනව. හදිසි අනතුරු වගෙ ආපදා තවයන් සදහා වෙනම රජයේ සේවයක් තිබිය හැකියි.

මිනිස් සභ්‍යත්වය කියන්නෙ මාකට් කිරීම පිලිබද කතාවක්. මාකට් කරන එකේ වරදක් නෑ. සියලුම සමාජවාදී රටවල් අසාර්ථක වුනේ පොතක් ක්‍රියාවට නංවන්න ගත්ත මෝඩ උත්සාහය නිසා. සමාජවාදය මෝඩ තරුනයන් කුලප්පු කරන්න මිස වෙන වැදගත්කමක් නෑ.සමාජවාදය කියා ඇත්තටම නැගෙන්නෙ පන්තිය මාරුකරගැනීමේ රැල්ලක්.


 කොහොමත් ලොව පුරාම දක්ෂිනාංශික රැල්ලක් යන බව පේනව.

මේ සේරම බර්සාර ගාම්බීර දේවල්නෙ. පොඩ්ඩක් හිනාවෙලත් ඉන්න එපැයි. හිනා යන සීන් කෝන් එහෙමත් තියනව ආයි බොවන්ඩ

සමාවෙලා මේ අහපන් මහතුනේ
හිනාවෙලා හුජ්ජ බරයි රහතුනේ

අපේ රහතන් වහන්සෙ කෙනෙකුයි දර්ම සාතතරේ කෙල පැමිනි ගෘහපති පුත්‍රයෙකුයි අතර වාදෙයක් ගියානෙ මෑතක. වී එෆ් එම් ගැන අහලවත් නැති සදෙව් ලොව දෙවිවරු බඹ ලොවබ්‍රහ්මයො සිග්නල් තියන තැන් හොය හොය එහෙමෙහෙ දුවන හැටි බලන්න ලස්සනයි බොලව්. 
ඒ මහා අතුලයා එක් පසෙකින් එනවිට ඒ මහා සමන්තයා තව පසෙකින් එයි. කුමක් වේදෝ හෝයි සැකෙන් බියෙන් අප වැනි පුහුදුනන් සැගවෙන්ට් මුලු සොයමින් වටපිට බලමු. මේ වාදය නිසා වුනේ අතුලයා සමන්තයා එක සමාන යෝධයන් දෙදෙනෙක් බව ලෝකයා දැනගැනීමයි.අතුල මහතාගෙ ධර්ම දැනුම ප්‍රශස්තයි. සමන්ත මහතා ත් මම අගය කරන කෙනෙක්. ඒ මහතා බඩගිනි බුද්ධාගමට දෙන පහරට මම ආසයි.

මොකක්ද මේ බඩගිනි බුද්ධාගම කියන්නෙ කියල ඔහෙල උඩබිම බලනව ඇති . අශෝක මහත්තයගෙ කාලෙ මුල් බුදුසමය මාකට් කරන්න පුලුවන් දෙයක් බවට පත් කලා. නිවන එහෙම කල්ප කෙලකෝටියකට  කල්දාල දානය පෙරට අරන් දිවිය ලෝක සැප  ප්‍රාර්ථනා කරන බුද්දහගමක් අපට උරුම වුනා. සල්ලිකාර උපාසිකාවන්ගෙ දත් ගලවන අතරෙ සමන්ත මහත්තය කරන මේ වැඩේ අපූරුයි. ඒ මහත්තයගෙ ලැක්චර් මම යූ ටියුබ් එකෙන් ඇහුව ඩේට කැපෙන එක ගැන වගේ වගක් නැතුව. මහ දේකුත් නෑ. එකම කතාව හතර අතට කරකවන එක කරන්නෙ. අපි දන්න දේම තමා.  මෙයා කියන්න ඕන නෑ අපට අකුරු කියවන්න පුලුවනිනෙ. පොත්වල තියන අත් හැරීමම තමා. මෙයාව මට ප්‍රමෝට් කරපු සමහරු මෙයා අමුතුම බනක් කියනව කියල කිව්වෙ.  දැන් බන කියන්නෙ මනෝ විද්‍යාවයි පුලුවන් නම් භෞතික විද්‍යාවයි පත අට එකට හිදල අනුපානෙට කුනුහරපත් දාල කියන එකක්නෙ. ඕව දැනගන්න බන අහන්නම ඕනයැ.එයාගෙ බොඩි ලැන්වේජ් එක ගැන මට හිතෙන දේ නම් මෙතන කියන්න යන්නෙ නෑ.

ඉතින් මේ කතාබහ හවරකොරන්න කලියෙන් ඔය නිවන රහත් බව ගැන මගෙ අදහසුත් එබුවෙ නැත්නම් අඩුවක් නෙ. මම නම් හිතන්නෙ විශ්වයේ ගල් ගසුන ප්‍රපංචයන් නැති බව. තව රැල් බුරුල් ඇරල කියනවනම්  වියුක්ත ලෙස ගත හැකි කිසිවක් නෑ. මේක තමා බුදුහාමුදුරුවො දේශනා කලේ. ඒ අනුව මමය මාගේය කියා ගත හැකි දෙයක් නෑ.සැබවින්ම අපි  ජීවත්වන්නෙ මේ ක්ශනයේ පමනයි. නමුත් අපගේ මතක ගබඩාවෙ අතීත මතකයන් තියන නිසා අපට අනන්‍යතාවයක් ලැබිල. ඊලග මොහොතෙ ඉන්නෙත් මම නෙමෙයිනම් මට කොහෙද පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක්. මේ ඔක්කොම වචන හරඹ. සිතිවිලි වලට තමා භව කියන්නෙ .සිතිවිලිවලින් සිත නිදහස් කර ගැනීමයි නිවන. මේක සුනීතලට සෝපාකලට, දාරුචීරියලට, චුල්ල පන්ථකලට ,අවබෝධකරගත හැකි සරල දෙයක්. සමහරු ගෙලකපාගන්න විට,සමහරු දිවස් උලේදි සමහරු ගලා යන ජල පහර දැකල මෙය තේරුම් ගත්ත.

අපි පතපොතේ වහලුන් වෙලා වචන උඩප්පරන් හන එකේ කිසිම තේරුමක් නෑ කියල යි මට හිතෙන්නෙ.

 බ්ලොග් සමාලෝචනය
චිත්‍රාංගි  

බැලියම යුතු බ්ලොග් එකක් ලෙස චිත්‍රාංගි බ්ලොග් එක හදුන්වාදිය හැක. ඇත්තෙන්ම මෙය මා බොහෝ කලක පටන් කියවන බ්ලොග් එකකි. එහි පොලිස් වධ හිංසාවන්ට ලක්වූ අසරනයන්ගේ කතා මා නොවරදවාම කියෙව්වෙමි. ඔවුන් චීන කොමියුනිස්ට් විප්ලවය සැමරීම චීන රජය විසින් නොකිරීම ගැන කතා කරයි. ඔවුන් එය ඓතිහාසික අත්වැරැද්දක් ලෙස පිලිගනීම සතුටකි. පොත ක්‍රියාවට නැගීමට ලෙනින් ගත් මෝඩ උත්සාහය නිසා චීනයටද එම ආභාශය ලැබුනි. ඇත්තෙන්ම මේවා ජාතික විමුක්ති අරගලවල ය. චීන විප්ලවයෙන් පසු ලක්ෂ 15 ක් මරා දැමූ බව නිල වශයෙන් කීවත් ඇත්ත ප්‍රමානය ඊට වැඩි විය හැක. විප්ලවයෙන් පසු පැරනි සමාජයේ නෂටාවශේෂ මුලිනුපුටාදැමීම නොහොත් නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ වෙනස් අදහස් දරන අය මෙසේ මරා දමා තිබිනි.


අවිද්‍යාවෙන් විද්‍යාවට

විද්‍යාත්මක කරනු සරලව ඉදිරිපත් කරන මෙය වැනි බ්ලොග් වලින් බ්ලොග් අවකාශයටම  සෙත සැලසේ. මෙය ඉකොනොමැට්ටාගේ බ්ලොගය මෙනි. බ්ලොග් වලට විවිධත්වයක් අවශ්‍යය. එසේම විද්‍යා දැනුම සමාජගත වීම ඉතා අවශ්‍ය දෙයකි.