Sunday, April 3, 2016

බ්ලොග් එක නැවැත්වීම ගැන කනගාටුව පලකරමින් ඒ ගැන විමසූ මිතුරු මිතුරියනි.නුඹලාට අනේකවාරයක් ස්තුතියි. සියල්ලන්ටම රිප්ලයි කලෙමි

මම බ්ලොග් ලිවීම නතර කල පසු එම ඊ මේල් එකට පලමු වරට පිවිසියේ අදය. මගේ බ්ලොග් ලිවීම නතර කිරීම ගැන කනගාටුව පලකර මිතුරු මිතුරියන් රැසක්ම ඊ මේල් එවා ඇති බව දැක මහත් කම්පාවට පත්වීමි. ඒ මට ඒවාට රිප්ලයි දැමීමට නොහැකි වූ නිසාය.

මම බ්ලොග් ලිවීම නතර කලේ කාටවත් බයේ නොවේ. එක එක හේතු ඉදිරිපත් කලත් සැබෑ ප්‍රධාන හේතුව මගේ Law එග්සෑම් එක අසමත් වීමයි.එයද අසමත් වුනේ කොලබොක්කටමය. මෙවැනි පරාජයක් මින් පෙර මා විද නැත. මම විභාගය පටන් ගන්න පෙරත් ඉන්ටවල් එකේදිත් කොමෙන්ට් දමමින් රිප්ලයි දමමින් බ්ලොග්කරනයේ යෙදුනි. එය ඉතා භයානක ඇබ්බැහියකි. නමුත් ඒ දිනවල පෙනීසිටිදෙමල ඕරල් එක නම් පාස් වුනෙමි .

දන්න අදුනන අය මම දැන් ලෝයර් කෙනෙක් කියා සිතති. මම මෙහෙම රිපීට් වන බව ඔවුහු නොසිතන නිසාය.ඔවුහු මම දැන් ලෝයර් කෙනෙක් නොව බ්ලොගර් කෙනෙක් බව නොදනිති.මගේ සැලැසුම වුනේ නීති විභාග අවසන් වූ පසු පසු LLM හෝ MBA  වැනි පශ්චාත් උපාධියක් කිරීමය. පාලනයකින් තොරව විකාරෙන් මෙන් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් සියල්ල අවුල් විය.මට තිබෙන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් පමනක් නිසා රැකියාවේ උන්නතිය සදහා පශ්චාත් උපාධියක් අත්‍යවශ්‍යය. ඒ සදහා MA නොකර කෝකටත් හොද නිසා මා පටන් ගත් නීති අංශයෙන්ම පශ්චාත් උපාධිය කිරීමට තීරනය කර තිබුනි. පාලනයකින් තොර බ්ලොග්කරනය නිසා සියල්ල අහිමි විය. මෙය කාටත් හොද පාඩමකි. බ්ලොග් පමනක් නොව සයිබරයේ වෙනත් අංශවලද  ඇබ්බැහිය නිසා කාලය කා දමන අය බොහෝය.

මගේ විභාග වැනි පුද්ගලික දේවල් කියන්නෙ නැතිව ටික්කෙක් ඉදිරියට දමා බ්ලොග් එක නතර කලේ එනිසාය.ස්මාට් ෆෝන් එක වැනි වර්තමානයේ සාමාන්‍ය දේකටත් එක එක කතා ටික්කා කී බව ඔබ දනිති. එවැනි වාතාවරනයක  Law කතා කියා නිකම් එකට දෙකක් අහගන්න ද මට අවශ්‍ය නොවීය. නයා අරිනවා කියා හිතන්නටද ඉඩ තිබූ නිසාය. Law ද අද නෝමල් බව වෙනම කතාවකි. ටික්කගෙ ප්‍රශ්නෙත් මට එහිදී වෙනත් බ්ලොග්කරුවන්ගෙන් සහාය නොලැබීමත් ඇත්තය.එහෙත් එය වෙනම කතාවකි( සමහරුන්ට ඔවුන්ගේ පෝස්ට් එකක් දාපු සැනින් දුවගෙන විත්  දිවා රෑ කොමෙන්ට් දමන මාත් කොමෙන්ට් නොදමන ටික්කාත් සමාන වී තිබිනි ) .එය වෙනම කතාවකි.මට එල්ලවූ ඇනෝ මඩ ප්‍රහාර හා බ්ලොග්කරුවන්ගේ කුඩුකේඩුකම්ද වෙනම කතාය.මම ඒවාට සැලී පැන දුවන දුර්වලයෙක් නොවෙමි.

 විභාගය අසමත් වූ පසු මුලින් මට බ්ලොගය ඇතුලු ඊ මේල් එකම ඩිලීට් කිරීමට සිත්විය.  ඩිලීට් බට්න් එක ප්‍රෙස් කරම්දෝ නොකරම්දෝ යි සිතා ලග නොබලා දුර බලා අත ඉවතට ගත් අවස්ථා ද තිබිනි. කලබල වී ඩිලීට් නොකිරීම ගැන මම දැන් සතුටු වෙමි.

මට බ්ලොග් අතහැර දැමීමටද බැරිය. මම වෙන නමකින් බ්ලොග්කරනයේ යෙදෙමි. ඒත් ඒ කලින් කලා මෙන් විකාරෙන් නොවේ. මම වෙනත් හිතවතුන්ගේ බ්ලොග්ද කියවමි. එහෙත් කොමෙන්ට් දමන්නේ අත්‍යවශ්‍යම නම් පමනි. පැල් බැදගෙන බ්ලොග්කරනයේ නොයෙදෙමි.දීර්ඝ සංවාද නොකරන අතර දවසකට උපරිම පැයක් පමන සයිබරයේ රැදෙමි.

බ්ලොග් එක නැවැත්වීම ගැන කනගාටුව පලකරමින් ඒ ගැන විමසූ මිතුරු මිතුරියනි.නුඹලාට අනේකවාරයක් ස්තුතියි. සියල්ලන්ටම රිප්ලයි කලෙමි. මම සියල්ලටම පෙර මගේ  විභාග අවසන් කරමි. ඉන්පසු බ්ලොග් වලට නිදහසේ කාලය කැපකරමි.


 මට යලිත්  ඊමේල් එකට එන්නට සිදුවුනේ ප්‍රදීප් මංගල සම්බන්ධ කාරනයයි.ඒ ගැනද මෙසේය.

මම යකාගෙ අඩවිය කරන කාලයේ එය හැර වෙන බ්ලොග් එකක්නොවීය. එසේම යකා /මධ්‍යස්ථ මතධාරියා යන නම හැර වෙන කිසිම නමකින් කිසිම බ්ලොග් එකක කොමෙන්ට් දමා නැත. ඇනෝ කොමෙන්ට් දමා නැතැයි නොකියන නමුත් කිසිවෙක් අපහසුතාවයට පත්කිරීමට හෝ ප්‍රහාරාත්මක අරමුනෙන් ඇනෝ කොමෙන්ට් දමා නැත.මම එවැනි දෙකයි පනහෙ වැඩ නොකරමි.ප්‍රදීප් මංගල හෝ වෙනනමකින් හොල්මන් කරන්නට මට අවශ්‍ය නැත.


මේ එම ලිපිය මෙතනින් කියවන්න 

75 comments:

  1. Replies
    1. ඔහේටත් වෙන්න වැඩක් නෑ වගෙ. බ්ලොග් සිහියෙන් නරක දත් වෙනුවට හොද දතුත් ගලවනවද මන්ද. හෙහෙ හෙහෙ

      Delete
    2. //ඔහේටත් වෙන්න වැඩක් නෑ වගෙ//

      ඇති වැඩකුත් නැහැ.... හෙමින් ගමනකුත් නැහැ කියනවනේ..

      Delete
  2. //මම වෙන නමකින් බ්ලොග්කරනයේ යෙදෙමි. //

    දඬුබස්නා මානය වගේ

    ReplyDelete
  3. //මම වෙන නමකින් බ්ලොග්කරනයේ යෙදෙමි. //

    ඒ මමනම් නොවේය....

    ReplyDelete
    Replies
    1. ඔබ ආපු එක ගැන සතුටුයි. අපි දෙන්නව සමහරුන්ට පැටලුනානෙ. මම මේකට මැදිහත් නොවෙන්නත් ඉදල පස්සෙ මැදිහත්වුනේ විශේෂයෙන් ඔබ ගැන හිතල. මාව දකින විදියට ඔබව දකින්න ගියොත් ඒක ඔබේ අනන්‍යතාවයට හානියක්.

      Delete
  4. ඒ වෙන නම අපිට දැනගන්න බැරිද...

    ReplyDelete
    Replies
    1. සිවුවැනිමානය
      http://4vanimanaya.blogspot.com/

      Delete
    2. ඔබ සිව්වැනි මානය බ්ලොග් එක ආරම්භ කෙලේ යකාගෙ අඩවිය ලියන එක නවත්වන්න කලින් නේද? මම අහන්නේ ඒක මගේ බ්ලොග් රෝලෙ තියෙන නිසා.

      Delete
  5. ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැත කියනවානේ.මේකත් ඒ වගේ තමයි.කොහොම වුනත් උඹව අයෙමත් දකින්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මේ තත්වයට ගොදුරුවෙලා සිටියෙ මා පමනක්ම නොවේ.ඒ අයටත් මේ වගෙම කතා ඇති.

      Delete
  6. ඔබ යම් මතයක් නියෝජනය කලා.ඒ වෙනුවෙන් සීමා රහිතව පෙනී සිටියා.කෙසේ වෙතත් සීමා සහිතව හෝ ඔබ රැඳී සිටීම වැදගත්.ඔබලාගේ සංවාද අප නිහඬව නමුත් අවධානයෙන් බලා සිටියා.ඔබේ නික්මයාම(?)සමඟින් ලියැවුනු බ්ලොග් පෝස්ට් සහ කොමෙන්ට් ඊට සාක්ශි දරනු ඇති. විභාග කටයුතු සාර්ථක වේවා.!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එකක් දැම්ම බලන්න.

      ඔවු හැම දෙයක්ම ප්‍රශ්න කරමින් වඩා හොද ලෝකයක් වෙනුවෙන් ලියන්න තමයි ඕන වුනේ.මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල දැකිය නොහැකි සංවාද වටපිටාවක් ගොඩනගන්නත් ඕන වුනා.

      ඉතාම සීමාසහිතව රැදී සිටිනවා. මට බ්ලොග් වගේම උඹලත් අත අරින්න බැහැ.
      කොහොමත් විභාග කටයුතු සම්පූර්නයෙන්ම අවසන් වනතුරු කලින් වගෙ සීමාරහිතව බ්ලොග්කරනයෙ යෙදෙන්නෙ නෑ.

      Delete
    2. විවාහ කටයුතුත් කටයුතු සාර්ථක වේවා.!

      Delete
    3. // කොහොමත් විභාග කටයුතු සම්පූර්නයෙන්ම අවසන් වනතුරු කලින් වගෙ සීමාරහිතව බ්ලොග්කරනයෙ යෙදෙන්නෙ නෑ.//

      යකා ගේ අදිස්ටාන ගැනීම......

      මීට පස්සෙ අරක්කු බොන්නෙත් නැහැ... සිගරට් බොන්නෙත් නැහැ.... බ්ලොග් ලියන්නෙත් සීමා සහිතව.... අර මලගෙදරක දි සිගරට් එකක් බොනොවා වගේ සීමා සහිතව.... ;)

      Delete
    4. // අදිස්ඨාන ගැනීම// මතක් උනා සාරසෝ... බොලත් මේ නමින් ලියන්නැත්තං වෙන නමකිං වත් ඔය රසකතා ටික ලිව්වොත් මක්කෙයි?

      Delete
    5. විවාහ කටයුතුත් කටයුතු සාර්ථක වේවා.!//
      උඹල මං ගැන හැම දෙයක්ම දන්නව වගෙ. මටත් නිකමට වගෙ හිතුන බ්ලොග් ලෝකෙ පුරාම යකාගෙ කතා වස්තුව පැතිරිල ඇති කියලත්. අවුලක් නෑ .හෙහෙ හෙහෙ

      Delete
  7. උඹ දාලා තියෙන්නේ මගේ කතාවමද මංදා.. නෙලුම්යායට *ක දීලා පලවෙනි වතාවට අප්‍රේල් පළවෙනිදා විභාගෙකට ලියන්න දෙයක් නැතුව පේපර් එක අරං නැගිටලා ආවා.. Constitutional Law වලට.. ඒ කියන්නේ කෙලින්ම ජිවිතේ අවුරුද්දකින් පස්සට ගියා.. මගේ Safety වල MSc එකට මේ අවුරුද්දේ රෙජිස්ටර් වුනෙත් නෑ Law මගුල නිසා.. අන්තිමට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. බ්‍රහස්පතින්දා Equity පේපර් එක. තාම පොතක් අතින් ඇල්ලුවේ නෑ. අපරාදේ CAT වලදී ගත්ත ලකුණුත්.. මට තවම හැදෙන්න බැරි උනා.. :(

    ReplyDelete
    Replies
    1. මම දැක්ක කොමෙන්ට් එකක් දාල තියනව 'මම මේ රිප්ලයි කරන්නෙ හෙට විභාගෙ තියාගෙන කියල " මම සහසුද්දෙන්ම දැනගත්ත හෙට විභාගෙට වෙන දේ.
      ලවල් ත්‍රී ලෙවල් ෆෝ වල මම හෙන බ්‍රයිට. මට ඩේ ස්කූල් යන කම් නිච්චි නෑ. පාන්දර 7 වෙනකොට කැම්පස් එක ලග.මට තමා ඉහලම ලකුනු. ඩේ ස්කූල් ඉවර වුනාට මම නෙමේ ගෙදර යන්නෙ.කෙලින්ම ලයිබ්‍රරියට.referance පොත් කියවනව,කුප්පිවලට යනව. අමතර පන්තිවලට යනව. ඒ කාලෙ ඒකටම සරිලන යාලුවො සෙට් එකක් හිටිය. අපි එකට තැන් තැන්වල පාඩම්කරනව.වැඩ කෝටියයි.

      equity වලට සමහරු කැමති නෑ. නමුත් මට ඉහලම ලකුනු.ලෙවල් 5 වලදි තමා අන්තර්ජාලෙට ඇබ්බැහි වුනේ.Level 5 නම් ගොඩ දාගත්ත. පස්සෙ final වල ඩේ ස්කූල් යන එක අඩුවුනා. CAT තුනම කරන්නෙ නෑ. Assignment එස දෙන්නෙ නෑ.නමුත් බ්ලොග් එකේ හිට්ස් කොමෙන්ට්ස් නම් වැඩි වුනා.

      ෆයිනල් එක එහෙම කරන්න බෑ. Jurisprudence thesis එක දෙන්න තියනව.ඒක ස්ටඩිකරල කරන්න ඕන දෙයක් .Commercial Law වලට මූලාශ්‍ර හුගක් අවශ්‍යයි.පාඩම් කරන ප්‍රමානය වැඩියි. Law of Delict වල හිතන්න තියනව. LLB හරි කියල හිතාගෙන හිටියෙ.මම මීට පෙර විභාගෙට සතියක් දාල පාඩම් කරලත් ගොඩදාපු විභාග තියනව. දැන් මොනතරම් බ්ලොග්වලට ඇබ්බැහිවුනාද කීවොත් මේකෙදි සැලසුම ඔක්කොම අවුල් වුනා


      මට උන දේ හැමෝටම පාඩමක්.


      Delete
    2. @KM & MM, දැන් කාලෙ සෑහෙන්න වැඩ නේද?

      @ MM නැවත පෙනෙන මානයට පැමිණීම සතුටක්

      Delete
    3. කමියා දැන් මට හොඳටම අප්සෙට්. යකෝ නෙළුම් යායට කුද ගහ ගන්න කියල විභාගේ කරන්න නේ තිබුනේ. උඹ නැත්නම් එදා අල වෙන එක වෙනම කතාවක්.

      Delete
    4. එහෙම කොහොමද. නෙළුම් යාය අල නොවී කමියා විභාගෙ ඇණ ගත්තම අපට මොකෝ. අපි ඔහොමයැ ඇණගෙන තියෙන්නේ.. පොදු වැඩ කරන්න ගිහිං. ඒව කිව්වොත් පටි රෝල්.
      කමියෝ ලබන සැරේ නෙළුම් යායට කුද ගහගන්න කියල විභාගෙ කොරපං නැත්තං ඔය යාය කල් දාපං.

      Delete
  8. ඉසරවෙලම උබගේ නම වෙනස් කිරීමට මගේ විරෝදය
    යකා නමට උබට වඩා මම/අපි ආදරෙයි . මම එක දවසක් කෙමෙන්ට් එකක උබට කියලා ඇති යකා කියන නම උබට වටිනාකමක් තියනවා කියලා ..
    උබලා ලියන ඒක හරි ඒ උනාට උබලා ලියන ඒවා උබලට වඩා අපිට අයිතිවාසිකමක් තියනවා ..ඒ ලිපි උබලාට වඩා වටින්නේ රටට අපේ අනගත පරපුරට ළමයින්ට
    විසිටරයා මම ඉගෙන ගන්න කලේ ලිව්වනම් මම අද ආර්ථික විදච්ජෙයක් නැත්නම් ගන්කදිවරෙයක් (හොද වෙලාවට එහම නොඋනේ කියලා අපේ කඩ්ප්පුලියෝ කියයි ඒවා ගන්න ගන්න එපා).
    බ්ලොග් වල හැම එකම ගදයෝ නෙමයි බන් දැකල කතා කරලා නැතුව ඒක දුරකතන අමුතුමකට උන්ට පුලුවන් උදව්වක් කරන එවුන් ඉන්නවා බන්.
    මට පහු ගිය කලේ මඩ ගැහව්වා එත් කෝල් කරලා "මෙන්ඩ මොකද බන් කියලා" අහපු එවුන් ගොඩක් හිට්යා.
    මොනව උනත් පුලුවන් වෙලාවට ලියපන්. ආයමත් කියන්නේ නම වෙනස් කරන ඒක ආයම පාරක් හිතලා බලපන්

    ReplyDelete
    Replies
    1. නම වෙනස් කරල නෑ. විභාග කටයුතු ඉවරෙටම ඉවර වුන දා ආයෙත් පරන යකාමයි. මේක ඩිලීට් කරල නෑනෙ. අරක නිකමට කැසිල්ල වැඩි නිසා නිකම්ම ඉන්න බැරුව ට කරන එකක්. මේකනෙ හැමෝම දන්න ඔරිජිනල් එක.

      බ්ලොග් ලෝකය ගැන උබ කියල තියන කතාවට එකඟයි.

      Delete
  9. උඹට තියෙන ලෙඩේ හොද කරන්න ටිකක් අමාරුයි.. අනේ මන්දා බං උඹල ජීවත් වෙනවා කියල මොනවා කරනවද කියලා.. උඹ දන්නවද මන්දා අර දුක් වෙන සමහර දේවල් ටික කාලයක් ගියාම පැණිරස වෙලා තියෙන විත්තිය..

    ReplyDelete
  10. නැවත පැමිණීම ගැන සතුටුයි, මේ වසරේ ඔබේ විභාගය සර්තක වේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. ඔවු මේක බඩවැල වගෙ ඇදෙන්න දෙන්න බෑ. මේ අවුරුද්දෙ ඉවරෙටම ඉවර කරනව.
      ඒත් දවසකට සැරයක් අඩුගානෙ කෝච්චියෙදි හරි බ්ලොග් කියවනව. මම හදවතින් උබලත් එක්ක තමා බන්.

      Delete
  11. කමෙන්ට් කරන්න අවස්ථාවත් අහිමි කරමින් දමලගහල ගියහන්දා මං ඉන්නේ කලකිරිමෙන් , මේ පෝස්ට් එකෙත් කලින් කමෙන්ට් කරන්න බැරිකරල තිබුනා නේද , උඹ මහ අමුත් මනුස්සයෙක් බං

    ReplyDelete
    Replies
    1. මට වුන ප්‍රශ්න තේරුම් ගනින් බන්. උඹලට මෙහෙම වුනානම් ඒත් මෙහෙම දමල ගහල යනව.
      බ්ලොග් ලෝකය ගැන කලකිරීමෙන් ඉන්නකොට තමා මේක වුනේ. ආයෙ ඒ ට්‍රැක් එකට වැටෙන්න ලේසි නෑ.එකට පාඩම් කරපු අය කවුරුත් නෑ.මේක තනියම කරන්න ටිකක් අමාරු යි. ගෲප් විදියට ස්ටඩි කරන්නෙ. කමිය දන්නව ඔය සීන් එක. එක පිම්මෙ යන්න ඕන රිපීට් වෙන්න ගත්තම ඒ ගැම්ම නැතිව යනව.
      මේ පෝස්ට් එක දැම්මට පස්සෙ සෙටින්ස් හැදුවෙ. මගෙ වැඩවලින් අවුලක් වුනානම් සමාව භාජනේකට දාපන්.

      Delete
    2. මු අමුනුස්සයෙක් නිසානේ බං යකා කියන්නේ

      Delete
    3. // මු අමුනුස්සයෙක් නිසානේ බං යකා කියන්නේ //

      :D

      Delete
    4. මෙන්ඩා මට මේල් එකක් දාහං

      Delete
  12. //මම බ්ලොග් ලිවීම නතර කලේ කාටවත් බයේ නොවේ. එක එක හේතු ඉදිරිපත් කලත් සැබෑ ප්‍රධාන හේතුව මගේ Law එග්සෑම් එක අසමත් වීමයි// සැබෑ හේතුවම පවසා බ්ලොග් එක නතර කල නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. අපි කවුරුත් කන බොන සාමාන්‍ය මිනිස්සු නොවැ :)

    නැවත පැමිණීම හොඳයි. දැන් එතකොට ඉදිරියට ලියවෙන්නේ මේකද සිවුවැනිමානයද?

    විභාගය සහ විවාහය දෙකම සාර්ථක වේවා !!!

    ReplyDelete
    Replies
    1. රෙජිස්ට්‍රේෂන් ආවට පස්සෙ ඔය දෙකෙන්ම ලියවෙන එකක් නෑ.කොහොමත් මේ ලෝ ප්‍රශ්න ඉවරවුනාම තමා ලොකුවටම බ්ලොග් කෙරුවාවට බහින්නෙ. ලෝ කියන්නෙ Attorney ත් ඉවර වුනාට පස්සෙ. හොදට ගැම්ම අරන් ආයෙ ට්‍රැක් එකට වැටෙන්න ඕන.


      විභාගය සහ විවාහය දෙකම සාර්ථක වේවා !!!//

      ස්තුතියි.

      Delete
  13. මං කීව කියල හිතාගං මස්සිනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඉන්න මල්ලි තමයි මට උබ ගැන කිව්වේ. මම උබගේ ලිපි කියවන්නේ නැති කලේ මට තර්ජනය කරේ යකාගේ ලිපි කියවපන් කියලා

      Delete
    2. මචන් පත්තරය අපේ ගෙවල් ලග එකෙක්. ඌ හිත හොද එකානෙ.පත්තරය පත්තරය කිව්වට මූ කියල හීනෙකින්වත් හිතුවෙ නෑ.
      කුලියපිටියෙ පත්තර ගෙදර පාටියක් තිබුන මතකද. අන්න එදා තමා මට විචිකිච්චාවක් ඇතිවෙලා මේ කොහෙද කියල හොයල බැලුවෙ.පස්සෙ අදුනගත්ත. මං පත්තරය දන්නව කියල කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ.

      ඒක නෙමෙයි උබත් කුලියපිටියට සම්බන්ධයක් තියනව නේද.

      අපි දැන් තුම්පනේට නොකඩවා හම්බවුන කප් එක උස්සල තියෙන්නෙ .බොරුනම් බුකියෙ බලහන්.

      Delete
  14. මෙහෙම කියන්නම් ම.ම

    මුලින් ම උඹ ආපහු බ්ලොගය විවෘත කිරීම ගැන අපගේ සතුට. බ්ලොග් ලිවීම හෝ කියැවීම කරදරයක් නොවෙන විදිහට කරගනිමු. ඒ අනුව අපිට ආයෙමත් සංවාදයන් ආරම්භ කළ හැකි වෙනවා. මොනවා වුණත් උඹ ආපු එක ගැන සතුටුයි. උඹ ගිය වෙලාවෙත් බ්ලොග් ලෝකය හෙල්ලිලා විවිධ දේ ගැන කතා කරා... හැබැයි උඹ ගිය එක ගැන නං අපි ධනාත්මක ව දැක්කේ නැහැ... දැනුත් ඒක එහෙමමයි. ඒ වැරැද්ද වැරැද්දක් තමා. පාලනයකින් යුතුව උඹට තේරෙන ආකාරයට බ්ලොගය කරගෙන යමු... ඒත් නොතේරෙන කාරණය තමා මේ බ්ලොගය හැර වෙනකක් කරනවාද යන්න.. අපේ නං යෝජනාව මේකම කරමු කියලයි.

    අපිට දැනෙන දේ අනුව කියන්න තියෙන්නේ මෙච්චරයි... උඹව මේ පිරිස අතරට අවශ්‍යයි.... ඒ නිසා උඹ හිදීම වැදගත්.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. සිවුවැනිමානය පටන් ගත්තෙ අලුත්ම ඉස්කෝලක අලුත්ම සිසුවෙක් වගෙ පටන් ගන්න.ඒත් ඒක ලේසි වුනේ නෑ. කීපදෙනෙකුටම සැක ඇතිවෙලා තිබුන. මේකෙන් ඉගෙනගත්ත පාඩම තමා කවදාවත් එක් කෙනෙකුට බ්ලොග් දෙකක් කරන්න බැරි බව ( දෙන්නෙක් බව අගවමින් ). මම හිතුවෙ කාටවත් සැක ඇතිනොවෙයි කියල. මම ශෛලියත් එහෙ මෙහෙ කර කර ලිව්වෙ. නමුත් බ්ලොග්කාරයො කියන්නෙ එසේ මෙසේ පිරිසක් නොවෙයි. ලෝකෙ කාල ගල් කාලකුත් බීපු අයනෙ හෙහෙ හෙහෙ.

      උත්ථානයට හේතුව ප්‍රදීප් මංගල. ඔහු අපූරු අදහස් දක්වන්නෙක්.බ්ලොග් එක කුරුසියේ ඇනගසා තුන්මසකින් යලි නැගිටිනබවට අනාගත වාක්‍යයක් එහෙමත් නෑනෙ .හෙහෙ හෙහෙ
      හැබැයි මචන් නීතිමය ප්‍රශ්න අවසන් වන තුරු ඉස්සර වගෙ සංවාදවලටනම් ඔය කිසිම බ්ලොග් එකකින් සම්බන්ධවෙන්න බැරිවෙයි. ඔක්කොටම කලින් මේ නීතිමය ප්‍රශ්න ටික විසදගන්න ඕන.

      නමුත් හරවත් සංවාදයක් ගියොත් නීතිමය ප්‍රශ්න මැදවුනත් යම් යම් මැදිහත්වීම් කරනවා.

      බ්ලොග් ලෝකය තුල මගෙ අනන්‍යතවය සනිටුහන් වෙන්නෙ යකාගෙ අඩවිය තුලින්. ඉතා ප්‍රාථමික හැඩයක් තිබෙන සිවුවැනිමානය නෙමෙයි.සිව්වැනිමානය කියන්නෙ මේ නීතිමය ප්‍රශ්න අවසන් වනතුරු එකපාරටම බ්ලොග් කෙරුවාව අමතක කරන්නත් බැරි නිසා හොල්මන් කරන්න හදාගත්ත පැල්කොටයක්. මගෙ ස්ථිර පදිංචිය මහගෙදර ඒ කියන්නෙ යකාගෙ අඩවිය.

      මට මාස කීපයක නිවාඩුවක් දෙන්න. මා ගැන පලකරපු ධනාත්මක කොමෙන්ට් එක ගැනත් බොහොම ස්තුතියි. අමතක කරන්න එපා මම කොමෙන්ට් හා වීව්ස් වලින් හැමදාම උබල එක්ක.ඒ කියන්නෙ හදවතින් උබල එක්ක. ස්තුතියි.

      Delete
    2. ඇත්තට ම සතුටුයි බං.......... උඹ ඕනේ තරම් කාලය ගනින්.... බ්ලොග් පැත්තේ එන වෙලාවට ආවා කියලා සලකුණක් තියලා යමන්.... ඒ හොදට ම ඇති.... ඉන්නවා කියන දේ විතරක් පෙන්නුවත් ලොකු දෙයක්. ආයෙම හැකි වුණාම පටන් ගනිමු... බ්ලොගයත් හැකි වෙලාවට අප්ඩේට් කරන්න.. ඒත් අධයාපනය සහ ජීවිතයට මේක කරදරයක් කරගන්න එපා.... උඹ සතියකින් මාසයකින් අවුරුද්දකින් හෝ අවුරුදු ගානකින් ආවත් බ්ලොග් තියේවි.... මේ සින්ඩි තියේවි.. සමහර විට අපිත් ඉදිවි......... එහෙනං ජයවේවා..

      Delete
    3. එහෙම වෙන්නේ නැහැ යකා . මන් දැන් බ්ලොග් කියක් කෙරුවද. හැමෝම දන්නේ කොළඹ ගමයා එක විතරයි. නමින් කරන නිසා.

      Delete
    4. මම නං නොකී කතා හැර වෙන එකක් ලිව්වා. ටික දෙනයි සැක කළේ. ඒක ආයෙම ලියන්න ගන්න ඕනේ. මේ මගුලෙ යහපාලනයක් නිසා ඒකත් එපා වුණා නොවැ.

      Delete
  15. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ, ඒනිසා ඉගෙනුමට මුල් තැන දෙන්ඩ...

    ReplyDelete
  16. සිව් වෙනි මානයේ නම් උඹව පේන්න නෑ... හැබයි ප්‍රදීප් මංගල තුල නම් මධ්‍යස්තයා ඉන්නවා කිසි අඩුවක් නැතිව... මම හිතාගෙන උන්නේ උඹ මේ මාත් එක්ක අවුලක් වෙලා මේක නැවත්තුවය කියලා.. බලාගෙන ගියාම වෘත්තීය බ්ලොග්කාරයෙක් වෙන්න ගිහින් වැඩ අනාගෙන.. මේක ජීවීතේ කර ගන්න එකා නම් අමු මෝඩයෙක්.. මේවා තියෙන්නේ විනෝදාංශ විදියට.

    උඹේ නම මධ්‍යස්ත උනාට උඹ ඒ වැඩේදිත් මධ්‍යස්ත වෙලා නෑ... කොහොම හරි ගිය දේ ගියා.. ඒ අතීතය.. අතීතය අමතක කරලා, ජීවෙතේ වැදගත් දේ අනුපිලිවලට හදාගෙන.. වෙලාවක් තියෙන වෙලාවට විතරක් මේ දේත් කරපන්.. මොකෝ උඹ නැති අඩුව බොහොම දැනුන නිසා... අපි අදහස් වලින් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් විරුද්ධමතයටත් අනිවාර්යයෙන් තැනක් තියෙන්නේ ඕන.. වෙලාවක මුන ගැසෙමු... එතකොට ඔය තියෙන වැරදි අදහස් සම්පූර්ණයෙන්ම නැති වෙයි...

    බ්ලොග් එක පුළුවන් වෙලාවක අප්ඩේට් කරපන්.. ඉඩ ඇති වෙලාවක කොමෙන්ට් එකක් දාපන්... අපි මරාගමු... ගැල ඔහේ ඉදිරියට ඇදෙද්දෙන්.. ජය වේවා... සියළුම දෙයට..

    ReplyDelete
    Replies
    1. විනෝදාංශයක් විදියට තමයි කරන්න ඕන. කොමෙන්ට් වැටිලද හිට්ස් කොහොමද බලන්න දවස තිස්සෙම ලොග් වෙමින් බ්ලොග් එක ඇර ලෝකයක් තිබුනෙම නෑ. ඔෆිස් එකෙත් බ්ලොග් එක.කෝච්චියෙත් බ්ලොග් එක ,ගෙදරත් බ්ලොග් එක.
      විභාගෙ පටන් ගන්න ඉස්සර කැම්පස් එකේ මැශින් එකෙන් රිප්ලයි කෙරුව කියන්නෙ තව මොන කතාද.( අනික් උන් පාඩම් කරන අතරෙ ).

      බ්ලොග් එක වහන්නෙ නැතිව පාලනය කරගන්නම බැරිවුනා.පෝස්ට් එකක් නොදා දවසක් ඉන්නකොට හරිම අමාරුයි මොනවහරි ලියන්නම හිතෙනව.දැන්නම් පාලනය වෙලා තියෙන්නෙ.

      විරුද්ධ මතවලට තැනක් ලැබුනොත් තමා එතන සංවාදයක් ඇතිවෙන්නෙ. සමහරවිට අපෙන් කෙනෙක් වැරදිවෙන්න පුලුවන්. අදහස් ගැටිල නිවැරදිවෙන්නත් පුලුවන්.හැබැයි මටනම් හිතෙන්නෙ අපි අතර වෙනස්කම් අඩුයි කියල.

      ඔවු අපි හමුවෙමු. කොහොමත් මේ විභාග ඉවර වුනාට පස්සෙ හිත නිදහස් කරගෙන බ්ලොග් කලාවෙ ප්‍රගමනයට ඉහලින්ම කැපවෙනව. නෙළුම් යාය සම්මාන උලෙල සහ එයට ලැබුන ජාතික මට්ටමේ ප්‍රචාරය ගැන මම අපමන සතුටට පත්වෙලයි ඉන්නෙ.

      Delete
  17. උඹ ආව එක ගැනනම් සතුටුයි. සිවිවෙනි මානය ලියන්නේ උඹම තමයි කියලා මම දැන ගත්තේ උඹ ඒ නමින් මගේ බිලොග් එකේ කොමන්ටුවක් දැම්මට පස්සේ. ඉන් පස්සේ මම ඒ බිලොග් එකේ ලිපි බැලුවා. ඒ උඹමයි කියලා දැනගත්තේ උඹටම ආවේණික සමහර කරුණු ඒ ලිපිවල තිබුන නිසා.

    ...මම ශෛලියත් එහෙ මෙහෙ කර කර ලිව්වෙ...

    ඒ කොහොම ලිව්වත් උඹව අදුන ගන්න පුලුවන් දේවල් ඒ ලිපිවලයි උඹේ කොමන්ට් වලයි තිබුනා.

    ..//පාලනයකින් තොරව විකාරෙන් මෙන් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් සියල්ල අවුල් විය//..

    මටත් ඕක උනා. ඒ නිසා ටිකින් ටික ඒක පාලනය කර ගත්තා. මම දැන් පොස්ට් එකක් දාන්නෙත් මට ලැබෙන විවේකය අනුවයි.උඹට මේලක් දාන්න නම් බැරි. වෙන එකක් තියා මගේ මේලටත් මම යන්නේ කලාතුරකින්. මට මේල බැලෙන්නේම නෑ.

    කොහොම හරි කමක් නෑ විවේකයක් ලබෙන වෙලාවට පෝස්ට් එකක් දාපං මචං.


    ReplyDelete
    Replies
    1. සිවුවැනිමානයෙන් මාතලන්ගෙ පෝස්ට් කීපයකටම කොමෙන්ට් කරන්න තද අවශ්‍යතාවයක් තිබුනත් කොමෙන්ට් නොකලෙ අහුවෙයි කියල. සිවුවැනිමානයෙන් මාතලන් ගෙයි කොලබ ගමයගෙයි කවදාවත් කොමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගෙන උන්නෙ.
      ඒත් බ්ලොග් ලියන්නෙ හොද මීටර්. මටම තේරුනා ඉයන්ගෙ ජේවීපී පෝස්ට් එකට මම දාපු කොමෙන්ටුයි චීවරධාරීන් ගැන මම දාපු පෝස්ට් එකෙන් පස්සෙ අතේ කයිතන් කියල.

      මටත් ඕක උනා. ඒ නිසා ටිකින් ටික ඒක පාලනය කර ගත්තා//

      මේ තත්වයට මම විතරක් නෙමෙයි බ්ලොග් ලියන අපි කීප දෙනෙක්ම ගොදුරුවෙලා ඉන්නෙ. නම් වශයෙන් නොකීවට.සමහරු බුකියටත් ඇබ්බැහි වෙලා.

      විවේකයක් ලැබෙන වෙලාවල යලට මහට වගෙ මොනවහරි ලියනව.දැන් පාඩමකුත් ඉගෙන ගත්තනෙ.

      Delete
  18. මේක තරුණ අයට හොඳ පාඩම. ආදිකාලේ මම විභාග කරනකොට යාළුවෙලා ඉන්න කෙල්ලටත් නිවාඩු දෙනවා. ජීවිතේ කලයුතු දේවල් prioritise කරන එක අතපසු වුණාම ඒකට සම්බන්ධ ප්‍රශ්ණ වැලකට මුහුණ දෙන්න වෙනවා. අද දාපු බ්ලොග් පෝස්ට් එක අවුරුද්දකින් අමතකයි. අද මඟ හැරිය දේවල් ජීවිතේම පස්සෙන් එන්න පුලුවන්. ගිය ණුවන යූ එන් පිය ලවා වත් ආපහු අද්දගන්න බැහැ කියල තියෙන්නේ හේතුවක් ඇතුව. විභාග ඉවර වෙනකන් බ්ලොග් පෝස්ට් නොලිය ඉන්න කියන එක තමයි මට දෙන්න පුළුවන් අවවාදය. අනික් බ්ලොග් වල කමෙන්ට් එකක් දාන්න වෙලා යන්නෙ නැහැ. එහෙම පෙනී ඉඳල කොච්චර කුලප්පු කලත් දිග කතා වලට නොගිහින් කාගෙන ඉන්න.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඉයන්.

      Delete
    2. ඉතා වැදගත් සමාජ ගැටලුවක් ඔබ මතු කලේ.

      මේක තරුණ අයට හොඳ පාඩම.//
      තරුනයන් නොවන අපිත් මෙහෙම ඇබ්බැහිවෙනවනම් නොමගයන වයසෙ තරුන තරුනියන් අන්තර්ජාලය නිසා තමන්ගෙ ජීවිත කාලකන්නි කරගෙන ඇද්ද කියල හිතෙනව. සාමාන්‍ය පෙල උසස්පෙල ඇනගත්ත විශාල පිරිසක් ඉන්නව කියල හිතෙනව. විභාග ඇරුනම වෙනත් පෞද්ගලික කටයුතුත් අවුල් කරගත්ත අය ඉන්නව.මේක ලෝකෙ පුරාම තියන දෙයක්.අනාගටහ්යෙ මෙය ලොකු සමාජ ප්‍රශ්නයක් වෙයි.

      මේ පෝස්ට් එකත් අර ප්‍රදීප් මංගල නිසා වැටුන එකක්. විභාග ඉවරවෙනකම් කොහොමත් මම බ්ලොග් පෝස්ට් දාන්නෙ නෑ.අර උගුඩුවගෙ කතාව වගෙ ටිකෙන් ටික ආයෙ වලට වැටෙනව. (එපා කියද්දි උගුඩු පුතා කෙසෙල් ගසට ගිහින් ටිකෙන් ටික කෙසෙල් කෑව වගෙ ).දන්නෙම නැතිව දිග සංවාදවලට යනව.

      Delete
  19. ආව එක හොඳයි. මමත් බ්ලොග් පොස්ට් එකක්ම දැම්මා. දැන් ඒක වැඩක් නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් විභාග අරක මේක ඉවරෙටම ඉවර වුනාට පස්සෙ එන්නයි හිටියෙ. මේ ආවෙනම් අහම්බයක්නෙ. ලබන අවුරුද්දෙත් මේ කාලෙ වෙනකොට නීතිමය ප්‍රශ්න අවසන් වෙයි.පොත් තියන නිසා අවුරුදු ඉවර වුනාට පස්සෙ ආයෙ පාඩම්කරන්න ගන්නව. ............ බර වුනාට පස්සෙ පිටිය හොයන්න ගියාම මොකුත් කරන්න හම්බවෙන්නෙ නෑ.

      Delete
    2. මෙම ලිපිය මගේ ඇස නොගැටීම පුදුමයකි.
      බ්ලොග් සම්මාන ඔබේ අදහසක් බව මම දන්නෙ දැන්ය. මා සිතුවේ ඔබ නෙලුම්යායේ කැපිල පේන්න වැඩ කරන චරිතයක් පමනක් බවය. ඔබට පුද්ගලිකව චෝදනා කිරීමේ අවශ්‍යතවයක් නම් නොවීය. මෙය ඔබේ අදහසක් සහ ඔබ මෙහි පුරෝගාමියා බව දැන සිටියානම් මතවාදය මොකක් වුනත් මෙහෙමවත් චෝදනාවක් නොකරමි. අපේ මොනමත වාද තිබුනත් සයිබරය නිසා ගොඩනැගුන හිතවත්කම ඒ සියල්ල පරයා යන බැවිනි.

      මම මිතුරන්ට පුද්ගලික චෝදනා කිරීම අතිශයින්ම පිලිකුල් කරමි. මට එන්නට සිදුවුනේද ප්‍රදීප් මංගල මාතලන්ට පුද්ගලිකව කල චෝදනාවක් ( සල්ලි වලට ලියනවා යන්න ) නිසාය. ඔහු ප්‍රදීප් හා මම එකෙක් යැ‍යි සිතූ නිසා එය නිවැරදි කිරීමටය. සල්ලි වලට ලියන අය සිටිනවා විය හැක. එය වෙනම කතාවකි.එහි වරදක්ද නැත.

      නෙළුම් යාය බ්ලොග් සම්මාන ගැන මට ඍනාත්මක අදහස් තිබිනි. එහෙත් මාර්තු 26 දින එය පැවැත්වූ ආකාරයෙන් එම අදහස් වාෂ්ප වී ගියේය. එදා ප්‍රථම වරට බ්ලොග් ගැන ජාතික මට්ටමේ හාහෝවක් ඇතිවිය.මම නිතර කියන දෙයක් නම් මා වැරදි විය හැක. කරුනාකර මා නිවැරදි කරන්න යන්නයි.මගේ ලිවීමේ අරමුන මට අනුන්ගෙන් යමක් ඉගෙන ගැනීමයි. මගේ ලිපියක් කොමෙන්ට් තුලින් ඔප මට්ටම් වූ පසු එම ලිපිය තව දුරටත් මගෙ ලිපියක් නොවේ.බ්ලොග් ලොවේ පොදු දේපොලකි.

      ටික්කා සම්බන්ධ කරුනෙහිදීනම් මුල් වරද කලේ ඔහුය. එම ලිපියේ ගුරුවරියට පක්ෂව සිටි කිසිම කෙනෙක් එය පුද්ගලිකව ගත්තේ නැත. ටික්කා පමනක් මට අසභ්‍ය වදනින් බැන්නේය. මට තිබුනේ ඔහුට උත්තර නොදී එම කොමෙන්ට් එසේම තිබෙන්නට හැරීමයි. නමුත් මෙවැනි අවස්ථාවක් කලමනාකරනය කර ගැනීම ගැන මට අත්දැකීමක් නොවීය. මීට පෙර සිදුවුනේ ඇනෝ ප්‍රහාරයි. එහෙත් ප්‍රොෆයිල් එකෙන්ම සහෘද බ්ලොග්කරුවෙකුට එලිපිට පහර දීම කුනුහරප කියමින් තර්ජනය කිරීම ඉතා භයානකය. මට එය අදහාගත නොහැකි විය.

      ටික්කා මට අපහාස කල පසු එම වදන්ම භාවිතා කර පෙරලා පහර දුන්නෙමි. ටික්කාට තරහ ගන්නට කිසිම හේතුවක් නොවීය. මම කලේ ගුරුවරියගේ ලිපිය විවේචනයයි. ඒ ගැන ගුරුවරියගේ පැහැදිලිකිරීමෙන් පසු අප මම අඩියක් පස්සට ගෙන වාදය අවසන් කලෙමි. ඉන්පසු ඇයටද ප්‍රශ්නයක් වුනේ මා සමග නොව රසිකගේ කොමෙන්ටුවක් ගැනය.

      ටික්කා මැදිහත් වුනේ මේ අවස්ථාවේදීය.ටික්කා කුනුහරපෙන් බැන්න පසු මමද එලෙසින්ම බැන්නෙමි.මෙසේ බැන අඩගසාගැනීම දින දෙකතුනක් තිස්සේ ඇදී ගියේය. ඇනෝ කොමෙන්ට්ද වැටුනි.

      ටික්කා පිටුපස සිටින වෙනත් බ්ලොග්කාරියක් ගැන ඊමේල් එකක් ලැබුනි මේ අතරතුරදීය.එම ඊ මේල් එක ඉතා දීර්ඝ එකකි. එහි බ්ලොග් ලෝකයේ ඉතා අතීත සිදුවීම් පවා තිබිනි. අප බ්ලොග් කියවීමට පෙර යුගයේ හැලහැප්පිලි පවා තිබිනි. ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් හා කාරියන් කීපදෙනෙකුට විවිධ චෝදනාද එල්ල කර තිබිනි.

      එම ඊ මේල් එකේ තිබුනේ ටික්කා පිටුපස විදේශයක ජීවත්වන බ්ලොග්කාරියක් සිටින බවයි. ඇගේ අතීත ක්‍රියාකලාපය ගැන වෙනත් විස්තරද තිබිනි.මම එය විශ්වාස කලේ වෙන කිසිම බ්ලොග්කරුවෙකු නොකල ආකාරයෙන් ටික්කා මෙම සිදුවීමේදී ඉතා අසාමාන්‍ය ලෙස හැසිරීම දෙස බලන විටයි.

      මම ගුරුවරියගේ ලිපියට විචාරයක් පල කර වරදක් කල බව මට පසුව සිතුනි.මට අවශ්‍ය වුනේ එම සිදුවීම ප්‍රස්තූත වශයෙන් ගෙන පාසල්වල සිසු හිංසනය ගැන කතා කිරීමටයි. එහෙත් එවැනි සංවාදයක් සමාජයේ වෙනත් පැත්තක් වන ස්ත්‍රී අනුකම්පාව දෙසට ගසාගෙන යනු ඇතැයි නොසිතුවෙමි. කෙසේ නමුත් මා කලේ ඉතා අනවශ්‍ය දෙයක් බව පසුව කල්පනා විය.

      මම බ්ලොග්කලාවට ආදරය කරමි. බ්ලොග්කරුවන්ටද ආදරය කරමි.කිසිවෙක් හා තරහක් නැත. මට මුලින්ම පහරදුන් පසු මා ද පහරදුන්නෙමි. මගේ එම ග්‍රාම්‍ය හැසිරීම මට තරම් නොවන බව මට සිතේ.ටික්කා මා හපාකෑ පසු මා ටික්කා ව පෙරලා හපාකෑමට ගිය සැටි හාස්‍යජනකය.

      Delete
    3. මම කිසිම තැනකදි මාතලන් සල්ලිවලට ලියනබව පවසා නැත. එය නිවරදිවනවානම් යහපත්යැයි මම සිතමි. මම ඔබ පවසන ලිපියේදි විමසුයේ මාතලන් ලියන්නේ මොන අරමුනින්ද යන්න පමනි ප්‍රදිප් මංගල

      Delete
    4. //ප්‍රදීප් මංගල මාතලන්ට පුද්ගලිකව කල චෝදනාවක් ( සල්ලි වලට ලියනවා යන්න ) නිසාය.//

      මා එහි සදන්කර ඇත්තේ මාතලන් මුදල්වලට ලියනබව නොව ඔහුගේ හිත සුවපත්කර ගැනිම පිනිස හතර අතේ බැනවදින බවය. එලෙස විවේචනය කිරිමේ අරමුණ දන්නේ මාතලන්ම පමනක් බවය.....

      එයින් මම මාතලන් මුදල්වලට ලියන බවක් කියනවායැයි ඔබට හැගියනවානම් එ පිලිබන්දව කනගාටුවෙමි. එහෙත් මටනම් එහි එවැනි අර්තයක් පෙනෙන්නේ නැත. සමහවිට එය ඔබගේ කියවිමේ දුර්වලතාවයක් හෝ මගේ ලිවිමේ දුර්වලතවයක් හෝ විය හැකිය. ලියන්න කෙසේ ලිවද කියවන්නා කියවන්නේ ඔහුට අවශය විදිහටය...

      Delete
  20. යකා එහෙනං ආයෙමත් ආවා....බොහෝම සතුටුයි....අනුන්ට කෙසේ වෙතත් ඔබේ අඩුව මට නම් හොඳටෝම දැනුනා....කවුරු කොහොම හිතාගෙන හිටියත් මම විශ්වාස කලා ඔබ ආයෙමත් ඒවි කියලා.....ලියන එකාට ලියන එක නවත්තන්න කොහොමටත් බෑ.....මේකත් හරියට අරක්කු සිගරට් බොන එකා ඒවා නවත්තනවා වගේ වැඩක්....අවස්තාව ඇති වුනු තැන ආයෙමත් තොලගානවා....පොස්ස්ටුව පල වී දින දෙකක් පසුවී කොමෙන්ට් කරන්න වීම මගේ සිතට වදයක්....සිව්වැනි මානයේ සාර්තකත්වයට මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මට ඔබ ගැන තියෙන්නෙත් ඉතාම යහපත් හැඟීමක්. ඔබේ අවංකකම ,රැඩිකල් බව,සම්ප්‍රදාය,මනුෂ්‍යත්වය මේ හැම දෙයකම් අපූරු සංකලනයක් ඔබේ පෝස්ට් තුලින් දුටුවා,ඒ නිසයි අමුතු මුසල්මානයා නමින් පෝස්ට් එකක් දමා ඔබව බ්ලොග් ලොවට හදුන්වාදුන්නෙ.

      ආයෙමත් ආව කියන එකනම් නිවැරදිම නෑ. මම වැඩිම වුනොත් අවුරුද්දක් යනකම් ක්‍රියාකාරීව බ්ලොග් ලෝකයට එන්නෙ නෑ .ත් ඉවරකරගන්න කම්.

      .මේකත් හරියට අරක්කු සිගරට් බොන එකා ඒවා නවත්තනවා වගේ වැඩක්....අවස්තාව ඇති වුනු තැන ආයෙමත් තොලගානවා//
      ඒක තමා සිව්වැනිමානය

      සිවුවැනිමානය නිකම් තවකාලිකව අටවගත්ත පැල්කොටයක්. මගෙ ස්ථිර පදිංචිය මේක ,යකාගෙ අඩවිය. බ්ලොග් ලෝකෙ මගෙ අනන්‍යතවයාක් ඇතිවුනෙ ඒකෙන්.

      මම පෝස්ට් දැම්මෙ නැතිවුනත් උඹලගෙ බ්ලොග් වලට එනව. කොමෙන්ට් දැම්මත් නැතත් අනිවාර්යයෙන්ම කියවනව.කොමෙන්ට් දාන්නෙ අත්‍යවශ්‍යම කියල හිතුනොත් තමයි.

      තව දෙයක්. මම ගෙදර ඉන්ටනෙට් කනෙක්ෂන් එක (පැකේජ් එකක් තිබුනෙ ) ඩිස්කනෙක්ට් කලා.දැන් ගෙදර ඉන්ටනෙට් නෑ. මේ එන්නෙත් ඔෆිස් එකෙන්.ඔෆිස්වල නෙට් යන්න බෑ වැඩනෙ.මේ නිසා ඇබ්බැහිය හුගක්ම පාලනය වුනා.

      Delete
  21. කිව්වත් වගේ මධ්‍යස්ත මත ධාරියාට මැද මාවතේ පවතින්න බැරිවෙච්ච එක තමා අවුල..

    ලෝ නෙමේ, ගිහින් බුද්ධාගම ටිකක් ඉගනගත්තොත් කොහොමද ? හෙහ් හෙහ්

    නැවත දැකීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. මැදමාවත කියල දෙයක් නෑ බන්.එහෙම ඉන්න කෙලෙස් සහිත සත්වයෙකුට බෑ. මෙතන මධ්‍යස්ථභාවය කියන්නෙ අන්තවලට නොයාම. ඒ කියන්නෙ යම් දෙයක් ගැන පැතිකීපයකින් බැලීම. යම් සිදුවීමකට එක් හේතුවකට වඩා තියෙන්නෙ පුලුවන්.මෙන්න මේ වගෙ අදහසක්. ඒක ඉතින් හරියටම සාර්ථක වෙයිද කියන්න බෑ. මං අප්පිරියම කරන මාක්ස්වාදීන්ගෙ ඌනිත වාදය වගෙ අගතිගාමී ඇසින් ලොව දකින උන්ට වඩා හැම පැත්තක් ගැනම හිතන සාධාරන යුක්තිගරුක මිනිසුන්ට මම කැමතියි. මේ ලෝක සිදුවූ හැම භයානක දේකටම හේතුව ඌනිතවාදය කියල මම විශ්වාසකරන නිසා.

      ඌනිතවාදී නොවීම මිස හැම එකකටම නියුට්‍රල් වෙන එක නෙමෙයි.

      Delete
  22. සිව්වන මානය කියවනවා. කව්දෑ දන්නෙ ලියන්නෙ මේ වසවර්තියා කියලා.

    ReplyDelete
    Replies
    1. සිවුවැනිමානය ලියන කෙනා හොයාගන්න බැරිවුන එක්කෙනෙක් හරි ඉන්නව වගෙයි.හෙහෙ හෙහෙ

      Delete
  23. මමත් කාලෙකින් ආවෙ.. මේ ඇබ්බැහියෙන් මිදෙන්න අමාරුයි බං.. කොහොම නමුත් ආයෙමත් ආපු එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. කොහොමත් මට 2018 දි තමා පූර්නකාලීනව බ්ලොග් ලියන්න එන්න වෙන්නෙ. හිටපු ගමන් කියවන්න එනව.අදහස් දක්වනව. බලමු මොකද වෙන්නෙ කියල.

      Delete
  24. ජීවිතයෙ හැමදෙයකම විනයක් පාලනයක් ඇතිව මධ්‍යස්ථව කරන එක කෝකටත් ඇඟට ගුනයි. මං බ්ලොග් කියවන්න පටන් අරන් අවු 6 -7 විටර උනට cඔම්මෙන්ට් කරන්න කලින් මං සැහෙන කාලයක් කියෙව්වා, බලාගෙන හිටියා, අධ්‍යයනය කලා, කොහොමද කොහෙටද මොනවද කතා කරන්න ඔන කියලා තේරුන් ගන්න. ඊටත් පස්සෙ බොහොම අහම්බෙන් තමයි බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ. ජිවිතෙ කියන්නෙ එක දෙයක් පස්සේ හැල්මෙ දිවිමක් නෙමේ.. පුලුවන් හැම මොහොතකම සමබරව, වින්දනියව, සැහැල්ලුවෙන් එහෙත් තීරණත්මක වෙනස්කම් කරමින් දකිමින් යන ගමනක් විදිහටයි මං දකින්නෙ.

    ReplyDelete
    Replies
    1. සමබරතාවය රැක ගැනීම තමයි අභියෝගය. බ්ලොග්වල විතරක් නෙමෙයි ජීවිතයත් එහෙමයි. ඇබ්බැහි වෙනව කියන්නෙ දුර්වලකමක්.
      ජීවිතය කියන්නෙ අද කල දේ හෙට වැරදි බව තේරුම් ගැනීම. අපි දරන්ම මතවාදත් ඒ වගේ. ඒකයි නිරන්තර සංවාදය අවශ්‍ය වෙන්නෙ.
      අධිකාරී බලයක් නැති මේ සුන්දර අවකාශය රැක ගැනීම හා භුක්ති විදීම කාගෙත් වගකීම.

      Delete
    2. ///අධිකාරී බලයක් නැති මේ සුන්දර අවකාශය රැක ගැනීම හා භුක්ති විදීම කාගෙත් වගකීම.//

      Well said..

      Delete