Friday, April 1, 2016

ප්‍රදීප් මංගල ඇත්තටම මේ එයාද නෑ එයා නෙමෙයි වෙන කෙනෙක්.

බ්ලොග් ලිවීමට හා කියවීමට ඇබ්බැහිවීම නිසා එම ඇබ්බැහියෙන් මිදීමට බ්ලොග් එක ලිවීම නතර කල බව ඔබ සැම දන්නා කරුනකි.බ්ලොග් එක මෙසේ නතර කිරීමෙන් පසු විභීෂන අඩවියේ කොමෙන්ටුවක් දමන ජගත් පතිරන මම ඇනෝ කොමෙන්ට් දමන්නට පටන් ගෙන ඇති  බව කියා තිබිනි.මම එයට කිසි පිලිතුරක් නොදුන්නෙමි.

මම බ්ලොග් ලිවීම නතර කල කාලයේම ප්‍රදීප්  මංගල  නමින් කොමෙන්ට් කරන අයෙක් පහල විය. මේ ප්‍රදීප් මංගල යනු යකාගෙ අඩවිය කල මම යැ‍යි  සමහරුන් තුල සැකයක් ඇතිවී ඇති බවට මට සැක සිතේ. ප්‍රදීප්ද මා මෙන්ම දීර්ඝ කොමෙන්ට් දැමීමත් ඔහු ගේ සමහර අදහස් මගේ අදහස් වලට සමපාත වීමත් මෙසේ දෙදෙනාම එකෙක් යැයි අනුමාන කිරීමට හේතුවී ඇත.

මම යකාගෙ අඩවිය පටන් ගත් මුල් දවස්වල අඩවියේ w3lanka කොමෙන්ට් කලත් ඉන් පසු අවුරුදු එකහමාරක පමන කාලයක එහි කිසිම කොමෙන්ට් එකක් දමා නැත. w3lanka හි කොමෙන්ට් නොදැමීම මගේ ප්‍රතිපත්තියකි. ඊට හේතුව එහි මා සහභාගිවූ සංවාදයකදී ඇතිවූ අප්‍රසන්න සිදුවීමකි.යටිකූට්ටු වැඩ වලට මා අකමැති නිසා එවැනි අයටද අකමැත්තෙමි.ප්‍රදීප් හි නිරතුරුවම කොමෙන්ට් කරයි.

 මා යකාගෙ අඩවිය කරන කාලයේද මාතලන්ට මුදලට ලියන බවට කිසිදා චෝදනාවක් නොකල අතර ඔහුට අපහාස වෙන ආකාරයේ කිසිම නමකින් අමතා නැත.ඊට හේතුව ඔහු මට උදව් කර ඇති නිසා කෘතවේදීත්වයක් ලෙසය.සින්ඩියට දැමීමට අමතරව මට රජ්ජුරුවෝ උඩයි උඩයි යන ලිපියට විශේෂ ප්‍රචාරයක්ද ලබා දුන්නේය.මාතලන් හා මත ගැඨුම් ඇතිකරගත් බව වෙනම කතාවකි.නමුත් ඔහුට පුද්ගලිකව චෝදනා හෝ අවලාද නගා නැත.




මධ්‍යස්ත නැති නිසා නේ බ්ලොග් එක වහලා දාන්නත් උනේ....


/ඉතින් ඔයත් එක එකාට බය වෙලා බ්ලොග් වහලා දාලා වෙනත් නම් වලින් ඇවිත් මෙතන පුද්ගල් විවේචනයකට ගිහින් අඬෝවැඩියාවක් වෙන්නේ නැතිව. එක්කො ඔයාට මාර විදියට ගැලපෙන් පරණ නමින්ම හරි මේ නමින්ම හරි වෙන දේ ලියන්න..//

http://maathalan.blogspot.com/2016/03/mind-of-suicide-bomber.html

ප්‍රදීප් පිළිතුරු දී තිබේ. මෙතනින්

ප්‍රදීප් හා මම එක් අයෙක් ලෙස අනුමාන කිරීමෙන් ප්‍රදීප්ට ද අසාධාරනයක් සිදුවේ.ඔහු වෙනම ලියන්නෙකි. ඔහුගේ අදහස් තර්කානුකූලය.

යම් කෙනෙක් ගැන සැකයක් ඇතිවුනොත් එය දුරුකරගැනීමට  අයි පී ඇඩ්‍රස් පරීක්ෂාවෙන් කල හැක. එකම අයි පී එකෙන් ලොග් වන්නේනම් එකම කෙනෙක් වීමට ඇති සම්භාවිතාවය වැඩිය. එහෙත්  භාශා ශෛලියට අනුව අනුමාන කිරීමනම් මෝඩ වැඩකි. ශෛලිය යනු මෙයයි. සිතන්න සිරිත කියන වචනය වෙනුවට මම චාරීත්‍රය කියා යොදයි. එය හොදට  වෙයි. එවිට වෙන කෙනෙක්ද චාරීත්‍රය කියා යෙදූ විට මේ නම් අරයාමයි කියා සැක කරයි. මෙය මෝඩ කමකි.

ප්‍රදීප් යනු සද්භාවයෙන් කොමෙන්ට් කරන්නෙකි.ඔහුට වෙනම අනන්‍යතවයක් ඇත.ප්‍රදීප්ට සුබ පතමි.