Sunday, April 3, 2016

බ්ලොග් එක නැවැත්වීම ගැන කනගාටුව පලකරමින් ඒ ගැන විමසූ මිතුරු මිතුරියනි.නුඹලාට අනේකවාරයක් ස්තුතියි. සියල්ලන්ටම රිප්ලයි කලෙමි

මම බ්ලොග් ලිවීම නතර කල පසු එම ඊ මේල් එකට පලමු වරට පිවිසියේ අදය. මගේ බ්ලොග් ලිවීම නතර කිරීම ගැන කනගාටුව පලකර මිතුරු මිතුරියන් රැසක්ම ඊ මේල් එවා ඇති බව දැක මහත් කම්පාවට පත්වීමි. ඒ මට ඒවාට රිප්ලයි දැමීමට නොහැකි වූ නිසාය.

මම බ්ලොග් ලිවීම නතර කලේ කාටවත් බයේ නොවේ. එක එක හේතු ඉදිරිපත් කලත් සැබෑ ප්‍රධාන හේතුව මගේ Law එග්සෑම් එක අසමත් වීමයි.එයද අසමත් වුනේ කොලබොක්කටමය. මෙවැනි පරාජයක් මින් පෙර මා විද නැත. මම විභාගය පටන් ගන්න පෙරත් ඉන්ටවල් එකේදිත් කොමෙන්ට් දමමින් රිප්ලයි දමමින් බ්ලොග්කරනයේ යෙදුනි. එය ඉතා භයානක ඇබ්බැහියකි. නමුත් ඒ දිනවල පෙනීසිටිදෙමල ඕරල් එක නම් පාස් වුනෙමි .

දන්න අදුනන අය මම දැන් ලෝයර් කෙනෙක් කියා සිතති. මම මෙහෙම රිපීට් වන බව ඔවුහු නොසිතන නිසාය.ඔවුහු මම දැන් ලෝයර් කෙනෙක් නොව බ්ලොගර් කෙනෙක් බව නොදනිති.මගේ සැලැසුම වුනේ නීති විභාග අවසන් වූ පසු පසු LLM හෝ MBA  වැනි පශ්චාත් උපාධියක් කිරීමය. පාලනයකින් තොරව විකාරෙන් මෙන් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් සියල්ල අවුල් විය.මට තිබෙන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් පමනක් නිසා රැකියාවේ උන්නතිය සදහා පශ්චාත් උපාධියක් අත්‍යවශ්‍යය. ඒ සදහා MA නොකර කෝකටත් හොද නිසා මා පටන් ගත් නීති අංශයෙන්ම පශ්චාත් උපාධිය කිරීමට තීරනය කර තිබුනි. පාලනයකින් තොර බ්ලොග්කරනය නිසා සියල්ල අහිමි විය. මෙය කාටත් හොද පාඩමකි. බ්ලොග් පමනක් නොව සයිබරයේ වෙනත් අංශවලද  ඇබ්බැහිය නිසා කාලය කා දමන අය බොහෝය.

මගේ විභාග වැනි පුද්ගලික දේවල් කියන්නෙ නැතිව ටික්කෙක් ඉදිරියට දමා බ්ලොග් එක නතර කලේ එනිසාය.ස්මාට් ෆෝන් එක වැනි වර්තමානයේ සාමාන්‍ය දේකටත් එක එක කතා ටික්කා කී බව ඔබ දනිති. එවැනි වාතාවරනයක  Law කතා කියා නිකම් එකට දෙකක් අහගන්න ද මට අවශ්‍ය නොවීය. නයා අරිනවා කියා හිතන්නටද ඉඩ තිබූ නිසාය. Law ද අද නෝමල් බව වෙනම කතාවකි. ටික්කගෙ ප්‍රශ්නෙත් මට එහිදී වෙනත් බ්ලොග්කරුවන්ගෙන් සහාය නොලැබීමත් ඇත්තය.එහෙත් එය වෙනම කතාවකි( සමහරුන්ට ඔවුන්ගේ පෝස්ට් එකක් දාපු සැනින් දුවගෙන විත්  දිවා රෑ කොමෙන්ට් දමන මාත් කොමෙන්ට් නොදමන ටික්කාත් සමාන වී තිබිනි ) .එය වෙනම කතාවකි.මට එල්ලවූ ඇනෝ මඩ ප්‍රහාර හා බ්ලොග්කරුවන්ගේ කුඩුකේඩුකම්ද වෙනම කතාය.මම ඒවාට සැලී පැන දුවන දුර්වලයෙක් නොවෙමි.

 විභාගය අසමත් වූ පසු මුලින් මට බ්ලොගය ඇතුලු ඊ මේල් එකම ඩිලීට් කිරීමට සිත්විය.  ඩිලීට් බට්න් එක ප්‍රෙස් කරම්දෝ නොකරම්දෝ යි සිතා ලග නොබලා දුර බලා අත ඉවතට ගත් අවස්ථා ද තිබිනි. කලබල වී ඩිලීට් නොකිරීම ගැන මම දැන් සතුටු වෙමි.

මට බ්ලොග් අතහැර දැමීමටද බැරිය. මම වෙන නමකින් බ්ලොග්කරනයේ යෙදෙමි. ඒත් ඒ කලින් කලා මෙන් විකාරෙන් නොවේ. මම වෙනත් හිතවතුන්ගේ බ්ලොග්ද කියවමි. එහෙත් කොමෙන්ට් දමන්නේ අත්‍යවශ්‍යම නම් පමනි. පැල් බැදගෙන බ්ලොග්කරනයේ නොයෙදෙමි.දීර්ඝ සංවාද නොකරන අතර දවසකට උපරිම පැයක් පමන සයිබරයේ රැදෙමි.

බ්ලොග් එක නැවැත්වීම ගැන කනගාටුව පලකරමින් ඒ ගැන විමසූ මිතුරු මිතුරියනි.නුඹලාට අනේකවාරයක් ස්තුතියි. සියල්ලන්ටම රිප්ලයි කලෙමි. මම සියල්ලටම පෙර මගේ  විභාග අවසන් කරමි. ඉන්පසු බ්ලොග් වලට නිදහසේ කාලය කැපකරමි.


 මට යලිත්  ඊමේල් එකට එන්නට සිදුවුනේ ප්‍රදීප් මංගල සම්බන්ධ කාරනයයි.ඒ ගැනද මෙසේය.

මම යකාගෙ අඩවිය කරන කාලයේ එය හැර වෙන බ්ලොග් එකක්නොවීය. එසේම යකා /මධ්‍යස්ථ මතධාරියා යන නම හැර වෙන කිසිම නමකින් කිසිම බ්ලොග් එකක කොමෙන්ට් දමා නැත. ඇනෝ කොමෙන්ට් දමා නැතැයි නොකියන නමුත් කිසිවෙක් අපහසුතාවයට පත්කිරීමට හෝ ප්‍රහාරාත්මක අරමුනෙන් ඇනෝ කොමෙන්ට් දමා නැත.මම එවැනි දෙකයි පනහෙ වැඩ නොකරමි.ප්‍රදීප් මංගල හෝ වෙනනමකින් හොල්මන් කරන්නට මට අවශ්‍ය නැත.


මේ එම ලිපිය මෙතනින් කියවන්න 

Friday, April 1, 2016

ප්‍රදීප් මංගල ඇත්තටම මේ එයාද නෑ එයා නෙමෙයි වෙන කෙනෙක්.

බ්ලොග් ලිවීමට හා කියවීමට ඇබ්බැහිවීම නිසා එම ඇබ්බැහියෙන් මිදීමට බ්ලොග් එක ලිවීම නතර කල බව ඔබ සැම දන්නා කරුනකි.බ්ලොග් එක මෙසේ නතර කිරීමෙන් පසු විභීෂන අඩවියේ කොමෙන්ටුවක් දමන ජගත් පතිරන මම ඇනෝ කොමෙන්ට් දමන්නට පටන් ගෙන ඇති  බව කියා තිබිනි.මම එයට කිසි පිලිතුරක් නොදුන්නෙමි.

මම බ්ලොග් ලිවීම නතර කල කාලයේම ප්‍රදීප්  මංගල  නමින් කොමෙන්ට් කරන අයෙක් පහල විය. මේ ප්‍රදීප් මංගල යනු යකාගෙ අඩවිය කල මම යැ‍යි  සමහරුන් තුල සැකයක් ඇතිවී ඇති බවට මට සැක සිතේ. ප්‍රදීප්ද මා මෙන්ම දීර්ඝ කොමෙන්ට් දැමීමත් ඔහු ගේ සමහර අදහස් මගේ අදහස් වලට සමපාත වීමත් මෙසේ දෙදෙනාම එකෙක් යැයි අනුමාන කිරීමට හේතුවී ඇත.

මම යකාගෙ අඩවිය පටන් ගත් මුල් දවස්වල අඩවියේ w3lanka කොමෙන්ට් කලත් ඉන් පසු අවුරුදු එකහමාරක පමන කාලයක එහි කිසිම කොමෙන්ට් එකක් දමා නැත. w3lanka හි කොමෙන්ට් නොදැමීම මගේ ප්‍රතිපත්තියකි. ඊට හේතුව එහි මා සහභාගිවූ සංවාදයකදී ඇතිවූ අප්‍රසන්න සිදුවීමකි.යටිකූට්ටු වැඩ වලට මා අකමැති නිසා එවැනි අයටද අකමැත්තෙමි.ප්‍රදීප් හි නිරතුරුවම කොමෙන්ට් කරයි.

 මා යකාගෙ අඩවිය කරන කාලයේද මාතලන්ට මුදලට ලියන බවට කිසිදා චෝදනාවක් නොකල අතර ඔහුට අපහාස වෙන ආකාරයේ කිසිම නමකින් අමතා නැත.ඊට හේතුව ඔහු මට උදව් කර ඇති නිසා කෘතවේදීත්වයක් ලෙසය.සින්ඩියට දැමීමට අමතරව මට රජ්ජුරුවෝ උඩයි උඩයි යන ලිපියට විශේෂ ප්‍රචාරයක්ද ලබා දුන්නේය.මාතලන් හා මත ගැඨුම් ඇතිකරගත් බව වෙනම කතාවකි.නමුත් ඔහුට පුද්ගලිකව චෝදනා හෝ අවලාද නගා නැත.




මධ්‍යස්ත නැති නිසා නේ බ්ලොග් එක වහලා දාන්නත් උනේ....


/ඉතින් ඔයත් එක එකාට බය වෙලා බ්ලොග් වහලා දාලා වෙනත් නම් වලින් ඇවිත් මෙතන පුද්ගල් විවේචනයකට ගිහින් අඬෝවැඩියාවක් වෙන්නේ නැතිව. එක්කො ඔයාට මාර විදියට ගැලපෙන් පරණ නමින්ම හරි මේ නමින්ම හරි වෙන දේ ලියන්න..//

http://maathalan.blogspot.com/2016/03/mind-of-suicide-bomber.html

ප්‍රදීප් පිළිතුරු දී තිබේ. මෙතනින්

ප්‍රදීප් හා මම එක් අයෙක් ලෙස අනුමාන කිරීමෙන් ප්‍රදීප්ට ද අසාධාරනයක් සිදුවේ.ඔහු වෙනම ලියන්නෙකි. ඔහුගේ අදහස් තර්කානුකූලය.

යම් කෙනෙක් ගැන සැකයක් ඇතිවුනොත් එය දුරුකරගැනීමට  අයි පී ඇඩ්‍රස් පරීක්ෂාවෙන් කල හැක. එකම අයි පී එකෙන් ලොග් වන්නේනම් එකම කෙනෙක් වීමට ඇති සම්භාවිතාවය වැඩිය. එහෙත්  භාශා ශෛලියට අනුව අනුමාන කිරීමනම් මෝඩ වැඩකි. ශෛලිය යනු මෙයයි. සිතන්න සිරිත කියන වචනය වෙනුවට මම චාරීත්‍රය කියා යොදයි. එය හොදට  වෙයි. එවිට වෙන කෙනෙක්ද චාරීත්‍රය කියා යෙදූ විට මේ නම් අරයාමයි කියා සැක කරයි. මෙය මෝඩ කමකි.

ප්‍රදීප් යනු සද්භාවයෙන් කොමෙන්ට් කරන්නෙකි.ඔහුට වෙනම අනන්‍යතවයක් ඇත.ප්‍රදීප්ට සුබ පතමි.