Tuesday, December 8, 2015

භාෂාවේ වෙනස්කම් හා පොදු බසක හැඩරුව

මනෝ මන්දිර භාශාව ගැන අපූරු පෝස්ට් එකක් දමා ඇත.


මගේ අදහස් දැක්වීම


1.නොදන්න දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. මට මෙහෙම හිතෙනව. ලංකාව වගෙ කුඩා රටක මේ වගෙ භාෂා වෙනස්කම් ඇතිවුනා කියන්නෙ තව කාලයක් ගියානම් මේ වෙනස්කම් පුළුල් වෙලා වෙනම භාෂා බවට පත්වෙන්නත් ඉඩ තිබුනා. ලංකාවෙ ජනතාවත් ඉස්සර එකිනෙකා මිශ්‍ර වෙලා තිබුනෙ ඉතා අඩුවෙන්.ඒකයි මේ වගෙ වෙනස්කම් ඇතිවුනේ.

එකම ප්‍රජාවක් සොබාවික හේතුවක් නිසා දෙකට බෙදුන කියල හිතමු. උදාහරනයකට ගංගාවක් ගලා යාම වගෙ දෙයක් නිසා . මිනිසුන් එකිනෙකා හමුවීම නැවතුනාට පස්සෙ කාලයක් ගියාම ඒ දෙගොල්ල කතා කරන දේවල් තේරුම් ගන්න බැරි තරමට භාෂාව වෙනස් වෙනව. මේ විදියට තමා එක් භාෂාවක් අනෙක් භාෂාවෙන් වෙනස් වෙලා තියෙන්නෙ.

ඉන්දු ආර්යයන් ස්ටෙප්ස් තැනිතලාවල ඉන්න කොට එකම භාෂාවක් කතා කළත් ඔවුන් විසිරුන විට එක පිරිසක් කතා කළ භාෂාව තව පිරිසකට තේරුම් ගන්න බැරිවුනා. නමුත් එකම මූලයකින් පැවත එන බව සොයා ගන්න පහසුයි.

භාෂාව මගින් ඉතිහාසය සොයා යන්න පුළුවන්. ද්‍රවිඩයන් කයිබර් දුර්ගය හරහා ආ බවට සාක්ෂියක් ලෙස ඒ අවට සිටින බ්‍රාහුයි නම් ද්‍රවිඩ භාෂාව කතා කරන ජනකොටස පෙන්වා දෙනවා.

සියළු භාෂා ගනවලට බෙදා තිබෙනවා.නමුත් බුරුම හා ජපන් වගෙ භාෂා වර්ග කරන්න වාග් විද්‍යාඥයන් අසමත් වෙලා තියනව.

2.සියලු මිනිසුන්ට අදහස් හුවමාරු කරගත හැකි පොදු බසක් ගැන අවධානය යොමු වී තිබෙනවා. එස්පරාන්ටෝ එවැනි එක් උදාහරනයක්.කියුබාවෙ පාසල්වල මෙය උගන්වනවාලු. කෙසේ හෝ ජාත්‍යාන්තර බසක් ලෙස ජනප්‍රිය වී ඇත්තෙ ඉංග්‍රීසි තමයි.

අනාගතයෙදි වඩා විද්‍යාත්මක ජාත්‍යාන්තර බසක් එන්න පුලුවන්. මම හිතනව එහෙම බසක් ඉගෙන ගැනීම ඉතා පහසු විය යුතුයි.උදාහරනයකට shall/will ,has /have වගෙ දේවල් එහි තිබෙන්න බෑ. එසේම උච්ඡාරනය පහසු විය යුතුයි. 



මනෝ මන්දිර ගේ පෝස්ට් එක කියවන විට මේ දැන් නිකමට සිතුන දෙයකි.


සරල භාශා ව්‍යවහාරයකට මේ උදාහරනය ගන්න.



වැඩ කරනව කියන එකට sabar කියල කියනව කියමු. ඒ වචනෙ දැන් මට හිතුන එකක් . මෙහෙම වර නගන්න පුළුවන්.

වැඩ කරනව =  sabar

මම වැඩ කරනව  =  sabaran

අපි වැඩ කරනව = sabaral

ඔබ වැඩ කරනවා =sabaras

ඔහු/ඇය වැඩකරනවා =sabaram

ඔවුන් වැඩ කරනවා = saabary

කාල භේදය වඩා සරලව

වැඩ කළා = saabarD
වැඩ කරාවි= sabarW

මෙහිදී පුරුෂයන් ඉදිරියෙන් D හා W යොදා කාල්භේදය සැකසිය හැක.

නිශේධාර්ථයට N යෙදිය හැක

වැඩ කරන්නෙ නෑ = sabaran

infinitive

වැඩ කරන්නට = Tsabar

නිපාත සම්බන්ධකාරක යෙදීම

for working = Fsabar

When working = Wsabar

until wrking = Usabar

while working = Hsabar

before working =Bsabar

after working =Asabar

If  = Isabar

unless = Insabar

although = Alsabar

verbal naoun

sabarG

prasent particilpe 

SabarP

past partciple

sabarL


adjective

sabaro

adverb 

saabroly

how to make adjective phrases and clauses

eg :  man = 
        pol =
         piya  =farther

The man working in the paddy field is my farther

 sabaro  I pol x man  piya  

( පෝලන්ත බසින් පෝලා යනු කුඹුරය )

මෙහි adjective clause එක අවසන් වන තැන x යොදා ඇත. ඒ පහසුවටය.
      
sabar


නාම විශේෂන වාක්‍යාංශ සහ අන්තර් වාක්‍ය අතර වෙනසක් නැත.



ඔහු කුඹුරේ වැඩකරන විට

Wsabaram i  pol 

noun pharase

sabarg i pol

noun clause

Wsabar i pol


වර නැගීම් කළේ මට මතක් වූ අවස්ථා  පමනි. ඉතා සරල ලෙස එක් අකුරක් පමනක් යොදා විවිධ අර්ථ සහිත යෙදුම් ගොඩ නැගිය හැක. මෙහිදී අනවශ්‍ය වර්ගීකරන වෙනුවට සරලකරනය යොදා ගන්නා ලදී.

55 comments:

  1. මිනිසුන්ගේ දියුණුවට භාෂාව කිසිඳු ප්‍රශ්ණයක් නොවේ.. දියුණුවට බාධාව ඇත්තේ භාෂාවේ නොව චින්තනයේය.

    උදාහරණයක් ලෙස... අපේ රට දියුණු වීමට නම් සරම ගලවා දැමිය යුතුය.

    කෙනෙකුට භාෂාව බාධාවක් නොවේ නම් ඇඳුම ප්‍රශ්ණයක් වන්නේ කෙසේද කියා ප්‍රශ්ණයක් නැඟීමට පුළුවන. එය ඇත්තකි. එහෙත් සරම යනු ගෝත්‍රිකත්වයේ ලක්ෂණයකි..

    ReplyDelete
    Replies
    1. සරම නම් කැමති එකෙක් ඇංදට අවුලක් නෑ යටට ජොකෙක් ඇඳගෙන.
      හැබැ‍යි අඳින එකා හිතනවනම් ඌ තමයි රටේ උරුමක්කාර නියම දේශප්‍රේමී සහ කලිසම අඳින එකා බටහිර ගැති කියල, අන්න එතනයි අවුල

      Delete
    2. //අපේ රට දියුණු වීමට නම් සරම ගලවා දැමිය යුතුය. //

      ජනගහණය දියුණුවද?

      Delete
    3. //සරම නම් කැමති එකෙක් ඇංදට අවුලක් නෑ යටට ජොකෙක් ඇඳගෙන.
      හැබැ‍යි අඳින එකා හිතනවනම් ඌ තමයි රටේ උරුමක්කාර නියම දේශප්‍රේමී සහ කලිසම අඳින එකා බටහිර ගැති කියල, අන්න එතනයි අවුල// :D

      Delete
    4. /සරම නම් කැමති එකෙක් ඇංදට අවුලක් නෑ යටට ජොකෙක් ඇඳගෙන.
      හැබැ‍යි අඳින එකා හිතනවනම් ඌ තමයි රටේ උරුමක්කාර නියම දේශප්‍රේමී සහ කලිසම අඳින එකා බටහිර ගැති කියල, අන්න එතනයි අවුල/DDD

      දිග ගමනට දිග කලිසම, කොට ගමනට කොට කලිසම, මදුරුවො කනවට සරම.

      මන්දාරම් නුවර මාමා සරම් දෙකක් ඇඳලා කෝට් එකකුත් ඇන්දා.

      Delete
    5. /මිනිසුන්ගේ දියුණුවට භාෂාව කිසිඳු ප්‍රශ්ණයක් නොවේ.. දියුණුවට බාධාව ඇත්තේ භාෂාවේ නොව චින්තනයේය./

      එකඟ නෑ, භාෂාවේ දියුණුව මත චින්තනයේ දියුණුව රදාපවතිනවා. මා ජීවිතයේ අවධි තුනකදී වෙනස් සමාජ තුනක භාෂා තුනකින් වැඩ කළා, ඒ අනුව දැණුමත් චින්තනයත් වෙනස් වුනා.

      මිනිසකුගේ ගති ගුණාංග හා චතුරත්වයට නම් භාෂාව එතරම් බල නොපානව ඇති.

      Delete
    6. මමත් විප්ලවවාදියෙක්. මට ඕන වෙනසක්. මම විශ්වාස කරන්නෙ ඉතිහාසය පුරාම ඉදිරි ගමනක් තිබුනනම් ඒ වෙනස නිසයි කියල. වෙනස් වෙන්න බය නොවී කොයිතරම් අමුතු විදියට පෙනුනත් ,අවදානමක් දුටුවත් අලුත් ගමනක් යන එකෙයි වැදගත්කමක් තියෙන්නෙ.

      මාතලන්ගෙ අදහස් එක්ක එකඟයි. අපි ට චින්තනමය විප්ලවයක් අවශ්‍යයි. අපේ අතීතකාමය පසුගාමීයි. සංවර්ධන විරෝධියි. මොනවහරි දෙයක් සොයාගත්ත ගමන් ඒක මීට අවුරුදු දාස් ගානකට ඉස්සර තිබිල තියනව කියල අර සොයාගැනීම බාල කරනව. අලුත් දෙයක් සොයාගන්න හිතන්නෙ නෑ. අතීත ශ්‍රී විභූති මිත්‍යාව නිසා. නමුත් ඇත්ත කතාව එහෙම ශ්‍රී විභූතියක් තිබිල නෑ කියන එක. අපි හදපු බොරුවට අපිම අහුවෙලා.

      Delete
    7. සුද්දා අපිට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනකොට එය දුන්නේ ඒකට බහු මන්ත්‍රී ආසන කියා කුනුහරුපයක් අමුනීමෙන් පසුවයි. ඒ කරුමේ ඉවත් කිරීම ගැන ජේ. ආර්.ට නමස්කාර කල යුතුයි.
      සුද්දා අපිට ධනවාදය හඳුන්වාදෙනකොට ඒකත් දුන්නේ විකෘති කරලා. යම් කෙනෙක්ට කලිසමක් ඇඳීමට අවශ්‍යනම්, ඒ සඳහා වැය කිරීමට මුදල් ඇත්නම් එය මිලදී ගැනීමට හෝ මසා ගැනීමට තැනක් ඇතිනම් ඕනෑම කෙනෙක්ට කලිසම් ඇඳිය හැකි විය යුතුයි. නමුත් ඉස්සර කාලේ කලිසම් ඇඳීමට නම් ඉංග්‍රීසි කතාකල හැකිවිය යුතුයැයි මතයක් තිබුනා. ඒකාලේ රෙද්ද බැනියමටත් දේශපාලනිකව වැදගත් කමක් ලැබුනේ එම තත්වයට ප්‍රතිචාරයක් ලෙසටයි. මේ වනවිට නම් කලිසම, රෙද්ද දෙකම චාටර් වී හමාරයි.
      පෘතුග්‍රිසීන් ඉංග්‍රීසමින්ට වඩා වෙනස්.
      පෘතුග්‍රීසි යුගයේදී ඔවුන්ගේ බාශාවේ වචන ඇඳුම්, කෑම, සංගීතය මහා පරිමානයෙන් සිංහල සංස්කෘතියට ලැබුනත් ඒ හරහා පන්ති භේදයක් ඇතිවුනේ නෑ.

      Delete
    8. මධ්‍යස්ථ කියනව වගේ අපේ පවතින් එක් දුර්වලතාවයක් තමයි අපි අලුත් විදියකට නොහිතන එක.අපි රාමුවක් හදාගන්නවා අපේ සංස්කෘතිය අපේ සම්ප්‍රදාය කියලා.ඒ සම්ප්‍රදාය,සංස්කෘතියෙන් ඔබ්බට හිතන්න අපි බයයි වගේම අපිව බයකරලා තියනවා ගතානුගතික විදියට හිතන්න පුරුදු වුන මේ සමාජ ක්‍රමය.අපි එක් සීමාවක රාමුවක කොටු නොවි හිතන්න ඉදිරියට යන්න ඕන කියන එකයි මගත් අදහස.

      Delete
    9. ඔවු මනෝ . අපේ තව දුර්වලකමක් තමයි අනුන්ට ඕන විදියට ජීවත් වෙන එක. මෙහෙම කිව්වට ප්‍රායෝගිකව අමාරුයි තමයි. නමුත් අවුරුදු දහස් ගනනකට පෙර සිටි මිනිස්සු හිතපු විදියටම අපි හිතන්න ඕනද .අපට ඇයි මේ බැරියර් කඩන්න බැරි. මම නම් පිලිනොගන්න දෙයක් මූනිච්චාවට අනුන් ඉස්සරහ කරන්නෙ නෑ.

      ඔය සංස්කෘතිය සම්ප්‍රදාය කියන්නෙත් මිනිස්සු හදාගත්ත ඒව. කාලානුරූපීව වෙනස් වෙනව. අපි රාමුවල කොටු නොවී හිතන්න ඕන. ඔක්කොටම ඉස්සර සිත නිදහස් කරගන්න ඕන. බ්ලොග් අවකාශයෙදිවත් නිදහසේ කතා කරන්න ඕන.

      භාෂාවෙ සංකේත ශුද්ධ දේවල් නොවේ. ශුද්ධ දේවල් කියල ඒව කොහෙවත් නෑ. විමර්ශනයට භාජනය කළ නොහැකි කළ නොයුතු කිසිවක් මෙලොව නෑ.

      Delete
    10. අපේ මිත්‍රයන් වන ප්‍රා , හරි , සහ ඇණයා කියල තියෙන්නෙත් ඒකනෙ ජගත්. ඔබට සීතල දැනුනොත් උනුසුම් ඇදුමක් අදිනව. ඒක තමා සංස්කෘතිය.

      ඉස්සර ඉංග්‍රීසියට තිබුන වන්දනීය තත්වය තමයි ඒ. එංගලන්තෙ ඉංග්‍රීසි කියන්නෙ බාසාවක් විතරයි .ඔය පොඩි උනුත් යස අගේට කතා කරන්නෙ.

      සුද්ද අල ගෙනාවෙ චිප්ස් විදියට කන්න. නමුත් අපේ අම්මල අල හොද්ද නිර්මානය කළා.එහෙම තමයි අනුන්ගෙ දේ අපේ වෙන්නෙ. කාටවත් කිසිම දේකට පේටන්ට් ගන්න බෑ. මිශ්‍ර වීම , වෙනස් කිරීම ,නව නිර්මාන බිහිවීම හැම දාම සිදුවෙනව . හැබැයි එක එක බැරියර නිසා මෙය ප්‍රමාද වෙනව. මේ නිසා පිරිසිදු සංස්කෘති සම්ප්‍රදායන් කියල දේවල් මේ ලෝකෙ නෑ.

      නිර්මානශීලීත්වයට , අලුත් විදියට හිතන්න අපි බැරියර දාගන්න ඕන නෑ.

      Delete
  2. එහෙත් සරම යනු ගෝත්‍රිකත්වයේ ලක්ෂණයකි..මේ රැට පිජාමා අඳින ලමාතන් ගේ ප්‍රකාශයකි.

    ReplyDelete
    Replies
    1. පිජාමා අඳින්නේ ආදිවාසීන්,

      Delete
    2. මාතලන් රෑට මුකුත් අඳින්නේ නැත...

      Delete
  3. හරිම ශෝක් භාෂවා ගැන පර්යේෂණ අත්‍යවශ්‍යම යුගයක් සන්නිවේදන අපහසුතාව මනුෂ්‍ය ප්‍රගමනයට ඇති විශාලම බාධාවක්. මධ්‍යස්ථයි මනෝයි අවධානය යොමු කෙරෙව්වෙ ඒ අත්‍යවශ්‍ය කාරණය වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. මම නෙවෙයි මනෝ. මම කළේ නිකම් කොමෙන්ට් එකක් දාපු එක විතරයි.
      ඒක නොවෙයි ඔබටත් හොඳ භාෂා දැනුමක් තිබෙන බව ඔබේ ලිපිවලින් මා දුටුවා. දක්වා ඇති අදහසත් හරිම වටිනවා. සන්නිවේදන පහසුව තමා භාෂාවක අවශ්‍යම දෙය. ස්තුතියි ඇගයීම ගැන.

      ලගදි මොකුත් ලිව්වෙ නෑ නේද . මොනව හරි ලියනකම් අපි ඉන්නෙ ඇගිලි ගැන ගැන .හෙහ් හෙහ්

      Delete
  4. ඇත්තෙන්ම ඔබ පෙන්වනවා වගේ සරල වෙනස්කම් කිහිපයකින් පොදු භාෂාවක් නිර්මාණය කල හැකියි.එමගින් අදහස් හුවමාරු කරගැනීමේදි ඇතිවන භාෂාමය ගැටලුවටත් විසදුමක් ඇතිකරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බර්නාඩ් ශෝ කියල තියනව වචන 250 ක් දන්නවනම් ඉංග්‍රීසි කතා කළ හැකි බව. ඇත්තටම භාෂාවකට සංඥා නාම හැරුන විට වෙනත් නාම හා ක්‍රියා සදහා ලොකු වාග් මාලාවක් අවශ්‍ය නැහැ.

      Delete
    2. යෙස්,නෝ,ප්‍රොබ්ලම්,ඕකේ ඔය වචන හතරෙන් චීනා ගුවන්තොටුපලවල්,වරාය,අදිවේගී මාර්ග හැදුවා ලංකාව කියන රටේ.

      Delete
  5. මේ ක්‍රමය හොදයි මධ්‍යස්තේ..
    තව කෙනෙකුගේ බ්ලොග් එකක ලිපියකට කමෙන්ට් එකක් විදිහට තව කරැනු කාරනා එකතුකරලා ඔයා පොස්ට් එකක් දානවා..
    ඒ බ්ලොග් එකටත් ප්‍රසිද්ධියක් ලැබෙනවා
    ඔයත් බ්ලොග් ලියනවා
    සංවාද සාකච්චා පරස්පර මත මේ හැම දෙයකින්ම අපි ඡිවිතයට දැනුම එකතු කර ගන්නවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමයෙන් මගෙ කාලය ඉතිරි වෙනව. මම කල්පනා කරල පෝස්ට් දානවට වැඩිය වෙන බ්ලොග් වල දාපු කොමෙන්ට් වලින් තෝරාගත් එකක් දාන එක ලෙහෙසියි. එහෙම කරන්නෙ මට පසු දිනක බලන්න හිතුනම බලන්නටයි. මගෙ කොමෙන්ට් සංරක්ෂනය වීමකු වෙනව. මට වැදගත් වූ අනුන්ගෙ බ්ලොග් ලිපිවල එකතුවක් ලෙසත් එය මට වටිනවා. නමුත් ඒකෙන් මගෙ බ්ලොග් එක පාලුවට යන එකත් වළකිනව. එහෙම වුනහම බ්ලොග් වලටම ඇරෙන්න කියල නෑ. රැවුලත් බේරගෙන කැදත් බොන්න පුළුවන්.

      Delete
  6. සබර් ර් ර් ර් !!!! +++++++++++++++

    ReplyDelete
  7. http://manomandira.blogspot.com/2015/12/languages.html

    http://www.amazon.co.uk/Mother-Tongue-Story-English-Language/dp/0141040084

    ReplyDelete
  8. උච්චාරණයට පහසුයි කියුවට අර Tsabar එහෙම කියන්න ගියාම දිව උලුක් වෙනවනේ.. මට හිතෙන්නේ ඉංග්‍රීසි වගේ දැනට වැඩි දෙනෙක් පාවිච්චි කරන බසවකම බර අඩු කරලා ජාත්‍යන්තර බාසාවක් විදියට දියුණු කරන එක ලේසි වෙයි කියල..

    මනෝ ගේ පොස්ට් එක එල.. මටත් ඒ ගැන පොස්ට් එකක්ම ලියන්න හිතෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. කමිට මතකද පොඩි කාලේ "ටක්" "ටොක්" සද්දෙ ගන්නව දිව උඩුතල්ලේ ගාවල කටෙන් දිවට ඇතුල් පැත්ත රික්තයක් කරලා එකපාරට අතාරිනවා වගේ කරලා ගන්න සද්දෙ..ඕකට සිංහලෙන් කියන්නෙ මොකද්ද දන්නෙ නෑ... හැබැයි ඔය සද්දෙ පුලට දාපු වචන අප්‍රිකානු ගෝත්‍රිකයන් භාවිතා කරනව මම අහල තියනවා වාර්තා වැඩසටහන් සහ චිත්‍රපට වල... එහෙම කතාකරනකොට අමුතු ආතල් එකක් තියනවා. මතකද " The god must be crazy" ෆිල්ම් එකේ... මට මතකයි සිම්බාබ්වේ ක්‍රිකට් කාරයෙක් හිටිය Mbamwa කියල. අපේ විස්තර ප්‍රචාර දෙන අයියල කිව්වෙ "මබම්වා" කියල. ඇත්ත නම "ම්බම්වා" ද දන්නෙත් නෑ.. ඔල බ්ලැක්ස් ලගේ Ma'a Nonu ගොඩක් උන් උච්චාරණය කළේ "මා නොනු" විදියට. නමුත් හරි විදිහ "ම-ආ නොනු"

      Delete
    2. ඔයි භාෂාවත් අරාබි වගේ දිව ගිලෙනවට නූලකින් ගැටගහගෙන තමා කතාකරන්න වෙන්නේ.

      Delete
    3. සජ්ජ.. ඒවායින් වැඩක් නෑ. උඹ කියපු විදියට කියපන් දැන් ඕක කියන්න ඕනි ටක්සබාර් කියලද ටොක්සබාර් කියලද.. හැක හැක හැක.. :)

      Delete
    4. "ටක්"සබාර් කියමු .. මතයා "ටොක්"සබාර් එකට අලුත් තේරුමක් දෙයි..

      Delete
    5. ඉංග්‍රීසි විප්ලවීය ලෙස සරල කිරීමයි එකම විසදුම. එස්පරාන්ටෝ වගෙ භාෂා නිර්මානය කළත් එහි ස්පාඤ්ඤ ඌරුව වැඩියි.
      මෙතන පැති දෙකක් තිබෙනවා. උච්ඡාරනය සහ ලේඛන පහසුව. මගෙ උදාහරනයෙදි මම ලේඛන පහසුව ගැන කතා කළේ. උච්ඡාරනය ගැන නම් අපට මෙහෙම නිකමට අදහසක්වත් පළකරන්න බෑ. විවිධ ජාතීන්ගේ උච්ඡාරන පුරුදු වෙනස්නෙ.

      නමුත් මේ උදාහරනය තුලින් මා පෙන්වා දුන්නෙ අනවශ්‍ය ව්‍යාකරන අවම කිරීම ගැන.
      අරාබි භාෂාවෙ ක්‍රියාපදය ප්‍රධාන වන බව මා සමග අරාබි දන්න කෙනෙක් කීව. ක්‍රියාපදය එහෙට මෙහෙට වෙනස් කරල පුරුෂත්‍රය ,කාලභේදය ,ලිංග භේදය වගෙ දේවල් පහසුවෙන් හදාගන්න පුළුවන් බව මට හිතෙනව. එහෙම දෙයක් ඉගෙන ගන්නත් ලේසියි.

      Delete
    6. සජ්ජා ඔබ අපූරු දෙයක් මතක් කළා. අප්‍රිකානු භාශාවල ඔය මුල් හල් අකුර හරිම සුලබයි. Ngugi /mbonsa වගෙ . අරාබියටත් ඇවිත් හින්දියටත් ටිකක් මුහු වෙලා තියනවා .

      ඒ වගෙම තව දෙයක්. මට හිතෙනව හින්දියෙ තියන හෙ කියන ශබ්දය (කරාහෙ /කියාහෙ ) පෞරානික සෙමිටික් ස්වාසනික ශබ්ද වල නශ්ඨාවශේෂයක් කියල.
      ස්වාසනික ශබ්ද හිටයිට් වැනි භාෂාවල සුලබව තිබුන.

      Delete
  9. මතේ .. මේ විදිහේ අර්ථකතනයක් දෙන ඒකත් සෙල්ලම් වැඩක් නෙවෙයි... හැබැයි මම දකින විදියට ප්‍රධාන භාෂාවකින් වෙනස් වෙන්න අමාරුයි. හැබැයි ප්‍රධාන භාෂාවේ කොටස් හැලිලා ලේසියට භාවිතා වෙන්න පුළුවන් විදියකට අනුගත වෙන බව දකින්න පුළුවන් හැම භාෂාවක්ම. උදාහරණයක් විදිහට ඉංගිරිසියේ going to gonna, want to wanna ආකාරයෙන් නූතනයේ භාවිත වෙන්නෙත් ඔය කියන ලේසි කරගැනීම නිසා වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් ඉංග්‍රීසියෙ එහෙම ලේසි කරගැනීම් තියනව. නමුත් විප්ලවීය වෙනසක් ගැන නම් හිතල නෑ. ජර්මන් වගෙ භාශාවක ලියන විදිය සහ කතා කරන විදියෙ ලොකු වෙනසක් නෑ. අර්බයිට/බුස් /නිශ්ට් වගෙ වචන බලන්න .ස්පෙලින් නොදන්න කෙනෙකුට වුනත් ලියන්න පුලුවන් . නමුත් ජර්මන් වල අනවශ්‍ය ලිංග භේදයක් තියනව.ඒක හරිම විකාරයක්.ආටිකල් වැඩියි. ෆ්‍රෙන්ච් වල අකුරු වැඩියි. මේ වගෙ දුර්වලතා හැම භාශාවකම තියනව. එහෙම වෙන්න ඕන මේව සජීවී භාෂානෙ.

      ඉංග්‍රීසියෙත් වර්තමාන ජර්මන් අකුරු වගෙම තමයි ඉස්සර. වුල්ෆ් කියන්නෙ wulf (මේ ඉස්සර කියන්නෙ ආතර් රජ්ජුරුවන්ගෙ කාලෙ ie: classical literature වලට ආතර්ල ගැන ඉගෙන ගත්ත .දැන්නම් මතකත් නෑ ) . ඇංග්ලෝ වරුන්ගෙ රැස්වීම moot මූට් . ශබ්ද කරන විදියමයි. ඉංග්‍රීසි කියන්නෙත් ජර්මැනික් භාෂාවක් තමයි. පස්සෙ ලේඛනය වෙනස් වෙලා තියනව.

      ලේඛනය සරල කර ගැනීම සිදුවිය යුත්තක්. එය කාලය පිලිබද ප්‍රශ්නයක් විතරයි. ලංකාවෙ අපි අලුත් ගමනකට බය වුනාට සුද්ද බය නෑනෙ .ඌ අලුත් මාවතක් සොයාගෙන ඒක අපටත් පෙන්වාවි.

      Delete
    2. සිංහලයේ වෙනස්කම් කිරීමට බිය නොවූ අජිත් තිලකසේන මහතා ගැනත පැසසුමක් කළ යුතුයි. මුනිදාසලා ආරියසේනලා සිතුවේ භාෂාවක් අවශ්‍ය කරන්නේ සන්නිවේදනයට නොව දිව උලුක් කර ගැනීමට බවයි.

      Delete
  10. අනේ මංදා යකාටත් හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. //අනේ මංදා යකාටත් හිතෙන දේවල්// x 2 හික් හික් හික්..

      Delete
    2. අර බරණ ගණිතය ගහපු ජාතියෙ ඇණයක් මතුරලා ඉස්මුදුනට ගහල කවුරුහරි....

      Delete
    3. හෙහ් හෙහ් මට ඕන අලුත් විදියකට හිතන්න. අනුන් ගිය පාරට වඩා වෙනස් අලුත් පාරවල් ශෝට් කට් / හරි පාරවල් හොයන්න. මම ලියන්නෙ මටත් අනුන්ටත් අලුතෙන් සිතන්න පහසු කරවන්නයි

      Delete
  11. "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
    සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
    වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
    දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

    ReplyDelete
  12. කොමෙන්ට් කරන කොට මතක් වුන දේකුත් ලියල දානව. උර්දු හා හෙබ්‍රෙව් භාෂා ගැන. උර්දු බස අරාබි සහ හින්දි මිශ්‍ර වෙලා මෑතක ඇතිවූ බාෂාවක් කියල කියනව නේද
    හෙබ්‍රෙව් බස අවුරුදු දෙදහසක් පමන අතුරුදන්ව තිබිල නවසිය හතලිස් ගනන්වල ඊශ්‍රායලයට ආපු යුදෙව්වො අලුතින්ම මතු කරගත්ත . අපූරු දෙයක්.
    ඒකෙන් පේන්නෙ භාෂාවක් ස්ථාපිත වෙන්න වැඩි කල් යන්නෙ නෑ කියන එක.

    ReplyDelete
  13. සිංහල බසට එක්වී ඇති දෙමළ වචන (දෙමළ කියා හිතන සමහර වචන සිංහලයට ලැබී ඇත්තේ මලයාලි බසෙන්) ගැන සැලකීමේදී අපූරු ලක්ශණයක් හමුවෙනවා එනම් මුල් දකුණු ඉන්දියානු බසේ පුළුල් අරුතක් ඇති වචන සිංහල යේදී යෙදෙන්නේ යම් නිශ්චිත තේරුමක් ඇතිව.
    උදාහරනයක් ලෙස,
    මණ්ඩපය යන්නෙහි දෙමල අරුත ශාලාව යන්නයි. එහි සිංහල අරුත විවෘත වේදිකාවයි.
    විගඩම් දෙමලෙන් විහිලුව: විගඩං සිංහලෙන් මෝඩ විහිලුව
    නාඩගම් දෙමලෙන් නාට්‍යය: නාඩගං සිංහල තේරුම ගැමි නාට්‍ය වර්ගයක්/ කපටි රඟපෑම

    ReplyDelete
    Replies
    1. ඔබ අගනා නිරීක්ෂනයක් කරල තියෙනවා භාෂාවලින් ණයට ගන්න වචන ගැන. සමහර වචන සමාන වචන ලෙසම එනවා.
      තවත් සමහර ඒවයෙ ඔබ කී ලෙස අර්ථය වෙනස් වෙනව.
      දෙමල භාෂාව හා දෙමළ ජනයා ගැන මට මෙහෙම අදහසක් තියනවා. මේ ජනතාව නැගෙනහිර අප්‍රිකාවෙ ජනයා ට හුඟක් සමානයි. නැගෙනහිර අප්‍රිකානු භාෂාවල දෙමළ ට හුරු වචන තිබෙනවා.

      එසේම යේමනයේ ඇතැම් ජනයාත් කුවේටයේ පවා කුලහීන ලෙස සැලකෙන ජනකොටස් ද ද්‍රවිඩයන්ට සමානයි. ද්‍රවිඩයන් යනු නැගෙනහිර අප්‍රිකාවේ සිට සෙමිටික් හා ජැපටික් තල්ලු නිසා පස්සෙන් පස්සට ඇවිත් දකුනු ඉන්දියාවෙන් නතර වූ ප්‍රජාවක් වෙන්න බැරිද

      Delete
    2. දෙමළ බස ගැන තව නිරීක්ෂණයක් තියෙනවා.
      දෙමල බසින් එදිනෙදා ජීවිතයට අදාල මාතෘකා ගැන කියවෙන දේවල් සිංහල‍යෙක්ට තේරුම් ගන්න අමාරුයි. නමුත් බැරෑරුම් (සීරියස්,ප්‍රබුද්ධ) මාතෘකාවක් ගැන දෙමලෙන් කියවෙන දේවල් සිංහලයෙක්ට බාගෙට තේරෙනවා.
      එයට හේතුව එවැනිඅවස්ථා වලදී බහුලව යෙදෙන්නේ දෙමළ ඌරුවට හැඩ ගැස්වූ සංස්කෘත වචන වීමයි.
      නමුත් පීචං මාතෘකා වලදී යෙදෙන්නේ අමු දෙමළ

      Delete
  14. මැඩගස්කාර්වල බොහොම අපූරු විසිල් භාෂාවක් තියෙන්නේ, විසිල් 3-4 කින් හදිසි ඔයිල් මාරුකරගැනිමත් කරගතෑකි.

    ReplyDelete
  15. ඉතාලියෙත් එක එක පැති වල භාශාව ටිකක් වෙනස්. දැන් මම ඉන්න සිසිලියේ තියෙන්නේ සිසිලි භාශාව. ඒක පොදුවේ පාවිච්චි කරන ඉතාලි වලට වඩා ටිකක් වෙනස්. තරුණ කට්ටිය නැතත් තාම වයසක අයනම් සිසිලි පාවිච්චි කරනවා. ඒවා තේරුම් ගන්න මට නම් සෑහෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඉතාලිය විවිධ ජාතීන්ගෙ එකතුවක්. භාෂා සියගනනක් නැත්තටම නැතිවෙලා ගිහින්. ලතින් භාෂාවෙ ජයග්‍රහනය එක්ක වෙනත් ගෝත්‍ර භාවිතා කළ භාශා සිය ගනනක් නැතිවෙලා ගියා. ඉතාලිය ආක්‍රමනය කළ ලොම්බාඩි වගෙ ජනකොටස් දැන් හොයන්න බැරි තරමට ඉතාලි වෙලා ඇති නේද . සිසිලි භාශාව වගෙ ඒවත් කලායත් එක්ක වදවෙලාම යයි.

      Delete
  16. උඩ ජගත් සමග කළැ කතාබහට අදාල ලින්ක් වගයක්

    http://www.beforebc.de/all_africa/AreDravidiansAfricanOrigin.pdf

    https://www.quora.com/Where-did-the-Dravidians-originate-from

    ReplyDelete
  17. හිතන මිනිසුන්ගේ සංවාදයක්....
    නොහිතන්නෙකුට මේවා විකාර වගේ පෙනේවි මුන් රැලටම පිස්සු කියාවි...
    අපූරුයි මධ්‍යස්ත මුළු සාකච්චාවම අපූරුයි..!

    ReplyDelete
    Replies
    1. ආරාධනාව හිතන මිනිසුන්ටයි.
      නොහිතන්නන් අප ගැන මොනවා හිතුවත් මට කමක් නෑ.
      අප ඉදිරිපත් කරන්නෙ අදහස් පමනයි. මගේ නමවත් මගෙ මුහුණවත් නොවෙයි. ඒ කියන්නෙ අප කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
      හිතන කෙනෙක් වන ඔබ මෙහි අපූර්වත්වයක් දුටුවනම් එය යි මගෙ ජයග්‍රහනය.

      Delete
  18. බලං ඉන්න ආසයි..
    ජයවේවා..!!

    ReplyDelete