Monday, December 14, 2015

මිත්‍යාව ස්වයං යෝජනාවක් වූ ප්‍රජාවක් -සුමනදාස චින්තනය ඊයේට වඩා අවශ්‍ය හෙටටය.



සුමනදාස සමරසිංහ මහතා ගැන පළ කළ කලින් ලිපියේ එතුමන්ගේ දේශනාවල වැදගත්ම දෙය වූ ස්වයං යෝජනා ගැන අවධාරනයක් නොවිනි. එය අවධනායට ලක් නොවීය. මෙහි අරමුණ ඒ ගැන වැඩි අවධාරනයක් කිරීමයි.


අනාදිමත් කාලයක සිට ජනමනසට  අරක් ගෙන සිටි නැකැත්කාරයන් ,කපුවන්  හා යන්තර මන්තර කාරයන්ට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේ ඒබ්‍රහම් කොවුර්ය. මෝඩයන් හුදකලා කර මෝහනය කර රවටන තක්කඩි කිසිදාක සිය බලය ස්වාධීන පර්යේශනයකට ලක් කිරීමට මැලි වෙති.ඒ එවැන්නකදී තමන් අතේ කයිතන් වන බව ඔවුහු හොදාකාරවම දන්නා නිසාය.

කොවුර් ගේ නායකත්වයෙන් ඇරඹි හේතුවාදී සංගමයද අද අකර්මන්‍යය.


පසුගිය කාලයේ මිත්‍යාව ජය කෙහෙළි නංවා යථාභූත ඥානය අල්ලා පරසක්වල ගැසූ බව අප දනිමු. එහි සැගවුන න්‍යාය පත්‍රය වුනේ රටේ ජනතාව හරක් පට්ටියක් කර එහි පාලනයට රජෙක් අවශ්‍යය යන මතය කාවැද්දීමයි.රාවණා ගැන අතේ පත්තු වන බොරු ප්‍රචාරය කෙරුනි. රජකතා ටී වී චැනල්වල ප්‍රචාරය කළ අතර චිත්‍රපටද ගැලවුම්කා
මිත්‍යාවේ ජයග්‍රහනටර රජෙක් ගැන කියවෙන ඒවා විය.
ත් සමග රට පුරා තක්කඩි බිහිවිය.එහෙත් අප මේ කියන්නෙ මේ තරමට මිත්‍යාව සංවිධානාත්මක නොවූ යටගිය දවස සුමනදාස සමරසිංහ මහතා කළ සාර්ථක ව්‍යායාමයේ හරය ගැනයි.

සුමනදාස මහතාගේ උත්සාහය මිත්‍යාවට පහර ගැසීමම නොවීය. ඔහුට අවශ්‍ය වුනේ මිනිසුන් සාර්ථකත්වයට යොමු කිරීමය. රටේ වැඩිදෙනා දුකින් සිටීමේ මාවත තෝරාගෙන අසාර්ථකතවය කරපින්නාගෙන සිටින නිසා එහිදී එම අසාර්ථකත්වයට පහර දෙන විට මිත්‍යාවන්ටද පහර වැදුනි.

ඉස්ලාමය තුලින් දුරාතීතයේ පැවති ගෝත්‍රික අරාබි ම්ලේච්ඡතවයට ශුද්ධබවක් ලැබී ඇති බව මම මීට පෙර ලිපියක පැවසීමි. එසේම ක්‍රි:පූ 6 වන සියවසේ පැවැති වෘක්ෂ වන්දනාව ,පර්වත වන්දනාව  සහ සොහොන් වන්දනාවට අප අතර ශුද්ධ බවක් ලැබී තිබීම කණගාටුදායකය.

අපගේ සාර්ථකත්වය ඇත්තේ අපේ සිතේ බව සුමනදාස සමරසිංහ මහතා පැවසීය. ඒ යටි සිතේ ඇති බල මහිමයයි. මේ යටි සිත අවදි කර ගැනීමෙ ක්‍රම එතුමා නිතරදේශනා කළේය. යටි සිතට ස්වයං යෝජනා කළ යුතු බව ඉගැන්වීය. යටි සිත යම් ස්වයං යෝජනාවක් බාර ගතහොත් අප දිවිය හැඩ ගැසෙන්නේ ඒ අනුවය. බොහෝ දෙනා නොදැනුවත්වම තම යටි සිතට දමාගෙන ඇත්තේ තමන් අසාර්ථකත්වය කරා ගෙන යන දේවල්ය. මිත්‍යාවන්ට පහර වදින්නේ මෙතනදීය.

සාපේක්ෂ ලෙස ගත් කළ ක්‍රිස්තියානි ,මුස්ලිම් ජනයා අතර මිත්‍යාවන් අඩුය. ඔවුහු දෙවියන්ගෙන් ඉල්ලීම තුල නොදැණුවත්වම ස්වයං යෝජනා කර ගනිති. ඔවුන්ගේ දෙවියන් වහන්සේ සුමනදාස මහතා දේශනා කළ විශ්ව ඥානය වැනි එකකි.අප බුද්ධිය හැර අන් සරණැක් නැතැයි කියමින් ( නත්ථිමේ සරනං අඤ්ඤං බුද්ධෝ මේ සරනං වරං  ) කියමින් ගොරක යකාටත් නමස්කාර කරමු.

නිදහස්ව සිතන්නට හුරුවීමෙන් මා ලද අවබෝධය මෙසේය.

ගී කියමින් ගසක් වටා යාම වැඩිහිටියන්ට උචිත නොවන බව.

ප්‍රමානය ඉක්මවා ජලය හා කිරි වැනි දේවල් ගස් වල මුලට දැමීමෙන් මුල් කුනුවන බව

පර්වත වලට වැදීම නිශ්ඵල බව

පිළිම ඉදිරියේ කෑම බීම හා බුලත්විට තබා මළ භාෂාවකින් කවියක් කීම නිශ්ඵල බව

ප්‍රතිඥාවක් පිලිනොපැද එය උදේ හවස තමන්ටත් අනුන්ටත් නොතේරෙන බසකින් ගෙම්බන් කෑගසනවා මෙන් කියවීම නිශ්ඵල බව.

ආදියයි.

තම දුකට හේතුව පෙර කරුමය ‍යැයි විශ්වාස කරන්නා වරදකාරී හැගීමකින් පෙලේ.ආගමික විශ්වාස තුලින් මිනිසුන් බියට පත්කිරීම මිස බියෙන් මිදීමට උපකාරයක් කිරීම නොකරයි.සසර දුක ගැන සිතීම ඍනාත්මකය. සසර දුකින් මිදීමට පෙර මුදල් සොයාගෙන මෙලොව දුකින් මිදිය යුතුය.

දුප්පතුන්ට උපකාර කිරීම් ගැන අපට අසන්නට ලැබේ. ඒවා ඉතාම හොඳ පින් අතේ වැඪය. නමුත් අප විමසා බැලිය යුත්තේ දුප්පතුන් ඒ තත්වයේ සැමදා සිටින්නේ ඇයිද යන්නයි. මෙය එක්තරා සංස්කෘතික ලැග්මකි. එනම් මොවුහු දුගීබවේ සංස්කෘතියකට හුරු වී සිටිති.සුමනදාස මහතාම දුගීන්ට කෑම් බීම් මිල මුදලින් සංග්‍රහ කළේය. එසේ කිරීමෙන් ඔහු මෙන්ම දුගීන්ද ලැබුවේ තාවකාලික සතුටකි. කල යුත්ගේ දුගීන්ට දුගීබවෙන් මිදීමට උපකාර කිරීමය. ඔවුන්ගේ දුගීබවට හේතුව ඔවුන්ගේ ඍනාත්මක චින්තනයයි.


විධිමත් මනෝ විද්‍යා දැණුමක් නොතිබුනද සුමනදාස මහතාට තිබූ මනෝ වෛද්‍ය විද්‍යා දැනුමද සතුටුදායකය.අසාමාන්‍ය මනෝ විද්‍යාව සහ ලිංගිකත්වය ගැන ඔහු විශිෂ්ට ග්‍රන්ථ දෙකක් ලියා තිබුනි. ඒ ඔහුගේ විද්‍යාත්මක ගවේශනයන්ට අමතරවය. එසේම ඔහුගේ ග්‍රන්ථ අතර සමාජයේ  දුර්වලකම්වලට සෝපාහාසයෙන් යුතුව පහර ගසා තිබූ ග්‍රන්ථ රසකි.සිත ධනාත්මක සිතිවිලි වලින් පුරවා ප්‍රීතිමත් බුද්ධිමත් මිනිසුන් නිර්මානය කිරීමේ වචනයෙන් විස්තාර් කළ නොහැකි මේ උතුම් උත්සාහය ට මාධ්‍ය මගින් යහපත් සහයෝගයක් ලැබුනේ නැත. එහෙත් නොයෙකුත් බාධක මැද රට පුරා සාර්ථක මිනිසුන් විශාල පිරිසක් බිහි කළ මේ අසහාය ගුරුවරයා සතුටක් ලැබුවේ තම ගෝලයන්ගේ ජයග්‍රහන දැකීමෙනි.

28 comments:

  1. ඒ දවස්වල පොත් කිහිපයක් කියවල තිබෙනවා. එය හෝ කොවුර් වැනි ය කියන දේ සාර්ථක වෙලා නැහැ. එහෙම වුණා නම් සාස්තර කාරයෝ විශ්වාස කරන නායකයෝ හා ජනතාවක් බිහි වෙන්න විධිහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මහා වේරම්භ වාතයක් මකුළුදැලකින් නවත්වනව වගෙ වැඩක්නෙ. කොවුර්ල වැඩ කරපු කාලෙ පොඩි පිබිදීමක් තිබුන. ඊට පස්සෙ දේශපාලන උවමනාවන්ට මිත්‍යාවට පොහොර දාන්න පටන් ගත්ත. මිත්‍යාවට එරෙහි බලකායක් ශක්තිමත්ව තිබුනෙ නෑ. ඒ නිසා කොවුර්ලගෙ වැඩවල ප්‍රතිපල මිත්‍යා සුලිසුලගෙ ගහගෙනම ගියා.

      මිත්‍යවාවට එරෙහිව සටන් කරනවට වඩා මිනිස්සු ධනාත්මකව සිතන්න හුරු කරන එක වටිනව.එතකොට නිකම්ම මිත්‍යාව වොෂ් වෙලා යනවා.

      Delete
  2. ...//පසුගිය කාලයේ මිත්‍යාව ජය කෙහෙළි නංවා යථාභූත ඥානය අල්ලා පරසක්වල ගැසූ බව අප දනිමු//...

    බුදුන් වහන්සේ බැහැර කරපු කරුනු කිහිපයක් තමයි මිත්‍යාව,අන්ධානුකරණය,අන්ධභක්තිය,ආයාචනා කිරීම,යැදීම වගේ දේවල්.පංච ඉට්ඨධමිම සූත්‍රයේදීත් මෙවනි කරුනු ප්‍රතික්ෂේප කරනවා.ඒ වෙනුවට වීර්ය,උත්සහය නොපසුබස්නා බව වගේ කරුනු ඇති කරගන්න පෙන්වලා දෙනවා.නමුත් පසුකාලීනව බුදු සමයේ තිබෙන මේ වගේ ඉගැන්වීම් පැත්තකට තල්ලුවෙලා මිත්‍යාවම ඇතුලු වෙලා.ඒ නිසාම බෞද්ධයෝ බොහෝ දෙනෙක් පසුගාමිවෙලා.අරමුණක් අනුව ක්‍රියාත්මක වෙනවට වඩා ආයාචනා කර කර ඉන්න පුරුදුවෙලා.ඒ අතරේ තව සමහරු මුලු ජීවිතේම බාරදෙනවා සෙනසුරුට.

    සුමනදාස මහතා පෙන්වා දෙන්නෙත් ඔය වගේ දෙයක් තමයි.ඔහු පෙන්වා දෙන "ස්වයංයෝජනා" කියන කාරණය "මනසානුපෙක්ඛිතා" කියලා බුදු සමයේ දැක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න ඔය කියන දේවල් වැඩි දෙනෙක් අහලවත් නෑනෙ. බුදුදහම සාමාන්‍ය ජනතාවට සමීප කරන්න ආදිකාලයේදිම ඉතාම ප්‍රාථමික දේවල් පුදපූජා ලෙස පිහිටෙව්වා. බුදුන් තවත් එක්තරා හින්දු දෙවියෙක් බවට පත් කළා. බුදු පිළිම වලට කරන පූජා හින්දු දේව ප්‍රථිමා වලට කරන පූජා වගේමයි. බුද්ධාගම කියන්නෙ පිටරට පැටවීමට සායම් ගෑ හින්දු ආගම බවට පත්වුනා. අපිත් ක්‍රි:පූ 6 සියවසේ අයගෙ මානසිකත්වයට වැටෙන්න ඕනද .

      ඕල්කොට් ගෙ කාලෙ ක්‍රිස්තියානි ආගමේ තිබුන ආකර්ශනීය දේවල් බෞද්ධ කරන ගිහින් තව විකාරයක් උනා. ඊටත් පස්සෙ මහින්ද යුගයෙදි බුදුදහම කියනෙ ගව ඝාතනයට එරෙහි මතවාදයක් තරමට පල්ලම් බැස්ස.

      මම නම් හිතන්නෙ බුදුදහම කියන්නෙ සතිපට්ඨානය /එළඹි සිටි සිහියෙන් ජීවත් වීම ය කියල. එසේම විදර්ශනාව තුලින් ලොව දෙස බලා උපේක්ෂාවෙන් නිරාමිස සුවයෙන් ජීවත් වීමට කරන මානසික අභ්‍යාස ක්‍රමයක් කියල.

      දිව්‍ය ලෝක .,බ්‍රහ්ම ලෝක,සතර අපායවල් තිබුනෙ බමුණන්ගෙ ඔළුවෙ.

      Delete
    2. ඇත්තෙන්ම සරලවම කීවොත් බුදුන් වහන්සේ දුක කියන කාරණය දේශනා කලේ මනුෂ්‍යකුට සෑම අතින්ම තෘප්තිමත් ජීවිතයක් ගෙවන්න අවස්ථාව තිබියදිත් ඒ වෙනුවට අනවබෝධය නිසා අසහනයෙන්ම කල් ගෙවලා මරණයට පත්වෙනවා කියලා පෙන්වා දෙන්නයි.ඔය දුක කියන එක වැරදියටයි අද අල්ලගෙන තියෙන්නේ.ඇත්තෙන්ම බුදුන් වහන්සේ මඟ පෙන්වන්නේ දුකින් ඉන්න නෙමෙයි තමන් දුකින් ඉන්න බව හදුනාගෙන දුකින් බැහැර ප්‍රීතිමත් තෘප්තිමත් ජිවිතයක් ගෙවන්නයි."සෝවත්ථිකෝ පීති ගමනීයේ"කියලයි දේශනා කරලා තියෙන්නේ.මහණෙනි සතුටින් ප්‍රීතියෙන් දිවිගෙවන්න කියලයි කියන්නේ.අඩුම තරමේ තමන් ඉන්නේ අසහනයෙන් දුකින් කියලවත් හදුනගන්න බැරිව ජීවිතයේ පරමාර්ථය අරමුණ කුමක් විය යුතුද,ඒ පරමාර්ථයට සමීප වෙන්නේ කොහොමද කියලවත් නොදැන ගස්වලට බෝගස් වලටයි,පිළිම වලටයි කිරි වක්කරගෙන වැඳ වැඳ යනවා කෙලවරක් නැතිව.ඒ අස්සේ තව සමහරු ලක්ෂයේ පහන් පිංකම් කරනවා.තවත් සමහරු ලක්ෂ දහයක් මල්පූජාකරනවා.බුදුන් වහන්සේ හිටයනම් කියයි ඒ වියදමෙන් ඵලදායි ජීවිතේට අර්ථවත් දෙයක් කරන්න කියලා.

      ඔන්න පෙරේදා මම ගිය බස්එකේ ඉස්සරහම සිට් එකක වාඩිවෙලා හිටපු පුද්ගලයෙක් පන්සල් බෝධි දකින ගානේ සිට් එකෙන් නැගිටිනවා ලොකු භක්තියකින්.ඉන් පස්සේ ඇස් වහගෙන වැඳලා ආයෙත් ඉදගන්නවා.වයසක අම්මා කෙනෙක් එතනම අමාරුවෙන් විසිවෙවි හිටගෙන යනවා.අර පුද්ගලයා අර අම්මට රවනවා ඇගේ වදිනවා කියලා.මට මාලනී බුලත්සිංහලගේ "දකින විට පන්සලක්" සිංදුව මතක් වුනා ඒක දැකලා...

      Delete
  3. නිවස අවට පරිසරයේත්, නෑදෑ හිත මිතුරන් අතරේත්, කාර්යාලයීය පරිසරයේත් ඔය උඹ දාපු අදහස් මාත් දාලා තියෙනවා, බුද්ධාගම ආශ්‍රිත මිත්‍යා ඇදහිලි හා වන්දනාමාන ගැන. මං දිහා බලන්නේ අඟහරු ලෝකෙන් ආපු එකෙක් දිහා වගේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නෙ එකම විදියෙ පිරිසක්ය කියන හැඟීම මට ආවෙ අද ඊයෙ නෙවෙයි. බ්ලොග් ලියන හැමෝම තුල මම ඒ විශේෂත්වය දැක්කා.

      මටත් ඔය අත්දැකීම් ඔහොමමයි. මම දිහා හැමෝම අගහරු ලෝකෙන් ආපු කෙනෙක් දිහා බලනව වගෙ බැලුව. මම සැලුනෙ නැහැ. නමුත් මම කියන ඒවගෙ ඇත්තක් නැත්තෙමත් නෑ කියල ඒ හැමෝමත් පිළිගත්තා.මිනිසාට ආගමක් අවශ්‍ය නැහැ කියන මතයෙ මම ඉන්නෙ.

      Delete
    2. ඕනෑම ආගමික කරුණක් ගැන යථාර්ථවාදීව කරුණු පැහැදිලි කරොත් එක්කෝ පිස්සෙක් නැත්නම් N.G.o එකෙන් සල්ලි අරන් ආගම විනාශ කරන ඇමරිකානු ඒජන්තයක්. සාම්ප්‍රදායික මිථ්යාවන් අයින් කරන එක හිමාල කන්ද ඔලූවෙන් ගසා කඩා දානවට වඩා අමාරු දෙයක්

      Delete
    3. //මිනිසාට ආගමක් අවශ්‍ය නැහැ කියන මතයෙ මම ඉන්නෙ.//
      මමත් ඔය මතයෙ ඉන්නෙ. ඒත් ගොඩක් එවුන්ව ආගමකට බැදල බය කරගෙන හිටියෙ නැත්නම් දරුණු ලෙස සමාජයේ හැසිරෙනව

      Delete
    4. //මිනිසාට ආගමක් අවශ්‍ය නැහැ කියන මතයෙ මම ඉන්නෙ.//
      මමත් ඔය මතයෙ ඉන්නෙ. ඒත් ගොඩක් එවුන්ව ආගමකට බැදල බය කරගෙන හිටියෙ නැත්නම් දරුණු ලෙස සමාජයේ හැසිරෙනව

      Delete
  4. මෙවන් වෙනස්කම් පොදුවේ සමාජයකම කරන්න කවදාවත් පුළුවන් වේදැයි සැක සහිතයි. දියුණු යැයි කියන සමාජ වලත් මේවා ගැන විශ්වාස තියෙනවා. නමුත් එක් එක් පුද්ගලයාගේ ආත්ම විශ්වාසයේ තරම අනුව වෙනස් කරන්න පුළුවන් යැයි සිතනවා. තමන් ගැන ආත්ම විශ්වාසය වැඩි අය ජීවිතේ ඩිරෙක්ශන් එක නොපෙනෙන බලවේග වලට භාර කරනවා අඩුයි. එහි විරුද්ධ පැත්තත් සත්‍යයි. එතකොට පැහැදිලි වියයුතුයි ඒවා බොරු බව ඔප්පු කිරීමට උත්සාහ කිරීමෙන් එම රඳා පැවැත්ම විශාල ලෙස අඩුකිරීමට අපහසු බව. එම නිසා මෙවැනි විශ්වාස ගැන සමාජයක රඳා පැවැත්ම අඩුකිරීමට කුඩා කල සිට ජීවිතයේ ඩිරෙක්ශන් එක තමන්ම තීරණය කිරීමට හැකිවන සේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම කලයුතු බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. තව පොඩි පැහැදිලි කිරීමක් කලොත් කොවුර් වැනි අය යමක් බොරු බව ඔප්පු කලොත් ආත්ම විශ්වාසය අඩු අය කරන්නේ එයින් ගැලවී වෙන යමක එල්ලීම. බාහිර බලවේග ගැන යැපීම සම්පූර්ණයෙන් ඉවත් කරන්න ආත්ම විශ්වාසය වර්ධනය කල යුතුයි.

      Delete
    2. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමෙන් මේවගෙ අවශ්‍යතාවය අඩු කරන එක තමා කළ යුත්තෙ. සුමනදාස කළෙත් ඒ වගෙ දෙයක්. සුමනදාස හෝ කොවුර් මත යැපෙන්න ඕනත් නෑ. අපට අපේ සිත පාලනය කරගන්න හැකියාවක් තියෙන්න ඕන. එහෙම වුනොත් ඔය මිත්‍යාවන් පසුපස යන්න ඕන නෑ. හැබැයි සමාජයෙ බහුතරයකට ඕන වැලිබත් උයන්න. ඒ අය එහෙම ඉදපුවාවෙ. ටික දෙනෙක් හෝ මුදාගන්න එක වටිනවා.

      සුබ දේවල් ස්වයං යෝජනා කිරීමෙන් දුර්වල මානසිකයන් ඉන් මුදා ගත හැකියි. පොඩි ළමයින්ට ආත්ම විශ්වාසය දෙන්න පුළුවන් නම් වඩා සාර්ථක වෙයි. නමුත් අපේ අධ්‍යාපන රටාව හැදිල තියෙන්නෙත් මිත්‍යාව ඍණාත්මක චින්තනය ප්‍රවර්ධනය වන ලෙස.

      Delete
    3. දෙමව්පියන් මේ දේ කල යුතුයි. මේ අංශයෙන් මගේ දරුවන් සම්භන්ධයෙන් තරමක් දුරට සාර්ථක වුනා.

      Delete
  5. මට මතක් උනා. සුමනදාසගෙ පොතක් තිබුන. භාවනා කිරීමෙන් වන ඵැල විපාක කියල. භාවනාව ඉතා හොඳයි. එයින් සිත නිරවුල් වෙනවා.හැබැයි භාවනා කරල අහසින් යන්න බෑ. විජයානන්ද ස්වාමි කියන ලිපියෙ මම කීවෙත් එයයි. යටි සිත අවදිවීම ගැන සුමනදාසත් ලියල තියනවා. අහසින් ගිය අය ලංකාව ඉන්දියාව ඇර වෙන කිසිම රටක දැක නැහැ.භාවනාවෙන් ලැබෙන්නෙ කායික හා මානසික සුවය (යෝග වලින් වගෙ ) මිස වෙන හාස්කම් නෙවෙයි.උඩින් යන්න ,අතීතයට යන්න ,ගස් ගල් පෙරලන්න බෑ. රුධිර පීඩනය අඩුකරගන්න ,සුවදායක නින්දක් ලබන්න , ප්‍රබෝධයෙන් දවස අරඹන්න නම් පුළුවන්.

    ReplyDelete
  6. මධ්‍යස්ථ මතධාරියා,

    ඔබ මෙතන පවසන මිථ්‍යාදෘෂ්ටිය නම් අවිවාදිතයි. අද රටේ තිබෙන ජනමාද්‍ය (ජඩ මාද්‍ය) මේවා අතව තවත් ප්‍රචාරණය කරනවා.
    නමුත් ඔබ සියලු දෙනා නවීන විද්‍යාවේ නාමයෙන් කෙරෙන විශාලම ජාවාරම් පිලිබදව දක්වන්නේ දැඩි නිහඩ තාවයක්.

    හොදම උදාහරණය කලකට පෙර හදුන්වා දුන pentavalent vaccine ය නිසා ශ්‍රී ලංකික දරුවන් කීපදෙනකුගේ මරණයෙන් පසු මෙය ලංකාවේ තාවකාලිකව තහනම් වෙනවා, මේ පිලිබදව ලෝකය දැනුවත් වෙන්නේ ඉන්දියානු අධිකරණයේදී ශ්‍රී ලංකාවේ දරුවන් ගේ මරණ පිළිබද සදහන් වූ පුවතෙදියි.
    http://www.omsj.org/blogs/after-54-infant-deaths-government-finally-admits-three-deaths-associated-with-pentavalent-vaccination

    http://www.pharmabiz.com/NewsDetails.aspx?aid=76630&sid=1

    මෙහි ඇති ලස්සනම දෙයනම් සියලු ජනමාද්‍ය ගතකරන නිහඩ ප්‍රතිපත්තිය සහ මෙය පිළිබද දැනුවත් උගතුන්ගේ දැඩි නිහඩ බවයි.

    මෙය ලෝකය පුරා http://www.telegraph.co.uk/news/uknews/1365829/Blair-silent-over-Leos-MMR-jab.html
    ලෝක ප්‍රසිද්ද දොස්තර OZ තම දදුවන්ට vaccine ලබාදීම පිළිබද පැවසුවේ https://www.youtube.com/watch?v=bGNn_prJXhg
    තමා ගෙදර ගියවිට දොස්තර OZ නොවනබවත් එහිදී ඔහු මිස්ටර් OZ බවත් තම බිරිද ඔහුගේ දරුවන් 4 ට vaccine ලබාදීමට අකමැති නිසා ලබා නොදුන් බවත්ය.
    මෙවැනි මහා රැවටීමක් ලෝකය පුරා ඇති තත්වයක් තුල ඔබ මේ වංචා කාරයන් ගැන කතා කරයි මෙයට තමයි කියන්නේ අලියන හිල් තියෙද්දී කුබි යන ගුල් වහන්න උත්සහ කරනවා කියල.

    ReplyDelete
    Replies
    1. මේ ගැන නොලියන්නෙ මට දැනුම මදි නිසයි. වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන කවුරුහරි කොමෙන්ට් එකකින් ඇහුවොත් මට උත්තර දෙන්න බැරි වෙනවා. ඔබගේ ඉල්ලීම මම ඉටු කරනවා.
      ඒ වෙනත් ක්‍රමයකට. ඉදිරි ලිපියකින් මේ ගැන සංවාදයක් කරමු.
      වෛද්‍යවරු කියන්නෙ බමුණු වෘත්තිකයන් පිරිසක්. ඒ නිසා ඔවුන් ට සිවිල් බලයක් තිබෙනවා. ඔවුන්ව විවේචනය වෙන්නෙ නැහැ.

      හෙහ් හෙහ් හෙහ් හෙහ් මේ රටේ ජඩමාදිලියො. අර බූත කතා,පරන ජෙපි කතා ලියන අමනයො ගැන නේද. උන් ඩොකාලට විරුද්ධව ලියයිද . මේ රටේ මාධ්‍ය කියන්නෙ සංවාද කරන තැනක් නෙමෙයි.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා,

      ස්තුතියි!
      ඖෂධ මාෆියාව පාවිච්චිකරන එක ගැලවීමේ උපායක් තමයි පහත ප්‍රශ්නය.
      "ඔබ වෛද්‍යවරක්ද ? එසේ නැත්නම් ඔබ මෙය කතා කරන්නේ කෙසේද ?" යන්නයි නමුත් පසුගිය කාලයේ සිදුකරන ලද විවිද වංචා සහ දුෂණ සදහා
      ඖෂධ සමාගම් ඩොලර් බිලියන ගණන් වන්දි ගෙවූ බව දැනගැනීමට ඔබ වෛද්‍යවරක් වියයුතු නෑ.

      උදාහරණ සියලුම ඖෂධ සමාගම් අපව රවටන ආකාරය http://projects.propublica.org/graphics/bigpharma (මේ සබැදිය ඔබට විශ්වාස කල නොහැකි නම් "GlaxoSmithKline agreed to pay a fine of $3 billion" ඔබට විශ්වාසය තබියහැකි http://www.nytimes.com/2012/07/03/business/glaxosmithkline-agrees-to-pay-3-billion-in-fraud-settlement.html?_r=0
      අඩවි සොයාගත හැකිවනු ඇති.

      මෙහි එකම වෙනස මේ පිළිබද අප රටේ කිසිදු මාද්යකින් මිනිසුන් දැනුවත් නොකිරීමයි.

      අනෙක් අතට මිට විරුද්ධ වන "වෛද්‍යවරුනට සිදුවන්නේ ඔවුන්ට විරුද්ධව ජනමාද්‍ය මගින් දිගින් දිගටම පහර එල්ල කිරීමයි " මෙනිසා කිසේවෙකු මිට එරෙහි නොවෙයි අනෙක් අතට වෛද්‍යවරයකුට තව වෛද්‍යවරයකු විවේචනය කල නොහැකියි (ශ්‍රී ලංකා වෛද්‍ය සබාව ඇතිකරගන ඇති නීතියකි ) යමකුට විවේචනය කිරීමට සිදු උනොත් අදාළ වෛද්‍යවරය දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කල යුතුයි, මේ නිසා සිදුවන දෙය එළිපිටට කිසිවිටක නොපැමිණෙයි.

      ශ්‍රී ලංකාවේ භාවිතාවන ඖෂධ බොහෝවිට යල්පැනගිය ඒවා වන අතර සමහර ඖෂධ දිරුණු රටවල තහනමට ලක්වූ ඖෂධ වේ. මේ පිළිබද සාමාන්‍ය පුද්ගලයකුට යම් දැනුමක් ඇත්නම් http://www.cdc.gov/ මගින් තොරතුරු සොයාගනිමට හැකියි.

      තමාට උවමනා බෙහෙත කුමක්දැයි තීරණය ගැනීමට වෛද්‍යවරක් වෙත පැවරුවත් අදාළ බෙහෙත ගැනීමට "ශරීරගත" කර ගැනීමට පෙර ඇතිවන ආබාද පිළිබද සොයාගැනීම අද වනවිට සාමාන්‍ය ඉංග්‍රීසි කියවිය හැකි පුද්ගලයකුට හැකියි.

      //අර බූත කතා,පරන ජෙපි කතා ලියන අමනයො ගැන නේද.//

      උන් විතරක් නෙමෙයි වාලම්පුරි විකුණන බුදුදහම විකුණන් කන සියලු රුපවාහිනි ගුවන් විදුලි, පුවත්පත් සියල්ල මිට අදාලයි.
      මනස ගැන කිව්වොත් මේ තෙලි නාට්‍ය විසින් සිදුකරන විනාශය විශාලයි (පසුගිය වසර 20 ටම රුපවාහිනිය ඉදිරියේ පැය 100වත් ගත නොකළ කෙනෙක් ) උනත් ගෙදර අනෙක් අය නරබන විට වැරදිලාවත් රුපවාහිනිය ද්ක්කොත්, මා දුටු වැදගත්ම දෙයක් තමයි මේ චරිත 4 "කෙල්ල , කොල්ල , මන්දබුද්ධිකය සහ නපුංසකය " යන චරිත බහුලව දැකිය හැකියි.

      මෙහෙම සමාජයක සිදුවෙන්නේ කුමක්දැයි බොහෝදෙනාට තේරුමක් නෑ

      Delete
  7. කොච්චර උන් හිටියත් වැඩක් නෑ ආන්ඩුව ලෞකික නොවී

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථාවෙ සමහර වගන්ති ඉවත් කරල ආණ්ඩුව අනාගමිකයි කියල ප්‍රසිද්ධියෙ කියන්න කිසිම ආණ්ඩුවකට බෑ. මේ තත්වය තව කාලයක් පවතීවි. තක්කඩි හෝල් සේල් එකට පහල වේවි. එක්කෙනෙක් දෙන්නෙක් යථාර්ථවාදීන් පහල වේවි. නමුත් කවදාහෝ කාලය විසින් සියල්ල නිවැරදි කරාවි.

      Delete
  8. සයිබර් අවකාශය තුළ ඇවිදිමින් Facebook එකේ කාලය කමින් එහි දේශපාලන මඩ ගැසීම්, ඉස්ලාම් අන්තවාදයට එරෙහි සටන් ලමා අපචාර වවාගෙන කෑම්, එල්ලුම්ගස් ගැටුම් ධාතු වැඩම වීම් , ෂෙල්පි පිස්සුව බොරු පොෂ් ගති එකී නොකී දේවල් දැක කලකිරීමෙන් ඉන්න වෙලාවක අහම්බයෙන් වගේ යකාගෙ අඩවිය ඇස ගැටී එහි ලිපි කිහිපයක් එක දිගට කියවා බැලුවා. සයිබර් අවකාශයේ ඉගෙනීමට කියවීමට දෙයක් තියෙනවා කියලා හිතුනෙ එවෙලේ. මධස්ථ වටේ ඉන්න මනෝ මන්දිර මෙන්ඩා සාගරිකා මධූ සිතුවිලි මාතලන් අජිත් ඇතුළු සියලු දෙනාගේ අදහස් කියවා බැලීමේදී උගත් බුද්ධිමත් අයගේ නවාතැන් පොලක් කියලා හිතුනෙ නිරායාසයෙන්. කණුහරුප මඩ ගැසීම් නැති වැදගත් විදිහට මතයක්් කියන්න සාකච්ඡා කරන්න ලංකාවේ කිසිම තැනක් නැති යුගයක යකාගෙ අඩවිය මට නම් තුසිත දෙව්ලොවක්.මම බ්ලෝග් වලට අලුත් prasad

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නෙ නිදහස් අවකාශයක්. එහි සංවාද නිදහස්ව සිදුවිය යුතුයි. එසේම බ්ලොග් කියන්නෙ ඕප දූප කතා කරන තැනක් විතරක්ම නොවිය යුතුයි.

      ඇත්තටම අපේ බ්ලොග් මිතුරන් හැමෝම වගෙ උගත් බුද්ධිමත් අය. ඒ වගේම සංවේදී අය. සියල්ලටමත් වඩා පුදුම දේ තමා හැමෝම 99% ක සමාන අදහස් දරන අය වීම. කිසිවෙක් අන්ධ භක්තිමතුන් නෙමෙයි.

      බ්ලොග් අවකාශය කියන්නෙ බුද්ධිමත් සුන්දර මිනිසුන්ගෙ කෝපි කඩයක්. නමුත් එක් අඩුවක් තිබුන. ඒ තමා ඔබ නොසිටි එක. දැන් ඒකත් හරි. හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. බොහොම ස්තුති මධස්ථ මාව ඔබේ තර්කානුකූල සුන්දර සමාජයට ආදරයෙන් පිළිගත්තාට.... අපි දුර ගමනක් යමු.
      //
      සියල්ලටමත් වඩා පුදුම දේ තමා හැමෝම 99% ක සමාන අදහස් දරන අය වීම. කිසිවෙක් අන්ධ භක්තිමතුන් නෙමෙයි// එක සමාන කුරුල්ලන් එක අත්තෙ වහනවාලු....

      Delete
  9. සුමනදාස මහතා මිත්‍යාවට පහර ගැසුවේ වෙනත් ක්‍රමයකිනි. සෘජුව විද්‍යාතම්කව පැහැදිලි කරදෙමින් කෙරන මිථ්‍යාවට පහර දිමක දී ඒ ව්‍යාපාරය කොන්කර දැමීම අපේ හරකුන්ගේ ස්වභාවය වුනා. කොවුර්ගේ ව්‍යපාරය ජනතාව අතරට යාමේ පමාව ට එය ද හේතුවක් වුනා විය හැකියි . සුමණදාස මහතා ත් මග ඊට වඩා ඵලදායි වුනා වගේ නේද මධ්‍යස්ථ

    ReplyDelete
    Replies
    1. සුමනදාස මහතාගේ මිත්යාවට එරෙහි කරුණු දැක්වීම සංයමයෙන් යුක්තව සිදුවුණා. විරුද්ධ මතයන් දුටු සැනින් කඩා පනිමින් පහර දීමක් එතුමාගේ දර්ශනයේ තිබූනේ නෑ. එතුමා හේතුවාදියෙක් හෝ භෞතිකවාදික් වත් නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් දකින විද්වතෙක්.

      Delete
    2. මට හිතෙන්නෙ සුමනදාස මහතාට මිත්‍යාවට පහර දීමේ අවශ්‍යතාවයක් නොවූ බවයි. ඔහුට ඕන වුනේ මේ රටේ ජනතාව තුල ධනාත්මක සිතිවිලි රෝපනය කරන්නයි. මිත්‍යාවන්ගෙන් සිදුවෙන්නෙ වලපල්ලට දාන එකනෙ. ඉතින් ධනාත්මක චින්තන ව්‍යාපාරයෙදි මිත්‍යාවට පහර දීම අතුරු කතාවක්.
      උදාහරනයකට කෙනෙක් සිතනව එයාගෙ දුකට හේතුව පෙර කරුමෙ කියල. එහෙම කියල පින් පතාගෙන ඇවිදිනව. ( ඇත්තටම එහෙම කෙනෙක් ගැන පත්තරේ තිබ්බ.එයා පයින්ම වන්දනාවෙ ඇවිදිනවලු පින් ලබාගෙන මතු ආත්මෙ සතුටින් ඉන්න ) .මේ වාගෙ අය ප්‍රයෝජනවත් වැඩකට යෙදවීමෙන් ඔවුන් තුලින්ම මිත්‍යාවට එරෙහි මතයක් ඇතිවෙනවා.

      මිනිස්සු සුබවාදීව තර්කානුකූලව සිතනව කියන්නෙ රටේ දියුණුව . තක්කඩින්ගෙ පරිහානිය. උඩු ගං බලා පීනනව වගෙ වැඩක් මේක.

      Delete
  10. හේතුවාදීන්ගේ සංගමයෙ සාමාජිකයෙක් වෙලා හිටපු අපේ තාත්තා ඒ අදහස් ඔලුවට දාපු නිසාවට අදටත් මම විවෘත්ත මනසින් ඔය දේවල් දිහා බලන්න පුරුදුවෙලා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇහුවම මට හුගක් සතුටු හිතුන. අපේ දෙමවුපියන් නම් ඒ අතින් හරිම පසුගාමියි. අපේ පරම්පරාවෙ අයගෙ ආකල්ප දිහා බලන කොට කලින් පරම්පරාවෙ මෙහෙම අය ඉන්නව කියල අහන එක විශේෂ දෙයක්.
      පොඩි කාලෙම ඒ වගෙ ආභාෂයක් ලැබුව ඔබ වාසනාවන්තයි. නමුත් බොහොමයක් දෙමවුපියො ඔවුන්ගෙ ඔළුවලට දාන්නෙ පට්ට කෙබර.

      Delete