Monday, December 7, 2015

මුස්ටෆා කැමල්

බ්ලොග් එක පෙර පරිදි යාවත්කාලීන නොකිරීමට මා තීරණය කළේ වෙන කරන්න දෙයක් නැතිකමටය. එහෙත් බ්ලොග් එක පාලුවට යන්න දෙන්නද බැරිය. එයට මා විසදුමක් සොයාගතිමි. එනම් මම වෙනත් බ්ලොග් වල දමන කොමෙන්ට් මගේ ප්‍රයෝජනය පිනිස  මෙහි පළ කිරීමයි. මම  ඉදිරියට කොමෙන්ට් කරන්නෙ කාලීන වැදගත් කමක් සහිත ලිපි  ,ශාස්ත්‍රීය සංවාද ගොඩනැගෙන ලිපිවලටපමනි. මේ නිසා එබදු ලිපි ප්‍රිය කරන බ්ලොග් හිතවතුන්ටද ලිපි එකතුවක් ලෙස මෙය ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත.

මුස්ලිම් ලෝකය තුල කෙමල් අනතුර්ක් ලකුණ


මගේ අදහස් දැක්වීම

මුස්ටෆා කැමල් කළේ එසේ මෙසේ විප්ලවයක් නෙමෙයි. ඇත්තෙන්ම පළැමු ලෝක යුද්ධයෙන් පසු ඔද වැඩුන තුර්කි ජාතිවාදය ට නායකත්වය දුන්නෙ කැමල්. ඔහු තේරුම් ගත්ත අරාබි උරුමය තුර්කියට කටු ඔටුන්නක් බව. සියවස් ගනනාවක් අරාබීන්ට නායකත්වය දුන්නෙ තුර්කීන්. මේ නායකත්වය කැමැත්තෙන්ම අත හැරිය. හැබැයි අරාබීනුත් තුර්කීන්ගෙ නායකත්වය ප්‍රතික්ෂේප කරලයි තිබුනෙ.

ඉස්ලාමය වැළද ගැනීම නිසා ඊජිප්තුව ,සිරියාව ,පර්සියාව වගෙ රටවල් අරාබි රටවල් වුනා. ඔවුන්ගේ ජාතිකත්වය නැත්තටම නැති වුනා. මේක බෙන්ගාලෙ , ඉන්දුනීසියාවෙ එහෙම අඩුයි. බෙන්ගාලෙ චෞද්‍රිල ,ඉන්දුනීසියාවෙ සුහර්තෝල එහෙම ඉන්නෙ ඒකයි .නමුත් තුර්කිය ,ඊජිප්තුව වගෙ රටවල ජාතිකත්වය හෝදලම ඇරිය. ඒ රටවල අරාබි රටවල් වුනා. කැමල් තේරුම් ගත්ත මෙය.

තුර්කිය වාර්ගිකවත් යුරෝපා ප්‍රජාවක්.ට්‍රෝජන් යුද්ධ වල ට්‍රෝයි පුරය තියෙන්නෙත් තුර්කියෙ. ඊටත් පෙර ඔවුන්ට දීර්ඝ සංස්කෘතියක් තිබුන. පර්සියාවට ඊජිප්තුවටත් එහෙමයි. නමුත් මේ උරුමයන් පැත්තකට දාල අමුවටම අරාබි වෙන එක නම් අපරාධයක්.

කැමල් අරාබි හෝඩිය පවා ඉවත් කරල ,අරාබි ඇදුම් පැළදුම් ඉවත් කරල , අරාබි නම් ගම් පවා ඉවත් කළා. අද තුර්කියෙ මොහමඩ්ල නෑ මං හිතන්නෙ. මේව මතුකරන එක ලේසි වුනේ නෑ. මේව යට ගිහින් තිබුනෙ. තව ටිකෙන් තුර්කි භාෂාවත් නැත්තටම නැතිවෙනව. ඉස්ලාමය නාමයෙන් සිදුවුනේ අරාබි සංස්කෘතික ආක්‍රමනයක් බව කැමල් කීව.

කැමල් මේ හැම දෙයක්ම කීවෙ ප්‍රසිද්ධියෙ. අද ලංකාවෙ දේශපාලකයෙකුට පුලුවන්ද මම ආගමක් අදහන්නෙ නෑ. බුදුදහම දේශපාලනෙන් අයින් කරන්න ඕන කියල ප්‍රසිද්ධියෙ කියන්න බෑනෙ. හැබැයි 99% මුස්ලිම් තුර්කිවරු ඉදිරියෙ කැමල් එහෙම කීව. ඒකයි වටින්නෙ.

කැමල් යුද්ධ සම්මුතිවලට ගරු කළේ නෑ. යුද්ධය පරාජය වීම නිසා තුර්කියට අහිමිවූ ප්‍රදේශ යලි අල්ලගත්ත.ග්‍රීක්වරු පලවා  හරිය. ඔහු ජතිමාමක තුර්කීන් අතර ජනප්‍රිය වුනා. රට දියුණු කිරීමට නම් නූතන කළ යුතුයි .අරාබි විලංගු වලින් මුදා ගත යුතුයි කියා කීව. ආගම් භක්තිතෙන් සිටි තුර්කීන්ට අරාබි විලංගුව ගැන ඔහු පැහැදිලිකර දෙන්න ඇති. ඔහුට අල්පමාත්‍ර විරෝධයක් ආවෙ නෑ ප්‍රතිසංස්කරන වලට.
තායිලන්තෙ චූලාලංකෝන්, ජපානෙ මුත්සියුහිතෝ කළ දේමයි කැමල් තුර්කියට කළේ. සාර්ථක වෙන්නම සුද්ද වගෙ වෙන ඕන කියල ඒ හැමෝම කිව්ව. වැඩවසම් අතීතය ශක්තියක් නොව අපව තවත් දුර්වල කිරීමක්ය කියල ඔවුන් තම රටවල ජනයාට පැහැදිලි කළා.

අවාසනාවට අපට හිටියෙ කැමල් ල නෙමෙයි. අපේ ශක්තිය වැඩවසම් අතීතය කියල ජනතාව රවටන දේශපාලුවො. වැඩවසම් අතීතය අපේ ශක්තිය නොවෙයි දුර්වලකමයි.

28 comments:

  1. මධ්‍යස්ථගේ කලින් පෝස්ට් එකට කොමන්ටුවක් දාලා බලනකොට ඒ පෝස්ට් එක අතුරුදහන් වෙලා කෝ ඒක.

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එක සාර්ථක නෑ වගෙ නේද. කාටවත් තේරිල තිබුනෙත් නෑ. ඔන්න ඔබේ ඉල්ලීම මත යළි පබ්ලිශ් කළා

      Delete
    2. මම දිග කොමන්ටුවක් දැම්මා ඒකට.ඒක පබ්ලිශ් කරනකොට තමයි ඒ පොස්ට් එක තිබුනේ නැත්තේ.කොමන්ටුවත් එහෙම්ම මැකිලා.ඒ පෝස්ට් එක තව ටිකක් සංස්කරණය කරලා නැවත පලකරමු එහෙනම්.

      Delete
    3. අපරාදෙ . මට හරිම දුකයි. මොකද මම දන්නව ඔබේ කොමෙන්ට් ගැන. ඒව ඉතා සරුසාර කොමෙන්ට්. ඔබේ සමහර කොමෙන්ට් මගෙ පෝස්ට් වලටත් වඩා හොඳයි. මහන්සි වෙලා දිග කොමෙන්ට් එකක් දාල ඒක ඩිලීට් වුනානම් වස වැරැද්දක්
      අනික මම දන්නව ඒ ලිපියෙ සබ්ජෙක්ට් එක ගැනත් ඔබට ලොකු දැනුමක් තිබෙන බව. ඔබේ කොමෙන්ටුව ඉතාම වටිනා එකක් වෙන්න ඇති .අපරාදෙ .

      මට වෙලාව තිබුනොත් ඒක යලි සංස්කරනය කරනවා.කොහොමත් තිබ්බ විදියටම ආයෙ පළකලා .කැමතිනම් කොමෙන්ට් එක ආයෙ දාන්න.

      Delete
    4. පුංචි විවේකයක් තිබුන වෙලාවේ දැම්මේ.සමාධිභාවනා සූත්‍රයේ තිබෙන කරුනු සම්බන්ධකරගෙන දැම්මේ.නැවත විවේකයක් ලැබුන හැටියෙම ඒ පෝස්ට් එකෙ අදහස පලකරන්නම්.මම ඒ අතරේ ඔබේ පරන පෝස්ට් එකක ලිපියක් කියෙව්වා ඒ පෝස්ට් එකේ දාලා තිබුන ලින්ක් වල තිබුන අමුතුම බිලොග් දෙකකටත් ගියා.අමුතු ජෝතිෂ්‍ය බිලොගයකුත් තියෙන්නේ.දැන්නම් ඒවා ලියවෙන්නේ නෑ වගේ.

      Delete
    5. ඔබ කියන්නෙ අපේ විද්වත් මනමේන්ද්‍ර මහත්තයගෙ බ්ලොග් එක වෙන්න ඇති. ඒක බලන්න වෙන්නෙ මේ වගෙ මහරෑ වෙලාවට තමයි. නැත්නම් ලැප් එක දිහා බලාගෙන හිනාවෙන්නෙ ඇයි කියල අහනවනෙ.

      තනි මිනිහෙකුට මෙච්චර පට්ට බේගල් කියන්න පුළුවන්ද කියන එක පුදුමයක්. ඔහු සැබෑ දක්ෂයෙක්. අපට මහ හඩින් සිනා සී තරවෙන්න පුළුවන්.

      Delete
    6. හෑ.. යකෝ මං මෙච්චර වටිනා කොමෙන්ටුවක් දාපු එක මැකුවද???

      Delete
    7. සජ්ජා
      ඒක නේන්නම්.දැන් ආය කොටපංකෝ ඉතින් ඒක.උඹත් අර පෝස්ට් එකේ ලිංන්ක්වල තියන බිලොග් වලට ගිහිල්ලා බලපංකෝ ටිකක්.බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් විහිලු තියනවා ඒවගේ.

      Delete
  2. මගේ බ්ලොග් එකේ කමෙන්ට් වලට තවම පිළිතුරු ලියන්න බැරිවුනා. මේ ටික ඉතා හොඳ එකතුවක්. කලින් පෝස්ට් එක ඉවත් කළ යුතු එකක් නෙමෙයි. ඔබේ නිගමනයට හේතුව මම දන්නේ නැහැ. කමෙන්ට් දමන්නේ කියවන අයගෙන් සුළු පිරිසක් පමණයි. එය ලිපියේ ස්වභාවය අනුවත් වෙනස් වෙනවා. ඒ නිසා ඒ මතනම් තීරණ ගතයුතු නැහැ. කොහොමවුනත් එය නැවත දැමීම හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. කලින් එක ඉවත් කළේ කොමෙන්ට් අඩු නිසා නෙමෙයි.දාල තිබුන කොමෙන්ට් දැක්කම හිතුනෙ වැඩි දෙනෙකුට තේරුනේ නෑ කියල. නමුත් පොඩි සන්ස්කරනයක් කරල ආයෙ දැම්මා

      Delete
    2. ඉකොනමැට්ටා සමඟ මාත් එකඟයි, කෙනෙක් කැමැත්තෙන් කොමෙන්ට් කරන්නේ තමාට හිත ගිය විශයක් කියවන්න ලැබුනොත් විතරයි, ​ඒ ඇරෙන්න බ්ලොග්වලට කොමෙන්ට් කරන්නේ 'මමත් ඇවිත් ගියා' කියන්නයි. එයින් ලිපි කරුවා දිරි ගන්වන්න උත්සාහ කරන්නේ​ එයින් සතුටු වෙන ඒ බ්ලොග්කරුවා තමාගේ බ්ලොගයටත් පැමිනේවියි කියන පොඩිපහේ බලාපොරොත්තුවකුත් තියාගෙනයි.

      කොමෙන්ට් අඩුවුනා කියලා ලිපිය පාඨකයන් අතරට ගියේ නෑ කියන එක කියන්න බෑ. ඒක මට හොඳටෝම තේරෙනවා, දවසකට නැරඹුම් 100ක් විතර තියෙන මගේ බ්ලොගයේ කොමෙන්ට් බොහොම අඩුයි, ඒ මගේ නිර්මාණවල අන්තර්ගතයේ ස්වභාවය​නිසා. ඒව්වා කියවල සද්ද නැතුව ඉන්නවා. කොමෙන්ට් එන්නේ සාමාන්‍ය ලිපියක් දැම්මොත් විතරයි.

      Delete
  3. කෙමාල් සහ පුටින් ගැන මගේ ලිපිය බැලුවද? මට නම් ඒ මනුස්සයා විප්ලව වාදියෙක්.

    ReplyDelete
    Replies
    1. බැලුවා. ඔය වගෙ ලිපි මම අත අරින්නෙම නෑ. මටත් ඔහු මහා විප්ලවවාදියෙක්

      Delete
  4. ලංකාවෙත් ආගම් රාජ්‍ය පාලනයෙන් ඉවත් කරන්න ඕනෑ වහාම. ඒ ඒ ආගම බලාගන්න ඇමතිවරුත් දාගෙන තව..
    (පහුගිය මගඇරුණු ලිපිත් කියෝගෙනම ආයි එන්නං ඈ...)

    ReplyDelete
    Replies
    1. මහජන මුදල් නාස්තියක්.ආගම කියන්නෙ පුඝ්ගලික දෙයක්.රාජ්‍ය අනුග්‍රගය ඉල්ලන්නෙ කපටි පූජකයන්ට වැජඹෙන්න.

      Delete
    2. අනාගමික දේශපාලනයක වැදගත්කම.........

      Delete
  5. මටනම් තේරෙන්නේ නෑ බොලව්..... මොලේ තරම තමා

    ReplyDelete
  6. lankwe agam palanayk na banz hamuduruwarunwta wadinawa pennuwata okunwa kauruth gann gnne na padekata. MR lokka nam gananm gattema na, Ranilath ehemayi.
    habyi Fatherge loguwa dakkama natta puke okkogema

    ReplyDelete
    Replies
    1. මට නම් ඔය දෙගොල්ලම එකයි බන්. සිවුරු හොරුයි සුදුරෙදි හොරුයි.
      නිළ ඇදුමක් දාගෙන රස්සාවක්නෙ කරන්නෙ.
      මම නම් කියන්නෙ ඕකුන්ට වදින්න ඕන නෑ කියල

      Delete
  7. ම: ම:
    ඔටෝමාන් අදිරාජ්යය, කුරුස යුද්ද, පාප් වහන්සේ ගේ යුරෝපීය අදිරාජ්යය, ටෙම්ප්ලාර්ස් නයිට් වරු වගේ දේවලුත් සඳහන් උනා නම් තමා වඩා වටින්නෙ..

    ReplyDelete
    Replies
    1. මේක නම් ලිපියක් නෙමේ කොමෙන්ට් එකක් යළි පළ කිරීමක්නෙ. ඔය කතා මම මගෙ කලින් ලිපිවල කතා කරල තියනව.
      මේ දේවල් රසවත් කතාවක් වගෙයි.යුරෝපා ජාතීන් ජෙරුසෙලම බේරගන්න විටින් විට ආ සැටිත් ඒ සැමවිටකම අරාබීන් ඇදන් යට රිංගන විට තුර්කීන් පැමින යුරෝපා ප්‍රයත්නයන් සෙල්ලම් ගෙවල් සේ බිද දැමූ සැටිත් කියවන්න ආසයි.
      එහි අවසානයේදී තුර්කීන් යුරෝපය නැගෙනහිරින් ආක්‍රමනය කළා.නව ලෝකය බිහිවන්නේ එහි ප්‍රතිපලයක් ලෙස. නමුත් මුස්ලිම් ඇසින් බලනවානම් තුර්කීන් මුළු ශක්තිය යෙදවිය යුතුව තිබුනෙ බටහිරටයි එහෙම වුනානම් පෘතුගීසීන්ට ඉන්දියන් සාගරය පරංගි වැවක් කරගන්න ළැබෙන්නෙ නෑ. එහෙමනම් දේශ ගවේශන කතාත් නෑ.

      ජිබ්‍රෝල්ටාව හරහා අබ්දෙල් රහමන් ඉදිරියට ගිය පාරෙ තුර්කීනුත් ගියානම් අද අපට දකින්න ලැබෙන්නෙ වෙනස්ම ලෝකයක්.ලෝක ඉතිහාසයෙ මේ වගෙ ටරිනින් පොයින්ට් දෙස මම විමසිලෙන් බලල තියනව.
      එහෙම වුනානම් අද මුලු ලෝකයම මුස්ලිම් වෙන්නත් ඉඩ තිබුන. යුරෝපයෙ ජාතික රාජ්‍ය බිහිනොවෙන්න ඉඩ තිබුනා.

      Delete
  8. මුස්ටාෆා එළ කොල්ලෙක්නෙ... ඉකොනොමැට්ට කියල තිබ්බ බුවා බේබද්දා කියල.. මං හිතන්නේ පොරට බොන්න ඕන උන නිසා ඔය ඔක්කොම වෙනස් කරන්න ඇති... විහිලුවට කිව්වෙ. ඒ වගේ කෙලින් මිනිස්සු බොහොම අඩුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත .ලෝක ඉතිහාසයම ගත්තත් මුස්ටාෆ ල අඩුයි. ඔහු ඉදිරියට ගත්තෙ තුර්කි ජාතිවාදය. තුර්කිය ශක්තිමත් කරන්නනම් අරාබිය එක්ක නොවේ බටහිර එක්ක ඉස්සරහට යන්න ඕන කියල ඔහු කිව්වා. වර්තමාන තුර්කියේ මුහුණුවර සම්පූර්නයෙන්ම සකස් වුනේ කැමල්ගෙ සැළසුම් මත.

      නමුත් මෑත කාලයේ ඉස්ලාමීය සුබසාධක පක්ෂය තුර්කියෙ බලය අල්ලගත්ත. නමුත් තුර්කි සමාජය යලි අරාබි අන්ධකාරයට යන්න කැමති නෑ. තුර්කිය දැන් නේටෝ රටක්. නමුත් ජනාධිපති එර්ඩොගාන් සැරින් සැරේ පොඩ්ඩක් රිවස් ගියර් එක දානව. ඒත් දැන් ඇමරිකන් සෙක්කුවෙ තදට ගැටගහල නිසා ඔහුට වර්තමාන තුර්කිය ආපස්සට හරවන්න නම් බෑ.

      Delete
  9. ...ඉස්ලාමය වැළද ගැනීම නිසා ඊජිප්තුව ,සිරියාව ,පර්සියාව වගෙ රටවල් අරාබි රටවල් වුනා...

    ඉස්ලාමය වැලඳගත් සියලු රටවල් වල ඉතිරිවුනේ මිලෙච්ඡත්වය විතරයි.කැමල්නම් තමන්ගේ රටේ වෙන්න යන විනාශය දැක්කා.ඒ නිසා ඔහු හැකි පමනින් පියවර ගත්තා.නමුත් අපේ රටේ නම් ඉන්නේ කැමල්ලා නෑ.මේ දේශපාලුවන්ගෙන් වැඩි දෙනෙක් දැනටමත් මිලෙච්ඡයි.ඒ නිසා මිලෙච්ඡත්වයටම හිස නමාවි.

    ReplyDelete