Wednesday, December 23, 2015

මෙතෙක් කතාව - දෑවුරුදු බ්ලොග් සමාලෝචනය /ස්වයං විවේචනය/පාපොච්චාරනය

2015 වසර අවසන් වීමට ආසන්නය.  ආපසු හැරී බලන විට නොකළ යුතුව තිබුන සමහර දේ කළ බවත් කළ යුතුව තිබූ සමහර දේ නොකළ බවත් මට වැටහේ.

2015 වසරේ මා කළ ලොකුම මෝඩකම ලෙස මට සිතෙන්නේ මගේ අවිධිමත් මූල්‍ය කළමනාකරනයයි. මා අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති කළෙමි.එසේම දිගුකලෙක සිට මට තිබූ දුර්වලකම් දෙකක් නිවැරදි කරගන්නටද අවශ්‍යය.මම සීමාව ඉක්මවා නිහතමානී වීමටත් අනුන්ගෙ වචනෙ කඩන්න බැරිකමට අනුන්ට දිනුම දීමත් ඒ දුර්වලකම්ය. මා මුදල් යොදවා කළ එක් දෙයක් එසේ මිතුරෙකුගේ වචනෙ කඩන්න බැරිකමට කළ දෙයකි.එය ගැන පසුතැවෙමි.

මා බොහෝ අනවශ්‍ය භාන්ඩ මිලදී ගත්තෙමි. ඇත්තෙන්ම මෙය මේ රටේ බොහෝ දෙනෙකුට තියන අවුලකි. අප මිලදී ගන්නා දෙයක් ඇත්තටම අවශ්‍යද . ණය ගන්න අයද එම ණයෙන් කරන්නෙ අනවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමය. කුඹුරු වගා කිරීමට ණැයක් ගන්න කෙනා මුලින්ම කරන්නෙ බයික් එකක් ගැනීමය.එතැන් සිට අසාර්ථක වෙයි.ධනවාදය තුලින් අපට නිතරම අනවශ්‍ය භාන්ඩ ම්ලදී ගැනීමට පොළඹවයි  මට නම් සිතෙන්නෙ දරිද්‍රතාවය ඇතිවන්නෙ අවිධිමත් මූල්‍ය කළමනාකරනය නිසා බවයි.

මගේ බ්ලොග් කෙරුවාව ගැනද යමක් කියන්නට සිතේ.මගේ බ්ලොග් කෙරුවාව ගැන මා කිසිදා කතා කර නැත. මගේ කිසිම ලිපියක මා ගැන පුරසාරම් කතා කර නැත. මගේ පුද්ගලික දේවල් කතා කර නැත. ඒවා කියවන්නාට වැඩක් නැති බැවිනි.

මගේ සියළුම ලිපි සකස් වුනේ කිසියම් රාමුවකට අනුවය.එය මා සිතා මතා කළ දෙයක් නොවේ. නමුත් එහි කිසිම විසංවාදයක් නොවීය.

මා ගතානුගතික සම්ප්‍රදායන්ට එරෙහි වීමි. නිරතුරුවම නැවුම් බව වෙනුවෙන් පෙනී සිටියෙමි.විශීෂයෙන් රජවරු ,වැඩවසම් සමාජය මගේ දැඩි විවේචනයට ලක් විය.

සමාජ ප්‍රගමනය පිළිබද මාක්ස්වාදී විග්‍රහය මගේ විවේචනයට ලක් විය. මාක්ස් වැනි පුද්ගලයන් ඊනියා ප්‍රබුද්ධ සමාජයේ වන්දනයට ලක්වෙයි. සරල ඌනනයන් සරල සිත් වලට ගෙන දෙන්නේ ආශ්වාදයකි.වෙනස් දෘෂ්ටිකෝනවලින් ද ලොව දෙස බැලීමට බාධාවන් තිබිය යුතු නැත.

සරදියෙල් මානසිකත්වයක් ඇතිකර පෙරලිකාර තරුන වයසේ නොමේරූ තරුණයන් පුහු වීරත්වය හා කැපී පෙනීමේ ආශාවෙන් මත්කර දැවැන්ත හමුදා යාන්ත්‍රනයක් ඉදිරියට දමා මිනී වෙන්දේසි කරන වරත්තු දේශපාලනය හෙළා දුටුවෙමි. බොහෝ ඇනෝ සංවාද ඇතිවුනේ මෙහිදීය.

බලය සියල්ලටම මූලිකය. සමාජයේ සම්බන්ධතා ඇතිවන්නේ බලය නිසාය.එය සමාජයක් කැඩී බිදී විසිරී යාමට ඉඩ නොතබන ආකර්ශනයකි.ආදරය යනු බලයට ඇති ආකර්ශනයයි. අප පුද්ගලයන්ට ආදරය නොකරමු. අප ආදරය කරන්නෙ ගුනාංග වලටය. කල්යත්ම මේ ගුනාංග දරන පුද්ගලයන් හාආ එම ගුනාංග ඒකාතිමික වෙයි. මෙය දෘෂ්ටිමායාවක් වැනි දෙයකි. යොවුන් ප්‍රේමයේ සිට ස්මාජ වීරයන් ,ආගමික නායකයන් බිහිවීම දක්වා සියල්ල ට හේතුව මෙයයි.

බලය අතිශයින්ම මූලික වෙයි. බලය යනු කුමක්ද . ධන බලය ,රූප සම්පත්තිය,බාහු බලය ,මුඛරිකම, බොරුකීමේ කලාව,ආදී වශයෙන් විශාල ප්‍රමානයකි. සමාජයේ දැල් නිර්මානය වන්නෙ මෙසේය.මේ දැල් වලින් සැදි ජාලයට අප මානව සංස්කෘතිය ලෙස කියමු.

ඊට අදාලව කම්කරු පන්තියක් නැති බවත් කම්කරුවන්ට හිමි නිශ්පාදනයේ අතිරික්ත වටිනාකමක් නැතිබවත් මා ප්‍රකාශ කලෙමි.කම්කරුවා යනු නිශ්පාදන ක්‍රමවේදයේ එක් අතුරුඵලයක් පමනි. නිශ්පාදන ක්‍රමවේද වෙනස් වන විට සමාජය වෙනස් වෙයි.

පුරාන ආදි සමාජයක් ගැන මම කතා කළෙමි. එහිදී එම ආදි සමාජයේ හැමෝම එකිනෙකා හදුනයි. එහි ධනවතුන් නැත.බලවතුන් නැත. එහි යම් නිශ්පාදකයෙකු සිය නිපැයුම් අලෙවිකර උපයන මුදල ඔහුගේ ආදායමයි. මෙම කුඩා සමාජය මහා සමාජයක් වීමේදී එහි සියලු ඒකක ප්‍රසාරනය වෙයි. එවිට අර කලින් කී නිශ්පාදකයාට තම නිපැයුම් අලෙවි කළ හැකි පිරිසද වැඩිවෙයි. එවිට ඔහු ධනවතෙක් වෙයි. බලවතුන් හා කීර්තිමතුන් බිහිවන්නේද එසේය. කලින් සමාන්තරාශ්‍රයක් වූ සමාජය පිරමිඩයක් වන අතර එහිදී දක්ෂ නිශ්පාදකයන් උඩට යයි. මෙහි දක්ෂකම යනු බලය පැතිරවීමේ හැකියාවයි.

ඊට අදාලව  ප්‍රචන්ඩත්වය ගැන කතා කලෙමි. එයද බලයේ භාවිතයේ එක් ස්වරූපයක් වෙයි.ප්‍රචන්ඩත්වය ගැන මට වෙනස් ලෙස සිතන්නට පෙළැබුනේ එරික් ෆ්‍රොම් ගේ පොත් කියවීමෙනි. ඔහු විවිධ එළඹුම් ඔස්සේ ප්‍රචන්ඩත්වය විග්‍රහ කර තිබුනි. මේ ගැන බොහෝ ලිපි ලිව්වෙමි. ගුරුවරුන්ගේ කුරිරු දඩුවම්, පොලිස් ප්‍රචන්ඩත්වය, සිවිල් සමාජයේ ප්‍රචන්ඩත්වය , කැරලිකරුවන්ගේ හා ආරක්ෂක අංශවල ප්‍රචන්ඩත්වය හා නෛතික මිනී මැරුම් මීට අයත්වේ. මිනිසා හුදකලාව සිටින විට නොකරන ප්‍රචන්ඩ ක්‍රියා සමූහ ජීවියෙකු ලෙස සංවිධානයක සාමාජිකයෙකු ලෙස කරයි. එහිදී ඔහු වෙතින් මතුවන්නේ සැගවී තිබූ අවිඥානික ආශාවකි. හුදකලාව තුල එය සැගවී තිබිනි.


විශ්වාසය සමාජ ප්‍රතිගෘහිතයකි. එය සමාජයට ශක්තිමත් අත්වැලක් වෙයි එය බලයේ ස්වරූපයකි.මිත්‍යා විශ්වාස වලින් වන්නේ හානියකි.අත්වැල සමාජය්යේ ගමන තීරනය කරයි.එය යන්නේ අපායටනම්.
මිත්‍යා විශ්වාස වලට එරෙහි වීමි. ඇත්තෙන්ම සමාජය යනු ඒකීය පුද්ගලයා සිය සෙවනැල්ලට බියවීමයි.ඒකීය පුද්ගලයා සහ සමාජ ජීවියා දෙදෙනෙකි. සමාජය යෝධ සෙවනැල්ලකි. මිනිසා ගේ සියළු යෝධ පරිකල්පනයන් ඔහුගේ ක්ෂුද්‍ර භාවය සැගවීමට දැරූ ප්‍රයත්නයන්ම වේ. ආගම් බිහිවන්නේ මෙසේය. ආගම්වල ඇති මෑන්මේඩ් ස්වරූපය කතා කලෙමි. එහිදී ආගවල පරිනාමයද කතා කළ අතර අවුරුදු 4000 කට පෙර  සිය දෙවියන් සයදිනකින් මිනිසා මැවූ බව හෝ කිරිමැටිවලින් මිනිසුන් මැවූ බව හෝ විශ්වාස කළ සමහරු ආගම යනු දුරාතීතයේ මාතෘමූලික වන්දනයේ දිගුවක් හා පිරිමි දෙවියෙකුගේ මංකොල්ලයක් බව දැන පුදුම වූහ. සමහරු මේවා මීට පෙර අසා නොතිබුනි.

ආගම් ,වීරයන්,රජවරු ,දෙවිවරු ,මහා පුරුශයන් බිහිවීම කුඩා සමාජය මහා සමාජයක් වීමේදී ඒකක ප්‍රසාරනය නිසා වූ දෙයකි.මාට් වීරය්න් නැත. සර්වබලධාරී දෙවිවරු සර්වඥ මිනිසුන් මම විශ්වාස නොකරමි. බුදු දහම මට මානසික අභ්‍යාස ක්‍රමයක් පමනි.

මටද නිදහස්ව සිතන්නට පුරුදු කළ චින්තකයන් ගැන කතා කළෙමි. සුමනදාස සමරසිංහ ,නලින්ද සිල්වා, අවුරෝ බින්දෝ ,රාජ්නීශ් ඕශෝ එබන්දෝය.

තවමත් පර්යේශනාත්මක වූ ගුප්ත විද්‍යාවන් ගැන මෙන්ම නව විද්‍යාත්මක පර්යේශන ගැන ද කතා කළෙමි. නව තාක්ශනික මෙවලම් ගැන කතා කළෙමි.

නවක බ්ලොග්කරුවන්ට අත දුනිමි.

බ්ලොග් අඩවියේ මුලින්ම කියා ඇති ලෙස කාරුණික ,තර්කානුකූලව සිතන ,යුක්තිගරුක , ගවේශනශීලී මිනිසුන්ට හා ගැහැනුන්ට මම කැමැත්තෙමි.



බ්ලොග් ලෝකයේ ද කිසිදු කල්ලියකට අයත් නොවීමි. කිසිවෙකු සමග ගේම ඉල්ලුවේද නැත. අනුගාමිකයා යනු පෞර්ශයක් නැති තැනැත්තාය . අපට අවශ්‍ය ස්වාධීන මිනිසුන්ය.  බැතිමතුන් නොවේ.සැබෑ ලෝකයේද කිසිවෙකුගේ අනුගාමිකයෙක් ,පාක්ශිකයෙක්,අහවලාගෙ මිනිහෙක් නෙවෙමි. රටට අවශ්‍ය මතවාදී පුද්ගලයන් මිස වැදනමස්කාර කරන්නන් නොවේ. කවටයන්ගේ හා විකටයන්ගෙන් සමන්විත රාජසභාවකින් ඇති ඵලය කිම?

කිසිවෙකු මත නොයැපෙන ස්වාධීන මිනිසා දිදුලන සූර්යයකු මෙනි.වාදියෙක් නොවිය යුතුය. අප හැමෝම කුමන හෝ කන්ඩායමකට අයත් වෙමු. එසේ වන අතරම ඊට අගතිගාමී නොවී වියුක්තව යුක්තිය වෙනුවෙන් අපක්ෂපාතී මාවතක චාරිකාවක යෙදීම සැබෑම අභියෝගයකි.එම අභියෝගය ජයගැනීමට දරන කුඩාම ප්‍රයත්නයක් හෝ අනර්ඝ වන්නේය.


39 comments:

  1. //මා බොහෝ අනවශ්‍ය භාන්ඩ මිලදී ගත්තෙමි. ඇත්තෙන්ම මෙය මේ රටේ බොහෝ දෙනෙකුට තියන අවුලකි. අප මිලදී ගන්නා දෙයක් ඇත්තටම අවශ්‍යද . ණය ගන්න අයද එම ණයෙන් කරන්නෙ අනවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමය. කුඹුරු වගා කිරීමට ණැයක් ගන්න කෙනා මුලින්ම කරන්නෙ බයික් එකක් ගැනීමය//

    මේක නං පට්ට කතාව.......... මේක තමා අැත්ත.. අපි ගත්ත බොහෝ දේ පසුව අපිට ම කරදරයක් වෙයි.......

    ReplyDelete
    Replies
    1. මම ආර්ථික විද්‍යාව මහ ලොකුවට හදාරල නෑ. නමුත් දුප්පත්කමට ප්‍රධාන හේතුව මූල්‍ය කළමනාකරන දුර්වලතා. අනවශ්‍ය භාන්ඩ මිලදීගැනීම තමයි මම අත්විදල තියන ලොකුම දෙය. ෆෝන් ,ගෘහභාන්ඩ සහ වාහන වලට වැය කරන පිරිවැය ඇත්තටම ප්‍රතිඵලදායක නෑ. මේ අවුරුද්ද අසාර්ථක ආයෝජන , මුදල් හිරවීම් ගහන කාලයක්. අපේ දෙමවුපියන්ගෙ අරපිරිමැස්ම ප්‍රශංසනීයයි. නමුත් කොල්ලකාරී ධනවාදයේ අනවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමේ තරඟයේ සිරකරුවන් වෙලා. මේව ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන්.

      උදාහරනයක් කියන්නම්.මම කාර්යාල කාර්ය සහායක (පියන් ) කෙනෙක්. නමුත් මම පියන් කම ඔළුවට අරන් නෑ. මොකද මේක රස්සාවක් විතරක් බව මම දන්නවා. නමුත් දන්න අදුනන අය අහනව ඔයා කන්තෝරුවක පියන් කෙනෙක් නේද .ඔය ෆෝන් එක පාවිච්චි කරන්න ලැජ්ජ නැද්ද .ඔයාට ගැලපෙන්නෙ ඇපල් ෆෝන් එකක් කියල.
      නමුත් අපේ ඉස්සර හිටපු ප්‍රධාන පියන් පාවිච්චි කළෙත් නෝමල් ෆෝන් එකක්. ඔහුට පාවිච්චි කරන්න බැරිකම නෙමේනෙ. ඒක තමා බුද්ධිමත්කම ,නිහතමානිකම
      වාහන ගැනත් එහෙමයි. රජයේ සේවකයො වාහනේකින් වාහනේකට යන්න ගියොත් නට්ටන් වෙනව.
      අවශ්‍යතාවයට පමනක් සරිලන භාන්ඩ නිෂ්පාදන සංස්කෘතියක් නැති කම තමයි ප්‍රශ්නෙ. ඊනියා සුඵෝඛභෝගීත්වයේ ප්‍රෝඩාව තේරුම් ගන්න ඕන. අපි ඉන්නෙ පොත්තට වැඩිපුර ගෙවන සිහින ලෝකයක.

      Delete
  2. සිංහල බ්ලොග් ලෝකයේ දැන් කල්ලි තිබේද, ඒ මොනවා ද? වසර 2009/10 කාලයේ නම් සින්ඩි වලියක් තිබුණා. දැන්?

    ReplyDelete
    Replies
    1. දැන් නම් මට හිතෙන්නෙ කල්ලි නැහැ කියල. බෝතලේ බලෙන් කල්ලි නැතිවෙනවා. එක අතකට නරක නෑ ඒ ප්‍රවනතාවයත්. නමුත් සංවාද වලට ඒක ටිකක් නරකට බලපානවා. එකට කාපු බීපු අය වාද කරන්න එනව අඩුයි. නමුත් සුහදත්වය ඇති කරන්නනම් බෝතලේ තරම් ඖෂධයක් නෑ.

      Delete
  3. හපෝ...මූල්‍ය කළමණාකරණයේනං මාත් අන්තිමයි. අවුරුද්ද ඉවර වෙනකොට හිතෙනවා මොනවද යකෝ මේ කලේ කියලා. අන්තිමට කරපු දේකුත් නෑ. නැති දේකුත් නෑ.
    මේ අවුරුද්දවත් අරපිරිමැස්මේ අවුරුද්දක් වේවා කියලා උඹට සුභ පතන ගමන් මං මටත් පතා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මම ප්‍රතිපත්තියක් වශයෙන් කාටවත් ණයවෙන්නෙ නැහැ. ණයට දෙන්නෙත් නෑ.ණය අරගෙන හෝ ණයට දී මගෙ සිතේ සහනය නැතිකරගන්න බෑ. ඒ අනන සුඛය නම් තියනවා. නමුත් තියන ධනය නාස්ති කර ගැනීම තමා දුක.

      2015 නාස්ති කරගත්තෙ ධනය විතරක්ම නෙවෙයි.
      මට වෙනසක් අවශ්‍යයි. ලොකු වෙනසක්. මම අදිටන් කරගෙන ඉන්නෙ සකසුරුවම් ජීවිතයකට හුරුවෙන්න. මොකා මොනව කිව්වත් කමක් නෑ.

      කවුරු හරි කීවොත් ඔයා පියන් කෙනෙක් නේද ඔයාට ගැලපෙන්නෙ අහවල් වාහනයක් කියල. මම කියනව මේකත් මට වැඩියි මම ෆුට් සයිකලයකට මාරුවෙන්න ඉන්නෙ කියල.

      ඔබටත් අරපිරිමැස්මේ අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. කතාවක් තියෙනවා ලක්ස්මියි සරස්වතියි එක තැන ඉන්නෙ නැහැ කියලා. මුදල් පොඩි ගහන්න උවමනා නැති උනත් උවමනාකම් පිරිමහගන්න මුදලක් ඉතිටිවී තිබුනොත් ජීවිතය හැලහැප්පිමකින් තොරව ගෙනියන්න පුළුවන්.මුදලක් අතට එන්න තියෙන කොටම ඉබේටම එකෙන් කරන්න ඕනෑ දේ ගැන වැඩසටහනක් හැදෙනවා.අපේ රටේ රජයේ සේවයේ එක් සාමාන්‍ය ලක්ෂණයක් තමයි එහෙම දෙන්න තියෙන මුදලක් ඇත් නම් ඒක හංගා ගෙන සිටීම.තමන්ට මුදලක් ලැබෙන්න තියෙන බව එය ලැබිය යුත්තා දන්නා විට විවිධ හේතු කියමින් එය ගෙවීම පරක්කු කිරීම. මේ නිසා රජයෙන් ලැබෙන්න තියෙන මුදලකට එය ලැබීමට පෙර වියදම් සැලසුම් කලොත් ඒ සැලසුම් ක්‍රයාත්මක කලොත් අනාථයි තමයි.


      සමරසේකර

      Delete
    3. ඇත්ත . මුදලක් අතට ආවට පස්සෙ තමා සැලසුම් හදන්න ඕන. ඒ වගේම මුදලක් යොදවන්න පෙර පස් මහ බැලුම් පුම්බන්න ඕන.
      මම දුර බලනව මදි.
      මට තව දෙයක් හිතෙනව. එක එක්කෙනාට හරියන දේවල් තියෙනව කියල (වාසනාව වගෙ දෙයක් ) . මටනම් ගොවිතැන් බිස්නස් හරියන්නෙම නැති තරම්.

      Delete
  4. සරදියෙල් මානසිකත්වයක් ඇතිකර පෙරලිකාර තරුන වයසේ නොමේරූ තරුණයන් පුහු වීරත්වය හා කැපී පෙනීමේ ආශාවෙන් මත්කර දැවැන්ත හමුදා යාන්ත්‍රනයක් ඉදිරියට දමා මිනී වෙන්දේසි කරන වරත්තු දේශපාලනය හෙළා දුටුවෙමි.//////////////////අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මුන් පට්ටපල් බොරුවක් කරන්නෙ. මුන් ශාපලත් ත්‍රස්තවාදීන්. මුන්ගෙ හෙළුව එලිදරවු කරන්න ඕන. මුන්ගෙ පනබේරගත් එවුන්, සහෝදරයන් හැසිරෙන විදිය දිහා බලනකොට මුළු ව්‍යාපාරයම ද්වේශසහගත ප්‍රෝඩාවක් බව ඔප්පුවෙලා ඉවරයි. නමුත් දැලි රැවුල වැවෙන කොල්ලො මුන්ට රැවටෙනවා. දැනුවත් කිරීම් අවශ්‍ය වන්නෙ ඒකයි. 71 ගැන සමාලෝචනයන් සිදුවුනානම් 89 විනාශය වලක්වගන්න තිබුන. 89 ගැන කතා නොකලොත් මේ වරත්තුවො තව විනාශයක් කරනවා. විප්ලවයකට හේතු හොය හොය ඉන්න කඩප්පුලියො අදත් නැතිවා නෙමෙයි.

      මේ ගැන සංවාද කිරීමෙන් අප කරන්නෙ මහා පුණ්‍ය කර්මයක්. ජීවිත දස දහස් ගනනක් බේරන මහ පිනක්.

      Delete
  5. ////මගේ බ්ලොග් කෙරුවාව ගැනද යමක් කියන්නට සිතේ.මගේ බ්ලොග් කෙරුවාව ගැන මා කිසිදා කතා කර නැත. මගේ කිසිම ලිපියක මා ගැන පුරසාරම් කතා කර නැත. මගේ පුද්ගලික දේවල් කතා කර නැත. ඒවා කියවන්නාට වැඩක් නැති බැවිනි.////

    ඔබ වැන්නන් මේ සිංහල බ්ලොග් ලියන්නන් අතර ඉන්නේ කි යෙන් කි දෙනාද

    බලය නිලය රැකියාව [විශ්‍රාමික] මිල මුදල් පුර සාරන් [උගත් යයි සිතාගෙන සිටින]විශාරධ "නුගතානන් හට" වැදගත් වුනත් නිදහස්ව සිතන ඔබ වැන්නන්ට පමණක් නොව මේ ලිපි කියවන පාඨක බොහෝ දෙනාට ද එම [තම] තත්වයන් අසුචි තරමවත් නොවටිනෙය.

    අපත් ඔබ සමගය ඒ වගේම ඒ ගෞරවය ද සැමදා ඔබ සමගය

    ReplyDelete
  6. //බ්ලොග් ලෝකයේ ද කිසිදු කල්ලියකට අයත් නොවීමි.// මේ ටිකම ඇති ....:)

    2015 නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයෙ විතරක් නෙවෙයි සැබෑ ලෝකයෙත් කල්ලිවලින් මිදිල ඉන්නයි ආස කරන්නෙ.
      ඔවු එහෙම හිතුවොත් 2015 නරකම නෑ

      Delete
    2. මම ගැන් වලට ප්‍රිය කරනවා හැබැයි හැබෑ ලෝකේ.. තනි පොල්ගස් වගේ ඉද්දි මෙලෝ රහක් නෑ යකා.

      ඒක තේරෙයි යාලුවො ඕන වෙච්ව දාකට..

      Delete
    3. පත්තර මල්ලි @ මමත් ගැන් වලට ප්‍රිය කරනව බන්. ගැන්සියි කල්ලියි අතර වෙනසක් තියනවා. මේ අර්ථ දැක්වීම් හරිද මන්ද .කල්ලිය කියන්නෙ ටිකක් නෝටි එකක්. එතන කල්ලියට අයත් නැති අය ගැන ප්‍රතිරෝධයක් තියනව. ගැන්වල එහෙම දෙයක් නෑනෙ.

      මේ කතා ඔක්කොම එලියට ආවෙ මට 18 වෙනිද වුන ඇබැද්දියක් නිසයි .එදා මගෙ ෆෝන් එක නැතිවුනා ඔක්කොම කන්ටෑක්ට් නැතිවෙලා දැන් මම කොහොමත් තනි පොල්ගහ වගෙ තමයි. 52,000 ක් දීල ගත්ත එක මාස තුනක් පාවිච්චි කරන්න බැරි උනා.

      Delete
  7. මිනිස්සු සරළ උනාම ප්‍රශ්ණ බොහෝමයක් අඩුයි.. බුදු දහමේ තියෙනා ඒ වගේ හොඳ දෙවල් එකෙක්වත් ගනන් ගන්නේ නෑ..

    උඹ සම්ප්‍රදාය කඩාගෙන යනවය කිව්වට මම දැක්කා එන්‍රිකේට බාර් එකෙන් දමලා ගහපු කෙල්ලට දොස් කියලා තියෙනවා.. ඒක ඒකිගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.. අපේ උන් නොදන්නවා උනාට ඔය ක්‍රිකට් ටීම් ආවමත් උන්ට හෝටල් වල නිදාගන්නවත් වෙලාවක් නෑ.. නංගිලා අක්කිලා ඇන්ටිලා පෝලිමේ.. ඒක උන්ගේ අයිතිය.. අපේ නොලැඹීම..

    කොක්කකට නෙමෙයි මේ නිකමට කිව්වේ.. වලි බෑ අද පෝය නේ...

    ReplyDelete
    Replies
    1. සරල වීමටත් වඩා අවශ්‍යතාවයට පමනක් සරිලන නිෂ්පාදන සංස්කෘතියකට අපට යන්න බැරි ඇයි. කාර් එකක් උදාහරනයකට ගනිමු. කාර් එකක් ඕන ගමනක් යන්න නේද .
      ඒ අවශ්‍යතාවයට සීමා වෙන්න පුළුවන්නම් කොච්චර සහනයක්ද.දැන් වාහනේකින් වාහනේකට මාරුවෙන ගිහින් මොන අමාරුවකද මිනිස්සු වැටෙන්නෙ. ෆෝන් එකක් ගනිමු ෆෝන් එකක් ඕන කතා කරන්න නේද.

      ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බව නම් හැබෑව කෙලින්ම කතා කරමුකො. අපේ ගෑනු ඔය වගෙ එවුන් දකින දකින හැටියෙ ජංගි ගලවල දමල ගහල ලිංගික ආරාධනා කරන්න ගියොත් අපට යන කල දසාව මොකක්ද .අන්න අපිව දකිනකොටත් වෙන ගෑනු ජංගි ගලෝල අපට දමල ගහනව නම් ඒක බැලන්ස් වෙනව. එහෙම වෙන්නෙත් නෑනෙ.

      ගෑනු එක්ක පාරෙ යන්නත් බයේ බෑ. නළුවෙක් ගායකයෙක් දැක්ක හැටියෙ ජංගි තෙත් වෙලා ඒව ගලෝල උන්ගෙ ඇගට විසිකරන්න ගියොත් අපට යන කලදසාව මොකක්ද

      Delete
    2. එතකොට වෙන එකක් හොයා ගන්නවා.. ඇලේ එක මාළුවය ඉන්නේ.. කඩේ එක ජංගියය තියෙන්නේ..

      Delete
  8. මටත් මේ අවුරුද්ද අනවශ්‍ය වියදම්.. අනවශ්‍යයි කිව්වට ඒවත් තියෙන්න ඕන බං.. අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනෙ.. හම්බකරන්න මැරෙනව වගේම එව්ව වියදම් කරල සතුටු වෙන්නත් එපායැ... මගෙ නම් තියරිය ඒක.. උඹ හැමදාම කොමෙන්ටුවක් දැම්ම හැම තැනකම සංවාදාත්මක ගතියක් මම දකිනව.. ඒ වගේම අලුත් බ්ලොග් එලියට දාන එක.. කල්ලි වාදය ගැන කියන්න තියෙන්නෙ එව්වත් තිබුනාවෙ බං.. දැන් බලපන් මගේ පෝස්ට් වලට කට්ටිය එනව කයිය ගහන්න.. එක් එකාට බනින්න, විහිලු කරන්න.. සංවාද හැදෙනව.. කෝපි කඩේ වගේ වෙලාවකට.. මම කැමතියි ඒකට.. සුහද බවක් ඇතිවෙනව.. හිනා යනව.. කවුරු කවුරුත් එකමුතුව ඉන්නව නං ඒක හොඳයිනෙ.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දෙ අනවශ්‍ය වියදම් වලින් මම හෙම්බත් වුනා. කාගෙන්වත් ණය නොගත් නිසා ණය ගැතියෙක් නොවුනත් මට වුනේ ලොකු ධන හානියක්. මුදල් යෙදවූ පොඩි පොඩි බිස්නස් ගොවිතැන් එහෙමත් පාඩු ලැබුව. ඒ වගෙ දේවල් කරන එකත් මට එපාම වුනා.

      කාර්යාල කාර්ය සහායක කටු ඔටුන්න නිසා අපට ජීවත් වෙන්න වෙන සිස්ටම් එකක් තියනවා. ඒ විදියට ජීවත් වෙන්න අපට සල්ලි නෑ.

      ඔවු ඒ ගතිය තියෙන්න ඕන. රන්ඩු වෙන්න ඕන. විහිළු කරන්න ඕන, නමුත් රතු කට්ට පනින්නෙ නැතිව අපහාස නොකර ලිමිට් එක දැනගෙන ඉන්න ඕන. එහෙම පමන දැන වැඩකරනවනම් බ්ලොග් කෝපි කඩ කියන්නෙ ආතල් සාගරයක්.

      Delete
  9. බොරුවට සරළ වෙන්න අවශ්‍යත් නෑ ෂෝ ඕනත් නෑ..
    උදාහරනෙකට තමන්ට සල්ලි තියනවනම් බෙන්ස් එකක් අරන් පැද්දත් මටනම් කිසි අවුලකුත් නෑ..මට පුලුවන්නම් මාත් අරන් පදිනවා එකෙන්ම !!! හැබැයි කාටවත් පේන්න නෙමෙයි සුවපහසුවට පවුලෙ උං එක්ක ආරක්ෂාවට ගමනක් බිමනක් යන්න..වාහනේ රෝද කැරකෙනවයි කියලා ඇල්ටො එහෙක ගිහින් ලේලන්ඩ් එකක වැදුනොත් කුඩු සංසාර වෙලා නිවන් දකින්නෙ බම්බුවටයෑ .. හැබැයි ගන්න පුලුවන් ඇල්ටො නං ණය වෙලා මොන්ටෙරෝ ගන්න ඕනත් නෑ..

    ඕව බයිලා … අනේ මං නං වාහනත් මාරුකරනවා ෆෝනුත් මාරු කරනවා හිතට වදින ඩෙනිමක් දැක්කොත් ඒකත් ගන්නවා ගත්ත ලෝනුත් ගෙවනවා කාණු පල්ලෙත් ලගිනවා මගේ රාමුව ඇතුලේ.. බැරි දාට නිකං ඉන්නවා. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. තමන්ට සල්ලි තියනවනම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ සමාජයෙ බලකිරීම් නිසා අපට අපේ ජීවන චර්යාව වෙනස් කරන්න වීම යි. එතනදි අපට අනවශ්‍ය බරක් දරන්න වෙනව. මේ වසරෙ මම කරපු හැම දෙයක්ම වැඩකලේ නෑ. ගොවිතැන් වගයකුත් කළා. ගිය මුදලම වගෙ ලැබුන. සල්ලි ටික කෙහෙල් ගහක් යට වැලලුව නම් එච්චරයි මහන්සියකුත් නෑ. ආයෝජන කිහිපයකටම මුදල් යෙදෙව්වා වැඩක් නෑ. ලොකු මුදල් නාස්තියක් වුනා කියල හිතෙනවා.

      මම උඩ කියල ඇති ෆෝන් එකට වුන දේ. 18 වෙනිද ඉදන් ඔක්කොම කන්ටෑක්ට් නැති වෙලා කුඩු සංසාර වෙලා ඉන්නෙ. 52,000 ක් දීල ගත්ත ෆෝන් එක මාස තුනක්වත් පාවිච්චි කරන්න බැරිඋනා. දැන් කට්ටිය කියන්නෙ ඇපල් ෆෝන් එකක් ගන්න කියල.

      Delete
  10. අපි ඔක්කොම කාර්යාල කාර්ය සහායකයෝ.. ඒ වගේම ගෙදර ඉන්නකොට ගෘහස්ත කාර්ය සහායකයෝ.. :)
    මුදල් කළමනාකරණය අතින් බැලුවම මමනම් 2015 දී ඊට කලින් අවුරුදුවලට සාපේක්ෂව සැහෙන්න හැදුනා.. ඒත් තව අවුරුද්දක් දෙකක් යනකම් කරපු පව් ගෙවන්න තියෙනවා. ලොකුම දුර්වලතාවය කාලය කළමනාකරණය තමයි. ඒ අතින් 15 ටත් වැඩිය 16 අමාරුවෙයි. උඹේ බ්ලොග් කෙරුවාව ගැන නම් වෙනම පොස්ට් එකක්ම දන්නා වෙනවා.. ජය!!!

    ReplyDelete
    Replies
    1. ලේකම් තුමා තමන්ගෙ තනතුර කාර්යාල කාර්ය සහායක කියල දාල තියෙන්නෙ නයා ඇරිය කියල එක එක ටික්කන්ගෙන් කතා අහන්න බැරි නිසා වෙන්න ඇති. රජෙක් වගෙ රස්සාව කරන අනුන්ගෙන් හරු නම්බු ලබන ඒ මිනිහ මොකටද ටික්ක වාගෙ බලු වේසිගෙ පුතාලගෙන් වචන අහන්නෙ. බල්ලන්ගෙන් බලුකතා අහන්නෙ බ්ලොග් ලියන නිසා කියල එතුමට හිතුනනම් ඒත් පුදුමයක් නෑ. සැබෑ ජීවිතයෙදි ඒ මනුස්සය ඔහොම අපහාස විදල නැතිව ඇති.

      Delete
    2. මූල්‍ය කලමනාකරනය අතින් නම් 2016 දි කොහොම හරි හැදෙනවා. කාලය විතරක් නෙවෙයි ආර්ථික අතිනුත් 2016 කොහොමත් අමාරු වෙයි.අනුන්ගෙ පවු වලට කරගහන්න ගිහින් නම ක්‍රිබ් එකට ගිය එකයි මට වුනේ.

      Delete
    3. මුල්‍ය කළමනා කාරණයක් කරන්නම ඕනෑ කියල හිතෙනවා නම් පුරාණ බැබිලෝනියාවේ සාර්ථක මුල්‍ය කළමනාකරණ න්‍යාය ගැන පොතක් තියෙනවා.මම දන්නා කාලේ ඒකෙ මිල ගෙඩි රුපියල් 100යි. දැන් කියාද දන්නේ නැහැ. දයා රෝහණ අතුකෝරල මහතා තමයි ඒක සිංහලට පෙරලලා තියෙන්නෙ. පළමුව ඒක හොයා ගෙන ඉන්පසුව මිලදී ගෙන භාවිතා කරන්න. ඒ පොත වැඩකට නැහැ කියල හිතෙනවා නම් මට කියන්න මම ඒක ඔබෙන් මිලදී ගන්න කැමතියි.

      සමරසේකර

      Delete
    4. WMK @ ඒ තොරතුරට ස්තුතියි. පුරාන බැබිලෝනියාවෙ මූල්‍ය කලමනාකරනය ? ඒ නම ඇහුවම ඒ පොත කොහොම හරි හොයාගෙන කියවන්න හිතුව. පරන පොතක් වෙන්න ඇති රු 100 නිසා. ඓතිහාසික තොරතුරු ,ඔවුන්ගෙ මූල්‍ය සංස්කෘතිය ගැන අපූරු රසවත් තොරතුරු එහෙම ඇති. මේ වගෙ තොරතුරක් ලැබුනම නම් මූල්‍ය කලමනාකරනය පැත්තක දාල කීය ගියත් ඒ පොත ගන්නවා.

      Delete
    5. AnonymousDecember 24, 2015 at 6:18 PM

      කාර්යාලයෙදි = සර්

      කාර්යාලයෙන් එලියට ආවම = මහත්තය

      ගේට් එකෙන් එලියට ආවම = මචන්

      බස් එකකට නැග්ගම = අඩෝ පල පස්සට

      බ්ලොග් අවකාශයෙදි ටික්කා = පකයා , පොන්න බල්ලා කියා ආමන්ත්‍රනය කරමින් කොමෙන්ට් කරයි.

      සර් ,මහත්තය ,මචන් ,අඩෝ ,පකයා ,පොන්න බල්ලා ඔය ඔක්කොම එකම පුද්ගලය හදුන්වන පර්යාය පද . අපි රත්තරනින් හැදිලයැ. ඔය මොනව කිව්වම මගෙ මොකෝ.

      Delete
    6. ඓතිහාසික තොරතුරු ,ඔවුන්ගෙ මූල්‍ය සංස්කෘතිය ගැන අපූරු රසවත් තොරතුරු එහෙම ඇති. මේ වගෙ තොරතුරක් ලැබුනම නම් මූල්‍ය කලමනාකරනය පැත්තක දාල කීය ගියත් ඒ පොත ගන්නවා.
      ----------------------------------
      ඔබේ උනන්දුව මා දිරිමත් කළා.මට හිතුනේ පැය දෙක තුනක් ගත කර හෝ පොත පොත් ගොඩෙන් හොයා ගන්න. ඒත් උඩම රාක්කයේ පොත් තිබුනා. ඒකෙ නම "ධනවත්වීමේ පැරණි රහස්" ඒක පරිවර්තනයක් මුල් පොත ලියලා තියෙන්නෙ Jorge S . Clasan නම් මහතෙක්. මා මුල් පොත නම් දක්කේ නැහැ.සිංහලට පෙරලලා තියෙන්නෙ දයා රෝහණ අතුකෝරල මහතා. ඒක ප්‍රකාශය කරලා තියෙන්නෙ ශික්‍ෂා මන්දිර ප්‍රකාශන ආයතනය විසින්. ඇත්තෙන්ම ඒ පොත පුරාණ බැබිලෝනියාව සහ එහි ජනයාගේ ජිවන රටාව අපේ ඇස් ඉදිරියට ගෙනවුත් පෙන්නවා. මමත් නැවත වරක් ඒ පොත කියවන්න එළියෙන් අරන් තියා ගත්තා.

      සමරසේකර

      Delete
  11. දෑ අවුරුද්දට‍ සුභපැතුම්. මාත් පෞද්ගලිකව අකමැතියි පිට කැහිලිවලට. නමුත් පිටකැහිල්ලත් එක්තරා අයිතියක්. ඒකත් ඉවසන්න පුරුදු වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තුතියි.
      මට හිතෙන්නෙ පිට කැහිලි කියන්නෙ බ්ලොග් වල ස්වාභාවික දෙයක්. අපි කැමතිවුනත් අකමැති වුනත් ඒක තියනවා. ඒව වළක්වන්න බෑ. පිට කහගන්න අය කහගත්තාවෙ කියල ඉන්න එකයි හොදම දේ.

      Delete
  12. කාගෙවත් මාවතක නොයා මැද මාවතේ යාම තමයි හොදම ක්‍රමය ..... අනුකරණ වෙනුවට .. ස්වයන් නිර්මාණ හා ... අදහස් දැක්වීම හුගක් වටිනවා . ජය නුඹට

    ReplyDelete
    Replies
    1. කාගෙවත් වාදීන් අනුගාමිකයන් නොවී ස්වයං නිර්මාන කරන්න පුලුවන් ස්වාධීන පුද්ගලයන් සිටින සමාජයක් වාසනාවන්තයි. නමුත් අපි බොහෝ දෙනෙක් යන්නෙ එක කොණකට. බැලන්ස් කරගෙන ගමන යන එක අභියෝගයක්.ස්තුතියි

      Delete
  13. කාර් එකේ බෆර් දෙකම අලුතින් දාන්න උනු අවුරුද්දක්...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මම ජීවිතේ හුඟක් දේවල් අලුතෙන් දාන්න හිතාගෙන ඉන්නෙ. පරන මෝඩකම් වොෂ් කරලම දාල අලුත් ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.ස්තුතියි

      Delete
  14. ලිපියේ අන්තිම ඡේද දෙක නැවතත් කියවා සතුටට පත්වූයෙමි. ජයවේවා! ලිවීම් නොනවත්වා කරගෙන යන්නට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අපේ බ්ලොග්කරුවන්ට ස්වාධීනව නැගීසිටින්නට හැකි පරිසරයක් තවම නෑ. එම ඡේද දෙකේ අවධාරනය කලේ එයයි. ශක්තිමත් බ්ලොග් කලාවකට ඒ ස්වාධීනත්වය අවශ්‍යයි.මතවාදී පුද්ගලයන්ට වඩා පිටකසන්නන්ටයි තැන.

      මා බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුදු දෙකක්. ඇත්තෙන්ම බ්ලොග් ගැනත් බ්ලොග් කරුවන් ගැනත් තිබෙන්නෙ කලකිරීමක්.

      මම මගෙ කාලය කැපකරල අනුන්ගෙ බ්ලොග් වල කොමෙන්ට් දමමින් ලොකු සහයෝගයක් දක්වපු කෙනෙක්. නමුත් මට ටික්ක අපහාස කරපු වෙලාවෙ මට අනෙක් බ්ලොග්කරුවන්ගෙන් මම අපේක්ෂා කළ සහයෝගය ලැබුනෙ නෑ. නමුත් ඒ වගෙ අවස්ථා වල වෙනත් අයට මම සහාය වෙලා තියනවා. ඔබටම ගැටළුවක් ආ වෙලාවෙ මම මුලින්ම දාපු කොමෙන්ට් එක දැක්කද.

      මට වැරදුන බව මට තේරුනා. කොහෙවත් කොමෙන්ට් නොකර මගෙ පාඩුවෙ ලියාගෙන ගියා නම් ඉවරයි. උන්ට මාත් එකයි ජීවිතේට කොමෙන්ට් එකක් දාන්නෙ නැති ටික්කත් එකයි. එහෙමනම් මම කාටවත් විශේෂ සපෝට් එකක් දෙන්න ඕන නෑනෙ. උන්ට කොමෙන්ට් කරන එකයි නොකරන එකයි දෙන්නම සමානනම්.

      අජිත් පැරකුම් ලියාගෙන යන විදියට ලියාගෙන ගියානම් ඉවරයි.
      ඔහු දවසක් මෙහෙම කිව්ව " ලියන එක මගෙ වැඩක් කියවන එක ඔබේ වැඩක් කියල " කාගෙවත් කොමෙන්ට් බලාගෙන ලියන්න ඕන නෑ. කොහෙවත් ගිහින් කොමෙන්ට් නොකරන සමහර බ්ලොග්කරුවන්ගෙ බ්ලොග් වල කොමෙන්ට් පිරිල.

      මට කාගෙන්වත් එක එක කතා අහන්න ඕන නෑ.
      කල්‍යාන මිත්‍රගෙ බ්ලොග් එකේ මම සදහන් කළා ලබන අවුරුද්දෙ කිසියම් තීරණයක් ගන්නව කියල. ඒ සදහා තමයි මේ සදහන කළේ.

      Delete
  15. මේ ලිපියේ සහ පසුව ලියූ කමෙන්ට්ස්වල ඔබ කියා බ්ලොග් ගැන ඇති සමහර දේ කියවූ විට මට ඔබ ගැණ සෑහෙන කණගාටුවක් ඇතිවිය.

    ඒ ප්‍රමණයේම කණගාටුවක් ඔබ සේවය කරන ආයතනය ගැන සහ ඔබේ ඒ කාර්යාල කාර්ය සහායක සේවය සහ එ සේවය ලබා ගන්නා අය ගැනත් ඇති විය.

    ඔබට තියෝබෝල්ඩ් මුතුකුඩ ගේ සරණ පතමි!

    ReplyDelete