Sunday, December 20, 2015

සිත සිර කොට බැදි දඩුවැට බිදුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ

සිතිවිලි සන්නිවේදනය කිරීම ඈත අතීතයේ සිටම කතාබහට ලක්වූ මාතෘකාවකි. එය වඩා ප්‍රචලිතව පැවතියේ පෙරදිග ආගමික පදනමක් සහිත දැනුම් පද්ධතීන් වලය. බටහිර ලෝකයේ එය අධෛර්ය කරනු ලැබූවත් මෑතක සිට එහි යම් පිබිදීමක් දක්නට ඇත.
A photo showing both sides of the demonstration.

.සිතිවිලි සන්නිවේදනය කිරීම විද්‍යාත්මකව සාධනය කරන ලද්දක් බව ඔබ මේ වනවිට දන්නවා ඇතැයි සිතමි.

 මේක කියවපල්ලකො.

මේකත් කියවපල්ල


ටෙලිපති ක්‍රමය සත්‍ය නම් එම සංඥා ලොව පුරා තිබෙනවා විය හැක. අප යම් සිතිවිල්ලක් සිතන විට එය විශ්වය පුරා දෝංකාර දෙනු ඇත. එනම් අපේ සිතිවිලි අපටම අයත් ඒවා නොවේ. අපට සිතෙන දේවල් කොහෙන් හෝ අප සිතට ඇතුළුවන ඒවා විය හැක. එසේම ඒවා අකාලිකද වනු ඇත. ඇතැම් අය අනාගතය දකින්නේත් ඇතැම් සිහින හරියටම හරි යන්නෙත් අප යම් කෙනෙක් ගැන සිතන විටම ඔහු හෝ ඇය අප වෙත එන්නෙත් මේ නිසා විය හැක. අප ජීවත් වන්නෙ සිතිවිලි සාගරයක ගිලී බව කිව හැක. මේ විදියට බැලුවොත් අපගේ සොයාගැනීම් වලට පේටන්ට් ගන්නත් බැරිය.




                            බ්ලොග් සහජීවනය

මෙන්න මේකත් කියවපල්ල. අනික තමයි මේ කියවන්න හොඳ බ්ලොග් එකක්.


මේකත් අපූරු බ්ලොග් එකක්. අධිමානසික කරුණු තියන එකක්

මේ බ්ලොග් එක ලියන්නෙ ඉස්කෝලෙන් ජස්ට් පාස් අවුට් කෙනෙක්.අනාගතයෙදි හොඳ බ්ලොග්කාරියක් වෙයි. ජේස්ට උත්තමයයො හැටියට උඹල අත දීපල්ල මෙයාට.

28 comments:

  1. බ්ලොග් දෙකට ගියා..

    ස්තුතියි ඔත්තුවට..
    අනවසරයෙන් උස්සන එපා කියලා තගකුත් දාලා තියනවා..

    ReplyDelete
    Replies
    1. සතුටුයි. බ්ලොග් අවකාශයෙ අප නොදන්න ඉසවු සොයා යමු.

      Delete
  2. මට එන්න බැරිවුන දවස් දෙකට ( සෙනසුරාදා ඉරිදා කියන්නේ මට බ්ලොග් වලට එන්න බැරිවෙන දවස් දෙකක් ) මධ්‍යස්ථ පොස්ට් දෙකක්ම දාලනේ.ලින්ක් දිගේ ගිහින් ඒ බිලොග් කියවලා බලලම එන්නම්...

    කලින් පොස්ට් එකේ තියනවා ස්ථාන මාරුවක් ගැන.ස්ථාන මාරුව ලැබුනද ?

    ReplyDelete
    Replies
    1. අධිමානසික විද්‍යාව ගැන විසුද්ධී මාර්ගයේ සදහන් වෙනවා.අධිමානසික හැකියාවන්ට කසින භාවනා සම්බන්ධයි.ඒ ගැන කසිණ නිද්දේසේ තිබෙනවා.
      මම කාලයක්ම වනගතව භාවනා කරලා තියනවා.(මම කලුතර බොලොස්සගම ගම්මානයේ ආරණ්‍යක කැලේ කාලයක්ම හිටියා.ඇයි එහෙම වනගතව හිටියේ කියන එක ගැන පස්සේ දවසක මගේ පෝස්ට් එකකින්ම කියන්නම්කෝ).භාවනා කරනකොට යම් යම් අසාමාන්‍ය අත්දැකීම් නම් ලැබිලා තිබෙනවා.ප්‍රාණයාම කරනකොටයි එහෙම වෙලා තියෙන්නේ.සමහර ඒවා මොනවද කියන එකනම් අපැහැදිලියි.අවස්ථා දෙකකදි පමන ශරිරයෙන් පිටත ඉන්නවා දැකලා තිබෙනවා.ඒකනම් දෘෂ්ටිමායාමය තත්වයක් වගේම භ්‍රාන්තියක් කියලායි මට හිතුනේ.සමහර අභ්‍යාසවලදි ඔක්සිජන් ප්‍රමාණය අඩුවුනාම මොළයේ ඇතිවන රසායනික වෙනස්කම් නිසා දැනෙන දේවල් තිබෙනවා.අන්න එවැනි දේවලුත් ඇතිවෙන නිසයි ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා සොයාගන්න බැරි.ඒ නිසා කෙනෙකුට ලැබිලා තිබෙන සමහර අත්දැකීම් මේවට ගලපන්න අමාරු වෙයි.නමුත් ඒ අතරේ ඔය වගේ දේවල් ඇත්තටම සිදුවුන අයත් ඇති.

      ටෙලිපති ක්‍රමය ගැන පර්යේෂණ කරපු විස්තර තිබෙන පොත් මගේ ලග තිබෙනවා.ඒ තොරතුරු වල පර්යේෂණය සිදුකල පුද්ගලයෝ,ස්ථාන,ආයතන,වැනි දේ ගැන පවා සඳහන් වෙනවා.ඒ සමහර පර්යේෂණ වලින් ලැබිලා තිබෙන තොරතුරු පුදුමාකාරයි.කොහොම උනත් පැරණි ආගම් දර්ශන වල මේ ගැන සඳහන්ව තිබෙනවා.ටෙලිපති වගේම අනෙකුත් දේවලුත් එහෙම සදහන් වෙලා තිබෙනවා.මහා පරිනිබ්බාණ සූත්‍රයේ පලමුවෙනි බණවරේ සදහන්ව තිබෙනවා අජසත් රජුගේ ඇමතිවරුන් දෙන්නෙක් වුන සුනිධ වස්සකාර පාටලිග්‍රාමය අගනුවරක් ඉදිකරලා වජ්ජියත් එක්ක යුදවදිනවා කියලා බුදුන් වහන්සේ අනාගතයේ සිදුවන දෙයක් කියපු අවස්ථාවක්.ඇත්තෙන්ම බුද්ධපරිනිර්වානයෙන් වසර කිහිපයකට පස්සේ අජාසත් වජ්ජියත් එක්ක යුධ වදිනවා.නිගන්ඨ ග්‍රන්ථවල සදහන්ව තිබෙනවා අවුරුදු 13ක් පමන යුධ වැදුන බව.බයිබලයේ මතෙව් 34 තියනවා "අද රෑ කුකුලා හඬන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැතැයි තුන්වරක් කියන්නෙහිය" කියලා ජේසුතුමන් පේදුරුට කියපු අවස්ථාවක්.ඒ වෙලාවේ පේදුරු කියනවා නෑ මම මැරෙන්න උනත් එහෙම කියන්නේ නෑ කියලා.නමුත් ඇත්තටම පස්සේ පේදුරු තුන්වතාවක්ම කියනවා තමන් ජේසුස් දන්නේ නෑ කියලා.නූතන විද්‍යාවෙන් පර්යේෂණ කරලා සොයාගත්ත සමහර දේවල් ආගමික ග්‍රන්ථවල ඔය විදියට තිබෙනවා.මම මේ කරුනු දැක්වුවේ මෙවනි දේ ගැන ආගමික ග්‍රන්ථවල තිබෙන කරුනු ගැන මතුකරලා පෙන්වලා දෙන්න ඕන නිසයි.මේ පොස්ට් එක බලන කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    2. පෝස්ට් තුනක් කිව්වට මුල් දෙකම පුද්ගලික දේවල් ගැන කියන පෝස්ට්. ඒවට සංවාද අවශ්‍ය නෑ. මුල් එක ගැන පරන කුනු අවුස්සනව කියලත් මට චෝදනා එන්න පුලුවන් නිසා දෙකට දෙවාරෙ පෝස්ට් එක දැම්මෙ.

      මම මිත්‍යා විශ්වාස පිළිනොගන්න කෙනෙක්. හැබැයි මම පිළිගන්නවා භාවනාව තුලින් යම් විශේෂ පැත්තක් එලිදරවු කරගන්න පුළුවන් කියල. ඒක මටත් ප්‍රත්‍යක්ෂයක් වුන දෙයක්. සමහර විට භාවනාව තුලින් මොලයේ පිබිදීමක් ඇතිවෙනවා වෙන්නට පුළුවන්. ඒ ගැන මගෙ කියවීම මෙහෙමයි.

      දැන් බලන්න අන්ධයන් වගෙ යම් දුර්වලතා තියන අයට වෙනත් අසාමාන්ය හකියාවන් පිහිටනව. ඒකට හේතුව පෙනීමට අදාල මොළයේ කොටස වෙනුවට වෙනත් කොටස් අධිවර්ධනය. අන්න ඒ වගෙ අප භෞතික ලෝකයෙන් වෙන් වන විට තෙවන ඇස ,සයවෙනි ඉන්ද්‍රිය වගෙ නම් වලින් හදුන්වන යම් බලයක් පිබිදෙනවා විය හැකියි. මෙය පරිනාමිකව අවශිෂ්ට වූවක්ද විය හැකියි. අතීත මානවයා ආහාර ජලය තිබෙන තැන් සොයා ගියේ මෙම හැකියාවෙන් විය හැකියි. මෙය ඉව වගෙ දෙයක්. භාෂාව දියුණු වනවිට මෙම හැකියාව අඩුවෙලා යන්න ඇති.

      Delete
    3. දැන් මෙතන විද්‍යාවත් සම්බන්ධ වුනානෙ. ඒක වටිනවා. විද්‍යාව සහ ආගම් අතර බෙදීම අවසන් වෙන්න ඕන. ආගම් නම් ඔක්කොම එකයි. සංස්කෘති වල වෙනස නිසයි ආගම් විශාල ප්‍රමානයක් බිහිවෙලා තියෙන්නෙ. මෙම පර්යේශන තුලින් පොටක් පෑදෙයි.

      ස්ථාන මාරුව අද ආව. මට හිමිව තිබූ බොහෝ දේවල් ඉදිරියෙදි නැතිවෙයි. යන තැන ලොකු විධායක කමකින් ඉන්න බැරිවෙයි. මෙතන නම් මගෙ තනතුර දරන්නෙ මම විතරයි. එතන මහ ගොඩක් ඉන්නව. ඩිපාර්මන්ට් ලෙස බෙදුන ලොකු කාර්යභාරයක් කෙරෙන කාර්යබහුල තැනක්. මට නිදහස ,බලය සහ විවේකය අඩුවෙයි.

      Delete
    4. මනෝ මන්දිර,
      ප්‍රයාම භාවනාවෙයි ආනාපානසති භාවනාවෙයි වෙනස ප්‍රයෝගික අත්දැකීම් අනුව විස්තර කර දෙන්න පුළුවන් නම් හොඳයි.
      සමරසේකර

      Delete
  3. අධිමානසික විද්‍යාව ගැන විසුද්ධී මාර්ගයේ සදහන් වෙනවා.අධිමානසික හැකියාවන්ට කසින භාවනා සම්බන්ධයි.ඒ ගැන කසිණ නිද්දේසේ තිබෙනවා.++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. භාවනාව කියන්නෙ අරමුණු බැහැර කිරීම. කසින භාවනා තුලින් සිත එක් එල්ලයකට යොමුකරල අනෙක් සිතිවිලි බැහැරකෙරෙනව. නමුත් ආලෝක ,ජල,පඨවි ,අවකාශ වගෙ දේවල් ගැන භාවනා කරන එක එකපාරටම හරි මදි.
      මේවගෙනුත් කරන්නෙ බාහිර අරමුණු ඉවත් කර සිත නිදහස් කිරීම. නමුත් ඊට වඩා පහසු ක්‍රම තියනව.

      මගෙ සිත් ගත් භාවනාව තමා චිත්තානුපස්සනාව. එයත් මම හැදෑරුවෙ බුදුදහමට වඩා විශ්නු භාශ්කර් ලීල් සහ ඕෂෝ වගෙ අයගෙ පොත් වලින්. එය ඔවුන් සරලව විග්‍රහ කරල තියනවා.

      මට සිතෙන්නෙ සියළුම භාවනා සම්ප්‍රදායන් එකක් කියල. ඒක තමා බාහිර අරමුණුවලින් සිත විනිර්මුක්ත කිරීම.

      සෙන් බුද්ධාගමේ ලස්සන කතාවක් මතක් වෙනව.
      බුදුන් හමුවෙන්න ගිය කෙනෙක් මට සතුට අවශ්‍යයි කීවලු.
      මුලින්ම මම ඉවත් කරන්න.ඊලඟට අවශ්‍යයි (තෘෂ්නාව ) ඉවත් කරන්න. එතකොට සතුට ලැබෙනව කීවලු. ඒ කියන්නෙ බාහිර අරමුණු ඉවත් කිරීම.

      මමත්වය කියන්නෙ බාහිර අරමුණු. අපට අපේ සිත නිරීක්ෂනය කරන්න පුළුවන්නම් බාහිර අරමුණු සිතේ ගැටී පැවතී අහෝසිවෙන හැටි අත් විදින්න පුළුවන්. මේ අත්දැකීම පුදුමාකාරයි. ඉක්මනින් සිත සමාධිගතවන පහසුම ක්‍රමය ඒක බවයි මට සිතෙන්නෙ.

      Delete
    2. මම නම් හිතන්නේ කසින භාවනා තමයි ලෙහෙසි හා පහසුම ක්‍රමය කියල එ අතරින් ආලෝක කසිණය ගොඩක් පහසුයි. අන් අයගේ අවධානය ඇතිවෙන පුවරු හදාගන්න මහන්සි වෙන්නේ නැතිව රුපවාහිනිය යට හැම වෙලේම පත්තු වෙලා තියෙන රතු බල්බය කසිණය හැටියට යොදා ගන්න පුලුවනනෙ. මොකක්ද එ ගැන ඔබගේ අදහස?
      සමරසේකර

      Delete
    3. එක එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව කමටහන් වෙනස් වෙනව. මට නම් මුල පටන්ම රුචි වුනේ සිතිවිලි නිරීක්ෂනය කිරීමයි. එය මට මහත් සහනයක් විනෝදයක් වුනා. කෝපය ,බිය ,දුක වැනි අගතිගාමී හැඟීම් දුරු වුනා. වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ප්‍රීතිමත් බවක් ඇතිවුනා. එය ප්‍රභාශ්වරයි.නිරාමිසයි. සිතිවිල්ලක සොබාවය මැනවින් පැහැදිලිවෙනවා.බොහෝ දේවල් ගැන නිරවුල් හැඟීමක් ඇතිවෙනවා. එය අනා අභ්‍යාසයක් ලෙස මට සිතෙනවා.

      අප වැනි විතර්ක ඇතිවන අයට මෙවැනි ක්‍රමයක් සුදුසුයි කියල හිතෙනවා. හේතුව අනුස්මෘති වගෙ ඒව අපට කරන්නෙ බැහැනෙ. දෙවියන්ගෙ ගුන සිහිකිරීම වගෙ ඒව .

      Delete
  4. http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb4yflEmUm

    ReplyDelete
  5. මොලයට වයර් ගහලා හොව්කින්ස් වගේ අය කතා කරනවනේ දැනට. ඒ වෙනුවට මොලයට wifi කාර්ඩ් එකක් දාල wifi වලින් කතා කරනන් පුළුවන් ක්‍රමයක් එයි.

    ReplyDelete
    Replies
    1. මම හරි ආසයි මේ වගෙ අධිතාක්ෂණික දේවල් වලට. ඒ වගේම ඒව නිසා මානව සමාජයෙ ලොකු විප්ලව ඇතිවෙනවටත් ආසයි. මම මේ වගෙ ඒව හොය හොය කියවනවා.
      ඔය කියන තාක්ෂනය ආවොත් භාෂා අහෝසිවෙලා සියළු විශමතා බිදවැටිල අපට සිතාගන්නවත් අමාරු යහපත් ලෝකයක් බිහිවෙයි.

      Delete
    2. // මොලයට wifi කාර්ඩ් එකක් දාල wifi වලින් කතා කරනන් පුළුවන් ක්‍රමයක් එයි. //

      අන්න එදාට තමයි පින්වතුනි ස ර ස තුමා ලා වගේ මොලේ නැති උන්නාසේලා අතටම මාට්ටු වෙන්නේ...

      Delete
    3. //ඔය කියන තාක්ෂනය ආවොත් භාෂා අහෝසිවෙලා සියළු විශමතා බිදවැටිල අපට සිතාගන්නවත් අමාරු යහපත් ලෝකයක් බිහිවෙයි.//

      එහෙම අතීතයක් අපටත් තිබුනා....

      Now the whole world had one language and a common speech. As people moved eastward, they found a plain in Shinarand settled there.

      They said to each other, “Come, let’s make bricks and bake them thoroughly.” They used brick instead of stone, and tar for mortar. Then they said, “Come, let us build ourselves a city, with a tower that reaches to the heavens, so that we may make a name for ourselves; otherwise we will be scattered over the face of the whole earth.”

      But the Lord came down to see the city and the tower the people were building. The Lord said, “If as one people speaking the same language they have begun to do this, then nothing they plan to do will be impossible for them. Come, let us go down and confuse their language so they will not understand each other.”

      So the Lord scattered them from there over all the earth, and they stopped building the city.

      Genesis 11

      Delete
    4. අපි සරසගෙ කතාව මෙහෙම හින්ගලෙන් කියමු.

      බලව මනුෂ්‍යයා මහ බලවතෙක් වන්නේය. ඔහු සිතන කවරක් නමුත් ඔහුට අමාරු නොවන්නේය.ඔහු බාබෙල් නම් බලකොටුවක් තනයි. එන්න අපි ගේ භාෂාව වියවුල් කරමු. එකෙක් කියන දෙයක් අනෙකාට තේරුම් ගැනීමට අපහසු කරමු"

      මෙන්න සර්වබලධාරී දෙවියගෙ කුමන්ත්‍රනය. තමන් නිර්මානය කළ මනුෂ්‍යයට බයවෙලා. තමන්ට නමස්කාරකරගන්න කියල මවපු මනුස්සයෝ බලකොටු හදන එක බලන් ඉන්න පුලුවන්යැ. දෙවිය කරල තියෙන්නෙ සර්වබලධාරී වැඩ නෙමේ මහ කෝපි කඩේ අබිලින් වත් නොකරන වැඩ.

      Delete
  6. ඔය සිංදුවෙ පසුබිම් කතාව හරිම ලස්සනයි. අලුත් බ්ලොග් එක පැත්තට ගිහින් එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මම අහල තියන විදියට නිලාර් ල මඩු ගිය වෙලාවෙ ඔවුන් සමුගන්න මොහොතෙ කොටි සෙබලෙක් ආපසු හැරිල සිනාසුනාලු. මායිම් දෙකක යුද්ධයට මැදිවුන මිනිසුන්ගෙ මිනිස් හැඟීම් තමයි මෙහෙම ගීතයක් වුනේ. මම යුද්ධයට පක්ෂ කෙනෙක් වුනත් මේ වගෙ ගීත රසවිදින්න ඒ දේශපාලන ආස්ථානය බාධාවක් වුනේ නෑ. දීපිකා ප්‍රියදර්ශනී ගයන සරෝජා ගීතයත් මගෙ ඇතුළු හදටත් තදින් දැනුන ගීතයක්.

      Delete
    2. හරියටම හරි.මං මේ කතාව නිලාර්ගෙ හඬින්ම ඇහුව. හැරිල බැලුව විතරක් නෙවෙයි ඔහු නිලාර්ලව බදාගෙන හයියෙන් ඇඩුවලු.

      Delete
  7. ගොඩාක් ස්තූතියි ඔයාට... ඔයාලගෙ උදවු අපිට ගොඩාක් වටිනව. :)

    ReplyDelete
    Replies
    1. මම අලුත් බ්ලොග්කරුවන්ට අත දෙන කෙනෙක්. ඔයාගෙ නිර්මානවල මා විශේෂත්වයක් දැක්ක. එකක් තමා අරුත්බර වීම. හරිම බුද්ධිමය බවක් හැම නිර්මානයකම තිබෙනවා. ඒ වගේම වචන වලින් ගහන්නෙත් නෑ. සංයමයෙන් කියනව. වචන වල සාහසිකත්වයක් නෑ. තේමා
      වනුත් ඉතා යෝග්‍යයි.උපමා ගැලපීම් අති විශිෂ්ටයි. කවි කියවන විට කාවදින චිත්ත රූප මැවෙනවා.

      බ්ලොග් අවකාශයෙ දිගු ගමනකට සුබ පතනවා.

      Delete
  8. උඹ මේ දෙන ප්‍රචාරයේ ප්‍රතිඵලය තව අවුරුදු කීපෙකින් මේ බ්ලොග් දිහා බලපු දවසක පෙනෙයි. (හැබැයි උන් දිගටම ලිව්වොත්)

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට මට බ්ලොගල දීප්තිමත් අනාගතයක් මට නම් පේන්නෙ නෑ. මේ අය දිගටම ලියයි කියල විශ්වාසයකුත් නෑ. නමුත් අපි පුලුවන් හැටියට දිරිමත් කරනව. අලුතින් බ්ලොග් ලොවට එන හොද අයට වඩා හැලෙන හොද අය වැඩියි.
      තව අවුරුදු දහයකින් පමන පසු දැනට බ්ලොග් ලියන සුපිරි තරු පවා බ්ලොග් වලින් ඉවත්වීමේ අවදානමක් තියනවා.
      විසදුම හැකිතාක් දක්ෂයන් ආකර්ශනය කර ගැනීමයි.මා කරන්නෙ එයයි.අලුත් ආරකට ලියන කෙනෙක්, හොදට ලියන්න පුලුවන් කෙනෙක් දැක්ක හැටියෙ ප්‍රචාරයක් දෙනව.

      Delete
  9. මතේගේ මේ පරෝපකාර සේවාව අගයකල යුතුයි.. අපිත් ගොඩක් බ්ලොග් දැනගන්නවා මේ පාරවල් වලින්....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවන කොට මට තේරුන දෙයක් තමයි ඉතා වටිනා බ්ලොග් තියනව කාගෙවත් අවධානයට ලක් නොවුන ඒව. බ්ලොග් කියන්නෙ යාලුවො පිරිසක් නිතර එන යන කෝපි කඩ වෙන්න ඕන නෑ. ඒකෙම අනික් පැත්ත ඒ කියන්නෙ විධායක දේශකයෙක් හා ශිෂ්‍ය ශ්‍රාවකයන් සිටින සම්ප්‍රදායික පන්ති කාමර වෙන්න ඕන ත් නෑ. මේ අතරමැදක් සොයාගන්න ඕන.
      අලුත් හොඳ බ්ලොග් එනවට වඩා ඉක්මනින් තියන හොද බ්ලොග් බ්ලොග් ලෝකයෙන් සමුගන්නවා. මේ නිසා අප අලුත් ලේඛකයන් දිරිමත් කළ යුතුයි.

      තම පුද්ගලික අත්දැකීම් ගැන කියන බ්ලොග් වලට වඩා මතවාදී බ්ලොග්වලට ප්‍රචාරයක් ලබා දෙන්න මා කැමතියි.

      Delete
  10. Replies
    1. අලුත් තැනක් බව පේනව කොමෙන්ට් එකෙන්. පුලුවන්නම් සිංහල බා ගනින් . මටත් තව ටික දවසකින් ඔය සෙතේ තමයි.

      Delete