Friday, December 18, 2015

බ්ලොග් ලෝකයේ සීතල යුද්ධ අවසන් සියල්ලෝම බෝතලය දෙසට ගමනේ යා ලෙෆ් රයිට් ලෙෆ්

බ්ලොග් අවකාශයේ විරාජමාන මහළු වීර පුරුෂයන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව වහසි බෙනෙමින් මහ හැරමිටි උළුක් කර ගනිමින් සටනකට මුල පිරූ බවත් සෙසු මිතුරන්ගේ කොමෙන්ට් හා ඉයන් චෙෆාකි  ප්‍රා වැනි කල්‍යාන මිතරයන් මැදිහත්වීම්  නිසා  එම ගැටුම විසදුන බවත් දැන් දෙදෙනා පෙරටත් වඩා මිත්‍ර බවත් අප දනිමු.එය එතනින් ඉවරය. 

මා කියන්න හදන්නෙ වෙනත් අතුරු කතා වකි.

කෙනෙක් තමන්ට වුන අකටයුත්තක් ගැන තවකෙනෙක් ගැන සැක කරයි .එහි වරදක් නැත. නමුත් 100% ක් ම එම සැකය තහවුරු කර නොගෙන චෝදනා කිරීම වරදකි. බැලූ බැල්මට සැකකර කලබල වී ඇගිල්ල දිගුකර දොස් නැගුවහොත් සිදුවන්නෙ කියපු දේවල් ආපසු ගිලගන්න අමාරු වීමයි.වචනවලින් ඇතිවන තුවාල වඩා දරුණුය.නමුත් එසේ 100% ක් සැකය තහවුරු කරගත හොත් නම් අනිවාර්යයෙන්ම චෝදනා කළ  යුතුය.

කොටදෙනියාවෙදි වුන දේ දැක්කද .අපට බැලූ බැල්මට සාක්ෂි තිබුන වුනත් කෙනෙකුට ඇගිල්ල දිගු කළ නොහැක. 88/89 කාලයේ හමුදා නිළධරයන් ,පොලිස් නිළධරයන්ට ඇතිවන සුළු සැකයක් නිසා ජීවිත වලින් වන්දි ගෙවූ පිරිස දහස් ගනනකි.

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියා දෙයක් ඇත. කිසියම් සැකකරුවෙකු අධිකරනයකදී චෝදනා ඔප්පුකර වරදකරු කරනතුරු නිර්දෝෂී ‍යැයි සැළකේ. මෙවැනි ප්‍රතිපාදන අවශ්‍ය  වී ඇත්තේ අහිංසකයන් විවිධ අපරාධවල සැකයට භාජනය වන නිසාය.

කලබල වූ විට කොරොස් කටෙත් අත දාගත නොහැකි බව අප අසා ඇත. කලබල වී මුගටියා මැරූ කාන්තාව ගැන අසා තිබෙනවා නේද ඇපගේ ඇස් කන් ගැන පවා පූර්න විශ්වාසය තැබිය නොහැක. ලේ පෙරාගෙන තමන් ඉදිරියට එන මුගටියා දුටු කාන්තාව සිතුවෙ මූ එකත් එකටම ළමය මරල කියාය.

හමුදා මෙහෙයුමක් කිරීමේදී කසිප්පු බීපු මිනිහෙක් සරම ඔසවා හැමෝටම අභියෝග කරන ලෙස එය නොකරයි. මා සිතන විදියට මුලින්ම සතුරා ගැන අධ්‍යනයක් කරයි. සතුරාගේ ශක්තිය ගැන වැටහීමක් ලබා ගනියි. 

ඉහත කී දේවල් බ්ලොග් ලෝකයට සම්බන්ධයක් නැත. මට නිකමට හිතුන දේවල්ය. දැන් බ්ලොග් ලෝකයට එමු.

බ්ලොග් ලෝකය විවිධය විශමය. විචාරක වැනි සමහරු සිය විශය ගැන ලියති. මාතලන් වැනි අය උපහාසාත්මකව නිර්මානශීලී ලෙස සමාජ දේශපාලන කරුණු ඉදිරිපත් කරති. තවත් සමහරු කවි ප්‍රබන්ධ කරති. සමහරු නවකතා කෙටිකතා ලියති. මෙලෙස විවිධ ඉසවු ඔස්සේ දිවෙන මහා වපසරියකි.

මෙහි ගැටුම් සිදුවෙන අවස්ථාද ඇත. එකක් නම් නිර්මාන මංකොල්ලයයි. මෙය වැළැක්විය යුතුය. එසේම නපුරු ඇනෝ ප්‍රහාරද වැළැක්විය යුතුය. අනෝලා අහිංසක විනෝදයක් ලබන්නේනම් කමක් නැත. එහෙත් බ්ලොග් කරුවන් කෙටවීමට නපුරු සිත් ඇතිව ඇනෝ කෙනෙක් එන්නේනම් එය කනගාටුවට කරුණකි. මේ සියල්ලම  බ්ලොග් ලියන අයයි.එසේනම් මෙය අප අතරම ඇති ප්‍රශ්නයකි. එසේනම් එය විසදාගත යුත්තේත් අපමය. මෙය කළ යුත්තේ ස්වයං විනයක් බ්ලොග්කරුවන් තුල වර්ධනය කිරීමෙනි.

නපුරු ඇනෝලා පසුපස යාම නිකම් කාලය නාස්ති කිරීමකි.බ්ලොග් ලියන්නත් කාලවේලාව අමාරුවෙන් සොයාගන්න එකේ නපුරු ඇනෝලා පසුපස පන්නන්න ගියොත් වෙන්නෙ ලොකු අපරාධයකි.මේ ඇනෝලා ගැනද පුදුම නොවී බැරිය. ඇත්තෙන්ම ඔවුනට වෙන වැඩක් නැත. බ්ලොග් කරුවන්ගේ ශෛලීන් අධ්‍යනය කරමින් ඔවුහු කෙටවීම කාලය වැයවන දෙයකි. 


නමුත් නපුරු ඇනෝවෙක් හදුනාගත් පසු ඔහු ඉන් මුදවාගැනීමට naming and shaming ක්‍රමය යොදා ගත හැක.එය භාවිතා කළ යුත්තේ බැරිම තැනදීය. වරදකරු සාධාරන සැකයෙන් තොරව ඔප්පු වූ පසුවය. එයද කළ යුත්තේ ඔවුනොවුන් මිත්‍රශීලීව හමුවූ විට සුහදශීලීවය. මචන් උඹයි ඒ ජරා වැඩේ කරන්නෙ අපි හොදටම දන්නව නවත්තපන් බං ලැජ්ජ නැද්ද ආදී වශයෙනි.naming and shaming  කළ පසු යලි නොහොබිනා වැඩක් කරන්නට කෙනෙක් ඉදිරිපත් නොවේ. මන්ද එකට කන බොන යහළුවන්ගෙ මූණු බලන්න බැරි නිසාය.

තම හුදු විනෝදය තකා බ්ලොග් ලියන්නේනම් හා තම හුදු විනෝදය තකා බ්ලොග් කියවන්නේනම් (රසික වරක් කී ලෙස ) මේ ප්‍රශ්න සියල්ලම විසදා ගත හැක. මමය මාගේය කියා දෙයක් නැත්නම් අප එක එක දේවල් බදාගෙන හැම එකා එක්කම එල්ලි එල්ලි සිටීමේ තේරුමක් නැත.

20 comments:

  1. කාලෙන් කාලෙට මේ වගේ වලි ඇදිලා එනවා.. සාමාන්‍යෙයන් අවුරුද්දකට දෙපාරක් විතර.. සමහර සීන් වලින් පස්සේ මිනිස්සු ලියන එක අතඅරිනවා.. සමහරු කාගෙන ඉන්නවා.. සමහරු නාගෙන ඉන්නවා.. මොනව උනත් ඒ මිනිස්සු පුද්ගලික අමනාපකම් ඇතිකර නොගන්නව නම් තමයි ගොඩක් හොඳ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොනව බෙදා ගන්න රන්ඩු වෙනවද .අනුන්ගෙ ඉඩමක කූඩාරම් ගහගත්ත අහිගුන්ඨිකයො ඉඩකඩ ගැන රන්ඩුවෙනව වගෙ දෙයක්නෙ මේක. මේක මොකෙක්වත් බින්න බහින්නෙ නෑ. කාලයක් යනකොට හැම එකාටම එපා වෙනව. සමහරු වැඩනිසා හෝ වෙන යම් දෙයක් නිසා මේක අතාරිනව. තව අවුරුදු දහයක් යනකොට මේ එකෙක්වත් නෑ බ්ලොග් අවකාශයෙ.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා ++++++++++++++++++++++++++++

      Delete
  2. හොඳට හිට්ස් තියෙන බ්ලොග් අතර තමා ඔය වලි සීන් එක මම නම් දැකලා තියෙන්නෙ.ඒ කියන්නෙ කෙනෙකුගෙ සාර්ථකත්වයක් දැකලා කාල ඇඳලා ඉන්න බැරි අය ඉන්නවානෙ.
    එක්කෙනෙකුට ගහන්න ගියොත් ඇනෝට තනියෙම ලොකු බරක් අදින්න වෙනවා.(එහෙමත් ට්‍රයි එකක් ගියා පහු ගිය ටිකේ.)ඒත් දෙන්නෙක් අවුලලා තිබුනොත් පොඩි ආයෝජනයකින් වැඩි ඵලදාවක් නෙලාගන්න පුළුවන්.මේක තමයි මේ ඊයෙ පෙරේදා නැගලා ගිය ටෙක්නික් එක.
    කොහොම උනත් අන්තිමට උනේ දෙන්න ගැනම වටේම අවධානය පෙරටත් වඩා යොමු වෙලා.ඇනෝ ගහපු එකාට ඉතින් පව් කියලා තමා කියන්න වෙන්නෙ.

    මොනවා උනත් මේ ප්‍රශ්නෙදි අනෙකුත් බ්ලොගර්ස් ලත් වගකීමකින් හැසිරීම අගය කරන්න ඕනෙ.'ජරාව ගෑඋනත් කමක් නෑ,මුං අපේ එවුන්'කියලා රිස්ක් එකක් අරගෙන වැඩේ සෙට්ල් කරපු චෙෆාකි,ප්‍රා,ඉයන් ටත් බ්ලොග් දෙකේම වගකීමකින් කොමෙන්ට් කරලා,කෝල් කරලා ගින්න නිවපු අනෙත් අයත් නිසා අපට හිතෙනවා.....එකමුතු ලෝකෙ කොච්චර ලස්සනයිද කියලා.
    එකමුතු කමට ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය බලු වැඩකරන එවුන් හොයාගන්න පුළුවන් නම් හෙළිදරවු කරන්නම ඕන.
      මාතලන් ඇනෝ ගහනව කියන එකනම් හිනාවෙලා පනයන කතාවක්.
      ඇත්තටම ගොඩක් බ්ලොග්කාරයො පනගැටගහගෙන ඉන්නෙ මාතලන්ගෙ සින්ඩිය ට පින් සිද්ද වෙන්න. ඒකයි ඇත්ත කතාව.එහෙම නෑ කියන්න පුළුවන් බ්ලොග්කාරයො ඉන්නෙ අතලොස්සයි විචාරකත් එහෙම කෙනෙක්.

      ඔය සැකය ගැන කියනකොට මටත් අපූරු දෙයක් මතක් වෙනව. අජිත් කුමාර ගෙ බ්ලොග් දර්ශකය කරන්නෙ කොලබ ගමය කියල මම කාලයක් තදින් විශ්වාස කළා. දෙන්නම එකම කාලෙ ආවෙ. හුගක් සමානකම් තිබුන. මෑතකදි ඒ සැකය නැතිවුනේ අජිත් කුමාරගෙ කොමෙන්ට් දැකල. ඒ වගෙ සැකය හැම විටම හරියන්නෙ නෑ.

      විචාරක පස්සෙ විතරක් නෙමෙයි මාතලන් පස්සෙත් එලෙව්ව. දෙන්නම කුකුල් කේන්තිකාරයොනෙ. ඒකයි වලියක් ගියෙ. දෙන්නම බේබද්දො නිසා ඕනම අඩදබරයක් බෝතලේ කඩනකම් විතරයි. කොහොමත් සමාදාන කරපු අයනම් නියම කල්‍යාන මිත්‍රයො. අපිත් සමාදාන කරන්න කොමෙන්ට් එහෙම දැම්මා.

      පල ඇති රුක් වලට තමා ගල් ගහන්නෙ. හැබැයි හොදකුත් වුනා. සමහර දේවල් දැනගත්තා. බෝතල් මොකද බ්‍රෝතල් මොකද . ඉතින් බ්ලොග්මිතුරන් වශයෙන් අපේ ප්‍රාර්ථනාව එහෙම තැන් වලට ඇතුල් වීමේදී අපට එම සේවා සදහා ඩිස්කවුන්ට් එකක් දෙන ලෙසයි.

      Delete
    2. ගස්ලබ්බ බ්ලොග අටවගත්තෙ මාතයියගෙ පාඩම් මාලාව බලාගෙන.අටං අයියා කස්ටියට අඳුන්නලා දුන්නා.තාම ඇහැට දැකල නෑ දෙන්නවම.සුපිරිම මනුස්සයො කීපදෙනෙකුත් අඳුන ගත්තා හෙමින් සැරේ.
      මේකනෙ ම.ම.. කට්ටියම පට්ට සංවේදී පොරවල්.ඇනෝල ටච් කරන්නෙත් අන්න එතන.හෙහ් හෙහ්...
      ම.ම. ගෙ අන්තිම වාක්‍යට අත්දෙකම උස්සලා සහයෝගෙ හොඳේ.. ඩිස්කවුන්ටුවක් වත් නේහ්..? හෙහ් හෙහ්..

      Delete
    3. බේබද්දා කියන්නේ නැතුව නියම වචනේ ලියපන්. (බාබෙද්දා)

      Delete
  3. ඔහොම දේවල් ඉතින් බ්ලොග් වල දැන් අමුතු දේවල් නෙමෙයි. එක අතකට බ්ලොග් වගේ මාධයක් තිබුන එකත් හොදයි. වෙනස් මත එක්ක ගැටෙන්නත්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නෙ හවුල් භෝජනයක්. ඒකයි මෙහි වටිනාකම . මෙතන ලොක්කො නෑ . වටමේස සාකච්ඡාවක්. හැමෝටම තමන්ගෙ කතාව කියන්නත් අනුන්ට අදහස් දක්වන්නත් පුළුවන්. අධිකාරි සොභාවයක් නැති නිසාමයි මෙහෙම ආදරණීය සුන්දර වලි ඇතිවෙන්නෙ. එහෙම නැතිනම් ඒත් ගතියක් නෑ.

      Delete
  4. ඔහොම කෙලවර වෙච්ච එක ගැන අප්‍රමාණ සංතෝසයි...

    ReplyDelete
    Replies
    1. ඔවු . එක මල්ලෙ ලුණු කන අපි මෙහෙම රන්ඩු වෙන එක ලැජ්ජයි.හැබැයි ඉතින් රන්ඩු වුනත් බෝතලයක් දකින කම් විතරයි හෙහ් හෙහ්.
      මේක අපටත් පාඩමක්. කලබල වෙන්න හොඳ නෑ. හරියට හොයාගන්නෙ නැතිව නිකම් සැකේට කාටවත් චෝදනා කරන්න හොදනෑ.

      Delete
  5. චැක්... විචා අංකල් අවි අමෝරා සටනට එන්න ඉස්සරින් ඒක ඉවරවෙච්ච එක අපරාදෙ. :D

    ReplyDelete
    Replies
    1. දැන් මම තොට කිව්වා නේද මල්ටි බැරල් එකට වෙලා තියන දේ.

      බූ.......හූ.....හූ....දුකයි යකු..........

      Delete
  6. ඇත්තම කියනවා නම් ඔය කිව්ව වලියේ අගමුලක් දන්නේ නැත. හේතුව පහුගිය කාලේ ඇවිත් ලියා ගියා මිසක් අනික් ගෙවල්වලට ගොඩ වදින්නට වේලාවක් නොතිබුණු නිසාය..ඇනෝ මම නම් වසා දමා තිබේ..හේතුව කෙළින් කතාවට මිස නිර්නාමිකව එනවාට ඇති පෞද්ගලික අකමැත්තය..

    ReplyDelete
    Replies
    1. ඒක වැදගැම්මක් ඇති දෙයක් නෙමෙයි බන්. දැනගන්නවට වඩා හොදා නොදැන ඉන්න එක. මමත් නම් කැමති කෙළින් කතාවට තමයි. ඒත් ඕන එකෙකුට ඕන දෙයක් කියන්න ඉඩ දීල තියනවා.

      Delete
  7. හම්බවෙමු. හම්බවෙලා ගොඩක් විස්තර කතාකරමු. එයින් අවබෝධය වර්ධනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. හම්බවුන වෙලාවක මේව මතක් කරල හොද හැටි හිනාවෙන්න පුළුවනි.
      ඕනම ප්‍රශ්නයක් කතා බහ කරල විසදගන්න පුලුවන් එකේ මොකට රන්ඩු වෙනවද

      Delete