Tuesday, December 15, 2015

තේ පැන් සාදයි තම්බි කඩේ -බිස්මිල්ලාහ්,සුබනාඅල්ලාහ්,අල්හම්දුලිල්ලාහ්,ජසාකල්ලාහ්

අපගේ මිත්‍ර උන්මන්තක තුමාට පොරොන්දු වූ පරිදි ඉස්ලාමය ගැන තිබෙන විචිකිච්ඡා දුරලීම පිනිස ආගම්වාදී නොවන සංවාදයක් කිරීමට යි මේ පිටපොට ගැහිල්ල. ඇත්තෙන්ම ඉස්ලාමය හා මුසල්මානයන් ගැන සමහරු  තුල ඇති නුරුස්නා හැඟීම මට නැත. මම ඔවුන්ගේ බොහෝ සාධනීය දේ දකිමි. නිශේධනීය දේද එලෙසම දකිමි.

සමහරුන්ට මුසල්මානයන්ගේ ඇදුම ප්‍රශ්නයකි. මට නම් එය අවුලක් නොවේ. නිකාබ් නමින් හැදින්වෙන ඇෆ්ගනිස්ථානයේ ප්‍රචලිත කාන්තා ඇදුමෙන් මුහුණ සම්පූර්නයෙන්ම වැසේ. එය ආරක්ෂාවට ගැටළුවක් විය හැක. එසේ නැතිව කාන්තාවන් අදින හිජාබ් නම් වූ ඇදුමත් පිරිමින් අදින ජුබ්බා නම් ඇදුමත් මට නම් අවුලක් නැත. එය ඔවුන්ගේ අයිතියකි.

එසේම මුස්ලිම් වරුන් ගේ සුබසාධන වැඩද ආදර්ශමත්ය. ඔවුහු සකාත් දීම නමින් ධනවතුන්ගෙන් මුදලක් අය කර දුප්පතුන් ට දීම ඉතා ප්‍රගතිශීලීය.  මෙය ඇරඹුනේ 15 වැනි සියවසේය.එයයි මෙහි වටිනාකම වැඩි කරන්නේ.

පොලී ගැනීම ගැන ඉස්ලාම් ආකල්පයද මගේ සිත් ගති. එහෙත් අප  හිතවත් ඉකොනොමැට්ටා ඒ ගැන වෙනත් අදහසක් දරයි. ආර්ථික විද්‍යාව ගැන හසරක් නොදත් මා මෙන් නොව ඉකොනොමැට්ටාගේ බස් සිස්ව නොයයි. එහෙත් ගිනි පොලී නිසා පාරට වැටුන අසරනයන් දැක ඇති මා නම් මහමදු හිමියන්ගේ ස්ථාවරයට කැමතිය.

මහමදු හිමියන් දහම් දෙසුවේ මැද පෙරදිග ම්ලේච්ඡ මිනිසුන්ටය. වෙන කිසිම ආගමික නායකයෙකුට මුහුන නොදීමට සිදු  නොවූ අත්දැකීම් ඔහුට ලැබුනි. ඔහුට යුද්ධ කිරීමට සිදුවිය.සිය සමාජය පාලනය කිරීමට දන්ඩ නීති සංග්‍රහයක් සම්පාදනය කිරීමට සිදුවිය. එහිදී ඔහුට මාර්ගෝපදේශනයක් වුනේ හමුරාබිගේ නීති සංග්‍රහහයයි. එහි අත පය කැපීම් සුලබ විය. නමුත් මහමදු හිමියන් මෙම දන්ඩ නීති සංග්‍රහය වඩාත් මානුෂික කළේය. එකල තිබූ දඩුවම් වල ස්වරූපය මෙයින් ඔබට පෙනෙනු ඇත.

යුද්ධ කාලයේ සිදුවූ යම් යම් දේ උලුප්පා ඉස්ලාමයට පහර ගැසීම වැරදි වන අතර විශේෂ අවස්ථා වල පහල වූ මෙම පාඨ පොදු ව්‍යවහාරයට ගැනීමට හැකි සේ අර්ථ නිරූපනය කිරීමට යම් මුසල්මානයෙක් උත්සාහ දරයි නම් එයට සෙසු මුසල්මානයන්ගේ විරෝධය එල්ල විය යුතුය.

එසේම එකල සමාජ ප්‍රශ්න වලට විසදුම් සෙවීමේදී බොහෝ අපූරු දේ සිදුවිය. මේ එක් කතාවකි. එකළ කැලෑවල වැසිකිලි ගිය අරාබීන්ට මුහුන දීමට සිදුවූ ගැටළුවක් නම් ගසේ උඩ සිට තොන්ඩුවක් දැමීමයි. මහමදු හිමියන් දෙසුවේ සිරුර මදක් ඇලකර මලපහ කරන ලෙසයි. මෙය සමච්චලයට ලක් කළ අරාබියෙක් සිරුර ඇලකර මලපහ කලේ මෙය සමච්චලයට ලක් කිරීමටය. එවිට ඔහුට දැමූ තොන්ඩුවෙන් ගැලවුනි. වහාම මහමදු හිමියන් හමුවූ  අරාබිවරයා ඉස්ලාමය වැළද ගති. වර්තමානයේ ගස් උඩ සිට තොන්ඩු වැටීමේ අවදානමක් නැති බැතිමත් මුස්ලිම්වරයා කොමඩ් එකේ මලපහ කරන්නේද සිරුර වමට ඇලකරගෙනය. ආගම් වල යම් යම් චාරීත්‍ර පහල වන්නේ ඒවා පැවති සමාජ පසුබිමටය.

අප යහපත් දෙයක් පටන් ගන්නා විට පොල්තෙල් පහන දැල්වීමද  එවැනිම දෙයකි. එදා සාකච්ඡාවක් පටන් ගැනීමට පෙර පහනක් දැල්වූයේ ආලෙඔකය ලබා ගැනීමටය. අද විදුලි බුබුලු තිබුනද අපි පොල්තෙල් පහන චාරීත්‍රයක් ලෙස දල්වමු.

දේපොල බෙදීමේදී ඔහු දුර්වලයන් ,කාන්තාවන් ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ගත්තේය.අප මේ ලිපිය සකස් කරන්නේ අදේවවාදී ආස්ථානයක් සිටයි. යටත් වූ ගෝත්‍ර සම්බන්ධව ඔහු ඉතා මානුෂික විය. ( මේ මානුෂිකත්වය එදාට සාපේක්ෂ බව සළකන්න ) යටත් වූ ගෝත්‍ර ගැන බයිබලයේ පරන ගිවිසුමේ ඇති දේ බලන විට එදා මෝසෙස් ,ආරොන් යුගයට වඩා මහමදු යුගයේදී මැද පෙරදිග වැසියා සාපේක්ෂ ශිෂ්ට බවක් අත් කරගෙන සිටියේය.

පුරස්නය මෙයයි. ඉස්ලාමය හොඳ සමාජ සංවිධානයකි. එය ශක්තිමත්ය. ලෝක ජනගහනයෙන් බ්ලියන 1.6 ක්ම මුස්ලිම් වීමෙන් එය පෙනේ. එහි පුරෝගාමීන් අතිශය බුද්ධිමත් දුර දක්නා නුවනින් යුත් අයයි. ඔවුන්ගේ ශක්තිය වූ මේ දැඩි බව දැන් ඔවුනට අවාසියක් වී ඇත. වෙනස් නොවන නීති සංග්‍රහයන් අසාර්ථකය. අනෙක් අතර දුරාතීත සෙමිටික් ම්ලේච්ඡත්වයට  ශුද්ධ බවක් ලැබී තිබීම නම් ඉතා කණගාටුදායකය.

එසේම ඔවුන්ගේ ඝෝෂාකාරී ආගම් ඇදහීමෙන් වෙනත් ආගමිකයන් අපහසුතාවයට පත් වේ.එසේම ඔවුන් හැමතැනම පල්ලි ඇටවීමත් නෝ ගෝ සෝන් නිර්මානය කිරීමත් සෙසු ජනයාට පීඩාවකි. බටහිර ජනතාවද ඔවුන්ගේ ශිෂ්ට කම නිසා මේවා ඉවසන බව පෙනේ. එහෙත් මුස්ලිම්වරු තේරුම් ගත යුත්තේ මෙය සැමදාම කළ නොහැකි බවයි. එසේම එය බටහිර වැසියන්ගේ දුර්වලකමක් ලෙස සිතන්නට ද නොපෙළබෙන්නේනම්  හොඳය.

ඉස්ලාමය නොතකා හැර ලොවට ඉදිරි ගමනක් නැත. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්ම මුස්ලිම් බැවිනි. අරාබි කූඩාරම රැගෙන මුස්ලමානයා සහ සෙසු මිනිසා 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ කෙසේද යන්න නොවිසදුන ගැටළුවයි. එය අනාගතයට භාර කරමු.


අපගේ මිත්‍ර උන්මන්තක ගැන මට පහල වූ කවි සංකල්පනාවක්.

ආගිය තොරතුරු කියමින් සිත රැදි
බ්ලොග් ලොවතුල අප ඊයේ සිටි හැටි
අර බලපල්ලා කවුදෝ එන සැටි
අහස බලයි කියවයි පොත අත ඇති


කවුරුද මේ අමුතුම බ්ලොග්කරුවා
ජුබ්බාවක් ඔහු ඇදගෙන සිටියා
අහසට නිතරම අත දිගු කෙරුවා
දිනකට පස් පාරක් වැද වැටුනා


මිත්‍රවරුනි මගෙ නම උන්මන්තක
එක දෙවියෙක් ගැන තිර අදිටන ඇත
කෑමට තොප සමගින් මේ බ්ලොග් බත
ආවෙමි සිත සතුටින් මා තොප වෙත

සුබනාඅල්ලහ් කියමින් ඔහු ආවිට
බ්ලොග් ලොව තිබු මහ අඩුවක් නැති විය
සැම මතයම මෙහි රජකළ යුතුමය
මත ගැටුමින් බිහිවෙයි අප නව ලොව

ඉන් පසු අප සැම සතුටින් සිටියෙමු
හොද්දට රට ඉදි පදමට දැම්මෙමු
බ්ලොග් ලොව මනරම් සී පද කිව්වෙමු
කාලිෆ් ලෙස ඔහු ඔටුනු පැළදුවෙමු

ඔහුගේ පිළිතුර

මා ලෙස ඔබ ඇඳී සිතුවම වරදකි
තරමක වෙනසකි සිත ගැති මිනිසකි
ජුබ්බා නැත මුත් මට නැත වරදකි
ජුබ්බාව කමිසකි තව එක් වැස්මකි

ලබ්දිය බැඳි නැත ජුබ්බාවන් පිළිබඳි
පාකිස් තානික නිත ඇඳි ඒ දිග කමිසකි 
ඒ මොට මා ඇඳ මට නැත ඔය ගැති
පටලව ගනු නොව වෙන වෙන කරුණකි

ඔබ හට මගෙ තුති
ලියුවට මා සැටි
තිබුනත් වරදති

හද පිරී සතුටකි

41 comments:

  1. මමනම් කුරානය කියවල නෑ.
    "අදේවවාදීන් දුටුතැන හඹා ගොස් මරා දමන්න" වගේ ඒවා තියෙනවා කියන්නෙ ඇත්තද

    ReplyDelete
    Replies
    1. ඒව තියනවා. ඒව පහල වුනේ විශේෂ අවස්ථාවල කියලත් සර්වකාලීන නෑ කියලත් ඒ අය කියනවා. නමුත් ඔවුන් බහුතරය වූ දිනක ඒව සර්වකාලීන වෙයි.

      Delete
    2. මධ්‍යස්ථ මං හරියක් දැම්මා උඹට ලොකු හරියක්!

      Delete
  2. ඇෆ්ගනිස්තානු තලිබාන් පාලන සමයේ ජීවත්වන ප්‍රානීන් ගේ රුව සහිත සියලුම පොත පත සඟරා ආදිය Department for the promotion of Virture and extermination of Sin හී සේවය කරනා නිලදාරියන් විසින් පුලුස්සන ලදී.....

    The Bookseller of Kabul By Asne Seierstad pp67

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම වුනා. මිනිස් රූ සහිත චිත්‍ර පවා පිලිස්සුවා. ඒකනම් හිතාගන්න බැරි තරමෙ උමතුවක්. සියළු කලාවන් ඔවුන් මර්ධනය කළා .ගීත ඇසීමත් මහා අපරාධයක් කොට සැළකුවා.කළ යුතු එකම දේ යාඥා කිරීම.

      Delete
  3. සියළු ආගම් දේශනා කර ඇත්තේ මිනිසුන්ගේ යහපත සඳහායි..
    නමුත් අවස්ථාවාදීන් විසින් එහි හරය සුන් කර දමා ඇත...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ආගම සමාජ අවශ්‍යතාවයක්. එය යාවත්කාලීන නොවීමයි වරද. පොඩි උන් ට දියර ආහාර දුන්නත් ලොකු වුනහමත් දියර ආහාර දෙන්නෙ නෑනෙ. දියර ආහාර දුන්නෙ ඝන ආහාර දිරවන්නෙ නැති නිසා. දැන් වෙලා තියෙන්නෙ මුළු ජීවිත කාලෙටම දියර ආහාර නිර්දේශ කරන පිරිසක් බිහිවී සිටීම.

      Delete
  4. ඕනෑම ආගමක නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියා තමයි පිටුදකින්න ඕනේ. සමානාත්මතාව සහ අන් අයගේ ආගමික/සමාජයීය/ජාතික/ අයිතිවාසිකම් නොඉවසන්නේ නම්, එවැනි ආගම් වලින් ලෝකයට වැඩක් නැහැ. ප්‍රධාන ඉගැන්වීම් තුළ, ඒ බව සඳහන්ව නැත්නම්, එවැනි ආගම් හැඳින්විය යුත්තේ, cult යන වචනයෙන් පමණයි.

    ReplyDelete
    Replies
    1. සමානාත්මතාව සහ අන් අයගේ ආගමික/සමාජයීය/ජාතික/ අයිතිවාසිකම් නොඉවසන්නේ නම්.... මොනවද නොකළේ

      මේ කවුද මොනවද කියන්නේ 88/89 කාලේ පෝස්ටයක් මතක් වුනා

      Delete
    2. බුද්ධාගම , කිතුනුවන්ගෙ නව ගිවිසුම වගෙ ආගමික ග්‍රන්ථ සදාකාලිකයි.එහි අනුන්ට හිංසා කිරීමට අල්පමාත්‍රයකින්වත් දිරි දෙන්නෙ නෑ. නමුත් ගෝත්‍රික ජනයා අතර බිහිවූ බයිබලයෙ පරන ගිවිසුම හා කුරානය ගැන අපට එහෙම කියන්න බෑ.

      බලන්න බුදුදහමෙ ඔය අර්ථ නිරූපන ගැටළුවක් වත් නෑනෙ. කුරා කුහුඹුවෙකුටවත් හිංසා කිරීම පවු. හේතුව මොකක් වුනත් ඒක පවක්.

      Delete
  5. redden Honda Honda redda thami ammage redda....nodanna hu... ras kara kara liyanwa danna ewun wage. nodakin mehemath ewun. quaran ekayawala waren liyanna kalin,. gon haraka . pora wenna dangalanwaa... melo hasarak danne. meka liyapu ekata aduma gane muslima yahaluwekwath na. ekkoo mea muslimek.

    ReplyDelete
    Replies
    1. මගෙ මැදහත් බව ඔබට තේරුම් ගන්න බැරිවෙලා. ඉස්ලාමය කියන්නෙ නොතකා හරින්න බැරි බලයක්. ඒක අපේ රටටත් ලෝකයටත් සාධාරන කියමනක්. ඉස්ලාමයෙ ඍනාත්මක දේවල් මා තරම් දැඩිව විවේචනය කළ කෙනෙක් නැතිව ඇති.

      ඔවුන්ට අප තුවක්කුව දික් කලොත් ඔවුනුත් අපට තුවක්කුව දික් කරාවි. මොකද ඒක ඔවුන්ට හුරු පුරුදු ක්‍රමය. අප කළ යුත්තෙ ඔවුන්ට අත දිගුකිරීම. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් හෝ අපට අත ට අත දෙයි. හැකිතාක් මැදහත් මුසලමානයන් දිනා ගැනීම හැර වෙන විකල්පයක් නෑ.

      මම ඉස්ලාමය ගැන මොකුත් දන්නෙ නෑලු.මට මුස්ලිම් යාලුවෙක්වත් නෑලු ,මම මුස්ලිම් ලු. ඔබේ අදහස් සිනහ උපදවන ලෙස පරස්පර විරෝධියි නේද

      Delete
  6. Joe Wong ·

    CEO of GIFTS (Global Investment For Theocratic Souls) at My Father's Business

    I don't wish to offend our peace-loving, law-abiding, and life-progressing fellow Muslim Singaporeans here. But I would like to share that the Terrorism in Paris today is the result of mass immigration of Arab Muslims plus the excessive human rights given to them without recognising their religious/political agenda in their belief as one ex-Muslim contributed his personal view on this horrible terror:-
    "153 People killed in Paris France by the Jihadist:
    These type of terrorism can only stop when the West acknowledge the fact that Islam is the greatest threat to Humanity and World Peace and stop being politically correct about Islam. Even though not all Muslims are terrorist but any Muslim who take teaching of Muhammad seriously would have no choice but 'KILL THE INFIDELS WHEREVER THEY FIND THEM' Quran (2:191-193).
    Islam and Secularism is diametrically opposite...They cannot coexist.. Islam does not acknowledge presence of other religion or culture.... Islam has problem with woman's right and Non-Muslims rights.
    Europe has not learn their lesson from Muslims, It's the same Europeans often defend the Muslims and claim that it has nothing to do with Islam and its the same European would welcome them as migrants and claim that they're fleeing persecution and deserve protection in the West, but the truth is that Muslims are not in Europe to live and assimilate into Western society, Muslims are in Europe to kill as many as they can to takeover Europe.
    When Israel defend themselves against Arabs terrorists, Israeli get condemnation from European Governments without acknowledging the fact that Israel has been in forefront fighting a war the Europeans themselves would find it difficult to fight. Israel is the only Country in heart of Savege Middle Eastern region defending Western Civilization and Democracy but instead of the Europeans to support and defend Israel, they condemn Israel and support the Arabs Barbarism, but when you condemn Israel and support the Arabs, you will surely taste what Israel has been fight against for decades because you thought that the enemies are the victims.
    ISIS had promised to flood Western Countries with 500,000 Jihadist disguised as refugees, but Western Countries ignore the threats despite Jordanian and Libyan Army Generals warned that there could be thousands of ISIS sympathizers among the so called Refugees.
    Of the multiple current world conflicts in the Muslim World, The West are yet to understand that Islam is the greatest threat to world peace not their Nations, It's the Islamic ideology the Muslims embrace inspires them to destabilize their own region.
    Quran (8:12) - 'Cast TERROR into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them'
    Quran (3:151) - 'Soon shall We cast TERROR into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority.'
    Quran (4:74) - 'Let those FIGHT in the way of Allah who sell the life of this world for the other. Whoso FIGHTETH in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward.'
    Quran (9:14) - 'FIGHT against them so that Allah will punish them by your hands and disgrace them and give you victory over them and heal the breasts of a believing people.'
    Quran (48:29) - 'Muhammad is the messenger of Allah. And those with him are hard (ruthless) against the disbelievers and merciful among themselves.'
    Say NO to Political correctness and identify the threats and defeat Jihad. If you ignore this message you might end up as one of their next victims. I am an Ex-Muslim and I know what Islam teach and act like this is 100% justified in Islam according to Quran and Sunna. The above verses from the Quran are just few of it." - Karim Bin Abdullah

    ReplyDelete
  7. Onna thiyenawa uda kuranaye Islam nowana ayata mokak karanna kiyalada thiyenne kiyala..samakami kame mahatha!!. Unmaththakayata sudu redi glawaganna weyi Dan nam... Sorry for the long comment, pls read it carefully

    ReplyDelete
  8. මාෂා අල්ලාහ්,,,හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ජසාකල්ලාහු කයිර් . හෙහ් හෙහ් හ හ හා

      Delete
  9. Replies
    1. මේ පැත්තෙ ඉස්සරවෙලම ආවෙ අද වෙන්නෙ ඇති.සාදරයෙන් පිළිගන්නවා. සතුටුයි. මට හිතෙන්නෙ ඔබ බ්ලොග් වලටත් අලුත් වගෙ. මං රෝලටත් දාගත්තා.
      ඒ පැත්තෙ එන්නම්. කොමෙන්ට්ස් දාන්නම්. බ්ලොග් අවකාශයෙ දිගු ගමනකට සුබ පතනවා.

      Delete
  10. අරාබි කූඩාරම රැගෙන මුස්ලමානයා සහ සෙසු මිනිසා 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ කෙසේද යන්න නොවිසදුන ගැටළුවයි. +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ලෝකය තාක්ෂනයෙන් දියුණු වන විට ආකල්ප අතින් දියුණු වන විට ඔය කූඩාරම අත අරින්න වෙනවා. මෙය ඒ මිනිස්සු තුලින්ම එන්න ඕන දෙයක්. බාහිර බලපෑම් නිසා වෙන්නෙ ඔවුන් කූඩාරමත් එක්ක තදින්ම ඇලෙන එක.
      මිනිසා අධ්‍යාත්මිකවත් පරිනාමය වෙනවා සිතන්නටත් බැරි තරම් වේගවත් තාක්ෂනික දියුණුවට සමගාමීව.
      ඉතින් තමන්ගෙ කූඩාරම කොච්චර පුංචිද කොච්චර කැතද කියල ඒ ගොල්ලන්ටම තේරුනාම කූඩාරම අත ඇරල ඉදිරියට යයි.

      Delete
  11. ...//වෙනස් නොවන නීති සංග්‍රහයන් අසාර්ථකය//...

    නීති සංග්‍රහයන් පුද්ගල චර්යාවත් එක්ක බැදි පවතිනවා වගේම පුද්ගල ආකල්ප සඳහාත් හේතු වෙනවා.ක්‍රිස්තියානි ආගම මේ බොහෝ කරුණු ගැන අවධානය යොමු කරලා ආගමික ප්‍රතිසංස්කරණ ඇතිකලා.වෙනකක් තබා බුදුන් වහන්සේ පවා අවස්ථානුකූලව සමහර විනය ශික්ෂාපද වෙනස් කල ආකාරය විනය පිටකයේ දැක්වෙනවා.ආගම් වල ඒවැනි වෙනස් කිරීම් මගින් පුද්ගල චර්යාව ආකල්ප තව තවත් ගුණාත්මකව සංවර්ධන වෙන්න හේතුවක් වෙලා තිබෙනවා.නමුත් මුස්ලිම් ආගමේ එවැනි වෙනස්වීම් නොකරන බවක් තමයි දකින්න තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නීතිය කාලයත් එක්ක වෙනස් වෙනවා. සමාජය ගතික එකක් නොවෙයි. එසේනම් සදාකාලික නීති තියෙන්නෙ බැහැ. ඉස්ලාමයේ නීති කාලයත් එක්ක වෙනස් නොවීමයි ගැටළුව.
      නීති විතරක් නොවෙයි ආගම් පවා කාලයත් එක්ක වෙනස් වෙයි.වෙනස් නොවන කිසිම දෙයක් නැහැ. සමහරවිට ලෝකය නිර්මානය වුනේ මීට අවුරුදු 4000 කට පෙර බව විශ්වාස කරන ආගමිකයෙක් අතීතය හා අනාගතය නොදකින්න පුළුවන්. ඒත් විශ්වය තුල මිනිසා කොයි තරම් පුංචිද කොයිතරම් නොවැදගත්ද කියා ඔහු දැනගත්තොත් එදාට තීරනය කරාවි තමන් තව දුරටත් දෙවියෙකුගෙ රූකඩයක් වෙනවද නැද්ද කියල.

      Delete
    2. ඉස්ලාම් ආගම කියන්නේ කුර්-ආනයයි, හදීස් කියන්නේ වක්තෲන්ගේ ජීවිතය අලලාගෙන පැමිනි විස්තරයි. කුර්-ආනික නීති වෙනස් නොවෙයි, එය සර්ව කාලයටම පොදුයි. නීති පමනක්ම නොව ජීවන මගක්ද වෙයි. හදීස් නීතියක් නෙවෙයි, ජීවිතයට ආධාරකයක් පමනයි. අනුමත රාමුවක් තුල කාලයට පරිසරයට අනූව හැඩ ගැහෙන්නයි කුර්-ආනය කියන්නේ. විසි එක්වෙනි සියවසේ දීත් ඔටු පාලන මට්ටමේ සිතීමයි වැරැද්ද​.

      Delete
  12. හොඳ දහමක් හෝ දර්ශනයක් නම් හිංසාව එය තුල තිබිය නොහැකියි.කුමන ආකාරයකින් හෝ 'හිංසාව' තිබෙනවා යනු 'ප්‍රතික්ශේප කළ යුතු' යන්නයි.එසේ නොවන තාක් ගැටළු වලින් ලොව පිරේවි..ප්‍රතික්ශේප වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ආගම් බිහිවුන පරිසරයෙයි ගැටළුව තියෙන්නෙ. පරිසරයට සාපේක්ෂව මහමදු හිමියන් ඉතා කාරුනිකයි. වෙන පෝරිසාදයෙකුට ඔය කියන දේව පනිවුඩය ලැබුනනම් මොකකින් මොකක් වෙයිද දන්නෙ නෑ.
      ඇත්තටම දෙවියෙක් ඉන්නවනම් ඇයි මේ නිවුන කෘෂිකාර්මික ශිෂ්ට මිනිසුන් අතරට නොගියෙ. වැද්දො අතරට ගියෙ දෙවියන්ගෙ ගතිගුනත් ඒ වගේ නිසාද මන්ද.

      හිංසාව ප්‍රතික්ෂේප කරමු. ඒ විතරක් නෙවෙයි සියළු අධානග්‍රාහී සිතුම් පැතුම් ද ආගම් භේදයෙන් තොරවම ප්‍රතික්ශේප කරමු.

      Delete
  13. මධ්‍යස්ත,
    ඔබ පුන පුනා කියන ලෙස ඒ කාලයට හා පරිසරයට ගලපා බැලීමේදී මේ ලිපිය තුල ඔබ දක්වන අදහස් සමග මම එකඟයි. ඔව් ඔබ මෙතනදී හරි.
    ඒත් අවාසනාව මෙ ඉස්ලාම් ආගම දෙස ඔබ බලන මධ්‍යස්ත දැක්මෙන් මුස්ලිමුන් නොබැලීමයි. ඔබ එය විග්‍රහ කරන අයුරින් ඔවුන් නොකිරීමයි.
    ඔබ ඔය අත දිගු කොට දිනා ගැනීමට තතනන මුසල්මානයා ඔබේ අත ගැනීමට පෙර තවත් මුසල්මානයෙකුගේ අසිපත් පහරකින් සිය අත සිඳ ගනීවී.
    මේක නෙවෙයිද ඇත්ත?

    වරක් මා මිත්‍ර උපතින් මුසල් මානයෙකු (ආචාර්‍ය උපාධි ධරයෙක් ) මට පැවසුවා ඉස්ලාමයේ එන ජිහාඩය යනු අදේව වාදියා මරා දැමීම බවත්, ඒ අදේව වාදියා බෞද්ධයෙකු වන මා නොව මුසල් මානුවෙකු වන ඔහු තුලම ඇති දෙවියන් කෙරෙහි වූ අවිශ්වාසය බවත් කියා. මේ ඔබ බලන ලෙස කුරානය දෙස බැලුවෙක් බවයි මා සිතන්නේ.
    එහෙත් අද මා මිත්‍රයා ඉතාමත් භක්තිමත් කතෝලිකයෙකි.

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ..!

    ReplyDelete
    Replies
    1. ඔබ දේවාල කොයි තරම් කඩා දැම්මාද එහෙත් ඔබ තුල ශෙයිතාන් විසින් තැනූ එකද දේවාලයක් ඔබ කැඩුවාද"

      ඔබ ජයගත යුත්තේ ඔබ තුල ඇති ජිහාදයයි ආදී වශයෙන් තර්ක කරන මුස්ලිම්වරු ඉන්නවා. ඉස්ලාමය නොතකා හැරිය නොහැකි බලයක් නිසා අපටත් මේ විදියට සිතන්න සිදුවෙනවා.

      හින්දු ආගමේ බිලිපූජා නිකායක උදවිය දැන් කියනවා බිලිදිය යුත්තෙ කෙලෙස් මිස සතුන් නොවේ කියා.ඉස්සර සත්තු බිලිදුන්නෙ වරදවා වටහා ගැනීමෙන්ලු. මේ වගෙ අදට ගැලපෙන විදියට අර්ථ නිරූපනය කරන ප්‍රවනතාවයක් අද තියනවා.

      හරි අපිත් පිලිගනිමුකො මේව මේ සංකේත කියල. ඒක අපි දෙගොල්ලටම හොදයිනෙ. මෙහෙම පිළිගන්න දෙගොල්ලට පුලුවන් අතට අත දෙන්න.

      එහෙම අතට අත දෙන්න එන මුසල්මානයව වළක්වන අය මුසල්මාන සමාජයෙ ඉන්නවනම් ඔවුන් පාලනය කරන එක සෙසු මුස්ලිම්වරුන්ගෙ වගකීම . අන්තවාදී න්ගෙ ක්‍රියා ගැන ඔවුන් කියන්නෙ ඒ ප්‍රධාන දහරාවෙ අය නොවෙයි කියලනෙ. හරි දැන් වෙලාව ඇවිත් ප්‍රධාන දහරාවට වැඩ පෙන්වන්න.

      ප්‍රධාන දහරාව මෙහිදී මූණු දෙකක් පෙන්වන්න ගියොත් අපට වටලප්පන් දීල අන්තවාදීන්ට සපෝට් එක දුන්නොත් අන්න එතනදි ප්‍රධාන දහරාව වැරදිකාරය වෙනව.

      ප්‍රධාන දහරාව සහ අන්තවාදීන් කියන්නෙ ජලයට මාලුව වගෙ. මාළුවට ජලය නැතිව පවතින්න බැහැ.

      අද ලෝක දේශපාලනයෙ වෙන්නෙ අන්තවාදීන් ප්‍රධාන දහරාවට මුවා වෙලා බටහිරට ,රුසියාවට ගහනව. ප්‍රධාන දහරාවට බෑ හැමදාම මූණු දෙකක් පෙන්වන්න. අනිවාර්යයෙන්ම එක පැත්තක් ගන්න වෙලාවක් එනව.

      නැත්නම් අන්තවාදීන්ට එල්ල කරන ප්‍රතිප්‍රහාර වලට ප්‍රධාන දහරාවත් ගොදුරුවෙන බව කනගාටුවෙන් වුනත් කියන්න වෙනව

      Delete
    2. 'ජිහාද්' කියන වචනයේ තේරුම 'අරගලයයි' යුද්ධයත් එක්තරා අරගයක් මිස ජිහාදය යුද්ධයම නෙවෙයි. තම සිත සමඟ කරන ජිහාදයයි ලොකුම ජිහාදය​.

      Delete
  14. ඉස්ලාම් භක්තිකයකුගේ එම ආගම ගැන තිබෙන ඇදහීම කොතරම්ද කීවොත් යම් කරුණක් සත්ය බව දැන දැනම උවත් එය පිලිගැනීමට දක්වන්නේ පුදුම අකමැත්තක්. ආගම ඔවුන්ගේ සිතිමේ හැකියාව නැති කරලා. මරාගෙන මැරෙනා ත්රස්තවාදින් වගේ එකම ඉලක්කයකට මොලය ශෝධනය කරලා. ඉතා සුළු පිරිසක් ඇති ආගමික බැමි ලිහාගෙන.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ඉදලම යටිහිතට මේව ඇතුළුකරනවා. ජීවිතේ හැම දෙයක්ම ආගමෙන් පාලනය කරනවා. ආගමෙන් පිට හිතන්න බැරි කරනවා. ජීවත්වන පරිසරය දැඩි ආගමිකයි. ගෙදර කියන්නෙ ත් තව පල්ලියක්. මේ වගෙ රාමුවක ඉන්න කෙනෙක් ලේසියට රාමුවෙන් පිට පනින්නෙ නෑ. එහෙම බැරිවෙලාවත් පැන්නොත් ඌව මරන්න සෙසු සමාජය සැදී පැහැදී ඉන්නව. නීතිමය ප්‍රතිපාදනත් තියනවා.
      ඔවුන්ට තනියම සිතන්න බෑ. යාන්ත්‍රික වෙලා. දෙවියන් අතේ රිමෝට් එක තියන රොබෝල වෙලා.

      නමුත් කාලයත් එක්ක මේ සේරම වෙනස් වෙයි.

      බ්ලොග් එකක් පටන් ගන්න අදහසක් නැද්ද. මට හිතෙනව ඔබ ලියන්න ගත්තොත් සාර්ථක බ්ලොග් කරුවෙක් වෙයි කියල.

      Delete
    2. හරියට ඉතාම පහසුවෙන් කඩාගන්න පුළුවන් දම්වැලෙන් අලියා නොමිදෙන්නේ, ඌට පුංචි කාලෙ කඩාගන්න බැරිවුණ දම්වැලෙන්ම තාමත් බඳින නිසා. ඒ වුණාට ඒ දම්වැලෙන් බැඳුණ හස්තියා ඉතාම දරුණුයි. වල් අලියෙකුටත් වඩා.
      වෙනම කමෙන්ට්ස් ඕනි නෑ මධ්‍යයා. මේ දෙපොලක දැම්මෙ මගේ අදහස්. මේ සිදුවෙන දේවල් ගැන උඹ වගේම මටත් දැනෙන්නේ අප්‍රමාණ භීතියක්!

      Delete
    3. //නමුත් කාලයත් එක්ක මේ සේරම වෙනස් වෙයි.// කාලය සමඟ ඉදිරියේ මේ සේරම වෙනස් වෙලා සියලු ගෝත්‍රික වලින් තොර ආගමික මිත්යා වලින් මිදුනු තර්කානුකූලව යථාර්ථය තේරුම් ගන්න පුළුවන් සමාජයක් බිහිවූ දවසට මේ ලෝකය කොච්චර සුන්දර තැනක් වෙයිද..

      //බ්ලොග් එකක් පටන් ගන්න අදහසක් නැද්ද. මට හිතෙනව ඔබ ලියන්න ගත්තොත් සාර්ථක බ්ලොග් කරුවෙක් වෙයි කියල.// ස්තුති ඔබේ දිරිගැන්වීමට මම තාම බ්ලොග් වලට ආධුනිකයෙක් මම තාම ඉගෙන ගන්නවා ඉදිරියේ ලිපි ලියන්න අදහසක් තියෙනවා එතෙක් කොමන්ට් වලින් ඔබත් සමඟ එන්නම්.

      Delete
  15. මුහම්මද් තුමාගේ මස්සිනා ක්‍රිස්තියානි කාරයෙක්.
    මුල් කාලෙදි පහල වූ දේව වාක්‍ය ජේසුස් වහන්සෙගේ වාක්‍ය වගේ. මුස්ලිම් වරු දුර්වල තැන් වලදී අන්‍යාගමිකයන්ව අන්දවන්න අදින්නේ එම වාක්‍ය. පසුව මුහම්මද් තුමා මදීනා නගරයේ බලය ලබාගෙන දේශපාලන ආධිපත්‍යයක් ගොඩනඟා ගත්තාට පසු රණකාමී දේව වාක්‍ය පහල වෙන්න පටන් ගත්තා. පසුව මක්කමේ බලය ගත් පසු ත්‍රස්ථවාදී දේව වාක්‍ය පහල වන්න පටන් ගත්තා. මුස්ලිම් වරු බලවත් තැනදී ප්‍රයෝජනයට ගන්නේ එම වාක්‍ය. ඕකයි කතාව

    ReplyDelete
    Replies
    1. මුහම්මද් තුමාගේ මස්සිනා ක්‍රිස්තියානි කාරයෙක්. //

      ඒක මම නොදන්න දෙයක්. වැඩි විස්තර දෙන්න පුළුවන්ද

      ඔබ කී අනෙක් සියල්ල සමඟ එකඟයි.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Waraka_ibn_Nawfal

      Delete
  16. කෙනෙක්ගේ ආගම විය යුත්තේ එම අයගේ යටි සිතයි, කරන කියන යමක් තම යටි සිත නුරුස්සයි නම්, එය වැරද්දක්මයි, අනුමත කර ආශිර්වාද කරයි නම් එය වැරැද්දක් නොවෙයි​. අදහන ආගම කරුණට​ පටහැනි බවක් දැනෙයි නම්, එම ආගම වැරදිය​, එසේත් නැති නම් ආගමෙන් ලැබී තිබෙන පිලිබඳ තොරතුරු වැරදිය​. මේ මගේ මතයද මා අනුගමනය කරන්නේද එයමය​.

    ReplyDelete
  17. මේක මේ පවුද්ගලික අදහසක්.............


    මටනම් මනුශ‍යත්වය අවකoකම සහ ආදරයට වඩා විශිශ්ඨ ආගමක් තවත් නෑත !

    වෙනස් වෙනස් රටවල වෙනස් වෙනස් දෙමවුපියන්ගේ දරුවන් ව ඉපදුනු පලියට ඵ් ඵ් ආගම් වලට බෙදී ගහමරාගන්නවාට වෑඩිය........තමුන් කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන්න හිතාගත්තනම් ඔය නාඩගම් ඵකක්වත් ඔන නෑති වෙයි.

    ජේසුස්වහන්සේ විශිශ්ඨ කතාවක් කියලා තියනවා.............කෙනෙක් තමුන්ට කරන්න කෑමති දේ තමුනුත් අනුන්ට කරන්න !

    ඈත්තටම ජාති ආගම් වලට බෙදිලා මිනීමරාගන්න මිලියන ගනන් මිනිස්සු ඔය වෑඩේ කරන්නේ තමුන්ගේ උවමනාවටවත් දෑනුවත්කමටවත් නෙවෙයි.................තමුන් වත් නොදන්න කෙනෙකුගේ හරි කන්ඩායමක හරි ප්‍රොජෙක්ට් ඵකක කොටසක් විදියට.........
    හෑම ආගමකටම ගරු කරනවානම්.............කොයි ආගමටවත් වහල් නොවෙනවානම්............................මනුස්සයෙක් ඵ් තත්වෙට පත්වෙන ඵකක් නෑ කවදාවත් !

    පරිනාමයේ සිට මිනිස් සිත තුල තියන බය ප්‍රචන්ඩත්වය දුශ්ඨත්වය මේ හෑමඵක්ම සගවන්නත් අවශ්‍ය තෑනදි මතුකරන්නත් සමත් සුත්‍රය තමා ආගම..........ඵක පෑත්තකින් මේ වගේ විනාශකාරී අවියක් සහ තව පෑත්තකින් හොද දෙයක් මේ සක්වලම නෑතුව ඈති !
    ඔක ඵක්ක ගනුදෙනු කරන්නනම් අපි දියුනු මිනිස්සු වෙන්න ඔන.උදර පෝශකයෙකුට ඔක සෙටුනොත්.......... ඌත් ඉවරයි.......... අපිත් ඉවරයි !

    ReplyDelete
  18. ක්‍රමානුකූලව ආගම වෙනුවෙන් වන වහල් වීම වෙනුවට මනුශ්ශත්වය ආදරය පිලිබද හැහීමක් ඇති කරවීම වැදගත් යැයි සිතමි.. මේ වෙනුවෙන් වු රජයේ ප්‍රතිපත්තියක් අවශ්යය..

    ChN

    ReplyDelete
  19. නමුත් දෙදෙනෙක් වරදේ බැඳීම නිසා ගැහැණිය පමණක් මරා දමන නීතියට කිසිසේත් එකඟ විය නොහැකියි..

    ReplyDelete