Saturday, December 12, 2015

සුමනදාස සමරසිංහ අපේ කාලයේ මහා වීරයෙකි, උත්තම පුරුෂයෙකි.

මෙම පෝස්ට් එක පාඨකයෙකුගේ ඉල්ලීමක් මත දමන විශේෂ එකකි. ඇත්තෙන්ම අද සමාජයට නුහුරු මේ උදාර පුරුෂයා ගැන දැනුවත් කිරීම මහ මෙහෙවරක් ලෙස මටද සිතුනි.

Sumanadasa Samarasinghe

ඒ උදාර පුරුෂයා ගැන අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමට සුමනදාස කියා ටයිප් කරන විට සජෙෂන් ලෙස මුලින්ම ආවේ සුමනදාස  යන නම මුලට එන වල් පාහර තක්කඩියාගේ නමයි. ඉමේජස් චෙක් කරන විටද තක්කඩියාගේ තුච්ඡ මුහුන දිස්වේ. එය දුටු විටම කෙල ගසන්නට සිතුනි. ඒත් කෙළ පහර වදින්නේ ලැප් එකට නිසා නිකම් සිටියෙමි. සුමනදාස සමරසිංහ මහතාගේ රුවද සොයාගත හැකි විය.

වත්මන් තරුණ පරපුර සුමනදාස මහතාගේ නමවත් අසා නැතිවා විය හැක. විවිධ විශයන් ගැන ඇසූ පිරූ තැන් ඇතිව සිටි එතුමා සාත්තර පත්තරයක කතු පදවියද දැරීය. හොඳ සමාජ සම්බන්ධතා ජාලයකටද හිමිකම් කී එතුමාට මේ රටේ ජන මනස ගැනද තිබුනේ හොඳ අවබෝධයකි. කෝටි ප්‍රකෝටිපතියෙක් වීමට ඕනෑ තරම් අවස්ථා තිබියදී ඒ බැහැරකර තෝරාගත්තේ ජනතාව මිත්‍යාවෙන් මුදාගැනීමේ මාවතයි.

එතුමාගේ ව්‍යාපාරය ඉතා සාර්ථක විය. එතුමාගේ අනුගාමිකයන් සෑම ක්ශේත්‍රයකම විය.සමාජය පුදුමාකාර ප්‍රබෝධයක් ලැබීය. ඍන සිතිවිලි බැහැරකර සාර්ථක වීමටත් දුක් වීම වෙනුවට ප්‍රීතිවීමටත් ජනතාවට ඉගැන්වීය.

ගම් නියම් ගම් වලට පැමින දේශනා පැවැත්වූයේ නිස්සරනද්‍යාශයෙනි. දේශනා ඉතා රසවත් විය. ප්‍රශ්නයක් ඇසූ විට දෙන උත්තරය සබය සිනා සයුරේ ගල්වයි.වැටුන මිනිසුන් ඔසවා තබයි. සමහර උපමා සිතේ රැදෙන්නේ ගලේ කෙටූ අකුරු මෙනි.

මා එතුමා දැක නැත. නමුත් එතුමාගේ පොත් තුලින් එතුමා කියවා ඇත.මේ මට මතක තිබූ කියමන්ය.

විචාර බුද්ධියෙන් තොර අය අතපය බැද අචිරවතී නදියාට් දැමූවන් ලෙස හැදින්වීය.

බිම බලාගෙන පිළිම මෙන් මුහුණු ඇතිව යන්නන් උතුමන් නොව මානසික රෝගීන් ලෙස හැදින්වීය.

මරනානුස්මෘති ය වඩන්නේ වාසනාවට වයසක අය බව කී එතුමා තරුනයන් එය වඩන්නේනම් බණ ඇසීමට බෞද්ධයන් ආනයනය කිරීමට සිදුවන බව කීවේය.

එක්තරා දේශනයකදී ගවමස් නොකෑම ගැන පැනයක් ඇසූවිට ඒ ගැන එකල දේශනා පැවැත්ත්වූ තැනැත්තා දැක තිබේදැයි ඇසීය. ඔවු කියා කී විට ඒ වගෙ වෙන්න කැමතිනම් නොකා ඉන්න කියා කීවේය .සබය සිනා සයුරේ ගිලුනි.

ඍද්ධි ලබා අහසින් ගිය කිසිවෙක් ලංකාව හා ඉන්දියාව හැර වෙන රටවල් දැක නැති බව කීවේය.

පුදුමයකට මෙන් මේ කිසිවකට එතුමාට විරෝධයක් එල්ල නොවීය. එකළ සමාජය අදට වඩා ප්‍රබුද්ධ යැයි සිතමි.

දියුණුවට බාධා කරන්නේ උඩුසිතේ ඇති බොල් දුහුවිලිය. සියල්ලටම වඩා උතුම් ලෙස පෙන්වාදුන්නේ සිතේ සතුටයි.එතුමන්ගේ ඉගැන්වීම යටි සිතේ බල මහිමයයි. එය විශ්ව ඥානයයි. අප තුලින් මතු වන්නේ විශ්ව ඥානයයි.  අසන දකින සියල්ල තුලින් සදාකාලික වූ මහා කාරුණික වූ විශ්ව ඥානය දකින ලෙස එතුමා ඉගැන්වීය.උඩු සිතේ බන්ධනයන්ගෙන් මිදෙන සැටි ඉගැන්වීය.දුක ඇත්තේ උඩු සිතේය.සතුට ඇත්තේ යටි සිතේය.

එතුමන්ගේ ව්‍යායාමය සාර්ථක විනිනම් අද අප රට දියුණු ප්‍රීතිමත් මිනිසුන්ගෙන් පිරි රටකි. එහෙත් අප එතරම් වාසනාවන්ත නැත.2002 දී එතුමා අභාවප්‍රාප්ත විය.


එතුමාගේ ව්‍යාපාරය දියණියක වන ගයානි සමරසිංහ නෝනා මහත්මිය විසින් කරගෙන යයි. එතුමාගේ මරනින් පසු චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයට සිදුවූ නස්පැත්තිය ගැනත් ඉන් පසු මිත්‍යාව විජයග්‍රහනය කළ සැටිත් කතා කරන්නට කැමැත්තෙමි.

සුමනදාස මහතා කළේ උඩුගං බලා පිහිනීමකි. ඊට වඩාරැල්ලට ගහගෙන යාම පහසුය.

යටපත්වී තිබූ මිත්‍යාව අලුගසා දමා නැගිට්ටේ එක්තරා කපටි වෛද්‍යවරයෙකු විසින් මෝහනය කර ක්ෂනික නූඩ්ල්ස් මෙන් මිනිසුන් පෙර ආත්ම වලට ගෙන යාමෙනි. එය මහත් සේ ජනප්‍රිය වූ අතර ඉන් පසු බුදු දහම  ,ක්වොන්ටම් භෞතිකය ආදී වශයෙන් වචන අච්චාරු දමා වැඩසටහන් ටී වී චැනල් වල විකාශනය විය. තාරකා විද්‍යාඥයෙක්ද මීට සම්බන්ධ විය. මෙම වැඩසටහන් තරුණ පරපුරේ මහත්සේ ඒ ජනප්‍රිය විය. යටපත්වී තිබූ මිත්‍යා මත ආකරයට හොද පෝර පහරක් වැදුනි.

වඩා තර්කානුකූලව සිතන්නට හුරු වූ තරුණැයෝ සෝම හිමිගේ බණ ඇසීමට පොර කෑවේ මේ රැල්ල කූටප්‍රාප්තියටපත් වීමෙනි. ඉන් පසු කිරිබත්ගොඩ සෝවාන් ව්‍යාපාරයයි., ෆෙන් ශුයි කාරයන් ,වැව් ගංගා පිරිත් කරන හොර ගනයන්, වශී ගුරුකම් කරන ගනයන් හා රොඩියන්ෆෙන් ශුයි කාරයන් ,වාලම්පුරි කාරයන් , දිවැස් ඇති ඉසිවරු , සල්ලි වස්සන ලක්ෂ්මීලා , යෝගීන් ,රහතන් වහන්සේලා එක පොදියට පහල වියබටහිර විද්‍යාව බොරුයැයි පඩිවරයෙකු කී බැවින් එය ද පනින රිලවුන්ට ඉනිමං තැබීමක් විය.හොරුන්ට තක්කඩියන්ට කල්ල මරේ විය.මල්ල කරේ විය. 

සුමනදාස ලා නිකම්ම හේතුවාදියෝ නොවූහ. ඔවුහු ජාතියට මග පෙන්වන්නෝ වූහ. නව සොයාගැනීම් වලට දිරි දෙන්නෝ වූහ. ජනතාවට එකක් කියා හිතවතුන් හා එකලා වූ පසු හාත්පසින් වෙනස් දේවල් කියන ගිහි පැවිදි උතුමන්ලා ට වඩා මෙතුමා වෙනස් විය. සාර්ථකත්වය පමනක් නොව විද්‍යාත්මක ජීවන දෘෂ්ටියක්ද මෙතුමාගේ සිසුන්ට ලැබුනි.

මෙතුමාගෙ මරනයත් සමග චිත්ත ධර්මය තුනට කැඩුනි. ඇත්තෙන්ම මෙතුමාට අගසව්වන් තිදෙනෙක් විය.

එක් අයෙකු දකුනේ සංචාරක හෝටල් හිමියෙකි.චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයේ බලය හිමි වුනේ ඔහුටය. සුනාමියෙන් ඔහුගේ හෝටල් ,බිරිද සහ කෝටි ගනනක වාහනය අහිමි විය. ඉන් පසු ඔහු සක්‍රියව චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයට දායක නොවීය.

චිත්ත ධර්මයෙන් මනස පතුර ගලවාගත් කුරුණෑගල පොර සුමනදාස මහතාගේ ව්‍යාපාරයට කළේ ඉමහත් හානියකි.ඔහු විශ්ව ඥානය ගැන යටි සිත ගැන ඉගැන්වීමක් කළේ නැත. මිත්‍යා මත වලට පහර දුන්නේද නැත. ඒ වෙනුවට සගරා අලෙවිකරමින් ,ලක්ෂපතියන් බිහිකරමින් ෆෙන් ශුයි පන්නයේ නාඩගමක් නැටීය.
අනෙක් ප්‍රධාන සිසුවා විශ්ව මාතාද මොකක්ද කියා වෙනමම එකක් හදාගෙන කැඩී ගියේය. ඔහු ගැන අසන්නටවත් නැත.

අද සුමනදාස මහතා අප අතර නැත. එහෙත් එතුමන්ගේ පොත් හා සැබෑ ගෝලයන් නිසා එතුමන් අප අතර ජීවමානය. සල්ලි ආකරයක් අත හැර මිනිසුන් කෙරෙහි පතල කරුනාවෙන් ඔවුන් වලෙන් ගොඩ ගන්නට වෙර වීරිය දැරූ එතුමා මිනිසුන්  මිත්‍යාන්ධකාරේ ගිල්වන ගිහි පැවිදි පල් හොරු මෙන් ජනප්‍රිය නැතත් සදාකාලිකය. මන්ද සත්‍ය වෙනුවෙන් පෙනී සිටි බැවිනි.

සුමනදාස සමරසිංහ මහතා සම්බන්ධ ලින්ක්

සුමනදාස සමරසිංහ ෆේස් බුක් පේජ් එකක්

සුමනදාස සමරසිංහ බ්ලොග් එකක්



66 comments:

  1. කාලයක් තිබුනා බස් එකක යන්න බෑ 'මනස' විකුණන ළමයි නිසා.රෑ දවල් දෙකේ විඳින දුක දැක දැක අහක බලන්න බැරි කමට ගත්තට ඒවා කියවන්න නම් හිතුනෙ නෑ.
    ගස්ලබ්බට තියෙන ගැටළුව තමයි
    'මරණය ගැන නිතර නිතර මෙනෙහි කිරීම දියුණුවට බාධාවක් වන්නේ කෙසේද?'
    යන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අහිංසකයන්ට කෝටි ගනන්වල බලාපොරොත්තු ඇතිකරල ඒවගෙන් මෝහනය කරල සල්ලිත් කඩාගෙන උන්ව මහපාරෙ රස්තියාදුකරල උන් ගෙ සගරාවලින් ජීවත්වෙන එක නෙමේ සුමනදාස මහත්තය ඉගැන්නුවෙ. ඔය වැඩේ කරන්නෙ හිඟන මුදලාලිල.

      මරණය ,ජීවිතේ දුක ගැනම මෙනෙහිකරල අකර්මන්‍ය පරම්පරාවක් බිහිකරනවට වඩා ශුභ වාදීව ලෝකය දෙස බලන පරම්පරාවක් වටිනව නේද

      Delete
    2. අපි මෙහෙම හිතුවොත්.. අපි කවුරුත් මැරෙනවා.මොන වෙලාවෙ මැරෙනවාද දන්නෙ නෑ.මම මේ කොමෙන්ට් එක ටයිප් කරන මොහොතේ උනත් මිය යන්න පුළුවන්.ඒ නිසා නැවත පසුව නිවරදි කරගැනීමට සිදුවෙන ආකාරයේ ක්‍රියා සිදුවීම හෝ වචන නිකුත් වීම, ඕනෑම මොහොතක මරණයට සූදානම් මා කෙරෙන් අවම වී නැත්තටම නැතිවන තත්වයකට පුහුණුකරගත හැකියි නේද? ඒ තුලින් ලැබෙන්නේ සොඳුරු දියුණුවක් නේද?

      Delete
    3. මරණය අපි හැමෝටම උරුම බව ඇත්ත නමුත් අපි ඒ ඇත්ත උනත් නිතරම සිහිපත් කරනවා කියන්නේ අපිට ඒක නොදැනුවත්වම ස්වයං යෝජනාවක් වෙනවා. (චේතනා හං භික්ඛවෙ කම්මං වදාමී)

      Delete
    4. ඔවු ස්ටීව් ජොබ්ස් පවා එසේ සිතූ කෙනෙක් . ඔබ කී දේට අමතරව එයින් පුද්ගලයා කාර්යක්ෂ්ම වෙන්නත් පුළුවන්. නමුත් එසේ වන්නෙ ඔබ වැනි බුද්ධිමත් අය. ඒත් රටේ බහුතරය ඕක අල්ලගන්නෙ වලිගෙන්නෙ . රටේ බහුතරය දෙයියො බලන්න බත් මුල් බැදන් යන , දියුණුව ලබා ගන්න ගෙම්බො තියාගන්න අයනෙ . උන්ගෙ ඔලුවට ඕක වැටුනම මෙලෝ දෙයක් නොකර නාන්නෙ කන්නෙත් නැතිව පෙරේතයො වගෙ ඉදියි.

      Delete
    5. හෙහ් හෙහ්.... ගස්ලබ්බ ඔය කියන තරං බුද්ධිමත් ද කියන එක කෙසේවෙතත් ඕක මුලින් කියල දෙනකොටම හරියට ඔලුවට දැම්ම නම් හරි.ගොඩක් වෙලාවට වෙන්නෙ එහෙං මෙහෙං අල්ලගෙන පැටලෙන එක නෙ.(ගස්ලබ්බත් ඇතුලුවම.)
      ගස්ලබ්බ හිතං හිටියෙ මනස රන් කරන්නෙ මෙතුමා කියලා විසිකරලා දාල හිටියෙ.යකාගෙ ලිපියෙං පස්සෙ හොයන්න හිතුනා.ඒක වටිනවා.වැරදි වැටහීමකින් නෙව හිටියෙ.

      Delete
  2. ඇත්ත තමයි කවදාවත් නොඅහපු කෙනෙක්..
    ස්තුතියි මම දැනුවත් කරීමට සහ කරුනු ගෙනහැර දැක්වීමට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මෙතුමා තමන්ටත් අනුන්ටත් ඵල ඇති ප්‍රයෝජනවත් මිනිසුන් නිර්මානය කළා. අටලෝ දහමින් කම්පා නොවන සාර්‍ථක බුද්ධිමත් මිනිසුන් තමා මෙතුමා වටා සිටියෙ.මෙතුමගෙ ගෝලයො තමන් කරන දේ මොකක් වුනත් ඒක සතුටෙන් හරියට කරන්න ඉගෙන ගත්තා. මෙතුම කළේ කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.එකල චිත්ත ධර්ම විද්‍යා දේශන ජනප්‍රිය වුනා.

      Delete
  3. බොහොම ස්තුති සහෝදරයා මගෙ ඉල්ලීම ඉටු කලාට. උපතින්ම තිබුන හැම දෙයක් ගැනම සත්ය සෙවීමේ පිපාසයට සුමනදාස සර්ගෙ මිනිස් සිතේ හාස්කම් පොත් පෙල මට දිව ඔසුවක් උනා. මෙතුමා දේශකයෙකු ලේඛකයකුට වඩා විශිෂ්ට චින්තකයෙක් දාර්ශනිකයෙක්. ආවේගශීලී නොවී මිත්යාදෘෂ්ටි ගැන තර්කානුකූලව පැහැදිලි කරා. පෝස්ට් එකකට වඩා මෙවන් වීරයන් ගැන සංවාදයන් අවශ්‍යම යුගයක්.(මෙතුමා ගේ වැඩිමහල් දියණිය අරුණි ශපීරෝ ද ඇමරිකාවේ සිට බ්ලොග් හා පොත් ලියනු ලබයි)

    ReplyDelete
    Replies
    1. මචෝ එයා දැන් ඇමරිකානු මුල් පදිංචිකාරයන්ටත් වඩා ලොකු ඇමරිකන් කාරියක් වෙලා. ඔලුව ඉදිමිලා තියන තරම නිසා හෙට අනිද්දම ඔලුව පුපුරලා මැරෙයි. එයාගේ බොගේ ලියන පිස්සු තේරෙන්නේ එයාට විතරයි.

      Delete
    2. අරුණිගේ ලිපි ගොඩක් ඇමරිකන්වා දී තමයි. එයාගෙන් ගන්න හොඳ දේවලුත් තියෙනවා එයා ගැන මතක් කරේ දැන ගැනීමට නමුත් සුමනදාස සර් ගොඩක් නිහතමානී අවංක මිනිසෙක්.

      Delete
    3. මිත්‍යා දෘෂ්ටි ගැන කරන පැහැදිලි කිරීම් නම් අති විශිෂ්ටයි. සිත නිදහස් කරගෙන ජීවිතය භුක්ති විදින හැටියි එතුම ඉගැන්වූයේ. ඇත්තෙන්ම විශිෂ්ට දාර්ශනිකයෙක්. හරියට වටහගත්තොත් මමත්වය නැතිකරගෙන පුදුම ප්‍රීතියක් ,සැහැල්ලුවක් අත් විදින්න පුළුවන්. ජීවිතය ජය ගන්න පුළුවන්.

      ඔවු සංවාද අවශ්‍යයි. එතුමාගේ ව්‍යායාමය මිනිසුන් අතරට යවන්න ඕන.

      අරුණි සහ සුමනදාස කියන්නෙ දෙන්නෙක්නෙ. අරුණිගෙ ලිපිවලත් ගන්න දේවල් තියනවා. ඇය සීමාව ඉක්මවා ඇමරිකන්වාදී වෙනවා තමයි. ඒ අන්ත ලිබරල්වාදය තුල ත් ධනාත්මක චින්තනය මා දකිනවා. ඇය වස විස අලෙවිකරන සමාගම් හා ආයුධ වෙළෙන්දන් ගැන කී දේ පිළිකුලෙන් බැහැර කරන බවත් කියන්න ඕන.

      ප්‍රසාද් ඔබ සුමනදාස මහතා ඇසුරු කර තිබෙනවානම් ඔබ සැබෑ වාසනාවන්තයෙක්. මට නම් ඔහු මුනගැහෙන්න වාසනාවක් තිබුනෙ නෑ. ඔහු සමග වචනයක් කතා කරන එකත් මහා භාග්‍යයක්.

      Delete
    4. මමත් සුමනදාස සර්ව දන්නෙ එතුමාගේ පොත් පත් වලින්මයි. ඔහු ඇසුරු කරන්න ලැබුණේ නෑ.නමුත් සියලුම පොත් වගේ කියෙව්වා CD වලින් දේශන ඇහුවා ඒමගින් මෙතුමා කවුද කියලා හොඳින් අඳුනාගන්න පුළුවන් උනා.ලාභ සත්කාර නොතකා සේවය කල මෙතුමා සදාකල් මගේ සිතේ ජීවත් වෙනවා.

      Delete
  4. සුමනදාස සමරසිංහ මහතාට මනෝ විද්‍යාව පිළිබඳව විශ්ව විද්‍යාලීය උපාධියක් තිබුනේ නැතත් ඔහු මනෝ විද්‍යා English පොත් කියවා ඒවා සරල සිංහලයෙන් සාමාන්‍ය ජනතාවට කියලා දුන්නා. ඔහු ප්‍රමෝට් කලේ ධනාත්මක චින්තනය​. ඒවගේ අපේ සමාජයේ මිත්‍යා මත වලට බොරු සාත්තර කාරයන්ට එදිරිව ඔහු ඉතා දැණුවත් කිරීමක් කරා. 1975-79 කාලයේ ලියන ලද ඔහුගේ ලිපි වල මේ මිත්‍යාව හෙලා දකිනවා. නමුත් අද තාරකා විද්‍යාඥයෙකු කියන චන්දන ජයරත්න වැනි විද්‍යාව උගත් විශ්වවිද්‍යාලීය උගතුන් මිත්‍යාව පස්සේ දුවන අන්දම දකින විට මේ මිනිසා විද්‍යාව උගත් විශ්වවිද්‍යාලීය උගතුන්ට ව​ඩා ගව් ගානක් ඉදිරියෙන් හිටපු බව පේනවා

    වරක් ඔහුගේ නිවසට මිනිසුන් දෙදෙනෙක් පැමිණ කියනවා මහත්තයා ගේ අස්සට නයි පැටියෙක් යනවා දැක්කා කියලා. මේ දෙදෙනා නිවසේ තියන වටිනා බඩු බලාගෙන පසුව සුද්දයක් දැමීමට පැමිනි අය බව දැනගත් සුමනදාස සමරසිංහ මහතා ඔවුන්ට කියනවා ඒ මම ඇති කරන නයි පැටියා කියලා. ඔහුට සහජයන්ම හොඳ විචාර බුද්ධියක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. මම 1980 ගනන් වල වරක් ඔහුව දුටුවා කෑගල්ල නගරයේ තිබුණු දේශනයකදී

      Delete
    2. ඔය මිත්‍යාව කරපින්නගත් විද්‍යාඥයො කියන අය තමන්ගෙ ක්ශේත්‍රවල කිසිම දක්ෂකමක් නැති අය. තාරකා විද්‍යාව හෝ න්‍යෂ්ඨික විද්‍යාව ගැන කතා කරනවට වඩා පුනරුත්පත්තිය ගැන කතා කරන එක ලේසියි.අහන අයත් සාදු සාදු කියනවා. එක රැයින් මහලොකු පොරක් වෙනව. තමන්ගෙ විශය ගැන කතා කළානම් කවදාවත් ජනප්‍රිය වෙන්න බෑ.

      අනික් කැතම දේ තමයි මේ අය මේව මිත්‍යාව බව දැනගෙනයි මිනිස්සු රවට්ටන්නෙ. මේකෙන් බඩවඩාගන්නෙ තක්කඩියො.අහිංසකයොත් ෆෝම් වෙලා "අහවලත් මේව ඇත්ත කියන එකේ ඔයා කොහොමද බොරු කියන්නෙ එයා මහා ලොකු විද්දියාග්නියෙක්නෙ " කියල බොරුව පෙන්නල දෙන අයගෙ කටවල් වහනවා.

      සුමනදාස මහතා විධිමත් මනෝ විද්‍යා අධ්‍යාපනයක් නොළැබුවත් පත පොත කියවා සහ ස්වයං පර්යේශන තුලින් ලබා ගත් දැනුම අනුව ඇවිදින විද්ව විද්‍යාලයක් වෙලා තිබුනෙ. රට පුරා දේශන පවත්වමින් ,උපදෙස් දෙමින්,පත පොත පළ කරමින් විශාල සේවක් කළා

      Delete
    3. නමුත් සුමනදාස සර්ගෙ දර්ශනය දැන් තියෙන රුපියල් 10000හේ ධනාත්මක චින්තන එක්දින වැඩමුළු වගේ අත මිට මොළවාගෙන yes I can කියලා කෑ බෙරිහන් දෙන එකක් නෙවෙයි. එක සියලු ආගම් වලට එකගයි පුද පුජා නැති නියම ධර්මයකි. ග්‍රන්ථ 35ක් විතර එතුමා ලිව්වා.දැන් ඉන්න කිසිම ධනාත්මක චින්තකයෙක් මිථ්යාව සිතෙන් අයින් කරලා නෙවෙයි ධර්මය උගන්වන්නේ එහෙම උනාම කොච්චර yes I can කිව්වත් අපල කරුම අල්ලේ රේඛාව හුනු සාත්තර කපුටු සාත්තර තමා හිතේ වැඩ කරන්නේ.මුලින්ම මිත්යාදෘෂ්ටි සම්පූර්ණයෙන් සිතෙන් විරේක කරලා ඉන්න ඕනේ ඒක කේලේ සුමනදාස සමරසිංහ විතරයි..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔව් ශ්‍රී ලංකික සමාජයේ මිත්‍යාව බොහෝවිට තිබෙනවා තමයි, නමුත් ඔබ ඔය කියන විද්‍යාත්මක සමාජයේ ඊට වඩා මිත්‍යාව තිබෙනවා, මේ නිසා බොහෝ දෙනාගේ ජිවිත නැතිවෙනවා නමුත් මෙය බොහෝදෙනා දන්නේ නෑ.

    උදාහරණ http://projects.propublica.org/graphics/bigpharma

    (http://www.nytimes.com/2009/09/03/business/03health.html?_r=0)

    ඔබට මෙහි ඇති තොරතුරු සැකනම් එක එක සමාගමේ වංචා ගැන සොයාබලන්න. මේ සමාගම් වලින් පිට නිපදවන බෙහෙත් පෙත්තක් අපි ගන්නේ නැති තරම්, මෙහිදී මෙම සමාගම් දොස්තර ල රවටනවා අවසානයේ ලෙඩුන් වන අපි රැවටෙනවා.

    ඔබ ඔයකියන මිත්‍යාව ඇත්තේ නවීන මාද්‍ය තුලමයි මෙය ලොවපුරා සියලු ජනමාද්‍ය වල පවතිනවා. ප්‍රශ්නය බොහෝදෙනා දකින්නේ දේශීය ලෙස පවතින මිත්‍යාව පමණයි, ඔබ සදහන් කල මිත්‍යාව නිසා කෙනෙකුගේ ජීවිතය උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි වනු ඇති නමුත් ඉහත මා සදහන් කල මිත්‍යාව නිසා නැතිවූ මිනිසුන්ගේ ජිවිත මැනිය හැක්කේ දහස් ගණනින් නෙමෙයි ලක්ෂ ගණනින්

    ReplyDelete
    Replies
    1. ඔබේ තොරතුරු වලට එකඟයි. අපි මුලින් අප හැමෝටම තේරෙන මේ දෙකයි පනහෙ තක්කඩින්ගෙන් එක්කෙනෙක් හෝ ගලවා ගනිමු. ඒ වගේම සාර්‍ථකත්වය පිනිස මාවත හැමෝටම විවෘත කරමු.නිදහසේ සිතන්න මිනිසුන්ට පුරුදු කරමු. නිදහසේ සිතන්න මිනිසුන් හුරුවුනහම ඔය වෘත්තිකයන් ගැනත් නිදහස්ව සිතන්න හැකිවේවි.

      Delete
  7. පලමුවෙන්ම කිව යුතු වන්නේ සුමණදාස මහතාගේ මතවාදය සමාජයේ ඉඩක් ලබාගෙන තිබූ අවදියේ කොළු ගැටයෙකු වූ මා හට වාසනාවට හෝ අවාසනාවට ඔහුගේ මතවාද ගැන අසන්නට ලැබී තිබුනේ නැත. ඇත්තෙන්ම මා මේ චරිතය ගැන දැනුවත් වූයේ මෙම ලිපියෙන්ම බවයි මගේ අදහස.
    කෙසේ වෙතත් සුමණදාස මතවාදය ගැන කියැවීමෙන් මටනම් පෙනුනේ ඔහු තුලත් පවතින මත වාදයන්ට පහර දීමේ සරල උපක්‍රමයක් පැවති බවයි.
    මරනානුස්මෘතිය ගැන ඔහු පවසන මත වාදයත් එමගින් මරණය බලාපොරොත්තුවෙන් සිටින නිකමුන් බිහි වෙන බවට වූ මධ්‍යස්තගේ මතයත් මරනානුස්මෘතිය අග කොනින් අල්ලාගත් අදහස් බවනම් කිව යුතුමයි.
    එසෙම මධ්‍යස්ත කියන ලෙස එතුමාට එදා විරෝදයක් එල්ල නොවන්නට ඇත්තේ සමාජය ප්‍රබුද්ධ නිසා නොව, හාමුදුරුවරුන් විසින් පෙන්වා තිබූ මරනින් මතු දෙව්ලොව යන බුද්ධාගමින් අන්ධ ව සිටි උන් මේ අළුත් මතවාදයෙන් ඇස් ගිනිකන වට්ටා ගත්තා මිස වටහා නොගැනීම විය හැකියි. විරෝධයක් දැක්වීමට මුලින් කියනා දෙය වටහා ගත යුතුය.
    එතුමා කථා කොට ඇති උඩු සිත හා යටි සිත ( වෙනත් වචන වලින් කියන විඤ්ඤානික මනස හා උපවිඤ්ඤානික මනස ) යන සංකල්පය පැහැදිලිවම බටහිර මතවාදයකි. සත්ත්වයා යනු පංචස්කන්ධයකි යන බුද්ධ ඉගැන්වීම සම්ප්‍රදායික මතයක් ලෙස බැහැර කරමින් මෙය වැලඳ ගැනීම නූතනයේ වීර කමකි.(මේ නූතනය යනු සැමදා ඒක ලෙස පවතින්නක් වීමද හාස්‍යයකි )
    කෙසේ වෙතත් මේ ලිපිය ඒ හා බැඳි අදහස් එමෙන්ම සුමණදාස මහතාගේ ෆේස්බුක් පිටුව හා ඔහුගේ අදහස් රැගත් බ්ලොගය යම් පමණකට කියැවීමෙන් එතුමා තමන් දැරූ මත වාදය හරහා යම් පමණකට සමාජය මිත්‍යාවෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයක සිටියෙකු බව වැටහෙනවා. එසේම මිනිසුන් තව තවත් මුලාවෙහිම ගිල්වන තාරකා විද්‍යාඥ්ඥයාට වඩා නම් ඔහු ඉතා වටිනා චින්තකයෙකු බව පිලි ගත යුතුමයි.
    මෙවන් වටිනා මතවාද ලොවට හෙලි කල චින්තකයින් ගැන අප දැනුවත් කරන මධ්‍යස්තට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. උපදින සියලු සත්වයෝ මැරෙනා බව ඇත්ත මේ පංචස්කන්ධයම කණු ගොඩක් බවත් ඇත්ත ඒ අමූලික ඇත්ත උනත් නිතර සිහි කරමින් වැරහැලි ඇදගෙන දුකින් නොසිටිය යුතු බවයි එතුමාගේ ඉගැන්වීම.මැරෙනා බව අවබෝධ කරගෙන මේ කණු ශරිරය තුළින් රටට වැඩදායක නිර්මල සිතක් ගොඩනගා ගත යුතුය.

      Delete
    2. Prasad,

      // ඒ අමූලික ඇත්ත උනත් නිතර සිහි කරමින් වැරහැලි ඇදගෙන දුකින් නොසිටිය යුතු බවයි එතුමාගේ ඉගැන්වීම//
      මෙහෙම ඉගැන්වීමක් බුදු දහමේත් නෑ. බුදුරජානන් වහන්සේ සදහන් කලේ දුක අවබෝද කිරීම මිසක් දුකින් සිටීම නෙමෙයි.

      "දුක අවබෝද" කිරීම කියන්නේ ඔබ ලබන ඕනෑම සතුටු දෙයක් තුල දුක අන්තර්ගතවෙනවා උදාහරණ ඔබ රසවත් කෑමක් කනවනම්
      ඔබට එක්තරා ප්‍රමාණයක් කෑමෙන් පසු එම කෑම එපාවීම සිදුවෙනවා.

      තව විදියකින් කියනවනම් සාමාන්‍ය සිසිල් පරිසරය තුල ඔබ සැපක් ලබනවා නමුත් ඔබ වායුසමීකරණය කල කාමරයකට ගියවිට එයට වඩා සැපක් ලබනවා, අඩු සැපක සිට වැඩි සැපක් ලබනවානම් අර අඩු සැප තුල දුක පවතිනවා.

      මරනානුසතිය කියන්නේ "අයියෝ අද මැරෙයි අද මැරෙයි" කියල සිතමින් සිටීම නෙමෙයි. මරනනු සතිය කියන්නේ අපට ඇති සියල්ල අතහැර යාමට සුදානම් වියයුතු බවයි. මෙසේ සුදානම් වූ මනසක් ඇති කෙනෙක්ටද පහසු මරණයට මුනදෙන්න එසේ නැති කෙනෙක්ටද පහසු, මෙසේ පුහුණු වී නැති කෙනා තදබල ආතතියකින් තමයි සිටින්නේ.

      steve jobs famous quote"
      We don’t get a chance to do that many things, and every one should be really excellent. Because this is our life. Life is brief, and then you die, you know? And we’ve all chosen to do this with our lives. So it better be damn good. It better be worth it "

      ස්ටිව් ජොබ්ස් කියනවා
      "අපට අවස්ථාව පැමිණෙන්නේ නෑ බොහෝදෙ කිරීමට, මෙනිසා සෑම දෙයම ඉතා හොදින් කලයුතුයි. මොකද මේක අපේ ජීවිතය, ජීවිතය කෙටියි සහ ඔබ මැරෙන බව දන්නවා? සහ අපි මෙය කිරීමට තෝරගන අවසානයි අපේ ජිවිතවලින්. මෙනිසා එය ඉතා හොදවියයුතුයි. මෙයින් වැඩක් වියයුතුයි."

      බුදුරජානන් වහන්සේ ගිහියකුට සදහන් කරනවා උත්සාහය, සිහිය කරන වැඩය දක්ෂලෙස කරන ධාර්මිකව ජිවත්වන පුද්ගලයාගේ යසස වර්දනය වන බව.

      සිදුවිය යුත්තේ බුදුරජානන් වහන්සේ මරණය ගැන සදහන් කල නිවැරදි අර්ථය මිනිසුන්ට පැහැදිලි කිරීම මිස, අද සිටින මෝඩයන්ට මේක තෙරුඑන්නේ නෑ කියල කියන එක නෙමෙයි.

      Delete
    3. බුදුරජාණන්ගේ මරණානුස්සතිය ගැටළුවක් නොවේ නමුත් අද එය නිවැරදිව උගන්වන වාද කියා ගැටළුවකි. නුගත් බැතිමතා එය අවබෝධ කර ගනීද,? මොනවා කලත් මැරෙනව කියා අලසව ජීවත් වන ජාතීන්ට වඩා මැරෙනකම් සතුටින් ජීවත් වීමට සිතන මිනිසුන් අජටාකාශ ජය ගනිමින් නව නිර්මාණ කරමින් කරුම ලෙඩ වලට බෙහෙත් සොයමින් මරණය යම්තාක් දුරට කල් දමා ඇත. මිනිසා උපන්නේ මැරෙන්නම නොවේ මැරෙනකම් මිනිසෙකු ලෙස ජීවත් වීමටය.

      Delete
    4. //නමුත් අද එය නිවැරදිව උගන්වන වාද කියා ගැටළුවකි.//

      මෙතැනදී ඔබ නිවැරදියි !
      අද ශ්‍රී ලංකාවේ සිටින බොදුනුවන් සුත්‍ර පිටකයේ එක සුත්‍රයක් වත් කියවා නැති උදවියයි. බුද්ධිමත් අය මෙම තොරතුරු සාමාන්‍ය ජනයා අතට ගෙනයායුතුයි.

      http://www.accesstoinsight.org/tipitaka/an/an08/an08.054.nara.html

      ඉහත Vyagghapajja Sutta අංගුත්තර නිකායේ සදහන් මෙම සුත්‍රය මහින් වසර 2500 ට පෙර සදහන් කර ඇතත් ඔබට පුලුවන්නම් කියන්න මෙමෙ කොටස අදට ගැලපෙන්නේ නා කියල.

      ඔබ කල්පනා කරලා බලන්න

      "Herein, Vyagghapajja, a householder knowing his income and expenses leads a balanced life, neither extravagant nor miserly, knowing that thus his income will stand in excess of his expenses, but not his expenses in excess of his income."

      Delete
    5. සුමනදාස ශූරීන් දර්ශනය බුදුදහමේ සූත්‍ර සමඟ ගැටුනේ නැත නමුත් මොනවා කලත් මැරෙනව එනිසා තියෙන දෙයක් අපිඅං දන් දීපල්ලා කියන සාමීවරුන්ට එරෙහි උනා. "මම ජීවත් වන්නේ හෙට මියයන මිනිසකු ලෙසය... ඉගෙන ගන්නේත් වැඩ කරන්නේත් කිසිදා නොමියෙන මිනිසකු ලෙසය...එතුමා 2002දින පොතේ අවසන් වරට සටහන් කර තිබූ වැකිය ඔහුගේ බොහෝ පොත් වල කවරයේ මුද්රණය කර ඇත

      Delete
    6. //මම ජීවත් වන්නේ හෙට මියයන මිනිසකු ලෙසය... ඉගෙන ගන්නේත් වැඩ කරන්නේත් කිසිදා නොමියෙන මිනිසකු ලෙසය//
      ඔබට හිතෙන්නැද්ද මේ ප්‍රකාශයම පරස්පර විරෝධී බව?

      ඔබ හෙට මියයන මිනිසකු ලෙස මනසක් ඇත්නම් = ඔබ ලෝකයේ කිසිවක් තදින් අල්ලා නොගනු ඇති, ඔබට ඇත්තේ සැහැල්ලු මනසකුයි.
      ඉගෙන ගන්නේත් වැඩ කරන්නේත් කිසිදා නොමියෙන මිනිසකු ලෙස නම් = ඔබ කිසිදා නොමැරෙන බව සිතා වැඩ කලොත් ඔබ ලෝකයේ සියලු ද්‍රව්‍යාත්මක දේ සහ දැනුම එකතු කිරීමට වෙහෙසෙනු ඇති, මේ ක්‍රියාවලියේ ඔබට ඇත්තේ සැහැල්ලු මනසක් නෙමෙයි.

      මේක තමයි බවුතික වාදී චින්තනය. බොදුනුවෙක් වීමට කාර්ම ඵල (හොද ක්‍රියාවකින් හොද ප්‍රතිපලයකුත්, නරක ක්‍රියාවකින් නරක ප්‍රති ඵලයකුත් ඇතිබව ) පිළිබද දැනීම සහ පිළිගනිම උවමනාකරනවා.

      Delete
    7. ඔව් එහෙනම් ඔබ කියන විදිහට කොහොමත් අපි මැරෙන නිසා කිසි දෙයක් ඉගෙන ගන් නෙ නැතිව කරුම ලෙඩ වලට බෙහෙත් හොයන්නේ නැතිව සැහැල්ලු මනසින් අසූහාරදාහේ පහන් පූජා කරමින් ඉමු. මැරෙනකම් සතුටින් ජීවත් වීමට වෙර දරන මිනිසුන් හොයාගන්නා තාක්ෂණය අපි ණයට පාවිච්චි කරමු.

      Delete
    8. සිතිවිලි සී @ උඩුසිත හා යටිසිත යන්න ඔහු තේරුම් කර දීමේ පහසුවට යොදාගන්න ඇති.
      මිනිසුන් තව තවත් මිත්‍යාවේම ගිල්වනවට වඩා ඔහු මිනිසුන්ට නිදහසේ සිතන්න පුරුදු කළ එක වටිනවා.

      Delete
    9. ප්‍රසාද් ඔබේ අදහස් සමග එකඟයි. මිනිසා මෙලොව ජීවත් වී ඇත්තෙ සුළුකාලයයි. ලෝකෙ මැව්වෙ මීට අවුරුදු හාරදහසකට පෙරය කියන ආගම් අදහන්නන් සහ බුදුන් සර්වඥ යැයි කියන අය අතර මට නම් වෙනසක් නෑ. බුදුන් යනු තවත් එක්තරා දාර්ශනිකයෙක් පමනයි. අප දැනුම සොයා ගත යුතුයි. ඉදිරියට යා යුතුයි. කරුම ලෙඩවලට බෙහෙත් සොයාගත යුතුයි. නව සොයාගැනීම් කළ යුතුයි. අපේ ගමන ආගම් හා දර්ශන වල සීමා මායිම් වලින් නතර විය යුතු නෑ.

      Delete
    10. ලාංකික සිතිවිලි @ ඔබ සමගත් එකඟයි. දුක සහ සැප සාපේක්ෂයි. දිව්‍යලොකවල අයට වෙන වැඩකුත් නෑ එකම දේවල් කර කර ඉන්නව . ඒක ඒ අයට දුකක් වෙන්න ඇති.
      සැබෑ සතුට ඇත්තේ සිතේයි.
      නමුත් සතුට ලබා ගත යුත්තේ භෞතික දියුණුවෙන් පසුවයි. බුදුදහම ලංකාවට ආවට පස්සෙ අප ඒ භෞතික දියුණුව ලබාගන්නවා වෙනුවට රජෙකුට දුම් අල්ල අල්ල සිටිය. ඒ කියන්නෙ අපට බුදුදහමෙන් වැඩක් වෙලා නෑ. සහල් නිපදවන්න වාරි කර්මාන්තෙ කරනව ,පන්සල් හදනව ඕක නෙමෙයි ජීවිතය. ඇයි අපි අඩුතරමින් දේශ ගවේශනයවත් නොකළෙ. ඇයි අපේ රටවල කාර්මික විප්ලවය ඇති නොවුනෙ. ඇයි බොයිල් ල ,කාටර්ල ,පාස්චර් ල ,ගැලීලියෝ ල, ලොගී බෙයාඩ්ල අපේ රටවලින් පහල නොවුනෙ ?

      බුදුදහම තුලින් මිනිසා දුගීකමේ සංස්කෘතියකට හුරු කරනව කියන කතාවට මටත් එකඟ වෙන්න පුළුවන්.

      Delete
    11. ප්‍රසාද්ගේ අදහසේ මතුපිට වදනින් කියන කාරනා සමග , එහි ඇති තර්කය සමග එකඟ විය හැකි වුවත්, එහි ඇතුලාන්තය හා මා එකඟ වන්නේ නැහැ. සුමනදාස මහතාගේ මත වාද මත පදනම්ව ඔබලා දෘශ්ටිවාදීව මරනානුස්මෘතිය හෙලා දකිනවා මිස මරනානුස්මෘතිය වඩා එය කිමක්දැයි දැන විවේචනය කිරීමක් නොකරන බව මම දකිමි. එය බුද්ධිමතුන්ගේ ක්‍රියා කලාපයකැයි මා නොසිතමි. ස්ටීව් ජොබ්ස් මහතා මරනානුස්මෘතිය නිවැරදිව ගත් කෙනෙකු ලෙස මා සිතනවා. ඔහු විසින් කර ඇති ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල දේශනයේදී ඔහු මේ ගැන ඉතා අපූරුවට විග්‍රහ කරනවා. ප්‍රසාද් කියන පරිදි උපදින සියල්ලන් මැරෙන බව ඇත්ත තමයි අපි සැවොම එය දන්නා බවත් ඇත්තයි, ඒත් එය මේ දන් සිදු වුවහොත් ඔබට එයට මුහුණ දිය හැක්කේ කෙසේද, මෙහි අදහස අබේ දේපල වස්තුව බෙදා දෙන හැටි මරණින් මතු ඔබේ නිරිඳ කුමක් කරයිද, මම මැරෙනවා නේද ඉති මහන්සි වෙලා සල්ලි හොයල මොකටද වැනි විප්‍රකාර සිහි කිරීම නොවෙයි. මරනානුස්මෘතිය තුලින් ඔබ කල යුත්තේ ඔබ මැරෙන මොහොත මේ දැන් වුවහොත් ඔබට මෙතැනදී ඔබ කරමින් සිටි සියල්ලත් ඔබ දැරූ සියලු වගකීමුත් (උන ගැනුනත් රාජකාරිය පැහැර හැරිය නොහැකියි නේද? ) ඔබ ආදරය කල සියලු දේත් ඔබට එක් මොහොතකින් අත්හරින්නට වන බව වටහා ගැනීමයි. මරනානුස්මෘතිය වැඩීම යනු මේ අත් හැරීම ප්‍රායෝගිකව (මනසින් ) ප්‍රථි රූපනය කිරීමයි. එය කිරීමට පුහුනු වූ තැනැත්තා කොතරම් ලෞකිකව දිවිය ගෙවූවද මැරෙන මොහොතේ ඔහුට සිහි එලවා ගත හැකිනම් ඔහුට මේ සියල්ල හැර දමා හඬන්නේ නැතිව සිනා මුසුව මරණයට මුහුණ දිය හැකියි. සුමණදාස මහතා වැනි විදග්දයෙකු නොදන්නා දේ කථා නොකල යුතුව තිබුනා යැයි මා සිතමි.

      Delete
    12. ප්‍රසාද් ඔබ ඉතාමත් ප්‍රාතමික වූ දැනුමක් බුදු දහම ගැන දරමින් දහම නිර්දය ලෙස විවේචනය කරන බවක් මම දකිනවා. මෙසේ කීවාට උරන වන්නට එපා අපි සැවොම එකිනෙකාගෙන් ඉගෙන ගන්නා වුන්.
      බුදු දහමට අනුව කොහොම හරි මරෙනවා කියා දෙයක්ද නැත, මරණයටද හේතුවක් ඇත.
      ඉගෙන ගැනීම බුදු දහම ප්‍රතික්සේප කරන්නේ නැත. එසේ කර ඇතැයි කියන්නේ කොතැනද?
      බුදුදහම ලෙඩට හේතුව කර්මය ලෙස උගන්නවන්නේ නැත.
      ලෙඩ රොග බෙහෙතින් සුව කිරීම කල නොහැක්කක් ලෙස හෝ නොකල යුත්තක් ලෙස උගන්වන්නේ නැත.
      බුදු හිමියන් ස්වකීය ලෙඩ රෝග වලට එදා තිබූ නූතනම දියුනුම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇත.
      අසූ හාරදාහේ පහන් පූජා පින්කම් බෞද්ධ සම්ප්‍රදාය ලෙස නොගත යුතුය. ඒවා මධ්‍යස්ථ කියන පරිදි අන්ධයින් මංමුලා කිරීමට නොයෙකුත් කපටින් ගොඩ නැගූ පුහු සම්ප්‍රදායන් පමණකි.
      මැරෙනකම් සතුටින් ජීවත් වීමේ හෝ දුකයි දුකයි කියා දුකින් හිඳීමක් බුද දහම උගන්වන්නේ නැත.
      මේ නිසා ඔබ කී කථාව මුළු මනින්ම පදනම් විරහිත වනු ඇත.

      Delete
    13. සුමනදාස සමරසිංහ දර්ශනයේ මරණානුස්සතිය බොරුවක් වැරදි දෙයක් කියා කියන්නේ නැත. තමා නොමැරෙන ලෙසින් බලලෝභී කම් කරමින් වස්තු තන්හාවන් පොර කෑ එදා සමාජයට මමත්වය නැති කර ගන්නට ඉගැන්වු මරණානුස්සතිය වැරදි තැනින් අල්ලාගෙන උපතින්ම කුසීත ජාතියක් වු සිංහලයන් මොනවා කරත් මැරෙනව කුමටද කා බී නති සැරසෙන්නේ කියා නොකා නොබී දුක් විදිනු දැක සිංහලයන් දියුණු සමාජයක් කරන්නට එතුමා උත්සාහ දැරුවා මිස බුදු දහමේ සූත්‍රෙ දේශනා විකෘති කිරීමට උත්සාහ කලේ නැත. මැරෙනා බව දැන මැරෙන කම් ජීවත් විය යුතු ක්රමයයි ඉගැන්වූයේ

      Delete
    14. //ප්‍රසාද් ඔබ ඉතාමත් ප්‍රාතමික වූ දැනුමක් බුදු දහම ගැන දරමින් දහම නිර්දය ලෙස විවේචනය කරන බවක් මම දකිනවා. මෙසේ කීවාට උරන වන්නට එපා අපි සැවොම එකිනෙකාගෙන් ඉගෙන ගන්නා වුන්.//ඇත්ත මම බුදු දහම ගැන හසල දැනුමක් තිබෙන කෙනෙකු නොවේ. මා බුදු දහම කිසි තැනක් විවෙචනය නොකෙලෙමි. නමුත් මරණානුස්සතිය දැන් වැරද ලෑස උගන්වන නිසා මිනිසුන් ජිවත් වන්නන්වාලේ ජිවත් වන බව කිව්වා. ඔබ කියන ලෙස මරණානුස්සතිය අවබෝධයෑන් උගන්වන තැනක් ලංකාවේ තිබේද කියා ගැටළුවකි. මම කිසිම විට ඔබ සමග උරන වන්නේ නෑ ඔබේ අදහස් වලින් මම ඉගෙන ගනිමි

      Delete
    15. //ඇයි අපේ රටවල කාර්මික විප්ලවය ඇති නොවුනෙ. ඇයි බොයිල් ල ,කාටර්ල ,පාස්චර් ල ,ගැලීලියෝ ල, ලොගී බෙයාඩ්ල අපේ රටවලින් පහල නොවුනෙ ?// මොනවා කරත් මැරෙනව මොකටද මේ කණු ශරීරෑට සැප. මේ ඉන්න ටික කාලෙට මොන කාර්මික විප්ලවද කියලා බුදු දහමේ වැරදි කොනකින් අල්ලාගෙන පිළිකුල් භාවනා කරමින් සියලු දේ කරුමෙට භාරදී ගස් ගල් වන්දනා කල නිසා.(මෙයින් මුලු බුද්ධ දර්ශනයම වැරදි කියා අදහස් නොකරන්න)

      Delete
    16. මධ්‍යස්ත, ඔබත් බුදු දහම ගැන මේ අවසනට ලාංකික සිතුවිලි වෙත කරන ප්‍රකාශය පටැලිලි සහිතයි, බුදු දහම ආවට පස්සෙත් රජෙකුට දුම් අල්ල අල්ලා සිටියායැයි කීමෙන් ඔබ රජුන්ගේ ක්‍රියාවන්ගේ වගකීම බුදු දහම මත පැටවීමට උත්සහ දරනවා. ඇත්තෙන්ම බුදු දහම යනු රාජ්යත්වය පවත්වා ගැනීමට හෝ එයට එරෙහි වීමට ඇති මෙවලමක් නොවෙයි. රාජ්ය පාලනය බුදු දහමට සපුරා පරිභාහිර දෙයක්. (පාර්ලිමේන්තු සරන යන උන්නාන්සේලා බෞද්ධදැයි මම නොදනිමි ) කපටි භික්ෂූන් එදත් අදත් බෞද්ධයන් මුලා කොට රජුට පක්ශපාතිව හෝ එරෙහිව යොදමින් පාලනයට බලපෑම් කල බවනම් ඇත්තයි.
      මා ඔබෙන් පැනයක් අසන්නම්, නූතන විද්‍යාව ගොඩ නැගූ රටල එය සිදු වූයේ කිතුනු කතෝලික ආගමේ බල පෑමෙන්ද?

      ඔබ නැවත නැවත බුදුන් සර්වඥ්ඥය යන්න විවේචනය කරන්නේ ඔබේම නොදැනුවත් කම මත බවයි මගේ වැටහීම. ඔබ බලාපොරොත්තුවන නූතන ලෝකයේ දැනුම වූ බෞත රසායනික පද්ධතිය ගැන වූ දැනුම බුදු හිමියන් පසක් කොට සිටි බවක් සර්වඥ්ඥ කීමෙන් කියැවෙනවායැයි ඔබ සිතනවාද? සරවඥ්ඥ කීම විවේචනයට පෙර එම වදනින් ඔබ වටහා ගන්නේ කුමක්දැයි කීවානම් නුසුදුසුද?
      බුදු දහම් දර්ශනයක් යැයි කියන්නේ කුමන පදනමින්ද? ඕනෑම දර්ශනයකට මූල වන පදනමක් හිබෙනවා ඒ මත ගොඩ නැගෙන වාදයක් දර්ශනයක් බවට පත්වනවා. එසේම එම පදනම අහෝසි වන කල වාදයත් දර්ශනයත් අහෝසි වනවා. මෙවන් වූ ලක්ශනයක් බුදු දහම තුලින් ඔබ පෙන්වා දෙනවානම් ඉතා සුදුසුයැයි මා සිතනවා.

      Delete
    17. Prasad,

      //ඔව් එහෙනම් ඔබ කියන විදිහට කොහොමත් අපි මැරෙන නිසා කිසි දෙයක් ඉගෙන ගන් නෙ නැතිව කරුම ලෙඩ වලට බෙහෙත් හොයන්නේ නැතිව සැහැල්ලු මනසින් අසූහාරදාහේ පහන් පූජා කරමින් ඉමු.//

      ඉගන ගන්න එපා සහ බෙහෙත් නොගතයුතුයි කියන්නේ කොහෙද ? මා සදහන් කලේ "සුමනදාස සමරසිංහ " මහාතාගේ තර්කයේ ඇති පරස්පර තාවයයි.

      මා මුලින් Vyagghapajja Sutta සබැදියාව සදහන් කලේ එහි සදහන් වෙනවා
      01. උත්සාහය 02. කරන කටයුත්තේ සිහිය පවත්වා ගැනීම 03 කරන කාර්ය දක්ෂ ලෙස කිරීම 04 ධාර්මිකව ජීවත්වීම (අද්යාත්මික පිරිසිදු මනසක් පැවතීම ) නිසා කෙනෙකුගේ සම්පත් වේගයෙන් දියුණු වන බව.

      බොහෝ දෙනා කියනවා ලෙඩක් ඇතිවෙන්නේ කරුමේ නිසා බව නමුත් බුදු දහමට අනුව ලෙඩක් ඇතිවීමට කාරනා 4 බලපානවා ඒවායින් එකක් හෝ කීපයක් නිසා අසනීප විය හැකියි.

      01. කර්මය
      02. චිත්තය (සිත )
      03. ඉරුතුව (කාලගුණය )
      04. ආහාරය (ශරිය්රයට ලබාහන්නා ද්‍රව්‍යාත්මක දේ )

      යමකු කියනවානම් කරුමය නිසා පමණක් ලෙඩ වෙනවා කියල (ඔහු නිඝන්ට නාථ පුත්තගේ අනුගාමිකයෙක් )

      කිසියම් කෙනෙකුට අසනීපයක් ඇතිවූවිට ඉහත කාරනා ශක්තිමත් කිරීමයි, අප බෙහෙත් ගන්නවා කියන්නේ, එහිදී බොහෝවිට ආහාරය (මෙය කන දේ පමණක් නෙමෙයි ශරීරයට ඇතුලුකරන බෙහෙතුත් අඩංගුයි )


      මධ්‍යස්ථ මතධාරියා,

      //බුදුන් සර්වඥ්ඥය//
      මෙය ගැන අදහස් පලකිරීමට පෙර බුදුදහම පිළිබද අඩුගානේ දීග නිකාය වත් සම්පුර්ණයෙන් නොකියවා ඔබ බාහිරින් ලැබූ දැනුමින් පවසන්නේ කෙසේද ?
      කෙනෙක් වයිද්‍ය විද්‍යාව ගැන කතාකරනවානම් ඔබට පුළුවන් මෙන්න පර්යේෂණය මෙන්න සිදුවී ඇති දේ යනාදී හේතු දක්වා විවේචනය කරන්න, එසේ නොකර කෙනක් කියනවානම් මේ බෙහෙත් වල තිබෙන්නේ වස එම නිසා නොගත යුතුයි කියල, ඔබ කියයි ඔහු පිස්සෙකු කියල.

      නමුත් කිසිදු කාරනාවක් නොදක්වා ඔබ අදහසක් ඉදිරිපත් කරනවා බුදුරජානන් වහන්සේගේ සර්වඥ්ඥය භාවය පිලිබදව මෙය කොතෙක් සාදාරණද ?

      //නමුත් සතුට ලබා ගත යුත්තේ භෞතික දියුණුවෙන් පසුවයි.//
      මෙයත් සාප්ක්ෂයි මට අනුව දිවුණුව ඔබට අනුව දිවුනුව නොවීමට පුළුවන්, ඔබ කිව වගේ සිත සතුටින් හැකි සම විටම පවත්වාගනිමයි කල යුත්තේ.

      //ඇයි අපි අඩුතරමින් දේශ ගවේශනයවත් නොකළෙ. //

      මෙය ලෝකයේ සිදුවුනේ 15 වැනි ශතවර්ෂයේ යුරෝපයේ පුනරුදයත් සමගයි, මේ කාල වකවානුවේ අපරට බොහොවිත් අබියන්තර සහ බාහිර සතුරු උවදුරු සමග සටන්වැදීම සිදුවුනා. මිට මේ යුගයේ ශ්‍රී ලංකික රජුන් බුරුමය ආක්‍රමණය කලබව ඉතිහාසයේ සදහන් වනවා.

      //රජෙකුට දුම් අල්ල අල්ල සිටිය// මේක යුරෝපයේත් සිදුවුනා ඔබ දන්නවා ඇති පලවන චාර්ල්ස් රජතුමාව එංගලන්තයේ දී 1649 දී ඔලිව ක්‍රොම්වෙල් නමැති ප්‍රතිසන්කරන වාදී නායකයා විසින් හිස ගසා මරා දැමීම සමාජ රජුන්ට දෙවියන්ගේ මාර්ගයෙන් බලය ලැබුන කියන සංකල්පය අහෝසි වෙනවා.

      මෙය ශ්‍රී ලංකාවේදී සිදුවෙන්නේ නැත්තේ මෙම යුරෝපා රටවල තරම් දැඩි මර්දනකාරී වටපිටාවක අපේ මිනිසුන් නොසිටීමත් බුදු දහමින් හික්මවනු ලැබූ මනසක් ලැබීමත් යන කාරණයයි.

      අනෙක් අතට යුරෝපයේ ඇති විශාල දියුණුවට තව හේතුවක් තමයි ආසියාවේ දැනුම ලබාගත හැකිවීම
      උදාහරණ https://www.youtube.com/watch?v=YPRV1h3CGQk

      මිට අමතරව මෙවැනි නව නිපැයුම් කිරීමට මුලින් රජයේ උපකාරයත් දෙවනුව ප්‍රාග්ධනය යොදවන පුද්ගලයන් සමුහයකුත් ඇතිවීම ලෝකයේ බලවතා වීමට ඇමරිකාවට හැකිඋනා.

      Delete
    18. //
      ඉගන ගන්න එපා සහ බෙහෙත් නොගතයුතුයි කියන්නේ කොහෙද ? මා සදහන් කලේ "සුමනදාස සමරසිංහ " මහාතාගේ තර්කයේ ඇති පරස්පර තාවයයි// බුදු දහමේ කොහෙවත් එහෙම කියල නෑ තමයි නො කියපු දෙයක් අල්ලාගෙන කුණු කය පිළිකුල් කරමින් අලුත් දෙයක් ඉගෙන නොගන්නා ජාතිය එයින් ගොඩ ගන්නයි එතුමා උත්සාහ කලේ. කරුණාකර තේරුම් ගන්න බුදු දහමේ කොහෙවත් වරදක් නැත වැරදි ලෙස තේරුම් ගෙන සිංහල ජාතිය එයින් අලස වී පුද පූජා පමණක් පවත්වමින් සිටීමයි වරද. එය පෙන්වා දෙන විට ධර්මයට නින්දා කලා යයි නොසිතන්න

      Delete
  8. නන්න පොලින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීවෙ වෙන අරුතකින්.
    ඔහු කිව්වේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප බොරු, බටහිර විද්‍යාව ඒවා පැහැදිලි කිරීමට ගොඩනඟන ආකෘති පට්ටපල් බොරු. කියලා
    දේශපාලනය සම්බන්ධ උදාහරණයක් ගත්තොත් ඒකීය පුද්ගලයා බොරුවක් ජනතාව පට්ටපල් බොරුවක් ලෙස ගත හැකියි.
    ඔතනදී "බොරු" කියන වචනය වෙනුවට වෙන වචනයක් දැම්මනම් වඩා සුදුසුයි. අනිත් අතට නලීන්ද සිල්වාගේ කටට බ්‍රේක් නෑ ඒක එයාගෙ ශෛලිය ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය නෑ. කාලෝ ෆොන්සේකා නම් තාපස කකුලුවා වගේ සාන්ත දාන්ත විදියට ඉන්නවා. නලීන්ද සිල්වා පිස්සු බල්ලා වගේ බුරනවා නමුත් එයින් කියවෙන්නෙ නෑ එකෙක් අනිකට වඩා හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. අන් අයගේ මත නුරූස්සන ගතිය එවා හමුවේ පිස්සු බල්ලන් සේ කඩාපැනීම සුළු මානසික ආබාධ

      Delete
    2. කරාව කුලයේ නිසා වෙන්න ඇති.

      Delete
    3. ඔහු සංවාද කරන විදියත් හරිම අප්‍රසන්නයි. මොනවහරි අහපුවම හතර බීරි ප්‍රශ්න ටිකක් ආපහු අහනවා.ඔහුට ඕන සත්‍ය දැනගන්න නොවෙයි. විකාර දබරවලට පැටලිලා දිනන්නයි.එක්කො ප්‍රශ්නෙ අහපු කෙනාගෙ පුද්ගලිකත්වය ඇදගන්නව.

      ඔහුගෙ ආවේගශීලී හැසිරීම ටිකක් ඔළුව අවුල් කෙනෙකුගෙ වාගෙ.

      Delete
    4. ඔබලාගේ සාකච්චාවට අනවශ්‍ය පමනකින් මැදිහත් වීම ගැන කනගාටු වෙමි. එහෙත් ජගත්, ඔබ නලින් ද සිල්වා මහතාගේ කටට බ්‍රේක් නැතැයි කියමින් එතුමාට අසභ්‍ය වදනීන් අමතන්නේ ඔබට බ්‍රේක් ඇති නිසාද? එතුමාගේ කුලයක් ගැන දොඩන්නේ ඔබ වංශවතෙකු යැයි ඔබම සිතන නිසාද? ණැතිනම් ඔබ වංශවතෙකු බව ඔබේ මව් පියන් ඔබට කී නිසාද?
      ඔබට එතුමාගේ අදහස් නොවැටහීම එතුමාගේ වරදකියි මම නොසිතමි.
      වරදවා වටහා ගන්න එපා, මම එතුමාගේ අනුගාමිකයෙකු නොවෙයි. ඉඳ හිට ලිපියක් කියවන්නෙකු පමණයි.

      Delete
    5. කුලය ගැන කිව්වේ අපහාසයකට නෙමෙයි. මට කුලයක් නෑ කොහොමත් නලීන් මහත්තයමයි එයාගේ කුලය ගැන සඳහන්කලේ. නන්න පොලින් කිව්වේ නම් ආදරේට. කොහොමත් මම එතුමාට ගරු කරන කෙනෙක්.
      නලීන් ද සිල්වා මහත්තයා විදුසරට ලියන ලිපි බැලුවාම සෙක්කුවට එයා බැඳපු ගොනා වගේ එකතැන කැරකෙන බවක් පෙනෙනවා. අනවශ්‍ය වාද විවාද වලට පැටලෙන්නේ නැතුව එතුමාගේ මතවාදය දියුනු කරන්න උත්සාහ කරනවනම් කාටත් හොඳයි.

      Delete
    6. ජගත්,
      ඔබ ආදරයට කියූ වදනනම් හරිම අපූරු වදනක්. කිසිම කෙනෙක් ආදරයට තවත් කෙනෙකුට එහෙම කියනවා මම අහලම නැහැ. වරක් මම නලින් ද සිල්වා මහතාට කෙනෙකු ප්‍රොපා යැයි කී විට එය අපහාසාත්මක වදනක් නේදැයි අසුවහම ඔහු කීවේත් එය ආදරයට කී වගකුයි බලනවිට ඔහු නලින් ද සිල්වා මහතාගේ උග්‍ර අනුගාමිකයෙක්. අනේ මන්දා නලින් ද සිල්වා මහතාට ආදරය කර උනුත් හරිම අපූරු විදියටයි ආදරය කරන්නේ. නලින් ද සිල්වා මහතාගේ ඇතැම් සංකල්ප වගේම එතුමාට ආදරය කරන හැටිත් මට තේරෙන්නේ නැහැ මගෙ හිතේ.....!

      ඒ වගේම නලින් ද සිල්වා මහතා ඔහුගේ ලිපි වල එක තන කැරකෙන් බවනම් මමත් පිළිගන්නවා. ඒ වගේම අර දන්ත මහාචාර්‍යවරයා එක්ක ඇති කර ගන්නා ගැටුමට වඩා ඔහුට හැකිනම් ඔහුගේ මතවාද තවත් සවිස්තරාත්මකව මිනිසුන්ට කියා දීමට එය වඩා වටිනවා. ඇතැම් විට වියුක්ත චින්තනය කියන වදන අනුනට නොවැටහීම ගැන දෙස් දෙවොල් තැබීම මිස එය තවකෙකුට වටහා දීමට එතුමා උනන්දු වන්නේ නැහැ. ඇතැම් විට අපි වන් උන්ට එය වටහා දීමට කාලය ගත කිරීම එතුමාට තරම් නොවනා බව සිතනවා විය හැකියි. ඒත් ඒක එතුන්මාගේ කැමැත්ත. අපි එය වටහා ගැනීමට උත්සහ කිරීම හෝ නොකිරීම අපේ වැඩක්.

      Delete
    7. නලින් මහතා ගේ වාද හරිම අප්‍රසන්නයි. කාලය වෙබ් එකේ අමරතුංග කියල කෙනෙක් එක්ක වාදයක් කරනවා.එතන ආපසු විකාර ප්‍රශ්න අසමින් එය අවුල් කරනවා වගෙයි මට පේන්නෙ.

      නලින් ලා කරන මේ අහස පොලව ගැටලන වාද ගැන මගෙ අදහස් මෙන්න.

      නලින් මහතා කියන්නෙ සියල්ල මනසේ නිර්මානයක් බවත් මනසද මනසේ නිර්මානයක් බවත්. එසේම අප පුටුව කියා දෙයක් හදුනාගත්තත් ඇත්තෙන්ම පුටුව කියා දෙයක් නෑ එය මනසෙ නිර්මාණයක්. මේක පැටලිලිසහිත ටිකක් මඤ්ඤං කතාවක්නෙ.

      අපෙන් වියුක්ත ලෝකයක් ඇත. ඒ ඇසුරින් අප ප්‍රවාද නිර්මානය කර ගනිමු.මනසද අපෙන් වියුක්තය.වියුක්ත ලෝකය ඇසුරින් වියුක්ත ලෝකයක් නිර්මානය්ට වේ. එහිදී සම්මුතියක් ලෙස අප අපේ ලෝකය ගොඩ නගමු. ඒවා පට්ටපල් බොරු නොවේ. යම් පරාසයක් තුල සත්‍ය එහෙත් තවත් පරාසයක් තුල අසත්‍ය විය හැකි ඒවාය.

      Delete
  9. බොහොම ස්තුතියි මතේ නොදන්නා දෙ සම්බන්ධව උගන්නන එක ගැන...

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ මෙතුමා ගැන එක්කෙනෙක් දෙන්නෙක්වත් දන්නව කියල .බලපුවම නමවත් අහල නෑ. මෙතුමගෙ පොත් කියවන්න වටිනව . රසවත්.

      Delete
  10. සුමනදාස සමරසිංහයන්ගේ පොත්පෙලම මා කියවා තිබෙනවා.මම හිතන්නේ ඒ පොත්පෙල හැමෝම වගේ කියවිය යුතුයි කියලා.ඉතාමත් වටිනා හරබර කරුනු එම පොත්පෙලේ ඇතුලත්ව තිබෙනවා.ඔබ සුමනදාස සමරසිංහ ගැන මෙවනි ලිපියක් පල කිරීමත් ඉතා වටිනවා.

    ReplyDelete
    Replies
    1. එතුමාගේ දැණුම සමාජයට ගලා යා යුතුව තිබුනත් බලන්න කිසිම කෙනෙක් නමවත් අහල නෑනෙ. මාත් පොත් වැඩි ප්‍රමානයක් කියවල තියනව. කීපයක් දැනටත් තියනවා. ඇත්තටම ඉතාම රසවත් ලෙස බස හසුරුවා තිබෙනවා.එතුමා ලස්සනට ලියන්න පුලුවන් බහුසෘතයෙක් .හැම විශයක් ගැනම සතුටුදායක දැනුමක් තිබුනා. ඔහු සිත ගැන ඉදිරිපත් කළ ධනාත්මක විග්‍රහය විද්‍යාත්මකයි තර්කානුකූලයි සත්‍යයි .

      Delete
    2. එවැනි විද්‍යාත්මක දර්ශනයක් සමාජයේ ඉදිරියට ගෙනයාමට දායකවු මධස්ථට මගේ හදපිරි ස්තුතිය....

      Delete
  11. මිනිස් සිතේ හාස්කම් කියන්නේ තවත් බයිබලයක් වගේ. මෙතුමාගේ නම නොදන්න අය අනන්ත ඇති.
    උඹ තමා සැඟවෙන මැණික් හැමදාම එළියට අදින්නෙ.

    ReplyDelete
    Replies
    1. බයිබලයක් විතරක් නෙවෙයි මධු එ පොත් තිපිටකයේ ගැඹුරැ කරුණුත් සරලව පැහැදිලි කරනවා. එතුමා හඳුන්වාදුන් චිත්ත ධර්ම විද්යාව කිසිම ආගමකට එරෙහි නොවන ඇත්ත ඇති සැටියෙන් දකින දර්ශනයක්

      Delete
    2. ආගම් වල තිබෙන කරුණුත් සරලව පැහැදිලි කරනවා. ඇත්තටම එය ජීවිතයට ගුරු කොට ගත හැකි අගනා ග්‍රන්ථ රත්නයක්. එය කියවූවාට මදි. එය පිළිපදින්න ඕන.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සංවාදය පහලට ගෙනාවෙ අතන මේක ඔබන්න අමාරු නිසා.

    සිතිවිලි සී @ සර්වඥ කතාව නම් සුමනදාස මහතා ගැන ලිපියට සම්බන්ධ නෑ. සියල්ල දත් යන්නයි මම එයින් අදහස් කළේ. මට නම් බුදුන් යනු එක්තරා දාර්ශනිකයෙක් පමනයි. සියල්ල දත් මිනිසුන් මෙලොව සිටිය හැකිද?

    කාලය සමග බුදුන් ගේ සැබෑ චරිතය ඉක්මවා ගූඪ භාවයක් ආරෝපනය කර තිබෙනවා. මෙය බුදුන් දෙසූ දහම අවබෝධ කර ගැනීමටත් බාධාවක්.අපට මේ ගැන වෙන තැණක කතා කළ හැකියි.

    ප්‍රසාද්@ ඔබ කියන එක තේරෙනවා . අපේ මිනිසුන් ඉතා සර්ව අශුභවාදියි. මෙය ට නිසි බෙහෙතක් තමා සුමනදාස මහතා දුන්නේ.

    ලාංකික සිතුවිලි @ ලංකාවේ රජවරු කුරිරු වුන විට ජනතාව උත්සාහ කළේ ඊනියා රාජ ලේ තියන එකෙක් සිහසුනේ හිදුවන්න මිස ව්‍යාව්ස්ථා වෙන්සකට නොවෙයි.
    යුරෝපීයයන් දේශ ගවේශනයට ගියෙත් ඔබ කී දේවල් ( අපට සිදුවූ ආක්‍රමන ) නිසයි.

    අපි වෙනස් වෙන්න අලුත් විදියට හිතන්න හරිම කම්මැලි ජාතියක්. බුදුදහමත් ඊට හේතුවෙනව කියල මට හිතෙනව.
    බුදුදහම ඇතුලට යොමුවුන අනෙක් ආගම් පිටට යොමුවුන ඒව නේද.

    අපේ ලෝකය අපේ සිත. මේ තුල දාර්ශනික සත්‍යයක් තිබුනත් මේ චින්තන රටාව අපට හානියක්.

    ReplyDelete
  14. සුමනදාස මහතාගේ දේශනා වල අතුරු ප්‍රශ්න වලට වඩා ස්වයං යෝජනා ගැණ කතා කළා නම් වඩා සුදුසුයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත එතුමාගේ දර්ශනයයේ එක තැනක් අල්ලාගෙන වාද කරමින් ඉන්නෙ නැතිව එම දර්ශනයේ වැදගත්කම් කතා කරමු

      Delete
  15. 'මිනිස් හිතේ හාස්කම්' ගැන දැනගෙන හිටියට මෙතුමා ගැන එතරම් දැනගෙන හිටියේ නෑ.. CD ටික ගෙන්නාගෙන මුල ඉඳන් අහන්න හිතක් ආවා..

    මිල්ටන් අන්කල් සුනාමියෙන් පස්සේ ආයිත් ගොඩ ආවේ මේ දැක්ම නිසා කියලයි දන්නා කියන අය කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මිල්ටන් මහතා වෙන්ඩෝල් ගිහාන් ගොඩකන්ද ගීන්වේ ඒජන්සි අධිපති ශාන්ත ජයසුන්දර මෙතුමාගෙන් මුල් කාලයේදීම ඉගෙනගත් ගෝලයේ.නමුත් දැන් ඒ දර්ශනය තුළම ඉන්නවාද කියල ගැටළුවක්

      Delete
    2. CD සහ පොත් ජීවිතේ හැම අංශයකටම ප්‍රයෝජනවත්.
      මිල්ටන් අංකල් ගෙ ජාතික හැදුනුම්පතේ රැකියාව ධීවර කාර්මික. නමුත් කෝටිපතියෙක් වුනේ මෙතුමගෙ පොත් කියවලලු. කතාවට වැටුනම බ්‍රේක් නෑ.
      සුනාමියෙන් පස්සෙ තත්වය මම දන්නෙ නෑ. සුනාමියටත් සොලවන්න බැරි ශක්තියක් ඔහුට ලැබුනෙ මේ දැක්ම නිසයි.

      මිල්ටන් මහතා ආර්ථික ප්‍රශ්න මැද සිටි යුගයෙ ඔහු ට තිබුන ප්‍රශ්නෙ ධනය.ඉතින් සුමනදාස මහතා ගෙ පොතක් අහම්බෙන් ලැබුනලු කියවන්න. ඒක කියවල ගියාලු සුමනදාස මහතා හම්බවෙන්න . උපදෙස් ගත්තලු. ඇසුරු කළාලු.එතනින් ස්වයං යෝජන කරල ලොකු ධනවතෙක් වුනාලු.

      Delete
    3. ඇයි සුමිත් වික්‍රමසිංහ . ඔය හතර දෙනාම දැන් සුමනදාස මහතාගෙ දර්ශනය තුල නෑ කියලයි මට සිතෙන්නෙ.
      මේ 21 වැනි සියවසේ ලිඛිත ව්‍යවහාරයක් තියනකොටත් මෙහෙම සුළුකාලයක් තුල වෙනස්වීම් වෙනවනම් අවුරුදු දහස් ගනකට පෙර දර්ශන කොහොම වෙනස් වෙන්න ඇද්ද

      Delete
    4. ශාන්ත ජයසුන්දර මහතාත් කුරුණෑගල වැල්ලව කියන කුඩා ගමක දුප්පත් කොල්ලෙක් මෙතුමා ගෙන් ඉගෙනගත් අධිෂ්ඨානයෙන් දියුණුව් ගීන්වේ ඒජන්සි යූනීක් ඉන්ටනැෂනල් කොලේජ් වැනි ආයතන හිමිකරුවකු වුනා.මම ශාන්ත ජයසුන්දර මහතා ලගින්ම ඇසුරු කලා ඔහු මුලින් මනස සංවිධානය නිවැරදිව පවත්වමින් හිටිය 2008 විතර පසුව මනස සඟරාව බිස්නස් එකක් වගේ උනාට පසු දර්මයට පිට දේවල් සිදුවූනා.නමුත් ශාන්ත ජයසුන්දර මහතා ප්රසිද්ධ දේශන වල පවා කියා තියෙනවා ඔහු දැන් ඉන්න තත්ත්වයට ආවේ සුමනදාස සර් නිසා කියලා

      Delete
  16. ප්‍රසාද් ඒ කාලෙ පෝයදා වැඩසටහන් වගයක් ඔහු පැවැත්වූවා.මම ගියෙ සුමනදාස දර්ශනය ඉගෙන ගන්න. මට ඒව එපා වුනේ සුමනදාස ජවය ඒවගෙ තිබුනෙ නෑ. වෙන වෙන සාජ්ජ තිබුනෙ. ඒක ඔහුගෙ තව බිස්නස් එකක් කියල හිතුන.

    මම නම් ඔහු ලගින් ඇසුරු කර නෑ. 25,000 සෙල්ලම කරන කාලෙ ඔබ හිටියද .මට ඔහු එපා වුනේ ඒකෙන්. ඔහු මිනිස්සු තුල ලොකු බලාපොරොත්තු අති කරල ආයෝජන සදහා කියමින් මුදල් එකතු කිරීමක් කළා. ඒ කාලෙ 25,000 ටිකක් ලොකු මුදලක්.

    පස්සෙ ආරංචි වුනා මනස සගරාව අලෙවි කරන එකටත් දුප්පත් කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් සල්ලි එකතු කළා කියල. මුලින් සල්ලි එකතු කරලා බැදීමක් ඇතිකරල ඒ සල්ලි හොයන්න සගරා අලෙවිකරන්න යවනවද මොකක්ද එකක්.මට හිතුන දේ තමයි ඔහු එතරම් සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙමෙයි කියන එක. නැත්නම් මෙහෙම හිගන වැඩ කරයියැ.

    සුමනදාස මහතා කවදාව්ත් බිස්නස් කලේ නෑ ඔහුගෙ දර්ශනයෙන්. ඒක ගනිකා වෘත්තියෙ යෙදවූවෙ නෑ. දේශන පැවැත්වූවා මිස.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත මධස්ථ. ඔහුගේ පෝය දේශන මුල් කාලයේ ඉතා සාර්ථකව තිබුනා ඒවට ඇදී ආපු ජන ගංගාව දැකලා ඔහු මනස සඟරාව තොග වශයෙන් මුද්රණය කරලා ශ්රාවකයන්ට ඒවා විකුණන තත්ත්වයට ඇවිත් රට පුරා බස් වල පාරවල් ගානේ මනස සඟරාව බලෙන් ඇගේ ගහන තත්ත්වයක් බවට පත් වුනා. ඒ කාලය වෙනකොට මම මනස සංවිධානයන් ඉවත් වෙලා. ඇත්තටම මම 25000 සිද්ධිය දන්නෙ නෑ.

      Delete