Thursday, December 10, 2015

අන්ධයා මංමුලාකරන්නෝ ශාපලද්දෝය

අන්ධයා මංමුලාකරන්නෝ ශාපලද්දෝය - බයිබලය

    

මේ පාඨය බිහිවුනේ මැදපෙරදිග මරු කතරේ යුදෙව් මිනිසුන්ටය. විගසක් එකතැන නොසිට ගල් ගසන කඩු ගෙන අත් පා කපන  පොලු මුගුරු ගෙන සෙස්සන් එළවන ම්ලේච්ඡ මිනිසුන්ටද ගුනධර්ම ඇත. සමාජයේ නරක මිනිසුන් ලෙස ප්‍රසිද්ධ  ස්ත්‍රී දූෂක ,මිනීමරු මංකොල්ලකාරයන්ද නොකරන බලු වැඩ තිබේ.  මෙයද එවැන්නකි. පුරාන ම්ලේච්ඡ යුදෙව්වා මොන ජරාවැඩය කළැත් අන්ධයන් මංමුලා කිරීමට අකමැති විය. එසේනම් මෙය අන්ත නිහීන ජරා තුච්ඡ වැඩක් විය යුතුය.වැළිදු පැනයක් ඇත. මෙවැනි කුපාඩිකමක් කරන අය වෙත්ද .සිටිත්මය.

ජාත්‍යන්ධයන් රවටන අන්ධයෙක්ද වෙයි. භාන්ඩාගාරය පුරවන වාලම්පුරිකාරයෝය. බැලු බැලු අත බැකප් පැලෑන් ඇති කේන්දරකාරයෝය. විශ්ව ශක්තියෙන් ලොව දෙවනත් කරන යෝගියෝය.

තව තැනක සියළු රෝග සුව කරන දිව්‍ය වෙදදුරෝය. තව තැනක සියල්ල දත් ඉසිවරුය. ප්‍රශ්නය මේ හැම එකාම පට්ට බොරුකාරයෝ වීමය.

අපද බොරු කියමු. එහෙත් අපගේ බොරුවලින් කිසිවෙක් රවටා කීයක් හෝ කඩාගන්නට කියාන් ඒවා නොවේ. බොරු කියා කිසියම් කෙනෙක් ( ඥානාන්ධයෙක් ) රැවටීම මහා නින්දිත පාපකර්මයකි. මන්ද මේ බොරු විශ්වාස කරන්නා ඇස් පෙනුනද ජාත්‍යන්ධයෙක් නිසාය. එවැන්නෙක් හතර මං හන්දියකට ගෙන ගොස් අතරමං කරන එක තුච්ඡ නින්දිත වැඩකි.

මේ සියල්ල පට්ටපල් බොරුය. අප කියන්නෙ නිකම්ම නොවේ. අප මේවා ගැන ගවේශන කළ බැවිනි. මේ ගැන කතා කරන්නට අවශ්‍ය දැනුම අපට තිබේ.

නමුත් විද්‍යාවෙන් සොයා නොගත් යම් යම් දේ තිබිය හැක. මේ මා කලින් කී දෙයට ව්‍යතිරේකයක් නොවේ. එසේ  සොයාගතහොත් ඉන් පසු එය නව දැනුමක් මිස ගූඩ රහසක් නොවේ. යමක් විද්‍යාවක් නම් එය තව දුරටත් ගූඪ නොවේ. ගූඪ බව අවශ්‍ය තක්කඩියන්ටය.

ජ්‍යොතිෂය , විශ්ව ශක්තිය , දෙවිවරු ,ෆෙං ශුයි ,ලෙඩ සුව කිරීම් ,යන්ත්‍රමන්ත්‍ර, ආදී දේවල් ගැන කතා  කිරීමට අප සූදානම් බව සිහිපත් කරමු.




මගේ අදහස් දැක්වීම


මේ පෝස්ට් එක ට ප්‍රශංසා කරන්න මට වචන මදි. ඒ නිසා මුකුත්ම නොකිය ඉන්නම්. ඒ තරම් පට්ට සුපිරි.

අපි හුග දෙනෙකුට ඉක්මනට අමතක වෙලා තක්කඩියෙක් කියන දේවල්වලට මෝහනය වෙනව. සමහර අනාවැකි කියපු උන්ටත් මතක නෑ නමුත් මට මතකයි.
ඉරහද කාරය කියපු එක අනාවැකියක්වත් හරි ගියෙ නෑ. නමුත් උගෙ බිස්නස් පොඩ්ඩක්වත් වැටුනෙ නෑ.
ඌ ඇන්දුවට වඩා ඇන්දිල්ලක් අන්දපු සුමනදාසය කියපු බොරු මාට්ටු වුනත් (ජොහාන් අංක එකට එනව කියල ) ඒව කවුරුත් ගනන් ගත්තෙ නෑ.

අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියල. ඊට පස්සෙ ආවෙ පොට්ටයයි යෝගියයි. තාව උන් හිටියට ඇන්දිල්ලෙ කලාව දැනගෙන හිටියෙ මුන් දෙන්න.

ඔය යෝගිය කිව්ව අගෝස්තුවෙ ලොකු පෙරලියක් වෙනව ඒක ජනවාරි එකට වඩා ලොකු එකක් කියල. මහින්ද සුලග ගැන සැකයක් නිසා එහෙම කියන්න ඇති. එහෙම එකක් කිව්වද කියල ඌතත් මතක නැතුව ඇති දැන්.

යෝගිය කියන සමහර ඒව පරස්පර විරෝධියි.හේතුවාදී විද්‍යාකුලපතිල එක්ක අනුරාධපුරේ සංචාරෙකත් ගියා යෝගිය.අර ගෑනුන්ට දෙයියො පේන්න ගත්ත වෙලාවෙ. දේව ඇදහිලි ගැනත් යෝගිය දන්නෙ නෑ.

පොට්ටය කියන ඒව බලන්න 2020 වෙන කම් ඉන්න එපායැ.

මේ හැම එකාම කියන්නෙ අනුමානෙට. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හරියනවනෙ. මුන්ට තියනව බැකප් ප්ලෑන් එකක්.



අර ආසිරිය කියන්නෙ ඉස්සර කුනුහරප පත්තර ගහපු එකෙක් A-Z කියල. උගෙ ගුරුකම් ගැන අහල හිනාවෙලා ඉල ඇටත් කැඩෙනව. තක්කලි ගෙඩියෙ ගුරුකමෙන් විභාග සමත් වෙනව. ගෙම්බෙක් ගෙදර තියාගත්තම සල්ලි ලැබෙනව. මේ වගෙ හිනායන සාජ්ජ ගොඩයි.

38 comments:

  1. 2008 වසරේදී මම ලක්බිම පුවත්පත හරහා එලොවි ආ ජීවකයාට මා විසින් යොමු කරන රෝගීන් 10 දෙනෙකු සුව කරන ලෙසටඅභියෝග කලෙමි. එයින් පසු ඔහු සහ ඔහුගේ ලංකාදීප පුවත්පතේ ලියන්න එම ලිපි ලිවීම නතර කලේය

    ReplyDelete
    Replies
    1. ඇත්ත,ඔය මිත්‍යාව පතුරුවන්න,ව්‍යප්තකරන්න ගොඩක්ම කටයුතු කෙරුවේ මාධ්‍ය.අදටත් විද්‍යුත්,මුද්‍රිත මාධ්‍ය ගොඩක කොයි තරම් ප්‍රචාරයක් මේ මිත්‍යා වපුරුවන්න යොදනවාද ?

      Delete
    2. ලක්බිමෙත් තිබ්බද . ඔය ජීවකය ගැන දිවයිනෙත් තිබ්බ. එක එක රජවරු එක්ක ගත්ත ඡායාරූප සමග. බේත් ගන්න ආවලු වැල කොකැඩි. කනගාටුදායකම කාරනේ මේ හොරුන්ගෙන් පීඩා විදින්නෙ බරපතල රෝගාබාධවලට ලක් වෙලා අන්ත අසරන වුන පවුල්. .ඒ අයට ඕන පිදුරු ගහෙත් එල්ලෙන්න. ඒ මානසිකත්වය මේ තක්කඩි දන්නව.මේ හොරු රවට්ටන්නෙ අසනීප වෙලා හැම අතින්ම බංකොලොත් වුන පවුල්.ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනව වගෙ දෙයක් මේක. නිසි වෛද්‍ය ප්‍රතිකාර වලක්වමින් මෝඩයන් තමන් වෙතට අද්දවගෙන මරනය කරා තල්ලු කරන මේ අය ගැන හිතන කොට අපෙත් ලේ පිච්චෙනවා.

      මේ පල් හොරු විශාල ධනස්කන්ධයක් රැස් කරනවා. මේවට මාධ්‍යත් වගකියන්න ඕන

      Delete
    3. මට කෙනෙකුට මානසික රෝගියෙක් ,පිස්සෙක් කියල හදුන්වන්න කිසිම අයිතියක් නෑ , ඒ මම මනෝ වෛද්‍යවරයෙක් නොවන නිසා. මනෝ වෛද්‍යවරු එහෙම කිසිවෙකු හංවඩු නොගසන එක වෙනම කතාවක්.
      නමුත් මට හිතෙනව මේ වගෙ වැඩකරන අය මානසික රෝගීන් පිරිසක් කියල. කවුරුහරි කෙනෙක් දැඩි ස්වරයෙන් ප්‍රකාශ කලා ඍෂිවරු , ලෙඩ සුව කරන්නන්, දේව වරම් ඇත්තන් ,විශ්ව ශක්ති කාරයන් ප්‍රතිකාර අවශ්‍ය මානසික රෝගීන් කියල.
      කේන්දරකාරයො, වාලම්පූරිකාරයො නම් තක්කඩි.

      මේව පස්සෙ යන අය ගැනත් මටනිරීක්ෂනයක් තියනව. දෙයියො කරේ එල්ලන් ඉන්න එකා ෆෙන් ශුයි කරන්න පෙළඹෙනවත් වැඩියි.
      ඌ වාලම්පුරියකුත් ගන්නවා. එකකට ඇබ්බැහිවුන එකා තව එකකටත් ඇබ්බැහි වෙනවා. මේ අයත් කිසියම් ප්‍රතිකාරයකට උපදේශනයකට යොමු කරන්න පුලුවන් නම් හොඳයි

      Delete
  2. ...//තව තැනක සියළු රෝග සුව කරන දිව්‍ය වෙදදුරෝය. තව තැනක සියල්ල දත් ඉසිවරුය. ප්‍රශ්නය මේ හැම එකාම පට්ට බොරුකාරයෝ වීමය//...

    මහා යෝගි නිශාන්ත යෝගිතුමාගේ පැටිකිරිය මේ ලින්ක් වලින් බලන්න පුලුවන්.

    https://www.youtube.com/watch?v=tiVOzYrt0rg

    https://www.youtube.com/watch?v=9BQxlXViGzc

    මිනිස්සුන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන අරගෙන බඩවඩාගන්නා පිරිසක් ඔය.සත්‍ය ඔප්පු කරන්න කියලා අභියෝගයක් කලාම ඒක බාරගන්නේ නැතිව මම මේක මෙච්චර කාලයක් කරා,බොරුනම් කොහොමද අවුරුදු දහස්ගානක් පවතින්නේ,මේ විෂය ගැන ඉගෙන ගෙන ඉන්න ඕන තර්ක කරන්න වගේ හැමදම අහලා පුරුදු කතා කියවනව මිසක කෙලින් අභියෝගය භාරගන්නේ නෑ.තමන් දන්නේ දේ සත්‍යනම් ඒ සත්‍යය සමාජයේ යහපතට හේතුවෙන විදියට යොදාගන්න පුලුවන්නම් ඇයි ඒ සත්‍ය මේ සමාජය ඉදිරියේ ඔප්පුකරලා පෙන්වන්න බැරි.ඇත්තෙන්ම බැරි හේතුව තමයි තමන්ටත් මේක විශ්වාස නෑ.තවත් සමහරෙක් තමන් කරන්නේ බොරුව කියලා හොදින්ම දන්නවා.

    ReplyDelete
    Replies
    1. බොරුවක් අවුරුදු දහස් ගනනක් නෙමේ ලක්ෂ ගනනක් තියෙන්න පුළුවන්. ඔය යෝගිය කියන එකා කියපු අනාවැකි අතේ කයිතන් වුනා. දේව ඇදහිලි ගැන ඌ කියන කතා බොරු. සමහර වෙලාවට හේතුවාදියො එක්කත් ඉන්නව. මට පේන්නෙ මූ ස්ටඩි කරලම මෝඩයො රැවටිල්ල කරන එකෙක්.

      Delete
  3. ඔය සබ්ජෙක්ට් එක ගැන කියල වැඩක්නෑ මතේ... මාත් එකක් ලියන්න ඉන්නෙ අර චක්කර පාඩම් කරෝන එකා ගැන..

    ReplyDelete
    Replies
    1. උඹ චක්කරේ පාඩම් කරන්න ඉස්සෙල්ල දහයට ගණින්න ඉගෙනගනින්...

      Delete
    2. මේ හොරු ගැන ලියාන් එක වටිනවා. නමුත් බ්ලොග් කියන්නෙ ඉතා පුංචි මාධ්‍යයක්.සමස්ත බ්ලොග් පාඨකයන් පිරිස 250 ඉක්මවනව කියල මම හිතන්නෙ නෑ.නමුත් ඒ පිරිස හෝ දැනුවත් වීම ප්‍රගතිශීලී අදහස් දැරීම වටිනවා.

      250 ගනන හැදුවෙ ජනප්‍රියම බ්ලොග් වලට දවසකට 1000 ක් පමන පිරිසක් එන නිසාත් එක් කෙනෙක් සාමාන්‍යයෙන් පස් වරක් වත් ක්ලික් කරන නිසාත්. මේව දිනපතාම අප්ඩේට් වන දශ ලක්ෂය පන්නපු හිට්ස් තියන බ්ලොග්. ඒවගෙ දෛනික පාඨක සංඛ්‍යාවත් ඒ වගෙයි කියන්නෙ බ්ලොග් තවම ප්‍රමුඛ මාධ්‍යයක් නෙමෙයි.අපි බ්ලොග් ගැන කතා කරල වැඩක් නෑනෙ.
      1000 * 5 =200 සහ අමතර 50 =250

      Delete
    3. ඔබ ඉන්නේ වැරදි මතයක.. බ්ලොග් පාඨක පිරිස දැන් 4000 පමණ වෙනවා... සමහර ළිපි වලට බුකිය හරහත් වෙබ් සයිට් හරහාත් පිරිසක් එනවා.. එවිට 6000 ක් පමණ වෙනවා..

      Delete
    4. මධ්‍යස්ථ
      මගේ මෙන්න මේ ලිපිය 700 ක් වගේ ආසන්න පිරිසක් ඇවිත් තිබුනා.හැබැයි එකම එක කොමන්ටුවක් වත් තිබුනේ නෑ.

      මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය කියන මේ ලිපිය නම් දැනට 1027 දෙනෙක් බලලා තියනවා.මේකේ කොමන්ටි 203 ක් තියනවා.පෝස්ට් එක දාලා කොමන්ටි කරපු කාලේ වෙනකොට 600 ක් වගේ තමයි ඇවිත් තිබුනේ.ඉන් පස්සේ ගෙවුන කාලේදි තමයි අනිත් පිරිස ඇවිත් තිබුනේ.බොහෝ දෙනෙක් ඇවිත් තිබුනේ ගූගල් සර්චි කරලා.මගේ සමහර ලිපි වල තියන මාතෘකා නිසයි එහෙම ඇවිත් තියෙන්නේ."ලිංගිකත්වය,අපචාර,අමනුෂ්‍ය,මානසික ගැටලු" වගේ මාතෘකා සර්චිකරපු ගමන් මගේ බිලොග් එක උඩටම එනවා.මේ මාතෘකා නිතරම සර්ච් කරලා තිබෙනවා.

      Delete
  4. මේ බ්ලොග් එක මුලින්ම දැක්කේ අද. ගොඩක් වටිනා අදහස් අද සමාජයට.මිත්යාවක් රජ කරන ලෝකයට සත්‍ය පහදා දීම අමාරු දෙයක් මිත්යාවෙන් අන්ධ උවන් මුදා ගැනීමට ඔබ කරන සටනට ජය.....

    ReplyDelete
  5. මිනිස්සු ජීවත් වන ක්‍රම කීපයක් තියෙනවා. ශාරීරික ශක්තියෙන්, පෙනුම පාවිච්චි කිරීමෙන්, හැකියාවන් පාවිචිචි කිරීමෙන්, දක්ෂතා පාවිච්චි කිරීමෙන්, සහ කපටිකම පාවිච්චි කිරීමෙන් ආදී වශයෙන්. උනුත් ජීවත් වෙන්න ඕන නේද කියල හිතා ගත්තම හරි. පොඩි ප්‍රශ්ණෙ තමයි උන් නිසා අනුන් අමාරුවේ වැටීම.

    ReplyDelete
    Replies
    1. අනුන් අමාරුවෙ දානව කියන්නෙ මුන්ගෙ සිතිවිලි මොන තරම් ජරාජීර්නද කියල හිතෙනව. අනික පොඩි දරුවො වගෙ ( මානසිකව ) අයවනෙ රවටන්නෙ .

      Delete
  6. ඒ වුනාට වුන් කිව්වොත් අපේ එවුන් බෙල්ලත් කපා ගනි

    ReplyDelete
    Replies
    1. ඔවු හරිම කනගාටුවක් දැනෙන්නෙ

      Delete
  7. විස්වාස කරන අය තාවකාලිකව හරි මානසික සතුටක් හා උනන්දුවක් ලබනවා. මට ඕව විස්වාස කරන්න බැරි නිසා ඒවට හිනා යනවා හැබැයි සමහරවෙලාවට හිතෙනවා විස්වාසකරන්න පුලුවන් එක (මෝඩකමක් ලෙස අපිට පෙනුනට ) වාසනාවක් කියලා. ඒ මිනිස්සු එකක් වැරදුනාම තවත් එකක් පස්සෙ යනවා හැමදාම බලාපොරොත්තුව නිසා ජීවත්වෙනවා, අහම්බෙන් හරි ගියාම සතුටු වෙනවා. ඒක එක මානසික මට්ටමක අයට හොඳ මානසික ප්‍රතිකර්මයක්. අද්භූත බලයකින් තමන්ට පිහිටක් ලැබෙයි කියල හිතන්න බැරිවුනොත් ඒ මිනිස්සු දුකෙන් හා බයෙන් මැරිල යයි.

    ඔය හරියන ප්‍රතිශතයන් නිසා තවත් දේවල් රඳා පවතිනවා. විශේෂයින් සර්ප වෙදකම. සර්පයෙක්ගේ විස ප්‍රමාණය අඩු වැඩි වෙනවා, හපා කාපු අන්දම හා ඊට ඉස්සෙල්ල මොකෙකුට හරි ගහල තාම විශ සැක් එක හිඳිල වගේ කාරණා නිසා. එනිසා මාරාන්තික විස තියන සර්පයෙක් කෑවයි කියල හැමවිටම මාරාන්තික වෙන්නේ නෑ. ඉබේම හොඳවෙන වෙලාවලුත් තියනවා. බය නිසා රෝග ලක්ෂණ වැඩියෙන් පේන අවස්තාත් තියනවා. ඔය ප්‍රතිශතයන් නිසා සෑහෙන්න වෙද්දු තම රෙපියුටේශන් එක හදා ගන්නවා. වැරදුන අවස්තාවල වෙලාව හා අනිකුත් කාරණා මත පටවන්නත් පුලුවන්. මං කියන්නේ ඒ වෙද්දු කරන ඔක්කොම බොරු කියල නෙමෙයි. ඉබේ හොඳවෙන ඒවාගෙන් රෙපියුටේශන් හදා ගන්න හැටි.

    හඳහන් සාත්තර ආදී කපටියොනම් ප්‍රතිශත ගේම් එක මතම යැපෙනවා.
    එකක් තියනවා... සමහර ඒවගේ අය ඉන්නවා තමන්ට තියන මානසික ව්‍යාධීන් නිසා තමන් කරන එක තමනුත් විස්වාස කරන ජෙනුවින් අය. සුලු පිරිසක්

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා ප්‍රා
      නියම විස්තරයක්

      Delete
    2. හොඳ අදහස් දැක්වීමක්...

      Delete
    3. වැරදුනහම කියපු එකාටත් අමතකයි අහපු එකාටත් අමතකයි. අහම්බෙන් එකක් හරිගියාම ඒක දෙගොල්ලටම මතකයි.
      මෝහනය තමා තියෙන්නෙ . හුගක් ලෙඩත් හිතෙන් හැදෙන ඒවනෙ.
      බොරුව නඩත්තු කරන්න සැදී පැහැදී සිටින කාලකන්නි මාධ්‍යත් තියනවනෙ.

      Delete
  8. අතීතයේ සිට මිනිස්සු ජිවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ වංචාවෙන් , ප්‍රෝඩාවෙන් .... මෙවයින් හම්බ කරන් කන්න ලේසියි . .. හැබැයි තාවකාලිකයි හරියට දොලකන්දේ ගිය සායි බබාලා වගේ ළමයි හදන්න සිව ලිංගය වඳින මිනිස්සු වගේ ... තව තියනවා , අපේ මිනිස්සු , ඇත්ත දැන දැන යන තැන් ....

    ReplyDelete
    Replies
    1. දොළුකන්දට වුනේ වැව් ,ගංගා වල් පිරිත් කරන්න ගිය නිසා. පිරිත් වතුර මැහිතෙල් ගහන ටැංකි වලින් කුඹුරු වලටත් ගැහුවලු. මෙව්ව හින්ද පල් මෝඩයොත් ඇස් අරින්න ගත්තා.
      නමුත් විද්‍යාවත් කලවන් කරගෙන මාධ්‍යත් අල්ලගෙන දේශපාලකයොත් අල්ලගෙන සෙල්ලම විද්‍යාත්මකව කරන රැල්ලක් ආව.
      ඒකත් ඉස්මුරුත්තාවට ගිහින් ජනවාරි යෙ කඩා වැටුනෙ.
      දැන් ආයෙ තක්කඩි අලුගසා දාල නැගිටිනවා

      Delete
  9. "හැම එකාම කියන්නෙ අනුමානෙට. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හරියනවනෙ. මුන්ට තියනව බැකප් ප්ලෑන් එකක්." මේ තක්කඩි සාස්තර කාරයොත් එක්කම ජඩ මාධ්‍ය මුදලාලිලත් දන්නව කොච්චර ඇහැ පාදන්න හැදුවත් රටේ ඉන්න වැඩිදෙනෙක් අන්ධයො කියල. ජනවාරි 8 පස්සෙ ඩිංගක් නිහඬ වෙලා ඉඳල දැන් එක එකා නැගිටිනව. උදේ පාන්දරම අන්ධයන් මුලා කරන්න මාධ්‍ය මුදලාලිල අර තක්කඩිත් එක්ක ලැහැත්ති වෙනව. මාතලන්ගේ පෝස්ටුව ගැන නං කියල වැඩක් නෑ මධ්‍යස්ථ මේ එක්කම මාතලන්ටත් තැන්කූ කියන්න මේ කොමෙන්ටුව එතෙන්ටත් ගෙනියනව.

    ReplyDelete
    Replies
    1. මෝඩයො අවිද්‍යාවෙන් මුදවාගන්නවට වඩා ලේසියි උන්ව අන්දන එක. මේ ව්‍යායාමයෙදි අපට ලැබෙන්නෙ නින්දා අපහාස . නමුත් මෝඩයො අන්දන්න අපි හිතුවොත් අන්න එදාට අපට මිල මුදල් කීර්ති ප්‍රශංසා ලැබෙනවා. අපි තෝරගෙන තියෙන්නෙ අමාරු අසාර්ථක වීමට ඉඩ වැඩි මාවත.

      Delete
    2. ආගම් ගැන මේ ලිපිය බලන්න

      ආගම් කියන්නෙ සමාජ අවශ්‍යතාවයක්. මේ අභිචාර වලට ලැදියාව මානසික අවශ්‍යතාවයක්

      Delete
  10. මේ ලින්ක් එකට ගිහින් බලහල්ල

    මේ ලින්ක් එකටත් යමල්ල


    ලිපියට අදාල නොවුනත් මට දැන් ලැබුන කෑමක්. උඹලටත් දීල කන්න හිතුව.

    ReplyDelete
    Replies
    1. http://www.theguardian.com/world/2007/jun/18/italy.johnhooper

      http://journals.plos.org/plosone/article?id=10.1371%2Fjournal.pone.0055519

      මේ ඉතාලියේ එට්‍රස්කන් ශිෂ්ටාචාරය ගැන කළ නව සොයාගැනීමක් ගැන ලිපි. ලිඛිත ව්‍යවහාරයක් සහිත යුරෝපයේ පූර්ව ජනකොටසක්. ඔවුන්ගේ සොහොන් ගැබක් මෑතකදී හමුවුනා.දැන් පර්යේශන කෙරෙනවා.

      Delete
  11. ඒ දෙකටම යන්න බෑ..හදහන්

    ReplyDelete
    Replies
    1. ලින්ක් දෙක අමුවටම දැම්ම. මගෙ අලුත් අදහසක් තියනවා. බ්ලොග් වලටම සීමා නොවී වෙනත් දැනුම .අලුත් දේවල් ගැන ලින්ක් බ්ලොග් එකේ පළ කරන්න. සයිබරයේ හරි අපූරු සංවාද යනව. දැනුමෙ නිම් වළලු පුළුල් කරන හරි අපූරු අත්දැකීම්. සයිබරයෙ අපූරු මිනිස්සු ඉන්නවා.සමහරු ඒ ක්ශේත්‍රවල විශේෂඥයන් හැබැයි මේ කිසිවෙක් ලාංකිකයො නෙමෙයි.

      මේක හොඳ විනෝදාංශයක්. ඔවුන් සමග බුකියෙ චැට් කිරීම මට න ම් අපූරු අත්දැකීමක්. බුද්ධි කලම්බනයක්.

      Delete
  12. මම මේ බ්ලොග් එක දැක්කේ අද.මිත්යා අන්ධකාරේ ඉන්න ලෝකයට එලියක් දීමට ඔබ දරන උත්සාහයට මගේ උපහාරය....

    ReplyDelete
    Replies
    1. මේ දේ අපට කලින් කරපු හැම කෙනෙක්ම අසාර්ථක වුනා. මොකද මේ අභිචාරවල ලැදියාව මිනිසුන්ගෙ මානසික අවශ්‍යතාවයක්.මොලයේ කිසියම් ප්‍රදේශයක උද්දීපනයක් වෙනව කියල අහල තියනව. මම ඒක දැක්කෙ විදුසරේ අන්තිම පිටුවෙ පොඩි තීරුවක.

      Delete
  13. ඔබේ ලිපි සහ අදහස් දැක්වීම් සුමනදාස සමරසිංහ ශූරීන් ගේ චිත්ත ධර්ම විද්යාව මූලධර්ම හා සමානය ඔබ ඒ පිලිබඳව ඉගෙනගන තියෙනවාද? "සිතන්නට සීමා නෑ" මා ඒකට ගොඩාක් කැමතියි. අද සමාජයේ මිනිසුන් සිතන්නේද මිත්යාවාදීන්ට ඕන විදිහට තමන්ගේ සිතෙන් නිදහසේ හිතන්නත් ගොඩක් මිනිසුන් බයයි

    ReplyDelete
    Replies
    1. දෙමවුපියො ඇරුනහම මම මේ ලෝකෙ කෙනෙකුට ගරු කරනවනම් ඒ වෙන කවුරුවත් නෙවෙයි සුමනදාස සමරසිංහ මහතා. නමුත් ඔහුගෙ සමහර දේවලුත් මට අල්ලන්නෙ නෑ. ඔහුගෙ ව්‍යාපාරය කිසියම් ආගමික මුහුණුවරක් ගත්තා. ඔහු ආගමික නිකායක නායකයෙක් වගෙ. ඔහු කළේ ධනාත්මක චින්තනය ගැන ඉංග්‍රීසියෙන් තිබුන දේවල් පරිවර්තනය කිරීම. අර සුළු වරද පසෙක දමා මම ඔහුට ගරු කරනවා.

      ධනාත්මක චින්තනය බුදුදහමට ගලපල විකාරයක් කරපු පසුකාලීන දේශකයන්ට වඩා රසවත්ව මිත්‍යා මතවලට පහර දෙමින් ඔහු ලොකු එහෙවරක් කළා. සම්ප්‍රදාය තුල සිරවූ අපේ සිත් ඉන් මුදාගත්තා. අලුත් විදියකට සිතන්න පුරුදු කළා. ඔහු ගැන මට පෝස්ට් එකක්ම වුනත් ලියන්න පුළුවන්.

      නමුත් ඔහුගෙ අනුප්‍රාප්තිකයන් ඒක විකාරයක් කරගෙන. අරකුරුණෑගල ඉන්න එකා ඒක නැත්තටම නැතිකරනවා. ඌ පත්තර විකුනන අයට කියන්නෙ සංඝයා වහන්සෙල කියල. ඌ බුදුහාමුදුරුවො වෙලා. සුමනදාස කියපු විශ්ව ඥානය ගැන පළ කළ දාර්ශනික සංකල්ප දැන් මොකවත් නෑ.

      Delete
    2. දීර්ඝ කාලයක් මිනිස්සු විශවාස කළා පොලව පැතලියි කියල. ඊට එරෙහිව කතා කල අයට සමච්චල් කළා. ගැලීලියෝ වැනි අයට හිංසා කලා. අද පොලව පැතලියි කියල සම්මතයක් තියන යුගයෙ කවුරුහරි කියනවනම් පොලව පතෝල කරලක් වගෙ කියල ඔහුගෙ මතයටත් ඉඩ තියෙන්න ඕන . හැබැයි තමන් ඉදිරිපත් කරන මතය හේතු සහිතව ඉදිරිපත් කරන්න ඕන.

      බොහොමයකි දෙනා සිතන්න බයයි. මම නම් යමක් දෙස බලන්නෙ මේ දේ ඇත්තද ,මේක අරහෙම වෙන්න බැරිද ,මේක කරන්න තියන එකම ක්‍රමය මේකද කියල .මෙහෙම වෙනස් විධි වලට සිතන්න පුරුදුවෙලා තියනවා.

      Delete
    3. ඉක්මනින් ප්රතිචාරයක් දැම්මට ස්තුතියි. මම හිතන්නේ නෑ සුමනදාස සර් ගේ පොත් ඔක්කොම ඉංග්‍රීසි ඒවා අමු අමුවේ පරිවර්තනය කරා කියලා මොකද ඒ ලිපි හරිම සරලව ලංකාවේ ගමේ ගොඩේ අත්දැකීම් ඇසුරින් ලොකු දර්ශනයක් කියා දිලා තියෙනවා. අනුගාමිකයන් ඒ දර්ශනය දැන් විකෘති කරලා තමා. කුරුණෑගල කෙනා මුලින් හොඳින් හිටියා පස්සේ මනස සඟරාවෙන් ලකෂ පතියෝ බිහි කරන්න ගිහින් තමා ඔය දර්ශනය බිස්නස් එකක් උනේ.(ඒත් පෙංශුයි ආසිරි තරම් රටට හානියක් නෑ) මිත්යාදෘෂ්ටිකයෝ රටේ රජ කරන කාලයේ සුමනදාස සර් ගැන නොදන්නා අයට දැන ගැනීමට ඔබේ පෝස්ට් එකක් එතුමා වෙනුවෙන් පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

      Delete
    4. ඔබේ ඉල්ලීම කැමැත්තෙන්ම ඉටු කරන්නම්.

      සුමනදාස මහතා දේශනා පැවැත්වූයේ අද මෙන් තක්කඩියන් තරගෙට ජනතාවට නාස් ලනු දමන යුගයක නොවෙයි. මට මතකයි එතුමා පොතක ලියා තිබුනා චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරය බිහිවූ පසු මිත්‍යාව පසු බැස්ස බව.
      නමුත් පසුකලෙක එය මේතරම් මහා ව්‍යාපාරයක් වේවි කියා සිතන්නට නැහැ.
      එක්කෙනෙක් හෝ මිත්‍යාවෙන් ගැලවෙනවනම් ඒක මහා ජයක්. සුමනදාස මහතා විශාල පිරිසක් මිත්‍යාවෙන් ගලවා ගත්තා. ඔවුන්ට සාර්ථකත්වය ගැන කියා දුන්නා. ඉන් පසු සමහරු සාර්ථකත්වයද බුදුදහමට ගලපන්න ගිහින් හත් පොලේ ගාගත්තා.

      මිත්‍යාවට මිත්‍යාව කියන්න බය වුනොත් මිත්‍යාවෙන් ගැලවෙන්න බැහැ. එසේම ආගම් සමග යා හැකි දිගු ගමනක්ද නැහැ.

      සුමනදාස මහතා සහ ඔහුගේ ව්‍යායාමය ගැන අපි කතා කරමු. එය එක් පෝස්ට් එකකට සීමා නොකර ලොකු සංවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. අපි ඔහුගේ පොත්වලින්ම තොරතුරු ලබා ගනිමු. මා ලග පොත් කිහිපයක්ම තිබෙනවා.

      Delete
  14. //ජාත්‍යන්ධයන් රවටන අන්ධයෙක්ද වෙයි. භාන්ඩාගාරය පුරවන වාලම්පුරිකාරයෝය. බැලු බැලු අත බැකප් පැලෑන් ඇති කේන්දරකාරයෝය. විශ්ව ශක්තියෙන් ලොව දෙවනත් කරන යෝගියෝය.
    තව තැනක සියළු රෝග සුව කරන දිව්‍ය වෙදදුරෝය. තව තැනක සියල්ල දත් ඉසිවරුය. ප්‍රශ්නය මේ හැම එකාම පට්ට බොරුකාරයෝ වීමය.//

    මේ පට්ට හොරුන්ව උඩ දාන්නේ මාධ්‍යකාරයෝය. විශේෂයෙන් ටී.වී.කාරයෝය.
    සාමාන්‍ය මිනිස්සු පමණක් නොව උසස් අධ්‍යාපනයක් ලැබූවන් පවා මේ හොර තක්කඩි කියන දේ විශ්වාස කිරීම ඛේදයකි.

    ReplyDelete