Friday, December 4, 2015

කාන්තාවන්ට ගල් ගැසීම , රාජ්‍ය හා පෞද්ගලික අංශය

පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ කතාබහට ලක්වුන ප්‍රධාන සිදුවීම්  කිහිපයක් අතරින් මුලින්ම  මරදාන ප්‍රදේශයේ කාන්තාවකට සවුදි  අරාබියේදී ගල් ගැසීමට නියම වීම ගැන මුලින්ම කතා කරන්නට සිතමි.

මුලින්ම සවුදි අරාබිය වැනි තවම 15 වැනි සියවසේ ජීවත්වන මිනිසුන්ගෙන් පිරි ම්ලේච්ඡ රටකට කාන්තාවන් වහල් සේවයට යැවීම ගැන අප ලැජ්ජා විය යුතුය. වහල් සේවයට නොව වෙන කිසිම හේතුවක් නිසා පය නොතැඹිය  යුතු භූමියකි සවුදි අරාබිය. එපමනක්ද නොවේ සවුදියේ සුලගවත් වැදීම නොමනාය.

ඕමාන්, කුවේට්,බහරේන් ,වැනි අරාබි රටවල් ද ඕනෑ තරම් තිබියදී ගෑනුන්ද යන්න පොරකන්නෙ සවුදියටයි. මෙය මටප්‍රශ්නයකි. 

මේ සිදුවීමේ අපූරු පැති කිහිපයක් නිරීක්ෂනය කළ හැක. එනම් මීට පෙර රිසානාට මරන දඩුවම නියම වූ ආව්ස්ථාවේ තිබූ විරෝධය මෙහි නොවීමයි. රිසානා අහිංසක නිසාද ඇය බාලවයස්කාරියක් නිසාද හැමෝම  දුක් වුනා විය හැක. රිසානා ගැන දුක් වුනේ සිංහලයන්ය. මුස්ලිම්වරු එහිදී දෙකට දෙවාරෙ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඔවුන්ට සවු අරාබිය සිය ස්වාමි රාජ්‍ය ලෙස වැදගත්ය. එසේම මෙවැනි ම්ලේච්ඡ දඩුවම් ගැනද ඔවුහු වැඩි දෙනෙක් මනාපය.ඒවා පොතේ හැටියට වෙන දේය.

මෙම කාන්තාවගේ ජාතිකත්වය මම නොදන්නා නමුත් තම ජාතියේ රිසානාට අනුකම්පාවක් නොදැක්වූ මුස්ලිම්වරු වෙනත් ජාතියක කෙනෙකුට අනුකම්පාවක් දක්වතියි සිතිය නොහැක. සිංහලයන්ද මෙම සිදුවීම ගැන අද්භූත නිහැඩියාවක සිටිති. බුකියේ හා බ්ලොග් වල කදුළු පෙරන පොෂ් මානවහිතවාදීන්ද මෙහිදී නිශ්ශබ්ද නිසා මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සුලු ජාතිකයෙක් විය නොහැක. සුළු ජාතිකයෙක් නම් ලස්සන කවි  කෙටිකතා දැකිය හැකිවනු ඇත.

යට ගිය දවසේ
කොටි ගමට කඩාපැන 
දුප්පත් පොඩි උන්
 පෙති ගහපු දිනේ

සියක් තර්ක ගෙන 
එය හරිය කියන්නට
පොෂ් බලු බැල්ලියො
සයිබර් සබයට ආපු සැටී

මහ කොටියගෙ පුතු
මළබව සැලවී
බුකියේ බ්ලොගියේ
විලාප දුක් ගී ලියා තිබේ

බොරු පොෂ් රැල්ලේ 
නුඹට හඩන්නට 
ගමෙක් කෙනෙක් නැත රටෙක් කෙනෙක් නැත 
බාල නගේ


මීට කලකට පෙර එක්තරා මුස්ලිවරයෙක් බසයක මා සමග කළ කතාබහක් සදහන් කරමි. ඔහු ලංකාවෙ නීති විවේචනය කළේය. සවුදියෙ දඩුවම් ගැන කතා කළේ ආහ්ලාදයෙනි. සොරෙකුගෙ අත කපන අවස්ථාවක් විස්තර කළ ඔහු අත කැපූ තැනැත්තාගේ වේදනාව වර්නනා කළේය.එසේම අත කැපූ තැනැත්තාගේ අත තාරවල ගල්වනවාලු (ඇත්තද නොදනිමි ) අත කැපූ පසු දුවන්නට හදන මිනිසා පසුපස මිනිසුන් සෙරෙප්පු අතට ගෙන එලවති. ආගමික පාඨයක් කියමින් අතක් කපන ම්ලේච්ඡ වීඩියෝවක් මමද දැක ඇත. මේ අත් කැපීම වැනි දඩුවම් නුසුදුසු වන්නේ වැරදි කිරීමට විවිධ හේතු ඇති බැවිනි. උදාහරනයකට  kleptomania රෝගීහු සොරකම් කරති.හොදින් මුදල් හදල් ඇති අයෙක් නිතර සොරකම් කරනු දුටු ශිෂ්ට බටහිර මිනිසා ඒ ගැන පර්යේශන කර  kleptomania සොයාගත්තේය. අරාබිකාරයා ගේ විසදුම අත් කැපීම,බෙලි කැපීම හා ගල්  ගැසීමයි.

මුස්ලිම්වරයා මෙය දකින්නේ වෙනත් ඇසකිනි .අපට මේවා පිළිකුල් හා ම්ලේච්ඡ වුවද ඔහුට එය ශුද්ධය. දේවා වාක්‍යවල සදහන් දඩුවම්ය. එහෙත් දෙවියන්ටද මෙම දඩුවම් ක්‍රම ලැබී ඇත්තේ පුරාන මැදපෙරදිග ශිෂ්ටාචාරවලිනි. පොල්  කෝම්බයක් දිය පහරක ගලා එන්නාක් මෙන් අතීත අරාබි ම්ලේච්ඡත්යව ඉස්ලාමය තුලින් පැමින අදටද ජීවමාන වී ඇත. මහම්ම්ද තුමා බොහෝ අරාබි ම්ලේච්ඡ දේවල් ඉවත් කළේය. ඔහු මෙම දඩුවම්ද ඉවත් කළා නම් ඉස්ලාමය කොච්චරලස්සන ආගමක්ද. මේවා ඉස්ලාමයේ වැරදි නොව ඉස්ලාමයේ අරාබි උරුමය ගැන ප්‍රශ්නයකි. ලෝකය මැවූ දෙවියෙක් ඇත්තටම සිටීනම් ඔහු තම පනිවිඩය එවීමට මෙවැනි ම්ලේච්ඡ පසුගාමී එඩේර කූඩාරම්වාසී අසංස්කෘතික ගෝත්‍රයක් තෝරා ගනීවිද?


ඉස්ලාමය නිසා අරාබි ම්ලේච්ඡත්වය ලොව පුරාම පැතිරී ඊට යම් ශුද්ධ කමක්ද ලැබී ඇත. ම්ලේච්ඡත්වයට වැදගත්කමක් ශුද්ධකමක් ලැබීම කනගාටුවකි.ගඩාෆි බලයට ආ පසු මෙම ම්ලේච්ඡ දඩුවම් නීතිගත කළේය. දිනක් ගඩාෆි පාරේ යනවිට අත පය නැති හිගන්නන් හැමතැනම දිටීය. ඒ ගැන ඇසූ විට අනෙක් අය කීවේ ශාරියා නීතියේ ආනුභාවය නිසා එය සිදුවී ඇති බවය.

මැදපෙරදිග රැකියාවලට යන කාන්තාවන් වැඩි දෙනෙකුට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම සමහරුන්ට මැදපෙරදිග ඇබ්බැහි වෙයි. ලංකාවට ආවත් වැඩිදවසක් මෙහි ඉන්න සිත දෙන්නෙ නැත. සමහරු කිරි දරුවන් පවා අත හැර මැද පෙරදිග යති.ඒවාට හොඳ හේතු තිබිය හැක.සැමියා සහ දරුවන් අත හැර දික්කසාද වී මැදපෙරදිග යන අය ගේ ලිංගික හා ආර්ථික ජීවිතය මැද පෙරදිග හා බැදී ඇත.එසේම පහල සමාජ ආර්ථික පසුබිමෙන් එන කාන්තාවන්ට මැද පෙරදිග නිදහස් භූමියකි.ලංකාවේ සංස්කෘතික බන්ධන කිසිවක්ම නැත. එහෙත් තමන් නිදහස බුක්ති විදින්නේ ඉතා දරුණු ම්ලේච්ඡ රටක බව ඔවුන් සිතන්නේ නැත.


සවුදියේ නීතිය හැමෝටම සමානද නැත. ඔවුහු බටහිර ජාතිකයන්ටද පස් වේලක් නමැදුම් කරති.සුද්දෙක් වරදක් කලොත් දෙවියන්ගෙ නීති පස්ස පැත්තේය. මට කතාවක් මතක් වෙයි.

අපේ ගමේ  ගමේ යමක් කමක තිබෙන තරුනයෙකු එක් දුප්පත් පවුලක ගැහැනියක් ලිංගික අවශ්‍යතා සදහා පාවිච්චි කළේය.ඔහු එම පවුලේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. ඔහු නිවසට එන විට දෙයියො වැඩිය මෙනි. මේ පවුලේ සැමියා මහත් භක්තියෙන් දෙවියන් අදහන කෙනෙකි.පොඩියට දේවාලයක්ද කලේය.

දිනක් ඔහුගේ පියා නිවසට ආ විට ඒ දෙසවත් නොබලා දෙවියන් ට කන්නලවු කරමින් සිටියේය. අර කපුවා හැරිලවත් බැලුවේ නැත.  එවිටම  ....... මහත්තයාද ආවේය.කන්නලවු නවත්වා .......මහත්තයාට සත්කාර කරන්නට විය.  ඔහුගේ පියා ඒ ගැන පසුව විසූ විට දුන්නෙ අපූරු උත්තරයකි.


.........මහත්තයා දෙයියන්ටත් වඩා වටිනවා කියාය. 

මෙසේ සවුදිය බටහිර ජාතිකයන්ට බැතියෙන් නමදුම් කරන නිසා ඔවුන් කරන වැරදි වලට ශාරියා හෝ වෙන මල ඉලවු නීතිවලින් දඩුවම් නොලැබේ.


 මේ සියලු නීති ආසියානු රටවලින් එන ගෘහ සේවිකාවන් රියදුරන් වැනි අයටය. නීතිය කාටත් සමාන නම් ඒත් කමක් නෑ කියමු. එහෙමත් නැති එක මෙහි තවත් වරදකි.

නීතිය සවුදිය හැර වෙන රටක සාධාරන බව මිනි අදහස් නොවේ. වෙන අය දේවාලෙ ෆෝන් හඩ නංවූවාට ඈනුම් වැනි ජෛව ක්‍රියා කරන එක වැරදිවුනත් එය කපුවන්ට තහනම් නැත. ඒ අවස්ථාවක කපුවන් දේවාලෙ පුටු පොලවෙ ගැසීය. එය දේවාලෙට කරන ලොකුම අවමානයකි. එහෙත් කිසිවක්ම සිදුනොවීය.



ගෘහ සේවිකාවන් දාඩිය කඳුලු වගුරා තහනම් ගස් වල ගෙඩිද කා (ජීවිතය පරදුවට තබා කිම්බට සැප දීම  ඒකත් නරක නැත ) සොයන මුදල් බෙදා ගැනීමට අපට රන්ඩු කරන්නට සිදුවේ. කිඹිමානවත් ජාතියක් වන අප රතු කමිස ඇද මේ අසරනියන් ගෙන එන විදේශ විනිමය  බෙදා ගන්නට රන්ඩු කරමු. අපට වැඩට යන්නට  කාර්පර්මිට් අවශ්‍යය.


දැන් අප දේශීය රැකියා ගැන කතා කරමු. මෙරට වැස්සෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියා කරති.රජයේ සේවය ගැන සමාජයේ කිසියම් තක්සේරුවක් ඇත. රජයේ සේවය අකාර්යක්ෂ්මය ,රජයේ සේවකයා වැඩනොකරයි වැනි ඍනාත්මක ආකල්ප සමාජයේ ඇත.මේවා නිකම්ම ඇති වූ ඒවා නොවේ. රජයේ සේවකයන් වැඩක් කරන්නෙ එය නිතරම ඇවිටිලි කිරීම් වලින් පසුව බව මම නිරීක්ෂනය කර ඇති දෙයකි. හිතල යමක් කරනවාට වඩා වැඩය අවශ්‍ය කෙනා දහස් වරකංකෙදිරි ගෑ පසු වැඩකරයි.

රාජ්‍ය සේවයේද ප්‍රභේද ඇත. වැටුප හා දීමනා පමනක් ලබන පිරිස් සහ වරප්‍රසාද ලාභීන් ලෙස දෙවර්ගයකි. පරීක්ෂක යයි අගට පදවි නාමය තිබෙන ෆීල්ඩ් එකේ යන රජයේ සේවකයන්ට මුදල් යහමින් ලැබේ. එසේම ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කරන රජයේ සේවකයන්ටද සන්තෝසම් ලැබේ. මෙසේ යම් යම් දේ ලබා ගැනීම වැරදියි. මන්ද රජයේ සේවකයා කරන්නේ රාජකාරියකි. එයට හිමි වැටුප් හා දීමනායි. මෙවැනි වැරදි දේවල් වැළැක්විය යුතුය.


දොස්තරලාද රජයේ සේවකයෝය. දොස්තරකමට සමාජයෙන් විකාරරූපී තත්වයක් ආරෝපනය කර ඇත. මේ නිසා දොස්තරලා සමාජයේ බමුණු කුලයක් වී ඇත. එසේනම් බමුණන්ට හිමි වරදාන දිය යුතුය. මෙහිදී දොස්තරලා වැරදි නැත. වැරදි සමාජයයි. මුලින්ම මේ බමුණු කම ඉවත් කළ යුතුය. ඊට ඉඩ නොදෙන්නේ එකයි. ඔවුහු වෛද්‍ය ශාස්ත්‍රය ගුප්ත විද්‍යාවකට පෙලාගෙන ඇත. වෙන මොකෙකුටවත් ඒක හදාරන්නට නොදෙයි. මෙඩිකල් ෆැකල්ටි තේරිලා නියමානුකූලව පූන නූල දාල බමුණු සමාජයට ඇතුල් නොවන කිසිවෙකුට දැනුම ලබා ගැනීමි අවස්ථා වළක්වයි. 

රජයේ සේවය ගැන තිබෙන ලොකුම චෝදනාවක් නම් පිරිස වැඩි බවයි. ලක්ෂ 14 ක් රජයේ සේවකයන් සිටින බව කියවේ. මිනි සැළකිය යුතු පිරිසක් ආරක්ෂක අංශ වල අයයි. රජයේ සේවය ප්‍රතිසංවිධානය කිරීම සදහා ඉදිරිපත් වන යෝජනාවක් නම් එය හැකිලීමයි. මෙය කරන්නෙ කෙසේද . ප්‍රශ්නයකි.ඉතිරි පිරිසට වරප්‍රසාද දීම තවත් යෝජනාවකි. මෙහි සැබෑ අරමුන හකුලන ලද රජයේ සේවය බමුණු කුලයක් කිරීමය. ලක්ෂ 14 ක් වන රජයේ සේවය ලක්ෂ 4 ට 5 ට අඩු කර ඒ අයට වරප්‍රසාද දීම තුලින් රජයේ සේවයට එන්නට පොරකන අයට අසාධාරනයක් සිදුවේ. එසේ නම් කළ යුත්තේ රජයේ සේවයේ ආකර්ශනය අඩුකිරීමය.

මෙසේ කියන විට මම වටරැක විජිත කෙනෙක් වෙයි. එහෙත් හැකිතාක් අගතිවිරහිතව කතා කිරීමට මම පුරුදු වෙමි. රජයේ සේවය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බැරිය. මන්ද එය සේවයක් බැවිනි. එසේම ආරක්ෂක ,සුබසාදන හා සේවා සහිත රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන්නේ රජයේ සේවකයා විසිනි. ඒ නිසා පෞද්ගලික අංශයේ මෙන් ලාභ ලබා බෝනස් මත යැපෙන මානසිකත්වයක් රජයේ සේවකයාට ඇති කළ නොහැක.

රජයේ සේවකයාට කරන තවත් ජනප්‍රිය චෝදනාවක් නම් බදු මුදලින් පඩි කනවා යන්නය. රජයේ සේවකයාද වැඩකරයි. ඔහු/ඇය වැටුප් ලබන්නෙ කරන වැඩවලටය. ඒ නිසා රජයේ සේවකයා කාටවත් ණය නැත.රජයේ සේවකයාගේ ස්වාමියා රජයයි. රජයේ සේවකයා  රජය නම් හාම්පුතාට වැඩකර වැටුප් ලබයි. වෙන දෙයක් නැත. රජය සුබසාධන ආයතනයක් ලෙසද ක්‍රියා කරයි. සුබසාධන වැඩ , ආරක්ෂක කාර්යයන්, වැනි දේ රජය කරයි. රජය ලාභ ලබන සමාගමක් නොවේ. මේ නිසා රජයේ සේවකයාටද පෞද්ගලික අංශයේ සේවකයාගේ මානසිකත්වය ආරෝපනය කළ නොහැක. රජයේ සේවකයා දෙස පෞද්ගලික අංශයේ සේවකයන් දෙස බලන ලෙස බලන්නට සමාජයද පුරුදු නොවිය යුතුය.
රජයේ සේවකයාගේ වැරදි ඇත්තටම ඔහුගේ වැරදි නොව ක්‍රමයේ වැරදිය.මෙය කළැ යුත්තෙ පෞද්ගලික අංශයේ ආකර්ශනය වැඩි කිරීමෙනි. අවිධිමත්ව රජයේ සේවයට බදවාගැනීම් නොකිරීමෙනි.

ක්‍රමය වෙනස් කළ යුතුය. රජයේ සේවයේ ඇති සේවා ක්‍රමය අදට නොගලපෙන අසාධාරන එකක් බව මගේ හැඟීමයි. ආකල්ප වර්ධනය හා නව දැනුම ලබා දීමද කළ යුතුය. තාක්ෂනය නිසා රජයේ කාර්යාලවල වැඩ දෙකක් වී ඇත. තාක්ෂනයෙන් කරන දේ සැක නිසා මැනුවල් ද කරන්නට වීම ඊට හේතුවක්. රාජ්‍ය ආයතන ජාලගත කළ යුතුය. මෙලෝ සම්මජ්ජාතියට කෝල් එකකට ආන්සර් නොකරන රාජ්‍ය සේවය ජාලගත කිරීමට කරන යෝජනා එක අතකට විහිළුවකි.

පෞද්ගලික අංශය ගැනද සමාජයේ ඇත්තේ දුර් මතය.



අභියෝගය රජයේ සේවයට තිබෙන ආකර්ශනය අඩු කරන්නෙ කෙසේද කියන එකය.එය කරන්නෙ පෞද්ගලික අංශයෙ ආකර්ශනය වැඩි කිරීමෙනි. මෙහිදී පෞද්ගලික අංශයද වරප්‍රසාද ලබන හා නොලබන ලෙස දෙවර්ගයකි. විධායක මට්ටමේ පෞද්ගලික අංශයේ අයට හොඳ වැටුප් ලැබේ. බොහෝ විට පෞද්ගලික අංශය කී විට අපට චිත්ත රූපයක් මැවෙන්නේ ටයි පටිදාගෙන සීත කාම්‍රයක සිටින කෙනෙකි. එහෙත් කම්හල්වල දරුණු ශ්‍රම සූරාකෑමකට ලක්වන අතිමහත් බහුතරය පෞද්ගලික අංශයයි.කිසිම අයිතියක් නැතිව සොච්ච්ම් පඩියකට   කඩවල වැඩකරන අයද පෞද්ගලික අංශයයි. කඩවල ලැබෙන්නෙ රු 10,000 ක් 12,000 ක් වැනි වැටුපකි. නිවාඩු හෝ වෙනත් පහසුකම් නැත. ඒවා දෙන්නටද බැරිය. එය ගැටළුවකි. පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතු අතර පද්ගලික සේවකයා ගේ සුබ සාධනය කෙරෙහි දැඩි සැළකිල්ලක් අවශ්යය. කම්කරු නීති දැඩිව ක්‍රියාත්මක කල යුතුය. එහෙත් හාම්පුතුන් සමග ගැටෙන පෞද්ගලික සේවකයාගේ ඉරනම අප දනිමු. 

පෞද්ගලික අංශයේ පහල සේවකයන් ඕනෑම මොහොතක සේවයෙන් ඉවත් කළ හැක. ඕනෑම රාජකාරියක් පැවරිය හැක. තනතුරෙන් පහල දැමිය හැක. පෞද්ගලික අංශය යනු එක්තරා වහල් සේවයකි. නෙහෝෂියේට් කළ හැකි සේවාදායකයන්ට මෙය අදාල නැත. ලාභ වැඩිකිරීමට මෙරටට සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කළ යුතු බවටද යෝජනා ඇත.

මෙයද මගෙ අත්දැකීමකි. රැකියාව අහිමිවී  පිහිට ට ඇති ආයතනයක් සොයා යන  කාන්තාවක් මට හමුවිය. ඇයට  රැකියා ස්ථානයට  සිකියුරිටි එකෙන් ඇතුලට යන්න දෙන්නෙ නැතිලු දුක කියන්නට. සැමියා පිළිකා රෝගයෙන් පෙළෙන ඇදට වැටුන කෙනෙකි. උසස් පෙලකරන දරුවන් ඇත. පිහිට ලබෙන ආයතනයට ගිය පසු ඊලඟට වෙන දේ මම දනිමි. මෙහෙම කෙනෙක් ආව මොකද සර් වෙන්න ඕන කියා ආයතනයට කෝල් එකක් එයි. එවිට මුදල් බහාලූ ලියුම් කවරය සූදානම් කෙරේ. හාම්පුතා ජයගනී. මේවා කර්මය කියා සිත හදා ගැනීම අපට ඇති විකල්පයයි. කරුනු මෙසේ තිබියදී සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කරන්නට යෝජනා කරන අය ගැන නම් ඇති වන්නේ අප්‍රසාදයකි.


පෞද්ගලික අංශය ආකර්ශනීය කිරීමට නම් මෙවැනි ගැටලුවලට විසදුම් අවශ්‍යය. පෞද්ගලික අංශය යනු අර්ධ වහල් සේවයකි. විධායක අයට මෙය අදාල නැත. එහෙත් සිය ශ්‍රමය ගැන නෙගෝෂියේට් කළ නොහැකි අයට නම් වහල් සේවයකි. පෞදග්ලික අංශයේ සාපේක්ෂ වැඩි වැටුප් දමා රජයේ සේවයට එන්නෙ ඒ නිසාය. සිංගප්පූරු ම්ලේච්ඡත්වය තුලින් ලාභ වැඩි කිරීමේ තේරුමක් නැත. 

පෞද්ගලික අංශයේ සේවකයාගේ රැකියා සුරක්ෂිතතාවය ඇතිකිරීම සහ කිසියම් විශ්‍රාම වැටුපක් ලබා දීම මගින් රජයේ සේවයට ඇති පොරකෑම අඩුකළ හැක.රජයේ රැකියා බලාගෙන පෝස්ටර් ගහන තරුන පරම්පරාව ඉන් ඉවත් කලැ හැක්කේ එසේය. එසේම රජයේ හෝ පෞද්ගලික අංශයට සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කිරීමට නම් තුන් හිතකින්වත් නොසිතිය යුතුය.

 රජයේ රැකියාවකට ,පෞද්ගලික අංශයේ රැකියාවකට යාමට බැරි අය ඊලඟට යන්නෙ සෞදි අරාබි ම්ලේච්ඡත්වය සොයාගෙනය. මෙය අනෙක් ගැටළුවයි.


කළ යුත්තේ වරප්‍රසාද දීම නොවේ සුරක්ෂිතතාවය ඇතිකිරීමය. පෙන්ශන් එක වරප්‍රසාදයක් නොව සුරක්ෂිත තාවයකී.පෙන්ෂන් එක සුරක්ෂිතතාවයකි. එය පෞද්ගලික අංශයටද අවශ්‍යය. පර්මිට් එක වරප්‍රසාදයකි. එය වරප්‍රසාදයක් වී ඇත්තේ අසාධාරන බදු නිසාය. මේ බදු මුදල අඩුකර පර්මිට් වාහනයක හා නොවන එකක මිල පරතරය අඩුකළ යුතුය.


වරප්‍රසාද වලට සමාජය හුරු නොකළ යුතුය.සුරක්ෂිතතාවයට හුරු කළ යුතුය. සුබසාධනයට හුරු කළ යුතුය.දැනුම සම්බන්ධ බලයක් නැති සිය ශ්‍රමය කේවෙල් කළ නොහැකි මිනිසුන් අප සමාජයේ සැබෑ පීඩිතයන්ය. මේ මිනිසුන් බලගැන්වීම අද තිබෙන අභියෝගයයි. වෙන එකෙකුට දැනුම ලබාගැනීමට ඉඩ නොදෙන කඩප්පුලි බමුනන්ට නම් සියල්ලෝම එරෙහි විය යුතුය. ඔවුන් සිය සූරාකෑම හා අමානුශික ජීවන රවාට ගෙන යන්නේ දැනුම මෙසේ සීමා කිරීම මත බැවිනි. බෙදා හදාගෙන කෑමේ පුරුදු  ඇති කල යුතුය. බමුනන්ට දෙන පර්මිට් එකට එරෙහි වන අතර පොහොර සහනාධාරයට , පාසල් නිළ ඇදුම් වලට පක්ෂ විය යුතුය."  මේ රට ගොඩ ගන්න බැරි රජයෙ සේවකය නිකම් ඉන්න නිසා උගෙ පෙන්ශන් කපන්න ඕන පෝර සහනාධාරෙ කපන්න ඕන කිසිම දෙයක් නිකම් දෙන්න හොද නෑ සිංගප්පූරු ම්ලේච්ඡත්වය අපට ඕන වැනි කියමන් " වලට එරෙහි විය යුතුය.

බෙදා  හදාගෙන කෑමේ සුබසාධන වැඩතවදුරටත් ප්‍රවර්ධනය කර සවුදි ම්ලේච්ඡත්වය සොයායන කාන්තාවන් ඉන් මුදා ගනිමු..


48 comments:

  1. පෞද්ගලික අංශය ගැන උඔ කියලා තියන ඒවා ඇත්ත..හැබැයි පැන්ෂන් එක දෙන්නට කියා අවුරැදු ගානක් දුක් විදලා එකතු කර ගත්ත එකට කෙලිනවට මම කැමැති නෑ..මගේ ඡිවිතේ අවසන් බලාපොරොත්තුව අවුරැදු 55න් පස්සේ ඊටිඑෆ් ඊපිඑෆ් එක අරගෙන යම් මුදලක් පොඩි මෙන්ඩියාගේ අනාගතයට තියලා ගමට ගිහින් සදු එක්ක අවුරැදු 5ක් ඡිවත් වෙන්න..මගේ ඡිවිතේ සමහර යුතුකම් වගකිම් මග ඇරෙනවා රස්සාව නිසා..අද පොඩි මෙන්ඩාගේ උපන් දිනේ හවස කේක් එක කපනකොට ලග ඉන්න මට වාසනාව නෑ..දෙන්නාගේම ඔලුව ඉබලා පැහැදිලි කරලා දිලා ආවා මගේ රස්සාව සහ වගකිම..ඒකයි මම කියන්නෙ මම හම්බ කරන හැම රිපියලකම දාඩිය දුක් මහන්සිය කැපවිම තියනවා..
    මගේ කෙල්ලන්ගෙ මැෂින්වල ඉදිකට්ට උඩ පහත ගියේ නැත්නම් ටයිකෝට් දා ගෙන ඉන්න මහත්තුරැ කිසිම කෙනෙකුගේ ගෙදරක බත් ඉදෙන්නෙ නෑ..වාහන ඉස්ටාර්ට් වෙන්නෙ නෑ..වායුසමිකරන වැඩ කරන එකක් නෑ..
    එහම කෙල්ලක්ට “මගේ කෙල්ලෙක්“ කිව්වාම මේ රටට සිංග්ප්පුරැ නිතිරිති ගෙන්න හදන මහත්තුරැ අහනවා “උඔ අනාත කරපු කෙල්ලෙක්ද?“ කියලා..
    මහත්තරැනේ
    ගාමන්ට් වල ඉන්නෙ හැම එකාටම රෙද්ද උස්සන්න බලාගත්ත ගමන් ඉන්න වේසියෝ නෙමෙයි..කාර් පර්මිට් ඉල්ලාලා කෑ ගහන එවුන්ට බැටන් පොලු පාරවල් දෙකක් දිලා හරි මොන ක්‍රමයකට හරි වුන්ව පාලනය නොකරන්නෙ ඇයි? පැය 8 ක් 10ක් ඉදගෙන මැෂිම පාගන කෙල්ලන්ගෙ කිරිපල්ලේ අතගාලා බලන්න කලින් ඒ ළමයෙක් ඔයාලාගේ ආයතනයකට ආවාම ඉක්මනට ඒ රාඡකාරියවත් කරලා දෙන්න පුලුවන්නම් ඔය මහත්තුරැ කාර් පර්මිට් බෙදා ගත්තට අපේ අහිතක් නෑ..

    ReplyDelete
    Replies
    1. ගාමන්ට් කෙල්ලො මහන්සි වෙන බව මම දන්නවා. සමහර ආයතන වල චූ කාඩ් කියල එකකුත් තියනවලු නේද . ටොයිලට් යන වාර ගනන ආයතනයෙන් සීමා කරනවා. අසනීප නිවාඩු ප්‍රසූත නිවාඩු මොකුත් නැති දරුණු සූරාකෑමක්. ඕඩර් එක වෙලාවට දෙන්න ඕන කියා ඉදගන්නත් එපා ඒ වෙලාවෙත් මහන්න කියනවලු. ඒ වගේම සෞඛ්‍ය ගැනත් මොකුත් ම නෑ. එක දිගට වැඩකරල පෙනහලු වලට නූල් කෑලි ගිහින් ලෙඩ වෙනව. මේ අයට අවශ්‍යයි සුරක්ෂිතතාවය .

      මේ රටේ පීඩිත ජනතාව අසංවිධානාත්මකයි. හැම වෙලාවෙම හැම තැනදිම තමන් අයුක්තියට මුහුණ දෙන බවත් ඊට හේතුව තම ශ්‍රමය කේවෙල් කළ නොහැකි නිසා බවත් මේ අය දන්නෙ නෑ.

      තවත් තේරුම් නොගන්න දෙයක් තම මේ රටේ ප්‍රභූ පැලැන්තියක් ඉන්නව කියන එක.ඒක වෘත්තිකභාවය මත පදනම් වූවක්.මේ රටේ නීති දෙකක් තියන බවවත් තේරෙන්නෙ නෑනෙ වැඩි දෙනෙකුට.

      Delete
    2. පොඩි මෙන්ඩට සුභ උපන් දිනයක්..

      ම.ම... දැන් නම් ගොඩක් ගාමන්ට් වල හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ගැන ටිකක් දුරට හිතනවා.. විශේෂයෙන්ම බයර්ස් ලාගෙන් එනවා ප්‍රෙෂර් එක.. ඒ මොනවා උනත් මහන්සියට සරිලන වැටුපක් නම් ගෙවන්නේ නෑ..

      Delete
    3. මට අමතක වුනා සොරි.
      පොඩි මෙන්ඩට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.

      Delete
  2. විවිධ පත්තර සහ වෙබ් අඩවියේ පලවූ සියලු අතරින් මා ගරා ගත් තොරරුර නම් මේ කාන්තාව මරදානේ පදිංචිව සිටි විදේශ ගතවූ සිංහල කාන්තාවක් බවයි. මාධ්‍ය,රාජ්‍ය බලධාරින් සහ රටේ ජනතාව මේ ගැන නිහඬ වී සිටින්නේ මන්ද කියා ඔබ ඇසු ප්‍රශ්නයට උත්තර එතැන තියෙනවා ඇතැයි සිතමි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. පොෂ් මානවවාදීන් කියන්නෙ බටහිරට හොඳ මොනවද ඒක අපට හොඳයි කියන එක. ප්‍රංශෙට ගහපුවම ප්‍රොෆයිල් එකට කොඩිය දානව. බටහිර නොවන රටක මොනව වුනත් අවුලක් නෑ.
      සුළු ජාතීන් ගැන බටහිර උනන්දු නිසා සීගිරිය කුරුටු ගාපු දෙමල කෙනා ගැන අඩනව. ජෛව ක්‍රියාවක් වුන ඈනුමට හිරේ ගිය එකා ගැන වගක් නෑ.
      රිසාන මුස්ලිම් නිසා අඩනව මේ ගල් ගහන්න නියම වුන කෙනා ගැන ගානක් නෑ.

      මම නම් යුක්තිය සාධාරණත්වය ඉල්ලන කෙනෙක්. මුන් බොරුකාරයො.

      Delete
  3. ඔය ආදි මානවයා හොයන්න බටදොඹ ලෙන අරක මේක කූරුගාන්න ඕනැ නෑ බොස් .. සවුදියට ගිහින් බැලුවනං බඩු ඉන්නවා නැව් ගානට !! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ තියන ම්ලේච්ඡම රට සවුදි අරාබිය. අනාචාරය වරදක් වුනත් ඒකට මරනව කියන්නෙ මුන් මොනතරම් ම්ලේච්ඡද .මුන්ගෙ ම්ලේච්ඡකම විස්තරකරන්න ලෝකෙ කිසිම භාශාවකට පුළුවන්ද .ඇයි ලෝකෙ අනෙක් රටවල් මේ ම්ලේච්ඡ රට එක්ක සම්බන්ධකම් පවත්වන්නෙ කියන එක මට ගැටලුවක්.

      අතීත ගෝත්‍රික යුගවල තිබුන මේ ම්ලේච්ඡ දේවල් වර්තමානයට ඇවිත් තියෙන්නෙ ඉස්ලාමය හරහායි. මේ ම්ලේච්ඡත්වය සජීවී ව අප අතර තියෙන්නෙත් ඊට ශුද්ධකමක් ලැබිල තියෙන්නෙත් ඒකයි. මෙය අනාගතයටත් ගලා යාවි. ඉස්ලාමය තිබෙන තාක් ම්ලේච්ඡත්වයත් පවතීවි.

      Delete
    2. +++
      සුද්ද නාව නං කොහෙවත් යන්නෝ නෑ,

      Delete
    3. ඇණයා @ සුද්ද නාවනම් අපි වැද්දොනෙ. අපට රජෙක් ඉන්නෝ අපි කිරිබත් කන්නෝ පෙරහැර කරන්නෝ කිය කිය නට නටා ඉදියි. එතනින් එහා ලෝකයක් දන්නෙ නෑ.

      Delete
  4. මමනම් කියන්නෙ මෙතන මේ රටේ කොන්ද පන නැති පිරිමි සේරමත් මේවට වග කියන්න ඕනේ කියන එක. ඔය තත්වයට මුහුන දෙන අපේ රටේ තැනැත්තියගේ පවුලේ එක පිරිමියෙක්වත් නැති උනාද මෙයාව සෞදිය වගේ ජරා රටක වහල් කමට පටවන්නේ නැතුව පවුලේ නඩත්තුව කරගෙන යන්න. අපේ රටේ කම්මැලි මල මූසල පිරිමි හෙන ගොඩක් ජාතක වෙලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙවෙයි. රට රස්සා වලට යනවනම් ඒකටත් පිරිමි කාණ්ඩෙට දැන් අවස්ථාව ඕන තරම් තියුඑනව. තවත් ගෘහ සේවිකාවෝ හැටියට මේ අමනුස්ස හැතිකරය රජ කරන රටවලට ගෑනු නොයවන්න අපේ රටේ පිරිමින්ගේ කොන්ද කෙලින් කරගන්න බැරිනම් ප්‍රශ්නේ මෙහෙමම තියෙයි. තවත් අයට ඉදිරියේ මේ ඉරනම අත් වෙයි එදාටත් අපේ මහ ලොකු චන්ඩි විරෝදය පාල නිකම් ඉඳියි. වෙන්න ඕන දේ දැන්වත් තේරුම් ගනිමු හරියට. මම කියන්නේ අනතුරට පත්වෙලා ඉන්න කාන්තාව බේරගන්න උත්සහය නවත්තන්න ඕන කියන එක නෙවෙයි මේ වගේ ඩේවල් ඉස්සරහට වෙන්න තියෙන ඉඩකඩත් නැති කරන්න ඕන කියන එක.

    ReplyDelete
    Replies
    1. අරාබි රටවලට ගෑනු පිරිමි නෙමෙයි සතෙක්වත් යවන්න නොවටින රටවල්. නමුත් ඩුබායි වගෙ රටවල යම් ශිෂ්ට බවක් තියනව. ගෑනු පොරකන්නෙ සවුදිම යන්න.මට තියෙන ප්‍රහේලිකාවක් ඒක. පවුල් අත ඇරලත් ගෑනු රට යනව. ඔතන තියෙන්නෙ අසීමිත ලිංගික නිදහස ක් ලබාගැනීම.
      ගෑනු රට යවල කන්න බලාගෙන ඉන්න පොන්නයොත් ඉන්නව. අවුරුදු පහට අඩු ගෑනු ළමයි ඉන්න ගෑනු රට යවන එක වළක්වන චක්‍රලේඛයට එරෙහිව නඩුවක් දාලලු කාන්තා සාංවිධානයකින්. උන්ට මේ රටේ පවුල් වලට හෙන ගහුනත් කමක් නෑ .එතන තියෙන්නෙ එන්ජීඕ ප්‍රොපගැන්ඩා එකක් . උන්ට තියෙන්නෙ විනාශකාරී අදහස්.

      Delete
  5. සංවර්ධිත රට‍වල තියන රාජ්‍ය සහ පෞද්ගලික සේවාවන් එකක්වත් මෙහේ නෑ. මිනිස්සුන්ගේ වැරදි හඳුනාගෙන ඊට පිලියම් යොදන ක්‍රමයක් මෙහේ නෑ. රාජ්‍ය සේවයේ පෙන්ෂන් එකට කෙලියම-කාර් පර්මිට් එකට කෙලියම හුරේ දාන ගොබ්බයො ටිකක් ලංකාවෙ ඉන්නෙ. මුං ඉන්නකල් රාජ්‍ය අංශයවත් පෞද්ගලික අංශයවත් දියුණු වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් කිව්වෙ සුරක්ෂිතතාවය ගැන අවධානය දක්වන්න ඕන කියල. අපට තියන මේ සුරක්ෂිතතාවය පෞද්ගලික අයත් ඉල්ලල ලබාගන්නවට අපි කැමතියි. ඒ විතරක් නෙමෙයි ස්වයන් රැකියා කරන අයටත් පෙන්ෂන් ඕන. පෙන්ශන් එකේ වටිනාකම තියෙන්නෙ වයස ගිහින් අනුන් මත යැපෙන කාලෙට.
      රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕන.

      කුසලතා වර්ධනයට අවස්ථා ,
      වෙනත් රැකියාවක් කරන්න පඩි රහිත නිවාඩු ,
      ගෙදර ඉදන් වැඩ කළ හැකි අයට මොබයිල් වර්ක් ෆෝස් එකක් වගෙ,
      කඩදාසි විරහිත කාර්යාල ක්‍රමයක්,
      කාර්යාල වේලාවන් වෙනුවට වැඩ ඉලක්ක ක්‍රමයක්,
      පෞද්ගලික අංශයේ තියන කාර්යක්ෂ්මතාවය ,සමානාත්මතාව ,දක්ෂතා මත උසස්වීම් ලැබීම (පවතින සේවා ක්‍රමය වෙනුවට ) වගෙ දේවල් ලැබෙනවනම් හොඳයි.

      රජයේ සේවකයගෙ අඩුපාඩු තියනව. ඒකට හේතුව ක්‍රමය. පිලියම් යොදන්න ඕන ක්‍රමයටයි.

      නවීකරනයක් ,ආකල්ප වර්ධනයක් අවශ්‍යයි.රජයේ සේවකය කාගෙවත් බදු වලින් ජීවත්වෙන හිගන්නෙක් නෙමෙයි .රජය කියන්නෙ සුබසාධන , ආරක්ෂක හා සේවා සපයන ආයතනයක්. ඒක ලාභ ලබන තැනක් නෙමෙයි. ඒ හාම්පුතා යටතෙ වැඩකරන රජයේ සේවකය දිහා ලාභ ලබන පෞද්ගලික අංශයෙ සේවකය දිහා බලන විදියට බලන්න පුරුදුවෙන එකයි වරද. අපි ලාභ අරන් දෙන අය නෙමේ .ආරක්ෂාව, සේවා සැපයීම හා සුබසාධනය කරන අය. අපි වැඩකරන නිසා වැටුප් ලැබෙනව. කවුරුහරි කිව්වොත් අපේ බදුවලින් උබල ජීවත් වෙන්නෙ ඒ මොහොතෙම ඌ නිවැරදි කරන්න ඕන.

      හැබයි එක දෙයක්. පෙන්ෂන් එකටවත් පර්මිට් එකටවත් ඔය කිසිම දේකට අත තියන්නනම් බැරි බව ඉර හද වගෙ පැහැදිලියි.

      Delete
    2. Ane apita penshion epaa...
      EPF, ETF honday...
      Oya deke wenasa hariyata danna yamak kamak kara ganna oluwak thiyena ekek malaata penshion illanne naha...

      Delete
    3. ලොකු පුතා @ ඒත් බං හුග දෙනෙකුට මොළේ නෑනෙ .උන්ට පෙන්ෂන් එක වටිනව. දක්ෂයට අර්ථසාධකේ කළමනාකරනය කරල ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒත් අපේ බහුතරයක් දුර්වලයන් නිසා ඔවුන්ට රැකවරනයක් අවශ්‍යයි. දුර්වලයන් වත් ආරක්ෂා කරන්න ඕන. පෙන්ෂන් එක කොයි තරම් වටිනවද කියල මට නම් තේරිල තියෙන්නෙ. වයසක මිනිස්සු , ඒ අයගෙ පවුල් විදින දුක දැකල.

      Delete
  6. විවිධ පත්තර සහ වෙබ් අඩවියේ පලවූ සියලු අතරින් මා ගරා ගත් තොරරුර නම් මේ කාන්තාව මරදානේ පදිංචිව සිටි විදේශ ගතවූ සිංහල කාන්තාවක් බවයි. මාධ්‍ය,රාජ්‍ය බලධාරින් සහ රටේ ජනතාව මේ ගැන නිහඬ වී සිටින්නේ මන්ද කියා ඔබ ඇසු ප්‍රශ්නයට උත්තර එතැන තියෙනවා ඇතැයි සිතමි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. පොෂ් මානවවාදීන් කියන්නෙ බටහිරට හොඳ මොනවද ඒක අපට හොඳයි කියන එක. ප්‍රංශෙට ගහපුවම ප්‍රොෆයිල් එකට කොඩිය දානව. බටහිර නොවන රටක මොනව වුනත් අවුලක් නෑ.
      සුළු ජාතීන් ගැන බටහිර උනන්දු නිසා සීගිරිය කුරුටු ගාපු දෙමල කෙනා ගැන අඩනව. ජෛව ක්‍රියාවක් වුන ඈනුමට හිරේ ගිය එකා ගැන වගක් නෑ.
      රිසාන මුස්ලිම් නිසා අඩනව මේ ගල් ගහන්න නියම වුන කෙනා ගැන ගානක් නෑ.

      මම නම් යුක්තිය සාධාරණත්වය ඉල්ලන කෙනෙක්. මුන් බොරුකාරයො

      Delete
    2. අයුක්තිය දැක දැකත් දෙනෙත් පියාගන්නේ පෞද්ගලික වාසි තකා බව පැහැදිලිවම පෙනෙනවා. ගල් ගසා මරන්න, අත් පා කපන්න, කියා අල්ලා දෙවියන් කියා තිබෙනවාද?

      Delete
    3. මහා කාරුණික දෙවියන් එහෙම කියා තිබෙනවාලු. අත් කකුල් කපන්න ,බෙලි කපන්න ඇස් උගුල්ලන්න කියල. සවුදි අධිකරනයක් තීන්දුවක් දුන්නලු කාගෙද කොන්ද කඩන්න කියලත්. ඇසට ඇස දතට දත කියන එක තමා ඒ අයගෙ තියෙන්නෙ.

      Delete
  7. තවත් දවසක් දෙකක් අපි වගේ අයගේ වේදනාව පිට වෙන්න ඇරල බලධාරීන් එකෙක් දෙන්නෙක් ප්‍රකාශ නිකුත් කරලා කතාකරලා අමතක කර දැම්මාම හරි. දිළිඳු පොදු මිනිසුන්ට ඇතිවන ඕනම ගැටළුවක දී අන්තිමේදි සිද්ද වුනේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රභූ වෘත්තියකට සම්බන්ධ නැති ,තම ශ්‍රමය ගැන කේවෙල් කරන්න බැරි ජනයා තමා පීඩිතයන් කියන්නෙ. මේ අය රැක බලා ගත යුතුයි. මේ අය ඉලක්ක කර සුබසාධනයක් වෙන්න ඕන. මිනිසා ස්වයංපෝෂිත වෙන්න ඕන.පීඩිතය කියන්නෙ යැපෙන්නෙක්. යැපෙන්නෙකුට බෑ තීරන ගන්න. ඔහුට /ඇයට බෑ තමන්ගෙ ඇස් වලින් ලොව දකින්න. අවශ්‍ය වන්නෙ පීඩිතයන් බල ගැන්වීම.

      ඒක නෙමෙයිනෙ වෙන්නෙ. පෞද්ගලික අංශයට පෙන්ෂන් දෙන්න කියල කියන්නෙ නෑනෙ. කියන්නෙ රජයෙ එක කපන්න ඕන කියලනෙ.පීඩකයො විදින වරප්‍රසාද ගැන කවුරුවත් කතා නෑ.

      එක පීඩිත පිරිසකට දෙන දෙයක් ගැන තව පීඩිත පිරිසක් අවුස්සල රට ගොඩ ගන්න බැරි අහවල් පීඩිතයො විදින අහවල් වරප්‍රසාදය නිසාය කියල පීඩිතයො කොටවන එකයි කරන්නෙ.

      Delete
    2. “තමන්ගෙ ඇස් වලින් ලොව දකින්න“ අවස්ථාව උදාවෙන්න හැම ක්ෂේත්‍රයකම අයගේ නෙත් විවරව තිබිය යුතුයි. මධ්‍යස්ථගේ මේ වෑයම මහ ඉහළින් අගයන්නෙ ඒ නිසයි

      Delete
    3. ස්තුතියි සාරිකා
      මම ලිපිවලින් අරමුනු කරන්නෙ ස්වාධීන මිනිසුන් නිර්මානය කිරීමයි.

      Delete
  8. Where's the last part of this post which included your views about blog rewards and that stuff. Why did you remove that part?

    ReplyDelete
  9. මුලින්ම සවුදි අරාබිය වැනි තවම 15 වැනි සියවසේ ජීවත්වන මිනිසුන්ගෙන් පිරි ම්ලේච්ඡ රටකට කාන්තාවන් වහල් සේවයට යැවීම ගැන අප ලැජ්ජා විය යුතුය/////////////////////

    ගමෙන් බාගයක් ජීවත් වෙන්නේ
    ගෑණු අරාබියට යවලා

    උඹලා එවන තුට්ටු දෙකෙන් තමයි
    ගමත් දුවෙන්නේ
    රටත් දුවන්නේ
    රට කරවන එවුනුත් සැප ගන්නේ
    ඔය​ තුට්ටු දෙකෙන් තමයි

    ReplyDelete
    Replies
    1. කියන්න තියන හැම දේම මේ පැදිපෙලින් කියා තිබෙනවා. ගමත් රටත් දුවන්නෙ උන් හොයන තුට්ටු දෙකෙන් තමයි.
      මට තියන ප්‍රශ්නෙ ඇයි ඔය ම්ලේච්ඡ රටට විතරක් හෝ කිසිම කෙනෙක් නොයවා ඉන්න බැරි ඇයි. මැදපෙරදිග ආදායම ඔය තරම් තීරණාත්මක නම් සවුදිය ඇර අනෙක් අරාබි රටවලට විතරක් යවන්න පුලුවන්නෙ. සවුදිය තරම් තිරිසන් අසංස්කෘතික නොවන රටවල් කීපයක් තියනවනෙ.

      Delete
  10. කාර්ය බහුලත්වය අතරේම මධ්‍යස්ථගේ ලිපිය බලන්න ආවේ.ඇත්තෙන්ම අධික වැඩකටයුතුත් එක්ක නෙට් එකට එන්න වෙලාවක් ඉතිරි වෙන්නෙම නෑ මේ දවස්වල.ඒත් ආව වෙලාවේ කෙටියෙන් නමුත් යමක් සඳහන් කරන්න හිතුනා..

    ....//එසේම මෙවැනි ම්ලේච්ඡ දඩුවම් ගැනද ඔවුහු වැඩි දෙනෙක් මනාපය//.....

    ආරාබි දඬුවම් ක්‍රම තිබෙන වීඩියෝ බොහෝ ප්‍රමානයක් මා ලඟ තිබුනා.ඉතා දරුනු දඬුවම් එහි තිබෙනවා.පුංචි දරුවෝ පවා ඒ දඬුවම් ලබදෙන ආකාරය බලාගෙන ඉන්නවා.මේ නිසා සිද්ද වෙන්නේ පුංචිකාලේ ඉඳලම ඔවුන් කෘරත්වයට හුරුවෙන එකයි.පැරනි නොදියුනු මිලෙච්ඡ ගෝත්‍රික ආගමික සංකල්ප කරපින්නා ගන්න මොවුන් සියල්ලට විසදුම් සොයන්නෙත් ඒ මිලෙච්ඡත්වය තුලින්මයි.රිෂානගේ දඬුවම ගැන මුස්ලිම් සමාජය හඬක් නැගුවේ නැත්තෙත් ඒ නිසාමයි.රිෂානගේ මරණදඬුවම ක්‍රියාත්මක වුන කාලේමයි තුරංගසිරිට සවුදියේදි බුදුන් වැන්දට කස පහර දෙසීයක් කාලා හිරේ යන්න උනෙත්..කොහොමත් උනත් තුංගසිරි ගැනනම් මාධ්‍ය මගින්වත් වැඩිය කතාකලේ නෑ.මේ වතාවේ ගල්ගහලා මරන්න නියම උන සිංහල කාන්තාව ගැන සිංහල සමාජය බලන්නේ ඕකිට හොඳවැඩේ කියනවා වගේ හැඟිමකින්ද කියලත් හිතෙනවා.රිෂානට තිබුන සංවේදි කම මෙතනදි නෑ.කොහොම උනත් අපේ ඈයොත් මේවා දැන දැනම ඔය අපායවල් අස්සෙම රිංගනවා.සමහර කාන්තාවෝ ජිවිතෙන් වැඩිපුර කාලයක් ගෙවන්නේ ම අරාබිවල.අපේ ගමේ කාන්තාවක් ඇයගේ දරුවට අවුරුදු තුනේදි විතර අරාබි ගියා.මේ කාන්තාව ලංකාවට ඇවිත් නැවත දින කිහිපයකින් අරාබියට යනවා.අර කොල්ලට අවුරුදු 20 වගේ වෙනකොටත් මේ කාන්තාව අරාබියේ.මනුෂ්‍යා මෙහේ වෙන ගැණු එක්ක සමිබන්දකම් පැවැත්වුවා.කොල්ලා රස්තියාදු කාරයෙක් උනා.අවුරුදු ගානක් අරාබි ඉඳලා ලැබුනේ ඔච්චරයි.සමහරු අවුරුදු දෙකක් ඉඳලා එනවා හම්බ කරගෙන ඉතිරිකරගත්ත දේකුත් නෑ.දුෂ්කර ග්‍රාමීයපලාත්වල පවුල්වල බෝහෝ කාන්තාවන් ආරිබියේ රැකියාවලට යනවමයි.ඒ අතරේ මිනිහා ගැණි රට ඉඳලා එවන හැම සතයක්ම බේබදුකමටම වියදම් කරනවා.සල්ලිත් නෑ පවිලත් විනාශයි.

    ReplyDelete
    Replies
    1. අරාබියට රැකියා සදහා යන්නෙ අපේ සමාජයෙ පහල ආර්ථික හා සමාජ මට්ටම්වල අය. අරාබියට ගියාට පස්සෙ අපේ සංස්කෘතියට සම්පූර්නයෙන්ම වෙනස් සංස්කෘතියකට සමාජානුයෝජනය වෙනවා. අපේ ලිංගික තහංචි වලිනුත් මිදෙනවා .ඒ සමාජයෙ ලිංගික තහංචිවලට අනුගත වෙන්නෙත් නෑ. ඇත්තටම දුරාතීතයෙ සිට ආපු අරාබි වහල්ක්‍රමයක් තියනව. අරාබිකාරය දකින්නෙ මේ අය වහල්ලු ලෙස. මනුෂ්‍යත්වයෙන් සැලකීම ගැන අරාබිකාරය දන්නෙ නෑ. ආගමෙනුත් කියන්නෙ වහල්ලුන්ට කරුනාව පෙන්වන්න කියල. වහල්ලු මනුෂ්‍යයන් ලෙස නොසලකන නිසා වහල්ලු එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වීම ගැන ලොකුවට තහංචි නෑ.
      අරාබි ගෑනු ගෘහසේවිකාවන් ගෙදරට ගන්නෙ මිනිහයි පුත්තුයි පිට යන එක වළක්වන්නලු තාත්තල පුතාල තරගෙටලු රෑට ගෘහසේවිකාව ලගට යන්නෙ. අරාබිකාරයො කියන්නෙ සත්තු වගෙ පිරිසක්. උන් හිතන්නෙ ලංකාව වහල්ලු අපනයනය කරන රටක් ලෙසලු. ඒකයි මේ රටට යන්න හොඳ නැත්තෙ.

      මමත් දැකල තියනව පොඩි ළමයි ප්‍රසිද්ධ මරන දඩුවම් දෙස බලා ඉන්න හැටි නෙට් එකේ . ඒ ළමයින්ගෙ මූනුවලත් කිසිම දුකක් නෑ. ඒ රටවල ළමයි හදන්නෙ අනුකම්පාව මෛත්‍රිය ගෑවෙන්නෙවත් නැති විදියට. ඒ වගෙ සමාජ පාලනය කරන්න දරුනු නීති ඕන ඇති. කොහොමත් ඔය මිනිස්සු අනාදිමත් කාලෙක ඉදන්ම ම්ලේච්ඡයො. ජානගත සෙමිටික් කෲරත්වයකුත් තිබෙනව.

      ගෑනු රට ගිහින් ඔළුව උස්සගෙන තියෙන්නෙ එහෙමත් පවුලක. රට යන ගෑනු ඉන්නෙ තර්ඩ් ක්ලාස් පවුල්වල. ඒ පවුල් වල මිනිහ ගෑනි රට ගියාට පස්සෙ බිබී ඇවිදිනව .දුවව අඹුකමට ගන්නව. පුතා කුඩුවලට ඇබ්බැහි වෙනව.ආර්ථිකය තිබුනටත් වඩා වැටෙනව. ආයෙ යනව රට. ඕක තමයි චක්‍රය.

      Delete
    2. අරාබි කාරයො ලංකාවෙ ගෑනු එක්ක නිදාගන්නව කියන එක අතිං දාගත්තු කතාවක්. පිලිපින් උන් එක්ක එහෙම වෙන්න ඇති. ලංකාවෙ ගෑනු එක්ක නිදාගන්නෙ නෑ උන්.

      Delete
    3. ඇනෝ @ ඒකට හේතුව කියන්න පුළුවන්ද
      ඔබ ඒක හොඳටම දන්න දෙයක්ද

      Delete
    4. AnonymousDecember 6, 2015 at 4:21 AM

      ඒකනම් සහතික ඇත්ත අරබියෙ එවුන් අපෙ ගෑනු එක්ක බුදියන්නම බලන් ඉන්නවාවගෙ ටෝක් දෙන්නේ අරාබිය පැත්තෙ පය ගහලවත් නැති එවුන්.. අනික අපෙ ගෑනුත් හෙන ලස්සනයිනෙ... පෙරුම් පූරාගෙන යහන්ගත වෙන්න...එහෙමත් එකෙක් තමා අපෙ කෙල්ලෙක්ට බැලම දාන්නෙ යකෝ අපෙ එවුන්ට වඩා අරාබි ගෑනු සුදුයි ලස්සනයි.. උන්ට අපෙ එවුන් සූපින් ඇහැක් අරලා බලන්නෙ නෑ අපෙ ගෑනු යන්නෙ බන්ගලියො පස්සෙ නැතිනම් මලබාරියො (කේරලා) එවුන් පස්සෙ

      Delete
  11. මතේ... සෞදියෙ වාල්කම් ගැන කතාකරන්න ඒවට එරෙහි වෙන්න ඉඩක් නැත්තෙ ඇයි?? ඒ ගෑනු පිටරට යන්නෙ කොන්ද කඩල.. ඒ කියන්නෙ ආත්මාභිමානය බිංදුවට වැටිල... සූදුවක් කෙලිනව වගේ.. එක්කො හරි යයි.. එක්කො කෙලවෙයි කියල දැන දැනම... මිනිහ යන්න දෙන්නෙ හම්බ පොලු වලින් කන්න වෙයි , එක්කො නොවෙයි කියල දෙගිඩියාවෙන්.. උන් ගාව දනින් වැටෙන්න එන එවුන් සම්බන්දව තානාපතිකම් සහ විදේශ ප්‍රතිපත්ති කරන එවුනුත් උන් ගාව දනින් වැටෙනව නම් තත්වය ශෝචනීයයි... වෙන්නෙ ඒකම තමයි..
    ගස් කාලකණ්ණි නීති... ම්ලේච්ඡ ගෝත්‍රික සමාජය... තෙල් බලෙන් වැහුනු මෘග රැල... ඔව්ව කියල වැඩක් නෑ බන්... පහත් තැනින් ජලේ ගලන එක තමයි වෙන්නෙ කොහොමත්...
    රාජ්ජ සේවය ගැන තියන ආකල්ප ගැන කතාකරනවට වඩා හොඳයි අපේ මිනිස්සුන්ගෙ වැඩ කරන්න තියන උවමනාව ගැන කතාකලොත්... අපේ මිනිස්සු කම්මැලියි බං.. රාජ්‍ය පුද්ගලික කියල වෙනසක් නෑ... ආතල් එකේ ඉන්නයි අපේ උන්ට ඕන... දියුණු රටවල උන් එහෙම පුලුවන් මට්ටමක ඉන්න නිසා උන්ට ආතල්... අපේ රටවල් එහෙම නෑ.එහෙම පුලුවන් වෙන මට්ටමකට එන්න උවමනා නම් මහන්සි වෙලා වැඩ කරන්න වෙනව.. උදාහරනයක් විදියට මධ්‍යම පන්තියෙ ඉන්න එකෙකට චූන් එකේ සියලු සම්පත් එක්ක ඉන්න බෑ... මහන්සි වෙලා වැඩ කලොත් ආර්ථිකව ස්ථාවර උනොත් පුලුවන්... සල්ලි තියන එකාට චූන් එකේ ඉන්න පුලුවන්.. හැබැයි ඒ තියන දේවල් හරියට කලමනාකරනය නොකලොත් චූන් එක වැඩි කල් පවතින්නෙ නෑ... රටවල් ගත්තත් එහෙමයි... දුප්පත් රටවල් මහන්සි වෙලා දියුනු උනොත් චූන් එකේ ඉන්න පුලුවන්.. හැබයි ඒ මහන්සි වෙනකල් චූන් බෑ... දියුනු රටවල් චූන් එකේ ඉන්න ගමන් උන්ගෙ වත්කම් කලමනාකරනය කරනව... අපේ උන්ට චූන් එකත් ඕන, දියුණු වෙන්නත් ඕන..වා නම් වා.. පෝ නම් පෝ.. දෙකක් බෑ... ඔය කිසිම එකක් නැතුව චූන් එකේ ඉන්න නම් ස්වීප් එකක් ඇදෙන්න ඕන... අරාබියට තෙල් ස්වීප් එක ඇදුන නිසා උන් චූන් එකේ.. අපිට ස්වීප් ඇදෙන්නෙ නෑ.. ඒකයි වෙනස.. චූන් ඕන නම් වැඩ ඕන...

    ReplyDelete
    Replies
    1. අරාබි ගිහින් පතිවත රකින්න බැරි බවනම් 90% ක් ම දැනගෙන වෙන්න ඇති යන්නෙ. අරාබිකාරය කියන්නෙ කොටියෙක් වගෙ එකෙක්නෙ. සංස්කෘතියක් නෑ අධ්‍යාපනයක් නෑ තෙල් සල්ලිවලින් පෝසත් වෙලා බුද්ධිමය දේවල් වලට බටහිරයන් සහ කායික ශ්‍රමයට ආසියානුවන් ගෙන්වගන්නව. කරන්න දන්නෙ වැඩ දෙකයි එකක් පුක උඩ දාගෙන දෙයියන් වැදීමයි පුක පහල දාගෙන ගෑනුන්ට හුකන එකයි. ඔය දෙක මාරුවෙන් මාරුවට කරනව.

      මැදපෙරදිගට තානාපතිවරු ලෙස දාන්නෙම මුස්ලිම්වරු. මං හිතන්නෙ නෑ ඒ අයට ශ්‍රමිකයො ගැන හැඟීමක් තියනව කියල. ඒ වගේම මෙහෙන් යන අයත් කරන්නෙ ශ්‍රමිකයන්ට වඪහ් දෙන එක. වහල් කදවුරු පවා තියනව කියන්නෙ. ඔය හිංසා වලට ලක්වෙන්නෙ ගම්වල සෝමාරි ගෑනු. එහෙම නැත්නම් කැත ගෑනු. සෙල්ලමට වටුන ගෑනුන්ට ප්‍රශ්නයක් නෑ. සෙල්ලම රහ වැටුනට පස්සෙ උන්ට අරාබිය නැතුව බෑ. හැහැයි සෙල්ලම මුත්තල දැක්කොත් සොරි ඩොට් කොම්.

      රාජ්‍ය හා පෞද්ගලික අංශය ගැන උබේ කතාවට එකඟයි. වැඩකරල ,ධනය හොයල ආයෝජනය කරන මානසිකත්වයක් බහුතරයකට නෑ. වැඩි දෙනෙකුට ඕන ස්විප් එකක් ඇදිල දියුනු වෙන්න. සමහරු ණය අරන් කරන දේවල් දකින කොට අනේ අනිච්චන් කියල හිතෙනව.

      Delete
  12. //එසේම පහල සමාජ ආර්ථික පසුබිමෙන් එන කාන්තාවන්ට මැද පෙරදිග නිදහස් භූමියකි. ලංකාවේ සංස්කෘතික බන්ධන කිසිවක්ම නැත.//
    මෙය වැඩිය අවධානයට ලක්නොවෙන සැබෑ කරුණක්. මෙහෙ තියෙන්නේ ඕවා කළොත් ගල් පාරවල් කකා නොමැරී ජීවත් වෙන්න වෙන එකේ අවදානම.
    මේ සීය නේද? සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. සීය තමයි. ඒක මට ගානක් වුනේ නෑ බන්. සුබ පැතුමට ස්තුතියි.
      ඒ අවදානම තමා තියෙන්නෙ

      Delete
  13. සියවෙනි පොස්ට් එකට සුභ පැතුම්!

    ම.ම.. මේ ගල් ගහල මරණ කේස් එක සම්භන්දව මම ඉන්නෙත් ටිකක් මාතලන් ගේ මතයට කිට්ටු තැනක.. ඒ කියන්නේ .. අපි කැමති උනත් නැතත් ඒක උන්ගේ නිතිය.. (හැමෝටම සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන ප්‍රශ්නේ ලෝකේ හැම තැනම තියෙනවා..) එක්කෝ අපි ඕක දැනගෙන එතනට නොයා ඉන්න ඕනි.. නැත්නම් ගියානම් ඒ නීතියට යටත් වෙන්න ඕනි..

    අපිට සවුදිය හදන්න යන්න තරමට අපි තවම ලෝකයේ තැනක් හදාගෙන නෑ..

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තුතියි.
      ඇත්තටම වෙන්න ඕන සවුදියට විතරක් හෝ ගෑනු පිරිමි දෙගොල්ලම නොයවන එක. අනික් අරාබි රටවල් ,මැලේසියාව ,සිංගප්පූරුව , සයිප්‍රස් කොයි තරම් නම් රටවල් තියනවද
      නීති රීති දැනුවත් කරනව කියන එක නම් විහිලුවක්. මාලුවෙක් දියට දාල පීනන්න එපා කියනව වගෙ වැඩක්.
      ගෑනු ඔච්චර ඔහෙ ගිහින් ඔය වැඩේනම් නොකර ඉදියි ආයෙ ගල් අරන් මුත්තෙක් (ආගමික පොලෝසිය ) ලග ඉන්නව කිව්වත්.

      Delete
  14. ඉතාම කාලෝචිත වැදගත් ලිපියක්. සාකච්චාවට බඳුන් වී ඇති බොහෝමයක් කරුනු සමග මමත් එකඟයි.
    ගල් ගසා මරා දැමීමේ සිද්ධිය හා එහි පසුබිම ගැන මා ෆේස්බුක් ඔස්සේ සැලකිය යුතු ප්‍රචාරයක් ගෙන ගිය නිසා ඒ ගැන වැඩිය කථා කරන්නේ නැහැ. කෙසේ වුවත් ලෝකයට මානව හිමිකම් බන දෙසන උන් කිසිවෙක් මෙතැනදී කථා නොකිරීම අපිව අවබෝධයට පත් කරවනවා. ලොව කිසිම සදාචාරවත් සමාජයක වරදක් නොවන කාරනයකට මෙවන් වූ අති අමානුශික දඬුවම් පමුණුවන ම්ලේච්චයින් රැලක් තුලට වැදීමට අපේ උන් කොතරම් මෝඩද? අසරනද? දුප්පත්ද?.

    හොඳයි ඉන් බැහැරව ඔබ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයා ගැන කියන කරුනු වලට නම් මම කිසිසේත් එකඟ වන්නේ නැහැ. මෙහි දී අප මූලිකවම සලකා බැලිය යුත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා මුහුණ දෙන අභියෝග ගැනයි. ඔවුනට සෑම දෙසින්ම එල්ල වන අභියෝග මිස රාජ්‍ය අංශයෙන් හෝ සේවක අංශයෙන් සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ඒ වගේම මෑත කාලීන රාජ්‍ය ප්‍රථිපත්ති මගින් ඉතා සූක්ෂමව කුඩා හා මධ්‍ය ව්‍යාපාරිකයින් ධනවත් මහා ව්‍යාපාරිකයින්ගේ ගොදුරු බවට පත් කරවන වැඩ පිළිවෙලක් ජයටම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙහි මූලිකවම හිටපු මුදල් ලේකම් හා රටේ ප්‍රකට මහා පරිමාන ව්‍යාපාරිඅයින් කිහිප දෙනෙකු ගේ ක්‍රියා කලාපය කැපී පෙනෙනවා. එදා මුදල් ලේකම් විසින් කල කාර්‍ය පටිපාටිය අද වනවිට මුදල් ඇමති විසින්ම අගේට කරගෙන යන බවත් ඉතා පැහැදිලියි. වත්මන් මුදල් ඇමති වරයාද මා ඉහත කී ව්‍යාපාරික කුලකයේම සාමාජිකයෙකු බව අමතක කරන්න එපා.
    සුළු ව්‍යාපාරිකයින් ගිල දැමීමේ ආර්ථික න්‍යාය නිසා වෙළඳ පොල තුල ඇති තරඟ කාරිත්වය ක්‍රමයෙන් හීන වෙමින් පවතිනවා. මේය සේවක පන්තියට අවබෝධ වන්නේ නැහැ නැතිනම් දේශපාලන වුවමනාවන් නිසා සේවකයින් එය අවඕධ කර ගැනීම වැලැක්වීමේ ක්‍රියා වලියක් සෙමින් සිදු වෙමින් පවතිනවා. මහා ව්‍යාපාරිකයින්හට නිතරඟ ජයක් ලැබීම යනු සේවක පාරිබෝගික දෙපාර්ශවයේම බොටුව ඔවුන් විසින් ග්‍රහනයට ගැනීමයි. එහෙත් සුළු ව්‍යාපාරිකයින් බහුල වීම තුල තරඟ කාරීත්වය මගින් මේ ප්‍රශ්න වලට යම් ස්වභාවික පිළිතුරක් ලැබෙනවා.
    උදාහරණයක් ලෙස බලන්න අද වන විට රටකජු, පලා මිටිය, සීනි 500 යන වෙළඳාම ක්‍රමයෙන් මහා පරිමාන මුදලාලිලා අතට පත්ව ඇති අයුරු. එමෙන්ම ඇඳුම් සාප්පු ක්‍රමයෙන් විශාල ව්‍යාපාරිකයින්ගේ වැඩක් බවට පත් වන අයුරු. සුළු පරිමාන වාප්පු නියෝජිත ආයතන කඩා වැටෙමින් මහා පරිමාන නැව් සමාගම් එම ව්‍යාපාරය ඩැහැ ගන්නා අයුරු. ආනයන ක්‍රියා වලිය වෙතින් වැට් බදු හා තවත් නොයෙකුත් උපක්‍රම මගින් සුළු ව්‍යාපාරිකයා බැහැර කර දමන අයුරු. මේවා කිසි ලෙසකින්වත් සාකච්චාවට භාජනය නොවන අළුයට දැවෙන ගුනි පුළිඟු බව කිසිවෙක් නොදකින්නේ ඇයි?
    මා හා එකඟ නොවනා අය කරුනාකර මා විවේචනය කරන්න.

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් කියන්නෙ නම් බටහිර ප්‍රෝඩාවක්නෙ. ලෝකෙ දරුනුම මානව හිමිකම් උල්ලංඝනය කරන රට සවුදිය. නමුත් සවුදියෙ දුර්දාන්ත පාලනය පවත්වාගෙන යන්නෙ ඇමරිකාව.

      ආර්ථික කාරනාව මතු කල එක හොඳයි. මේක මේ රටේ මිනිස්සුන්ට ඉදිරියෙදි තේරෙයි. මහා ව්‍යාපාරිකයන් විසින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ගිල ගනු ඇති.

      දැන් ගමට මුදල් එන්නෙ නැහැ.රටම එකතැන නතරවෙලා වගෙයි. බඩු මිල එන්න එන්නම වැඩිවෙනව. මොනව වෙනවද කියල කවුරුවත්ම දන්නෙ නෑ.

      Delete
  15. ලෝකේ ජරාම රටක් තමයි සවුදිය. එහෙ ගිය අයත් එක්ක මම කතා කරල තියෙනව මේ ගැන. කියල වැඩක් නෑ. ඇඟේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ. මේ වගේ ජරා රටවල් එක්ක ගනුදෙනු නොකරත් කමක් නෑ කියල තමයි මම කවදත් විශ්වාස කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ම්ලේච්ඡයන් එක්ක ගනුදෙනු නොකිරීම ඔය කියන තරම් ආර්ථික පාඩුවක් කියල මට නම් හිතෙන්නෙ නෑ.

      Delete
  16. ම්ලේච්ඡත්වය ඉහවහා ගිය සෞදිය වගේ රටක වහල් සේවයට යන එක තහනම් කරන්න මේ ලිපියෙන් හොඳ විග්‍රහයක් කෙරිල තියෙනවා. මේව තීරණ ගන්නවුන් නොදකිනවද, දැක්කත් නොදැක්ක වගේ ඉන්නවද...
    කොහොමත් ගෑනු බිල්ලට දීල මහ ලොකුවට විදේශ විනිමය හෙව්ව කියල චූන් වෙන පිරිමි ඉන්න රටක් මේක.

    ReplyDelete
    Replies
    1. සවුදිය කියන්නෙ කොටි සර්පයො ඉන්න භූමියක් වගෙනෙ. සතෙක්වත් යවන්න හොඳ නැති තැනක්. තීරන ගන්න එවුන්ට නිර්මානාත්මක දේවල් කරනවට වඩා මෙහෙම ඒව ලේසියි. ඉන්දියාවෙ නම් මෘදුකාංග ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය වගෙ වැඩපිලිවෙලවල් සාර්ථක වෙලා තියනව. මෙහෙ වහල් සේවය වගෙ සරල දේවල් වලට තමා කැමති.

      ගෑනු බිල්ලට දීල හොයන විදේශ විනිමය ගැන ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි.

      Delete
  17. දැන් මෙතන සුලු ජාතීන්ට සලකනවා බෞද්ධ අපව ගානක් නෑ කිය කියා කෙකර ගාපු එවුන් කෝ ? අන්න අරකි මුස්ලිම්ලු...... මලා ජෝන් කොතලාවල කිරි අප්පට බල්ලොම පැනපි දැන් මේ ජාතිමාමක ජාතිවාදී සෙට් එක මොකෑ කියන්නෙ?

    මධ්‍යස්ථ මතධාරියෝ තම්බීන් කියලා ආපුගමන් උබේ මධ්‍යස්ථකම සරමටත් නොකියයි යන්නෙ

    ReplyDelete
    Replies
    1. කිසි වෙනසක් නෑ. සවුදියට කිසිම කෙනෙක් යවන්න ඕන නෑ කියන ස්ථාවරයෙ මම ඉන්නෙ.
      ඒත් රිසානගෙ සිද්ධියට සාපේක්ෂව මේකට ජනතා විරෝධය හොඳටම මදි.
      මේක අනුමත කරපු ම්ලේච්ඡයොත් මට මුනගැහුනා.

      Delete