Sunday, December 20, 2015

සිත සිර කොට බැදි දඩුවැට බිදුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ

සිතිවිලි සන්නිවේදනය කිරීම ඈත අතීතයේ සිටම කතාබහට ලක්වූ මාතෘකාවකි. එය වඩා ප්‍රචලිතව පැවතියේ පෙරදිග ආගමික පදනමක් සහිත දැනුම් පද්ධතීන් වලය. බටහිර ලෝකයේ එය අධෛර්ය කරනු ලැබූවත් මෑතක සිට එහි යම් පිබිදීමක් දක්නට ඇත.
A photo showing both sides of the demonstration.

.සිතිවිලි සන්නිවේදනය කිරීම විද්‍යාත්මකව සාධනය කරන ලද්දක් බව ඔබ මේ වනවිට දන්නවා ඇතැයි සිතමි.

 මේක කියවපල්ලකො.

මේකත් කියවපල්ල


ටෙලිපති ක්‍රමය සත්‍ය නම් එම සංඥා ලොව පුරා තිබෙනවා විය හැක. අප යම් සිතිවිල්ලක් සිතන විට එය විශ්වය පුරා දෝංකාර දෙනු ඇත. එනම් අපේ සිතිවිලි අපටම අයත් ඒවා නොවේ. අපට සිතෙන දේවල් කොහෙන් හෝ අප සිතට ඇතුළුවන ඒවා විය හැක. එසේම ඒවා අකාලිකද වනු ඇත. ඇතැම් අය අනාගතය දකින්නේත් ඇතැම් සිහින හරියටම හරි යන්නෙත් අප යම් කෙනෙක් ගැන සිතන විටම ඔහු හෝ ඇය අප වෙත එන්නෙත් මේ නිසා විය හැක. අප ජීවත් වන්නෙ සිතිවිලි සාගරයක ගිලී බව කිව හැක. මේ විදියට බැලුවොත් අපගේ සොයාගැනීම් වලට පේටන්ට් ගන්නත් බැරිය.




                            බ්ලොග් සහජීවනය

මෙන්න මේකත් කියවපල්ල. අනික තමයි මේ කියවන්න හොඳ බ්ලොග් එකක්.


මේකත් අපූරු බ්ලොග් එකක්. අධිමානසික කරුණු තියන එකක්

මේ බ්ලොග් එක ලියන්නෙ ඉස්කෝලෙන් ජස්ට් පාස් අවුට් කෙනෙක්.අනාගතයෙදි හොඳ බ්ලොග්කාරියක් වෙයි. ජේස්ට උත්තමයයො හැටියට උඹල අත දීපල්ල මෙයාට.

Friday, December 18, 2015

බ්ලොග් ලෝකයේ සීතල යුද්ධ අවසන් සියල්ලෝම බෝතලය දෙසට ගමනේ යා ලෙෆ් රයිට් ලෙෆ්

බ්ලොග් අවකාශයේ විරාජමාන මහළු වීර පුරුෂයන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව වහසි බෙනෙමින් මහ හැරමිටි උළුක් කර ගනිමින් සටනකට මුල පිරූ බවත් සෙසු මිතුරන්ගේ කොමෙන්ට් හා ඉයන් චෙෆාකි  ප්‍රා වැනි කල්‍යාන මිතරයන් මැදිහත්වීම්  නිසා  එම ගැටුම විසදුන බවත් දැන් දෙදෙනා පෙරටත් වඩා මිත්‍ර බවත් අප දනිමු.එය එතනින් ඉවරය. 

මා කියන්න හදන්නෙ වෙනත් අතුරු කතා වකි.

කෙනෙක් තමන්ට වුන අකටයුත්තක් ගැන තවකෙනෙක් ගැන සැක කරයි .එහි වරදක් නැත. නමුත් 100% ක් ම එම සැකය තහවුරු කර නොගෙන චෝදනා කිරීම වරදකි. බැලූ බැල්මට සැකකර කලබල වී ඇගිල්ල දිගුකර දොස් නැගුවහොත් සිදුවන්නෙ කියපු දේවල් ආපසු ගිලගන්න අමාරු වීමයි.වචනවලින් ඇතිවන තුවාල වඩා දරුණුය.නමුත් එසේ 100% ක් සැකය තහවුරු කරගත හොත් නම් අනිවාර්යයෙන්ම චෝදනා කළ  යුතුය.

කොටදෙනියාවෙදි වුන දේ දැක්කද .අපට බැලූ බැල්මට සාක්ෂි තිබුන වුනත් කෙනෙකුට ඇගිල්ල දිගු කළ නොහැක. 88/89 කාලයේ හමුදා නිළධරයන් ,පොලිස් නිළධරයන්ට ඇතිවන සුළු සැකයක් නිසා ජීවිත වලින් වන්දි ගෙවූ පිරිස දහස් ගනනකි.

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියා දෙයක් ඇත. කිසියම් සැකකරුවෙකු අධිකරනයකදී චෝදනා ඔප්පුකර වරදකරු කරනතුරු නිර්දෝෂී ‍යැයි සැළකේ. මෙවැනි ප්‍රතිපාදන අවශ්‍ය  වී ඇත්තේ අහිංසකයන් විවිධ අපරාධවල සැකයට භාජනය වන නිසාය.

කලබල වූ විට කොරොස් කටෙත් අත දාගත නොහැකි බව අප අසා ඇත. කලබල වී මුගටියා මැරූ කාන්තාව ගැන අසා තිබෙනවා නේද ඇපගේ ඇස් කන් ගැන පවා පූර්න විශ්වාසය තැබිය නොහැක. ලේ පෙරාගෙන තමන් ඉදිරියට එන මුගටියා දුටු කාන්තාව සිතුවෙ මූ එකත් එකටම ළමය මරල කියාය.

හමුදා මෙහෙයුමක් කිරීමේදී කසිප්පු බීපු මිනිහෙක් සරම ඔසවා හැමෝටම අභියෝග කරන ලෙස එය නොකරයි. මා සිතන විදියට මුලින්ම සතුරා ගැන අධ්‍යනයක් කරයි. සතුරාගේ ශක්තිය ගැන වැටහීමක් ලබා ගනියි. 

ඉහත කී දේවල් බ්ලොග් ලෝකයට සම්බන්ධයක් නැත. මට නිකමට හිතුන දේවල්ය. දැන් බ්ලොග් ලෝකයට එමු.

බ්ලොග් ලෝකය විවිධය විශමය. විචාරක වැනි සමහරු සිය විශය ගැන ලියති. මාතලන් වැනි අය උපහාසාත්මකව නිර්මානශීලී ලෙස සමාජ දේශපාලන කරුණු ඉදිරිපත් කරති. තවත් සමහරු කවි ප්‍රබන්ධ කරති. සමහරු නවකතා කෙටිකතා ලියති. මෙලෙස විවිධ ඉසවු ඔස්සේ දිවෙන මහා වපසරියකි.

මෙහි ගැටුම් සිදුවෙන අවස්ථාද ඇත. එකක් නම් නිර්මාන මංකොල්ලයයි. මෙය වැළැක්විය යුතුය. එසේම නපුරු ඇනෝ ප්‍රහාරද වැළැක්විය යුතුය. අනෝලා අහිංසක විනෝදයක් ලබන්නේනම් කමක් නැත. එහෙත් බ්ලොග් කරුවන් කෙටවීමට නපුරු සිත් ඇතිව ඇනෝ කෙනෙක් එන්නේනම් එය කනගාටුවට කරුණකි. මේ සියල්ලම  බ්ලොග් ලියන අයයි.එසේනම් මෙය අප අතරම ඇති ප්‍රශ්නයකි. එසේනම් එය විසදාගත යුත්තේත් අපමය. මෙය කළ යුත්තේ ස්වයං විනයක් බ්ලොග්කරුවන් තුල වර්ධනය කිරීමෙනි.

නපුරු ඇනෝලා පසුපස යාම නිකම් කාලය නාස්ති කිරීමකි.බ්ලොග් ලියන්නත් කාලවේලාව අමාරුවෙන් සොයාගන්න එකේ නපුරු ඇනෝලා පසුපස පන්නන්න ගියොත් වෙන්නෙ ලොකු අපරාධයකි.මේ ඇනෝලා ගැනද පුදුම නොවී බැරිය. ඇත්තෙන්ම ඔවුනට වෙන වැඩක් නැත. බ්ලොග් කරුවන්ගේ ශෛලීන් අධ්‍යනය කරමින් ඔවුහු කෙටවීම කාලය වැයවන දෙයකි. 


නමුත් නපුරු ඇනෝවෙක් හදුනාගත් පසු ඔහු ඉන් මුදවාගැනීමට naming and shaming ක්‍රමය යොදා ගත හැක.එය භාවිතා කළ යුත්තේ බැරිම තැනදීය. වරදකරු සාධාරන සැකයෙන් තොරව ඔප්පු වූ පසුවය. එයද කළ යුත්තේ ඔවුනොවුන් මිත්‍රශීලීව හමුවූ විට සුහදශීලීවය. මචන් උඹයි ඒ ජරා වැඩේ කරන්නෙ අපි හොදටම දන්නව නවත්තපන් බං ලැජ්ජ නැද්ද ආදී වශයෙනි.naming and shaming  කළ පසු යලි නොහොබිනා වැඩක් කරන්නට කෙනෙක් ඉදිරිපත් නොවේ. මන්ද එකට කන බොන යහළුවන්ගෙ මූණු බලන්න බැරි නිසාය.

තම හුදු විනෝදය තකා බ්ලොග් ලියන්නේනම් හා තම හුදු විනෝදය තකා බ්ලොග් කියවන්නේනම් (රසික වරක් කී ලෙස ) මේ ප්‍රශ්න සියල්ලම විසදා ගත හැක. මමය මාගේය කියා දෙයක් නැත්නම් අප එක එක දේවල් බදාගෙන හැම එකා එක්කම එල්ලි එල්ලි සිටීමේ තේරුමක් නැත.

Wednesday, December 16, 2015

වදුර බයකරන්නට කුකුලන් මරන්න ( “’Kill the chicken to scare the monkey’”) - අග්නිදිග ආසියාවේ සවුදි අරාබිය

ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකේ මම දැමූ කොමෙන්ට් එකක් සංරක්ෂනය කළ යුතු යැයි සිතූ නිසා යළි පළ කරමි.

ඇත්තෙන්ම මෙම කොමෙන්ට් එක දැමීමට හේතුවුනේ විචාරකගෙ තරහකාරයෙක් පළකර තිබූ විචාරකගෙ හොර ප්‍රොෆයිල් එකකින් අසා තිබූ ප්‍රශ්නයකි. විචාරකගෙ අදහස් දැක්වීමෙ අමුතු බවක් දුටුවත් ඒ ගැන වැඩිදුරටත් නොසිතා මම පිළිතුරක් දුනිමි. හොර ප්‍රොෆයිල් සොයා ගන්නා හැටි ද අප දැන ගත යුතුවේ. හොර ප්‍රොෆයිල් එකෙන් ඔහුගේ /ඇයගේ බ්ලොග් එකට යාමට නොහැක. .නිකම්ම ගූගල් එකවුන්ට් එක පමනි.

විචාරක සමග නිතර ගැටෙන ඇනෝ කෙනෙක් වෙයි. ඔහු පුකට පයින් ගැසීමක් ගැන විචාරකට චෝදනා කරයි. අපට මෙය හතරබීරි කතාවකි.මා සිතුවේ විචාරකගෙන් පුකට පයින් පහරක් කෑ ගමේ හෝපෙර හමුදා සේවයේ  පුද්ගලික තරහකාරයෙකුගෙ ඇරියස් එකක් කියායි.

විචාරකට මතකද මන්ද මීට පෙර ප්‍රොෆයිල් හදාගනත් ඔබට පහර දුන්නා. එක් ප්‍රොෆයිල් එකක් කාවා නමින් තිබුනෙ. මේ කාවාව අනෙක් අය හොදට දන්න බව ඒ අයගෙ කොමෙන්ට් වලින් පෙනුන.

ඇනෝ එන්නෙ පිටසක්වලින් නෙමෙයි .බොහොම ප්‍රකට බ්ලොගර්ස්ලම තමා ඇණෝ එන්නෙ. භාෂා විලාසයෙන් ගෙස් කරන්න පුළුවන් වුනත් ඒක 100% ෂුවර් නෑ. අනුන්ගෙ වචන රටාව ස්ටඩි කරල සූක්ෂ්මව කෙනෙකුට ඇණෝ ගහන්න පුළුවන් නිසා. අපට හරියටම අහවලාය කියන්න අමාරුයි. නමුත් විචාරක ඇත්තටම කවුද කියල දන්නවානම් දෙවරක් නොසිතා නම් ගම් හෙළි කළ යුතුයි. මා නම් කෙලින් කතා කරන කෙළින් වැඩ කරන අයට කැමතියි.

හොඳයි අපි යමු කොමෙන්ට් එකට . ඒක හොර එකක් වුනත් යම් තර්කයක් ඉදිරිපත් කරල තිබෙනවානෙ

නොදන්න සිංගප්පූරුවක් ලියන්නෙ නැතුව දන්න බ්ලොග් කට්ට ලියන් ඉන්නවද මධ්‍යස්ථ මතධාරියා. සිංගප්පූරුවෙ කස පහර දෙන්නෙ හොරෙන් පැනල ඉන්න අයටයි, ස්ත්‍රී දූෂකයන් ඇතුළු අපරාධකාරයන්ටයි විතරයි, ඉස්කෝලවල ළමයින්ට ගහන්න තහනම්. ලී ක්වාන්යූ කිව්වෙ, බටහිර තරම් දියුණු නැති ආසියාවෙ බයියල හදන්නනම් දරුණු නීති රීති තිබිය යුතුයි කියලා. අනික ඔය කස ගහන එක මැලේසියාවෙත් තියෙනවා. මැලේසියාවෙ මුස්ලිම් අයට තියෙන්නෙ ෂාරියා නීතිය, අනිත් අයට තියෙන්නෙ සාමාන්‍ය නීතිය. නොදන්න දේවල් ගූගල් දෙය්යන්ගෙන්වත් අහගන්න. මම මාස කීපයක් ට්‍රඉනින්ග් එකකට සිංගප්පූරුවෙ හිටියා, ෂෝක් රට. අනිත් එක සිංගප්පූරුවෙ ගණිකා වෘත්තිය නීතිගතයි. පුදුම නිදහසක් තියෙන රටක්, අරාබිය වගේ නෙවෙයි

                                  මගේ කොමෙන්ට් එක

සිංගප්පූරුව අරාබිය වගෙ නෙවෙයි තමයි මොකද අරාබියෙ ශාරියා නීතිය යටතේ කායික දඩුවම් දෙන්නෙ වැරදි දෙක තුනකට. ඒත් කලාතුරකින්. නමුත් සිංගප්පූරුවෙ එම වැරදි ප්‍රමානය 30 -35 ක් අතර.එය ලොකු ප්‍රමානයක්. ඒ වගේම සිංගප්පූරුවෙ ජනගහනයට සාපේක්ෂව දඩුවම් ප්‍රමානයත් වැඩියි. සිංගප්පූරුවෙ ඉන්නෙ සුළු ජනගහනයක්. වසරකට අති විශාල ප්‍රමානයක් අමානුෂික දඩුවම් වලට ලක් වෙනව. දරුණු වධහිංසා සහිත දඩුවම් එහි දෛනික කටයුත්තක්. මෙහි විශේෂත්වය නම් වෙනත් රටවල සුළු වැරදි ලෙස සැළකෙන දේවල් වලටත් සිංගප්පූරුවෙ වේවැල් පහර දීම.
වේවැල් පහර දෙනව කියන්නෙ පුක ලෙලි යනකම් ගහනව කියන එක. මම දැක්ක යූ ටියුබ් වීඩියෝ . තුවාල වුන තැන්වලට පවා පහර දෙනව. ගූගල් යූ ටියුබ් සර්ච් කළාම සොයා ගන්න පුළුවන්

සිංගප්පුරු අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් දිරිමත් කරනව සිසුන්ට වේවැල් පහර දෙන්න කියල. වසරකට වේවැල් පහර දීමේ ප්‍රමානයක් තියනව. මේ සේරම ලී ක්වාන් යූ ගෙ නැනී රාජ්‍යයෙ සැළසුම්. සිසුන්ට වේවැල් පහර දීම් තුලින් අනාගත කීකරු සමායක ලී බලාපොරොත්තු වුනා.

වේවැල් පහර කිව්වම අපේ ඉස්කෝලවල මිස් ල සර්ල වේවැලෙන් ගහන ඒව වගෙ කියල කෙනෙක් රැවටෙන්න පුළුවන්. එහෙම නෙවෙයි .සිසුවා මේසයක් ඉදිරියෙ නැවෙන්න සළැස්වල වැලමිට නවන්නෙ නැතිව දෙන දරුණු පහරක්. මෙය ප්‍රසිද්ධියෙ දෙන්නෙ. ලී මේ තුලින් බියපත් සමාජයක් ප්‍රාර්ථනා කළා. මෙතන තියෙන්නෙ මනෝ විද්‍යාව.

නමුත් පාලක පන්තියට මේ මොකුත් නෑ. ලී ගෙ දරුවෙකුත් කේනබල් ඔෆෙන්ස් එකකට වැරදිකරු වුනා. දඩයක් ගැහුව විතරයි. වෙන කෙනෙකුටනම් වේවැල් පහර.

සිංගප්පූරුවෙ බන්ධනාගාර ,හා හමුදාවල වේවැල් පහර දීම් සහ පාසල් සිසුන්ට වේවල් පහරදීම් අතර වෙනසක් තියනවා. සිරකරුවන් හා හමුදා නිළධාරීන්ට වේවැල් පහර දෙනෙන් නිරුවත් කරල. නමුත් සිසුන්ට කලිසම ගලවන්නෙ නැතිව වේවල් පහර දෙනව. සිසුන්ගෙ තට්ටම් ලෙලි යනව අඩුයි.


මයිකල් ෆේ සිදුවීමෙදි මේ වේවැල් පහරදීම් ගැන ලොවම දැනගත්තා. මේ තුවාල කැලැල් කිසිදා සුව නොවන බවත් කියවෙනව.



 ලී ක්වාන් යූ නම් අපූරු මිනිසාගේ පුද්ගලික බුද්ධි බලෙන් රට සමෘද්ධිමත් කර ඇත. මිහිබට කේතුමතියි .

සිංගප්පූරුව ගැන සමහරු තුල ඇත්තෙ මෙවැනි අදහසකි.

කොමියුනිස්ට්වාදය පැතිරීම වැළැක්වීම පිනිස ඇමරිකාව ලොව පුරා ප්‍රාග්ධනය ආයෝජනය කළේය. ජපානය ,දකුණු කොරියාව මීට උදාහරන වේ. සිංගප්පූරුව නම් කුඩා මාළු දූපතටද  මෙම ආයෝජන ලැබුනි.ඇත්ත කතාව එයයි

වෙන කිසිම හාස්කමක් නැත. සිංගප්පූරුව සුපර් මාකට් එකකි. එහි කුඩා ජනගහනයක් ඇත. මේ ජනයාගෙන් රජයට සිදුවන හිරිහැර වැළැක්වීම ආර්ථික ක්‍රමය ආරක්ෂා කිරීමේ එක් අවශ්‍යතාවයකි.

සිංගප්පූරුව ජපනා යටතේ තිබූ කාලයේ ජපනාගේ දරුණු නීති වලට සිංගප්පූරු වැසියා යටත් විය. මොන ප්‍රශ්න තිබුනත් දරුණු නීති හමුවේ මිනිසුන් බියපත්වන සැටි නිරීක්ෂනය කළ දුර්ජන මිනිහෙක්ද සිටියේය. ඔහු අන් කිසිවෙක් නොව අප  කතා නායක ලී ය.

අරාබි රටවල දරුණු නීති තිබුනත් ඒවා කරුණු 3 ක් මත සිංගප්පූරුවට වඩ වෙනස් වෙයි. අරාබි රටවල දරුණු දඩුවම් දෙන්නේ දරුණු අපරාධ වලටය. ඒවාද ඉත කලාතුරකිනි. ඒවා දෛනික කටයුත්තක් ලෙස ද සිදු නොවේ. කිසිම අරාබි රටක් මෙම දරුණු දඩුවම් ප්‍රවර්ධනය කිරීමක් නොකරයි. කොටින්ම කීවොත් ඔවුන් ඒවා දෙන්නේ බැරිම තැනය.

නමුත් සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට වේවැල් පහර දීම ප්‍රවර්ධනය කරන බව ඔබ අසා ඇත්ද. යම් වසරක වේවැල් පහර දුන් සිසුන් ගනන  රජයේ ඉලක්කයට වඩා අඩු නම් විදුහප්ලතිට උත්තර බදින්න සිදුවේ. වේවැල් පහර දීම් පොතක සටහන් කළ යුතුය. පහර දීමට පෙර හෝ පසු උපදේශනයක් සිදුවේ.

සිංගප්පූරුවේ හමුදා වල , බන්ධනාගාරවල වේවැල් පහර දීම් වලට වඩා සිසුන්ට පහර දීම් වෙනස්ය .ඒ සිසුන් නිරුවත් කිරීමක් සිදු නොවන නිසාය. එහෙත් සිසුන්ට පහර දෙනෙනි අනෙක් සිසුන් ඉදිරියේ ප්‍රසිද්ධියේය. 

ලී මෙහිදී චීන උපමාවක් ගෙන හැර දක්වයි.

වදුරන් බය කරන්නට කුකුලන් මරන්න " ඒ චීන උපමාවයි. යූ ටියුබ් වීඩියෝවක සිංගප්පූරු සිසුවෙකුට පහර දෙන සැටි තිබිනි. එය දකින අනෙක් සිසුන්ගේ ඇස්  දෙස බැලූ විට ලී ක්වාන් යූ මොන තරම් බුද්ධිමත්ද කියා සිතිනි. ඔහුට මනෝ විද්‍යාව ගැන හොද දැනුමක් තිබෙන්නට ඇත. බියපත් සමාජයක් රටේ සංවර්ධනයට අවශ්‍ය ය.

සිසුන්ට පහර දෙන විට ඔවුන්ගේ වකුගඩුවලට හානි වීම වැළැක්වීමට යම්න් ක්‍රියාමාර්ග ගන්න බවද අසා ඇත. මේවා අපේ ඉස්කෝලවල සිදුවන පහරදීම් නොවේ. මේ සදහා රජයෙන් විශේෂයෙන් පුහුනු කළ වදක ගුරුවරු පාසල් වල සිටිති. වැලමිට නවන්නෙ නැතිව දෙන මේ පහරවල් ඇතැම්විට අස්ථි පද්ධතියටද බලපායි.

 වැඩ වර්ජන නැත. විපක්ෂ මන්ත්‍රීවරුන්ට රජය විවේචනය කිරීම තහනම්ය. එය හිරේ යන වැඩකි.

චුවින්ගම් එකක් කෑමෙන් පසු පාරෙ දමා ගොස් අසුවුනොත් ඉසිලිය නොහැකි දඩයකි. ලෙඩෙක් පාරෙ කෙළ ගැසුවත් පුක ලෙලියන වේවැල් පහරවල් හා කෝටි ගගනක දඩය. එසේම සිංගප්පුරු වැඩිහිටියන්ට පවත්වන නිරන්තර මොන්ටිසෝරි පන්ති නිසා සිංගප්පූරුව නැනී රාජ්‍යයක් ලෙස ද හැදින්වේ.



පසුව ලියමි

පාසලෙන් සර් කෙනෙකුගෙන් මිස්/මැඩම් කෙනෙකුගෙන් ගුටි කෑමත් මේ සිංගප්පූරු වධයත් සමාන කර සිතන්න එපා. එසේම ගුටි කන්න සිදුවන්නෙ දබර කිරීම, දුම් පානය ,පාසලට කලට වෙලාවට නො ඒම ( කිහිප වරක් ) සහ ගෙදර වැඩනොකිරීම ( පිට පිට කිහිපවරක් )ය. මෙම පහරවල් හතරක් කෑ පසු කෙලින් සිටීමට බැරිය. තායිලන්තයේ මැලේසියාවේද පාසල් වල කායික දන්ඩනය තිබුනත් සිංගප්පූරු දඩුවම් මෙන් මාරාන්තික නැත. එසේම පුහුණු වධකයන් හා අමාත්‍යාංශ මට්ටමේ පෙළඹවීම් ද නැත. 

සිසුන්ට මේ ආකාර පහරදෙන සිංගප්පූරුවේ බන්ධනාගාර සහ හමුදාවල, චරිත ශෝධනාගාරවල තත්වය ගැන කියනුම කවරේද. ඒවායේ මෙම පහර දීම් සිදුවන්නේ නිරුවත් කිරීමෙන් පසුය. මෙම පහර කෑ පසු ටික දිනක් යනතුරු වැසිකිලි යාමටද බැරිය. කකුල් දෙක දිගේ ලේ බේරෙයි. ඔබ සිංගප්ප්පූරුවේදී මාර්ග නීතියක් කැඩුවොත් ,බසයක ඉරක් හෝ ඇන්දොත් ,සුළ්ඛු හොරකමක් හෝ කළොත් , කොල කෑල්ලක් බිම දැම්මොත් ඔබේ  පුකේ පතුරු ගැලවෙන බව කිව හැක.

සිංගප්පූරුවේ හෝ අරාබියේ නො ඉපදුන ඔබ මම වාසනාවන්ත බව පමනක් කිව හැක. මටනම් මෙම තිරිසන් අපායවල් වලට රැකියාවලට යනවා තබා දවසක් වත් සිටීමට බැරිය.

බලාගෙන පවු කලොත් ඊලඟ ආත්මෙ සිංගප්පූරුවෙ උපදින්න ඉඩ ඇත.
පින්වතුන් තුල සසර භය ඇතිකර නොපමාව කුසල් දහම්හි යෙදවීමටත් දෙලොව වැඩ තකා ලියූ සිංගප්පූරු අපාය ගැන විස්තරය නිමියේය.

 හෙහ් හෙහ් හ  හා හා






Tuesday, December 15, 2015

තේ පැන් සාදයි තම්බි කඩේ -බිස්මිල්ලාහ්,සුබනාඅල්ලාහ්,අල්හම්දුලිල්ලාහ්,ජසාකල්ලාහ්

අපගේ මිත්‍ර උන්මන්තක තුමාට පොරොන්දු වූ පරිදි ඉස්ලාමය ගැන තිබෙන විචිකිච්ඡා දුරලීම පිනිස ආගම්වාදී නොවන සංවාදයක් කිරීමට යි මේ පිටපොට ගැහිල්ල. ඇත්තෙන්ම ඉස්ලාමය හා මුසල්මානයන් ගැන සමහරු  තුල ඇති නුරුස්නා හැඟීම මට නැත. මම ඔවුන්ගේ බොහෝ සාධනීය දේ දකිමි. නිශේධනීය දේද එලෙසම දකිමි.

සමහරුන්ට මුසල්මානයන්ගේ ඇදුම ප්‍රශ්නයකි. මට නම් එය අවුලක් නොවේ. නිකාබ් නමින් හැදින්වෙන ඇෆ්ගනිස්ථානයේ ප්‍රචලිත කාන්තා ඇදුමෙන් මුහුණ සම්පූර්නයෙන්ම වැසේ. එය ආරක්ෂාවට ගැටළුවක් විය හැක. එසේ නැතිව කාන්තාවන් අදින හිජාබ් නම් වූ ඇදුමත් පිරිමින් අදින ජුබ්බා නම් ඇදුමත් මට නම් අවුලක් නැත. එය ඔවුන්ගේ අයිතියකි.

එසේම මුස්ලිම් වරුන් ගේ සුබසාධන වැඩද ආදර්ශමත්ය. ඔවුහු සකාත් දීම නමින් ධනවතුන්ගෙන් මුදලක් අය කර දුප්පතුන් ට දීම ඉතා ප්‍රගතිශීලීය.  මෙය ඇරඹුනේ 15 වැනි සියවසේය.එයයි මෙහි වටිනාකම වැඩි කරන්නේ.

පොලී ගැනීම ගැන ඉස්ලාම් ආකල්පයද මගේ සිත් ගති. එහෙත් අප  හිතවත් ඉකොනොමැට්ටා ඒ ගැන වෙනත් අදහසක් දරයි. ආර්ථික විද්‍යාව ගැන හසරක් නොදත් මා මෙන් නොව ඉකොනොමැට්ටාගේ බස් සිස්ව නොයයි. එහෙත් ගිනි පොලී නිසා පාරට වැටුන අසරනයන් දැක ඇති මා නම් මහමදු හිමියන්ගේ ස්ථාවරයට කැමතිය.

මහමදු හිමියන් දහම් දෙසුවේ මැද පෙරදිග ම්ලේච්ඡ මිනිසුන්ටය. වෙන කිසිම ආගමික නායකයෙකුට මුහුන නොදීමට සිදු  නොවූ අත්දැකීම් ඔහුට ලැබුනි. ඔහුට යුද්ධ කිරීමට සිදුවිය.සිය සමාජය පාලනය කිරීමට දන්ඩ නීති සංග්‍රහයක් සම්පාදනය කිරීමට සිදුවිය. එහිදී ඔහුට මාර්ගෝපදේශනයක් වුනේ හමුරාබිගේ නීති සංග්‍රහහයයි. එහි අත පය කැපීම් සුලබ විය. නමුත් මහමදු හිමියන් මෙම දන්ඩ නීති සංග්‍රහය වඩාත් මානුෂික කළේය. එකල තිබූ දඩුවම් වල ස්වරූපය මෙයින් ඔබට පෙනෙනු ඇත.

යුද්ධ කාලයේ සිදුවූ යම් යම් දේ උලුප්පා ඉස්ලාමයට පහර ගැසීම වැරදි වන අතර විශේෂ අවස්ථා වල පහල වූ මෙම පාඨ පොදු ව්‍යවහාරයට ගැනීමට හැකි සේ අර්ථ නිරූපනය කිරීමට යම් මුසල්මානයෙක් උත්සාහ දරයි නම් එයට සෙසු මුසල්මානයන්ගේ විරෝධය එල්ල විය යුතුය.

එසේම එකල සමාජ ප්‍රශ්න වලට විසදුම් සෙවීමේදී බොහෝ අපූරු දේ සිදුවිය. මේ එක් කතාවකි. එකළ කැලෑවල වැසිකිලි ගිය අරාබීන්ට මුහුන දීමට සිදුවූ ගැටළුවක් නම් ගසේ උඩ සිට තොන්ඩුවක් දැමීමයි. මහමදු හිමියන් දෙසුවේ සිරුර මදක් ඇලකර මලපහ කරන ලෙසයි. මෙය සමච්චලයට ලක් කළ අරාබියෙක් සිරුර ඇලකර මලපහ කලේ මෙය සමච්චලයට ලක් කිරීමටය. එවිට ඔහුට දැමූ තොන්ඩුවෙන් ගැලවුනි. වහාම මහමදු හිමියන් හමුවූ  අරාබිවරයා ඉස්ලාමය වැළද ගති. වර්තමානයේ ගස් උඩ සිට තොන්ඩු වැටීමේ අවදානමක් නැති බැතිමත් මුස්ලිම්වරයා කොමඩ් එකේ මලපහ කරන්නේද සිරුර වමට ඇලකරගෙනය. ආගම් වල යම් යම් චාරීත්‍ර පහල වන්නේ ඒවා පැවති සමාජ පසුබිමටය.

අප යහපත් දෙයක් පටන් ගන්නා විට පොල්තෙල් පහන දැල්වීමද  එවැනිම දෙයකි. එදා සාකච්ඡාවක් පටන් ගැනීමට පෙර පහනක් දැල්වූයේ ආලෙඔකය ලබා ගැනීමටය. අද විදුලි බුබුලු තිබුනද අපි පොල්තෙල් පහන චාරීත්‍රයක් ලෙස දල්වමු.

දේපොල බෙදීමේදී ඔහු දුර්වලයන් ,කාන්තාවන් ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ගත්තේය.අප මේ ලිපිය සකස් කරන්නේ අදේවවාදී ආස්ථානයක් සිටයි. යටත් වූ ගෝත්‍ර සම්බන්ධව ඔහු ඉතා මානුෂික විය. ( මේ මානුෂිකත්වය එදාට සාපේක්ෂ බව සළකන්න ) යටත් වූ ගෝත්‍ර ගැන බයිබලයේ පරන ගිවිසුමේ ඇති දේ බලන විට එදා මෝසෙස් ,ආරොන් යුගයට වඩා මහමදු යුගයේදී මැද පෙරදිග වැසියා සාපේක්ෂ ශිෂ්ට බවක් අත් කරගෙන සිටියේය.

පුරස්නය මෙයයි. ඉස්ලාමය හොඳ සමාජ සංවිධානයකි. එය ශක්තිමත්ය. ලෝක ජනගහනයෙන් බ්ලියන 1.6 ක්ම මුස්ලිම් වීමෙන් එය පෙනේ. එහි පුරෝගාමීන් අතිශය බුද්ධිමත් දුර දක්නා නුවනින් යුත් අයයි. ඔවුන්ගේ ශක්තිය වූ මේ දැඩි බව දැන් ඔවුනට අවාසියක් වී ඇත. වෙනස් නොවන නීති සංග්‍රහයන් අසාර්ථකය. අනෙක් අතර දුරාතීත සෙමිටික් ම්ලේච්ඡත්වයට  ශුද්ධ බවක් ලැබී තිබීම නම් ඉතා කණගාටුදායකය.

එසේම ඔවුන්ගේ ඝෝෂාකාරී ආගම් ඇදහීමෙන් වෙනත් ආගමිකයන් අපහසුතාවයට පත් වේ.එසේම ඔවුන් හැමතැනම පල්ලි ඇටවීමත් නෝ ගෝ සෝන් නිර්මානය කිරීමත් සෙසු ජනයාට පීඩාවකි. බටහිර ජනතාවද ඔවුන්ගේ ශිෂ්ට කම නිසා මේවා ඉවසන බව පෙනේ. එහෙත් මුස්ලිම්වරු තේරුම් ගත යුත්තේ මෙය සැමදාම කළ නොහැකි බවයි. එසේම එය බටහිර වැසියන්ගේ දුර්වලකමක් ලෙස සිතන්නට ද නොපෙළබෙන්නේනම්  හොඳය.

ඉස්ලාමය නොතකා හැර ලොවට ඉදිරි ගමනක් නැත. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්ම මුස්ලිම් බැවිනි. අරාබි කූඩාරම රැගෙන මුස්ලමානයා සහ සෙසු මිනිසා 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ කෙසේද යන්න නොවිසදුන ගැටළුවයි. එය අනාගතයට භාර කරමු.


අපගේ මිත්‍ර උන්මන්තක ගැන මට පහල වූ කවි සංකල්පනාවක්.

ආගිය තොරතුරු කියමින් සිත රැදි
බ්ලොග් ලොවතුල අප ඊයේ සිටි හැටි
අර බලපල්ලා කවුදෝ එන සැටි
අහස බලයි කියවයි පොත අත ඇති


කවුරුද මේ අමුතුම බ්ලොග්කරුවා
ජුබ්බාවක් ඔහු ඇදගෙන සිටියා
අහසට නිතරම අත දිගු කෙරුවා
දිනකට පස් පාරක් වැද වැටුනා


මිත්‍රවරුනි මගෙ නම උන්මන්තක
එක දෙවියෙක් ගැන තිර අදිටන ඇත
කෑමට තොප සමගින් මේ බ්ලොග් බත
ආවෙමි සිත සතුටින් මා තොප වෙත

සුබනාඅල්ලහ් කියමින් ඔහු ආවිට
බ්ලොග් ලොව තිබු මහ අඩුවක් නැති විය
සැම මතයම මෙහි රජකළ යුතුමය
මත ගැටුමින් බිහිවෙයි අප නව ලොව

ඉන් පසු අප සැම සතුටින් සිටියෙමු
හොද්දට රට ඉදි පදමට දැම්මෙමු
බ්ලොග් ලොව මනරම් සී පද කිව්වෙමු
කාලිෆ් ලෙස ඔහු ඔටුනු පැළදුවෙමු

ඔහුගේ පිළිතුර

මා ලෙස ඔබ ඇඳී සිතුවම වරදකි
තරමක වෙනසකි සිත ගැති මිනිසකි
ජුබ්බා නැත මුත් මට නැත වරදකි
ජුබ්බාව කමිසකි තව එක් වැස්මකි

ලබ්දිය බැඳි නැත ජුබ්බාවන් පිළිබඳි
පාකිස් තානික නිත ඇඳි ඒ දිග කමිසකි 
ඒ මොට මා ඇඳ මට නැත ඔය ගැති
පටලව ගනු නොව වෙන වෙන කරුණකි

ඔබ හට මගෙ තුති
ලියුවට මා සැටි
තිබුනත් වරදති

හද පිරී සතුටකි

Monday, December 14, 2015

මිත්‍යාව ස්වයං යෝජනාවක් වූ ප්‍රජාවක් -සුමනදාස චින්තනය ඊයේට වඩා අවශ්‍ය හෙටටය.



සුමනදාස සමරසිංහ මහතා ගැන පළ කළ කලින් ලිපියේ එතුමන්ගේ දේශනාවල වැදගත්ම දෙය වූ ස්වයං යෝජනා ගැන අවධාරනයක් නොවිනි. එය අවධනායට ලක් නොවීය. මෙහි අරමුණ ඒ ගැන වැඩි අවධාරනයක් කිරීමයි.


අනාදිමත් කාලයක සිට ජනමනසට  අරක් ගෙන සිටි නැකැත්කාරයන් ,කපුවන්  හා යන්තර මන්තර කාරයන්ට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේ ඒබ්‍රහම් කොවුර්ය. මෝඩයන් හුදකලා කර මෝහනය කර රවටන තක්කඩි කිසිදාක සිය බලය ස්වාධීන පර්යේශනයකට ලක් කිරීමට මැලි වෙති.ඒ එවැන්නකදී තමන් අතේ කයිතන් වන බව ඔවුහු හොදාකාරවම දන්නා නිසාය.

කොවුර් ගේ නායකත්වයෙන් ඇරඹි හේතුවාදී සංගමයද අද අකර්මන්‍යය.


පසුගිය කාලයේ මිත්‍යාව ජය කෙහෙළි නංවා යථාභූත ඥානය අල්ලා පරසක්වල ගැසූ බව අප දනිමු. එහි සැගවුන න්‍යාය පත්‍රය වුනේ රටේ ජනතාව හරක් පට්ටියක් කර එහි පාලනයට රජෙක් අවශ්‍යය යන මතය කාවැද්දීමයි.රාවණා ගැන අතේ පත්තු වන බොරු ප්‍රචාරය කෙරුනි. රජකතා ටී වී චැනල්වල ප්‍රචාරය කළ අතර චිත්‍රපටද ගැලවුම්කා
මිත්‍යාවේ ජයග්‍රහනටර රජෙක් ගැන කියවෙන ඒවා විය.
ත් සමග රට පුරා තක්කඩි බිහිවිය.එහෙත් අප මේ කියන්නෙ මේ තරමට මිත්‍යාව සංවිධානාත්මක නොවූ යටගිය දවස සුමනදාස සමරසිංහ මහතා කළ සාර්ථක ව්‍යායාමයේ හරය ගැනයි.

සුමනදාස මහතාගේ උත්සාහය මිත්‍යාවට පහර ගැසීමම නොවීය. ඔහුට අවශ්‍ය වුනේ මිනිසුන් සාර්ථකත්වයට යොමු කිරීමය. රටේ වැඩිදෙනා දුකින් සිටීමේ මාවත තෝරාගෙන අසාර්ථකතවය කරපින්නාගෙන සිටින නිසා එහිදී එම අසාර්ථකත්වයට පහර දෙන විට මිත්‍යාවන්ටද පහර වැදුනි.

ඉස්ලාමය තුලින් දුරාතීතයේ පැවති ගෝත්‍රික අරාබි ම්ලේච්ඡතවයට ශුද්ධබවක් ලැබී ඇති බව මම මීට පෙර ලිපියක පැවසීමි. එසේම ක්‍රි:පූ 6 වන සියවසේ පැවැති වෘක්ෂ වන්දනාව ,පර්වත වන්දනාව  සහ සොහොන් වන්දනාවට අප අතර ශුද්ධ බවක් ලැබී තිබීම කණගාටුදායකය.

අපගේ සාර්ථකත්වය ඇත්තේ අපේ සිතේ බව සුමනදාස සමරසිංහ මහතා පැවසීය. ඒ යටි සිතේ ඇති බල මහිමයයි. මේ යටි සිත අවදි කර ගැනීමෙ ක්‍රම එතුමා නිතරදේශනා කළේය. යටි සිතට ස්වයං යෝජනා කළ යුතු බව ඉගැන්වීය. යටි සිත යම් ස්වයං යෝජනාවක් බාර ගතහොත් අප දිවිය හැඩ ගැසෙන්නේ ඒ අනුවය. බොහෝ දෙනා නොදැනුවත්වම තම යටි සිතට දමාගෙන ඇත්තේ තමන් අසාර්ථකත්වය කරා ගෙන යන දේවල්ය. මිත්‍යාවන්ට පහර වදින්නේ මෙතනදීය.

සාපේක්ෂ ලෙස ගත් කළ ක්‍රිස්තියානි ,මුස්ලිම් ජනයා අතර මිත්‍යාවන් අඩුය. ඔවුහු දෙවියන්ගෙන් ඉල්ලීම තුල නොදැණුවත්වම ස්වයං යෝජනා කර ගනිති. ඔවුන්ගේ දෙවියන් වහන්සේ සුමනදාස මහතා දේශනා කළ විශ්ව ඥානය වැනි එකකි.අප බුද්ධිය හැර අන් සරණැක් නැතැයි කියමින් ( නත්ථිමේ සරනං අඤ්ඤං බුද්ධෝ මේ සරනං වරං  ) කියමින් ගොරක යකාටත් නමස්කාර කරමු.

නිදහස්ව සිතන්නට හුරුවීමෙන් මා ලද අවබෝධය මෙසේය.

ගී කියමින් ගසක් වටා යාම වැඩිහිටියන්ට උචිත නොවන බව.

ප්‍රමානය ඉක්මවා ජලය හා කිරි වැනි දේවල් ගස් වල මුලට දැමීමෙන් මුල් කුනුවන බව

පර්වත වලට වැදීම නිශ්ඵල බව

පිළිම ඉදිරියේ කෑම බීම හා බුලත්විට තබා මළ භාෂාවකින් කවියක් කීම නිශ්ඵල බව

ප්‍රතිඥාවක් පිලිනොපැද එය උදේ හවස තමන්ටත් අනුන්ටත් නොතේරෙන බසකින් ගෙම්බන් කෑගසනවා මෙන් කියවීම නිශ්ඵල බව.

ආදියයි.

තම දුකට හේතුව පෙර කරුමය ‍යැයි විශ්වාස කරන්නා වරදකාරී හැගීමකින් පෙලේ.ආගමික විශ්වාස තුලින් මිනිසුන් බියට පත්කිරීම මිස බියෙන් මිදීමට උපකාරයක් කිරීම නොකරයි.සසර දුක ගැන සිතීම ඍනාත්මකය. සසර දුකින් මිදීමට පෙර මුදල් සොයාගෙන මෙලොව දුකින් මිදිය යුතුය.

දුප්පතුන්ට උපකාර කිරීම් ගැන අපට අසන්නට ලැබේ. ඒවා ඉතාම හොඳ පින් අතේ වැඪය. නමුත් අප විමසා බැලිය යුත්තේ දුප්පතුන් ඒ තත්වයේ සැමදා සිටින්නේ ඇයිද යන්නයි. මෙය එක්තරා සංස්කෘතික ලැග්මකි. එනම් මොවුහු දුගීබවේ සංස්කෘතියකට හුරු වී සිටිති.සුමනදාස මහතාම දුගීන්ට කෑම් බීම් මිල මුදලින් සංග්‍රහ කළේය. එසේ කිරීමෙන් ඔහු මෙන්ම දුගීන්ද ලැබුවේ තාවකාලික සතුටකි. කල යුත්ගේ දුගීන්ට දුගීබවෙන් මිදීමට උපකාර කිරීමය. ඔවුන්ගේ දුගීබවට හේතුව ඔවුන්ගේ ඍනාත්මක චින්තනයයි.


විධිමත් මනෝ විද්‍යා දැණුමක් නොතිබුනද සුමනදාස මහතාට තිබූ මනෝ වෛද්‍ය විද්‍යා දැනුමද සතුටුදායකය.අසාමාන්‍ය මනෝ විද්‍යාව සහ ලිංගිකත්වය ගැන ඔහු විශිෂ්ට ග්‍රන්ථ දෙකක් ලියා තිබුනි. ඒ ඔහුගේ විද්‍යාත්මක ගවේශනයන්ට අමතරවය. එසේම ඔහුගේ ග්‍රන්ථ අතර සමාජයේ  දුර්වලකම්වලට සෝපාහාසයෙන් යුතුව පහර ගසා තිබූ ග්‍රන්ථ රසකි.සිත ධනාත්මක සිතිවිලි වලින් පුරවා ප්‍රීතිමත් බුද්ධිමත් මිනිසුන් නිර්මානය කිරීමේ වචනයෙන් විස්තාර් කළ නොහැකි මේ උතුම් උත්සාහය ට මාධ්‍ය මගින් යහපත් සහයෝගයක් ලැබුනේ නැත. එහෙත් නොයෙකුත් බාධක මැද රට පුරා සාර්ථක මිනිසුන් විශාල පිරිසක් බිහි කළ මේ අසහාය ගුරුවරයා සතුටක් ලැබුවේ තම ගෝලයන්ගේ ජයග්‍රහන දැකීමෙනි.

Saturday, December 12, 2015

සුමනදාස සමරසිංහ අපේ කාලයේ මහා වීරයෙකි, උත්තම පුරුෂයෙකි.

මෙම පෝස්ට් එක පාඨකයෙකුගේ ඉල්ලීමක් මත දමන විශේෂ එකකි. ඇත්තෙන්ම අද සමාජයට නුහුරු මේ උදාර පුරුෂයා ගැන දැනුවත් කිරීම මහ මෙහෙවරක් ලෙස මටද සිතුනි.

Sumanadasa Samarasinghe

ඒ උදාර පුරුෂයා ගැන අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමට සුමනදාස කියා ටයිප් කරන විට සජෙෂන් ලෙස මුලින්ම ආවේ සුමනදාස  යන නම මුලට එන වල් පාහර තක්කඩියාගේ නමයි. ඉමේජස් චෙක් කරන විටද තක්කඩියාගේ තුච්ඡ මුහුන දිස්වේ. එය දුටු විටම කෙල ගසන්නට සිතුනි. ඒත් කෙළ පහර වදින්නේ ලැප් එකට නිසා නිකම් සිටියෙමි. සුමනදාස සමරසිංහ මහතාගේ රුවද සොයාගත හැකි විය.

වත්මන් තරුණ පරපුර සුමනදාස මහතාගේ නමවත් අසා නැතිවා විය හැක. විවිධ විශයන් ගැන ඇසූ පිරූ තැන් ඇතිව සිටි එතුමා සාත්තර පත්තරයක කතු පදවියද දැරීය. හොඳ සමාජ සම්බන්ධතා ජාලයකටද හිමිකම් කී එතුමාට මේ රටේ ජන මනස ගැනද තිබුනේ හොඳ අවබෝධයකි. කෝටි ප්‍රකෝටිපතියෙක් වීමට ඕනෑ තරම් අවස්ථා තිබියදී ඒ බැහැරකර තෝරාගත්තේ ජනතාව මිත්‍යාවෙන් මුදාගැනීමේ මාවතයි.

එතුමාගේ ව්‍යාපාරය ඉතා සාර්ථක විය. එතුමාගේ අනුගාමිකයන් සෑම ක්ශේත්‍රයකම විය.සමාජය පුදුමාකාර ප්‍රබෝධයක් ලැබීය. ඍන සිතිවිලි බැහැරකර සාර්ථක වීමටත් දුක් වීම වෙනුවට ප්‍රීතිවීමටත් ජනතාවට ඉගැන්වීය.

ගම් නියම් ගම් වලට පැමින දේශනා පැවැත්වූයේ නිස්සරනද්‍යාශයෙනි. දේශනා ඉතා රසවත් විය. ප්‍රශ්නයක් ඇසූ විට දෙන උත්තරය සබය සිනා සයුරේ ගල්වයි.වැටුන මිනිසුන් ඔසවා තබයි. සමහර උපමා සිතේ රැදෙන්නේ ගලේ කෙටූ අකුරු මෙනි.

මා එතුමා දැක නැත. නමුත් එතුමාගේ පොත් තුලින් එතුමා කියවා ඇත.මේ මට මතක තිබූ කියමන්ය.

විචාර බුද්ධියෙන් තොර අය අතපය බැද අචිරවතී නදියාට් දැමූවන් ලෙස හැදින්වීය.

බිම බලාගෙන පිළිම මෙන් මුහුණු ඇතිව යන්නන් උතුමන් නොව මානසික රෝගීන් ලෙස හැදින්වීය.

මරනානුස්මෘති ය වඩන්නේ වාසනාවට වයසක අය බව කී එතුමා තරුනයන් එය වඩන්නේනම් බණ ඇසීමට බෞද්ධයන් ආනයනය කිරීමට සිදුවන බව කීවේය.

එක්තරා දේශනයකදී ගවමස් නොකෑම ගැන පැනයක් ඇසූවිට ඒ ගැන එකල දේශනා පැවැත්ත්වූ තැනැත්තා දැක තිබේදැයි ඇසීය. ඔවු කියා කී විට ඒ වගෙ වෙන්න කැමතිනම් නොකා ඉන්න කියා කීවේය .සබය සිනා සයුරේ ගිලුනි.

ඍද්ධි ලබා අහසින් ගිය කිසිවෙක් ලංකාව හා ඉන්දියාව හැර වෙන රටවල් දැක නැති බව කීවේය.

පුදුමයකට මෙන් මේ කිසිවකට එතුමාට විරෝධයක් එල්ල නොවීය. එකළ සමාජය අදට වඩා ප්‍රබුද්ධ යැයි සිතමි.

දියුණුවට බාධා කරන්නේ උඩුසිතේ ඇති බොල් දුහුවිලිය. සියල්ලටම වඩා උතුම් ලෙස පෙන්වාදුන්නේ සිතේ සතුටයි.එතුමන්ගේ ඉගැන්වීම යටි සිතේ බල මහිමයයි. එය විශ්ව ඥානයයි. අප තුලින් මතු වන්නේ විශ්ව ඥානයයි.  අසන දකින සියල්ල තුලින් සදාකාලික වූ මහා කාරුණික වූ විශ්ව ඥානය දකින ලෙස එතුමා ඉගැන්වීය.උඩු සිතේ බන්ධනයන්ගෙන් මිදෙන සැටි ඉගැන්වීය.දුක ඇත්තේ උඩු සිතේය.සතුට ඇත්තේ යටි සිතේය.

එතුමන්ගේ ව්‍යායාමය සාර්ථක විනිනම් අද අප රට දියුණු ප්‍රීතිමත් මිනිසුන්ගෙන් පිරි රටකි. එහෙත් අප එතරම් වාසනාවන්ත නැත.2002 දී එතුමා අභාවප්‍රාප්ත විය.


එතුමාගේ ව්‍යාපාරය දියණියක වන ගයානි සමරසිංහ නෝනා මහත්මිය විසින් කරගෙන යයි. එතුමාගේ මරනින් පසු චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයට සිදුවූ නස්පැත්තිය ගැනත් ඉන් පසු මිත්‍යාව විජයග්‍රහනය කළ සැටිත් කතා කරන්නට කැමැත්තෙමි.

සුමනදාස මහතා කළේ උඩුගං බලා පිහිනීමකි. ඊට වඩාරැල්ලට ගහගෙන යාම පහසුය.

යටපත්වී තිබූ මිත්‍යාව අලුගසා දමා නැගිට්ටේ එක්තරා කපටි වෛද්‍යවරයෙකු විසින් මෝහනය කර ක්ෂනික නූඩ්ල්ස් මෙන් මිනිසුන් පෙර ආත්ම වලට ගෙන යාමෙනි. එය මහත් සේ ජනප්‍රිය වූ අතර ඉන් පසු බුදු දහම  ,ක්වොන්ටම් භෞතිකය ආදී වශයෙන් වචන අච්චාරු දමා වැඩසටහන් ටී වී චැනල් වල විකාශනය විය. තාරකා විද්‍යාඥයෙක්ද මීට සම්බන්ධ විය. මෙම වැඩසටහන් තරුණ පරපුරේ මහත්සේ ඒ ජනප්‍රිය විය. යටපත්වී තිබූ මිත්‍යා මත ආකරයට හොද පෝර පහරක් වැදුනි.

වඩා තර්කානුකූලව සිතන්නට හුරු වූ තරුණැයෝ සෝම හිමිගේ බණ ඇසීමට පොර කෑවේ මේ රැල්ල කූටප්‍රාප්තියටපත් වීමෙනි. ඉන් පසු කිරිබත්ගොඩ සෝවාන් ව්‍යාපාරයයි., ෆෙන් ශුයි කාරයන් ,වැව් ගංගා පිරිත් කරන හොර ගනයන්, වශී ගුරුකම් කරන ගනයන් හා රොඩියන්ෆෙන් ශුයි කාරයන් ,වාලම්පුරි කාරයන් , දිවැස් ඇති ඉසිවරු , සල්ලි වස්සන ලක්ෂ්මීලා , යෝගීන් ,රහතන් වහන්සේලා එක පොදියට පහල වියබටහිර විද්‍යාව බොරුයැයි පඩිවරයෙකු කී බැවින් එය ද පනින රිලවුන්ට ඉනිමං තැබීමක් විය.හොරුන්ට තක්කඩියන්ට කල්ල මරේ විය.මල්ල කරේ විය. 

සුමනදාස ලා නිකම්ම හේතුවාදියෝ නොවූහ. ඔවුහු ජාතියට මග පෙන්වන්නෝ වූහ. නව සොයාගැනීම් වලට දිරි දෙන්නෝ වූහ. ජනතාවට එකක් කියා හිතවතුන් හා එකලා වූ පසු හාත්පසින් වෙනස් දේවල් කියන ගිහි පැවිදි උතුමන්ලා ට වඩා මෙතුමා වෙනස් විය. සාර්ථකත්වය පමනක් නොව විද්‍යාත්මක ජීවන දෘෂ්ටියක්ද මෙතුමාගේ සිසුන්ට ලැබුනි.

මෙතුමාගෙ මරනයත් සමග චිත්ත ධර්මය තුනට කැඩුනි. ඇත්තෙන්ම මෙතුමාට අගසව්වන් තිදෙනෙක් විය.

එක් අයෙකු දකුනේ සංචාරක හෝටල් හිමියෙකි.චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයේ බලය හිමි වුනේ ඔහුටය. සුනාමියෙන් ඔහුගේ හෝටල් ,බිරිද සහ කෝටි ගනනක වාහනය අහිමි විය. ඉන් පසු ඔහු සක්‍රියව චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයට දායක නොවීය.

චිත්ත ධර්මයෙන් මනස පතුර ගලවාගත් කුරුණෑගල පොර සුමනදාස මහතාගේ ව්‍යාපාරයට කළේ ඉමහත් හානියකි.ඔහු විශ්ව ඥානය ගැන යටි සිත ගැන ඉගැන්වීමක් කළේ නැත. මිත්‍යා මත වලට පහර දුන්නේද නැත. ඒ වෙනුවට සගරා අලෙවිකරමින් ,ලක්ෂපතියන් බිහිකරමින් ෆෙන් ශුයි පන්නයේ නාඩගමක් නැටීය.
අනෙක් ප්‍රධාන සිසුවා විශ්ව මාතාද මොකක්ද කියා වෙනමම එකක් හදාගෙන කැඩී ගියේය. ඔහු ගැන අසන්නටවත් නැත.

අද සුමනදාස මහතා අප අතර නැත. එහෙත් එතුමන්ගේ පොත් හා සැබෑ ගෝලයන් නිසා එතුමන් අප අතර ජීවමානය. සල්ලි ආකරයක් අත හැර මිනිසුන් කෙරෙහි පතල කරුනාවෙන් ඔවුන් වලෙන් ගොඩ ගන්නට වෙර වීරිය දැරූ එතුමා මිනිසුන්  මිත්‍යාන්ධකාරේ ගිල්වන ගිහි පැවිදි පල් හොරු මෙන් ජනප්‍රිය නැතත් සදාකාලිකය. මන්ද සත්‍ය වෙනුවෙන් පෙනී සිටි බැවිනි.

සුමනදාස සමරසිංහ මහතා සම්බන්ධ ලින්ක්

සුමනදාස සමරසිංහ ෆේස් බුක් පේජ් එකක්

සුමනදාස සමරසිංහ බ්ලොග් එකක්



Thursday, December 10, 2015

අන්ධයා මංමුලාකරන්නෝ ශාපලද්දෝය

අන්ධයා මංමුලාකරන්නෝ ශාපලද්දෝය - බයිබලය

    

මේ පාඨය බිහිවුනේ මැදපෙරදිග මරු කතරේ යුදෙව් මිනිසුන්ටය. විගසක් එකතැන නොසිට ගල් ගසන කඩු ගෙන අත් පා කපන  පොලු මුගුරු ගෙන සෙස්සන් එළවන ම්ලේච්ඡ මිනිසුන්ටද ගුනධර්ම ඇත. සමාජයේ නරක මිනිසුන් ලෙස ප්‍රසිද්ධ  ස්ත්‍රී දූෂක ,මිනීමරු මංකොල්ලකාරයන්ද නොකරන බලු වැඩ තිබේ.  මෙයද එවැන්නකි. පුරාන ම්ලේච්ඡ යුදෙව්වා මොන ජරාවැඩය කළැත් අන්ධයන් මංමුලා කිරීමට අකමැති විය. එසේනම් මෙය අන්ත නිහීන ජරා තුච්ඡ වැඩක් විය යුතුය.වැළිදු පැනයක් ඇත. මෙවැනි කුපාඩිකමක් කරන අය වෙත්ද .සිටිත්මය.

ජාත්‍යන්ධයන් රවටන අන්ධයෙක්ද වෙයි. භාන්ඩාගාරය පුරවන වාලම්පුරිකාරයෝය. බැලු බැලු අත බැකප් පැලෑන් ඇති කේන්දරකාරයෝය. විශ්ව ශක්තියෙන් ලොව දෙවනත් කරන යෝගියෝය.

තව තැනක සියළු රෝග සුව කරන දිව්‍ය වෙදදුරෝය. තව තැනක සියල්ල දත් ඉසිවරුය. ප්‍රශ්නය මේ හැම එකාම පට්ට බොරුකාරයෝ වීමය.

අපද බොරු කියමු. එහෙත් අපගේ බොරුවලින් කිසිවෙක් රවටා කීයක් හෝ කඩාගන්නට කියාන් ඒවා නොවේ. බොරු කියා කිසියම් කෙනෙක් ( ඥානාන්ධයෙක් ) රැවටීම මහා නින්දිත පාපකර්මයකි. මන්ද මේ බොරු විශ්වාස කරන්නා ඇස් පෙනුනද ජාත්‍යන්ධයෙක් නිසාය. එවැන්නෙක් හතර මං හන්දියකට ගෙන ගොස් අතරමං කරන එක තුච්ඡ නින්දිත වැඩකි.

මේ සියල්ල පට්ටපල් බොරුය. අප කියන්නෙ නිකම්ම නොවේ. අප මේවා ගැන ගවේශන කළ බැවිනි. මේ ගැන කතා කරන්නට අවශ්‍ය දැනුම අපට තිබේ.

නමුත් විද්‍යාවෙන් සොයා නොගත් යම් යම් දේ තිබිය හැක. මේ මා කලින් කී දෙයට ව්‍යතිරේකයක් නොවේ. එසේ  සොයාගතහොත් ඉන් පසු එය නව දැනුමක් මිස ගූඩ රහසක් නොවේ. යමක් විද්‍යාවක් නම් එය තව දුරටත් ගූඪ නොවේ. ගූඪ බව අවශ්‍ය තක්කඩියන්ටය.

ජ්‍යොතිෂය , විශ්ව ශක්තිය , දෙවිවරු ,ෆෙං ශුයි ,ලෙඩ සුව කිරීම් ,යන්ත්‍රමන්ත්‍ර, ආදී දේවල් ගැන කතා  කිරීමට අප සූදානම් බව සිහිපත් කරමු.




මගේ අදහස් දැක්වීම


මේ පෝස්ට් එක ට ප්‍රශංසා කරන්න මට වචන මදි. ඒ නිසා මුකුත්ම නොකිය ඉන්නම්. ඒ තරම් පට්ට සුපිරි.

අපි හුග දෙනෙකුට ඉක්මනට අමතක වෙලා තක්කඩියෙක් කියන දේවල්වලට මෝහනය වෙනව. සමහර අනාවැකි කියපු උන්ටත් මතක නෑ නමුත් මට මතකයි.
ඉරහද කාරය කියපු එක අනාවැකියක්වත් හරි ගියෙ නෑ. නමුත් උගෙ බිස්නස් පොඩ්ඩක්වත් වැටුනෙ නෑ.
ඌ ඇන්දුවට වඩා ඇන්දිල්ලක් අන්දපු සුමනදාසය කියපු බොරු මාට්ටු වුනත් (ජොහාන් අංක එකට එනව කියල ) ඒව කවුරුත් ගනන් ගත්තෙ නෑ.

අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියල. ඊට පස්සෙ ආවෙ පොට්ටයයි යෝගියයි. තාව උන් හිටියට ඇන්දිල්ලෙ කලාව දැනගෙන හිටියෙ මුන් දෙන්න.

ඔය යෝගිය කිව්ව අගෝස්තුවෙ ලොකු පෙරලියක් වෙනව ඒක ජනවාරි එකට වඩා ලොකු එකක් කියල. මහින්ද සුලග ගැන සැකයක් නිසා එහෙම කියන්න ඇති. එහෙම එකක් කිව්වද කියල ඌතත් මතක නැතුව ඇති දැන්.

යෝගිය කියන සමහර ඒව පරස්පර විරෝධියි.හේතුවාදී විද්‍යාකුලපතිල එක්ක අනුරාධපුරේ සංචාරෙකත් ගියා යෝගිය.අර ගෑනුන්ට දෙයියො පේන්න ගත්ත වෙලාවෙ. දේව ඇදහිලි ගැනත් යෝගිය දන්නෙ නෑ.

පොට්ටය කියන ඒව බලන්න 2020 වෙන කම් ඉන්න එපායැ.

මේ හැම එකාම කියන්නෙ අනුමානෙට. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හරියනවනෙ. මුන්ට තියනව බැකප් ප්ලෑන් එකක්.



අර ආසිරිය කියන්නෙ ඉස්සර කුනුහරප පත්තර ගහපු එකෙක් A-Z කියල. උගෙ ගුරුකම් ගැන අහල හිනාවෙලා ඉල ඇටත් කැඩෙනව. තක්කලි ගෙඩියෙ ගුරුකමෙන් විභාග සමත් වෙනව. ගෙම්බෙක් ගෙදර තියාගත්තම සල්ලි ලැබෙනව. මේ වගෙ හිනායන සාජ්ජ ගොඩයි.

Tuesday, December 8, 2015

භාෂාවේ වෙනස්කම් හා පොදු බසක හැඩරුව

මනෝ මන්දිර භාශාව ගැන අපූරු පෝස්ට් එකක් දමා ඇත.


මගේ අදහස් දැක්වීම


1.නොදන්න දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. මට මෙහෙම හිතෙනව. ලංකාව වගෙ කුඩා රටක මේ වගෙ භාෂා වෙනස්කම් ඇතිවුනා කියන්නෙ තව කාලයක් ගියානම් මේ වෙනස්කම් පුළුල් වෙලා වෙනම භාෂා බවට පත්වෙන්නත් ඉඩ තිබුනා. ලංකාවෙ ජනතාවත් ඉස්සර එකිනෙකා මිශ්‍ර වෙලා තිබුනෙ ඉතා අඩුවෙන්.ඒකයි මේ වගෙ වෙනස්කම් ඇතිවුනේ.

එකම ප්‍රජාවක් සොබාවික හේතුවක් නිසා දෙකට බෙදුන කියල හිතමු. උදාහරනයකට ගංගාවක් ගලා යාම වගෙ දෙයක් නිසා . මිනිසුන් එකිනෙකා හමුවීම නැවතුනාට පස්සෙ කාලයක් ගියාම ඒ දෙගොල්ල කතා කරන දේවල් තේරුම් ගන්න බැරි තරමට භාෂාව වෙනස් වෙනව. මේ විදියට තමා එක් භාෂාවක් අනෙක් භාෂාවෙන් වෙනස් වෙලා තියෙන්නෙ.

ඉන්දු ආර්යයන් ස්ටෙප්ස් තැනිතලාවල ඉන්න කොට එකම භාෂාවක් කතා කළත් ඔවුන් විසිරුන විට එක පිරිසක් කතා කළ භාෂාව තව පිරිසකට තේරුම් ගන්න බැරිවුනා. නමුත් එකම මූලයකින් පැවත එන බව සොයා ගන්න පහසුයි.

භාෂාව මගින් ඉතිහාසය සොයා යන්න පුළුවන්. ද්‍රවිඩයන් කයිබර් දුර්ගය හරහා ආ බවට සාක්ෂියක් ලෙස ඒ අවට සිටින බ්‍රාහුයි නම් ද්‍රවිඩ භාෂාව කතා කරන ජනකොටස පෙන්වා දෙනවා.

සියළු භාෂා ගනවලට බෙදා තිබෙනවා.නමුත් බුරුම හා ජපන් වගෙ භාෂා වර්ග කරන්න වාග් විද්‍යාඥයන් අසමත් වෙලා තියනව.

2.සියලු මිනිසුන්ට අදහස් හුවමාරු කරගත හැකි පොදු බසක් ගැන අවධානය යොමු වී තිබෙනවා. එස්පරාන්ටෝ එවැනි එක් උදාහරනයක්.කියුබාවෙ පාසල්වල මෙය උගන්වනවාලු. කෙසේ හෝ ජාත්‍යාන්තර බසක් ලෙස ජනප්‍රිය වී ඇත්තෙ ඉංග්‍රීසි තමයි.

අනාගතයෙදි වඩා විද්‍යාත්මක ජාත්‍යාන්තර බසක් එන්න පුලුවන්. මම හිතනව එහෙම බසක් ඉගෙන ගැනීම ඉතා පහසු විය යුතුයි.උදාහරනයකට shall/will ,has /have වගෙ දේවල් එහි තිබෙන්න බෑ. එසේම උච්ඡාරනය පහසු විය යුතුයි. 



මනෝ මන්දිර ගේ පෝස්ට් එක කියවන විට මේ දැන් නිකමට සිතුන දෙයකි.


සරල භාශා ව්‍යවහාරයකට මේ උදාහරනය ගන්න.



වැඩ කරනව කියන එකට sabar කියල කියනව කියමු. ඒ වචනෙ දැන් මට හිතුන එකක් . මෙහෙම වර නගන්න පුළුවන්.

වැඩ කරනව =  sabar

මම වැඩ කරනව  =  sabaran

අපි වැඩ කරනව = sabaral

ඔබ වැඩ කරනවා =sabaras

ඔහු/ඇය වැඩකරනවා =sabaram

ඔවුන් වැඩ කරනවා = saabary

කාල භේදය වඩා සරලව

වැඩ කළා = saabarD
වැඩ කරාවි= sabarW

මෙහිදී පුරුෂයන් ඉදිරියෙන් D හා W යොදා කාල්භේදය සැකසිය හැක.

නිශේධාර්ථයට N යෙදිය හැක

වැඩ කරන්නෙ නෑ = sabaran

infinitive

වැඩ කරන්නට = Tsabar

නිපාත සම්බන්ධකාරක යෙදීම

for working = Fsabar

When working = Wsabar

until wrking = Usabar

while working = Hsabar

before working =Bsabar

after working =Asabar

If  = Isabar

unless = Insabar

although = Alsabar

verbal naoun

sabarG

prasent particilpe 

SabarP

past partciple

sabarL


adjective

sabaro

adverb 

saabroly

how to make adjective phrases and clauses

eg :  man = 
        pol =
         piya  =farther

The man working in the paddy field is my farther

 sabaro  I pol x man  piya  

( පෝලන්ත බසින් පෝලා යනු කුඹුරය )

මෙහි adjective clause එක අවසන් වන තැන x යොදා ඇත. ඒ පහසුවටය.
      
sabar


නාම විශේෂන වාක්‍යාංශ සහ අන්තර් වාක්‍ය අතර වෙනසක් නැත.



ඔහු කුඹුරේ වැඩකරන විට

Wsabaram i  pol 

noun pharase

sabarg i pol

noun clause

Wsabar i pol


වර නැගීම් කළේ මට මතක් වූ අවස්ථා  පමනි. ඉතා සරල ලෙස එක් අකුරක් පමනක් යොදා විවිධ අර්ථ සහිත යෙදුම් ගොඩ නැගිය හැක. මෙහිදී අනවශ්‍ය වර්ගීකරන වෙනුවට සරලකරනය යොදා ගන්නා ලදී.

Monday, December 7, 2015

මුස්ටෆා කැමල්

බ්ලොග් එක පෙර පරිදි යාවත්කාලීන නොකිරීමට මා තීරණය කළේ වෙන කරන්න දෙයක් නැතිකමටය. එහෙත් බ්ලොග් එක පාලුවට යන්න දෙන්නද බැරිය. එයට මා විසදුමක් සොයාගතිමි. එනම් මම වෙනත් බ්ලොග් වල දමන කොමෙන්ට් මගේ ප්‍රයෝජනය පිනිස  මෙහි පළ කිරීමයි. මම  ඉදිරියට කොමෙන්ට් කරන්නෙ කාලීන වැදගත් කමක් සහිත ලිපි  ,ශාස්ත්‍රීය සංවාද ගොඩනැගෙන ලිපිවලටපමනි. මේ නිසා එබදු ලිපි ප්‍රිය කරන බ්ලොග් හිතවතුන්ටද ලිපි එකතුවක් ලෙස මෙය ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත.

මුස්ලිම් ලෝකය තුල කෙමල් අනතුර්ක් ලකුණ


මගේ අදහස් දැක්වීම

මුස්ටෆා කැමල් කළේ එසේ මෙසේ විප්ලවයක් නෙමෙයි. ඇත්තෙන්ම පළැමු ලෝක යුද්ධයෙන් පසු ඔද වැඩුන තුර්කි ජාතිවාදය ට නායකත්වය දුන්නෙ කැමල්. ඔහු තේරුම් ගත්ත අරාබි උරුමය තුර්කියට කටු ඔටුන්නක් බව. සියවස් ගනනාවක් අරාබීන්ට නායකත්වය දුන්නෙ තුර්කීන්. මේ නායකත්වය කැමැත්තෙන්ම අත හැරිය. හැබැයි අරාබීනුත් තුර්කීන්ගෙ නායකත්වය ප්‍රතික්ෂේප කරලයි තිබුනෙ.

ඉස්ලාමය වැළද ගැනීම නිසා ඊජිප්තුව ,සිරියාව ,පර්සියාව වගෙ රටවල් අරාබි රටවල් වුනා. ඔවුන්ගේ ජාතිකත්වය නැත්තටම නැති වුනා. මේක බෙන්ගාලෙ , ඉන්දුනීසියාවෙ එහෙම අඩුයි. බෙන්ගාලෙ චෞද්‍රිල ,ඉන්දුනීසියාවෙ සුහර්තෝල එහෙම ඉන්නෙ ඒකයි .නමුත් තුර්කිය ,ඊජිප්තුව වගෙ රටවල ජාතිකත්වය හෝදලම ඇරිය. ඒ රටවල අරාබි රටවල් වුනා. කැමල් තේරුම් ගත්ත මෙය.

තුර්කිය වාර්ගිකවත් යුරෝපා ප්‍රජාවක්.ට්‍රෝජන් යුද්ධ වල ට්‍රෝයි පුරය තියෙන්නෙත් තුර්කියෙ. ඊටත් පෙර ඔවුන්ට දීර්ඝ සංස්කෘතියක් තිබුන. පර්සියාවට ඊජිප්තුවටත් එහෙමයි. නමුත් මේ උරුමයන් පැත්තකට දාල අමුවටම අරාබි වෙන එක නම් අපරාධයක්.

කැමල් අරාබි හෝඩිය පවා ඉවත් කරල ,අරාබි ඇදුම් පැළදුම් ඉවත් කරල , අරාබි නම් ගම් පවා ඉවත් කළා. අද තුර්කියෙ මොහමඩ්ල නෑ මං හිතන්නෙ. මේව මතුකරන එක ලේසි වුනේ නෑ. මේව යට ගිහින් තිබුනෙ. තව ටිකෙන් තුර්කි භාෂාවත් නැත්තටම නැතිවෙනව. ඉස්ලාමය නාමයෙන් සිදුවුනේ අරාබි සංස්කෘතික ආක්‍රමනයක් බව කැමල් කීව.

කැමල් මේ හැම දෙයක්ම කීවෙ ප්‍රසිද්ධියෙ. අද ලංකාවෙ දේශපාලකයෙකුට පුලුවන්ද මම ආගමක් අදහන්නෙ නෑ. බුදුදහම දේශපාලනෙන් අයින් කරන්න ඕන කියල ප්‍රසිද්ධියෙ කියන්න බෑනෙ. හැබැයි 99% මුස්ලිම් තුර්කිවරු ඉදිරියෙ කැමල් එහෙම කීව. ඒකයි වටින්නෙ.

කැමල් යුද්ධ සම්මුතිවලට ගරු කළේ නෑ. යුද්ධය පරාජය වීම නිසා තුර්කියට අහිමිවූ ප්‍රදේශ යලි අල්ලගත්ත.ග්‍රීක්වරු පලවා  හරිය. ඔහු ජතිමාමක තුර්කීන් අතර ජනප්‍රිය වුනා. රට දියුණු කිරීමට නම් නූතන කළ යුතුයි .අරාබි විලංගු වලින් මුදා ගත යුතුයි කියා කීව. ආගම් භක්තිතෙන් සිටි තුර්කීන්ට අරාබි විලංගුව ගැන ඔහු පැහැදිලිකර දෙන්න ඇති. ඔහුට අල්පමාත්‍ර විරෝධයක් ආවෙ නෑ ප්‍රතිසංස්කරන වලට.
තායිලන්තෙ චූලාලංකෝන්, ජපානෙ මුත්සියුහිතෝ කළ දේමයි කැමල් තුර්කියට කළේ. සාර්ථක වෙන්නම සුද්ද වගෙ වෙන ඕන කියල ඒ හැමෝම කිව්ව. වැඩවසම් අතීතය ශක්තියක් නොව අපව තවත් දුර්වල කිරීමක්ය කියල ඔවුන් තම රටවල ජනයාට පැහැදිලි කළා.

අවාසනාවට අපට හිටියෙ කැමල් ල නෙමෙයි. අපේ ශක්තිය වැඩවසම් අතීතය කියල ජනතාව රවටන දේශපාලුවො. වැඩවසම් අතීතය අපේ ශක්තිය නොවෙයි දුර්වලකමයි.

Friday, December 4, 2015

කාන්තාවන්ට ගල් ගැසීම , රාජ්‍ය හා පෞද්ගලික අංශය

පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ කතාබහට ලක්වුන ප්‍රධාන සිදුවීම්  කිහිපයක් අතරින් මුලින්ම  මරදාන ප්‍රදේශයේ කාන්තාවකට සවුදි  අරාබියේදී ගල් ගැසීමට නියම වීම ගැන මුලින්ම කතා කරන්නට සිතමි.

මුලින්ම සවුදි අරාබිය වැනි තවම 15 වැනි සියවසේ ජීවත්වන මිනිසුන්ගෙන් පිරි ම්ලේච්ඡ රටකට කාන්තාවන් වහල් සේවයට යැවීම ගැන අප ලැජ්ජා විය යුතුය. වහල් සේවයට නොව වෙන කිසිම හේතුවක් නිසා පය නොතැඹිය  යුතු භූමියකි සවුදි අරාබිය. එපමනක්ද නොවේ සවුදියේ සුලගවත් වැදීම නොමනාය.

ඕමාන්, කුවේට්,බහරේන් ,වැනි අරාබි රටවල් ද ඕනෑ තරම් තිබියදී ගෑනුන්ද යන්න පොරකන්නෙ සවුදියටයි. මෙය මටප්‍රශ්නයකි. 

මේ සිදුවීමේ අපූරු පැති කිහිපයක් නිරීක්ෂනය කළ හැක. එනම් මීට පෙර රිසානාට මරන දඩුවම නියම වූ ආව්ස්ථාවේ තිබූ විරෝධය මෙහි නොවීමයි. රිසානා අහිංසක නිසාද ඇය බාලවයස්කාරියක් නිසාද හැමෝම  දුක් වුනා විය හැක. රිසානා ගැන දුක් වුනේ සිංහලයන්ය. මුස්ලිම්වරු එහිදී දෙකට දෙවාරෙ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඔවුන්ට සවු අරාබිය සිය ස්වාමි රාජ්‍ය ලෙස වැදගත්ය. එසේම මෙවැනි ම්ලේච්ඡ දඩුවම් ගැනද ඔවුහු වැඩි දෙනෙක් මනාපය.ඒවා පොතේ හැටියට වෙන දේය.

මෙම කාන්තාවගේ ජාතිකත්වය මම නොදන්නා නමුත් තම ජාතියේ රිසානාට අනුකම්පාවක් නොදැක්වූ මුස්ලිම්වරු වෙනත් ජාතියක කෙනෙකුට අනුකම්පාවක් දක්වතියි සිතිය නොහැක. සිංහලයන්ද මෙම සිදුවීම ගැන අද්භූත නිහැඩියාවක සිටිති. බුකියේ හා බ්ලොග් වල කදුළු පෙරන පොෂ් මානවහිතවාදීන්ද මෙහිදී නිශ්ශබ්ද නිසා මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සුලු ජාතිකයෙක් විය නොහැක. සුළු ජාතිකයෙක් නම් ලස්සන කවි  කෙටිකතා දැකිය හැකිවනු ඇත.

යට ගිය දවසේ
කොටි ගමට කඩාපැන 
දුප්පත් පොඩි උන්
 පෙති ගහපු දිනේ

සියක් තර්ක ගෙන 
එය හරිය කියන්නට
පොෂ් බලු බැල්ලියො
සයිබර් සබයට ආපු සැටී

මහ කොටියගෙ පුතු
මළබව සැලවී
බුකියේ බ්ලොගියේ
විලාප දුක් ගී ලියා තිබේ

බොරු පොෂ් රැල්ලේ 
නුඹට හඩන්නට 
ගමෙක් කෙනෙක් නැත රටෙක් කෙනෙක් නැත 
බාල නගේ


මීට කලකට පෙර එක්තරා මුස්ලිවරයෙක් බසයක මා සමග කළ කතාබහක් සදහන් කරමි. ඔහු ලංකාවෙ නීති විවේචනය කළේය. සවුදියෙ දඩුවම් ගැන කතා කළේ ආහ්ලාදයෙනි. සොරෙකුගෙ අත කපන අවස්ථාවක් විස්තර කළ ඔහු අත කැපූ තැනැත්තාගේ වේදනාව වර්නනා කළේය.එසේම අත කැපූ තැනැත්තාගේ අත තාරවල ගල්වනවාලු (ඇත්තද නොදනිමි ) අත කැපූ පසු දුවන්නට හදන මිනිසා පසුපස මිනිසුන් සෙරෙප්පු අතට ගෙන එලවති. ආගමික පාඨයක් කියමින් අතක් කපන ම්ලේච්ඡ වීඩියෝවක් මමද දැක ඇත. මේ අත් කැපීම වැනි දඩුවම් නුසුදුසු වන්නේ වැරදි කිරීමට විවිධ හේතු ඇති බැවිනි. උදාහරනයකට  kleptomania රෝගීහු සොරකම් කරති.හොදින් මුදල් හදල් ඇති අයෙක් නිතර සොරකම් කරනු දුටු ශිෂ්ට බටහිර මිනිසා ඒ ගැන පර්යේශන කර  kleptomania සොයාගත්තේය. අරාබිකාරයා ගේ විසදුම අත් කැපීම,බෙලි කැපීම හා ගල්  ගැසීමයි.

මුස්ලිම්වරයා මෙය දකින්නේ වෙනත් ඇසකිනි .අපට මේවා පිළිකුල් හා ම්ලේච්ඡ වුවද ඔහුට එය ශුද්ධය. දේවා වාක්‍යවල සදහන් දඩුවම්ය. එහෙත් දෙවියන්ටද මෙම දඩුවම් ක්‍රම ලැබී ඇත්තේ පුරාන මැදපෙරදිග ශිෂ්ටාචාරවලිනි. පොල්  කෝම්බයක් දිය පහරක ගලා එන්නාක් මෙන් අතීත අරාබි ම්ලේච්ඡත්යව ඉස්ලාමය තුලින් පැමින අදටද ජීවමාන වී ඇත. මහම්ම්ද තුමා බොහෝ අරාබි ම්ලේච්ඡ දේවල් ඉවත් කළේය. ඔහු මෙම දඩුවම්ද ඉවත් කළා නම් ඉස්ලාමය කොච්චරලස්සන ආගමක්ද. මේවා ඉස්ලාමයේ වැරදි නොව ඉස්ලාමයේ අරාබි උරුමය ගැන ප්‍රශ්නයකි. ලෝකය මැවූ දෙවියෙක් ඇත්තටම සිටීනම් ඔහු තම පනිවිඩය එවීමට මෙවැනි ම්ලේච්ඡ පසුගාමී එඩේර කූඩාරම්වාසී අසංස්කෘතික ගෝත්‍රයක් තෝරා ගනීවිද?


ඉස්ලාමය නිසා අරාබි ම්ලේච්ඡත්වය ලොව පුරාම පැතිරී ඊට යම් ශුද්ධ කමක්ද ලැබී ඇත. ම්ලේච්ඡත්වයට වැදගත්කමක් ශුද්ධකමක් ලැබීම කනගාටුවකි.ගඩාෆි බලයට ආ පසු මෙම ම්ලේච්ඡ දඩුවම් නීතිගත කළේය. දිනක් ගඩාෆි පාරේ යනවිට අත පය නැති හිගන්නන් හැමතැනම දිටීය. ඒ ගැන ඇසූ විට අනෙක් අය කීවේ ශාරියා නීතියේ ආනුභාවය නිසා එය සිදුවී ඇති බවය.

මැදපෙරදිග රැකියාවලට යන කාන්තාවන් වැඩි දෙනෙකුට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම සමහරුන්ට මැදපෙරදිග ඇබ්බැහි වෙයි. ලංකාවට ආවත් වැඩිදවසක් මෙහි ඉන්න සිත දෙන්නෙ නැත. සමහරු කිරි දරුවන් පවා අත හැර මැද පෙරදිග යති.ඒවාට හොඳ හේතු තිබිය හැක.සැමියා සහ දරුවන් අත හැර දික්කසාද වී මැදපෙරදිග යන අය ගේ ලිංගික හා ආර්ථික ජීවිතය මැද පෙරදිග හා බැදී ඇත.එසේම පහල සමාජ ආර්ථික පසුබිමෙන් එන කාන්තාවන්ට මැද පෙරදිග නිදහස් භූමියකි.ලංකාවේ සංස්කෘතික බන්ධන කිසිවක්ම නැත. එහෙත් තමන් නිදහස බුක්ති විදින්නේ ඉතා දරුණු ම්ලේච්ඡ රටක බව ඔවුන් සිතන්නේ නැත.


සවුදියේ නීතිය හැමෝටම සමානද නැත. ඔවුහු බටහිර ජාතිකයන්ටද පස් වේලක් නමැදුම් කරති.සුද්දෙක් වරදක් කලොත් දෙවියන්ගෙ නීති පස්ස පැත්තේය. මට කතාවක් මතක් වෙයි.

අපේ ගමේ  ගමේ යමක් කමක තිබෙන තරුනයෙකු එක් දුප්පත් පවුලක ගැහැනියක් ලිංගික අවශ්‍යතා සදහා පාවිච්චි කළේය.ඔහු එම පවුලේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. ඔහු නිවසට එන විට දෙයියො වැඩිය මෙනි. මේ පවුලේ සැමියා මහත් භක්තියෙන් දෙවියන් අදහන කෙනෙකි.පොඩියට දේවාලයක්ද කලේය.

දිනක් ඔහුගේ පියා නිවසට ආ විට ඒ දෙසවත් නොබලා දෙවියන් ට කන්නලවු කරමින් සිටියේය. අර කපුවා හැරිලවත් බැලුවේ නැත.  එවිටම  ....... මහත්තයාද ආවේය.කන්නලවු නවත්වා .......මහත්තයාට සත්කාර කරන්නට විය.  ඔහුගේ පියා ඒ ගැන පසුව විසූ විට දුන්නෙ අපූරු උත්තරයකි.


.........මහත්තයා දෙයියන්ටත් වඩා වටිනවා කියාය. 

මෙසේ සවුදිය බටහිර ජාතිකයන්ට බැතියෙන් නමදුම් කරන නිසා ඔවුන් කරන වැරදි වලට ශාරියා හෝ වෙන මල ඉලවු නීතිවලින් දඩුවම් නොලැබේ.


 මේ සියලු නීති ආසියානු රටවලින් එන ගෘහ සේවිකාවන් රියදුරන් වැනි අයටය. නීතිය කාටත් සමාන නම් ඒත් කමක් නෑ කියමු. එහෙමත් නැති එක මෙහි තවත් වරදකි.

නීතිය සවුදිය හැර වෙන රටක සාධාරන බව මිනි අදහස් නොවේ. වෙන අය දේවාලෙ ෆෝන් හඩ නංවූවාට ඈනුම් වැනි ජෛව ක්‍රියා කරන එක වැරදිවුනත් එය කපුවන්ට තහනම් නැත. ඒ අවස්ථාවක කපුවන් දේවාලෙ පුටු පොලවෙ ගැසීය. එය දේවාලෙට කරන ලොකුම අවමානයකි. එහෙත් කිසිවක්ම සිදුනොවීය.



ගෘහ සේවිකාවන් දාඩිය කඳුලු වගුරා තහනම් ගස් වල ගෙඩිද කා (ජීවිතය පරදුවට තබා කිම්බට සැප දීම  ඒකත් නරක නැත ) සොයන මුදල් බෙදා ගැනීමට අපට රන්ඩු කරන්නට සිදුවේ. කිඹිමානවත් ජාතියක් වන අප රතු කමිස ඇද මේ අසරනියන් ගෙන එන විදේශ විනිමය  බෙදා ගන්නට රන්ඩු කරමු. අපට වැඩට යන්නට  කාර්පර්මිට් අවශ්‍යය.


දැන් අප දේශීය රැකියා ගැන කතා කරමු. මෙරට වැස්සෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියා කරති.රජයේ සේවය ගැන සමාජයේ කිසියම් තක්සේරුවක් ඇත. රජයේ සේවය අකාර්යක්ෂ්මය ,රජයේ සේවකයා වැඩනොකරයි වැනි ඍනාත්මක ආකල්ප සමාජයේ ඇත.මේවා නිකම්ම ඇති වූ ඒවා නොවේ. රජයේ සේවකයන් වැඩක් කරන්නෙ එය නිතරම ඇවිටිලි කිරීම් වලින් පසුව බව මම නිරීක්ෂනය කර ඇති දෙයකි. හිතල යමක් කරනවාට වඩා වැඩය අවශ්‍ය කෙනා දහස් වරකංකෙදිරි ගෑ පසු වැඩකරයි.

රාජ්‍ය සේවයේද ප්‍රභේද ඇත. වැටුප හා දීමනා පමනක් ලබන පිරිස් සහ වරප්‍රසාද ලාභීන් ලෙස දෙවර්ගයකි. පරීක්ෂක යයි අගට පදවි නාමය තිබෙන ෆීල්ඩ් එකේ යන රජයේ සේවකයන්ට මුදල් යහමින් ලැබේ. එසේම ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කරන රජයේ සේවකයන්ටද සන්තෝසම් ලැබේ. මෙසේ යම් යම් දේ ලබා ගැනීම වැරදියි. මන්ද රජයේ සේවකයා කරන්නේ රාජකාරියකි. එයට හිමි වැටුප් හා දීමනායි. මෙවැනි වැරදි දේවල් වැළැක්විය යුතුය.


දොස්තරලාද රජයේ සේවකයෝය. දොස්තරකමට සමාජයෙන් විකාරරූපී තත්වයක් ආරෝපනය කර ඇත. මේ නිසා දොස්තරලා සමාජයේ බමුණු කුලයක් වී ඇත. එසේනම් බමුණන්ට හිමි වරදාන දිය යුතුය. මෙහිදී දොස්තරලා වැරදි නැත. වැරදි සමාජයයි. මුලින්ම මේ බමුණු කම ඉවත් කළ යුතුය. ඊට ඉඩ නොදෙන්නේ එකයි. ඔවුහු වෛද්‍ය ශාස්ත්‍රය ගුප්ත විද්‍යාවකට පෙලාගෙන ඇත. වෙන මොකෙකුටවත් ඒක හදාරන්නට නොදෙයි. මෙඩිකල් ෆැකල්ටි තේරිලා නියමානුකූලව පූන නූල දාල බමුණු සමාජයට ඇතුල් නොවන කිසිවෙකුට දැනුම ලබා ගැනීමි අවස්ථා වළක්වයි. 

රජයේ සේවය ගැන තිබෙන ලොකුම චෝදනාවක් නම් පිරිස වැඩි බවයි. ලක්ෂ 14 ක් රජයේ සේවකයන් සිටින බව කියවේ. මිනි සැළකිය යුතු පිරිසක් ආරක්ෂක අංශ වල අයයි. රජයේ සේවය ප්‍රතිසංවිධානය කිරීම සදහා ඉදිරිපත් වන යෝජනාවක් නම් එය හැකිලීමයි. මෙය කරන්නෙ කෙසේද . ප්‍රශ්නයකි.ඉතිරි පිරිසට වරප්‍රසාද දීම තවත් යෝජනාවකි. මෙහි සැබෑ අරමුන හකුලන ලද රජයේ සේවය බමුණු කුලයක් කිරීමය. ලක්ෂ 14 ක් වන රජයේ සේවය ලක්ෂ 4 ට 5 ට අඩු කර ඒ අයට වරප්‍රසාද දීම තුලින් රජයේ සේවයට එන්නට පොරකන අයට අසාධාරනයක් සිදුවේ. එසේ නම් කළ යුත්තේ රජයේ සේවයේ ආකර්ශනය අඩුකිරීමය.

මෙසේ කියන විට මම වටරැක විජිත කෙනෙක් වෙයි. එහෙත් හැකිතාක් අගතිවිරහිතව කතා කිරීමට මම පුරුදු වෙමි. රජයේ සේවය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බැරිය. මන්ද එය සේවයක් බැවිනි. එසේම ආරක්ෂක ,සුබසාදන හා සේවා සහිත රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන්නේ රජයේ සේවකයා විසිනි. ඒ නිසා පෞද්ගලික අංශයේ මෙන් ලාභ ලබා බෝනස් මත යැපෙන මානසිකත්වයක් රජයේ සේවකයාට ඇති කළ නොහැක.

රජයේ සේවකයාට කරන තවත් ජනප්‍රිය චෝදනාවක් නම් බදු මුදලින් පඩි කනවා යන්නය. රජයේ සේවකයාද වැඩකරයි. ඔහු/ඇය වැටුප් ලබන්නෙ කරන වැඩවලටය. ඒ නිසා රජයේ සේවකයා කාටවත් ණය නැත.රජයේ සේවකයාගේ ස්වාමියා රජයයි. රජයේ සේවකයා  රජය නම් හාම්පුතාට වැඩකර වැටුප් ලබයි. වෙන දෙයක් නැත. රජය සුබසාධන ආයතනයක් ලෙසද ක්‍රියා කරයි. සුබසාධන වැඩ , ආරක්ෂක කාර්යයන්, වැනි දේ රජය කරයි. රජය ලාභ ලබන සමාගමක් නොවේ. මේ නිසා රජයේ සේවකයාටද පෞද්ගලික අංශයේ සේවකයාගේ මානසිකත්වය ආරෝපනය කළ නොහැක. රජයේ සේවකයා දෙස පෞද්ගලික අංශයේ සේවකයන් දෙස බලන ලෙස බලන්නට සමාජයද පුරුදු නොවිය යුතුය.
රජයේ සේවකයාගේ වැරදි ඇත්තටම ඔහුගේ වැරදි නොව ක්‍රමයේ වැරදිය.මෙය කළැ යුත්තෙ පෞද්ගලික අංශයේ ආකර්ශනය වැඩි කිරීමෙනි. අවිධිමත්ව රජයේ සේවයට බදවාගැනීම් නොකිරීමෙනි.

ක්‍රමය වෙනස් කළ යුතුය. රජයේ සේවයේ ඇති සේවා ක්‍රමය අදට නොගලපෙන අසාධාරන එකක් බව මගේ හැඟීමයි. ආකල්ප වර්ධනය හා නව දැනුම ලබා දීමද කළ යුතුය. තාක්ෂනය නිසා රජයේ කාර්යාලවල වැඩ දෙකක් වී ඇත. තාක්ෂනයෙන් කරන දේ සැක නිසා මැනුවල් ද කරන්නට වීම ඊට හේතුවක්. රාජ්‍ය ආයතන ජාලගත කළ යුතුය. මෙලෝ සම්මජ්ජාතියට කෝල් එකකට ආන්සර් නොකරන රාජ්‍ය සේවය ජාලගත කිරීමට කරන යෝජනා එක අතකට විහිළුවකි.

පෞද්ගලික අංශය ගැනද සමාජයේ ඇත්තේ දුර් මතය.



අභියෝගය රජයේ සේවයට තිබෙන ආකර්ශනය අඩු කරන්නෙ කෙසේද කියන එකය.එය කරන්නෙ පෞද්ගලික අංශයෙ ආකර්ශනය වැඩි කිරීමෙනි. මෙහිදී පෞද්ගලික අංශයද වරප්‍රසාද ලබන හා නොලබන ලෙස දෙවර්ගයකි. විධායක මට්ටමේ පෞද්ගලික අංශයේ අයට හොඳ වැටුප් ලැබේ. බොහෝ විට පෞද්ගලික අංශය කී විට අපට චිත්ත රූපයක් මැවෙන්නේ ටයි පටිදාගෙන සීත කාම්‍රයක සිටින කෙනෙකි. එහෙත් කම්හල්වල දරුණු ශ්‍රම සූරාකෑමකට ලක්වන අතිමහත් බහුතරය පෞද්ගලික අංශයයි.කිසිම අයිතියක් නැතිව සොච්ච්ම් පඩියකට   කඩවල වැඩකරන අයද පෞද්ගලික අංශයයි. කඩවල ලැබෙන්නෙ රු 10,000 ක් 12,000 ක් වැනි වැටුපකි. නිවාඩු හෝ වෙනත් පහසුකම් නැත. ඒවා දෙන්නටද බැරිය. එය ගැටළුවකි. පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතු අතර පද්ගලික සේවකයා ගේ සුබ සාධනය කෙරෙහි දැඩි සැළකිල්ලක් අවශ්යය. කම්කරු නීති දැඩිව ක්‍රියාත්මක කල යුතුය. එහෙත් හාම්පුතුන් සමග ගැටෙන පෞද්ගලික සේවකයාගේ ඉරනම අප දනිමු. 

පෞද්ගලික අංශයේ පහල සේවකයන් ඕනෑම මොහොතක සේවයෙන් ඉවත් කළ හැක. ඕනෑම රාජකාරියක් පැවරිය හැක. තනතුරෙන් පහල දැමිය හැක. පෞද්ගලික අංශය යනු එක්තරා වහල් සේවයකි. නෙහෝෂියේට් කළ හැකි සේවාදායකයන්ට මෙය අදාල නැත. ලාභ වැඩිකිරීමට මෙරටට සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කළ යුතු බවටද යෝජනා ඇත.

මෙයද මගෙ අත්දැකීමකි. රැකියාව අහිමිවී  පිහිට ට ඇති ආයතනයක් සොයා යන  කාන්තාවක් මට හමුවිය. ඇයට  රැකියා ස්ථානයට  සිකියුරිටි එකෙන් ඇතුලට යන්න දෙන්නෙ නැතිලු දුක කියන්නට. සැමියා පිළිකා රෝගයෙන් පෙළෙන ඇදට වැටුන කෙනෙකි. උසස් පෙලකරන දරුවන් ඇත. පිහිට ලබෙන ආයතනයට ගිය පසු ඊලඟට වෙන දේ මම දනිමි. මෙහෙම කෙනෙක් ආව මොකද සර් වෙන්න ඕන කියා ආයතනයට කෝල් එකක් එයි. එවිට මුදල් බහාලූ ලියුම් කවරය සූදානම් කෙරේ. හාම්පුතා ජයගනී. මේවා කර්මය කියා සිත හදා ගැනීම අපට ඇති විකල්පයයි. කරුනු මෙසේ තිබියදී සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කරන්නට යෝජනා කරන අය ගැන නම් ඇති වන්නේ අප්‍රසාදයකි.


පෞද්ගලික අංශය ආකර්ශනීය කිරීමට නම් මෙවැනි ගැටලුවලට විසදුම් අවශ්‍යය. පෞද්ගලික අංශය යනු අර්ධ වහල් සේවයකි. විධායක අයට මෙය අදාල නැත. එහෙත් සිය ශ්‍රමය ගැන නෙගෝෂියේට් කළ නොහැකි අයට නම් වහල් සේවයකි. පෞදග්ලික අංශයේ සාපේක්ෂ වැඩි වැටුප් දමා රජයේ සේවයට එන්නෙ ඒ නිසාය. සිංගප්පූරු ම්ලේච්ඡත්වය තුලින් ලාභ වැඩි කිරීමේ තේරුමක් නැත. 

පෞද්ගලික අංශයේ සේවකයාගේ රැකියා සුරක්ෂිතතාවය ඇතිකිරීම සහ කිසියම් විශ්‍රාම වැටුපක් ලබා දීම මගින් රජයේ සේවයට ඇති පොරකෑම අඩුකළ හැක.රජයේ රැකියා බලාගෙන පෝස්ටර් ගහන තරුන පරම්පරාව ඉන් ඉවත් කලැ හැක්කේ එසේය. එසේම රජයේ හෝ පෞද්ගලික අංශයට සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කිරීමට නම් තුන් හිතකින්වත් නොසිතිය යුතුය.

 රජයේ රැකියාවකට ,පෞද්ගලික අංශයේ රැකියාවකට යාමට බැරි අය ඊලඟට යන්නෙ සෞදි අරාබි ම්ලේච්ඡත්වය සොයාගෙනය. මෙය අනෙක් ගැටළුවයි.


කළ යුත්තේ වරප්‍රසාද දීම නොවේ සුරක්ෂිතතාවය ඇතිකිරීමය. පෙන්ශන් එක වරප්‍රසාදයක් නොව සුරක්ෂිත තාවයකී.පෙන්ෂන් එක සුරක්ෂිතතාවයකි. එය පෞද්ගලික අංශයටද අවශ්‍යය. පර්මිට් එක වරප්‍රසාදයකි. එය වරප්‍රසාදයක් වී ඇත්තේ අසාධාරන බදු නිසාය. මේ බදු මුදල අඩුකර පර්මිට් වාහනයක හා නොවන එකක මිල පරතරය අඩුකළ යුතුය.


වරප්‍රසාද වලට සමාජය හුරු නොකළ යුතුය.සුරක්ෂිතතාවයට හුරු කළ යුතුය. සුබසාධනයට හුරු කළ යුතුය.දැනුම සම්බන්ධ බලයක් නැති සිය ශ්‍රමය කේවෙල් කළ නොහැකි මිනිසුන් අප සමාජයේ සැබෑ පීඩිතයන්ය. මේ මිනිසුන් බලගැන්වීම අද තිබෙන අභියෝගයයි. වෙන එකෙකුට දැනුම ලබාගැනීමට ඉඩ නොදෙන කඩප්පුලි බමුනන්ට නම් සියල්ලෝම එරෙහි විය යුතුය. ඔවුන් සිය සූරාකෑම හා අමානුශික ජීවන රවාට ගෙන යන්නේ දැනුම මෙසේ සීමා කිරීම මත බැවිනි. බෙදා හදාගෙන කෑමේ පුරුදු  ඇති කල යුතුය. බමුනන්ට දෙන පර්මිට් එකට එරෙහි වන අතර පොහොර සහනාධාරයට , පාසල් නිළ ඇදුම් වලට පක්ෂ විය යුතුය."  මේ රට ගොඩ ගන්න බැරි රජයෙ සේවකය නිකම් ඉන්න නිසා උගෙ පෙන්ශන් කපන්න ඕන පෝර සහනාධාරෙ කපන්න ඕන කිසිම දෙයක් නිකම් දෙන්න හොද නෑ සිංගප්පූරු ම්ලේච්ඡත්වය අපට ඕන වැනි කියමන් " වලට එරෙහි විය යුතුය.

බෙදා  හදාගෙන කෑමේ සුබසාධන වැඩතවදුරටත් ප්‍රවර්ධනය කර සවුදි ම්ලේච්ඡත්වය සොයායන කාන්තාවන් ඉන් මුදා ගනිමු..