Friday, November 6, 2015

දෙසතියක විරාමයක්

පසුගිය දින කිහිපයේ බ්ලොග් වල  සංචාරය නොකළේ මගේ කාර්යබහුලත්වය නිසාවෙනි.කිසිදු කොමෙන්ටුවක් පළ කළේද නැත. ඒ කොමෙන්ට් කළොත් මට දිගටම එහි රැදෙන්නට වෙන නිසාය. සංවාද වලට සහභාගි වන විට නොදැනීම කාලය ගතවේ. නොවැම්බර්  20 වනතුරු මගෙ බ්ලොග් එකේද පෝස්ට් එකක් නොදැමීමට සිතා සිටියෙමි.  

එහෙත් එම කාර්යබහුලකම නොතකා මගේ ලිපියට ගුරුතුමිය දැමූ පිළිතුර පල කර එම සංවාදයට සහභාගි වුනේ ඒ සඳහා මට වගකීමක් තිබූ නිසාය.

දැන් එම ගැටළුව විසදී අවසන්ය. 

රජයේ සේවකයන් ලෙස අපට දෙමළ වාචික පරීක්ෂනයට මුහුණ දිය යුතු අතර එය නොවැම්බර් මැද පැවැත්වීමට ඉඩ ඇත.   ඉදිරි දින කිහිපය ඒ සදහා කැප කරමි. මගේ දෙමළ දැනුම යහපත් මට්ටමක නැති නිසාත් අපෙන් ඉහල දැනුමක් අපේක්ශා කරන නිසාත් එයට සූදානම් වන්නට සිදුවේ. පසුගිය වීක් එන්ඩ් එකේද මේ සදහා සූදානම් වීමට සිතුවත් බොහෝ විට වීක් එන්ඩ් කැපකෙරෙන්නේ ඉන්ටනෙට් වලටය. බ්ලොග් පමනක්ම නොවේ. ඉන්ටනෙට් විනෝදාංශය පොඩ්ඩක් බ්‍රේක් කරන්නට සිතුවේ එනිසාය.

15 comments:

  1. මාත්තියා ඔන්දට ලියාන්ඩ යේක උත්තර පත්තර පලන යෙවුන්ට උන ගැනෙන්ට ලියාන්ඩ

    ReplyDelete
  2. විභාගයෙන් පස්සේ ආයෙත් මුන ගැහෙමු..

    ReplyDelete
  3. ඉක්මණින් මුණ ගැසෙමු ඔබට ජයවේවා

    ReplyDelete
  4. அதிர்ஷ்டம் சகோதரர் சிறந்த .
    நல்ல அதிர்ஷ்டம் .. !!

    ReplyDelete
  5. විභාගයට සුභපැතුම් මතේ.. බ්ලොග් පැත්තක තිබිච්චාවේ .. ඔය දේවල් අතපසු කරන්න එපා..ජයවේවා කිව්වා... වනක්කම්....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ජය වේවා !!!!!
    අන්ඩර දෙමළ ඉගෙන ගන්න ඕනෙනම් 'ගොඩකවෙල ප්‍රසන්න සර්' ගෙ පන්තියට සහබාගි වෙන්න.

    ReplyDelete
  8. හරි හරි ............. වැඩේ ඉවර කරලා වරෙන්.....

    ReplyDelete
  9. සුබ පැතුම් කිව්වා.......!

    ReplyDelete
  10. එලද බ්‍රා වගේ ලියලා එන්න..

    ReplyDelete
  11. දෙමළ මට නම් අන්ධර දෙමළම තමයි.කොහොම හරි වැඩේ ගොඩ දා ගනින් හොඳින්.

    ReplyDelete
  12. සුබ පැතූ සියළුම මිතුරු මිතුරියන්ට ස්තුතියි . යාළුවනේ මේක වාචික පරීක්ශනයක්. දෙමලෙන් කතා කරන්නයි තියෙන්නෙ ඒ නිසයි මේක මට බරක් වෙලා තියෙන්නෙ. ඔබේ සුබ පැතුම් මට ශක්තියක් වූ බව කෘතවේදීව සදහන් කරනවා. විභාගය අවසන් වූ විගස බ්ලොග් පෝස්ට් වලින් හා ඔබ සැමගේ අඩවිවල අදහස් දැක්වීම් වලින් අපි නැවත හමුවෙමු.

    ReplyDelete