Wednesday, November 4, 2015

ගුරුවරියකගේ මතකය බ්ලොග් එකේ ගුරුතුමිය මගේ ලිපියට දුන් පිළිතුර

ගුරු වෘත්තිය හා ළමා හිංසනය නමින් මා ලිපියක් ලිව්වේ එහි තිබූ එක් අසාමාන්‍ය දඩුවමක් දැකීමෙනි. එය පාදක කරගෙන ගුරුවරුන් විසින් දැණුවත්ව හා නොදැනුවත්ව සිදුවන මෙවැනි හිංසනයන් ගැන සංවාදයක් ආරම්භ කිරීමට මට අවශ්‍ය විය. එම දඩුවම දුන්නේ මෙම ගුරුතුමිය ගුරු වෘත්තියට ආ අලුත යැ‍යි කියනු ලැබේ.

මම වෘත්තියට ආ අලුත කළමනාකාර සහකාරවරියකට දොස් කියා ඇය ඇඩූ සැටි මට මතක් වේ. මා කිව්වේ දොසක් නොවේ. එහෙත් ඇය ඇඩුවාය. එය දුට් මගේ හදවතද ඉකි ගැසුනි.
මම ඉක්මනින් කෝපයට පත්ව ඒ වේගයෙන්ම කූල් වන කෙනෙක්මි. එසේම අනුන්ගෙ දුකේදී මම තදින් කම්පා වෙමි. මෙම ගුරුවරිය හා මා අතර වෙනසක් නැත. ඇය කටයුතු කරන්නෙ දරුවන් සමගය. මම වැඩිහිටියන් සමග කටයුතු කරමි. ඇගේ දරුවන් සේම මගේ වැඩිහිටියන්ද (කාන්තා ) සිටින්නේ ඇසේ කදුල රුවා ගත් ගමන්මය.

මගේ ලිපියෙන් ඇය අපහසුතවායට පත්වුනානම් මම  ඒ ගැන කනාගටුවෙමි. එහෙත් ළැමා හිංසනය ගැන මා පළ කළ ලිපිය ගැණ කනගාටු නොවෙමි. නමුත් ඇ‍ය සමබන්ධ සිදුවීම් අත හැර ඒ ගැන කිසිත් පළ නොකර පොදුවේ කරුණු දක්වමින් ලිපියක් සකස් කළානම් වඩා හොඳ යැයි සිතේ.

හදවතෙන් ම පැන නගින කනගාටුව සහ පසුතැවිලි හැඟීම් සමග මිතුරිය සුහදත්වයේ දෑත් ඔබට දිගු කරමි.


                        ගුරුවරියකගේ මතකය බ්ලොග් එකේ                           ගුරුතුමිය මගේ ලිපියට දුන් පිළිතුර


මේ කළකිරීම මගේ අකුරු ගැනය. මම බ්ලොග් කාරියක් නොවේ. මට කොහොමත් ලියන්නට හැකිය. එහෙත් මා මගෙ ෆේස් බුක් ගිණුමේ යම් යම් දේවල් සටහන් කළෙමි. ඒ මම වින්ද දේවල්ය.මට මුණගැසුණ සමහර ජිවිත කතා මම අකුරු අතර හිර කළෙමි.
මම කොහොමත් අනුන්ගෙ දුකේදී සංවේදීය. එය මට කරදරයක් වු අවස්ථාද ඇත. එහෙත්  මා අසරණ මිනිසුන් පස් දෙනෙකු සොයාගෙන දරුවන් හා එක්ව වෙසක් පෝය දවසේ ඔවුන් නහවා කවා පොවා පංසලට එක්කරගෙන ගොස් අටපිරිකර පූජාවක් කාළ මගෙ පෞද්ගලික ධනය යොදාගෙනය. ඉන් එක් අයෙකු වසර විස්සකින් නිවසින් පිටට ගොස් තිබුණෙ නැති කාත් කවුරුත් නැති කොන්ද කැඩුනු කාන්තාවකි. ඉන් ඇරඹි මගේ ගමන බුකියේ හිතවතුන් එක්ව පාසල් හතරකට හා පෙරපාසල් දෙකකට අවශ්‍ය මේස්,කවකටු පෙට්ටි,පොත් ආදී එක ළමයෙකුට රු දාහක් සරිලන පාර්සලයක් ලබා දෙන්නෙ 2014දීය. ඉන් පසු සපත්තු නැති දරුවන්ට සපත්තු කුට්ටම් විසි පහක් ලබා දෙන්නෙ ද මගෙ මිතුරන් හා එක්වය. මෙවර ද අසරණ සරණ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් දහදෙනෙකු තෝරාගෙන රු 10000 ක වියළි ආහාර ද්‍රව්‍ය ඇඳුම් ආදී දේ සැපයුවෙමි. ගරා වැටෙමින් තිබු බෝධීන් වහන්සෙ නමක් නැවත අළුතින් ඉදිකර ගමේ අයට වන්දනාවන්ට ඉඩ සලසා දුන්නෙ බුකියේ මා ලියු අකුරෙනි. විදුලිය අහිමි දරුවෙකුට විදුලිය ලබා දෙන්නෙ මේ වසරේ ජුනි මසය. මේ මැයි මස සිට මෙත් අරණ ශිෂ්‍යත්ව වැඩසටහන අරඹා දුප්පත් දරුවන් පස්දෙනෙකු උදෙසා මසකට රුපියල් දහස බැගින් පාසල් දිවිය නිමවන තුරු ලබා දීමට කටයුතු කළේද මමය.මෙවර සමස්ත ලංකා සහය දිවීමේ තරඟ සඳහා අවශ්‍ය සපත්තු කණ්ඩායම් දෙකක් සඳහා ලබා දෙන්නෙ මගෙ සයිබරේ අකුරු කියවු මිතුරු සමුහයේ පිනටය. ඉන් එක් රු 7000ක මුදලක් ලබාදෙන්නෙ මගෙන් ගුටි හැටපහක් කෑ දරුවාය. පන්ති යන්න සල්ලි නෑ කියු උසස්පෙළ දරුවෙකුට මාස් පතා අදටත් පන්ති ගාස්තු ගෙවන්නෙ මමය. අනාත නිවාසෙක ජීවත් වෙන බණ්ඩාරවෙල ප්‍රසිද්ධ විදුහලක උසස්පෙළ හදාරණ අම්මා තාත්තා දෙදෙනාම මිය ගිය පුතෙකුගෙ නිල නොලත් අම්මා මමය. මෙවර සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනෙකු ගෙ අධ්‍යාපනය පිළිබඳ පෞද්ගලික අවධානය හා අවශ්‍ය සියළු පේපර් වියදම් මමය.

මම සැරය. දඬුවම් කිරීම  ද මම කරමි. හැබැයි දඩුවමින් පසු දරුවන් ගෙ හිස අතගා රිදුණද පුතේ කියා අසන්නට තරම් මම මැදහත්ය. මම දරැවන් ඉදිරියේ දරුවෙක් ය. මට උන්ගෙ ලෝකය ට යන්නට බැරි මහන්තත්වයක් නැත. 
ටිපර් රියකට යටව කකුල මුත්‍රාශය ලඟින්ම කැපු මගෙන් ඉගෙනගත් දරුවෙකුට කෘතිම කකුලක් ගන්නට වෙහෙස වූයේ මමය. ඔහු මේ වන විට කෘතිම කකුල පුහුණුවීම් වල නිරත වේ.

අනෙක් ගුරුවරු මෙන් මම තෑගි ඉල්ලා නැත. 
මගෙ කසාඳය  සිදුවනොන්නෙ දියණියක නිසා 
විදුහල්පතිවරයා හා නඩු කීමට යාමෙනි. ඉන් මගෙ පෙම්වතාට මා පිළිබඳ වැරදි විදුහල්පතිවරයා කියුවද මා මගෙ පෞද්ගලිකත්වයෙන් කැප කොට දරුවා හා උන්නෙමි.

මේ බ්ලොග් එක ලියුවේ ප්‍රසිද්ධියට නොවේ. මට ප්‍රසිද්ධ වීමේ උණක් නැත. මධ්‍යස්ථ මතධාරියා මට විරුද්ධව බ්ලොග් සටහනක් ලියා ඇති බව මා දැනගත්තෙ ඊයේය. එය කියවු පසු මට දැනුනෙ අප්පිරියාවකි.

1. මා ලිංගික ආශාවන් නිසා ඒ දරුවා ට පහර දුන්නෙ නැත.  ඒ පහරදීම අමානුෂික නැත. ගුටි හැට පහ ගහන්නෙ අනෙක් දරුවන්ට ප්‍රදර්ශනය ය සඳහාය. ඒ තමන් නිසා තමන්ගෙ මිත්‍රයා ගුටි කෑ බව ආත්ම දෝෂාරෝපණය ක් ඔව්න් ඔවුන්ටම හදා ගනි. වේගවත් පහර වෙනුවට ප්‍රදර්ශන දඩුවමක් දුන් බව සදහන් කරමි.

ඉන් මතුවු වැදගත් සංසිද්ධිය වන්නෙ ඉන්පසු කිසිම දිනෙක නායකයාට පන්තියෙ දරුවන් එරෙහි වුයේ නැත. එය ඒ වයසේ දරුවන් ගෙ බැජ් පිට් එකය. මා යොදාගත් සංකල්පය එයය.

අනෙක් කාරණය තණමල්විල වන සතුන් බහුලය. සර්පයන් අලියන් ගහණය. මේ පාසල වනාන්තරයේ ආසන්න ය. ගුරුවරුන්ට ඇස් දහසක් නැත. යමක්සිදුවු පසු හූල්ලන වාට වඩා ඒ දඩුවමින් පසු දරුවන් හිතුමතෙ පාසල් කාලය තුළ පිටට නොයාම වළක්වා ගත හැකි වීම මට සැනසිල්ලක් විය.

තණමල්විල වැනි කර්කශ ජිවිත උරුම වු දරුවන් හිතුවක්කාරය. එවිට දඩුවම අත්‍යවශ්‍ය ය.

මේ දරුවා ත්‍රිරෝද රථ රියදුරකු වු බව මධ්‍යස්ථ මතධාරියා පවසයි. නැත ඔහු ඒ සිද්ධිය වන විට පවුලෙ වාහනය වු ත්‍රිරෝද රිය පැදවුවා පමණි. ඔහු අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තෙ නැත. අද ඔහු පරිගණක උපාධිය වෙනුවෙන් ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු අමතරව හම්බ කළ මුදලින් මා දැනට වැඩ කරන පාසලෙ දරුවන් ට ධාවන සපත්තු පවා මිලදිගෙන දුන්නෙ ගිය මාසයේය.

මෙහි අතිශයෝක්තියකි . යැයි ඔහු උලුප්පා දක්වයි. නැත කතාවේ යම් යම් සිද්ධීන් අයින් කලා මිසක මේවා අසත්‍ය නැත. ලිවීමේ ප්‍රයෝග පමණක් මා භාවිතා කර ඇත.

මගෙ ෆේස්බුක් ගිණුමේ හා මෙත් අරණ පිටුවේ මා සිදුකළ කාර්යයන් සඳහා සාක්ෂි ජායාරූප සහිතව ඇත.

මේ බ්ලොග් සටහන මා ලියන්නෙ මෙවැනි දරුවන් ද සිටින බව සමාජගත කිරීම පමණි. ඔබ මා විවෙිචනය කර එයට පැමිණෙන පිරිස නවතා දැමීමෙන් කළෙ වීරක්‍රියාවක් නොව සමාජයෙන් වහන් වු දරුවන් ට අසාධාරණය කි

ඔබ දක්වන පරිදි මා අහිංසක කඳුළු පුරවාගත් බොරුව මැවු ගුරුවරියක් ද නොවේ. මා සැරය. අවශ්‍ය විටෙක පහරක් ගසන්නට මා මැලි වන්නෙද නැත. 
ඔවුන්ගෙ නිලඇඳුම, මා දුටු විට සැකසේ. කොණ්ඩය සැකසේ. ළමයින්ට මා ගුරුවරියකි. එනමුදු නිදහස් විටෙක මගෙ සාරි පොටේ එල්ලෙන්නට උන්ට තහනමක් නැත. ආදරය ගැන විරහව ගැන තම ප්‍රශ්න ගැන අවශ්‍ය දේ ගැන මා සමඟ කතා කරන්න ට තහනමක් නැත. 
ජිවිතය වරදින තැන්වල මගෙ අත්වැල ගෙන ගොඩ එන්නට උන්ට තහනමක් නැත. හඩුගඳ ගහන සිරුරුන් යුතු දරුවන්ට මගෙ අත අල්ලාගෙන යන්නට තහනමක් නැත. හොටු ප‍ෙරන නහයෙ පිස දාන අත්ල වුවද මට දිගු කරන්නට තහනම් නැත.
මා සාන්තුවරියක්ද නොවෙමි. මගෙ අතින්ද වැරදි සිදුවිය හැක. හැබැයි මගෙ ජිවිතයෙ මනුස්සකම ඇත. මා මානසික රෝගියකු,ලිංගික විකෘතියෙකු,අමන ගැහැණියකු ගුරුවරියකට නිගා දුන් අයෙකු ලෙස හංවඩු ගැසුවද තරහක් නැත. මම මගෙ උපරිමය අදත් දරුවන්ට දෙන්නට උත්සහ කරමි. මධ්‍යස්ථ මතධාරියාගෙ යකාගෙ අඩවියට මම සුභ පතමි.
ලංකාවේ හැටි එහෙමය. හොඳ දහසක් මැද සංවාද කරන්නෙ වරද පමණය.

123 comments:

  1. ස්තුතියි බොහොම
    අහිතක් නැ
    හිත රිදුනාට දැන් එය අහවරය.
    සුහදත්වය අගනේය

    ReplyDelete
  2. ඔබේ පෙර ලිපියේ තිබූ කරුණුත් එහි කමෙන්ට්ස් වල තිබූ කරුණුත් , මේ ලිපිය සම්බන්ධව ඇති කරුණුත් සලකා බැලීමේදී එහි යම්කිසි පරස්පර බාවයක් මට දැනේ. ඔබේ මුල් ලිපිය කියවන කවරකුට වුවද ඒ බ්ලොගය සහ ගුරුවරිය සම්බන්දව ඇති වන්නේ අපැහැදීමකි. මෙය මාගේ පෞද්ගලික මතයයි, මන්ද යත් ඒ ලිපිය කියවීමෙන් පසු ඇය සම්බන්ධව මාගේද යම් අකමැත්තක් ගොඩනැගුන බැවිනි. මම ඔබව දීර්ඝ කාලයක් කියවා නැති බැවින් ඔබෙ පිලිබඳව කිසිම අදහසක් නැත. නමුත් එම ලිපිය තුල අවමන් කිරීමේ අදහසක් ගැබ්ව තිබුනු බවයි මගේ හැඟීම. සමහරවිට එය ඔබේ සිත තුල නැගුනු ආවේගය එලෙසින්ම අකුරු කිරීමට යාමේදි ඇතිවූ අතුරු ප්‍රතිපලයක් වන්නටත් පුලුවනි.

    ඔබේ මුල ලිපිය සහ කමෙන්ටු දෙවන වරටත් මා කියවූයේ ඊයේය. එබැවින් මට මේ වෙනස ක්ෂනිකවම දැනුනි. අමනාප නොවන්න මේ කමෙන්ටුව ඔබ වැනි දැවැන්තයකු විවේචනය කිරීමට නොව මේ ලිපි දෙක සම්බන්ධව මට දැනුනු පුද්ගලික අදහස ඉදිරිපත් කිරීම සඳහා පමණක්මි.

    ReplyDelete
    Replies
    1. මගෙ අනිත් ලිපිද කියවා හැකිනම් මා කෘර දැයි හිතන්න..
      නැවත එන්න වරාමලී
      මා ගැන අපැහැදිමක් තිබුණා ට කමක් නැත.
      අපි දරුවෝ ගැන කතා කරමු

      Delete
    2. නිනී ටීචර් මේ කමෙන්ටුව ඔබට නොවේ. මේ පිලිබඳ මගේ අදහස ඔබේ පිටුවේ සදහන් කලෙමි. කිසි විටක ඔබ කෲර යැයි අදහස් නොකෙලෙමි. උක්ත සිද්ධියෙන් පසුවද ඔබේ ලිපි මා රසවින්ද බව පමණක් සඳහන් කරමි.

      Delete
    3. වරාමලි

      අපි හැමෝම තම තමන්ගේ බිලොග් ලියවිල්ලෙදි තම තමන්ගේ මත වාදයන් අදහස් ඉදිරිපත් කරනවා..සමහර අවස්ථා වලදි ආවේගයෙන් ලියලා වගේ පේනවා..තව බිලොග් කරුවකුට ඇගිල්ල දිකු කරන අවස්ථාත් තිබෙනවා..නමුත් එතනින් එහාට පෞදිගලික අමනාමකම් තියා ගන්නේ නෑ..පහර දෙන්න හිතුනම සැර වචනත් ලියනවා..පොලිසියෙන් සිසුන්ට ගහපු වෙලාවේ අපි එකිනෙකා ඒ ගැන දැරුවේ වෙනස් වෙනස් අදහස්...තමන්ගේ බිලොග් ලිපි වලටත් ඒ අදහස් ඇතුලත් කලා...මතවාද සංවාද ඇතිවුනා..මම හිතනවා ඒක තමයි විය යුත්තේ..එ නිසා වටිනා අදහස් මතු වෙනවා...හොද හරවත් සංවාදයක් ඇති වෙනවා...පෝස්ට් එකකින් වගේම කොමන්ට් වලින් ඉගෙන ගන්න දේවල් තිබෙනවා....නැත්නම් මේක බුකිය වගේ ජොලි තැනක් විතරක් වෙනවා....

      Delete


    4. වරාමලී @

      මම දැවැන්තයෙක් නොවෙමි.බ්ලොග් අවකාශයේ තවත් එක්තරා බ්ලොග්කරුවෙක් පමනි.

      මම මීට කලින් පළකළ කිසිම අදහසක් ගැන පසුතැවීමක් නැත. එම කරුණු සත්‍යය. නමුත් මෙම ගුරුතුමියට මගේ ක්‍රියාවක් නිසා සිත් තැවුලක් වීනම් අන්න ඒ කාරනය ගැන බලවත් සේ දුක් වෙමි . වෙනසක් යැයි ඔබ කියන කාරනයට හේතුව එයයි.

      දිය යුතු පිලිතුර මනෝ නිසියාකාරවම දී තිබෙනවා. මට කියන්න දෙයක් නෑ. සංවාද කියන්නෙ එහෙම තමයි. මෑතකදී අමාවක මාව දැඩි ලෙස විවේචනය කරමින් පෝස්ට් එකක් පළ කළා. සැර වැඩි වුනත් ක්‍රියාවක් ලෙස එහි වරදක් නෑ.

      Delete
    5. ස්තුතියි පැහැදිලි කිරීමට ම.ම. මෙහිදී මම දැක්වූයේ පුද්ගලිකව මට දැනුනු අදහස පමණකි. මෙම සිදුවීමේදි ඔබ විසින් පෙන්වනලද නිහතමානීකමට ගරු කරමි.
      මනෝ ඔබටත් ස්තුතියි. නමුත් මා නැවතත් කිව යුතුයි මම ම.ම. ව විවෙචනය කිරීමට මෙහිදී අදහස් නොකෙලෙමි.

      Delete
    6. වරා මලී
      ඔබ ඔබේ මුල්ම අදහසේදීම ඒ ගැන කියලා තිබුනනේ ඔබ කරන්නේ විවේචනයක් නෙවෙයි කියන එක..මම මගේ අදහස දැම්මේ ඒ අදහස මෙතනදි ප්‍රයෝජනවත් වන නිසා මිසක ඔබට ඇගිල්ල දිගු කිරීමක් වශයෙන් නෙවෙයි...

      Delete
  3. මම ඊයේ තමයි මේ බ්ලොග් එකට ගියේ..මම දාපු කමෙන්ට් එකටවත් පිලිතුරක් නෑ..ඒත නිසා ගුරැවරියගෙන් ඉල්ලන පලවෙනි ඉල්ලිම කමෙන්ට් වලට උත්තර දෙන්න..

    ReplyDelete
    Replies
    1. අනේ සහෝදරයා ..
      මා ටිකක් කාර්ය බහුල වුනා.
      විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න..
      මා පීරියඩ් අටම වැඩය.
      අද ද මේ නිවාඩු ගත්තෙ දැඩිව අසනීප වු බැවිනි.
      පිළිතුරැ නොදුන් සියලු කමෙන්ටු සඳහා පිලිතුරු දෙමි

      Delete
    2. මෙන්ඩා වැරදි කලොත් එහෙම දෙකක් ගහලා හදාගන්න හොදේ...

      Delete
    3. අනේ මං හැම තිස්සෙම ගහන ගුරුවරියක් නෙවෙයි මනෝ

      Delete
    4. හම්ම් ඔව් ‍ළමයින්ට ගහල හදන්න බෑ ටීච

      Delete
    5. මං ළමයින්ට ගහන්නෙ මානූෂික ගැ‍ටළු වලදි නෙවෙයි.

      Delete
    6. මම විහිලුවට කිව්වේ.....
      ඒ වුනාට සබරේට නම් දෙකක් ගහලම තමයි හදාගන්න වෙන්නේ...මෙතනින් ගිහින් බලන්නකො සබරේ කරලා තියන නරක වැඩ....

      සබරේගේ නරක වැඩ

      Delete
    7. ගුරුතුමියත් ඔබලාත් අතර සංවාදයට මං සම්බන්ධ වෙන්නෙ නෑ.

      Delete
    8. මනෝ නං ෂෝයි බබා :D

      කිරිත් එක්ක සමහන් තමා බොන්නෙ තුන් වේලටම !! ඕ යේස් … හැක හැක

      Delete
    9. පත්තරයෝ

      උඹ විතරයි මගේ බිලොග පැත්තේ තවම ඇවිත් නැත්තේ...ඒක අඩුපාඩුවක් වගේ....වෙලාවක් තිබුනොත් ඇවිත් පලයං හොදේ....

      Delete
    10. මේ එනවා …මේ එනවා . තරහ අවසර දෙයියෝ

      Delete
    11. මෙන්ඩට ගහද්දි ලොකු කිතුල් පොල්ලකින් ගහන්ඩ , මහ අසමජ්ජාති එකා . අඩු කඩල හරි හදල දුන්නොත් පිනක්.
      මීට සදූ ගෙ අයිය ( මස්සිනා )

      Delete
    12. ඈ..මස්සිනේ...ආය පාරක් කිතුල් පොල්ලකින් පත බාන්න හදන්නේ...ඇයි මතක නැද්ද තෝ මට කිතුල් පොල්ලකින් ගහලා අත කඩලා රෙඡිස්ටාර් ගාවට ගෙනහිල්ලා කසාද බැන්දුවේ..“නංගිගේ බඩට ළමයෙක් ඇවිත් කියලා“

      Delete
    13. දැන්නේ යකෝ කම්මලයගෙයි මෙන්ඩගෙයි රහස් එලි වෙන්නේ...

      Delete
  4. ටිචර්
    මට මෙන්ඩා කියන්න..
    ඉක්මනට සනිප වෙන්න..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .උඹලට මරු ටීචර් කෙනෙක් හම්බවෙලා එහෙනං

      Delete
    2. මධ්‍යසත් පුතා … ඕං මගෙ කට කහනවා :D

      Delete
  5. මේ මා ගුරුවරියගේ ලිපියට දැමූ කමෙන්ටුවයි.

    //ඔයාගෙ බ්ලොග් එකේ ලිපියක් හෝ දෙකක් පමණයි කියවල තිබුනෙ. (ඔය ම.ම ලියන්න කරුණු යෙදුන ලිපිය කියවල නෑ). නමුත් දරුවෙකුට වේවැල් පහර 65ක් ගැහුව නං, ඒ ගැන මට ලියන්න සිදුවුනා නං මම ලියන්නෙ ම.ම.ට වැඩිය තදින්. ඇත්තටම එක ළමයෙකුට පහර හැට පහක් ගහන්න හිත හදාගන්න ඔබට පුළුවන් වුනේ කොහොමද කියලයි මම තාම කල්පනා කරන්නෙ.

    මම දැකල තියන ශිෂ්‍යයන්ට අමානුෂික විදියට පහර දෙන ගුරුවරු එහෙම පහර දෙන්නෙ ළමයි යහමඟට ගන්න නෙවේ. (පහර දීම් ප්‍රමාණාත්මකව වැඩිවුනා කියල එයාල කවදාවත් හැදෙන්නෙ නෑ, මම නිකමට කල්පනා කරල බැලුව මාත් එක්ක ඉගනගත් වැඩිපුර ගුටිකාපු එවුන් ගැන, ඔවුන් "හැදිච්ච" බවක් පේන්න නෑ අවුරුදු විස්සකට විතර පස්සෙ අද ඉන්න තැන් බැලුවම). ඔවුන්ගේ කේන්තිය පිටකරගන්න. ඒකයි පහර හැටපහක් ඕන වෙන්නෙ..

    දක්ෂ ගුරුවරයා කියන්නෙ හොඳට තලන එවුන්ට නෙවේ. බ්ලොග් අවකාශයේ ඉන්න යහපත් යයි සිතිය හැකි ගුරුවරු දෙදෙනෙක් තමයි ඩබ්ලියු ත්‍රී ලංකා ලියන අජිත් සහ සොඳුරු සිත ලියන වත්සලා. අහල බලන්න ඔවුන්ගෙන් ළමයි හසුරවන්න පහරදෙනවද කියල.

    ඔබට ආයෙත් මේ වගේ පහරදීමක් කරන්න හිතුනොත් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. මොකද ඒක ඔබේ අනාගතයටයි හොඳ.

    (ම.ම. ලියා ඇත්තේ ඔබේ ලිපියට අදාලව විග්‍රහයක්. ඒකෙ කිසිම වරදක් මට නං පේන්නෙ නෑ)//

    ReplyDelete
    Replies
    1. මොකේ අන්තිම කමෙන්ට් ගැනද?

      Delete
    2. රාජ්@ ඔය ඇනෝ අන්තිම කොමෙන්ට් ගැණ කියන්නෙ මගෙ මානුෂිකත්වය ගැන වෙන්න ඇති. විවේචනයක් කළත් ගුරුතුමිය ගැන පසුව දුකක් මට ඇතිවුනා. ඇය ගැන පුද්ගලික විරෝධයක් නැහැනෙ. විවේචනය කළ යුතුම නිසා කළා. මම මුලින් සැර බාල කරල ලිපිය ලිව්වත් කොමෙන්ට් වලට උත්තර දෙන කොට දන්නෙම නැතිව සැර වැඩි වුනා.

      නමුත් මම හැර වෙන ඕනම කෙනෙක් මේ ගැන ලිව්වනම් මට වඩා සැරට ලියනව . මම ඒ බව දන්නව.

      රාජ්ගෙ කොමෙන්ටුව ඉතාම වටිනා එකක්. මගේ විග්‍රහය සාධනීය බව කියා තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා.

      Delete
  6. එතන දාපු එක මෙතනත් දාන්නම්... මධ්‍යස්ථ මතධාරියාගෙ පාරෙන් ආවේ මෙතනට... ඔබතුමිය දඬුවමක් ලබා දෙන්නේ සද් භාවයෙන් බව පේනවා... තමන් නිවැරදි නම් , කරන කියන දේ හදවතට එකඟ නම් කිසිවකුට කිසි විටෙක ප්‍රති උත්තර බැඳිය යුතු නැහැ... හැබැයි මතයා ගේ කතා වලත් ඇත්තක් තියනවා... "හදාගන්න ගහන" මුවාවෙන් පුද්ගලික තරහවන් සහ තම මානසික පීඩනයන් සිසු දරුවන් මතින් මුදාහරින ගුරුවරුන් ඕනෑ තරම් මා දැක තිබෙනවා...

    ReplyDelete
    Replies
    1. එකඟ වෙන්න බෑ. මෙතුමිය උත්සාහ කළේ තමන්ට එරෙහිව නැගෙන චෝදනාවට පිළිතුරු දෙන්න වෙන්න ඕන. බ්ලොග් කියවන්නන් දෙපාර්ශ්වයටම සවන් දිය යුතුයි. ඒකයි මෙහෙම එතුමියගෙ අදහසුත් පළ කලේ.බ්ලොග් වල වන්දිභට්ටයන් සිටිය යුතු නෑ . සංවාදත් අවශ්‍යයි.

      ඔබ අන්තිමට කියන කාරනාව තමයි මම මේ විග්‍රහයෙන් මතු කළේ

      Delete
    2. මතේ... බුදු අම්මෝ... ගහන එක හෙනම වැරදියි කියන මානසිකත්වයේ මම නං නෑ.. ඔය හැටපස් කතන්දරේ ඇත්තටම මම දැක්කෙ නෑ( ඒ ලිපිය කියෙව්වෙ නෑ ) වරදකට දඬුවම් දිය යුතුයි කියන මතයෙ මම ඉන්නෙ. හැබැයි වැරද්දක් දැකල එක මුවාවෙන් අතපය හිරි ඇරගන්න , තමන්ගේ අසහනය පිට කරගන්න එකට මම විරුද්ධයි.. මෙතන කතාවට ප්‍රති උත්තර බඳිද්දී චදන වලට පිළිතුරු දෙනව වගේම ඔය හැටපස් කතාව අතිශයෝක්තියක් වෙන්න පුළුවන්..
      එක දෙයක් කියන්න ඕන... දැන් දැන් සුද්දගෙ සිස්ටම් එකට අනුගත වෙන උදවිය (සුද්ද නරක නෑ.. ඌ හොඳයි..හොඳ නරක දෙකම තියනවා) සුද්දගෙ රටවල් වල උන්ගෙ ජවුසම් අපේ කරගන්න හදන උදවිය බොහොමයක් (ඔක්කොම නෙවෙයි, බොහොමයක්) සුද්ද කියන නිසාවට "ළමයින්ට ගහන්ඩ එපෝ.. දඬුවම් කරන්ඩ එපෝ කියා කියා බොරු පොෂ් ටෝක් දෙනව. මම දකින්නෙ දඬුවම සාධාරණ සහ යුක්ති සහගත වියයුතුයි. ගැහුවොත් ඒ ගුටිය අතිශය සාධාරණ සහ යුක්ති සහගත විය යුතුයි. අන්න ඒ ටීච බ්ලොග් ලියන්නෙ නෑ ලු. සුදු මහත්තුරු ගිහිං දීල තියෙන්නෙ ඇට්ටි හැලෙන්ඩ... කොහොම නමුත් බ්ලොග් කාරියක් අහිමි වීම පාඩුවක්....

      Delete
    3. සජ්ජා

      මෙතන ලොකු ප්‍රශ්නයක් උනේ නෑ බං.අනික මේවා ප්‍රශ්නද.
      ටීච මේ ගැන පෝස්ට් එක දැම්ම ගමන් මුලින්ම කොමන්ට් කලේ දේශකයයි,මධ්‍යස්ථයි,මමයි..ටීචර් ඒවට රිප්ලයි කරනකොට මේක විසදිලා තිබුනේ..ඉන් පස්සේ ආව කිහිප දෙනෙක් ආයේ ආයේත් මේක ඇද ඇද වැඩේ වන කලා..ඒකෙන් තමයි මේක මෙච්චර දුර ගියේ...මේක කුනු ගොඩ වගේ ඇදගෙන යන එකේ තේරුමක් නැනේ බං..ඒ වුනාට දැන් ආයෙත් වෙන්නේ ඒකනේ...

      Delete
  7. ගුරුතුමියගේ අදාල ලිපිය හා සෙසු ලිපිත් මධ්‍යස්ථ ගේ අදාල ලිපිය හා මේ ලිපියත් කොමන්ටු සියල්ලත් කියවා බැලීමෙන් මා පැමිණී නිගමනය ගුරු භූමිකාව සකස් විය යුතු ආකාරය ගැන ඉතාම වටිනා හදවතට වදින සංවාදයක් බවට පත්වෙලා. ගුරුතිමියනි ඔබේ සිත තවමත් ඇදුම්කන බව මට හිතෙනවා. ඒත් මෙච්චර දැනුම්වත් වීමක් විධිමත්ව සංවිධානය වූ ගුරුපුහුණු
    වැඩමුළුවකදී හො නොලැබේවි. අනෙක් ගුරුවරුන්ටත් මේ ලිපි කියවා බලන්න ඉතාම කදිමයි.

    ReplyDelete
    Replies
    1. ගුරුවරු බ්ලොග් ලියනවාට සංවාදවලට එක්වෙනවාට අපි කැමතියි. මට සැකයක් තිබුන මගෙ ලිපියෙන් පසු මෙතුමිය බ්ලොග් ලිවීම නවත්වාවිද කියා. එහෙම වුනානම් ඒක මට දරාගන්න බැහැ. නමුත් වෙනදාටත් වඩා හොඳට ලියන්න ගත්ත. මෙතුමිය තමන්ගෙ ශක්තිමත් කම යි පෙන්වූවෙ තමන්ට විවේචනයක් කලැ තැනට දැනගත් වහාම ඇවිත් එය ප්‍රශ්න කිරීමෙන්.
      ඉන් පසුව මම ඇයගේ පිලිතුරු ලිපිය පළ කළා.

      Delete
  8. මේ කොමෙන්ටුව ම.ම ගේ උක්ත ලිපිය සම්බන්දවයි. අදාළ ගුරුතුමිය එය බ්ලොගයෙන් අයින් කර ඇති නිසා යොමුවකට ඇත්තේ ම.ම ගේ ලිපිය පමණි
    ගුරුවරිය කෙතරම් හොඳ කෙනෙකු වුවත් අදාළ ක්‍රියාව අමානුෂිකය. පෞද්ගලිකව මම විවේචනය කරන්නේ එම ක්‍රියාවය.
    ම.ම ගේ එම ලිපිය නැවත කියවන්නට වෙලාවක් නැත. මම හරි නම් ඔහු යථෝක්ත ගුරුවරියව මානසික රෝගියකු,ලිංගික විකෘතියෙකු,අමන ගැහැණියකු ලෙස ඉන් හංවඩු ගසා තිබුනේ නැත. ඔහු විවේචනය කළේ ඇගේ එම ක්‍රියාවයි. එවැනි දේවල් කරන්නේ පරපීඩික මානසිකත්වය නිසා යයි ඔහු කියනවා නම් මම එයට එකඟය (පරපිඩික කාමුකත්වය නෙවේය)
    ගුරුවරු තමුන් කරන කියන හැමදේම "මම එහෙම කළේ ලමයව හදා ගන්න, මම ළමයින්ට අම්ම/තාත්තා කෙනෙක් වගේ , මම මොකත් කලත් ළමයි මට ආදරෙයි" වැනි බයිලාවන් වනා සාධාරණිකරණය කරනවාට මම අන්තිම විරුද්ධය.

    අදාළ ගුරුතුමිය සමාජ සත්කාර කරනවානම් එය හොඳය. අගේ කරමි. එසේම බහුතරයක් දෙනාද රටට අඬබෙර ගසන්නේ නැතිව හැකි පමණින් අනුන්ට උදව් කරන බවද දනිමි.

    ReplyDelete
    Replies
    1. ඔවු මිත්‍රයා අපට ප්‍රශ්නයක් වුනේ ඇයගේ ක්‍රියාව පමනයි. නමුත් මෙවැනි ක්‍රියා පරපීඩික මානසිකත්වය ලෙස හැදින්වූවා . එසේ කලේ වෙනත් උදාහරන ගනිමින්.

      බයිලා වලට නම් මම ත් කොහෙත්ම කැමති නැත.
      ඔබ ගේ කොමෙන්ට් එකේ ඇති සියළු අදහස් වලට එකඟ බව සඳහන් කරමි.

      Delete
    2. මෙන්න ඔය කියන ලිපිය. ගූගල් කේෂ් එකෙන්-

      05.මාව මතකද ටීච

      තණමල්විලට කොහොමත් වැස්ස හිඟය.කොළ පාට කිසිවක් ඉතිරි නොකරන්නට ඉර හරි ආසය. දුවිලි පොළවත් පිච්චෙන අව්වත් දැන් මගෙ මිතුරන් වී හමාරය. ඉස්ඉකොල ජිවිතේට ටික ටික මටත් හොරෙන් මමම හුරු වී හමාරය. මට පත්වීම ලැබුණේ තොරතුරු තාක්ෂණ විෂයය ඉගැන්වීටමය. එත් ඒ පිටිසර දරුවන්ට පරිගණක තිබුණෙ අහස් ඉමටත් වඩා දුරින් බැවින් මම බහුශ්රැමත වුනෙමි. උගන්වන්නට බැරි දෙයක් නැති වෙන තරමට ම බොහෝ විෂයයන් ඉගැන්වීමට මම පුරුඳු වී උන්නෙමි. ඒ ම‍ගෙ දක්ෂතාවය නොව පැවති ගුරු හිඟයත් සමඟ දරුවන්ට උගන්වන්නට තිබු අවශ්ය තාවය විය. ඒ සමඟම අටේ පන්තියේ පන්ති භාරකරත්වයත් මටය.

      “ එක්සුකියුස්මි ටීච”

      මම කරමින් උන් පාඩම අතරට පහළ පන්තියක පුංචි එකෙක් එබිකම් කරයි.

      “ලොකු සර් එන්න කිව්වා”

      “හ්ම්”

      මම පාඩමට අදාළව ප්රකශ්නයක් කළු ලෑල්ලෙ සටහන් කර පන්ති නායකයා ‍කැදෙව්වෙමි.

      “කව්රුවත් පන්තියෙන් එළියට යන්නෙ නෑ....වැ‍ඩේ කරන්න ... හසිත ඔයා නායකයානේ.. පන්තිය බලා ගන්න ඕනි ඔයා... කාටවත් එළියට යන්න දෙන්න එපා... එහෙම ගියොත් ඔයා තමයි ගුටි කන්නෙ”

      “කීයක් ගහනවාද ටීච” පන්තියේ උන් කටකාර කොළුවෙක් ඔච්චමට ඇසුවේය.

      “එක්කෙනාට පහ ගානේ”

      මම වැඩිය නොසිතා පවසාගෙනම කාර්යාලය වෙත ගියෙමි. විදුහල්පතිවරයා මා කැඳවා තිබු රාජකාරිය අවසන් වී විනාඩි දහයකින් පමණ මම නැවත පන්ති කාමරය වෙත යන විට පන්තියේ පිරිමි ළමුන්ගෙන් රැඳි උන්නෙ පන්ති නායක දරුවා පමණ‍ය. අනෙක් පිරිමි ළමුන් දහතුන් දෙනාම පන්තියෙන් බැහැර ව මිදුලේය.

      “ ළමයි මං කිව්ව දේ ඇහුවේ නෑ ටීච... මම ෆේල්”

      මා මැදිවුයේ ගැටළුවකටය. පන්තියෙන් බැහැර වු එක් අයෙකු වෙනුවෙන් පහර පහක් දෙන බව කීවේ එසේ කිරීමට මට අවශ්යළ නොවනු ඇතැයි සිතාය. එහෙත් වුයේ අනිකකි. කිසිවක් නොකියා මම වේවැල අතට ගත්තෙමි. එ සැණින් පන්ති නායකයා මා ඉදිරියට ඇවිත් සිය සුරත ම දිගු කර උන්නෙ මැසිවිලි නැතුවය. පහර හැට පහක් අත් දෙකටම වැදෙන තුරු නොසෙල්වී දෑතම දිගු කරගෙන ඔහු උන්නෙය. එහෙත් ඇස්දෙකම තඩිස්සි වී ඉදිමෙන්නට තරම් පහර දී ඉවර වන විට මම හඬා තිබුණි.

      පසු සටහන‍:-
      මා ‍ස්ථාන මාරුවක් ලබා වසර කිහිපයකට පසු දිනෙක ත්රී.රෝද රියක් මා පසුකර ගෙන ගොස් නැවත හරවා පැමිණ මා ඉදිරියේම නතර විය. කරදඬු උස්වු තරුණයෙක් රියඳුරු අසුනෙන් බැස තාර පාර මැද දණ බිම ඔබා මට වඳින ලදී.

      “ මාව මතකද ටීචර්” මම සිනාසුනෙමි. ඒ ඔහුය.

      “මගෙන් වැඩිපුරම ගුටි කාපු ළමයා”

      Delete
    3. ලොකු සෑර් ... නරකද ඕක ප්‍රින්ට් කරල පිටේ එල්ලගෙන පාරක් පාරක් ගානෙ ගියා නම්... ඔය ගැහිල්ල වැරදි ඇති.. ඔයිට වැඩිය ගැහිලි තියන එවුන් ඉන්නව.. ඕක තිශ්යෝක්තියක් වෙන්න පුළුවන් ඇත්ත වගේ ලියපු. මම නම් දන්නා විදියට ඇත්තවගේ හරි කමක් නෑ ලියන එකයි වැදගත්... ටීචර්ගෙ වෙනත් ලියමන් වලට කිසිම දෙයක් නොකියපු අයියල මිස් වෙච්ච පොඩි තැනක් දැක්කම පිටු පිරෙන්න කොමෙන්ටු දාන්නෙ... වැරදි දේට වැරදියි කියන එක හරි. ඒක කමක් නෑ.. හැබැයි බ්ලොග් ලිවිල්ලෙ එක එකාට වෙනස් විදියේ අනන්‍යතා තියනවා.. මෙතන කුණුහරුප ලියන එවුන් ඉන්නවා... බඩු ගැහිලි ගැන ලියන එවුන් ඉන්නවා.. බණ කතා ලියන එවුනුත් ඉන්නව... හැම එකම ලියන එවුන් ඉන්න ඕන.. හිත දුර්වල නිසාවට "මොකටද එක එක එව්වා ලියල බොරුවට කතා අහගන්නෙ" කියල එක බ්ලොග් කාරයෙක් හරි ලිවිල්ල නවත්තනවා නම් බ්ලොග් අවකාශෙට ඒක අඩුවක්. ගුරුතුමී විවේචනය කළාට කමක් නෑ.. ඒක හැමෝගෙම අයිතියක්. හැබැයි "මම බ්ලොග් ලිවිල්ල නවත්තනව" කියල කිව්වම එතනට ගිහිං වචනයක් නොකිය තව තවත් පත්තර ප්‍රින්ට් කර කර විවේචනය කරනව කියන්නෙ කුහක කම...

      Delete
    4. Thanks Rasikalogy.. Matanam penne nehe me post eke echchara darunu deyak. Blog wala thiyena dewal hetiyata type karana dewal hetiyata ee gas ballo hadanna rata hadanna onatharam kathika karanta puluwan asse me yaka mokakda me teacher ge blog ekak allan karana pissuwa????
      Liwilla hondai nam
      Minissungen honda comment enawanam me ahawal magulakatada ee geni maran kanna hadanne?? Ane ubalage blog kathika ban. Api wage liyanna berinam peththakata wela blog ekak kiyawala comment karala nikan hitahan anith ewunge redda palle thiyena dewal hoyala magule kathika koranne nethiwa. Mata penne ubata teacher ekka aqulak thiyenawa wage....

      Delete
    5. මකා දැමූ ලිපියක පිටපතක් සොයා නැවත කමෙන්ටුවක් ලෙස මා මෙහි දැම්මේ ඇයි දැයි අසා පාඨකයෙකු මට ඊ-මේලයක් එවා ඇත.

      Rasika,
      I agree with you that students should not be physically punished, even if it is well-intentioned. I hate when someone attempts to socialize that idea. While I disagree with the view point of Nini Senevirathna on this matter (I don't know who she is personally), I think copying the cache version and re-posting her withdrawn article is inappropriate and unethical and also that it hurts your reputation. (I am new to blogspace, but that's what I feel.)
      Thanks!

      මේ මා එයට යැවූ පිළිතුරෙන් අදාල කොටසයි.

      Thanks for the eMail.

      I understand that it was her decision to delete her post which I had not read nor even knew such a post existed untile I read her recent post about Yaka's post. Yaka is not a blog that I usually read. So I had missed his critical analysis of her actions and his general discussion on the subject as well.

      Having read both posts, I very much wanted to read the orignal post by this teacher, Nini Senevirathne. I first searched archive.org and found that her blog is not archived there (it should be there now!). However, as there were direct quotes from her post in Yaka's blog, I could successfully locate the full version in Google cache. Anyone could do that.

      When I read the cached version, I found nothing there that is not either directly quoted or paraphrased in Yaka's post.

      That was going to be it but I then noticed that there are many people in my situation, that is, those who have read these two later posts but not the original by Nini Senevirathne.

      That was the reason why I posted the cached version in a few places.

      Now is that ethical to do so?

      I think there is nothing ethically wrong with my action, as I did not reveal anything that is private or anything that is between two or a limited number of people. The text I reposted was just there in Google cache for anyone with the know how to locate.

      Thanks for contacting me.

      අදාල යැයි සිතුනු නිසා මෙහි පළ කළෙමි!

      Delete
    6. @ සජ්ජා

      ඔබේ කමෙන්ටුව මට ද?

      ඔබේ දැන ගැනීම පිණිස කියනවා නම්, මාතලන් ගේ සින්ඩියෙන් දැන ගත් දා සිට මම ඔය ගුරුවරිය ගේ බ්ලොගයට ගොස් තිබුණු සියලු ලිපි කියවා අදාල පරිදි මගේ අදහස් ද දක්වා ඇත්තෙමි.

      මා කියවා නොතිබුණු ලිපිය සොයා ගැනීමට අවශ්‍ය වුනේ ද එනිසා ය. එය ගූගල් ලා කේෂ් කර තබා තිබෙන්නේ ඕනෑම අයෙකුට සොයා කියවන්නටයි.

      ඇගේ ලිපියේ, යකා උපුටා දැක්වූ හෝ ලියූ දෙයට වඩා වැඩි දෙයක් ඇත්තේම නැත. එනිසා, සැම දෙන එය කියවීම ඔවුන්ටත්, විශේෂයෙන් ගුරුවරියටත්, වැදගත් වේ. මක්නිසාද යත්, මුල් ලිපිය නොකියවන අය එහි නැති දේත් ඇති බව සිතීමට ඇති ඉඩකඩ ඉතා වැඩි හෙයිනි.

      මගේ අදහස පැහැදිලි යැයි සිතමි.

      Delete
    7. රසික මේක මෙතන දැම්ම හින්ද හොඳයි... මම මේ කතාව දැක්කෙත් දැනුයි... ගුරුවරියගෙ බ්ලොග් එකට මම ගිහින් තියෙනවද කියලා මතකයකුත් නෑ...

      මේක ගැන...
      කලින් ම.ම. ලියපු ලිපිය කියවන්නෙත් නෑ.. හැබැයි කලින් ලියපු ලිපිය කියෙව්වනං, ගුරුවරියගෙ බ්‌ලොග් එකට ගිහින් ඒ පෝස්ට් එකත් කියවල මිසක් කමෙන්ට් එකක් දාන්නෙත් නෑ... දැම්මනං දාන කමෙන්ට් එකෙන් කොටසක් මෙතන දාන්නං...

      ළමයින්ට තරහට ගහන ගුරුවරුන්ට උදාහරණයක් විදියට මේ ගුරුවරියගෙ ලිපිය ගත්තනං මට කියන්නෙ තියෙන්නෙ ම.ම..... ගිහින් ඔලුව චෙක් කරගන්න...

      Delete
    8. සිද්ධියට අදාල මගේ අවසාන කමෙන්ටුවත් මෙතන අලවමි.
      පළමුවෙන් ගුරුවරිය කලේ වැරදි වැඩක්. ළමයෙකුට පහර හැටපහක් ගැහීම කියන්නෙ අතිශයින්ම අමානුෂික වැඩක්. ඒක විවේචනය කිරීම මට අනුව නං අවුලක් නෑ.

      එයා වැරැද්ද ගැන පසුතැවිලි වෙනව නම් කලයුතු වන්නේ ලිපිය මකාදමා අතපිහදා ගැනීම නොව විවේචන වලට මුහුණ දී යලිත් එවන් වරදක් නොකර සිටීම(දරුවන්ට). ඊට අමතරව "මම ළමයි වෙනුවෙන් අහවල් දේවල් කරල තියනව" වගේ කතන්දර කීමෙන් පැහැදිලි වෙන්නෙ එයා තමන්ගෙ වැරැද්ද සාධාරණීකරණය කරන බව නෙවේද?

      යම් ලිපියක් අන්තර්ජාලයේදී සංවාදයකට/විවාදයකට ලක් කිරීමේදී ශිෂ්ඨ සම්පන්න කෙනෙක් නම් කලයුතු දේ තමයි අදාල ලිපියට සබැඳියක් දීම සහ අනෙක් පැත්තෙන් ලිපිය මකා නොදැමීම. ඒ අර්ථයෙන් රසික කල දේ අනුමත කරනව. ලිපිය කියවීමට සැලැස්වීම කලයුතු දෙයක්.
      ඒ ගැන එච්චරයි.

      අතුරු කතා,
      "මට රිදුන, මම ලියන්නෙ නෑ" කියල කියද්දි "අනේ එයාට බනින්න එපා ඉහි ඉහි ඉහි....." "පොඩි වැරැද්දකට ඇයි මෙච්චර ගහන්නෙ" "විවේචනය කරන්න දේවල් නැතුවද" ........ වගේ කතා බ්ලොග් අවකාශයට අනවශ්‍යයි.
      ඒ වගේම

      "ටීචර්ගෙ වෙනත් ලියමන් වලට කිසිම දෙයක් නොකියපු අයියල මිස් වෙච්ච පොඩි තැනක් දැක්කම පිටු පිරෙන්න කොමෙන්ටු දාන්නෙ"

      කියන කතාව මටත් අදාලයි. ඒ ගැන කියන්න තියෙන්නෙ "ඔව්, මම කමෙන්ට් කරන්නෙ මට ඕන දෙවල් වලට විතරයි, ඇයි අවුල්ද?"

      Delete
    9. රාජ් @
      යම් සිදුවීමක් දෙස සාධාරනව සහ තර්කානුකූලව බලන කෙනෙක් බව ඔබෙ බ්ලොග් එක ට නොවරදවාම යන කෙනෙක් ලෙස මා තේරුම් ගෙන සිටියා.

      පහර 65 ක් ගැසීමයි මට පෝස්ට් එකක් දාන්න තරම් හේතුවුනේ. එය අසාමාන්‍ය නැත කියල කාටවත් කියන්න පුලුවන්ද
      නමුත් මම නිසා තව කෙනෙක් විදවනව කියල දැණගත්තම කොහොමත් සංවේදී මට ඕන වුනා ඒ ප්‍රශ්නෙ සමතයකට පත් කරන්න..

      මේ වැරැද්ද සාධාරනීකරනය කරන්න කාටවත්ම බැහැ. කොමෙන්ට් දාපු හැමෝටම ඕන වුනේ ගුරුතුමියට පාඩමක් කියල දෙන්න. එය ඉගෙන ගත්තානම් ඇයගෙ ජීවිතයටත් ප්‍රයෝජනවත්. රාජ් කලිනුත් කියල තිබුන වගෙ හොඳ බ්ලොග්කාරියක් වෙනවට වඩා හොඳ ගුරුවරියක් වෙන එක හොඳයි.

      Delete
    10. මේක තවදුරටත් ඇදගෙන යාමෙන් වැඩක් නැති බවයි මගේ අදහස. ඒ බ්ලොග් කාරිය තවදුරටත් ලිවීම කරගෙන යන බව ලියල තියනවා. හැබැයි රසික සහෝදරයා ඒ මකපු ලිපිය ඊ මේලක් නිසා දැම්ම කියල කියන එකෙන් කරපු වැඩේ සාධාරණීකරණය වෙන්නෙ නෑ.. මම කියන්නෙ මගෙ මතය. තමන් මකපු පොස්ට් එකක් ආයෙත් කෑෂ් වලින් හොයාගෙන දාන එක කරන්න වටිනා වැඩක් නෙවෙයි කියන එකයි මගෙ අදහස. එක එක අදහස් තියන මිනිස්සු ඉන්න එක හරි. සමාජය විෂමාකාරයි.
      රාජ් සහෝදරයා... කිසි අවුලක් නෑ. පොන්ත නෝනගේ පස්ස පැත්ත ඇල් වතුරෙන් හෙදුවත් මිරිස් වතුරෙන් හේදුවත් කාටවත් අමාරුවක් නෑ...
      අනිත් එක තමයි විවේචනය කරන්න ඕන එක කෙලින්ම ගිහිං විවේචනය කළා වගේම ඔබ දෙදෙනාම ගුරුවරියගේ ඊළඟ පොස්ටුවට මුලින්ම කොමෙන්ටු දමා තිබීම... බොහොම යහපත්. අගය කලයුතුයි...

      Delete
  9. බොහොම ස්තුතියි ..
    මම බ්ලොග් අඩවි වලින් සමුගනිමි.
    ඔබේ විවේචන සියල්ල සතුටු සිතින් බාරගනිමි.ඔබට ජය
    මේ තරම් කියවමින් මා පීඩනයට පත් කරන්නෙ ඇයි දැයි නොදන්මි.හිත රිදුන වග පමණක් සටහන් කරමි.
    සංවාදය තුළ හා ඝාතනය වු බව හැගෙ

    ReplyDelete
    Replies
    1. මගෙම නංගි කෙනෙකුට අවවාදයක් දෙන විදියට මම අවවාද කරනවා ලියන එක නවත්වන්න එපා කියල. ඔයා ලියන එක නැවැත්තුවොත් ඒක මටත් සදාකාලික පීඩනයක් වෙයි. වරදකාරී හැඟීමක් ලෙස බ්ලොග් ලියන හැම විටකම මගෙ සිතට වද දෙයි. මේ සියල්ලටම හේතුව මගෙ ලිපියක් වීම නිසා මට කවදාවත් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න බැරිව යනවා. ඒ කියන්නෙ මට මේ බ්ලොග් එක කරගෙන යන්න බැරිව යනවා.

      සිදුවෙන හැම දේකින්ම පන්නරයක් ලබන්න. සිත ශක්තිමත් කරගන්න. අපි ඔයාගෙ සහෝදරයො මිස සතුරො නෙමෙයි.
      අඩුම තරමින් මං ගැන හිතලවත් බ්ලොග් අවකාශයෙන් ඉවත් වීමේ තීරනය වෙනස් කරනු ඇතැයි විශ්වාස කරනවා.

      මේ දේවල් නිසා ඔයාගෙ බ්ලොග් එකට හිට්ස් වැඩි වුනා. ඔයා හොඳ බ්ලොග්කාරියෙක් වෙයි. එන්න අපි බ්ලොග් ලොවේ දිගු ගමනක් යමු.

      Delete
    2. අක්කන්ඩි...ලියන එකනම් නවත්තන්න එපා..මමත් ඔයත් එක්ක රන්ඩු වුන කෙනෙක් විදිහට මගේ හිතටත් ඒක වදයක් වෙයි..
      ලියන්නෙ නැති බ්ලොග් දකින හැම සැරයකම මගේ හදවත රිදෙනවා..
      අපි මොනතරම් දේවල් කියව ගන්නවද කියලා ඔයාට තේරැම් යයි ඇවිත් බලන්න..
      http://manomandira.blogspot.com/
      http://manomandira.blogspot.com/2015/11/blog-post.html
      මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය - අත්දුටුවයි

      Delete
    3. ඔච්චරම මෝඩද...?

      විවේචනයකට හිත තලාගෙන, කරගෙන යන තමන්ට හොඳයි කියල හිතෙන දෙයක් ආතරින එක නං ඔය ළමයින්ට දෙන ආදර්ශෙ.... මට කියන්න තියෙන්නෙ ඔයා හොඳ ටීචර් කෙනෙක් නෙවෙයි කියල...

      මේකෙ කමෙන්ට් බලන්න...

      තොප්පි වෙළෙන්දෙක් දවසක්...

      Delete
    4. //ඔච්චරම මෝඩද...? //
      ඇරපන් හිරුවො කට , වෙඩිං කේක් වලට ගෙනාපු බ්‍රැන්ඩි කාලක් වක් කරන්න.

      Delete
    5. නවතන්න එපා මේ මගෙත් ආයාචනයක් ගුරුතමිය. මෙවැනි සංවාදයක් ගුරු ලෝකයට ඉතාම ප්‍රයෝජනවත් ! ඉගෙනුමට එන දරුවන්ට දඬුවම් කළයුතුද ? කළයුත්තේ කෙසේද ? දඬුවම් කළයුත්තේ ඇයි ? දරුවන්ට දඬුවම් කරන්නට ගොස් ලැබී ඇති ප්‍රතිපල මොනවාද ? දඬුවම හරියන හා වැරදෙන අන්දම කෙසේද ? සුදුස දඬුවම් වර්ග මොනවාද ? වගේ කොච්චර වටිනා දේවල් පිළිබඳ සැබෑ සාකච්ඡාවක් ඇතිවෙමින් පවතිනවා. මෙහි සටහන් නොවන සිතවිලි ඉගෙනුම් සම්භාරය අති විශාලයි. අපිත් වෙනත් අයත් ‍නොදැනීම ඔබත් මොන තරම් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවාද ? මේ සියල්ල ඔබ ලිවීම නිසා ලැබුණ වාසි ! ඔබ මෙතනදී අපේත් ගරුවරයකු බවට පත්වුනා නේද ? ඉතින් ගුරු මෑණියනි නවතින්න එපා බ්ලොග් ලෝකය සමග රැඳෙන්න. විවේචනයකට හිත තලාගන්න එපා.

      Delete
  10. ම.ම ගේ පරණ ලිපියට මමත් කමෙන්ට් කළා වගේ මතක ය. දැං ඉතිං ඔක්කොම හරි ය. මොනා උනත් ඕනම දෙයක් කතා කරලා විසදගන්න පුලුවන් ය. ඒ විදිහට වැඩ කරපු නිසා දෙන්නා අතර අමනාපයක් තිබ්බානං ඒකත් දැන් නැති වෙන්න ඇති ය. ඒක ගොඩාක් හොද ය.

    ReplyDelete
    Replies
    1. අප අතර අමනාපයක් තිබුනෙ නෑ. මගෙ ලිපිය නිසා ඒ නංගිට සිත් රිදීමක් වුනා. මට දිවුරන්න පුළුවන් මට තිබුනෙ ගුරුවරුන්ගෙ නොමනා ක්‍රියා විවේචනය කිරීම පමනක්ය කියන එක. කොමෙන්ට් දාපු අයටත් තිබුනෙ ඒ හැඟීමම තමා.

      මම බෙහෙවින් කනගාටුව පළකරල නංගිගෙ පිලිතුර මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියටත් පළ කළා.
      මේක නිසා මට එන නරක නාමෙ ගැන විලිලැජ්ජයි බං. කිසිම නරක චේතනාවක් මට නොතිබුනත් මම නිසා බ්ලොග් ලියපු කෙනෙක් නතරවුනා කියන එක මතක් වෙන කොට මම කොහොමද ආයෙ ලියන්නෙ.

      Delete
  11. Den harine okkoma neda??? Methana wenne hondata blog liyana ewunwa kaabasiniya karana eka misak wena mokakda? Aparade ara teacher.. Me irisiyawa kuhaka kamada kiyala matanam therenne ne. Ekko meke comment kala ewun teache lagen thiya gedara amma appagen wath hariyata guti kala ne. Ekko cyber ekata ewith porawal wenna hadanawa. Facebook eketh wenne meka. Den den blog wala wenneth meka.

    ReplyDelete
    Replies
    1. ටික්කා කිසිම කෙනෙකුට එහෙම අදහසක් තිබුනෙ නෑ. බ්ලොග් ලියන කිසිම කෙනෙකුට බ්ලොග් වලින් පොරවල් වීමේ උනක් නෑ. බුකියෙ නම් එහෙම අය ඇති. බ්ලොග් ලියන්නෙ විනෝදාංශයට.
      කොමෙන්ට් කරපු හැමෝම එහෙම කලේ සද්භාවයෙන්. මේ ගුරුතුමිය විවේචන දරාගන්න තරම් ශක්තිමත් වෙනවනම් හොඳයි.

      Delete
    2. සජ්ජාට කරන ගෞරවයක් ලෙස මේ කඩාකප්පල්කාරයාගේ කොමෙන්ටුව ඉවත් නොකරමි. මොහු අසභ්‍ය වචන කියමින් සංවාදය කඩාකප්පල්කරන්නට උත්සාහ කරයි. ගුරුතුමියද ප්‍රවේසම් විය යුත්තේ මෙවැනි අසහනකාරයන්ගෙනි. මොවුහු ස්ලේව් ලාය. ස්වාමි දූවරු සොයා අන්තර්ජාලයේ සැරිසරන අවාසනාවන්තයන්ය. ඔවුන්ට අනුකම්පා කරමි.

      මෙම කොමෙන්ටුව අසභ්‍ය නොවුනද ඔහු ඉතා පහත් වචන හා ලිංගික කරුණු හුවා දක්වමින් කොමෙන්ට් කර ඇත. ඒවා මෙතෙක් ඩිලීට් නොකලේ මොහුගේ පහත් අසනීපය කාටත් තේරුම් ගනීමටය. දැන් ඒවා ඉවත් කරමි.

      Delete
    3. මතේ ... අන්තිමට ආපු පොට හොඳ නෑ... මම හිතුවේ මෙතන තර්කයක් ගොඩනගන බවකුයි... එහෙම එකක් නෙවෙයි මෙතන පේන්න තිබ්බෙ අන්තිමට.. මතයාට කරන ගෞරවයක් විදියට මම මෙතන මගෙ ටික මකනවා.

      Delete
    4. ටික්ක දිගින් දිගටම කුනුහරප කොමෙන්ට් කරයි. බල්ලෙක් මට බිරුවාය කියා මට බෑ ඌට බුරන්න.

      Delete
    5. ටික්ක දිගින් දිගටම කුනුහරප කොමෙන්ට් කරයි. බල්ලෙක් මට බිරුවාය කියා මට බෑ ඌට බුරන්න.

      Delete
  12. මම නම් හිතන්නේ තවත් මේක හාරන්න අවුස්සන්න අවශය නෑ කියලයි.මධ්‍යස්ථ ඒ ගැන කතගාටුව ප්‍රකාශ කලා.ගුරුතුමියත් ඒක පිලිගත්තා.තවත් ගුරුතුමියටයි මධ්‍යස්තටයි ඇගිල්ල දිගු කර කර ඉන්නවා කියෙන්නේ ආයේත් මුලටම යනවා කියන එකයි.උඹලා ආපස්සටමනේ යන්නේ.
    රසික එකක් කියනකොට ටික්කා තව එකක් කියනවා.ආයෙත් මත ගැටුමක්නේ බං මෙතන නිර්මානය වෙන්නේ..අපිට අවශ්‍ය ගැටුමක් නෙවෙයි විසදුමක්..විසදුන ප්‍රශ්නේ ආයෙත් ඇවිස්සෙනවා..මේකද උඹලට අවශ්‍ය

    මේක මෙතනින් ඉවර කරමු.ඇය ඉදිරියටත් වෙනදා වගේම ලියාවි...

    ReplyDelete
    Replies
    1. කට ඇරපිය මනෝ ගල් කාලක් වක් කරන්න..ඉරිදට බොන්න ගෙනත් තිබ්බ බෝතලය

      Delete
    2. සැක් , මම බ්‍රැන්ඩි කාලම හිරුවගෙ කටට හලල ආව
      මනෝ +++++++++++++++++++++

      Delete
    3. එහෙනම් මුලින් මෙන්ඩගේ ගල් කාල
      පස්සේ කම්මලයගේ බ්‍රැන්ඩි බෝතලේ
      පත්තරයත් රට ඉදලා එනකොට ගෙන්නේ නැතැයි මොනව හරි

      ඒත් මම මේ කල්පනා කරේ මගේ බිලොග් එකේ මත්ද්‍රව්‍ය පානයෙන් වලකිමු කියන පෝස්ට් එක දාන්නේ කොහොමද කියලා...එක්කෝ ඒක දාන්නැතිව ඉන්නම් බං..

      Delete
  13. මේ තීරණය මධ්‍යස්ථ මතධාරියා නිසා නොගත්තෙමි. ඔහු නිසා නොවේ.
    ඇත්තය. මෙහි මට විවේචන එල්ල කළ බොහො අය එහි පුද්ගලිකව නොකල බව දනිමි.
    කෙනෙකු මෙය උලුප්පන නිසා මා සිතුවේ මා නිහඬ වීම සුදඅසු බවය.
    නැත
    මෙහි සහෝදරත්වයේ සළකුණු ද ඇත.
    ම‍ම එයට ගරු කර මා පෙලු එකම කෙනා වෙනුවට මා වෙනුවෙන් දිගු කල මධ්‍යස්ථ ,ඉවන්,මනෝ මන්දිර සියලු නම් මට මතක නැත. ආදී සහෘද සියලු දෙනා දයාබරත්වයෙන් වැළඳ ගමි.
    මා දුර්වල ය.
    නමුත් යළි ලියමි.
    මධ්‍යස්ථ ට පසුතැවීමක් ඇති නොවනු රිසියෙන්

    ReplyDelete
    Replies
    1. ආං එච්චරයි එකෙන්ම !!!

      ලියන්ඩ මිස් … රෙෂ්පට් එකට !!!

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++
      මට හරිම සන්තෝසයි. ඔන්න රෝලටත් දාගත්ත. ලිපියක් දාපු හැටියෙ අපි නොවරදවාම එතන.

      Delete
    3. ඔය තියෙන්නේ...එච්චරනේ අවශ්‍ය...
      ඔබේ ගමනට අපෙන් සුභ පැතුම්

      Delete
    4. අක්කන්ඩි...ලියන එකනම් නවත්තන්න එපා..මමත් ඔයත් එක්ක රන්ඩු වුන කෙනෙක් විදිහට මගේ හිතටත් ඒක වදයක් වෙයි..
      ලියන්නෙ නැති බ්ලොග් දකින හැම සැරයකම මගේ හදවත රිදෙනවා..
      අපි මොනතරම් දේවල් කියව ගන්නවද කියලා ඔයාට තේරැම් යයි ඇවිත් බලන්න..
      http://manomandira.blogspot.com/
      http://manomandira.blogspot.com/2015/11/blog-post.html
      මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය - අත්දුටුවයි

      Delete
    5. වෙන කෙනෙක් මෙහම කිව්වනම් ගල් බලකායට බදවගෙන..සතුටට ගල් කාලක් වක් කරනවා කටට..ඉරිදට බොන්න තිබුන බෝතලය..
      ටිචැර්ට එහම කියන්න බෑනේ..

      ටිචර්
      මම කියන ඒවා එච්චර සිරියස් ගන්න එපා..මගේ කෙල්ලෝ කියන්නෙ..
      “මගේ පෙකනි වැල කපලා තියෙන්නෙ..බොක්කූ කටක් උඩ තියලා බෝතල් කටුවකින්ලු“

      Delete
  14. යකෝ මුන් දෙන්නම හොටු පෙර පෙරා අඩන්ඩ තියාගත්තනේ

    බ්ලොග් ලියනවනං ගල් හිතකුයි කබර පිටකුයි තියෙන්ඩ ඕන

    ඕක කියුවේ මං නෙමෙයි ....හැබැයි කියුවේ මට .....කවුද කියල මතක නැ ....කවුද මන්ද බ්ලොග් එස්තාර් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියනවනං ගල් හිතකුයි කබර පිටකුයි තියෙන්ඩ ඕන //
      කතාව ඇත්ත.
      බ්ලොග් වලට විතරක් නෙමෙයි ජීවිතයටත් අදාලයි.

      ඇඩුව නෙමෙයි බන් කදුලු පිසදැම්මා

      Delete
    2. කබර හමක් ගැන කිව්වේ නම් රසික වෙන්ට ඕනේ මතක විදියට.

      Delete
    3. කබර හමක් ගැන කිවුවනම් කබරයෙක් වෙන්ඩ එපෑ , මොකෝ අපි දන්නවැයැ උගෙ පිට ගැන.

      Delete
    4. රසික ට කබරයා කීම හෙළා දකිමි !! ඕ යේස්

      Delete
    5. කබරයා දාලා තියෙනවා අවුරුදු විසි එකේ දී පමණ වසර අවසන් විභාගය නිම වූ දිනට පසු දා උදේ පාන්දර නම්!

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ගුරුතුමිය තමන්ගේ බ්ලොග් ලිවිල්ල නතර නොකළ යුතු බව මගේ හැඟීමයි. මම ගුරුව රුන් පමණක් නොව දෙමාපියන්ද ළමයින්ට ගහනවාට අකමැති අයෙකි. ඒවාට හේතු වශයෙන් බ්ලොග් ලිපි කීපයක්ම ලිය ඇති අතර ඉදිරියටත් ලිවීමට බලා පොරොත්තු වෙමි. ඔබ හොඳ අයෙකි. ඔබ ළමයින්ට ගහන්නේ ඒ ඔබේ ගුරු පුහුණුව නිසා බව මගේ විශ්වාසයයි. කරුණාකර නොගහා ඉගැන්විය හැකිදැයි බලන්න. ඒ පිළිබඳව බොහෝ පොත් ලියවී තිබේ. ළමා ශික්ෂණය පිලිබඳ සෝවියට් දේශයේ පලවූ පොතක් මා ළඟ ඇත. අවශ්‍ය නම් එවිය හැක. අපේ දරුවන් ඉපදුනු පසු බිරිඳත් මමත් බොහෝ පොත් කියවුයෙමි. අදටත් මගේ ළමයින්ට පහරක් ගසා නැත.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අජිත්...මමත් තව නූලෙන් බ්ලොග් ලියන එක නවත්තනෝ ඔබතුමා මට කමෙන්ට් එකක දාලා තිබුනාම මම බොන එක ගැන විතරය ලියන්නේ කියලා...හිත රිදෙන කතාවක්නේ බොන එක (සමහරුන්ට ) ඒ වගේ තමයි ලමයින්ට ගහන එකත්..ඒත් ඒවා ගැන ලියලා, කියවලා එතනින් මොනා හරි අවවාදයක් අරන් ඉස්සරහට යන එක නොව වැඩේ..අනේ අපි නම් එහෙමයි...

      Delete
    2. මමත් පොඩි මෙන්ඩට ගහලා නෑ..

      Delete
    3. අජිත් @
      මට පේන්නෙ මේ ගුරුතුමියට මේ සංවාද නිසා ලොකු ප්‍රයෝජනයක් වුන බවයි. ඇත්තෙන්ම ඒ වගෙ උදව්වක් තියනවනම් කරන්න.
      චෙෆා @ අපිත් එහෙමයි අනේ

      Delete
    4. ඕන් චෙෆාකි තුමා බොරු කියනවා. මම කිව්වටම නවත්තයි. හිත රිදුන නම් සමාවන්න ඉතින්. එහෙම අදහසක් හිතේ තිබ්බේ නැහැ. ගහන එකට විරුද්ධව මමා ලිපි ලියනවා. අනික් අය පක්ෂව ලියයි. හුදී ජනතාව තෝරා ගනී.

      Delete
  17. දැං පරණ ලිපිය උඩ්ං පල්ලෙන් කියෙව්වා.. වෙලාව මදි... කියන්න තියෙන්නෙ ගුටි කෑම අපි කවුරුත් කළා... අපෙ හතරෙ පන්තියෙ අරුණසිරි සර් දෙන්නෙම මීටර් කෝදුවෙන් අතේ ඇඟිලි වලට... වැරැද්ද කොපි කිරීමද, දෙවනි බෙල් එක වැදෙනකම්ම පීටී ඉවර වෙලා පන්තියටද නාපු එකද, උදේට පරක්කු වෙච්ච එකද කියල වෙනසක් නෑ... මාව පන්තියෙන් එලියෙ හිටවල තිබ්බ කියලත් මතකයි... ඒ උනාට ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සෙ, මල්ලිගෙ වැඩකට ආයිත් ඒ ඉස්කෝලෙට ගිය වෙලාවෙ, මාව දැකල සර්ගෙ ඇස්වලට කඳුලු ආවා... එතකොට සර් විශ්‍රාම යන්න කිට්ටුයි... සර් මගෙන් ඇහුවෙ එකම දෙයයි... ගියාට පස්සෙ අපිව මතක් උනේම නෑ නේද කියල ඇහුව.. ඇත්තනෙ... ශිෂ්‍යත්වෙන් පස්සෙ මං ඉස්‌කෝලෙ පැත්ත පලාතෙ ගියෙ නෑ.. ( මං අද වෙනතුරු කකුල් දෙක අල්ලල වැඳපු එකම ගුරුවරයා ඔය සර් විතරයි..)

    ඒ කාලෙත් මළ වාත ගුරුවරු හිටිය... මගෙ 1 වසරේ ටීචර් ඒ වගේ කෙනෙක්.. මට ඉස්කොලෙ එපා කෙරෙව්ව පළවෙනි දවසෙන්ම...

    දඬුවම් කරන ගුරුවරු හැම කෙනාම මානසික රෝගීන් නෙවෙයි... මේ ගුරුවරියගෙ පෝස්ට් එක අන්තිමට වෙනකම් කියවල, මේ වගේ පෝස්ට් එකක් ලියන්න, ඒ ලිපිය උදාහරණෙකට ගත්ත ඔයාට මොලේ අමාරුවක්ද කියල තමයි මට අහන්න තියෙන්නෙ.. ඒ පෝස්ට් එකේම පැහැදිලිවම තියෙනව ගුරුවරියගෙ චේතනාව මොකද්ද කියල...

    ( යකා මේ වගේ දෙයක් කරගත්ත දෙවනි වතාව නේද මේක මට මතක විදියට... පළවෙනි පාර සමාව ඉල්ලලා ආයිත් පටං ගත්ත... මේ පාරත් සමාව ඉල්ලලා තියෙනව... ඔයාගෙ අදහස් හොඳයි... ඒත් ගොඩක් වෙලාවකට අල්ලගන්නෙ නැට්ට පැත්තෙන්... ඒකයි වැරැද්ද..)

    ReplyDelete
    Replies
    1. 1.ගුරුවරිය‍ට රෝගයක් ඇතැයි කියල ම.ම. කියල නෑ. පෝස්ට් එක කියෙව්වෙ නැත්තං ආයෙත් කියවන්න. ම.ම. කරල තියෙන්නෙ ගුරුවරුන්ගෙ යම් යම් අවුල් ගැන ලිවීමට ප්‍රස්තූතයක් විදියට ඒ ක්‍රියාව යොදාගැනීම

      //ඒ පෝස්ට් එකේම පැහැදිලිවම තියෙනව ගුරුවරියගෙ චේතනාව මොකද්ද කියල...//
      අම්මට සිරි! මේ විදියට බැලුවම අර කෙල්ලට ගහපු පොලිස්කාරයටත් කියන්න පුළුවන් "මම එයා හදාගන්නයි ගැහුවෙ" කියල. අනුරාධපුරේදී අමු අමුවෙ මිනී මරපු එකත් කිව්වෙ ඔයවගේ කතාවක් තමයි.

      Delete
    2. ඔවු රාජ් ගුරුවරුන්ගෙ නොහොබිනා වැඩ ගැන ලියන්න ප්‍රස්තූතයක් ලෙසයි මෙය ගත්තෙ. නමුත් මම මුලදි ලින්ක් එකක්වත් දැම්මෙ නෑ. නමුත් ඩූඩ් කිව්ව ලින්ක් දාන්න නැත්නම් බ්ලොග් ලියන ගුරුවරු හැමෝම ගැන සැක සිතනව කියල. ඒකයි දැම්මෙ.

      අපි ඉස්කෝල යන කාලෙ හැම ගුරුවරයෙක්ම වගෙ ළමයින්ට ගැහුව. නමුත් අසාමාන්‍ය ලෙස මා හදුනාගත් සිදුවීම් දෙකක් උපුටල දැක්වූව.මම මගෙ ලිපියෙ එක ගුරුවරයෙක් උම්බලකඩ කෑල්ලක් වගෙ බිම පොලවෙ ගගහ ළැමයෙකුට ගහල ඔහු ටික වෙලාවක් සන්සුන් වෙලා ආයෙ පොල්ලක් අරන් එලවපු කතාවයි තව ගුරුවරයෙක් ළමයින්ගෙ සංවේදී ස්ථාන සොය සොයා දිගු වේලාවක් පහර දීපු එකයි විතරක් දැක්වූවා.

      පළමු සිදුවීම කෝපය මතත් දෙවෙනි සිදුවීම මහ අමුතු බවත් ඕනම කෙනෙකුට තේරෙනව. හදාගන්න ගහන කතා අරව මේව බයිල.

      මම මහාචාර්ය රණවක මහතාගේ මනෝ විද්‍යා ඩිප්ලෝමාව හදාරල තිබෙන නිසා අසාමාන්‍ය මනෝවිද්‍යාව ගැන යම් දැණුමක් තිබෙනව.

      නැට්ට පැත්තෙන් අල්ලගත්තෙ නෑ. ලිපිය හොඳට කියවල සද්භාවයෙන් තමා පෝස්ට් එක පළකළේ.එක ළමයෙකුට පහරවල් 65 ක් අසාමාන්‍ය නැද්ද කවුෂි.

      මෙහිදී සමාව ඉල්ලීමක් කළේ නැහැ. අනික සමහර වෙලාවට අපි වරදක් නොකළත් සමහර වෙලාවට සමාව ඉල්ලනව අනෙක් පාර්ශ්වය කූල් ඩවුන් කරල ප්‍රශ්නෙ එතනින් ඉවර කරල සමාදාන වෙන්න.. මෙතන මම එහෙම කළෙත් නෑ. පැහැදිලිව කීව මම කනගාටු වෙන්නෙ මගෙ ලිපිය නිසා තව කෙනෙක් අපහසුතාවයට පත්වෙනවනම් අන්න ඒ කාරනය ගැන පමනයි කියල. එහෙම නැතිව ලිපිය ගැණ නෙමෙයි.

      මම දුක් වෙන්නෙ බ්ලොග් එක නවත්වනව එයා අඩනව ආදී වශයෙන් කිව්ව දේවල් වලට .

      Delete
    3. //මම දුක් වෙන්නෙ බ්ලොග් එක නවත්වනව එයා අඩනව ආදී වශයෙන් කිව්ව දේවල් වලට //

      කඳුලක් වැටේනම් - පිසලන්න ආයේ …

      මං හැංගුණා .හැක්

      Delete
  18. අනේ ටීචර්............

    මෙන්ඩාවයි, යකාවයි, අැටමාවයි, ප්‍රසාවයි, වෙල් විදානයාවයි ඒකම පන්තියකට දාලා හොද පාඩමක් උගන්නලා දෙන්න බැරිද?????? ගැහුවාට කමක් නැහැ මුන්ගේ ඔලු ඒහෙම අතගාන්න යන්න බැහැ හරිද??? මොකද මුන්ට ඔලු නැහැනේ.....

    ReplyDelete
    Replies
    1. මෙන්න කමෙන්ටු
      චන්දේ ඉල්ලන මට්ටමට දවසක උඔලා මාව ඡනප්‍රිය කරවනවා..

      Delete
    2. ටිචැර්
      පත්තර මල්ලියි කැමරකටයි පංතියට එක්කරගෙන එන්නද?

      Delete
    3. යකාගෙන් පර්මිෂන් ගන්න වෙයිදෑ :D . හැක හැක

      Delete
    4. ඉවානය ගත්තනම් හරි පංතියේ මොනිටර් කමට,

      Delete
    5. ඒක ළමයෙකුට දුන්නොත් මොකෑ ??:D

      Delete
    6. ටිචර් පංතියේ උගන්නන පිරියඩ්වල යකා බැම්ම ලගට වෙලා ඉන්නවලු පංතියේ ළමයින්ගෙන් ටිචැර්ට කරදරයක් වෙයි කියලා

      Delete
    7. ඉස්සර යක්කු කියන්නේ..

      ඕං වර වර.. මට කුකුල් බිල්ලක් දීපන් මම යනවා කොස් ගහේ අත්තකුත් කඩාගෙන .… කියල නෙවැ

      දැං කියන්නේ

      මට ටීචැර් ගෙනත් දියංකෝ …… හූ ..මං යනවා . කියලා

      මට මළ පනිනව චාමර :D :D

      Delete
  19. ම.ම උඹ තැනක ලියල තිබ්බ ලිංගික ආශ්වාදයකට පහර දෙනව වගේ හිතෙන දේවල් නොදා විවේචනයක් කලානම් මධ්‍යස්ථ බවට හොදයි ,
    ටීචර් 65 ක් ගහල අඩනව , උඹ පෝස්ට් එකක් දාල අඩනව හරියට බාලාංශෙ පන්තියට අලුතෙන් දාපු පොඩ්ඩයි ,පොඩ්ඩියි වගේ .
    කොහොම හරි උඹම ප්‍රශ්නෙ විසදුව එක ගැන මගේ ප්‍රණාමය !!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒ තමා අපේ සංවේදීකම.

      Delete
  20. කඳුල ඉතින් සමාවෙයන්
    අපි වෙන් වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඇය එනවා
    සිරි යහනේ තනි රකින්න

    කළු වළාව නැගෙන්නෙපා - ගගට උඩින් හැන්දෑවට
    මුදුන් ලීය යටින් පොළොවේ - ගොම හේදෙයි අලුත් පිටම
    කන්ද කපා හද පායා - සදරැස් යහනට වඩින්න
    සඳ එළියෙන් ඇගේ ගතේ - පිපි ගෝමර මල් දකින්න

    මල් දෙවැටේ වතුසුදු මල් - පිපේවි ඈ පිළිගන්නට
    උපුල් තලා ඔමරි සිනා - මතුවෙයි මල් පරදන්නට
    බිළිදු ගෙනා ඉකිරි සුවදක් - ගෙපැල දොරින් හමා එන්න
    ඉඩ දීයන් වළාකුලේ - මගේ සිහිනය මල් පිපෙන්න……


    හුරේ …… ජය වේවා !!!!!

    ReplyDelete
    Replies
    1. ආ..පත්තර මල්ලී කොහොමද...!

      Delete
    2. ආයිබෝං කිව්වා ලොකු සෑර්

      අපි මෙහේ වෙඩිමකට හට් ගහනවා .. :D

      Delete
    3. කාගෙද බං වෙඩිම

      Delete
    4. යකාට නර බිල්ලක් ෂැට් වෙලා ……

      අපිට වැඩ හෝයියට..

      Delete
  21. මං හිතන්නේ මේ අඩවියේත් ගුරුවරියකගේ මතකය අඩවියේත් ඇතිවුණු මේ අදහස් හුවමාරුව ඉතා හොඳයි. එය සිංහල බ්ලොග් අවකාශයට අවශ්‍යව තිබුණු එකක් ලෙස මට හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම . මෙය කාලෝචිත මාතෘකාවක්. ගුරුතුමිය කළේ එම මාතෘකාව සඳහා වේදිකාව තනා දීමයි.
      ඒ වගේම බ්ලොග් වල මෙවැනි සංවාද කෙරෙන එකට මම නම් කැමතියි.
      බ්ලොග් දෙකක එකම සංවාදයක් කළ පළමු අවස්ථාවද මන්ද

      Delete
  22. ස්මාට් ෆෝන් ඉතා ප්‍රයෝජනවත්. ඒවායේ එක් ප්‍රයෝජනයක් තමයි ලැප් ගෙනයාමට බැරි බසයක දුම් රියක යනවිට හානිකර ඇනෝ කොමෙන්ට් ඩිලීට් කළ හැකි වීම.
    ලංකාව වැනි රටක සෙනග තෙරපෙන බසයක දුම් රියකදී වුනත් ඇනෝ කොමෙන්ට් ඩිලීට් කළ හැකියි.

    ReplyDelete
  23. මම අරකෙ කොමෙන්ට් කලා.. ඒක එයාට. බොට ඉතින් මක්ක කියන්නද? ඔය හොටු හූරලා තවත් කොච්චි මිරිස් තලියක් වගේ ලිපියක් ලියපං දවස් දෙක තුනක්ම උදේට පස්ස දැවිල්ල හැදෙන්න. නියමයි.. බ්ලොගර්ලගෙ මලකඩ කැඩුනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. Bloggers lage malakada keduna..??? Hak hak hak... Mata passa peththen hina giya.. Me lankawe bloggers lagen dekala thoyenne Rasikalogy Maathalan yaanhella padanguwa teacher atampahura samakayawate wage blog. Thawa thiyenawa. Mathak wenne ne. Ada iye wedi hariyak me post deka diha ehe eragena hitiye blogger liyana ewunge konda koheda thiyenne kiyala balanna. Balanakota kalin kiyapu aya ekka kihipadenek erenta ekekutawath kondak nehe. Eherola balagan koheda inne kiyala. Meka ubata reply ekak nemei.

      Delete
    2. මට රිප්ලයි එකක් නෙමෙයි නිසා මුකුත් කියන්නෙ නෑ ඔන්න.. හෙහ්.. (ආආ....මම හිනා උනේ කටින්.)

      Delete
    3. ලබ්බා.. ඔන්න බලපන්කො මුන් උඹේ වත්තට පැනල මරාගන්න හැටි... ටික්කා, මං ගැන කියල තිබ්බ නිසා වචනයක් කියන්නම්.. මම පොරක් නෙවෙයි බ්ලොග් වල. මම බොහොම පුංචි බ්ලොග් කරුවෙක්. මතයා අපි හැමෝගෙම බ්ලොග් වලට එබිකම් කරන තාර්කිකව කතා කරන ජනප්‍රිය බ්ලොග් කරුවෙක්. ඔහේගේ බ්ලොග් එකෙන් අනිත් අයගේ බ්ලොග් වලට ප්‍රවේශ යොදන්නට තරම් නිහතමානී අයෙක්.ආවේගශීලී වෙන්න එපා... මේ හැම දෙයක්ම කතා කරලා විසඳගන්න පුළුවන්. මම පොරක්, අහවල පොරක්, කියල කතාවක් මෙතන නෑ. අපි හැමෝම පුංචි මිනිස්සු. එක පාරක යන. බ්ලොග් ලියන ය වගේම කියවන අයත් වැදගත්...

      Delete
    4. මොකෝ කොරන්නෙ බං සජ්ජෝ..ඒ ඒ කෙනා ඒ ඒ හැඩේ.. යකා මොලේ තියන එකා.ඒකනෙ අපි මෙතන යකානටන්න එන්නෙ.අනික මෙතන සුපිරි සංවාදයක් ගියා.යකාට කියන්න තියෙන්නෙ උඹේ බ්ලොගේ මකන හරියක් මකලා මේ සංවාදෙ තියපං...උඹ වටින වැඩක් කලේ.
      ජයවේවා..!!

      Delete
    5. සජ්ජා @ ගස්ලබ්බ @

      මා ගැන ඔබ දෙදෙනාගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. මමත් බ්ලොග් අවකාශයේ පුංචි මිනිහෙක්. මම කොමෙන්ට් වලින් ඉගෙන ගන්න කෙනෙක්.

      සතියක් ඉන්ටනෙට් යන්නෙ නෑ කියල මටම පොරොන්දු වෙලා හිටියත් මට ලැබුන වයිබර් මැසේජ් එකක් නිසා යි ආයෙ ලොග් වුනේ. අපූරුවට කළ සංවාදයක් කඩාකප්පල්කාරයෙක් ඇවිත් ජරා කරන බව එම පනිවිඩයේ සදහන් වුනා. එසේම දුෂ්ට චේතනාවෙන් හැසිරෙන ඔහු සමග මා කතාබහට යාම ගැනත් කිහිප දෙනෙක්ම දොස්නගා තිබුනා.

      මම මේ අය ගැන දන්නවා. මොහුට දැන් නින්ද යන්නෙ නැතිව ඇති.මොහු දිගටම මෙහි කුනුහරප කියන්න ඉඩ තිබෙන නිසාත් තවත් අය ඇනෝ ලෙස ඇවිත් කුනුහරප හා ලිංගික ක්‍රියා ගැන කතා කරන්නට ඇති නිසාත් දවසකට වරක්වත් බ්ලොග් එකට ලොග් වෙනවා.

      ටික්කගෙ කුණුහරප මකල දැම්මා.ඉදිරියෙදි ඇනෝල කුනුහරප දැම්මොත් ඒවත් මකනව.

      Delete
  24. Koheda uba ilangata holiday yanne kiyala teacher ge post eke comment ekak dala kiyapan eka demmeth smart phone eken online ewith kiyala.. Hak hak. Jangiyak endaganin modaya...

    ReplyDelete
    Replies
    1. ටික්කා නමැති මේ විකෘති කාමුකයා මට දරුණු ලෙස අපහාස කරමින් කොමෙන්ට් ගනනාවක් එවූ බවත් ඒවාට පොදු පිළිතුරක් ලෙස මෙය දැමූ බවත් කියවන වැදගත් සහෘදයන් ගෙන් ඉල්ලමි. ටික්කා පිටුපසින් සිටින බ්ලොග්කාරිය කවුද කියා දනිමි . ( ගුරුතුමිය නොවේ. එතුමිය මේ ප්‍රශ්නයේදී අහිංසකය. )

      එහෙත් ඉදිරියේදී මීට වඩා ප්‍රබල සංවාද කරන බවත් විචාරයන් මීට වඩා තදින් කරන බවත් ප්‍රකාශ කර සිටිමි. ටික්කන් උසිගන්වන අය එය තදින්ම සිතේ තබා ගත යුතුය. ටික්කන් තබා ලොක්කන් දැකවත් පස්සට යන එක අපේ පරම්පරාවකවත් නැත.

      Delete
  25. මධ්‍යස්ත,
    අපූරු සංවෙදී සාකච්චාව ටික්කා නම් වූ අයෙකු හා කල අසැබි කථාවෙන් වැනසෙන්නට දෙන්නේ ඇයි?
    ඒ අදහස් පෙලම මකා දැම්මනම් හොඳ නැතිද?

    ReplyDelete
    Replies
    1. ඔවු සිතුවිලි සී @

      ටික්ක සමග කතාබහට යාම මට තරම් නොවන බව කිහිප දෙනෙක්ම කිව්වා.

      මේ සංවාදය ගෙනගිය ශිෂ්ට ආකාරය ඔබ දකින්නට ඇති. එසේම මගෙ විවේචන කිසිසේත්ම දුෂ්ට අරමුනකින් කළ ඒවා නොවන බව ලිපිය කියවූ උගත් පාඨකයන් තේරුම් ගත්තා. සද්භාවයෙන් විවේචන කල කිසිම කෙනෙක් ගුරුතුමියට තරහකට එක වචනයක් වත් ටයිප් කළේ නැහැ. ගුරුතුමියගෙ ක්‍රියාව අනුමත කළ අය පවා සංවාද කලේ මෙය පුද්ගලික දෙයක් කර නොගෙන යි.

      නමුත් මේ ටික්කා කියන අසහනකාරයා ( Slave ) ගේ හැසිරීම අසාමාන්‍ය බව සියළුම දෙනාට අවබෝධ වී ඇතුවාට සැකයක් නැහැ. ස්වාමි දූවරු සොයා සයිබරයේ නන්නත්තාරවන මේ Masochist ලා ගෙන් තමයි ගුරුතුමිය සහ වෙනත් කාන්තාවන් ප්‍රවේසම් විය යුත්තෙ. ඔහුට රිදී තිබෙනවා. ඒකයි ආවේගශීලී වුනේ.

      ටික්කාගේ පස්ස හරහට හොඳ වේවැල් පහරක් බ්ලොග් කියවීමේදී වැදී ඇති නිසා ඔහු ඉන්නේ ඒ ෆැන්ටසිය තුලයි.ආතල් කුඩුවන නිසයි ඔහුට රිදී ඇත්තේ . ඔහුට බයක් තිබෙනවා ආයෙ කිසිම කෙනෙක් මෙහෙම දේවල් නොලියාවි කියා. ඔහුගේ කනගාටුව සාධාරණයි.

      ඉතා අතලොස්සක් ගුරුවරුන් තමයි Sadist හැසිරීම් පෙන්වන්නෙ . තව පිරිසක් හදිසි කෝපයටත් ප්‍රචන්ඩ ලෙස හැසිරෙනව. සද්භාවයෙන් හදාගැනීමේ අරමුනින් දඩුවම් කරන අය තමා බහුතරය.
      ප්‍රශ්නෙ මේකයි මෙම දඩුවම් නරඹන්නට පන්ති කාමර අස්සෙ රිංගන එබිකම් කරන ටික්කලාගෙන් තමයි සිසුනුත් ගුරුවරුනුත් බේරෙන්න ඕන.
      මෙහෙම එබිකම් කරන ටික්කලා ගෑනු නාන තැන්වල එබිකම් කරන අය සහ රෙදිවැල් වලින් යට ඇදුම් උස්සන අය වගේම කොටසක්.
      ටික්කාට මම අනුකම්පා කරනවා.

      Delete
    2. Ane MaMa. Mata me reply comment walin kasa pahara weduna kiyanawanam ubata pissu. Mekath makala dapan. Hak hak. Ano ena 90% kata profile thiyenawa. Mama kunuhabben hari kiyala uba mage profile ekatath ewith loku investigation ekak kalata ubata thanks. Mata uba gena hinahai ban. Mita wediya kiyanta deyak ne. Uba herila balahan uba ara teacher ta garahanta kala post ekak meka nemeinam uba ubatama katha karala balahan. Meka uda thiyena comment wala hondatama thiyenawa. Ubata liyanta post nethinam noliya indapan. Balapan anith bloggers la. Un kaagewath kunu awussanne ne. Baninawa kunuhabba kiyanawa. Eth ewwa personal thamange blog walata gaththa ekama eka uba. Ekko Maathalan wage help karapan. Ekko ubata famous wenta ona una wenta puluwan. Nethi wenta puluwan. Ekak denaganin macho. Me internet.. Api kawadahari off line wenawa... !! Mata ona ekak prithi wesak. Mata agamak dahamak ne. Eth hari de hariyata nodakinakota kasanawa.

      Delete
    3. ටික්කා November 7, 2015 at 5:44 PM @

      කොමෙන්ට් වලින් කසපාර වැදුන කියල කිව්වෙ කවුද

      කවුද ටීචර්ට ගැරහුවෙ. මම කළේ එක ළමයෙකුට පහරවල් 65 ක් ගහපු එක වැරදියි කියන එක. මම ඕනම කෙනෙකුට හරි වැරැද්ද පෙන්නල දෙනව. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. උඹට මේකට ඇයි අසාමාන්‍ය විදියට රිදිල තියෙන්නෙ.
      උඹට මේ සංවාදය තේරුනේ නැද්ද උඹ ස්තුති කරල තියනව ගුරුවරියගෙ ක්‍රියාව විවේචනය කරපු කොමෙන්ට් කරුවන්ටත්. උඹැ හිතුවෙ ඒ අය කොමෙන්ට් කළේ ක්‍රියාව අනුමත කරමින් කියල.

      වැරැද්දක් කළොත් ඒක කලේ ගෑනියෙක්ද පිරිමියෙක්ද පැවිදි කෙනෙක්ද අහවල් ජාතියෙ අහවල් ආගමේ කෙනෙක්ද කියන එක මට අදාල නෑ. මම හිංසාවට විරුද්ධයි. ළමයින්ට ගහනවටත් විරුද්ධයි. සුළු දඩුවමක් දිය යුතු අවස්ථා ඇති.

      නමුත් උඹ මෙතන කිව්වෙ මේ ටීචර් ගැහැනියක් නිසා මෙය නිවැරදි ක්‍රියාවක්ය කියල. ඒ පිළිතුර අසාමාන්‍යයි.

      සිහි බුද්ධියක් තියන කිසිම කෙනෙක් පහරවල් 65 ක් ගහන එක අනුමත කරන්නෙ නෑනෙ. උඹ ඇර. ඒකට උඹටම විශේෂ වුන හේතු ඇති.

      මගෙ බ්ලොග් එක අමුතුවෙන් ජනප්‍රිය කරගන්න දෙයක් නෑ. ඒක දන්න අය දන්නව.

      වැරැද්ද වැරැද්ද විදියට දැකපන් . ස්ත්‍රී පුරුෂ බේද , ආගම් භේද ,ජාති භේද තියාගන්න එපා. වැරැද්ද කරපු එකා ගෙ ලිංගිකත්වය ,ආගම,ජාතිය අනුව වැරැද්ද සාධාරනීකරනයකරන්න එපා.
      බ්ලොග් ලියන කාන්තාවනුත් මෙය හෙළා දැක්ක. ඒකයි උඹේ ආවේගශීලීත්වය අසාමාන්‍ය විදියට හැමෝම දැක්කෙ.

      ඒකට හේතු ඇති. මෙතන කියන්නෙ නෑ. මේ වගෙ සිදුවීම් උඹට ඉදිරියට කියවන්න නොළැබෙයි කියල දුක් වෙන්න එපා. සමහරවිට ලැබෙයි. ලැබෙන්න කියල යාඥා කරපන්.

      Delete
    4. ටික්කාNovember 7, 2015 at 5:44 PM @

      බලපන් රසිකලොජිගෙ අලුත්ම පෝස්ට් එක ( සෝභිත හිමිගෙ අපවත්වීම ගැන වෛද්‍යවරයෙකුගෙ අදහසක් ගැන විචාරයක් කරල තිබුනෙ. ). ඒකත් උඹට අනුව කුණු ඇවිස්සිල්ලක්ද . කුණු අවුස්සනව නෙමෙයි විචාරයක් කරනවා. විචාරය කියන එක උඹට තේරුම් ගන්න මොළයක් නැද්ද
      තියනවනම් අනුන්ගෙ කූඤ්ඤ ගලවන්න ඇවිත් මෙහෙම කිච වෙනවයැ නේද. උඹව මතක් වෙනකොටත් හිනා.

      නුඹට මා මින් පසු පිළිතුරු දෙන්නේ නැහැ. මන්ද නුඹට කොමෙන්ට් සහ ලිපි කියවා තේරුම් ගැනීමට පුලුවන් කෙනෙක් නොවන බව ඒත්තු ගිය නිසා. සියල්ලටම පළමුව මගේ ලිපි දෙක කිහිපවරක් කියවා තේරුම් ගනින්.
      දෙපැත්තටම කරුණු දක්වා ඇති අය කියන්නට හදන්නෙ කුමක්ද කියා නිරවුල් මනසකින් තේරුම් ගනින්.
      අඩුගානෙ සිද්ධවුනේ මොකක්ද කියලවත් දැනගනින්.

      නමුත් උඹ මෙතන කුනුහරප දාන්න ආවොත් මම ඩිලීට් කරනවා.

      වධ හිංසා ගැන සිංහලෙන් පළවන ලිපි අඩු බව ඇත්ත. නමුත් ඉංග්‍රීසි බසින් ඕනෑතරම් තිබෙනවා. ඒවා කියවා ආතල් ගනින්. සිංහලෙනුත් ඉදිරියෙදි මේ වර්ගයෙ ලිපි පළවෙයි. මගෙ ක්‍රියාව නිසා ඒවා නවතීවි කියා සිතන්නට බැහැ. නුබේ විකෘති වින්දනයට මම බාධාවක් නෙමෙයි. අන්න ඒක විතරක් හිතේ තියා ගනින්.

      Delete
  26. මේ මොන මගුලක්ද? ළමයෙක්ට වේවැල් පාරවල් 65ක් ගහපු උන්දෑ බ්ලොග් කමෙන්ට් ටිකක් දරා ගන්න බැරුව අඬන හැටි හොටු පෙර පෙරා ! දියුණු රටවල නම් මෙහෙම ඈයො නවතින්න ඕන හිරේ. අපේ රටවල නම් මෙහෙම ඈයො දිගටම උගන්නනවා, ඒක විවේචනය වෙද්දි අඬපුවම විවේචනය කරපු උන්ම පෝළිමේ ඇවිත් කඳුළු පිහදානවා. යකෝ මලකෝලමක්නේ මේක ! ඒකි බ්ලොග් ලියන එක නවත්තනවා නම් නවත්තපුදෙන්. කරපු වැඩේ වැරදි වැඩක් නෙමේ, ඒක අපරාධයක් !

    කතාවක් තියෙනවා තමා "නොදන්න බව නොදන්නා එක" සෑහෙන භයානක තත්වයක් කියලා. ඒ වගේම තමයි, තමා කරන වැරදි වැරදි බව නොදන්නා එකත් සෑහෙන භයානක තත්වයක්.

    පිළිතුරු ලිපියේ මම ළමයි වෙනුවෙන් අරක කරලා තියෙනවා, මේක කරලා තියෙනවා, මම වේවැල් පාරවල් 65ක් ගැහැව්වට මම හරිම හොඳ අහිංසක අනුන්ගේ දුක දැනෙන කාන්තාවකි කියල ඔක්කොටම ඔප්පු කරන්න හැදුවට ඒ කරපු "හොඳ" සහ මේ කරපු "නරක" අතර සම්බන්දයක් නැහැ. ඒ හොඳ වෙනම අගයමු. නරක වෙනම විවේචනය කරමු.

    දැන් කාටවත් මතක නැහැ ගුරුවරිය කරපු ක්‍රියාව. ගුටිකාපු ළමයාගේ මානසික තත්වය. මොකද ගහපු කෙනා මෙතන පෙරළි පෙරළි අඬනව නෙ. ඉතින් ඔක්කොම පෙරළි පෙරළි කඳුලු පිහදානවා.

    මෙතන ඉන්න බ්ලොග් ලියන අයට අනුව ළමයෙක්ට පාරවල් 65ක් ගහන එකට වඩා අපරාධයක් බ්ලොග් අවකාශයට බ්ලොග් එකක් අඩුවෙන එක. එනිසා කොහොම හරි ඔලුව අතගාලා එයාව තියාගන්න ඕනි.

    දැන් කොහෙද මෙතන ළමා හිංසනය, ළමයින්ට ශාරීරික දඬුවම් කරන එක ගැන හරවත් සංවාදයක් ඇති වෙලා තියෙන්නෙ?

    මෙතන වෙලා තියෙන්නෙ ගුරුවරියගෙ කදුළු පිහදාන එකයි, ඒ කඳුළු පිහදාන එක හරිද නැද්ද කියන එකයි ගැන කියෝගන්න එක විතරයි.

    කෝ හරවත් බව? රෙද්ද !

    බ්ලොග් අවකාශයට මම පට්ට අලුත්. ඒත් දැක්ක දේ කෙළින් කියනවා.

    බ්ලොග් අවකාශයේ එක එකාගේ පිට කසා ගන්න සීන් එක නවත්තන කල් මෙතන හරවත් සංවාද ඇති වෙන එක නම් සුම්ම. එච්චරයි කියන්න තියෙන්නේ.

    "අපි ඔක්කොම එක පතේ කන යාලුවො. අපි ඔක්කොම එක එකාගේ පෝස්ට් වලට කමෙන්ට් දාගන්නවා. හොඳමයි කියා ගන්නෙ. නරක කිව්වත් ඒ හිත රිදෙන්නේ නැති විදියට. මොකද එහෙම වුනොත් එයා ආයේ මගේ බ්ලොග් එකට එන්නෙ නෑනෙ, බැරිම තැන එයා බ්ලොග් ලියන එක නැවැත්තුවොත් ! අම්මෝ ඊට වඩා සහගහන අපරාධයක් මෙකේ තවත් තියෙනවද? එනිසා "එල", "නියමයි", "පට්ට" වගේ කමෙන්ට් එකක් දෙකක් දාන්න ඕනේ"

    ඔන්න ඔහොම මෙන්ටැලිටි එකක් තියෙන කල් නම් බ්ලොග් අවකාශයේ හරවත් බවක් නම් හොයන්න වෙන්නෙ නෑ.

    ලැජ්ජයි ඕයි මේ කමෙන්ට්ස් ටික කියවද්දි.

    රාජ් විතරයි මනුස්සයෙක් වගේ අවංකව කමෙන්ට් කරල තිබ්බෙ. නොදෝකින් උඹල.

    (දැන් මෙතන ඉන්න උන් මගේ බ්ලොග් එක පැත්ත පලාතේ ආවෙ නැතත් කමක් නෑ. මමම කිව්ව වගේ ඒ අවංක කම නැති බ්ලොග් අවකාශයක ඇති වැඩක් නෑ. එන්නැත්තං එන්නැතුව හිටු. අනිත් එකාගේ ඔලුව අත ගාගන්නා උඹල නො එන එකමයි හොඳ)

    ReplyDelete
    Replies
    1. වෙනම පෝස්ට් එකක් දාන්න තරම් දේවල් ඔබ සදහන් කර තිබෙනවා . දීර්ඝ කොමෙන්ට් එකට බොහොම ස්තුතියි.

      ඇයි බ්ලොග් එක වහල දැම්මෙ. පොලිස් පහරදීම දවස්වල ඒ ගැන ලිපි පළ කළ අයගෙ ලිපි බ්ලොග් සම්පින්ඩනයට දාන්න යනකොටයි දැනගත්තෙ වහල දාල කියල.

      ඇත්තටම මෙතන සංවාදයක් ගියෙ ගුරුතුමියගෙ ලිපිය ගැනවත් ඒ ගැන මගෙ විචාරය ගැනවත් නෙමෙයි. රසික එම ලිපිය යළි පළ කිරීම ගැන . එය හොඳද නරකද කියලයි සංවාදෙ කළේ.

      ඒ සංවාදෙත් ඇතිවුනේ ගුරුතුමිය අඩන්න ගත්තහමයි.

      විවේචකයන්ම ඇවිත් කදුලු පිස්ස කියන කතාවට මට කියන්න තියෙන්නෙ ඔවු ඇත්තටම මටත් දුක හිතුන කියල.

      කොමෙන්ට් කළ සමහරු කීවෙ ගුරුතුමියට එරෙහිව කොමෙන්ට් කරන්නෙ කුහක කමට කියල.

      සමහර අය ගුරුතුමියගෙ ක්‍රියාව සාධාරනීකරනය කළේ ඇයගේ ලිංගිකත්වය නිසයි. ඇයට යළිත් ලිපියක් පළ කිරීමට උපදෙස් දුන අයත් මේ මානසිකත්වයේම ඉන්න ඇති. ටික්ක වගෙ පිස්සොත් මීට එහා ගිය මානසිකත්වයක හිටියා.

      නමුත් ක්‍රියාවක් විවේචනය කරන විට එම ක්‍රියාව කල පුද්ගලයාගේ ජාතිය ,ආගම., කුලය, ලිංගිකත්වය , හමේ පාට ,උපන් ප්‍රදේශය , දරන දේශපාලන මත ආදිය වැදගත් නැහැ.

      මීට වඩා දරුණු අපහාස ඍජුවම කරමින් අපේ මිත්‍ර අමාවක මට එරෙහිව ලිපියක් පළ කළා.නමුත් මට ඒක විනෝදයක් වුනා.මෙන්න එහි ලින්ක් එක.
      http://bitternight.blogspot.com/2015/10/blog-post_31.html

      මිත්‍රයා ඔබ බ්ලොග් අවකාශයෙ සිටිය යුතුම කෙනෙක්. ලියන්න පටන් ගන්න.

      Delete
    2. බ්ලොග් එක වැහැව්වේ නෑ මචන්. වර්ඩ්ප්‍රෙස් එකට ගෙනිච්චා. පහල තියෙන්නෙ ලින්ක් එක

      https://vikendrika.wordpress.com/

      Delete