Sunday, November 29, 2015

ලෝකයේ ප්‍රථම පෙම් හසුන

මෙය ක්‍රි;පූ 4000 පමන කාලයකදී කියන ලද්දක් බැවිනි දැනට වසර 6000 ක් වත් පැරණිය . මෙය ලියූ කාලය ,දීපය ,දේශය බලන විට අපූරු කාරනා අනාවරනය වෙයි. 

sacred marriage 
මේ ඉනන්නාගේ පූජකවරියක් විසින් රටේ රජුට ලියූ පෙම් හසුනකි. ඉනන්නා යනු මෙසපොතේමියාවේ ප්‍රබලම දේවතාවියකි. රජු හා ප්‍රධාන පූජකවරිය අතර සංසර්ගය ඉනන්නාගේ ශුද්ධ වූ විවාහය සංකේතවත් කරයි. මෙය රටේ ප්‍රධාන ජාතික උත්සවයයි.ඉනන්නාගේ යුගය උරුක් යුගය  වේ. උරුක් යනු පුරයක නමකි. සෑම පුරයකටම අධිගෘහිත වූ දෙවියෙක් හෝ දේවතාවියක් විය. එඩේරුද සංචාරය කලේ දෙවියෙකු කරනකොට ගෙනය.

මෙය ලියන ලද ප්‍රදේශය වර්තමාන ඉරාකය හා සිරියාවට අයත්ය. මේ මිනිසුන් නිදහස්  ලෙස ජීවත් වී ඇත. මේ කාන්තාවන්  ලෝගු ඇන්දේ නැත. කොටින්ම පුරුෂාධිපත්‍ය නොවීය. වර්තමානයේ මතකයන් පමනක් ලෙස ශේෂ වී ඇති මේ ඉතිහාසය අයි එස් ආගමික උන්මත්තකයන් විසින් විනාශ කිරීමේ තර්ජනයට මුහුන ලා සිටියි.

මේ පුරුෂ දෙවියා බලවත් වෙන්නට පෙර මැද පෙරදිගයි. එකල කාන්තාවන් හා පිරිමින් සමාන සමාජ තත්වයන් භුක්ති වින්දහ.දැඩි ලිංගික සදාචාරයක්ද නොවීය. කාන්තාවන් සගවන බියපත් පුරුෂ දෙවියෙකුගේ අසහනකාරී  ප්‍රචන්ඩ සමාජයක් වෙනුවට නිදහස්  ප්‍රියජනක සමාජයක් විය. 


Bridegroom, dear to my heart,
Goodly is your beauty, honey-sweet,
Lion, dear to my heart,
Goodly is your beauty, honey-sweet.

You have captivated me, let me stand tremblingly before you.
Bridegroom, I would be taken by you to the bedchamber,
You have captivated me, let me stand tremblingly before you.
Lion, I would be taken by you to the bedchamber.

Bridegroom, let me caress you,
My precious caress is more savory than honey,
In the bedchamber, honey-filled,
Let me enjoy your goodly beauty,
Lion, let me caress you,
My precious caress is more savory than honey.

Bridegroom, you have taken your pleasure of me,
Tell my mother, she will give you delicacies,
My father, he will give you gifts.

Your spirit, I know where to cheer your spirit,
Bridegroom, sleep in our house until dawn,
Your heart, I know where to gladden your heart,
Lion, sleep in our house until dawn.

You, because you love me,
Give me pray of your caresses,
My lord god, my lord protector,
My Shu-Sin, who gladdens Enlil’s heart,
Give my pray of your caresses.
Your place goodly as honey, pray lay your hand on it,
Bring your hand over like a gishban-garment,
Cup your hand over it like a gishban-sikin-garment

It is a balbale-song of Inanna.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වුනේ වර්තමාන  තුර්කි රටේය. එරට පැවති   
Çatalhöyük සභ්‍යත්වය ක්‍රි;පූ 7500 ට පමන අතීතයකට  දිව යයි. මෙම සමාජය මාතෘමූලික සමාජයකි. මැවීම,පාලනය හා විනාශය මාතෲ දේවතාවියක් ඔවුහු ඇදහූහ. මිනිසා පුරුශ දෙවියන් අදහන්නට පටන් ගෙන උපරිම අවුරුදු 4000 කි. එහෙත් අවුරුදු 8000 ක් පමන මාතෲ දේවතාවියන් ඇදහීම කළහ. වර්තමානයේ විරාජමාන පුරුෂ දෙවියා යනු පුරුෂකරනය කළ මාතෲ දේවතාවියයි.

මෙම ශිෂ්ටාචාරය තුර්කියේ සිට ඉන්දු නිම්නය තෙක් විහිදිනි. එකම කාලයක එනම් ක්‍රි:පූ 2000  දී පමන මෙම සියළු ශිෂ්ටාචාර විනාශ විය. හි සහ ඉන්දු නිමන්යේ  හමුවී ඇත්තේ එකම ආකාරයක මාතෲ දේව ප්‍රථිමා නිසා මෙය එකල ලෝක ඇදහිල්ල වන්නට ඇත.ඉන්දු නිම්න මිනිසුන් මහා නගර ගොඩ නැගූ ලෝක වෙළදාමේද නියුක්ත වූ පිරිසකි.මේ එක් නගරයක ජනගහනය 40,000 ක් පමන විය. දියුණු ජලසම්පාදන ක්‍රමයකටද උරුම කම් කී ඔවුන් ගේ සභ්‍යත්වය බිද වැටීම ගැන මත ගනනාවකි. මහා දුර්භික්ෂයක්, න්‍යෂ්ඨික ප්‍රහාරයක් ,නෝමැඩික් කන්ඩායම්වල ක්‍රියාකාරකම් ආදිය ගෙන හැර දක්වයි. න්‍යෂ්ටික ප්‍රහාර මතය සිත් ගන්නා සුළුය. එයට හේතුව මොහෙන්දොජාරෝ හරප්පාහි වීදුරු උනු වී තිබීමත් සිදුවූ විනාශය ,ගිනිගැනීම ආදිය ස්වාභාවික දෙයක් ලෙස නොපෙනෙන නිසාත්ය.එසේම මහාභාරතයේ එන ඇතැම් විස්තරද පුදුමාකාර ලෙස සමානය.



කෙසේ නමුත් සෙමිටික් සහ ආර්ය ආක්‍රමන නිසා මෙම ශිෂ්ටාචාර බිද වැටුන බව පොදුවේ පිලිගැනේ.  මෙම ජනයා නැගෙනහිරට තල්ලු වන්නට ඇත. සිංහයකු පිට නැගි කයිබීලි ( සයිබීලි ) ,මෙසපොතේමියාවේ ඉනන්නා, ,ඉශ්ටාර,ලෙබනනයේ ඇස්ටාර්ට් , මිසරයේ අයිසිස් ,ඉන්දුනිම්නයේ ජගන්මාතා  යන මේ එකම සමාජ ධාරාව ගැන වර්තමානයේ වැඩි දෙනෙක් නොදනිති. එහෙත් මේ ශිෂ්ටාචාරගත මිනිසා වැඩිම කලක් ප්‍රගුන කළ සංස්කෘතික රාමුවයි. එඩේර පිරිමියා කෘෂිකර්මයට කැන්දාගෙන ආ සශ්‍රීකත්ව දේවතාවියන් ඇදහූ මේ මව්වරුන්ගේ කතාව කාලයේ වැලිතලාවේ සැගවී ඇත.





56 comments:

  1. මිනිසුන්ගේ අශිශ්ඨත්වයෙන් නැතිවුන ශිශ්ඨාචාර.

    ReplyDelete
    Replies
    1. පීඩක මර්ධනකාරී වියරු පුරුෂ දෙවියෙක් මානව සංහතිය සිර ගත කළා. නමුත් මේ ශිෂ්ටාචාරවල මිනිසුන් සාමාකාමීව සුන්දර ජීවිත ගත කර තිබෙනවා. අද බොහෝ දෙනා දන්නෙ පුරුෂ දෙවියා ආරම්භයේ සිටම සිටි බවයි. නමුත් කැත මංකොල්ලයක් සිදුවී තිබෙනවා. පුරුෂ දෙවියා ආරෝපනය කරගෙන ඉන්න මැවීම ,පාලනය , විනාශය ,පුනරුත්පත්තිය ( මෙය චක්‍රයකි ) ගෙඩිය පිටින්ම කොපි පේස්ට් කිරීමක්.

      කාන්තාවන් පිරිමින්ට යටත්ව සිට ඇත්තේ උපරිම වසර දෙතුන් දහසක් බවත් ඉන් පෙර සාක්ෂි සහිත ඉතිහාසයේ වසර හත් අට දහසක්ම නිදහස්ව ජීවත් වී ඇති බවත් දැනගන්න එකත් වටිනවා. අනික මෙම දේවතාවියන් පැලියලොතික යුගයේ සිටම පරිනාමය වුන බව සිතුවොත් මේ ඉතිහාසය මිනිය නොහැකි තරම් අතීතයකට යනව.
      අවසාන අයිස් යුගය නිමවූ පසු එනම් මීට වසර 10,000 කට පමන පෙර ඉනිස් ශිෂ්ටාචාරය පටන් ගත් බව සිතනවිට එදා ඉදල මෑතක් වනතුරුම තිබිල තියෙන්නෙ මෙහෙම සමාජ.

      පුරුශ දෙවිය මේ මිහිතලය අපායක් කළා. මිනිසාට සදාචාරයෙ විලංගු දැම්මා. කාන්තාව කුටුම්භගත කළා. එකල කාන්තාව තමන් කැමති පුරුශයෙක් තෝරගත්ත. ස්වයංවරය ලෙස පුරුෂ මූලික සමාජවලටත් ආවෙ මෙයයි. එකල තිබූ නිදහස අද ස්කැන්ඩිනේවියානු රටවලවත් දැකිය නොහැකි අපූරු එකක්.

      Delete
  2. 'මතා' කවදත් ගෙනෙන්නේ විවිදත්වයනේ, ශිශ්ඨාචාර ගැන කියවනවා කියන්නේ මට අයිස්ක්‍රීම් කනවා වගෙයි. ඒ දවස්වල මගේ ප්‍රියතම විශය වුනේද 'සමාජ අධ්‍යයනයි' මට මතකයි මා 8 වෙනි වසරේ අවසන් වාර විභාගයේ දී ඒ විශයට ලකුනු 99 නවයක් ගත්තා.............

    ReplyDelete
    Replies
    1. මම කිසිම රාමුවකට කොටු නොවී ලියන්නෙක්. සල්ලි වගෙ වරදානයකට ලියන කෙනාට බැහැ ස්වාධීනව ලියන්න. ඒ වගෙම මොකක් හරි මතයක් ප්‍රවර්ධනය කරන්න හිතාගෙන පූර්ව සැලැස්මකට ලියන කෙනාටත් බෑ ස්වාධීන වෙන්න.

      අපි හැමෝම කොහොම මෙතනට සෙට් වුනාද මන්ද . මමත් කැමතිම විශය සමාජ අධ්‍යනය. ශිශ්ටාචාර ගැන ඉගෙන ගන්න එක හරිම රසවත් දෙයක් වුනා .

      සුමේරියන් ශිෂ්ටාචාරය විනාශ කළ ඇමෝරයිට් වරුන් සහ තුර්කිය ලේ විලක් කල හිටයිට් වරු මාතෲ දේව ශිශ්ටාචාර අතුගා දැම්මා. ඊට පස්සෙ එලබෙන්නෙ එකිනෙකා මරාගන්නා පුරුශ දෙවි ශිෂ්ටාචාරවල යුද්ධ. යුදෙව්වන්ගෙ යුද්ධ පොතේ ඒ ගැන ලස්සන විස්තර තිබෙනවා.යුදෙව් දෙවියාත් එක්තරා කලෙක පුරයකට අධිපති දෙවියෙක්.ඊටත් කලින් එඩේරුන්ගෙ දෙවියෙක්. මේ වගෙ අය වෙනත් දෙවිවරුන්ගෙ ලක්ශන තමන්ට පසුකලෙක ආරෝපනය කර ගත්තා. යුදෙව්වන් ශිෂ්ටාචාර සියගනනක් විනාශ කළා. වර්තමානයෙ අයි එස් ල කරන්නෙත් එදා ඉදන් සිදුවුන දේමයි එහි දිගුවක්.

      යුදෙව්වො විනාශ කලේ වැඩි වශයෙන්ම හිටයිට් (හිත්තිවරු ) ,අමෝරයිට් (අමෝරි වරු ) වැනි පුරුශ දෙවි ශිෂ්ටාචාර. යුදෙව්වන් හා අරාබීන් මැදපෙරදිගට එන විට අපි මේ කියන මාතෲ ශිෂ්ටාචාර අතුරුදහන් වෙලා තිබුනෙ.

      පුරාන මිනිසුන්ගෙ යුද්ධ කලේ දෙවියන්ගෙ කැමැත්තට. යුදෙව්වන්ගෙ මහා කාරුනික දෙවියන් වහන්සෙ ශිෂ්ටාචාර සියගනන් වනසන ලෙස අන දෙන හැටි බලන්න. ඔහු මහා කාරුනික සර්ව ලෝක දෙවියෙක් වුනේ පස්සෙ කාලෙක.මුලින් එඩේරුන්ගෙ දාමරික දෙවියෙක්.

      Delete
    2. මමත් කැමතිම විශය සමාජ අධ්‍යනය

      Delete
    3. මම කැමති ඉතිහාසය සහ සමාජ අධ්‍යනයට...

      Delete
    4. මම කලින් වතාවකුත් කිව්වා මතාගේ සමඟ මගේ අදහස් බොහෝම සමානයි බව​, අවුරුද්දකට විතර​ උඩ දී වතාවක් වෙනත් බ්ලොගයක් තුල​ අප තරමක ආවේගශීලී සංවාදයකත් යෙදුනා, එතන දී මම ඇනෝ ආවේ මතාට මතකයිද මන්දා.

      අවුරුදු දෙකකට පමන උඩ දී ම​.ක​.සි සමඟත් එවැනිම සංවාදයක් ඇති වෙලා අවසානයේ දී අප නතර වුනේ සුහදශීලිවයි, එහි දීත් මම ඇනෝ ඇවිල්ලා සංවාද කරලා අවසාන කලේ අලුතින් අටවගත් ප්‍රොෆයිල් එකකින්, ඒකෙන් පස්සේ මට ම​.ක​.සි මුන ගැහුනේම නෑ. තම අවසන් ප්‍රතිචාරයේ ම​.ක​.සි. මට තිබ්බ අවසන් වචන පේලිය 'ප්‍රොෆයි එකක් හදා ගත්තා නම් එහෙනං, බ්ලොග් එකකුත් ලියන එකනේ තියෙන්නේ'

      Delete
    5. නම් හා මතවාද තිබුනත් යුදෙව්වන්, ක්‍රිස්තියානීන් හා මුස්ලීමුන් පිලිගන්නේද අදහන්නේද එකම දෙවියාවයි. 'දෙවියා' නම පුරුෂ නමුත් දෙවියා ලිංගික වශයෙන් ස්ත්‍රීයද පුරුශද කියන සඳහනක් තිබේ යැයි මට විස්වාස නැත​. ආධිපත්‍යය නතු කරගෙන ඉන්නේ පිරිමීන්ම නිසා, අනසක පතුරන දෙවියා පිරිමියෙක්ම විය හැකියි බවට අප සිත පැලපැදියම් කරගෙන ඇති සමහර විට​.

      Delete
    6. නම් හා මතවාද තිබුනත් යුදෙව්වන්, ක්‍රිස්තියානීන් හා මුස්ලීමුන් පිලිගන්නේද අදහන්නේද එකම දෙවියාවයි. 'දෙවියා' නම පුරුෂ නමුත් දෙවියා ලිංගික වශයෙන් ස්ත්‍රීයද පුරුශද කියන සඳහනක් තිබේ යැයි මට විස්වාස නැත​. ආධිපත්‍යය නතු කරගෙන ඉන්නේ පිරිමීන්ම නිසා, අනසක පතුරන දෙවියා පිරිමියෙක්ම විය හැකියි බවට අප සිත පැලපැදියම් කරගෙන ඇති සමහර විට​.

      Delete
    7. ඇනෝලා සමග අප විටෙක ආවේගශීලීව සංවාද කරනවා තමයි. ඒ ආවේගය සංවාදය රසවත් කරනවා. නමුත් කිසිවක් පෞද්ගලිකව ගන්නෙ නෑ.
      ඔබ කියන සංවාදය මට මතක නැහැ.

      උන්මන්තක​November 30, 2015 at 3:47 AM@
      වෙන්න පුළුවන්.

      මා දැක්ක ඔබ යලිත් ලියන්න පටන් අරන් බව. සතුටුයි ඒ ගැන.
      ඔබ මොකක්ද කතාවකුත් ලියන්න පටන් අරන් තිබුනත් කතා ලියන අයනම් අපට ඕන තරම් ඉන්නව. මා කැමති ඔබටම ආවේණික ශෛලියෙන් යම් මතවාදී මෙහෙවරක් බ්ලොග් අවකාශයේ කරනවානම්.

      Delete
    8. @උන්මන්තක​
      එතකොට සාමකාමී මුසල්මානුවා ලෙස හිටියේ ඔබ වෙන්න ඕන.

      Delete
    9. @ මහා කළු ලාංකිකයා

      ඔව්, ඔබ හරි...........

      Delete
  3. එතකොට මේ ප්‍රධාන පුජකවරියද නැත්නම් වෙන පුජක වරියක් ලියපු එකක්ද කියලා මට පැහැදිලි නැනේ ...... මම අහන්නේ පලවෙනි හසුන ලීගල් එකක්ද ඉල්ලිගල් එකක්ද කියලා

    ReplyDelete
    Replies
    1. චාරීත්‍රය ප්‍රධාන පූජකවරිය සහ රජු අතර සංසර්ගය.සංකේතවත් කරන්නෙ ඉනන්නා සහ දම්මුස් අතර විවාහය. ඉතින් මෙහි ප්‍රධාන පූජකවරියම වෙන්න ඇති. වෙනත් පූජකවරියන් පමනක් නොවෙයි සාමාන්‍ය කාන්තාවන්ටත් ඕනම කෙනෙක් තෝරගන්න හැකියාව තිබුන. සමහර සමාජවල සියලුම කාන්තාවන් පූජකවරියන් ලෙසත් කටයුතු කළා. ක්‍රීට් දූපතේ එහෙම තත්වයක් තිබුනා.

      මේක ලේඛනගත කරල තිබුන නිසා මෙය ඉතාම වැදගත් එකක් වෙන්න ඇති. අපේ සෙල්ලිපි වල තිබුනෙත් වැදගත්ම දේවල්නෙ. මේකත් ඒ වගෙ තමයි. පොත් අස්සෙ ගහල හංගල දීපු එකක් නෙමෙයි. මැටි පුවරුවල කොටල හැමෝටම බලාගන්න ට ප්‍රසිද්ධ කරපු එකක්. මුලින්ම අක්ෂර හදුන්වා දුන්නෙ සුමේරියන් වරු. ශුද්ධ ලියවිලි ගැන නිතර කියවන පුරුෂ දෙවිය ලේඛන කලාවත් මංකොල්ල කෑවෙ සුමේරියන්වරුන්ගෙන්.

      Delete
  4. සංස්කෘතියේ මුලය බෙලහීනත්වය හා බැඳුනු ලිංගික ඉරිසියාවයි.

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම පුළුල්ව කතා කළ යුතු විශයක්.

      Delete
    2. අනිවාර්යෙන්ම එය වෙනම විෂයක් නමුත් සමාජයට පුරුෂ ආධිපත්‍යයක් ලැබුනම ඔය කියන සංස්කෘතිය හැදෙන්න හේතුව එයයි. මාතෘමූලික සමාජයක ඔය ප්‍රශ්නය නැහැ. බෙලහීනයන් කොන්වෙනවා. පරිණාමයේ නියම ඵලය ලැබෙන්නේ එවිටයි.

      Delete
  5. අප නිවස අසල වන රොදෙහි සාමුව රැලක් වසති. උන් විටින්විට ගම්වැදී බවභෝග පාළු කරති.
    උන්ගේ හැසිරීම නිරික්සූ විට උන් තුල පැහැදිලි පුරුෂ ආධිපත්‍යයක් ඇතිබව දිටිමි.
    මිනිසාට ඉතා සමීප පරිණාමික බන්ධුතාවයක් ඇති සාමුව ඈ සත් වග තුල පවා පුරුෂ ආධිපත්‍යයක් ඇත්නම්
    ප්‍රාථමික මනුශ්‍ය සමාජය මාතෘ මූලික එකක්යැයි යන මාක්ස්ගේ මතය පට්ටපල් බොරුවකැයි හඟිමි.

    අනිත් අතට අල්ලා/යෙහෝවා යනු පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් නොවේ. ලොස් ඇන්ජලීස්ලාද පුරුෂයන් හෝ ස්ත්‍රීන් නොවේ. එපමනක් නොව
    සිද්ධාර්ථ තවුසා පුරුෂයෙක් වුවත් බුදුන් වහන්සේ ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් නොවේ. නමුත් එවන් උතුමන්ද මිනිසාට පුරුෂ ආධිපත්‍යය නිර්දේශ කර ඇත්තේ එය පුහුදුන් මිනිසුන්ට සුදුසු නිසා නොවේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රාථමික මානව සමාජය නම් මාතෘමූලිකයි . ඒක මාක්ස් කියල තිබුනත් නැතත් ඒක එහෙමම තමයි. ඒ වගේම මානව ශිෂ්ටාචාරය නිර්මානය කලෙත් කාන්තාවන්. කාන්තාවන් මූලික වශයෙන්ම කලේ පලවැල නෙලීම. පිරිමින් දඩයම හා සංචාරය. මෙසේ පලවැල නෙළු කාන්තාවන් තමයි කෘෂිකර්මය හා සත්ව පාලනය හදුන්වා දුන්නෙ. ඉන් පසු පිරිමින්ට ත් එකතැන ඉන්න සිද්ධ වුනා. මාතෘ දේවතාවිය මුල් යුගයේ සිටම සතුන්ගේද පාලිකාවයි.

      Delete
    2. පුරුෂ ආධිපත්‍යයක් දැනුත් බහුතරයක් පිරිමි ගැහැනුන්ට බය එකේ ප්‍රාථමික මානව සමාජය නම් මාතෘමූලිකයි කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ.

      Delete
    3. මට නිකමට සිතුන දෙයක් තමයි මිනිසා මේ තරම් කාලයක් මාතෘමූලික සමාජයක ජීවත්වුනා කියන්නෙ මිනිසා මාතෘමූලික සතෙක්ද කියන එක අර බොනෝබෝ චිම්පන්සි වගෙ. බොනෝබෝ ලගෙ නීතිය සාමය ආරක්ෂාව, කන්ඩායමේ තීරන ගැනීම කරන්නෙ ගැහැනු චිම්පන්සින්. වෙනත් සතුන් අතර ඇති වසම් චර්යාව එනම් පිරිමි සතුන් ගැටී වසම් වෙන් කර ගැනීම් මේ අය අතර නෑ කියනව.අනික් පිරිමි සත්තු එක්ක සටන් කරල ඒ වගෙ සෙල්ලම් දාන්න කවුරුහරි ජයග්‍රාහී පිරිමි සතෙක් ආවොත් ඌට ගැහැනු චිම්පන්සින්ගෙන් නැවකට ගුටි කන්න වෙනව. හෙහ් හෙහ්.

      Delete
    4. මේක හරි අසාධාරණයි මෙතන කවුරු හරි ඉංග්‍රීසියෙන් අදහසක් දැම්මානම් ඔයාලා ඒකට උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන්.
      ඒත් මම හෙළුවෙන් ලියපු එකට ඔයාලා උත්තර දෙන්නේ සිංහලෙන්. :(

      Delete
    5. ජගත් ආයේ හෙළුවෙන් ලියන්නෙපා.

      Delete
  6. නෙදන්නා දෙයක් දැන ගත්තා..එල ද බ්‍රා
    මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක තවත් තැනක කතා කරනකොට වටිනවා..
    මම බ්ලොග් කියවනවා කියලා අපේ ඔෆිස් එකේ කවුරැත් දන්නෙ නෑ..සමහර තැන්වලදි ඔයාලාගෙන් ගත්ත දැනුමෙන් කරැනු කාරනා ඉදිරිපත් කරනකොට අපේ එවුන්ට පුදුමයි..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල අපි ඉතින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගන ගන්න අයනෙ. මාත් ගොඩක් දේවල් ඉගෙනගන්නව බ්ලොග් වලින්. ඒ වගේම මේ තාක්ෂනය නිසයි අපේ අදහස් සංවාදවලට භාජනය කරගන්න හැක්කෙ. ඒ වගේම මේ බුද්ධිමය විනෝදාංශය හරිම සුන්දරයි.

      Delete
  7. මධ්‍යස්ථ..............

    මේ වගේ ලිපි හරි ම වැදගත්.. අපි අතර තියෙන දැනුම වර්ධනයට ඒක වැදගත්.... ඉතින් මධ්‍යස්ථ මේ වගේ ලිපි තව තවත් ලියන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. මම ලියන්නෙම මේව තමයි. මේව හැමෝටම අලුතෙන් හිතන්න පොළඹවන ඒවනෙ.

      Delete
  8. ඉන්දු ඉරානීය ඒකාබද්ධ සභ්‍යත්වයක් ගැන මා අසා තියෙනවා. එයින් ඉන්දියාවට සංක්‍රමණය වූවන් අතින් සෘග් වේදය සකස් වූ බව. සෘග් වේදයේ එන චමත්කාරජනක වර්ණනා, ස්වාභාවිකත්වය දේවත්වයට නංවා වර්ණනා කිරීම් ආදිය සිත්ගන්නා සුළුයි. ඉරානයට සංක්‍රමණය වූවෝ දෙගම්මැදි ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ අතර, ඉන්දියාවට සංක්‍රමණය වූවන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ගොඩනැංවූවා. යුරේසියානු කොසෑක් වැනි ආර්ය ගෝත්‍ර අතින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ගොඩනැංවූ ජනතාව පෑගීමට ලක් වූ බවයි සාහිත්‍ය මූලාශ්‍ර අනුව පේන්නේ. ඔවුන්පංචමයන් බවට පත් කර, ක්ෂිත්‍රිය වෛශ්‍ය කුල බවට පත්වූයේ ඒ ආකමණික ආර්යයන්. එය අනික් වේද ග්‍රන්ථ වල එන තොරතුරු අනුව ප්‍රකට වෙනවා.

    මුල් කාලීන ජගන්මාතා ඇදහීම ගොවි යුගයේ පිබිදීම සංකේතවත් කරනවා. ඒක නියොලිතික විප්ලවය සමඟ බිහිවී ආවක්. ඒ වගේම හැම ශිෂ්ඨාචාරයකම මුල ඒ ආගමික ඇදහීමේ විවිධ ස්වරූප දක්නට ලැබෙනවා. පසු කාලීනව මානව සමාජය සංකීර්ණ වෙමින්, නගර රාජ්‍ය, ප්‍රාදේශීය රාජ්‍ය, මහා රාජ්‍ය බවට පත් වෙද්දී, ඒ සංකීර්ණ සමාජ පාලනය සඳහා ශක්තිමත් බහු දේව වාදයක් සහ ඊටත් පසු, ළුිශ්වයම මැවූ මහා එක දෙවියෙකු ඇදහීම අවශ්‍ය වනවා. ඒ අනුව සමාජය පුරුෂ මූලික වෙනවා සමඟම දේවත්වයද පුරුෂෝත්තම වෙනවා.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුති කරන අතරෙ කණගාටුවෙන් කියන්න තියෙන්නෙ අදහස එක්ක කිසිසේත්ම එකඟ වෙන්න බෑ කියලයි. කොටසක් ඉරානයට ඇවිත් දෙගැම්මැදි ශිෂ්ටාචාරය බිහිකරල අනෙක් අය ඉන්දියාවට ගිහින් ඉන්දු නිම්නය බිහිකලා කීම වැරදියි. ඉන්දු නිම්නය ආර්ය ශිෂ්ටාචාරයක් නෙමෙයි. දෙගැම්මැදි ශිෂ්ටාචාරයක් එහෙමයි.

      ක්‍රි:පූ 2000 දි පමන ආර්යයන් මේ ශිෂ්ටාචාර දෙකම විනාශ කළා ඒකයි ඇත්ත. මේ විනාශකාරීන්ගෙන් කොටසක් ඉරානයේ පදිංචි වුනා තව කොටසක් ඉන්දියාවෙ පදිංචි වුනා. අප මේ ලිපියෙන් කතා කරන්නෙ ඊට බොහෝ කලකට පෙර ඉතිහාසයක්.

      ආගමික පරිනාමය ගැන ඔබේ මතය මා මීට අවුරුදු 15 කට පමන පෙර දැරුවා. නමුත් වර්තමාන දියුණු ආගමික සංකල්ප සහිත පරිපූර්න ආගම් මින් පෙර පැවතියා. මැවීම, පාලනය ,විනාශය වැනි සංකල්ප තිබුන. ඒ නිසා රෙඔඛීය පරිනාමයක් කිසි ලෙසකින්වත් වෙලා නෑ . ඒ වෙනුවට වෙලා තියෙන්නෙ කලින් පැවති චක්‍රීය දෙයක්. මාතෘ දේව වන්දනාව බහුදේවවාදයක් වෙලා යලිත් මුල් ආගම මතුවෙනව . හැබැයි මාතෘ දෙවි වෙනුවට වියුක්ත පුරුෂ දෙවියෙක් නිර්මානය වෙලා. මේ දෙක අතරමැදයි බහු දෙවිවරු ඉන්නෙ.
      වර්තමාන පුරුෂ දෙවියගෙ සියලු ලක්ෂන මීට වසර හත් අට දාහකට පෙරමාතෘ දේවතාවිඅයට් තිබුන. ඉතින් කොහොමද පරිනාමයක් වුනා කියන්නෙ. බහුදේව්ගවාදය බිහිවුනේ විවිධ ජනකොටස් මුහු වෙනකොට ඒ ඒ ජනයගෙ දෙවිවරුත් දේව මන්ඩලයට ගෙන ඒම නිසා. පසුකාලීනව ඔන තරම් දෙවිවරු එකතුවුනත් සදාකාලික මාතෘ දේවතාවියත් ඉපදී මැරී යලි උපදින පුරුෂ දෙවියෙකුත් තමා ප්‍රධාන වශයෙන් මෙම වන්දනය තුල දක්නට ලැබුනෙ.මේ පුරුශ දෙවියත් ආවෙපස්සෙ.

      හැබැයි කිසිකලෙක මාතෘදේවතාවිය වියුක්ත දෙවියෙක් ලෙස නම් ඉදල නෑ. පසුකලෙක පුද්ගල නොවන බලවේගයක් වෙලා බ්‍රහ්මන් ,ටා ඕ වගෙ නම් වලිනුත් හැදින්වුනේ මෙයම තමයි.

      ආර්යයන් හා සෙමිටික් මිනිසුන් කලේ කොපි පේස්ට් කිරීම්.

      සිදුවුනේ ඒකීය මාතෘ දේව වන්දනාව-> ඇය ප්‍රමුඛ වූ දේව මන්ඩලය -> දෙවියකුගෙ කැරලි ගැසීම හෝ බාහිර පෞර දේව ආක්‍රමනය ( මර්ඩොක් හෝ යාහ්වේ වැනි ) -> කට් කොපි පේස්ට් කිරීම

      ඔන්න ඕකයි.

      Delete
  9. කියන්න යමක් එක පාරට හිතා ගන්න බැරි උනත් පට්ට ලිපියක්...

    ReplyDelete
    Replies
    1. හැක් ...උඹට මේ පොස්ට් එකේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඒ උනාට තේරුනා වගේ පෙන්නන්න හදනවා

      Delete
  10. ලංකාවේ වැද්දොත් වැඩි හරියක් ඇදහුවේ/ අදහන්නේ මාතෘ දෙවිවරු නේද? හොයල බැලුවොත් කුවේණි ගෙන් එහාට ගිය ඉතිහාසයක් මන් හිතන්නේ ඊට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. සම්පූර්න ඇත්ත. අතීත මාතෘමූලික සමාජය ලොව පුරා පැවතියා. ලංකාව ගැන පුරාන වෙළදුන් ප්‍රචාරය කළේ යක්ශනියන්ගෙ රාජ්‍යයක් ලෙස. ස්ත්‍රීපුරයක් ගැනත් අහන්න ලැබුන. වැද්දන්ගෙ ඇදහීම්වල මාතෘ දේව වන්දනා ප්‍රමුඛයි.එය සියළු ආදිකල්පිකයන්ට පොදු දෙයක්

      Delete
  11. කාර්ය බහුලබවත් එක්ක දින කිහිපයකට පස්සේ අදයි බිලොග් ලිපි බලන්න එන්න උනේ.බිලොග් කිහිපයක්ම මඟ හැරුනා.සංවාදයකට හොඳ පෝස්ට් එකක්.පොඩි විවේකයක් ලැබුනම අදහසකුත් දක්වන්නම්

    ReplyDelete
    Replies
    1. එන්න ඔබ වගෙ අයගෙ අදහස් දැක්වීම් වලින් තමා පෝස්ට් එක සාරවත් වෙන්නෙ

      Delete
  12. කාන්තාවන් සගවන බියපත් පුරුෂ දෙවියෙකුගේ අසහනකාරී ප්‍රචන්ඩ සමාජයක් වෙනුවට නිදහස් ප්‍රියජනක සමාජයක් විය. ////////////////// මේ වගේ සමාජයයක් යළි නිර්මානය කිරීමට..........................

    ReplyDelete
    Replies
    1. මේ සමාජය දිගටම තිබුනනම් අද කොහොම වෙයිද කියල මට නිකමට හිතුන වාර අනන්තයි. එහි යහපත් අයහපත් පැති තුලනාත්මකව විග්‍රහ කරන්න වෙන්නෙ ඓතිහාසික කරුණු මත පමනයි. දැන් ඒවා මතකයන් පමනක් නිසා.එක රටකවත් මෙය ඉතිරිවී තිබුනානම් අගෙයි .අපට විමසා බලන්න තිබුනා.

      මම නම් කැමතියි ඒ වගෙ සමාජයක් යලි මේ මිහිතලයෙ ඇතිවෙනවානම්. දැනට තිබෙන සමාජ ආකෘති වලට වඩා වෙනස් අපූරු ලස්සන එකක් වෙන බවට සැකයක් නෑ.

      Delete
  13. මුල් කාලයේදී පුරුෂ ආධිපත්‍යය තිබී එඪේර යුගය ආරම්භයේදී මාතෘ මුලික සමාජයක් අතිවෙලා නැවතත් පුරුෂ ආධිපත්‍යය ආවා වෙන්න බැරිද?

    පුරුෂ ආධිපත්‍යය මතුවෙන්න ප්‍රධාන හේතුව පුරුෂයා වියුක්ත චින්තනය අතින් ඉදිරියෙන් සිටීම විය යුතුයි.
    ජේ.වී.ජී. සහ එල්ටීටීඊ කැරලි කරුවන් අතර වෙනස හඳුනා ගැනීම.
    ලංකාවේ නිධන් හොරෙක් බුදුපිළිම විනාශ කිරීම සහ ඇෆ්ගනිස්ථානයේ තලිබාන්වරු බාමියන් පිළිම විනාශ කිරීම අතර වෙනස හඳුඅනා ගැනීමට.
    දෙමල ඒකීය පුද්ගලයෙකුගේ හොඳක් දැක්ක විට අප් සිංහල එවුන් වගේ නෙමෙයි දෙමල අය හරීරීරී... හොඳයි කියා අනවශ්‍ය පැහැදීමක් ඇතිවීම වලකා ගැනීමට වියුක්ත චින්තනය අවශ්‍යයි.
    එමනිසා වියුක්ත චින්තනය වැඩි කුඩා පුරුෂ ආධි පත්‍යය සහිත ගෝත්‍රයකට දැවැන්ත මාතෘ මුලික සමාජයක් හයිජැක් කල හැකියි.

    ReplyDelete
    Replies
    1. කෘෂිකාර්මික සමාජය බිහිවෙන්නෙ මාතෘමූලික ආකෘතිය තුල. පලවැල එක් කළ ගැහැනුන් විසිකල තිරිගු බීජ පැලවෙනු දැක ඔවුන්ට කෘෂිකර්මය ගැන සිතිවිලි මුලින්ම පහල වූවා විය හැකියි. දඩයමේ යන සිය සැමියන් කෘෂිකර්මයට පෙළබවූ සැටි අපූරු කතාවක්.සාමූහික දඩයම් වෙනුවට සත්ව පාලනයට සිය සැමියන් පෙළබවූ සැටි අපූරුයි. මෙය නවකතාවකට ලස්සන මූල බීජයක්.

      පුරුෂයා වියුක්ත චින්තනයෙන් ඉදිරියෙන් ඉන්නව තමයි.

      එමනිසා වියුක්ත චින්තනය වැඩි කුඩා පුරුෂ ආධි පත්‍යය සහිත ගෝත්‍රයකට දැවැන්ත මාතෘ මුලික සමාජයක් හයිජැක් කල හැකියි.//

      හරිම අපූරු අදහසක්. කරන්න පුළුවන්නම් හොඳයි.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා,
      //එමනිසා වියුක්ත චින්තනය වැඩි කුඩා පුරුෂ ආධි පත්‍යය සහිත ගෝත්‍රයකට දැවැන්ත මාතෘ මුලික සමාජයක් හයිජැක් කල හැකියි.//
      ඔබ මෙයට
      "හරිම අපූරු අදහසක්. කරන්න පුළුවන්නම් හොඳයි." යනුවෙන් පිළිතුරු දෙන්නේ ජගත් අදහස් කරන දේ ඇත්තටම තේරුම් ගෙනද ?

      Delete
  14. ස්තුතියි ඉතිහාසගත තොරතුරු ටිකක් අප වෙත ගෙන ආවට.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබටත් ස්තුතියි.

      Delete
  15. හොඳ ඓතිහාසික තොරතුරු සම්පිණ්ඩනයක් ලෙස අගය කරනවා. අක්ෂර වින්‍යාසය ගැන සැළකිලිමත් වනලෙස කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .
      අක්ෂර වින්‍යාස වැරදි නිවැරදි කළා ( මට හමුවූ ඒවා ).

      Delete
  16. මතේ.. නොදන්නා දේවල් කියාදීම සම්බන්දයෙන් තුති.. ලොකු අදහස් දැක්වීමක් පස්සෙ කරන්නම්... ඔන් ස්ක්‍රීන් කීබෝඩ් නුහුරුයි..

    ReplyDelete
    Replies
    1. මට හිතුන මේව වැඩි දෙනෙක් අහලවත් නෑ කියල.

      මටත් ලැප් එකේ කී බෝඩ් එක ඇර වෙන කිසිම එකක් අල්ලල යන්නෙ නෑ.
      ෆෝන් එකෙන් දාද්දි දෙක තුන වෙනව. ටයිප් කරන්න නොවිදිනා දුක් විදින්න වෙනව. බලන්නත් අමාරුයිපේජ් එහෙ මෙහ කර කර අකුරු ලොකු කර කර මාහ් විකාරයක්. ෆෝන් එක හොදයි ට්‍රැෆික් වෙලාවට .නැත්නම් සීට් එකක් නොලබුන දාට.

      Delete
  17. වැදගත් ලිපියක්. නොදන්නා යමක් කියාදීම ගැන ඔබට ස්තුතියි. ඒවාගේම ලංකාවේ පළමුවෙනි කැලා පත්තරය ගැනත් යමක් ලිඉවොත් නරකද?
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඒක තමයි උගත් සමාජයත් මේව නුහුරුයි කියල දැනෙනකොට පුදුමත් හිතෙනව. අඩුගානෙ මෙහෙම යුගයක් තිබුන කියලවත් සමහරු දන්නෙ නෑ. මගෙන් යමක් දැනකියාගත්තනම් ඒක මටත් සතුටක්.

      යෝජනාව නම් හොඳයි හෙහ් හෙහ්.

      Delete
  18. ඈතම අතීතය ගැන කතාවක් නේද? මේවැයිත් ලොකු වටිනාකමක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔවු යටගිය දවසෙ කතාවක්. කාලයේ වැලිතලාවෙන් සැගවුන අතීතය. අද විශ්වාස කරන්නත් අමාරු දේවල් එදා සර්වබලධාරී වෙලා තිබුන හැටි පුදුමයි.

      Delete
  19. වාර්තා/විචාර බ්ලොග් ලිස්ට් එකේ ටොප් ෆයිව් අතරෙ උඹ ඉන්නවා. මග ඇරිලා කීපයක්ම. ඒවාත් විවේකීව කියවලා එන්නං.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවෙ ඇවිත් කියවල යන්න. මටත් බ්ලොග් කීපයක්ම මග ඇරුන. පොඩි කරදරයකුත් වුනා. දැන් ගෙදර ඇදට වුන ලෙඩෙකුත් ඉන්නව. එච්චරනෙ අඩුව තිබුනෙ. දැන් ඒ ට්කත් හරි.
      ඒ ප්‍රශ්න ඔක්කොම මැද පෝස්ට් එකකුත් දැම්මා.

      Delete
  20. හොඳ ලිපියක්. අර තුර්කියේ ශිෂ්ටාචාරය පටන්ගත්තේ කියන්න සාක්ෂි මොනවාද? මෝහන්ජදරෝ - හරප්පා කියන්නේ තුර්කිය නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කෘෂිකාර්මික කටයුතුවල යෙදිල තියෙන්නෙ තුර්කියෙ. ඒ බාර්ලි වගා කිරීමෙන්. මීට වසර 8000 කට පමන පෙර. එසේම මුලින්ම සංවිධිත ආගමක් තිබුනෙත් තුර්කියෙ. ඉන්දු නිම්නය එකල ලොව පුරා පැවති මහා සභ්‍යත්වයක දිගුවක් වෙන්න ඇති.

      තුර්කිය (සුළු ආසියාව ) කිව්වට වර්තමාන උතුරු සිරියාව සහ ලෙබනනයත් අයත් .එඩේරුන් කෘෂිකර්මයට යොමු වීම ශිෂ්ටාචාරයෙ ආරම්භ කියනවනම් සුළු ආසියාවෙ කාන්තාවන් මාතෘ දේවතාවිය පෙරටුකරගෙන මේ විප්ලවය ආරම්භ කරන්න ඇති.

      පිරිමින් දඩයමේ යන අතර ගැහැණුන් පල වැල නෙළුවා. මෙහිදී බාර්ලි වැනි ඇට පැලවීම ඔවුන්ගෙ සොයාගැනීමක්. මුල්ම ආගමත් ඔවුන්ගෙ සොයාගැනීමක්. සිය නව නිෂ්පාදන රටාවට පිරිමින් පොළඹවා ගන්න ආගම උපකාරයක් වෙන්න ඇති. සිය වගාබිම් සහ දඩයක්කාරයන්ගෙන් බේරගන්න ඔවුන්ට ලොකු වෙහෙසක් දරන්න වෙන්න්න ඇති. කැරළිකාරයන් පරාජය කරන්න සටන් කරන්න වෙන්නත් ඇති.සමහර විට ගෝත්‍රය පොළඹවා ගන්න ආයුධ සන්නද්ධ විප්ලවයක් කළා වෙන්නත් බැරි නෑ.


      නවකතාවකට අපූරු ප්‍රස්තූතයක්. මේ වගෙ කතාවක් මම කියවල තියනව. ඉෂාක් බශෙවිස් සිංගර්ගෙ පොතක ගොවි රජ්ජුරුවෝ නමින් වූ පරිවර්තනයක්. එහි කෝරා නම්වූ ගැහැනිය අරගලයක නිරත වෙනවා.

      Delete