Tuesday, November 24, 2015

චන්ඩින් ,ඉල්ලීම් හා ප්‍රාන ඇපකරුවන්

අද වැඩට ගියේ දෙගිඩියාවෙනි. කෝච්චි ස්ට්‍රයික් එකක් ගැන තොරතුරක් ලැබීම ඊට හේතුවයි. එහෙත් යන්නවත් එන්නවත් කිසිම කරදරයක් නොවිනි. රාගම සිදුවීම මත වර්ජනයක් කරන බව ට ආරංචි පැතිර ගිය අතර තව ඉල්ලීම් රැසක් සම්බන්ධව  වෙනම වර්ජනයක් කරන බවටද කතා පැතිරුනි. මොන හේතුව නිසා වර්ජනය කළත් හවස් වන විට සියල්ල යථා තත්වයට පත්වන බවට නම් විශ්වාසයක් විය. මෙවැනි බලපෑම් සහගත වෘත්තිකයන්ගෙ ඉල්ලෙම් කවරක් වුනත් ඕනෑම රජයක් ඉල්ලන පමාවෙන් දෙන බැවිනි.

දුම් රිය සේවකයන් යනු මෙරට වරප්‍රසාද ලත් පිරිසකි. මෙවැනි බලපුලුවන්කාරයෝ කීප වර්ගයක්ම සිටිති. වෛද්‍යවරු ,හෙදියන්, මීඩියාකාරයන්, හාබර් එකේ අය , විදුලි බල මණ්ඩලේ අය ,මැතිවරන ආසන්නයේ තැපෑල ඔය ආදී වශයෙනි. මේ අයට ජනතාව ප්‍රාන ඇපයට ගෙන ඉල්ලීම් දිනාගත හකි නිසා සෙසු ජනයා ගේ ඉරනම මොවුන් කවරෙකුගේ හෝ තර්ජනයකට බියපත් වීමය.

රාගමදී දුම් රිය රියදුරෙකුට පහරදීමක් සිදුවී තිබේ. දුම් රිය රියදුරා බීමත්ව සිටිබව මගීහු පවසති . එහි ඇත්ත නැත්ත නොදනිමි. එහෙත් මේ රටේ ජ්නයා අයුතු ජනරාශි  ගත වීමට කැමැත්තෝ නිසා මෙහි කවුරු හරිද කවුරු වැරදිද කියන්නට නොදනිමි. කැමරා නිසා දැන් කාටත් බඩු බනිස්ය. මේ නිසා අයුතු ජනරාශි හදන් පෙර කවුරුත් දෙතුන් වර සිතිය යුත්තෝය.

සංවිධානාත්මක බලපුලුවන්කාරයන් පිරිසක් චන්ඩි පාට් දැමීමත් රජයන් හා ජනතාව බියපත්වීමත් දැන් සම්ප්‍රදායක් වී ඇත. වාමාංශික වරත්ත කඩප්පුලියන් මේ චන්ඩින්ගේ කසකාරයන්ය. දොස්තරවරු හැර අනෙක් හැම චන්ඩි ආයතනයකම වාමාංශික බලමුලු වෙයි. වාමාංශික යන්ට මේ අය සැබෑ අරගලකාරී පීඩිත පන්තියයි. එහෙත් මේ ආයතනවල පහලම සේවකයාද ඉතා ඉහල වැටුප් ලබති.

රියදුරන් කියන කතාව ද ඇසිය යුතුය. දියවැඩියාව උත්සන්න වී රියදුරා රොගී වී ඇත. සහායකයාට දුම් රිය පැදවීමට බැරිය. සහායකයා සිටින්නේ රියදුරා මසාජ් කිරීමට හෝ දුම් රිය ස්ටාට් නොවන විට ඊට තල්ලුවක් දීමට නිසා සහායකයා ට දු රිය ධාවනය ගැන දැනීමක් අවශ්‍ය නැත. එසේම මෙලෙස රෝගී වන අය මෙවැනි බරපතල රාජකාරිවල යෙදවීම තව අවුලකි. සහායකයාටද රිය පදවන්න බැරි එකේ මෙවනි ශාරීරික යෝග්‍යතාවයක් නැති අයට ජීවිත දහස් ගනනක ඉරනම බාරදිය යුතුද

දුම් රිය රියදුරෙකු යනු වෙනත් වාහනයක රියදුරෙකුට තරම් විශාල කාර්යභාරයක් නැති කෙනෙකි. දුම් රිය ධාවනය ටීම් වර්ක් එකකි. එම පිළිවෙලට අනුව සිග්නල් එකක් කරා පීලි දෙකක දුම් රිය ගෙන යාම රියදුරාගෙ කාර්යයයි. ඒ කාර්යය නොකර කරටි කැඩෙන්න බීල සිටිනවානම් එය අවුලකි.

මගීන් හැසිරී ඇත්තේ මෙය තවත් අවුල් වන ලෙසය. කලබලයක් අවහිරයක් නොකලොත් මේ රටේ කිසිම වැඩක් කරගත නොහැකි බවට මතයක් ඇත. එයට පදනමක් නැත්තේමත් නැත. එහෙත් මේ අයුතු ජනරාශිවලට හේතුව සාහසිකත්වයට ඇති ලදියාවයි. මෙවැනි ගැටළුවක් උද්ගත වූ විගසම මේවාට නායකත්වය දීමට සේනාපතිවරු හදිසියේ පහලවේ. මේ සියලු අවුල් වෙන්නෙ නිසි යහපාලනයක් නැති කමය . පැමිනිල්ලක් කර වැඩක් නැත යන හැඟීම කාටත් ඇත. පැමිනිලි යට ගසයි. කළ යුත්තේ කලබලයක් කර මීඩියාවල නිව්ස් එකක් කිරීමය. මේ මානසිකත්වය රජකරන නිසා අයුතු ජනරාශි වැලැක්වීමටද බැරිය.

පෞද්ගලික බස් ගැන පැමිනිලි විභාග කරන අධිකාරිය පුවත්පතකට ප්‍රකාශයක් කර තිබුනේ පැමිනිලිකරුවන් නැත්නම්  විභාග කළ නොහකි බවයි. පෞද්ගලික බස් වලට එරෙහිව පැමිණිලි කළත් විභාගවලට එන අය අඩුය. හේතුව විමසීමේදී මැරවරයන් සමග හබයට යාමට පැමිනිලිකරුවන් දක්වන මැලිකම සැබෑ හේතුව බව පෙනුනි.

මේ රටට ශක්තිමත් සංවිධානාත්මක බලපෑම් කන්ඩායම් අවශ්‍යය. අපට සිටින්නේ පාරිභෝගිකයන්ය. ඔවුහු අංක එකය. භාන්ඩ හා සේවා නිෂ්පාදකයන් සිටින්නේ පාර්භෝගිකයන් නිසාය. නමුත් පාරිභෝගිකයා ට ලැබෙන්නෙ දෙවෙනි තැනය. අවුල එතනය.


අපට අවශ්‍ය බමුණු යූනියන් නොවේ. සැබෑ මහජන බලපෑම් කන්ඩායම්ය. වෛද්‍යවරුන්ගෙ යූනියන් නොව රෝගීන්ගෙ යූනියන්ය. වෛද්‍යවරුන් සිටින්නෙ රෝගීන් නිසාය. බස්කාරයන්ගෙ යූනියන් නොව මගීන්ගෙ යූනියන්ය. මගීන් නොමැති බස් සේවයක් නැත. පාසල්වල සිදුවන අයුතු මුදල් එකතුකිරීම්වලට එරෙහි දෙමවුපියන්ගෙ යූනියන්ය. 

සතුරා සිටින්නේ අප අතරමය. අපේ සතුරා ධනපති පන්තිය හෝ අධිරාජ්‍යවාදීන් නොවේ. පාලක පන්තියද නොවේ. අප අතරම සිටින කඩප්පුලියන්ය. අපගේ සැබෑ පීඩකයා හදුනාගත යුතුය.  

කාටවත් බරක් නොවී වැඩකරන ජනතාවක් මේ රටේ සිටිති. ඔවුන්ට පෙන්ශන් නැත ,ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් නැත. ඔවුන් ඉල්ලීම් ඉල්ලන්නේද නැත. ඔවුහු විදේශ විනිමය ගෙන එති. වැඩබලන එවුන් ලෙස හෝ උගතුන් ලෙස තමන්වම හදුන්වාගත් පිරිස් සියළු ප්‍රශ්න ඇත්තේ ඔවුන්ට යැයි කියමින් ඉල්ලීම් ඉල්ලති. හේතුව ගාමන්ට් වැනි පෞදග්ලික අංශයේ නිශ්පාදන රැකියාවල යෙදෙන අය,  විදේශගතවී දුක් විද රට සල්ලි එවන අය ,තේ  දලු නෙලන අය ,ස්වයං රැකියා කරන  අය, ගොවීන්, වැනි අය අසංවිධානාත්මක වීමය.


එසේම දේශපාලන වශයෙන් වෙනස් දැක්මක් අවශ්‍යය. පීඩිතයන් ලෙස හුවා දක්වන අය ඇත්තටම පීඩිතයන්ද ,බමුණු කුලයක් වෙනුවෙන් පෙනී සිටින සිසුන් ප්‍රගතිශීලීන්ද ,අරගලකාරීන් ලෙස හදුන්වන අය ඇත්තටම අරගලකාරීන්ද කඩාකප්පල්කාරීන්ද යන ප්‍රශ්න වලට පිළිතුරු අවශ්‍යය.

සැබෑ ජන එකතුවක් අවශ්‍යය. එවැන්නක් බිහිවූ දාට ප්‍රාන ඇපකාර ත්‍රස්ත බලවේග බිද වැටෙනු ඇත.

28 comments:

  1. අනේ බං මන් දන්න එජින් ඩැයිබර්ල තුන්දෙනෙක් ඉන්නව
    , එකෙක් නං දැනට අවුරුදු හතකට විතර කලින් බීලම මලා , ෂුවර් එකට ඕකා අර කැලනියෙන් බැස්ස එකා එක්ක බෝතලයක් හිස් කරල ඉන්ඩ ඇත්තේ

    ReplyDelete
    Replies
    1. බීල වාහනයක් පදවන්න බෑ. දඩ ගහනව. දැන් මේ යන විදියට කෝච්චිත් මග නවත්තල බැලුම් පුම්බන්න වෙයි වගෙ. මේක දහස් ගනනකගෙ ජීවිත එක්ක කරන සෙල්ලමක්. නමුත් මේ රටේ තියන යූනියන් ත්‍රස්තවාදය නිසා කරන්න දෙයක් නෑ.

      Delete
  2. අපේ තාත්තාත් කෝච්චි වල හොඳ හොඳ සෙල්ලම් දාපු පොරක්.. හෙක් හෙක්.. වාසනාවට ඒ කාලේ මිනිස්සු මෙච්චර වළිබර නෑ මයේ හිතේ.. තාත්තගේ සෙල්ලම් ගැන වෙන දවසක කියන්නම්.. ඒකෙන් මේකෙන් උනේ අපේ පවුලේ එක කොල්ලෙකුටවත් පිය පුතු පදනම මත ඊසි යන්න තිබ්බ රස්සාවකට යන්න මව් පාර්ශවයේ අනුමැතිය නොලැබීම.. මොකද 'බීල බීල වැටිලා ඉන්න' පුතෙක් දිහා බලන්න අම්මට ඕනි වෙන්න නැති උන නිසා.. ඔය මනුස්සයා හැබැවට බිලා හිටියද නැත්නම් අසනීපෙන් හිටියද කියල දොස්තර මහත්තයෙක් හොයල බලල නැද්ද? බැලුමක් වත් පුම්බල..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරටි කැඩෙන්න බීල කෝච්චි එලවනව කියන්නෙ සෙල්ලමක් නෙවි.

      කෝච්චි ඩ්‍රැයිවර්ල ගෙ පවුල්වල කිසිම කෙනෙකුට පියපුතු පදනම මත ඔය ජොබ් එකට යන්න බෑ. අම්මල විරුද්ධ වෙන නිසා. ඒකත් මාර පොයින්ට් එක.

      Delete
  3. සතුරා සිටින්නේ අප අතරමය. අපේ සතුරා ධනපති පන්තිය හෝ අධිරාජ්‍යවාදීන් නොවේ. පාලක පන්තියද නොවේ. අප අතරම සිටින කඩප්පුලියන්ය. අපගේ සැබෑ පීඩකයා හදුනාගත යුතුය. ++++++++++++ හොර පාස්පෝට් තබාගෙන රජයේ දේපළ හොරකම් කළ සූර කපටි වීරවංසලා මෝඩ ජනතාවට ඇමරිකානු බිල්ලා පෙන්නති

    ReplyDelete
    Replies
    1. වීරවංසය හිතුවෙ මේ රටේ මිනිස්සු සෙක්කුවෙ බදින හරක් කියල. ඔය රජ නාඩගම උගෙයි ඩලසගෙයි එකක්. සින්දුවකුත් ලිව්වෙ වීරවංසයලුනෙ.
      තර්කානුකූලව හිතන අය මීට වඩා වැඩි වෙන්න ඕන.

      Delete
  4. මිනිස්සුන්ගෙ ප්‍රාණයම ප්‍රාණ ඇපයට අරං වර්ජනය කරන අයට වඩා මේ අය හොඳයි කියලා හිතෙනවා. හැබැයි අනික් අතට ප්‍රශ්නයක් එනවා අර කට්ටිය එතකොට කොහොමද තමන්ගෙ ඉල්ලීමක් දිනාගන්නෙ කියලත්. සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්න අප්පා මේවා.

    (අනේ සත්තලනේ එකකට කොමෙන්ට්ස් දානකංවත් ඉඳපංකෝ අනික දාංට)

    ReplyDelete
    Replies
    1. වර්ජන කරන්න හැමෝටම බෑනෙ. වර්ජනයෙන් තර්ජනයෙන් බයගන්නන්න පුලුවන් ඉතා සුලු පිරිසකට විතරයි.

      (එහෙම වුනොත් නිව්ස් එක පිළුනු වෙනවනෙ බන් )

      Delete
  5. මම ඊයේ ගමකට ගියා, ඒ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති විදිහට පත්කරගෙන ඉන්නේ ගඟේ හොරෙන් වැලි ගොඩ දාන එකාව.

    ReplyDelete
    Replies
    1. අමතක වුනා, වැලිගොඩ දැමීම ස්ථීර රැකියාව නොවේ, වැලි ගොඩ දමන්න බැරි කාලෙට වඩියක් දෙකක් පෙරනවා.

      Delete
    2. ඔය එක ගමකනේ. මට හිතෙන හැටියට බොහොමයක් ගම් වල තත්වේ මීට කිට්ටුයි.

      Delete
  6. අබුද්ධස්ස කාලේ ඇත්ත බොරුවවීම සහ බොරුව ඇත්තවීම නම් වෙලා තියෙනවා. ලෝකෙ හමතැනම වගේම මෙහෙත්.

    ReplyDelete
    Replies
    1. තර්කානුකූලව හිතන , යම් දෙයකට හේතු එක්කට වඩා තියෙන්න පුළුවන් කියල හිතන අය වැඩි වෙන එක තමා එකම විසදුම .ඌනිතවාදීන් වැඩිවෙනව කියන්නෙ රට සෙක්කුවක් වෙනව. ඊට පස්සෙ වටේ කැරකෙන එකයි වෙන්නෙ.

      Delete
  7. ආණඩුව බීමවල ගණන් උස්සන්න ඇත්තෙ ඔය විදිහට තැනක් නොතැනක් නොබල බොන එක නවතන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඉන්ටනෙට් බිල වැඩි කරන්නෙ වැල බලන එකට ,වාහන මිල වැඩිකරන්නෙ ට්‍රැෆික් අඩුකරන්න .අන්න ඒ වගෙ තමා .හරිම සිම්පල් ප්ලෑන්

      Delete
  8. ආණඩුව බීමවල ගණන් උස්සන්න ඇත්තෙ ඔය විදිහට තැනක් නොතැනක් නොබල බොන එක නවතන්න වෙන්න ඇති.

    ReplyDelete
  9. ඇත්තටම මොකක් උනාද නම් දන්නෙ නෑ.හැබැයි මොකාද බීල කියල ලියන්නෙ? උඩින් යටින් ශේප් කරන්න ට්‍රයි කොරනකොට..පොර බීල කියල ඔප්පු උනා නම් කේස් එක ඇදෙන දුර..? හපෝයි.. ඊට මීට හොඳයි දියවැඩියාව.
    හරියට නීතියක් 'ක්‍රියාත්මක' වෙනව නම් ප්‍රශ්න ගැටලු ගොඩක්ම අඩු වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කේස් ඇදෙන්නෙ නෑ. යට යනව. යූනියන් ත්‍රස්තවාදය තියන තැන් නෙ.

      Delete
  10. ගහලා හරි කමක් නැහැ දුම්රිය සේවය නින්දෙන් අවදිකරනවානම් ලොකු දෙයක්.... වෙලාවට කවදද බං කාේච්චි ගියේ.......

    ReplyDelete
    Replies
    1. යූනියන් ත්‍රස්තවාදය තියන කන් කවදාවත් කෝච්චි වෙලාවට යන්නෙ නෑ.

      Delete
  11. වාමාංශික වුර්තීය සමිති වලටනම් රටට වැඩක් කරනවට වඩා පිකටින් උද්ඝෝෂණ වැඩවර්ජන කරන්න පුළුවන්. කැම්පස් වලත් ජේවීපී ශිෂ්‍යසංගම් දේශපාලනේ කර කර අනික් ශිෂ්‍යයෝ පාරට දාල අනවශ්‍ය ප්‍රශ්න වලට උද්ඝෝෂණ කරවනවා. උනට ඉගෙනගන්න ඕනත් නෑ. පුදුම කරුමයක් මේ.

    ReplyDelete
    Replies
    1. යූනියන් තමයි රටට තියන ලොකුම ප්‍රශ්නෙ

      Delete
  12. ...//මේ අයට ජනතාව ප්‍රාන ඇපයට ගෙන ඉල්ලීම් දිනාගත හැකි නිසා සෙසු ජනයා ගේ ඉරනම මොවුන් කවරෙකුගේ හෝ තර්ජනයකට බියපත් වීමය//...

    ++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඊයේ CGR කාරයන් කොටසක් කලේ කඩ්ප්පුලි උද්ගෝශනයක් ය.
      ඵ්කේ කතා දෙකක නෑත.

      හෑබෑයි හරියට කරුනුකාරනා නොදෑන මේවගේ මෝඩ විදියට ගරහන ඵක නූගත්කමේ ලක්ශනයක් යෑයි කිවයුතුය.
      මොකද රියදුරු බීමත්ව සිටි බවට සාක්ශි නෑත.ඊයේ පුවත්පත්වල තිබුනේ රියදුරු අසනීපව සිටි බවත් බීමත්ව නොසිටි බවත්ය.

      කෙසේ හෝ වේවා මෙම ජරමරය නිසා දෙවරක් අමාරුවේ වෑටුනේ අසරන මගී ජනතාවය.

      ඵ් නිසා රියදුරු බිමත්ව සිටි/නොසිටි බව රටට හෙලිකර ඵ් පිලිබද ඉදිරි පියවර ගෑනීමද ,
      කෝච්චියක් ඵලවීමට නොදත් අයකු රියදුරු සහයක වීම අමු විහිලුවක්........ඵ් නිසා ඵ්වෑන්නකු ඵතනට පත්වුයේ කෙසේදෑයි සොයා බලා ඵ්වාට වගකිවයුතු අයට ඵරෙහිව නීතිය ක්‍රියාත්මකවියයුතුය.

      ඵ්හෙම නෑතිව මුලු දෙපාර්තමේන්තුවකට බෑනීම මේක ලියූ ඵකාගේ හීනමානය සහ නූගත්කම පෙන්වන ඵකක් මිස වෙනයමක් නොව බව කිවයුතුය.(මොකද මේ දෙපාර්තමේන්තුව ජපනාටත් බෑ කි රේල්පාර දුන 56න් හෑදූ දෙපාර්තමේන්තුවකි )

      කොහොමත් මේ බ්ලොග් ඵකේ කමෙට්ස් 20ක් වත් නෑත්තේ මුගේ ගොo කතා බ්ලොග්පාඨකයන් පිලිකුල්කරන නිසා බව පෑහෑදිලි වේ.

      Delete
    2. මෙය මනෝ මන්දිරට අදාලව දමන ලද්දක් නොවේ !
      මෙම බ්ලොගය ලියන මහතාට දෑමූවකි.

      Delete
    3. මනෝ අදහස් දැක්වීමට ස්තුතියි.

      Delete
    4. ඇනෝ මුලින්ම ඔබගේ කොමෙන්ට් එක කියවන්න. යූනියන්වල අසාධාරන වර්ජන ගැන මුලින්ම ඔබ කියල තියනව. මාත් කියන්නෙ ඒක තමයි.

      උඩරට දුම් රියෙ එන්ජිම රියදුරෙක් විසින් ගලවල කියල ස්ටේෂන් මාස්ටර්ල වර්ජනය කරනව. ඔය දෙපාර්තමේන්තුවෙ මධ්‍යගතපාලනයක් නැද්ද.රියදුරා වරදක් කලානම් දඩුවම් දෙන ක්‍රමයක් නැද්ද. සමහර විට නැතිව ඇති රියදුරන් වර්ජනය කරන නිසා.

      යූනියන් කාරයො ද පලානය කරන්නෙ. හරියට සෝමාලියාවෙ වගෙ. සෝමාලියාවෙ නිශ්චිත ආන්ඩුවක් නෑ රට පාලනය කරන්නෙ සන්නද්ධ කන්ඩායම් ගනනාවක්. එක යූනියන් එකක් කෑගහනකොට තව එකක් කෑගහනව. සද්දෙ වැඩි එකා දිනුම්. එකෙක් හයියෙන් කෑගහද්දි අනික සැර බාල කරනව.
      මේක රටක තියෙන්න ඕන තත්වයක් නෙමෙයි.සෞඛ්‍ය සේවයෙත් එහෙමයි.

      ඇයි මේ මෙහෙම ලෙඩ්ඩුන්ට කෝච්චි එලවන්න දෙන්නෙ. අලුත් අයට පුහුණුව දෙන්නත් දුම් රිය රියදුරන්ගෙ මාෆියාව ඉඩ දෙන්නෙ නෑ කියනව. එතකොට ඒ කියන්නෙ රෝද පුටුවෙනුත් ඇවිත් කොන්ත්‍රාත් පදනමින් මේ අය වැඩ කරනව කියන එකනෙ. මේ ආත්මාර්ථකාමී අවශ්‍යතාවය සහ ලංකාවෙ ආන්ඩුවලට කොන්ද පන නැතිකමට වන්දි ගෙවන්න වෙන්නෙ මේ රටේ ජනතාවටද

      Delete