Monday, November 23, 2015

වැඩියෙන් ළමයි හදන එක අදට ගැලපෙන ප්‍රායෝගික දෙයක්ද වැලේ ගෙඩි වැලට බර වෙයිද

බ්ලොග් අඩවියක පුංචි කතාබහක් ඇතිවිය.ඒ වඩිපුර  ළමයි හැදීම ගැනය.පසුගිය කාලයේ බුකියේද මේ ගැන වාද විවාද ඇතිවිය.බුකියෙ වාද වල පදනම වුනේ එක්තරා ජනකොටසක් වැඩිපුරලමයි හදන නිසා තරගෙට අපද ළමයි හැදිය යුතු බවය. එහෙත් මෙම එක්තරා ජනකොටසෙහිද වැඩිපුර ලමයි හදන්නෙ නූගත් දුප්පත් අය බව පෙනේ. 

අතීතයේ පවුලකට වැඩිපුර ලමයි අවශ්‍ය විය.ඒ කෘෂිකාර්මික හා යුද්ධමය කටයුතු උදෙසාය. ගෝත්‍රික සමාජවල ජනගහනය යනු තීරනාත්මක සාධකයක් විය. යුද්ධ සිදුවුනේ පිරිමියාගේ ශක්තිය මතයි.මේ අනුව පවුලකට අවශ්ය දරුවන් සංඛ්යාව තීරණය වුනේ සමාජ සංස්කෘතික සාදක මතයි.

උපත් පාලනය ජනප්‍රිය වූ අසූව දශකයේ මේ රටේ පවුලක දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා විය. එකළ එයට රාජ්‍ය අනුග්‍රහය ලැබිනි. දියුණු රටක තිබෙන ජනගහන සමතුලිතතාවයට අප ආසන්න විය. එහෙත් වෙනත් රටවල් මේ තරම් ඉක්මනින් මෙයට අනුගත නොවුනි.චීනයේ මර්ධනකාරී රජය ට මෙය ජනතාව වෙත පැටවීම අපහසු නොවුනත් ඉන්දියාවේ ලොකු අභියෝගයක් විය. ඉන්දිරා ගාන්ධි රජය පෙරලීමටද මෙය හේතු විය.

කෙසේ වෙතත් දැන් ජාති ආගම් භේදයකින් තොරව සියළුදෙනා උපත් පාලනය වැළදගෙන සිටිති. උපත් පාලනයට සුබදායී ප්‍රතිචාර  දැක්වීම ප්‍රමාද අප්‍රිකානු රටවලිනි. ඉන්දියාවේද සෑම ජනකොටසකම වර්ධන වේගය පහළ යයි.

ජනගහනය පහල යාමේ අහිතකර ප්‍රතිපලද වෙයි. ජපානය හා රුසියාවේ ජනගහනය ඍන මට්ටමට ගොස් ඇත.ජනගහනය අඩුවන විට එය යළි වර්ධනය කිරීම හිතන තරම් පහසු නැත.

මට සිතෙන ලෙස අනාගතයේදී තාක්ෂනයේ ජයග්‍රහනත් සමග මිනිසා ට රැකියා ප්‍රශ්න ඇතිවිය හැක. එවිට රැකියා විරහිතභාවය හෙට අදට වඩා උග්‍ර වනු ඇත. දියුණු රටවල මෙය සාකච්ඡාවට ගැනේ.ජපානය කිසිසේත්ම විදේශීය ශ්‍රමිකයන් ගැන විශ්වාසය නොතබයි. ඒ වෙනුවට තාක්ෂනික විකල්ප සොයයි. බටහිරටද මිනිස් ශ්‍රමය පිලිබද ගැටළුවක් ඇත්තේ වේගයෙන් එම රටවල ජනගහනය අඩුවන නිසාය. ඇමරිකා එක්සත් ජනපදයේ හිස්පැනික් නොවන සුදු උපත් වලට වඩා සුදු නොවන  උපත් වැඩිවිය .ඒ 2013 වසරේදීය.කැලිෆෝනියා ,ටෙක්සාස්, වැනි  ප්‍රාන්තවල ජනව්‍යුහය පවා වෙනස් වෙමින් පවතී.මෙය උපත් පාලනයේ අහිතකර පැත්තයි.

යුරෝපයේ සමහර රටවල දරුවන් නැති කාන්තාවන් ප්‍රතිශතය 40% කටත් වැඩිය. මේ තත්වය වැඩියෙන්ම ඔඩුදුවා ඇත්තේ ජර්මනියේය.යුරෝපය තුල ජාතික රාජ්‍ය වෙනුවට යුරෝපා ජාතිකත්වයක් වර්ධනය වෙමින් පවතින අතර ඊට බ්‍රිතාන්‍ය වැනි රටවලින් දැඩි විරෝධය එල්ල වේ.පොදු ජාතිකත්වයක් ඇතිවන විට එක් එක් ජාතිකත්ව වල ජනගහන වර්ධනය අඩුවීම අවුලක් නොවේ.

මිනිසුන් අඩුවෙන් දරුවන් හදන්නට කැමති මන්ද කියා සොයා බලමු. මීට කලකට ඉහත ලංකාවේ පවුලක දරුවන් හත් අට දෙනෙක් විය. අපේ ගමේ එක් පවුලක දරුවන් 16 ක් විය. දරුවන් 16 ක් හැදුවෙ කොහොමද කියා ගැටළුවක් ඇතිවේ.  එය අමාරු නැත. පොඩි එකාව හදන්නෙ ලොකු එකා විසිනි. ගැහැනු දරුවන් ගෙදර වැඩකරන අතර පිරිමි දරුවන් පිරිමි දරුවන් කුඹුරු කොටයි. අනුන්ගෙ කුබුරක් හෝ කොටයි. එවිට සහල් ගෙදරට ලැබේ. අර මා කී පවුලෙ ලොකු දියණිය දීග යන දින මව විමසා ඇත්තෙ ලුනු පොල්කට්ට එහෙම තියන තැන කියාපන් කියාය. කන්න දෙන්න කියා අමාරුවක්ද නොවීය. පොඩ්ඩක් ලොකුවුන පසු කන්න සොයාගනියි. ඇදුම් කියා මහ දෙයක්ද නැත. මෙම පවුලේ නම් කිහිප දෙනෙක් ඉගෙන ගත්හ. ඒ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙනි.


දරුවන් විශාල ප්‍රමානයක් හදපු යුගයට වඩා අද පවුලක අභිලාශයන් වෙනස්ය. සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලක දරුවන් හදන්නෙ උසස් යැයි සම්මත රැකියා සදහා අරමුනු කරගෙනය. ඇත්තෙන්ම සමාජයේ ඔළුව උස්සගෙන ඉන්න හැක්කේ එවිටය.උදාහරනයකට වෛද්‍ය ,ඉංජිනේරු ,පරිපාලන , නීතීඥ , ව්‍යාපාරික , ආරක්ෂක අංශයක නම් නිළධාරියෙක්, පෞද්ගලික අංශයේ විධායක රකියාවක් ආදී වශයෙන් ඔළුව උසාගෙන ඉන්න පුළුවන් රස්සාවකට දරුවන් යොමු කරවීම මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ අරමුණයි.   එසේම අල්ලපු ගෙදර එකාට ඉහලින් ජීවත්වීමේ පුරුද්දක්ද ප්‍රවර්ධනය වී ඇත. එසේම පරිභෝජන සංස්කෘතිය තුල මිලදී ගැනීම් වලට නිරතුරුව සියල්ලන්වම පොළඹවනු ලබයි.දරුවන් වඩි ප්‍රමානයක් හදන එක අභියෝගයක් වන්නෙ මේ පසුබිමේය.

දරුවන්ගෙ අධ්‍යාපනයට විශාල වැය බරක් දරන්නට සිදුවෙයි. ළමයා ඉස්කෝලෙට දාන තැන සිටම අල්ලසය. සමහරු අල්ලස් දීමට ණය ගනිති. පිනාලට අල්ලස් දෙන්න ආපදා ණය ගන්න රජයෙ සේවකයො සිටිති.එසේම පාසල් වල සිදුවන අවිධිමත් මුදල් එකතුකිරීම් දරාගත හැක්කේ කාටද. එක රැකියාවක් කර ළමයෙක් හදන්නවත් බැරි යුගයකි. 

අනවශ්‍ය වියදම් නැතිව නූතන පරිභෝජනවාදී ජීවන රටාව විසින් අප වෙත පටවා ඇති වියදම් දෙස බලන විට අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ශේත්‍රයේ සිදුවාන් සූරාකෑම දෙස බලන විට ළමයි හැදීම තබා සසර කලකිරේ.

මේ ගැටළු සියල්ල මධ්‍යම පන්තියටය. ඊට පහල මට්ටම්වලට මේවා ප්‍රශ්න නොවේ. මෝල්වල වැඩකරන පවුල් වලට කසාදය කියන්න්නෙ කොහුබත් කන්දෙ කෙල්ලව පෙරල ගනීමටය. ළමයි හදන්න අමාරුවක්ද නැත . රැකියා අතලගමය. මෙවනි පවුල් දරුවන් කෙලින්ම නුපුහුණු ශ්‍රමය පදනම් වූ රැකියා සදහා යොමු කරයි. පොලේ යාම , වැඩපොලක ට යැවීම, මේසන් බාස් කෙනෙක් පස්සෙ යැවීම වැනි රකියා සදහා යොමුවන නිසා ඔවුන්ට දරුවන් හැදීම අවුලක් නැත


ඇතැම් ආගමික නායකයන් කියන ලෙසින් දරුවන් හැදුවොත් සිදුවන්නෙ හිඟන්නන් බෝවීමය. පාරට බසින විට කීයක් හරි ඉල්ලාගෙන වටකරගන්නා මන්ද පෝෂිත සිගන බාල පරම්පරාවක් මිස වෙන යමක් අපට නොළැබේ.මේ දරුවෝ ඉක්මනින් අපචාරවලට ගොදුරු වෙති. අපරාධකරුවන් බිහිවන්නේද ඔවුන් අතරිනි.


මම නම් යෝජනා කරන්නේ කායික මානසික වශයෙන් දුබල ආර්ථික වශයෙන් දුබල අයට දරුවන් හැදීම තහනම් කළ යුතු බවයි. දුර්වල ජාන ඉදිරියට යාම වැළක්විය යුතුය. විවිධ ප්‍රවේණි රෝග තිබෙන අයටද එම ජාන සහිත ඊලඟ පරම්පරාවක් බිහිකිරීමට ඉඩ නොදිය යුතුය. එහෙත් ඔවුනට ලෝකාස්වාද රතිය ලැබීමේ බාධාවක් නැත. 

අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් බුද්ධිමත් කායික හා මානසික වශයෙන් නිරෝගී මිනිසුන් මිස කාලකන්නි පරම්පරාවක් අවශ්‍ය නැත.

සැමුවෙක් හන්ටින්ටන් සහ චාල්ස් මුරේ දුප්පත්කම සහ ජාන අතර සම්බන්ධය ගැන පොතක් ලිව්වේය . එය කළු ජාතිකයන්ට එරෙහි වූවක් කියා ඊට ලොකු විරෝධයක් එල්ල විය. එහෙත් ඔවුන් ඉදිරිපත් කළ අදහස්වල ගත යුත්තක් ඇත. ලෝ අයි කිව් සහිත මිනිසුන් බිහිවීම වැළක්වීම රටට මෙන්ම ඔවුනටද කරන සේවයකි. දුක් විදින මිනිසුන් දෙස බලන විට වැඩි වශයෙන්ම පෙනෙන්නේ මේ අය දුක් විදින්නෙ සමාජ අසාධාරනයක් නිසා නොව කිසියම් දුබලතාවයක් නිසා බවය. සංස්කෘතිකමය ඇබ්බැහියක්ද විය හැක.

වැඩි වශයෙන් දරුවන් හදන්නෙ මේ ඉහත කී සමාජ ස්ථරවල අයයි. මෙයින් සමාජයට අනාරක්ෂිත දුර්වල පරම්පරාවක් තිලින වේ. මෙය රටක ප්‍රගමනයට හේතුවන්නක් නොවේ.සෑම දරුවෙක්ම සුරක්ෂිත දරුවෙක් විය යුතුය. ඉවක් බවක් නැතිව දරුවන් හදන ලෙස කරන ඉල්ලීම් කිසිම තේරුමක් නැත. ප්‍රායෝගිකද නැත.

25 comments:

  1. මධ්‍යස්ථ
    මම විවේකයෙන් අදහස් පලකරන්නම්.හදිසියේ යමක් දැකලා ඒ පිළිබදව දැනුම් දෙන්නයි ආවේ.ඔබ ඇඩි කරලා තිබෙන "අකුර සිංඩියට" ගියාම එහි අසභ්‍ය පිංතූර වගයක් දර්ශනය වෙනවා.සමහර විට එහි ඇඩිම්න් මේ පිළිබදව නොදන්නවා වෙන්න ඇති.ඔහු එය නිවරදි කරනතේ එම සින්ඩිය බිලොග් ලිස්ට් එකෙන් ඉවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ....//දරුවන් විශාල ප්‍රමානයක් හදපු යුගයට වඩා අද පවුලක අභිලාශයන් වෙනස්ය//....

      එතැන තියනවා සාරාංශගත සත්‍යය.එදයි අදයි අවශ්‍යතා අතර ලොකු පරතරයක් තියනවා.එදා මූලික අවශ්‍යතා සපුරාගැනීමට වෙහෙසුන ආකාරයෙත් අද වෙහෙස වෙන්න සිදුවෙලා තිබෙන ආකාරයෙත් වෙනසක් තිබෙනවා.පසුගිය දවස්වල ආගමික සංවිධාන මඟින් නිතරම කතා කරපු දෙයක් තමයි රට ජාතිය රැක ගනිමු කියන එක.නමුත් ඒ ප්‍රකාශ කලේ මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව මිසක ප්‍රායෝගිකව හිතලා නෙවෙයි.අද ප්‍රධාන ප්‍රශ්න අතරින් එකක් වෙලා තිබෙනවා ඉඩම් හා නිවාස ප්‍රශ්න.මගේ අම්මගෙයි,තාත්තගේ දෙමවිපියන්ට විශාල ඉඩම් තිබුනා.ඒ පවුල් වල දරුවෝ දහයකට වඩා හිටියා.ඒ ඉඩම් ඒයාලගේ දරුවන්ට බෙදලා දුන්නා.අර විශාල ඉඩම් කුඩා කැබලි වශයෙන් බෙදිලා ගියා.ඉන් පස්සේ පරම්පරාවේ අයට උරුම වුනේ තවත් කුඩා ඉඩම් කැබලි.ඒ ඉඩම් තවදුරටත් බෙදන්න බෑ.ඒ නිසා එතනින් පස්සේ පරම්පරාවල අයට ඉඩම් මිලදීගන්න වෙනවා.අද ඉඩමක් නිවාසයක් තිබුනටම ප්‍රමානවත් වෙන්නේ නෑ.මේ පරම්පරා වල පිරිස් ජීවත්වෙන්න කැමති අද ලෝකයට ගැලපෙන විදියට.ඔවුන්ට තම මූලීක අවශ්‍යතා සපුරාගැනීම ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා.මේ නිසාම සමහර විට විවාහ වන වයස පවා පසුවෙනවා.ඉන් පස්සේ විවාහ වෙලා දරුවෙක් ලැබුනම ඒ දරුවගේ සුරක්ෂිතබව,අනාගතය ගැන සැලසුම් කරන්න වෙනවා.ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න වෙනවා.සමහර ආගමික සංවිධාන වලින් හිතනවා වගේ හාල් සලාකයක්,පිටි පැකට් එකකින් විතරක් අද පවුලක් නඩත්තු කරන්න බෑ.යංතමින් කාලා බීලා ඔහේ වැටිලා ඉන්නවට වඩා තව අභියෝග මේ ජීවිතේ තියනවා.

      (අර සින්ඩියේ තිබුනේ ඇඩ් එකක්.ඒ ඇඩ් එක අසභ්‍ය වෙබ් එකක ඇඩ් එකක්.මම හිතන්නේ එහි ඇඩ්මින් ඒ ගැන දැනගෙන ඉඳලා නෑ.දැන් ඒ ඇඩ් එක ඉවත් කරලා වගේ)

      Delete
    2. මම නිරීක්ෂනය කරල තියනව මෙහෙම පවුල්. තාත්ත හදිසියෙ මළොත් එහෙම වැඩිමහල් දරුවට පොඩි කලෙම මුළු පවුලෙම බර කරට ගන්න වෙනව. ඒ පවුල්වල වැඩි දෙනෙක් අසාර්ථකයි. වඩා උචිතයා තේරීමේ තරඟයට මුහුන දෙන විට ඊලඟ පරම්පරාවෙ දරුවන් සමහරෙකුට විවාහ වෙන්න ලැබෙන්නෙත් නෑ ආර්ථික පීඩනය නිසා.
      මම නම් කියන්නෙ උපත් පාලනය එන්න තිබුනෙ හැට ගනන්වල.

      Delete
  2. මටත් ඔහොම චින්තන පහළවුනා ඒ කැම්පස් අවුට් වුණු අළුත, දැන් මගේ හිත කරුප්ට් වෙලා, ඔය වගේ පියෝ චින්තන පහළ වෙන්නේ නෑ.

    ReplyDelete
  3. කාන්තා විමුක්ති ව්‍යාපාර 1960 ගණන් වල ඇතිවීමට පෙර පිරිමියාට තිබූ අසීමිත බලයත් දරුවන් වැඩිවීමට හේතුවක් වෙන්න ඇති නේද? ගැහැණිය සහ පුරුශයා අතර තිබූ බල පරතරය බොහෝවිට මෙම කරුණු ගැන බලපාන්න ඇති නේද? කුඹුරේ හෝ රජුගේ රාජකාරි අවසන් කල ගෙදරට එන පිරිමියාගේ එකම විනෝදාස්වාදය ගැහැණිය සමඟ 'නිදා ගැනීම'. ඔසප් චක්‍ර ආදිය නොසලකා මෙය කිරීමෙන් සීමා රහිතව දරුවන් ඇතිවීමත් එයින් කාන්තාවට සෞඛ්‍ය වශයෙන් වෙන හානිය ගැන නොදැනීමත්, කාන්තාවට එයට විරුද්ධ වීමට තිබෙන්නට ඇති නොහැකියාවත් බලපාන්න ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක තමා වුනේ .ගැහැනිය ළමයි හදන මැෂිමක් වෙලා තිබුනෙ. හැබැයි උපන් උන්ගෙන් බාගෙට බාගයක් මළා.
      සීමාරහිත ලෙස දරුවන් ඇතිවීම වළක්වන්න කාන්තා විමුක්ති ව්‍යාපාරය කළ මෙහෙය ප්‍රශංසනීයයි

      Delete
  4. සම්පුර්න ඇත්ත..
    දරැවෝ හය හත් දෙනා හදලා ඔහේ අතඇරලා දැම්මාම ඒ ළමයි සමාඡයට වෛර කරන පිරිසක් වෙනවා..ළමයෙකුට සුරක්ෂිතබාවයක් ඇතුලුව ඔහුට ලැබිය යුතු සියලු අයිතිවාසිකම් ලැබිමට අයිතියක් තියනවා..

    ReplyDelete
    Replies
    1. මේ මඩගොහොරුවට ආර්ථික නරකාදියට ළමයි ඇදල දාන්න බෑ. උන්ගෙ අනාගතය ගැන සෑහීමකට පත්වෙන්න බැරිනම් ළමයි නොහද ඉන්න තරමට හොඳයි.
      ළමයි අනාරක්ෂිත සමාජයක ගොදුරු වෙන්න ඕන නෑ.
      පවුලෙ මාසික ආදායම අවමය රු ලක්ෂයක්වත් නැත්නම් ළමයෙක් හදන්න අවසර දෙන්න හොඳ නෑ.

      Delete
  5. එවැනි නීතියක් නැති රටක මේක තනිකර හැගීම් හා නොදැනුවත්කම් මත වෙන දේවල්.. අඩුද වැඩිද කියල තීරණය කරන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. මම නම් මේ නිගමනවලට ආවෙ ළමයි හුගක් ඉන්න දුප්පත් පවුල්වල ඒ ළමයි විදින දුක් දැකල කම්පාවෙන්.

      Delete
  6. එකනේ මගෙත් කල්පනාව එක නොනෙක්ට එක ළමයා ගානේ හදන්න

    ReplyDelete
  7. මධ්‍යස්ථ මතධාරියා,

    මම හිතනේ ඔබ නිවැරදියි පවුලේ දරුවන් සිමාකිරිම පිලිබදව, චිනේ දැඩි නීති යොදා බලෙන් සිදුකලා.
    ඔබ කියන ජාන වලින් හොද මිනිසුන් නිර්මාණය මිට පෙර සිදුවී තිබෙනවා https://www.youtube.com/watch?v=o_kD5HpjmDw

    නමුත් හිට්ලර් ගේ https://www.youtube.com/watch?v=3FmEjDaWqA4
    Eugenics වැඩසටහන ඉතා අමානුෂික ලෙස මෙය යොදාගත් අවස්ථාවක්.

    සිදුවිය යුත්තේ දැනුවත් වීමත් රටේ ආර්ථික අවස්ථා සැලැස්වීමට වැඩ සැලසීමත් කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දරුවන්ට සුරක්ෂිත අනාගතයක් හදල දෙන්න බැරි දෙමවුපියන්ට දරුවන් හදන්න ඉඩ දෙන්න හොඳ නැහැ. සීමා කළ යුතුයි. අර පසුගිය කාලෙ වාද විවාද කරපු කොන්ඩ පවුල බලන්න. හොරකම් කිරීම ආදායම් මාර්ගය කරගත් විකෘති කාමුකයෙක් වුන මිනිහ හදපු ළමයින්ගෙන් ඇති වැඩේ මොකක්ද
      මේ වගෙ කමකට නැති මිනිසුන්ට ජනිතයන් බිහිකරන්න දෙන්න හොඳ නෑ.
      චීනයෙ සොබාවයෙන්ම තියන මර්ධනකාරී පාලන ක්‍රමය නිසා මේ වැඩෙත් පහසුවුනා.
      හිට්ලර්ගෙ පර්යේශන මා අසා තිබෙනවා. ඒව ම්ලේච්ඡ වගේම ඔහුට තිබුනෙ වෙනම අරමුණක්.
      සිංගප්පූරුවෙ මීට වඩා වෙනස් ශිෂ්ට උපක්‍රම භාවිතා කරනව කියල මා අසා තිබෙනවා. උගත් තරුන තරුනියන් මුනගැස්වීම වගෙ.

      Delete
    2. ඇයි චීනෙ.කොල්ල වැඩකරන්නෙ ලංකාවෙ.කෙල්ල චීනෙ.දෙන්නව මැච් කරන්නෙ රජයෙන්.ඉන්ටර්නෙට් එකෙන් කතා බහ කරන්න පොඩි කාලයක් දෙනවා.කැමතියි නම් රජයේ නිලධාරියෙක් ගිහින් කසාද බඳිනවා රජය වෙනුවෙන්.කොල්ල ආපහු උගෙ රටට ගියාම කෙල්ලව බාර දෙනවා.සිම්පල් ප්ලෑන්.. ආතල් අප්පා.. අන්න රජයන්.

      Delete
  8. ලමයි පිලිසිඳ ගැනීම, වැදීම, හැදීම ඔක්කොම දෙමව්පියන් කරන්න ඕනෙ.

    පිට උන්ගේ අසහාය අප්‍රතිහත දේසහිතයිසී වගකීම තමයි "තාම බඳල නැද්ද, බැඳල අවුරුදු කීයද තාම ලමයෙක් නැද්ද, අර ඩොක්ටර්ට මේ දේවාලෙට යන්න, මේ බබාට නංගියෙක් මල්ලියෙක් ගේන්නෙ කවද්ද, අපේ පවුලේ 14දෙනෙක් හිටියා ඒත් අපේ දෙමව්පියන්ට බරක් තිබුනේ නෑ, වයසට ගියාම බලාගන්න කවුරුවත් ඕනෙ, දැන් ජාතිය වඳවෙනවා, මුස්ලිම් උන් ගොඩක් හදනවා ,උන් රට අල්ලගන්නවා, ඔය ගොල්ලොත් 4ක්වත් හදන්න " වගේ ඉතා සන්වේදී ආචාරශීලී ප්‍රස්න අසා අගනා අවවාද දීම

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අනුන්ගෙ පුද්ගලිකත්වය ගැන අපේ සමාජයෙ අයට කිසිම ගනනක් නැහැ. පුද්ගලික ප්‍රශ්න අහන්න හොඳ නැහැ අප දන්නෙ නෑ අහන කෙනා ඒකෙන් අපහසුතාවයට පත්වෙනවද කියන එක.
      තවම ළමයි නැද්ද
      මේ බබාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්නෙ කවද්ද වගෙ ප්‍රශ්න මහ ලැජ්ජ නැති ඒව.
      වදභාවයට පත් අය එහෙම මේ වගෙ ප්‍රශ්න වලින් අපහසුතාවයට පත්වෙනවා. අපි දන්නෙ නෑනෙ එක එක්කෙනාගෙ ප්‍රශ්න.
      ඇමරිකාව වගෙ රටවල අනුන්ගෙ පුද්ගලිකත්වයට ගරු කරන්න පොඩිකාලෙ ඉදලම උගන්වනවලු. මෙහෙ අනුන්ගෙ මගුල්මයි හොයන්නෙ. ඒව හොයන්නෙත් රිදවන්න මොකක් හරි පොටක් පාද ගන්න.

      Delete
  9. සම්පූර්ණයෙන්ම වගේ එකග වෙන්න පුළුවන් කතාවක්. ඉස්සර ළමයි 7-8 හැදුවා බරක් තිබුනේ නෑ කියන අයගෙන් අහන්න තියෙන්නේ ඒ කාලේයි මේ කාලෙයි අවශ්‍යතා වල වෙනස දන්නවද කියල?
    ඒ කාලේ ළමයෙක් ඉස්කෝලෙ දැම්මොත් ආයෙත් ගන්නේ පාසල සංවර්දන ගාස්තු විතරයි, ඒක මට මතක විදිහට අනූ ගනන් වලත් රුපියල් අසුවක් විතර. දැන් පාසල් වලින් එකතු කරන සල්ලි කන්දරාව දැක්කහම දරුවන් දෙන්නෙකුට වඩා හදනවනම් ලක්ෂ ගානක තැන්පතු තියෙන්න ඕනේ ඉස්කොලෙ ගිහිල්ල ඉවර වෙනකම් වියදම් කරන්න.

    අනිත් එක රැකියා ප්‍රශ්ණය, ලිපියේ කිව්ව වගේ, ළමයා ටිකක් ලොකුවුනා, වත්තේ වැඩට දැම්මා වගේ දේවල් දැන් කරන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. දැන් පුදුම විදියට හැම ඉස්කෝලෙකින්ම වගෙ සූරගෙන කනව. ටියුෂන් වසංගතෙත් හොදටම ඔඩු දුවල. එක ළමයෙකුට උගන්වනව කියන එකත් සාමාන්‍ය දෙමවුපියෙකුට මාර අමාරුවක්.

      Delete
  10. ඇතැම් ආගමික නායකයන් කියන ලෙසින් දරුවන් හැදුවොත් සිදුවන්නෙ හිඟන්නන් බෝවීමය. පාරට බසින විට කීයක් හරි ඉල්ලාගෙන වටකරගන්නා මන්ද පෝෂිත සිගන බාල පරම්පරාවක් මිස වෙන යමක් අපට නොළැබේ. +++++++++++

    ReplyDelete
    Replies
    1. ඔය ආගමික නායකයො කියන එවුන්නම් රඟපෑමක් කරන්නෙ. මහ පල් හොරු රැලක්.

      Delete
  11. කරන්න අමාරුයි.අභියෝගයක් තමයි.ඒත් ගස්ලබ්බ කැමති හැම පවුලකම ළමයි 3ක් 4ක් වත් ඉන්න පවුල් වැඩි වෙනවනම්... සමාජීය ගැටලු රාශියක් ඉන් මැකී යාවි.නමුත් මෙය දරාගත හැකි මට්ටමට "රට දියුණු විය යුතුයි."දියුණු 'කළ' යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් අනාගතයෙදි විශාල පිපිරීමක් ඇතිවෙන එක වළක්වන්න බෑ.තාක්ෂනය දියුනු වීමට සමගාමීව මිනිස් ශ්‍රමයෙ අවශ්‍යතාවය අඩුවෙනව.
      එක පවුලකට තුන් හතර දෙනෙක් ඉන්න එක ලස්සනයි තමා. නමුත් ඔවුන්ගෙ අනාගතය තමා අවුල. හොඳ ආර්ථිකයක් තියනවානම් අවුලක් නෑ. එහෙම ශක්තියක් තියෙන්නෙ කීයෙන් කීයකටද

      Delete
  12. ළමයිනං කොච්චර හිටියත් වැඩි වෙන්නේ නැ බං , ඒ උනාට මොකද නිකං දුක් දෙන්නේ , ඒ හන්දා අපිනං පාලනේ කොරනවා , පුලුවං උනොත් තව කෙල්ලෙක් හදනව

    ReplyDelete