Saturday, November 21, 2015

ඉරිද පත්තර කැප්පෙටිපොලලා සහ ව්‍යවස්ථාදායකය

ලංකාදීප හා රිවිර අපේ ගෙදර ගන්නා පත්තර දෙකයි. මටනම් මේ පත්තර බලන්නට විනාඩි පහක්වත් යන්නෙ නැත. කියවන්නට කිසිමදෙයක් නැති බැවිනි. රිවිර වෙනම බොරු අතිරේකයක් ( ජ්‍යොතිෂ ,වාස්තු වැනි මිත්‍යා )පළ කිරීම අපට පහසුවකි. එවිට එය පෙරලන්නෙවත් නැතිව සිටිය හැකි බවිනි.පත්තර පෙරලන විට මට සිතුන දෙයක් නම් ජවිපෙ දෙවරක් කැරළි ගැසුවෙ නැත්නම් ලංකාවෙ පත්තරවලට යන කලදසාව ගැනය. 88/89 මිනීමැරුම් හෝද හෝදා මඩේ දමයි.කලින් හොල්මන් කතාවලට වෙන් කළ පත්තර පිටු දැන් ජේවීපී කැරළිකරුවන්ගෙ අත්දැකීම්වලට පිටු විශාල ප්‍රමානයක් වෙන් කරයි

මෙම සිදුවීම් අප අමතක කළ යුතු නැත. අප ඒවා හැඳෑරිය යුත්තේ යළි එවැනි සිදුවීම් සිදුවීම වළක්වාගැනීමටය. ඒවා රස විඳීමට නොවේ.එහෙත් එම අධ්‍යන අරමුන ඉටුවෙනවාද කියා සැකය. ධර්මන් වික්‍රමරත්න මහතා ඉතා ශාස්ත්‍රීය ලෙස පළකළ ලිපි දැන් හුදකලා ත්‍රස්තවාදීන් උත්කර්ශයට නැංවීම දක්වා පසුබැස තිබේ. අප එම යුගය හැඳෑරිය යුත්තේ නොමේරූ තරුණයන් කපටි වරත්තු දේශපාලන සංවිධානායකට යළි රැවටීම වළැක්වාගැනීමටය. හමුදාව ඉදිරියට පාසල් සිසුන් යවා මිනී වෙන්දේසි කරන වරත්ත ම්ලේච්ඡයන් ගැන දෙමාපියන් දැනුවත් කිරීමටය.

මේ පක්ෂවලට බැඳෙන අයගේ මානසික සමාජ ප්‍රශ්න ගැන අවධානය යොමුකිරීම නම් ප්‍රයෝජනවත්ය. මන්ද එවැනි අය කලින් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු කළ හැකි බැවිනි. ජවිපෙ  වැනි පක්ෂ සාමාජිකයන්ගෙ කාලය ,ධනය, ශ්‍රමය හා පරපරාවෙන් උරුම දේපොලද සූරා කයි. ඒවා ආප්සු ඉල්ලුවොත් මේ සහෝදරය ඉඩම් ගැන අහනව පක්ශය වෙනුවෙන් කී දෙනෙක් ජීවිත පූජා කරල තියනවද කියා අසයි. ආදරනීය කේඩරය යනු  රැකියාවක් කිරීමට තිබෙන යව්වන කාලය නිරපරාදෙ නාස්තිකර ගත් අවාසනාවන්තයන් ය. නායකයන්ට සැප ය.


මෙම කාරනා ගැන අප සංවාද කරමු.මෙම සංවාදවලට ඔවුන්ගේ පාර්ශ්වය බොහෝ විට සම්බන්ධවන්නෙ ඇණෝ ලෙසිනි.අපගේ සංවාදවලට එක්වූ ඇනෝ කෙනෙක් විජේවීර යනුකැප්පෙටිපොල හා පුරන් අප්පු වැන්නෙක් බව කියා සිටියේය. ජවිපෙ බිහින්වුනානම් ලංකාව සෝමාලියාවක්ලු. ලංකාවටත් වඩා අඩු සමාජ ආර්ථික තත්වයන් ඇති දකුණු ආසියාවේ කිසිම රටම මෙවැනි විනාශයන් සිදුනොවුන නිසා ලංකාව සෝමාලියාවක් වෙනවානම් ඒ ජවිපෙ වැනි පක්ශ නිසා බව පෙනේ.

මේ කතාව කැප්පෙටිපොලලා ගැනය. කතා දෙකක් වුනත් එකකට එකක් සම්බන්ධය. ජනතා කැරලිවලට උදාහරන ලෙස ගන්නේ මේ පුද්ගලයන්ගෙ ක්‍රියාකාරකම් බැවිනි. විජේවීර පමනක් නොව මේ අයද ජනතා නායකයන් ලෙස මට නම් නොපෙනේ.

මා කියන්නට හදන්නෙ කැප්පෙටිපොල කතාවය. මම මෑතක්වනතුරුම මීට වඩා වෙනස් මතයක් දැරුවෙමි. එනම් සුද්දා දුෂ්ටයා බවත් කැප්පෙටිපොලලා වීරයන් බවත්ය. එහෙත් එදා කැප්පෙටිපොලලා දිනුවානම් අපට අදත් ඉන්න වෙන්නෙ වැඩවසම් අන්ධකාරයකය. 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරන වත් නැත. මාර්ග පද්ධතියක් නැත.පුරන් අප්පුලා ගැනත් කියන්නට ඇත්තේ එයයි.

.අපට රජෙක් සිටී කිරිබත් කඤ්ඤං පෙරහැර කරඤ්ඤං කියා ඔහෙ ලැග්ග තැනක ලැග සිටිමු.කැප්පෙටිපොලලා දිනුවානම් වෙන සන්තෑසිය මෙයයි රජ යුගයේ සිටියේ රජා සහ උගෙ වහල්ලුය. බල්ලන් සේ හතරපයින් ගිය ලාංකිකයා දෙපයින් යන්නට පටන් ගත්තේ සුද්දාට පින් සිදුවන්නටය. සර්වජන ඡන්ද බලයට එරෙහිව බන්ඩල සේනල කියූ කතා ඇසෙන විට වැඩවසම් අන්දකාරේ ජීවමාන නියෝජිතයා ලෙස රාජප්පුවෙක් හිටියනම් ජනතාවට යන කලදසාව ගැන කියන්න ඕන නැත.

රාජප්පුලා ගැන ජීවමාන විස්තර ලැබෙන්නෙවිදේශිකයන්ගේ ආගමනයෙන් පසුවය. ඉන් පෙර හාමුදුරුවරු රාජප්පුලා ගේ දානමාන ගැන වර්නනා වලින් අපේ කන් පුරවා තිබිනි. එහෙත් විමසුම් ඇසින් බැලූවෙකුට ඒ රාජප්පුලාද මොන තරම් කෲරතරයන්ද කියා පෙනෙයි. අප රාජප්පුලාට විරුද්ධ විධායක, ව්යාව්ස්ථාදායක හා අධිකරන බල උන් වෙත ඌනනය වූ නිසාය. ඊට අමතරව මහජනයා ස්වාමීනි දෙයියෝ බුදුවන්ඩ දෙයියන්නාන්සෙ කියමින් වැදවැටෙන විට රාජප්පුලාගේ මානෝභාවයන් ඊට සමගාමීව සකස් වේ. විදේශිකයෙක් ඇදි අපූරු චිතරටක් ඇත. එහි දෙවන රාජසිංහ නමැත්තා සිය රාජසභාව පවත්වන ආකාරය දක්වා ඇත. රාජ පුරුශයෝ මුකවාඩම් බැද සිටිති. ඒ ඔවුන්ගේ ප්‍රශ්වාස වාතය රාජසිංහ නමැත්තාගෙ සිරුරෙ වැදීම වළක්වන්නය. රාජසිංහ නමැත්තා දියේ ගිලෙන විට බේරාගත් තරුණයන් දෙදෙනෙකුට මරන දඩුවම දුන්නෙ රාජ ශරීරයට අත තැබීම යටතේ  අධි චෝදනා ගොනු කිරීමෙනි. රාජප්පුලාද කිවිසුම් නොයන , ඈනුම් නොයන , සුපිරි මනුෂ්‍ය කොට්ටාසයකි.

අපගේ ප්‍රයත්නයන් ,සිතිවිලි සකස් විය යුත්තේ රාජප්පුවෙක් බිහිවීම වැළැක්වීමටය. මෙම රාජප්පුවා සමාජවාදය ලංකාවෙ සුවිශේෂ තත්වයන්ට ගැලපූ ආදරනීය සහෝදරයෙක් විය හැක (උතුරු කොරියාවෙ කිම් ජොන් උන් මෙන් ) රාජප්පුවා යනු විධායකයයි . ව්‍යවස්ථාදායකයයි අධිකරනයයි. මේ තුන එකෙක් ලග තිබීම භයානකය.විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරනය එක් ආයතනයකින් මෙහෙයවීමද භයානකය. සමාජවාදී රටවල මෙම තුනම පක්ෂයෙන් මෙහෙයවේ. රටේ සියළු කටයුතු පක්ෂයෙන් මෙහෙයවෙයි.මානව අයිතීන් හා ගරුත්වයක් නැත.

රජෙක් නොමැති පාලන ක්‍රම අත්හදා බැලූ අවස්ථා ඇත. ලිච්ඡවීන් හා මල්ලයන්ගේ ගැන තන්ත්‍රක්‍රමය රෝමයෙ හා ග්‍රීසියේ සමූහාන්ඩු පාලන ක්‍රමයත් සාර්ථක අත්හදා බැලීම් ලෙස දැක්විය හැක.


රෝමයේ මෙම පාලන ක්‍රමය අත්ශයින්ම සාර්ථක විය. එය වෙනමම කතා කළ යුත්තකි.


කැප්පෙටිපොලලා ගෙන් පසු වර්තමාන ව්‍යවස්ථාදායකය ගැන කතාවට එමු.මේකත් කලින් කතාවට සම්බන්ධය. කැප්පෙටිපොලලා විජේවීරල අපේ හිටපු රාජප්පුලා එරෙහි වුනේ ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍යයටය.


මා කලින් දැරූ සමහර අදහස් කලින් කලට වෙනස් වූ අවස්ථා ඇත. කලින් මට වීරයෙක් වූ කැප්පෙටිපොලලා ගැන මගෙ මතය වෙනස් වූ එක එක් නිදසුනකි. එහෙත් කිසිදා වෙනස් නොවූ එක් මතයක් නම් මේ විධායක , ව්‍යවස්ථාදායක , අදිකරන වල බල බෙදීම ගැන මගෙ ස්ථාවරයයි. එය මෙසේය.

රටක ජනතාවගේ පරමාධිපත්ය මූර්තිමත් විය යුත්තේ ව්‍යවස්ථාදායකයෙනි. විධායකය සහ අධිකරනය ඊට පහලින් තිබිය යුතුය. ව්‍යවස්ථාදායකයෙ සිටින්නෙ අප විසින් පත් කරන අපගේ නියෝජිතයන්ය. ඔවුන් සමග අපට කතා අභ කළ හැක . ඔවුහු අප මෙන්ම ඈනුම් යන දාඩිය දාන හචිස් යවන උගුර පාදන මනුෂ්‍යයන්ය. ඔවුන්ගේ වැරදි විවේචනය කළ හැක. 72 ජාතික රාජ්‍යැ සභාව තරමක් දුරටව්‍යවස්ථාදායකයේ සර්වශ්‍රේෂ්ටත්වයට ලංවී තිබිණි.

සමහරු අධිකරනයේ ස්වාධීනත්වය ගැන කතා කරති. විධායක හා පරිපාලන ක්‍රියා වලින් අසාධාරනයක් සිදුවන විට අධිකරනයට යා හැකිදැනට ඇති ක්‍රමය නරකයි කියනවා නොවේ. නමුත් ඊට වඩා සුදුසු පාර්ලිමේන්තුවයි.. එහෙත් රටක ප්‍රධානම ආයතනය පාර්ලිමේන්තුව විය යුතුය. එහිදී විධායක ,පරිපාලන හා අධිකරන වලින් ජනතාවට සිදුවන අසාධාරනයන් ට යුක්තිය ඉටු කළ යුතුය. අධිකරන තීන්දු පාර්ලිමේන්තුවේ විවේචනය කළ හැකි විය යුතුය.
විධායක , පරිපාලන හා අධිකරන ක්‍රියාවලින් ජනතාවට සිදුවන හිරිහැර  විභාග කිරීම පාර්ලිමේන්තුවට පැවරිය යුතුය. ජනතාවගේ ඉහළම අභියාචන මණඩලය විය යුත්තේ පාර්ලිමේන්තුවට වග කියන ආයතනයකි.

මට මතක් වෙනව ඉන්දියන් නවකතාවක දෙබසක්.

පාන් ගෙඩියක් හොරාගෙන උසාවිදාපු මිනිහ කියනව හොරකම් කලේ බඩගින්නට ,ජීවත්වෙන්න ස්වාමීනි කියල. නඩුකාරය අහනව ඇයි ජීවත් වෙන්නෙ කියල ? නඩුකාරය ඒ ඇහුවෙ අවංකවම. ඔහුට ජනතාව ගැන තිබෙන හැඟීම තමයි ඒ.


ව්‍යස්ථාදායකය දිනේවා ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍ය දිනේවා. දිනපතා කාටූන් මගින් සරදමට ලක්වන ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් වෙනුවට වෙන අය විවේචනය කළානම් දෙවියන්ගෙ පිහිටය. අපේ ව්‍යවස්ථාදායකය විවේචනය කරන්න අපට හැක. අප ඔවුන් පත් කරමු. ඔවුහු අපේ සරදමට ලක් වෙති. යළිත් ඡන්දයකට යන්න වෙන බව දත් ඔවුහු අපේ සරදම් සිනහවෙන් බාර ගනිති. ඔවුහු යකඩ තිරයකින් වසුන බිහිසුනු නිළධාරී පැලැන්තියක් නොවේ.

41 comments:

  1. බොහොම දේවල් වෙනස්ම කෝණයකින් බැලීම නිසා ඔබේ ලිපි හැම විටම මා සිත් ගත්තා. මේ ලිපිය නිසා පරස්පර කල්පනාවන් රාශියක් ඇතිවෙනවා. මේ වෙලාවේ වෙනත් හදිසි කටයුත්තකට යාමට සිදු ඇති නිසි මා තුළින් මතුවන අදහස පසුව දක්වන්නට සිතා ගනිමි

    ReplyDelete
    Replies
    1. ඔබගේ වෙනස් අදහස් පසුව හෝ දක්වන්න. අදහස් ගැටුනම තමා හොඳ අදහස් මතුවෙන්නෙ.

      Delete
  2. Legislature Supremacy?? :) හි..හි..

    ඇත්ත.. අර පාන් ගෙඩියේ සීන් එක වගේ ඕනෙම ක්‍රියාවක හරි වැරැද්ද නීතිමය රාමුවක් තුල බලනවට වඩා වඩා ජනතා වාදී කෝණයකින් බලන්න ව්‍යවස්ථාදායකයට හැකියාව තියෙනවා.. උන් එහෙම නොබලන එක වෙනම දෙයක්.. ව්‍යවස්ථාදායකය ශක්තිමත් විය යුතුයි කියන මතයේ තමයි මාත් ඉන්නේ..
    ඊයෙ පෙරේදා දවසක අහපු කතාවක්.. කැප්පැටිපොල ගේ හිස් කබලේ අස්ථියක් අඩු නිසාලු මිනිහා හෙන 'පොරක්' වගේ හිටියේ.. සුද්දෝ හොයාගෙන තියෙන්නේ හිස් කබල එංගලන්තෙට ගෙනියපු වෙලාවේ.. :)

    ReplyDelete
    Replies
    1. කැප්පෙටිපොළගේ හිස් කබල සම්බන්දව ඔබ කියන කථාව පිළිගන්න අපහසුයි.හැකිනම් ඒ පිළිබඳව විස්තරයක් ලබා දෙන්න.මා දන්නා තරමින් 18 වන සියවසේ සිටි විද්වතුන් මිනිස් හිස්කබලේ හැඩය, ප්‍රමාණය වැනි දේවල් මිනිසුන්ගේ ජාතිය,සමේ වර්ණය සමඟ සසඳමින් හැදෑරීම් කළා.මා සිතන්නේ කැප්පෙටිපොල ගේ හිස් කබල සම්බන්දව උනන්දු වෙන්න ඇත්තේ ඉහත කාරණය නිසා වියයුතුය.

      Delete
    2. 1816 දී මුලින්ම උඩරැටියන් දකින දොස්තර ජෝන් ඩේවි ඔවුන්ගේ හිස්කබල් වඩාත් දිගැටි හැඩයක් ගන්න බවත්.මුහුණු වල හැඩය බොහෝ සෙයින් යුරෝපියන්ට සමාන බවත් ප්‍රකාශ කරනවා.මේ කුතුහලයද කැප්පෙටිපොල කෙරෙහි බලපාන්නට ඇත.මන්දයත් එවක බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රධාන ශල්‍ය වයිද්‍යවරයා වුවේ ජෝන් ඩේවි හෙයිනි.

      Delete
    3. ජෝන් ඩේවි උඩරැටියන් කිය හඳුන්වා තියෙන්නේ සාමාණ්‍ය වැසියන් නොවෙයිනේ, රදළයන්ව - ඇත්ත ඔවුන්ට ඇත්තේ විදේශික ජාන, විදේශයන්ගෙන් ගෙන්වා ගත් කුමාරිකාවුන්ගෙන් ආ ජාන, ඔය සබරගමුව පැත්තේ ඉන්න රදලයන් අතර අදටත් ඉන්නවනේ කොළ ඇස් ඇති අය හේම.

      අස්ථියක් අඩුයි කීවේ, හිස් මුදුනෙන් ඉහලට ආ යමක් අයින් කරල තිබිලද? (විහිළුවටමයි කීවේ).

      Delete
    4. මම ඔය ගැන බොහෝ දෙනෙක් එක්ක සංවාද කරල තියනවා. සමහරු මතුපිටින් බලල පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ගැන මතක් කරල ව්‍යවස්ථාදායකයට එරෙහි මතවලත් ඉන්නව.
      නමුත් ව්‍යවස්ථාදායකයට සක්‍රිය බුද්ධිමත් අය පත් කරල යවන එක ජනතාවගෙ වගකීම. ජනතාව කසිප්පුකාරයො කුඩුකාරයො මැරයො පාර්ලිමේතුවට යවල පාර්ලිමේන්තුවට බැනල වැඩක් නෑ.
      දැන් බලන්න අයවැය විවාදෙ .බහුතරයක් බුදි.
      පක්ෂ දේශපාලනය නිසාත් ලංකාව වගෙ රටක ව්‍යවස්ථාදායකයට හානියක් වෙනව. ලංකාවෙ ඉන්න්නෙ දේශපාලන ප්‍රවේනිදාසයොනෙ. බත් පැකට් එකට අරක්කු බෝතලේට ඡන්දෙ දෙන අයත් ඉන්නවනෙ. ඉතින් වාචාලයො තමා පෙරට එන්නෙ. ජනතාව තේරුම් ගන්න ඕන ව්‍යවස්ථාදායකයෙ වටිනාකම.
      තේරුම් අරන් සුදුසුම අය යවන්න ඕන. පිස්සො ,නළුවො ,ගණිකාවො නෙමෙයි බුද්ධිමත් සංවාදශීලී අය.

      Delete
    5. කැප්පෙටිපොල ගැන මට පැහදීමක් නෑ. ඔහු ඍජුවම පෙනී සිටියෙ ප්‍රජාපීඩනය වෙනුවෙන්. සුද්ද ඊට වඩා ප්‍රගතිශීලියි. ඒ වගේම ඔහු දක්ෂ සොල්දාදුවෙකුත් නෙමෙයි. ආයුධ ආපහු දීමෙන් සහ විල්බාවෙට එරෙහි වීමෙන් එය පේනව. සතුරා එක්ක තීරනාත්මක යුද්ධයක් කරන කොටත් මුන් රාජ ලේ හොයනව. මේ වගෙ මිත්‍යා දෘෂ්ටි තියන ප්‍රජාවක් ගලවාගැනීම ගැන සුද්දට ස්තූතිවන්ත වෙන්න ඕන.

      ඔය හිස්කබල් ගැන කියනවනම් ඔය කාලෙ සුද්ද ඔය ගැන පර්යේශන කළා. ඇබොරිජින්වරුන්ට මේ පර්යේශනවලදි දරුණු වධ හිංසා වලට මුහුණ දෙන්නත් වුනා.

      කැප්පෙටිපොලගෙ කොකේසියන් ලක්ෂන තිබෙන්න ඇති. හිස්කබල විශාල බව කියා තිබෙනවා. රදළයන් ගැන කියනවනම් ඔවුන්ගෙ වාසගම් වල මුල් කොටස් දෙස බලන විට විදේශීය සම්භවය කියවෙනවා. සාමාන්‍ය ජනයාට වඩා රදලයන්ට කොකේසියන් ජාන තියනවා. එහෙම වෙලා තියෙන්නෙ බ්‍රාහ්මනයන් මගින්. බ්‍රාහ්මනයන් යනු උතුරු ඉන්දියානුවන්. සාමාන්‍යැයෙන් රදලයන් වෙන්න ඕන ක්ශත්‍රියයන්. නමුත් ලංකාවෙ එහෙම නොවෙයි.ලංකාවෙ රදලයන් යනු කපු වැඩ සදහා ආ පිරිසක් මිස දිගු ඉතිහාසයක් තියන අය නොවෙයි. ඔවුන්ගෙ මුල් සීතාවක යුගය දක්වා මිස ඊට එහා යන්නෙ නෑ.

      මානව රූපාකෘති විද්යාව මගෙත් සිත් ගත් විශයක්. රදලයන්ගෙ කොකේසියන් ලක්ෂන මාත් නිරීක්ෂනය කර තිබෙනවා. දිගටි හිස් උඩරැටියන් අතර බහුලයි. එහෙත් එය රීතියක් ලෙසම ගන්න බැහැ.

      නැහැ ඇණයා . ඩේවිල හොඳට නිරීක්ෂන කළා. රදලයන්ට කොකේසියන් ජාන ලැබුනෙ කුමාරිකාවන්ගෙන් විතරක් නොවෙයි. කෙළින්ම විදේශිකයන් රදලයන් වුනා. අරිට්ට කීවෙන්ඩු රදලයෙක් වුන හැටි බලන්න. ඔහු සමග ආ අය තමා පසුකලෙක ප්‍රභූන් වුනේ.උඩරට රදලයන්ගෙ නම්වල මුල බ්‍රාහ්මන කෑල්ල තියනවා.

      Delete
  3. තාර්කිකව හරි වගේ වුණත්
    //රටක ප්‍රධානම ආයතනය පාර්ලිමේන්තුව විය යුතුය. එහිදී විධායක ,පරිපාලන හා අධිකරන වලින් ජනතාවට සිදුවන අසාධාරනයන් ට යුක්තිය ඉටු කළ යුතුය. //
    කියමන ලංකාව වගේ හරක් ගාලක් වුණ පාර්ලිමේන්තුවට ගැලැප්පුවොත්........

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථාදායකය පුළුල් ආයතනයක් වෙන්න ඕන. පාරක් බෝක්කුවක් හදාගන්න ගමේ ඉන්න වාචාලය ප්‍රාදේශීය සභාවට යවන සම්ප්‍රදායනෙ මුල ඉදලම තියෙන්නෙ. හොඳ දේශපාලනඥයො කියන්නෙ අගක් මුලක් නැතිව නන්දොඩවන එවුන්ටනෙ.
      මේ ගැන මා වරෙක රැඩිකල් මතයක් ඉදිරිපත්කළා . ඒ ගැන කවුරුත් පෝස්ට් එකට අදාලව අදහස් දැක්වූයේ නම් නැහැ.

      ව්‍යවස්ථාදායකය කියන්නෙ උගතුන් බුද්ධිමතුන්ගෙ සම්මේලනයක් වෙන්න ඕන. ලංකාවෙ නම් ජනතාවගෙ හැටියටනෙ නියෝජිතයො. යකාගෙ හැටියට විමානෙ කියනවනෙ. ඒකයි හරක් ගාලක් වෙලා තියෙන්නෙ.

      Delete
  4. කවදත් වගේ යකාගේ හොඳ ලිපියක්. හැබැයි ලංකාව වගේ කසිප්පු කාලට අරක්කු බෝතලේට බත් පැකට් එකට චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක, අපි පරම්පරාවෙන් යූ එන් පී කියල ඡන්දෙ දෙන රටක ප්‍රායෝගිකව ඕක කොයිතරම් සාර්ථකවෙයිද?

    ප්‍රජාතන්ත්‍ර වාදය ගැන මගේ කියැවීම
    යම්කිසි සමාජයක බහුතරය මී හරකුන් නම්, මී හරකුන් රැලක් ම පාලනයට පත් වීම බැහැර කල හැකිද?
    මී හරකුන් නොවන පිරිසට වවුලාගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටු කීවාසේ ඉන්නට සිදු නොවන්නේද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. සමහර ඡන්දදායකයො ඡන්දය පාවිච්චි කරන්නවත් සුදුසු අය නොවෙයි. බත් පැකට එකට ,අරක්කු කාලට ඡන්දය දෙනව කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ ඒ වීර පුරුශයන්ට කරන නිගාවක්. රාජප්පුල ට ජනතාව ගැන දුක හිතිල ඡන්ද බලය දුන්න නෙමෙයි. ඒක දීර්ඝ කාලයක් තිස්සෙ කරපු සටන් වැලක ප්‍රතිඵලයක්

      ප්‍රවේණිදාස ඡන්දදායකයා තරම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගද ගස්සන වෙන කෙනෙක් නැහැ. 1935 ට පෙර ලංකාවෙ පක්ෂ කියල දෙයක් තිබුනෙ නැහැ. ඒ කියන්නෙ උපරිම පරම්පරා හතරයි. නමුත් සමහරුන්ගෙ ලේ වලට මේව කා වැදිල තියන හැටි පුදුමයි.

      ඔවු බහුතරය මීහරකුන් නිසා අනෙක් අයට ඉන්න වෙන්නෙ වවුලගෙ මගුල් ගෙදර ගියා වගෙ තමයි.

      ජනතාවගෙ හැටියටනෙ පාලකයො

      Delete
  5. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරනය එක් ආයතනයකින් මෙහෙයවීමද භයානකය.
    +++++++++++++

    ReplyDelete
    Replies
    1. අපේ සියළු ප්‍රයත්නයන් ඊට එරෙහිව විය යුතුයි. රජෙක් ,වමේ බලයක්, හමුදා ආණ්ඩුවක් , කිසියම් ආයතනයක් ආදී ලෙස විවිධ ස්වරූපවලින් එන්න පුළුවන්. මොනම මිලක් යටතේවත් ඒ භයානකකමටනම් ඉඩ දෙන්න නරකයි.
      කොතරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක වුනත් මේ බිහිසුණු යක්ෂයා අවදි වෙන්න පුලුවන්. විමසිමත්කම හා දැනුවත් බව ඉතා වටින්නෙ ඒ නිසයි.

      Delete
  6. පත්තර වල විස්තර ගැන කිව්වොත් මෙතන වෙනමම විස්තරයක් ලියන්න වෙනව. ඇයි මතේ අර වෙනමම අතිරේක තියෙන්නෙ අතින් දාල කෑම අනං මනං නරක විදියට හෝටල් වල හදන හැටි, තව එක එක ජාවාරම් වලින් මිනිස්සු රවට්ටන හැටි ගැන. ටිකක් ඒවා කියෝගෙන යනකොට තේරෙනවා මූ ලියල තියෙන්නෙ බොරු, කියල.
    සුද්දගෙ ආණ්ඩුව මේ වෙනකල් තිබ්බ නං අපි ගොඩ කියන මතයෙ මම නං ඉන්නෙ. කොච්චර කිව්වත් එහෙනං අපි තවත් ගොඩක් දියුණුයි. සුද්දව පන්නලා ඉංගිරිසි අපේ භාෂා වලින් අයින් කරපු කරුමේ තවමත් අපි ගෙවනව. ජේවී පී වේස හැත්ත ඔය කැරලි දෙක ගැහුවෙ නැත්තං අපි තවත් ඉස්සරහින් ඉන්නෙ අද වෙනකොට.

    ReplyDelete
    Replies
    1. මම ඔය කියපු පත්තර දෙක තමා යම් අලෙවියක් තියෙන්නෙ. කිසිම ඉරිද පත්තරයක් සල්ලි දීල අරන් කියවන්න වටින්නෙ නෑ. බත් ඔතන්න මිස කියවන්න නම් වැඩක් නෑ. ඊට වඩා බ්ලොග් හොඳයි. කොහොමටත් රුපියක්ල් 60 කට වටින්නෙ නෑ ඉරිද පත්තර එකක්වත්.

      සක්විතිලගෙ ඉදන් මන්තර ගුරුකම් ,ඉසිවරු ගැන පට්ටපල් බොරු හොර ජාවාරම් දක්වා මිනිස්සු අන්දන එක පත්තරවලින් කෙරෙන තව සේවයක්. මිනිස්සු පත්තර බලල පෝලිම් ගැහිල හොරුන්ට සල්ලි පුදන්න යන්නෙ.

      සුද්ද ගැන ඔබේ කතාවට මම 100% ක්ම එකඟයි. ඇත්තටම සුද්ද තමා අපේ ආර්ථිකයේ ,දේශපාලනයේ, සමාජ සංවර්ධනයෙ හැම එකකම පෙරගමන්කරු. දුම් රිය පද්ධතිය හදල අපනයන කෘෂිකර්මයට රට හුරුකරල ,වැඩවසම් ක්‍රමය වෙනුවට නවීන අධ්‍යාපනය ලබාදීල , සෞඛ්‍ය සේවයක් ,ජාත්‍යාන්තර සබදතා ලබා දීල සුද්ද කෙරුවෙ උදේ හවස මල් පූජ කරන්න වටින සේවයක්. සේරටම වඩා රාජාන්ඩුව ඉවත් කිරීම ගැන මට සතුටුයි. නැත්නම් එක පවුලකට ජාතික ආදායමෙන් යම් කොටසක් වෙන් කරල උන්ට විශේෂත්වයක් දෙන්න වෙනව. උන් කේක් ගෙඩි වගෙ වැජබෙයි.

      බන්ඩල සිංහල රාජ්‍ය බාෂාව කලේ ආයෙ වැඩවසම් ක්‍රමයට රට ගෙනියන්න. බන්ඩලගෙ ළමයින්ට ඒ අධ්‍යාපනය දුන්නෙ නෑනෙ. ඔය ජෙවීපී වේස හැත්ත ගැන මටත් ලොකු කේන්තියක් තියනව. උන් ට ඕන වුනේ රට හිගන්නන්ගෙ තිප්පොලක් කරන්න . ඊට පස්සෙ අල බතල කකා විජේවීර දිනේවා ඇමරිකාව භංග වේව කිය කිය ඉන්නව. ඔවුන් රටම පිස්සු වට්ටල රටම එකම මීහරක් පට්ටියක් කරනව.

      වමේ බල්ලන්ගෙ වැඩ නොවුනනම් රට ඉස්සරහට ගිහින්. සුද්ද හිටියනම් හොංකො ,තායිවාන් වගෙ මට්ටකට එන්න තිබුන. ලංකාව කුඩා රටක්. කලාපයෙ සුපර් මාකට් එක කරන්න තිබුන.අප කළ යුත්තෙ යෝධයන්ගෙ කර මත නැගී ඈත බැලීම. සමාජවාදය හදල චීන රුසියන් චන්දිකාවක් කරල වැඩක් නෑ. ලොකු රටකට සමාජවාදය හොඳ ඇති. පොඩි රටක් යන්න ඕන සේවා ආර්ථිකය මත පදනම් වුන සිංගප්පූරු වගෙ සිස්ටම් එකකට.

      Delete
    2. ජේවීපී කැරළිකරුවන්ගෙ අත්දැකීම්වලට පිටු විශාල ප්‍රමාණයක් වෙන් කරල දාන්නෙත් හිතළු හා පට්ට පල් කෙබර.

      Delete
  7. ඇයි කොටදෙනියාව, කොටදෙනියාවයි එහෙ කොන්ඩයලයි හිටියෙ නැත්තන් පත්තර කාරයොන්ට මේ කාලෙත් පත්තර පුරවන්න සිද්ධි නැතුව වේලෙන්නේ මේ මාධ්‍ය කාරයන්ට රටේ ජාතිකත්වය වගේ දෙයක් මත පිහිටලා ලෝකයත් සමග සංසන්දනාත්මක ගමනක් යන්න හිතන්න පුළුවන්කමකුත් නැති නිසා.

    ReplyDelete
  8. රිවිර වෙනම බොරු අතිරේකයක් ( ජ්‍යොතිෂ ,වාස්තු වැනි මිත්‍යා ) පළ කිරීම ඒ වගේ මව්බිමත් මිත්‍යා මාකට් කරනවා

    ReplyDelete
    Replies
    1. මං කාලයක් මවුබිම ගත්ත හිනාවෙන්නම බලාගෙන. මුළු පත්තරේම හොල්මන් කතා. මවුබිමේ අය ට බොරුකීම ගැන ට්‍රේනින් මදි. රිවිර බොරු අතිරේකෙ වෙනම පළ කරන එක හොඳයි.එතකොට ඒ දිහා බලන්නෙම නැතිව ඉන්න පුළුවන්නෙ . දැන් ආයෙ නැෂනල් එකක් දාගත්ත තට්ටෙ ගාපු ඉසිවරයෙක් ප්‍රමෝට් කරනව.
      පත්තර කියවන්නෙ මගේ විශ්‍රාමික දෙමවුපියන් . ඔවුන් විවේක කාලය තුල මේ බොරු කියවීමෙන් සහ දේශපාලන ගොසිප් කියවීමෙනුයි ගත කරන්නෙ.

      Delete
  9. සති අන්ත පුවත්පත් බොහොමයක් පිරිලා තියෙන්නේ, හොල්මන්කතා, පුනරුත්පත්ති කතා, කාම අපරාධ කතා, පරණ දේශපාලන පම්පෝරි, වාහන/යන්ත්‍රසූත්‍ර/ටියුෂන්/මංගල යෝජනා/ඉඩම් සහ දේපල/ වගේ දැන්වීම් වලින් විතරයිනේ.

    ශාස්ත්‍රීය කියා කිවහැකි ලිපි නැත්තටම නැතිවෙලා තියෙන්නේ, එවැනි ලිපි කියවා පළපුරුද්දක් නැති හිස් මිනිසුන් විසින්, පත්තර 'ජාවාරම' කරගෙන යන නිසයි.

    පරංගියාවත්, ලන්සියාවත්, සුද්දාවත්, අපේ රටට එන්නේ නැතුව, ඉඳහිටලා දකුණු ඉන්දියාවෙන් එන ආක්‍රමණිකයෙක්, උතුරේ පොඩි කෑල්ලක් අල්ලාගෙන පාලනය කරමින් තිබුණු ඒ ක්‍රමය, දිගටම තිබුනා නම්, අද අපි කොහේ ඉඳියිද කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ ලිපි සකස් කරන එක අමාරුවක් නෑ. කරටි කැඩෙන්න ගහල බුදියල ඇහැරෙන කොට ලිපි හත අටක් ලියතහැකි. හොල්මන් කතා ජේවී පී කතා ඇරුනම විශේෂාංග ලිපි කියල දෙයක් නෑ.පල්හොරු එක්ක තියන ඉන්ටවීව් දෙකතුනකුත් තියනව. මේව බලල මොළේ ශූන්‍ය කරගෙන ඉන්න අයගෙ පොකැට්ටුව ශූන්‍ය කරන්න ඉසිවරු ගැනත් පබ්ලිසිටියක් දෙනව.
      වශී ගුරුකම් වලට පිටුවක්ම වෙන් වෙනව. අනික් වෙළද දැන්වීම් නම් කමක් නෑ කියමු.

      කියවන්නන්ගෙ මට්ටමට තමා ලියන්නොත් ලියන්නෙ. ඒත් මේ දහ ජරාව වෙනුවට මොකක් හරි බුද්ධිමය දෙයක් බලනවනම් වටිනව.

      සුද්ද ආවෙ නැත්නම් අපි අද ඉන්න තත්වෙ ගැන හිතන්නත් බයයි.ඉන්දියාවෙන් අපට වැඩිපුර ලැබුනෙ නොවටිනා දේවල්.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. සිංහල පත්තර බත් ඔතන්නවත් වටින්නෙ නෑ.... ඒව ගහන කොලත් බාලයි....

    අපි නං ඔය පත්තරේ ඉඳල හිටල වත් ගන්නෙ ඔය කුලියට ගෙයක් හොයාගන්න හරි, යාලුවෙක්ට හරි ඉඩමක්, ගෙයක්, පාවිච්චි කරපු වාහනයක් හොයලා දෙන්න හරි කිව්වොත් විතරයි... දැං ඒකටත් වෙබ් සයිට් තියෙන හින්ද කොහොමත්ම පත්තර ගන්නෙ නෑ... හැබැයි අපෙ තාත්ත නං ඉරිද පත්තර එකක් හරි ගන්නව.. කියවන්න නෙවෙයි... අවුරුදු ගානක් පත්තර විකුණපු අර වයසක සීයා පවු හින්ද....

    ReplyDelete
    Replies
    1. සිංහල පත්තර බත් ඔතන්නවත් වටින්නෙ නෑ.... ඒව ගහන කොලත් බාලයි..//
      ඒකත් ඇත්ත.
      ඒත් අපේ කලින් පරම්පරාවට ඩිජිටල් ලෝකය නුහුරුයි නේද
      ඒ අයට පත්තරම තමා හරියන්නෙ. හැබැයි සමහර වැඩිහිටියො ත් ඉන්නව කීබෝඩ් එක හුරු අය.

      පත්තරවල අවශ්‍යතාවය ඔය ගේදොරඉඩකඩම් යානවාහන වලට තමයි. ඒකත් දැන් වෙබ් සයිට් නිසා ඒකටත් කෙලවුනහම මුළු පත්තරේම හොල්මන් කතයි ජෙවීපී කතයි දාගන්න පුළුවන් .

      Delete
  12. කැප්පෙටිපොලලා ගැන නම් අපි දන්නේ මුතුන්මිත්තන් කියු කතා වලින් මිසක් අපි ඇසින් දුටු දේවල් නොවන නිසා ඒ ගැන යමක් ලියන්න හිතෙන් නෑ නමුත් "බල්ලන් සේ හතරපයින් ගිය ලාංකිකයා දෙපයින් යන්නට පටන් ගත්තේ සුද්දාට පින් සිදුවන්නටය" මේ දේ නම් මටත් හිතුන දෙයක් නමුත් එහෙම උනා නම් අපි මීට වඩා දියුණු රටක් වෙන්නත් තිබුනා හැබැයි නොවෙන්නත් තිබුනා...කොටියට වඩා හපන් වෙන්නත් තිබුනා හැම දේකම දෙපැත්තක් තියෙනවා හිතන්න....
    ~~~~~~~~~~~~~~~~~~~
    ඒත් ලංකාව ගැන තව අවුරැදු කිහිපයක් යන තුරැ මට නම් නිෂ්චිත නිගමනයකට එන්න බෑ මොකද ඉහල තැන් වලට නගින සියල්ලෝ එද්දි ශෝයිය පස්සේ කාලෙදි බලු වටින්නේ නැත.....
    ලංකාවේ මිනිස්සු මුලින් ඇමට දාන මාළු කූරියා කෙල හලලා රස කර,කර ගිලී ...කටු හිර වන විට තමා දන්නේ කෑවේ කුම්බලා මාළු බව....එතකොට ඉතින් විදවලා ලැජ්ජාවට සද්ද නොකර ඉන්න ජාතියක් වෙලා අපි කියලා මට හිතෙනවා....

    පත්තර නම් ඉස්සර ගත්තා...ඒත් කුණු රස පෙරදැරිව ලියන ලිපි මිසක් ගන්න දෙයක් නැති තරම් කියලා හිතෙන නිසා පත්තරේට වියදම් කරපු යුරෝ 2කෙන් චොකලක් එකක් කනවා සතියකට සැරයක් හැක්....

    මේ ලිපිය ලියු ම.ම.ට ස්තූතී

    ReplyDelete
    Replies
    1. සුද්ද කියන්නෙ පෘතුගීසීන් හා ලන්දේසීන් නෙමෙයි. ඉංග්‍රීසීන්ට පමනයි. හැබැයි එක්දාස් අටසිය ගනන් වෙනකොට පෘතුගීසි ලන්දේසිත් ශිෂ්ට වෙලා හිටිය.

      ඉංග්‍රීසි සුද්ද කරපු සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරන හැම දෙයක්ම ප්‍රගතිශීලියි. නීති ,පරිපාලන ,යටිතල පහසුකම් ඔය කී නොකී හැම ක්ශේත්‍රයකම සුද්ද ලොකු විපර්යාසයක් කළා.

      තායිවාන් ,දකුනු කොරියා හොංකොං වගෙ රටවල සුද්දගෙ බලපෑම ඒ රටවල ප්‍රගතියට හේතු වුනා. හැබැයි ප්‍රශ්න නැතුවා නෙමෙයි. ස්වදේශිකයන්ට වඩා විදේශිකයන් වරප්‍රසාද භුක්ති විදිනව කියල කියනව.නමුත් ඒ රටවල් දියුනුනෙ.

      ලංකාවෙ මිනිස්සු හිතන පතන විදියෙ වෙනසක් කරන්න ඕන. මම නම් සුබවාදීව බලනව. අනාගතයෙදි සිදුවන ඩිජිටල් වෙනසත් එක්ක සමාජය වෙනස් වෙයි. ඉස්සරට වඩා ප්‍රගතියක් තියන බව පේනව.

      පත්තරවලට වියදම් කරන සල්ලි නම් චොකලට් කන එක ඉතාම බුද්ධිමත් තීරනයක්. පත්තරේ බල්ලෙකුට දාන්නවත් නොවටින නිසයි.

      Delete
  13. උඹ ඉතිං ලිව්වොත් මොකද ආයි! හෙහ් හෙහ්. අපේ එවුන් හැදෙන්නෙ 2050 විතර ගිහිං තමා බං.

    සුද්දා ගෙන් හොඳ දේවල් ගොඩක් ලැබුණා. උන්ගෙ යටත් විජිත වාදයෙ යටි අරමුණ මක්ක වුණත්.

    අර “පෘතුගීසි කාරයා“ සින්දුවේ නොකියවුණු කෑල්ලක් තියෙනවා උඹ දන්නවද? ඒකෙ කියනවා “ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ...කාල තුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ“ කියලා. මෙතන “ඒක“ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි නෑ නේද? ඕක අරිසෙන් අහුබුදු ලියලා දීලා තියෙන්නෙ ඊට කලින් තව පේලි දෙකක් එක්ක. මෙහෙමයි...

    “ශිෂ්ඨාචාරේ දන්නේ නෑ මේගොල්ලෝ...
    බත් කාලා කොස් කාලා බුදියන කොල්ලෝ...,
    ඒක (ශිෂ්ඨාචාරේ) උගන්වන්න තමයි යුද්ද කරන්නේ...
    කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ“

    මේ මුල් පේලි දෙක සංදේශය සංගීත අධ්‍යක්ෂණය කරපු අය අතින් හැලිලා. ඓතිහාසික වැරැද්ද අදටත් කියවෙනවා ඒ විදිහටම.
    කොහොමද යටත් විජිතවාදය උපහාසයෙන් බලපු හැටි අහුබුදු?

    (දැං හොඳ එකා වගේ දාපාංකො මේකට පෝස්ට් එකටත් වඩා දිග රිප්ලයි එකක්)

    ReplyDelete
    Replies
    1. අහුබුදුගෙ ඔය සින්දුව මම ආසම කරන එකක්. මම පෘතුගීසීන්ට ගරු කරනව. ඒ උන්ගෙ ධෛර්යයට ,නොපසුබස්නා වීර්යයට. පෘතුගීසි කියන්නෙ යුරෝපීය ජාතීන්ගෙන් අපට කිට්ටුම පිරිසක්. අපේ වගේම කලු කෙස් ,කලු ඉන්ගිරියා තියන ඔවුන් මෙහෙ හිටපු කාලෙ කෑවෙ බත් . කොසුත් කන්න ඇති.

      පෘතුගීසීන් ගැන රජවාසලට ගිහින් කියපු පොර නම් මාර පොරක්. ඒ කාලෙ බ්ලොග් තිබුනෙ නැති නිසා මිස ඌත් හොඳ බ්ලොග්කාරයෙක් වෙනව.

      බලපන් කියල තියන කැත කතාව. මට ඒක අහපු පොඩි දවස්වලම කටපාඩම් හිටිය.

      අපගේ කොළොම් තොටට ඉතා ධවල වර්නයෙන් යුතු මනුෂ්‍ය කොට්ටාසයක් පැමින ඇත. විගසක් එකතැන නොසිට සක්මන් කරන්නාහ. ඔවුහු රතු ලේ බොමින් සුදුගල් හපා කන්නාහ. එක දෙසි ගෙඩියට මාලු කූරියාට රන් රිදී දෙන්නාහ. ඔවුන්ගේ එක් වෙඩි උන්ඩයකින් අපගේ යුගන්ධර පර්වතයද පොඩි පට්ටම් වන්නේය.

      මේ කතාවෙන් පෘතිගීසීන් නිර්ලෝභී කාර්යශූර ජාතියක් බව කියවෙනව. යුගන්ධර පර්වතය සැබෑවටම තියන එකක් නොවෙයි. ඒක මිත්‍යා සාහිත්‍ය යෙ එන එකක්.
      මෙහෙම කිව්වම කවුද මඤ්ඤං නොවෙන්නෙ. මහලු වීර පරාක්‍රමබාහු තීරනය කල පෘතුගීසීන් එක්ක සාම ගිවිසුමකට යන්න.

      ඉතින් දැන් එනව පරංගි දූතය කෝට්ටෙට. ඔහු පර්නාවෝ කොට්‍රීම්. ඔහුව එක්ක යන්නෙ හෙන වට පාරවල් වලින්. ඇයි යකෝ යුගන්ධර පර්වතේ පොඩිවෙන්න වෙඩි තියන එවුන් ශෝට් කට් වලින් එක්කගෙන යනවයැ. හැබැයි පරංගි දැනගත්ත වෙඩි සද්දවලින් කොළඹයි කෝට්ටෙයි එච්චර දුර නෑ කියල.

      පෘතුගීසි වගෙ කුඩා ජාතියක් ඉන්දියන් සාගරය ජයගැනීම පුදුමයක්. මෙහි ගෞරවය ජෝජ් ද ඇල්බියුකර්ක කියන පුද්ගලයට යන්න ඕන. ඔහු ප්‍රැන්සිස්කෝද අල්මේදට පස්සෙ ඉන්දියාවට ආපු ප්‍රධානිය. ඔහුගෙ පුතා ලංකාවෙ ආන්ඩුකාරය ලෙස ආව. ඒ කනිෂ්ට ඇල්බියුකර්ක ලංකාවෙ ආන්ඩුකාරයන් අතර සිටි දුර්වලතමයා. එයත් විශේෂයි.

      පෘතුගීසීන් කියන්නෙ විසිගොත් වැන්ඩල් වගෙ රණකාමී ගෝත්‍රිකයන්ගෙන් පැවත එන පිරිසක්. ඒ වගේම ෆිනීෂියන් හා අරාබි ලේත් ප්‍රංගින්ගෙ බාගෙට බාගයක් වගෙ තියනව. මේ ෆිනීශියන්වරු කියන්නෙ ශ්‍රේෂ්ටතම මුහුදු ජාතිය. මුලින් සිටියෙ ලෙබනනයෙ .පස්සෙ උතුරු අප්‍රිකාවට එහෙම ගියා. කාතේජයෙ හනිබාලුත් ෆිනීශියන් කෙනෙක්. මට හිතෙන්නෙ පරංගි මුහුදු සරන්න මේ තරම් දක්ශ වුනේ ෆිනීෂියන් ආභාශය නිසා කියල.

      පෘතුගීසි ඉතිහාසය ආරම්භ වෙන්නෙඔවුන් මුස්ලිම්වරුන්ගෙන් නිදහස් වීමත් සමගම. මෙයට මූලික වුනේ සපාඥ්ඥයෙ පර්ඩිනඩ් හා ඉසබෙලා. යුරෝපය මැදට ආපු මුස්ලිම් රැල්ල ප්‍රංශයෙ චාලිමේන් විසින් පරාජය කළා. නමුත් ස්පාඥ්ඥය සහ පෘතුගාලය මුස්ලිම් ආධිපත්‍ය යටතෙ දිගටම තිබුන.

      ඉතින් ස්පාඥ්ඥයෙ ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා අරාබීන් ගෙන් අයිබීරියානු අර්ධද්වීපය බේරගත්ත කියමුකො. දැන් ක්‍රිස්තියානි මුස්ලිම් යුද්ධ හැමතැනම. පෘතුගාලයෙ හිටිය නාවික නියාමක හෙන්‍රි කියල කුමාරයෙක්. ඔහු පරංගින්ට නාවික කටයුතු ගැණ හොඳ පුහුණුවක් දුන්න.

      පර්ඩිනඩ් මැගලන් , වස්කෝද ගාමා, බර්තොලමියු ඩයස් වගෙ චිර ප්‍රසිද්ධ නාවිකයො බිහිවෙන්නෙ එහෙම.
      ලෝකය පැතලියි කියල හිතපු වකවානුවක තෙරක් නොපෙනෙනෙ මූදෙ යනව කියන එක ලේසි නෑ. රසකතා බොහොමයි.

      බර්තොලමියු ඩයස් දකුණු අප්‍රිකාවට ගියාට පස්සෙ කුනාටු නිසා එතනින් එහා යන්න බැරිව කුනාටු තුඩුව කියල නම තිබ්බ. මේක අහපු පරංගි බ්‍රජ්ජුරුවො මේක සුබ පැත්මේ තුඩුව කියල වෙනස් කළා. මොකද නැත්නම් නාවිකයො ඒ පැත්ත පළාතෙ යන්නෙ නැහැනෙ.

      පෘතුගීසීන් දාමන් ,දියු ,මලක්කා ,ගෝව වගෙ හැම තැනක්ම (පොඩි දූපත් තමා ) අල්ලගෙන සාගරයෙ තම්නන්ගෙ ආධිපත්‍ය පිහිටෙව්වා,.
      ඉතින් ඔය විදියට ඉන්දියන් සාගරය පරංගි වැවක් වුනා. වස්කෝද ගාම කැලිකට් එන්නෙ ඔය කාලෙ. මේ කැලිකට් හි සැමෝරින් පසුකාලෙක පරංගින්ගෙ පරම හතුර වෙනව.ගාමා ගෙන් පසු ආ ප්‍රැන්සිස්කොද අල්මේදගෙ පුතා තමයි ලොරැන්සෝද අල්මේද අහම්බෙන් කොළබට ආවෙ.
      ඔහු ලංකාවෙ මායාදුන්නෙට මුස්ලිම් හමුදා විශාල වශයෙන් එවනව. පෘතුගීසි හමුදාව බුවනෙකබාහුගෙ පැත්තෙ. බුවනෙකබාහුට බෞතීස්ම වෙන්න කියල කතෝලික පූජකයන්ගෙන් පොරේ. කතෝලික නොවුනොත් පරංගි යුධ ආධාර නෑ. කතෝලික වෙන්නත් බෑ .ඒ කාලෙත් භික්ෂු ආධිපත්‍ය ප්‍රබලයි. භුවනෙකබාහුත් මාධ්‍ය සාකච්ඡා තිය තිය කාලෙ කකා හිටිය. බරිම තැන දොන් ජුවන් ධර්මපාලගෙ පොටෝ එකකට පෘතුගීසි රජු අතින් ඔටුනු පළදවන්නෙ. දොන් ජුවන් ධර්මපාලගෙ ඇත්ත නම දොන් ජුවන් පෙරිය බන්ඩාර.

      හෙහ් හෙහ් හෙහ් ඔහොම තමා වුනේ.

      Delete
  14. අපේ සිංඩියත් ඔයාගෙ බ්ලොග් එකට ඇඩ් කරගන්න
    http://www.akurasyndiya.tk

    කැමති නම් බැනර් එකත් දාගන්න.මෙන්න බැනර් එක.
    http://3.bp.blogspot.com/-CV31Eo95qZg/VkxZlK5n4PI/AAAAAAAAAF0/X8tVuGYP7rw/s1600/600868_539753122774675_444650417_n.jpg

    ඔයා HTML coding දන්නව ඇතිනෙ

    ReplyDelete
    Replies
    1. කවුරුහරි කෙනෙක් මගෙන් ඉල්ලීමක් කලොත් මම ඒකට පිටුපාන්නෙ නෑ ඒ මගෙ හැටි. හැබැයි බැනර් එකනම් දාන්න බෑ .අනික් අයගෙත් දාල නෑනෙ. අනික මට ඔය සුකුරුත්තම් වැඩ බෑ ඇත්තම කිව්වොත්.

      ඔයා HTML coding දන්නව ඇතිනෙ//

      ඒ මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. බ්ලොග් එක හදල දුන්නෙත් වෙන කෙනෙක්. සින්ඩියක් හදාගන්න ඒ දවස්වලම හිතේ තිබුනත් කොහොමවත් ඒක කරගන්න බැරිවුනා. එහෙව් එකේ ඔව්ව දන්නවැයැ

      Delete
  15. ඔය පත්තර දෙකට අමතරව ලක්බිම කියවනවා ඇයි දන්නවද? අර පත්තර දෙක කියවලා කුරැවල් වෙච්ච එක දිග ඇරගන්න..
    රිවිරට වඩා ලංකාදිපේ ටිකක් හරි හොදයි..රිවිර තනිකරම මෝඩ ගෝං හරක් බුත පත්තරයක්..

    ReplyDelete
    Replies
    1. ලක්බිම මට කියවෙන්නෙම නැති පත්තරයක්. ඔෆිස් වලටවත් ගන්නෙ නෑ නේද. සමුදුර එහෙම දෙන්න ලක්බිමෙන් නිසා නරකමත් නෑ කියල හිතෙනවා.
      රිවිර කියන්නෙ පරන දිවයිනේ කාබන් කොපියක්නෙ. ඒ ශෛලිය යන්නෙ.
      මේව ඇත්ත කියල හිතාගෙන කියවන උන් ඉන්නවනෙ කියල හිතෙනව.

      Delete
  16. මේ තුළ ඔබ හොද සංවාදයක් ගොඩනගනවා..... මාෙනවා වුණත් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන තුන ස්වාධීන වීම විතරක් නෙමෙයි ඒවා වෙන් වෙන් ව ක්‍රියාත්මක වීමද අවශ්‍යයි.... ඒවාට අවශ්‍ය කටයුතු තීරණය කිරීමේ අයිතිය ඒවාට තිබිය යුතුයි..... ඒ වගේ ම සීමා අඩු විය යුතුයි..... නමුත් දැනට තිබෙන ක්‍රමය මේක උපක්‍රමික ව වෙනස් කර තිබෙනවා...... භාවිතාවේ ගැටලුවක් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒක කරන්නෙ කොහොමද කියාන් එකයි සාකච්ඡා කල යුත්තෙ. නමුත් මා නම් විශ්වාස කරන්නෙ ව්‍යවස්ථාදායකය ප්‍රමුඛ විය යුතු බවත් අනික් දෙක ඊට යටින් තිබිය යුතු බවත්.
      ව්‍යවස්ථාදායකය කියපුවම අපට සිහිවෙන්නෙ හොරු ටිකක් රැස්වෙන තැනක්නෙ. මේ පක්ෂ දේශපාලනය නිසා විකෘති වී ඇති ව්‍යවස්ථාදායකය සැබෑ මහජන මණ්ඩලයක් කරන්නෙ කෙසේද කියන එක ගැනත් කතා බහක් ඇති වෙන්න ඕන.

      Delete
    2. කුරුටු සංවාදයට එක්වෙමින් පෙන්වා දෙන්නෙ න්‍යායත්මකව සත්‍යයක් බව පෙනෙනවා. ඒත් ප්‍රාෙයා්ගිකව ක්‍රියාත්මක කරන්න හැකි වුන තැනක් හොයන්න අමාරුයි. මධ්‍යස්ථ පෙන්වා දෙන විදිහට ව්‍යවස්ථාදායකය වඩා ශක්තිමත් විය යුතුයයි සිතිය හැකියි. ඒත් ඒකටත් තව බොහොම ඈතයි වගේ නෙද් මධ්‍යස්ථ. මේ රටේ තිබුණ(තවමත් මැරී නැති)ගතානුගතික කුල ක්‍රමය තුළ බෙදී ගොස් තිබුණ ජනතාවට දේශපාලන පක්ෂ ක්‍රමය නිසා හිමිවුනේ තවත් අන්දමක කුල විශේෂයක්. පරණ කුලයන්ටත් වඩා මේ කුල ක්‍රමය තුළ අහිතකර ලක්ෂණ රාශියක් දක්නට හැකියි. මෙවැනි කුලයක ඉහළින් ඉන්න අය පහලින් ඉන්න අයව ඉතාමත් තුච්ච අන්දමට රවටමින් තම තමන් වරප්‍රසාද භුක්ති විඳිනවා. වාසිබවක් පෙනුනොත් කුලය අතහරින්න එච්චර කාලයක් ගන්නෙ නැහැ. ඒත් උන් නිතරම වගේ ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ කුලය(පක්ෂය) රැකගන්න බවට පහළ ඉන්න අයට පොරොන්දු වෙනවා.(එහෙම ජවිත දුන්න අය ඉන්නව නම් අතේ ඇඟිලිගානටත් අඩුයි. හුඟක් වෙලාවට සිද්ද වුනේ අහම්යන්) ඒත පහළින් ඉන්න එව්වො හැබෑවටම තමන්ගෙ කුලය(පක්ෂය) වෙනුවෙන් ජීවිත පූජා කරනවා. හැම මැතිවරණ සමයකම මෙය දකින්ඩ ලැබුණා. 71,72 සහ 88,89 කාලයේ තරුණ ජීවිත පූජාවුනේ දහස් ගණනින්. රට තුළ පවතින විෂයබද්ධ තත්ත්වය අනුව තවමත් අප බොහෝ දෙනකුම ඉන්නෙ පුරාණ රාජයුගයේ බවක් මට නිතරම වගේ හැඟි යනවා.ඒ හින්ද මහජන යුගයක් උදාවෙන්න නම් තවත් ශතවර්ෂ භාගයක්වත් දුර යායාතුව තියන බව මගේ අනුමානයයි.

      Delete
  17. https://www.facebook.com/1449312298714275/videos/1456997877945717/

    ReplyDelete
  18. ඔබ සුද්දාගේ කාලෙන් පස්සෙ මේ රට දියුණු උනා. කියලා කියන්න ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා . ඒක එහෙම නෙමෙයි කියලා ලියන්න මට ගොඩක් අදහස් තිබුනත් එකට වෙලාවක් නැහැ. 1932දි මේ රට ගැන මනා චිත්‍රයක් ලියන සුද්දන් දෙදෙනෙක් කියලා තියෙන්නෙ මේක පාරදිසියක් කියලා. ඔබට ඒක බලන්න මම ඉදිරිපත් කලත් ඔබ නිහඬයි.
    ඔබ පත්තර ගැන කතා කරන නිසා ඔබේ මතය වැරදියි කියන්න ඒකෙන්ම උත්තර දෙන්න හිතුවා .අද රිවිර පත්තරේ දුම්රිය ගැන ලියලා තියෙන පිටුව බලන්න. උඩරට දුම්රිය මාර්ගය හැදුවේ මේ රටේ මිනිස්සු දියුණු කරන්නද එහෙම නැත්නම් සුද්දෝ දියුණු වෙන්නද කියලා කියලා ඊට පස්සේ නැවත හිතන්න. අනෙක අපේ රටේ දියඇලි ඉතිහාසයෙන් "මියන් ඇල්ල " නැති කිරීමෙන් සුද්දන් විසින් කල හොඳ ගැන ඔබ මොකක්ද කියන්නේ?

    සමරසේකර

    ReplyDelete