Monday, November 16, 2015

මනුස්සකම විලාසිතාවකි.



ප්‍රංශයේ බෝම්බ ප්‍රහාරය ගැන මට කීමට බොහෝ දේ තිබුනත් කාලවේලා ගැටළුව නිසා එය කළ නොහැක. මේ ගැන අංග සම්පූර්න විග්‍රහයක් නොදන්න මගුල් බ්ලොග් එකේ පළ වී ඇති නිසා මට අමුතුවෙන් කියන්නට දෙයක් නැති තරම්ය.එය එහෙමම මෙහි පල කරමි.

 සයිබරය තුල විද්‍යාමාන වන්නේ බටහිර මිනිසාගේ සිතුම් පැතුම්ය. සෙසු මිනිසුන් එය ට අනුගත වී එය තමන්ගේ දුකක් බවට පත් කරගනිති. තමන්ගේ ප්‍රශ්නය වුව තමන්ට ප්‍රශ්නයක් වන්නේ එය බටහිර මිනිසා ට ද ප්‍රශ්නයක් වන්නේ නම් පමනි.ප්‍රංශ යේ සිවිල් ජනයා ඝාතනය අපරාදයකි.එහි කතා දෙකක් නැහැ. නමුත් ලෝකයේ සිදුවන සිදුවීම් වල මිනිසුන් හැසිරෙන දෙයාකාරය මට නම් ප්‍රශ්නයකි. ප්‍රංශයේ සිදුවීම ගැන මට කනගාටුය. ඇමරිකන් ඩ්‍රෝන් ප්‍රහාර වලින් මියයන ඇෆ්ගන් මිනිසුන් ගැනත් කනගාටුය. ඇෆ්ගන් ජාතික කොඩියෙන් ප්‍රොෆය්ල් එක සැරසුවේ නැති නිසා මෙවර ප්‍රංශ කොඩියෙන් ප්‍රොෆයිල් එක සරසන්නේද නැත. 

උදාහරන අපමනය. යුදෙව් සමූලඝාතනය ගැන අප තවම කදුලු සලමු. නමුත් රුවන්ඩා සමූලඝාතනය ගැන වගේ වගක් නැත. රුවන්ඩාව පිට්සක්වලද 
තනිකර බොරු හේතුවක් හදාගෙන ඉරාකයේ මිනිසුන් මිලියන ගනනින් මරපු එක ගැන කතා නැත. 

 ගැටළුව සයිබරයේ ඇති මේ විශමතාවයයි. ලෝකෙ කොහෙ හෝ අහිංසකයෙක් මැරුන විට ජාති , ආගම් , කුල , වර්ණ ,ප්‍රදේශ ,ලිංග භේද වලින් තොරව දුක් වීම මනුස්සකමයි. මෙතන එහෙම දෙයක් නැත.  මේක පොෂ් විලාසිතාවයි.බාලචන්ද්‍රන් මරපු එක වැරදිය. හැබැයි කැබිතිගොල්ලෑවෙ පොඩි එකා , නැගෙනහිර සිංහල ගම්වල පොඩි එවුන් මරපු එකත් වැරදිය. බාලචන්ද්‍රන් ඝාතනය අර දුප්පත් පොඩි එවුන් ගේ මරන වලට වඩා සුවිශේෂ අපරාදයක් නොවේ . එය සුවිශේෂ යැයි සිතන්නෙ නම් ඒ පොෂ් මනුස්සකමයි.

ප්‍රංශ ප්‍රහාරය ගැන මට දුකක් නැතැයි කෙනෙක් සිතන්නට ඉඩ නිසා මෙය ලියමි. ඇත්තටම මමත් ඔහෙල වැනි මාර පොෂ් පොරකි. එසේ නැත කියා වරදවා නොසිතන්න. ප්‍රංශ සිදුවීම ඇසූ මොහොතේ සිට මේ වනතුරුම මා හඩමි. මේ ලියන විටද ඉකි ගසමි.

heart  will go and on අනේ 

මාත් ඔහෙල වගෙ පොෂ් අනේ
ටයිටැනික් ගැන ඇහෙනකොට ඇඩෙනව අනේ
ප්‍රංශයෙ සුදු පොඩි එවුන් මැරිල අනේ
 මගෙ හාට් එකත්  ගෝ ඔන් වෙනව  අනේ
ගෝ  වෙලා ඇන්ඩ් ඔනුත් වෙනව නේද අනේ
පවු නේද අනේ


පොලිෂ් කරපු තොල් වාත්තු කරපු රෝස කම්මුල්  දුකේ බෑ අනේ
ප්‍රේ කරන්න හිතෙනව අනේ
කොහොමද ඒක කරන්නෙ දන්නෙත් නෑ අනේ
පොෂ් අය ඒක කරනව අනේ

මාත් ප්‍රේ කරනව අනේ

ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ කැත ගද දුඹුරු එවුන් වගෙ නෙමෙයි නේද අනේ
තබ පාට කෙස් පවු නේද අනේ
සිරියාවෙ ප්‍රශ්න පිටුපස ප්‍රංශෙ හිටියට කමක් නෑනෙ අනේ

උන් ගෝත්‍රිකයොනෙ මෙයා උන් ජීවත්වුනත් වැඩක් නෑ මෙයා
ඒව එහෙම තමයි මෙයා ඒව සුද්දගෙ  දෙයියන්ගෙ කැමැත්ත මෙයා
අයි එස් අයි එස් හරි භයානකයිනේ 
නේද මෙයා


                          මෙන්න නොදන්න මගුල් ලිපිය

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයිසිස් මිනීමරුවන් විසින් බාරගෙන තිබේ….ඒ ප්‍රහාරය මනුෂ්‍යත්වය අගය කරන සියල්ලෝම විසින් හෙළා දැකිය යුතු, තුච්ඡ, නිවට, බියගුළු ක්‍රියාවකි….යුද්දයෙන් පරිපීඩිතව එයින් පලා යන තමන්ගේ ආගමම අදහන ජනතාවකට සරණක්, සෙවනක් ලබා දීමට තරම් කාරුණික වූ ජන සමාජයකට ඒ සරණාගත සෙයියාවෙන්ම සටන් කරුවන් රිංගවා පහර දෙන්නේ නම් එවැනි බලු හැතිකරයකට දිය යුතු පිළිතුර ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම ලබා දිය යුතුය….අයිසිස් මිනීමරුවන් වනාහි යල් පැනගිය මිථ්‍යා විශ්වාස මත මේ 21 වැනි සියවසේ සාර්ථක අධි-පාලනයක් ගොඩනැඟිය හැකි ‍යැයි සිතන නූගත් තිරිසන්නු රැළකි…මොවුන්ගේ අක්මුළ් තියෙන්නේ මොන ලෝකයේ වුවත්, මොවුන් වනසා දමා මැද පෙරදිගට සහ උතුරු අප්‍රිකාවට සහනයක් ලබා දීමට ලෝක බලවතුන් මැදිහත් විය යුතුය….එමෙන්ම මේ සක්කිලි රැළ බිහිවීමට බලපෑ ප්‍රධානතම හේතූන් වූයේ තමාගේම ක්‍රියාකාරකම් බව පිළිගැනීමට නේටෝ නායකයන් නිහතමානි විය යුතුය….වරක් අල් කයිඩා සංවිධානය බිහිවූයේ තම දේශයේම ජාත්‍යන්තර ක්‍රියාකාරකම් නිසා බව පිළිගැනීමට හිලරි ක්ලින්ටන් මහත්මිය නිහතමානි වූවාය….මෙවරත් ඇය සිය ජනපතිවරණ සටන අතරතුර අයිසිස් පිළිබඳව ත්‍රෛකාල තක්සේරුවක් නිවැරදිව ලබා දී තිබීම සතුටට කරුණකි…

මේ ජාත්‍යන්තර කරුණු කාරණා ගැන අප මින් ඉදිරි ලිපි මගින් දීර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වන්නෙමු….දැනට කියන්නට යන්නේ මේ දිනවල ලාංකික සයිබරය සහ විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය සහ එවැනි සමාජ වෙබ් අඩවි ආශ්‍රිතව පැතිර යන “ප්‍රොෆයිල් පින්තූරයට ප්‍රංශයේ ත්‍රෛවර්ණ ධජය දමා, ප්‍රංශයට සහය ඵල කිරීමේ සහ ප්‍රංශය වෙනුවෙන් යාඥා කිරීමේ රැල්ල” පිළිබඳවය….

අප මෙම සංසිද්ධිය කියවා ගත යුත්තේ මීට පෙර සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සහ ඒ ආශ්‍රිතව ලෝක ප්‍රජාව, මාධ්‍ය සහ අන්තර්ජාල සමාජ වෙබ් අඩවි පරිපාලනයන් හැසිරුණු ආකාරය, දක්වන ලද ප්‍රතිචාර සංසන්දනාත්මක පදනමක් කරගෙනය….මේ සඳහා සමීපතම සහ පැහැදිලිම උදාහරණය මෙසේය:

බංග්ලාදේශයේ සතිපතා ගංගා වල බෝට්ටු පෙරළෙති….

පද්මා නදියෙහි පසුගිය මාස හතක පමණ කාළය තුළ පෙරළුණු මගී බෝට්ටු වල සිටි 1,150 ක් පමණ දෙනා මරු මුවට පත් වූහ….ගංගාවෝ සහ අතු ගංගාවෝ 800+ ඇති බංග්ලාදේශයේ නිතර සිදුවන මෙවැනි අනතුරු වලින් මිය යන පිරිස දහස් ගණනකි…ඒවායින් ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්ථා වන තැනට එන්නේද 30%-40% ක් පමණි…කොටින්ම කිව්වොත් මියගිය පිරිස 400 කට පමණ වැඩි නොවේ නම් Cණ්ණ්, ඹ්ඹ්C ආදි ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය ඒවා සම්පූර්ණයෙන්ම මග හරිති….එවැනි විශාල බෝට්ටු පෙරළීමකදී වුවද ඒ පුවත් එකී ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය වල ඵල වනුයේ වාටි කවර වලය….කවමදාකවත් බංග්ලාදේශයේ බෝට්ටු පෙරළීමක් ( අනතුර මොන තරම් විශාල වුවත් ) Cණ්ණ් වගේ එව්වෑ “බ්‍රේකින් නිව්ස්” එකක් වන්නේ නැත….නිතර දකින කුකුළගේ කරමල සුදුයි කියන්නා සේම, මේ අනතුරු මොන අන්දමින් වුවත් අපේ අයියලාටත් ඒවා එච්චර වගේ වගක් නැත….

ඔහොම ඉන්නකොට 2014 අප්‍රේල් 15 වැනි දින දකුණු කොරියාවේදී පාසැල් සිසු සිසුවියන් ප්‍රමුඛ මගීන් 476 ක් රැගත් “MV Sඑවොල්” නම් සුඛෝපභෝගී මගී නෞකාව අනතුරකට පත්විය…සිද්ධියෙන් සිසු සිසුවියන් ඇතුළු 295 ක පිරිස මරු මුවට පත්වූහ…

අම්මට හුඩුය…. CNN  එකේ විනාඩි පහෙන් පහට සිද්ධිය ගැන බ්‍රේකින් නිව්ස් ය…. CNN එක මේ සඳහා වෙනම ෆෝරම් පේජ් එකකුත් ඕපන් කළා කියහංකෝය. “ඔබ මේ සිද්ධිය වූ ස්ථානයේ සිටී නම් කරුණාකර අපට වීඩියෝ දර්ශණ එවන්න” කියා තවත් වීඩියෝ ෆෝරම් එකක් දැම්මෝය…මුහුදු ගමනාගමනය සම්බන්ධ විශේෂඥයන් CNN International – Asia Pacific  එකේ හොංකොං මැදිරි සංකීර්ණයේ අම්බානක ඇනැලිසිස්ය….අනතුර සිදුවුනු හැටි ගැන සෙන්ටිමීටරයෙන්, සෙන්ටිමීටරය විග්‍රහ කරති….

ෆේස්බුක්, ට්විටර්, අරකෙ මේකෙ ඔක්කොම දකුණු කොරියාවට යන “ර්‍RIP” වැහි වැහැලාය….අපේ වාහෙලාත් දකුණු කොරියාව වෙනුවෙන් හිටගෙන pray කරති….ගිලී මිය යාමට ආසන්නව සිටි මගීන් අවසන් මොහොතේ ගන්නා ලද වීඩියෝ, ඡායාරූප, ෆේස්බුක් දමන ලද ස්ටේටස්, ටිව්ටර්, අම්මාට අප්පාට යවන ලද එස්.එම්.එස්, අවසාන මොහොතේ දෙන ලද කෝල්, අරවා මේවායින් සමාජ වෙබ් අඩවි ජාල රත් වෙලාය….

අපේ පොෂ් අයියලා, අක්කිලා, මාමිලා, ඇන්ටිලා, බන්ටිලාටත් ඇඬෙනවාය…”OMG This is so heart breaking” ය…”OMG I cried when I read this” …”OMG I cried when I read this” ” ය…”ර්‍RIP Kim”ය…”XOXOX” ය….කඳුළු බේරෙන Emoticonsය…. බෝමා කඳුළු ඉණුවා ඇස කකියාය…”වාව්” ය….

දැන් අපි මේක මේ විදියට වීම පිටුපස ඇති සාර්ව චින්තනය කියවගන්න ට්‍රයි එකක් දෙමු….

බංගලියෝ කැත, දුඹුරු හම් තියෙන දුප්පත් හිඟන්නෝය…බංග්ලාදේශය සියළු මානව සංවර්ධන ඒකක අතින් දරුණු ලෙස පසුබැස සිටින ලෝකයේ ජීවත් වන්නට නුසුදුසුම රටවලින් එකකි…උන් අඳින්නේ වැරහැළිය…උන්ට දකුණු කොරියාවේ බඳු අධි තාක්ෂණික “මෙට්‍රො සෙක්ෂුවල්”, “ටෙක්නො සෙක්ෂුවල්” කල්චර් සහිත තාරුණ්‍යයන් නැත….කොටිම්ම කිව්වොත් බංග්ලාදේශයේදී බෝට්ටු පෙරළී මැරෙන හිඟන පැටවුන්ගෙන් 80% ක් සෙල්ෆෝන් එකක් වත් ඇහින් දැක නැත….

ඒ මදිවාට පෙරළෙන්නේත් කසි කබල්, පළලා දරට ගන්න වයසෙ ට්‍රෝලර් බෝට්ටු පඩංගුය….අම්මපා මෙවවයෙත් මිනිස්සු යනවාද නේද?…

අන්න ඒකට දකුණු කොරියාව….බංග්ලාදේශයේ හමගිය සාරි ලෙල්ලවල් වලින් ඔලුවෙ ඉඳන් වහගෙන ඉන්න, නැත්තන් ලිපේ දැම්මට පිච්චෙන්නෙ නැති ෂල්වාර් අඳින, නූගත්, නමේ අකුරු ටිකවත් ලියාගන්න බැරි, ඇට ගැහිච්ච, දූවිලි කුණු වැදිලා දුර්වර්ණ වෙච්ච හම් තියෙන නංගියෙක්ගේ කඳුළු වගේද, දකුණු කොරියාවේ හයි බ්‍රෑන්ඩ් ඇඳපු, පොලිෂ් කරපු, වාත්තු කලා වගේ සුදෝ සුදු නංගියෙක්ගෙ කඳුළු….අනික පෙරළුනෙත්  හයිෆයි ferry එකක්ලුනෙ….

බංග්ලාදේශ ගොරහැඬි, දූවිලි නාගත් නංගියා “කූල්” නැත….ඒ නංගියා වෙනුවෙන් ඇඬීමද “කූල්, ට්‍රෙන්ඩි හෝ පොෂ්” නැත….ඒකි කොහොමත් උපන්නාට ඔහේ වැනි වැනි ජීවත් වෙලා මැරිලා යන්නට උපන් කරුමක්කාරියකි….ඒකි ඔය බෝට්ටුව පෙරළිලා නොමැරුණත්, අඩු වයසෙන් සිදු කෙරෙන බලහත්කාර විවාහයකින් කවුරු හෝ හිඟන හාල් පාරුවෙකුට දාව ගැබ් ගෙන, බංග්ලාදේශයේ තිබෙන නරකාදි සෞඛ්‍ය සේවයේ සහාය ලබාගෙන දරුවා ජාතක කරන්නට යද්දී කොහොමත් නිව්මෝනියාව හැදිලා මැරෙනවාය….තුන්වෙනි ලෝකයේ කරුමක්කාරයන්ගේ මරණය “Sweet නැත, ර්‍romantic නැත”…ඒ නිසා බංග්ලාදේශ නංගියාට වතුර පෙවීගෙන එනකොට ගිලීගෙන යන බෝට්ටුවේ හිරවී සිට අම්මාට කෝල් එකක් දෙන්නට ෆෝන් එකක් නැති නිසාත්, ඒ කෝල් එක ගන්නට අම්මා සිටින ගෙදරට ෆෝන් එකක් නැති නිසාත්, ඔවුන් දෙදෙනාම ෆෝන් එකත් ඇහැට දැකලාවත් නැති නිසාත්, ඒ බංගලි නංගියා බෙංගාලි බසින් හදතුරේ සඟවා ගන්නා “අම්මේ මාව මැරෙන්නයි යන්නේ” කියන ශෝකාලාපය එච්චර “නෝට්” වෙන්නේද නැත….බංගලිදේශ නංගියා ඉන්නේ මැරෙන්නය…ඒකි මළාට ගාණක් නැත….


දකුණු කොරියාවේ සුකුමාර නංගියා “කූල්ය”…ඒ වගේ තුදු ලත්තන නංගියෙක් මැරුණා කිව්වාම අක්මාව කම්පා වෙනවාය…උණ්ඩුකපුච්ඡය උද්දීපනය වෙනවාය….ආයෙ ආයෙත් ඒ රෝස මලක් වගේ ලස්සන මූණ, පොලිෂ් කරපු තොල්, දිලිසෙන කම්මුල් සහිතව, දිමුතු දසන් දක්වා හිනාවෙලා ඉන්න අවසන් වරට ගත් ඡායාරූපය දිහා බල,බල “අහෝ! මෙවන් සොඳුරු නිමැවුමක් සැනකින් වැනසී ගිය කරුමය කිම? දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි” කියා කියනවාය….ඒ නිරෝගී ලස්සන නංගා මැරෙන්න හිටිය කෙනෙක් නොවේ….එයා කවදා හරි දවසක “අනන්තයෙන් ආ තරු කුමරෙකුට” පෙම්වතිය වෙන්න හිටපු කෙනෙක්ය….ඒ දෙන්නාගේ ආදරය හරීම ස්වීට් එකක් වෙන්නට තිබුණාය…දකුණු කොරියාවේ සෝල් අගනුවර දර්ශණීය වීදියක, මිළ අධික අවන්හලකදී ඒ කඩවසම් තරු කුමරා මේ නංගියාව විශ්මයට පත් කරමින් ඇයට විවාහ යෝජනාව ගෙන එන්නට තිබුණාය….ඒ නංගියා සතුටු කඳුළු පිරි දෙනෙතින් ඒකට කැමති උනාම, රත්තරන් මුදුවක් ඒ සියුමැලි ඇඟිල්ලකට තරු කුමරා අතින් පළඳවන්නට තිබුණාය….

එහෙව් නංගියෙක් අඳුරු නැව් පතුළක සිරවී  Samsung Smartphone  එකකින් ගෙදරට කෝල් එකක් දමා “Mommy, I might not see you again…I love you…!” කිව්වාම ලෝක වාසීන්ගේ ආමාශය දෙදරනවාය….හද මඬල පන්තේරු නැටුම් නටනවාය….ෆේස්බුක් එකේ ඉබේටම “RIP” එබෙනවාය….

දඩාවතේ යන බල්ලෙකු බලු වෑන් එකේ අවසන් ගමන් ගියාට කාටවත් ගාණක් නැත….කුරුඳුවත්තෙ බංගලාවක “බව්වෙක්” මැරුණොත් මාර සීන්ය… හලිම ස්වීට්ය…ර්‍ඓඵ් ය…

CNN, BBC ප්‍රමුඛ ඊනියා “ජාත්‍යන්තර මාධ්‍ය” වල හැසිරීමත් කියවමුකො…

17 කෝටියක් ජන ගහණය ඉන්න, කුකුළ් කූඩු වගේ හිඟන මුඩුක්කු, ගුබ්බෑයම් තියෙන, එක මඩුවේ දහ පහළොස් දෙනා එකට ලගින, අපිරිසිදු, ලෙඩ රෝග වසංගත ගහන, හිඟන බංග්ලාදේශයේ මොකක් හරි අඩව්වක් උස්සන් ඇවිත් දැම්මාය කියා ඒවාට ඇඩ් එන්නේ නැත…Hits එන්නේ නැත…Views එන්නේ නැත….අරක නැත…මේක නැත….ඒව්වෑ සංදර්ශණීය වටිනාකමක් නැත….එව්වාට හදමල දෙදරන්නේ නැති නිසා, ඒ මරණ අරඹයා සෝෂල් මීඩියා කානිවල් බිහිවෙන්නේ නැත….උන් කොහොමත් මැරෙන්න ඉන්න එවුන් නිසා උන් මළාට ඒ මරණයට නියම කළ හැකි මිළක් නැත….උන් ගැන කවුරුවත් Search කරන්නේ නැත….උන්ගේ ජීවිත ගැන කියවන්න මහන්සි වෙන්නේ නැත….උන් වෙනුවෙන් බංග්ලාදේශ තානාපති කාර්යාල වල ගේට්ටු ලඟ රෝස මල් පොකුරු, පොකුරු, සුවඳ හමන ඉටි පන්දම්, ඡායාරූප, බෝඩ්, කටවුට්, ශෝක ප්‍රකාශ කාඩ්පත් ගොඩ ගැහෙන්නේ නැත….ඒ නිසා ඒවා ගැන බ්‍රේකින් නිවුස් දුන්නාය කියා ලොකුවට ගතමනාව නැත…එහෙව් එකේ උන්ට වෙන් කරන ඉඩකඩ අපරාදේය….

සිරාවට මම අහන්නේ … දිනපතා බෝම්බ පුපුරන ඉරාකයේ, තිස් වසරක සිවිල් යුද්දය නිසා අමු සොහොනක් උන ශ්‍රී ලංකාවේ, පැහැදිලි ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා නරකාදියක් වුන සිරියාවේ, ඊශ්‍රායලය නම් ඝෝර චණ්ඩියා ඉදිරියේ බියෙන් ගැහෙමින් ජීවත් වන පලස්තීනයේ දහස් ගණන් කුඩු පට්ටම් උනත්, ලෝකයේ ප්‍රධාන නගර වල තිබෙන ඒ රටවල තානාපති කාර්යාල ඉදිරියේ රෝස මල් පොකුරු, ඉටි පන්දම්, ශෝක ප්‍රකාශ කාඩ් එහෙම ගොඩ ගැහිලා තියෙනවා උඹලා දැකලා තියෙනවද?….එහෙම එව්වා ආවරණය කරලා නිකන් අතින් කයිට් වෙන්නෙ අහවල් එහෙකටද නෙහ්?

“ජාත්‍යන්තර මාධ්‍ය” කියන්නේ “සැබෑවටම ජාති-අන්තර මාධ්‍ය” විය යුතුයි නේද? එහෙම නම් ප්‍රාංශුවා, ජර්මානුවා, ඇමරිකානුවා, ජපනා වගේම, බංගලියා, ඉන්දියානුවා, පලස්තීනුවා, සිරියානුවා, ශ්‍රී ලාංකිකයාත් ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාවට අයත් නිසා, මේ සියළු දෙනාගේම ජීවිත සහ මරණ වලට තිබිය යුත්තේ එක සමාන වටිනාකමක් නේද? එහෙම නම් තොපි ඔය හැසිරෙන විදිය හරිද? මේ හැම කෙනෙකුගේම විපතේදී යොමුවිය යුත්තේ එක හා සමාන අවධානයක් නේද? කියන එක අහලා චාටර් වෙන්න කවුද කැමති…?….පැපොල් වගේයැ ඇපල්…නෙහ්….?

ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය හැසිරෙන ආකාරය අනුව අපිට ඉතින් ගොඩ නගා ගන්න තියෙන්නෙ:

න්‍යෂ්ඨියේ රටවල ජීවිත 1 = පරිධියේ රටවල ජීවිත 50 ක්

කියන සමීකරණය තමයි….

ප්‍රංශ කොඩිය ප්‍රොෆයිල් පින්තූරයට දමා ගැනීම කියවා ගත යුත්තේත් මේ විදියට තමයි….

සිරියාවේ, ඉරාකයේ, ලෙබනනයේ, යේමනයේ, ඇෆ්ගනිස්ථානයේ, පාකිස්ථානයේ දිනපතා අහන්න, දකින්න ලැබෙන ත්‍රස්ත සහ “නො-ත්‍රස්ත” ප්‍රහාර වලින් පැය දොළහකට විතරම එකසිය පනහක් මැරෙනවා…ෆේස්බුක් එක අයිති සහ ඒක කළමණාකරණය කරන අයට කොඩිය දාන්න හිතුණද?….”pray” කරන්න හිතුණද…?….ඩැමැස්කස් වල කාර් බෝම්බයක් ගිය දාට, බැග්ඩෑඩ් වල මාකට් එකක මරාගෙන මැරෙන බෝම්බයක් ගිය දාට “We Stand With Syria” කියලා “Social Media Movement” එකක් පටන් ගන්න හිතුණද….?…..ශ්‍රී ලංකාවේ ළමා සොල්දාදු ඛේදවාචකය…ගුවන් ප්‍රහාර වලින් බේරීගෙන අතපය පැසවපු සහලෝලා උණ ගැනිච්ච දරු පැටවු බදාගෙන විලාප කිය කිය දුවන දෙමළ අම්මලා, ක්‍රීඩා තරඟයකට ගියපු දරුවො පෙට්ටියෙන් ගෙදර ආවාම ඒ මිනී බදාගෙන විලාප කියන සිංහල අම්මලා වෙනුවෙන් pray කලේ කවුද?…..Breaking News දුන්නෙ කවුද?….Forum වෙන් කළේ කවුද?…..Expert Panel Discussionsතිබ්බෙ කවුද?….

එතකොට ලංකාවේ අපි…?

ලාංකික සයිබර් ප්‍රජාව වන අපි ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නෙ ඇයි?….pray කරන්නෙ ඇයි…?...”ලොවේ කොතනක මියගියත් ඔබ මගේ සොයුරාමයි, මගේ දරුවාමයි” කියන සඳ වැගිරෙන මානව හිතවාදය නිසාද?….එහෙනන් කෝ සිරියන් කොඩි…?…කෝ පලස්තීන කොඩි…?…කෝ ඉරාක කොඩි…?…කෝ බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදින් විසින් මරා දමන අහිංසක බෞද්ධයන්ට කොඩි…?….කෝ මියන්මාරයේ බෞද්ධ අන්තවාදින් විසින් මරා දමන රොහින්යා වරුන්ට කොඩි…?…

නෑ ඉතින් ප්‍රංශෙ කියන්නෙ ප්‍රංශෙ නෙ නෙහ්…?….සුදෝ සුදු ප්‍රංශ නංගියෙක්ගෙ පිණි ජම්බු ගෙඩියක් බඳු කොපුල් තලා දිගේ රූරා ගොස් වැටෙන කඳුළකට, ඒ නංගි නිහඬව බිම බලාගෙන දණ ගහගෙන පත්තු කරන ඉටි පන්දමක් අඬ අඳුරේ කියාපාන මනුෂ්‍යත්වයේ ශෝකාලාපයට මයික්‍රොවේව් අවන් එකේ තැබූ වෙඬරු ග්‍රෑම් පන්සීයක් සේ උණු වී නොවැගිරෙන හදවත් කුමට…?… හොඳේ…?…

ප්‍රංශයේ මිනිස්සු මැරෙන්න ඉපදුණු අය නෙමෙයි නේ….ඒ අය කොහොමවත් මෙහෙම මිය යා යුතු නැති අයනෙ….අර සිරියාවෙ, ඉරාකයේ වගේ බුරුතු පිටින් මැරිලා යන්න ඉපදිච්ච කාළකණ්නි බැල්ලිගෙ පුතාල වගේද ප්‍රංශේ මිනිස්සු….?….නෙහ්…කොඩිය දාමු…!… ප්‍රංශෙ මොඩර්න්, ප්‍රංශෙ පොෂ්, ප්‍රංශේ සෙක්සි, ප්‍රංශෙ රොමැන්ටික්……!..නොදෝකින් ගොරහැඬි ඉරාකෙ….ඉකේයියා ඇෆ්ගනිස්ථානයේ….චික්, තුක් පලස්තීනෙ…ඕක් සිරියාව…!

“ප්‍රංශ යුවතියන්…හදේ කොණ අරන්” ඉන්න වෙලාවෙ ප්‍රංශ කොඩිය දැම්මාම ඔයාව පේන්නෙ මාර “ඉන්ටනැෂනල්, මල්ටි නැෂනල්, සෙන්ටිමෙන්ටල්, සෙන්සිටිව්, රොමැන්ටික්, මොඩර්න්” පොරක් වගේ…. එතකොට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න ගොබිලලා කල්පනා කරනවා “බලාන්ඩ අනී….මේ අයියා / අක්කා / නංගි / මල්ලි මාර ඉන්ටනැෂ්නල් තින්කින් එකක් තියෙන, මානව හිතවාදි, මානුෂීය වාදී, ප්‍රජාතන්ත්‍රවාදී, භූමි කම්පාවාදී, ඩෑල් එකක්නෙ….බලන්න ෆ්‍රාන්ස් වලට “බල්ටි තුනයි, විසිල් දෙකයි” දුරින් වෙන්න ඕන මූ ඉන්නෙ…හවසට හවසට ෆ්‍රෑන්ස් ගිහින් ෆ්‍රාංශුවා ඕලාන්ඩ් එක්ක බෙලිමල් කෝප්පයක් ගහලා එනව ඇත්තෙ… මූ කැරම් ගහනවා ඇත්තෙ යැනික් නෝවා එක්ක, ජිල් බෝල ගහනව ඇත්තේ ශෝන් රෙනෝ එක්ක… එතකොට අඳින්නෙ පියරේ කාඩින්ගේ රෙදි….රෙනකොට අහන්නෙ අරූගෙ සිම්ෆනි, කනකොට අහන්නෙ මුගේ සිම්ෆනි, බුදියනකොට බලන්නේ අරූගෙ ඔපෙරා, වෙන්න ඇති….ඕකා ප්‍රංශ ඉතිහාසෙ කට පාඩමෙන් දන්නවා ඇති….ප්‍රංශ විප්ලවේ කෙරෙන වෙලාවෙ රොබෙස්පියර්ගෙ අම්මට බත් පැකට් එක අරන් ගිහින් තියෙන්නෙ මූ….නැපෝලියන් ඉපදිච්ච වෙලාවෙ මූ තමයි වින්නඹු කම් කොරන්න ඇත්තෙ”…වගේ දේවල් ඒ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් වල ඉන්න අයට හිතෙන්න පුලුහන්….ඒ සේරටමත් වඩා ඔයා මාර Westernized කියලා පෙන්න ගන්නත් පුලුහන්….ඔයාට කේබල් ටීවී තියෙනවා කියලා පෙන්න ගන්න පුලුහන්….ඒකෙන් සී.එන්.එන්, බී.බී.සී පලෝ කරනවා කියලා පෙන්න ගන්න පුලුහන්…ඔයාලා සොට්ටෙයා ඇප්ස් එහෙම යූස් කරන්න දන්නවා කියලා පෙන්න ගන්න පුලුහන්….

අනේ ඉතින් උඹලා ජාත්‍යන්තර දේශපාලනය ගැන දිනපතාම වගේ මාර අවධානයෙන් නෙ ඉන්නේ නෙහ්….?….

2004 ආසියානු සුනාමියෙන් පස්සෙ තායිලන්තයේ දරුණුම විනාශයට ලක් වුනු “පංග් ගා සහ ෆුකට්” ආදි පළාත් වල වැසියන්ට රෑට රෑට තෙත බේරෙන ඇඳුම් ඇඳගත්තු හොල්මන් පාරෙ යනවා පේන්න ගත්තා….මනෝ විද්‍යාඥයන් ගවේෂණය කරගෙන යනකොට පෙනුනලු, මේ අයට මේ පේන හැම හොල්මනකම පාහේ ඉන්නෙ සුද්දෙක් හෝ සුද්දියක් කියලා….පසුව මේ තත්වයට හේතු සාධක වශයෙන් ඒ මනෝ විද්‍යාඥයන් ඉදිරිපත් කරපු දේ තමයි තායිලන්ත වැසියන් මේ සුදු හම තිබෙන, කොකේසියානු සම්භවක් සහිත මිනිස්සුන්ට දක්වන අසීමිත ගෞරවය නිසා, ඒ මිනිස්සු මෙහෙම මැරුණා කියන එක, ඒ අයගේ මළ කඳන් තිබීම විශ්වාස කරන්න, අදහගන්න බැරි දෙයක් උනා….අන්න ඒ කම්පනය තමයි මේ Mass Hysteria එකක් වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ කියන එක….

අන්න ඒ වගේ තමයි අපිටත්….මැස්සො වගේ මැරිලා යන්න ඉපදිච්ච තුන්වෙනි ලෝකයේ හිඟන රටවල මිනිස්සු මැරුණා කිව්වාට ඕක ගාණක් නෑ…උන් ඉතින් මැරෙන්න නෙ ඉපදිලා ඉන්නෙ…..සුද්දො මැරුණා කිව්වාම, දියුණු රටක මිනිස්සු මැරුණා කිව්වාම, බලසම්පන්න රටක මිනිස්සු මැරුණා කිව්වාම දැනෙන කම්පනය සුවිශාලයි….“උන් කොහොමද දෙයියනේ මැරෙන්නෙ?” කියන ප්‍රශ්නෙ තමයි අවිඥානය අපිට මතු කරලා දෙන්නේ….අවිඥාණය අපිට යෝජනා කරන්නෙ ඒ තරම් සම්පත් මහෝඝයක් සහ මිලිටරි බලයක් සහිත, ඒ තරම් තාක්ෂණයක් තියෙන ධනවතුන් මැරෙන්නෙ කොහොමද කියන විමතිය….ඒක ලොකු ක්ෂතියක්, භ්‍රාන්තියක්….ඔය ලැයිසාගේ, කතිරිනාගේ, කරලැයින්ගේ, ගිරිගෝරිසාගේ, ජෙමාගේ, තෙපානිසාගේ, බූරු ජීලියාගේ, අගිදප්පුවාගේ ගෙවල් වල බක් මහෙන් බක් මහට වදාපු කොළු කෙළි පණුවො මැලේරියාව, අම්මාවරුන්නේ ලෙඩේ, සිංහලේ උණ, හීත උණ, අරක මේක හැදිලා එක ගොඩේ මැරිලා ගියත් ඕක ගාණක් යැ….?….වලව්වෙ සුදු අප්පො මළොත් අම්මට හුඩු “බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්” හත් දවසක්, හත් වරුවක්….සිරියාවතී වැදුම් ගෙයි සන්නිය වැඩි වෙලා හුජෑ උනා වගේද බොල වලව්වේ නෙළුම් බණ්ඩාර මැණිකෙ දිවංගත වෙච්චි එක…?….

දැන් ලංකාවෙනේ අර්බුදය තියෙන්නෙ බලපුවාම….සමහර මුස්ලිම් මිනිස්සු “මේක මේ අවංක අහිංසක සුන්දර ඉස්ලාම් භක්තිකයන් කරපු වැඩක් නොවේය, මේක මේ ප්‍රංශ බුද්ධි අංශයන්ම කරාපු එකක්ය” කියන්න ගේන වඳුරු කුණුහරුප තර්කයි, ඒකට රෙද්ද කරට ගත්තු සමහර සිංහල මිනිස්සු “තම්බින්ට ගහනව නම් ඕන යකෙක්”  කියලා ප්‍රංශ කොඩිය දාගෙන කියන වඳුරු කුණුහරුප කථායි දැක්කාම අපිට එක තර්ක වර්ගෙට එක කොණෙන් ගානෙ කොන් දෙකෙන්ම හිනා යනවා….මෙතන එහෙම සීන් එකකුත් යටින් යනවා…අපි නොදන්න අපි … !

අනික ලංකාවෙ අපි ඉතින් උපන්ගෙයි මානව හිතවාදින් නෙහ්…?…මැද පෙරදිග රස්සාවට ගියපු දුප්පත් ගෑණියෙක්ගෙ වේදනාව තළු ගහලා හප කරපු, ඒ වචන අදටත් බයිට් එකක් කර ගෙන ඕනම දේකට “ඕක ළමයෙකුට දීපන්, හෙණ ගහලා අකුලෝලම පලයන්”  කියන අපි තමයි “ෆ්‍රෑන්ස් වල ෆ්ලෑග්” එක දාගෙන ඉන්නෙ මේ මානුෂිකත්වය වෙනුවෙන්….දහස් ගණන් එකතුවෙලා සයිබරයේ සමූහ දූෂණය කරන්න කවුරු හරි නර බිල්ලක් සතිපතා අහුවෙනතුරු කෙළ හල හල බලාගෙන ඉන්න, කාගෙ හරි ජීවිතයක වැරදිච්ච තැනක් අහුවුන ගමන් මෘගයො වගේ රංචු පිටින් වටවෙලා හපාකන, මරාගෙන කන අපිට තමයි මේ ප්‍රංශය වෙනුවෙන් “වැක්කෙරෙන්නෙ” …. අපි ඉතින් මනුස්සකම රැකීම අතින් කප් ගහපු රටක්නෙ….අවුරුදු 67 තිස්සේ උතුරෙයි දකුණෙයි අපි ලෙසටම මනුස්සකම රැකලා ඉවර වෙලා, මදි පාඩුවට තමයි අපේ මේ මහා කරුණාව අහස් ගඟ පිටාරා ගලන්නා සේ ප්‍රංශය දෙසට යොමු කරන්නෙ….අපි මනුස්ස කම රැක්ක හැටි, මනුෂ්‍ය ඝාතන හෙළා දකින හැටි, ප්‍රංශයෙ උන් තාම කථා වෙනවලු ඕයි ..!… ඔව්…!….බොරු නම් ” French INGO Action Against Hunger – Muttur”” කියන වචන ටික ගහලා සර්ච් කරල බලපල්ලා….!….

අවසාන වශයෙන් ……

HMS Lusitania, MV Wilhelm Gustleoff, SS Patria, Taiyo Maru,, වගේ නම් අහලා තියෙනවද?

නැද්ද? එහෙනන් “HMS Titanicකියන නම අහල තියෙනවද?…

මොකද නැත්තෙ…?…ඇයි අර ජැක් චිත්‍ර ඇන්දෙ.. රෝස් හෙලුවෙන් හිටියෙ….”My Heart will go on and on”” උනේ….ඔව් ඒක තමයි…

ඔය මුලින් කියපු නැව් ගිළුනෙත් අත්ලාන්තික් සාගරය සහ ඒ ආශ්‍රිතව තමයි….ඒවා ගිළුණෙ පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධය අතරතුර යුරෝපයෙන් ඇමරිකා එක්සත් ජනපදයට, ලතින් ඇමරිකානු කළාපයට, කැනඩාවට එහෙම පළා යන සරණාගතයන් රැගෙන යද්දි එල්ලවුනු සබ්මැරීන ( German U-Boats, Soviet R-Boats) ප්‍රහාර නිසා…ඒ සිදුවීම් වලින් සරණාගතයන් දහස් ගාණක් නැව් සුන්බුන් අතරෙ හිරවෙලා ඒවා එක්කම මුහුදු පතුළටම ගියා… එළියට පැන ගත්ත අය සීතල මුහුදු වතුරෙ ගිලිලා, ලේ මිදිලා, සීතලට ලේ කැටි හිරවෙලා මැරුණා….ඒ මැරුණ අයගේ නම්, ගම් තියා නිශ්චිත ගාණක් මිම්මක් වත් අද තා වන තුරු නැහැ….ඒ අයගෙන් අති බහුතරය යුද්දය නිසා සේරම නැතිවෙලා ඇඳිවත සහ අඹු දරුවන් පමණක් ඇතිව ශාපලත් යුරෝපයෙන් පළා යමින් සිටි අසරණයන්..මේවයේ නැව් පතුල් වල තියෙන අඳුරු ගබඩා කාමර වල සත්තු වගේ ඉරිච්ච රෙදි පාන්කඩ ඇඳගත්තු දහස් ගාණක් සරණාගතයෝ හැරෙන්නවත් ඉඩක් නැතුව, හුස්ම ගන්න හුළං පොදක් නැතුව, ගාල් කරලා ගෙනිච්චෙ…ඒ නැව් ගැනවත්, ඒවායේ හිටපු මගීන්ගේ ජීවිත කථා ගැනවත් චිත්‍රපටි හැදුණේ නැහැ….

අන්න ඒකට ටයිටැනික්…!…සිද්ධියෙන් අවුරුදු 85 කට පසුව, එනම් 1997 දි ජේම්ස් කැමරන් කරපු ප්‍රතිනිර්මාණයට ලෝක වාසීන්ගේ හඳුන් පොත කොච්චර කී ගෑවාද කිව්වොත්, අර ජැක් රෝස් ජෝඩුව නැවේ ඇණිය උඩ ඉඳගෙන පිහාඹින්න හදන පින්තූරෙ පොත් පිටකවර, බුක්මාක්, බෑග්, ටී ෂර්ට්, ජංගි දක්වා ආවා….සෙලීන් ඩියොන් අක්කගේ සින්දුව එදා මෙදා තුර ඔක්කාරෙට එනකල් ඇහිලා ඇති….තාම ඇහෙනවා….””My “Fart” will go on and on””……

ගිනි ගත් යුරෝපයේ වෙඩි හඬ මග ඇරලා, කාළ තුවක්කු ගිගුම් දෙන හඬ, බෝම්බ හෙළීමට පහළ බසින ගුවන් යානා නගන කන් බිහිරි කරවන හඬ මග ඇරලා, මරබියේ වෙව්ල වෙව්ල, ඝණ අඳුරු නැව් ගබඩා කාමරයක කූඩු වෙලා, හීතලේ ගැහි ගැහි යන සරණාගතයෝ මැරුණා වගේද, බෑන් චූන් ගහගෙන, බාල් නටාගෙන, මිළ අධික වයින් වලින් ටෝස්ට් එක දාගෙන, ගියපු කුමාර ගමනක කෙළවරේ මැරෙන්න සිද්ද උනාම….නෙහ්…?…වාර්ෂිකව සප්ත මහා සාගර වල ගිලෙන සරණාගතයන් රැගත් බෝට්ටු, නැව් වල කථාව කොතනක ලියවුණත්, ඒවාට කාගෙවත් “Heart will go and on” උනේ නැත්තෙ ඇයි කියන එක සහ විනෝද සවාරියක් යන්න ගිහින් ආක්ටික් සාගරයෙදි අධි තක්සේරුව නිසා මරණය ළඟා කරගත් අය වෙනුවෙන් අවුරුදු 85 කට පස්සෙත් ලෝක වාසීන්ට “Heart will go and on” වෙන්නෙ ඇයි කියන එක තුළ අපිට ප්‍රංශ කොඩියෙ ප්‍රොෆයිල් පින්තූරය කියව ගන්න පුළුවන්….

ඛේදජනක ත්‍රස්ත ප්‍රහාරයක් නිසා 150 ක් මියගිය ප්‍රංශයේ පැරිස් නුවර වෙනුවෙන්, ලොව පුරා සුපිරි නගරවල තියෙන ස්මාරක වල ප්‍රංශ කොඩියේ පාට වැටෙද්දි, සිරියාවේ, ඉරාකයේ දවසකට 150 ක් විතර මැරුණත් ඒ කොඩි වල පාට කොතැනකවත් නොවැටෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් ටයිටැනික් නැවේ කථාව සහ චිත්‍රපටිය ගැන හිතුවාම….

තුන්වෙනි ලෝකයේ හිඟන හැත්ත ඉපදිලා ඉන්නෙ මැස්සො වගේ මැරිලා යන්න…උන් බුරුතු පිටින් මැරිලා ගියත් අපිට පුදුමයක් නෑ…අපි ඒ මරණ පිළි ගන්නවා…ඒවා ලෝකයට කම්පන තරංග මුදා හරින්නෙ නෑ……ඒවා ඉතින් “වෙන්න තියෙන දේවල්”….

ඒ වගේද ප්‍රංශෙ දෙයියනේ…?

ධනවත් අය මිය යෑම සතුටක් නෙමෙයි….දුප්පතුන් මිය යාම සාමාන්‍ය දෙයක් විය යුතුද නොවේ….පළවෙනි ලෝකයේ, තුන්වෙනි ලෝකයේ නෙමෙයි දහවෙනි ලෝකයෙ උනත්, උදේට සිය අඹු දරුවන් සිප සනසා නිවසින් එළියට බසින මිනිසාට සවස නැවත තම ආදරණීයයන් වෙත එන්න නොලැබෙනවා නම්, සංගීත ප්‍රසංගයක් බලන්න පිටත්ව යන තරුණ දියණියට මිනී පෙට්ටියෙන් නැවත නිවසට එන්න වෙනවා නම්, මධුවිතකින් සප්පායම් වන සාමකාමී රසවතෙකුට ඉන් සුළු මොහොතකට පසු වෙඩි උණ්ඩයක රස බලන්න ලැබෙනවා නම්, පෙම්වතියගේ දෙතොල් සිපගන්නා පෙම්වතෙකුට මද වේලාවකින් ඇයගේ මිනිය බදාගෙන අඬන්න වෙනවා නම්, ඒක ශිෂ්ඨත්වයේ දරුණු පරාජයක්….මනුෂ්‍යත්වයේ දරුණු පරාජයක්….ඒ පරාජය හමුවේ ඒ පරාජයට පාර කපා අනෙකුත් පාර්ශවයන් ලබන මොනම සමාජ, ආර්ථික හෝ දේශපාලන ජයග්‍රහණයක් වත් වලංගු නෑ…ඒ හමුවේ ලබන කවර ආකාරයේ වත් ආගමික ජයග්‍රහණයක්, ජාතික ජයග්‍රහණයක් වලංගු නෑ….

නමුත් ඒක ප්‍රංශයෙත් එසේය, බංග්ලාදේශයෙත් එසේය, ඉන්දියාවෙත් එසේය, ශ්‍රී ලංකාවෙත් එසේය, ඇමරිකා එක්සත් ජනපදයේත් එසේය, රුසියාවෙත් එසේය, චීනයෙත් එසේය, ඊශ්‍රායලයේත් එසේය, පලස්තීනයෙත් එසේය යනුවෙන් පොදු ධර්මතාවයක් ලෙස බලපැවැත්ම ප්‍රංශය ඇතුළු ලෝකයේ කිසිම රටක පිළිගන්නෙ නෑ……

ඒ නිසා සෑම ජීවිතයකටම එක සමාන වටිනා කමක් නෑ…..

මනුස්සකම කියන්නෙත් විලාසිතාවක් පමණයි…


උපුටා ගත්තේ නොදන්න මගුල් බ්ලොග් අඩවියෙනි

25 comments:

  1. "නූතන මනුස්සකම" කියන්නෙත් හුදු "මාධ්‍ය විලාසිතාවක්" පමණක්ද…? නැත..
    මනුස්සකමත් විකුණං කන්න පුලුවන් ටොපික් එකක් යකෝ.....

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++
      ඒක තමයි. හැම දේම විකුනනවා. ඒව මිලදී ගන්න අපට සියුම්ව බල කෙරෙනවා.

      කවුරුහරි මට කීවොත් අනේ අර බලන්න ප්‍රංශෙ වෙලා තියන දේ කියල . මම ජෝක් එකට අරන් කියන්නෙ ඕව මොනවද බං නැට්ට පිටින් අලි මැරෙන්නෙ කියල.

      මොකද කතන්දරේ සුල මුල කුරුස යුද්දෙ සීතල යුද්දෙ බටහිර අධිරාජ්‍යවාදය ගැන කිව්වට තේරෙන්නෙ නෑනෙ. කෙටියෙන් එහෙම කියල දාන එක ලේසියි.

      ඉරාකෙ ඇෆගනිස්තානෙ මැරෙන ඒවට ප්‍රොෆයිල් පිචර් වෙනස් කලේ කවි ලිව්වෙ එහෙමත් නැති නිසා මේකට ඒව කරන්න කම්මැලියි කියල කියනව.

      Delete
  2. ප්‍රංශ ප්‍රහාරක යානා අදම පටන් ගත්තලු සිරියාවේ ඉලක්ක වලට ගහන්න. ඔව්වා නිකං සෝඩා බෝතලේ කැඩුවා වගේ. ස්ථිරසාර වැඩපිළිවෙලක් කවදාවත් හදන්නේ නෑ ඔය යුරෝපීය රාජ්‍ය නායක හවුලෙන්.

    ReplyDelete
    Replies
    1. ඕක තමා ඩ්‍රාම එකේ ඊලඟ ජවනිකාව. ඇමරිකාවෙ ලෝක වෙළදපොලට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මිලියන ගනන් අරාබීන් මැරුව වගෙ දැන් ආයෙත් අරාබීන් මිලියන ගනනක් මැරෙයි. රුසියාව සිරියානු අර්බුදයෙදි ප්‍රධාන නළුව වුනාට පස්සෙ බටහිර ලෝකය පොඩ්ඩක් පස්සට ගියා. දැන් ඕනනම් ප්‍රංශයට පුළුවන් ග්‍රවුන්ඩ් ඇටෑක් එකක් වුනත් පටන් ගන්න.

      ස්ථිරසාර විසදුම් සොයන්න අවශ්‍ය කාටද. මැදපෙරදිග සුන්නි ත්‍රස්තවාදය පැහැදිලිවම බටහිර නිර්මානයක්. බටහිර ජාතීන් සුන්නි ත්‍රස්තයන් පුහුණු කරනවාය කියන එකම නොවෙයි මේ කියන්නෙ. එහෙම වෙනවත් ඇති. අයි එස් අයි එස් වගෙ කල්ලි එකපාරටම මතුවෙලා බර අවිත් සමග සන්නද්ධ වෙලා රජයේ හමුදාවන් පරදවනව. සිරියන් හමුදාව විත්ඩ්‍රෝ වුන විදිය බලපුවම මෙහෙම ආගමික අන්තවාදීන් කන්ඩායමකට එච්චර ඉක්මනට එවැන්නක් කළ හැකිද කියන ප්‍රශ්නෙ මතුවෙනව. විශේෂයෙන් මේ තරම් වේගයෙන්.

      අල් කයිඩාවෙ මූල බීජයන් නිර්මානය කලේ ඇෆ්ගනිස්ථානෙ සෝවියට් හමුදාවලට එරෙහිව. එතනදි ගුල්මදීන් හෙක්මතියාර් ( ඉරාන සහාය ලද ) , අබ්දුල් රසාක් ඩොස්ට්‍රම් (උස්බෙක් හමුදා සේනාංකයක් ) ඇතුළුව සුන්නි කන්ඩායම් විශාල ප්‍රමානයක් සටන් කලා. බාබ්‍රා කර්මාල් ඉවත්වෙලා සෝවියට් හමුදා මුළුමනින්ම ඉවත් කර ගත්තත් කාබුල් අගනුවර අල්ලගන්න මේ විශාල බලවේගයට බැරිවුනා. මේ සටන්වලින් අවසාන වශයෙන් ජය ගත්තෙ හෙක්මතියාර්. ඒ ඉරාන සහාය මත. උපක්‍රමිකව ඉරානයෙ වැදගත්කම ඉතා පැහැදිලියි.

      නමුත් තලේබාන් කියල කන්ඩායමක් එක්පාරටම මූදෙන් මතුවුනා වගෙ කරලියට ආව. සෝවියට් හමුදා එක්ක දරුණු සටන් කළ සියලු බලයන් බිඳ වැටුනෙ සෙල්ලම් ගෙවල් කඩා වැටෙනව වගෙ. හරියටම අයි එස් මතුවුනා වගෙ. පෙරමුනු වල සටන් කරන ආගමික උන්මත්තකයො දන්නෙ නෑ මේවගෙ මුල් කොහෙද කියල. උන් හිතන්නෙ දෙවියන්ගෙ බලෙන් මේව වෙනව කියල.

      අයි එස් තලේබාන්ල ඇතුළුව මැදපෙරදිග හැම අවුලකම විත්තිකාරය බටහිර ලෝකය. ඉස්ලාමීය මූලධර්මවාදය ගැන හොඳින් අධ්‍යනය කරල මේව සැලසුම් කරන්නෙ. තම්බිල මංමුලා වෙලා. උන් දන්නෙ නෑ කවුද සතුර කියල.ආයුධ එන්නෙ කොහෙන්ද කියල.එක පැත්තකින් ඉස්ලාමය මුළු ලෝකයෙම අපවාදයට ලක්වෙනව. බටහිර ආක්‍රමනයකට හේතු නිර්මානය වෙනව. බටහිර සෙබලුන් ඉතා අඩුවෙන් බිලිදීල මුස්ලිම් ලෝකය විනාශ වෙනව.උන් උන්ම මරාගන්නව.

      Delete
  3. එක එක රටවල් වලට එක එක එක මිනිස්සුන්ට තියෙන වටිනාකම් වෙනස්

    ReplyDelete
    Replies
    1. ඒක තමා අසාධාරනය . අපේ මනස කාටවත් ඕන විදියට සකස් කරන්න දෙන්න හොඳ නෑ. බාලචන්ද්‍රන් ගෙ කතාවත් ඒකමයි. බටහිර මතය බාලචන්ද්‍රන්ගෙ මරනය පමනක් අපරාධයක් කියල. නැගෙනහිර සිංහල ගම්වල පොඩි දරුවො කපල කොටල මරන ඒව අපරාද නොවෙයි. ඒව හමුදාව දකුනට ගෙන්වා උතුරෙ පීඩනය අඩුකරන්න කරන උපක්‍රම ,එහෙම නැත්නම් ඓතිහාසික වශයෙන් දෙමළ ජනතාවට වුන අසාදාරනය නිසා වුන දේවල්. එහෙමත් නැත්නම් හමුදාව උතුරෙකරපුවට කළ පලිගැනීම්. මේ තර්ක ගේන්නෙ අර දරුවො මරපුව සාධාරනීකරනය කරන්නයි.

      බාලචන්ද්‍රන් විස්කෝතු කන හැටි දැකල පපුව පැලුන පොෂ් සමාජය කවි ලිව්ව මානව හිතවාදය වැගිරුනා. හැබැයි නැගෙනහිර ගම්මානවල පොඩි උන් කලින්දා රෑ කාල තිබුනෙ ගස්ලබු ( පැපොල් ) තම්බල. ඒ ළමයි බාලචන්ද්‍රන් වගෙ පුෂ්ටිමත් නෑ. බටහිර නිර්නායකවලට අනුව ඒව අපරාධත් නෙමෙයි.

      බාලචන්ද්‍රන්ගෙ මරනය ගැන මටත් දුකයි. ඒ පොඩි දරුවෙක් නිසා. ඒක අපි හෙළා දකිනනව. පොෂ් සමාජය නැගෙනහිර දරුවන් හෝ කැබිතිගොල්ලෑවෙ දරුවා ඝාතනය සාධාරනීකරනය කිරීමට තර්ක නොගෙනිය යුතුයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කිව්වෙ කැබිතිගොල්ලෑවෙ බෝම්බය යුධ ඉලක්කයක් කියල. මොකද ඒ බස් එක ගියෙ ග්‍රාමාරක්ෂකයෙකුගෙ මළ ගෙදරක නිසා. ඔය මත තමා ගෙඩිය පිටින් පොෂ්ය කියල හිතන මැටි මීහරක් ගිලින්නෙ.

      Delete
  4. ඔය බටහිර මිනිස්සු ලෝකෙට හැම අපරාධයක්ම කරනව හැබැයි තමන්ගේ ලේ හෙල්ලෙනවට මර බයයි. ඒ මොනව උනත් බටහිර රටවල් වල සහය හා පූර්ණ ආශිර්වාදය යටතේ අපේ රටේ ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදියෝ අහින්සක ගම් වැසියන් බුරුතු පිටින් මරනකොට හිත උනු වෙච්ච නැති මේ රටේ පොෂ් එවුන් දැන් ප්‍රංශය වෙනුවෙන් කඳුළු වගුරුවනවා.මම කියන්නේ නෑ මෙතනදි අපි සතුටු වෙන්න ඕන කියලා. හැබැයි බටහිරටත් ඉගෙනගන්න පාඩමක්

    ReplyDelete
    Replies
    1. මට බටහිර විරෝධයක් නැතත් ඔවුන්ගෙ උපක්‍රම ගැන පිළිකුලක් තිබෙනවා. කැප්පෙටිපොල පුරන් අප්පු වගෙ අයගෙ සටන් පරාජය වීම ප්‍රගතිශීලී දෙයක් ලෙස මා සදහන් කර තිබෙනවා ඔබ දකින්න ඇති. රජවරු නිර්දය ලෙස විවේචනය කරනවා ඔබ දකින්න ඇති. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන ,ඩොනමෝර් සාමිගෙ ප්‍රගතිශීලී දේවල් අගය කළා දකින්න ඇති. ඒ වගේම සමාජවාදී කදවුරේ තනි පක්ෂ නාඩගම තදින් විවේචනය කළා දකින්නත් ඇති.
      මම එහෙම කිව්වෙ මම හුදු බටහිරවිරෝධියෙක් නොවන බව කියන්න.

      ප්‍රභාකරන්ගෙ ත්‍රස්තවාදය වෙලාවෙ හිත උනු නොවුන උන් ප්‍රංශ සිද්ධියට වැලපෙන හැටි නම් බලන්න ලස්සනයයි. ඇත්තටම වෙලා තියෙන්නෙ මුන් අනුන්ගෙ බෙර පදවලට නටනව. මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. ෆේස් බුක් ගැනනම් කතා කරල වැඩක් නෑ. හරක් මඩුවක්. එක පාරක් සමලිංගික දේදුන්නක් ප්‍රොෆයිල් වලට දාගෙන උන්නෙ.

      බටහිරට මේක පාඩමක් වෙන්නෙ නෑ. ඔවුන් කාලයක් තිස්සෙ අධ්‍යක්ෂනය කරන සිනමා පටයනෙ. මේක ඇක්ෂන් ෆිල්ම් එකක්. ඉස්ලාම් දුෂ්ටයා බුරුතු පිටින් වනසන්න බටහිර වීරයා කරලියට එන ජවනිකාව ඊලඟට තියෙන්නෙ. ඩිං ඩිං ගාගෙන ස්ලෝ මෝශන් එකෙන් මස් පිඩු පුම්බගෙන බටහිර වීරය එනව .ඇවිත් අරාබියෙ පොඩි උන් බුරුතු පිටින් මරනව. කාගෙවත් ප්‍රොෆයිල් පික්චර් මාරු වෙන්නෙ නෑ. ඒ මිනිස්සුන්ගෙ කඳුලු කඳුළු නෙමෙයි කොටින්ම ඒ මිනිස්සු මිනිස්සුත් නෙමෙයි.

      Delete
  5. අදවෙනකොට ත්‍රස්තවාදය මුලු ලෝකයම ගිලගෙන අවසන්.මේ ප්‍රහාරයෙන් පස්සේ ISIS ත්‍රස්තයන් කියා තිබෙනවා අදින් පස්සේ ප්‍රංසජාතිකයන්ට නිදහසේ නිදාගන්නවත් ඉඩතියන්නේ නෑ කියලා.නිතර පිපිරීම් නොවුනත් හිටි හැටියේ විශාල පිරිසක් ඉලක්ක කරගත් පහරදීම් ඉදිරියේදිත් වෙන්න පුලුවන්.දැන් ප්‍රංශජාතිකයන්ට මේ භීතිය දැනෙනවා.මුලු දවසම මර බයෙන් ගෙවන්න ගෙවන්න වෙනවා.නිවසින් එලියට යන තමන්ගේ දරුවෝ නැවත නිවසට එනතුරු බයෙන් ජීවත් වෙන්නවෙනවා.අපේ රටේ ජනතාවත් මෙහෙම ගෙවපු කාලයක් තිබුනා.ඒ භිතියෙන් රටමුදාගන්න හදනකොටත් හරහට හිටියේ බටහිර ජාතිකයන්මයි.මුදාගත්තට පස්සෙත් ඒ ගැන ප්‍රශ්න කරන්නෙත් ඔවුන්මයි.බටහිර ජාතිකයන්ම ත්‍රස්තවාදීන් බිහිකරලා අද ඔවුන්ම ඒ ත්‍රස්තවාදයෙන් භිතීයට පත්වෙලා.අද ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට ලොකු බලපෑමක් මේ නිසා සිදුවෙනවා.නමුත් මේ රටවල බලවතුන් තවමත් කුලල් කා ගන්නවා මිසක ත්‍රස්තවාදය නැතිකරන්න සාර්ථක වැඩ පිලිවෙලක් යොදන බවක් පෙන්න නෑ..මොනව උනත් මේ නිසා මිය යන්නේ සාමාන්‍ය සිවිල් වැසියන්.

    ReplyDelete
    Replies
    1. අයි එස් අයි එස් කාරයන්ගෙ සිතියම අරන් බලන්න. උන් ඔය කියන්නෙ කරන්න පුළුවන් දේද නෑනෙ. ලන්ඩන් ,පැරිස් මොස්කවු අල්ලන්න කතාව. හැබැයි දමස්කස් අල්ලන්න බෑ.බැග්ඩෑඩ් අල්ලන්න බෑ. මේ නගරවල ඉන්නෙ මේ අයට උදවු කරන මිනිස්සු. අයි එස් ල කරන්නෙ මහා පරිමාන බටහිර ආක්‍රමනයකට හේතු හොයල දෙන එක.ත්‍රස්තවාදය කියන්නෙ බටහිර ලෝකයෙ නිර්මානයක්. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුවයි ත්‍රස්තවාදය කල එලියට ආවෙ. ඒකෙ අරමුන කොමියුනිස්ට්වාදය පැතිරෙන එක වැළැක්වීම. රාජ්‍ය නොවන සංවිධාන ඇතිවුනෙත් මේ අරමුනෙන්. පල්ලිය තමා පෙරමුනු බල ඇණිය වුනේ. මේක සීතල යුද්ධයෙ කොටසක්.

      ඉස්ලාමීය ත්‍රස්තවාදය සේවය කරන්නෙ බටහිරලෝකයට. අඩන්න ඉන්න ඇස්වලට ඇගිල්ලෙන් ඇනීම තමා ඉස්ලාමීය ත්‍රස්තවාදයෙ භූමිකාව. මේ කුරුස යුද්ධයෙම දිගුවක්.

      පලමු ලෝක යුද්ධයෙන් තුර්කිය පරාජය වීමෙන් පසු ඉස්ලාමීය ලෝකය බටහිර බෙර පදයට නටන නැට්ටුවෙක් වුනා. ඒ අතරෙ ගඩාෆිල වගෙ කටින් බතල කොල හිටවන චන්ඩි සෝවියට් සෙවනැල්ල යටතෙ බිහිවුනා. ඒක කිසි ලෙසකින්වත් බටහිරට තර්ජනයක් නෙවෙයි. දැණ් බටහිර ඔවුන්ගෙ ඊනියා වසන්තයන් තුලින් මේ ජෝකර්ල ඉවත් කරමිනුයි යන්නෙ. පුටින් මැද්දට පැන්නෙ නැත්නම් සිරියාවෙ අසාද්ටත් වෙන්නෙ ගඩාෆිට වුන දේමයි. මේ කටින් චන්ඩින්ට හරි හමන් හමුදාවක් වත් නෑ.

      මට ලෝක ඉතිහාසයෙ පැටලිලි තැනක් තියනව. ඒක තමා තුර්කීන් ක්‍රි:ව 1453 දි කොන්ස්තන්තිනෝපලය අල්ලගෙන විජයග්‍රාහීව කුරුස යුද්ධකරුවන් පරාජය කළ පසුව ප්‍රතුගීසීන් සමුද්‍රයේ බලවතුන් වීම. ඔවුන් මධ්‍යධරනී මුහුදෙත් මෙහෙයුම් කලා . තුර්කි සුල්තාන්ලට මේ කුඩා මුහුදු ජාතිය පරාජය කළ නොහැකි වුනේ ඇයි කියන එක.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Battle_of_Diu_(1509)

      https://en.wikipedia.org/wiki/Ottoman%E2%80%93Portuguese_conflicts

      https://en.wikipedia.org/wiki/Ottoman%E2%80%93Portuguese_conflicts_(1538%E2%80%9357)

      Delete
  6. දමිත්ට දාපු කමෙන්ටුවම මෙතනත් දාන්නං.....

    "එකඟයි වගේම නෑ!
    දමිත්ගෙ කතාව තවත් තේරුම් ගන්න පුළුවන් මට්ටමට ගෙනාවොත්.......,
    මිනිස්සු කණගාටු වෙන්නෙ "ඔවුන්ට දැනෙන" කාරණා සම්බන්ධයෙන්. පිට මිනිහෙක් මැරුණම නැති දුකක් තමන්ගෙ තාත්ත මැරුණම දැනෙන්නෙ ඒකයි. ඒ වගේම තමයි ලෝකයේ සිදුවන විවිධ ව්‍යසන නිසා අැතිවන හිත් වේදනාවලුත්.
    සේයාට කලින් ඒ වගේ ඝාතන සිදුවුනේ නැද්ද? නමුත් සේයාගෙ ඝාතනය වැඩි බලපෑමක් කලේ ඇයි?
    අන්න එතනදි උඹ කියපු කාරණා එක්ක යම් මට්ටමකට එකඟ වෙන්න පුළුවන්. මේවාට මාධ්‍ය මඟින් ඇතිකරන තෙරපුම හේතුවක් වෙන්න පුළුවන්. උඹයි මායි කැමති උනත් අකමැති වුනත් ඒක එහෙමයි. ඉන් එහාට තියන කාරණා-බංගලිදේශෙට, අප්‍රිකාවට මැදපෙරදිගට නැති කරුණාවක් පළවෙනි ලෝකෙට තියෙන්නෙ ඇයි? ප්‍රංශ කොඩිය දාගත්තම වැඩිය පොෂ්ද?.....- ඒ ඒ අයගේ පෞද්ගලික දේවල්.
    මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම......"

    ReplyDelete
    Replies
    1. ඒක හරි. නමුත් මෙතන මනෝවිද්‍යාත්මක හා සන්නිවේදන පෙළඹවීමක් තියනව අර පිට මිනිහගෙ මරනය ගැන තමන්ගෙ එකාට වඩා දුක් වෙන්න කියල. සමහර වෙලාවට තමන්ගෙ එකා ගැන දුක්වීම වරදකාරී දෙයක් බවට පෙරලනව. මේව කරන්නෙ මාධ්‍ය .
      සේයගෙ සිදුවීමෙදි ඒක අපි ඇස්පනාපිට දැක්ක. සේය තරම් මනස්කාන්ත නැති දරු දැරියන්ගෙ මරන ගැන අවධානයක් යොමු වුනේ නෑ. ඒකත් මේ වගෙම මාධ්‍ය නාඩගමක් තමයි.

      නමුත් මෙතනදි ලෝක මාධ්‍ය මෙහෙයවන බටහිරලෝකයෙ නිර්නායකයන්ට අනුව දුක් වීම නිර්දේශ කිරීමක් සිදුවීම සහ එය අන්ධානුකරනයෙන් අපේ අය වැළද ගැනීමයි විවේචනය වෙන්නෙ. මේ වගෙ දෙයක් හෙට ලංකාවෙ සිදුවුනත් ඔය කිසිම කෙනෙක් ශෝකවෙන්නෙ නෑ. ප්‍රංශකාරයන්ට ශෝකවෙන්න කිසිම විශය බද්ධ කරුනකුත් නෑ. පොෂ් කම ට හානියක් වෙයි කියල බයේ අපේ සමාජය දුක් වෙන්නෙත් නෑ.

      අනෙක් අයගෙ පෞද්ගලික කැමැත්ත ( ඇත්තටම ඔවුන් වෙත පටවන ලද අනුන්ගෙ කැමැත්ත ) ට ගරුකරන අතරෙම මේ පොෂ් රැලි ගැන දැනුවත් කිරීමත් වටිනව කියල මට හිතෙන්නෙ.
      භේදයක් නැතිව හැමෝම ගැන සංවේදී වීමේ වටිනාකම ගැන කතා කරමු.

      Delete
  7. මා මේ ගැන ලීවානම් ඇත්තෙන්ම මෙයාකාර ලිපියක් වෙයි. ඔබ කරන්නේ උපුටා දැක්වීමක් වුවත් මෙය අගය කරමි.

    ReplyDelete
  8. අපේ රට විතරක් නෙවෙයි ලෝකයත් ගමන් කරමින් ඉන්නෙ ප්‍රපාතයක් දෙසට බව පෙන්වන තවත් එක උදාහරණයක්. රටක පක්ෂ ගත්තත්, රට රටවල් ගත්තත්, බටහිර නැගෙනහිර විතරක් නෙවෙයි තවත් විවිධ විදිහට තියන රටවල් කාණ්ඩ ගත්තත් ඒ කවුරු කවුරුත් කුලල්කා ගන්නව මිසක් විසඳුමකට එන්න හිතන බවක් පේන්නෙ නෑ. අනෙක් එකාගෙ ඇහේ තියන රොඩ්ඩ දැකල විවේචන කරන බොලඳ තත්වයෙන් කවුරුවත් මිදිල නැති බව හැමතැනම පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. කාරනය දේශපාලනිකව තේරුම් ගන්නවනම් සීතල යුද්ධය අවසන් වුනේ නැහැ. වුනේ එහි බටහිරපාර්ශ්වය ශක්තිමත්වීමත් බටහිර පාර්ශ්වයේ සහායට ඩැනී ලෙස සිටි චීනය වෙනුවට ඉන්දියාව ආදේශවීමත් තමයි.චීනය ආර්ථික වශෙය්න් බටහිරට අභියෝගයක් වන මට්ටමට ආ අතර රුසියානු යෝධයා නින්දෙන් අවදිවුනා. රුසියාව හා චීනය කොටු කිරීමේ බටහිර න්‍යාය පත්‍රයයි ක්‍රියාවට නැගෙන්නෙ. ඔය තම්බි අයියලනම් ජෝකර්ල. සීතල යුද්ධය කියන සිනමා පටයට හාස්‍ය රසය ගෙනත් ප්‍රේක්ෂකයන් නිදා වැටෙන එක වළක්වන එක තමයි ජෝකර්ලගෙ වගකීම. ජෝකර්ල සිරාවට ගන්න අයත් ඉන්නවා. ජෝකර්ලට එරෙහිව බටහිර කුරුස යුද්ධයක් තිබුනත් ඒක ප්‍රධාන එක නෙමෙයි. ප්‍රධානම දේ රුසියාව හා චීනය කොටු කිරීම. ඒකයි භූ දේශපාලනික යථාර්ථය.

      විසදුම් සොයන්න කාටද අවශ්‍ය. මේ න්‍යායපත්‍රයට වැඩකරන කොට එහෙම තමයි දේවල් සිද්ධ වෙන්නෙ. මම මේ දේවල් කීවෙ වියුක්තව නැතිව මේ භූ දේශපාලන රාමුවට සංසිද්ධීන් අරගෙන විග්‍රහ කරමු කියල යෝජනා කරන්නයි.

      වියුක්තව අරය හොඳයි මෙයා නරකයි කියල නෑ. හැමෝම නොමඟ යනව යහමග නොදැන ප්‍රපාතයට යනව කියල එකකුත් නෑ.

      එක්තරා තිර රචනයකට අනුවයි හැම නළුවටම රඟපාන්න වෙන්නෙ.

      Delete
  9. ප්‍රසිද්ධිය වැඩිවෙන තරමට ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙන එකත් වැඩියි. දුක්වීමත් ඒවගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මේව ඔටෝවෙන ඒව නෙමෙයිනෙ. නිර්මානය කරන ට්‍රෙන්ඩ්නෙ . ඒව නිර්මානය කරන්නෙ දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව. ස්වාභාවිකව ඇතිවන රැලි නෙමෙයි. දුක්වීමත් ස්වාභාවික නෑ.අපට දුක් වෙන්න අපේ මනස සකස් කෙරෙනව. ඒක තිර රචනයට අවශ්‍යයි. අපට තියෙන්නෙ දෙබස් කියන්න විතරයි.

      Delete
  10. ඔය විග්‍රහය මමත් කියෙව්වා.. බොහොම බැලන්ස් විදියට බලල... කොහොම කිව්වත් නැති එකාට කොතනත් තැනක් නෑ.. එකයි ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඔවු නමුත් මෙතන මනස සකස්කිරීමක් සිද්ධ වෙනව. ඒක දමිත් ඔහුගෙ ලිපියෙ ඉතා ලස්සනට පැහැදිලි කළා. බටහිර මාධ්‍ය තමයි මේ මනස සකස් කිරීමේ දේශපාලනික ක්‍රියාව සැළසුම් සහගතව කරන්නෙ. ප්‍රොෆයිල් පික්චර් මාරු කරන එවුන් ගෙන් නම් 99% ක්ම දුවන්නන් වාලෙ දුවන කෙට එළදෙන්නු .

      Delete
  11. යුරෝපයේ උන් හිතන්නේ ලෝකය තතියෙන්නේ යුරෝපය ඇතුලෙ කියල මිසක්, ලෝකය ඇතුලෙ යුරෝපය තියෙනව කියල නෙවෙයි. ඒකයි වරද !

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවුන්ගෙ මේ පටු චින්තනය ලොවට හානිකරයි. බටහිර ලෝකය ඔය මානව හිමිකම් කතන්දරෙත් ගෙනාවෙ ආත්මාරක්ෂාවට. සෝවියට දේශයෙ ව්‍යාප්තිය පාලනය කරන්න. මේ පැරනි අධිරාජ්‍යවාදීන් එක රැයෙන් මහත්වරු වුනා. ප්‍රතිගාමී පල්ලිය තවදුරටත් පීඩකයෙක් නොවී සුබසාධකයෙක් වුනා.
      ප්‍රථම වතාවට 15 වෙනි සියවසෙන් පසුව අද බටහිර ලෝකය අභියෝගයටලක් වෙලා. ගුරුත්ව කේන්ද්‍රය මාරුවෙන්නයි යන්නෙ. මේක මෘදු බල හුවමාරුවෙක් වෙයිද.මට නම් හිතෙන්නෙ එහෙම වෙන්නෙ නැතිවෙයි. මොකද බටහිර ජාතීන් සතුව න්‍යෂ්ඨික ආයුධ හොඳ තොගයක් තිබෙනවා.
      මට ලෝකාධිපත්‍ය නැත්නම් තෝත් ඉවරයි මාත් ඉවරයි කියල ස්වයංඝාතක පෙළඹීමකට බටහිරයා යාමේ ඉඩක් තිබෙනවා.
      ප්‍රංශ දේශපාලුවන් කළ ප්‍රකෝපකාරී කතා දැක්ක නේද

      Delete
  12. පළමු ලෝකය,දෙවැනි ලෝකය කියලා නෙමේ ම,ම කොහොත් යුද්ධ නිසා බොහෝවිට මියයන්නේ,පිඩාවට පත් වෙන්නේ අහිංසක සිවිල් මිනිස්සු.එකට නම් මම නම් කිසිම භේදයකින් තොරව විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි. නමුත් සමහරුන්ගෙ දුක්වීම් වල තියෙන්නෙ වංචනික බවක්. මම කෙනෙකුගෙ විපතකදි දුක්වෙන්න එයාගෙ අයිඩෙන්ටි කාඩ් එක ඉල්ලන්නෙ නෑ. ඒ වාගෙම දුක් වීම කියන එක දේශපාලන ව්‍යාපෘතියක කොටසක් වෙන්න ඕනත් නෑ. දුක්වීම අවංක වෙන්න ඕන.
      එහෙම වුනොත් තමා අපට කියන්න පුළුවන් වෙන්නෙ වාද නැති භේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා කියල.

      Delete
  13. දරු සෙනෙහෙ දල්වා රැකවරණය සදයි මෙල්වා

    මෙන්න මේ විදිහේ අැඩ් ඒකක් තියෙනවා... යකෝ දරුවන් මාකට් කරලා යකඩ විකුණන විදිහ... මොකක් හරි මාකට් වෙන දෙයක් තිබ්බොත් අපිත් මාකට් කරනවා... ඒකයි ට්‍රෙන්ඩ් ඒක මචං

    ReplyDelete