Thursday, November 12, 2015

බ්ලොග් වලට ආචාර ධර්ම අවශ්‍ය (ද ) එසේනම් මගේ යෝජනා

දෙසතියක විරාමය තුල මෙම අඩවියේ සහ වෙනත් අඩවිවල සංවාදවලට සහභාගි නොවන අතර විවේකයක් ලැබෙන විටක කොමෙන්ට් වලට පිළිතුරු දීම පමනක් සිදුවේ. එයද විවේකය ලැබෙන විටය. මෙසේ වී ඇත්තේ සංවාද වලට සහභාගිවන විට නොදැනුවත්වම මම ඊට ඇබ්බැහි වන නිසාය.දවස අවසානයේ බලන විට මා කර ඇත්තේ බ්ලොග් රාජකාරිය පමනි. බොහෝ වැඩ රාජකාරි අත හැර දමා ඇත. වෙනත් දේවල් අත හැර දැමුවත් දෙමළ අභියෝගය යනු එසේ අත හැර දැමිය හැක්කක් නොවේ.දෙසතියක බ්ලොග් රාජකාරි නිවාඩු ගත්තේ එබැවිනි.


බ්ලොග් සංස්කෘතිය ඉතා අපූරුය. එහි අපූරු උපමා රූපක උපහැරන නිර්මානය වී ඇත.විවිධ අරමුණු සදහා බ්ලොග් ලියන අය වෙති. සාමාන්යයෙන් විනෝදාංශයක් ලෙස කරන මෙය තුල දැනුම හුවමාරු කිරීම, සිය අත්දැකීම් හුවමාරුව, සිය නිර්මාන සහෘදයන්ට පිරිනැමීම වැනි විවිධ අභිලාශ බ්ලොග් ලියන්නන්ට ඇත.ලිවීමේදී මතු නොව  බ්ලොග් වල අදහස් දැක්වීම් කිරීමේදීද මටහ්භේදකාරී  අවස්ථා නැත්තේ නැත. 

බ්ලොග් වල සාමාන්ය ජීවිතයේ අත්විදින සමහර දේවල් වලංගු නැත. එය නිදහස්ය. ආචාර ධර්ම ගැටළු එන්නේ මෙම නිදහස තුලින්මය.


මට සිතෙන්නේ මෙම ආචාර ධර්ම බ්ලොග් ලියන්නන්ට කියවන්නන්ට සුදුසු බවයි.




බ්ලොග්

බ්ලොග් සඳහා පොලිසි අවශ්‍ය නොවේ.

බ්ලොග්කරුවන්
බ්ලොග්කරුවන් සියලු දෙනාම එක හා සමාන ය.
බ්ලොග්කරුවන් අවංකව තමන් ගේ අදහස්/මත/කතා/නිර්මාණ ඉදිරිපත් කළ යුතුයි.
මතවාදී වෙනස්කම් පුද්ගලිකව සැලකිය නො යුතුයි.

බ්ලොග් කියවන්නන්
බ්ලොග් කියවන්නන් ද සැවොම සමානයෝ වෙති.
අදහස්වල ඇති විරුද්ධතා පුද්ගලිකව නොසැලකිය යුතුයි.
තම අදහස් දැක්වීමේ දී අවංකව, සංවරව එය සිදු කළ යුතුයි.


රසිකගේ අදහස් වලට 100%ක් එකඟය.. ඒ සමග

බ්ලොග් ලිපියක් උපුටා ගන්නේනම් එහි සබැඳිය දැක්විය යුතුය


බ්ලොග් ලිපියක් ගැන විචාර ඉදිරිපත් කිරීමට වෙනත් ඕනෑම බ්ලොග් කරුවෙකුට අයිතියක් ඇත.මීට පෙර එසේ පළ කළ ඇති අවස්ථා .මේ ලිපියක් නොව කොමෙන්ටුවක් ගැනය.


ජගත් පතිරනගේ කොමෙන්ටුවක් අලලා ඔහු අස්වාභාවික ලිංගික සතුටක් ලබන මනපහතෙක් ලෙස රසික හැදින්වීය. එය විචාරයක් ලෙස සියල්ලෝම පිළිගත්හ. රසික කාන්තාවකගේ කොමෙන්ට් එකක් අලලා මෙසේ පෝස්ට් එකක් දැම්මානම් මොකෙක් හෝ ටික්කෙක් මෙසේ කතිකා ගොඩ නැගෙන්නේ කොමෙන්ට්කාරිය ගැහැනියක් වූ නිසා බවත් පිරිමියෙක් කොමෙන්ට් කළා නම් එසේ කිසිවෙක් නොකියන බවත් කියනු ඇත.

විචාර ඉදිරිපත් කිරීම යනු අහක තිබෙන දෙයක් පර්සනල් ලෙස ගැනීමක් නොවේ.

රසික යසනාත් ධම්මික බන්ඩාර ගේ ෆේස්බුක් අදහසක් ගැන විචාරයක් ලියා ඇති අයුරු.


අමාවක බ්ලොග් කරු මා ගැන පෝස්ට් එක දමා ඇති අයුරු.


ඉහත කිසිම දෙයක් වැරදි දේවල් නොවේ. ඒ ගැන පිළිතුරු බැඳීමටද ඕනෑම කෙනෙකුට ඇති අයිතියටද වැට බැද නැති බැවිනි.

ඉහත කිසිවක් ටික්කන්ට හෝ වෙන අයෙකුට ප්‍රශ්න නොවුනේ ඒවා කාන්තාවන් සම්බන්ධ ඒවා නොවූ බැවිනි. බැරි වෙලාවත් ඔය විචාරවල කාන්තාවකගේ පෝස්ට් එකක් හෝ කොමෙන්ට් එකක්  ගෑවිලාහෝ තිබුනානම් තත්වය වෙනස් වේ. එසේවුනානම් සමහර කාන්තාවන්ටද ( වාර්ගික හැඟීම වැනි දෙයක් නිසා ) රිදෙනු ඇත. ටික්කන්ටත් රිදෙනු ඇත.


එහෙත් විචාර යනු මෙවැනි පටු සීමා තුල සිරවිය යුතු දේවල් නොවේ. 
මෙසේ විචාරකිරීමේදී විචාරයට ලක්වන්නේ ගැහැනියක්ද පිරිමියෙක්ද නැත්නම් නපුංසකයෙක්ද යන්න අපට වැදගත් නැත. ගැහැනු විචාර ,පිරිමි විචාර ,නපුංසක විචාර , ශී මේල් විචාර, ලෙස්බියන් විචාර, සමරිසි විචාර කියා දේවල් නැත.

( බ්ලොග් ලියන්නන් සමානය සමහරු අනුන්ට වඩා සමානයෝ නොවෙති )

අපට සමහරුන්ගේ ලිංගිකත්වය ගැන හරිහැටි වැටහීමක් නැත. නපුංසකයෙක් බ්ලොග් එකක් ලියා අප ඔහුගේ ලිපියක් විචාරයට ලක් කළා යැයි සිතමු. එවිට ටික්කෙක් ඇවිත් මේ නපුංසකයෙක් ලියපු නිසයි මේ ඔක්කොම ගෑනියක් හෝ පිරිමියෙක් ලිව්වනම් මේ කතිකා මොකවත් නෑ කියා කීමට ඉඩ ඇත. මෙම මානසික අදබාලයන් ( ටික්කන් ) ට ඥානය ලබා දීමද බ්ලොග් වලින් සිදුවිය යුත්තකි.

විචාරයක් යනු ගැරහීමක් නොවේ. එය අවබෝධකරගැනීමට මොළයක් නැත්තේ ටික්කන්ට පමනි. ටික්කා සිය ස්වාමි දුවට ගරහනවා කියා සිතා විචාර කරන කෙනාට බුරයි. බල්ලෙක් මට බිරුව කියල මට පුලුවන්යැ ඌට බුරන්න.

බ්ලොග් ලිපියක් ගැන සිය අදහස එම බ්ලොගයේ හෝ වෙනත් බ්ලොගයක ඉදිරිපත් කිරීම ඕනෑම කෙනෙකුට කළ හැක.

තම බ්ලොග් එකේ වෙනත් කෙනෙක් දමන ඕනෑම කොමෙන්ට් එකක් ඉවත් කිරීමේ බලය බ්ලොග් කරුට පැවරේ.

ඕනෑම මොහොතක තමන් පළ කළ ලිපියක් ඉවත් කරගැනීමට බ්ලොග් කරුට පුළුවන. එසේම එය සේව් කරගත් වෙනත් බ්ලොග් කරුවෙකුට එය කොමෙන්ට් ලෙස පලකිරීමට පුළුවන. ( සාමාන්‍යයෙන් ලිපියක් හෝ අදහසක් ඉවත් කර ගන්නේ තමන් එය අතීතයේ දැරූ අදහසක් බවත් දැන් එය නොදරනබවත් ප්‍රකාශ කරමින් නිසාය. නමුත් විචාරයකට දත්තයක් ලෙස ඕනෑම කෙනෙකුට එය ගත හැක. යමක් පළ කළ පසු එය අපේ පාලනයෙන් ගිලිහෙයි )


අදහස් දැක්වීම් වලට බාධා පැමිනවීම සදාචාරාත්මක නැත. 


තම බ්ලොග් එකේ පළවන සෑම අදහසකටම පිළිතුරු දීම බ්ලොග්කරුවාගේ සදාචාරාත්මක වගකීමකි. එසේම කොමෙන්ට් දමන අයගේ බ්ලොග් වලද කොමෙන්ට් එකක් දමා කෘතගුන සැලකීම පිටකැසීමක් නොවේ. නමුත් සංවාද කිරීමේදී නම් හිතවත් කම් නැත. ඒ වචන හරඹය සංවාදයට පමනි.

තුන් වැනි පාර්ශ්වයක ඉල්ලීමකින් හැර සිය බ්ලොග් එකේ ඇති කොමෙන්ට් ඉවත් කිරීම සදාචාරාත්මක නැත. නමුත් අවශ්‍යනම් එය කළ හැක.


මා ඇනෝ සම්බන්ධව වෙනස් මතයකට ආවේ ද ඇනෝලාට බාධා කිරීම සදාචාරාත්මක නොවන නිසාය.


බ්ලොග් තුල විචාර කලාව අදීන චින්තනය  ශක්තිමත් කළ යුතුය. පිටකසාගන්නන් , වැදනමස්කාරකරගන්නන් කොටින්ම කීවොත් ටික්කන් බ්ලොග් වලට අවශ්‍ය නැත. ගවේශනශීලී බ්ලොග් කලාවක් සංවර්ධනය කිරීමට අප උත්සාහ කරන්නේ අපේ සමාජයේ විචාර බුද්ධිය හා සාධාරන චින්තනය ශක්තිමත් කිරීමටය. අපට අවශ්‍ය සහෘදයන් අපට හැකි පමනින් මානසිකව අධ්‍යාත්මිකව ශක්තිමත් කිරීමය.ලොක්කන් කිරීමටය. නැතිනම් සමාජයේ ටික්කන් බහුල වනු ඇත.  

මෙම අදහස් දැක්වීම කළේ බ්ලොග් සමාජයේ ඇති දුර්මත දුරු කිරීමටය. සංවාද යක් කිරීමට මට කාලවේලා නැති නමුත් ඉඩ ලැබෙන  හැටියට කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නෙමි.



විශේෂ සටහන 

මාදුලුවාවේ සෝභිත හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මට නම් උන් වහන්සේ භික්ෂුවකට වඩා දේශපාලන ක්‍රියාධරයෙකි. බාලාතම්පෝ මහතා මළ දින මට ඇතිවුනේ මහත් ශෝකයකි. සෝභිත හිමියන් ගැන ඇත්තේද එවැනිම ශෝකයකි. සෝභිත හිමියන් සිය මුල් දේශපාලන දෘශ්ටිය අංශක 180 කින් වෙනස් කළේය.ඒ 1997 හෝ 1998 දී විය හැක. 1999  හා 2004 මැතිවරන වලදී ඔහු ක්‍රියාකලේ එජාපය බලයට ගෙන ඒමටය. එය ඉතා හොඳ දෙයකි. එජාපයට ලැදි අය අති මහත් ශෝකයකින්ද විපක්ශයේ අය කිසියම් කාලකන්නි සතුටකින්ද සිටිනු පෙනේ. මම ඔය දෙකටම නැත. ඒ නිසා මට අමුතු දුකක් හෝ සතුටක් නැත. පොඩි දුකක් ඇත්නම් ඒ බාලා තම්පෝ වැනි දේශපාලන ක්‍රියාධරයෙකුගෙ සමුගැනීම නිසා පමනි.

අවුන් සාන් සූකී මහත්මියගේ පක්ෂය මියන්මාර මැතිවරනයෙන් ජය ගැනීම නම් මිනිස් වර්ගයාගේම ජයග්‍රහනයකි. වියට්නාමය, ලා ඕසය උතුරු කොරියාව කියුබාව හා චීනයේ ජනතාවට ද කවදා හෝ මෙලෙස නිදහස ලැබෙනු ඇත. මේ ගැන අපූරු විග්‍රහයක් කළේ වියට් නාම් දේශපාලන ක්‍රියාධරයෙකි.


මහ ඇමතිගෙ බුරි කතාව නම් පට්ට ආතල්ය. මේවා යහපාලන ආන්ඩුවකින් බලාපොරොත්තු වූ දේවල් නොවේ. බුරි දැක මෝල් වෙන්නෙ   බුරි දැක නැති උන්ය. මේ ගැටළුවට විසදුම බුරි සැගවීම නොව බුරි ඇතුළු සෙසු වස්තූන් සියල්ල  හැකිතාක් එලිදරවු කිරීමය. ස්ත්‍රී ශරීරය මහානර්ඝ වස්තුවක් ලෙස වසා කුතුහලයක් නිර්මනය කර ඇත.එය අවුලකි. මේ අවුල විසදිය හැක්කේ මහා එළිදරවුවකිනි. මුන් හදන්නෙ තියන එකත් වහන්නය. 

17 comments:

  1. බුරි කේස් එකෙන් පේන්නේ බලය ඇති උං සදාචාරය කියා උන් හිතන දේ අපට පොවන්නට එන්නේ නීති දමා බවයි. ඔය බුරි නීතියට තියෙන්නේ ගුරුවරියකට උසාවියකට ගොස් මූලික අයිතිවාසිකම් නඩුවක් දැමීම පමණයි. නමුත් කවුරුන් හෝ එසේ කළහොත් ඇයර සිනා සීමට ද දහසක් දෙනා සිටිනු ඇත.

    ReplyDelete
    Replies
    1. කළ යුත්තේ එය තමයි. එඩිතර ගුරුවරියක් මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මනම් හරි. සිනා වෙන පිරිස එන්න එන්නම අඩුවෙනවා. නඩු තීන්දුවක් ගත්තොත් ලොකු ජයක්.
      ඇය පිටුපසින් සිවිල් සමාජය සිටිය යුතුයි. මෙතන පැහැදිලිවම මූලික අයිතීන් කඩවීමක්. වෙනස් ලෙස සැළකීමක්.

      Delete
  2. කාලෙකින් බ්ලොග්වලට ආවේ..ඒක නිසා මේ ලිපියට හේතු වුණ සිද්ධි ගැන ලොකු දැනුවත්කමක් නෑ..ඒ වුණත් ඔබ කියා ඇති දෙය ගැන මාත් එකඟයි..

    ReplyDelete
    Replies
    1. එක්තරා බ්ලොග් එකක පළවූ ලිපියකට මා විචාරයක් ලීව. එය එතනින් ඉවරයි. නමුත් ටික්කා නමැත්තෙක් කුනුහරප කොමෙන්ට් කරන්න ගත්තා. ඔබ දැකල ඇති සින්ග්ලිශ් වලින් කොමෙන්ට් කරන එකෙක් ඉන්නෙ ටික්ක කියල.අන්න ඌ. ඒකෙන් මට බලපෑමක් වුනේ නෑ. ඌ බලාපොරොත්තු වුනේ මම ලිවීම නවතයි කියල. නමුත් හැමෝම දැනගත්තෙ උගෙ පවුල් පසුබිම

      Delete
  3. ...//බ්ලොග් ලිපියක් ගැන සිය අදහස එම බ්ලොගයේ හෝ වෙනත් බ්ලොගයක ඉදිරිපත් කිරීම ඕනෑම කෙනෙකුට කළ හැක//....

    ඇත්තෙන්ම අපි ලියන හැමදේම හැමෝම පිලිගන්නම ඕන කියලම එකක් නෑනේ.කෙනක් එකගවෙන්න පුලුවන් තව කෙනෙක් එකග නොවන්න පුලුවන් තවත් කෙනෙකුට වෙනත්ම අදහසක් තිබෙන්න පුලුවන්.මගේ මේ වතාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ප්‍රතික්ෂේප කරලා පල කල පෝස්ට් එකේදි වෙනත්ම මතයක් දැරු ඇනෝ කෙනෙක් හිටියා.මම හිතනවා එවැනි අදහස් අපේ ලිපි සම්බන්ධයෙන් පලවිය යුතුමයි කියලා.

    මේ සතියේ ජනප්‍රියම මාතෘකාව ගුරුවරියන්ගේ බුරිය..
    මේ සතියේ ජනප්‍රියම ඇමති බුරිය ගැන කියපු ඇමති..

    ReplyDelete
    Replies
    1. ඇමති තුමාගේ අධ්‍යාපන දර්ශනය. බුරිය නොපෙනෙන්න ඇන්දාම අධ්‍යාපනය සාර්ථකවේවි.

      Delete
    2. මත ගැටුම් ඇති වෙන්න ඕන. නමුත් ටික්ක වගෙ එවුන් එක්ක නෙමෙයි. උන් සක්කිලි.
      අපේ ලිපි අනෙක් අය විසින් විචාරයට ලක් කළ යුතුයි. එහි කිසි වරදක් නෑ.

      ගුරුවරියන්ගෙ බුරිය ගැන තමයි වැඩි දෙනා කතාවෙන්නෙ. ගුරුවරියන් විතරක් නොවෙයි ඕනම කාන්තාවකට තමන් කැමති ඇදුමක් ඇදගෙන යාමේ ඊමේ රැකියාවක් කිරීමේ අයිතිය රැක දෙන්න ඕන. අදින ඇදුම නිසා ඇයට අවහිරයක් නොවිය යුතුයි.

      සාරිකා @ ඉන්දියාවෙ ගෑනු සාරි අදින්නෙ බුරියට හුගක් පල්ලෙහයින්. ඒක ඒ රටේ ප්‍රශ්නයක් වෙලා නෑ. ඔවුන් බුරිය වාසනාවෙ සංකේතයක් කියල කියනව. මම නම් එහි රාගික නොවන සුන්දරත්වයකුත් දකිනව.

      ඇත්තටම බුරිය තියල සාරිය ඇදන් ස්ටෙජ් එකකට නගින නෝන කෙනෙකුට ටයි කෝට් දාල එන මහත්තයෙකුට සමාජය කැමතියි.

      Delete
    3. මේ වගේ උදවිය ඡන්දෙන් පාර්ලිමේන්තු යවපු අපේ උන්ටයි බුරියට ඉන්ජෙක්ෂන් බර ගානක් ගහන්න ඕන.....

      Delete
  4. බ්ලොග් එකක් ලියන එකෙක්ව දුර්වල කරන එකට නම් මම කැමතිම නෑ..කොච්චර අප්සට් ලිපියක වුනත් වැදගත් පොඩිම දෙයක් හරි තියනවා..උඔලා පොස්ට් එකක් ලියන්න යම් කැප කිරිමක් කරනවා මම ඒක කියවලා පොඩිම දෙයක් හරි එකතු කර ගන්නවා..ඉතිං මම ඒකට එල ද බ්‍රා කියලා අගය කරනවා ඒක පිටකැසිමක් කියලා ඔයාලා වරදවා හිතන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචන් ඒක නෙමෙයි. මට අර ටික්ක කියන පොන්න බල්ල කුණුහරපෙන් බැනගෙන ගියා. මට කිසිම කෙනෙක් ඒ විදියට කතා කරල නෑ. මම එහෙම අපහාස විදල නෑ. ඌට ඕන වුනේ බ්ලොග් එක නවත්වන්න. ඌ පිටුපසින් සිටි විදේශයක සිටින බ්ලොග්කාරියක් සිටින බවට ඊ මේල් එකක් ආව. මම දන්නෙ නෑ ඇත්තද බොරුද කියල. ඒ ගැන කරුනු පැහදිලි කිරීමට සහ ආචාර ධර්ම ගැන අදහස් දක්වන්නත් එක්ක තමයි මේ ටික කියල දැම්මෙ.

      Delete
    2. "කුණුහරපෙන් බැනගෙන ගියා. මට කිසිම කෙනෙක් ඒ විදියට කතා කරල නෑ. මම එහෙම අපහාස විදල නෑ."

      අර විචාරකයා අමි උනෙනේ පොඩි එවුන්ගේ පුකවල් පලන්න හදද්දී ඕවට සැලෙන්න එපා ඒවිතරක් ද ගෙදර එකට මුකුත් කරගන්න බැරිව පොඩි කොල්ලන්ගේ අම්මලා එක්ක නිදියන්න දඟලන්නේ හරි හරියට


      ඕවට සැලෙන්න එපෝ.
      හොයලා බලාපන් ටික්කටත් ආමි උණද කියාලා.

      Delete
  5. සෝභිත හාමුදුරුවෝ දේශපාලන ක්‍රියාධරයෙක් නොවේ.. උන්වහන්සේ ජනතා නායකයෙකි.. ඒ බව අපවත් වීමෙන් පසු මනාව ඔප්පු විය. අනෙක උන්වහන්සේ නිහඬව ආගමට ජාතියට හා රටට කළ සේවය බොහෝ දෙනෙකුන් නොදනිති..


    බුරියට ප්ලාස්ටර් එකක් දමාගෙන ඇන්දට කමක් නැද්ද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටර් දමාගෙන තමා දැන් යන්න වෙන්නෙ. වෙනත් වෘත්තීන්වල ගෑනුන්ට බුරි පෙන්නන්න තහංචි නැතුව ගුරුවරියන්ට විතරක් ඇයි මේ වෙනස්කම්. ගුරුවරියො කළුද කියල අහන්න ඕන.

      Delete
  6. සටහනේ අදහස් එක්ක එකඟයි. බ්ලොග් අවකාශයේ කෙමෙන්ට් තීරුව මීට වඩා හරවත් සංවාද ඇතිකෙරෙන කමෙන්ට් තීරුවක් වෙනවා නම් තවත් හොඳයි. තමා කියවන සටහනක අන්තර්ගතය ගැන, ඒ විෂය සම්බන්ධව අදහස් එකතුකොට කමෙන්ට් තීරුවේ තවත් සංවාදයක් ගොඬනඟනවා නම් එය මුලු බ්ලොග් අවකාශයේම 'කොලිටිය' ඉහළ නංවන්නක්. මම සමහර සටහන් කියවලා තියෙනවා, සටහනෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් වලට වඩා කෙමෙට් තීරුවෙන් ඉගෙනගන්න තියෙන දේවල් වැඩි. බ්ලොග් ලෝකයට ආධුනිකයෙක් වන මම දැනට බ්ලොග් අවකාශයේ දකින ලොකුම අඩුපාඩුව මේක. "කමෙන්ට් තීරුව"

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බ්ලොග් ලිපියක වටිනාම කොටස සංවාද තීරුවයි. නමුත් බොහෝ දෙනෙක් එහි වටිනාකම තේරුම් අරන් නැහැ. අපි බ්ලොග් ලියන්නෙ විනෝදාංශෙට . ඒ වගේම සයිබරය තුල නිදහස් අදහස් එකිනෙක ගැටිල අගති විරහිත සංවාද මන්ඩපයක් හදල නව අදහස් එකතු කරන්නයි. බ්ලොග් ලියන්න එන්නෙ ඒ අරමුණ සහිතව. වෙන කිසිම දෙයක් නෑ. බ්ලොග් ලියන්න ඇවිත් අපට කාලය ,මුදල් ,ශ්‍රමය වැයවෙනව.නමුත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

      අපි බ්ලොග් වලින් හෝ බ්ලොග් ලියන අයගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අඩුගානෙ අපේ ඇත්ත නම්වත් කියන්නෙ නෑ.
      කවුරු තරහ වුනත් මම නම් වැරදි දේට වැරදියි කියනව. ඒ වගෙම හරි දේට හරි කියනව. ගැටුම තියෙන්නෙ අදහස් එක්ක විතරමයි. කාගෙවත් පිටකහන්න යන්නෙත් නෑ.

      කොමෙන්ට් තීරුව සංවර්ධනය කරන්න බැහැ. හේතුව අදහස් සහ පුද්ගලයන් අතර වෙනස බොහෝ බ්ලොග්කරුවන්ට අවබෝධ කරගන්න අපහසු වීම.ඉදිරිපත් කරන අදහස නෙමෙයි ඒක කියන්නෙ කවුද එයා කොහොම කෙනෙක්ද කියන එකයි ඔළුවෙ වැඩකරන්නෙ. එතනින්ම සංවාදෙ ඉවරයි.

      සංවාද කරන්න යනකොට බ්ලොග් ලියන අය පුද්ගල බද්ධ වෙනව. යාළුවන්ගෙ මතයට විරුද්ධ වෙන්නෙ නෑ. බ්ලොග් ලියන බොහෝ දෙනා එකිනෙකා දන්න අදුනන අය. ඒ වගෙම එකිනෙකා අතර විවිධ සම්බන්ධකම් ගොඩ නැගිල තියෙනව. මේ මම පසුගිය අවුරුදු දෙකේම දැක්ක දෙයක්.

      ඔබ ආධුනික බ්ලොග් කරුවෙක් නිසා මම කැමතියි යමක් කියන්න. කවදාවත් කොමෙන්ට් බලාගෙන බ්ලොග් ලියන්න එපා. එහෙම වුනොත් ඔබත් අර මඩ ගොහොරුවටම වැටෙනව. තමන්ට හරිය කියල හිතෙන එක ලියන්න. හොඳ නිර්මානයක් කලොත් මිනිස්සු එනව කියවන්න. හිට්ස් වැඩිවෙයි. සංවාදයක් ගොඩ නැගුනොත් ගොඩ නැගුනදෙන්. ඉතාම අගනා ලිපි පළ කරන බ්ලොග් වලට කොමෙන්ට් එකක්වත් නෑ. උදාහරන විශාල සංඛ්‍යාවක් තියනව.

      මොකා තරහ වුනත් කෙළින් කතා කරන මිනිසුන්ගෙ නම තමා පවතින්නෙ.

      බ්ලොග් කරුවන් එකිනෙකා වැඩිය අදුරන්නෙ නැති 2012 ට ඉස්සර හොඳ සංවාද ගියා. අපූරු මිනිස්සු හිටිය. මේ තමා තිත්ත ඇත්ත.

      Delete
  7. අඩෙයප්ප ! ඔයා එල කොල්ලෙක්නේ.

    ReplyDelete