Tuesday, November 10, 2015

අපේ පාසල් පද්ධතියේ තවත් හපන්කමක්. මහා අපරාධයක් ඇල්ලූ වීරගුරු මෙහෙයුමක්

සෝභිත හිමියන්ගෙ අපවත්වීම හා මියන්මාරයේ අවුන්සාන් සුකී ගැන ලියන්නට සිතුනත් දෙසතිය තුල කිසිවක් නොලියන බවට මා තීරනය කල නිසා නොලීවෙමි. එහෙත් හද කම්පා කරවන සිදුවීමක් ගැන බ්ලොග් ලියන අපේ මිතුරෙක් මැසේජ් එකක් එවා තිබිනි. ඒ ලින්ක් එකක්ද සමගිනි. ඇත්තෙන්ම මෙම බ්ලොග් එක මම නිතර යන බ්ලොග් එකක් නොවේ.

පෝස්ට් එකක් නොව එහි හුදු සටහනක් පමනක් තැබීමට තීරණය කළෙමි.

උක්ත සිදුවීම මීට කලකට පෙර කුරුණෑගල කොතලාවල විදුහලේ සිදුවීමට සමානය.10 පන්තියෙ සිසුවෙකුට ලියූ පෙම් හසුනක් අසුවීම නිසා හයේ පන්තියෙ සිසුවියක්ට ගුරුවරු තරවටු කර තිබේ. දෙමාපියන් සමග එන ලෙස දන්වා ඇත.එය කෙළවර වුනේ ඛේදවාචකයකිනි.

බොහෝ ගුරුවරු න්ට මනෝ විද්‍යාව ගැන දැනුමක් නැත. මට මතක් වෙන්නෙ අපේ පන්තියෙ සිසුවියකගෙ පෙම් හසුනක් අසු වූ විට ගුරුවරයා එය පන්තියේ ප්‍රසිද්ධියේ කියවී. එදා අපට එය ආතල් එකක් විය. එහෙත් ඒ ගුරුවරයා මොන අදබාලයෙක්දැයි අද සිතේ.

මෙම ලිපිය කියවන්න. මම මෙම දෙසතිය තුල මෙම අඩවියේ සහ වෙනත් අඩවිවල සංවාදවලට සහභාගිනොවන බව කරුණාවෙන් සළකන්න.

http://sabalingikanidhahasa.blogspot.com/2015/11/blog-post.html

අදාල සිදුවීම ගැනද වැඩිකමක් මම නොදන්නෙමි. මට ඒ ගැන සොයාබැලීමටද මේ දිනවල විවේකයක් නැත. ඒ ගැන කමාවන්න. මේ සිදුවීම ගැන මට ලැබුන එකම මූලාශ්‍රය මෙම බ්ලොග් ලිපිය බවද කීමට කැමැත්තෙමි.


බ්ලොග් සහජීවනය



ඉතා අපූරු බ්ලොග් රාශියක් අද හදුන්වා දෙනවා.

01.අදහස් පෙළක් ලස්සනට තාර්කිකව පෙලගස්වන අපූරුව. යම් සිදුවීමක අප නොදකින අපූරු පැති දකින අපේ යාළුවා විකේන්ද්‍රික.



02.සෝභිත හිමියන් ගැන ලිපියක් පළ කිරීමට මට අවස්ථාවක් නැත. එහෙත් අපේ අමාවක යාළුවා කියන්නට ඇති දේ ඉතා සාරාංශගතව කෙලින්ම කියා ඇත.





03.ජගත් පතිරන යාලුවා කියන සමහර දේවල් අපට අවුරුද්දක් කල්පනා කරන්නට තරම් ය.ඔහු අපට වඩාකොතරම් ඉදිරියෙන්දැයි සිතේ. ඔහු විචාරශීලී බුද්ධිමත් අයෙකි. 

04.මීගමුව ගැන මිළ කළ නොහැකි දැනුම් සම්භාරයක් ගෙන එන්නේ අපේ මාකස් ප්‍රනාන්දු යාළුවා තමයි.මීගමු සමාජය හා උරුමයන් ගැන ගවේශනශීලී ලිපිපෙළක්.




05.  කවදත් ඉතා රසවත් ලෙසින් අපගේ බුද්ධි කලම්බනය කරන දෙතිස් කතා. මේ යාලුවන්ගේ කතා ශෛලිය තර්ක ශෛලියට ට මම නම් වහ වැටී ඇත. ලිපියක් පළකළ සැනින් බලමි.




06.  සමහරවිට ඔබ නුදුටු අපූරු බ්ලොග් එකක්. අප නොදත් බොහෝ රසබර කරුණු මෙහි මා දුටුවා. මෙම බ්ලොග් එක මටත් අලුත්









26 comments:

  1. මට හිතෙන්නෙ ගුරු වරුන්ට ඉගැන්වීමට අමතරව , මේවගේ අවස්ථාවල හැසිරෙන විදිහ ගැනත් පුහුණුවක් දෙන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ගුරුවරු යාවත්කාලීන වෙන්නෙ නැති තරම්. මනෝ උපදේශනය අපේ සමාජයට තවම අලුත්

      Delete
  2. හුඟක් ගුරුවරු අතින් ඔය වැරදි සිද්ද වෙනවා.. ඒ වෙලාවට ගන්න තීරණ ලමයින්ගේ පැත්තෙන් කොච්චර බලපානවද කියලා හිතලා ගන්නවනම් ඇත්තටම හොදයි..

    ReplyDelete
    Replies
    1. සමහරු මෙහෙම ලියුමක් අහුවුනාම පොඩි ගෑනු ළමයින්ට බනින්නෙ අමු කුනුහරප කියල. බලන්න පොඩි එකී මේ වගෙ දැඩි තීරනයක් ගත්තෙ ජීවත් වෙන එක ඊට වඩා භයානක නිසානෙ. පොඩි සිතකින් එහෙම තීරනයක් ගත්ත එකම මොනතරම් කනගාටුදයකද

      Delete
  3. අර ලවු ලෙටර් එකේ කතාව මම කියෙවුවා. මමත් පිළිගන්නව ගුරුවරුන් මේ වගේ දේවල් වලදී හැසිරෙන විදිහ හරි නෑ කියලා. ඒ වගේම කොයි වෙලේත් ළමයින්ට දඬුවම් කරන්න බලාගෙන ඒකම විනෝදාංශය කරගත් අඳබාල ගුරුවරු ඉන්නව අපේ රටේ තාමත් ඒකත් සැබෑ ඛේදවාචකයක්.

    ReplyDelete
    Replies
    1. ඔය ළමය ඕක ලියන්න ඇත්තෙ තේරුමක් දැනගෙන නෙමේ. මෙගා ටෙලි වල ඕවමනෙ යන්නෙ. බහුතරය යහපත් ගුරුවරු වුනත් ටික්කොත් ඉන්නව .
      මේ ළමය සේය තරම් ලස්සන නැති නිසා වෙන්න ඇති මාද්‍ය අවදානය අඩු

      Delete
  4. බ්ලොග් ඔක්කොම කියවලා තමා කමෙන්ට් කරන්ට වෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .කියවලම එන්නකො

      Delete
  5. පහලින් ලියලා තියන ටික නම් එල ද බ්‍රා..
    අපි දෙමු ඇනෝලට අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. ඔවු ඇනෝලටත් ඉඩ දෙනව. පට්ට දේවල් තිබුනත් සන්වාද වලට එන්න බෑනෙ.ඩියුටි ලීව් ගත්ත නිසා .අපරාදෙ .මේත් මේ කෝච්චියෙ යන ගමන් ටයිප් කරන්නෙ

      Delete
  6. අද සමාජය සමග සමාන්තරව නොසිතන ගුරුවරුන් අතින් තමයි මෙහෙම දේ සිදුවන්නේ. 'ශිෂ්‍ය උපදේශනය' නමැති විෂයය හුදෙක් දේශන වලට පමණක් සීමාවූවක්. ප්‍රායෝගිකව පාසලේදී වෙන්නේ වෙනත් දෙයක්. එමෙන්ම ශිෂ්‍ය උපදේශනයේ යෙදෙන ජ්‍යොෂ්ඨ ගුරුවරුන්ගෙන් සෑහෙන පිරිසක් තවමත් ඉන්නේ 18 වැනි සියවසේ චින්තනයේ.

    ReplyDelete
    Replies
    1. උපදේශනය අපට තාමත් කුනුහරපයක්.අපට හුරු පොල්ල තමා. ඔය වගෙ දේවල් වලට මූනදෙන අයට ලැබෙන්නෙ කලන්තෙ දාල වැටෙන තරම් කුනුහරප දේශනයක්. සෙනෙහෙ කොලේකට බනින්නෙ ලින්ගික ක්‍රියාව ගැන කියමින්.

      Delete
  7. ගුරුවරු සාම්ප්‍රදායික වීමත් මේ ගැටලුවට හේතුවක් කියලයි මට හිතෙන්නේ.හැමදේම බලන්නේ එක්දහස් නවසිය බරගනන් වල දෘෂ්ඨියෙන්.වර්ථමාන ගුරුවරයකුට දරුවකුට ඉගන්වීමට අවශ්‍ය කරන දැනුම පමනක් ප්‍රමානවත් වෙන්නේ නෑ.කාලයත් සමග යාවත්කාලීන නොවන බවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මේ ප්‍රශ්න ඔක්කොම. අනික ගුරුවරු වෙනත් වෘත්තිකයන්ට වඩායම් ස්වාධීන පිරිසක්. ඔවුන් මීට වඩා අධීක්ෂනයට ලක් වෙනවා නම් හොඳයි. හැබැයි අධීක්ෂනය කරන අයත් ගුරුවරුන්ට වඩා ඉදිරියෙන් ඉන්න ඕන. හැම පාසලකටම මනෝ විද්‍යා උපදේශන පහසුකම් අවශ්‍යයි. සිසුන්ගෙ මානසික ගැටළු පාසලෙන් ඉවත් වෙන්න පෙර විසදගන්න හැකිවෙන්න ඕන. විශ්ව විද්‍යාලවල හමුදාවල නවක වද දෙන පරපීඩකයන්ට ඉස්කෝලෙදිම ප්‍රතිකාර දෙන්න පුලුවන් නම්. ( ට්‍රාන්ස්ලිවේනියා බ්ලොග් එකේ හමුදා නවක වදය ගැන අපූරු ලිපියක් පළ කර තිබුනා ).
      සිසුන්ට එක්කම ප්‍රතිකාර අවශ්‍ය ගුරුවරුන්ටත් බෙහෙත් දෙන්න පුලුවන් නම් හොඳයි

      Delete
  8. මීගමුව ගැන ලිපි ඉතා කැමැත්තෙන් කියෙව්වා.
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මහන්සිවී කරන බ්ලොග් එකක්. කරුණු ඉතා ලස්සනට ඉදිරිපත් කරනවා. මම මේ සැරේ පබ්ලිසිටිය දීපු බ්ලොග් හයම උසස් ඒව. අලුත් අදහස් තර්කානුකූලව ඉශිරිපත් කරනව. මේ වගෙ බ්ලොග් තමා බ්ලොග් අවකාශයට ඕන කරන්නෙ.නමුත් ඒවට කොමෙන්ට් අඩුයි. ඒකයි මට කනගාටු .

      Delete
  9. සිසුවියගේ ආදර හසුන,
    එක්තර ජනප්‍රිය ජාත්‍යන්තර පාසැලක 1 වසරේ හුරුබුහුටි සුන්දර දැරියක් අපූරු ආදර හසුනක් ලියා තිබී ඇත.
    එහි තිබී ඇත්තේ
    ILove You...you are my world...
    කියායි.

    අවාසනාවකට මෙය පන්ති භාර ගුරුතුමියට හසුව ඇය වහාම මේ නොහොබිනා වැඩය කල නැහැදුනු කෙල්ලව ඇදගෙන අංශ ප්‍රධාන ගුරුතුමිය හමුවට පමුනුවා ඇත.

    අංශ ප්‍රධාන ගුරු තුමියද දැරියගේන් විමසා ඇත්තේ ඇත්තෙන්ම මෙය ඇය විසින්ම ලිව්වාද යන පැනයයි
    ඇගේ පිළිතුර වී ඇත්තේ
    yes I
    එවිට එය ලීවේ කාටදැයි අංශ ප්‍රධාන ගුරුතුමිය විමසා ඇත.
    දැරියගේ පිළිතුර වී ඇත්තේ
    to my brother, I Love Him this much...... (දෑත් දෙපසට විහිදුවමින් )

    අංශ ප්‍රධාන ගුරුතුමිට දැරියව ආදරයෙන් හිස අතගා පන්තියට යවා ඇත.

    මේ මීට සතියකට වෙර සිදු වූ සත්ත්‍ය සිදුවීමකි.

    ReplyDelete
    Replies
    1. 'ජාත්‍යන්තර පාසැලක' මෙසේ වී නම් මුන් හැමෝම ජාත්‍යන්තර පාසැල් ගැන කියන්නේ බොරු විය යුතුයි. සමාජයේ ඇති ආකල්පය නම් මෙවැන්නක් හමු වූ විට ගුරුවරිය විසින් සාදයක් සංවිධානය කරනු ඇති බවයි.

      Delete
    2. ජාත්‍යන්තර පාසැල් ගැන සමාජ ආකල්පය වැරදියැයි කියැවීමට මේ මා දැක්වූ සිදුවීම පාදක කොට ගත යුතුයැයි මා නොසිතමි.
      එමෙන්ම ජාත්‍යන්තර පාසැල් යකා සමාජ ආකල්පය තරම්ම කලු නැති බවද සැබෑවකි.

      Delete
    3. කනිශ්ක , සිතුවිලි සී @

      ඇත්ත . කිසිම දෙයක් ගැන පූර්ව නිගමනවල ඉන්න හොඳ නැහැ.නිතරම තමුන්ගෙ කනෙන් අහන්න ඕන තමුන්ගෙ ඇස් වලින් දකින්න ඕන. ඒ වගෙම තමුන්ගෙ මොළෙන් හිතන්න ඕන. ජාත්‍යාන්තර පාසල් ගැන තියන කළු චිත්‍රය ඒ ලෙසින්ම අප වැලදගත යුතු නෑ.සමාජය අප වෙත පටවන දේවල් දිහා විමසුම් ඇසින් බලන්න ඕන.

      Delete
  10. මගේ බ්ලොග් අඩවිය අනෙක් අය අතරට යවන්න දෙන සහයෝගයට ස්තූතියි මචන් :)

    ReplyDelete
    Replies
    1. ඔබ කැමතිනම් මට ඊ මේල් එකක් එවන්න.sunethjayajeewa@gmail.com
      ඔබේ බ්ලොග් එකේ සියළුම පෝස්ට් මම කියෙව්වා. එහි තිබෙන අදීන නිදහස් අපක්ෂපාතී විලාශයට මම කැමතියි. ඔබව කන්ටෑක්ට් කරගන්න මට ක්‍රමයක් නෑ .ඒකයි ඊ මේල් එකක් එවන්න කිව්වෙ.

      සතුටුයි ඔබ වගෙ කෙනෙක් බ්ලොග් ලියන්න ආ එක ගැන

      Delete
  11. අලුත් බ්ලොගය පැත්තට ගියා... සින්ඩියටත් දා ගත්තා....

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ බ්ලොග් එකක්. කාගෙවත් අවධානයට ලක් වෙලා නෑ.
      මා මේ කිසිම දෙයක් කරන්නෙ අඩුගානෙ ස්තුතියක්වත් බලාපොරොත්තුවෙන් නොවෙයි. බ්ලොග් අවකාශයට මගෙන් වියයුතු සේවයක් ලෙස සළකල.
      දහසක් මල් පිපෙන්න ඕන. ඒ කියන්නෙ දහසක් මත ගැටෙන්න ඕන කියන එක.

      Delete
  12. අලුත් බ්ලොග් ටික බලන්න ඕන. ඒක නෙවෙයි මතේ, උඹ විභාගේ අතැරියද?

    ReplyDelete
    Replies
    1. ඒක අත අරින්න පුළුවන් එකක් නෙමේ බං . අනිවාර්ය එකක්. අවුල තියෙන්නෙ අපට සිදුවෙනව දෙමලෙන් කතා කරන්න දෙමල අයත් එක්ක. ලියන එකනම් මොනව හරි ලියන්න බැරියැ. මගෙ දෙමල දැණුමත් එච්චරම් හරි නෑ. ඒකයි පොඩ්ඩක් බැහැල වැඩකරන්නෙ.

      බ්ලොග් කියවන්න නම් වෙලාවක් හොයාගන්න එක අමාරු නෑ. කොමෙන්ට් වලට රිප්ලයි කරන්නත් පුළුවන් . ප්‍රශ්නෙ තියෙන්නෙ සංවාදවලට යන එක. එහෙම වුනොත් දවසෙම බ්ලොග් වල එල්ලිල ඉන්න ඕන. රිප්ලයි බලන්න හිතෙනව. ආයෙ ඒවට රිප්ලයි කරන්න හිතෙනව. ඕක දිගට ඇදිල යනව. ඒකයි පොඩ්ඩක් සීමා කළේ.

      Delete