Sunday, November 1, 2015

පොලිස් පහරදීම බ්ලොග් මත සම්පින්ඩනය

බ්ලොග් සම්පින්ඩනය යනු බ්ලොග් ලොව සිදුවන සංවාද එකම තැනකින් බලාගත හැකිවන ලෙස විශේෂාංගයකි.  එය බ්ලොග් සහජීවනව , දෙසතිය වැනි අපගේ තවත් එක් සත්කාරයකි.බ්ලොග් අවකාශය තුල සිදුවන සියළු කම්පනයන් එලෙසින්ම වාර්තා කිරීම මීට කලින්ද සිදුකර ඇත. එවිට කෙනෙකුට එකින් එක කියවා නිගමනයකට ඒම පහසුය. කලින් සිදුකළ බ්ලොග් සම්පින්ඩනය

කලින් සිදුකළ බ්ලොග් සම්පින්ඩනය

පොලිස් පහරදීම ගැන අපේ බ්ලොග් හිතවතුන් මෙසේ අදහස් පළ කළ වගයි.
















ඉදිරියේදී පළවන ලිපිද මෙම ලැයිස්තුවට ඇතුලත් වනු ඇත.

18 comments:

  1. අගෙයි...................

    ම.ම මේ තරම් ලොකු සංවාදයක් අැති වීමම මෙහි වැදගත්කම පෙන්වනවා... අැත්තට ම මේ අාණ්ඩුව ගෙන ඒමේදී රටේ ජනතාව කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දේවල් කිසිම ගේමක් නැතුව මෙයාලා මුල් මාස කිහිපයේදී ම කරා...... ඒ නිසා අැත්තට ම දැන් අනාගතය පැහැදිලියි...... උසස් අධ්‍යාපන අැමති අැත්තට ම තමන්ගේ අමාත්‍යංශ දෙකම ඒකට යා කරා..... (උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය) ඒ විතරක් නෙමෙයි කිසිම උසස් අධ්‍යාපන අැමති කෙනෙක් නොකී කතාවකුත් මේ පිකට් ඒකට ඒතුමා කිව්වා..... ඒ තමයි පෙළපාලි යන්න කිසිම හේතුවක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට නැහැ කියලා........ ඉතින් අනාගතය පැහැදිලියිනේ යස අගේට..

    ReplyDelete
    Replies
    1. ....//උසස් අධ්‍යාපන අැමති කෙනෙක්//...

      හැමදාම මේ රටේ උසස් අධ්‍යාපන ඇමති වෙන්නේම මහා පහත්ම එකෙක්නේ බං..ඒක්කෝ කිසිම අධයාපනයක් නැති අම්බරුවෙක්..එහෙමත් නැත්නම් එස්.බී ලා වගේ කන බත්පතේ පහරන උදවිය.....

      Delete
    2. මෙහෙම සංවාද ඇතිවිය යුතුයි . ඇත්තෙන්ම මෙතනදි බ්ලොග් ලියන අපි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වලට වඩා ඉදිරියට ගිහින්. මෙය තව දුරටත් සංවර්ධනය විය යුතුයි. මට හමු නොවුන බ්ලොග් තිබිය හැකියි. මේ සමහර බ්ලොග් හොයාගත්තෙ කුරුටු සින්ඩියෙන් බවත් කියන්න ඕන.මාතලන්ගෙ සින්ඩිය ,කුරුටු සින්ඩිය හා අජිත් කුමාර දර්ශකය මෙහිදී ප්‍රයෝජනවත් වුනා.

      මෙහෙම සංවාද කෙරෙන්න ඕන. ඒවට ජනතාව සජීවීව සහභාගිවෙන්න ඕන.

      අර කියනව වගෙ අමාත්‍යාංශ එකතු කල හැටි ගැන අපි නිකම් විහිලුවට වගෙ කීවට දැන් හිතෙනව ඒව දීර්ඝකාලීන සැළැසුමකට වුනාද කියලත් හෙහ් හෙහ්

      Delete
  2. මේක නියමයි.... ඔක්කොම එකම තැනින්.............

    ReplyDelete
    Replies
    1. එතකොට පස්සෙ දවසක හරි කෙනෙකුට මේව බලන්න පුළුවන්. වටිනාකම තියෙන්නෙ අනාගතයෙදි. නැත්නම් කාටහරි හොයන්න ඕන වුනොත් බ්ලොග් එකින් එක බලල ආපස්සට යන්න වෙනව .ඒක කරදරයි

      Delete
  3. මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වුන මාතෘකාවක් පිළිබද බ්ලොග් අවකාශයේ ලියවුන ලිපි සියල්ල ගැන මේ විදියට අවධානය යොමු කරවිමට දරන උත්සහය අගය කරනවා මධ්‍යස්ථ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලින් එවිට බුකියෙ සහ ලංකාදීප කොමෙන්ට් වල සී නිව්ස් වල මීටත් වඩා විකල්ප අදහස් තිබුන බව මම දැක්ක. මට යම් ප්‍රශ්නයක් ගැන මගෙ අදහස් වෙනම තිබුනත් අපක්ෂපාතීව මධ්‍යස්ථව සියළු අදහස් කැටි කරන්න ගත්ත වෑයමක් මේක. මේ වගෙ මැදහත් බවක් මම කිසිම මාධ්‍යයක දැකල නෑ. මධ්‍යස්ථ වාර්තාකරනය මනෝරාජික සංකල්පයක් බවත් මිහිපිට පැවතිය නොහැකි බවත් කෙනෙක් කීවොත් අන්න එයාට කියන පුලුවන් බලන්න අන්න අහවල් බ්ලොග් එකේ හැම මතයකටම ඉඩ වෙන් කරල ඉදිරිපත්කිරීමක් කරල තියනව කියල.

      Delete
  4. මේ ලිපිය බොහොම ඇගේ කොට සලකනවා...

    ReplyDelete
    Replies
    1. 21 වන සියවසේ ජීවත් වන අපි ප්‍රශ්න විසදාගත යුත්තෙ සංවාදයෙන් ,සාකච්ඡාවෙන් ,සම්මන්ත්‍රනයෙන්.
      ගුටිකෙලගන්න ගෝත්‍රික ක්‍රම අදට ගැලපෙන්නෙ නෑ. හැමෝටම තමන්ගෙ මතය කියන්න පුළුවන් පරිසරයක් හදන්න ඕන.
      තුන් තිස් පැයේම සූරාකන්න බලාඉන්න ධනපතියො ගැන කවුද පොතල ලියල තියනව කියනවනෙ. හරි අපි ප්‍රශ්න ගැන ඒ දනපතියො එක්ක උන්ගෙ මුර බල්ලො එක්ක සාකච්ඡා කරමු. ඒකෙන් මගඇරල යන්න මේ සයිබර් යුගයෙ කාටවත්ම බෑ.

      දියවු දියවු කියන එක වෙනුවට අනේ දෙන්න කියන සම්ප්‍රදාය හදුන්වාදෙමු. ඔවු අපි ඉදිරියට යමු අවිහිංසාව මත.

      දහසක් මල් පිපෙන්න ඕන. එක යෝධයෙකුගෙ යෝධ රැවුලෙ රැවුල් ගස් ගනන් කරමින් තමන්ට වැලලෙන්නට දීන සොහොන් සොයමින් ඒ යෝධයාගේ දෙපා අතරින් රිංගමින් වටපිට බලන කුරුමිට්ටෝ නොවෙමු අපි.

      Delete
  5. යකෝ, උඹ අර අමාවකයට උත්තර දෙන්නෙ නැද්ද?
    http://bitternight.blogspot.jp/2015/10/blog-post_31.html

    ReplyDelete
  6. Replies
    1. සයිබරය අලුත් වෙන්න ඕන පුළුල් වෙන්න ඕන. මේ වෙනකම්ම මාධ්‍ය කිව්වෙ ඒකාධිපති දේශකයෙකු ඉදිරිපිට සිටින ප්‍රේක්ෂක කුරුකුහුඹු මිනිස්සු සහිත වේදිකාවකට. අද තාක්ෂනය නිසා කුරුකුහුඹුවො වේදිකාවට කඩා වැදිල.
      පොලිපීමස් නම් එකැස් යෝධය අහනව එම්බා කුහුඹුවනි උඹල කවුද කොහේ සිට ආවහුද නම් මොනවද කියල .

      අපි කියනව " කිසිවෙක් නැහැ " ඒ තමයි අපේ අරුම නාමය.

      අන්තිමට බලපුවහම ප්‍රධාන දහරාව බවට අනාගතයෙදි පත්වන මේ සයිබර් මාධ්‍ය මෙහෙයවන කිසිවෙක් නැහැ. නමුත් හැමෝමයි.

      එකැස් යෝධයා කෑගසනව මට හිරිහැර කරන්නේ කිසිවෙක් නැහැ මට කරදර කරන්නේ කිසිවෙක් නැහැ කියල.

      ඕක තමයි වෙන්නෙ හෙට දවසෙ .

      Delete
  7. සමහර බ්ලොග් පොස්ට් කියවලා නෑ..ඒ ටිකත් කියවලා එන්නම්..

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ බ්ලොග් එකේ ඔබ දැමූ කොමෙන්ටුවක් නිසා මට තවත් අලුත් අදහසක් පහල වුනා. හොඳ කොමෙන්ට් එකතුවක් නිර්මානශීලීව සකස් කරල එකට ගැටුම කියල විශේෂාංගයක් හදුන්වා දෙන්නට.

      මගෙ අරමුන හැකිතාක් අලුත් බ්ලොග්කරුවන්ට අත දීල මේ රටේ ශක්තිමත් බ්ලොග් සංස්කෘතියක් ඇතිකරන්නට යම් දායකත්වයක් දක්වන්න. මේ වගෙ දේවල් වලින් සැගවිලා ඉන්න හොඳ අදහස් ඇති අයගෙ අදහස් ඉස්මතු වෙනව.

      Delete
  8. වක්‍රාකාරව මේ සිද්දවෙන දේවල් වලට වගකියන්න ඕන අපිමයි..
    ඕනෑම රැකියාවකට යන්න උසස්පෙළ සමතුන් ඉල්ලන රටක රට කරවන්න යන්න කිසිම සුදුසුකමක් ඕන නැහැ. එහෙව් රටක මේ වෙන දේවල් ගැන පුදුම වියයුතු නැහැ.. පක්ෂ බේදයකින් තොරවම රට පාලනය කරන්න ඉන්නේ බහුතරයක් හරක්.

    ReplyDelete
    Replies
    1. මගෙ අදහස මන්ත්‍රීcඅරයෙක් වෙන්න අවම සුදුසුකම විශ්ව විද්‍යාල උපාධිය විය යුතුයි. මොකද පාර්ලිමේන්තුව කියන්නෙ රටේ ඉහළම තැණනෙ .ඒකට තර්කයක් ගේනව. සමාජ සේවකයන්ට පාරවල් හදන ජනප්‍රිය අයට පාර්ලිමේන්තු යන්න බැරි වෙනවලු. ඒ කියන්නෙ ගම්වල ඉන්න අර තුට්ටු දෙකේ හොරු ගැන.කළු මල්ලිල චොකා මල්ලිල ගැන .උන් ගම්වල ගෑනු ඉස්සරහ වීරයො වෙලා ඇල්ෆා පිරිමි ලෙස ඉන්න අය. රැකගන්න ආත්ම ගෞරවයක් නැති බල්ලො.

      Delete
  9. යකාගේ වැඩක්.. !

    ඔක්කොම ගුටි කෙලි එකම තැනකින් !!

    ReplyDelete
    Replies
    1. අපි නිතරම අලුත් දේවල් අත් හදා බලන්න ඕන. මට තව අදහසක් තියනව බ්ලොග් වල යන රසබර හරවත් කොමෙන්ට් එකතුවක් මාසෙකට සැරයක් පළ කරන්නට. ඒක එක් නිර්මනාය්ක් ලෙස එකකට එකක් සම්බන්ධ කරල දානව . බලාපොරොත්තු වෙන්න .

      Delete