Sunday, November 29, 2015

ලෝකයේ ප්‍රථම පෙම් හසුන

මෙය ක්‍රි;පූ 4000 පමන කාලයකදී කියන ලද්දක් බැවිනි දැනට වසර 6000 ක් වත් පැරණිය . මෙය ලියූ කාලය ,දීපය ,දේශය බලන විට අපූරු කාරනා අනාවරනය වෙයි. 

sacred marriage 
මේ ඉනන්නාගේ පූජකවරියක් විසින් රටේ රජුට ලියූ පෙම් හසුනකි. ඉනන්නා යනු මෙසපොතේමියාවේ ප්‍රබලම දේවතාවියකි. රජු හා ප්‍රධාන පූජකවරිය අතර සංසර්ගය ඉනන්නාගේ ශුද්ධ වූ විවාහය සංකේතවත් කරයි. මෙය රටේ ප්‍රධාන ජාතික උත්සවයයි.ඉනන්නාගේ යුගය උරුක් යුගය  වේ. උරුක් යනු පුරයක නමකි. සෑම පුරයකටම අධිගෘහිත වූ දෙවියෙක් හෝ දේවතාවියක් විය. එඩේරුද සංචාරය කලේ දෙවියෙකු කරනකොට ගෙනය.

මෙය ලියන ලද ප්‍රදේශය වර්තමාන ඉරාකය හා සිරියාවට අයත්ය. මේ මිනිසුන් නිදහස්  ලෙස ජීවත් වී ඇත. මේ කාන්තාවන්  ලෝගු ඇන්දේ නැත. කොටින්ම පුරුෂාධිපත්‍ය නොවීය. වර්තමානයේ මතකයන් පමනක් ලෙස ශේෂ වී ඇති මේ ඉතිහාසය අයි එස් ආගමික උන්මත්තකයන් විසින් විනාශ කිරීමේ තර්ජනයට මුහුන ලා සිටියි.

මේ පුරුෂ දෙවියා බලවත් වෙන්නට පෙර මැද පෙරදිගයි. එකල කාන්තාවන් හා පිරිමින් සමාන සමාජ තත්වයන් භුක්ති වින්දහ.දැඩි ලිංගික සදාචාරයක්ද නොවීය. කාන්තාවන් සගවන බියපත් පුරුෂ දෙවියෙකුගේ අසහනකාරී  ප්‍රචන්ඩ සමාජයක් වෙනුවට නිදහස්  ප්‍රියජනක සමාජයක් විය. 


Bridegroom, dear to my heart,
Goodly is your beauty, honey-sweet,
Lion, dear to my heart,
Goodly is your beauty, honey-sweet.

You have captivated me, let me stand tremblingly before you.
Bridegroom, I would be taken by you to the bedchamber,
You have captivated me, let me stand tremblingly before you.
Lion, I would be taken by you to the bedchamber.

Bridegroom, let me caress you,
My precious caress is more savory than honey,
In the bedchamber, honey-filled,
Let me enjoy your goodly beauty,
Lion, let me caress you,
My precious caress is more savory than honey.

Bridegroom, you have taken your pleasure of me,
Tell my mother, she will give you delicacies,
My father, he will give you gifts.

Your spirit, I know where to cheer your spirit,
Bridegroom, sleep in our house until dawn,
Your heart, I know where to gladden your heart,
Lion, sleep in our house until dawn.

You, because you love me,
Give me pray of your caresses,
My lord god, my lord protector,
My Shu-Sin, who gladdens Enlil’s heart,
Give my pray of your caresses.
Your place goodly as honey, pray lay your hand on it,
Bring your hand over like a gishban-garment,
Cup your hand over it like a gishban-sikin-garment

It is a balbale-song of Inanna.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වුනේ වර්තමාන  තුර්කි රටේය. එරට පැවති   
Çatalhöyük සභ්‍යත්වය ක්‍රි;පූ 7500 ට පමන අතීතයකට  දිව යයි. මෙම සමාජය මාතෘමූලික සමාජයකි. මැවීම,පාලනය හා විනාශය මාතෲ දේවතාවියක් ඔවුහු ඇදහූහ. මිනිසා පුරුශ දෙවියන් අදහන්නට පටන් ගෙන උපරිම අවුරුදු 4000 කි. එහෙත් අවුරුදු 8000 ක් පමන මාතෲ දේවතාවියන් ඇදහීම කළහ. වර්තමානයේ විරාජමාන පුරුෂ දෙවියා යනු පුරුෂකරනය කළ මාතෲ දේවතාවියයි.

මෙම ශිෂ්ටාචාරය තුර්කියේ සිට ඉන්දු නිම්නය තෙක් විහිදිනි. එකම කාලයක එනම් ක්‍රි:පූ 2000  දී පමන මෙම සියළු ශිෂ්ටාචාර විනාශ විය. හි සහ ඉන්දු නිමන්යේ  හමුවී ඇත්තේ එකම ආකාරයක මාතෲ දේව ප්‍රථිමා නිසා මෙය එකල ලෝක ඇදහිල්ල වන්නට ඇත.ඉන්දු නිම්න මිනිසුන් මහා නගර ගොඩ නැගූ ලෝක වෙළදාමේද නියුක්ත වූ පිරිසකි.මේ එක් නගරයක ජනගහනය 40,000 ක් පමන විය. දියුණු ජලසම්පාදන ක්‍රමයකටද උරුම කම් කී ඔවුන් ගේ සභ්‍යත්වය බිද වැටීම ගැන මත ගනනාවකි. මහා දුර්භික්ෂයක්, න්‍යෂ්ඨික ප්‍රහාරයක් ,නෝමැඩික් කන්ඩායම්වල ක්‍රියාකාරකම් ආදිය ගෙන හැර දක්වයි. න්‍යෂ්ටික ප්‍රහාර මතය සිත් ගන්නා සුළුය. එයට හේතුව මොහෙන්දොජාරෝ හරප්පාහි වීදුරු උනු වී තිබීමත් සිදුවූ විනාශය ,ගිනිගැනීම ආදිය ස්වාභාවික දෙයක් ලෙස නොපෙනෙන නිසාත්ය.එසේම මහාභාරතයේ එන ඇතැම් විස්තරද පුදුමාකාර ලෙස සමානය.



කෙසේ නමුත් සෙමිටික් සහ ආර්ය ආක්‍රමන නිසා මෙම ශිෂ්ටාචාර බිද වැටුන බව පොදුවේ පිලිගැනේ.  මෙම ජනයා නැගෙනහිරට තල්ලු වන්නට ඇත. සිංහයකු පිට නැගි කයිබීලි ( සයිබීලි ) ,මෙසපොතේමියාවේ ඉනන්නා, ,ඉශ්ටාර,ලෙබනනයේ ඇස්ටාර්ට් , මිසරයේ අයිසිස් ,ඉන්දුනිම්නයේ ජගන්මාතා  යන මේ එකම සමාජ ධාරාව ගැන වර්තමානයේ වැඩි දෙනෙක් නොදනිති. එහෙත් මේ ශිෂ්ටාචාරගත මිනිසා වැඩිම කලක් ප්‍රගුන කළ සංස්කෘතික රාමුවයි. එඩේර පිරිමියා කෘෂිකර්මයට කැන්දාගෙන ආ සශ්‍රීකත්ව දේවතාවියන් ඇදහූ මේ මව්වරුන්ගේ කතාව කාලයේ වැලිතලාවේ සැගවී ඇත.





Saturday, November 28, 2015

ඇනෝනිමස්ට යවන දෙවැනි ලියමන ,ඇනෝ තවලම සහ මහදැනමුත්තගෙ කතාව

මෙම ලිපිය සකස් කළේ ඇනෝලා සමඟ ප්‍රයෝජනවත් සංවාදය ක වඩා මාක්ස්වාදී නොවන සමාජ ආර්ථික විකල්ප ගැන සංවාදයක් ගොඩ නැංවීමට මුල පිරීමටය. 



ඇනෝනිමස්ට යවන දෙවැනි ලියමන

ආදරණීය අනෝනිමස් වෙතටයි.


ශුද්ධ ලියවිලි වල කතෲන් වහන්සේලාගේ පිහිටයි.

මා කුඩා පාසල් සිසුවකුව ලෙස ඇසින් දුටු කනින් ඇසූ දේවල් දේශපාලනය ගැන මට වෙනස් විදියක දැක්මකට මහෝපකාරී විය. පක්ෂය කී පලියට පවුලෙ අය ඉදිරියෙ මිනිහෙක් මරල මිනිය දනිහෙන් පහල ගෙන යන ලෙස නියෝග දීම සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ නොහැක. මෙවැන්නක් කළ හැක්කේ බරපතල ලෙස බ්‍රේන් වොෂ් වූවෙකුටය. එසේම අනෙක් පාර්ශ්වය තරුනයෙකු ඔහුගේ පවුලෙ අය හඩවමින් පැහැරගෙන රදවාගෙන මිනිසත්බටත් නිගාදෙන වද් දී මරා පිලිස්සිය හැකිද . මේ කාර්යය සදහාද බ්‍රේන්වොෂ් විය යුතුය. එය හමුදාමය බ්‍රේන් වොෂ් කිරීමකි. ඒ ගැන දැඩි විවේචන වෙනත් තැන්වල කර ඇත.
මිනිසුන් විසින් මිනිසුන් මරා දමන මෙම ක්‍රම අප හෙළා දැකිය යුතුය. එය කළ යුත්තෙ දැන් බෝතල් පත්තරකාරයන් කරන ලෙසින් ඒවා හෝද හෝද මඩේ දැමීම හෝ ත්‍රස්තයන් උත්කර්ෂයට නැංවීම හෝ නොවේ. මෙවැනි සිදුවීම් වලට හේතු වූ කරුනු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව විමසා විසදුම් සොයා ගැනීමයි.
ප්‍රශ්න වලට  විසදුම් සෙවීම විද්‍යාත්මක ක්‍රමයකට සිදුකිරීමයි. 18 වැනි සියවසේ ලියවුන පොත්වල අනාවැකි සත්‍ය කිරීමට මිනිසුන් බිලි දීම නොවේ.


මේ සියලු දුක් වේදනාවන්ට හේතුව මාක්ස්වාදය බව මට අවබෝධ විය. මාක්ස්වාදය යනු මම වඩාත්ම පිලිකුල් කරන වචනයයි. මෙය මාක්ස්වාදයෙ වරදක් නොවන බවත් ජවිපෙ අයගෙ වරදක් බවත් සමහරු කියති. එහෙත් ලෙනින් ,ස්ටාලින් ,ට්‍රොට්ස්කි, පොල්පොට් ,මා ඕ සෙතුන් , අබුගසිල් ගස්මාන් ආදීන් එම තර්කය බිද දමති.  හිට්ලර්ට වඩා දරුනු සමූලඝාතකයන් වන ස්ටාලින් හා මා ඕ සේතුන් වැන්නන් මාක්ස්ගෙ පොතේ පාඩම් බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට අප පොළබවයි.

පසුගිය ලිපියෙන් අප හා සංවාද කළ ඔබ අලුත් තර්ක කිහිපයක් ඉදිරිපත් කරයි. රිප්ලයි කොමෙන්ට් යටින් යටට බලාගෙන යන එක නීරස නිසා මෙසේ අලුතෙන්ම පෝස්ට් එක දැම්මෙමි.

ඇෆගනිස්ථානයේ සී අයි ඒ ප්‍රයත්නය අසාර්ථක වී සෝවියට් දේශය ජයගත් පසු ඇමරිකාව කලේ ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කිරීමයි. ඇනෝ මුස්ලිම් සමාජවල විප්ලව සිදුකල හැකි බව විශ්වාස කරයි. සමස්තයක් ලෙස ඉස්ලාම් සමාජය සමාජවාදයට විරුද්ධය. කිසිදු මුස්ලිම් රටක විප්ලව සිදුවී නැත. අතරින් පතර මුස්ලිම්කාරයෙක් ජෙවීපී කළත් සමස්ත මුස්ලිම් ප්‍රජාව සමාජවාදයට දැඩිලෙස විරුද්ධය. මුස්ලිම් ආගම යනු නීතියකි. ඒ නීතිය බැතිමතුන් විසින් උල්ලංඝනය කරනු නොලැබේ. විප්ලව වලට සරු පසක් වුනේ ක්‍රිස්තියානි සමාජවලය. බෞද්ධ සමාජවල විප්ලව ස්වයන් ලෙස නො එන නිසා කකුලෙ හැඩයට සපත්තුව කැපීමක් කළේය. මා ඕ වාදය යනු එයයි. මා ඕ වාදය යනු කෙලවරක් නැතිව මැරීමයි. චීන ජනගහනයෙන් හතරෙන් එකක්ම ප්‍රතිවිප්ලවවාදීන් ලෙස සළකා මැරුවෙ එබැවිනි. ලංකාවෙ 71 ,89 විප්ලව සාර්ථක වුනානම් එය අපටද ටහ් විදිය හැකිවනු ඇත. විජේවීරත් මා ඕ වාදියෙකි. කාම්බෝජයේ පොල්පොට් මෙය සාර්ථකව අත්හදා බැලීය. අලුත් ස්මාජයක් හදන්නට පරන සමාජය මූලෝත්පාඨනය කලේය. මෙය මාඕට කල නොහැකි වුනේ  ඔහුගේ මරනය නිසාය. කන්නඩියක් දාන එකත් ප්‍රතිවිප්ලවවාදියෙක් කියල මැරුවලු.

ලිබියාවෙ ගෝත්‍ර අපේ යක්ෂ නාග දේව ගෝත්‍රවලට ඔබ සමකරයි. ඔබට මෙම සමාජය ගැන දැනුවත් කමක් නැත. අපේ අතීත ගෝත්‍ර දැන් හදුනාගත නොහැක. එහෙත් ලිබියාවෙ මෙය ගඩාපිගෙ නෑදෑ සනුහරයට එහා ගිය දෙයකි. අප්‍රිකානු ගෝත්‍ර යනු අපේ කුල ක්‍රමයට එහා යන දෙයකි. එම ගෝත්‍රවලට වෙනම ඇදහිලි සිරිත් විරිත් භාෂා පවා ඇත.

නේපාල කතාව

"නේපාලයේ මාඕවාදී ත්‍රස්තවාදය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුලුවී කොමියුනිස් පක්ෂයක් ලෙස සංවිධානය විය. එය පාර්ලිමේතුවෙ බලය ගැනීම හෝ රාජ්‍ය බලය ගැනීම කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි.

නැක්සල් වරු කැලෑ සහ ජනශූන්‍ය මුඩුබිම් විශාල පිරිසක් පාලනය කරනව. ඉන්දියන් හමුදාවට කලු බලල්ලු හදන්න බැරිවුනේ මේ සටන් සොබාවය නිසයි. ජවිපෙ ජනතාව අතර ජනතාව බියවද්දමින් සටන් කළා. ලංකාවෙ කලු බලල්ලු සාර්ථක වීමත් ඉන්දියාවෙ සල්වාජුදම් ලා අසාර්ථක වීමටත් හේතුව එයයි

ලින්ක් දැමීමනම් හොඳයි. බ්ලොග් කියවන අය ට දැනුම ලැබේවි. ඇත්තෙන්ම ඔවුන් තමා ජූරිය හා විනිසුරන්. අපිත් කරන්නෙ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමයි.


88 /89 කලබල කලේ කිසිම තේරුමක් නැතිව මෝඩ විදියටයි. ඒකයි වෙනස.

අවංකවම ඇනෝගෙ උත්සාහයත් යලි ලේ වැගිරීමක් වෙන එක වැළැක්වීමනම් සතුටුය. මගේ අරමුනත් එය බැවිනි.

ධනවාදී ආර්ථික මොඩලය සිංගප්පුරුවෙ හා රටවල් දෙක තුනක මිස සාර්ථක නැත්තෙ ඇයිදයි අසයි.
එසේම සොබාදහම යනුම අයුක්තියක් බව මා කී අදහසද ඇනෝ සරදමට ලක් කර ඇත."

හොඳයි අප කතා කරමු.A  සිට Z දක්වා



ඇනෝ ඔබ මාක්ස්වාදියෙක් බව පෙනේ. එනම් සමාජ ආර්ථික විශයය කාල් මාක්ස් මහතා ගේ දර්ශනය තුලින් බලන්නෙකි. එහි වරදක් ඇත්තේම නැත.

මේ හිතවත් මධ්‍යස්ථ මතධාරියා



                                       ඇනෝ තවලම

කලබල කිරීම පිනිස උදේ රැයින් නැගිට බත් බැදගෙන එන ඇනෝ තවලම මධ්‍යස්ථයා ට හමුවුනේ තුන් මන් හන්දියේදීය. 


මේ බෑරක් යනාවද කියා මධ්‍යස්ථයා ඇසීය.

ඇනෝ  : මේ අහපන් මධ්‍යස්ථයො අපේ දර්මයට අනුව   දුප්පත්කමට හේතුව සූරාකෑමයි. කම්කරුවාගේ කායික හා මානසික ශ්‍රමය ධනපති පන්තිය විසින් මංකොල්ල කනු ලබයි . ධනය ලෙස ගොඩ ගැසෙන්නේ අතිරික්ත ශ්‍රමයයි. මෙහිදී මෙම අතිරික්ත ශ්‍රමය කම්කරු පන්තියට හිමි යි.

ම.ම : ඇනෝ සහ මම වෙනස් වන්නේ මෙතනදී. ඇනෝ සිටන්නෙ සමාජ පරිනාමය පන්ති ගැටුමක ප්‍රතිපලයක් ලෙස. මම පන්ති සමාජය නොපිලිගනිමි. කම්කරුවන් ඇතත් කම්කරු පන්තියක් නැත. ධනපතියන් ඇතත ධනපති පන්තියක් නැත.


දැන් කාට කාටත් ගැටළුවකි. ඇනෝද හරි මධ්‍යස්ථයාද හරි.ඇනෝ කියනව සමාජ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසයක්ලු. අතිරික්ත වටිනාකම හිමි කම්කරුවටලු.

පිරිස : අම්මට සිරි . කම්කරු පන්තිය නිර්ධනපන්තික විඥානෙන් ඔද වැඩිල සමාජවාදී විප්ලවය කරනව .ඊට පස්සෙ සූරාකෑම් නැති නිසා  වැඩකරන්නා වැඩෙහි ඵල ලබනව . මේ කාලෙ හැම දෙයක්ම විප්ලවකාරියි. 
හැම ප්‍රශ්නෙකටම මුල සූරාකෑමනෙ. ආගම වගෙ දේවල් ආර්ථික ගොඩනැගිල්ලෙ තියන ආලවට්ටම්. හෙහ් හෙහ් මරු

මරුනෙ . ඇනෝ ලස්සන කතාවක් කියනව. හැම ප්‍රශ්නෙකටම මුල ධනවාදී සූරාකෑම නම් ඒක ඉවර කළාම සුරපුරය පහල වෙනවනෙ. බස් එකක් පුච්චන එක පාඩුද . ඇනෝ මෙච්චර ලස්සන කතාවක් කියද්දි මොකක්ද මේ මධ්‍යස්ථය කියන්නෙ .

මධ්‍යස්ථය කියනව පන්තිය කියල ගන්න පුලුවන් එකක් නැහැය කියල.

මධ්‍යස්ථයො කට පියන් හිටු. අපට ඕව හාර අවුස්සන්න ඕන නෑ. මාක්ස්ගෙ ශුද්ධ ලියවිලිවල තියනවනම් පිකටින් කරනකොට දේපල විනාශ කරන කොට තරහකාරයෙක් මරන කොට ආතල් එකක් දැනෙනවනම්

අපට තව මොනවද ඕන කරන්නේ.

ගිනි දැල් නගින කොට දැනෙන ආතල් එක බලපල්ල. විනාශ කරපල්ල ,මරපල්ල.කුඩේ කුඩු කරපල්ල.


කමක් නෑ මධ්‍යස්ථය කියාන් එකත් අහලම යමු. අපට බැරිවයැ විනාශ කාරී දේවල් කරන අතරෙ ඌ කියපුව  මෙනෙහි කරල සිනා සෙන්න .

ම.ම : මූලික යුගවල නිෂ්පාදන හුවමාරුවක් සිදුවුනා. කිසිම කෙනෙක් ලොක්කෙක්  නෙමෙයි . හැමෝම තමන්ගෙ හැකියාවන් බෙදා ගත්ත. නමුත් ඒ කාලෙ සමාජවාදී සමානාත්මතාවයක් තිබුන කියල රැවටෙන්න එපා.

පිරිස : ඉක්මනට කියපන් කියන දෙයක් මධ්‍යස්ථයො අපට මිනීමරන්න දේපොල වනසන්න තියනව. වැඩි වෙලා ගන්න බෑ මෙතන .

   නිශ්පාදනය කියල මම මෙතන භාන්ඩ හා සේවා වලට සීමා වෙන්නෙ නෑ. දැනුමත් නිෂ්පාදනය අදාලයි. තම නිෂ්පාදාන් /හැකියාවන් / උරුමයන් අලෙවිකරල සමූහයෙ තමන්ගෙ තැන හදා ගත්තා.


නිශ්පාදන / හැකියාවන් /උරුමයන් ඒ මොනවද බාන්.

සමහරු බෙහෙත් ගැන දන සිටිය. සමහරු දඩමං දැන සිටිය. සමහරු ජල උල්පත් දැන සිටිය. නපුරු සතුන් සිටින තැන් දැන සිටි අය හිටියා.
උරුමයන් කියන්නෙ බාහු බලය ,රූප ලසනේ වගෙ දේවල් .

හා හා කියාපන් ඉතුරු ටිකත්.

මේ සමාජය කාලයක් යනකොට ප්‍රසාරනය වෙන්න ගත්ත. කුඩා සමාජය තුල ලොක්කන් නැතත් මහා සමාජයෙ ලොක්කන් ඕන වුනා.

 පිරිස : ඇයි යකෝ ඒ? කුඩා එකට නැති ලොක්කො මහ එකට මොකටෙයි.

ම.ම :හිටහල්ල. මහා සමාජයෙ එකිනෙකා හදුනන්නෙ නෑ. කුඩා සමාජය සමාන්තරශ්‍රයක් වුනත් ස්වාභාවිකවම මහා සමාජය පිරමිඩයක් වෙනව. ඒ කියන්නෙ දූරාවලියක් තියනව.


කියන කැකිරි ගෙඩියක් ඉක්මනට කියපන් මධ්‍යස්ථයො. තව බස් එකක් ගියා .අපට ගිනි තියා ගන්න විදියක් නෑ.විරුද්ධ මත දරන එකෙක් පාරෙ ගියා .ඌව මරාගන්න විදියක් නෑ. මූ මේ බන කියනවනෙ.


ම.ම : මහා සමාජය බිහිවුනේ කුඩා සමාජ එක් වෙලා , නැත්නම් කුඩා සමාජයෙ ජනගහනය වැඩිවෙලා. ඒ මොකක් නිසා හෝ දැන් මහා සමාජය බිහිවෙලා. දැන් ඉස්සර වගෙ තම නිෂ්පාදන .හැකියාවන් /උරුමයන් සිල්ලරේට විකිනෙන්නෙ නෑ.

මෙතනදි සමාජයෙ හැඩය තීරනය වෙන්නෙ නිෂ්පාදන ක්‍රමවේදය අනුව. එතනදි හැම නිෂ්පාදනයකටම දවටනයක් ලැබෙනව. සමාජ පරිනාමය විග්‍රහ කරනකොට මේ දවටනය හරි වැදගත්. දවටනය කියන වචනෙ දැම්මෙ පාරිභාෂික අපබ්‍රංසයක් නොදා. ඕන නම් ව්‍යාජ ආරෝපිතය ,අමතර අගය වගෙ වචනයක් දාන්න තිබුනත් ඔහෙලට දේපොල වනසන්න මිනීමරන්න තියන නිසා වෙලාව වැදගාත්නෙ. ඒ නිසා මෙහෙම සරලව කිව්ව.

පිරිස :අන්න එහෙම සරලව කියපන් මධ්‍යස්ථයො.

ම.ම : සෑම සමාජයකම සත්‍යය වටා දැවටූ මිත්‍යාවක් එක්කයි අලෙවිය සිදුවෙන්නෙ. කුඩා සමාජයෙ මිතා තිබුන. නමුත් අලෙවියට එය වැදගත් වුඑනි නෑ . දැන් අනිවාර්යයි.

 හ්ම්ම්ම්  කියහන් කියහන්


පාලනය කියන කාරනේදි උතුම් ලේ තියන කෙනෙක් ඕන වෙනව. එයා ඉරෙන් හදෙන් දෙවියන්ගෙන් ආ කෙනෙක්. ඔන්න පිරමිඩයෙ ඔළුව.
මැරවරය තවදුරටත් නිකම්ම චන්ඩියෙක් නෙමේ. ඌ ඉඩම් හිමි වවිලිකරුවෙක්. ඉඩම කියන දේ නිෂ්පාදන ක්‍රමවේදයෙ පාදම. ඒක හිමි අර මැරවරයට.

මේක බලා ඉන්න බැරි පූජකය අලෙවිකරනව ගෙඩිය පිටින් මිත්‍යාව. මෙතනදි පිරමිඩයෙ ඉහාල් තැනක් අයිතිවෙනව පූජකයට. ( මේ කතාව වෙන ත්ණෑක දීර්ඝව කියල තියනව. )

නිශ්පාදන ක්‍රමවේද වෙනස් වෙනකොට ඊට සමගාමීව සියල්ලම වෙනස් වෙනව. මේක අනවරත ක්‍රියාවලියක්. විප්ලව නැහැ.

පිරිස :යකෝ විප්ලව නැහැ. මොන මුස්පේන්තු කතාවක්ද ඒ. මිනියක් මරන්න බැරි අදහස් දැක්වීමක්. ඒකට අපේ ඇනෝ

ම.ම :නිශ්පාදන ක්‍රමවේද වෙනස් කරන්නෙ නිර්මානශීලී මිනිසුන්. මේක අඛන්ඩයි.

පිරිස : අපට ප්‍රශ්නයක් තියනව . හරි ධනපති පන්තියක් නෑ කියමු. උඹ කියන ලෙසම නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වෙලා අද තියන ලෙසින් රදලයන් වෙනුවට ධනපතියන් ආදේශ වුනා කියලත් කියමුකො. එතකොට කොහොමද ධනපතියො බිහිවුනේ ?


ම.ම : ඒක වුනේ ඒකක ප්‍රසාරනය නිසා. කුඩා සමාජයෙ කෙනෙක් තම නිශ්පාදනය අලෙවි කරන්නෙ සීමිත පිරිසකට. එයින් ඔහු ලබන ආදායම ඔහුගෙ ජීවිකාව. නමුත් කුඩා සමාජය මහා සමාජයක් වුනාම ඔහුටපුලුවන් වැඩි පිරිසකට අලෙවි කරන්න. දැන් ඔහු කලින් වගෙ නෙමෙයි. සෙසු සාමාජිකයන්ට වඩා ධනවත්. නමුත් මේ ක්‍රියාවලිය සංකීර්නයි.ඔහු තමන් යටතෙ සේවකයන් ගන්නව. ඔවුන්ට ගෙවනව. එහෙම කරන්න පුලුවන් වුනේ ඔහුගෙ යම් දක්ෂතාවයක් නිසයි. එහි වරදක් නෑ. ඒ අනුව ධනවතුන් බිහිවෙන්නෙ ගනුදෙනුකළ හකි ප්‍රමානය විශාල වීම නිසයි. කාගෙවත් මොකවත් සූරාකාල නෙමෙයි.

ඔහු යටතෙ වැඩකරන අයට ඔහුගෙ ධනය අයිති නෑ. කම්කරුවන්ට හිමි අතිරික්ත වටිනාකමක් නැහැ. ඔහු ධනවත් වුනේ කාටවත් දෙන්න තිබුන දෙයක් නොදී ඉදල නෙමෙයි. අලෙවිය විශාල වීම නිසා.

මෙහිදී ධනය විතරක් නෙමෙයි .වෙනත් විශේශත්වනුත් එහෙමමයි. මෙහෙම ඒකරාශී වෙනකොට ඊට සමගාමීව තව දෙයක් වෙනව.

පිරිස:ඒ මොකක්ද

ම.ම:යෝධයා නිර්මානය වෙනකොට ඊට සමගාමීව අගුටුමිට්ටො හැදෙනව. අමතක කරන්න එපා ධනය ගැන විතරක් නෙමෙයි මගෙ කතාව. කලාව,ඇකඩමික් ගුරුකුල , ගායනය ,රඟපෑම ,වගෙ දේවල්. මේ ඔක්කොම අයිතියි.


පිරිස: හ්ම්ම්ම් ඒත් ඒකට වඩා රසයි ඇනෝ කියන කතන්දරය. ඇනෝගෙ කතාව  අහල ගමේ සල්ලිකාරයගෙ වත්තෙ අඹ ගහකට ගලක් හරි ගහන්න පුලුවන්. යකෝ මේ අපේ සල්ලි කියල කෑගහල. සරදියෙල් රොබින්හුඩ් වගෙ ආතල්  එකක් නෑ මධ්‍යස්ථයගෙ කතාවෙන්



එතකොට මේ අයුක්තිය හැමදාම තියෙයිද මධ්‍යස්ථයො ?

ම.ම:නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වෙනව. ඉදිරියෙදි මිනිස් ශ්‍රමය ආවශ්‍යම නැතිවෙන්න පුලුවන්. 18 වැනි සියවසෙන් එලියට ඇවිත් සිතන්න.

පිරිස : එතකොට විප්ලව .ප්‍රංශ විප්ලවය ,රුසියන් විප්ලවය ඒව අයුක්තියට එරෙහි මානව ප්‍රයත්නයන් නෙමෙයිද

ම.ම: නෑ . විප්ලව කියල දෙයක් සමාජක ස්වයන් දෙයක් ලෙස පැන නැගිල නෑ. සමාජ පිරමිඩයක උඩු යටිකුරු කරන්න බෑ. ප්‍රංශ විප්ලවය කලේ රදලාය්න් ,පූජකයන් හා ඔවුන්ගෙ කුලීකාරයන් රජුට විරුද්ධව.

බලය කියන සාධකය මේ අය අතර බෙදා ගනීමෙ ගටලු ආව. එක් වරෙක ඩැන්ටන් අතටත් පසුව බොබ්ස්පියර් අතටත් බලය ආව. ඒක පන්තියක් නෙමෙයි කන්ඩායමක්. ධනය විතරක් ඒකරාශීවීමේ අනතුර දකින ඔහෙල පුරුදුවෙන්න



පිරිස : එතකොට  රුසියාවෙ ? චීනෙ

ම.ම:රුසියාව ලෝක යුද්ධයෙන්  ඉවත් කරන්න ජර්මනිය ගහපු ගැටයක් ඒක. චීනයෙ බටහිර සහ සෝවියට් තරගයෙන් සෝවියට් පිළ දිනුවා. ඇනෝලට අනුව විප්ලවය සමාජය තුලින් එන්න ඕන. වෙලා තියන හැම විප්ලවයක්ම බාහිර මැදිහත්වීම්. රුසියන් විප්ලවයෙ ගාමක බලවේගය වුනේ හමුදාව.

වියට්නාම් යුද්දෙදි වියට් කොං සෙබලු සටන් කරනකොට චීන සෙබලු පාලන් බෝක්කු හැදුව. එවිතරක් නෙමෙයි චීන සෙබලු පෙරමුනෙත් සටන් කල බවට ඇමරිකන් සෙබලු අදහස් දක්වල තියනව.

පිරිස : මාරයි . ඉතින් මධ්‍යස්ථයො උඹ කියන්නෙ අපි ධනය ඒකරාශීවීමේ අනතුර වගෙම බලය වගෙ අනෙක් දේවල් ඒකරාශී වීමෙ අනතුර ගැනත් හිතන්න ඕන කියලද

ම.ම:අනිවාර්යයෙන්ම. කුඩා සමාජයෙ තිබුන හැම විශේෂත්වයක්ම මහා යෝධයන් වෙලා අපේ මහා සමාජය තුල අගුටුමිට්ටන් නිර්මානය කරනව. බලය විතරක් නෙමෙයි මහා කලාකරුවන් , නළු නිළියන් ,ගායකයන්,පූජකයන් යන මේ හැම දෙනාම වන්දනය කිරීමේ සම්ප්‍රදාය එන්නෙ එතනින්.


පිරිස :මේක නවත්වන්න බැරිද

ම.ම:නවත්වන්න හදපු හැම උත්සාහකම අසාර්ථක වෙලා පීඩනය වෙනත් නමකින් මතුවුන එකයි වුනේ. හේතුව මේකයි. ප්‍රශ්නයට හේතුව නොසොයා පිළියම් යෙදීම

පිරිස :අපේ දේපොල වැනසීම මිනීමැරීම් වගෙ පුන්‍ය ක්‍රියා ගැන මොකද කියන්නෙ මධ්‍යස්ථයො.

ම.ම: මට මොකද ඔහෙල අනුන්ගෙ ඉඩමක් හොයාගෙන යනව ප්‍රොපේත කෙනෙක් පෙරටුකරගෙන. කිරි මීපැනි ගලන ඉඩමක් ගැන ඔහෙලගෙ ප්‍රොපේත වරු කියල තියනව. ඔහෙල ඒව අදහනව. ඒ කට විප්ලවය කියනව. මේ විප්ලවයෙදි ඔහෙල ට තහංචියි එකම දෙයිය වෙනුවට ආදේශ හදන්න. ඒ වගෙ ආදේශ හදන ප්‍රතිවිප්ලවවාදියන්ව මරනව. ඒ වගෙම බාල්ගෙ ඇෂ්ටාරොත් ගෙ පිළිම විනාශ කරනව. බස් ගිනිතියනව කියල ඔහෙල කරන්නෙ යෙහෝව ඇරෙන්න වෙන දෙවියන්ගෙ දේවාල වැනසීම.


පිරිස :එතකොට උඹ කියන්නෙ ඒව වැරදියි කියලද

ම.ම:  වැරදියි කියන්නෙ නෑ. ඵලක් නෑ කියල කියනව. අපි පළමුව ප්‍රශ්නය හදුනා ගනිමු. ඉන් පසුව එයට හේතුව හොයමු. ඊලඟට එය නැති කිරීමේ මාර්ගය හොයමු. අන්තිමට එය නැතිකරමු. ඒ කියන්නෙ විසදුම සොයාගනිමු. මිනී මැරිලි දේපොල වැනසිලි මොකුත් නෑ.

පිරිස : ඒ කියන්නෙ බලන් නිලාගෙන ඉන්න කියලද කියන්නෙ

ම.ම:  බකන් නිලාගෙන ඉන්න නෙවෙයි. බොරු වැඩකරල වැඩක් නැති නිසා. එක දුෂ්ටයෙක් වෙනුවට තව දුෂ්ටයෙක් ආදේශ කරගෙන වැඩක් නෑ.ආර්ථික හා සමාජ විසදුම් සොයන්න ඕන. ඒ කිසි දෙයක් ගැටුම් වලින් නෙවෙයි කරන්න ඕන. සම්මුතියෙන්. පාලකයො කවදාවත් බන්දේසිවල දාල දෙන්නෙ නෑ කියන එක ට වඩා අප නිතරම සම්මුති ගොඩ නගන්න ඕන. සමූපකාර ක්‍රමය ඒ වගෙ විකල්පයක්. මේ වගෙ විකල්ප බොහොමයක් අත්හදා බලලත් තියනව. අපට ඒ දේවල් බ්ලොග් වලිනුත් කතා කරන්න පුළුවන්.
ඒ ආර්ථික පැත්ත.

සොබාදහම දෙස බලනකොට ගැටුම කියල හදුනාගන්නෙ සංයෝජනයන්.හුවමාරුව.පිරමිඩාකාර ව්‍යුහය තුල මේ වගෙ හුවමාරු සිදුවෙනව. ගැටුම කියන වචනෙත් මට හරිම අප්‍රියයි. ගැටුම් තුලින්මයි අයිතීන් ගන්න පුළුවන්. අපි කැමතිවුනත් අකමැති වුනත් ඒක යථාර්ථය . මේ වගෙ දේවල් තුලින් ආයෙ ගැටුම ,රන්ඩුව දබරෙ වලිය තමා පෙරට එන්නෙ. එහෙමම හිතන්න ඕන නෑ

 1215 දි බ්‍රිතාන්‍යයෙ සිදුවූ ප්‍රථම දේශපාලන ප්‍රතිසංස්කරනයත් සම්මුතියක්. එතන බල හුවමාරුවක් වුනා රජා එක්ක. 
දේශපාලන ප්‍රතිසංස්කරන ඉන්දියාවෙ මල්ල ,වජ්ජි , ලිච්ඡවි වගෙ රටවල තිබුන. පුරාන රෝමයෙ මේ වගෙ අත් හදා බැලීම් තිබුන. 

අපි යමු අලුත් මාවත්වල. තනි පක්ෂ මර්ධනයක් ගේන්න හදිසි නොවී.

පිරිස :ඇති ඇති නවත්තපන්. අපේ විප්ලවකාරී ජීවගුනෙත් අඩුවෙනව ඒව අහල.


මධ්‍යස්ථයගෙ බන අහන්න ගිහින් අපේ වැඩවලට කාලය මදි වුනා වගෙ. ගැටුම හෙට පටන් ගනිමු. කලබල කරන්න අද මහ මොකද වගෙ මේ කතා අහල. හෙට උදේම පංතියක් කරල ආයෙ වයිරය පුරවගෙන ඌනිතවාදීව හිතල ඉතාම සරල විග්‍රහයකට ඇවිත් හොඳ බිල්ලෙක් හොයාගෙන සටන් කරමු. හැම පැත්තටම කරුනු විග්‍රහ කරනවට වඩාඒක ලේසියි. ඒ වගෙ දේකට කට්ටියත් හොයාගන්න ලේසියි. අන්න හද ,ඒක තමා හැම ප්‍රශ්නෙකටම මුල. හදට ගල් ගහපල්ල කියපුවම. කොල්ලො චූන් වෙලා හදට ගල් ගහනව. 

ඔවු ඔවු ඒක තමා නියම මාවත . ප්‍රේරිත වූ ලෙනින්ගෙ ශුද්ධ ලියවිල්ලෙත් ඒක තියනව .අහවල් සුරාවෙ අහවල් ඡේදයෙ අහවල් තැන මේක තියනව. ඒක බැතියෙන් සජ්ජායනය කරමු .

ආමෙන්.

             කාගෙහරි නෑයො  අඩුනම් එයා කියන එක හරි.

මේ මහදැනමුත්තගෙ කතාවත් කියවල මාරකැස්වාදීන්ගෙන් ගන්න තියන ආදුරුස ගනිල්ල.

ඔන්නෙ  එකෝමත් එක රටක ඉස්කෝල දෙකක කොල්ලො දෙගොල්ලක් රන්ඩුවුනා බෝල සෙල්ලමටව් ගිහින්. මේක දිගට ඇදෙනව. බලන් උන්න ගමේ අය ගියා ගමේ උගත්තා වන මහදැනමුත්තා හම්බවෙන්න .. මහදැනමුත්ත ඉංගිරිස් එහෙමත් දන්නවා.


මහදැනමුත්තා කියන්නෙ කලින් ජේවීපී කරල තියන අත්දැකීම් අටෝරාසියක් ගත්ත කෙනෙක්. ඒ  නිසා උන්දගෙ තීන්දු තීරන මාර ගති තීරන. හැමෝම ඒ සටයිල් එකටත් ආසනෙ. ඔන්න දැන් මහදැනමුත්ත ආව අලිය පිටේ. කියන්න අමතක උනා මාහ්දැන්මුත්ත දැන් යන්නෙ අලිය පිටේ.


දැන් මේ දෙගොල්ලගෙ ගනන් හිලවු මට ඕන මහදැනමුත්ත කිව්ව.


ඒ කියන්නෙ පොල් බෑ මූන ඇහුව.


දෙගොල්ලක් අතර සිදුවන ගැටුමකදි හරි කවුද වැරදි කවුද හොයන ක්‍රමයක් තියනව. මට මේ රන්ඩුව ට සම්බන්ධ දෙගොල්ලගෙ ගනන් හිලවු ඕන අන්න ඒකටයි. වැඩි පැත්ත වැරදියි අඩුපැත්ත හරි. 


මහදැනමුත්තගෙ නඩු විසදීම දැකල හැමෝම මුත්තගෙ බුද්ධිය ගැන පුදුම වෙලා විසිර ගියා.



( මෙම කතාන්දරය හුදු අහිංසක විනෝදය තකා නිර්මානය කරන ලද්දකි.)

Wednesday, November 25, 2015

ඇනෝනිමස් කෙනෙකුට ලියමනක් සහ අනාගතයෙන් ආ සන්නාසියාගේ කතාව

                       ඇනෝනිමස් කෙනෙකුට ලියමනක්

අප 71  හා 88/89 කැරලි ගැන කතා කරන විට අනෙක් පාර්ශ්වයෙන් ඇනෝ පිළිතුරු ලැබේ. මේ ඇනෝ පිළිතුරු ඉතා මෝඩ තර්ක මත පිහිටා ගොඩනගන ඒවායි.පොදුවේ නගන තරක්ජය  නම් ජවිපෙ දෙවරක් කැරළි ගැසුවේ නැත්නම් රට සෝමාලියාවක් වන බවයි.

ලංකාවට සමාන හෝ ඊටත් අඩු සමාජ ආර්ථික පරිසරයන් සහිත රටවල මෙවැනි කැරලි ඇති නොවීය. එම රටවල් සෝමාලියාවල් වුනේ නැත. ලංකාවට වඩා දියුණු විය.

 88/89 පරම්පරාව  විප්ලවකාරී ජීව ගුනයෙන් ඔද වැඩි බවත් අද පරම්පරාව පාරෙ වෑන් එකක් දැක්කත් චූ යන බවත් කියයි.

***  88/89 ට වඩා අද රට වෙනස්ය. අද කොල්ලන් කෙල්ලන් රවටන එක පහසු නැත. අද අවස්ථා වැඩිය. අද තරුන බලාපොරොත්තු පුළුල්ය.

ජවිපෙ අන්ඩපාලකම් සහ ඒවාට අසුවන අයගේ ගොබ්බකම් කියන වි ඔවුන් දාන ජනප්‍රියම තර්කය අප මහින්දගෙ හෝ රනිල් ගෙ ඇම්බැට්ටයන් බවය.රටේ අයුක්තිය හා දුප්පත්කම ඇති බවත් ඊට විසදුමක් ලෙස බස් ගිනි තැබිය  යුතු බවත් කියයි.

*** අයුක්තිය කොහෙත් ඇත. ඇත්තෙන්ම සොබා දහම යනුම අයුක්තියකි. අස්වාභාවික දෙය නම් යුක්තියයි. සොබා දහම යනු පොඩි එකා ලොකු එකාගෙ ගොදුර යන්නයි.අයුක්තියක් නැති තැනක් නැත. කල යුත්තේ එය පාලනය කිරීමයි.සියළු අයුක්තීන්ට හේතුව ධනපති ක්‍රමය කියා එය පෙරලූ පසු අයුක්තිය තුරන් වේයැ‍යි සිතිය නොහැක. සියල්ල ආර්ථිකයට ඌනනය කළ නොහැකි බැවිනි. ඊනියා සමාජවාදී රටවල තරම් අයුක්තියක් වෙන කොහෙවත් නැත. අඩුගානෙ අයුක්තිය ගැණ කතා කරන එකත් තහනම්ය.

*** සමාජවාදයට දුප්පත්කම ට විසදුම් දෙන්න බැරි නිසා සමාජවාදී රටවල් ධනවාදී විය. උත්තර සමාජවාදය බිහිවෙනවානම් බිහිවන්නේ ධනවාදයේ උපරිම අවස්ථාවක මිනිසුන් හැම අතින්ම දියුණු වූ පසුය. නැත්නම් බිහිවන්නෙ බූමිතෙල් සලාක ආන්ඩුවකි.

පුද්ගලයා මෝටිවේට් නොවීම සමාජවාදයේ ඇති ලොකුම දුර්වලකමයි.

හලාවත ඇන්ටනිලා වීරයෝද

*** අපට නම් කිසිවෙක් වීරයන් නොවේ. රොශේන්ලා ඇන්ටනිලාද රැවටීමකට අසුවුන අයයි. ඔවුන්ගෙ වියෝවේ සැබෑ පාඩුව ඔවුන්ගේ පවුල්වලටය. නමුත් රොශේන්ලා ත්‍රස්තවාදී වැඩ නොකළහ. එකෙක් බූරු වැඩක් කළොත් ඔක්කොටම  කන්න සිදුවේ.88/89 වුනේ ජෙවීපී කාරයන් බූරු වැඩ කරන්න යාමෙන් ඉස්කෝලවල ස්ට්‍රයික් කල එවුන්ගෙත් පස්ස පැති දිගේ පී වී සී බට ගියේය.බල්ලොත් එක්ක බුදියෑවොත් මැක්කොත් එක්ක නැගිටින්න සිදුවේ.

88/89 දි 60,000 ක් මැරීය. බෝධිය ලග වෙඩි තබා මැරූ 140 අසරනයන්ය.  එවැනි රජයක් තිබෙන විට අටසිල් රැකිය හැකිද

*** හරි ඒ කතාව ඇත්තය. එවකට පැවති රජය ලංකා ඉතිහාසයේ පැවති දරුණුම ම්ලේච්ඡ රජයයි. එවැණි ම්ලේච්ඡයකු සමග වැඩ කරන ක්‍රමයක් ඇත. පාවිච්චි කළ යුත්තේ මොළයයි. අපට වඩා ශක්තිමත් සතුරෙක් අප  සමග ගේම ඉල්ලනවා යැයි සිතමු. අප කළ යුත්තෙ නිකම් බිලිබෝයිල වෙන එකද. පොලිපීමස් නම් එකැස් යෝධයා හා ඔඩීසියස් සටන් කළ හැටි දන්නෙ නැද්ද .දන්නෙ නැතිව ඇති කියවල තියෙන්නෙ එකම එක සුරංගනා කතාවක්නෙ. ජේවීපී එකේ මොලේ වලිගයේ ඉදලම පිහිටා ඇති නිසා ( කෝච්චියක් පැහැරගෙන විජේවීර බේරන්න සමහරු යෝජනා කළාලු ) සිදුවුනේ විනාශයකි.

රජය උත්සාහ කළේ ජවිපෙ කැලයට තල්ලු කිරීමටනම් ජවිපෙ කළ යුතුව තිබුනෙ කෙසේ හෝ කැලයෙන් එලියට ඒමය. ( 1994 දි ආරිය බුලේගොඩලගෙ වලිගෙ එල්ලිලා ආ ලෙසින් )

එදා කළ යුතුව තිබුනෙ පුළුල් අන්දමින් අවිහිංසාවාදීව විපක්ෂය සංවිධනය කිරීමයි. නමුත් ජේවීපී කාරයන් සිටියෙ කැරැල්ලකට හේතු සොයමිනි.කොටි ටී එන් ඒ එක බලල් අතක් කරගත් ලෙස ජවිපෙ කලේ ශීලනිපය බලල් තක් කරගැනීමටය. එහෙත් ශ්‍රීලනිපය කලේ යටින් ජවිපෙ මර්ධනයට සහාය දීමය. ජවිපෙ මෝඩ තකතිරුවන්ගෙ වැඩ නිසා අහිංසකයන් දහස් ගනනක් මළේය.ඒ අහිංසකයන් ට අවශ්‍ය වුනේ සමාජවාදී සමාජයක් නොවේ. බොරු චන්ඩි කමකි. මෙය තේරුම් ගත් ජවිපෙ අන්ඩපාලලා කලේ කොටිගුහාවට සිසුන් යැවීමය. ට්‍රාන්ස්පෝමර් ගිනි තියපු නැති එවුන්ද මලේය. එසේම ජවිපෙ ගිනුමට බැරවන සේ ආන්ඩුවද අපරාධ කළේය. ජනතාවට ජවිපෙ එපා විය. මේ සේරම සිදුවුනේ ජවිපෙ ගොන් මොළවලට පින් සිදුවන්නටය.

අන්තිමට සිදුවුනේ ජවිපෙ ඇවිලවූ ගින්නට ආන්ඩුව පෙට්‍රල් දමා ගින්න හොදටම අවුලුවා ගිනි තපින්න ආ මෝඩයන් ගින්නට දැමීමය.

ඇනෝ තර්කයෙන් පරාජය කිරීම පහසුය. මන්ද ඇනෝ පිහිටා සිටින්නේ මරිමෝඩ දර්ශනයක් මත නිසාය.

මේ කතන්දරෙත් කියවලාම හිටියනම්

                    අනාගතයෙන් ආ සන්නාසියාගේ කතාව


" චාමර යමුද අර යෝගිය හම්බවෙන්න " කමේෂ් ඇසුවේ උදාසීනබවකිනි.



චාමර කිසිවක් නොකියූ නිසා හඩ බාලකර " ඕව බොරු තමා .පක්ෂය මේ විඥානවාදයන් ප්‍රතික්ශේප කරන බව තේරුම් ගන්න තරම් දේශපාලන දැණුමක් මට නෑ කියල සහෝදරය වරදවා හිතන්න එපා. මම කිව්වෙ නිකම් විනෝදෙට . අද රෑ  නිදිමරන්නත් තියනවනෙ.  හැන්දෑවෙ පොඩි සාත්තරයක් අහලම පෝස්ටර් ගහන්න යමුද "  කමේශ් කීවේ ඇවිටිල්ලක් ලෙසිනි.

චාමර සුනාසුනේය. මටත් ආසාවක් ඇතිවුනා ඔය කියන එකා හම්බවෙන්න. හැබැයි කටේ කෙල බිදක් හලනව හෙම නොවෙයි. සහෝදරවරු දැන ගත්තොත් අපට හිනාවෙයි. " චාමර කමේශ්ගේ කනට කර කීවේය.

"අපට විශේෂ අධ්‍යාපන කදවුරක් සංවිධානය කරයි මේව ගැන කියා දෙන්න " කමේශ් කීවිට දෙදෙනාටම හරි හිනාය.

"අන්න කොල්ලො කට්ටිය එනව.  පෝස්ටර් මිටිය ගනින් 'චාමර අන දුන්නේය.

"චාමර සහෝදරය දන්නවද වැඩක්" ඒ කවදත් කටකාර ජගත්ය.

"කියපන් . ඇයි පක්ශය අලුත් නියෝගයක් දුන්නද ? " චාමර ඇසීය.

"පක්ශය නෙමෙයි බන් .අර සන්නසියෙක්ද මොකෙක්ද ඇවිත්ලු නේද ? ජගත් කීවේ සරදම් සිනහවකින් මුව සරසාගෙනය.

"සන්නාසියෙක්. ඉන්දියන් ඔත්තුකරුවෙක් වෙන්න ඇති. පොඩ්ඩක් විමසිල්ලෙන් ඉදපල්ල. ''එතෙක් නිහඩව සිටි සංජීවය.

"පක්ෂය එහෙම කිව්වද .එහෙමනම් ඒක ඇත්ත ."ඒ චාමර  ය.

"පක්ශය කීවනම් උබෙන් අහනවයැ. පක්ෂෙට ඉතින් වරදිනවයැ." ජගත් කීවේය.

"ඔය යෝගිය පුදුම සාත්තරකියනවලු. අපි යමුද මූ මොකාටද එන්නෙ බලන්න. "කමේෂ් මෙතෙක් තද කරගෙන සිටි ආශාව එලියට දැම්මේය.

"යමු යමු. "ජගත් නැගී සිටියේය.

"මතක තියාගනිල්ල අපි මේ යන්නෙ මූව පරීක්ෂා කරන්න. "චාමර කතා කලේ අන දෙන්නාක් ලෙසය.

ඉදිරියට යන විට රාළහාමිලා දෙදෙනෙක් හමුවිය. කොල්ලන් දුටු රාළහාමිලා බිමබලාගෙන පස්සට වූහ.


 කද කෙලින්කරගෙන ඉදිරියට ආ චාමර 


"ඇයි ඔහෙල දැන් පැට්‍රෝල් යන්නෙ නැද්ද "කියා ඇසීය


"අපි ඕන නෑ ඔයාල යනවනෙ "රාලහාමි කීවේ බයාදු කටහඩකිනි.


කොල්ලෝ මහ හඩින් සිනාසුනහ.

පොලීසියද කොල්ලන්ට බයය. රාලහාමිලා කොල්ලන් දකින විට වෙන පාරකින් යයි.

මෙවර සාමාන්‍ය පෙළ ලියන්නට සිටින මෙම අල්පායුෂ්ක තරුනයන්ට නායකයෙක් නැතත් පක්ෂය මේ සියළුදෙනා ට නායක සිහිනය දමා තිබිනි. රාත්‍රියට ගෙවල් වලට එබී මිනිසුන් බය කිරීමෙන් බස් ගිනි තැබීමෙන් මොවුහු විනෝදයක් ලැබූහ. ඇත්තටම ඔවුහු ඊට ඇබ්බැහි වී තිබිණි.  

*********************************************

යෝගියා ගේ අසපුව මනරම් ලෙස නිමවා තිබිණි. සාත්තර ටක්කෙටම ඇත්ත නිසා වැල වැල නොකැඩී එති.. එහෙත් තව දවස් දෙක තුනකට වඩා ඔහු මෙහි නොසිටින බව ගම්මු කියති.

කොල්ලන් අසපුවට ආ විට සාත්තර අසන්නට ආ අය එහෙට මෙහෙට වූහ. තුවක්කුව ගත් ජගත් ඉදිරියෙන්ම විය .ඔවුහු කෙළින්ම අසපුවට ඇතුලු වූහ.

"ළමයි ඉදගන්න ." කහ රෙද්දකින් සිරුර වසා සිටි සාමි කරුනාබර හඩින් කීවේය.

"ඈ බන් මේකට එහෙමට වයස නෑනෙ. ඕන නම් අවුරුදු දාසයක් විතර ඇති ."ජගත් කෙදිරීය.

"දැන් කවුද සාත්තාර අහන්නෙ ."චාමර හැමෝගෙම මූනු බලීය. මං යන්නම් කමේශ් ඉදිරිපත් විය.

"හා උඹැ පලයන්. අහපන් දේශපාලන වාතාවරනය ගැන. බලමු මූ මොකද කියන්නෙ කියල. මූට අනාගතය කියන්න පුලුවන්ලුනෙ. බලමු ඉන්දියන් හමුදාවයි දේශීය ධනපති පන්තියයි අපෙන් කන කෑම ගැන මූ කියයිද කියල." ජගත් කීවේ උජාරුවෙනි.

එක්කෙනෙක් එන්න සාමි අන කළේය.

කමේශ් ගොස් සාමි ඉදිරියෙ වාඩි වුනේය.


"ඔය දරුවගෙ නම කමේශ් මම හරිද "සාමි සිනාසුනේය.

කොහොමද මේක මගෙ නම දන්නෙ . පක්ෂෙන් කියන්නෙ පන්ති පහ ඇර ලෝකෙ ඔක්කොම බොරු කියලනෙ.  කමේශ්ගෙ සිතිවිලි එයාකාර විය.

සාමි සිනාසුනේය.

"මොනවද අහන්න තියෙන්නෙ දරුවා " සාමි ගේ කරුනාබර මුහුන කමේශ්ගෙ දෑස් වෙත ම යොමුවී ඇත.

" සාමි මට දැන ගන්න ඕන ජනාධිපතිවරනෙන් කවුද දිනන්නෙ කියල".


සාමි නිහඩ විය. මද වෙලාවකින්


"ප්‍රේමදාස" කියා කීවේය.


"ඈ බන් ප්‍රේමදාසලු ඊලග ජනාධිපති. ඒකෙන්ම තේරෙනවනෙ මුගෙ බොරුව. කවදාවත් ජේ ආරය ප්‍රේමදාසට නොමිනේසන් දෙන්නෙ නෑ. "චාමර කීවේය.

"හැබැයි සහෝදරය පක්ශයට ඕන ප්‍රේමදාස දිනවන්නයි. සිරිම දිනුවොත් ආයෙ 71  මර්ධනය තමයි. " ජගත් කීවේය.

"පක්ෂෙට ආයෙ වරදිනවයැ." ඒ චාමරය.

"කමේශය නියමෙට දෙනව වගෙ සද්ද කරන්න එපා. "ජගත් සියලුදෙනා නිහඩ කලේය.

"එතකොට සාමි ප්‍රේමදාස දිගටම බලයෙ ඉන්නවද."

"නෑ දරුව උන්නැහෙට මාරක අපල තියනව. "සාමි කීවිය.

එය ඇසූ ජගත්ට බකස් ගා සිනා ගියේය. 

"මූ නම් ඇත්තම කියනව. මතකද පක්ෂෙන් කිව්ව ප්‍රේමදාසයි කෙරෙන්ස්කියි කියන්නෙ එක්කෙනෙක් කියල"  හෙහෙ හෙහ් ජගත් සිනාසුනි.

සාමි ජගත් දෙස ද බැලීය.

"ප්‍රේමදාස කොයිතරම් කාලයක් බලයෙ ඉන්නවද සාමි."කමේෂ් ඇසීය.

"අවුරුදු හතර  හමාරක් දරුවා. "සාමි පිලිතුරු දුනේ බිම බලාගෙනාය.

"ඈ බන් එච්චර කල් විප්ලවය ඇදෙයිද ? " චාමර ඇසීය.

"අපි මෙතනට ආවෙ පොඩි විනෝදයක් ලබල මූ ගැන හොයන්නනෙ . අනික ඕව බොරුනෙ .උඹත් දේශපාලන සවිඥානක බවක් නැති මහජනතාව වගෙනෙ."  ජගත් සරදම් කළේය.

"රටේ ගිනි ඇවිලෙනව දරුව. ඒ ගිනි නිවෙනව. ඒ කඳුලු ගංගාවක් ගලා ගියාට පස්සෙ. ඒක වළක්වන්න බෑ." සාමිගේ කතාවෙ කනස්සලුගතියක් විය.

"එතකොට ඉන්දියන් හමුදාව ? '' කමේෂ් ඇසීය.

"ඉන්දියන් හමුදාව යනව" සාමි පිළිතුරු දුන්නේය.


"නිකම්ම ? දේශප්‍රේමී හමුදාව අතින් පරාජය නොවී ????? "කමේෂ්ට උතුර දකුන මාරුවිය.

පිටුපස සිටින යහලුවන් සිනාසෙනු කමේෂ්ට ඇසේ.



"ඉන්දියන් හමුදාව යනවලු. හනේ මෙහෙම කතා. ඉන්දියන් හමුදාව දකුනට එනව. උන් දකුන වනසනව. ජනතාවගෙ එකම ගැලවුම්කාරයො වෙන්නෙ දේ ජ ව්‍යාපාරය. ඉන්දියන් ගැති එජාපය අහෝසිවෙනව. ශ්‍රීලනිපය ජවිපෙ අතකොලුවක් වෙනව." ජගත් කටපාඩමින් කියාගෙන ගියේය.

"එතකොට තරුනයන්ගෙ සන්නද්ධ  ව්‍යාපාරයට වෙන්නෙ මොකක්ද සාමි " කමේෂ් ඇසීය.

මෙතෙක් මේ රටේ සිදුනොවූ විරූ මැරිල්ලක් සිද්ධ වෙනව. එහෙම දේවල් මීට ඉස්සර  මිහිපිට සිදුවෙලත් නෑ .ආයෙ සිදුවෙන්නෙත් නෑ. කල්ලියෙ අලගිය මුලගිය තැන් ඔක්කොම සමූලඝාතනය කරනවා.සාමි පැවසුවේ ඉවත බලාගෙනය
මේ වගෙ කාලයක් මේ රටේ කිසිම දිනක තිබිලම නෑ. මේ වගෙ ශාපලත් කාලයක් ජීවත්වෙන සියල්ලෝම අවාසනාවන්තයන්. අනාගත පරම්පරාවන් මේ යුගය ගැන අසා භීතියෙන් වෙව්ලනු ඇති මවිත වනු ඇති.

සාතන්ගෙ රාත්‍රියේ මරනයට ඇස් ඇවිත්.

මුරුගසන් වරුසාව වසිනු ඇති. උතුර නැගෙනහිර හැර මුළු දිවයිනම ඉන් තෙමෙනු ඇති. ගංගා වල ජලය ලෙයට හැරෙනු ඇති. මවුවරුන්ගේ විලාපයෙන් පොලව පිරී යනු ඇති. සියළු නාදයන් සැගවී මරලතෝනිය පමනක්ම රජයනු ඇති.
නිවෙස් වල සිටින තරුනයන් පැහැරගෙන යනු ඇති. දෙතිස් වධ දෙනු ඇති. සතර රියනවත් අහිමිව මහමග පිලිස්සෙනු ඇති. තව පෝය දෙක තුනකින් ජනාධිපතිවරනය නිමවූ පසු ඒ යුගය උදා වෙයි. එය මගහැරයන්න කාටවත් ම බෑ . පින් දහම්හි යෙදෙන්න. ශාන්ති ශාන්ති ශාන්ති.


සාමි මදකට නිහඩ විය.

"ඒක වෙන්න පුළුවන් දෙයක්ද සාමි. බලන්න අද මුළු රටම එක තුන්ඩු කෑල්ලෙන් නිහඩ කරවනව. පාසල් පද්ධතියම අකර්මන්‍යයි. හමුදා පොලිස් වාහන පාරෙ යන්නෙ දැල් ගහගෙන. ඇත්තටම රටේ නිල නොවන පාලකයො දේශප්‍රේමීන්. ඒ වගෙ ව්‍යාපාරයක් මර්ධනය කරන්න පුලුවන්ද. අනික පක්ෂය කියනව තීරණාත්මක මොහොතෙ හමුදාවෙන් 75 % ක් ආයුධ ත් එක්ක ව්‍යාපාරයට එකතුවෙනවලු. " කමේෂ් කීවේ ඔහු සාමි කියන දේ ගැන විශ්වාසයක් නැති නිසා සැහැල්ලුවෙනි. 

සාමි කිසිවක් කීවේ නැත. 

"බලන්නකො. තව අවුරුද්දනෙ. මේ 88 . ලබන අවුරුද්දෙ මේ වෙනකොට ඔය කල්ලිය තිබුන තැක්වත් නෑ ."සාමි කීවේය.


"මම නම් විශ්වාස කරන්නෙ නෑ ."

ආ කමක් නෑ. "ප්‍රේමදාසගෙන් පස්සෙ බලයට එන්නෙ කවුද සාමි." කමේශ් ඇසීය.

"ඔහු රවුල තියන කෙනෙක් නේද සාමි. "කමේෂ්ගෙ නොඉවසිල්ල නිසා සාමිගෙ කටට උත්තර දෙයි.

 "නෑ දරුව. ඔහු වියපත් ගැමියෙක්. ඔහු එතරම් කලක් බලයෙ ඉන්නෙ නෑ. රටේ ලොකු පෙරලියක් වෙනව. එජාපය බලයෙන් පහවෙනව.කාන්තාවක් බලයට එනව ශ්‍රීලනිපයෙන්  ''යි සාමි කියන විට

මදක් ඉදිරියෙන් සිටි කොල්ලන්ට


ආ ආ ආ  කියවුනි


"කාන්තාව සිරිමද  ? මේෂ් ඇසීය

"නෑ එයාගෙ දුව"

"මොනව ඒක වෙන්න පුළුවන්ද සාමිට වැරදිලා. පොඩ්ඩක් හරි දේශපාලනය දන්න කෙනෙකුට ඒක අනුමානකරන්නවත් බෑ චන්ද්‍රිකා ඉන්නෙ වෙන පොඩි පක්ෂෙක. 
ඒ අය ඉන්දියන් ආක්‍රමනිකට හිතවත්.ශ්‍රීලනිපය ඉන්නෙ ඉන්දියන් හතුරට එරෙහි පිලේ . ශිහ් මොන බොරුද "කමේෂ් ඉවත බලාගෙනම කීවේය.

 "ඊට වඩා පුදුම දේවල් වෙනව දරුව. උතුරෙ කොටි හුගක් බලවත් වෙනව. රටේ ආරක්ෂාව බින්දුවටම වැටෙනව. චන්ද්‍රිකාගෙන් පස්සෙ බලයට එන්නෙ මහින්ද . එයා උතුරෙ කොටි ඉවරම කරනව .ඒත් මිනිස්සු එයාව ඡන්දෙන් පරද්දනව."

"ඒකත් වෙන්න බෑනෙ සාමි. කවදාවත් මිනිස්සු යුද්දෙ ඉවර කරපු නායකය ව පරද්දන්නෙ නෑ. එතකොට ඉන්දියාව."

"ඉන්දියාව යුද්දෙදි ලංකාවට සහාය දෙනව."

 "මට පේන්නෙ සාමිට බොරු කියන්න හොද ඉස්කෝලෙකට යන්න වෙනව. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන සාමිල දන්නවයැ."

"ඊට පස්සෙ ශ්‍රීලනිප ආන්ඩුව පෙරලලා කවුද බලයට එන්නෙ."

"බලයට එන්නෙ එජාපය. "සාමි කීවේය.

"එතකොට ජවිපෙ."

"මේ කාලෙ වෙනකොට එජාපයෙ ගජමිත්‍රය වෙන්නෙ ජවිපෙ තමා."

බොරු කියන්න එපා යකෝ කියමින් ගිගිරූ කමේෂ් පස්සට පැන්නේය.

ශාස්ත්‍රකරු අවසානයට කී වදන් යන්තමට කමේෂ්ට ඇසුනි.

" කමේෂ් නුඹ තව වසර කිහිපයකින් නුඹ ගේ යහළුවන්ගෙ ඇටකටු ගොඩ ගනු ඇත. ලොවම ඒ දෙස බලා සිටිනු ඇත."

"යං බං මේක කියන්නෙ හීනෙකින්වත් වෙන දේවල් නෙමෙයි. මූ බොරුකාරයෙක්. අදම මුගෙ අසපුව තහනම් කරන්න පක්ෂෙන් ඕඩර් එකක් ගනිමු. " කමේශ් ගේ වචන කෝපෙයන් පුපුරු ගසයි.

"මට හිතෙනව තුවක්කුවෙන් මූට දෙන්න බස්නෙ. ඒත් පක්ෂෙ ඕඩර් එක නෑ නෙ .අදට යමුකො. "ජගත් පැවසීය.


තරුනයෝ එදා රැය පුරාම පෝස්ටර් ගසා ගෙවල් වලට එබිකම් කර මිනිසුන් බයකර උදේ වනවිට ගෙවල්වලට ගියේ මහන්සියට වැනි  වැනීය.

"හෙට ඉස්කෝලෙ යන්නත් බෑ මහන්සියි බන්." චාමර කීවේය.

"හෙට ඉස්කෝලෙ හර්තාල්. යන්නම වෙනව "ජගත් ඊට එරෙහි විය.

"පක්ෂයට ආයෙ වරදිනවයැ" කී චාමරගේ මහන්සිය කොහෙන් ගියාද නැත.

ඈ බන් කෝ අර අසපුව " කමේෂ් නතර වුනේ හොල්මනක් දුටු පරිද්දෙනි.


 ඒක තිබුන තැණක් වත් නෑනෙ. තරුන පිරිස බලගත්වනම ය.
*******************************************************

ඓතිහාසික මානව විද්‍යාව විද්‍යාර්ථීන් අතර ජනප්‍රිය විශයකි. මෙම විශයෙන් සිදුකෙරෙන්නේ කාලය හරහා අතීතයට ගොස් එම සමාජ ගැන සහභාගිත්ව නිරීක්ෂනයේ යෙදී දත්ත රැස් කිරීමය.

සමහර සිසුන්  පුරාන මිසරයට බැබිලෝනියාවට ගියද බුවසර ගියේ ශ්‍රී ලංකාවේ 88/89 යුගයටය. ඔහුගේ නිබන්ධනය වුනේ මිනිසුන් අන්ධ භක්තියෙන් ප්‍රචන්ඩක්‍රියාවලට පෙළබීම සහ පරිනාමික නොදියුනු මිනිසුන්ගේ ප්‍රචන්ඩත්වයයි.


******************************************************
එදා දුටුවේ මහන්සිය හා නිදිමත නිසා දුටු සිහිනයක් බව පක්ෂය කමේෂ්ලාට ඒත්තු ගැන්වීමය. ඇත්තටම මෙහෙම අසපුවක් තිබුන බව ජනතාව කියන බව කී විට රැවුල වවා සිටි පක්ෂ කේඩරයාට සිනහව පාලනය කරගත නොහැකි විය.

ජනතාව හහ් හා හා


කවුද බන් ජනතාව කියන දේ පිළිගන්නෙ. උන් දැකල තියෙන්නෙත් හීනයක්.

 උබලනම් බුදිමතටයි මහන්සියටයි. ජනතාව ඓතිහාසිකව ධනපති පන්තිය විසින් පෙන්නපු හීනෙකට රැවටිල. ඔය හීනෙ පිටුපස ඉන්දියාව සහ ඇමරිකාව ඉන්නව.


දැං  ඒව වැඩක් නෑ . හෙට ඉස්කෝලෙ ගිහින් කලබල කරපල්ල. කේඩරයා අවවාද දුන්නේය. සිසුන්ගේ ඔලුවෙ තිබූ බර සැහැල්ලු විය. මේ ඉන්දියාව හා ඇමරිකාව විසින් පෙන්නු සිහින සිනමා පටයකි. මෙච්චර පන්ති කරලත් අපි මේවට රැවටෙනවනෙ යි සිතූ සිසුන් කලබල කිරීම සදහා පාසල වෙත පිය නැගූහ.

Tuesday, November 24, 2015

චන්ඩින් ,ඉල්ලීම් හා ප්‍රාන ඇපකරුවන්

අද වැඩට ගියේ දෙගිඩියාවෙනි. කෝච්චි ස්ට්‍රයික් එකක් ගැන තොරතුරක් ලැබීම ඊට හේතුවයි. එහෙත් යන්නවත් එන්නවත් කිසිම කරදරයක් නොවිනි. රාගම සිදුවීම මත වර්ජනයක් කරන බව ට ආරංචි පැතිර ගිය අතර තව ඉල්ලීම් රැසක් සම්බන්ධව  වෙනම වර්ජනයක් කරන බවටද කතා පැතිරුනි. මොන හේතුව නිසා වර්ජනය කළත් හවස් වන විට සියල්ල යථා තත්වයට පත්වන බවට නම් විශ්වාසයක් විය. මෙවැනි බලපෑම් සහගත වෘත්තිකයන්ගෙ ඉල්ලෙම් කවරක් වුනත් ඕනෑම රජයක් ඉල්ලන පමාවෙන් දෙන බැවිනි.

දුම් රිය සේවකයන් යනු මෙරට වරප්‍රසාද ලත් පිරිසකි. මෙවැනි බලපුලුවන්කාරයෝ කීප වර්ගයක්ම සිටිති. වෛද්‍යවරු ,හෙදියන්, මීඩියාකාරයන්, හාබර් එකේ අය , විදුලි බල මණ්ඩලේ අය ,මැතිවරන ආසන්නයේ තැපෑල ඔය ආදී වශයෙනි. මේ අයට ජනතාව ප්‍රාන ඇපයට ගෙන ඉල්ලීම් දිනාගත හකි නිසා සෙසු ජනයා ගේ ඉරනම මොවුන් කවරෙකුගේ හෝ තර්ජනයකට බියපත් වීමය.

රාගමදී දුම් රිය රියදුරෙකුට පහරදීමක් සිදුවී තිබේ. දුම් රිය රියදුරා බීමත්ව සිටිබව මගීහු පවසති . එහි ඇත්ත නැත්ත නොදනිමි. එහෙත් මේ රටේ ජ්නයා අයුතු ජනරාශි  ගත වීමට කැමැත්තෝ නිසා මෙහි කවුරු හරිද කවුරු වැරදිද කියන්නට නොදනිමි. කැමරා නිසා දැන් කාටත් බඩු බනිස්ය. මේ නිසා අයුතු ජනරාශි හදන් පෙර කවුරුත් දෙතුන් වර සිතිය යුත්තෝය.

සංවිධානාත්මක බලපුලුවන්කාරයන් පිරිසක් චන්ඩි පාට් දැමීමත් රජයන් හා ජනතාව බියපත්වීමත් දැන් සම්ප්‍රදායක් වී ඇත. වාමාංශික වරත්ත කඩප්පුලියන් මේ චන්ඩින්ගේ කසකාරයන්ය. දොස්තරවරු හැර අනෙක් හැම චන්ඩි ආයතනයකම වාමාංශික බලමුලු වෙයි. වාමාංශික යන්ට මේ අය සැබෑ අරගලකාරී පීඩිත පන්තියයි. එහෙත් මේ ආයතනවල පහලම සේවකයාද ඉතා ඉහල වැටුප් ලබති.

රියදුරන් කියන කතාව ද ඇසිය යුතුය. දියවැඩියාව උත්සන්න වී රියදුරා රොගී වී ඇත. සහායකයාට දුම් රිය පැදවීමට බැරිය. සහායකයා සිටින්නේ රියදුරා මසාජ් කිරීමට හෝ දුම් රිය ස්ටාට් නොවන විට ඊට තල්ලුවක් දීමට නිසා සහායකයා ට දු රිය ධාවනය ගැන දැනීමක් අවශ්‍ය නැත. එසේම මෙලෙස රෝගී වන අය මෙවැනි බරපතල රාජකාරිවල යෙදවීම තව අවුලකි. සහායකයාටද රිය පදවන්න බැරි එකේ මෙවනි ශාරීරික යෝග්‍යතාවයක් නැති අයට ජීවිත දහස් ගනනක ඉරනම බාරදිය යුතුද

දුම් රිය රියදුරෙකු යනු වෙනත් වාහනයක රියදුරෙකුට තරම් විශාල කාර්යභාරයක් නැති කෙනෙකි. දුම් රිය ධාවනය ටීම් වර්ක් එකකි. එම පිළිවෙලට අනුව සිග්නල් එකක් කරා පීලි දෙකක දුම් රිය ගෙන යාම රියදුරාගෙ කාර්යයයි. ඒ කාර්යය නොකර කරටි කැඩෙන්න බීල සිටිනවානම් එය අවුලකි.

මගීන් හැසිරී ඇත්තේ මෙය තවත් අවුල් වන ලෙසය. කලබලයක් අවහිරයක් නොකලොත් මේ රටේ කිසිම වැඩක් කරගත නොහැකි බවට මතයක් ඇත. එයට පදනමක් නැත්තේමත් නැත. එහෙත් මේ අයුතු ජනරාශිවලට හේතුව සාහසිකත්වයට ඇති ලදියාවයි. මෙවැනි ගැටළුවක් උද්ගත වූ විගසම මේවාට නායකත්වය දීමට සේනාපතිවරු හදිසියේ පහලවේ. මේ සියලු අවුල් වෙන්නෙ නිසි යහපාලනයක් නැති කමය . පැමිනිල්ලක් කර වැඩක් නැත යන හැඟීම කාටත් ඇත. පැමිනිලි යට ගසයි. කළ යුත්තේ කලබලයක් කර මීඩියාවල නිව්ස් එකක් කිරීමය. මේ මානසිකත්වය රජකරන නිසා අයුතු ජනරාශි වැලැක්වීමටද බැරිය.

පෞද්ගලික බස් ගැන පැමිනිලි විභාග කරන අධිකාරිය පුවත්පතකට ප්‍රකාශයක් කර තිබුනේ පැමිනිලිකරුවන් නැත්නම්  විභාග කළ නොහකි බවයි. පෞද්ගලික බස් වලට එරෙහිව පැමිණිලි කළත් විභාගවලට එන අය අඩුය. හේතුව විමසීමේදී මැරවරයන් සමග හබයට යාමට පැමිනිලිකරුවන් දක්වන මැලිකම සැබෑ හේතුව බව පෙනුනි.

මේ රටට ශක්තිමත් සංවිධානාත්මක බලපෑම් කන්ඩායම් අවශ්‍යය. අපට සිටින්නේ පාරිභෝගිකයන්ය. ඔවුහු අංක එකය. භාන්ඩ හා සේවා නිෂ්පාදකයන් සිටින්නේ පාර්භෝගිකයන් නිසාය. නමුත් පාරිභෝගිකයා ට ලැබෙන්නෙ දෙවෙනි තැනය. අවුල එතනය.


අපට අවශ්‍ය බමුණු යූනියන් නොවේ. සැබෑ මහජන බලපෑම් කන්ඩායම්ය. වෛද්‍යවරුන්ගෙ යූනියන් නොව රෝගීන්ගෙ යූනියන්ය. වෛද්‍යවරුන් සිටින්නෙ රෝගීන් නිසාය. බස්කාරයන්ගෙ යූනියන් නොව මගීන්ගෙ යූනියන්ය. මගීන් නොමැති බස් සේවයක් නැත. පාසල්වල සිදුවන අයුතු මුදල් එකතුකිරීම්වලට එරෙහි දෙමවුපියන්ගෙ යූනියන්ය. 

සතුරා සිටින්නේ අප අතරමය. අපේ සතුරා ධනපති පන්තිය හෝ අධිරාජ්‍යවාදීන් නොවේ. පාලක පන්තියද නොවේ. අප අතරම සිටින කඩප්පුලියන්ය. අපගේ සැබෑ පීඩකයා හදුනාගත යුතුය.  

කාටවත් බරක් නොවී වැඩකරන ජනතාවක් මේ රටේ සිටිති. ඔවුන්ට පෙන්ශන් නැත ,ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් නැත. ඔවුන් ඉල්ලීම් ඉල්ලන්නේද නැත. ඔවුහු විදේශ විනිමය ගෙන එති. වැඩබලන එවුන් ලෙස හෝ උගතුන් ලෙස තමන්වම හදුන්වාගත් පිරිස් සියළු ප්‍රශ්න ඇත්තේ ඔවුන්ට යැයි කියමින් ඉල්ලීම් ඉල්ලති. හේතුව ගාමන්ට් වැනි පෞදග්ලික අංශයේ නිශ්පාදන රැකියාවල යෙදෙන අය,  විදේශගතවී දුක් විද රට සල්ලි එවන අය ,තේ  දලු නෙලන අය ,ස්වයං රැකියා කරන  අය, ගොවීන්, වැනි අය අසංවිධානාත්මක වීමය.


එසේම දේශපාලන වශයෙන් වෙනස් දැක්මක් අවශ්‍යය. පීඩිතයන් ලෙස හුවා දක්වන අය ඇත්තටම පීඩිතයන්ද ,බමුණු කුලයක් වෙනුවෙන් පෙනී සිටින සිසුන් ප්‍රගතිශීලීන්ද ,අරගලකාරීන් ලෙස හදුන්වන අය ඇත්තටම අරගලකාරීන්ද කඩාකප්පල්කාරීන්ද යන ප්‍රශ්න වලට පිළිතුරු අවශ්‍යය.

සැබෑ ජන එකතුවක් අවශ්‍යය. එවැන්නක් බිහිවූ දාට ප්‍රාන ඇපකාර ත්‍රස්ත බලවේග බිද වැටෙනු ඇත.

Monday, November 23, 2015

වැඩියෙන් ළමයි හදන එක අදට ගැලපෙන ප්‍රායෝගික දෙයක්ද වැලේ ගෙඩි වැලට බර වෙයිද

බ්ලොග් අඩවියක පුංචි කතාබහක් ඇතිවිය.ඒ වඩිපුර  ළමයි හැදීම ගැනය.පසුගිය කාලයේ බුකියේද මේ ගැන වාද විවාද ඇතිවිය.බුකියෙ වාද වල පදනම වුනේ එක්තරා ජනකොටසක් වැඩිපුරලමයි හදන නිසා තරගෙට අපද ළමයි හැදිය යුතු බවය. එහෙත් මෙම එක්තරා ජනකොටසෙහිද වැඩිපුර ලමයි හදන්නෙ නූගත් දුප්පත් අය බව පෙනේ. 

අතීතයේ පවුලකට වැඩිපුර ලමයි අවශ්‍ය විය.ඒ කෘෂිකාර්මික හා යුද්ධමය කටයුතු උදෙසාය. ගෝත්‍රික සමාජවල ජනගහනය යනු තීරනාත්මක සාධකයක් විය. යුද්ධ සිදුවුනේ පිරිමියාගේ ශක්තිය මතයි.මේ අනුව පවුලකට අවශ්ය දරුවන් සංඛ්යාව තීරණය වුනේ සමාජ සංස්කෘතික සාදක මතයි.

උපත් පාලනය ජනප්‍රිය වූ අසූව දශකයේ මේ රටේ පවුලක දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා විය. එකළ එයට රාජ්‍ය අනුග්‍රහය ලැබිනි. දියුණු රටක තිබෙන ජනගහන සමතුලිතතාවයට අප ආසන්න විය. එහෙත් වෙනත් රටවල් මේ තරම් ඉක්මනින් මෙයට අනුගත නොවුනි.චීනයේ මර්ධනකාරී රජය ට මෙය ජනතාව වෙත පැටවීම අපහසු නොවුනත් ඉන්දියාවේ ලොකු අභියෝගයක් විය. ඉන්දිරා ගාන්ධි රජය පෙරලීමටද මෙය හේතු විය.

කෙසේ වෙතත් දැන් ජාති ආගම් භේදයකින් තොරව සියළුදෙනා උපත් පාලනය වැළදගෙන සිටිති. උපත් පාලනයට සුබදායී ප්‍රතිචාර  දැක්වීම ප්‍රමාද අප්‍රිකානු රටවලිනි. ඉන්දියාවේද සෑම ජනකොටසකම වර්ධන වේගය පහළ යයි.

ජනගහනය පහල යාමේ අහිතකර ප්‍රතිපලද වෙයි. ජපානය හා රුසියාවේ ජනගහනය ඍන මට්ටමට ගොස් ඇත.ජනගහනය අඩුවන විට එය යළි වර්ධනය කිරීම හිතන තරම් පහසු නැත.

මට සිතෙන ලෙස අනාගතයේදී තාක්ෂනයේ ජයග්‍රහනත් සමග මිනිසා ට රැකියා ප්‍රශ්න ඇතිවිය හැක. එවිට රැකියා විරහිතභාවය හෙට අදට වඩා උග්‍ර වනු ඇත. දියුණු රටවල මෙය සාකච්ඡාවට ගැනේ.ජපානය කිසිසේත්ම විදේශීය ශ්‍රමිකයන් ගැන විශ්වාසය නොතබයි. ඒ වෙනුවට තාක්ෂනික විකල්ප සොයයි. බටහිරටද මිනිස් ශ්‍රමය පිලිබද ගැටළුවක් ඇත්තේ වේගයෙන් එම රටවල ජනගහනය අඩුවන නිසාය. ඇමරිකා එක්සත් ජනපදයේ හිස්පැනික් නොවන සුදු උපත් වලට වඩා සුදු නොවන  උපත් වැඩිවිය .ඒ 2013 වසරේදීය.කැලිෆෝනියා ,ටෙක්සාස්, වැනි  ප්‍රාන්තවල ජනව්‍යුහය පවා වෙනස් වෙමින් පවතී.මෙය උපත් පාලනයේ අහිතකර පැත්තයි.

යුරෝපයේ සමහර රටවල දරුවන් නැති කාන්තාවන් ප්‍රතිශතය 40% කටත් වැඩිය. මේ තත්වය වැඩියෙන්ම ඔඩුදුවා ඇත්තේ ජර්මනියේය.යුරෝපය තුල ජාතික රාජ්‍ය වෙනුවට යුරෝපා ජාතිකත්වයක් වර්ධනය වෙමින් පවතින අතර ඊට බ්‍රිතාන්‍ය වැනි රටවලින් දැඩි විරෝධය එල්ල වේ.පොදු ජාතිකත්වයක් ඇතිවන විට එක් එක් ජාතිකත්ව වල ජනගහන වර්ධනය අඩුවීම අවුලක් නොවේ.

මිනිසුන් අඩුවෙන් දරුවන් හදන්නට කැමති මන්ද කියා සොයා බලමු. මීට කලකට ඉහත ලංකාවේ පවුලක දරුවන් හත් අට දෙනෙක් විය. අපේ ගමේ එක් පවුලක දරුවන් 16 ක් විය. දරුවන් 16 ක් හැදුවෙ කොහොමද කියා ගැටළුවක් ඇතිවේ.  එය අමාරු නැත. පොඩි එකාව හදන්නෙ ලොකු එකා විසිනි. ගැහැනු දරුවන් ගෙදර වැඩකරන අතර පිරිමි දරුවන් පිරිමි දරුවන් කුඹුරු කොටයි. අනුන්ගෙ කුබුරක් හෝ කොටයි. එවිට සහල් ගෙදරට ලැබේ. අර මා කී පවුලෙ ලොකු දියණිය දීග යන දින මව විමසා ඇත්තෙ ලුනු පොල්කට්ට එහෙම තියන තැන කියාපන් කියාය. කන්න දෙන්න කියා අමාරුවක්ද නොවීය. පොඩ්ඩක් ලොකුවුන පසු කන්න සොයාගනියි. ඇදුම් කියා මහ දෙයක්ද නැත. මෙම පවුලේ නම් කිහිප දෙනෙක් ඉගෙන ගත්හ. ඒ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙනි.


දරුවන් විශාල ප්‍රමානයක් හදපු යුගයට වඩා අද පවුලක අභිලාශයන් වෙනස්ය. සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලක දරුවන් හදන්නෙ උසස් යැයි සම්මත රැකියා සදහා අරමුනු කරගෙනය. ඇත්තෙන්ම සමාජයේ ඔළුව උස්සගෙන ඉන්න හැක්කේ එවිටය.උදාහරනයකට වෛද්‍ය ,ඉංජිනේරු ,පරිපාලන , නීතීඥ , ව්‍යාපාරික , ආරක්ෂක අංශයක නම් නිළධාරියෙක්, පෞද්ගලික අංශයේ විධායක රකියාවක් ආදී වශයෙන් ඔළුව උසාගෙන ඉන්න පුළුවන් රස්සාවකට දරුවන් යොමු කරවීම මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ අරමුණයි.   එසේම අල්ලපු ගෙදර එකාට ඉහලින් ජීවත්වීමේ පුරුද්දක්ද ප්‍රවර්ධනය වී ඇත. එසේම පරිභෝජන සංස්කෘතිය තුල මිලදී ගැනීම් වලට නිරතුරුව සියල්ලන්වම පොළඹවනු ලබයි.දරුවන් වඩි ප්‍රමානයක් හදන එක අභියෝගයක් වන්නෙ මේ පසුබිමේය.

දරුවන්ගෙ අධ්‍යාපනයට විශාල වැය බරක් දරන්නට සිදුවෙයි. ළමයා ඉස්කෝලෙට දාන තැන සිටම අල්ලසය. සමහරු අල්ලස් දීමට ණය ගනිති. පිනාලට අල්ලස් දෙන්න ආපදා ණය ගන්න රජයෙ සේවකයො සිටිති.එසේම පාසල් වල සිදුවන අවිධිමත් මුදල් එකතුකිරීම් දරාගත හැක්කේ කාටද. එක රැකියාවක් කර ළමයෙක් හදන්නවත් බැරි යුගයකි. 

අනවශ්‍ය වියදම් නැතිව නූතන පරිභෝජනවාදී ජීවන රටාව විසින් අප වෙත පටවා ඇති වියදම් දෙස බලන විට අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ශේත්‍රයේ සිදුවාන් සූරාකෑම දෙස බලන විට ළමයි හැදීම තබා සසර කලකිරේ.

මේ ගැටළු සියල්ල මධ්‍යම පන්තියටය. ඊට පහල මට්ටම්වලට මේවා ප්‍රශ්න නොවේ. මෝල්වල වැඩකරන පවුල් වලට කසාදය කියන්න්නෙ කොහුබත් කන්දෙ කෙල්ලව පෙරල ගනීමටය. ළමයි හදන්න අමාරුවක්ද නැත . රැකියා අතලගමය. මෙවනි පවුල් දරුවන් කෙලින්ම නුපුහුණු ශ්‍රමය පදනම් වූ රැකියා සදහා යොමු කරයි. පොලේ යාම , වැඩපොලක ට යැවීම, මේසන් බාස් කෙනෙක් පස්සෙ යැවීම වැනි රකියා සදහා යොමුවන නිසා ඔවුන්ට දරුවන් හැදීම අවුලක් නැත


ඇතැම් ආගමික නායකයන් කියන ලෙසින් දරුවන් හැදුවොත් සිදුවන්නෙ හිඟන්නන් බෝවීමය. පාරට බසින විට කීයක් හරි ඉල්ලාගෙන වටකරගන්නා මන්ද පෝෂිත සිගන බාල පරම්පරාවක් මිස වෙන යමක් අපට නොළැබේ.මේ දරුවෝ ඉක්මනින් අපචාරවලට ගොදුරු වෙති. අපරාධකරුවන් බිහිවන්නේද ඔවුන් අතරිනි.


මම නම් යෝජනා කරන්නේ කායික මානසික වශයෙන් දුබල ආර්ථික වශයෙන් දුබල අයට දරුවන් හැදීම තහනම් කළ යුතු බවයි. දුර්වල ජාන ඉදිරියට යාම වැළක්විය යුතුය. විවිධ ප්‍රවේණි රෝග තිබෙන අයටද එම ජාන සහිත ඊලඟ පරම්පරාවක් බිහිකිරීමට ඉඩ නොදිය යුතුය. එහෙත් ඔවුනට ලෝකාස්වාද රතිය ලැබීමේ බාධාවක් නැත. 

අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් බුද්ධිමත් කායික හා මානසික වශයෙන් නිරෝගී මිනිසුන් මිස කාලකන්නි පරම්පරාවක් අවශ්‍ය නැත.

සැමුවෙක් හන්ටින්ටන් සහ චාල්ස් මුරේ දුප්පත්කම සහ ජාන අතර සම්බන්ධය ගැන පොතක් ලිව්වේය . එය කළු ජාතිකයන්ට එරෙහි වූවක් කියා ඊට ලොකු විරෝධයක් එල්ල විය. එහෙත් ඔවුන් ඉදිරිපත් කළ අදහස්වල ගත යුත්තක් ඇත. ලෝ අයි කිව් සහිත මිනිසුන් බිහිවීම වැළක්වීම රටට මෙන්ම ඔවුනටද කරන සේවයකි. දුක් විදින මිනිසුන් දෙස බලන විට වැඩි වශයෙන්ම පෙනෙන්නේ මේ අය දුක් විදින්නෙ සමාජ අසාධාරනයක් නිසා නොව කිසියම් දුබලතාවයක් නිසා බවය. සංස්කෘතිකමය ඇබ්බැහියක්ද විය හැක.

වැඩි වශයෙන් දරුවන් හදන්නෙ මේ ඉහත කී සමාජ ස්ථරවල අයයි. මෙයින් සමාජයට අනාරක්ෂිත දුර්වල පරම්පරාවක් තිලින වේ. මෙය රටක ප්‍රගමනයට හේතුවන්නක් නොවේ.සෑම දරුවෙක්ම සුරක්ෂිත දරුවෙක් විය යුතුය. ඉවක් බවක් නැතිව දරුවන් හදන ලෙස කරන ඉල්ලීම් කිසිම තේරුමක් නැත. ප්‍රායෝගිකද නැත.

Saturday, November 21, 2015

ඉරිද පත්තර කැප්පෙටිපොලලා සහ ව්‍යවස්ථාදායකය

ලංකාදීප හා රිවිර අපේ ගෙදර ගන්නා පත්තර දෙකයි. මටනම් මේ පත්තර බලන්නට විනාඩි පහක්වත් යන්නෙ නැත. කියවන්නට කිසිමදෙයක් නැති බැවිනි. රිවිර වෙනම බොරු අතිරේකයක් ( ජ්‍යොතිෂ ,වාස්තු වැනි මිත්‍යා )පළ කිරීම අපට පහසුවකි. එවිට එය පෙරලන්නෙවත් නැතිව සිටිය හැකි බවිනි.පත්තර පෙරලන විට මට සිතුන දෙයක් නම් ජවිපෙ දෙවරක් කැරළි ගැසුවෙ නැත්නම් ලංකාවෙ පත්තරවලට යන කලදසාව ගැනය. 88/89 මිනීමැරුම් හෝද හෝදා මඩේ දමයි.කලින් හොල්මන් කතාවලට වෙන් කළ පත්තර පිටු දැන් ජේවීපී කැරළිකරුවන්ගෙ අත්දැකීම්වලට පිටු විශාල ප්‍රමානයක් වෙන් කරයි

මෙම සිදුවීම් අප අමතක කළ යුතු නැත. අප ඒවා හැඳෑරිය යුත්තේ යළි එවැනි සිදුවීම් සිදුවීම වළක්වාගැනීමටය. ඒවා රස විඳීමට නොවේ.එහෙත් එම අධ්‍යන අරමුන ඉටුවෙනවාද කියා සැකය. ධර්මන් වික්‍රමරත්න මහතා ඉතා ශාස්ත්‍රීය ලෙස පළකළ ලිපි දැන් හුදකලා ත්‍රස්තවාදීන් උත්කර්ශයට නැංවීම දක්වා පසුබැස තිබේ. අප එම යුගය හැඳෑරිය යුත්තේ නොමේරූ තරුණයන් කපටි වරත්තු දේශපාලන සංවිධානායකට යළි රැවටීම වළැක්වාගැනීමටය. හමුදාව ඉදිරියට පාසල් සිසුන් යවා මිනී වෙන්දේසි කරන වරත්ත ම්ලේච්ඡයන් ගැන දෙමාපියන් දැනුවත් කිරීමටය.

මේ පක්ෂවලට බැඳෙන අයගේ මානසික සමාජ ප්‍රශ්න ගැන අවධානය යොමුකිරීම නම් ප්‍රයෝජනවත්ය. මන්ද එවැනි අය කලින් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු කළ හැකි බැවිනි. ජවිපෙ  වැනි පක්ෂ සාමාජිකයන්ගෙ කාලය ,ධනය, ශ්‍රමය හා පරපරාවෙන් උරුම දේපොලද සූරා කයි. ඒවා ආප්සු ඉල්ලුවොත් මේ සහෝදරය ඉඩම් ගැන අහනව පක්ශය වෙනුවෙන් කී දෙනෙක් ජීවිත පූජා කරල තියනවද කියා අසයි. ආදරනීය කේඩරය යනු  රැකියාවක් කිරීමට තිබෙන යව්වන කාලය නිරපරාදෙ නාස්තිකර ගත් අවාසනාවන්තයන් ය. නායකයන්ට සැප ය.


මෙම කාරනා ගැන අප සංවාද කරමු.මෙම සංවාදවලට ඔවුන්ගේ පාර්ශ්වය බොහෝ විට සම්බන්ධවන්නෙ ඇණෝ ලෙසිනි.අපගේ සංවාදවලට එක්වූ ඇනෝ කෙනෙක් විජේවීර යනුකැප්පෙටිපොල හා පුරන් අප්පු වැන්නෙක් බව කියා සිටියේය. ජවිපෙ බිහින්වුනානම් ලංකාව සෝමාලියාවක්ලු. ලංකාවටත් වඩා අඩු සමාජ ආර්ථික තත්වයන් ඇති දකුණු ආසියාවේ කිසිම රටම මෙවැනි විනාශයන් සිදුනොවුන නිසා ලංකාව සෝමාලියාවක් වෙනවානම් ඒ ජවිපෙ වැනි පක්ශ නිසා බව පෙනේ.

මේ කතාව කැප්පෙටිපොලලා ගැනය. කතා දෙකක් වුනත් එකකට එකක් සම්බන්ධය. ජනතා කැරලිවලට උදාහරන ලෙස ගන්නේ මේ පුද්ගලයන්ගෙ ක්‍රියාකාරකම් බැවිනි. විජේවීර පමනක් නොව මේ අයද ජනතා නායකයන් ලෙස මට නම් නොපෙනේ.

මා කියන්නට හදන්නෙ කැප්පෙටිපොල කතාවය. මම මෑතක්වනතුරුම මීට වඩා වෙනස් මතයක් දැරුවෙමි. එනම් සුද්දා දුෂ්ටයා බවත් කැප්පෙටිපොලලා වීරයන් බවත්ය. එහෙත් එදා කැප්පෙටිපොලලා දිනුවානම් අපට අදත් ඉන්න වෙන්නෙ වැඩවසම් අන්ධකාරයකය. 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරන වත් නැත. මාර්ග පද්ධතියක් නැත.පුරන් අප්පුලා ගැනත් කියන්නට ඇත්තේ එයයි.

.අපට රජෙක් සිටී කිරිබත් කඤ්ඤං පෙරහැර කරඤ්ඤං කියා ඔහෙ ලැග්ග තැනක ලැග සිටිමු.කැප්පෙටිපොලලා දිනුවානම් වෙන සන්තෑසිය මෙයයි රජ යුගයේ සිටියේ රජා සහ උගෙ වහල්ලුය. බල්ලන් සේ හතරපයින් ගිය ලාංකිකයා දෙපයින් යන්නට පටන් ගත්තේ සුද්දාට පින් සිදුවන්නටය. සර්වජන ඡන්ද බලයට එරෙහිව බන්ඩල සේනල කියූ කතා ඇසෙන විට වැඩවසම් අන්දකාරේ ජීවමාන නියෝජිතයා ලෙස රාජප්පුවෙක් හිටියනම් ජනතාවට යන කලදසාව ගැන කියන්න ඕන නැත.

රාජප්පුලා ගැන ජීවමාන විස්තර ලැබෙන්නෙවිදේශිකයන්ගේ ආගමනයෙන් පසුවය. ඉන් පෙර හාමුදුරුවරු රාජප්පුලා ගේ දානමාන ගැන වර්නනා වලින් අපේ කන් පුරවා තිබිනි. එහෙත් විමසුම් ඇසින් බැලූවෙකුට ඒ රාජප්පුලාද මොන තරම් කෲරතරයන්ද කියා පෙනෙයි. අප රාජප්පුලාට විරුද්ධ විධායක, ව්යාව්ස්ථාදායක හා අධිකරන බල උන් වෙත ඌනනය වූ නිසාය. ඊට අමතරව මහජනයා ස්වාමීනි දෙයියෝ බුදුවන්ඩ දෙයියන්නාන්සෙ කියමින් වැදවැටෙන විට රාජප්පුලාගේ මානෝභාවයන් ඊට සමගාමීව සකස් වේ. විදේශිකයෙක් ඇදි අපූරු චිතරටක් ඇත. එහි දෙවන රාජසිංහ නමැත්තා සිය රාජසභාව පවත්වන ආකාරය දක්වා ඇත. රාජ පුරුශයෝ මුකවාඩම් බැද සිටිති. ඒ ඔවුන්ගේ ප්‍රශ්වාස වාතය රාජසිංහ නමැත්තාගෙ සිරුරෙ වැදීම වළක්වන්නය. රාජසිංහ නමැත්තා දියේ ගිලෙන විට බේරාගත් තරුණයන් දෙදෙනෙකුට මරන දඩුවම දුන්නෙ රාජ ශරීරයට අත තැබීම යටතේ  අධි චෝදනා ගොනු කිරීමෙනි. රාජප්පුලාද කිවිසුම් නොයන , ඈනුම් නොයන , සුපිරි මනුෂ්‍ය කොට්ටාසයකි.

අපගේ ප්‍රයත්නයන් ,සිතිවිලි සකස් විය යුත්තේ රාජප්පුවෙක් බිහිවීම වැළැක්වීමටය. මෙම රාජප්පුවා සමාජවාදය ලංකාවෙ සුවිශේෂ තත්වයන්ට ගැලපූ ආදරනීය සහෝදරයෙක් විය හැක (උතුරු කොරියාවෙ කිම් ජොන් උන් මෙන් ) රාජප්පුවා යනු විධායකයයි . ව්‍යවස්ථාදායකයයි අධිකරනයයි. මේ තුන එකෙක් ලග තිබීම භයානකය.විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරනය එක් ආයතනයකින් මෙහෙයවීමද භයානකය. සමාජවාදී රටවල මෙම තුනම පක්ෂයෙන් මෙහෙයවේ. රටේ සියළු කටයුතු පක්ෂයෙන් මෙහෙයවෙයි.මානව අයිතීන් හා ගරුත්වයක් නැත.

රජෙක් නොමැති පාලන ක්‍රම අත්හදා බැලූ අවස්ථා ඇත. ලිච්ඡවීන් හා මල්ලයන්ගේ ගැන තන්ත්‍රක්‍රමය රෝමයෙ හා ග්‍රීසියේ සමූහාන්ඩු පාලන ක්‍රමයත් සාර්ථක අත්හදා බැලීම් ලෙස දැක්විය හැක.


රෝමයේ මෙම පාලන ක්‍රමය අත්ශයින්ම සාර්ථක විය. එය වෙනමම කතා කළ යුත්තකි.


කැප්පෙටිපොලලා ගෙන් පසු වර්තමාන ව්‍යවස්ථාදායකය ගැන කතාවට එමු.මේකත් කලින් කතාවට සම්බන්ධය. කැප්පෙටිපොලලා විජේවීරල අපේ හිටපු රාජප්පුලා එරෙහි වුනේ ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍යයටය.


මා කලින් දැරූ සමහර අදහස් කලින් කලට වෙනස් වූ අවස්ථා ඇත. කලින් මට වීරයෙක් වූ කැප්පෙටිපොලලා ගැන මගෙ මතය වෙනස් වූ එක එක් නිදසුනකි. එහෙත් කිසිදා වෙනස් නොවූ එක් මතයක් නම් මේ විධායක , ව්‍යවස්ථාදායක , අදිකරන වල බල බෙදීම ගැන මගෙ ස්ථාවරයයි. එය මෙසේය.

රටක ජනතාවගේ පරමාධිපත්ය මූර්තිමත් විය යුත්තේ ව්‍යවස්ථාදායකයෙනි. විධායකය සහ අධිකරනය ඊට පහලින් තිබිය යුතුය. ව්‍යවස්ථාදායකයෙ සිටින්නෙ අප විසින් පත් කරන අපගේ නියෝජිතයන්ය. ඔවුන් සමග අපට කතා අභ කළ හැක . ඔවුහු අප මෙන්ම ඈනුම් යන දාඩිය දාන හචිස් යවන උගුර පාදන මනුෂ්‍යයන්ය. ඔවුන්ගේ වැරදි විවේචනය කළ හැක. 72 ජාතික රාජ්‍යැ සභාව තරමක් දුරටව්‍යවස්ථාදායකයේ සර්වශ්‍රේෂ්ටත්වයට ලංවී තිබිණි.

සමහරු අධිකරනයේ ස්වාධීනත්වය ගැන කතා කරති. විධායක හා පරිපාලන ක්‍රියා වලින් අසාධාරනයක් සිදුවන විට අධිකරනයට යා හැකිදැනට ඇති ක්‍රමය නරකයි කියනවා නොවේ. නමුත් ඊට වඩා සුදුසු පාර්ලිමේන්තුවයි.. එහෙත් රටක ප්‍රධානම ආයතනය පාර්ලිමේන්තුව විය යුතුය. එහිදී විධායක ,පරිපාලන හා අධිකරන වලින් ජනතාවට සිදුවන අසාධාරනයන් ට යුක්තිය ඉටු කළ යුතුය. අධිකරන තීන්දු පාර්ලිමේන්තුවේ විවේචනය කළ හැකි විය යුතුය.
විධායක , පරිපාලන හා අධිකරන ක්‍රියාවලින් ජනතාවට සිදුවන හිරිහැර  විභාග කිරීම පාර්ලිමේන්තුවට පැවරිය යුතුය. ජනතාවගේ ඉහළම අභියාචන මණඩලය විය යුත්තේ පාර්ලිමේන්තුවට වග කියන ආයතනයකි.

මට මතක් වෙනව ඉන්දියන් නවකතාවක දෙබසක්.

පාන් ගෙඩියක් හොරාගෙන උසාවිදාපු මිනිහ කියනව හොරකම් කලේ බඩගින්නට ,ජීවත්වෙන්න ස්වාමීනි කියල. නඩුකාරය අහනව ඇයි ජීවත් වෙන්නෙ කියල ? නඩුකාරය ඒ ඇහුවෙ අවංකවම. ඔහුට ජනතාව ගැන තිබෙන හැඟීම තමයි ඒ.


ව්‍යස්ථාදායකය දිනේවා ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍ය දිනේවා. දිනපතා කාටූන් මගින් සරදමට ලක්වන ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් වෙනුවට වෙන අය විවේචනය කළානම් දෙවියන්ගෙ පිහිටය. අපේ ව්‍යවස්ථාදායකය විවේචනය කරන්න අපට හැක. අප ඔවුන් පත් කරමු. ඔවුහු අපේ සරදමට ලක් වෙති. යළිත් ඡන්දයකට යන්න වෙන බව දත් ඔවුහු අපේ සරදම් සිනහවෙන් බාර ගනිති. ඔවුහු යකඩ තිරයකින් වසුන බිහිසුනු නිළධාරී පැලැන්තියක් නොවේ.