Wednesday, October 28, 2015

පින් පවු කියා දෙයක් තියනවද

පින පව යන සංකල්පය මානව ඉතිහාසයේ මුල සිටම දකින්නට ලැබෙන්නකි. අප ම්ලේච්ඡ යැයි හදුන්වන ගෝත්‍රවලද පින පව යන අදහස ඇත.එහෙත් මෙය සමාජයෙන් සමාජයට වෙනස් වේ.එක් සමාජයක පිනක් තව සමාජයක පවක් වීමට ඉඩ ඇත.හොඳම උදාහරනය බිලිපූජාවයි. දෙවියන්/සොබාදහම ඇදහූ ආදිකාලීන ගෝත්‍රිකයෝ සිය ක්‍රියාමගින් සොබා දහම පිනවන්නට උත්සාහ කළහ.දෙවියන්/ සොබාදහමසතුටු කරන බිලිපූජාව එය සිදුකරන අයට අනුව පිනකි.වෙනත් සමාජයක එය පවක් විය හැක.

දේව කේන්ද්‍රීය ආගම්වල දෙවියන්ට අප්‍රිය දේ පවක් ලෙසත් ප්‍රිය දේ පිනක් ලෙසත් හැදින්වේ.කාලානුරූපීව දේවියන්ගේ ප්‍රිය අප්‍රිය දේද වෙනස් වන බව පෙනේ. දෙවියන් යනු මිනිසා ඔලුවෙන් සිටවීමකි.දෙවියන් අදහන්නා එම දෙවියන්ගෙ ගතිගුන වලට බද්ධ වේ. එසේම දෙවියන් පවු යැ‍යි සළකන දේ නොකිරීමටත් දෙවියන් පින් යැ‍යි සළැකන දේ කිරීමටත් පෙළබේ.

බොහෝ ශිෂ්ටාචාරවල දෙවිවරු එම ශිෂ්ටාචාරවාසීන්ගේ ගතිගුනම දැරූහ. එනම් කෝප වීම, පසුතැවීම,තමන්ට ප්‍රිය ජනයාට පෙරළා ආදරය කිරීම වැනි මිනිස් ගති දැරූහ.එක් දෙවියෙක් සිය නාමය ගැන උනන්දුයැයි කියවේ. මිහිරි හඩින් ඔහුගේ නාමය කියා ගී ගයන විට ඔහු තුටු පහටු වේ.මෙවැනි දෙවිවරු ඇදහූ ආදිකාලීන මිනිසුන් පින පව නොව සියල්ල ගැනම බලාපොරොත්තු තැබුවේ දෙවියන් ගැනය.

මිත්‍යාවක් යටපත් කළ හැක්කේ තවත් මිත්‍යාවකිනි.එක්තරා සමාජයක මිත්‍යාවන් වැහි වැහැලා තිබුනි. ඒ සියල්ල සෝදා හැරියේ ඒක දේවවාදය හදුන්වා දීමෙනි. මේ එක් දෙවියා පරන දෙවිවරුන්ට ප්‍රිය දේ තහනම් කළේය.එසේම සමාජ ප්‍රශ්නද විසදිය හැක.උදාහරනයකට එහි එක් සමාජ ප්‍රශ්නයක් වුනේ පොලී ගැනීමය.දෙවිතුමා වහාම එය තහනම් කළේය.එතැන් සිට එය අකුසලයකි. මේ විදියට සමාජවාදය බිහිකිරීමටත් තිබුනි. ලාබ ලැබීම අකුසලයක් ලෙස දෙවියන් පනිවිඩයක් එවුවානම් මිනිසුන් සේවයේ යෙදවීම තහනම් කර පොදු දේපොල ක්‍රමයක් දේව නියමයක් ලෙස පැනවීමට තිබුනි.එසේ කළානම් ලාභ ලැබීමට වෙළදාම් කිරීමට  ෆැක්ටරි කරන්නට ව්‍යවසායකයන් නැතිවනු ඇත. මන්ද එය අකුසලයක් බැවිනි. සියල්ල දත් දෙවිතෙමේ සියල්ල දෙස බලා සිටියි.
නිශ්පාදනය කිරීම හා ඒවා අවශ්‍යැ ලෙස බෙදාහැරීම පූජකයන් විසින් කරනු ඇත.

අනාචාරය නිසා පිරිමින් අතර ගැටුම් වළක්වන්නට සදාචාර නීති පහළවූ අතර ඒවා දෙවියන් විසින් පනවා ඒවා කැඩීම අකුසල් බව කියා තිබිනි. මත්පැන්බී වෙරිවීමෙන් සෙබලු නිසි ලෙස යුධ නොකරන නිසා මත්පැන් බීමද අකුසලයක් විය.

පුරාන ඉන්දියාවේ විශාල සමාජ ප්‍රශ්නයක් වුනේ බිලිපූජාය.මෙම මහා බිලිපූජාවලට ගවයන් විශාල ලෙස අවශ්‍ය විය. බමුණන්ගේ මෙම ක්‍රියා දුප්පතුන්ට විශාල අවහිරයක් විය. අවිහිංසාව දේශනාකළ දේශකයන් පහළවන්නේ මෙවැනි වටපිටාවකය.

කෙසේ නමුත් දෙවියන්ට ප්‍රිය අප්‍රිය දේ නොව පොදු නීතියක් සොයාගැනීමට පර්යේශන දියත් විය. කර්මය බිහිවුනේ මෙලෙසය.කර්මය බලවේගයකි. එය සර්ව සාධාරනය. කවුරු කර්ම නීති කැඩුවත් පවු සිදුවේ. මේ කර්ම චක්‍රයෙන් මිදීමේ අවශ්‍යතාවය ඉන් පසු ඇතිවිය. මෝක්ෂය/නිර්වානය යන සංකල්ප බිහිවන්නෙ ඉන් පසුය.

පර්සියාවේ සොරවැස්තරවාදය දෙවියන් හා බලවේග අතර සන්ධිස්ථනාය්කි. මෙහි ඕස්මස්ද් හා ආරිමාන් යැ‍යි බලවේග දෙකක් විය.මේ දෙක එකිනෙක හා ගැටේ. පාපය නියෝජනය කරන්නේ ආරිමාන්ය,පින ඕර්මස්ද්ගේය. රැය ආරිමාන්ගේය දහවල ඕර්මස්ද්ගේය.ආදි වශයෙනි.

මෙම බලවේග අවස්ථව  මිනිස් විද්වාසයන්හි එක්තරා පරිනාමායකි. චීනයේ ටා ඕ සහ ඉන්දියාවේ බ්‍රහ්මන් එක සමානය.මේ දෙකෙහිම මූලය එකක් විය හැක.

ජෛන සංකල්පය තවත් ඉදිරියට ගියේය. එනම් යකඩ තුල ගින්දර සේ ආත්මය තුල කර්මය ඇත. එනම් ජෛන කර්මය නිත්‍යය.ඊට පුද්ගල දායකත්වය ඇත. එනම් ප්‍රයත්න දැරීමෙන් කර්ම ක්ෂය කළ හැක.

බුදුදහම ඉන් ද ඉදිරියට ගොස් අනිත්‍ය බව උගන්වයි.බුදුදහමේ කර්ම සංකල්පය අප දනිමු හෝ දන්නවායැ‍යි සිතමු.

පින් පවු කතාව පරිනාමය වුනේ එලෙසය.

මේ අනුව කාලයෙන් කාලයට සමාජයෙන් සමාජයට වෙනස් වන මෙම පින් පවු කතාව සාපේක්ෂ දෙයකි.පින් පළ දීමෙන් යහපතද පවු පළ දීමෙන් අයහපතද උදාවන බව කියවේ.
මෙම ප්‍රශ්න ඇතිවන්නේ මෙම අපැහැදිලිකම නිසාය.

x නමැත්තා ට රුපියල් සීයක් මහපාරේ තිබී හමුවෙයි .ඔහුට එය අහම්බයකි. එහෙත් ඔහුට රුපියල් කල්ෂයක්/දශ ලක්ෂයක් මහපාරේ තිබී හමුවුනොත් එය පෙර කළැ කුසලයක් පටිසන් දීමකි.

x ට සෙම්ප්‍රතිශ්‍යාව සැදෙයි. එය අහම්බයකි.
එහෙත් x ට ඒඩ්ස් හැදෙයි. එවිට එය පෙර කළ පවක් පටිසන් දීමකි.

නිගමනය පවු පින් තීරනය වන්නේ එහි ප්‍රමානාත්මක බව මතය.


x රූමත් ව උපත ලබයි. එයට හේතුව ජානමය බලපෑමකි. x ගේ පවුලේ අයට වඩා x රූමත්ය.මෙහිදී x රූමත් වීමට හේතුවූ ජානමය බලපෑම සිදුවූයේ කුසලයක පීඩනය නිසාද 
මෙම ප්‍රශ්නයම මෙහි අනෙක් පැත්තටද ඇසිය හැක.

x ඇතුලු පිරිස 2004 දෙසැම්බර් 26 වෙනිදා බීච් එකට ගියහ. සියල්ලෝම මරු දුටහ. ඒ කවර අකුසලයක් නිසාද .මෙයට අතුරු කතාවක් ගෙතිය හැක.අවශ්‍ය නම්  x පෙර ආත්මයක දී මැස්සන් /කුහුඹුවන්/වේයන් රංචුවක් මැරීම නිසා මෙය සිදුවූවාය කියා  කතන්දරයක් ගෙතිය හැක.


බුදුදහමේ නියාම ධර්ම ඉගැන්වෙයි. බීජ නියාම _ ජානමය බලපෑම්
උතුනියාම -පරිසර බලපෑම්
චිත්ත නියාම - සිතිවිලිවල බලපෑම්
ධම්ම නියාම - ධර්මතාවල බලපෑම් 
හා කම්ම නියාම ලෙසය.

මුලින් කී සිව් නියාමයන් ට අයත් නොවන කම්ම නියාමයට අයත් දේ මොනවාද

මගේ නිගමනය

චේතනාවම කර්මයට මුල් වන බවත් බුදුන් දෙසූහ. මට නම් සිතෙන්නේ කර්ම බිහිවන්නේ චේතනාව මත බවයි.එනම් සිතිවිලිය.සිතිවිලි යනු බාහිර පරිසරය ඇසුරින් සිතේ ඇතිවන්නකි. එහි එක් දෙයක් හෝ නැත්නම් සිතිවිල්ල ඇති නොවේ . සමස්තයක් ලෙස ගත්විට මම යනු සිතිවිලි සමූහයකි.ඇත්තටම මම කියා කෙනෙක් නැත. බාහිර පරිසරය හා මම අතර සංයෝජනය බිද විගස මම අහෝසි වේ. වියුක්ත මම නැති බැවිනි. එසේනම් වියුක්තව සිදුවන පාප හෝ පුන්‍ය කර්මත් වියුක්තව ලබාගත් යුතු නිර්වානයකුත් නැති බව මගේ හැඟීමයි. මම කියා ඇත්තටම කෙනෙක් නැත්නම් මම ලබාගන්නා නිර්වානය කුමක්ද 


අපූරු තාක්ෂනික පුවත් 





31 comments:

  1. පින් පව් ගනන් ගන්නෙ නැති නිසා නොකියෙව්වෙමි

    ReplyDelete
    Replies
    1. එසේනම් ඔබයි මෙම ලිපිය කියවියයුතුම කෙනා. මම මෙහි නාස්තිකවාදයක් ගැන කියනවා නෙවෙයි. සංවාදය හරහා බොහෝදේ කතා කරන්නයි ඉන්නේ. පොයින්ට් කීපයක් තබගෙන එක් පොයින්ට් එකක් පමනක් දමා බලනවා.එය ඔස්සේ යනවිට යි අනෙක් ඒවා අවශ්‍ය පරිදි දමන්නේ.

      Delete
    2. හොඳ නරක ගනන් ගන්නවාද?

      Delete
  2. ඔබේ තර්ක කිරීම සමඟ වාද කළ නොහැක. මේ හා සමාන අදහසක් කියැවෙන මෙම සයිට් එකේ ඇති දේශනා වලට සවන්දී බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිවාඩු වෙලාවක අසන්නම්.

      Delete
  3. පින හා පව් යන දෙකම සංසාරය දික් කරනවා. අපහසුම දේ අත්හැරීමයි. මම කියා කෙනෙක් නැතැයි තේරුම් ගැනීමයි

    ReplyDelete
    Replies
    1. මම කියා කෙනෙක් නැහැ. එය අවබෝධ කරගැනීමයි අවශ්‍ය. නිවන මලවුන්ගෙ ධර්මයක් නෙමෙයි ජීවත්වන්නවුන්ගෙ ධර්මයක්. පින් පවු දෙකම ඇතිවන්නෙ උපාදාන නිසා . අතැරියම ස්වාභාවිකත්වය ඒ කියන්නෙ නිවන /සැනසීම.

      Delete
  4. පින හා පව මට හිතෙන විදියට සාපේක්ෂයි... වැඩිය ඕන නෑ සූරිය අරණෙ මහ වැද්දට අනුව පව කියන්නෙ කුරුල්ල මරණෙක. ඒත් ලොකු සතෙක් මරණෙක පවක් නෙවී... ඒත් ඇතාව මැරුවම...??
    ඒක ටිකක් විකාරයි වගේ පොයින්ට් එකක් තමා.. ඒත් ටිකක් සංකීර්ණ කාවක්..

    .සිතිවිලි යනු බාහිර පරිසරය ඇසුරින් සිතේ ඇතිවන්නකි. එහි එක් දෙයක් හෝ නැත්නම් සිතිවිල්ල ඇති නොවේ ////
    හෙගල් සහ මාක්ස් වගේ...

    ReplyDelete
    Replies
    1. එය සංයෝජනයක්. එහි එකක් හෝ අඩුවුනොත් තවදුරටත් පැවත්මක් නෑ.
      සිතිවිලි ඇතිවන්නෙ බාහිර පරිසරය නිසයි. ඒ කියන්නෙ මම කියන්නෙ බාහිර පරිසරයෙ නිර්මානයක්. කල්පනා කරල මේව තේරුම් ගන්නවට වඩා ලේසියි පන්සලට ගිහින් මලක් පූජ කරල පානක් පත්තු කරල ඕප දූපයක් කියල එන එක.

      Delete
  5. දවසම කාර්ය බහුලයි..වැඩ ගොඩ ගැහුනා..පරන මිත්‍රයකුත් ආවා..පුංචි විවේකයක් ලැබුනම පෝස්ට් එකට අදාල අදහසක් පලකරන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මනෝ.. අපේ සංවාදයේ ඉතුරු කොටස මෙතැනට ගෙනාවනම් හරි.... මේ ගැන ටිකක් විවෘතව කතා කරන්නේ ඔබේ අදහස් දැක්වීම වැදගත් වේවි......

      Delete
    2. වැඩ ටික්ක වැඩි වුනා..විස්තරාත්මකව යමක් සදහන් කරන්න වෙලාව හොදටම මදි වෙනවා....

      අනිත් ආගමික දර්ශන අතරෙයි බුදුසමයෙයි පින හා පාපය ගැන කරන අර්ථ විවරණ වල වෙනසක් තිබෙනවා...යමක් කරන්න,කියන්න පෙර අත්තාධිපත්‍යෙය,ලෝකාධිපත්‍යෙය,ධම්මාධිපත්‍යෙය කියන කරැනුත් සමග ගලපා බලන්න කියලා බුදුසමයේ පැහැදිලි කරනවා..ඒ අනුව හෘදසාක්ෂිය විමසා බැලිය යුතුයි,ලෝක සම්මතය විමසා බැලිය යුතුයි,ධර්මතාවයන්ට සදාචාරයට ගැලපෙනවද කියලා ගලපා බැලිය යුතුයි..පිනට හා පවටත් එය බලපානව..

      බුදුසමයට අනුව ක්‍රියාවක් මේ කරැනු තුනෙන් එකකට හෝ නොගැලපේ නම් එය අනර්ථය පිනිස හේතු වෙනවා.පිටකයේ කරුනු විමසා බැලුවම පැහැදිලි වෙන දෙයක් තමයි පින ලෞකිකත්වය සමග සමිබන්ධයි කියන එක.ඒ තුල නැවත විපාක වශයෙන් ලැබෙන සැපය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා.එය තෘෂ්ණා භරිතයි.ඒක නිසාමයි මේ දිනවල උපාසක උපාසිකාවෝ පරලොව ජීවිතවල වැඩි සැපයක් පතාගෙන කඨින පිංකම්වලදි සබ්බසකල සේසතම පූජා කරන්නේ.හරියට වැඩි පොලි ලැබෙන බැංකුවක ස්ථාවර තැන්පතු වගේ.

      මට හිතෙන්නේ පුද්ගලයා පිනට යොමු කිරිමෙන් බුදුන් වහන්සේ බලාපොරොත්තු වුනේ පුද්ගල චර්යාව සමාජ හිතකාමි ආකාරයකට සැකසීමක් කරන්න කියලයි.මොකද එක අවස්තාවකදි බුදුන් වහන්සේ බමුනකුට කියනවා විපාක ඇතත් නැතත් යහපතට යොමුවීමයි වඩා වැදගත් කියලා..

      මේ පින ගැන අදහස ප්‍රාග් බෞද්ධ එකක්.බුදුන් වහන්සේ කතා කරන්නේ ලෞකිකත්වය ඉක්මවා ගිය චිත්තපාරිශුද්ධිය ගැන.ඒ සදහා කටයුතු කිරිමේදි පිනට ඇලි ගැලි සිටිමත් බාධාවක් වෙනවා.හේතුව එවැන්නා ලෞකිකත්වයම අපේක්ෂා කරමින් පමනක් සිටින්නෙක් වන නිසා.පිනෙහි විපාක පවා අත්හැර ලොකොත්තර මාවතට පිවිසිය යුතුයි.

      Delete
    3. බුදුන් වහන්සේ සමාජ ආකල්ප මත පිහිටා ක්‍රියා කළ බව පේනවා. උපසම්පදා භික්ෂූන්ට පැළ ගැලවීම තහනම් කිරීම වගෙ දේවල් ජෛන ආකල්ප ඉවසීමක් ලෙසයි පේන්නෙ.
      මේ පින කියන සංකල්පය නිසා දානයම මූලික වුන බඩගිනි බුද්ධාගමක් සහ ඊට ගැලපෙන සංදර්ශන සකස් වුනා.
      නමුත් සිත මූලික වුනානම් සියල්ල උඩු යටිකුරු වෙනව. එහෙමනම් කේතුමතිය මිහිමත පහල වෙනව

      Delete
    4. ...//උපසම්පදා භික්ෂූන්ට පැළ ගැලවීම තහනම් කිරීම වගෙ දේවල් ජෛන ආකල්ප ඉවසීමක් ලෙසයි පේන්නෙ.//...

      විනයේ එවැනි කරුනු බොහෝමයක් තියනවා.අන් ආගමික මතවාද වලටත් බුදුන් වහන්සේ සවන්දුන්නා,යහපත් වගේම පොදු සමාජයේ පිලිගත් සමහර සිරිත් විරිත් බුදුසමයට අනුයෝජනය කලා.

      බුදුන් වහන්සේ පහල වුන කාලය වෙනකොට භාරතීය රාජාණ්ඩු සමුහාණ්ඩු පාලන ත්‍න්ත්‍රවල නිරන්තර ගැටුම් ඇති වූ බවක් සදහන් වෙනවා.ඒ වගේම ධනපති පැලැන්තියකට අයත්වු සුලු පිරිසක් ඉහලම සැපසම්පත් සහිත සුඛෝපභෝගි ජීවිතයක් ගෙවනකොට බහුතර පිරිසක් වරප්‍රසාද අහිමිව ඉතා පීඩිතව දුක්විදිනවා.පංචම කුලය කියලා හදුන්වා තිබෙන්නෙත් එවැනි පිඩිත ජීවිත ගෙවු පිරිස්.රජවරු තම රාජ්‍යසීමා පුලුල්කරගැනීමේ නොනිමි ආශාවෙන් යුධවදිමින් කටයුතු කලා විනා මහජන සුභසිද්ධිය ගැන අවධානය යොමු කලේ නැ.මේ නිසයි බුදුන් වහන්සේ දසසක්විති වත්,දස රාජධර්ම,සතර සංග්‍රහ වස්තු වැනි සංකල්ප ගැන අවධාරණය කලේ.ඒ තැන් වලදි දානය ප්‍රමුඛ කරලා පෙන්නුවා අන් අයගේ උපකාර ලැබිය යුතු,අවධානය යොමුවිය යුතු පිරිසක් මේ සමාජයේ සිටින බවත් පෙන්වාදීලා.ඒ වගේම කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්,ව්‍යවසායකයන් වැනි පිරිස් උදෙසා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම,අනෙකුත් අවශ්‍යතා සදහා අනුගහයන් ලබාදිය යුතුයි කියලා පෙන්වලා දුන්නා.

      කූටදන්ත සුත්‍රයේදි පෙන්වනවා රාජ්‍යපාලනය ජනතාහිතවාදි විය යුතුය කියන එක.බුදුරජුන් දානය ගැන කතා කලේ ප්‍රධාන වශයෙන්ම මෙවැනි සමාජ ප්‍රශ්න ගැන අවධානය යොමුකරලා.ඒ වෙනකොට හිටපු සිටුවර පංතිය කියන්නේ බොහෝ ධනවත් පිරිසක්.ඔවුන් උත්සහ කලේ අනුන්ගේ ශ්‍රමය සූරාකමින් හරි තමන් ධනවත් වෙන්න.ඒ අතරේ පූජක පැලැන්තියත් ධනවතුන් විදියට සමාජයේ ඉහලම වරප්‍රසාද භුක්ති වින්දා.මේ නිසා පිඩාවට විශාල පිරිසක් පීඩාවට පත්වුනා.සමහරු ජිවත්වෙන්න වැසිකිලා පවා අදින,අනුන්ගේ බැලමෙහෙවර කරන තත්ත්වයට පත්වෙලා හිටියා.

      ඒ වගේම ධනය,අනෙකුත් සම්පත් එක් පිරිසක් වටාම කෙන්ද්‍රගතවීම නිසා තව තවත් සමාජ ගැටලු උත්ගතවන ආකාරයත් එයින් පීඩාවට පත්වන පිරිස් සමාජ විරෝධි ක්‍රියාවන් වලට යොමුවන ආකාරයත් කූටදන්ත සුත්‍රයේ ඉතා පැහැදිලිව පෙන්වලා තිබෙනවා.මේ නිසා ධනය,සම්පත් ඒක් පිරිසක් වටා කේන්ද්‍රගත නොවි විමධ්‍යගත වෙන්න ඕන කියන අදහස බුදුන් වහන්සේගේ තිබුනා.දාන සංකල්පයෙන් පෙන්වලා දුන්නේ මේ විමධ්‍යගත ක්‍රියාවලිය.එදා සමාජ ප්‍රශ්න මුල්කරගෙන ඒවට විසදුම් විදියට බුදුන් වහන්සේ දේශනා කල සමහර දෙසුම් අද බඩවඩා ගැනීම සදහා මතෘකාවක් කරගෙන තිබෙනවා..

      දානානිශංස ගැන දක්ඛිණ විභංග සුත්‍රයේ සදහන් වෙලා තිබෙනවා.ඒ වගේම තවත් සූත්‍ර තිබෙනවා.නමුත් ඒ ඒ ප්‍රශ්නය ඇසු පුද්ගලයා වගේම අවස්ථාව සලකා බලලයි එවැනි දෙසුම් සිදුකර තිබෙන්නේ.මේ සියල්ල හොදින් විමසලා බැලුවම පැහැදිලි වෙනවා පින සම්බන්ධ බොහෝ දෙසුම් සමාජ අවශ්‍යතා,ගැටලු වගේ කරුනු මුල්කරගෙන දේසනා කල ඒවා බව.තව කෙනෙකුට දෙන්න කියලා නිකම්ම කියනවට වඩා දුන්නම පින් රුස් වෙනව කියලා කීවම පොඩි උත්තේජනයකුත් ඇති වෙනවා..අනික පින කියන සංකල්පය වෛදික යුගයේදි සෘත සංකල්පයත් එක්ක විකාශය වුන එකක් බව ඉතා පැහැදිලියි.බුදුන් වහන්සේ කලේ ඒ සංකල්පය සමාජ සුභසිද්ධියට,පුද්ගල චර්යා ආකල්ප වෙනස්කරන්න වඩා ක්‍රමවත් විදියටයොදා ගත්ත එකයි..

      Delete
  6. මගේ අදහස නම් පව් සිදු වූවත් නැතත් අපි වැරදි නොකර සිටින එක හොඳයි කියලා. මොකද ලෝකයටම හොරෙන් මොන වැ‍රැද්ද කලත්, නීතියෙන් ගැලවුණත් තමාගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ... ඒක තමාගෙ වැ‍රැද්දට නිසි දඬුවම් ලැබෙනකම්ම හිතට වදදෙනවා...

    ReplyDelete
    Replies
    1. මම නම් වරදක් නොකරන්නෙ නීතියට බය නිසාවත් පවට බය නිසාවත් නෙමෙයි එය වරදක්ම වන නිසා. උදාහරනයක් කියන්නම්. සමහර අය ඉන්නව අහිංසකයො බයිට් එකට ගන්න අය. තව අයට නැති තැන හිනා වෙන අය, අහිංසක රැවටීම් කරන අය,ඒව පව්වත් නීති විරෝධී දේවල්වත් නෙමෙයිනෙ. මා ඒව නොකරන්නෙ මගෙ හදවතට දැනෙනව ඒක බලු වැඩක් කියල.

      මම බොහෝ විට ඕනම කෙනෙකුට හැකිපමන උදව් කරන කෙනෙක්. ඒ පින් වත් ඒ කෙනාගෙන් ආපසු මොනවහරි දෙයක්වත් බලාගෙන නෙමෙයි. ඒක මගෙ හදවතට දැනෙනාව් හොඳ දෙයක් කියල .අන්න ඒකයි.

      Delete
  7. මෙන්න මේ ලිපියෙ ඔයගැන වෙනස්ම ආකෘතියක් ඉදිරිපත්කරලා තියෙනවා
    http://jathikachinthanaya.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete
  8. පින් පව් කියා දෙය්ක් නොමැත..

    මන්ද පව් කියා කියනා දේ කරනා උන් පින් කියනා දේ කරනා උන්ට වඩා ආතල් එකේ සිටිනා නිසාය..

    එක්කෝ පව් පින් පටලැවිලාය

    ReplyDelete
    Replies
    1. මගෙ නිරීක්ෂන වලට අනුවනම් පින් යැ‍යි සම්මත දේ කරන අයට වඩා සාර්ථක ජීවිත ගත කරන්නෙ පවු යැ‍යි සම්මත දේවල් කරන අය. අපේ පැත්තෙ කුකුල් ෆාම් තියනවා. බෞද්ධයන්ට මේක අල්ලල යන්නෙ නෑ. වෙන ආගම්වල අය ලොකු ආදායමක් ලබනව. ඒ අය ඒක පවු කියල සලකන්නෙ නෑ . ගිල්ටි ෆීලින් නැතිව කරන නිසා සාර්ථකයි. මම සත්තු මරන්නෙ නෑ. නමුත් සත්තු මරන එක පවු කියල මට හිතෙන්නෙත් නෑ. අනික් දේවලුත් එහෙමයි. මෙතනදි කැමරා ඉදිරියෙ බොරුවට ඊනියා පින් කරන අය ගැන කතා කරන එක තේරුමක් නෑ.පින පව සමාජය හික්මවන්න යොදාගත් දෙයක් විතරයි.


      අනික් එක තමයි ඔය පින්කම් කරන අය සල්ලි හොයාගෙන තියෙන්නෙ ඉතාම අධාර්මික ලෙස. බැතිමතුන් ඒකට කියන්නෙ ඒව ඊලඟ ආත්මෙ පළ දෙයි කියල. ඊලඟ ආත්මෙ නෙමෙයි ඇහැට පෙන දේවල් දිහා බැලුවොත් පින සහ පව සමග යහපත් අයහපත් විපාකවල සමබන්ධයක් නෑ.

      Delete
  9. අපූරු ලිපියක්,
    මුල හරිය කියවගෙන යද්දී මට බොහෝ නිවැරදි කිරීම් මගේ අදහස් දැක්වීම තුලින් කල යුතුයැයි සිතුනා. ඒත් සම්පූර්ණ ලිපිය කියවා අනෙකුත් සහෘදයන්ගේ අදහස් වලට මධ්‍යස්ථ දී ඇති පිළිතුරු කියැවූවිට කීමට තරම් දෙයක් නැතැයි සිතුනා.
    ඇත්තෙන්ම අගෙයි.ඔබ බොහෝ දුරට යමක් වටහා ගෙන සිටින්නෙක්.
    ඒත් ඇයි ඔබ පළමු ඡේදයේදීම "බිලි පූජාව කරන අයට අනුව එය පිනකි / කුසලයකි" කියා කියන්නේ. එතැනදී ඔබ පිනකි කියන තැනින් නැවතුනානම් වඩා නිවැරදියි.
    මේ හැම වචනයක් තුලම ඇත්තේ හුදු සංඥාවක් පමණයි. ඒත් ඒ එක් එක් සංඥා එකිනෙකට ස්වායත්තයි. එහෙත් ඒ කිසිදු සංඥාවකට දෙදෙනෙකු තුල එකඟ වීමක් නැහැ. ඒ නිසා ඔබ වැරදි යැයි කියන්නේ නැහැ.
    මම ඇත හෝ නැත කීමටත් පින් හෝ පව් කරන්නෙකු වේද නැතිද යන්නටත් ඍජු පිළිතුරක් දීම නොමනා දෙයක් ලෙසයි මා නම් දකින්නේ. කළ යුතු හොඳම දෙය නම් හැකි තරම් හොඳින් පංචස්කන්ධය වටහා ගැනීමයි. එවිට මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබේවී.

    ReplyDelete
    Replies
    1. එය නිවැරදි කළා.
      එය වටහා ගත හැක්කේ අත් හැරීම තුලයි. කිසිවකට නො ඇලීම තුල බවයි මගෙ අදහස.

      Delete
  10. යම් කෙනෙකුට හාණියක් හිරිහැරයක් වන දෙයක් අකුසලයකි එහි එල විපාක තිබුනද නැතිද ඉන් වැලකීම සුදුසුය​.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි. මම නම් මගෙ ක්‍රියාවකින් තව කෙනෙකුට අඩුගානෙ සිත් රිදීමක්වත් වෙනවද කියන එක ගැන සැළකිලිමත් වෙනව.හිරිහැරයක් නොවෙන්නම තමයි වගබලා ගන්නෙ. මට වාගෙනෙ අනුන්ටත් මේ දුක කියල මට සිතෙන්නෙ. අනුන් ගැන වැඩිපුර සැළකිලිමත් වීමෙන් මට පාඩුත් වෙලා තියනව. ඒක මගෙ ප්‍රතිපත්තියක් විදියට මිස අපායට බයේ කරන දෙයක් නෙමෙයි.

      Delete
  11. ප්‍රශ්නෙ උබම අහලා... මම උත්තරෙ දෙන්න හදනකොට, උබ උත්තරේ යටින්ම දාලා.

    පව් පිං, කුසල, අකුසල විපාක දීම අමතරව නියාම ධර්ම නිසා හටගන්නා වෙනස් වීම්ද ජීවිතයට බලපාන්නේය.

    ReplyDelete
    Replies
    1. ඒක උත්තරේ නෙමෙයි මගෙ නිගමනය. ඒක හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්.
      මගෙ ප්‍රශ්නෙ නියාම ධර්මවලට අයත් නොවන කර්ම මොනවද කියන එක.මට හිතෙන්නෙ එහෙම දේවල් නෑ කියල.
      කර්මවාදය බුදුදහමට පටවපු එකක් කියල හිතන්න බැරිද

      Delete
  12. මම ඊයේ පලවෙනියටම මේ පොස්ට් එක කියෙව්වේ ඒත් කමෙන්ට් එකක් ඔලුවට ආවේ නෑ..අදත් කියෙව්වා දැනුවත් වුනා..

    ReplyDelete
    Replies
    1. අලුතෙන් හිතන්න පෙළඹුනානම් මට සතුටුයි.

      Delete
  13. පින් පව් විශ්වාස කරන්නෙ ගෝත්‍රික අදහස් තියන මිථ්‍යා දෘශ්ඨිකයො

    ReplyDelete
  14. ඔබ නිර් ආගමිකයෙක්. නමුත් බෞද්ධයෙකු නොවේ. බුදු දහමේ අවසාන අරමුණ නිවන බව පිළිගත්තත් ඔබ බුදුන් දේශනා කළ වෙනත් කිසි දෙයක් පිළිගන්නේ නැත. දෙවියන් අපාය ගැන පැහැදිළිව සදහන් වෙනව. ඒව පසු කාලීනව අතින් දාපුවායයි ඔබ කියයි. ඒත් නිවන් දැක නැතත් එවන් අය අපිට නොපෙනෙන තළයක සිටිනව කියා තිබෙනව. ඔබට විද්‍යාව ගැනවත් බුදුදහම ගැනවත් පැහැදිළි දැනුමක් නෑ කියල පේනව. ඔබෙන් කරන ඉල්ලීම බෞද්ධ දහමට අදාල කිසි දෙයක් මින් පසු කතා නොකරන ලෙසය. ඔබ ඊට කිසිසේත් සුදුසු කෙනෙක් නොවේ.

    ReplyDelete