Friday, October 30, 2015

ගුටිකන ගුටි දෙන ගෝත්‍රිකයෝ


එච් එන් ඩී ඒ සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය මේ දිනවල සයිබරයේ කතා බහට ලක්වේ. අති මහත් බහුතරය පොලීසියට චෝදනා කරති.මම කීවේ මෙහි දෙපැත්තක් ඇති බවයි. එනම් පාරක්ලියර් කිරීම පොලීසියේ රාජකාරියයි. පොලීසියේ රාජකාරිය අවතක්සේරු කළ නොහැක. කෝච්චි නවතාගෙන අයුතු ජනරාශියක් සිදුවන්නේයැයි සිතමු. ඉන් පීඩාවට පත් ජනයාට  පීඩකයන් සමග සටන් කිරීමට අපහසුය. . ජනයාට කදුලු ගෑස්ද නැත.  පොලීසියක් කියා දෙයක් තිබෙන්නේ එනිසාය.පොලීසිය කඳුලු ගෑස් ගසා ජල ප්‍රහාර එල්ල කර අයුතු ජනරාශි පලවා හැරිය යුතුය. පහර දීම අනුමත නොකරමි.

මම පුද්ගලිකවම සිසුන් ගුටිකනවා දැකීමට අකමැත්තෙමි. එහෙත් සිසුන් හැසිරෙන්නේත් ගුටි අපේක්ශාවෙන් නේද. ආණ්ඩුවලට මෙම සියලු ඉල්ලීම් දිය නොහැක. ඔවුන් තමන්ට දෙන්න පුලුවන් දේ නිර්ලෝභීව දෙති.ඒ අන් කිසිවක් නොව ගුටි ය.මේ සිසුන්ගේ ඉල්ලීම් අතර සියළු උපාධිධාරීන්ට රජයේ රකියා දීමද එකක්ලු.එය එච් එන් ඩී ඒ ඉල්ලීමක් නොවේ.එහෙත් සිරියාවේ සාමය ඇති කිරීම, ලොක දේශගුන විපර්යාස සමනය කිරීම වැනි දේ ඇතුල් කිරීමට අමතක වී ඇත. . එසේම එච් එන් ඩී ඒ පාඨැමාලාවට උපාධි තත්වය ලබා ගැනීමද එකකි. එයට නම් විරුද්ධ වන්නේ ලෝක නිර්දන පන්ති සමගිය වෙනුවෙන් උරෙනෙඋර ගැටී සටන් කරන පක්ෂයේ ඉන්ජිනේරු උපාධි අපේක්ෂක සගයන්මය.

" ලෝක නිර්ධන පන්තිය සමගි වෙවු" හයියෙන්

ඈ බන් එච් එන් ඩී ඒ එවුන් උපාධි මට්ටම ඉල්ලනව. අපේ තත්වෙ මොකක්ද බන්. අපට උන් එක්ක එකට තේ බොන්න පුළුවන්ද
එහෙම වුනොත් අපේ ස්ටේටස් වලට මක් වෙයිද - සෙමෙන්

" ලෝක නිර්ධන පන්තිය සමගි වෙවු" හයියෙන්

ඩිග්‍රි ගන්නකල් සමාජවාදී ඕකුන්ගෙ කෙරුවාව අප දනිමු.

අයුතු ජනරාශි වැළැක්වීම පොලීසියේ රාජකාරියයි. එහි කතා දෙකක් නැත. එහිදී අවම බලය පාවිච්චි විය යුතුය. මේ අවම බලය යනු කුමක්ද ?

සිසුන් දැඩි සත්කාර ඒකකයට යැවීම්ද
එසේනම් උපරිම බලය ගැන සිහිවනවිට ලොමු දැහැ ගැන්වේ.

මට අවශ්‍ය විනාශය වළක්වාගැනීමය. සිසුන් මෙසේ පොලීසිය ප්‍රකෝප කරගෙන ගුටිකනවා වෙනුවට විකල්ප නැද්ද. මෙම සිසුන්ගේ දෙමවුපිය සංගම් පිහිටුවාගෙන පුළුල් සමාජ සහභාගිත්වයකින්  දේශපාලනමය බලපෑම් කරන්නට බැරිද? මේ සදහා බලපෑම් කන්ඩායම් ශක්තිමත් විය යුතුය. බලපෑම් කන්ඩායම් යනු මැතිවරනවලදීද බලපෑම් කළ හැකි සංවිධාන ව්‍යුහයකි.

වැටුන අයට පහරදීම ගැන කතාවෙනවා පෙනේ. අත් අඩංගුවට ගත් අය ට පහර දිය නොහැක.එය ජාත්‍යාන්තර යුධනීතියටත් විරුද්ධය.එ හෙත් මේ ශ්‍රී ලංකාවය.
අපගේ අත්දැකීම් අනුව පොලීසිය හැසිරෙන්නේ ගෝත්‍රික පිරිසක් ලෙසය. මේ ගෝත්‍රිකයෙකුට ගල් පාරක් වැදුනොත් සෙසු ගෝත්‍රිකයන්ට නිච්චි නිනවු නැතිවේ. එය කටුනායකදී අප දුටුවෙමු. නේවාසිකාගාරවලට පවා රිංගා පහරදීම් කලේ ගෝත්‍රික සටනක් සිහි ගන්වමිනි. මේ තත්වය දැන දැනම ඇයි ගල් ගහන්න යන්නෙ ?

මෙන්න මේ නිසාය

සිසුන් පිටුපස සිටින දේශපාලන බළල් අත් ගැන නොදන්න කෙනෙක් නැත.එහෙත්  ශිෂ්‍යයන් සටන් කරන්නෙ කිසියම් ගෝත්‍ර හැඟීමකිනි. මෙය ශිෂ්‍ය ගෝත්‍රයයි. වෙනත් ගෝත්‍රිකයන්ට පාර බ්ලොක් කරන්නෙත් එක් ශිෂ්‍යයෙකුට කවුරුහරි ගේම ඉල්ලුවොත් සැවොම ගේමට යන්නෙත් මේ ගෝත්‍රික හැඟීමෙනි. මේ ශිෂ්‍ය ගෝත්‍රිකයන් සටනට යන්නේ තවත් ගෝත්‍රයක් සමගිනි. ඒ පොලිස් ගෝත්‍රිකයෝය.

පොලිස් ගෝත්‍රිකයෝ සිය සගයා වෙනුවෙන් නිතරම පෙනී සිටිති. එක් සගයෙකුට හානියක් වුනොත් මුළු ගෝත්‍රයම සටනට එයි. පොලිස් නිළදාරීන්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. සමහරු කොටදෙනියාවේ සිසුවාට සාධාරනයක් බලාපොරොත්තු වෙති. කොටදෙනියාවෙ පොලිස් කාරයන්ට කිසිම දෙය්ක සිදුනොවේ. මන්ද කොටදෙනියාවෙ අය වෙනත් පොලිස් නිළදාරීන් නොකරන අමුතු දෙයක් නොකළැ නිසාය. එය මාධ්‍ය සාකච්ඡාවේදී එක් ප්‍රකට පොලිස්කාරයෙක් සාධාරනීකරනය කළේය.

 මෙම ගෝත්‍රික හැඟීම ඇතිවන්නේ කෙසේද.මිනිසා ඉතා දීර්ඝ කාලයක් අහුලන් කමින් දඩයම් කරමින් දිවිගෙවීය. මිනිසා සමාජ ජීවියෙකි. එනිසා ගෝත්‍රික හැඟීම ඉතා ස්වාභාවිකය. මෙහිදී ගෝත්‍රික යන වචනය ම්ලේච්ඡ යන අර්ථයෙන් භාවිතා කර නැත. ගෝත්‍රය යනු පොදු අරමුනකට එකට ජීවත් වන කන්ඩායමයි.ගෝත්‍රයකට අයත් නොවන කෙනෙක් නැත. මමද ගෝත්‍ර කීපයකටම අයත් වෙමි.සැවොම  ගම ,රැකියාව ප්‍රධාන වශයෙන් විද්‍යමාන ගෝත්‍ර වුනත් ජාතිය,ආගම, පාසල වැනි වඩා සංවිධානගත නමුත් අදෘෂ්‍යමාන ගෝත්‍රවලද සාමාජිකයෝය.

මෙය ශ්‍රී ලංකා පොලීසියට පමනක් පොදුවූ හැඟීමක්ද නැත.ලොව ඕනෑම පොලීසියක් හමුදාවක් එසේය.ඇමරිකානු පොලීසියේ වෙඩි තැබීම් වලින් වසරකට 400 ක් පමන මිය යන බව කියවේ. ඇමරිකාවේ සුදු පොලීසිය විසින් කළු ජාතිකයන් ඉලක්ක කෙරේ. එසේම සිවිල් පුද්ගලයෙක් අතින් පොලිස් භටයෙක් මළොත් ඒ සිවිල් පුද්ගලයා අනිවාර්යයෙන්ම මරන දඩුවමට ලක් කෙරේ. එවැනි අවස්ථාවක සිය සහෝදර නිළධාරියා මැරුවායැයි චෝදනා ලැබ මරන දඩුවමට ලක් කරන පුද්ගල්යා මරන හැටි බැලීමට පොලීසියේ අය කමින් බොමින් බන්ධනාගාරයේ රදී සිටින හැටි දැක්වෙන පොටෝ එකක් මට හමුවිය.ඇමරිකාවේ බන්ධනාගාර වල වින්දිතයාගේ ඥාති හිතවතුන්ට නෛතික ඝාතනය නරඹා ප්‍රීතිවීමේ අවස්ථා  සැළසේ.


සිය සගයා මැරුවායැයි චෝදනා ලද තැනැත්තා රජයෙන් මරන අවස්ථාව දැක බලා ගැනීමට ආ ගෝත්‍රිකයන් පිරිසක්  

ගෝත්‍රික හැඟීම ඇත්තේ ආරක්ෂක අංශවලට පමනක් නොවේ. සෑම වෘත්තියකම ගෝත්‍රික හැඟීම තිබේ. දොස්තරලගෙ ස්ට්‍රයික් බලන්න. රෝහල යනු ගෝත්‍ර කිහිපයක සංකලනයකි. මෙම ගෝත්‍රික හැඟීම ස්වාභාවික වුනත් ලංකාවෙ එය උපරිමයටම නැග ඇත.

මගේ අදහස් මෙම ගෝත්‍රික හැඟීම් හැකිතාක් දුර්වල කල යුතු බවයි.

පරපීඩාකාමුකත්වය ගැන රසික අපූරු ලිපියක් පළ කර ඇත. ඇත්තෙන්ම මෙම දේවල් කතා කිරීම ඉතා වටී. කිසියම් ගෝත්‍රිකයෙක් පරපීඩාකාමුකත්වය මුදාහරින්නෙ වෙනත් ගෝත්‍රයකට අයත් අය වෙතය.ප්‍රතිවිරෝධයක් එල්ල කළ නොහැකි කෙනෙක් වෙත අසාමාන්‍ය ප්‍රචන්ඩත්වයක් මුදා හැරීම පරපීඩාකාමුකත්වය හැර අන් යමක් නොවේ. එසේම නිරුවත් කිරීම් ගැනද අසන්නට ලැබේ. පනින රිලවුන්ට ඉනිමන් බදින රැකියා ඇති බව බොහෝ දෙනා දන්නෙ නැත.

දන්නවානම් අවශ්‍ය අය ඇප්ලිකේෂන් දමනු නො අනුමානය. පඩියයි සතුටයි  එකම වහලක් යටින් . ඇන්නෑවේ

38 comments:

  1. //එච් එන් ඩී ඒ පාඨැමාලාවට උපාධි තත්වය ලබා ගැනීමද එකකි. එයට නම් විරුද්ධ වන්නේ ලෝක නිර්දන පන්ති සමගිය වෙනුවෙන් උරෙනෙඋර ගැටී සටන් කරන පක්ෂයේ ඉන්ජිනේරු උපාධි අපේක්ෂක සගයන්මය.//
    HNDA is accounting course. similar engineering course is HNDE.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමට ස්තුතියි. නමුත් මෙතන ශිෂ්‍ය සහ පොලිස් ගෝත්‍ර අතර ගැටුම ගැන කරන සාකච්ඡාවට ඒක බාධාවක් නෑ.

      Delete
    2. @ මධ්‍යස්ථ මතධාරියා

      අනේ මෝඩ හරකා.
      ප්‍රශ්නේ හරියට දන්නෙත් නෑ.
      පෑල් බෑදගෙන විචාර ලියනවා.

      රෙද්ද කෑඩුනා නේද යකා.

      Delete
    3. සමහරු කියනව උපාධිය මේ අයගෙ අතේලු. මේ ගුටි කන්නෙ අනාගත පරම්පරාව වෙනුවෙන්ලු. බයිලනෙ . මේ පිකටින් කරන්නෙ HNDA එකට උපාධි මට්ටම ලබාගන්න . HNDE අයගෙත් ඔය ඉල්ලීම තිබුන. ඒ වෙලාවෙ ඉංජිනේරු සිසුන් ඊට දැඩිව විරෝධය පළ කලා. නමුත් මානවවාදී ඉංජිනේරු සිසුවෝ කියල ඉතා අතලොස්සක් වුන ජේවීපී ඉංජිනේරු සිසු පිරිසක් ඊට සහාය පළ කළා. උන් එතන වටරැක විජිතල වුනා.
      ඩිප්ලෝමා අයට උපාධි මට්ටම දෙනව කියන එක ලේසි දෙයක් නෙමෙයි. එහෙම කරනකොට ඉස්සාරවෙලම විරුද්ධ වෙනෙන් වාමාංශික සිසුන්ම තමයි.
      සිසුන් කියන්නෙ සුළු ධනේශ්වර පිරිසක්. ඔවුන්ට කම්කරු පංති හැඟීමක් නෑ. ඒ අයට ඕන ඩිග්‍රිය අරගෙන පන්තිය මාරුකරන්න. මාක්ස්වාදී වචන සෙට් එකම දාලම උත්තර දුන්නෙ වමේ ඇනෝලට තේරෙන්නයි.

      Delete
    4. උබ Eඅකුරෙයි Aඅකුරෙයි වෙනස අදුනන්නෙ නෑද්ද බන්?
      මේ HNDE නෙවෙයි.
      අනික කටුබෑද්දෙ ඉන්ජො වාමාoශිකයො කියලා උඹට කවුද කිව්වෙ???...........මහින්දද?
      අනික ඉන්ජන්ගෙ කෑමෑත්ත අකමෑත්ත අදාල නෑ නේ,හොද වෑඩක්නේ HNDEළමයි ඉල්ලුවේ
      ඈයි කලේ නෑත්තේ?ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරන ගන්නේ මොරටුවේ ඉoජoගෙන් අහලද?ඵහෙම නෑත්නම් නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හොයනවද?

      Delete
    5. //සමහරු කියනව උපාධිය මේ අයගෙ අතේලු. මේ ගුටි කන්නෙ අනාගත පරම්පරාව වෙනුවෙන්ලු. බයිලනෙ . මේ පිකටින් කරන්නෙ HNDA එකට උපාධි මට්ටම ලබාගන්න //

      නෑති උන්ට සල්ලි වලට ඔනම උපාදියක් ගන්න පුලුවන් නම් අමාරු විබාග පාස් කරලා ඉන්න ළමයින්ට උපාදිය ලාබාදෙන ඵකේ වෑරද්ද මොකක්ද යකා?

      Delete
  2. Replies
    1. අහුවෙයංකෝ මගදී............

      Delete
    2. මචෝ..
      එකගයි කිව්වේ ළමයින්ට ගහන එකවත්..ළමයි පාරවල් වහගෙන පොලිසියට ගහන එකවත් නෙමෙයි..මු දෙපැත්තටම කරැනු දක්වලා තියන එක

      Delete
    3. ගහන එක ලිපියෙන් අනුමත කරල නෑනෙ. අනික් එක කාටද පුළුවන් එහෙම අනුමත කරන්න. පාර ක්ලියර් කරන්න ඕන කියල කිව්වෙ. අන්න එතනදි තමයි ගෝත්‍රික ගැටුම එන්නෙ. පොලීසිය ඇවිස්සෙන බව දැන දැනම ගල් වලින් ගහනව. මේක මෙහෙයවන දේශපාලන කඩප්පුලියො තමයි ගල් වලින් ගස්සන්නෙ. ඊට පස්සෙ ඔළු පළනවා.
      සංවේදී ස්ථාන වලට කරන මේ පහරදීම් සෙල්ලම් නෙමෙයි. මේවගෙ දීර්ඝ කාලීන බලපෑම් තියනව. මං දන්න පිස්සු දොස්තර කෙනෙක් ඉන්නව. මිනිස්සු එයාට ඒ නම පටබැදල. පිකටින් වලදි ඔළුවට වැදුන පහරක් නිසා කියල කියන්නෙ. ඇත්තද මන්ද.

      කවුද මේ දේවල් වල වගකීම ගන්නෙ . මම පොඩිකාලෙ තිබුනෙත් යහපාලන ආන්ඩුවක්.උඩුගම්පොලල ගෆූර්ල ගැන අපි අහල තියනව.

      ඕවට යන උන් වැඩිදෙනෙක් යන්නෙ කැමැත්තෙන් නෙමෙයි. බොහෝ විට පළමුවසරෙ උන් ජ්‍යේෂ්ට උත්තමයන්ගෙ බලපෑමට යන්නෙ. ඒ උත්තමයො පිටිපස්සෙ ජේවීපී පෙරටුගාමී උත්තමයො.
      පාලකයො මර්ධනය කරනවමයි.ඒක කොයි රටෙත් වෙනව.මේකට මේ සංවිධායකයො කැමතියි. උන්ට වෙන්දේසියට ලේ ලැබෙනව ,මළමිනියක් ලැබුනොත් හත් දවසක් මගුල් කෑහැකි.
      මේ දරුවන්ගෙ ජීවිත වලට වගකීම ගන්නෙ කවුද
      ජේවීපී කාරයන්ගෙ බහට රැවටිල 89 දි හමුදාව ඉස්සරහට ගිය සිසුන්ගෙ වගකීම කවුද ගත්තෙ.
      අපට ඕන ඒ විනාශය වළක්වන්න. කොළුකමට කෙළිකමට බැටන් පොල්ලට වෙඩි උන්ඩෙට පපුව දෙන්න එන මුන් රැවටිලා .
      උන්ව මෙහෙයවන දේශපාලන අන්ඩපාලයො මේ සිසුන්ගෙ වගකීම ගන්නෙ නැහ. ඕනනම් පානක් පත්තුකරයි.

      Delete
    4. මේ ඉල්ලීම් කරණ අයට පොලීසිය නෙළුවේ නැත්නම් මොකද වෙන්නේ
      පොඩි කැල්ලක් පත්තරේ දායි විනාඩියක් ටි වී නිවුස්වල යයි එච්චරයි

      මේවා වටින්නේ මාධ්‍ය කාරයින්ට පමණයි

      Delete
  3. මෙහෙමයි මධ්‍යස්ථ.........

    පොලීසියේ වැඩ ගැන නම් බින්දුවක්වත් සාධාරණයක් අපිට දැනෙන්නේ නැහැ....... ඔය විදිහට ම කතා කරන්න ගිහින් මහපාරේ ගුටිකාලා, කදුලුගෑස්, වතුර පාරවල් කාලා තියෙන නිසා ද දන්නෑ....... අදටත් අැගේ ලේ අස්සේ කැම්පස් උන් පාරට බැහැලා කියන දේ ගැන ලොකු ලෙංගතුකමක් තියෙනවා... ඒ අැත්ත අදටත් තේරෙනවා..... ඒක අස්සේ ජවිපෙ දේශපාලනය අැති.... ඒත් ඒකත් නැත්තං අදට කැම්පස් ටිකවත් නැහැ.... ඒකත් අපේ ලොක්කෝ විකුණගෙන කාලා.....

    මේ කියන කතාව ගොඩක් අයට හිනාගේන විහිලුවක් වගේ දැනේවි..... ඒත් පේන තෙක් මානයක විශ්ව විද්‍යාල ශීෂ්‍යයන්ගේ අවශ්‍යතා හෝ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හරි හැටි ශක්තිමත් පදනමක් දෙන පාර්ශවයක් පේන්නට නැතුව ඔය තියන පදනමත් කඩලා දාන ඒකට අපි විරුද්ධයි..... හැබැයි ඒකක් මතක තියාගන්න අපි ජවිපෙ කාරයෝවත් මාක්ස්වාදී සමාජයක් හදන්න පුළුවන් කියලා හිතන වාමාංශිකයෝවත් නෙමෙයි....... හැබැයි අපි උන්ගේ අමාරුව දැනෙන තරුණයෝ තරුණියෝ තමා....

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනය නැතිකරනව කියන එක හැමදාම ගහන බයිලයක්නෙ.එහෙම උත්සාහයකදි ඒකට ජනතාව හැටියට විරුද්ධ වෙන්න ඕන. ප්‍රමිතියක් ඇතිව අධ්‍යාපනය දීමට පෞද්ගලික අංශයට ඉඩ දිය යුතුයි. මෙතන ප්‍රශ්න තියනව. ඒ ගැන වෙනම ලිපියක් දානව මගෙ අත්දැකීම් සමග.
      මට පෙනෙන විදියට මේ දේශපාලන අන්ඩපාලයො නම් කරන්නෙ රැකියා විරහිත උපාධිධාරීන් බිහිකරන මේ සිස්ටම් එක රැකගන්න එකයි.

      ඔය ශිෂ්‍යයො ඕව කරන්නෙ හදවතින් නෙමෙයි. උඹල වගෙ අවංක එවුන් එක්කෙනෙක් දෙන්නෙක් ඇති. බහුතරය කැම්පස් එකෙන් එළියට ඇවිත් හැසිරෙන ප්‍රතිගාමී විදිය උඹත් දන්නව ඇතිනෙ. හැබැයි රුසියාවෙ ඉගෙන ගත්ත ඩොක්ටස්ල ප්‍රගතිශීලියි කියල මට කීප දෙනෙක්ම කියල තියනව. ඒ වගේම නිහතමානිලු.

      ඩොකාල විතරක් නෙමෙයි හැම එකාම පොඩ්ඩක් අඩියක් ඉහල ගිය හැටියෙ බමුනෙක් වෙනව. බලපුවම ඇති රෙද්දකුත් නෑ ඔලුව උදුම්මගන්න. ඔවුන් ඔය මහපාරෙ ගුටිකාපු අම්බ පොරගතිසීලියොනෙ. ඔවුන් ඕව කරන්නෙ හදවතින් නෙමෙයි. කැම්පස් වල තියනව උප සංස්කෘතියක් මුඩුක්කු වල වගෙ. ඉතින් ඒ තුල කොල්ලො ඔය පිකටින් වලට යනව. අනුරාධපුරේ එස් එෆ් ලොක්ක පස්සෙ ගිය මේසන් බාස්ල වගෙ.

      Delete
    2. මධ්‍යස්ථගේ මේ ගැන ලියවුන පහුගිය ලිපියෙදිත් කුරුටුගේ වගේම බ්ලොග් අවකාශයේ ඉන්න අනිකුත් මේ ගැන අත්දැකීම් තිබෙන අයගේ අදහසක් මෙතනට දමාවි කියලයි මම හිතුවේ...එයින් මේ සංවාදය වඩාත් හරවත් විදියට සිදුකරන්න තිබුනා.නැත්නම් සමබරවීමක් වෙන්නේ නැ...

      ....//අදටත් අැගේ ලේ අස්සේ කැම්පස් උන් පාරට බැහැලා කියන දේ ගැන ලොකු ලෙංගතුකමක් තියෙනවා//....

      ඒ සිසුන් ගුටි කනකොට ඒකේ වේදනාව අපිටත් දැනෙනවා කුරුටු.මධ්‍යස්ථ කියනව වගේ අවංකවම ඒ හැගිමෙන් කටයුතු කරන සිසුන් නැතිව නෙවෙයි.නමුත් සිසුන්ගේ මේ හැගිම දඩමීමා කරගත් පිරිසක් තමන්ගේ පැවත්ම වෙනුවෙන් සිසුන් මෙහෙයවනවා නේද කියලා හිතෙනවා.අද වාමාංශිකයන් කියාගන්නා පිරිස උනත් ඔවුන්ගේ දර්ශනය ආත්මාර්ථකාමී පටුහැගීම් වලට සීමා කරගෙන තිබෙනවා.ඔවුන් ඔවුන්ගේ පැවැත්ම ගැනම මිස සමස්ථය ගැන නොහිතන බවක් තියනවා.මේ අරගල වුනත් නොනවතින රැල්ලකට සීමා වෙලා තිබෙනවා.සිසුන් අරගල කරනවා පොලිසියෙන් පහර දෙනවා.හැමදාම වෙන්නේ ඒකයි.පොලිසිය කොහොමත් ඇහුම්කන් දීම නෙවෙයි කරන්නේ කන්දෙක පැලීම.මෙවනි අරගල වලින් ඔබ්බට ගිය වෙනත් ක්‍රියාමාර්ගයකට යොමුවීම වඩාත් සුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ.

      Delete
  4. මම රාජ්‍ය විශ්ව විද්යාලෙකට ගිහිං නෑ... ඇත්තම කිව්වොත් ඒ ලෙවල් කාලෙ කෙළපු අම්බ පිස්සුවක් නිසාවට මට ඒ අවස්තාව ලැබුනේ නෑ.. ඒ ගැන මම අදටත් දුක් වෙනව. එහෙමයි කියල සරසවි සිසුන් ගැන මගෙ ඊර්ෂ්‍යාවකුත් නෑ... ඇත්තටම බුද්ධිය සහ හැකියාව තියනවා නං ඒ දේවල් යට ගහල තියන්න බෑ... මමත් ආණ්ඩුවේ සරසවියකට ගියා නම් "හරියට හරි.. ඔහොම තමයි.. අරගල කරන්න ඕන .. පුද්ගලික විශ්ව විද්‍යාල නවත්තන්න ඕන" කියන මතයෙ ඉඳීවි.. එහෙම නොගියා කියල පුද්ගලික විශ්ව විද්‍යාල මොනම හෝ ක්‍රමයකින් තියන්න ඕන කියන මතයෙ මම නෑ... හැම දෙයක්ම තත්වයකින් යුක්තව පවත්වාගත යුතුයි...
    පොලීසියේ ගොන් හැත්ත ඉවක් බවක් නැතුව, විචාරයක් නැතුව ගහන්න ගියාම කොල්ලෝ කෙල්ලොන්ට ගහන්නෙ. ඇත්තටම අසාධාරණයක් තිබුනත් ඔය අරගල වලට කොල්ලන්ව කෙල්ලන්ව පාරට බස්සන්නෙ වැඩිමනක් දේශපාලන උවමනා එපාකම් වලට. පිරිසක් ගස්සවගන්න බලාගෙන ඔව්වට යනව, තවත් පිරිසක් ඇඩ්වෙන්චර් එකක් විදියට විඳගන්න යනව, තවත් පිරිසක් ඇත්ත ප්‍රශ්නය මිනිස්සුන්ට දැනෙන්න සලස්වන්න උවමනාවෙන් ඔව්වට යනව, තවත් පිරිසක් ඇපෙන් ගැලවෙන්න ඔව්වට යනව. ගහන්න එන පොලිස්ක් කාරයන්ගෙනුත් කොටසක් ඇරියස් කවර කරන්න එලෝ මෙලෝ නැතුව ළමයින්ට ගහනවා. සමහරු උඩින් එන අණ ක්‍රියාත්මක කරනව, තවත් සමහරු අණක් ලැබුණු නිසාවට ඇපෙන් ගැලවෙන්න එහෙන් මෙහෙන් පොඩි පොලිස් සත්තමක් දානවා.. උඩින් ලැබෙන අණ මොනව උණත් ගල් ගැසීම්, තුවාල කිරීම් "අටපාස් නැති එවුන්" වැනි වාග් ප්‍රහාර වලින් කුපිත කිරීම් නිසාවට සමහර වෙළාවට අහිංසකව වැඩේ කරන්න යන ළමයිනුත් ගුටි කනවා...
    ඔය කොහොම වෙතත් ඔය හේතු කාරණා නිසාවට පිරිහෙන්නේ ගහන පොලීසිය සහ ගුටිකන සිසුන් පමණයි.. විනයක් නැතුව වැඩ කිරීම නිසාවට පොලීසියට අවලාද නැගෙනවා. "ළමයි යන්නෙ ඉගෙනගන්න මිසක් පෙළපාලි යන්න නෙවෙයි" කියන මතයක් සමාජයේ ගොඩනැගීමෙන් විශ්ව විද්‍යාල සිසුවාගේ නාමයට කැළලක් වෙනව. අනික ප්‍රධාන නගරයක මිනිසුන් අපහසු තාවයට පත් වීමෙන්... මම දන්නා ආකාරයට ඔය ආකාරයේ බලපෑම් මගින් පාලකයන්ගෙන් යමක් ලබාගන්න බෑ බොහෝ වෙළාවට. අන්තිමට ඉතුරු වෙන්නෙ නටපු නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ විදිහේ තත්වයක් පමණයි...මේ වගේ දේවල් නිසා රජය අප්‍රසාදයට පත් වෙනව. හැබැයි රජය අප්‍රසාදයට පත් වෙනවා කියල හිතල කවුරුවත් ඔය කියන දේවල් ඔවුන්ට අවශ්‍යනම් විනා කොහොමටවත් ලබා දෙන්නෙ නෑ.. අනිත් එක තමයි විශ්ව විද්‍යාල සිසුවා බහුතරය ලෙස ගත්තොත් හොඳ දෙයක් රජයකින් කලත් ඒක ජීවිතේට අගය කරන්නේ නෑ... අරක දියව්, මේක දියව්, කිව්වට යමක් දුන්නොත් "අරක දුන්නට අපේ ප්‍රණාමය" කියල කොහෙවත් බැනර් එකක් වත් ගහල තියනවා දැකල තියනවද? ඒ කියන්නෙ ඔවුන්ට කිසිම දෙයක් දීලම නෑ කියන එකද? නොදන්නා කමට අහන්නෙ, විශ්ව විද්යාලයකින් එලියට පැමිණි බොහෝ උදවිය ඒවා තුල අධ්‍යාපනයේ දියුණුවට තමන්ට හැකි වූ පසු හෝ යම් දායකත්වයක් සපයනවද?( පාසැල් වලට ඒ දේවල් කෙරෙනවා බොහෝ විට) විශ්ව විද්‍යාල තුල සිසු දෙමාපිය, ගුරු සබඳතා හරි ආකාරව පැවැත්වෙනවද? එසේ නම් ඒ නොවන්නේ අයි? පාරවල් ගානේ මරා ගනිමින් ඔලු පලාගනිමින් අරගල කරනවාට වඩා සිසු, දෙමාපිය, ආදී සිසු, ආචාර්ය සබන්ධතා මගින් පාලකයින් දැනුවත් කරවීමෙන් මීට වඩා ශක්තිමත්ව මෙය ගොඩනැගිය හැකිවෙනවා නේද? ඒ දේවල් ඉස්මතු නොවන්නේ මුත්‍රා කරන්නට ගියත් දේශපාලනය අරමුණු කරගන්නට සරසවිය තුල ඉඩ සලසා තිබීමෙන් නේද??

    ReplyDelete
    Replies
    1. ඔවු බන්. මම ලියන්නෙ මුන් ගුටිකනව මට බලන් ඉන්න බැරිකමට. මුන්ට උකුණු මොළයක්වත් තිබ්බනම් තේරෙන්නෙ නැද්ද ගල් ගහපුවම ගුටි කන්න වෙන බව. මීට කලින් එහෙම දේවල් වෙලා තියන බව අහල නැද්ද. පොලීස් බැටෑලියන් එක කියන්නෙ එක් අරමුනකට යොමු වූ සංවිධානාත්මක සන්නද්ධ පිරිසක්. දහ දෙනෙක් එක්ක වුනත් සිය ගනනක ජනතාවකටවත් ඔවුන් එක්ක ගහ ගන්න බෑ. කෝච්චි සේවක ස්ට්‍රයික් එක වෙලාවෙ ඔය බැටෑලියන් එක එනකොට ( එවෙලෙ ඔවුන් වීරයන් සේ දැකීම වෙනම දෙයක් ) මම ඒ අයගෙ මුහුනු දිහා බැලුව.හැම මුහුණක්ම සමානයි. වෘත්තිමය ප්‍රහාරක අරමුණු ඒ ඇස්වල තිබුන. ගහන එක විතරමයි ඔළුවෙ තියෙන්නෙ. ඒ අයව එහෙම ට්‍රේන් කරනව ඇති. ඒ අය සංඛ්‍යාවෙන් අඩුවුනත් අසංවිධානාත්මක විශාල පිරිසකට වුනත් ඒ අය එක්ක ගහ ගන්න බෑ. දිගින් දිගට වලිය යනකොට වෙඩි තියන්නත් ඒ අය සූදානම්.

      ඉතින් ශිෂ්‍යයො කියන්නෙ සටන් පුහුනුව ලබන පිරිසක් නෙමෙයි පාඩම් කරන පිරිසක්. ශිෂ්‍යයො ලවා ගල් ගස්සවල පොලීසිය අවුස්සල පිකටින් සංවිදායකයො බලාපොරොත්තු වෙන්නෙ ගුටි පූජාව හෝ වෙඩි පූජාව . මාධ්‍ය කාරයොත් කී දෙනෙකුට තුවාලද කී දෙනෙක් මළාද කියකිය එබිකම් කරනව.උන්ට ඕන නිව්ස්.

      මම විශ්ව විද්‍යාල දෙකක ඉගෙන ගෙන තියනව. එකක තවම ඉගෙන ගන්නව.ඒක ලබන අවුරුද්දෙ ඉවර වුනහම තව එකක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනව ඊලඟ අවුරුද්දෙ.ඒ කියන්නෙ මම ශිෂ්‍යයෙක්. පෞද්ගලික අධ්‍යාපනයෙ තියන සූරාකෑම ගැන දන්න කෙනෙක්. ඒ වගේම එහි සාධනීය පැති දකින එකෙක්. ශිෂය්යො පිටුපස ඉන්න අය ගන දන්න එකෙක්. කියන්න බෑ බන් සමහර දේවල්.
      මම ශිෂ්‍යයො විතරක් නෙමෙයි තිරිසනෙක් වත් ගුටි කනවට අකමැති එකෙක්. ලියන්නෙ ඒකයි.

      කොටියෙක් එනව කූඩුවෙ දොර ඇරගෙන. කවුද ඌට කෝටුවලින් අනින්න යන්නෙ. කොටිය ට කෝටුවෙන් ඇන්නම ඌ ගොරවගෙන පනිනව. කොටිය කාල මෙච්චරකට තුවාලයි කියාල් හොට් නිව්ස් යනව. කාගෙද වැරැද්ද කොටිය කොටියමනෙ .කොටිය කෑවෝ කියකිය පොටෝ ශෙයා කරල වැඩක් තියනවයැ.

      Delete
    2. මම විශ්ව විද්‍යාල දෙකක ඉගෙන ගෙන තියනව. එකක තවම ඉගෙන ගන්නව.ඒක ලබන අවුරුද්දෙ ඉවර වුනහම තව එකක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනව ඊලඟ අවුරුද්දෙ.ඒ කියන්නෙ මම ශිෂ්‍යයෙක්. //

      මෙය පැහැදිලි විය යුතුය.එනම් විශ්ව විද්‍යාල දෙකක ඉගෙන ගෙන තියනවා. ඊට අමතරව තව එකක තවම ඉගෙන ගන්නවා. එය ලබන වසරෙදි අවසන් වූ විට තවත් විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් සදහා ලියාපදිංචිවීමට බලාපොරොත්තු වෙනවා ලෙස .එවිට ඇසුරු කළ හා ඇසුරු කිරීමට අපේක්ෂිත විශ්ව විද්යාල සංඛ්‍යාව හතරකි.

      මෙය කීවේ ඉදිරිපත් කළ කොමෙන්ට් එකට අදාලව බවත් මම කිසිම දිනක මෙම බ්ලොග් එකේ මගෙ පුද්ගලික දෙයක් කතා කර නැති බවත් කීමට කැමත්තෙමි.
      මේ කතාව කීවේ මම සිටින්නේ ශිෂ්‍ය මානසිකත්වයෙන් හා උගතුන්ට එරෙහි නොවන මානසිකත්වයෙන් බව කියන්නයි.

      මම මෙවැනි අදහස් පල කරන්නේ විශ්ව විද්යාල අධ්‍යාපනය නොළැබූවකු විය හැකි නිසා කියා කෙනෙක් වරදවා වටහා ගැනීමට ඉඩ ඇති නිසා එය සදහන් කළෙමි.

      Delete
  5. මේ පිළිබඳ මහාචාර්ය මාතලන්ගේ මතය ළඟදීම බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. අපි මොනව කතා කළත් නඩේ ගුරා මාතලන් ගුරුන්නාන්සෙ රැල් බුරුල් ඇරල යමක් කීවම තමයි ඒක කොන්ෆොරොම් වෙන්නෙ. ඉක්මනට දාන්න.

      ඇත්තට මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා ශිෂ්‍යත්ව සහතිකයත් උපාධියක් කියල පිලිගන්න කියල උද්ඝෝෂන එයිද දන්නෙ නෑ. එහෙමනම් මරු .මේක තව දිගට යන්නෙ නැතෑ .මට තියනව අවුරුදු උත්සවේට බනිස් කාල හම්බවුන සහතික. මම කියනව ඒවත් උපාධි කියල පිලිගන්න කියල..

      Delete
    2. මහාචාර්ය මාතලන්
      ඔව් මේකත් බ්ලොගේ මකර්ට් කරලා ලෝටස්ලෑන්ඩ් එකේ පිනට කම්බුරපන්

      Delete
  6. Meka ela.. Nalaka Gunawardanath supiri ekak liyaa tibba.. ude kiyewwath comment karanna beri una .. ☺

    ReplyDelete
    Replies
    1. හැඟීම් බරව සමහරු අදහස් පළ කළත් කීප දෙනෙක් හොඳ විග්‍රහයන් කරල තිබුන. එහෙම විග්‍රහ කරන අයගෙ අරමුණ මෙහෙම දේවල් වෙන එක වළක්වන එක. දෙපැත්තම බලල මේකෙ හේතු හොයල විද්‍යාත්මක විසදුමක් හොයාගන්න ඕන. මේක ගැටළුවක් .දුෂ්ටයො වීරයො ඉන්න තුන් කොන් ප්‍රේම කතාවක් නෙමෙයි. මේ ගැටළුවට විසදුමක් අවශ්‍යයි. හැඟීම්බරව සාහිත්‍ය නිර්මාන කළ හැකියි හැබැයි විසදුම් නම් ඉදිරිපත් නොකළ හැකියි.

      Delete
  7. ලි්පිය වගේම සංවාද සටහන් ගොනුවත් මරේ මරු

    ReplyDelete
    Replies
    1. ලිපිය ලියන්න වගෙම සංවාදවලදි දැඩිව අවධාරනය කරන්න හැදුවෙ වාර්ෂිකව පවත්වනු ලබන පළමු වසර සිසුන්ගේ ඔළු පැලීමේ මංගල්‍යය ගැනයි. මේ ළමයි වදල හදල නෙමෙයිනෙ . ඔය දේශපාලන අන්ඩපාලයන්ට මොනවට කියල උනු වෙන්නද

      පළමු වසර සිසුන් ඉස්සරහට දාල ශිෂ්‍ය ව්‍යාපාරෙ නායකයො පළමු වසර එවුන් පිටිපස්සෙ ඉදල පොලීසියට ගලක් ගහනව. ඒ ගහන්නෙම ඔළු පලවාගන්නමයි.ඊට පස්සෙ පොලිස්කාරයො ස්විච් එක දැම්මම වයින් කරපු බෝනික්කො වගෙ ලවක් දෙවක් නැතිව ඔළු ටික පලාගෙන යනව. එකෙක් මරා ගත්තොත් වමේ ව්‍යාපාරයට රජ මගුල්. සමහර විට මේ පාර දේශපාලන අන්ඩපාලයො ශිෂ්‍ය අන්ඩපාලයන්ට තරවටු කරන්නත් ඇති " තොපිට එකෙක් මරාගන්න බැරිවුනා නේද කියල"

      මේක අසූ ගනන් වල ඉදන් තියන සෙල්ලමක්. ඒ කාලෙ ජෙවීපී එක. දැන් පෙරටුගාමීන් . හැමදාම උද්ඝෝෂන වලට ගෙනයන්නෙ පළමු වසර සිසුන්. නවක වදෙත් එක්ක මේක පටන් ගන්නෙ. එතන උප සංස්කෘතික ලක්ෂන වගා කිරීමක් කරනව. විජේවීර රුසියාවෙදි ඉගෙන ගත්ත සයිකොලොජි ටික තමා තවම අච්චාරුව දාන්නෙ.

      මේක රජ්ජුරුවන්ගෙ සීතාම්බර පටේ වගෙ මොකෙක්වත් කතා කරන්නෙ නෑ. හැමෝම දන්නව. ඇයි පළමු වසර සිසුන්ට ඔවුන්ගෙ දෙමවුපියන්ට සංවිධානය වෙන්න බැරි. මේ ඔළු පැලිල්ල නවත්වන්න ඕන. ඇයි දන්නවද මේක සෙල්ලමක් නෙමෙයි . දෑත බදල ඔළුවට පොල්ලකින් ගහනව කියන්නෙ දීර්ඝකාලීන බලපෑම් තියනව. ඇයි දෙමවුපියො නිහඩ ජේවීපී පෙරටුගාමී අවශ්‍යතා සදහා තමන්ගෙ දරුවන්ට දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරන්නෙ.

      Delete
  8. රෝහල යනු ගෝත්‍ර කිහිපයක සංකලනයකි. ++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ගෝත්‍ර වල නිරුවත්ම රංගනය දැකගත හැකිතැනක් රෝහල. මෙම ගෝත්‍ර අතර සම්භාවනීයම ගෝත්‍රය වෛද්‍ය ගෝත්‍රයයි ඔවුන්ට සමාජය තුලින් අරුම පුදුම තත්වයක් ලබාදී ඇති අතර ඔවුන් වෙන කෙනෙකුට සිය දැනුම ලබාදීමෙන් වැළකී එය ඍග් වේදය ලෙස සළකනවා. හැබැයි ඔවුන්ගේ වේද ග්‍රන්ථ හැමදාමත් සගවන්න බැරිවෙයි.ඔවුන් විදේශීය උපාධිධාරීන් සමච්චලයට ලක් කළත් ඇත්තටම ලංකාවෙ විශ්ව විද්‍යාල ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරනයෙ ඉතාම පහලින් තිබෙන්නෙ. ඇත්තටම වෙලා තියෙන්නෙ ලංකාවෙ වෛද්‍ය විද්‍යාලවල ඉඩ ප්‍රශ්නය නිසා සීමිත පිරිසක් බදවා ගැනීමට සිදුවීමයි. උසස් පෙළ එස් තුන ( අපේ කාලෙ ) ගත් කෙනෙකුට මෙඩිසින් කරන්න පුළුවන්.

      හෙද ගෝත්‍රිකයො හිතන්නෙ ඔවුන් ඩොකාලටත් ඉහල කියල. ඒත් ඉස්සර නර්සින් ගියෙ ආට් කරපු අය. දැන්නම් බයෝ එස් තුන ගන්නව. ආට් කරපු අය ගත්ත කියන්නෙ තව මොන කතාවක්ද .
      මේ අය ගේම වින්නබුවො එක්ක.

      සමසෞඛ්‍ය ගැටළුවෙදිත් ඩොක්ටස්ල ලොකු රහසක් සගවනව වගෙ තමන්ගෙ දැනුම හංගනව පෙනුන. මෙතන අවුල බාහිර සමාජය ඩොකාලගෙ අවුරුදු පහේ සිලබස් එක නොදන්න කම.

      මගෙ මුල් උපාධිය කලා . මට ඒක මිටටත් මදි. මට කියන්නත් ලජ්ජයි මට එහෙම උපාධියක් තියනව කියල. ඊට පස්සෙ තවත් එක්තරා උපාධියක් මම ගත්ත. මේ උපාධිය සමාජයෙ පිළිගැනීමක් ( ඊටත් වඩා බයක් ) තියන එකක්.බාහිර සමාජය දන්නෙ නෑ මේ එක්තරා උපාධියෙ විශය පථය ,සිලබස් එක , ආදී දේවල්.බාහිර සමාජයට මේක මහ ලොකු දෙයක්. මම මහ පොරක් කියල හිතනව. ඒත් අපි කලේ කලා උපාධියට වගේම පාඩම් කිරීමක් තමයි. මහ දෙයක් නෑ. ඒ වගේ තමා ඔය අනික් ගාම්භීර උපාධිත් . නමුත් බමුණො වෙන්න තියන ඕනැකම නිසා ඒ රහස පිටට දෙන්නෙ නෑ. බමුනන්ගෙ පූන නූල කඩන්න පුලුවන් වෙනෙන්ත් බමුනෙකුටම තමයි.

      මම කියවල තියනව නවල් එකක්. මට නම මතක නෑ. ඒකෙ බමුණ එක ජවනිකාවකදි පූන නූල කඩල බමුනුකමේ බොරුව එලිදරවු කරනවා.

      පුළුල් දැක්මක් ඇති ඔබතුමා මා සමග අමනාප නොවන බව දන්න නිසයි මේව කිව්වෙ. ඔබතුමා පටු ගෝත්‍රිකයෙක් නොවන බව මම දන්නව.

      Delete
  9. අනේ මන්ද ..අපි ඉන්න කාලෙ නං කැම්පස් ළමයි කැමතිනෑ HNDM/HNDA උපාධි මට්ටමට ගේනවට.බාහිර උපාධි වලට.ඒක එයාලගෙ තත්තෙට මදි කමක් කියල එයාල හිතනව.එයාල තේරුන ස්පෙසොල් කට්ටියක් කියල හිතුව.දැන් එයාලගෙ මතේ කොහොමද මන්ද...

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් ඔබට ස්තූතියක් කළ යුතුයි වෙනත් බ්ලොගයක දැමූ කොමෙන්ටුවක් ගැන. මට මඩ ගහන්න පෝස්ට් එක දාල තිබුන. ඒක සහෘද බ්ලොග් සමාජය ප්‍රතික්ශේප කරපු බව පේනව. කිසිම කෙනෙක් ඒකෙ ධනාත්මකව කොමෙන්ට් දාල තිබුනෙ නෑ.

      කොයි කාලෙත් කැම්පස් ළමයින්ගෙ ඔය කියන පොරගතිසීලීකම තිබුනෙ නෑ. හැමදාම ඒ ළමයි කාගෙ හරි බළල් අත් වීමයි සිදුවුනේ.ඔය ඩිප්ලෝමා කාරයො උපාධි මට්ටම ඉල්ලන එකට මුලින්ම විරුද්ධ වෙන්නෙ වාමාංශික උපාධි ශිෂ්‍යයොම තමයි.

      වෙන්න ඕන මේකයි. දැනුමේ බොරු අබිරහස බිද දැමීම. ඩිප්ලෝමා අය කෙලින්ම උපාධි මට්ටම ඉල්ලන එක වැරදියි. එතන මහම අවුලක් වෙලා පහේ ශිෂ්‍යත්වෙටත් උපාධි තත්වය දෙන්න වෙනව. ඒකත් අවුරුදු පහක් කට්ට කාල ගන්න එකක්නෙ. ඊට පස්සෙ ඒක තවත් පුළුල් වෙලා අවුරුදු උත්සවේට බනිස් කාපු එකටත් ලැබෙන සහතිකයටත් උපාධි තත්වය දෙන්න වෙනව.

      ඩිප්ලෝමා අයාට් ඩිග්‍රිය ගන්න කෙටි පාරක් විවර කළාම ඇති. ඒ කියන්නෙ එන් ඩී ටී කරන අයට තව මොනවහරි අඩව්වක් අල්ලල ඉන්ජිනියර් වෙන්න. මේ ශෝට් කට් එච් එන් ඩී ඊ , ටී ටී අයි ඔය හැම එකාටම දෙන්න ඕන.නර්ස්ලට ඩොක්ටස් ල වෙන්න ශෝට් කට් එකක් ඕන. ඒ ලෙවල් නොකරපු බූතයෙකුට වුනත් පදනම් පාඨමාලාවක් කරල ඉන්ජිනියර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉඩ දෙන්න ඕන.

      ඕනම වෘත්තිකයෙකුට සිය වෘත්තියට අදාලව ඩිග්‍රියක් ගන්න පුලුවන් වෙන්න ඕන. උපාධිය කියන බමුණු පූන නූල කඩන්න ඕන . ඥානාලෝකය වසා තබන සීමිත පිරිසක් ඇතුලට ගන්න දොරටු බිදින්න ඕන. ඕන හෝමෝ සේපියන් කෙනෙක් මඩ සෝදාගත් කළ ඩිග්‍රියකට සුදුසුයි අනේ.

      Delete
  10. දෙපැත්ත ගැනම කරුනු දක්වලා තිබෙන එක වඩාත් හොදයි මධ්‍යස්ථ....

    පොලිසියෙන් මේ සිසුන්ට පහර දෙනවා දැක්කම ඇත්තෙන්ම මට දැනෙන්නේ මටත් ගහනවා වගේ.මට ඒ සිසුන් ගැන ලොකු දුකක් තියනවා.ඒ වගේම ඔවුන් කරන මේ අරගලය නිසා ඔවුන් පහරකෑමට ලක්වෙනවා මිසක ඔවුන්ගේ ඉල්ලීම් කිසිම දෙයක් ලැබෙන්නේ නැ.ඒක එදා ඉදලම එහෙමයි.ඒ ඉල්ලීම් අතර සාධාරණ වගේම සාධාරණ නොවන ඉල්ලීම් තිබෙනවා.සාධාරණ නොවන ඉල්ලීම් අතර එකක් තමයි සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීම.අද උපාධියක් තියාගෙන රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් කල් ගෙවමින් කාලය අපතේ හරිනවට වඩා යොමුවිය හැකි වෙනත් විකල්ප බොහෝ තිබෙනවා.අනික වර්ථමානයේ රැකියා සදහා එකම සුදුසුකම විදියට උපාධිය විතරක් සලකන්න බෑ.අනික ඒක ඔලුවට අරගෙන ජීවත්වෙන්න අවශ්‍ය නැ.මමනම් උපාධිධාරි ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා වෙනුවට වෙනත් අදායම් මාර්ග හදාගෙන තිබෙනවා.එයින් කෙටි මහන්සියකින් වැඩිපුර ආදායමක් ලැබෙන්නේ විඩියෝ සංස්කරණය කිරිමෙන්.

    ඊ ලගට අපි පොලිසිය සිසුන්ට පහර දෙන එක බැලුවොත් ඒ අයගෙන් මිට වඩා දෙයක් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑ.අනික ඒ අයගේ ඇගට පහරදීම බද්ධ වෙලයි තියෙන්නේ.දැන් දැන් පොලිසිය හිතන දෙයක් තමයි අපිට අයිත් රාජකාරිය පහරදීම කියන එක.තමන්ට අයත් රාජකාරිය මොකක්ද කියන්න පොලිසියෙන්වත් දන්නේ නෑ.වෙලාවකට මෝඩම මෝඩයි.සේයාගේ සිද්ධියෙන් පස්සේ ඒ ගමේ සමහර තරුනයන්ගේ කලිසම් ගලවලා පුරුෂ ලිංගය පරික්ෂා කරලා තියනවා පොලිසිය.ඒවැනි පරික්ෂාවක් කල හැක්කේ අධිකරනවෛද්‍ය නිලධාරියෙකුට පමනයි.නමුත් අධිකරන නිලදාරියාගේ වැඩේ කරන්න ගිහින් තියෙන්නේ පොලිසිය.කොටින්ම තමන්ට අයත් වපසරිය මොකක්ද කියලාවත් නොදන්න පිරිසක් තමයි පොලිසියේ අතිබහුතරය.සිසුන් අරගල කරන තැනකට පොලිස් කැරලි මර්ධන ඒකකයෙන් ආවම එතනදි සිසුන්ට සාධරනයක් වෙයි කියලා බලපොරොත්තු වෙන එකේ තේරුමක් නෑ.පොලිසිය එන්නේ සිසුන්ගේ ඉල්ලීම් ගැන සංවේදිය නෙවෙයි.තවත් එක් කැරලි කාරයෝ පිරිසක් මර්ධනය කරන්න යන්නේ කියන හැගීමෙන්.එතනදි කැරල්ලක් මර්ධනය කරන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා..අඥාණ පොලිසියත් එක්ක බුද්ධිමත් සිසුන් පිරිසක් ගැටෙනකොට හොදින් හිතලා බලලා කටයුතු කරන්න තියෙන්නේ වැඩිපුර අඥාණපිරිසක් ඉන්න පොලිසියද නැත්නම් බුද්ධිමත් සිසුන්ද ? ...ඔන්න දැන් මද්‍යස්ථගේ ලියවිල්ලේ උපුටා ගැනිම මෙතනට ගැලපෙනවා...

    ....//සිසුන් මෙසේ පොලීසිය ප්‍රකෝප කරගෙන ගුටිකනවා වෙනුවට විකල්ප නැද්ද//.....

    ඇත්තෙන්ම තමන්ගේ සාධාරණ ඉල්ලිම් නිසි බලධාරීන් වෙත යොමු කෙරෙන විදිමත් වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු වීමයි වඩාම සුදුස කියලයි මටත් හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කාර්යාලයේ මගෙ කියුබිකල් එක තියෙන්නෙ ඉහලම මාලයෙ මහ පාර හොදට පේන තැනක. එක පාරටම හෙන හූ හඩක් ඇහුන .මම බලනකොට පපුව හෝස් ගාල ගියා. සිසු සිසුවියන් දුවනව හැම තැනම . පලමු වසර සිසුන්ගෙ ඔලු පැලීමේ මහා මංගල්‍ය පටන් අරන් බව මට තේරුනා.

      පොලීසියට බැනල කවි ලියන්න පුලුවන්. නමුත් වෙන්න ඕන ඒකද සියළු උපාධිධාරීන්ට රැකියා දෙනු .පහේ ශිෂ්‍යත්ව ට උපාධියට සමාන පිලිගැනීමක් දෙනු,සියල්ලෝම නිවන් දක්කමු වගෙ ඉල්ලීම් පෙරටුකරගෙන ශිෂ්න අන්ඩපාලයො පළැමු වසර සිසුන් ඉදිරියට දාල මේ අල්ලන අඩව්ව තේරුම් ගන්න ඕන.

      මේ උපාධි මිථ්‍යාව බිදින්න ඕන.උපාධි නැති නමුත් තම තමන්ගෙ ක්ශේත්‍රවල ප්‍රවීනයො ඉන්නව. උන් අපට වඩා ෆෝවර්ඩ්. අපි කුණු සටහන් ගොන්නක් කටපාඩම් කරල පොරවල් වෙලා. උන් දන්නෙත් නෑ අපේ ඇත්ත තත්වය. අපි ඉතින් කොහොමත් කියන්නෙ නෑනෙ. මං වගෙ උඩ බලල කෙළ ගහගන්න එවුන් අඩුයි. මම නම් පූන නූල කඩල හෙලුව මෙන්න කියල පෙන්නන එකෙක්.

      පොලිස්කාරයොත් බමුනොනෙ. උන් හිතන්නෙ උන් නීතිය රකින නිළධාරීන් නෙමෙයි ලයිසන් චන්ඩි කියල. අපේ මුළු සමාජයම පොඩ්ඩක් අවස්ථාවක් ලැබුනොත් සමාජයෙ සෙසු සහෝදරයන් හිංසනයට ලක් කරන්න බලන්නෙ .

      අධිකරන නිළදාරියගෙ නෙමෙයි නඩුකාරයගෙ ඉදන් අලුගෝසුවගෙ වැඩෙත් බාරගන්නෙ කොස්සො තමා.පොලිස් රාලාමි කෙනෙක් එක්ක කතා කළාම ඒ අයගෙ මානසිකත්වය තේරෙනව. අපේ සමාජයෙ හැම එකාම ඉන්නෙ බඩගින්නෙ. හයිනාවො වගෙ බෙල්ල දික් කරගෙන බයිට් හොයනව. ඉතින් යුනිෆෝම්කාරයගෙ බයිට් එක තමා යුනිෆෝම් අදින්නෙ නැති එවුන්.

      මීරිගම දූෂන සිද්ධියෙදි ගමේ කොල්ලො විතරක් නෙමෙයි නාකිත් අල්ලගෙන ගිහින් ගහල සමහරුන් සදාකාලික ආබාදිතයො වෙලා. සමහරුන්ට තරුන කාලෙම අංශභාගෙ හැදිල.ඔළුවට වදින දරුණු පහරවක් නිසා මොළයෙ සෛල විනාශ වෙලා. බියගම කොටෙජ් මිනීමැරුමෙදිත් ත්‍රීවීල් කාරයෙක් පොලිස් වධ නිසා ආබාධිත වුනා. කවදාවත් පොලිස්කාරයෙක් කරන වැරැද්ද්කාට දඩුවම් නෑ. නිකම් බොරුවට කොමිසම් දානව විතරයි.

      ඔය ඔබ කියන හිංසනයට සමස්ත සමාජයම විවෘතයි. ඒකෙන් මිදෙන්න නම් ලොක්කෙක් වෙන්න ඕන. අපි වගෙ මධ්‍යම පන්තියෙ කෙනෙකුට ලොක්කෙක් වෙන්න බැහැනෙ. කරන්න තියෙන්නෙ එක්කො පැවිදිවෙන එක. නැත්නම් ලෝයර් කෙනෙක් වෙන එක. ලෝයස්ලට අත තියන්න බයයි ඒක අපි දැක්ක 89 භීශනයෙදිත් . කොල්ලො බුරුතු පිටින් පිච්චුවත් විජේදාස ලියනාරච්චිව මරපු එක ලොකුවටම ඇදුන.ලෝයර් කෙනෙකුට අත තිබ්බොත් ලෝයස්ල නැගී සිටිනව. මුන් බයයි. පනකෙන්ද බේරගෙන ඉන්න පුලුවන් ලෝයර් කෙනෙක් වුනොත් . ප්‍රශ්නෙ තියෙන්නෙ පනකෙන්ද බේරගත්තත් ඔළුව කෙලින් කරගෙන හිටියත් ජොබ් එක අත ඇරල උසාවි ප්‍රැක්ටිස් කරන්න ගිහින් නඩු නැතිවුනොත්. ඒ අවදානම ගන්න බැහැනෙ. රජයේ රැකියාව කරන අතරම නීතීඥ වෘත්තියේ යෙදීමටද හැකිවන ලෙස සහනයක් ලැබුනොත් පන කෙන්දයි මාසෙ පඩියයි දෙකම බේරගන්න පුලුවන්.

      සිසුන් අරගල කරන තැනට පොලිස් කාරයෙක් එනව කියන්නෙ වටේ පිටේ ඉන්න උනුත් කැලේ කඩාගෙන දුවන්න ඕන සීන් එකක්. පොලිස්කාරය එන්නෙ කැරළිකාරයෙක් මර්ධනය කරන්නයි. කුළු නැතුව පොලු විතරක් ගේන්නෙත් සිසුන් ප්‍රතිප්‍රහාර නොදෙන බව දන්න නිසා.

      විසා විජ්ජාල කොල්ලනේ තොපි දෙබරෙකට ගල් ගහනවනම් අපට කලින් කියාපල්ල දුවගන්ඩවත්.

      Delete
  11. මධ්‍යස්ථ මතධාරියා!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙනවනම් මං සාර්ථකයි . මං උත්සාහ කරන්නෙ ප්‍රශ්නෙක දෙපැත්තම බලල විද්‍යාත්මක විසදුමක් හොයාගන්න උත්සාහ කරන එක. ඒ වාගෙම ප්‍රචන්ඩත්වය මොන ස්වරූපයකින් ආවත් මම ඒකට විරුද්ධ වෙනව.
      උඹ මෙහෙම නිකම් ආවත් හිතට සතුටක් බන්.

      Delete
  12. Agree. This is a well balanced post.
    Uni students, police.... all pointing to our small minds.
    There is no free education in the country I live. Students study on the loan given by the govt, which then gets set off against their salaries once they start working. Every student is responsible as to how they progress in their studies --if not more and more debt will accumulate. Earlier they finish their studies and start paying, they are better off.
    Our stupid students- the longer they study... the longer they get 'Mahapola' and other student aides. More disruptions to studies, the longer they stay in the uni.

    ReplyDelete
    Replies
    1. The society pave the way for creating unfortunate incidents by offering extraordinary supremacy to selected social groups. Those Superior groups include priests , students ,teachers, Doctors, police officers etc. Members of such groups expect response from the rest due to the membership of the group .. There is no point of getting something for the role played by them in the society.However this is a misuse of their power.

      everybody knows about Police and army . Examples for a nasty embodiment of killing and torture . Thoughts of members of organizations are based on organizational behavior that focused on overtaking the rest . They render rival feelings towards everything other than ambitions of their life style .

      This is the problem of the system.

      Delete
  13. ඵ්කනේ.
    මේ කොල්ලන්ට කෙල්ලන්ට පිස්සු නේ. යකා වගේ මහින්දයගේ පස්චාත්බාගය ලොවලා රස්සා කට්ටක් ගත්තනම් ප්‍රශ්න ඉවරයි නේ.
    මොන මගුලටද වෑඩිපුර ඉගනගන්න යන්නේ.ඔවා තියෙන්නේ නාමල් බේබිට,යෝ බේබිට දහම් බේබිට වගේ පින්වන්ත කුමාර වරුන්ට නේ.
    රටේ බහුතර ජනතාව අසාදාරණය ඉවසනවනම් මුන් විතරක් මොකටද කෑ ගහන්නේ.
    ඵතකොට අපේ පොන්න කම අපිටම පේනවනේ.............
    ඵහෙම හොද නෑ නෑ.
    අයිබෝ වේවා මයි රජානනේ කියලා හිටියනම් ඉවරයි නේ..........
    මෝඩ කොල්ලො කෙල්ලො........

    ඔව්වා ඔහොම කරන්න බෑ.
    මොකටද හෑප්පෙන්න යන්නේ.
    කොල්ලො ටික ඈමති තුමාගේ පෝස්ටර් ගෑහෑව්වනම් ඉවරයිනේ.හම්බවෙන මගුලක් හම්බවෙයිනේ උන්නාන්සේලාට හිතුනොත්.........
    කෙල්ලො නම් අපරාදේ.ඈමති තුමා හම්බුවෙන්න ගියානම් නිකන්ම ඩිග්‍රිය රස්සාවක් ඵක්කම ගන්න තිබුනා............මෝඩ ළමයි.
    අපි නම් මෙහෙමයි දීඈති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ප්‍රශ්න විසදගන්නේ...........
    මේ අපි ඉන්නේ අපූරුවට..........මුන්ට පිස්සු

    ඵහෙමන යකුනේ මොඩර්න් ඩිමෝක්කරසි !
    මරාගේ පුක ලොවල දෑo මයියාගේ පුක ලොවනවා...............සිම්පල් පෑලෑන්.

    ReplyDelete
    Replies
    1. අනෙ අප්පේ මං මහින්දයට කඩේ ගිහින් ජොබ් කට්ටක් අරන් .අනේ පවු මං හෙහ් හෙහ්.

      යකෝ අපි ජොබ් වලට ආවෙ උපාධිය විතරක් තියාගෙන නෙමෙයි. කේසර සිංහයො වගෙ තරඟ විභාග පාස් වෙලා. තරඟ විභාගෙට වාඩි වෙන්න උපාධිය තමයි සුදුසුකම.

      තරඟ විභාගවලින් පාස් වෙලා හම්බවුන සමහර රස්සාත් අත ඇරපු එකෙක් මම.

      රස්සා අහේනියක් මට තිබුනෙ නෑ.

      මහින්දයට පක්ෂව ඒ කාලෙ අදහස් කොමෙන්ට් කළේ යුද්ධයට අදාල ව ඇතිවුන සංවාද වලදි විතරමයි. එහෙම නොකර බැරිවුනා. මම යුද්දෙට පක්ශ එකෙක්. මහින්දය හොරා බව අපි දැනගෙන හිටිය. ඒ මොන වැරදි තිබුනත් යුද්දෙට දේශපාලන නායකත්වය දීපු එකයි මට වැදගත් වුනේ.

      උඹල වගෙ රැවුල්කාරයෙක් ඇවිත් ලස්සන වචන දාල පන්ති පහක් කළාම ඌ වෙනුවෙන් ජීවිතේ දෙන මෝඩයො නෙමෙයි අපි.

      අපි උඹල වගෙ දෙකයි පනහෙ සිමපල් වැඩ කරන්නෙ නෑ බන්.

      Delete
    2. අප්පට උඩු උඹ කේසර සිoහයෙක් වගේ තරග විබාග වලින් පාස් උන ඵකෙක්ද ?
      උඹ පාස් උනේ කොහොමද බන් .
      HNDA කියන්නෙ මොකක්ද කියලා දන්නෑති ඵකා කොහොමද තරග විබාගෙකින් පාස් උන කියලයි මම කල්පනා කලේ........ඵකත් ලොවලම වෙන්ඩෑ පාස්වෙන්න ඈත්තෙ !


      උඹ මහින්දට කඩේ ගිය යුද්දෙට අදාල සoවාද වලදි විතරද?
      ඵකත් බලාගන්න පුලුවන් ජනවාරි 8ට කලින් උඹ දාපු පෝස්ට් ටිකයි කමෙන්ට් ටිකයි කියවපුහාම.

      ඵක අතකින් උඹ් පවු බන්.
      පොරක් වෙන්න මාර දෑගලිල්ලක් දගල්න්නේ.........................
      ඵ් උනාට හෑමදාම නාගන්නවා ගූ හට්ටි පිටින්.................

      Delete