Thursday, October 29, 2015

ගුටිකෑම , විප්ලව හා බඩගින්න

හූ හඩකින් පරිසරයේ ඒකාකාරී රිද්මය බිදවැටුනි. මොකක්ද මේ සද්දෙ කියා මම කාර්යාලයේ ජනේලයකින් අවට බැලුවෙමි. ඉතිහාසය යළි  පැරනි නාටකයම අප ඉදිරියේ රඟ දක්වයි. විප්ලවවාදීන්ට පොලීසිය හා ගැටී සිය සුපුරුදු ඉරනම වන අන්ත පරාජය ලැබී තිබේ.අඩි දෙකක් පස්සට අඩියක් ඉදිරියට කියමින් නිදහස් අධ්‍යාපනයේ ගැලවුම්කාරයෝ පසු නොබලා දුවති. ඇත්තෙන්ම මේවා සංවිධානය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂ  කඩප්පුලියෝ මේවා කලින්ම බලාපොරොත්තු වෙති. ඔවුන්ට වෙන්දේසියට අවශ්‍ය ලේ ලැබී තිබේ. ඊලඟ ජවනිකාව ප්‍රව්‍රත්ති සාකච්ඡාවකි.

මේ ශිෂ්‍යයන්ට තිබෙන්නේ  සුළු ධනේශ්වර මානසිකත්වයකි. මාක්ස් කී ලෙස කම්කරු පංති විඥානයවත් ඔවුනට නැත. මෙතෙක් ශිෂ්‍ය බිලිපූජා බාර යකදුරන් ලෙස සේවය කළැ ජනතා විමුක්ති පෙරමුනේ කඩප්පුලියෝ පොඩ්ඩක් පැත්තකට වී ඇත.විශ්ව විද්‍යාලවල බලය පෙරටුගාමී කඩප්පුලියන්ට ගිය බැවිනි.

මේ කඩප්පුලියෝ කරන්නේ කිසියම් සමාජ ඇරියස් එකක් කවර් කරගැනීමට කරන ස්වයං ප්‍රදර්ශනයකි. මෙහිදී සිසුන් බිලිබෝයිලාය.

මෑතදී මා මුහුන දුන් උද්ඝෝෂන අත්දැකීම් දෙකකි. එකක් අප කෝච්චියේ යනවිට කටුනායකින් අපව නැවැත්වූ විරෝධතාකරුවන් පිරිසක් නිසා වූ අබග්ගයයි. මට මතක හැටියට ගුවන් හමුදාව පැමින මුන් පලවා හැරියහ. අනෙක නම් කොටුව දුම් රිය ස්ථානයේ පැවති සේවක උද්ඝෝෂනයයි. අපට කර කියාගන්නට දෙයක් නොවීය. සේවකයන්ගෙ මොන ප්‍රශ්න තිබුනත් අපට ගිරයට අහුවුන පුවක් ගෙඩිය වීමට බැරිය. අප කෝච්චියේ යන්නෙ මුදල් ගෙවාය. අපට කාගෙවත් ප්‍රාන ඇපකරුවන් වීමට බැරිය. ඒ අවස්ථාවේ කුලුපොලු රැගෙන ආ පොලිස් නිළදාරීන් දෙස අප බැලුවේ අපව ගලවාගැනීමට එන වීරයන් ලෙසය. ඇත්තෙන්ම අයුතු ජනරාශි පාලනය පොලීසියේ රාජකාරියයි.

මොවුන්ගේ ඉල්ලීම්ද හරිම අසාධාරන ඒවාය. සියලු කලා උපාධිධාරීන්ට රැකියා දීම ,පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම වැනි දේවල් අදට නොගැලපේ. ඇත්තෙන්ම මේ කලා උපාධිය නම් රටට බරකි. එමතු නොව බොහෝ කලා නොවන උපාධි පාඨමාලාද රැකියා ඉලක්ක කරගත් ඒවා නොවේ. මගේ එක් උපාධියක් කලා උපාධියක් බව මෙහිදී සදහන් කරමි. මට නම් එය මිටටත් මදිය.

පෞද්ගලික විශ්ව විද්‍යාල චීනයේද ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාලවල සල්ලි තියන එවුන් ඉගෙන ගත්තාවේ .සල්ලි නැති එවුන්ට සම්ප්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතිය ඇත. සියල්ල ලෝක බැංකු කුමන්ත්‍රන කියමින් අඩන විට කදුළු පිහින මෝඩයෝ අද නැත.අද ඊනියා සමාජවාදීන්ට පරමාදර්ශී කේතුමතියක් නැත. එනිසා කියන්නෙ රටට ගැලපෙන ධනවාදී ක්‍රමයක් සංශෝධන සහිතව හදුන්වා දෙන බවය. ඒ කියන්නෙ සූරාකෑමත් තියාගෙන මානව හිමිකමුත් නැති ඒකාධිපති පාලනයක් ලබා දෙන බවයි.


අතුරු ප්‍රශ්න කිහිපයක් ඇතිවේ. යහපාලන පොලීසියත් සිසුන්ට පහර දෙනවානේ අනේ කියා නැට්ටෙ ඉදන් මොළේ තියන කෙනෙකුට සිතෙන්නට පුළුවන. මෙහිදී යහපාලනයට ඡන්දය දුන් අයට පොලීසිය අපේ පොලීසිය වීමටද බැරි නැත. සාමාන්‍යයෙන් පොලීසියට අපේ පොලීසිය කියන අය මට හමුවී නැත. නමුත් හමුදාවට අපේ හමුදාව කියන අය සිටිති. හමුදාවේ අරමුණ රට රැකීම නොව රජය රැකීම බව නොදත් මුග්ධ පිරිස් රතුපස්වලදී කළ ප්‍රකාශ සිනහ වී ලේද පිරිසිදු විය.ඔවුහු කීවේ අපි බෝධිපූජා තියපු අපි ලේ දුන්න අපේ හමුදාව අපේ හමුදාව  අපට වෙඩි තිබ්බ. කොහෙද යකෝ අපට හමුදාවක්. හමුදාව කියන්නෙ මර්ධනකාරී උපකරනායක් .ඒක අයිති පාලකයන්ට.

ඊයෙ සිදුවීම ගැන සී නිව්ස් එකේ පොටෝ හෙම දාල. විමලයල රතුපස්වලදි කියපු කතා දිවයින පත්තරේ අය ලියපු ලිපි එහෙම අපට මතකයි.ජාත්‍යාන්තරය කියන්නෙ හිතන තරම් නරක දෙයක් නොවන බව සමහරු කොමෙන්ට් වලදි කියා තිබුනා.මෙයට නොදන්න මඟුල් ලස්සන කතාවක් කියයි.


// පොලිසිය කියන එක කවදාවත්, මොන ක්‍රමය යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කියන ඒවා කවදාවත්, මොනම ක්‍රමයක් යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…..බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක යාන්තම් හෙවණැල්ලක් හරි තියෙන, මානව හිමිකම් ප්‍රඥප්තීන් අත්සන් කරල තියෙන රටක මෙහෙම නම්, ඒක පාක්ෂික කම්කරු ආඥාදායකත්වයක් යටතේ පොලිසිය එක්ක පට්ටම ෆන් එකක් ගත්තෑකි….එතකොට තියෙන්නෙ පොලිසියකුත් නෙමෙයි….රතු මිලීෂියාවක්….ඒකෙන් දෙයි දෙලෝ රත් වෙන්න ආතල්…..//


බලන්න නොදන්න මඟුල් බ්ලොග් කරු එය කියා තිබෙන අපූරුව


ගැහිල්ල ගැන කියන විට සෙස්සන්ට ප්‍රචන්ඩත්වය මුදාහැරීමට මිනිසා තුල ඇති නැඹුරුව ගැන කතා නොකර බැරිය. මෙහිදී අපූරු පරීක්ෂනයක් ගැන ඔබේ අවධානය යොමු කරවමි. ඒ මිල්ග්‍රම් පරීක්ෂනයයි.  ඒ ගැන ඉකොනොමට්ටා ලියා ඇත්තේ රසවත් කතාන්දරයකි.

ඉකොනොමැට්ටා අපූරු අදහසක් ඉදිරිපත් කරයි. සහතික ඇත්තය. 

මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය! 




මෙම පරීක්ෂනය ආසියාව ,අප්‍රිකාව වැනි ලොව බොහෝ ප්‍රදේශවල සිදුකර ලැබුනේ සමාන ප්‍රතිඵලය.

විශාල පිරිසක් අනුන්ට වේදනාව දීමේදී මහත් උනන්දුවකින් ක්‍රියා කර තිබිනි. එසේනම් මෙය මිනිස් සොබාවයකි. 

තර්ක ශාස්ත්‍රයේදී මෙසේ ජනප්‍රිය තර්කාභාසයක් වෙයි.

සියළු මිනිසුන් මැරෙන සුළුය 
සොක්‍රටීස් මිනිසෙකි.
සොක්‍රටීස් මැරෙන සුලුය.

සොක්‍රටීස් නොව මෙහිදී අයික්මාන්ද මිනිසෙක්යැ‍යි නිකමට සිතමු.

අයික්මාන් යුධ අපරාධවලට වගකිව යුතුද යන ප්‍රශ්නය නියුරම්බර්ග් නඩු විභාගයේදී ඇති විය.


89 කාලයේදී අප ඕනෑතරම් අයික්මාන්ලා දුටුවෙමු. පක්ෂය උපදෙස් දුන් සැනින් ඕනෑම කෙනෙක් මරන්නට සිත හදාගත් ජවිපෙ සාමාජිකයා මෙන්ම කැරලිකරුවෙක්යැයි හැගුන පමනින් මරන්නට සූදානම් හමුදා පොලිස් සාමාජිකයාගේ මනෝ භාවයන් තේරුම් ගැනීමට මෙම මිල්ග්‍රම් පරීක්ෂනය උපකාරී වෙයි. 
අඩුගානේ බටහිර ලෝකයේ මේවා ගැන පර්යේශන  සිදුවෙයි.  අප මේවා පෙර කර්මයටම බැර කර බුදියාගනිමු.


උද්ඝෝෂනය කර ගුටි කෑ සිසුවාත් ගුටි දුන් අයත් සිටින්නේ එකම බෝට්ටුවේය. අපත් සිටින්නෙ එම බෝට්ටුවේමය. අපගේ ප්‍රධාන ගැටළුව අතෘප්තියයි.මිනිසාගේ ප්‍රධානම ගැටළුව අතෘප්තිය ලෙස මම දකිමි.

මාතලන්ගෙ බ්ලොග් එකට යාමට සිදුවන්නෙ මේ අතෘප්තිය ගැන සොයන්නය. තනමල පිපිලා ඇවිත් අසාපන් මේ වරුනේ .අපේ සමාජය බටහිර සමාජවලට වඩා අතෘප්තියෙන් පෙළෙන බව මම සිතමි.සයිබරයට කෙල්ලක් ආවොත් කොටි රැලක් මැදට හාවෙක් ආවාක් මෙනි. සියල්ලන්ටම පියවි සිහිය නැතිවෙයි. කුණුහරප ඇනෝ දමයි. හායි කියයි බායි කියයි හම්බවෙන්න පුළුවන් කොතනදිද අසයි පැනල යන්න කෙනෙක් තවම නැද්ද කියා අසයි.

මට නම් සිතෙන්නේ අපේ අතෘප්තිය එන්නෙ වික්ටෝරියානු සදාචාරය සමාග බවයි.

මාතලන්ගෙ ලිපිවල ඡේද උපුටා දැක්විය නොහැක්කේ හැම ඡේදයක්ම එක වගෙ පට්ට රහ නිසාය. එනිසා මම එම ලිපියට දැමූ කොමෙන්ටුව මෙහි පළ කරමි.


""ගෑනියෙකුගෙ මහපටඇගිල්ලෙ ඉදන් හිස් මුදුනටම යනකම්ම කාම කලාපයක්. ඇත්තෙන්ම ගෑනියෙකුගෙ මුළු ඇගම ලිංගයක්. ඒකෙ තනේට විතරක් විශේෂත්වයක් දෙන්න බෑ .
ඉස්සර ගෑනු ඔක්කොම එලියෙ දාගෙන හිටිය හින්ද කාටවත් ඕකෙ ගානක් නෑ. දැන් ගෑනුන්ව මහානර්ඝ වස්තුවක් වගෙ රෙදි වලින් ඔතන හින්දයි මේ ඔක්කොම අවුල.
ඕව බලන්න ගිහින් බෙල්ල උළුක් කරගන්න වෙන්නෙ ඔය වැහිල්ල හින්දනෙ.
ඕව එලියෙ දාල සතියක් යනකොට දැකලම එපා වෙනව. 
තන් ගැන කියනවනම් බ්‍රා එකෙන් හිර කරල තද කරල හැට්ටෙන් වහල සාරියෙන් හරි තව මොකකින්හරි වහල ලොකුවට ලස්සනට පේනව .
හැබැයි ඕක එලියෙ දැම්මහම වැටකොළු පතෝල වගෙ එහෙට මෙහෙට වැනෙනව . ලස්සන තන්ගෙඩි නැතිවා නෙමේ. ඒවගෙ සුන්දරත්වය ක් තිබුනත් වැටකොලුම දැකල කොල්ලනට සසරකලකිරිල නිසා ඒව දැක්කත් මෝල් වෙන්නෙ නෑ.
ගෝ ටොප් ලස් ලගෙ කැම්පේන් එක බලපල්ල. එපා වෙනව බන්.""


ජුලියස් සීසර් නාට්‍යයේ සීසර් කැසියස් පෙන්වා මෙසේ කියයි. මා වටා තෘප්තිමත් තරබාරු මිනිසුන් සිටුවව. තෙල කැසියස් කෙරෙන් පෙනෙනුයේ බඩගිනි පෙනුමකි.

උද්ඝෝෂකයන් , නිතර විප්ලව ගැන කතා කරන්නන් , සාධාරන සමාජ පතන්නන් සිටින්නේ බඩගින්නේය. ඔවුන්ගේ මානසික බඩගින්නට හේතු සොයා පිලියම් යෙදිය යුතුය. කාල බීල බඩුවක් ගහල ෆුල් ෆන් එකේ ඉන්න එවුන් පොලීසිවලින් ගුටිකා ඇගතලා ගන්නට කැමති නැත.ක්‍රීඩාවක් ලෙස සටන් කිරීම වෙනම දෙයකි. කැම්ප්ස් එකෙන් පිට වුන හැටියෙ ධනපති සමාගම් වලට ඇප්ලිකේශන් දාන මුන් ( ඒකත් බැරි එවුන් රජයේ රැකියාම පතති. ) ගෙ මොන සමාජවාදෙද . ශිෂ්‍යයන්ට ඕන කාල බීල ඉන්න පොදු හැගීම නෙමෙයි. නිදහස් අධ්‍යාපනය අවශ්‍යයි නමුත් මේ කියන්නෙ අපට පන්තිය මාරුකරගන්න නිදහස් අධ්‍යාපනය රැක දීපියවු කියන එකනෙ.




කැම්පස් ලගින් බඩුපොට්  දෙකතුනක් දැම්මනම් විප්ලව කොහෙන් ගියාද නෑ.





32 comments:

  1. මට දවසක් සෙට් වුනා පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහිව ඡනතාව දැනුවත් කර අත්පත්‍රකා බෙදාහරින උගත් බුද්ධිමත් මොකක්හෝ දේශපාලන පක්ෂයකට අයත් පිරිසක්..
    “අම්මේ..තාත්තේ..අයියේ..අක්කේ..නංගි..මල්ලි..පුංචි අම්මේ බාප්පේ නැන්දේ මාමේ සියේ ආච්චියේ ..අපි මේ පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වන්නේ ඔබගේ දරැවාගේ අනාගතය වෙනුවෙන්“

    “සමාවෙන්න..අයියන්ඩි දන්නෙ නැති හින්දා අහන්නේ..ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වෙන්නෙ ඇයි රටේ විශ්වවිද්‍යල බිහිවෙනවා කියන්නෙ හොද දෙයක්නේ?“

    “අම්මේ..තාත්තේ..අයියේ..අක්කේ..නංගි..මල්ලි..පුංචි අම්මේ බාප්පේ නැන්දේ මාමේ සියේ ආච්චියේ ..අපි මේ පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වන්නේ ඔබගේ දරැවාගේ අනාගතය වෙනුවෙන්“

    “ඉතිං ඒ වුනාට ගොඩක් රටවල පෞද්ගලික විශ්ව විද්‍යල තියනවනේ“

    “අම්මේ..තාත්තේ..අයියේ..අක්කේ..නංගි..මල්ලි..පුංචි අම්මේ බාප්පේ නැන්දේ මාමේ සියේ ආච්චියේ ..අපි මේ පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වන්නේ ඔබගේ දරැවාගේ අනාගතය වෙනුවෙන්“

    “ඉතිං..පිටරටට යන සල්ලි අපේ රටේ ඉතිරි වෙනවානේ“

    “අම්මේ..තාත්තේ..අයියේ..අක්කේ..නංගි..මල්ලි..පුංචි අම්මේ බාප්පේ නැන්දේ මාමේ සියේ ආච්චියේ ..අපි මේ පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වන්නේ ඔබගේ දරැවාගේ අනාගතය වෙනුවෙන්“

    “ඉතිං..ඔයාලට පුලුවන්නෙ මේකට සම්පුර්නයෙන්ම විරැද්ද වෙන්නෙ නැතුව මේක හරි විදිහට කෙරෙන ක්‍රමයක් ගැන යෝඡනා කරන්න“

    “අම්මේ..තාත්තේ..අයියේ..අක්කේ..නංගි..මල්ලි..පුංචි අම්මේ බාප්පේ නැන්දේ මාමේ සියේ ආච්චියේ ..අපි මේ පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වන්නේ ඔබගේ දරැවාගේ අනාගතය වෙනුවෙන්“

    “ඉතිං..පෞද්ගලික විශ්ව විදා්්‍යයලයක් ලංකාවේ තියනවානම..මට පොඩි මෙන්ඩා රට යවන්න ඔනේත් නෑ..ලොකු වියදමක් යන්නෙත් නෑ..ඇයි මේකට විරැද්ද වෙන්න ඔනේ?“

    “අම්මේ..තාත්තේ..අයියේ..අක්කේ..නංගි..මල්ලි..පුංචි අම්මේ බාප්පේ නැන්දේ මාමේ සියේ ආච්චියේ ..අපි මේ පෞද්ගලික විශ්ව විද්‍යලවලට එරෙහි වන්නේ ඔබගේ දරැවාගේ අනාගතය වෙනුවෙන්“

    ReplyDelete
    Replies
    1. ඕක වරහනක් දාල එලියට ගත්තනම් ලේසියිනෙ බං

      Delete
    2. අනේ මෝඩ හුත්තෝ..........
      සවුක්කිය සේව පවුද්ගලිකරනය කලා..............දෑන් ඉස්පිරිතාලවල බෙහෙත් නෑ තුන්ඩු තියනවා..........
      ප්‍රවාහනේ පර්යිවට් කලා CTB බසුත්නෑ පර්යිවට් බසුත් නෑ තිබ්බත් මනුස්සයෙක්ට නම් යන්නත් බෑ..........
      ප්‍රාතමීක ද්විතීයක අද්‍යාපනේ ඉන්ටර්නෑශනල් කරා..... අම්මලා තාත්තලා ඉස්කෝලවල තින්ත ගාන්න විතරක් නෙවෙයි,
      ළමයින්ගේ අම්මලාට ප්‍රන්සිපල් ඵක්ක බුදියන්නත් සිද්ද උනා............
      උසස් අද්‍යාපනේ ඉතුරු ටික ප්‍රයිවට් කලොත්.............................................................මම කියන්න ඔනනෑනේ යන කල දසාව

      යකෝ අද්‍යාපනය කියන්නේ අයිතියක් කෙළිබඩුවක් නෙවෙයි
      ලoකාව වගේ තුන්වෙනි ලෝකේ රටක ඔක විකුනන්න ගත්තොත් ඔකට හෙන ගෑහෙනවා මිසක් දියුනු වෙන්නේ නෑ......

      උබලා වගේ පුකෙන් හිතන ගොබ්බයො නිසා තමයි බන් ලකාවට කෙලවෙලා ජනතාව බලු වෙලා තියෙන්නේ.............
      නම ඵලද බා............ටෝක් ඵක උම්බෑ............

      මේ ටික කිව්වේ උබත් ඵක්ක තරහට නෙවෙයි මචන්.......උබලගේ චින්දනයේ දුගීබව පෙන්නන්න තමයි ඉතින්..........

      Delete
    3. ඔ..යෙස් මචං..මම උඔත් එක්ක තරහා නෑ
      මම ලොකු දැන උගත් පොරක් නෙමෙයි..හැබැයි මට දැනෙන දේ ප්‍රශ්න කරන්න පුලුවන් නේද? එතකොට එයාලාගේ යුතුකම නේද මට ඒදේ පැහැදිලි කරලා දෙන එක..උඔ (සමාවෙයන්) වුනත් කරේ මට දෙයක් පැහැදිලි කරලා දෙන එක හැබැයි ඔයා පාවිච්චි කරලා තියන සමහර වචන තමයි අවුල..
      මම සුද්දියන්ට ඡංගි මහන ඒකා.. රටේ ලෝකේ ගැන මේ තරම් හර දැනුමක් ලැබුවේ බ්ලොග් නිසා මම ඒකට හැමදාමත් ණයගැතියි..
      මගේ රස්සාව ඇතුලේ මම එල ද බ්‍රා..ඒ ඇයි කියලා මගේ පරන කමෙන්ට් වල කියලා තියනවා..
      එල ද බ්‍රා

      Delete
    4. මෙන්ඩා
      තමන්ගේ කාලය නිකරුනේ අරගල වලට කා දමන උගතුන්ට වඩා උඹ මේ රටට ශ්‍රම දායකත්වයක් සපයනවා....

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. AnonymousOctober 29, 2015 at 11:16 PM

      //අනේ මෝඩ හුත්තෝ.......... : අතිශය ග්‍රාම්‍යයි. ඔබතුමා මීට වඩා සිවිලයිස් විය යුතුයි

      //සවුක්කිය සේව පවුද්ගලිකරනය කලා..............දෑන් ඉස්පිරිතාලවල බෙහෙත් නෑ තුන්ඩු තියනවා........
      මහරගම පිළිකා රෝහල , සෙලින්කෝ කැන්සර් හොස්පිටල් මෙන්ම ඔඇසිස් වැනි පෞද්ගලික පිළිකා ප්‍රතිකාර කරන රෝහල් අතර වෙනස දන්නවාද? මහරගම යන විකිරණ චිකිත්සාව අවැසි ලෙඩුන් පොරොත්තු ලේඛනයේ ඉන්නා අතර රසායන චිකිත්සාව අවැසි මට්ටමේ ලෙඩුන්ට විකිරණ ප්‍රතිකාර ලබා දෙනවා. බේරා ගැනීමට නොහැකි මට්ටමේ ලෙඩුන්ට රසායන චිකිත්සාව ලබා දෙනවා. මෙය රෝහලේ වැරද්දවත්, දොස්තරගේ වැරද්දවත් නෙවෙයි. ඒ තමා පොරොත්තු ලේඛනයේ ස්වභාවය. අනෙක් අතට මුලින් කියූ පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම සැලසෙනවා. සාමාන්යෙන් මෙයට වැයවෙන්නේ ලක්ෂ 4-8 ක් අතර මුදලක්. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක්ට ඔය කියන මුදල සොයා ගැනීම ඉතා අපහසු නැහැ. එලෙස හැකි අය පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමුවීමෙන්
      1. රෝගියාගේ ජිවිත අවධානම අඩුවෙනවා
      2. රජයේ මුදල් ඉතිරි වෙනවා
      3. අසරණ රෝගියෙකුට මහරගම පොරොත්තු ලේඛනයේ ඉහලට යාමට අවස්තාවක් ලැබෙනවා
      මේ පුද්ගලික රෝහල් වල එක හොඳ පැත්තක් විතරයි.

      //ප්‍රවාහනේ පර්යිවට් කලා CTB බසුත්නෑ පර්යිවට් බසුත් නෑ තිබ්බත් මනුස්සයෙක්ට නම් යන්නත් බෑ.......
      CTB බස් ඉතා හොඳ තත්වයේ තියෙනවා. ඒවායේ මිනිස්සු ත් යනවා. ප්‍රයිවට් බස් මාෆියාවක් ඇතිවී ඇත්තේ මේ ක්‍රමයේ වැරැද්ද නිසා මිස ප්‍රවාහනය පෞද්ගලිකරණය කල නිසා නෙවෙයි

      //ප්‍රාතමීක ද්විතීයක අද්‍යාපනේ ඉන්ටර්නෑශනල් කරා..... අම්මලා තාත්තලා ඉස්කෝලවල තින්ත ගාන්න විතරක් නෙවෙයි,
      ළමයින්ගේ අම්මලාට ප්‍රන්සිපල් ඵක්ක බුදියන්නත් සිද්ද උනා............
      අධ්‍යාපනේ international කළා කියල දෙයක් කළේ නැහැ. උනේ පෞද්ගලික අද්යාපන ආයතන ඇතිවීමයි. දරුවන්ට ඉංග්‍රීසියෙන් උගන්නන්න කැමති මවුපියන් ළමයින්ව පෞද්ගලික පාසල් වලට දැම්ම. ප්‍රින්සිපල් එක්ක බුදියපු කතාව මිට කොච්චර අදාලද කියල පැහැදිලි නැහැ. ඒකයි පෞද්ගලික පාසලුයි අතරේ සම්බන්ධයක් තියෙනවද?

      //උසස් අද්‍යාපනේ ඉතුරු ටික ප්‍රයිවට් කලොත්.............................................................මම කියන්න ඔනනෑනේ යන කල දසාව
      ඔය කියන කලදසාව දැනටත් රජයේ විශ්වවිද්‍යාල සමහරෙක තියෙනවා. විබාග පාස් කරන්න , වැඩි ලකුණු ගන්න වෙන දේවල් තාමත් නොදන්නවා නම් දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්න. පෞද්ගලික විශ්ව විද්යාල ගත්තොත් ඒවායේ සල්ලි දුන්න පලියට උපාධි සහතිකේ දික් කරන්නේ නැහැ. ඒ ළමයිනුත් අවුරුදු හතරක් මහන්සි වෙලා තමයි ඕක ගන්නේ. රජයේ විශ්වවිද්‍යාල වල ළමයි පෙළපාලි යනකොට අර ළමයි අර්ධකාලීන රස්සා කරනවා බහුතරය. ඒ ළමයි බොහොම දෙනෙක් මුල් අවුරුදු දෙකෙන් පස්සේ තමුන්ගේ පාටමාලවට අවශ්‍ය සල්ලි හොයා ගන්නවා තමුන්ම. ඒ කියන්නේ ලක්ෂ දහය පහලව වගේ වෙන පාටමාලා. සයිටම් එකේ එහෙම කියක් ගන්නවද කියල දන්නේ නැහැ. ඒත් එතනත් කවුරුත් අධ්‍යාපනය සෙල්ලම් පබුවක් කරගෙන නම් නෑ කියල දන්නවා. හැමෝම කරන්නේ ඉගෙන ගන්න එක. පිටරට ගිහින් වෙද්‍ය උපාධිය අරන් ආවත් ලංකාවේ විබාගයක් පාස් වෙන්න ඕනේ ලංකාවේ සුදුකම් ලත් වෙද්‍යවරයෙක් වෙන්න.

      Delete
    7. ගොඩක් උගත් අයගේ පණ්ඩිත කතාවලට වඩා ප්‍රායෝගික සත්‍යය E de BM ගේ මුල් කමෙන්ට් එකේ ඇත. 100 % එකඟයි

      //ප්‍රාතමීක ද්විතීයක අද්‍යාපනේ ඉන්ටර්නෑශනල් කරා..... අම්මලා තාත්තලා ඉස්කෝලවල තින්ත ගාන්න විතරක් නෙවෙයි,
      ළමයින්ගේ අම්මලාට ප්‍රන්සිපල් ඵක්ක බුදියන්නත් සිද්ද උනා...........//

      .එහෙම බුදියගන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ඉස්කෝලවලට ලමයි දා ගැනීමට හා ආණ්ඩුවේ ඉස්කෝලවල ක්‍රිකට් රගර් ටීම්වලට ලමයි දා ගැනීමට මිස ඉන්ටර්නැෂනල් ඒවාගේ නොවෙ.

      ඉන්ටර්නැෂනල් හා ප්‍රයිවට් ඉස්කෝල නොතිබුනානම් ආණ්ඩුවේ ඒවාවල තරඟකාරීත්වය හා දූෂණය මීටත් වැඩිවෙයි

      Delete
    8. ඇනෝ මට බැන්න නිසා මේ වැටුන කමෙන්ට් වලින් ලොකු සංවාදයක් ගොඩ නැගිලා..මෙන්න මේක නිසායි මම අහන්නේ ඇයි එයාලට බැරැවුනේ මගේ ඔලුවට එයාලාගේ මතය දෙන්න..එයාලට ඒක ලේසියෙන් කරන්න තිබුනා ඇයි බං මම මෝඩ හුත්තෙක්නේ...
      මම නොදන්න දේවල් ගැන කවදාවත් ලොකු ටොක් පඩ ෂෝ දාලා නෑ..හැබැයි උඔලා කියන කරැනු කියවලා ඉගෙන ගෙන අවධාරනය කරගෙන මට වඩා ඒ ගැන දැනුම අඩු කෙනෙක්/ කට්ටියක් ඉන්න තැනකදි එලියට දානවා...
      ඒ වෙලාවට අපේ සමහර එවුන් කියනවා..
      “මුගේ ගෙදර ටිවි රෝඩියෝ ඉන්ටර්නේට් මුකුත් නෑලු...බැලුවොත් වැඩි කාලයක් ඉන්නෙත් පැක්ට්‍රි එකේ..ඒ වුනාට මු දන්න දේවල්..“ කියලා..

      Delete
    9. @Pra jay


      අන්න හරි මට ඔන කරන තෑනට ඔයා ආවා.

      නිදහස් අද්‍යාපනය ගෑන ඔනම රටක ඔනම පක්ශයක පාලකයෙක් හරි බයෙන් නේ ඉන්නේ.
      මොකද ඵයාලාට අන්දන්න බෑරි, දෑනුවත් මිනිස්සු බිහිකරන්නේ අද්‍යාපනයෙන්.
      ඵ් නිසා ඵයාලා හරි කෑමතී ඵක දුර්වල වෙනවට.ඵහෙන නෑත්නම් තමුන්ට තර්ජනයක් නෑති තමුන්ට හිතවත් තමුන්ගේ පන්තියට විතරක් ඵක අයිති වෙනවට.
      රටේ නිදහස් අද්‍යාපනය දිගටම තිබ්බොත් කොල්ලො කෙල්ලො සෑහෙන පිරිසක් ඔකෙන් ඔලුව උස්සනවා.......පාලකයන්ට මේ පිරිස අන්දන්න බෑ.

      හෑබෑයි ඉස්සර වගේ කපලා කොටලා පුච්චලා අද්‍යාපනය විනාශ කරන්නේ නෑ ඵයාලා.
      ඵයාලේඅ නිදහ්ස් අද්‍යාපනය විනාශ කරන්නේ ජනතාවගේ අනුමෑතිය ඈතිව.
      ඵ් කොහොමද?ජනතාව කෑමෑත්ත දෙයිද නිදහස් අද්‍යාපනය විනාශ කරන්න?

      ඔවු දෙනවා!
      ඵ් ඈයි?කොහොමද?

      ජනතාව කියන කට්ටිය හරි බුද්දිමත් නේ.පහුගිය චන්ද වලින් ඵක හොදට පෙනුන නේ.

      ඵ්කට දානවා හොද මාකර්ටින් පාරක්.
      ප්‍රයිවට් අද්‍යාපනය ගෙනාපුගමන් ඵක හරි ලස්සනයි පොශ් ලොකුයි.
      යකෝ ගමෙ බණ්ඩයියගේ කොල්ලට සිරියාවතී අක්කගේ කෙල්ලට ඔන ඔන විදියට ඔනම ඩිග්‍රියක් ගන්න පුලුවන්නේ මේකෙන් කියලා හිතෙන විදියට පබ්ලිසිටිය දෙනවා ෆුල් මාවලස් වෙන්න.
      හෑබෑයි පාලකයො හීන් සෑරේ ප්‍රයිවට් අද්‍යපනයට දෙන ඉඩ ප්‍රසාරනය කරන ගමන් හීන් සෑරේ රජ්‍ය අද්‍යාපනය මරණවා,ප්‍රතිපාදන කපනවා විබාග අවුල් කරවනවා ඵ් ගෑන තියන විශ්වාසය බිදවට්ටනවා.

      Delete
    10. ඵතකොට යමක්කමක් තියන ඵකාට ඉතුරු වෙන විකල්පය ප්‍රයිවට් කඩයකට තමුන්ගේ ලමයා දෑ ගෑනීම.
      ඵ් දාගත්තත් ඌට දරන්න පුලුවන් මූලික අද්‍යාපනය සදහ යන මිල විතරයි.ලක්ශ ගන්න් දීලා ඩිග්‍රි ගන්න බෑ.දක්ශතාවය පෙන්නලා නොමිලේ ඉගනගන්න අවස්තාවකුත් නෑ.
      උ මොකක් හරි ටෙක්නිකල් කෝස් ඵකක් කරලා යන්වා කොම්පෑනියක කබුරන්න.ඵතකොට මොලෝ මොලයක් නෑති සල්ලිකාරයාගේ පුතාගේ තත්වේ මොකක්ද?
      ඌට පුලුවන් සල්ලි බලෙන් රටේ ඌන ඩිග්‍රි ඵක්ක් සල්ලි වලට ගන්න.
      අන්තිමට බෑද පන්තියෙ ඵකා ඵම්ප්ලොයර් කියන තෑනින් නවතිනවා සල්ලි නෑති නිසා.
      නූගත් සල්ලි කාරය ඉස්සරහටම් යනවා.ඌ අරුගෙ බොස් වෙනවා.
      ඔන්න සමානාත්මතාවය...

      හරි ඵ් මෑද පන්තියෙ ඵකානේ.
      ඵතකොට නෑති බෑරි සමාජයේ පහලම පන්තියේ තත්වය මොකක් වෙයිද?
      උන්ට බෑ තමුගෙ ලමයින්ව ඉහල මට්ටමක් පවත්වාගෙන යන අද්‍යාපන කඩ වලට දාන්න.මොකද අපේ රටේ ජනතාවගෙන් 35%ක විතර දවසක අදායම ඩොලර් දෙකටත් අඩුයි.කන්න වත් නෑතිකොට ඔන ඉන්ටර්නෑශනල් ඉස්කූල්ද අයිබෝව0?
      ඵහෙමයි කියල බෑනේ උන්ගේ දරුවන්ටත් උගන්නන්න ඵපෑයි.උන්ට අන්තීමට ඉතුරුවෙන්නේ ගුරුවරු නෑති විද්‍යාගාර නෑති ඩෙස් බකු නෑති කොටින්මෑ වෑසිකිලි නෑති මරාදමන ලද නමට රජයේ ඉස්කෝල කියන ඵව්ව විතරයි.ඉතින් අපේ රටේ බහුතරයක් වන නෑති බෑරි ගමේ මිනිහා යනවා ඔතනට
      ඉතින් ඔවා වල ඉන්නවා දූශිත පාලකයන්ට කඩේ යන දේසපාලන පත්වීම් ලබපු ප්‍රින්සිපල්ලා කියන කට්ටිය.
      ඵයාලා ගුරා හිටගෙන කරන දේ දුවදුවා කරන්න පටන්ගන්නව.
      ඔය නමට ඉස්කෝලෙටත් ලමයව දාගන්න නම් දුප්පත් අම්මලා ඵයාලත් ඵක්ක නිදාගන්න ඔන කියනවා.නෑත්නම් ලමයගේ නම කපනවා කියනව.
      ඈමතිතුමා ප්‍රින්සිපල්ගේ පෑත්තේ පොලීසිය ඵ් පෑත්තේ නිලදාරියෝ ඵ් පෑත්තේ...අහින්සක අම්මා විතරක් අනිත්පෑත්තෙ.
      ඉතින් මේ දුප්පත් අම්මට ඔය මාෆියාවත් ඵක්ක හෑප්පෙන්න බෑ.....තමුන්ගේ දරුවාව ඉස්කෝලෙට දාගන්නත් ඔන.
      ඉතින් සමාජ ක්‍රමය විසි අසරණ කරනලද අහින්සක දුප්පත් අම්මාට වෙනවා ප්‍රින්සිපල් ඵක්ක නිදිවදින්න.

      Delete
    11. මේ ක්‍රමය තුලින් පාලකයන්ට පුලුවන් උගත් අද්‍යාපනයක් තියන අනාගත පරපුරක් බිහිවෙන ඵක වලක්වන්න.බත් පෑකට් ඵකට අරක්කු බෝතලේට තමුන්ගේ පස්සෙන් ඵන කාලකන්නි ටිකක් බිහිකරගන්න.
      ඵ් වගේම අද්‍යාපනය සහ දෑනුවත්බාවය තමුන්ගේ ලමයින්ට විතරයි, කියන ඵයාලාගේ කුහක අරමුන ඉටුකරගන්නත් පුලුවන්.
      ඵ් වගේම අද්‍යාපනය විකුනලා අමතර ආදායම් මාර්ගයක් කරගන්නත් පුලුවන්.
      ඊට අමතරව අද්‍යාපනය සීමා කිරීම තුලින් පිඩිත පන්තියෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඵ් කියන්නේ පගා ගහන්න ළමයින්ගේ අම්මලා ඵක්ක නිදාගන්න මේ හෑම පහත් වෑඩක්ම සිද්දකරගන්න පුලුවන්.

      කල්පනා කාලා බලන්න ප්‍රායෝගිකව සිද්දවෙන්නේ මේක නෙවෙයිද?

      ටිකක් හිතන්න කන්නගර මහත්මයා ගෙනාපු නිදහස් අද්‍යාපනය නිසා මේ ජරාවෑඩ සිද්ද උනේ නෑ.
      හෑමෝටම සම්න අවස්තා ලෑබුනා.ගමේ ලමයි රටේ ඉහලම තෑන්වලට ආවා.

      ඵ්ත් දෑන් කොතනටද මෙයාලා රට තල්ලු කරන්නේ????හද පෙන්නලා අහවල් වෑඩේ කරන්න නෙවෙයිද ලෑස්ති වෙන්නේ?

      Delete
    12. @ Rotiya Baba

      //මහරගම පිළිකා රෝහල , සෙලින්කෝ කැන්සර් හොස්පිටල් මෙන්ම ඔඇසිස් වැනි පෞද්ගලික පිළිකා ප්‍රතිකාර කරන රෝහල් අතර වෙනස දන්නවාද? මහරගම යන විකිරණ චිකිත්සාව අවැසි ලෙඩුන් පොරොත්තු ලේඛනයේ ඉන්නා අතර රසායන චිකිත්සාව අවැසි මට්ටමේ ලෙඩුන්ට විකිරණ ප්‍රතිකාර ලබා දෙනවා. බේරා ගැනීමට නොහැකි මට්ටමේ ලෙඩුන්ට රසායන චිකිත්සාව ලබා දෙනවා//



      ඔයාගේ මෝඩ ප්‍රශ්න පත්තරේ නම් හරිම ෆන් නේ.

      ඔයා ඔයාට වාසිදායක හරිම සoවේදී තෑනකින් පටන්ගත්තනේ.පවුද්ගලීක රෝහල් සහ පිලිකා රෝගීන්.
      හරි අවුලක් නෑ මමත් ඵතනින්ම පටන්ගන්නම්කෝ.

      ලoකාව කියන්නේ කෝටි 2ක ජනගහනයක් ඉන්න රටක්.
      හොද ආහාර සoස්කෘතියක් තියන ස්ව්‍යපෝශිතව හිටපු රටක්.
      මේ වගේ රටක පිලිකා රෝගීන් වෑඩිවීම ගෑන අපි ලෑජ්ජ වෙන්න ඔන.
      අපේ රටේ පිලිකා රෝගීන් වකුගඩු රෝගීන් වෑඩිවෙලා තියන හේතුව මොකක්ද කියලා ඔයා දන්නවාද?

      ඔයා මහලොකුවට උඩදාන පවුද්ගලීක අoශයේ කෙරුවාව තමයි.

      CICකාක්කා තමුන්ගේ වාසියට කිලෝග්‍රාමයකට කෑඩියම් මිලිගෑර්ම්28ක් තියන විස පිරුනු පොහොර තමා ගෙන්වලා තියෙන්නේ.අනුමත ප්‍රමානය කිලෝග්‍රෑමයකට මිලිගෑර්ම් 5ක් පමනයි.
      තමුන්ගේ වාසියට විස විකුනන පවුද්ගලීක් අශේ කාක්කෝ නිසා තමා මේ රටේ පිලිකා රෝගීන් වකුගඩු රෝගීන් වෑඩි වුනේ.
      ආන්ඩුවේ කටවල් වල උන්ගේ සල්ලි හිරවෙලා තියෙන්නේ.ඒක මහා මාෆියාවක්.
      ඵ් නිසා මහත්තයෝ ඔය පවුද්ගලීක බයිලාව අපිට ගහන්න ඵන්න ඵපා.

      ලoකව වගේ පොඩි රටක තවමත් මහාලොකු පිලිකා රෝගීන් ගනනක් නෑ.ඉන්න ටිකදෙනාටත් රජයේ රෝහලින් බෙහෙත් ගන්න දෙන්න බෑරිවීම ගෑන අපි රටක් විදියට ලෑජ්ජ වෙන්න ඔන.

      ඔයා දන්නවාද පිලිකා රෝගියෙක්ට ගහන සාමාන්‍ය ඉන්ජෙක්ශන් ඵකක් රු.30 000 - 45 000 ක් විතර වෙනවා.
      මේවා හත අට සමහරුන්ට ගහන්න ඔන.
      අපේ රටේ රජයේ රෝහල් ක්‍රමය නොතිබුනානම් පවුද්ගලික රෝහල් පමනක් තිබුනා නම් මේ එනකොට දුප්පත් මිනිස්සු කීයක් මෑරිලා ඉදී ද?

      අනික ඔය බෙහෙත් ගනන් ඈයි ඔච්චර?
      පවුද්ගලීක වි‍යවසායට මුවා වුනු බහුජාතික සමාගම් විසින් බෙහෙත් ජාවාරමක් පවත්වාගෙන යන නිසා නෙවෙයිද?
      ඔයා දන්නවාද? ලෝකයේ ආයුද ජාවාරමටත් වඩා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමටත් වඩා ප්‍රබල ලෝකයේ අoක ඵකේ ජාවාරම මොකක්ද?ඵ් තම බෙහෙත් ජාවාරම.
      මේවා කරන්නේ අපිද?නෑත්නම් ඔයාගේ මහාලොකු පවුද්ගලීක සවුක්කිය කොම්පෑනිද?
      ඔයා දන්නවාද පිරිවෑය සත කිහිපයක් වෙන බෙහෙත් පෙත්තක් ඩොලර් සිය ගනන් වලට මිල නියම කර අසරන රෝගීන් ගසාකන්නත් දුප්පත් මිනිසු බෙහෙත් නෑතිව මරවන්නත් වෑඩකරන බෙහෙත් ජාවාරම ගෑන අපි දන්නේ නෑ කියලා හිතුවද?
      ඔය පවුද්ගලික බහුජාතික බෙහෙත් ජාවාරමුන් විසින් මරාදමන ලද ''දොස්තර සේනක බිබිලේ'' මහත්තයාව ඔයාට අමතකද?
      ඔවා තම පවුද්ගලීක සවුක්කිය කෙරුවවේ හපන්කම්.

      කුඩු විකුනලා වෙසක් ඵකට පොසොන් ඵකට දන්සල් දේන කුඩු මුදලාලි ල වගේ තමයි හලෝ ඔය පවුද්ගලික සවුක්කිය ජාවාරම.
      ඔයාගේ සුරන්ගනා කතා කියන්න කොන්ඩෙ බෑදපු චීන්නුන්ට !

      හලෝ රටේ පාලකයන්ට මහබෑoකු වචාව කරපු සල්ලිවලින් පිලිකා රෝහල් කීයක් හදන්න තිබුනද?
      ඈයි ඵ්වා කරන්නෙ නෑත්තේ?
      පවුද්ගලික රෝහල් වලින් සල්ලි දෙන නිස නෙවෙයිද?

      ලෝකේ ඩෙoගු වදකරපු ඵකම රට කියුබාව.
      කියුබාව අපිට BTI බෑක්ටීරියාව නිකන් දුන්නා.
      ඈයි අපේ රටේ පාලකයො BTI ගෑහෑව්වේ නෑත්තේ????
      මදුරු කොයිල් කොම්පෑනි වලින් සල්ලි ගත්ත නිසාකියලා කවුරුත් දන්නවා.

      හොදාම දේ මේකයි රටේ ජනාදිපතිම (මයිත්තිරීපාල මහතා ) කිව්වා ඵ්යා ජාතික අවුශද ප්‍රතිපත්තියක් හදනකොට පවුද්ගලික බෙහෙත් සමාගම් වලින් බලපෑම් තිබුනා කියලා.
      ඔය මෙහෙත් කොම්පෑනිසහ ඉස්පිරිතාල ටික තම අවුද්ගලික සවුක්කිය ක්ශේත්‍රය රන් කරන්නේ.
      කොහොමද වෑඩ නේද ලොක්කා.
      මෙන්න මාෆියා.
      වෙලේ සුදා කෑලේ නේද?

      Delete
    13. @ Rotiya Baba

      //පෞද්ගලික විශ්ව විද්යාල ගත්තොත් ඒවායේ සල්ලි දුන්න පලියට උපාධි සහතිකේ දික් කරන්නේ නැහැ. ඒ ළමයිනුත් අවුරුදු හතරක් මහන්සි වෙලා තමයි ඕක ගන්නේ. රජයේ විශ්වවිද්‍යාල වල ළමයි පෙළපාලි යනකොට අර ළමයි අර්ධකාලීන රස්සා කරනවා බහුතරය. ඒ ළමයි බොහොම දෙනෙක් මුල් අවුරුදු දෙකෙන් පස්සේ තමුන්ගේ පාටමාලවට අවශ්‍ය සල්ලි හොයා ගන්නවා තමුන්ම. ඒ කියන්නේ ලක්ෂ දහය පහලව වගේ වෙන පාටමාලා//

      අනේ හුකේ මේවා නම් ඉල ඈදෙන මාරාන්තික විහිලු.
      ප්‍රයිවට් යුනිවල ගොඩක් ඵක්සෑම් යන්නේ ඵසයින්මන්ට්වයි.
      සමහර ඵ්වා වල 40%ක් සමහර ඵ්වා වල 100%ක්.
      මුන් මේ ඵසයින්මන්ට් ලියාගන්නේ සල්ලි වලට. පනස්දහක් ලක්ශයක් දුන්නම සල්ලිවලට ඵසයින්මන්ට් ලියලා දෙනවා.මුන් ඵ්වා දීලා පාස් වෙනවාමේක තමා ජාවාරම.
      මේක හරිම පහත් විදියට ලoකාවේ.ඩිග්‍රි කඩවල සිද්දවෙන්නේ..පිට රටවල ඵහෙම නෑ.මේක උගත්කමටත් කරන නිගාවක්.
      ඔවාට ඩිග්‍රි කියනවානම් ඉතින්............

      ලoකාවේ පාටිටයිම් ජොබ් කරනගමන් ප්‍රයිවට් යුනි වලින් ඩිග්‍රි ගන්න උන් ඉන්නවාද බන්?මෙහේ ඉන්නේ රෑට ක්ලබ් බෑහෑලා ටෑබා දානගමන් දවල්ට තාත්තලාගේ සල්ලිවලින් ඩිග්‍රි ගන්න උන්නේ.

      හෑබෑයි රාජ්‍ය විශ්වවිද්‍යාලවල උන් නම් සිමෙන්ති අනලා සල්ලි හොයාගන්න බව මම දන්නවා.

      ලකාවේ උසස් අද්‍යාපනය ලබන ලමයෙක්ට තමුන්ගේ ආත්ම ගවුරවය තියාගෙන පාටිටයිම් රෑකියාව කරන පුලුවන් ක්‍රමවේදයක් පාලකයන් නිර්මානය කරලා දීලා හියනවාද?පිට රට නම් ලමයින්ට ප් පිලිබද අවශ්‍ය නීත් සහ පහසුකම් හදලා දීලා ටියනවා.(ඵ්ව නේද පාලකයන්ගේ යුතුකම් ? )
      ලoකාවේ ඵහෙම ක්‍රමයක් නෑ.
      මෙහේ තියෙන්නේ කොල්ලන්ට සිමින්ති අනන්නයි කෙල්ලන්ට මසාජ් සෙන්ටර් වල ඈට මිරිකන්නයි සිද්දවෙන කාලකන්නි ක්‍රමයක්.
      අනේ උඹයි මමයි දන්න පාටිටයිම් ජොබ්.
      කී බෝඩ් ලෝකෙන් ඵලියට ඈවිල්ලා පොඩ්ඩක් මහපාරට බෑහෑලා බලපන්කෝ රටේ තත්වය.

      මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ.උන්ට පර්යිවට් ඩිග්‍රි ගන්න තියා ඵදා වේල කන්න වත් නෑ.
      මේ මිනිස්සුන්ට තියන ඵකම බලා පොරොත්තුව දරුවන්ගේ අද්‍යාපනය.
      මේ රටේ 90%ක් ඵක ගන්නේ නිදහස් අඩ්‍යාපනයට පින්සිද්දවෙන්නයි.
      ඵ්කටත් කෙලේව්වොත්..................ලoකාවට බඩුම තමා.

      Delete
    14. @ Rotiya baba

      අනික මේක ගොඩක් බලපාන්නේ රෑකියා පිලිබද උපාදි (කළමණාකරන,පරිඝනක,අලවිකරන )වගේ ක්ශේත්‍ර වලට නෙවෙයි.
      රටේ ජාතික ප්‍රතිපත්තිය තීරනය කරන්නාවූ ඉතාම සවේදී වෘත්තීන් වන වයිද්‍ය,ඉන්ජිනේරු,නීති සහ ඝනකාදිකරන කියන වෘත්තීන්ටයි.
      මේවාට නුසුදුස්සන් පත් වුනා කියන්නේ රටට ජනතාවට අබ සරනයි.

      Delete
    15. ඇනෝ බුද්ධිමතාණන් වෙත සෙනෙහසින්.. මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගනින්... ඔය ගැන පිටු ගණන් වාද කරන්න පුලුවන්... වැඩක් නෑ...

      Delete
    16. ඇනෝ ඔබට කියවන්න ලිපියක ලින්ක් එකක් දෙන්නද .http://transyl2014.blogspot.com/2015/10/blog-post_30.html

      මාරවිප්ලවකාරී ජීවගුණයක් තියන කැරළිකරුවෙකුගෙ කතාවක් ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකේ තියනව. බොලාගෙ මොරාල් එකත් වැඩෙයි. කියවල ආදර්ශයට ගනින්.
      උඹලගෙ පක්ශය නියමෙට බ්‍රේන්වොෂ් කරන හැටි ලස්සනයි බන්. මට නම් බල්ලෙක්වත් මරන්න බෑ. උඹලගෙ විප්ලවවාදියෙක් පැපොල හැදුන ලෙඩෙක් ලවා වලක් හාරගෙන උදැල්ලකින් ගහල ඌව බාගෙට මරල ඒ වලට දාල වලදාල . අපි මොක්කුද උඹලනෙ පොරවල්.

      නෙදකින් නෙදකින් නොදෝමකින් තොපේ පක්ෂෙ

      Delete
    17. මෙන්ඩා මාත් ඔය වගෙ සීන් එකක් දැක්කා. එකෙක් බස් එකට නැගල කියනවා. අම්මේ තාත්තේ මේ මොහොතෙත් ලෝක බංකුව අධ්‍යාපනය පුද්ගලිකකරනය කරන්න පිඹුරුපත් සකස්කරමිනුයි ඉන්නෙ ආදී වශයෙන් එකම වචන සෙට් එකක්. බස් එකේ උන් කතා වුනා මුන් තමයි රටම පිස්සු වට්ටන්නෙ කියල.

      මෙන්ඩ ,ප්‍රා,රොටිය උත්තර දීල තියන නිසා මට මොකුත් කියන්න ඉතිරිවෙලා නෑ. පුද්ගලිකකරනය කියන්නෙ රාක්ෂයෙක් නෙමෙයි. රාජ්‍ය අංශයෙ අකාර්යක්ෂමභාවයට සහ දූෂනයට හොද උත්තරයක් පුද්ගලිකකරනය .මම ඒක කියන්නෙ බස් කර්මාන්තය දැකල.

      වෙන දෙයක් ඕන නෑ. පොදු පාවිච්චියට ගමේ සමිතියට ගේන තෙල් ගහන ටැංකිය කී දවසද පාවිච්චි කරන්න පුලුවන්. මම අහල තියනව ඉස්සර සෝවියට් දේශයෙ අක්කර ගාන්න වගබිම් හාන්නෙ වටේ විතරලු . සුපවයිසර් ඇවිත් කෝටුවෙන් ඇනල බලන්නෙ වටේ විතරක් නිසා. පොදු දේපල ඔය විදියටටයි මිනිස්සු පාවිච්චි කරන්නෙ. පුද්ගලික දේපොලක් ආදරයෙන් රැකබලාගෙන එය වර්ධනය කරන්න මිනිස්සු පෙළඹෙනව.

      අධ්‍යාපනය පුද්ගලිකකරනය කළා කියල ගොන් ඇතිවෙන්නෙ නෑ. උඹල බුද්ධිමත්ය කියන්නෙ මොකක් හරි කුනු සටහන් ගොන්නක් කටපාඩම් කරල සහතිකයක් ගත්ත අයට. මටත් එහෙම ඒව තියනව. නමුත් ඒ දැනුමෙන් තේ කෝප්පයක්වත් හදාගන්න බෑ.

      රටක් ඉදිරියට යන්න ඕන මාක්ස්ගෙ රැවුලෙ මයිල් ගස් ගනන් කරල නෙමෙයි බන් . පුද්ගලයා මෝටිවේට් කරල.මේ 21 වන සියවස. 17 ,18 සියවස්වල නෙමේ නව දැනුම අපට ඕන.මේ දැනුම සොයාගන්නෙ දියුණු රටවල පෞද්ගලික අංශය.


      නිදහස් අධ්‍යාපනය තිබුන දෙන්.ඒක ආරක්ෂා කරමු. ඊට අමතරව සල්ලි තියන එකාලට සල්ලි දීල ඉගෙන ගත්තහම උඹලට හීතද බන්.මෙහෙම ඉගෙන ගන්නෙ ධනපතියො නෙමෙයි මධ්‍යම පන්තිය. ධනපතියන්ගෙ ළමයි රට ගිහින් ඉගෙන ගන්නව. අවසාන විග්‍රහයෙදි උබල සේවය කරන්නෙ ධනපති පන්තියට.

      Delete
    18. ...//නමුත් ඒ දැනුමෙන් තේ කෝප්පයක්වත් හදාගන්න බෑ.//...

      ඔන්න ඒක තමයි ගැලපෙනම කතාව.අපිට තේ වතු තියනවා,ඒවා පරන වෙනකොට අලුතෙන් පැලදාන්න ඕන.ඒකට කුඩා තේවතු එකෙන් ආධාර කරනවා.අපිත් ඒ දවස්වල ආධාර මුදල් ඉල්ලලා තිබුනා.ඒ මුදල් දෙන්න කලින් කුඩා තේවතු එකේ පිරිසක් තේ පැල හදන විදිය ගැන අපිට කියලා දෙනවා.ඔය දැනුවත් කිරිමේ වැඩසටහනකට මමයි තාත්තයි ගියා.පැය දෙකක් විතර බිම සකස් කරන විදිය,කානු දාන විදිය,පැල හිටවන විදිය අපිට කියලා දුන්නා.ඒවා අහලා ඒ මිනිස්සු ගැන අපිට දුක හිතුනා.මොකද මේ අයට පොතේ දැනුම තියනවා.නමුත් ඒ පොතේ දැනුමේ හැටියට අපේ පැත්තේ තේ හදන්න බෑ.අපේ පැත්තේ බෑවුම වැඩි,වර්ෂාව වැඩි,පස් ගැඹුරට තියනවා,වතුර සමාන්තරව පිරිලා තියෙන්නේ නැ ගලාගෙන යාම වැඩි,ඇත්තෙන්ම එකක් නෙවෙයි.මේ කිසිම දෙයක් ගැන මේ අයට ප්‍රායෝගික දැනුමක් නෑ.ඒ කියපු විදියට තේ හැදුවනම් පස් එක්කම තේ පැල ඔක්කොම හොදගෙන යනව එක වැස්සක් වැස්ස ගමන්..අපරාදේ නේද රජයෙන් මේ අයට ගෙවන වැටුප....

      ...//මෙහෙම ඉගෙන ගන්නෙ ධනපතියො නෙමෙයි මධ්‍යම පන්තිය//....

      අනිත් එක ධනපති අය උපාධීයක් අරගෙන ඒක අතේ තියාගෙන පාරවල් ගානේ කට්ට කන්නේ නැ.ඒ අයට උපාධිය තවත් එක දෙයක් විතරයි.නමුත් ඇනෝලා වගේ අයගේ අනිත් සියලුම කරුනු පස්සට ගිහින් මුලම තියෙන්නේ උපාධිය.නිතරම කියන්නේ අපි උපාධි කියන වචනය.ඒක තමයි මිහිරිම වචනය.මුලු ජීවිතේම මේ උපාධියට ලඝු කරලා තියෙන්නේ.ඉන් එහා දැක්මක් නැ.
      තව පැත්තකින් බැලුවොත් මේ පිරිස ධනවතුන්ට වෛරකරනවා.පංති බෙදීමක් ඇති කරනවා.ඒ ඔස්සේ මතයක් ගොඩනගනවා.ඉන් පස්සේ කොරහෙත් කිඹුල්ලු පෙන්වන්න යනවා.ගිරව් වගේ කියවන්න දන්නවා.ඇනෝගේ කොමන්ටුව බැලුවම පැහැදිලි වෙන දෙයක් තමයි බ්‍රෙන් එකට දාලා තියන ඩේටා ටික එකම විදියට එලියට එනවා මිසක එතනින් එහා ප්‍රායෝගිකව හිතන බවක් නැ කියන එක....

      මගෙ යාලුයෙක් හිටියා මිනිහාගේ කටේ තිබුනෙම නිර්ධන පංතිය,අසාධරණයට විරුද්ධව නැගි ඉන්න ඕන,එක පැලැන්තියක් විතරක් සැප විදිනවා අනික් පංතියට අසාධාරණයක් වෙනවා,වගේ බයිලා.ඒ දවස් වල ගෙදර ආවම තමන් කැම්පස් එකේ කරන කෙරුම් ගැනමයි කයිවාරුව..කැමිපස් අවුට් වෙලා ටික කාලයක් ගියාම කයිය තියනවා වැඩ නැ...පස්සේ අතේ සතේ නැති වෙනකොට අර මුලින් කියව කියව හිටපු ඒවා පැත්තක.පස්සේ ඉගැන්නුවේ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක.මිනිහා සල්ලි වලට පිස්සු වැටුනට පස්සේ නොකරපු බලු වැඩක් නැ..හොදට සල්ලි ගලාගෙන ආවම අර මුලින් කියපු කතා අනිත් පැත්ත ගැහුවා..දැන් මිනිහා නියෝජනය කරන්නේ ධනපති පංතිය.එක පුතෙක් ඉන්ටර්නැෂනල් එකක ඉංග්‍රිසි මාධ්‍යෙයන් ඉගෙන ගන්නේ...මේවා හොදටම දන්න අපිටනේ මේ ඇනෝලා තවත් උගන්වන්න එන්නේ...

      Delete
    19. මම මෙතන නිර්දන පoති දේසපාලන මගුලක් කතාකරලා නෑ.
      ලකාව වගේ මෝඩ කපටියෝ ඉන්න රටකට ඵ්වා වෑඩකුත් නෑ.

      සමහරු පවුද්ගලීකා බයිලාව ගහාගෙන ආපු නිසා , මම පෙන්නලා දුන්නේ ප්‍රයිවට් ඈඩ්වටීස්මන්ට් ඵක ඈතුලෙ තියන ගද ගහන ඈත්ත මොකක්ද කියලයි.
      ඵකට උත්තර දීගන්න බෑරුව නාහින් අඩන්න ඵන්න ඵපා.

      සවන් ඈත්තෝ සවන් දෙත්වා !

      ඈස් ඈත්තෝ දකිත්වා !

      අවුරුද් 68ක් රෑවටුනා නේ තව මදිනම් ඔහොම්මම පලයල්ලා.
      අපිට මොකද???

      Delete
  2. // පොලිසිය කියන එක කවදාවත්, මොන ක්‍රමය යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කියන ඒවා කවදාවත්, මොනම ක්‍රමයක් යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…..බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක යාන්තම් හෙවණැල්ලක් හරි තියෙන, මානව හිමිකම් ප්‍රඥප්තීන් අත්සන් කරල තියෙන රටක මෙහෙම නම්, ඒක පාක්ෂික කම්කරු ආඥාදායකත්වයක් යටතේ පොලිසිය එක්ක පට්ටම ෆන් එකක් ගත්තෑකි….එතකොට තියෙන්නෙ පොලිසියකුත් නෙමෙයි….රතු මිලීෂියාවක්….ඒකෙන් දෙයි දෙලෝ රත් වෙන්න ආතල්…..//

    අපට අවශ්‍ය වන්නේ අපේම පොලිසියක් හෝ හමුදාවක් නොවේ මර්ධන උපකරණයන් (පොලෝසි සහ හමුදා ) ක්‍රියාත්මක නොවන හෙවත් එවැනි යාන්ත්‍රණයක් අවශ්‍ය නැති සමාජයකි

    සමාජවාදීවුවද, ධනවාදී වුවද පොලිසිය සහ හමුදාව මගින් සිදුකරනුයේ මහජන මතයන්ට ඉඩ නොදි ඔවුන් දෙසට තුවක්කු දිගු කිරීමය. එබැවින් එය අවශ්‍ය නොවන සමාජයක් සකස්කල යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. මම එක අතකින් අරාජකවාදියෙක් .බ්ලොග් එක පටන් ගත් දා සිට මා උත්සාහ කළේ බලය ඒකරාශීවීම වළක්වාගැනීම ගැන සංවාදයක් පටන් ගන්න. ඒක සාර්ථක වුනේ නෑ.
      ලෙනින් ල ට්‍රොට්ස්කි ල ස්ටාලින්ල වගෙ ම්ලේච්ඡයන් තනි පක්ෂ ආඥාදායකත්වයෙ බියකරුබව ගැන අපට පාඩම් කියා දීල තියනව.

      ධනය ඒකරාශී වීමට සහ බලය ඒකරාශීවීමට විද්‍යාත්මක විසදුම් අවශ්‍යයි. ස්වයංපෝශිත කුඩා සමාජ ඒකක වගෙ මූලික තැනුම් ඒකකයක් සමහරවිට සාර්ථක වෙන්න් පුලුවන්.මේ පිරමිඩාකාර සමාජ ව්‍යුහය සමාන්තරාශ්‍රයක් කරන්න. නමුත් ඔය වාමාංශික පක්ෂ උත්සාහ කරන්නෙ බහුපක්ෂ ප්‍රජාතන්තරවදය තුල කිසිදා දැකිය නොහැකි බියකරු ම්ලේච්ඡ බල පිරමිඩයක් ගොඩ නගන්න. ඒක අපි රුසියාවෙදි චීනයෙදි දුටුවනෙ.

      Delete
  3. සැප ලියැවිල්ල ඈ..

    ජවිපෙ දැන් තප්පුලනවා මෙන්න යහපාලනය කියලා. පෙරටුවෝ කැම්පස්වල බලේ අල්ලද්දි ඔහේ බලං හිටියා. කරගන්න දෙයක් නැතුවම.


    //සයිබරයට කෙල්ලක් ආවොත් කොටි රැලක් මැදට හාවෙක් ආවාක් මෙනි. //

    සිරාවට. හැම එකීටම කෙලෙව්වා. මම කම්පනා කලේ තවමත් නොසැලි ලියන කෙල්ලෝ ටිකට සම්මාන දෙන්නෝනි කියල.

    ReplyDelete
    Replies
    1. ඔය පක්ෂවලට බැදෙන එවුන්ගෙ මනෝභාවය ගැන පර්යේශන කරල උන්ට ප්‍රතිකාර කළ යුතුයි. සමහර එවුන්ගෙ මුළු ජීවිතේම ශිෂ්‍ය ව්‍යාපාරෙ. උන් නාන්නෙත් නෑ. මොකක් හෝ අවිඥානික අවුලක් ඔය එළියට දාන්නෙ.

      අපේ සමාජයෙ තියන ලිංගික බඩගින්න නිවන්න ඕන. ඇත්තටම සමාජය අතෘප්තියෙන් මුදුනොත් ඔය අපරාධ එහෙමත් අඩුවෙයි. අපරාධ කියන්නෙ කාම අපරාධ විතරක් නෙමෙයි. ප්‍රචන්ඩත්වය කියන්නෙ ලිංගික බඩගින්න වෙන පැත්තකින් පුපුරා යාමක් කියල මට හිතෙනව. මනසට ලැබිය යුතු ආහාර ලැබිල නෑ.

      මගෙ යාලුවෙක් ගෑනු නමකින් බුකියෙ ප්‍රොෆයිල් එකක් කළා. ඌට හැමදාම රික්වෙස්ට් තිහ හතලිහ. හායි ගානව බායි ගානව,හුත්තෙ දිග පලල අහනව, ,පැනල යමුද අහනව එක විකාරයයි. ඌත් ඉතින් කොල්ලො බයිට් කරල ආතල් ගන්නව.

      Delete
  4. මචන් යකා මහින්දගේ ගූ කාලා ඉවරද?
    දෑන් රනිල් මයිත්තිරී ගූ ද කන්නේ?

    ReplyDelete

  5. මෙන්න මේ සාරංශයම ඇති මධ්‍යස්ථ...

    ...//නිදහස් අධ්‍යාපනය අවශ්‍යයි නමුත් මේ කියන්නෙ අපට පන්තිය මාරුකරගන්න නිදහස් අධ්‍යාපනය රැක දීපියවු කියන එකනෙ.//...

    අනික මේ අරගල වලින් සැබැවටම බලාපොරොත්තු වෙන්නේ මේ ඉල්ලීම් නෙවෙයි..ඔය ඉල්ලිම් කරපු මිනිහෙක්නේ එස්.බී දිසානායකත්..මේක නිකම් රැල්ලක් වගේ එන එන කෙනා අරගල කරනවා විතරයි...ඒ උදවිය යම් දවසක ලොකු පුටුවක ඉදගත්තම මුලින්ම කරන්නේ තමන්ට ඉහලට එයි කියලා හිතන හැම එකාම කපලා දාන එක....

    ReplyDelete
    Replies
    1. ඔය කෑගහන එකෙක්වත් ඩිග්‍රිය ගත්තට පස්සෙ ඔතන නෑ. උන්ට ඕන පන්තිය මාරු කරන්න විතරයි.
      තව අවුලක් තියනව. ඔය පාඨමාලාත් කැටගරයිස් කරල තියන විදිය වැරදියි. ඕනම එකෙකුට ඩිග්‍රියක් ගන්න පුළුවන් වෙන විදියට හදන්න ඕන.
      ඩිග්‍රියට තියන බමුණුකම නතිකරන්න ඕන. ඔය සමාජවාදී කියන එවුන්( ඩොකාල ) නර්ස්ල ඉගෙන ගන්නවට කැමති නෑ. නර්ස්ල වින්නබුවො ඉගෙනගනනවට කැමති නෑ. ඉංජිනේරුවොත් එහෙම තමා.ඔය දැනුමෙ ඒකාධිකාරය බිදින්න ඕන. ඒ ගැන මුන් කතා නෑ. මුන් වල් පරයන්ට ඕන උගත් බමුණු කුලයක් හදන්න. ඔවුන්ගෙ තියන පන්ති හැඟීම වෙන මොකෙකුගෙවත් නෑ. දොස්තරල ඉන්ජිනේරුවො වෙලා අලුත් බමුණු කුලයක් හදන එකයි අරමුන. ඒකටයි ඔය නිදහස් අධ්‍යාපන බයිලෙ. බමුනො වෙනකම් මුන් සමාජවාදී. ඊට පස්සෙ දොස්තර බමුණො, ඉන්ජිනේරු බමුණො.

      Delete
    2. ...//ඔය කෑගහන එකෙක්වත් ඩිග්‍රිය ගත්තට පස්සෙ ඔතන නෑ. උන්ට ඕන පන්තිය මාරු කරන්න විතරයි//..

      හොද කරුනු ටිකක් මතු කරලා තියනවා,උඩ ලොකු දීර්ඝ කොමන්ටුවක් දැම්ම එහෙම කරපු මගේම යාලුවෙක්ගේ විස්තරයකුත්..

      Delete
  6. එකඟයි. නමුත් පොලිසිය මිට වඩා විනයානුකුල විය යුතුයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පොලීසියෙ පැත්ත ගත්ත නෙමෙයි බන් . උන් කොහොමත් සත්තුනෙ. උගත් කියන උන් හැදිල ඉන්න එපාය ඉස්සරවෙලා ..

      Delete
  7. අඩුගානේ බටහිර ලෝකයේ මේවා ගැන පර්යේශන සිදුවෙයි. අප මේවා පෙර කර්මයටම බැර කර බුදියාගනිමු. +++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දැනුම මත පදනම් වුන සමාජයක් බිහිවෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි වෙනස් වෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ. දියුණු රටවල දියුණුවෙ රහස වෙනස. පර්යේශන කලත් ඒවයෙ ප්‍රතිපල මත අවශ්‍ය වෙනස්කම් කරන්න බයනම් එක තැන පල් වෙනව.
      දියුණු රටවල මොනතරම් පර්යේශන කෙරෙනවද
      අපේ විශ්ව විද්‍යාලත් බුද්ධිමය කාන්තාරවෙලා. බුද්ධිමත්තු නෑ ඉන්නෙ ශිෂ්‍ය වීරයො විතරයි.අක්කරයක් විතර කට පලල් කරල භංගවේවා කිය කිය කෑගහනව. වගතුවක් වෙයිද රටකට.

      Delete