Monday, October 26, 2015

දෙසතිය

පෙරහැරවල අලින්ට සිදුවන හිංසාව ගැන සංවාදයක් කුරුටු බ්ලොගයේ තිබිණි. මමද එයට සම්මාදම් වුනෙමි. එහෙත් දෙසතිය තුලින් අපේක්ෂා කරන්නේ මා බ්ලොග් වල දමන කොමෙන්ට් යළි පලකිරීම නොව එහි අතුරු කතා ඇසුරින් සංවාද ගොඩ නැගීමය.

එම සංවාදයේදී අප හිතවත් මනෝ මන්දිරකීවේ අක්ඛන සූත්‍රයට අනුව සතුන්ට කුසල කර්ම කළ නොහැකි බවයි. එම අදහස තර්කානුකූලය බුදු දහමට එකඟය. බුදු දහම බුද්ධිමතුන්ට ගෝචර වූවක් බව ද මෙහිදී සිහිපත් කළැ යුතුය.

එහෙත් ගෙම්බන් බන ඇසීමෙන් පසු දෙව් ලොව ගිය කතාද ඇත. පාරිලෙයිය කතාවේ ඇතා කුසල කර්ම කල බව කියවේ. ජාතක කතා ද මිනිසුන් වැනි සතුන්ගෙන් පිරී ඇත.සතෙකුට මිනිස් ආගම් ගැන හැඟීමක් ඇති වෙන්න බෑ. සතෙකුට නෙමෙයි වනචාරී ගෝතිර්කයෙකුට වුනත් හාමුදුරුකෙනෙක් දැක්කොත් හැඟීමක් පහල වෙනෙන් නෑ. බ්‍රහ්මවන්සෝ හාමුදුරුවො පින්ඩපාතෙ යනකොට එන්ගලන්තෙ දියුණු මිනිස්සු හිතුවෙ විකට ඇදුම් තරගෙකට ගිය කෙනෙකුට පාර වැරදිල කියලලු.

බුදුදහමට අනුව සත්තු යනු තිරිසන් අපායේ සිටින පිරිසකි. එසේම සතුන්ට කුසල සිත් පහල නොවේ. ඇත්තෙන්ම සතුන්ට මිනිස් ආගම් ,මිනිස් ගම් නගර , මිනිස් සිරිත් විරිත් ගැන අවබෝධයක් නැත. සතුන්ට අවශ්‍ය කෑම නිදාගැනීම ,ලිංගික අවශ්‍යතා ,පැටවුන් රැකබලාගැනීම පමනි.

මාතලේ අලුවිහාරයේදී මුලින්ම බුදුදහම ග්‍රන්ථාරූඩ කරන තාක් කටපාඩමින්  පරම්පරාවෙන් පරම්පරාවට දහම ගෙන ආ බව කියවේ. එහෙත් මෙහිදී යම් යම් කරුණු හැලීමටත් අලුත් දේ එකතුවීමටත් ඉඩ වැඩිය.මා නම් නියම බුදුදහම හදුනාගන්නේ බුදුදහමේ ප්‍රධානතම මූලධර්මය වන අත් ඇරීම ට අදාල නොවන නොගැලපෙන සියල්ල බමුණු දහම බවයි.

අත් ඇරීම කියන විට සිහියට එන්නේ අරියඥාන හිමියන්ගේ බණය. ඇත්තෙන්ම අරියඥාන හිමියන් තරම් රසවත්ව බුදුදහම දේශනා කරන හිමිනමක් මටනම් හමුවී නැත. අරියඥාන හිමියන් වොචර් ජොබ් ( මුර දේවතා )  එක කරන්නේද නැත. වොචර් ජොබ් එක කරන්නෙ දුස්සීල කම වහගන්නය. අනේ අහවලා වොචර් ජොබ් එක කරනවානෙ කියා අනෙක් මගෝඩි වැඩවලට රක්ෂනයක් ලබා ගනීමටය.

අරියඥාන හිමියන්ගේ බණ වල උන් වහන්සේ දුටුවායැයි කියන දර්ශන කියවන විට මට නම් විචිකිච්ඡාව වැඩුනි. ඒ පිටසක්වල ජීවීන් ගැන කී කතා නිසාය. එක් තැනක සිය දෙමවුපියන් කොහේ සිටිනවාද කියා නොදන්න බව කියන එහිමියන්  වෙන අයගේ මතු උපත් හෝල් සේල් එකට කියයි,ආලෝක වර්ෂ දහස් ගාන්න් එපිටින් සිටින නිළමෙලා සහ මොන්ටිසෝරි ගැන කියයි.එසේම සාංඝීක  දේපොල කෑ අලියාගේ ඉරනමද බුදුදහමට එකඟ නැත. සතුන්ට කුසල කර්ම මෙන්ම අකුසල කර්මද කළ නොහැක.

එහෙත් අරියඥාන හිමියන්ගේ බන පදනම් වන්නෙ අත් ඇරීම මතය. එනිසා එය පිරිසිදු බුදු බණය. උන් වහන්සේ මෑතකදී ආහාර තෘෂ්නාව සහ නිවාස ගැන පළ කළ අදහස් ඉතා ප්‍රයෝජනවත්ය.සියළු සංස්කාර ධර්ම අනිත්‍ය බව බුදුදහමයි.එහෙත් තමන් අතීතයේ පාවිච්චි කළ  කලුසුදු රූපවාහිනියක් ,බයිසිකලයක් වැනි දේ වලට පවා බැඳීම් ඇති කරගත් අය සිටිති.




දෙනෙත් හරින්න බ්ලොග් එකේ තව අපූරු පුවතක් විය. ඒ සවුදි අරාබිය තව කෙටි කලකින් බංකොලොත් වන බවයි. ඇත්තෙන්ම සවුදිය යනු තෙල් නිසාම වැජඹෙන රාජ්‍යයකි. දැන් තෙල් වලට විකල්ප සොයා බොහෝ පර්යේශන කෙරේ. එසේම තෙල් සම්පත සදාකාලික නැත.එය ඉමහත් පරිසර දූෂන කාරකයකි. ඇත්තෙන්ම තෙල් නොතිබුනානම් සවුදි වැසියන් තවම කූඩාරම්වලය.


තාක්ෂනය වේගයෙන් දියුණු වේ. මිනිස් සමාජය වෙනස් වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස්වීමට සමගාමීවය. මා කලින් ලිපියකද සදහන් කළ පරිදි මිනිස් සමාජය උඩු යටිකුරු කරන විප්ලව එකක් නොව තුන හතරක්ම අප ඉදිරියේය.
ඒවා නම් 3 D printing , Virtual reality, brain to brain communication , Nanotechnology ,artificial intelligence ය.

මේ ගැන අපූරු පුවත් දෙකක් හමුවිය.





කෘතිම බුද්ධිය සම්බන්ධ පර්යේශන සාර්ථක වන බව පෙනේ. මෙහි ප්‍රතිපලයක් ලෙස මිනිස් හොරුන්ගේ වැඩ වලකිනු ඇත.මිනිස් වැරදීම් අවම නිසා අනතුරුද අඩුවනු ඇත. එසේම වඩානිවරදි තර්කානුකූල කාර්යක්ෂ්ම ලොවක ජීවත්වීමට අනාගත මානවයාට හැකිවනු ඇත. අද අපට බොහෝ දුරස් සමානාත්මතාව වැනි ගුනධර්මයන්ද සවිමත් වනු ඇත.මන්ද එවිට ඉගෙනීම වඩා පහසු නිසාත් මිනිස් විශේෂ ප්‍රාගුන්‍ය ට වඩා යන්ත්‍ර වඩා ඉදිරියෙන් සිටින නිසාය. සියලු මිනිසුන් එකම බෝට්ටුවකට වැටෙන නිසා යන්ත්‍ර ඉදිරියේ සියළු මිනිසුන් සමාන වනු ඇත.


එකකට එකක් නොපරදින අපූරු රසවත් කවි ලියන මධුවා දැන් ජීවිතය කියා අටමගලයක් ලියයි.ඉතා රසවත්ව කලාත්මකව පවුලක සිදුවන හැලහැප්පීම් ලියන්නේ කවි සේම අප ඇද බැද තබාගනිමිනි. ඒ ගැන නොලිව්වොත් ලිපිය අසම්පූර්න නිසා ඒ ගැනද සටහනක් තබමි. 

මදාවියාගේ ජීවිතය

මේ හැර බොහෝ බ්ලොග් විවිධ සිංඩි වල සැරිසරමින් කියෙව්වෙමි.ඒවාද රසවත් ය.මම කොමෙන්ට් මගින් ඒවායේ දායකත්වය දුන්නෙමි. එහෙත් මෙහි සටහන් තැබුවේ මගේ කල්පනා ලොව කැලබූ පෝස්ට් කිහිපයකි.


දෙසතියේ නව මාවත් විවරකළ බ්ලොග්

සජ්ජාගේ පඩංගුව    -  කප්පම් වසංගතයෙ නව මානයක්

,විභීෂණ ,- මළ ගෙවල්වල සෝබන

තනි තරුව-විරහව

'දෙසතිය ' තුලින් සඳහන් කෙරෙන්නේ සමාජප්‍රශ්න හා සංවාදශීලී කරුනු පමනක් බවකරුනාවෙන් සලකන්න

55 comments:

  1. Replies
    1. හෙහ් හෙහ් සතුටුයි ස්තුතියි.

      Delete
  2. යකා..මම එක වුන එක සමරලා බෝතලයක් ගහන්නම ඔනේ සප්ත්‍යපාදි ඒකේදි..

    ReplyDelete
    Replies
    1. කොහෙදි හරි සෙට් වෙමු . උඹලව ඇස් දෙකෙන් දකින්න ලැබෙන එකේ සතුටටනම් බෝතලයක් ගහන්න ඕන තමයි.

      Delete
    2. මෙන්ඩගෙ එන සුමානෙ අන්තිමට බාලගිරි දෝශය ලබා ඇත

      Delete
    3. මෙන්ඩා උඹ ඒක විතරක් නෙමෙයි දෙක....

      Delete
    4. මධුවාගේ ඊලග පොස්ටුවේදි අපේ හතරපාදි අඔ බිමට මම නාම යෝඡනා කැදවනවා..

      Delete
  3. උඔ දන්නවද (උඔ කිව්වට සමාවෙයන්)..නුවර ගිහින් රාඡා ඇතාව බලන හැමදවසකම ඈතාගේ ඇහේ තියන කදුලු බිංදුව පෙන්නලා පොඩි මෙන්ඩා අඩනවා..දවසක් දෙකක් සදු එයාට අඩන්න එපා කියනකොට මම කිව්වා “එයාට අඩන්න දෙන්න“ කියලා..ඌ දවසක ගහට කොලට ආදරය කරන සතාසිව්පාවට පරිසරයට ආදරය කරන කෙනෙක් වෙනවා නම් මම කැමති..

    ReplyDelete
    Replies
    1. අා............ මෙන්ඩාම තමා තුන්වෙනියත්...

      Delete
    2. උඹ ,තෝ, පකය .හුත්තිගෙ පුතා ඔය ඕනම ආමන්ත්‍රනයක් ඔට්ටුයි බන් අපි සයිබරයෙ යාළුවොනෙ.
      පොඩි උන්ට තේරෙන දේවල් නොතේරෙන මහ උන් පොඩි උන්ටත් වඩා නොමේරූ එවුන්. අලිපැටියෙකුට දංවැල් දාල ඉන්න හැටි දැකල ලොකු උන් වගයක් අනේ පින්කාරකම කියල කියනව. අලිපැටිය ට කකුල උස්සන්න බෑ දංවැලේ බරට. මම ගියෙ කට්ටියක් එක්ක වෘක්ෂ වන්දනාවකට. නොගිහින් බැරි උනා.ගහක් වටේ ගිහින් වතුර වක්කරල ආව.. ඒ ගහට වතුර දාන හැටියට ගහ කුනුවෙනව.
      අන්ධ භක්තියෙන් ඉන්න එකාලට අලි හිංසාව වගෙ ඒව පේන්නෙ නෑ.

      පොඩි මෙන්ඩ ගැන අපටත් ආඩම්බරයි බන්. හැබැ‍යි පොඩි එකා යන්නෙ මනසින් බාලයො ඉන්න සමාජයකට ඒකයි දුක.

      Delete
    3. අනිවාර්යෙන්.... සංවේදී වෙන වෙළාවට සංවේදී වෙන්න දීපන්...

      Delete
  4. //බ්රහ්මවන්සෝ හාමුදුරුවො පින්ඩපාතෙ යනකොට එන්ගලන්තෙ දියුණු මිනිස්සු හිතුවෙ විකට ඇදුම් තරගෙකට ගිය කෙනෙකුට පාර වැරදිල කියලලු.//

    මේ කතාව දැනගෙන හිටියේ නෑනේ. හාමුදුරුවෝ බණ කියන කොට මිනිස්සු හිනස්සන්ට නම් හරි හපන්.

    //අත් ඇරීම කියන විට සිහියට එන්නේ අරියඥාන හිමියන්ගේ බණය.//

    බ්ලොග් අත් ඇරලා දාන්ට කියලා තාම බණක් කියලා නැතුව ඇතිනේ? :P

    ReplyDelete
    Replies
    1. මාක්හන්දියේ සකබර්ග්නන්ද හාමුදුරුවන්ගේ ගේ බණ අහල නැත්ද? ඒකෙ කියවෙනවා බ්ලොග් අතෑරලා ආයිමත් ෆේස් බුක් එකට බැඳෙන්න කියලා.

      Delete
    2. බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ පිණ්ඩපාතයේ යනකොට පොඩි දරුවෙක් ආවලු ඉස්සරහට.හොදල බැලුවලු උඩ ඉදල පහලටම.මොකද උඹ මේ ගෑණූ අදින ඉන්දියන් සාරියක් ඇදගෙන ඉන්නේ කියලා ඇහුවලු සිවුර දැකලා...

      Delete
    3. බ්‍රහ්මවංසො හාමුදුරුවන්ගෙ පොතක තිබුනෙ. මිනිසුන් හිනස්සන්න හපන් වාගෙම ඒ හාමුදුරුවො නිතරම අභ්‍යන්තර ප්‍රීතියෙන් ඉන්නෙ.
      අනුන් හිනස්සන්න පුළුවන් වෙන්නෙ තමන් තුල සතුට සමාදානය තියනවනම් තමයි.
      බ්ලොග් වලට ඇබ්බැහිවීමත් හොඳ නෑ. නමුත් බ්ලොග් තුලින් අපට ජීවිතය දකින්න පුළුවන්. අපි අපේ කියල හිතුවට මේව අපේ බ්ලොග් නෙවෙයිනෙ. වෙන සමාගමකට අයිති ඉඩ අපි නොමිලෙ පාවිච්චි කරනව. ඒ වගෙමයි අපේ ජීවිතත්. අපේ අපේ කීවට කිසිම දෙයක් ඇත්තටම අපේ නෙමෙයි.

      Delete
  5. බෝම වටිනා ලිපියක්. බණ අහන්නත් ඕනේ අතහරින්නත් ඕනේ.... එකට හිත හදාගන්න තමයි අමාරු.

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිස් වෙන්න ඕන . ඇලෙන්නෙ නැතිව පරිභෝජනය කළාම ඉවරයි.අත් අරින්න පුරුදු වුනොත් පුදුමාකාර සතුටක්,සනීපයක් දැනෙන්නෙ. උස්සගෙන උන්න බරක් බිමින් තිබ්බ වගෙ.

      Delete
  6. අත්හැරීම කියනකොට මට බිලොග් ලියන එකත් අත් හැරිලා..

    ජ ය !!!

    ReplyDelete
    Replies
    1. කාර් රිවස් කරනකොට තාප්ප අතඅරින්න කියලා

      Delete
    2. ඒ ඇත්ත. එක දවසක් මම කාර් එකට නගින කොට පිටිපස්සේ මොනවත් තිබුණේ නැහැ. නැගල ස්ටාට් කරල ගියර් එක දාල බලනකොට ඒ ඩිංගට පස්සෙන් තාප්පයක් ගහල. ඔය ස්පීඩ් එකට කන්ස්ට්‍රක්ශන් කරන්න පුළුවන් චෙෆාකි ගෙ කොම්පැණියටද දන්නෙ නැහැ.

      Delete
    3. ඹන්න ඹයවගේ සීන් කෝන් එකක් තමයි මටත් උනේ ඉයන්

      Delete
    4. මටත් හිතුන. ඇත්තටම හොඳ බ්ලොගර්ස්ල බ්ලොග් නොලියන්න ඇබ්බැහි වෙලා. පස්සෙ කම්මැලි වෙනව. එතනින්ම නවතිනව.

      Delete
  7. අතහැරීම කියන්නේ අයින් කිරීම වගේ එකක් නෙවෙයි. උදාහරණයකට තමන්ගේ ගෙයට හෝ ඉඩමකට ඇති අශාව සහ බැඳීම අතාරිනවා කියන්නේ ඒක කාට හරි දීලා දාන එක නෙවෙයි. ඒ දේවල් වල තියෙන අනිත්‍ය, අයිතිය කියන එකේ තියෙන මුලාව, ආදිය වටහා ගැනීම.

    අපිට 'අයිති' ඉඩමට මට ඔප්පුවක් ඒ කියන්නේ කොල කෑල්ලක් තිබුණට ඒකේ තවත් ජීවීන් කෝටිගණනකට වාස භූමියක්. ඒකේ ඉන්න කූඹි, වේයෝ ආදීන්ටත් වාසභූමියක්. මිනිස්සු ප්‍රශ්ණ ඇතිවීම වලක්වන්න හදාගත්තු ඔප්පු ක්‍රමයකට අපි වාල් වෙලා. අනික අවුරුදු දෙතුන් සීයකට පෙර මේක වෙන කාට හරි 'අයිති' තව දෙතුන් සීයකින් කවුරු අයිතියි කියයිද? අවුරුදු කෝටියකින් විතර පෘතුවිය තියෙයිද? අන්න් ඒ වගේ මේ 'අයිතිය' කියන එකේ පුහු ගතිය තෙරුම් ගන්න එක.

    ReplyDelete
    Replies
    1. උදාහරණයකට තමන්ගේ ගෙයට හෝ ඉඩමකට ඇති අශාව සහ බැඳීම අතාරිනවා කියන්නේ ඒක කාට හරි දීලා දාන එක//
      අනේ මචං..උඔගේ ඡිප් එකට තියන ආසාව අතඇරලා දාපන්කෝ..මම ඒකට ආසයි..

      Delete
    2. ඔය කණ්නාඩි දෙක දීපන් කිඹුලෙකුට. 'දීල දාන එක නෙමෙයි' කියන එක උඹට පේන්නේ 'දීලා දාන එක' කියලද? මචං ජීප් එක මට අයිතියක් නෑ. කොම්පැණියෙන් දෙනදෙයක් එලවන අසරනයො අපි.

      Delete
    3. උඔත් එක්ක රන්ඩු වුනේ නැත්නම් මට නිකන් බ්‍රා එකක් දැක්කෙ නෑ වගේ..

      Delete
    4. ඒක තමයි බුදුදහම කියන්නෙ. අත් අරින එක. මොන ප්‍රශ්න තිබුනත් ඒක ලස්සනට පැහැදිලි කරන්නෙ අරියඥාන හාමුදුරුවො විතරයි. අපි පරිභෝජනය කළාට ඒ කිසිම දෙයකට ඇලෙන්න හොඳ නෑ. අවසාන වශයෙන් මම කියල කෙනෙකුත් නෑ එහෙනම් මගෙ කියල කිසිම දෙයක් කිසිම කෙනෙක් ඉන්නත් බැහැනෙ. නමුත් සම්මුතියක් ලෙස අපට ඒ මායාව තුල ජීවත් වෙන්න සිදුවෙනව.ඒ යථාර්ථය තේරුම් ගත්තම ඉවරයි
      බුදුදහම ආගමක් කරගෙන පුදපූජා කරන අය ,දැවැන්ත පිළිම හදන අය ,ලෝකෙම තියන සිද්ධස්ථාන වදින්න යන අය හැම දෙයක්ම තමන්ගෙ කරගෙන ඉන්න අය.

      Delete
  8. හොද සාරාංශයක්...... ම.ම අර කිව්ව පෝස්ටුව මේක නෙමයිනේ.....????

    ReplyDelete
    Replies
    1. මේ දෙසතියනෙ. දෙසතිය කියන්නෙ සති දෙකක් තුල මම බලපු බ්ලොග් වල තිබුන සාකච්ඡාවට ගත යුතුයැයි මා සිතන සමාජමය ලෙස වැදගත් දේවල් ගැන සටහනක් තබන එක.

      Delete
  9. මේකත් අර මදාවියයියගෙ එක වගේ වැඩක්....... එල එල

    ReplyDelete
  10. මා නම් නියම බුදුදහම හදුනාගන්නේ බුදුදහමේ ප්‍රධානතම මූලධර්මය වන අත් ඇරීම ට අදාල නොවන නොගැලපෙන සියල්ල බමුණු දහම බවයි. +++++++++++++++++++++++ agree

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සෙ කිව්ව කියල කියන සමහර දේ වුනත් මම අත අරින්නෙ ඒ විදියට. පරම්පරා ගනනාවක් කටවචනෙන් ආව වෙන්න බෑනෙ. බොහොමයක් දේ එකතුවුනා. ශ්‍රද්ධාව වැඩි කරන්න කියල ලියපු හිනා යන බොරු තියනව. දානයේ අනුහස් ගැන හාමුදුරුවරු ලියල තියන ඒව දකින කොට පුදුම දුකක් දැනෙන්නෙ.
      හංසය කිරෙන් වතුර වෙන් කරනව වගෙ ඒව අයින් කරන්න ඕන.

      Delete
  11. //බුදුදහමේ ප්‍රධානතම මූලධර්මය වන අත් ඇරීම//

    ------ඔය තියරිය මේ වෙනකොට අකුරමට මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා.

    පොඩි අවුලකට තියෙන්නේ මේ වෙනකොට අත ඇරලා තියෙන්නේ "බුදු දහම"

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙලා තියෙන්නෙ. බුදු දහම අත ඇරල අනික් ඔක්කොම බදාගෙන.

      Delete
  12. ලිපි වලට ස්තූතියි. කියවලා බලන්නම්

    ReplyDelete
  13. උදේම පෝස්ට් එක දැක්කත් කොමන්ටුවක් දාන්න වෙලාවක් තිබුනේ නැ.අද දවසම වැඩ අස්සේ හිරවුනා..කොහොම හරි මේ පෝස්ට් එකට අදහසක් දාලා යන්නම ඕන නිසා ආවා...සතුන්ට කුසල සිත් පහලවීම ගැන කුරුටුගේ පෝස්ට් එකේ දැම්ම කොමනුටුවම මෙතනටත් දාන්නම්.....

    ......//සතුන්ට කුසලයක් ඇති නොවන අනිත් හේතුව තමයි සතුන් මෝහයෙන් යුක්ත වීම.මෝහ සිතකින් කුසලයක් උපදින්නේ නැ.කුසලය උපදින්නේ අමෝහ සිතකින්.ඒ බව සම්මා දිට්ඨි සූත්‍රයේදි පැහැදිලි කරනවා.අමෝහ සිතක් පහල වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්,යොනිසෝ මනසිකාරයට හේතුවන්නේ සද්ධර්මශ්‍රවණය සහ ධර්මය මතකයේ තබා ගැනීම.තිරිසක් ලොව සතකුට මේ එකම කරැනක්වත් කරන්න බැ.නමුත් හිතේ යම් ප්‍රසන්නබවක් ඇති වෙන්න පුලුවන්,අර දළදා වහන්සේ වැඩමවන අලියාගේ හිතේ යම් ප්‍රසන්න හැගීමක් ඇතිවෙලා තිබෙන්න පුලුවන් නමුත් ඒක කුසලය නෙවෙයි.අනිත් හේතුව තමයි සතකු වී උපදින්නේ අහේතුක ප්‍රතිසන්ධි විපාකයකින්.ඒ වගේම තව කාරණයක් තිබෙනවා.ඒ තමයි සම්මාදිට්ඨීය පූර්වාංගම නොවි කුසලයක් උපදින්නෙත් නැ.නමුත් සතකුට සම්මාදිට්ඨිය ඇතිවෙන්නේ නැ.(මේ සදහා මම මූලාශ්‍ර කරගන්නේ සම්මා දිට්ඨිසූත්‍රය,පටිච්චසමුප්පාදය,අවිජ්ජාපහාණ සූත්‍රය,අක්ඛණ සූත්‍රය)

    සතුන් දිව්‍යලෝකයේ ගිය කතා නම් පසුකාලීනව ගෙතු බවට සාධක තිබෙනවා.‍බොහෝ කතා ගෙතෙන්නේ අනුරාධපුර යුගයේදි.ඒ තුලින් බුදුදහම ඒ තරම් විශ්ෂ්ඨයි කියන්නයි උත්සහ දරලා තිබෙන්නේ.නමුත් ඒනිසා බුදුසමයේම ඉගැන්වීම් අභියෝගයට ලක්වෙනවා.කොසම්බි සුත්‍රයේ තිබෙනවා බුදුන් වහන්සේ පාරිල්‍යෙය වනයේ වැඩහිටපු බව.නමුත් සතුන් උපස්ථාන කලා කියලා නෑ.මුචලින්ද කියන්නේ මනුෂයෙක් බව පිටකයෙන් පැහැදිලි වෙනවා.නමුත් සාහිත්‍ය තුල නාගයෙක් බවට පත්කරලා තිබෙනවා.මේ විදියට බුදුසමය පසුකාලීනව විකෘති වෙන්නේ හින්දු,තන්ත්‍රයාන,මහායානික අදහස් බුදුසමයට එක්වීමත් සමග.මහායානිකයන් බුදුන් වහන්සේ දේවත්වයෙන් සලකනවා වගේම අතිමානුෂිකත්වයට පත්කරනවා.එහෙම කරන්නේ කණීෂ්ක රජුගෙන් පස්සේ කාලයේදි.ඒ වගේම අපේ රටේ ලියවෙන අටුවා ටිකා වලදි මෙහි පැවති ජනප්‍රවාද බුදුසමයට ඇතුල්වෙනවා.ඒ විතරක් නෙවෙයි සමහර කතාපුවත් වල ලාංකීය මුහුනුවරක් දකින්න ලැබෙනවා.සද්ධර්මරත්නාවලිය ලියන ධර්මසේනහිමියෝ අපේ රටේ පැවති සමහර දේවල් ඒ කතා පුවත් වලට ඇතුල් කරනවා.ජාතකකතා වලත් එහෙම දකින්න පුලුවන්...ඒ නිසා සතුන් මාර්ගඵල ලැබු බව සදහන් වෙනකොට අපි තේරුම් ගන්න ඕන මේවා ඇතුල් වුනේ සාහිත්‍ය ප්‍රවාදත් එක්ක බව.

    ReplyDelete
    Replies
    1. එක අටුවාවක (මම නම හොයලා දාන්නම්) තිබෙනවා ගැබිබර අම්මා කෙනෙකුට දොලදුකක් හැදුනම ගැබේ හිටපු දරැවා ගැබෙන් බැහැලා ගිහින් අම්මාට අවශය දේවල් ගෙනාවා කියලා.මේවා ගෙතාපුවානේ පැහැදිලිවම.මේ වගේ දේවල් පසුකාලයේදි වුනා.කොහොමත් තුන්වැනි ධර්මසංගායනාවෙන් පස්සේ හින්දු සමය බලවත් වෙනකොට ඒ ආගමේ සමහර දේවල් බුදුසමයට මිශ්‍ර වෙනවා.සංකරාචාර්ය කියන හින්දු දාර්ශනිකයා බුදුන් කියන්නේ විෂ්ණුගේ දස අවතාරවලින් එකක්ය කියන මතය සමාජගත කරනවා.පසුකාලීනව බෞද්ධයන් පවා ඒක පිලිගත්තා.මෙන්න මේ වගේ පසුකාලිනව බුදුසමයත් එක්ක මිශ්‍රවුන සමහර දේවල් වෙන්කරගන්න බැරිව අපි ඒ සියලු දේ එදා බුදුන්වහන්සේ දේශනා කරපුවාමයි කියලා විශ්වාස කලා.නමුත් මේවා මුල්බුදුසමයේ ඇත්තේ නෑ වගේම එයට පටහැනියි..

      Delete
    2. සමහර වෙලාවට ඔබේ කොමෙන්ට් මගෙ පෝස්ට් වලට වඩා හොඳයි. මම කොමෙන්ට් වලින් ඉගෙනගන්න කෙනෙක්. මටත් අනෙක් අයටත් ඔබේ දැනුම ප්‍රයෝජනවත් කියල මුලින්ම කියන්න ඕන.

      සතුන් ගැන කියල තියන ට එකඟයි. සතුන් දිව්‍යලෝක යනව සෝවාන් වෙනව කියල බුදුදහම විහිලුවක් වෙලා. සතෙකුට නෙමෙයි බුදුදහම ගැන අහල නැති සමාජයක කෙනෙකුට බණ ගැන හැඟීමක් එන්න පුළුවන්ද බැහැනෙ.

      මුචලින්ද ල අරවින්දල විතරක් නෙමෙයි ශක්‍ර දෙවියො කියන්නෙත් ඩේරියස් රජුය කියනව .යක්ෂයො,නාගයො කියන්නෙ මනුෂ්‍ය ගෝත්‍ර බව පැහැදිලියි. බුදුන් වහන්සෙට ඉන්දියාවෙ අනාර්ය ජනතාවගෙන් ලද සහායයි ඒකෙන් කියන්නෙ. මාරය කියන්නෙ එක්කො අකුසල් සිතිවිලි නැත්නම් මාරන් යන නම ඇති පාන්ඩ්‍ය ගෝත්‍රිකයො. පාන්ඩ්‍ය හමුදාව එන විට සෙසු ගෝතිකයන් පලා ගියා වෙන්න පුළුවන්.

      එක කතාවක තියනව හාමුදුරුකෙනෙකුට දානෙ ට දෙන්න දෙයක් නැති නිසා තමන්ගෙ එකම දරුව ගෙ මස් දෙන්න කතා වුන දෙමව්පියො දෙන්නෙක් ගැන කතාවක්. ළමයව තුබසක් ලග බැදල දැම්මලු නයාගහයි කියල.ඊට පස්සෙ නයා නාග මානික්‍ය වැමෑරුවලු. කුසල් සිතක් ආනින්සංස ගැන ඒ ලියල තියෙන්නෙ.ලියපු ගනය ගැන මොන විලිලැජ්ජ නැති බඩජාරි ගනයෙක්ද කියල හිතෙනව ඒක කියවනකොට.

      බුදුදහම පසුකාලීනව ගූඩ ශාස්ත්‍රයක් හා බඩගිනි බුද්ධාගමක් බවට පත් වුනා. මේ බොහෝ විට සිදුවුනේ කනිෂ්කගෙන් පසුව තමයි. බුදුන් හින්දු දෙවියෙක් බවට පත්වුනා. ඉන්දුනීසියාවෙ පන්සලක බුදුපිලිමවලට කිරිත් පොවනව මං පත්තරේ දැක්ක.

      Delete
    3. මනෝ උඔගේ කමෙන්ට් එල ද බ්‍රා

      Delete
    4. කොමන්ටුව අගය කිරීම ගැන උමට ස්තුතියි මෙන්ඩෝ

      Delete
  14. අරියඥාන හාමුදුරුවෝ, මහ රහතුන් වැඩි මග ඔස්සේ අපිවත් අරන් යන්ඩ උත්සාහ කරන එකම කොච්චර ලොකු දෙයක්ද

    ReplyDelete
    Replies
    1. හරිම රසවත්. ඒවගේම නිවැරදි බුදුදහම බව පේනව. සමහර පැටලිලි තැන් නැතිවාම නෙමෙයි. නමුත් තර්කානුකූලයි කිරිබත්ගොඩ පිටිදූව ශෛලියෙ ගොන් පාට් නෑ.

      Delete
  15. උඹ තමා මේ විදිහට බ්ලොග් කීපයක් එකම පෝස්ට් එකකින් හඳුන්වාදීමේ පුරෝගාමියා. ඒක මට කලින් කලේ උඹ. එළකිරි! පුළුවන්නම් වරෙං සප්තපාදියට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒක නෙමේ. මොකක්ද බන් සප්තපාදිය කියන්නෙ. මට අන්ඩරදෙමලයක්. හතර මහ අපාය වගෙ එකක්ද

      Delete
  16. මතේ.. අලුත් බ්ලොග් ටිකක් හම්බුනා... මගෙ ඒකත් රිංගවලා.. ඉස්තුතියි... අපේ මිනිස්සු බෞද්ධ දර්ශනයයි, බෞද්ධ සාහිත්‍යයයි හැම වෙලාවකදීම පටලෝගන්නවා.. ඔන්න ඔතනයි අවුල තියෙන්නෙ මං දකින විදියට....

    ReplyDelete
    Replies
    1. මං ඒ ගැන ලිපියක් ලියන්න ඉන්නෙ.
      ඒක නෙමේ මේ වගෙ විද්‍යාත්මක බ්ලොග් කියවන්න හුරු කරන්න හරිම අමාරුයි වගෙ. මම මීට පස්සෙ හැම පෝස්ට් එකකටම ඉස්සර අලුත් බ්ලොග් වල ලින්ක් කීපයක් දාල තමා මගෙ පෝස්ට් එක දාන්නෙ.

      බෞද්ධ දර්ශනයයි සාහිත්‍යයයි කිරෙන් වතුර වෙන්කරගන්නව වගෙ වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒක අමාරු නෑ. බුදුදහම කියන්නෙ අත ඇරීම. අත අරිනව කියල ඔක්කොම අත් ඇරල කැලෑ වදිනව නෙමෙයි.. තමන්ගෙ ව්‍යපාර දියුණුවෙන් දියුණුවට පත්කරගන්න අතර කිසිවකට ඇලෙන්නෙ නැතිව උපේක්ෂාසහගතව ඉන්න ඕන. එතකොට මාර සැනසිල්ලක් දැනෙන්නෙ. අටලෝ දහමින් කම්පා නොවී ඉන්න පුලුවන්.

      Delete
    2. අනිවාර්යෙන් ලියවෙන්න ඕන කාරණාවක් මතේ... ඒ දේවල් සමාජගත වෙන්න ඕන... ඔය දෙක පටලෝගත්ත එවුන් තමයි ගොඩක් වෙලාවට වලිගෙ පාගාගෙන දගලන්නේ...

      Delete
  17. මම ලංකාවේ බෞද්ධයන්ගේ ලොකු වැරදි දෙකක් දකිනවා.
    1. බුද්ධාගම සම්බන්ධ අළුත් ප්‍රශ්ණයක් ඇසුවාම ලෝක විශය අනන්තයි අප්‍රමාණයි කියා ලිස්සා යාම.
    2. බුද්ධාගමේ තමන්ට දිරවන්නේ නැති දෙයක් දැක්කොත් ඒක බම්ණු මතයක් යැයි හංවඩු ගැසීම.
    ඔයත් ඒවගේ දෙයක් තමයි කියන්නේ. අත්හැරීම හැර අනිත් හැම දෙයක්ම බමුණන්ගේ.

    සතුන්ට කුසල් අකුසල් කරන්න බෑ කියන එක පැහැදිලි මදි. (ඒක හරියට සතුන්ට සතුන්ට ආත්මයක් නැත, සතුන් යනු දෙවියන් වහන්සේ මැවූ රොබෝ වරුන්ය වගේ අදහසක්) විශ්වයේ පවතින්නේ කර්ම පමනයි. අපි කර්ම දෙස තෘෂ්ණාව මුල්කරගෙන බැලූවිට ඒවා පව් පින් ලෙස බෙදී පෙනෙනවා.නිවනට සාපේක්ෂව කර්ම දෙස බැලූ විට කුසල් අකුසල් ලෙස පෙනෙනවා. සතුන්ට කුසල් අකුසල් කල නොහැකි වුවත් (පව් පින් ගැන නොදැන වුවත්) පින් පව් කල හැකියි.

    ReplyDelete
    Replies
    1. .1 මට නම් බුදුදහම අනන්ත අප්‍රමාන නැහැ

      2.දිරවන්නෙ නැතිකම නෙමේ. අතඇරීමට සම්පූර්නයෙන්ම පරස්පර විරෝධීව අල්ලගැනීමක් ගැන කියවෙනවනම් ඒක බමුණු මතයක්.

      Delete
    2. සතුන්ට කුසල් නොවැඩෙන්නේ ඇයි කියලා උඩින් පැහැදිලි කරලා තිබෙනවා.ඒ බව දේශනා කරන්නේ බුදුන් වහන්සේමයි.කුසල් සිතක් උපදින සම්මා දිට්ඨිය සතුකට ඇති වෙනවනම් අක්ඛණ සූත්‍රයේ කියන කරුනු වැරදි වෙන්න ඕන.එහෙනම් බුදුන් වහන්සේටත් වැරදිලා.සම්මා දිඨ්ටි සූත්‍රයත් වැරදි.සතුන් රොබොලා මෙන් වෙන්න විදියක් නෑනේ.මොකද චේතනා පහලවීමක් වෙනව.සතකුටත් පංචඋපාදනස්කන්ධයක් තියනවනේ.හදයං පිනාතීති පුඤ්ඤං කියලා සදහන් වෙන නිසා යහපතක් කරන අවස්ථාවක සත්ත්වයකුගේ සිතෙහි යම් පිනායාමක් වුනොත් ඉන් පිනක් සිදුවන්න පුලුවන්.නමුත් ඒ පින ඥාණසම්පයුක්ත එකක් නෙවෙයි.ආත්ම සංකල්පය බුදුසමයේ නැ. එ අදහස තිබෙන්නේ වෙනත් ආගම්වල..

      Delete
    3. ...//විශ්වයේ පවතින්නේ කර්ම පමනයි//...

      නමුත් නිබ්බේධික සුත්‍රයේ පෙන්වන ආකාරයටනම් කර්ම කියන්නේ කොතනකවත් රුස්වෙලා ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.ඒ ඒ මොහොත තුල සපර්ශයට අනුව හට ගන්නා දෙයක්.ඒ වගේම කර්මය කියන්නේ වෙනස් වන දෙයක් වෙනකක් තබා කර්ම විපාකය පවා වෙනස් වෙනවා.මම නෙවෙයි කියන්නේ නිබ්බේධික සුත්‍රයේ සදහන් වන්නේ එහෙමයි.

      කර්මය යම් තැනක ස්ථිරව පවතිනවා කියන අදහස තිබුනේ ජෛන ආගමේ.තිත්ථායතන සුත්‍රයේදි බුදුන් වහන්සේ ඒ මතය ප්‍රතික්ෂේප කරනවා.එහෙම ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි එහෙම සිතිමත් සමග ඒ පුද්ගලයා විසි ආකාර සක්කාය දිඨ්ටියෙන් එකකට වැටෙනවා කර්මය ආත්ම ස්වරූපයෙන් සලකන නිසා.ඒ බව කියවෙන්නේ සබිබාසව සුත්‍රයේ

      Delete