Monday, October 19, 2015

ගුරුවෘත්තිය සහ මම

ගුරුවෘත්තිය සහ ළමා හිංසනය ගැන ලිපියක් පළ කළෙමි. අයුක්තිය දුටු තැන එය හෙළා නොදකින්නා එම අයුක්තියේ කොටස්කරුවෙකු වේ. ඉස්සර ගුරුවරුන්ගෙන් ඇතමෙක් සිතුවේ තමන්ට පත්වීම ලැබෙන්නේම ළමයින්ට ගහන්න කියාය. සිය මාන්නය හා උද්ධ්ජචකම පෙන්වීමට පාසල් දරුවෙකුට දුන් දඩුවමක් විවේචනය කරමින් ලිපියක් පබ්ලිෂ් කලෙමි.එය මග හැරුන අය මෙතනින් කියවන්න


මේ සිදුවීම දුටුවිට මට දහසක් ගුරු මෑනිවරු පියවරු අතර සිටින අයි එස් අයි එස් ලා අතලොස්සක් ගැන යමක් කියන්නාට් සිතුනි.ඇත්තටම මට ගුරුවෘත්තිය එපාවුනේ මෙහෙම අය නිසාය. ඇල්බට් අයිස්න්ටයින් මෙසේ කියා ඇත." මට පාසල පෙනුනේ බන්ධනාගාරයක් ලෙසය ගුරුවරු ජේලර්ලා ලෙසාය්." මට ගුරුකම එපා වුනේ සමහර ගුරුවරුන්ගේ වැඩ දැකීමෙනි.

ගෙදරින්ද මාව ගුරුවරයෙක් කිරීමට උනන්දුවක් දැක්වූවේ නැත.එහෙත් එකළ තිබූ ගුරු විභාගයකට පෙනී සිටීමට සිදුවිය. විභාගය තිබුනේ කුඹුක්ගැටේ පාසලේය. මා එනකම්ම බයෙන් සිටියේ පාස් වුනොත් මොන දෙයියන්ට කියන්නද කියාය.මා ලියන විභාග බොහෝ විට අවසන් වන්නේ පාස් වීමෙනි.

එම විභාගය සමත් වී තිබිනි. එහෙත් එම පත්වීම භාර නොගෙන තුන්වෙනි වර උසස් පෙළ කරන බව කී විට ගෙදරින් එයට අනුමැතිය හිමිවිය.ඉන් පසු උපාධි ගුරු විභාගය සමත් වූ පසු ගුරුවරයෙක් වීමට මාද සිත හදාගෙන සිටියෙමි.පත්වීම ලැබුනේ කිට්ටු ඉස්කෝලයකටය. එහෙත් මට වෙනත් රැකියාවක් ලැබුනේ ඒ අතරපරදාවේය.එනිසා එයටද යාමට නොළැබුනි.

ගුරුන්ටත් අකුරු උගන්වන ලෙස මට ඇරයුමක් ලැබුනේ ඉන් පසුය. එය නම් මම කැමැත්තෙන්ම භාර ගතිමි.ඒ අධ්‍යාපන පරිපාලන පන්ති කිරීමට තාවකාලික දේශකයකු ලෙසය.මහනුවර,කුරුණෑගල,ගම්පහ සහ කොළඹ දී මම එම කාර්යය කළෙමි.එය ද අලුත් අත්දැකීමකි. එය නතර වුනේ දැන් කල්‍යාන කරන විභාගය කරන්නට යාමෙනි. එහි ප්‍රවේශ පරීක්ෂනය සමත් වීමෙන් පසු ගුරුන්ටත් අකුරු ඉගැන්වීම නවත්වා දැමීමි.එයද අලුත් අත්දැකීමකි.

එසේම ආශාවක්ද සහිතව කළ හැකිවිය. මගේ ඥාති සහෝදර විදුහල්පතිවරයෙක් ද (කුඩා පාසලක ) අධ්‍යාපන පරිපාලන ලියූ අතර ඔහු මගෙ පන්තියට එනු ඇතැයි බලා සිටියත් ආවෙ නැත.

මා කළේ මගේම නොවන මගේ පන්තිය. එනම් මා කළේ පන්ති පවත්වන දේශකයාට සහායට ඔහු පැවරූ විශයක් ඉගැන්වීමය. තරඟ විභාගවලට සිසුන් සූදානම් කරන දේශකයෝ අප වැනි අය සිය පහසුවට යොදා ගනිති.

මෙයට නම හදාගත හැකිනම් ගොඩේ ගොඩය. මාසෙකට ලක්ෂ 8 ක් පමන සොයාගත හැක. මාසයකට එපමන මුදල ලැබෙන් රැකියා ලංකාවේ ඇද්දැයි නොදනිමි., එහෙත්  නම හදාගැනීම නම් සිතන තරම් පහසු නැත. එම ක්ශේත්‍රයේ වැජඹෙන දේශකයන් සංඛ්‍යාව අල්පය.

කෙසේ හෝ රැකියාවට අමතරව අනාගතයේ මම ගුරු භූමිකාවක් රඟ දැක්වීමටද ඉඩක් ඇත.


එහෙත් ඒ පෞද්ගලික වය.  

කෙසේ හෝ මගේ මතය නම් රජයේ ගුරුවරුන්ට පුහුණුවක් ලබා දිය යුතු බවය. නව අධ්‍යාපන ක්‍රමවේද ගැන දැනුවත් කළ යුතුය. ඔවුන්ට විදේශ සංචාර ලබාදී දියුණු රටවල අධ්‍යාපන ක්‍රමවේද ගැන පුහුණු කළ යුතුය. එසේම එක් පන්තියක සිටින සිසු සංඛ්‍යාවද අඩු කළ යුතුය. විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන් 40 ක් පමන සිටින විට හැම ළමයම එක පාර කතා කරන්නට යාමෙන් ගුරුවරයාට පිස්සු හැදේ.ඒ මදිවට නඩු විසදන්නත් සිදුවේ.

එසේම නව තාක්ෂනය යොදා ගැනීමද කාලානුරූපීව සිදුවිය යුතුය.

නිතර ඉගෙන නොගන්නා ගුරුවරයා පැරැන්නෙක් වේ කියා කියමනක් ඇත.

36 comments:

  1. වයිස් ප්‍රින්සිපල් විපුලසේන බාවා...මගේ පස්සෙන් පැන්නුවේ හරිම අසාධාරන විදිහට. මට නිකරැනේ ගැහැව්වා නොකරපු වැරැදිවලටත් මාව පැටලවා.ඒ එපාවුන එපාවිල්ල අදටත් මම පාසල පැත්ත පලාතේ යන්න නෑ..
    පස්සේ කාලකේ දැනගත්තා තාත්තා එක්ක තිබුන ඔරොප්පුවක් මගෙන් අරගෙන..

    ReplyDelete
    Replies
    1. එහෙම අය ඉන්නවා. ඒක තමා මම කිව්වෙ ගුරුවරු ගැන අධීක්ෂනය කරන්න යම් වැඩ පිලිවෙලක් තියෙන්න ඕන කියල. ගුරුවරුන්ගෙ දඩුවම් ගැන යම් විමර්ශනයක් සිදුවිය යුතුයි. පොලු වලින් ගහන අතින් පයින් ගහන වේවැල් පහරවල් 50,60 ගහන ගුරුවරු ගැන සොයාබැලීමක් කරන්න ඕන. මම අහල තියනව පහර දෙනවිට අත එසවිය යුතු ප්‍රමානය ගැනත්. එහෙමවැලමිට ලගට අත ඔසවල ගහනකොට ශරීරයෙ කැලැල් ඇතිවෙන්න බෑ. මේ ගුරුවරියගෙ අලුත්ම පෝස්ට් එකෙත් තියනව හම පුපුරන්න ගහපු කතාවක්.

      Delete
  2. කාර්යබහුල වීම සහ වෙනත් නගරයක සිටීම නිසා කමෙන්ට් දැමීම මඟ හැරෙනවා. ලිපි දෙකෙන්ම කතා කරන විෂය ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. මටත් හොඳටම කාර්යබහුලයි. මේ බ්ලොග් වල හිටියට. බ්ලොග් වල ඉන්න එකේ වන්දිය ලෙස මට රෑට නිදිමරන්න වෙනව. පැයකට දෙකකට වඩා නිදාගන්න ලැබෙන්නෙ නෑ.
      මේ කතාකරන විශය වැදගත් නිසාමයි කාර්යබහුලකම පැත්තකට දාල බ්ලොග් අවකාශයට ආවෙ.

      Delete
    2. ඒකනම් මටත්වෙලා තිබෙනවා මධ්‍යස්ථ.හරබර ලිපියක් පලවෙලා තිබුනොත් නිදිමතේ හරි ඒ ලිපිය බලනවමයි.ඇරියස් එක අල්ලන්න බස් එකේ හොදට නිදාගන්නවා.

      Delete
  3. “නිතර ඉගෙන නොගන්නා ගුරුවරයා“ මෙහෙම අය දකින්න බොහොම අමාරුයි. පාසල් වල බලය දරාගෙන ඉන්න බොහොමයක් ඔබ පවසන අන්දමේ පැරැන්නො. එහෙම නැත්තන් අධ්‍යාපනේ විකුණාගන කන වෙළෙන්දො. පාසල් වල දකින්ඩ අසහනයට සෑහන තරමින් වග කියන්න ඕන මේ කොටස

    ReplyDelete
    Replies
    1. ගෝනි බිල්ලෙක්

      Delete
    2. ඉහත කොමෙන්ටුවේ පළමු වාක්‍යය මේ විදිහට සංශෝධනය වෙන්න ඕන “නිතර ඉගෙන නොගන්නා ගුරුවරයා“ මෙහෙම අය තමයි වැඩියෙන්ම ඉන්නෙ.

      Delete
    3. තවත් වැහි වැහැල ඉන්නව අධ්‍යාපනය විකුණාගන කන වෙළෙන්දො ජාතියකුත්

      Delete
    4. ඔවු නිතර ඉගෙන නොගන්නා අය තමා වැඩිපුර ඉන්නෙ. ගුරුවරු විතරක් නෙමෙයි අපිත් නිතරම අප්ඩේට් වෙන්න ඕන. ඉගෙන ගන්නව කියන එකට වයසක් නෑ.ඉගෙන ගන්නව කියන එකනම් මට විනෝදාංශයක්.

      Delete
  4. ඒක ඇත්ත. මේ ලිපි ටික බලල මගේ අත්දැකීම් ටිකක් තව එකතු කරන්න හිතුන.

    ReplyDelete
    Replies
    1. මටත් ඕන සංවාදයක් . ඒ වගේම මම කොමෙන්ට් වලින් ඉගෙන ගන්න කෙනෙක්. සමූහයක අදහස් එක් රැස් වුනාම තමා බලන කෙනාට නිවැරදි දෙයක් ලැබෙන්නෙ. සමහර විට පෝස්ට් එකට වඩා කොමෙන්ට් වැදගත් වෙන්න පුලුවන්.

      Delete
  5. මම දවසකුත් කිව්වෙ. සමහර මිනිස්සුන්ට තියෙන්නෙ මාර ඇරියස් එකක්. ඒ අය ගුරුවරු වුණාම ඒවා යන්නෙ අහිංසක ළමයින්ගෙ පිටින්.

    ReplyDelete
    Replies
    1. ගුරුවරුන්ගෙ පීඩනය අඩුකරන්න ඕන. මේ සදහා කිසිම ක්‍රමවේදයක් නෑ. ඒ වගේම මනෝ විද්‍යා උපදේශනය පාසල තුලට යන්න ඕන. ළමයින්ගෙ ප්‍රශ්න කතා කරන්න මාධ්‍යයක් ඕන.එහෙම වුනොත් පාසලෙන් පිටත් තිබෙන ප්‍රශ්නත් හුඟක් විසදෙයි.කොණ්ඩය වගෙ උන් ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ ඇයි කියල බලන්න ඕන.
      කොණ්ඩයට උගෙ අයියට තියන අසනීප පොඩි කාලෙම හදුනගන්න ඕන. කොණ්ඩය වගෙ උන් ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ ගුරුවරුන්ගෙ වැරදි නිසානම් ඒ ගුරුවරුන්වත් ප්‍රතිකාර සදහා යොමු කළ යුතුයි.

      Delete
  6. ගුරුවරයෙක් වශයෙන් තමන්ගේ වගකීම මොකක්ද කියන එක වගේම ළමා පරපුරක අනාගතය තමන් අතේ තිබෙන අවබෝධ කරගන්නේ නැතිව කටයුතු කරන එකෙන් වෙන්නේ සුලුපටු හානියක් නෙවෙයි.ගෙදර ප්‍රශ්න වල තරහා සිසුන් හරහා පිටකරගන්න ගුරුවරු ඉන්නවා.සිසුන්ට පහර දෙන්න තමන්ට අයිතිවාසිකමක් තියනවා කියලා හිතන ගුරුවරු ඉන්නවා.සිගාලවාද සූත්‍රයේදි ගුරුවරයගේ වගකීම දක්වලා තිබෙන්නේ මේ විදියට.

    මනාව හික්මවීම
    මනා අධ්‍යාපනයක් ලබාදීම
    අඩුපාඩුවක් නොකර ඉගැන්වීම
    තම මිතුරන්ට සිසුවා හදුන්වා දීම
    රැකවරණය සැලසීම

    ReplyDelete
    Replies
    1. ඒක තමයි .ඉස්සරලම තමන්ගෙ රෝල් එක අදුනගන්න ඕන.ළමයින්ට පහර දෙන්න තමන්ට අයිතිවාසිකමක් තියනව කියල හිතන ගුරුවරුත් ඉන්නව තමයි.
      බෞද්ධ මනෝ විද්‍යාවෙන් පාසල කිසිම ප්‍රයෝජනයක් තවම අරන් නැද්ද .ගිරවු වගෙ කටපාඩමෙන් පාලි පාඨ ටික කියවන එක වැඩක් නෑ.

      බැරිද පාසලට භාවනාව වත් හදුන්වා දෙන්න.සිත සන්සුන් කරගන්න ආකාරය ළමයින්ට වගේම ගුරුවරුන්ටත් ප්‍රයෝජනවත් වෙයි.එක ඉරියව්වක ඉන්න බැරි ළමයි ඉන්නව.

      Delete
    2. මම මුලින්ම ඉගැන්වීම කලේ අනාථ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන පාසලක ස්වෙච්ඡාවෙන්.ලමුන් තුන් හාරසියකට පමන ආසන්න පිරිසක් හිටියා.අනිත් දරුවන්ට වඩා සිතුම් පැතුම් ආකල්ප සියල්ලම ගොඩක් වෙනස් මේ දරුවන්ගේ.එයාලට අරමුණක් ඇතිව කටයුතු කරන්න පෙළඹවීම් ඇතිකරන්න බුදුසමයේ ඉගැන්වීම් තමයි මම යොදාගත්තේ.ඔවුන්ට භාවනා පවා ඉගැන්වුවා.මට එතනදි වැටහුන දෙයක් තමයි ආකල්ප සංවර්ධනය වන ආකාරයේ නිසි අධ්‍යාපනයක් ක්‍රමවේදයක් පාසල් පද්දතිය තුල ක්‍රියාත්මක වෙනවනම් අපේ ළමාපරපුරේ අනාගතය ආලෝකමත් වෙනවා කියන එක.නැත්නම් පාසලකින් බිහිවෙන්නේ උගත් මෝඩයෙක් විතරයි.

      මට ඒ වෙනකොට තිබුන දේශපාලන සබදතා මත රජයේ පාසලකට පත්වීමක් හදාගන්න තිබුනත් මම ඒකට කැමති වුනේ නැ.පස්සේ මම පිරිවෙනක ඉගැන්නුවා.පාසලකට වඩා පිරිවෙනක ලොකු වෙනසක් තියනවා.ගුරුගෞරවය තිබෙනවා ඉහලින්ම.ධන ආකල්ප තියෙනවා හැම සිසුවෙක්තුලම.දඩුවමි දීමක් ඇත්තෙම නැ.පාසලක වගේ සංකිර්ණ නැ සරලයි.හැම ගුරුවරයෙක්ම මානසිකත්වය යහපත් මට්ටමේ පවතිනවා පිරිවෙනක පවතින ආගමික පසුබිම නිසා.

      Delete
    3. මම හිටපු පිරිවෙන් වල එහෙම උනාට හැම පිරිවෙනකම එහෙම නැති බවත් කියන්න ඕන.නමුත් බහුතරය එහෙමයි.හේතුව හොදනමක් හදාගෙන තිබෙන පිරිවෙනකට තමයි සිසුන් ඇතුලත් වෙන්න උත්සහ කරන්නේ.පිරිවෙන අසාර්ථකයි වගේනම් ඇතුල්වෙන සිසුන් අඩුවෙනවා.සිසුන් අඩුවුනොත් පිරිවෙන වැහිලා යන්න උනත් ඉඩතියනවා.ඒ නිසා පරිවේනාධිපතිලා බලන්නේ තමන්ගේ පිරිවෙනක් පුලුවන් තරම් හොදම මට්ටමකින් පවත්වාගෙන යන්න.ඒ නිසා ගුරුවරු බදවා ගැනීමේදි ගොඩක් සැලකිලිමත් වෙනවා.

      Delete
    4. අනාථ දරුවන් ට උගන්වල ඔබ වටිනා අත්දැකීමක් ලබාගෙන. මේ දරුවන් ගැන මටත් ලොකු දුකක් තියෙන්නෙ. මේ දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා කලහකාරී ය කියා සමහරු කියනව. ඒක එහෙම වෙන එකේ වරදකුත් නෑ.
      මේ දරුවන්ගෙ ආකල්ප වර්ධනය කිරීමට ඔබ ගත් පියවර ප්‍රශංසනීයයි.
      භාවනා තුලින් කෙනෙක් වෙන මොන ක්‍රමයකටත් වඩා සාර්ථකව හික්මවන්න පුළුවන්.
      සියල්ලටම පෙර දරුවන්ට ආදරය දැක්විය යුතුයි. පිට හම යන කම් තලන නපුරන් /නපුරියන් ගෙ හදවත් වල ආදරය නැහැ.ඔවුන්ට ඇත්තේ පරපීඩක කාමුකත්වයයි.

      මට වැටහෙන ලෙස ප්‍රශ්න වලට සෙවිය යුත්තේ විද්‍යාත්මක විසදුම්. ආකල්ප සංවර්ධනය වන ආකාරයේ නිසි අධ්‍යාපනයක් ක්‍රමවේදයක් පාසල් පද්දතිය තුල ක්‍රියාත්මක වෙනවනම් අපේ ළමාපරපුරේ අනාගතය ආලෝකමත් වෙනවා කියන එක ඇත්ත.අප කළ යුත්තේ ආකල්ප වර්ධනයක්. දරුවන් අපචාරී උප සංස්කෘතිවල බලපෑමෙන් මුදාගැනීමත් කළ යුතුයි.

      දරුවන්ගෙ දුප්පත්කම විකිනීම අවශ්‍ය නැහැ.එසේම ඔවුන්ගෙ පෞද්ගලිකත්වය සහ ආත්ම ගරුත්වයට හානි කළ යුතුත් නැහැ.අපේ වැඩිහිටියනුත් පර්ෂ දුබලතා වලින් පෙළෙනවා. එම පෞර්ශ දුබලතාවලට ප්‍රතිකාර කළ යුතේ කුඩාකාලයෙමයි. එහිදී ගුරුවරයාට පැවරෙන කාර්යභාරය වැදගත්. මේ නිසයි සුදුසුකම් ලත් යහපත් අය ගුරුසේවයට යා යුත්තෙ. එසේම මනෝවිද්‍යාව ගැනත් යම් අවබෝධයක් සෑම ගුරුවරයෙකුටම අවශ්‍යයි.

      නමුත් වර්තමානයෙදි අවාසනාවකට ලංකාවෙ ගුරුපත්වීම් වලට යන්නෙ වෙන රස්සාවක් හොයා ගන්න බැරි අය.

      Delete
  7. රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
    සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා …

    පැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ ……

    ReplyDelete
    Replies
    1. මම කැමති ගීතයක්.

      අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.

      මේත් ආර්ථික හා සමාජමය ලෙස යාවත්කාලීන නොවූ ගුරුවරයෙක් ගැන ලියවුනක් තමයි.

      Delete
    2. උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
      වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ.

      Delete
  8. කතාව ඇත්ත !

    දරුවන්ට හොදටම මතක හිටින්නෙ පාසලේ හොදම ගරුවරයා නෙවෙ. නරකම කෙනා.

    අපේ පියල් සර්ව මට මතක් වෙන්නෙ අන්න ඒ නිසයි. එයා දීපු නඩු තින්දු ගොඩක් අසාධාරණයි. වැරදයි. පෝස්ට් එකක් ලියන්න පුලුවන්. ස්තුතියි මතක් කරල දුන්නට..

    ReplyDelete
    Replies
    1. එකඟයි.
      පෞද්ගලික පන්තිවල ඉගැන්වීම් ගැන මටත් අත්දැකීම් තියනව. මා ලගට නඩු කියාගෙන පොඩි උන් ආවම මා කරන්නෙ සිදුවීමෙ සොභාවය බලන එක. බරපතල නැත්නම් කියනව දැන් බෑ පන්තිය අවසන්වීමට පෙර නඩුව කියන්න කියල. පන්තිය අවසන් වෙනකම් මතක තියාගෙන හිටියොත් කියනව මතක ඇතිව ඊලඟ දවසෙ පාඩම පටන් ගන්න පෙර කියන්න කියල. මෙහෙම කීප සැරයක් කියන උන් උන් සමාදාන වෙලා. මෙච්චර දුර යන්න ඕන වෙන්නෙම නෑ. බේරෙන්නම බැරිම වුනොත් මම කරන්නෙ එකිනෙකාට සමාව දීල ප්‍රශෙන් බේරන එක.
      කිතුනුඉවෙක් නොවුනත් ඒක මම ඉගෙන ගත්තෙ බයිබලයෙන්.

      පාවුල් තුමා කිතුනු කන්ඩායමකට ලියුමක් යවමින් මෙහෙම කියනව
      ඇයි නුඹලාට නුඹලාගේ සහෝදරන්ගෙන් වෙන අයුක්තිය ඉවසන්න බැරි ?
      අනෙක් අතට නුඹලා අයුක්තිය කරන්නේත් නුඹලාගේ සහෝදරයන්ටම නේද කියල.
      මෙහෙම දෙපැත්තටම තරවටු කරල පාවුල් තුමා එකල කුඩා කන්ඩායම් වූ කිතුනු සමාජය සමගි කළා.

      ජපානයේ ත් මෙහෙම එකිනෙකාට ආචාර කරල සමාව ඉල්ලගන්න ක්‍රමයක් තියනව කියල මගෙ පෝස්ට් එකකට කොමෙන්ට් කරපු කෙනෙක් කියල තිබුන. අපි කිසිම විටක්ල පලිගැනීම ප්‍රමෝට් කරන්න නරකයි. පොඩි උන් එන්නෙ අහවලා මට මෙහෙම කෙරුව එයාට ගහන්න කියාගෙනනෙ.
      මට නම් පොඩි උන්ට පාරවල් 65 ක් නෙමේ එකක්වත් ගහන්න බෑ .ඒක මගෙ දුර්වලකමක්ද මන්ද
      පිටේ තුවාල කැලැල් හිටින්න දෑත බදල ළමයෙකුට නෙමෙයි සතෙකුටවත් ගහන්න බෑ.

      සමාජය පොඩි කාලෙ ඉදන් දඩුවමට (පලි ගැනීමට ) හුරු කරන්න හොඳ නෑ. හුරු කරන්න ඕන අනුන්ගෙ අයිතිවාසිකම් වලට ගරුකරන්නත් අනුන්ට සමව දෙන්නත්.
      අහවලාට ගහන්න කියාගෙන එන පොඩි එකාට කියන්න ඕන එතකොට පුතේ /දුවේ එයාට රිදෙනවනෙ කමක් නැද්ද පවුනේද කියල ආදී වශයෙන් . ඒ අතරෙ වරද කරපු ළමයව පසුතැවිල්ලට හුරුකරවන්න ඕන.

      ඒ තමයි මගෙ මතය.

      Delete
  9. //නිතර ඉගෙන නොගන්නා ගුරුවරයා පැරැන්නෙක් වේ කියා කියමනක් ඇත.// ++++++++++
    මතන්ධර් ජී, ඕක අපි හැම දෙනෙක්ටම පොදුයි මම හිතන්නේ දැන් කාලේ.අද නිතරම අප්ඩේට් නොවනවා නම්, අනුවර්තනය නොවනවා නම්, නව දැනුමට අත්දැකීමට විවෘත නොවනවා නම් ගමන දුෂ්කරයි..ඔබේ ලිපිය හා එකඟයි..

    ReplyDelete
    Replies
    1. මට හින්දි නමකුත් දාල පට්ට.සතුටුයි.
      ඔවු අපි හැමෝම අප්ඩේට් වෙන්න ඕන. මම නම් නිතර ඉගෙන ගන්නවා. බ්ලොග් ලියන කොට කොමෙන්ට් වලිනුත් ඉගෙන ගන්නවා. සමාජයෙනුත් අවිධිමත්ව ඉගෙන ගන්නවා. මා සිතන්නෙ මා නිතරම ශිෂ්‍යයෙක් කියායි.
      විධිමත් අධ්‍යාපනයත් නතර කර නැහැ.

      Delete
  10. හත්තිලව්වයි ගුරුන්ගෙත් ගුරෙක්..............

    ReplyDelete
    Replies
    1. නුවර එල්කාඩෝ ,කුරුණෑගල ලෙක්සිකෝන් ,ගම්පහ මොන්ටානා , කොළඹ තිලකරත්නාරාමය කියන තැන්වල අධ්‍යාපන පරිපාලන, පරිපාලන, නීති ප්‍රවේශ යන විභාග සඳහා තමයි පන්ති කළේ .බුද්ධි පරීක්ෂන සහ අවබෝධය යන විශයන්. තවත් දේශකයන් සිටියා. නමුත් ඒ පන්ති මගෙ පන්ති නෙමෙයි. මට අදහසක් තිබෙනවා පස්සෙ දවසක මගෙම පන්තිත් කරන්න. එක පන්තියකින් කිසි කරදරයක් නැතිව ලක්ෂයක් හොයන්න පුලුවන් එක දවසට. දවසින් දවසනෙ මුදල් අය කරන්නෙත්.
      වැඩි කාලයක් පන්ති නොකලත් මධ්‍යම පළාතෙ, බස්නාහිර පළාතෙ ගෝලයො ටිකක් හැදුන .ඒ දවස්වල ෆෝන් එකට බේරිල්ලක් නෑ.දැනුත් පන්ති ගැන අහල කතා කරන අය ඉන්නව.

      Delete
    2. ඒ තරම් lucrative?

      Delete
    3. Pra @ තරග විභාග පන්තිවලට අය කරන්නෙ මාසිකව නෙමෙයි. දිනපතා. ගුරු විභාග ,ලිපිකරු විභාග පන්තිවලට ලමයි එන්නෙ සිය ගනනින්. එක ලමයෙකුගෙන් රු 500.00 .ඉතින් ලමයි 500 ක් වත් ආවොත් ගොඩනෙ සමහර පන්තිවල සිසුන්500ට ව වැඩියි.මේ එක දවසට එක නගරෙක. හැබැයි මේ සෙල්ලම හැමෝටම බෑ.නම හදාගන්න ඕන සුපිරියටම.

      Delete
    4. Pra @ තරග විභාග පන්තිවලට අය කරන්නෙ මාසිකව නෙමෙයි. දිනපතා. ගුරු විභාග ,ලිපිකරු විභාග පන්තිවලට ලමයි එන්නෙ සිය ගනනින්. එක ලමයෙකුගෙන් රු 500.00 .ඉතින් ලමයි 500 ක් වත් ආවොත් ගොඩනෙ සමහර පන්තිවල සිසුන්500ට ව වැඩියි.මේ එක දවසට එක නගරෙක. හැබැයි මේ සෙල්ලම හැමෝටම බෑ.නම හදාගන්න ඕන සුපිරියටම.

      Delete
  11. ඇත්ත,ගුරුවරු එක තැන පල් නොවෙන පිරිසක් වෙන්න ඕනේ.දැන් ගොඩක් ගුරුවරු කරන්නේ සිලබස් එක කට පාඩම් කරන් උගන්වන එක.රට ගැන සමාජය ගැන දැනුවත්වීමක් ගුරුවරුන් තුලත් නැහැ.ඉතින් දරුවෝ ගැන මොන කතාද?රටේ හොඳ නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු වෙන්න ඕනේ.ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලද්දී "සාක්ෂරතාව"හොඳ තැනක තිබ්බයි කියලා එතනින් විතරක් සැහීමකට පත් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මගෙ පාසල් අධ්‍යාපනය ගත්තොත් මට නම් ඒ ඉගෙන ගත්ත ඒව මොනවද කියල හිතෙනව. ඒක ඊට වඩා ලස්සනට ප්‍රිය උපදවන විදියට කරන්න තිබ්බ නේද කියල හිතෙනවා. 6 ශ්‍රේනියෙන් පසු මම උගෙන ගත්ත විශයන් මේවයි.

      සිංහල - ගුරුවරය පාඩම කියවල ඒක තේරුම් කරවනව. කාලෙ නාස්තියක්. පන්තියෙ හැමෝම ගෙදර කතා කරන බාෂාව සිංහල. ඒක විකාරයක්. පීරියඩ් එකේම මොනවහරි කියව කියව ඉන්නව.

      විද්‍යාව - අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා. නමුත් හොඳටම මදි. බඩගින්නට පිගාන ලෙව කෑව වගෙ. මීට වඩා ප්‍රැක්ටිකල් ඇතිව කරන්න ඕන. තව උසස් පෙළ විශය කරුණු ත් ඉගෙනගන්න තිබුනනම් හොදයි කියල හිතෙනවා.

      උගන්වපු ගුරුවරය කියවගෙන යනව. විශය අමිහිරි වෙනව එතකොට. ගුරුවරය පුද්ගලය හැටියට හොඳයි .ඒත් ඉගැන්වීම හොඳ මදි.

      ගණිතය - මේ ගුරුවරය මට බොහෝ උදව් කළ කෙනෙක්. ඔහු මරනාසන්න වෙලාවෙ මට යන්නත් බැරිවුනා. මම ඒ දවස්වල හිතුවෙ මොකක් හරි පුනරුත්පත්ති සම්බන්ධයක්වත්ද කියල්.ඔහුගෙ දරුවෙකුට මොනවහරි උදව්වක් කරල වරදකාරී හැඟීමෙන් මිදෙන්න මට ඕන. ඉගැන්වීමේ කිසිම අවුලක් නෑ. නමුත් තව ටිකක් ප්‍රායෝගික වුනානම් ජ්‍යාමිතිය වගෙ දේවල් මතක හිටිනව.

      ඉංග්‍රීසි - ඉංග්‍රීසි උගන්වන්න නම් දාල හිටියෙ මොක්කුද මන්ද. කීප දෙනෙක්ම හිටිය. හයේදි හිටපු සර් අතිදක්ෂයෙක් කියල හෙන ප්‍රසිද්ධියක් තිබුනත් මටනම් තේරුනේ නෑ මෙලෝ දෙයක්. ඊට පස්සෙ ආවෙ අර පන්තියකට එනකොට ළමයෙක් තෝරගෙන තඩිබාන ඩයල් එක. එයා සමහර වචන වල තේරුම හොයන්න කරදිය වලල්ලෙත් කරක් ගහනව. ඩික් එකක් නැතිවම බෑ. මම හිතන්නෙ කරදිය වලල්ලෙ කරක් ගහන්නෙ වචන වල තේරුම හොයන්න නෙමේ වාක්‍යවල තේරුම හොයන්න වෙන්න ඇති. මම පසුකලෙක ඒ පොත් බලන කොට හිතුන මෙයා ලෝකෙ පෙරලල තියෙන්නෙ සාමාන්‍යයෙන් කෙනෙක් දැනගන්න ඕන සරල වචනවලට නේද කියල. හැබැයි අකුරු 26 නම් දන්න කෙනෙක්.

      තාක්ෂනික විශය - කිසිම තේරුමක් නෑ. පීරියඩ් එකේදි කොහෙ හරි කොට කොට හිටිය.

      සෞඛ්‍ය - මේ විශය විද්‍යාවට ජොයින්ට් කරල උගන්වන්න තිබ්බ.

      බුද්ධ ධර්මය - කාලය අපමරාදෙ . මගෙ පුද්ගලික මතය මේ කතන්දර ඉස්කෝලවල උගන්වන්න ඕන නෑ කියල. අභිධර්මය සහ බෞද්ධ දර්ශනයෙ ප්‍රයෝජනවත් දේවල් මේ වයසට තේරෙන්නෙ නෑ. ඒව තේරෙන වයසෙදි ඉගැන්නුවනම් හරි. කතන්දර නම් වැඩක්ම නෑ.

      සමාජ අධ්‍යනය - වරදක් නෑකියමුකො

      සෞන්දර්ය - මට චිත්‍ර බෑ. ඔන්නොහෙ පීරියඩ් එක ගත කරල ආව.

      ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න බැරිනම් අර කොහෙද ඉස්කෝලෙක වාගෙ ඉංග්‍රීසි කතා කරන පරිසාරයක් නිර්මානය කළා නම් ඉංග්‍රීසි වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න තිබුන. සිංහලත් එහෙමයි. ගණිතය හා විද්‍යාව පීරියඩ් සංඛ්‍යාව වැඩි කරල තාක්ෂනය හා සෞන්දර්ය වෛකල්පික විශයන් ලෙස ඒවට සහජ දක්ෂකම් ඇති අයව තෝරල යවන්න තිබ්බ.සමාජ අධ්‍යනය නම් වෙනම කරන්න වෙනව. ඒකට භූගෝලෙයි ඉතිහාසයයි ජොයින්ට කරල . දැන් මේවට වෙන වෙන නම් තියනවලු.

      අඩුගානෙ 9 10 දිවත් කාර්මික විද්‍යාලවල කෙරෙන වෘත්තීය පුහුණුවක මුල් අදියරවත් තිබ්බනම් වැඩි දෙනෙකුට හොදයි. එතකොට ඒ අයට කැම්පස් යන්නෙ නැතිව ඒ පාරෙ යන්න තිබ්බ .

      උසස් පෙල සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව විශයන්ගෙන් සැළැකිය යුතු කොටසක් සාමාන්‍ය පෙලට දාන්න පුළුවන්. ඒ විද්‍යාව ගනිතය පීරියඩ් ගනන වැඩිකිරීමෙන්.

      ඒ වගේම උසස් පෙලින් පසු තවත් වසර දෙකක වෘත්තීය පුහුණුවක් ( විශයට අදාල ඩිප්ලෝමාවක් ) දීල කෙලින්ම රැකියාවකටම යොමුකරන වැඩපිලිවෙලකුත් තියෙන්නෙ ඕන. නැත්නම් මොකක්ද මේ නිදහස අධ්‍යාපනයෙන් ඇති වැඩේ.කැමති කෙනෙකුට ඒ වසර දෙක තුන දක්වා දීර්ඝ කරගෙන අදාල පුහුණුවට උපාධියක් අරන් පිට වෙන්න පුලුවන් වෙන්න ඕන.

      උගත මනා ශිල්පයමයි මතු රැකෙනා නෙමේ මතුරැකෙනා ශිපයමයි උගත මනා

      Delete
    2. ඔය ආගම විෂය වෙනුවට නිර් ආගම කියල විෂයක් තමා එන්න ඕනෙ. ලංකාවෙ තියන ගෝත්‍රික මතවාද වලින් බේරිලා ඉන්න අනාගත පරම්පරාවවත් හැඩගස්සන්න ඕන. හැම ආගමටම මේක අදාලයි. නැත්තන් තාම මෝඩ දේවල් විශ්වාස කරන අය තරුණ පරම්පරාවෙත් ඉන්නව. පන්සලකට පල්ලියකට ගියොත් තරුණ අය කොච්චර ඉන්නවද ලංකාවෙ.

      Delete
  12. ලංකාවෙ ගුරුවරුන්ගේ මූලික අවුල ඔවුන් පසුගාමී තත්වයක සිටීම. ලිපිකරුවෙක් ඒ තත්වයේ සිටීමට වැඩිය අවුල් ගුරුවරයෙක් එහෙම වීම. මොකද ඔවුන් ළමයින්ගේ මගපෙන්වීම වෙනුවෙන් ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සමාජයෙම තියන පසුගාමීත්වයෙ එක් පැතිකඩක් තමයි. ලංකාවෙ ගුරු පත්වීම් වලට යන්නෙ වෙන රස්සාවකට යන්න බැරි අය . ඒක එක ප්‍රශ්නයක්. ගුරුවරුන්ට දෙනව කියන පුහුණුවෙ කොලිටිය මොකක්ද කියන එක මටනම් තේරෙන්නෙ නෑ. මේ තරම් ටියුෂන් තියෙන්නෙත් ගුරුවරුන්ගෙ මොකක් හරි අවුලක් නිසානෙ. දැන් බුද්ධාගමටත් ටියුෂන් යනවලු. විලිලැජ්ජාවෙ පන යනව.
      ටියුෂන් ගුරුවරුන්ගෙත් කිසිම ප්‍රමිතියක් නෑ.
      ගුරුවරු මෙහෙම වුනාම ළමයි අප්ඩේට් වෙන්නෙ නෑ. ජාතියක් හැටියට ලොකු අවුලක්.

      මම කැමතියි ගුරුවරු බ්ලොග් ලියනවනම්. හැබැයි ගුරු ජීවිතය ගැන, පාසල් අත්දැකීම් ගැන. එතකොට අපට සංවාද කරන්න පුළුවන්.

      Delete