Wednesday, October 14, 2015

දෙසතිය - මාව කුලප්පු කළ පෝස්ට් - රාජප්පුලගෙ කාලෙ ආලේ ,බන්ඩක්ක යුගයෙ මතක හා නූතන ගන්දබ්බ ආපදානය

බ්ලොග් පෝස්ට් වලට අමතරව දෙසතිය නමින් විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට යමි. මෙහිදී දෙසතිය තුල මා බ්ලොග් ලෝකයේ කළ කී දෑ ගැන සමාලෝචනයක් කෙරේ.

සිරිත් පරිදි බ්ලොග් කරුවන් ගේ පෝස්ට් වලින් මම කුලප්පු වූයෙමි. කිනම් කරුන නිසා මුලින්ම කුලප්පු වීදස් කියා මතකයේ නැතත්
 මාතලන්  නිදහස් දිනය ගැන දමා තිබූ චානුක වත්තේගමගේ ලිපිය මගේ සිත් ගත් එකකි. එහිදී රාජප්පුලාගේ යුගය ගැන මම අදහස් දැක්වීමි. එහිදී ප්‍රා හා ඇනෝ සමඟ ඇතිවූ සංවාදයද සිත් ගන්නා සුළුය. ඇනෝ කීවේ සිරිම බන්ඩක්ක යුගයේ දී ප්‍රීවි කවුන්සිලයට ඇපල් බා ගැනීමට ලාංකිකයාට තිබූ අවස්ථාව නැති කිරීම නරක බවය. ප්‍රීවි කවුන්සිලය වෙනත් රටක අභියාචනාධිකරනයක් වීම මත ලාංකිකයන් ඇපල් බා ගැනීමට එහි යාම නොමනා බව  මා කීවත් ප්‍රාගේ හා ඇණෝගේ අදහස් එක හෙළාම බැහැර නොකළෙමි. ප්‍රීවි කවුන්සිල් යාමට හැකිව්නිනම් ප්‍රයෝජනවත් බව ඇත්තය. 

1815 දී රාජප්පුලගෙන් මිදීමත් 1818 සහ 1848 දී යළි වැඩවසම් අන්ධකාරය වෙනුවෙන් පෙනී සිටි ප්‍රතිගාමීන්  පරාජය කිරීමත් ප්‍රගතිශීලීය.මෙය බොහෝ දෙනෙකුට රිදෙන කතාවකි.

මෙම සංවාද කල්යානට ලෙවල් ත්‍රී කොන්ස්ටිටියුසොන් ලෝ බිත්තරසෑම් එක දැමීමට  උපකාරී වන බව කියා තිබිනි.නමුත් අපේ කොමෙන්ට් හරියට කටපාඩම් කළොත් ලෙවල් ෆෝ වල ෆැමිලි ලෝ ,ක්‍රිමිනල් ලෝ ද ගොඩදමාගත හැක. එසේම උත්තර ලිවීමේදී ඇනෝ මෙසේ කියයි අසවලා මෙසේ කියයි ආදී වශයෙන් කොමෙන්ට් උපුටා දැක්වීම් කළ යුතුය.ඒ සාමාර්ථ ලැබෙන්නේ එවිටය.

අපේ හිතවත් කුරුට්ටෝද මාව දෙවරක් කුලප්පු කලාහුය.එක්වරක් උගත් පාඩම් ගැන කීමට යාමෙනි. ඇත්තෙන්ම මේ රටේ ලොක්කන්ට එක විදියකටත් පොඩ්ඩන්ට තව විදියකටත් සළකන බව සර්වලෝක සත්‍යයකි. කළ යුත්තේ හැකි ඉක්මනින් ලොක්කෙක් වීමය. මෙය පහසු නැත. රාජප්පුලගෙ යුගයේ මා උපන්නා නම් කරන්නෙ හැකි ඉක්මනින් පැවිදිවීමය. රාජප්පුලගෙ හිරිහැරවලින් මිදීමේ හොඳම ක්‍රමය එයයි. මේ නිසා හැමෝම උත්සාහ කළ යුත්තේ කොහොම කොහොම හරි ලොක්කෙක් වීමටය.

කුරුට්ටන් දෙවෙනිවර මා කුලප්පු කළේ අයවැය ගැන කීමට යාමෙනි. ඇත්තෙන්ම සාම්බ්‍රානි, කොත්තමල්ලි ,ගෙන්දගම්, පල්මානික්කම්, පාන්තිර වැනි අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩුකරනවානම් එය ජනතවට ඉමහත් සහනයකි.


අපේ මිතුරිය සාරිකා මධුර මනෝහර බසින් බල්ලගෙ බුරුවගෙ කතාව කැටයම් කර තිබිණි.
සජ්ජාගේ කුණුහරප කතාවටද සම්මාදම් වුනෙමි.

මධුමාදවී ගේ පොස්ට් එකේ තිබූ අපූරු කරුනක් ලියන්නට සිත්වේ. ඒ ඉන්ටනෙට් ඇබ්බැහිය ගැනය. මා ඉතා කාර්යබහුලය. සමහර වැඩ කරගැනීමට නිවාඩු දමමි. එහෙත් එම නිවාඩුව ගටහ් කරන්නෙත් බ්ලොග් වල රාජකාරිවලටය. අදනම් බ්ලොග් නොබලමි වැඩ කරමි කියා කීවත් දවසෙ අන්තිමට වැඩවලට වඩා කර ඇත්තේ බ්ලොග් බැලීමය. සියළු සින්ඩි පීරමින් අහුමුලුවල ඇති බ්ලොග් පවා කියවමි. මොන දේට වුනත් ඇබ්බැහිය නරකය. 2011 දි මා ඇබ්බැහි වුනේ බුකියටය. එහෙත් එයින් මිදුනෙමි.මේ ඇබ්බැහියත් පලනය කළ යුතුමය.

මහත් හරබර ලිපි ලියන ට්‍රාන්සිලිවේනියා දොස්තර මහතා , ඉකොනොමැට්ටා , මනෝ මන්දිර සහ කොළඹ ගමයාද මා කුලප්පු කළාහුය.ට්‍රාන්ස්ලිවේනියා බ්ලොගයේ මා කොමෙන්ට් දමමින් 89 භීශනයේ බියකරු බව කැටයම් කළෙමි. යලි එවැන්නක් ඇති නොවීම අපගේ මෙම කැටයම් වල අරමුනයි. එහි මා සමඟ විවාද කළැ එක් ජෙප්පෙක් ජවිපෙ බිහිනොවුනානම් මේ රට සෝමාලියාවක් ස්වාසිලන්තයක් වන බව කියා තිබුණෛ. අසල්වැසි දකුනු ආසියානු රටවල මෙවනි පක්ෂයක් බිහිවී නැති නිසා එම රටවල් සෝමාලියාවල් ස්වාසිලන්ත වී ඇත්දැයි අප ඔවුන්ගෙන් විමසිය යුතුය.

විදානේ විසින් ලියූ අපූරු කතාවක් ඇනෝ කෙනෙක් එහි පළ කර තිබිනි .එය මගේ සිත් ගත්තේය. 89 මුග්ධයන් ගැන මහා පොදු සාධකයක් වන එම කතාව කියවා අවසන් කළ විට අනේ මෙහෙම පිස්සෝ... සෝ.. සෝ කියා කියවුනි. වර්තමාන පරම්පරාව බියගුල්ලන් බවත් 89 පරම්පරාව මහා වීරයන් බවත් ඇණෝ කෙනෙක් වරක් මා හා වාද කළේය. ඔහු යම් වියුක්ත සිද්ධීන් සමහරක් පෙන්වා දෙමින් සිය මතය වෙනුවෙන් තර්ක කළේය. එහෙත් 89 පරම්පරාව කපටින් ට රැවටුන මුග්ධයන්ය. දැන් සිටින්නේ කාර් ගැන සිහින දකින සොෆ්ට්වෙයා නිර්මානය කරන  කරන නව නිර්මාන බිහිකරන ක්‍රෙඩිට් කාඩ් පරම්පරාවකි. අද ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලන් පවා  කතා කරන්නෙ අලුත් වාහනයකට යන විදිය ගැනය. ඔවුන්ගේ දිවේ වාහන වල බ්‍රෑන්ඩ් නිතරම ඇත.මෙය දියුණුවකි. 89 පරම්පරාව අනේ පවුය.

 විදානෙගේ ගන්දබ්බ කතා වස්තුවේ ලින්කුව මෙහි පළ කරමි.

21 comments:

  1. //අදනම් බ්ලොග් නොබලමි වැඩ කරමි කියා කීවත් දවසෙ අන්තිමට වැඩවලට වඩා කර ඇත්තේ බ්ලොග් බැලීමය. සියළු සින්ඩි පීරමින් අහුමුලුවල ඇති බ්ලොග් පවා කියවමි. // අපිටත් වෙලා තියෙන්නේ ඔ්කම තමයි ම.ම.........

    මොනවා වුණත් මේ විදිහ දෙසති විග්‍රහයක් කරන්න බැහැ කවදාවත් බ්ලොග් ලෝකය පීරන්නැතුව... ඉතින් මේක ඔබ බ්ලොග් සමග සිටින වග තහවුරු කරන්නා වූ මනා ලියැවිල්ලක් බව කිය යුතුමය... සුපිරියි ම.ම........ මේක ඒක විදිහක බ්ලොග් සමාලෝචනයක්.....

    ReplyDelete
    Replies
    1. බිලොග් හොය හොය කියවනකොට නොදැනිම කාලය ගිහින්.අපි වයසට යන්නේ බිලොග් අවකාශයත් එක්ක වගේ.

      Delete
    2. ඕනම කෙනෙකුට ඇබ්බැහියක් තියනව. බ්ලොග් වලට ඇබ්බැහි නොවුනනම් වෙන එකකට ඇබ්බැහි වෙයි.

      මනෝ @ බ්ලොග් වල අනාගතය කොහොම වෙයිද කියල හිතන්නවත් අමාරුයි නේද

      Delete
    3. මෙහමත් දෙයක් තියෙනවා. මමත් දේකට යොමු වුණොත් ඒකේ දිගට ම යනවා... ටිකක් උණක් වගේ ඒක පස්සේ යනවා... බ්ලොග් වලත් ඒහෙම දෙයක් තියෙනවා තමා.... මොනවා වුණත් ම.ම කියනවා වගේ අපි මේ දේ නොකලා නම් අපි වෙනත් දෙයක් පස්සේ යනවා.... බ්ලොග් කියන්නේ නරකක් නෙවේ නිසා අවුලක් නැහැ...

      Delete
  2. ( ..//පාලක පන්තියට එහිව ලියන ලද//..එරෙහිව යන්නේ රෙ අකුර ටයිප් වෙලා නැ)

    භිෂණයේ අදුරු හෙවනැලි ආයෙත් මතකයට ආවා.අපේ පවුල් වල හිටියා ආරක්ෂක සේවාවල රුකියා කල අය වගේම ජේවිපී සාමාජිකයනුත්.පොලිස් විශේෂ බලකායේ හිටපු අප්පච්චගේ මල්ලි කෙනෙක් දරුනු විදියට වලදීලා මරලා තිබුනා.කන් දෙක පිහිවලින් හාරලා තිබුනා.

    ගන්ධබ්බයා වගේ පිරිස් අපේ ගම් පැතිවලත් හිටියා.ඔවුන් හිටි හැටියේ අතුරුදහන් වුනා.ආයේ කවදාවත් දැක්කේ නැ.අවසානයට දෙපැත්තෙන්ම මිය ගියේ රටට වටිනා සම්පතක් වුන තරුණ පිරිස්.අධම නීච පාලකයෝ දෙපැත්තෙම තරුණයෝ බිලිදීලා තමන්ගේ සුඛවිහරණය ඇතිකරගත්තා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මගෙ පෝස්ට්වල ටයිපින් මිස්ටේක් තියනව තමයි . ගහකින් ගෙඩි කඩල දානව වගෙ නෙ පෝස්ට් දාන්නෙ.

      හමුදාවලින් කළ පැහැරගැනීම් ගැන අපි වැඩිදෙනෙක් දන්නව වුනත් ජේවීපී එකෙන් කළ පැහැරගැනීම් ගැණ කතාකරනව අඩුයි. එහෙම පැහැරගත් අයට ඉතා දරුණු වධහිංසා කළා. මුල්ම වරද කළේ ජවිපෙ. එහි විවාදයක් නෑ.මිනිස්සු මරන්න ගත්ත කෙලවරක් නැතිව. 1988 කියන්නෙ ජවිපෙ මෙ රට පාලනය කළ වසර. විජේවීර පාසල් සිසුන්ටත් මිනීමරන්න පුරුදු කළා. විජේවීර කියන්නෙ වල් මුර්ගයෙක්.සතෙක්. බැරිම තැන ආන්ඩුව 89 දි ජේවීපී එකට තේරෙන බාසාවෙන් උත්තර දෙන්න ගත්ත.

      ඔය කියන එස් ටී එෆ් එක්කෙනා නිවාඩුවට ගෙදර ආපු වෙලාවක ජේවීපී එකට මාට්ටුවුන අහිංසකයෙක් වෙන්න ඇති.

      ගන්දබ්බයා වගෙ අය වීරත්වයට නැංවීම නොකළ යුතුයි.හීනමානයක් වගෙ දෙයක් නිසා සමබන්ධ වෙන්න ඇති. රෑට ගෙවල් ගානෙ ගිහින් මිනිස්සු බය කරන්න. ඇදිරි නීති දාන්න ,නඩු අහන්න කටවල් කපන්න ලැබුනම කිසිමදාක පිළිගැනීමක් ළබා නොසිටි මේ කොල්ලන්ට ඒක මහමෙරක් වෙන්න ඇති. කවද කාපු ටකරන්ද

      මෙහෙම බෙහෙතක් ලැබෙයි කියා උන් හිතුවෙ නෑ. ඔය විජේවීර කියන මෘගයා මෙලොව එලිය දුටුවෙ නැත්නම් මේ දුක් කන්ද ඇතිවෙන්නෙ නෑනෙ කියල හිතෙනවා. මේකටත් රස කතාවක් තියනව. එස් ඒ වික්‍රමසිංහ දවසක් යාලුවෙකුට කීවලු මතකද දුප්පත් ගෑනු කෙනෙක් මා ලගට ආව අනේ දොස්තර මහත්තයො මගෙ දරුව බේරල දෙන්න කියල" අහල තියනව

      ඔවු කීවම කිව්වලු ඒ ළමය තමා විජේවීර කියල. ඒක අහපු අනෙක් යාලුව දත්මිටි කෑවලු ඕක එවෙලෙ දැනගත්තනම් කියල.

      ඇත්තටම ඔය මෘගයා මෙලොව එලිය දුටුවෙ නැත්නම් අම්මල තාත්තල දහස් ගනනකගෙ දුක් ගින්න ඇතිවෙන්නෙ නෑනෙ. කතාවෙ කියන ගන්දබ්බයො එකෙක්වත් මැරෙන්නෙ නෑනෙ. උන් වයසත් එක්ක මෝරල ජීවිත අවබෝධය ලබල ඉගෙන ගෙන සාර්ථක ජීවිත ගත කරනවනෙ.

      දකුණු ආසියාවෙ කොහෙවත් මෙහෙම පිස්සු හුත්තවල් ඇතුවුනේ නෑනෙ . සමාන සමාජ ආර්ථික පසුබිම් නෙ තියෙන්නෙ. සමාජ අසාධාරනය නිසා කොහොමත් ඇතිවන කැරලි කියාහෝ මහින්ද දිගටම හිටියනම් ඒත් ඇතිවෙන්න තිබුන එකක් කියල කියන්න බෑ.

      ප්‍රේමදාස බල්ල මරල දැම්මෙ නැත්නම් ඌ 2009 දි ආයෙ උගෙ බිලිපූජාව කරනව.1990 න් පස්සෙ උපන් එවුන් මේව දන්නෙ නෑනෙ. අපරාධ යුක්ති කොමිසම අහෝසි කරල බල්ල ලෙහෙල දාපු ජේ ආරුත් මේවට වග කියන්න ඕන.

      Delete
  3. බ්ලොග් පෝස්ට් පුළුවන් තරම් කෙටි කරපන්... මගේ ඒවත් ලියලා ඉවරවෙන කොට මීටත් දිගයි.. ඒත් හොඳම කෑලී හිටන් කපලා දානවා... හොඳින් නිරීක්ෂනය කරන එකෙකුට පෙනෙයි සමහර පෝස්ට් වල අගක් මුලක් නැහැ කියලා..

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදි එහෙම කරනව. මටත් ඒක තේරිල තිබුනෙ. කෙටි පෝස්ට් එකක් වුන " මට සමාවෙන්න "කියන පෝස්ට් එකට අනෙක් ඒවට වැඩිය සැළකියයුතු මට්ටමක ප්‍රතිචාර තිබුන.

      Delete
  4. එල ද බ්‍රා
    මම කියෙව්වා..දෙපාරක් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා........ උඹේ ඉතින් හැම ඒකම දෙකක් නේ............

      Delete
  5. /* ට්‍රාන්සිල්වේනියාවේ ගන්දබ්බ කතා වස්තුව */

    වැරදි ප්‍රකාශයකි.

    ඒ කෙටිකතාව ලියුවේ විදානේ ය. මෙන්න එතැනට පාර-
    http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html


    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම්. ඔන්න නිවැරදි කළා. ඒ වගේම විදානයා ඇසුරු නොකිරීමේ වරදත් නිවැරදි කළා.

      මට ඕන වුනේ මේ ලිපිය වැඩි පාඨක අවධානයකට ලක් කරවීම. එහෙත් විදානෙගෙ බ්ලොගය වැනි ජනප්‍රිය බ්ලොගයක මෙය පළ කර තිබුනානම් එය යළි කිරීමේ තේරුමකුත් නෑ කියලත් හිතනවා.

      Delete
  6. බ්ලොග් අඩවි රාජ්‍යට මම අළුත් තාම. ඔන්න මමත් මේ පැත්තේ ආවා. මගේ බ්ලොග් එකටත් ගොඩවැදිල යන්න එන්න කවුරු කවුරුත්.

    ReplyDelete
    Replies
    1. කුරුටු පෙන්නපු පාර දිගේ මම ඔබේ බ්ලොගයට ආව. කෝච්චි ගැන රස කතා ඔබ දන්නව ඇති . ලියන්න

      Delete
  7. මොනා කියන්නද කියල මම මේ කල්පනා කළේ....... හැබැයි ඔබෙ කමෙන්ට් එක තිබුණු කොටසක් හිතට වැදුණා. ඒක අමු ඇත්ත. ඒ වගේම ලොකු ප්‍රස්නයක් වෙලාවකට.....

    //1990 න් පස්සෙ උපන් එවුන් මේව දන්නෙ නෑනෙ.//

    ReplyDelete
    Replies
    1. එක එකාගෙ කතා විලාශයන්ට රැවටෙන්නෙ නැතිවෙන්න පුද්ගල පෞර්ෂය වර්ධනය කරන්න ඕන . මම දැක්ක කැම්පස් කොල්ලො පිකටින් එකක් කරනව අපි යන්නේ කොයි පාරේ ත්‍රීමාවිතාන ගිය පාරේ කිය කිය. ජේවීපී පෙරටුගාමී බල්ලො අහිංසක කොල්ලන්ගෙ ඔළු බ්‍රේන්වොෂ් කරල ආන්ඩුවට කියල මරවගෙන පාන් පත්තු කරනව.

      Delete
    2. //1990 න් පස්සෙ උපන් එවුන් මේව දන්නෙ නෑනෙ.// ++++++++++++++++++

      Delete
  8. මෙන්න මේ සමාලෝචනයට මම කැමතියි..පහුගිය දවස්වල නම් වැඩිය බ්ලොග්වල ඇවිදින්න නොලැබුණු නිසා මේ කියන කතන්දර නම් මග හැරිලා..:( මෙහෙම සටහනක් තිබ්බම අපිට පුළුවනි එවයෙන් හොඳයි කියලා හිතෙන සටහන් හොයන් ගිහින් බලන්න..සාමාන්‍ය සින්ඩියකින් වෙනවට වඩා ඵලදායී වැඩක්, විශේෂයෙන්ම මහ හැරුණු පෝස්ට් හයිලයිට් වෙන හින්දා..

    ReplyDelete
    Replies
    1. ඔවු හොඳ පෝස්ට් ලැයිස්තුවක් මෙහෙම දෙසතියකට වරක් දාන්නයි ඉන්නෙ. ඒක කාර්යබහුල කෙනෙකුට හරිම ප්‍රයෝජනවත්

      Delete