Friday, October 30, 2015

ගුටිකන ගුටි දෙන ගෝත්‍රිකයෝ


එච් එන් ඩී ඒ සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය මේ දිනවල සයිබරයේ කතා බහට ලක්වේ. අති මහත් බහුතරය පොලීසියට චෝදනා කරති.මම කීවේ මෙහි දෙපැත්තක් ඇති බවයි. එනම් පාරක්ලියර් කිරීම පොලීසියේ රාජකාරියයි. පොලීසියේ රාජකාරිය අවතක්සේරු කළ නොහැක. කෝච්චි නවතාගෙන අයුතු ජනරාශියක් සිදුවන්නේයැයි සිතමු. ඉන් පීඩාවට පත් ජනයාට  පීඩකයන් සමග සටන් කිරීමට අපහසුය. . ජනයාට කදුලු ගෑස්ද නැත.  පොලීසියක් කියා දෙයක් තිබෙන්නේ එනිසාය.පොලීසිය කඳුලු ගෑස් ගසා ජල ප්‍රහාර එල්ල කර අයුතු ජනරාශි පලවා හැරිය යුතුය. පහර දීම අනුමත නොකරමි.

මම පුද්ගලිකවම සිසුන් ගුටිකනවා දැකීමට අකමැත්තෙමි. එහෙත් සිසුන් හැසිරෙන්නේත් ගුටි අපේක්ශාවෙන් නේද. ආණ්ඩුවලට මෙම සියලු ඉල්ලීම් දිය නොහැක. ඔවුන් තමන්ට දෙන්න පුලුවන් දේ නිර්ලෝභීව දෙති.ඒ අන් කිසිවක් නොව ගුටි ය.මේ සිසුන්ගේ ඉල්ලීම් අතර සියළු උපාධිධාරීන්ට රජයේ රකියා දීමද එකක්ලු.එය එච් එන් ඩී ඒ ඉල්ලීමක් නොවේ.එහෙත් සිරියාවේ සාමය ඇති කිරීම, ලොක දේශගුන විපර්යාස සමනය කිරීම වැනි දේ ඇතුල් කිරීමට අමතක වී ඇත. . එසේම එච් එන් ඩී ඒ පාඨැමාලාවට උපාධි තත්වය ලබා ගැනීමද එකකි. එයට නම් විරුද්ධ වන්නේ ලෝක නිර්දන පන්ති සමගිය වෙනුවෙන් උරෙනෙඋර ගැටී සටන් කරන පක්ෂයේ ඉන්ජිනේරු උපාධි අපේක්ෂක සගයන්මය.

" ලෝක නිර්ධන පන්තිය සමගි වෙවු" හයියෙන්

ඈ බන් එච් එන් ඩී ඒ එවුන් උපාධි මට්ටම ඉල්ලනව. අපේ තත්වෙ මොකක්ද බන්. අපට උන් එක්ක එකට තේ බොන්න පුළුවන්ද
එහෙම වුනොත් අපේ ස්ටේටස් වලට මක් වෙයිද - සෙමෙන්

" ලෝක නිර්ධන පන්තිය සමගි වෙවු" හයියෙන්

ඩිග්‍රි ගන්නකල් සමාජවාදී ඕකුන්ගෙ කෙරුවාව අප දනිමු.

අයුතු ජනරාශි වැළැක්වීම පොලීසියේ රාජකාරියයි. එහි කතා දෙකක් නැත. එහිදී අවම බලය පාවිච්චි විය යුතුය. මේ අවම බලය යනු කුමක්ද ?

සිසුන් දැඩි සත්කාර ඒකකයට යැවීම්ද
එසේනම් උපරිම බලය ගැන සිහිවනවිට ලොමු දැහැ ගැන්වේ.

මට අවශ්‍ය විනාශය වළක්වාගැනීමය. සිසුන් මෙසේ පොලීසිය ප්‍රකෝප කරගෙන ගුටිකනවා වෙනුවට විකල්ප නැද්ද. මෙම සිසුන්ගේ දෙමවුපිය සංගම් පිහිටුවාගෙන පුළුල් සමාජ සහභාගිත්වයකින්  දේශපාලනමය බලපෑම් කරන්නට බැරිද? මේ සදහා බලපෑම් කන්ඩායම් ශක්තිමත් විය යුතුය. බලපෑම් කන්ඩායම් යනු මැතිවරනවලදීද බලපෑම් කළ හැකි සංවිධාන ව්‍යුහයකි.

වැටුන අයට පහරදීම ගැන කතාවෙනවා පෙනේ. අත් අඩංගුවට ගත් අය ට පහර දිය නොහැක.එය ජාත්‍යාන්තර යුධනීතියටත් විරුද්ධය.එ හෙත් මේ ශ්‍රී ලංකාවය.
අපගේ අත්දැකීම් අනුව පොලීසිය හැසිරෙන්නේ ගෝත්‍රික පිරිසක් ලෙසය. මේ ගෝත්‍රිකයෙකුට ගල් පාරක් වැදුනොත් සෙසු ගෝත්‍රිකයන්ට නිච්චි නිනවු නැතිවේ. එය කටුනායකදී අප දුටුවෙමු. නේවාසිකාගාරවලට පවා රිංගා පහරදීම් කලේ ගෝත්‍රික සටනක් සිහි ගන්වමිනි. මේ තත්වය දැන දැනම ඇයි ගල් ගහන්න යන්නෙ ?

මෙන්න මේ නිසාය

සිසුන් පිටුපස සිටින දේශපාලන බළල් අත් ගැන නොදන්න කෙනෙක් නැත.එහෙත්  ශිෂ්‍යයන් සටන් කරන්නෙ කිසියම් ගෝත්‍ර හැඟීමකිනි. මෙය ශිෂ්‍ය ගෝත්‍රයයි. වෙනත් ගෝත්‍රිකයන්ට පාර බ්ලොක් කරන්නෙත් එක් ශිෂ්‍යයෙකුට කවුරුහරි ගේම ඉල්ලුවොත් සැවොම ගේමට යන්නෙත් මේ ගෝත්‍රික හැඟීමෙනි. මේ ශිෂ්‍ය ගෝත්‍රිකයන් සටනට යන්නේ තවත් ගෝත්‍රයක් සමගිනි. ඒ පොලිස් ගෝත්‍රිකයෝය.

පොලිස් ගෝත්‍රිකයෝ සිය සගයා වෙනුවෙන් නිතරම පෙනී සිටිති. එක් සගයෙකුට හානියක් වුනොත් මුළු ගෝත්‍රයම සටනට එයි. පොලිස් නිළදාරීන්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. සමහරු කොටදෙනියාවේ සිසුවාට සාධාරනයක් බලාපොරොත්තු වෙති. කොටදෙනියාවෙ පොලිස් කාරයන්ට කිසිම දෙය්ක සිදුනොවේ. මන්ද කොටදෙනියාවෙ අය වෙනත් පොලිස් නිළදාරීන් නොකරන අමුතු දෙයක් නොකළැ නිසාය. එය මාධ්‍ය සාකච්ඡාවේදී එක් ප්‍රකට පොලිස්කාරයෙක් සාධාරනීකරනය කළේය.

 මෙම ගෝත්‍රික හැඟීම ඇතිවන්නේ කෙසේද.මිනිසා ඉතා දීර්ඝ කාලයක් අහුලන් කමින් දඩයම් කරමින් දිවිගෙවීය. මිනිසා සමාජ ජීවියෙකි. එනිසා ගෝත්‍රික හැඟීම ඉතා ස්වාභාවිකය. මෙහිදී ගෝත්‍රික යන වචනය ම්ලේච්ඡ යන අර්ථයෙන් භාවිතා කර නැත. ගෝත්‍රය යනු පොදු අරමුනකට එකට ජීවත් වන කන්ඩායමයි.ගෝත්‍රයකට අයත් නොවන කෙනෙක් නැත. මමද ගෝත්‍ර කීපයකටම අයත් වෙමි.සැවොම  ගම ,රැකියාව ප්‍රධාන වශයෙන් විද්‍යමාන ගෝත්‍ර වුනත් ජාතිය,ආගම, පාසල වැනි වඩා සංවිධානගත නමුත් අදෘෂ්‍යමාන ගෝත්‍රවලද සාමාජිකයෝය.

මෙය ශ්‍රී ලංකා පොලීසියට පමනක් පොදුවූ හැඟීමක්ද නැත.ලොව ඕනෑම පොලීසියක් හමුදාවක් එසේය.ඇමරිකානු පොලීසියේ වෙඩි තැබීම් වලින් වසරකට 400 ක් පමන මිය යන බව කියවේ. ඇමරිකාවේ සුදු පොලීසිය විසින් කළු ජාතිකයන් ඉලක්ක කෙරේ. එසේම සිවිල් පුද්ගලයෙක් අතින් පොලිස් භටයෙක් මළොත් ඒ සිවිල් පුද්ගලයා අනිවාර්යයෙන්ම මරන දඩුවමට ලක් කෙරේ. එවැනි අවස්ථාවක සිය සහෝදර නිළධාරියා මැරුවායැයි චෝදනා ලැබ මරන දඩුවමට ලක් කරන පුද්ගල්යා මරන හැටි බැලීමට පොලීසියේ අය කමින් බොමින් බන්ධනාගාරයේ රදී සිටින හැටි දැක්වෙන පොටෝ එකක් මට හමුවිය.ඇමරිකාවේ බන්ධනාගාර වල වින්දිතයාගේ ඥාති හිතවතුන්ට නෛතික ඝාතනය නරඹා ප්‍රීතිවීමේ අවස්ථා  සැළසේ.


සිය සගයා මැරුවායැයි චෝදනා ලද තැනැත්තා රජයෙන් මරන අවස්ථාව දැක බලා ගැනීමට ආ ගෝත්‍රිකයන් පිරිසක්  

ගෝත්‍රික හැඟීම ඇත්තේ ආරක්ෂක අංශවලට පමනක් නොවේ. සෑම වෘත්තියකම ගෝත්‍රික හැඟීම තිබේ. දොස්තරලගෙ ස්ට්‍රයික් බලන්න. රෝහල යනු ගෝත්‍ර කිහිපයක සංකලනයකි. මෙම ගෝත්‍රික හැඟීම ස්වාභාවික වුනත් ලංකාවෙ එය උපරිමයටම නැග ඇත.

මගේ අදහස් මෙම ගෝත්‍රික හැඟීම් හැකිතාක් දුර්වල කල යුතු බවයි.

පරපීඩාකාමුකත්වය ගැන රසික අපූරු ලිපියක් පළ කර ඇත. ඇත්තෙන්ම මෙම දේවල් කතා කිරීම ඉතා වටී. කිසියම් ගෝත්‍රිකයෙක් පරපීඩාකාමුකත්වය මුදාහරින්නෙ වෙනත් ගෝත්‍රයකට අයත් අය වෙතය.ප්‍රතිවිරෝධයක් එල්ල කළ නොහැකි කෙනෙක් වෙත අසාමාන්‍ය ප්‍රචන්ඩත්වයක් මුදා හැරීම පරපීඩාකාමුකත්වය හැර අන් යමක් නොවේ. එසේම නිරුවත් කිරීම් ගැනද අසන්නට ලැබේ. පනින රිලවුන්ට ඉනිමන් බදින රැකියා ඇති බව බොහෝ දෙනා දන්නෙ නැත.

දන්නවානම් අවශ්‍ය අය ඇප්ලිකේෂන් දමනු නො අනුමානය. පඩියයි සතුටයි  එකම වහලක් යටින් . ඇන්නෑවේ

Thursday, October 29, 2015

ගුටිකෑම , විප්ලව හා බඩගින්න

හූ හඩකින් පරිසරයේ ඒකාකාරී රිද්මය බිදවැටුනි. මොකක්ද මේ සද්දෙ කියා මම කාර්යාලයේ ජනේලයකින් අවට බැලුවෙමි. ඉතිහාසය යළි  පැරනි නාටකයම අප ඉදිරියේ රඟ දක්වයි. විප්ලවවාදීන්ට පොලීසිය හා ගැටී සිය සුපුරුදු ඉරනම වන අන්ත පරාජය ලැබී තිබේ.අඩි දෙකක් පස්සට අඩියක් ඉදිරියට කියමින් නිදහස් අධ්‍යාපනයේ ගැලවුම්කාරයෝ පසු නොබලා දුවති. ඇත්තෙන්ම මේවා සංවිධානය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂ  කඩප්පුලියෝ මේවා කලින්ම බලාපොරොත්තු වෙති. ඔවුන්ට වෙන්දේසියට අවශ්‍ය ලේ ලැබී තිබේ. ඊලඟ ජවනිකාව ප්‍රව්‍රත්ති සාකච්ඡාවකි.

මේ ශිෂ්‍යයන්ට තිබෙන්නේ  සුළු ධනේශ්වර මානසිකත්වයකි. මාක්ස් කී ලෙස කම්කරු පංති විඥානයවත් ඔවුනට නැත. මෙතෙක් ශිෂ්‍ය බිලිපූජා බාර යකදුරන් ලෙස සේවය කළැ ජනතා විමුක්ති පෙරමුනේ කඩප්පුලියෝ පොඩ්ඩක් පැත්තකට වී ඇත.විශ්ව විද්‍යාලවල බලය පෙරටුගාමී කඩප්පුලියන්ට ගිය බැවිනි.

මේ කඩප්පුලියෝ කරන්නේ කිසියම් සමාජ ඇරියස් එකක් කවර් කරගැනීමට කරන ස්වයං ප්‍රදර්ශනයකි. මෙහිදී සිසුන් බිලිබෝයිලාය.

මෑතදී මා මුහුන දුන් උද්ඝෝෂන අත්දැකීම් දෙකකි. එකක් අප කෝච්චියේ යනවිට කටුනායකින් අපව නැවැත්වූ විරෝධතාකරුවන් පිරිසක් නිසා වූ අබග්ගයයි. මට මතක හැටියට ගුවන් හමුදාව පැමින මුන් පලවා හැරියහ. අනෙක නම් කොටුව දුම් රිය ස්ථානයේ පැවති සේවක උද්ඝෝෂනයයි. අපට කර කියාගන්නට දෙයක් නොවීය. සේවකයන්ගෙ මොන ප්‍රශ්න තිබුනත් අපට ගිරයට අහුවුන පුවක් ගෙඩිය වීමට බැරිය. අප කෝච්චියේ යන්නෙ මුදල් ගෙවාය. අපට කාගෙවත් ප්‍රාන ඇපකරුවන් වීමට බැරිය. ඒ අවස්ථාවේ කුලුපොලු රැගෙන ආ පොලිස් නිළදාරීන් දෙස අප බැලුවේ අපව ගලවාගැනීමට එන වීරයන් ලෙසය. ඇත්තෙන්ම අයුතු ජනරාශි පාලනය පොලීසියේ රාජකාරියයි.

මොවුන්ගේ ඉල්ලීම්ද හරිම අසාධාරන ඒවාය. සියලු කලා උපාධිධාරීන්ට රැකියා දීම ,පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම වැනි දේවල් අදට නොගැලපේ. ඇත්තෙන්ම මේ කලා උපාධිය නම් රටට බරකි. එමතු නොව බොහෝ කලා නොවන උපාධි පාඨමාලාද රැකියා ඉලක්ක කරගත් ඒවා නොවේ. මගේ එක් උපාධියක් කලා උපාධියක් බව මෙහිදී සදහන් කරමි. මට නම් එය මිටටත් මදිය.

පෞද්ගලික විශ්ව විද්‍යාල චීනයේද ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාලවල සල්ලි තියන එවුන් ඉගෙන ගත්තාවේ .සල්ලි නැති එවුන්ට සම්ප්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතිය ඇත. සියල්ල ලෝක බැංකු කුමන්ත්‍රන කියමින් අඩන විට කදුළු පිහින මෝඩයෝ අද නැත.අද ඊනියා සමාජවාදීන්ට පරමාදර්ශී කේතුමතියක් නැත. එනිසා කියන්නෙ රටට ගැලපෙන ධනවාදී ක්‍රමයක් සංශෝධන සහිතව හදුන්වා දෙන බවය. ඒ කියන්නෙ සූරාකෑමත් තියාගෙන මානව හිමිකමුත් නැති ඒකාධිපති පාලනයක් ලබා දෙන බවයි.


අතුරු ප්‍රශ්න කිහිපයක් ඇතිවේ. යහපාලන පොලීසියත් සිසුන්ට පහර දෙනවානේ අනේ කියා නැට්ටෙ ඉදන් මොළේ තියන කෙනෙකුට සිතෙන්නට පුළුවන. මෙහිදී යහපාලනයට ඡන්දය දුන් අයට පොලීසිය අපේ පොලීසිය වීමටද බැරි නැත. සාමාන්‍යයෙන් පොලීසියට අපේ පොලීසිය කියන අය මට හමුවී නැත. නමුත් හමුදාවට අපේ හමුදාව කියන අය සිටිති. හමුදාවේ අරමුණ රට රැකීම නොව රජය රැකීම බව නොදත් මුග්ධ පිරිස් රතුපස්වලදී කළ ප්‍රකාශ සිනහ වී ලේද පිරිසිදු විය.ඔවුහු කීවේ අපි බෝධිපූජා තියපු අපි ලේ දුන්න අපේ හමුදාව අපේ හමුදාව  අපට වෙඩි තිබ්බ. කොහෙද යකෝ අපට හමුදාවක්. හමුදාව කියන්නෙ මර්ධනකාරී උපකරනායක් .ඒක අයිති පාලකයන්ට.

ඊයෙ සිදුවීම ගැන සී නිව්ස් එකේ පොටෝ හෙම දාල. විමලයල රතුපස්වලදි කියපු කතා දිවයින පත්තරේ අය ලියපු ලිපි එහෙම අපට මතකයි.ජාත්‍යාන්තරය කියන්නෙ හිතන තරම් නරක දෙයක් නොවන බව සමහරු කොමෙන්ට් වලදි කියා තිබුනා.මෙයට නොදන්න මඟුල් ලස්සන කතාවක් කියයි.


// පොලිසිය කියන එක කවදාවත්, මොන ක්‍රමය යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කියන ඒවා කවදාවත්, මොනම ක්‍රමයක් යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…..බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක යාන්තම් හෙවණැල්ලක් හරි තියෙන, මානව හිමිකම් ප්‍රඥප්තීන් අත්සන් කරල තියෙන රටක මෙහෙම නම්, ඒක පාක්ෂික කම්කරු ආඥාදායකත්වයක් යටතේ පොලිසිය එක්ක පට්ටම ෆන් එකක් ගත්තෑකි….එතකොට තියෙන්නෙ පොලිසියකුත් නෙමෙයි….රතු මිලීෂියාවක්….ඒකෙන් දෙයි දෙලෝ රත් වෙන්න ආතල්…..//


බලන්න නොදන්න මඟුල් බ්ලොග් කරු එය කියා තිබෙන අපූරුව


ගැහිල්ල ගැන කියන විට සෙස්සන්ට ප්‍රචන්ඩත්වය මුදාහැරීමට මිනිසා තුල ඇති නැඹුරුව ගැන කතා නොකර බැරිය. මෙහිදී අපූරු පරීක්ෂනයක් ගැන ඔබේ අවධානය යොමු කරවමි. ඒ මිල්ග්‍රම් පරීක්ෂනයයි.  ඒ ගැන ඉකොනොමට්ටා ලියා ඇත්තේ රසවත් කතාන්දරයකි.

ඉකොනොමැට්ටා අපූරු අදහසක් ඉදිරිපත් කරයි. සහතික ඇත්තය. 

මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය! 




මෙම පරීක්ෂනය ආසියාව ,අප්‍රිකාව වැනි ලොව බොහෝ ප්‍රදේශවල සිදුකර ලැබුනේ සමාන ප්‍රතිඵලය.

විශාල පිරිසක් අනුන්ට වේදනාව දීමේදී මහත් උනන්දුවකින් ක්‍රියා කර තිබිනි. එසේනම් මෙය මිනිස් සොබාවයකි. 

තර්ක ශාස්ත්‍රයේදී මෙසේ ජනප්‍රිය තර්කාභාසයක් වෙයි.

සියළු මිනිසුන් මැරෙන සුළුය 
සොක්‍රටීස් මිනිසෙකි.
සොක්‍රටීස් මැරෙන සුලුය.

සොක්‍රටීස් නොව මෙහිදී අයික්මාන්ද මිනිසෙක්යැ‍යි නිකමට සිතමු.

අයික්මාන් යුධ අපරාධවලට වගකිව යුතුද යන ප්‍රශ්නය නියුරම්බර්ග් නඩු විභාගයේදී ඇති විය.


89 කාලයේදී අප ඕනෑතරම් අයික්මාන්ලා දුටුවෙමු. පක්ෂය උපදෙස් දුන් සැනින් ඕනෑම කෙනෙක් මරන්නට සිත හදාගත් ජවිපෙ සාමාජිකයා මෙන්ම කැරලිකරුවෙක්යැයි හැගුන පමනින් මරන්නට සූදානම් හමුදා පොලිස් සාමාජිකයාගේ මනෝ භාවයන් තේරුම් ගැනීමට මෙම මිල්ග්‍රම් පරීක්ෂනය උපකාරී වෙයි. 
අඩුගානේ බටහිර ලෝකයේ මේවා ගැන පර්යේශන  සිදුවෙයි.  අප මේවා පෙර කර්මයටම බැර කර බුදියාගනිමු.


උද්ඝෝෂනය කර ගුටි කෑ සිසුවාත් ගුටි දුන් අයත් සිටින්නේ එකම බෝට්ටුවේය. අපත් සිටින්නෙ එම බෝට්ටුවේමය. අපගේ ප්‍රධාන ගැටළුව අතෘප්තියයි.මිනිසාගේ ප්‍රධානම ගැටළුව අතෘප්තිය ලෙස මම දකිමි.

මාතලන්ගෙ බ්ලොග් එකට යාමට සිදුවන්නෙ මේ අතෘප්තිය ගැන සොයන්නය. තනමල පිපිලා ඇවිත් අසාපන් මේ වරුනේ .අපේ සමාජය බටහිර සමාජවලට වඩා අතෘප්තියෙන් පෙළෙන බව මම සිතමි.සයිබරයට කෙල්ලක් ආවොත් කොටි රැලක් මැදට හාවෙක් ආවාක් මෙනි. සියල්ලන්ටම පියවි සිහිය නැතිවෙයි. කුණුහරප ඇනෝ දමයි. හායි කියයි බායි කියයි හම්බවෙන්න පුළුවන් කොතනදිද අසයි පැනල යන්න කෙනෙක් තවම නැද්ද කියා අසයි.

මට නම් සිතෙන්නේ අපේ අතෘප්තිය එන්නෙ වික්ටෝරියානු සදාචාරය සමාග බවයි.

මාතලන්ගෙ ලිපිවල ඡේද උපුටා දැක්විය නොහැක්කේ හැම ඡේදයක්ම එක වගෙ පට්ට රහ නිසාය. එනිසා මම එම ලිපියට දැමූ කොමෙන්ටුව මෙහි පළ කරමි.


""ගෑනියෙකුගෙ මහපටඇගිල්ලෙ ඉදන් හිස් මුදුනටම යනකම්ම කාම කලාපයක්. ඇත්තෙන්ම ගෑනියෙකුගෙ මුළු ඇගම ලිංගයක්. ඒකෙ තනේට විතරක් විශේෂත්වයක් දෙන්න බෑ .
ඉස්සර ගෑනු ඔක්කොම එලියෙ දාගෙන හිටිය හින්ද කාටවත් ඕකෙ ගානක් නෑ. දැන් ගෑනුන්ව මහානර්ඝ වස්තුවක් වගෙ රෙදි වලින් ඔතන හින්දයි මේ ඔක්කොම අවුල.
ඕව බලන්න ගිහින් බෙල්ල උළුක් කරගන්න වෙන්නෙ ඔය වැහිල්ල හින්දනෙ.
ඕව එලියෙ දාල සතියක් යනකොට දැකලම එපා වෙනව. 
තන් ගැන කියනවනම් බ්‍රා එකෙන් හිර කරල තද කරල හැට්ටෙන් වහල සාරියෙන් හරි තව මොකකින්හරි වහල ලොකුවට ලස්සනට පේනව .
හැබැයි ඕක එලියෙ දැම්මහම වැටකොළු පතෝල වගෙ එහෙට මෙහෙට වැනෙනව . ලස්සන තන්ගෙඩි නැතිවා නෙමේ. ඒවගෙ සුන්දරත්වය ක් තිබුනත් වැටකොලුම දැකල කොල්ලනට සසරකලකිරිල නිසා ඒව දැක්කත් මෝල් වෙන්නෙ නෑ.
ගෝ ටොප් ලස් ලගෙ කැම්පේන් එක බලපල්ල. එපා වෙනව බන්.""


ජුලියස් සීසර් නාට්‍යයේ සීසර් කැසියස් පෙන්වා මෙසේ කියයි. මා වටා තෘප්තිමත් තරබාරු මිනිසුන් සිටුවව. තෙල කැසියස් කෙරෙන් පෙනෙනුයේ බඩගිනි පෙනුමකි.

උද්ඝෝෂකයන් , නිතර විප්ලව ගැන කතා කරන්නන් , සාධාරන සමාජ පතන්නන් සිටින්නේ බඩගින්නේය. ඔවුන්ගේ මානසික බඩගින්නට හේතු සොයා පිලියම් යෙදිය යුතුය. කාල බීල බඩුවක් ගහල ෆුල් ෆන් එකේ ඉන්න එවුන් පොලීසිවලින් ගුටිකා ඇගතලා ගන්නට කැමති නැත.ක්‍රීඩාවක් ලෙස සටන් කිරීම වෙනම දෙයකි. කැම්ප්ස් එකෙන් පිට වුන හැටියෙ ධනපති සමාගම් වලට ඇප්ලිකේශන් දාන මුන් ( ඒකත් බැරි එවුන් රජයේ රැකියාම පතති. ) ගෙ මොන සමාජවාදෙද . ශිෂ්‍යයන්ට ඕන කාල බීල ඉන්න පොදු හැගීම නෙමෙයි. නිදහස් අධ්‍යාපනය අවශ්‍යයි නමුත් මේ කියන්නෙ අපට පන්තිය මාරුකරගන්න නිදහස් අධ්‍යාපනය රැක දීපියවු කියන එකනෙ.




කැම්පස් ලගින් බඩුපොට්  දෙකතුනක් දැම්මනම් විප්ලව කොහෙන් ගියාද නෑ.





Wednesday, October 28, 2015

පින් පවු කියා දෙයක් තියනවද

පින පව යන සංකල්පය මානව ඉතිහාසයේ මුල සිටම දකින්නට ලැබෙන්නකි. අප ම්ලේච්ඡ යැයි හදුන්වන ගෝත්‍රවලද පින පව යන අදහස ඇත.එහෙත් මෙය සමාජයෙන් සමාජයට වෙනස් වේ.එක් සමාජයක පිනක් තව සමාජයක පවක් වීමට ඉඩ ඇත.හොඳම උදාහරනය බිලිපූජාවයි. දෙවියන්/සොබාදහම ඇදහූ ආදිකාලීන ගෝත්‍රිකයෝ සිය ක්‍රියාමගින් සොබා දහම පිනවන්නට උත්සාහ කළහ.දෙවියන්/ සොබාදහමසතුටු කරන බිලිපූජාව එය සිදුකරන අයට අනුව පිනකි.වෙනත් සමාජයක එය පවක් විය හැක.

දේව කේන්ද්‍රීය ආගම්වල දෙවියන්ට අප්‍රිය දේ පවක් ලෙසත් ප්‍රිය දේ පිනක් ලෙසත් හැදින්වේ.කාලානුරූපීව දේවියන්ගේ ප්‍රිය අප්‍රිය දේද වෙනස් වන බව පෙනේ. දෙවියන් යනු මිනිසා ඔලුවෙන් සිටවීමකි.දෙවියන් අදහන්නා එම දෙවියන්ගෙ ගතිගුන වලට බද්ධ වේ. එසේම දෙවියන් පවු යැ‍යි සළකන දේ නොකිරීමටත් දෙවියන් පින් යැ‍යි සළැකන දේ කිරීමටත් පෙළබේ.

බොහෝ ශිෂ්ටාචාරවල දෙවිවරු එම ශිෂ්ටාචාරවාසීන්ගේ ගතිගුනම දැරූහ. එනම් කෝප වීම, පසුතැවීම,තමන්ට ප්‍රිය ජනයාට පෙරළා ආදරය කිරීම වැනි මිනිස් ගති දැරූහ.එක් දෙවියෙක් සිය නාමය ගැන උනන්දුයැයි කියවේ. මිහිරි හඩින් ඔහුගේ නාමය කියා ගී ගයන විට ඔහු තුටු පහටු වේ.මෙවැනි දෙවිවරු ඇදහූ ආදිකාලීන මිනිසුන් පින පව නොව සියල්ල ගැනම බලාපොරොත්තු තැබුවේ දෙවියන් ගැනය.

මිත්‍යාවක් යටපත් කළ හැක්කේ තවත් මිත්‍යාවකිනි.එක්තරා සමාජයක මිත්‍යාවන් වැහි වැහැලා තිබුනි. ඒ සියල්ල සෝදා හැරියේ ඒක දේවවාදය හදුන්වා දීමෙනි. මේ එක් දෙවියා පරන දෙවිවරුන්ට ප්‍රිය දේ තහනම් කළේය.එසේම සමාජ ප්‍රශ්නද විසදිය හැක.උදාහරනයකට එහි එක් සමාජ ප්‍රශ්නයක් වුනේ පොලී ගැනීමය.දෙවිතුමා වහාම එය තහනම් කළේය.එතැන් සිට එය අකුසලයකි. මේ විදියට සමාජවාදය බිහිකිරීමටත් තිබුනි. ලාබ ලැබීම අකුසලයක් ලෙස දෙවියන් පනිවිඩයක් එවුවානම් මිනිසුන් සේවයේ යෙදවීම තහනම් කර පොදු දේපොල ක්‍රමයක් දේව නියමයක් ලෙස පැනවීමට තිබුනි.එසේ කළානම් ලාභ ලැබීමට වෙළදාම් කිරීමට  ෆැක්ටරි කරන්නට ව්‍යවසායකයන් නැතිවනු ඇත. මන්ද එය අකුසලයක් බැවිනි. සියල්ල දත් දෙවිතෙමේ සියල්ල දෙස බලා සිටියි.
නිශ්පාදනය කිරීම හා ඒවා අවශ්‍යැ ලෙස බෙදාහැරීම පූජකයන් විසින් කරනු ඇත.

අනාචාරය නිසා පිරිමින් අතර ගැටුම් වළක්වන්නට සදාචාර නීති පහළවූ අතර ඒවා දෙවියන් විසින් පනවා ඒවා කැඩීම අකුසල් බව කියා තිබිනි. මත්පැන්බී වෙරිවීමෙන් සෙබලු නිසි ලෙස යුධ නොකරන නිසා මත්පැන් බීමද අකුසලයක් විය.

පුරාන ඉන්දියාවේ විශාල සමාජ ප්‍රශ්නයක් වුනේ බිලිපූජාය.මෙම මහා බිලිපූජාවලට ගවයන් විශාල ලෙස අවශ්‍ය විය. බමුණන්ගේ මෙම ක්‍රියා දුප්පතුන්ට විශාල අවහිරයක් විය. අවිහිංසාව දේශනාකළ දේශකයන් පහළවන්නේ මෙවැනි වටපිටාවකය.

කෙසේ නමුත් දෙවියන්ට ප්‍රිය අප්‍රිය දේ නොව පොදු නීතියක් සොයාගැනීමට පර්යේශන දියත් විය. කර්මය බිහිවුනේ මෙලෙසය.කර්මය බලවේගයකි. එය සර්ව සාධාරනය. කවුරු කර්ම නීති කැඩුවත් පවු සිදුවේ. මේ කර්ම චක්‍රයෙන් මිදීමේ අවශ්‍යතාවය ඉන් පසු ඇතිවිය. මෝක්ෂය/නිර්වානය යන සංකල්ප බිහිවන්නෙ ඉන් පසුය.

පර්සියාවේ සොරවැස්තරවාදය දෙවියන් හා බලවේග අතර සන්ධිස්ථනාය්කි. මෙහි ඕස්මස්ද් හා ආරිමාන් යැ‍යි බලවේග දෙකක් විය.මේ දෙක එකිනෙක හා ගැටේ. පාපය නියෝජනය කරන්නේ ආරිමාන්ය,පින ඕර්මස්ද්ගේය. රැය ආරිමාන්ගේය දහවල ඕර්මස්ද්ගේය.ආදි වශයෙනි.

මෙම බලවේග අවස්ථව  මිනිස් විද්වාසයන්හි එක්තරා පරිනාමායකි. චීනයේ ටා ඕ සහ ඉන්දියාවේ බ්‍රහ්මන් එක සමානය.මේ දෙකෙහිම මූලය එකක් විය හැක.

ජෛන සංකල්පය තවත් ඉදිරියට ගියේය. එනම් යකඩ තුල ගින්දර සේ ආත්මය තුල කර්මය ඇත. එනම් ජෛන කර්මය නිත්‍යය.ඊට පුද්ගල දායකත්වය ඇත. එනම් ප්‍රයත්න දැරීමෙන් කර්ම ක්ෂය කළ හැක.

බුදුදහම ඉන් ද ඉදිරියට ගොස් අනිත්‍ය බව උගන්වයි.බුදුදහමේ කර්ම සංකල්පය අප දනිමු හෝ දන්නවායැ‍යි සිතමු.

පින් පවු කතාව පරිනාමය වුනේ එලෙසය.

මේ අනුව කාලයෙන් කාලයට සමාජයෙන් සමාජයට වෙනස් වන මෙම පින් පවු කතාව සාපේක්ෂ දෙයකි.පින් පළ දීමෙන් යහපතද පවු පළ දීමෙන් අයහපතද උදාවන බව කියවේ.
මෙම ප්‍රශ්න ඇතිවන්නේ මෙම අපැහැදිලිකම නිසාය.

x නමැත්තා ට රුපියල් සීයක් මහපාරේ තිබී හමුවෙයි .ඔහුට එය අහම්බයකි. එහෙත් ඔහුට රුපියල් කල්ෂයක්/දශ ලක්ෂයක් මහපාරේ තිබී හමුවුනොත් එය පෙර කළැ කුසලයක් පටිසන් දීමකි.

x ට සෙම්ප්‍රතිශ්‍යාව සැදෙයි. එය අහම්බයකි.
එහෙත් x ට ඒඩ්ස් හැදෙයි. එවිට එය පෙර කළ පවක් පටිසන් දීමකි.

නිගමනය පවු පින් තීරනය වන්නේ එහි ප්‍රමානාත්මක බව මතය.


x රූමත් ව උපත ලබයි. එයට හේතුව ජානමය බලපෑමකි. x ගේ පවුලේ අයට වඩා x රූමත්ය.මෙහිදී x රූමත් වීමට හේතුවූ ජානමය බලපෑම සිදුවූයේ කුසලයක පීඩනය නිසාද 
මෙම ප්‍රශ්නයම මෙහි අනෙක් පැත්තටද ඇසිය හැක.

x ඇතුලු පිරිස 2004 දෙසැම්බර් 26 වෙනිදා බීච් එකට ගියහ. සියල්ලෝම මරු දුටහ. ඒ කවර අකුසලයක් නිසාද .මෙයට අතුරු කතාවක් ගෙතිය හැක.අවශ්‍ය නම්  x පෙර ආත්මයක දී මැස්සන් /කුහුඹුවන්/වේයන් රංචුවක් මැරීම නිසා මෙය සිදුවූවාය කියා  කතන්දරයක් ගෙතිය හැක.


බුදුදහමේ නියාම ධර්ම ඉගැන්වෙයි. බීජ නියාම _ ජානමය බලපෑම්
උතුනියාම -පරිසර බලපෑම්
චිත්ත නියාම - සිතිවිලිවල බලපෑම්
ධම්ම නියාම - ධර්මතාවල බලපෑම් 
හා කම්ම නියාම ලෙසය.

මුලින් කී සිව් නියාමයන් ට අයත් නොවන කම්ම නියාමයට අයත් දේ මොනවාද

මගේ නිගමනය

චේතනාවම කර්මයට මුල් වන බවත් බුදුන් දෙසූහ. මට නම් සිතෙන්නේ කර්ම බිහිවන්නේ චේතනාව මත බවයි.එනම් සිතිවිලිය.සිතිවිලි යනු බාහිර පරිසරය ඇසුරින් සිතේ ඇතිවන්නකි. එහි එක් දෙයක් හෝ නැත්නම් සිතිවිල්ල ඇති නොවේ . සමස්තයක් ලෙස ගත්විට මම යනු සිතිවිලි සමූහයකි.ඇත්තටම මම කියා කෙනෙක් නැත. බාහිර පරිසරය හා මම අතර සංයෝජනය බිද විගස මම අහෝසි වේ. වියුක්ත මම නැති බැවිනි. එසේනම් වියුක්තව සිදුවන පාප හෝ පුන්‍ය කර්මත් වියුක්තව ලබාගත් යුතු නිර්වානයකුත් නැති බව මගේ හැඟීමයි. මම කියා ඇත්තටම කෙනෙක් නැත්නම් මම ලබාගන්නා නිර්වානය කුමක්ද 


අපූරු තාක්ෂනික පුවත් 





Monday, October 26, 2015

දෙසතිය

පෙරහැරවල අලින්ට සිදුවන හිංසාව ගැන සංවාදයක් කුරුටු බ්ලොගයේ තිබිණි. මමද එයට සම්මාදම් වුනෙමි. එහෙත් දෙසතිය තුලින් අපේක්ෂා කරන්නේ මා බ්ලොග් වල දමන කොමෙන්ට් යළි පලකිරීම නොව එහි අතුරු කතා ඇසුරින් සංවාද ගොඩ නැගීමය.

එම සංවාදයේදී අප හිතවත් මනෝ මන්දිරකීවේ අක්ඛන සූත්‍රයට අනුව සතුන්ට කුසල කර්ම කළ නොහැකි බවයි. එම අදහස තර්කානුකූලය බුදු දහමට එකඟය. බුදු දහම බුද්ධිමතුන්ට ගෝචර වූවක් බව ද මෙහිදී සිහිපත් කළැ යුතුය.

එහෙත් ගෙම්බන් බන ඇසීමෙන් පසු දෙව් ලොව ගිය කතාද ඇත. පාරිලෙයිය කතාවේ ඇතා කුසල කර්ම කල බව කියවේ. ජාතක කතා ද මිනිසුන් වැනි සතුන්ගෙන් පිරී ඇත.සතෙකුට මිනිස් ආගම් ගැන හැඟීමක් ඇති වෙන්න බෑ. සතෙකුට නෙමෙයි වනචාරී ගෝතිර්කයෙකුට වුනත් හාමුදුරුකෙනෙක් දැක්කොත් හැඟීමක් පහල වෙනෙන් නෑ. බ්‍රහ්මවන්සෝ හාමුදුරුවො පින්ඩපාතෙ යනකොට එන්ගලන්තෙ දියුණු මිනිස්සු හිතුවෙ විකට ඇදුම් තරගෙකට ගිය කෙනෙකුට පාර වැරදිල කියලලු.

බුදුදහමට අනුව සත්තු යනු තිරිසන් අපායේ සිටින පිරිසකි. එසේම සතුන්ට කුසල සිත් පහල නොවේ. ඇත්තෙන්ම සතුන්ට මිනිස් ආගම් ,මිනිස් ගම් නගර , මිනිස් සිරිත් විරිත් ගැන අවබෝධයක් නැත. සතුන්ට අවශ්‍ය කෑම නිදාගැනීම ,ලිංගික අවශ්‍යතා ,පැටවුන් රැකබලාගැනීම පමනි.

මාතලේ අලුවිහාරයේදී මුලින්ම බුදුදහම ග්‍රන්ථාරූඩ කරන තාක් කටපාඩමින්  පරම්පරාවෙන් පරම්පරාවට දහම ගෙන ආ බව කියවේ. එහෙත් මෙහිදී යම් යම් කරුණු හැලීමටත් අලුත් දේ එකතුවීමටත් ඉඩ වැඩිය.මා නම් නියම බුදුදහම හදුනාගන්නේ බුදුදහමේ ප්‍රධානතම මූලධර්මය වන අත් ඇරීම ට අදාල නොවන නොගැලපෙන සියල්ල බමුණු දහම බවයි.

අත් ඇරීම කියන විට සිහියට එන්නේ අරියඥාන හිමියන්ගේ බණය. ඇත්තෙන්ම අරියඥාන හිමියන් තරම් රසවත්ව බුදුදහම දේශනා කරන හිමිනමක් මටනම් හමුවී නැත. අරියඥාන හිමියන් වොචර් ජොබ් ( මුර දේවතා )  එක කරන්නේද නැත. වොචර් ජොබ් එක කරන්නෙ දුස්සීල කම වහගන්නය. අනේ අහවලා වොචර් ජොබ් එක කරනවානෙ කියා අනෙක් මගෝඩි වැඩවලට රක්ෂනයක් ලබා ගනීමටය.

අරියඥාන හිමියන්ගේ බණ වල උන් වහන්සේ දුටුවායැයි කියන දර්ශන කියවන විට මට නම් විචිකිච්ඡාව වැඩුනි. ඒ පිටසක්වල ජීවීන් ගැන කී කතා නිසාය. එක් තැනක සිය දෙමවුපියන් කොහේ සිටිනවාද කියා නොදන්න බව කියන එහිමියන්  වෙන අයගේ මතු උපත් හෝල් සේල් එකට කියයි,ආලෝක වර්ෂ දහස් ගාන්න් එපිටින් සිටින නිළමෙලා සහ මොන්ටිසෝරි ගැන කියයි.එසේම සාංඝීක  දේපොල කෑ අලියාගේ ඉරනමද බුදුදහමට එකඟ නැත. සතුන්ට කුසල කර්ම මෙන්ම අකුසල කර්මද කළ නොහැක.

එහෙත් අරියඥාන හිමියන්ගේ බන පදනම් වන්නෙ අත් ඇරීම මතය. එනිසා එය පිරිසිදු බුදු බණය. උන් වහන්සේ මෑතකදී ආහාර තෘෂ්නාව සහ නිවාස ගැන පළ කළ අදහස් ඉතා ප්‍රයෝජනවත්ය.සියළු සංස්කාර ධර්ම අනිත්‍ය බව බුදුදහමයි.එහෙත් තමන් අතීතයේ පාවිච්චි කළ  කලුසුදු රූපවාහිනියක් ,බයිසිකලයක් වැනි දේ වලට පවා බැඳීම් ඇති කරගත් අය සිටිති.




දෙනෙත් හරින්න බ්ලොග් එකේ තව අපූරු පුවතක් විය. ඒ සවුදි අරාබිය තව කෙටි කලකින් බංකොලොත් වන බවයි. ඇත්තෙන්ම සවුදිය යනු තෙල් නිසාම වැජඹෙන රාජ්‍යයකි. දැන් තෙල් වලට විකල්ප සොයා බොහෝ පර්යේශන කෙරේ. එසේම තෙල් සම්පත සදාකාලික නැත.එය ඉමහත් පරිසර දූෂන කාරකයකි. ඇත්තෙන්ම තෙල් නොතිබුනානම් සවුදි වැසියන් තවම කූඩාරම්වලය.


තාක්ෂනය වේගයෙන් දියුණු වේ. මිනිස් සමාජය වෙනස් වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස්වීමට සමගාමීවය. මා කලින් ලිපියකද සදහන් කළ පරිදි මිනිස් සමාජය උඩු යටිකුරු කරන විප්ලව එකක් නොව තුන හතරක්ම අප ඉදිරියේය.
ඒවා නම් 3 D printing , Virtual reality, brain to brain communication , Nanotechnology ,artificial intelligence ය.

මේ ගැන අපූරු පුවත් දෙකක් හමුවිය.





කෘතිම බුද්ධිය සම්බන්ධ පර්යේශන සාර්ථක වන බව පෙනේ. මෙහි ප්‍රතිපලයක් ලෙස මිනිස් හොරුන්ගේ වැඩ වලකිනු ඇත.මිනිස් වැරදීම් අවම නිසා අනතුරුද අඩුවනු ඇත. එසේම වඩානිවරදි තර්කානුකූල කාර්යක්ෂ්ම ලොවක ජීවත්වීමට අනාගත මානවයාට හැකිවනු ඇත. අද අපට බොහෝ දුරස් සමානාත්මතාව වැනි ගුනධර්මයන්ද සවිමත් වනු ඇත.මන්ද එවිට ඉගෙනීම වඩා පහසු නිසාත් මිනිස් විශේෂ ප්‍රාගුන්‍ය ට වඩා යන්ත්‍ර වඩා ඉදිරියෙන් සිටින නිසාය. සියලු මිනිසුන් එකම බෝට්ටුවකට වැටෙන නිසා යන්ත්‍ර ඉදිරියේ සියළු මිනිසුන් සමාන වනු ඇත.


එකකට එකක් නොපරදින අපූරු රසවත් කවි ලියන මධුවා දැන් ජීවිතය කියා අටමගලයක් ලියයි.ඉතා රසවත්ව කලාත්මකව පවුලක සිදුවන හැලහැප්පීම් ලියන්නේ කවි සේම අප ඇද බැද තබාගනිමිනි. ඒ ගැන නොලිව්වොත් ලිපිය අසම්පූර්න නිසා ඒ ගැනද සටහනක් තබමි. 

මදාවියාගේ ජීවිතය

මේ හැර බොහෝ බ්ලොග් විවිධ සිංඩි වල සැරිසරමින් කියෙව්වෙමි.ඒවාද රසවත් ය.මම කොමෙන්ට් මගින් ඒවායේ දායකත්වය දුන්නෙමි. එහෙත් මෙහි සටහන් තැබුවේ මගේ කල්පනා ලොව කැලබූ පෝස්ට් කිහිපයකි.


දෙසතියේ නව මාවත් විවරකළ බ්ලොග්

සජ්ජාගේ පඩංගුව    -  කප්පම් වසංගතයෙ නව මානයක්

,විභීෂණ ,- මළ ගෙවල්වල සෝබන

තනි තරුව-විරහව

'දෙසතිය ' තුලින් සඳහන් කෙරෙන්නේ සමාජප්‍රශ්න හා සංවාදශීලී කරුනු පමනක් බවකරුනාවෙන් සලකන්න

Monday, October 19, 2015

ගුරුවෘත්තිය සහ මම

ගුරුවෘත්තිය සහ ළමා හිංසනය ගැන ලිපියක් පළ කළෙමි. අයුක්තිය දුටු තැන එය හෙළා නොදකින්නා එම අයුක්තියේ කොටස්කරුවෙකු වේ. ඉස්සර ගුරුවරුන්ගෙන් ඇතමෙක් සිතුවේ තමන්ට පත්වීම ලැබෙන්නේම ළමයින්ට ගහන්න කියාය. සිය මාන්නය හා උද්ධ්ජචකම පෙන්වීමට පාසල් දරුවෙකුට දුන් දඩුවමක් විවේචනය කරමින් ලිපියක් පබ්ලිෂ් කලෙමි.එය මග හැරුන අය මෙතනින් කියවන්න


මේ සිදුවීම දුටුවිට මට දහසක් ගුරු මෑනිවරු පියවරු අතර සිටින අයි එස් අයි එස් ලා අතලොස්සක් ගැන යමක් කියන්නාට් සිතුනි.ඇත්තටම මට ගුරුවෘත්තිය එපාවුනේ මෙහෙම අය නිසාය. ඇල්බට් අයිස්න්ටයින් මෙසේ කියා ඇත." මට පාසල පෙනුනේ බන්ධනාගාරයක් ලෙසය ගුරුවරු ජේලර්ලා ලෙසාය්." මට ගුරුකම එපා වුනේ සමහර ගුරුවරුන්ගේ වැඩ දැකීමෙනි.

ගෙදරින්ද මාව ගුරුවරයෙක් කිරීමට උනන්දුවක් දැක්වූවේ නැත.එහෙත් එකළ තිබූ ගුරු විභාගයකට පෙනී සිටීමට සිදුවිය. විභාගය තිබුනේ කුඹුක්ගැටේ පාසලේය. මා එනකම්ම බයෙන් සිටියේ පාස් වුනොත් මොන දෙයියන්ට කියන්නද කියාය.මා ලියන විභාග බොහෝ විට අවසන් වන්නේ පාස් වීමෙනි.

එම විභාගය සමත් වී තිබිනි. එහෙත් එම පත්වීම භාර නොගෙන තුන්වෙනි වර උසස් පෙළ කරන බව කී විට ගෙදරින් එයට අනුමැතිය හිමිවිය.ඉන් පසු උපාධි ගුරු විභාගය සමත් වූ පසු ගුරුවරයෙක් වීමට මාද සිත හදාගෙන සිටියෙමි.පත්වීම ලැබුනේ කිට්ටු ඉස්කෝලයකටය. එහෙත් මට වෙනත් රැකියාවක් ලැබුනේ ඒ අතරපරදාවේය.එනිසා එයටද යාමට නොළැබුනි.

ගුරුන්ටත් අකුරු උගන්වන ලෙස මට ඇරයුමක් ලැබුනේ ඉන් පසුය. එය නම් මම කැමැත්තෙන්ම භාර ගතිමි.ඒ අධ්‍යාපන පරිපාලන පන්ති කිරීමට තාවකාලික දේශකයකු ලෙසය.මහනුවර,කුරුණෑගල,ගම්පහ සහ කොළඹ දී මම එම කාර්යය කළෙමි.එය ද අලුත් අත්දැකීමකි. එය නතර වුනේ දැන් කල්‍යාන කරන විභාගය කරන්නට යාමෙනි. එහි ප්‍රවේශ පරීක්ෂනය සමත් වීමෙන් පසු ගුරුන්ටත් අකුරු ඉගැන්වීම නවත්වා දැමීමි.එයද අලුත් අත්දැකීමකි.

එසේම ආශාවක්ද සහිතව කළ හැකිවිය. මගේ ඥාති සහෝදර විදුහල්පතිවරයෙක් ද (කුඩා පාසලක ) අධ්‍යාපන පරිපාලන ලියූ අතර ඔහු මගෙ පන්තියට එනු ඇතැයි බලා සිටියත් ආවෙ නැත.

මා කළේ මගේම නොවන මගේ පන්තිය. එනම් මා කළේ පන්ති පවත්වන දේශකයාට සහායට ඔහු පැවරූ විශයක් ඉගැන්වීමය. තරඟ විභාගවලට සිසුන් සූදානම් කරන දේශකයෝ අප වැනි අය සිය පහසුවට යොදා ගනිති.

මෙයට නම හදාගත හැකිනම් ගොඩේ ගොඩය. මාසෙකට ලක්ෂ 8 ක් පමන සොයාගත හැක. මාසයකට එපමන මුදල ලැබෙන් රැකියා ලංකාවේ ඇද්දැයි නොදනිමි., එහෙත්  නම හදාගැනීම නම් සිතන තරම් පහසු නැත. එම ක්ශේත්‍රයේ වැජඹෙන දේශකයන් සංඛ්‍යාව අල්පය.

කෙසේ හෝ රැකියාවට අමතරව අනාගතයේ මම ගුරු භූමිකාවක් රඟ දැක්වීමටද ඉඩක් ඇත.


එහෙත් ඒ පෞද්ගලික වය.  

කෙසේ හෝ මගේ මතය නම් රජයේ ගුරුවරුන්ට පුහුණුවක් ලබා දිය යුතු බවය. නව අධ්‍යාපන ක්‍රමවේද ගැන දැනුවත් කළ යුතුය. ඔවුන්ට විදේශ සංචාර ලබාදී දියුණු රටවල අධ්‍යාපන ක්‍රමවේද ගැන පුහුණු කළ යුතුය. එසේම එක් පන්තියක සිටින සිසු සංඛ්‍යාවද අඩු කළ යුතුය. විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන් 40 ක් පමන සිටින විට හැම ළමයම එක පාර කතා කරන්නට යාමෙන් ගුරුවරයාට පිස්සු හැදේ.ඒ මදිවට නඩු විසදන්නත් සිදුවේ.

එසේම නව තාක්ෂනය යොදා ගැනීමද කාලානුරූපීව සිදුවිය යුතුය.

නිතර ඉගෙන නොගන්නා ගුරුවරයා පැරැන්නෙක් වේ කියා කියමනක් ඇත.

Friday, October 16, 2015

ගුරු වෘත්තිය සහ ළමා හිංසනය

පාසල් වල සිදුවන ළමා හිංසනය ගැන පෝස්ට් එකක් දැමීමට සිත්වුනේ එක්තරා අත්දැකීමක් නිසාය.ඒ අලුත් බ්ලොග් එකක පලවූ ලිපියකි.දැන්  එම ලිපිය ඉවත්කරගෙන ඇත. 

මෙය මෙම ගුරුවරියට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් විනයානුකූලව කටයුතු කළ හැකි  මෙන්ම නීතිමය පියවරද ගත හැකි බරපතල සිදුවීමකි.බරපතල ළමා අපචාරයකි/හිංසනයකි.මෙය අනුමත කරන අයද (එවැන්නන් සිටී නම් ) එවැනිම මනස් ඇති අයයි.

එම සිදුවීම පහතින් දැක්වේ.

මෙහිදී ගුරුවරිය විදුහල්පතිවරයා හමුවීමට යනවිට පන්තියේ සියළුම ළමයින්ට පන්තියෙන් බැහැරව නොයන ලෙස අවවාද කර ඇත.එසේ ගියහොත් පන්ති නායකයා වගකිවයුතු බවද ප්‍රකාශ කර ඇත. එසේ සිසුන් පන්තියෙන් බැහැර ගියහොත් ගුටි කන්නට සිදුවන්නේ පන්ති නායකයාට බවද ප්‍රකාශ කර ඇත. එවිට කීයක් ගහන්නේදැයි එක් සිසුවෙක් විමසා ඇති අතර පන්තියෙන් බැහැරව යන එක් සිසුවෙක් වෙනුවෙන් පහරවල් පහක් ගහන බව පවසා ඇත. 

මෙම ගුරුතුමියගේ පළමු පත්වීම විය හැක. නැත්නම් මෙවැනි තීරනයක් නොගන්නා නිසාය.මන්ද පන්ති නායකයාට මෙවැනි වගකීමක් භාරගටහ් නොහැකි නිසාය. ගුටි කන්නෙ තමන් නොවන බවදන්නා සිසුන් පන්තියෙන් එළියට යන්නට බිය නොවෙති. එක් අයකු කරන වරදකට තව කෙනෙකුට දඩුවම් දීම මරි මෝඩ කමකි. එසේම මෙම ගුරුතුමියට පන්තිය පාලනය කරගටහ් නොහැකි බවද මෙම හැසිරීමෙන් පෙනේ. ගුරුතුමියට බැරි දේ පන්ති නායකයා කෙසේ කරන්නද

 විදුහල්පතිවරයාගේ කාර්යාලයෙන් ආපසු පන්තියට එන විට සිසුන් 13 දෙනාම සිටියේ පන්තියෙන් පිටය. ඉන් පසු සිදුවූ දේ ඇයගේම වචන වලින් මෙසේය.

උපුටා ගැනීමක්

 // ළමයි මං කිව්ව දේ ඇහුවේ නෑ ටීච... මම ෆේල්”
මා මැදිවුයේ ගැටළුවකටය. පන්තියෙන් බැහැර වු එක් අයෙකු වෙනුවෙන් පහර පහක් දෙන බව කීවේ එසේ කිරීමට මට අවශ්යළ නොවනු ඇතැයි සිතාය. එහෙත් වුයේ අනිකකි. කිසිවක් නොකියා මම වේවැල අතට ගත්තෙමි. එ සැණින් පන්ති නායකයා මා ඉදිරියට ඇවිත් සිය සුරත ම දිගු කර උන්නෙ මැසිවිලි නැතුවය. පහර හැට පහක් අත් දෙකටම වැදෙන තුරු නොසෙල්වී දෑතම දිගු කරගෙන ඔහු උන්නෙය. එහෙත් ඇස්දෙකම තඩිස්සි වී ඉදිමෙන්නට තරම් පහර  දී ඉවර වන විට මම හඬා තිබුණි.

පසු සටහන‍:-
මා ‍ස්ථාන මාරුවක් ලබා වසර කිහිපයකට පසු දිනෙක ත්රී.රෝද රියක් මා පසුකර ගෙන ගොස් නැවත හරවා පැමිණ මා ඉදිරියේම නතර විය. කරදඬු උස්වු තරුණයෙක් රියඳුරු අසුනෙන් බැස තාර පාර මැද දණ බිම ඔබා මට වඳින ලදී.
“ මාව මතකද ටීචර්” මම සිනාසුනෙමි. ඒ ඔහුය.
“මගෙන් වැඩිපුරම ගුටි කාපු ළමයා” //


මෙම සිසුවා නතර වී ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු වීමෙනි. මෙම කතාවේ අපූරු අතුරු කතා රැසක් ඇත.

මේ සිදුවීමෙන් පසු කිසිදිනක වේවැල පාවිච්චි නොකළ බව කියා ඇතත් එය පිළිගත නොහැක. එසේම උසස් පෙළ පන්තිවලදීද පහරදීම් කරන බව කියා ඇති නිසාත් කොතරම් පහරදීම් කළත් දරුවන් ආදරේ බව කියා ඇති නිසාත් ඇයගේ ලිපිවල සිසුන්  සිසුවියන් කොයි වෙලෙත් ගුටි කෑමට සුරත දිගුකරගත් වනම සිටින නිසාත් මෙම ගුරුතුමිය පහරදීම් වලට ඇබ්බැහිවී ඇති බව පෙනේ.   බොරු වරදකට පහරවල් 65 ක් ගැසූ ගුරුවරියක් ඉන් පසු කිසි දිනක වේවැල පාවිච්චි නොකල බව කීම හාස්‍ය ජනකය. 

මෙම සිදුවීමේදී පහර 65 ක් එක් සිසුවෙකුට  ගැසීම එම ගුරුතුමියට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට තරම් බරපතල වරදකි.

පහරවල් පහ ගානෙ දෙනබව කී පසු එම දඩුවම අවලංගු කළ නොහැකිවුනේ මන්ද යන්න ගැටළුවකි. හා මම මේ වතාවට සමාව දෙනව ආයෙ එලියට ගියොත්  එලියට යන අයට පහරවල් පහ ගානෙ ගහනවා කීවානම් කැකිල්ලෙ තීන්දුවට වඩා සාධාරනය. කියපු දේ නොකළා කියලමේ ගුරුතුමියට එරෙහිව කවුරුහෝ නඩු දමනවායැ.අනෙක් අතට ගුරුවරියට අවනත නැති සිසුන් පන්ති නායකයට අවනත වෙනවාද

බොහෝ ගුරුවරු සිය දුර්වලකම් ද සිසුන්ගේ පිටින් යවයි. එසේම ගෙදර පීඩනය මුදාහරින්නේද සිසුන් මතිනි.එසේම ගුරුවරුන්ගෙන් කිසියම් ප්‍රතිශතයක් වධ හිංසා වලට ඇබ්බැහිවී සිටිති. මෙය සමාජය ප්‍රසිද්ධියේ කතා නොකරන තිත්ත ඇත්තකි.


මේ ලිපියට අදාලව එක් පියෙකුගේ කොමෙන්ටුවකි.

// දරුවෙකුට පහරදීම නම් කිසිසේත්ම සාධාරණ නැහැ.දරුවෙකුට වදින පහරේ සැරකම දැනෙන්නේ ශරීරයට නොවේ හිතටයි. 1 වසරේදී එක නපුරු (ගුරු)ගැහැනියක් මගේ පුතාට ඉතා තදින් පහර දී තිබුනා කිසිදු හේතුවක් නැතිව. ඒ පහරදීමේ කම්පනය දිගු කාලයක් පුතා තුල තිබුනා.දරුවාගේ මානසික කම්පනය නැතිකරන්නට මගේ බිරිඳ බොහෝ වෙහෙසුනා.කුඩා කල සිටම මගේ පුතා අම්මා වැනිම ඉතා විනය ගරුක නිශ්ශබ්ද චරිතයක්.

ඒ ගැහැනියගේ හෝ මගේ වාසනාවට එම සිද්ධිය වනවිට මා ලංකාවේ හිටියේ නැහැ.දැනට 13 වසරේ ඉගෙනගන්නා මගේ පුතා,අදටත් ඒ ගුරුවරිය මතක් කරනවාටවත් කැමති නැහැ. 

පසුව මා මෙම ගුරුවරිය පිළිබඳව සොයා බැලූ විට දැනගත්තේ ප්‍රශ්නවලින් ගෙදර ජීවිතය අපායක් කරගත් ගැහැනියක් බවත්,ඒ පීඩනය මත පාසල් විත් යකින්නක් ලෙස හැසිරෙන බවත්.සැම දිනකම කවුරුන් හෝ දරුවෙකුට පහරදෙන බව.ඒ දිනෙන් පසු දරුවා පාසල මතක් කරනවාටවත් කැමති උනේ නැහැ. මාගේ බිරිඳ විදුහල්පති සමග කතා කර දරුවා වෙනත් පන්තියකට දැම්මා. 

විශේෂයෙන් බාලාංශ පන්ති සඳහා යෙදවිය යුත්තේ දරුවන්ට අම්මා ලෙස හැඟෙන කරුණාවන්ත ගුරුවරියන්. ළමයින් ලොකු වූ පසු කැම්පස් යනවාද හිරගෙදරට යනවාද යන මුලික තීරණය තමන් නොදැනුවත්ව හෝ ගන්නේ මෙම ගුරුවරුයි.දෙමාපියන් වගකීමෙන් නිදහස් කරනවා නොවේ.

ළමයින් පාලනය කිරීමට පහරදීම අනවශ්‍ය බවට මට ඇති හොඳම සාධකය නම්, පාසලේ බොහෝ ගුරුවරුන් විසින් නමගිය අට්ටරයින් ලෙස හංවඩු ගසා කොන් කර ඇති ළමයින්, එකම පහරක් හෝ නොගසා උන්ගේ හදවතට දැනෙනා හැගීම් බර ලෙස කතා කර උන් පාලනය කර ගන්නා , ගුරුවරියක් වන මගේ බිරිඳයි.මගේ බිරිඳ ඉදිරියේ තම හදවත විවර කරනා එවන් බොහෝ දරුවන්ගේ කථා ඉතා ශෝචනීයයි. ගෙදර සහ හැදෙන පරිසරයේ ඇති බොහෝ හේතූන් මත දරුවන් එම තත්වයට පත් වෙන බව දරුවන්ගේ හෙළිදරව් කිරීම් තුලින් පැහැදිලි වෙනවා.අද මිනිසුන් එල්ලුම් ගස ගෙනෙව් කියා මොරදෙන්නේ එසේ නිසිලෙස හඳුනාගෙන සැබෑ හේතුන්ට පිළියම් නොලබූ, යහමගට නොගත් එවන් දරුවන් එල්ලන්නටයි.//

හිංසනයෙන් තොරව දරුවන් යහමගට ගත හැක. දරුවන් භාරදිය යුත්තේ විශේෂයෙන් බාලාංශ පන්ති සඳහා යෙදවිය යුත්තේ දරුවන්ට අම්මා ලෙස හැඟෙන කරුණාවන්ත ගුරුවරියන්  ලෙස මෙම පියා පවසා ඇතත් මා නම් කියන්නෙ කිසිම පන්තියක් දරුණු ගුරුවරුන්ට භාර නොදිය යුතු බවයි. හිංසා නිසා සිසුන් සිය දිවි නසා ගැනීමටද පෙළබේ. 

ගුරුවරු නිසා අධ්‍යාපනය කඩාකප්පල්කරගත් පිරිස ඉතා විශාලය. ගනන් මිස්ගෙන් ගුටිකන්න බරිව ඉංග්‍රීසි සර්ගෙන් ගුටිකන්න බැරිව පාසල් ගමන නතරකළ අය සිටිති. එක් පියෙක් ප්‍රකාශ කලේ සිය දරුවාට ඉංග්‍රීසි උගන්වන්න එපා කියාත් නොගහන ලෙසත්ය. සිය දරුවා පහර කනු ඔහුට ඉවසන්නම බැරි තැන එසේ පැවසීය.


මෙම පරපීඩක සම්ප්‍රදාය වෙනස් කරන්නට බැරිද. දඩුවම් වලින් තොරව කුඩා දරුවන් හික්මවන්නට බැරිද. මන්ද දඩුවම් තුලින් දරුවන්ට පාසල එපා වේ.එක් සමෘද්ධි නියාමකවරියක් මා සමග පැවසුවේ ගුරුවරයා තම බඩෙන් අල්ලා ඉදිරියට ඇද්ද බවත් දැන් රාජකාරිවලට ඔහුගේ නිවසට ගිය විටද මෙම බය දැනෙන බවත්ය. පාසල දරුවන්ට බියජනක ස්ථානයක් කරන්නේ ඇයි.



මා දන්නා එක් ගුරුවරියක් උදේ සරබ ක්‍රියාකාරකම් වලදී දරුවන්ට බනින්නේ දෙමවුපියන්ගේ ලිංගික ක්‍රියාකාරකම් මතක් කරමිනි. එය අසා සිටීමට බැරි තරම් පිළිකුල්ය. වැරදි සරඹ ඉරියවු වලට හේතුව ලෙස මෙම ගුරුවරිය ප්‍රසිද්ධියේ දක්වන හේතු ප්‍රාථමික පන්තිවල දරුවන්ට අන්ඩර දෙමලයකි.

එසේම ගුරුවරුන්ගේ වැරදි ගැන පමිනිලිකිරීමට දෙමවුපියන් බියවන්නේ එවිට පාසලේදී දරුවන්ට වොවිධ පලිගැනීම්වලට ලක්වෙතැයි බියෙනි.

මේ අප සමාජයේ තිත්ත ඇත්තයි.

ගුරුවරු ඉතා අන්තනෝමතික ලෙස හැසිරෙන අවස්ථා අප දැක ඇත. මේ මා අසා ඇති කතාවකි. නාරම්මල ප්‍රදේශයේ එක් පාසලක  එක් ගුරුවරියක් පන්තියේ සිසුවියක් කෑගසන නිසා තරවටුවට ඇයව කාමරයක දමා දොර වැසීය . මෙය කැලෑබද පෙදෙසක පාසලකි. කාමරයට ආවේ පිබුරෙකි.  පිබුරා මෙම දියණිය ගිල දැම්මේය. පිඹුරා දැක ඇය කෑගසන විට ගුරුවරු සිතුවේ ඇට්ටරකමට කෑගසනවා කියාය.

ඉහත සිදුවීම වැනි ඉතාම අන්තනෝමතික ලෙස ක්‍රියා කරන ගුරුවරු අධ්‍යාපන නිළධාරීන්ගේ අධීක්ෂනයට ලක් වන්නේ නැද්ද



මෑතක් වන තුරුම පාසල්වල දරුණු වද හිංසා සිදුවූ අතර එම හිංසා නිසා අධ්‍යාපනය අතරමග නැවතුන දරුවන්ගේ ප්‍රමානය අනන්තය අප්‍රමානය.එසේම ආබාධිත වූ දරුවන්ගේ ප්‍රමානයද අනන්තය අප්‍රමානය. එහෙත් ගුරුවරුන්ගේ දඩුවම් ගැන සමාජ ආකල්පය අපූරුය. 


දැඩි දඩුවම් දෙන ගුරුවරයා හොඳ ගුරුවරයෙක් ලෙස සමාජ සම්මතයක් ඇත. මීට හේතුව අපගේ සමාජයේ ඇති පරපීඩක වන්දනයයි. එසේම ගුටි කන අය ගුටි දෙන්නන් ගැන ඇත්තේ අපූරු ආදරනීය හැඟීමකි. 

මේ ගැන කර තිබෙන එක්තරා පර්යේශනයක ප්‍රතිපල මෙසේය.
බලු පැටවුන් කන්ඩායම් තුනකට බෙදා එක් කන්ඩායමකට හොඳින් සැලකීය .අනෙක් කන්ඩායමයට නරක විදියට සැළකීය .තුන්වන කණ්ඩායමට හොදින් සළකන අතර හිංසාද කරනු ලැබීය. මෙම කන්ඩායම් තුනෙන් හාම්පුතුන්ට දැඩි ආදරයක් ලෙන්ගතුකමක් දැක්වූවේ තුන් වන කන්ඩායමයි . අපිට ගහන්නෙ හදාගන්නනෙ කියා සමහර ළමයි පවසනු ඔබ අසා ඇත. ( මූලාශ්‍රය සුමනදාස සමරසිංහ මහතාගේ දේශන ).

දන්ඩනය තුලින් පරපීඩක ළමා සමාජයක් බිහිවන අතර වැඩි වියට පත් එම ළමයි සාමාන්‍ය ක්‍රමවලින් පාලනය කළ නොහැකිවෙයි.ඊට හේතුව උසස් පෙළ පන්තිවලදී සාපේක්ෂ නිදහසක් හිමිවීමයි. මෙසේ ගුටිකන්නම හුරුවූ සිසුවා සමාජගත වූ පසු ඔහුව පාලනය කිරීමට තවත් මර්ධන උපක්‍රම අවශ්‍ය වේ. මෙහිදී ආරක්ශක අංශවල සිට එල්ලුම් ගහ දක්වාම විවිධ පරාසයක් සේවා අවශ්‍ය වේ. ලාංකිකයාට කිසිම දෙයක් හොදින් කිව්වාට අහන්නෙ නැත. දඩුවමක් අවශ්‍යමය. හේතුව ලංකාවෙ ළමයි හදන්නෙ සත්තුන්ටත් අන්ත ලෙස නිසාය. දියුණු රටවල පාසල්වල දඩුවම් නැත. එම පාසල්වල තිබෙන විනයද මෙහි නැත.

මගේ අත්දැකීම්ද කැටයම් කිරීමට කැමැත්තෙමි. අප පාසල් යන කාලයේ දඩුවම ඉතා සාමාන්‍ය දෙයකි. සියළුම ගුරුවරු දඩුවම් කළහ. මා නම් මෙම හිංසනයන්ගෙන් බොහෝ දුරට ගැලවී සිටියෙමි.  ඊට හේතුව මගේ ආදරණීය මව ගුරුවරියක් වීම නිසාය. එකම එක අවස්ථාවක ( අල්ලපු වත්තෙ අඹ කඩා අසුවීම ) මටද දඩුවම් විදීමට සිදුවුනත් මට හයියෙන් නොගැසූ බව අනෙක් සිසුන් කතා වූ හැටි මට මතකය. අනෙක් ගුරුවරු වෙනත් සිසුන්ට දඩුවම් දුන් හැටි මතකය. එක් අවස්ථාවක එක් සිසුවෙක් ගැන පැමිනිල්ලක් ලද විගස එම ගුරුවරයා යක්ෂාවේශවී දිවගෙන විත් සිසුවාගේ බෙල්ලෙන් අල්ලා කුණු මාලු කෑල්ලක් මෙන් එහෙට මෙහෙට අදිමින් පහරදුන් හැටි මෑතක් වන තුරුම මට බිය ජනක මතකයක් විය. එම සිසුවා එම ගුරුවරයාගෙන් මිදුන පසු ටික වේලාවක් සන්සුන්ව සිටි ගුරුවරයා යළි  පොල්ලක් කඩාගෙන සිසුවා පසුපස එලවගෙන ආවේය. එවර සිසුවා බේරාගැනීමට වෙනත් ගුරුවරු හා සිසුන් ද මහත් වෙහෙසක් ගත්හ. සිසුවා පන බේරාගත්තේ තාරපාර දිගේ පැන දිවීමෙනි. මෙම ගුරුවරයාට ගෙදරප්‍රශ්න තිබිනි. බිරිද දික්කසාද නඩුවක් දමා තිබිනි. ඔහු ක්‍රියා කලේ හදිසි කෝපය මතය.


එහෙත් හදිසි කෝපය මත ක්‍රියා නොකළ නමුත් දඩුවම් දීමට චිරප්‍රසිද්ධ ගුරුවරු දෙදෙනෙක්ද මගේ මතකයේ වෙයි. එක් ගුරුවරයෙක් සිසුන්ට දඩුවම් කරන්නේ ආගමික කාර්යයක කරන්නා සේය. ඔහුගේ මුහුණ එම කාර්යයට පෙර ප්‍රීතියෙන් බබලයි. දඩුවම් දීම වේවැලකින් පමනක් කරන මොහු එම කාර්යය දිගු වේලාවක් සිදුකරයි. එසේම ඉතා ඉවසීමෙන් රසවත් භෝජනයක් භුක්ති විදින ලෙස එය කරයි.

ඉංග්‍රීසි ඉගැන්වීමට ආ තවත් ගුරුවරයෙක් පන්තියට ඇතුල් වන්නේම කාට හෝ පහර දෙමිනි. හැම පන්තියකම ඔහුට පහරදීමට එක් සිසුවෙක් තෝරාගෙන සිටියේය.ඔහු පහර දෙන්නේ අතිනි.සිසුවාගේ හිසටය. පහර දෙන්නට පටන් ගත් පසු ඔහුට ඔහුවත් කොන්ට්‍රෝල් නැත. ළමයා අඩන කල්ම පහර දෙයි. මේ පහර දීම් වලට කිසිම හේතුවක් නැත. නිකම්ම කරන පහරදීම්ය.

එක් මාසික පරීක්ශනයක් තිබූ අවස්ථාවක මට ප්ලුස්කැප් කොලයක් ගෙන ඒමට අමතක විය. මෙම ගුරුවරයා මා ලගට පැමින ඇයි ලියන්නෙ නැත්තෙ කියා ඇසීය. මම හේතුව කීමි. ඔහු අල්ලගත්තෙ මා අසල සිටි සිසුවාය . මේ ඔහු අපේ පන්තියේ දෛනික පහරදීම් සදහා තෝරාගත් සිසුවාය. ඔහු අඩන කල්ම හිසට  පහර දුන්නේය. ඇයි ලග ඉන්න කෙනා ට කොලයක් නැත්නම් අහල දෙන්න දන්නෙ නැද්ද කියා අසමින් පට පට ගා හිසට පහර දුන්නේය. මමද වෙව්ල වෙව්ලා සිටියෙමි.ඉන්පසු එම සිසුවාගේ පොතෙන් කොලයක් කඩාමට දුන් අතර ඔහු මාසික පරීක්ශනය අවසන් වනතුරුම අඩ අඩා සිටියේය.

සිසුන්ට දඩුවම් දීම චාරීත්‍රයක්ව පැවති යුගයක දඩුවම් කළ ගුරුවරුන් පනහක් හැටක් අතරින් මේ තිදෙන ගේ මෙම අසාමාන්‍ය චර්යාව මගේ මතකයේ විය.

අපි ළමයින්ට ගහන කොට ළමයින්ට වඩාරිදෙන්නෙ අපට . අපි හදවතින් බොහෝ සේ හඩනව කියා සමහර ගුරුවරු කියන කතා පට්ටපල් බොරුය. ඇත්ත කතාව මෙම පහරදීම් වලින් ගුරුවරු විනෝදයක් ලැබීමය.

ගුරු පත්වීමක් දීමට පෙර මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සුදුසුය. එසේම ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍ය ගැන රජය දැඩි අවධානයක් දැක්විය යුතුය.මන්ද ඔවුන්ගේ අතට දරුවන් බාර දෙන බැවිනි.එසේම අධ්‍යාපන මනෝ විද්‍යාව පිලිබද දැනුමක් ඔවුනට ලබා දිය යුතුය.

Wednesday, October 14, 2015

දෙසතිය - මාව කුලප්පු කළ පෝස්ට් - රාජප්පුලගෙ කාලෙ ආලේ ,බන්ඩක්ක යුගයෙ මතක හා නූතන ගන්දබ්බ ආපදානය

බ්ලොග් පෝස්ට් වලට අමතරව දෙසතිය නමින් විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට යමි. මෙහිදී දෙසතිය තුල මා බ්ලොග් ලෝකයේ කළ කී දෑ ගැන සමාලෝචනයක් කෙරේ.

සිරිත් පරිදි බ්ලොග් කරුවන් ගේ පෝස්ට් වලින් මම කුලප්පු වූයෙමි. කිනම් කරුන නිසා මුලින්ම කුලප්පු වීදස් කියා මතකයේ නැතත්
 මාතලන්  නිදහස් දිනය ගැන දමා තිබූ චානුක වත්තේගමගේ ලිපිය මගේ සිත් ගත් එකකි. එහිදී රාජප්පුලාගේ යුගය ගැන මම අදහස් දැක්වීමි. එහිදී ප්‍රා හා ඇනෝ සමඟ ඇතිවූ සංවාදයද සිත් ගන්නා සුළුය. ඇනෝ කීවේ සිරිම බන්ඩක්ක යුගයේ දී ප්‍රීවි කවුන්සිලයට ඇපල් බා ගැනීමට ලාංකිකයාට තිබූ අවස්ථාව නැති කිරීම නරක බවය. ප්‍රීවි කවුන්සිලය වෙනත් රටක අභියාචනාධිකරනයක් වීම මත ලාංකිකයන් ඇපල් බා ගැනීමට එහි යාම නොමනා බව  මා කීවත් ප්‍රාගේ හා ඇණෝගේ අදහස් එක හෙළාම බැහැර නොකළෙමි. ප්‍රීවි කවුන්සිල් යාමට හැකිව්නිනම් ප්‍රයෝජනවත් බව ඇත්තය. 

1815 දී රාජප්පුලගෙන් මිදීමත් 1818 සහ 1848 දී යළි වැඩවසම් අන්ධකාරය වෙනුවෙන් පෙනී සිටි ප්‍රතිගාමීන්  පරාජය කිරීමත් ප්‍රගතිශීලීය.මෙය බොහෝ දෙනෙකුට රිදෙන කතාවකි.

මෙම සංවාද කල්යානට ලෙවල් ත්‍රී කොන්ස්ටිටියුසොන් ලෝ බිත්තරසෑම් එක දැමීමට  උපකාරී වන බව කියා තිබිනි.නමුත් අපේ කොමෙන්ට් හරියට කටපාඩම් කළොත් ලෙවල් ෆෝ වල ෆැමිලි ලෝ ,ක්‍රිමිනල් ලෝ ද ගොඩදමාගත හැක. එසේම උත්තර ලිවීමේදී ඇනෝ මෙසේ කියයි අසවලා මෙසේ කියයි ආදී වශයෙන් කොමෙන්ට් උපුටා දැක්වීම් කළ යුතුය.ඒ සාමාර්ථ ලැබෙන්නේ එවිටය.

අපේ හිතවත් කුරුට්ටෝද මාව දෙවරක් කුලප්පු කලාහුය.එක්වරක් උගත් පාඩම් ගැන කීමට යාමෙනි. ඇත්තෙන්ම මේ රටේ ලොක්කන්ට එක විදියකටත් පොඩ්ඩන්ට තව විදියකටත් සළකන බව සර්වලෝක සත්‍යයකි. කළ යුත්තේ හැකි ඉක්මනින් ලොක්කෙක් වීමය. මෙය පහසු නැත. රාජප්පුලගෙ යුගයේ මා උපන්නා නම් කරන්නෙ හැකි ඉක්මනින් පැවිදිවීමය. රාජප්පුලගෙ හිරිහැරවලින් මිදීමේ හොඳම ක්‍රමය එයයි. මේ නිසා හැමෝම උත්සාහ කළ යුත්තේ කොහොම කොහොම හරි ලොක්කෙක් වීමටය.

කුරුට්ටන් දෙවෙනිවර මා කුලප්පු කළේ අයවැය ගැන කීමට යාමෙනි. ඇත්තෙන්ම සාම්බ්‍රානි, කොත්තමල්ලි ,ගෙන්දගම්, පල්මානික්කම්, පාන්තිර වැනි අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩුකරනවානම් එය ජනතවට ඉමහත් සහනයකි.


අපේ මිතුරිය සාරිකා මධුර මනෝහර බසින් බල්ලගෙ බුරුවගෙ කතාව කැටයම් කර තිබිණි.
සජ්ජාගේ කුණුහරප කතාවටද සම්මාදම් වුනෙමි.

මධුමාදවී ගේ පොස්ට් එකේ තිබූ අපූරු කරුනක් ලියන්නට සිත්වේ. ඒ ඉන්ටනෙට් ඇබ්බැහිය ගැනය. මා ඉතා කාර්යබහුලය. සමහර වැඩ කරගැනීමට නිවාඩු දමමි. එහෙත් එම නිවාඩුව ගටහ් කරන්නෙත් බ්ලොග් වල රාජකාරිවලටය. අදනම් බ්ලොග් නොබලමි වැඩ කරමි කියා කීවත් දවසෙ අන්තිමට වැඩවලට වඩා කර ඇත්තේ බ්ලොග් බැලීමය. සියළු සින්ඩි පීරමින් අහුමුලුවල ඇති බ්ලොග් පවා කියවමි. මොන දේට වුනත් ඇබ්බැහිය නරකය. 2011 දි මා ඇබ්බැහි වුනේ බුකියටය. එහෙත් එයින් මිදුනෙමි.මේ ඇබ්බැහියත් පලනය කළ යුතුමය.

මහත් හරබර ලිපි ලියන ට්‍රාන්සිලිවේනියා දොස්තර මහතා , ඉකොනොමැට්ටා , මනෝ මන්දිර සහ කොළඹ ගමයාද මා කුලප්පු කළාහුය.ට්‍රාන්ස්ලිවේනියා බ්ලොගයේ මා කොමෙන්ට් දමමින් 89 භීශනයේ බියකරු බව කැටයම් කළෙමි. යලි එවැන්නක් ඇති නොවීම අපගේ මෙම කැටයම් වල අරමුනයි. එහි මා සමඟ විවාද කළැ එක් ජෙප්පෙක් ජවිපෙ බිහිනොවුනානම් මේ රට සෝමාලියාවක් ස්වාසිලන්තයක් වන බව කියා තිබුණෛ. අසල්වැසි දකුනු ආසියානු රටවල මෙවනි පක්ෂයක් බිහිවී නැති නිසා එම රටවල් සෝමාලියාවල් ස්වාසිලන්ත වී ඇත්දැයි අප ඔවුන්ගෙන් විමසිය යුතුය.

විදානේ විසින් ලියූ අපූරු කතාවක් ඇනෝ කෙනෙක් එහි පළ කර තිබිනි .එය මගේ සිත් ගත්තේය. 89 මුග්ධයන් ගැන මහා පොදු සාධකයක් වන එම කතාව කියවා අවසන් කළ විට අනේ මෙහෙම පිස්සෝ... සෝ.. සෝ කියා කියවුනි. වර්තමාන පරම්පරාව බියගුල්ලන් බවත් 89 පරම්පරාව මහා වීරයන් බවත් ඇණෝ කෙනෙක් වරක් මා හා වාද කළේය. ඔහු යම් වියුක්ත සිද්ධීන් සමහරක් පෙන්වා දෙමින් සිය මතය වෙනුවෙන් තර්ක කළේය. එහෙත් 89 පරම්පරාව කපටින් ට රැවටුන මුග්ධයන්ය. දැන් සිටින්නේ කාර් ගැන සිහින දකින සොෆ්ට්වෙයා නිර්මානය කරන  කරන නව නිර්මාන බිහිකරන ක්‍රෙඩිට් කාඩ් පරම්පරාවකි. අද ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලන් පවා  කතා කරන්නෙ අලුත් වාහනයකට යන විදිය ගැනය. ඔවුන්ගේ දිවේ වාහන වල බ්‍රෑන්ඩ් නිතරම ඇත.මෙය දියුණුවකි. 89 පරම්පරාව අනේ පවුය.

 විදානෙගේ ගන්දබ්බ කතා වස්තුවේ ලින්කුව මෙහි පළ කරමි.