Friday, September 25, 2015

මේ කොණ්ඩයාත් ඒ කොන්ඩයාත් හැර තවත් කොංඩයෝ සිටිත්ද

මීට සුළු මොහොතකට පෙර දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී සේයාගේ ඝාතකයා ගැන පුවතක් ප්‍රචාරය විය. අප දන්නා තරමින් ඔහු සිද්ධියේ ප්‍රධාන සැකකරුය. සැකකරුවකු වරදකරු කළ හැක්කේ අධිකරනයට පමනි. අදිකරනයට පෙර දෙරන ආයතනයෙන් නඩුව විභාගකළාද අප නොදනිමු. දෙරන නඩු ඇසීමේ කාරියට අත ගැසීම නම් වැරදිය. එය එකල තිබූ කොටි උසාවි සිහිගන්වයි.

සිරස දෙරන හිරු කුනු මිනීකාක්කන් සේයාගේ මළසිරුර තිබෙන බව අසා පියඹා ආවේ කපුටු කාක් කාක් ගොරක ඩේන් ඩේන් කියමිනි.සේයා පිලිසිදගත් හැටි පවා මුන්ට නිව්ස් විය. මෙම ලිපියේ අරමුණ මේ සක්කිලියන් ගැන ලිවීම නොවේ. මනෝ විද්‍යාත්මක කරුණක් ඉස්මතු කිරීමය.

කියන කතා වලට අනුව කොණ්ඩයා අකුරු නොදත්තෙකි.කොණ්ඩයාගේ පියා මියගොස් ඇත්තේ සිරගෙදරය. කොන්ඩයාගේ පවුලේ ආය්ද ගෙදරට වඩා සිටින්නේ හිරේය.එම පවුලම අපචාරී පවුලක් බව පෙනේ. එසේම කොණ්ඩයා නාන්නට ,දත් මදින්නට මැලි කෙනෙක්ලු. මාලු බාගෙන අමුවෙන් කනවාලු , බත් මුට්ටි උස්සාගෙන යනවාලු. මොහු සම්පූර්නයෙන්ම වනචාරියෙක් ලෙස ජීවත් වීඇත.එම කරුණු අපට වැදගත්ය. අපරාධයක් කිරීමට පෙර අපරාධකරුවන් හදුනාගත යුතු බැවිනි.

අපේ ගමේද ළමා දූශකයෙක් විය. ඔහුද අකුරු නොදත්තෙකි.ඔහු වසර 20 ක් බරපතල වැඩ ඇතිව හිරේ ගියේ වයස අවුරුදු 62 දීය.අකුරු නොදත් අය අපරාධකරුවන් ය කීම මෙහි අරමුණ නොවේ. නමුත් මොවුහු සමාජයෙන් අපගමනය වූවන්ය.මේ අයට ස්ථිර රැකියාවක් නැත. ස්ථිර රැකියාව යනු කිසියම් තැනක එකදිගට වැඩ කිරීමයි. මොවුන්ට එක තැනක දිගු කලක් සිටිය නොහැක.

මොහු සමගම සිටි ඔහුගේ තවත් මිතුරෙක් වෙයි. මටනම් සිතෙන්නේ  ඔහු අනාගත අපරාධකරුවෙකු වේය කියාය. ඔහු රාත්‍රියේදී කනත්තේ සැගවී අසල මහා මාර්ගයේ යන අය බියවද්දයි. ඒ ගස්වල අතු සෙලවීමෙනි. මොහු මේ කාර්යය සදහා රාත්‍රිය නිදිවර්ජිතව ගත කරයි. මට නම් සිතෙන්නේ බයකිරීමට එහා යන සීන් එකක් මෙහි ඇති බවය. මේ තොරතුරු අවුරුදු 5 කින් යාවත්කාලීන වූ ඒවා නොවේ.2010 දි පමන අසන්නට ලැබුන ඒවාය.


නන්දසේන රතනපාල මහතා ඔහුගේ පොත්වල ප්‍රෙතයන් ලෙස ජීවත් වන්නන් ගන කරුණු හෙළිදරවු කර ඇත. ඒ මහතාගේ සහභාගිත්ව නිරීක්ශන මටනම් අපුල දනවයි. කනත්තක ජීවත් වන ප්‍රේතයා මිනීකටු සුප් බොන බවත් අප මහාචාර්යතුමාටද ඒ සදහා ආරාධනා කළ බවත් කියවේ. මේ මහාචාර්යතුමා ගැනත් මටනම් තිබෙන්නේ ඍනාත්මක හඟීමක් බව කණැගාටුවෙන් වුවද කීමට සිදුවේ. එසේ කීම ගැන කණැගාටුවෙමි.

මෙම අසාමාන්‍ය හැසිරීම් දක්වන අය හැම ගමකම සිටිති.අසාමාන්‍ය හැසිරීම් යනු මොනවාද ? ඇත්තෙන්ම මේවා සියගනනකි.මෙම සාමාන්‍ය අසාමාන්‍ය බවද ඉරකින් ගසා වෙන් කළ නොහැක.නමුත් පහත දක්වෙන අසාමාන්‍යතා ඇති අය හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය.අලුතෙන් කාමරෝගීන් බිහිවීම වළැක්වා ගත යුතුය. කෙනෙක් කාමරෝගියෙක් වූ පසුව ඔහු ආහාර සොයා යයි.එවිට ඔහුගේ මනසට ආහාර ලැබීම වැළැක්වීම අපහසුය.

කාමරෝග සියගනනක් අතරින් තෝරාගත් රෝග දහයක් පහත දැක්වේ. මේවා ගැන කතා කරලත් බැරිය නොකරත් බැරිය.

pedophilia  - මෙම රෝගීන් කැමති කුඩා දරුවන් හා ලිංගික ව එක්වීමටය. පුරාන ඉන්දියාවේ ළමා විවාහ හදුන්වාදුන් මුල්ම බමුණන් පීඩොපීලියාවෙන් පෙලුනා විය හැක. පුරාන රජවරු තෘප්තිමත් කිරීමට ළාබාල දැරියන් යෙදවීම සාමාන්‍ය කරුණක් විය.ටොංගා ගෝත්‍රිකයන් වැනි ආදිකල්පිකයන්ගේ චාරීත්‍ර (දියනියන් පියවරුන් විසින් කන්‍යාභාවය් සිදලීමේ චාරීත්‍රය )  මෙයට අදාල නැත. එහිදී පියා හෝ පූජකයා කරන්නේ ලිංග ප්‍රවේශය පමණි.

Gerontophilia -  pedophilic  රෝගීන්ගේ විරුද්ධ පැත්තයි. මේ අය කැමති වයසක ගෑනුන්ටය. විසි හවිරිදි තරුණයා අවුරුදු 75 මිත්තනිය දූෂනය කරයි " වැනි පුවත් කියවීමට ලැබෙන්නේ මෙම රෝගීන් නිසාය


zoophilia - මෙම රෝගීන් කැමති සතුන් සමඟ සංවාසයටය. මෙය bestiality  ලෙසද හැදින්වේ.

necrophilia - මෙම රෝගීන් කැමති මළමිනී සමග ලිංගිකව එක්වීමටය.මොවුහු බොහෝ විට කනතුවල ජීවත් වෙති. ඔවුහු මළමිනී සම්බන්ද රැකියාවලට ද කැමතිය.ආචාර ධර්මීය කරුණු නිසා වැඩිදුරටත් යමක් කීමට නොහක.

Nymphomenia -අධික කාමුකයන් මීට අයත් වේ. මොවුන්ගේ පවුල් ජීවිත ඉක්මනින් බිදවැටේ. 


Urolognia -  මේ අය සතුටුවන්නේ විරුද්ධ ලිංගිකයන්ගේ මුත්‍රා විශයෙහිය

coprophagy - මේ අශූචි වලට ප්‍රිය රෝගීන්ය

Voyeurism - ප්‍රදර්ශනකාමය  මෙහිදී මොවුහු සිය ලිංගික අවයව අනුන්ට පෙන්වා සතුටු වෙති.නිරුවත් සිරුරු දැකීම, ඇදුම් ගලවන සැටි දකීම ඔවුන්ට මහමෙරකි. ලිංගික ක්‍රියාව අවශ්‍ය නැත.

fetishism - මෙම රෝගීන්ට මහමෙරක් වන්නේ කාන්තාවන්ගේ සපත්තු සෙරෙප්පු කුඩ ආදියයි. ඔවුන් කාන්තාවනගේ කකුල් යටිපතුල් වෙනුවෙන් ජීවිතය වුවද දෙති. ලිංගික අවයව ගැන වගේ වගක් නැත.

Algolognia - වධ දීම මගින් තෘප්තිය ලබන්නෝ අල්ගොලොග්නියා රෝගීහුය. මෙය දෙවර්ගයකි.

sadism -මෙම රෝගීන් සතුටුවන්නේ අනුන්ට වධදීමෙනි

masochism - මෙම රෝගීන් අනුන්ගෙන් වධ වේදනා විදීමෙන් සතුටු වෙති

අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ හදාරන ප්‍රධාන රෝග දහයක් ඉහත දක්වා ඇත.මේවා නිකම්ම සදහන් කළා පමනි.මේවා විස්තර ඇතිව ලියනවානම් මේ දහයට බ්ලොග් පෝස්ට් දහයක්  වත් ලිවිය යුතුය. මේ සංකීර්න විශය ක්ශේත්‍රයකි.

මෙම රොගීන් සතර අපායේ තිරිසන් අපායේ සහ ප්‍රේත ලෝකවල සිටින අය ලෙස හැදින්විය හක.මෙහි මුලින් කී  pedophilia හා අවසානයට කී Algolognia අයගෙන් සමාජයට හානිකරය. 

ඉහත කී සියල්ලෝම ජීවත්වන්නේ වනචාරීන් ලෙසය.නමුත් අවසානයට කී පරපීඩාකාමුකයන් නම් මහත්වරුන් ලෙස පෙනී සිටීමටද ඉඩ ඇත.මා දන්නා ගුරුවරයෙක් ළැමුන්ට දඩුවම් කිරීමට පුදුමාකාර පෙර සූදානමක් කරයි. දඩුවම් දෙන්නේ මනා ඉවසීමකිනි.එසේම මහා පුණ්‍යකර්මයක් කරන පරිද්දෙනි,මුහුණ ප්‍රීතියෙන් බබලයි. පරපීඩා කාමුකයන් ආරක්ෂක අංශවල රැකියාවලට කැමතිය. විශ්ව විද්‍යාල නවක වධයද පරපීඩාකාමුකත්වය එලියට පැනීමකි.බොහෝ චන්ඩින් පරපීඩාකාමුකයන්ය.

පෞර්ෂ අක්‍රමතා ඇත්තෝ සමාජයේ බුහුමනට පාත්‍ර වෙති.ඔවුහු හිත හොද මිනිස්සුය.මේ පුද්ගලයන්ට ඉහත කී රෝග එකක් හෝ දහයම හෝ තිබිය හැක.

අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ හදුනාගෙන ඇති අසාමාන්‍යතා දහස් ගනනකි. ප්‍රධාන වශයෙන් දකිය හැකි දහයක් ඉහත දැක්වූවෙමි.දරුණු පුද්ගලයන් ,වීරයන්,ආදී වශයෙන් විරුදනාම දී සමාජය ත්‍රස්ත කරන්නේ  ඇත්තෙන්ම ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් බව කීමටය. 

මුලින්ම සමාජය මෙම රෝගීන් හදුනාගත යුතුය. අනතුරුව ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ යම් යාන්ත්‍රනයක් සකස් කළ යුතුය.එවිට සමාජය සුවපත් වේ.මෙය පූව විශෝධනයක් හෝ පුනරුත්ථාපනයක් විය හැක. එසේම ජාන සහ මානසික රෝග අතර ඇති දැඩි සමබන්ධකම නිසා මෙම පුද්ගලයන්ට ජනිතයන් බිහිකිරීමටද ඉඩ නොදිය යුතුය. විකෘති කාමුකයන්ගේ දෙමවුපියන්ද එවැනිම අය බව  හදුනාගෙන ඇති බැවිනි." අර ගෑනු න්ගෙ ජන්ගි උස්සන එකා නේද මට මතකයි උන්ගෙ තාත්තත් ඉස්සර ගෑනු නාන දිහා බලං ඉදල ගුටිකාල තියනව " මෙවැනි වදන් ඔබ අසා තිබෙනවා විය හැක.


මෙම රොගීන්ට ප්‍රතිකාර කර සමාජගත කළ හැකිනම් එය කළ යුතුය. එහෙත් මොවුහු වෙන් කරන තරමට හොඳය. නැත්නම් රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ එල්ලපියෝ කියනවාට වඩා එය හොඳය. මානසික රෝගීන් එල්ලා මැරීම සිදුවුනේ මධ්‍යතන යුගයේය.මධ්‍යතන යුගයේ ජීවත්වන යම් පිරිසක් මෙරට සිටින බව පසුගිය දිනවල පැහැදිලි විය. ඔවුහුද අහිංසකයෝය. මාධ්‍ය විසින් දෙන බෝල වලට වගවිභාගයකින් තොරව පහර එල්ල කරන්නන්ය.

අපරාධ සහ අසාමාන්‍ය මනෝවිද්‍යාව ගැන හැදෑරීමට කාලය පැමින ඇත.අපරාධ වලක්වාගත හැක්කේ විද්‍යාත්මක ප්‍රවේශයන් තුලිනි. වධදීම් මැරීම් අයිති අදුරු අතීතයටය. එම ක්‍රම මගින් අපරාධ නිට්ටාවට සුව කළ නොහැක.

ඒ කොන්ඩයාත් මේ කොන්ඩයාත් හැර තවත් කොන්ඩයෝ සිටිති. කොන්ඩයන් හදුනාගත යුතුය. අලුතින් කොන්ඩයන් බිහිවීම වැළැක්විය යුතුය. එසේම එකවරක් අගුල කරකවූ පමනින් දොර ඇරගෙන කොන්ඩයන්ට ගෙවල් වලට ඇතුල් වීමට බැරිවන සේ ආරක්ෂක විධිවිධානද සකස් කළ යුතුය. පොලීසියට සාධාරන සැකයකින් පසු හා මූලික විමර්ශන වලින් පසු අත් අඩංගුවට ගැනීම් කරන ලෙස කිව යුතු අතර සැකකරුවන් හා වරදකරුවන් අතරවෙනස ජනතාවට පැහැදිලි කළැ යුතුය. රෙදි ඇදගෙන සිටීමේ වැදගත්කම පන්ති පවත්වා හෝ මාධ්‍ය කාරයන්ට ඉගන්විය යුතුය.

පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් වෛර ලැව් ගිනි වුලවා අයුතු ජනරාශි නිර්මානය නොකරමි
මළ මිනී නොවිකුනමි
අපරාධ පන්ති නොපවත්වමි
රාගය නො අවුස්සමි
දුක තොග සහ සිල්ලරට නොවිකුනමි කියා මාධ්‍ය කරුවන්ට සිල්පද පහක් හදුන්වාදිය යුතුය.



35 comments:

  1. කතා කිරීමත් පිළිකුල් මාතෘකාවක් ඔබ අපූරුවට හරි තැනකින් අල්ලාගෙන විස්තර කරනවා. කරතොත් මේ අයුරින් කළ යුතුයි. නැතිනම් කිසිවක් නොකියා නිකං සිටිය යුතුයි. ඔබේ මේ ව්‍යායාමය හැකි උපරිමයෙන් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. මේ වගෙ ලිපියක් ලියන්න කලින් වතාවක ඕන වුනත් ලිව්වෙ නෑ.අපට මේ විශය ඉගැන්වූ මහාචාර්යවරයා කියා තිබුනා මේව ප්‍රසිද්ධියෙ කියන්න එපා කියල.ඇත්තටම මේව ගැන කතා කරන්න මාත් කැමති නෑ. කතා කලාම මේ රෝග බෝවෙනව .නමුත් බ්ලොග් වල අය කිසියම් ඉදිරිගාමී පිරිසක් නිසා අවුලක් නෑ.

      මෙහිදී වචනෙන් දෙකෙන් විස්තර කළා මිස මේව ගැන මෙතනදිත් මම වැඩිය කතා කලේ නෑ.එහෙම වුනානම් මේකත් කුණු රහ ඇවිස්සීමක් වෙනව.

      Delete
  2. අපි කවුරු කවුරු තුලත් විවිධ මානසික ෆැන්ටසි තියෙනවා. ඒවායින් සතුටු වීමට යාමේදී වෙනත් අයෙකු පීඩාවට පත් නොවන තාක් කල් ඒක වරදක් වෙන්නෙ නෑ. හැබැයි මේ සිද්ධිය ආශ්‍රිතව අපිට පෙනුනු අනික් දේ තමා ඒ වගේ ෆැන්ටසිකරුවෙක් කෙනෙකුගේ සැකයට භාජනය වීම මත පමණක් ඔහුගේ ෆැන්ටසිය වරදක් ලෙස හංවඩු ගැසීමට ලක්වීම. දෙවනියට සැකකල අයට වුණේ ඒක.
    උඹේ මේ ලිවීමේ රටාවටයි අන්තර්ගතයටයි ෆුල් මාක්ස්. එක හුස්මට කියෙව්වෙ. මේක තමා මේ වගේ සිද්දීන් ආශ්‍රිතව ගොඩනගන්න ඕනි කියලා මම කියපු කතිකාවත.

    ReplyDelete
    Replies
    1. ෆැන්ටසි හැමෝටම තියනවා.අහිංසක ෆැන්ටසි වරදක් නෑ. ඒ වගේම බරපතල මානසික අසාමාන්‍යතා ලෙස හදුනාගත් ඒව වුනත් සමහර සංස්කෘතිවල පිලිගත් චර්යාවන් වෙලත් තියනව. මෙතන මම දහයක් තෝරගත්ත .ඒ සමාජයට වෙන හානිය හා සමාජ පිලිකුල ගැන බලල. ඒ දහය පොදුවෙ පිටුදැකිය යුතු දේවල් ලෙස හදුනාගත් නිසා. ගෑනියෙකුගෙ පරන සපත්තුවකට මුළු ජීවිතේම දියකරන අවාසනාවන්තයකුගෙනුත් ( අනේ පවු ) සමාජයට කරදරයක් නැහැ.හැබැයි රෙදිවැල් වල වනන ඇදුම් හොරකම් කරනකොටනම් අවුල්.

      ෆැන්ටසිකරුවන් සැකයට භාජනය වීම අවාසනාවක්.

      නමුත් මම සදහන් කළ රෝග දහයනම් ප්‍රතිකාර ගැනීම සමාජයට වගේම ඒ පුද්ගලයන්ටත් වැදගත්.ෆන්ටසිය සීමාව ඉක්මවාගිහින් රෝගී තත්වයට පත්වෙලා තමන්ගෙ වැඩ අවුල් කරගන්න නිසා.මේව ෆැන්ටසි වලට වඩා රෝග ලෙසම හදුන්වන්න පුළුවන්

      Delete
    2. ඒකයැ මං උඹේ අනික් පලුව දැකලම නෑනෙ. මගෙ අවධානෙ තරම තමා. පෝස්ට් කියවල කොමෙන්ට් දැම්මට දකුණු පැත්ත අවධානෙන් බලලම නෑ. ඒක පට්ට සිරා බ්ලොග් එකක්නෙ. දන්නවනම් බ්ලොග් හදුන්වාදීම යටතෙ මුලින්ම හඳුන්වාදෙන බ්ලොග් එකක්. වෙලාවක මුල ඉදන්ම ලිපි ටික කියෝගෙන යන්න ඕන.මාතලන්ගෙ සින්ඩියෙත් වී අකුර තිබ්බට ඒක ගානක් වෙලා නෑ.
      දැන් ඉස්සරහට ඒකටත් යනව.රෝලටත් දාගත්ත

      Delete
    3. තැන්කු! තැන්කු!
      ඒ බ්ලොග් එකට මගෙන් ලොකු අසාධාරණයක් වෙනවානං තමා. ගොඩක් අය ඒ වගේ දේවල් කියවන්න අකමැති නිසා වැඩිය ලියවෙන්නෙ නෑ බං.

      Delete
  3. The queen Anuladevi of Sri Lanka reigned from 47 BC –to 42 BC and became famous for her promiscuous behavior. She poisoned her husband the King Chora- Naga and came in to power. Anuladevi became the first queen in Sri Lankan history who had meaningful power and authority.
    According to the historical reports Anuladevi had sexual sensation seeking behaviour. She was fond of men and had a number of affairs with the commoners. Ironically she used to poison her lovers after her erotic desires had been satisfied. She had extreme desire for sex and power.

    ReplyDelete
    Replies
    1. අනුලා දේවිය ගැන මගෙ මතයක් ඒකයි. ඇය අධිකලෙස කාමයට ඇබ්බැහි වුනා.එහි ප්‍රතිපලයක් ලෙස විවිධ පුරුෂයන් හා එක්වී වසදී මරමින් ජීවත් වුනා.නමුත් ඇය ජීවත්වී ඇත්තේ අතෘප්තියෙන් කියා මට සිතෙනවා.පිරිමි දහස් ගනනක් හා එක්වුනත් කවදාවත් සතුටක් ලබන්න නැතිව ඇති.

      ඒ වගේම දෙවැනි රාජසිංහ ,ශ්‍රී වික්‍රම රාජසිංහ වගෙ අය අපරාධකරුවන් ට වධදෙන හැටි නැරඹූ බව සදහන් වෙනව. මේ රජවරු මෙයින් තෘප්තියක් ලබන්න ඇති. මෝගල් ජහන්ගීර් අධිරාජයා ( ටජ් මහල් සෑදූ ශා ජහාන්ගෙ තාත්ත ) මිනිසුන් පනපිටින් හමගහන හැටි බලන්න මහත් සේ ආශා කළාලු.

      Delete
  4. සුපිරිම විග්‍රහයක් සහෝ. ඉතාමත් මැනවින් සංයමයකින් ඉතාමත් පැහැදිලිව කිය යුත්ත කියා ඇත. විය යුත්තේද මෙයමය.

    ReplyDelete
    Replies
    1. අප්‍රසන්න පිළිකුල් මාතෘකාවක් නිසා කතා කරන්න ඕන පරෙස්සමෙන්.නමුත් සමාජයට මේ දැනුම ඕන.ඒ නිසා ප්‍රවේසමෙන් ලියල දම්මා.මානසික රෝග බෝවෙනව කියල මතයක් තියනව. සාමූහික මායාරෝගය වගෙ. අපි එල්ලුම්ගහ ගන උද්ඝෝශනය න් තුලින් දුටුවෙ මාධ්‍ය විසින් පරපීඩාකාමුකත්වය බෝ කිරීමක් ලෙස. මුලු සමාජයම මානසිකව මිනීමරුවන් වුනා.ප්‍රශ්න වලට පිලිතුරු සොයන්න ඕන ප්‍රචන්ඩත්වයෙන්ම බවයි මාධ්‍ය කිව්වෙ. මේ තත්වය සමාජයට හානිකරයි.

      මේ නිසයි විද්‍යාත්මක කතිකාවතක් අවශ්‍ය කරන්නෙ.ඒකට අපි මුල පුරන්න ඕන.

      Delete
  5. විෂයානුබද්ධ කරුණු හා දැනුම පිරි සාර්ථක ලිපියක්. ස්තුතියි. මේ වගේ කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරමින් තව තවත් බ්ලොග් පාඨකයින් දැනුවත් කරන්න. එල්ලුම් ගහෙන් සේරම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන මෝඩ මිලේච්චත්වයටත් මේක හොඳ පිළිතුරක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාධ්‍ය එන් ජී ඕ එක්ක එකතුවෙලා කළ දෙයක්නෙ.අයුතු ජනරාශීන් නිර්මානය කිරීම මාධ්‍ය කඩප්පුලියන් කළ ලොකුම වරදක්.
      ඇයි සවුදියෙ හැමදාම බෙලි කැපිලි. දඩුවමෙන් අපරාධ අඩුවෙනවනම් එකෙ මරපුවම මදෑ. දිනපතා බෙලිකපන්න අතපය කපන්න වෙන්නෙ ඒ ක්‍රමය අසාර්ථක නිසා. ස්කැන්ඩිනේවියානු රටවල දඩුවනුත් අඩුයි අපරාධත් අඩුයි.

      මතකද එකෙක් තුවක්කුවක් අරන් වෙඩිතියාගෙන ගියා.නෝර්වේකාරයො එල්ලුම්ගස් ඉල්ලන්න ගියෙ නෑ. මේ සිදුවීම ගැන විද්වත් පර්යේශන කළා. යළි එවැන්නක් වීම වළක්වන්නට.

      බ්ලොග් වලයි බුකියෙයි වෙනස බලන්න. බුකිය මිනීමරුවන්ගෙන් පිරිල තිබුන පහුගිය ටිකේ. බුකියට යන්නෙ වඩිපුරම රස්තියාදුකාරයො. සාඅජය බ්ලොග් ප්‍රමිතියට ගේන්න ඕන.බුකියෙ සංවාද නෑ. කාලයක් තම්බි මරපියවු දැන් එල්ලුම්ගහ ගෙනෙව් ,හැබැයි සෝඩ බෝතලේ කැඩුව වගෙ තමයි. ආයෙ ගෑනියෙකුගෙ සායක් එහා වුණ හැටියෙ පොර කකා ඒක ශෙයා කරනව මෙලෙඔ සිහියක් නැතුව.

      Delete
  6. ඉතාම හරවත් වටිනා ලිපියක්. "මානසික රෝගීන් එල්ලා මැරීම සිදුවුනේ මධ්‍යතන යුගයේය.මධ්‍යතන යුගයේ ජීවත්වන යම් පිරිසක් මෙරට සිටින බව පසුගිය දිනවල පැහැදිලි විය. " මෙවැනි රෝගීන් සාමාන්‍ය අය අතර ස්වල්ප වශයෙනුත්, මාධ්‍යකරුවන් අතර ඉතා බහුල වශයෙනුත් ඉන්න බව මේ දවස්වල ඔප්පු කළා.
    ඉදිරියේ දී ඒ අයටත් ප්‍රතිකර්ම කරන්ට සුදුස වැඩ පිළිවෙලක් සකස් කරගත හැකිවුනොත් සමාජය සෑහෙන දුරට සුවපත් කරගන්ට හැකිවේවි. වැඩේ කියන්නෙ දේශපාන බලවතුන් අතරත් බහුල වුනොත් රටේ ජනමනස සුවපත් කරගන්ඩ ගන්න වෑයම "බඩේ අමාරුවට සයිබුගෙන් බෙහෙත් කෑවා වගේ වේවි ද මන්දා

    ReplyDelete
    Replies
    1. මානසික උපදේශනය තවම මේ රටේ ජනප්‍රිය නැහැ. මානසික ගටළුවට යන්නෙත් කට්ටඩි ( තක්කඩි ) හොයාගෙන. එහෙව් සමාජයක් එල්ලුම්ගහ ඉල්ලීම පුදුමයක්යැ.
      පුනරුත්ථාපනය රජයේ වගකීමක්.ඒත් කවුද තීරන ගන්න තැන ඉන්නෙ. එක නළුබට්ටෙක් කියනව මරන්න ඕන මරන්න ඕන මරන්න ඕන කියල. මේ නළුබට්ට යුද්දෙට විරුද්ධ වුන එකෙක්. ඌට ඕන අර ලීඩර් කියන කසිකබල් ෆිල්ම් එකේ වාගෙ අසාධාරනයක් වුනහම මස්පිඩු පුම්බගෙන ගිහින් දුශ්ටය මරන්න. ඉතාම මුග්ධ ජනකොටස් ඉලක්කකරල ටෝක් දෙනව.මෙහෙම උන්ද සංයමයෙන් විසදුම් හොයන්නෙ. මැදපෙරදිග බෙලිකපපු අය වෙනුවෙන් වීර රඟපාමක් කරල දැන් මෙහෙ දුෂ්ටයගෙ චරිතෙ රඟපානව.

      මෙහෙම අයනෙ නීති හදන තැන ඉන්නෙ.ජනතාවගෙ හැටියට තමා පාලකයො

      සාර්ථක දීර්ඝකාලීන විද්‍යාත්මක විසදුම් හොයන්න ඕන. අපරාධවලට විතරක් නෙමෙයි කෝකටත්. ජනතාව ට ප්‍රඥාව දෙන්න ඕන.සංවාදශීලී ඉවසන සුලු සමාජයක් හදන්න ඕන.ඒක අස් ඇරුන හැම පුරවැසියෙකුගේ වගකීමක්.

      ජනතාව දැනුවත් වුනහම ප්‍රඥාවත් වුනහම හැම දෙයක්ම වෙනස් වෙනව.එතකොට සයිබුගෙන් බේත් කන්න වෙන්නෙ නැහැ

      Delete
  7. සුපිරි....... අඩුත්නැතුව වැඩිත් නැතුව වැදෙන්න ඕනි තැනට වැදෙන්න නියමෙටම ලියලා තියෙනවා...... සුබ පැතුම්......!

    ReplyDelete
    Replies
    1. සීතාම්බර පටේ වගෙ හැමෝම කතා නොකර ඉන්න එකත් හරි යන්නෙ නෑ.අජිත් පැරකුම් මහතාත් මේ ගැන විද්‍යාත්මක ප්‍රවේශයකින් ලියා තිබුනා.

      Delete
  8. හොඳ ලිපියක්.

    කියවලා ගන්න දෙයක්තියෙන ලිපියක්

    ReplyDelete
    Replies
    1. is everybody crazy කියා ලිපියක් කාලයකට පෙර මට කියවන්නට ලැබුනා. අනතුරකින් පසු මොළයට හානිවූ පුද්ගලයෙකු එම හානිය සිදුවූ පසු ආහාර වර්ග ගැන දැඩි උනන්දුවක් දැක්වීම ගැනයි එහි තිබුනෙ. ඔහු පත්තරයක ආහාර ගැන තීරු ලිපි රචකයෙක් ලෙස රැකියාවට ගියා. ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට මෙය වැදගත් හෝඩුවාවක් වුනා. මම ඒක කීවෙ ආශාවන් කෙරෙහි මොළයේ අසාමාන්‍යතා වල දායකත්වය පෙන්වන්නයි. ඒ වගෙ දේකට එහෙමනම් මේව ගැන කවර කතාද

      අසාමාන්‍ය චර්යා මොළයේ යම් අවුලක් නිසා ඇතිවෙන බව පැහැදිලියි.ඇයි ළමාකාමය කියන කාමරෝගය ගැන දැනුවත් කරල එහෙම අය ප්‍රතිකාර සදහා යොමු නොකරන්නෙ. ඒ වගේම මේ වගෙ වනචාරීන් මුලින්ම පුනරුත්ථාපනය නොකරන්නෙ. එහෙම වුනා නම් මේ වගෙ සිදුවීම් වළක්වාගන්න පුළුවන්නෙ.

      Delete
    2. ඇතැමුන් සාමාන්‍ය තත්ව ලෙස විග්‍රහ කරන්න තැත් දරණ, සමලිංගික තාවය, සත්ත්වයින් හා ලිංගික බැඳීම් වලට ආශාව වැනි දේවලුත් මෙවැනිම ප්‍රථිකාර කල හැකි තත්වයන් විය නොහැකිද?

      Delete
    3. ඔබ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවෙ. සමලිංගිකත්වය අසාමාන්‍යතාවයක් කියල හිතල ප්‍රතිකාර කළ යුගයක් තිබුනා.නමුත් මහජන උද්ඝෝෂන නිසා සමලිංගිකත්වය බටහිර සමාජය නෝමල් කියල පිළිගත්තා.වෛද්‍ය විද්‍යාව සමාජ විද්‍යාවට යටවූ අවස්ථාවක් ඒක. ගල්කාරයො ආප්ප කාරියො පාරට බැස්සට පස්සෙ පස්සෙ වෛද්‍ය විද්‍යාව කියන්න ගත්ත නෑ මේක ඇබ්නෝමල් නෑ කියල. සමලිංගිකත්වය හෝ සත්ව ලිංගිකත්වය නෙමෙයි පොඩි ළමයි දූෂනය කිරීමත් නෝමල් වෙන්න පුළුවන් සමාජ මතය වෙනස් වුනොත්.

      සියල්ල ජනමතයට සාපේක්ෂයි. ජනමතය නිර්මානය කරන්නෙ කාලානුරූපීව බලවත් වන අධිපති කණ්ඩායම්. හොඳම උදාහරනය තමයි ජනවාරි 8 ට කලින් හාමුදුරුවරු චන්ඩිවෙලා හිටිය. දැන් හාමුදුරුවරු කෝ. දැන් චන්ඩි කාන්තා සංවිධාන. ඒ වගෙ තමයි. එන් ජී ඕ කන්ඩායම් භික්ෂූන් රිප්ලේස් කළාවගෙ අධිපති කණ්ඩායම් වෙනස් විය හැකියි.

      Delete
  9. සර්ව සම්පූර්ණයි.වැදෙන්න ඕන තැනටම වැදිල...නියමයි.

    ReplyDelete
    Replies
    1. අපේ සංස්කෘතික පසුබිම අනුව හරිනම් ඵලයක් ඇතිවීමට හේතුව හොයල ඒ හේතුව නැතිකර ඵලය නැතිකිරීම ගැනයි කතා කළ යුත්තෙ. එවිට එය විද්‍යාත්මක විසදුමක් කරා යාමට ප්‍රවේශයක් වෙනව. නමුත් මෙතන වෙන්නෙ මුළු සමාජයම ගල් යුගයට ගෙන යන එකනෙ.
      ඔබේ ලිපියත් කියෙව්වා.ඒකත් ඉතාම සතුටුදායකයි.

      Delete
  10. හොද මනෝ විද්‍යාත්මක විග්‍රහයක් ම.ම

    ඒත් ඔබ ඉහතින් කී

    //සිරස දෙරන හිරු කුනු මිනීකාක්කන්//

    මෙන්න මේ කතාව ඉතා වැදගත්........ මේ සේයාගේ මරණයෙන් අපි සමාජයට ගත යුතු කතිකාවන් තුළ මාධ්‍ය හී නිරුවතත් වැදගත්.... මේ කරන පුවත් අමු අමුවේ විකිණීම කියන කාරණයට වැඩ බැදිය යුතුයි.... මුලින් ම ගෙනා යුත්තේ ඒල්ලුම් ගහ නෙමෙයි. මාධ්‍ය කරන්නා වූ විකාර පාලනය කිරීමයි...

    ReplyDelete
    Replies
    1. සක්කිලි සිරස ,බුරන ටී වී සහ බොරු ටී වී කියන තුන් ගොල්ලම හැසිරුනේ මිනියක් දැකපු ගිජුලිහිනියො වගෙ. සාමාන්‍යයෙන් රාගය,ශෝකය වගෙ මිනිස් භාවයන් ප්‍රකෝප කරල බඩවියත රැකගන්න මේ කාක්කො සේයා දුවගෙ නිරුවත් ඡායාරූප ගන්න ගිය විට ඒකට තාත්ත බාධා කළාම කීවෙ මොකක්ද .මේකට ගෙදර කෙනෙක් සැකයි කියල සේයා පිළිසිදගත්ත කාලෙ ගනත් කියල ගෙදර ප්‍රශ්න තිබුන කියල සේයා දියණියට තවත් අලුත් අපහාසයකුත් කළා.

      කට්ටියක් පිකටින් කරන තැනට එනව සක්කිලි සිරසෙ කෙනෙක්. ඌ කියනව මේවට විසදුම එල්ලුම් ගහ ප්‍රශ්නෙ තියෙන්නෙ අලුගෝසුවෙක් නැතිකම කියල.හිනාවෙලා අහනව මෙතන කවුරුහරි ඉන්නවද ඒකට කියල .එතකොට කටහැකර ගෑනියක් කියනව මං කැමතියි කියල . ඒ ගෑනි කොහොමත් අලුගෝසුවෙක් වගෙ තමා පෙනුමත්. ඊට පස්සෙ ආ එන්න අක්කෙ අපට වොයිස් කට් එකක් දෙන්න කියනව.වොයිස් කට් දීල ෆෝකස් කරල මුන් රට ගිනිතිව්වා.

      වෛරය වපුරල අයුතු ජනරාශි නිර්මානය වන විදියට මුන් වොයිස් කට් ගත්තෙ.විමර්ශන අවුල් වෙන්නෙ මුන්ට ප්‍රථම පුවත දෙන්න තියන හදිසිය නිසා.

      කාට කාටත් පින් පල දීල දෙයියෝ දීල අනේ අපට මිනියක් ලැබිලා එදාට අපි මල් පැනියෙන් නානවා කියල මුන් ඉන්නෙ.

      ඔය සක්කිලි සිරස වෛරෙන් පුපුරන එකක්.විනාඩි පහෙන් පහට හතුරන්ව ෆෝකස් කර කර අපහාස කරනව. උන් පස්ස ගැහුවෙ බුරන ටී වී එක්ක හැප්පුන වෙලාවෙ. මොකද ජනවහරෙ තියනව පිස්සෙක් තව පිස්සෙකුට බයයි කියල. පිස්ස දන්නව අනික් පිස්සටත් ඌට වගේම අනක් ගුනක් නෑ කියල.

      බුරන ටී වී එක මහින්දගෙ කරේ එල්ලිලා ගොඩ යන්න ගිහින් දැන් මහින්ද නැති නිසා මළ මිනියක් හොය හොය උන්නෙ. බොරු ටී වී එක ට කියන්න පුළුවන් මේ අපරාධකාරය කුඩුකාරයෙක්. එයා ගහන්නෙ අපි ගේන කුඩු. ඒ නිසා නිව්ස් එකේ වැඩි අයිතිය අපිට කියල . අනික් උන් එක්ක ගේම ඉල්ලන්න ත් අයිතියක් තියනව.

      සමාජය තුල මාධ්‍ය ගැන කතිකාවතක් හදෙන්න ඕන. මාධ්‍යවේදියො හැසිරෙන්නෙ ත්‍රස්තවාදියො වගෙ.

      Delete
  11. ලංකාවේ ඉන්න ගොබ්බ මාද්දියවේදියෝ කියවිය යුතුම ළිපියක්...

    උන් තමයි මේ රට විනාශ කලේ.. ඇත්තටම මේක හැදියාවක් තිබිච්ච.. නිවුනු රටක්.. මරු සිරාලා යකඩයලා, පොඩි විජේලා, හාර ලක්ෂේ මංකොල්ලය වගේ දේවල් ටිකක් විතරයි තිබුනේ.. අනතුරකින් හතර පස් දෙනෙක් මැරුනොත් හනේ අපොයි කියාගෙන මළගෙදරටත් ගියපු රටක්.

    යුද්ධයෙනුත් වැඩිපුර පීඩා වින්දේ සුළුතරයක් ඒත් එක මහා ජාතියේ ෆැන්ටසියක් කලේ පඩත්තල සංඝයයි, ජඩමාද්දියයි.. අද මහා ජාතිය විඳවන්නේ ඒ ෆැන්ටසිය තුල බිහිවුන කාළකන්නින්ගෙ ආතල්. කොන්ඩයා ආදර්ශයට අරගෙන මේ වගේ අපරාද තව තව සිද්ද උනත් පුදුම වෙන්න එපා. ඒ තරමට ජඩමාද්දිය කාරයෝ මේ මළකුණ විකුනගෙන කෑවා..

    දඬුවම් කළ යුත්තේ මාද්දියටයි...

    ReplyDelete
    Replies
    1. මළකුන විකුනගෙන කෑවෙ හත් දවසක් බඩගින්නෙ උන් එකෙකුට බත් පිගානක් දුන්න වගෙ.සාහිත්‍ය මාසයෙ වෙන්න තිබුන ශාස්ත්‍රීය සංවාද මුන් ගූ කෙරුව. අපේ සමාජයෙ අසහනය නිර්මානය කරන්නෙ මේ මාධ්‍ය කාරයො තමයි. මේ ජඩමාධ්‍ය අයුතු ජනරාශි නිර්මානය කරමින් රට ගිනි තිබ්බහම පොලීසියත් අසරන වුනා. මොකෙක් හරි අල්ලගෙන උසාවි දාන්න ඕන වුනා.මේ ජනමාධ්‍ය වල ක්‍රියාකාරීත්වය පාලනය කරන්න ඕන.

      අපරාධයක් වුනහම ඒක ෆැන්ටසියක් කරන එක මහම තිරිසන් වැඩක්. අපරාධවලින් තොර සමාජයක් නිර්මානය කරන්නනම් සමාජය නිවන්න ඕන.අවුලන්න නෙමෙයි.ජඩමාධ්‍ය කරන්නෙ අවුලන එක. ඒකෙන් වෙන්නෙ අලුගෝසු සමාජයක් නිර්මානය වෙන එක.

      යුද්දෙ තියන කාලෙ අද මෙච්චර මැරුව ඊයෙ මෙච්චර මැරුව කිය කිය තලු මරුව. යුද්දෙ ඉවර වුනහම මිනී නැතිව මුන් ගම් වදින්න ගත්ත. වයසට ගිහින් ලෙඩ වෙලා කෙනෙක් මලහමත් අනේ අපොයි කීව සමාජය නරාවලක් කළේ මාධ්‍ය.

      මුන් කාන්තා ප්‍රතිරූපයට කළ හානිය බලන්න.අපේ කාන්තාවන් කරුණාවන්තයි. ඔවුන් සතෙක්වත් මරන්න කැමති නෑ.ඒත් අපි මේ ජඩමාධ්‍ය තුලින් දැක්කෙ මරන්න මරන්න මරන්න කියල කෑගහන ගෑනු. මේ අම්මලද. අම්ම කියන්නෙ ජීවිතය දෙන කෙනෙක්. බලන්න මේ සක්කිලි සිරස ඒ මාතෲ ප්‍රතිරූපයට කළ හානිය , වෙනස.උන් ප්‍රචාරය කළ සක්කිලි වීඩියෝව.

      ඒ වීඩියෝ ක්ලිප් එකෙන් කුජීත සොමියක් ගන්න අයත් ඉන්නව. ඒකත් මේ ලිපියට අදාලයි.මේ ලිපියෙ මානසික අසාමාන්‍යතා ගැනකතා කළා .ඔය ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරගෙන හස්ත කර්මාන්තවල යෙදෙන පිරිමි ඇති. එහෙම ගෑනුන්ට ආස අය ඉන්නව. අනේ මේ මාධ්‍ය කරන ජඩ වැඩ. මුන් රටම පිස්සන් කොටුවක් කරනවනෙ. අනේ අපොයි.

      Delete
    2. මාතලන්ගේ යෝජනාවට අත් දෙකම ඔසවනවා

      Delete
  12. සමබර ලිපියක්. අවශ්‍ය දේවල් ගොඩක් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාමරෝග ගැන කතා කරද්දිනම් කරුණු ටිකක් අඩු කළා. ඒක ලිපියට හානියක් වෙන්න නැතිව ඇති. රෝග 15 ක් දාන්න හිටියත් විශේෂ හේතුවක් නිසා 10 ට සීමා කළා. මේව කතා නොකරන තරමට හොඳයි. මේව බෝවෙන නිසා. නමුත් කතා නොකරත් බැහැ. බ්ලොග් කියවන්නෙ යම්කිසි ප්‍රබුද්ධ පිරිසක් නිසා අවුලක් නැතිවෙයි කියල හිතලයි දැම්මෙ.

      Delete
  13. ඉතා පැහැදිලි විග්‍රහයක්.හැමෝගෙම අවධානය මෙවනි කරැනු කෙරෙහි යොමු විය යුතුමයි.ඒත් යොමුවෙන්නේ නැති එකයි අවාසනාව.

    අපරාධකරැවෙක්ගේ පසුබිමි අධ්‍යයනය කරලා බැලුවම ඔවුන් ඒ සදහා යොමු වූ හේතු කරැනු කිහිපයක් දැනට සොයගෙන තිබෙනව.ඒ තමයි
    ජීව විද්‍යාත්මක සාධක
    හෝමොන විකෘතිතා ජාන විකෘතිතා
    මන්දමානසික තත්ව සහ දුර්වල මානසික මටිටමි
    සමාජීය හේතු
    ලමා සංවර්ධන අවධියේ සිදුවූ ගැටලු
    පෞරෂ අක්‍රමිකතා ඇතුලු බොහෝ කරැනු.

    ලොකුම මෝඩකම තමයි මෙ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකර මෙ කරැනු මුල් කරගෙන බිහිවන අපරාදකරැට මරණ දණ්ඩනය හො දැඩි දඩුවමී දීමෙන් අපරාධ අවම වෙනවා වලකිනවා කියලා හිතන එක.නමුත් අපරාධකරැවකු නැවත නැවතත් බිහිවන හේතු ගැනයි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඔන.ඒත් අපේ රටවල එහෙම විධිමත් ක්‍රියාපටිපාටියක් නැ.

    අපගාමි ලිංගික චර්යා ගැන මම පෙර ලිපියක් පල කලා.එහි කරැනු දක්වා ඇත්තේ කෙටියෙන්.ඔබ සදහන් කලා වගේ මෙ එක චර්යාවක් විස්තර කරන්න දීර්ඝ ගිලියක් සකස් කරන්න වෙනවා.පහග තියෙන්නේ ඒ ගැන සදහන්වු ලිපිය.

    ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු හදුනා ගනිමු

    ReplyDelete
    Replies
    1. ..//දීර්ඝ ගිලියක් යන්න දීර්ග ලිපියක් ලෙසින් නිවරදි විය යුතුය.

      Delete
    2. ඔබ ඉතා වටිනා අදහසක් මතු කළා. ඇත්තටම අපරාධකරුවෙක් බිහිවෙන්නෙ ඔය කියන සාධක නිසා තමයි. ඇයි අපි මේවට විසදුම් සොයන්නෙ නැත්තෙ.

      හේතුවට විසදුම් සොයන්නෙ නැතිව ඵලය විතරක් වැනසුවට වැඩක් නෑ.

      ලිංගිකත්වය ගැන තියන හපූයියා ආකල්පයත් බැහැර කරන්න ඕන.ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕන.
      ඔබ ඔය කී සාධක නිසා අපරාධකරුවන් බිහිවීම වළක්වන්න අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම අපරාධ විද්‍යාඥයන්ගෙ වගකීමක්.ඒ වගෙ බර දේවල් අපේ සමාජයට හුරු නෑ .ලඟදි ඝාතකයො දෙන්නෙක් බදව ගන්නවලු .එතකොට ඔක්කොම හරියයි කියල හිතන්නෙ. නමුත් අපරාධ නිවාරනය බාරදිය යුත්තෙ බඩගැත්තර ඝාතකයන්ට නෙමෙයි අපරාධ විද්‍යාඥයන්ට නීතීඥයන්ට සහ විශයෙහි ප්‍රාමානික උගතුන්ට.

      ලින්ක් එක දැම්මට ස්තුතියි.

      Delete
  14. බ්ලොග් අවකාශයේ මට මං එළිකල මිත්‍රයාගේ මෙවන් අපූරු ලිපියක් මග හැරී, තවත් බ්ලොගය හරහා මෙයට​ එන්න වීම නම් මට බලවත් කනස්සලක්.

    //අප්‍රසන්න පිළිකුල් මාතෘකාවක්//
    මම නම් මෙයට එකඟ නෑ, කවුරු කවුරුත් දැන උගත යුතු, ජීවිත සාර්තකය සඳහා අවශ්‍යම වූ මාතෘකාවක්, අප දූ දරුවන් දැනුවත් කල යුතු මාතෘකාවක්, ආදාල වූ කාරනය ජීවයක් ලැබුවාවූ අති සුන්දරම සතුටක්, සීමා මායිම් දැන නිසියාකාරව විඳ ගැනීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. සීමා මායිම් දැන විද ගැනීම ගැන ඔබ මතුකළේ අපූරු අවස්ථාවක්. ලෙඩක් මට්ටමට නොගිහින් ෆැන්ටසියක් වගෙ තිබුනට කමක් නෑ. තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් නොවෙන්නට. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑනෙ. නමුත් මම මෙතන මතුකරපු 10 නම් සීමා මායිම් ඉක්මවා උග්‍ර වුනොත් ප්‍රතිකාර මගින් හෝ වලක්වාගතයුතුයි කියලයි හිතෙන්නෙ.

      උදාහරනයකට ගෑනියෙක් පාවිච්චිකරන සෙරෙප්පුඅවකට ෆැන්ටසියක් විදියට ආස වුනාට කමක් නෑ. සෙරෙප්පු එකතුවක් උගෙ ලැප් එකේ තිබුනත් අවුලක් නෑ. හැබැයි සෙරෙප්පු ගෑනු පාවිච්චි කළ යට ඇඳුම් හොයල ලෝකෙ පෙරලනවනම් එතන ලෙඩක්. තමන්ගෙ ගෑනි එක්ක නම් මොනව කරගත්තත් කමක් නෑ ඉතින්.

      Delete
    2. ඔබ කියූ කාරනා සමඟ කිසිම තර්කයක් නෑ, අනික මම සඳහන් කල 'සීමා මායිම' වුනත් විවාහක ස්වාමි හා බිරිඳ මිසක් වෙන එකක් නොවෙයි, එයින් පිට ඇති වෙන ඕනෑම ඇසුරුකමක අවසානය නරකක්ම වෙයි. ඕනෑම ෆැන්ටැසියක් ස්වාමි/බිරිඳ අතර වෙනවම් සුභයි

      Delete