Sunday, September 27, 2015

අපරාධ ගහ නියපොත්තෙන්ම කඩාදාන්නේ කෙසේද

සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ගැන සිත යොමුකරන්නට සමාජයට තිබූ ඉඩ අවහිර කරවමින් එක පිට අපරාධ කිහිපයක් සිදුවිය.ගම්පහදී කම පවුලක තිබූ දෙනෙක් මරා තිබූ අතර සේයාගේ මරණය ආරංචි වුනේ ඉන් පසුය. එහි උනුසුම මැකී යන්නාටත් පෙර පියෙක් තමන් මුහුණවත් දැක නැති පෙම්වතිය වෙනුවෙන් සිය බිරිදත් බාල දියණියත් මුහුදට දැමීය.

අතුරුගිරියේදී පාසල් සිසුවෙක් කපාකොටා දැමීම අනෙක් සිද්ධියයි.
මේවායින් සේයාගේ සිදුවීමට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබිණි. අයුතු ජනරාශීන් සංවිධානය කෙරුනි. විශාල පිරිසක් රඟපෑම් වල නියැලුනහ.එහෙයින් මගේද වැඩි අවධානය යොමුවුනේ මෙම සිදුවීමටයි.


සේයා දියණිය ගේ මරණය  මා තදින් කම්පනයට පත් කළේය.මට මතක් වුනේ අමරදේවගේ සුදු නෙළුම කෝ ගීතයයි. මහවැලි කේන්ද්‍රයේදී සාහිත්‍ය දේශනයකට සහභාගි වූ විට දේශකයා සුදු නෙළුම ගීතයට පාදක වූ සිදුවීම ගැන සදහන් කරන විට මට ඇඩුනි.ඈත ගමක දුප්පත් පවුලක දියණියක් නෙළුම් මල් කැඩීමට වැවට ගිය දිනක දියේ ගිලී මියයාම මීට පාදක වූ සිදුවීමයි.ඔවුන්ගේ ජීවිකාව වුනේ මල් විකිනීමයි. මෙම සිසුවිය පිරිසිදුවට අදින දක්ෂ සිසුවියක් වූවාය. ඇය දිනපතාම පාසලට එයි. ඇය දිනක් පාසලට නොපැමිනීම ගුරුවරයාට ප්‍රශ්නාය්ක් විය . ඇයගේ මරණැය දැණගත්තේ ඉන් පසුවයි.මේ ශෝකජනක කතාව අමරදේවයන්ගේ හඩින් ගැයෙන විට  ශෝක රසය මැනවින් නිරූපනය වේ.කෝච්චියේ එනවිට සේයා දියණිය ගැන සිතා මෙම ගීතය කිහිපවරක්ම ඇසුවෙමි.

අනුන්ගේ දුකට සංවේදී වීම වැඩිදෙනෙක් තුල දැකිය හැක. මෙවැනි අයට ආධාර දීමට ඉදිරිපත් වන්නේද මේ නිසාය. එහෙත් මෙවැනි ආධාර දීමක් හෝ එසේත් නැත්නම් අපරාධ නිවාරනයට හේතු සෙවීමට හෝ උත්සාහ නොකරන සමහරු මේ තුලින් ප්‍රචන්ඩත්වය වැපිරීමට උත්සාහ කරති.බොහෝ විට මෙම අයුතු ජනරාශිවලට සහභාගි වන්නේ ත්‍රීවීල් රියදුරන් , නගරවල සිටින රස්තියාදුකාරයන් වැනි අපචාරවලට නැඹුරු පුද්ගලයන්ය.ඔවුහු සමාජයේ ඉදිරියේ හොඳ ළමයි වී සිටිති.

සැකකරුවන් බන්ධනාගාඅර ගත කළ විට බන්ධනාගාරවල සිටින සාන්තුවරය්ටන් මොවුන්ට දඩුවම් දීමට ඉක්මන් වෙති. මෙම සාන්තුවරයන්ද මීට කලකට පෙර මෙවැනිම චෝදනාවලට ලක්වී සිරගත වූ අයයි.ඇල්ගොලොග්නියා රෝගීන් වෙනත් රෝගීන් විනිශ්චය කිරීම තමන්ට පැවරුන දේව කාර්යයක් ලෙස සළකති. මහපාරේ ඇක්සිඩන්ට් එකක් වුනත් ලහිලහියේ නඩු අහන්නට එන්නේ මාලු මාකට් එකේ උන්දෑය.අනෙක් අතට පොලීසියේ ලයිසන් චන්ඩි සිටිති.සෝමාලියාව මෙනි. ඔළුව උස්සා ගෙන සිටීමට නම් චන්ඩියෙක් විය යුතුය.

සමාජය වෙලාගෙන ඇති ප්‍රචන්ඩත්වයේ ව්‍යාධිය සුව කළ යුතුය.

ප්‍රචන්ඩත්වය හාපැටියෙක් කරන සමාජ ආකල්ප ඇත. එකක් නම් කොළුකම හා පිරිමිකමයි. මේ කොළුකම /පිරිමිකම නොපෙන්වීම නිසා මා පුද්ගලිකව බොහෝ අපහසුතාවයට පත්වී ඇත. සර්පයෙක් මැරීමට සියළුදෙනා යෝජනා කළ විට මා එයට විරුද්ධ වූ නිසා මම පිරිමියෙක්ද කියා ඇසුවේ ගැහැණියකි.ඇය සර්පයා මැරීමට ඉදිරිපත් වූවාය. සර්පයා මැරීම ට සැමගේ අනුමැතිය ලැබුනත් මෙම කාන්තාව දෙස සැමෝම බැලුවේ වපර ඇසිනි. එයද එක්තරා සමාජ විද්‍යාත්මක පැතිකඩකි. එය අමුතු දෙයක් ලෙස සැළකූහ. සර්පයා මැරීමට යෝජනා ස්ථිර කළ අයද පසුව පවු බං කිය කියා මුමුනනවා ඇසුනි.අපේ සමාජය පට්ටටම පට්ට එකකි. එය හදුනාගැනීම ලෙහෙසි නැත.
තවත් වරෙක සියළුම පිරිමි දඩයමේ යාමට ලකලැහැස්තිවූ විට මා ධර්මය දෙසන්නට යාමෙන් මා එතන අමුත්තෙක් විය.මා මාංශ භක්ෂකයෙකු වුවත් සතුන් මැරීමට අකමැත්තෙමි.එය කුහකකම හෝ වෙන ඕනැම නමකින් හැදිවුවත් කමක් නැත.

කොළුකම් හා පිරිමිකම් කියා දේවල් නැත. පිරිමියා ගැහැණියට වඩා උසස් හෝ ශ්‍රේෂ්ට නොවේ. එසේනම් පිරිමියා අමුතු පොරක් විය යුතු නැත. එසේම අප ජීවත් වන්නේ ගෝත්‍රික්ල දඩයම් යුගයක නොව නිළබල ක්‍රමයක් හා ස්ථාපිත නීති ක්‍රමයක් සහිත සංවිධානාත්මක සමාජයකය.එහි සාමාජිකයන්ට තිබෙන්නේ ක්‍රමයට කීකරුව ක්‍රමයෙන් තමන්ද යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමත් ක්‍රමය ගැන ගුණදොස් දක්වා සජීවී සත්වයෙකු ලෙස ක්‍රමයට සමගාමීව ජීවත් වීමයි. අපගමන අවශ්‍ය නැත.


පුරුෂයන් අපරාධවලට පෙළඹීමට හේතුවක් ලෙස හෝමෝනීය තත්වයන් මෙන්ම මෙම සමාජ භාවයද හේතුවෙයි. මේ තත්වය නිසා අද අර්ධ නාගරික ප්‍රදේශයකවත් ඇදිරි වැටුන පසු කෙනෙකුට පාරෙ බැසයාමට නොහැක. ගංජ  වැනි මත්ද්‍රව්‍ය හා විවිධ අපචාරවලට ඇබ්බැහි වූ කොලු නඩ පළාත් අරක් අරගෙන සිටිති. මෙය අවශ්‍යද.මට මතකයි කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ විදුහල්පතිවරයා ඔහුගේ දරුවන් හැදූ හැටි .ඔවුන්ගේ කර දඩු උස් මාහ්ත් වුනත් අවසර නැතිව ගෙදරින් පිට යාමට නොහැක.යන එන තැන ඇසුරු කරන අය කරන කියන දෙය ඔහුගේ දැඩි අධීක්ෂනයට ලක්වේ. වැඩ කළ යුතු කාල සටහනක් ඇත. මෙය මහ කරදරයක් ලෙස සිතා අප හිනා වූ නමුත් ඔහුගේ දරුවන් සිව්දෙනාම මෙඩිකල් කොලෙජ් ගියේය. ඉතින් නරකද. ඒ පවුලෙ කොලුකම් කෙලි කම් මොකුත් නොවීය.විදුහල්පතිවරයාගේ පොදුනීති වලට සියළු දෙනාම යටත් විය යුතුය (ගුරුවරියක් වූ බිරිදත් ඇතුළුව ).

එකළැ ඔහු අපටත් උපදෙස් දුන්නේ අනවශ්‍ය දේ නොකරන ලෙසත් අනවශ්‍ය පුද්ගලයන් ඇසුරු නොකරන ලෙසත් අනවශ්‍ය තැන්වලට නොයන ලෙසටත්ය.නෑදෑ ගෙදරකටවත් හේතුවක් නැතිව නොයන ලෙසත් බොරුවට ගොස් වල්පල් කතාකරමින් කාලය නාස්ති නොකරන ලෙසත් ඔහු උපදෙස් දුන්නේය.ඔහුද ආදර්ශමත් විය.

කඩපිල් ගානේ නිකරුනේ සිටින කොළු නඩ පාරේ යන ගැහැනුන්ගේ අවයව ගැන විචාර යන් ඉදිරිපත් කරමින් කාලය නාස්ති කරති.මුස්ලිම් සමාජයේ මෙය නැති බව මා අසා ඇත. ඔවුන්ගේ තරුණයන් කුමක් හෝ ආර්ථික කටයුත්තක නිරත වෙති.ගම්වල තරුණයන් කුමක් හෝ ආර්ථික කටයුත්තක නිරත කරවීමට ගම්වල ප්‍රභුන් වෙර දැරිය යුතුය. ඉරානයේ කොමෙයිනි දරුණු ආකාරයට මෙය ට විසදුමක් සෙවූ බව මා අසා ඇත.


අපරාධවල බීජාංකුර වන මෙම කල්ලි /නඩ අකර්මණ්‍ය කළ යුතුය.

එසේම මානසික රෝගීන් පුනරුත්ථාපනය කළ යුතුය.සමීක්ෂනවලට අනුව ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් මානසික රෝගීන් යැයි කියවේ.සමාජයට හානිකර විය හැකි මානසික රෝගීන් හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය.මේ සඳහා අපරාධ නිවාරන දෙපාර්තමේන්තුවක් පිහිටවිය යුතුය.අපරාධයක් කළ පසු පුනරුත්ථාපනය කරන්නේ කුමකටද .පුනරුත්ථාපනය කළ යුත්තේ අපරාධයක් සිදුවීමට පෙරය.


දෙමවුපියන් ගේ රැකවරනය නොමැති දරුවන් සමාජානුයෝජනය කරන්නේ පාතාලයන් වැනි අපචාරීන් විසිනි.මොවුහු අනාගත අපරාධකරුවෝය.මෙම දරුවන් අපචාරීන්ගෙන් මුදවාගත යුතුය.හිඟන්නන්, ගනිකාවන්, මැරයන් යනු ප්‍රතිකාර අවශ්‍ය මානසික රෝගීන් සහ අපචාරීහුය.අපචාරී පුද්ගලයන් අල්ලා ඔවුන් අතරින් ප්‍රතිකාර අවශ්‍ය අයට ප්‍රතිකාර දී සෙස්සන් පුනරුත්ථාපනය කළ යුතුය.මෙයට වැයකරන මුදල අනාගත ආයෝජනයකි.


මාධ්‍ය වලට ආචාර ධර්ම හදුන්වා දිය යුතුය. පිස්සු කෙළින මාධ්‍ය වලට එරෙහිව බලපෑම් කණ්ඩායම් ලෙස ජනතාව නැගී සිටිය යුතුය.උදේම පිරිත් කියා වැඩ අරබන මාධ්‍ය ඉන් පසු තුන් තිස් පයේම මිනිසුන්ගේ හැඟීම් අවුස්සා පිස්සු වට්ටයි. ඉන් පසුමාධ්‍ය නාඩගම් බලා මොකෙක් හරි  මොකක් හරි කඩප්පුලිකමක් කළොත් ඌට එරෙහිව සමාජය උසි ගන්වමින් යළිත් රට පිස්සන් කොටුවක් කරයි.

පාසල් සිසුන්ට මතුනොව වැඩිහිටියන්ටද ලිංගික අධ්‍යාපනය දිය යුතුයැයි මම යෝජනා කරමි.වැඩිහිටියන්ගේ ලිංගික ප්‍රශ්න ඇතැම්විට ළමා අපචාර වලට හේතුවේ.විවාහයට තරුණයන් පෙළබවිය යුතු අතර සැමියා මියගොස් හෝ අත්හැරදාගිය කාන්තාවන් ගම්වල බඩු බවට /කොල්ලන්ගෙ ට්‍රේනින් ස්කූල් බවට පත් නොවී දෙවන විවාහයකට උනන්දු කළ යුතුය.

අසහනකාරීන් බිහිකරන වික්ටෝරියානු සීතාම්බරය ඉවත් කළ යුතුය.ගනිකා වෘත්තියට හා සමලිංගිකත්වයට තිබෙන සීමාවන් ඉවත් කර සමාජය නිදහස් කළ යුතුද වේ.සමාජය හැකිතාක් ලිහිල් කළ යුතුය. පීඩනය වැඩිවූ විට එය අපරාධ ලෙස තැනින් තැනින් ලීක් වේ.

පත්තරේ ප්‍රධානම් පුවත මිනීමැරුමක් විය යුතුද. අප දවස පටන් ගටහ් යුත්තේ පත්තරේ තිබෙන මිනීමැරුම් දූෂන ගැන බලා ඔළුව අවුල් කරගෙනද .ඇයි එම පුවත් පත්තරේ කොනක දාන්න බැරි. මේව ජනතාව ඉල්ලනවා කියා පත්තරකාරයන් කීමට පුළුවන. ජනතාව ඉල්ලනවා කියා කුඩු විකුනන්න බැහැනෙ.පත්තර මේ ක්‍රමය පුරුදු වුනොත් ජනතාව ඊට හැඩ ගැසෙනු ඇත.

අපරාධවලින් 99% ක්ම කරන්නේ ඉතාම නූගත් ලුම්පන් සමාජ කන්ඩායම් වලින් බව බය නැතිව කිව හැක. මානසික වශයෙන් නිරවුල් කිසිවෙක් අපරාධ නොකරති. එනිසා කළ යුත්තේ මානසික සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමුකිරීමයි.එසේම අපචාරී කන්ඩායම් බිහිවීම අපචාරී උප සංස්කෘතීන් නිර්මානය වීම වැළැක්වීමයි.

බුකියේ වීරයන් වී ජාති ආගම් වාද අවුස්සමින් නාඩගම් නටන අයට එරෙහිව අපට පුද්ගලිකව යමක් කළ හැක.වරෙක මා  පාසල්වාද ,ප්‍රදේශවාද අවුස්සමින් ඉමේජ් ශෙයා කළ  එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙකු හා සංවාදයක යෙදී ඔහුව ලැජ්ජාවට පත් කළෙමි. පිස්තෝලයක් අතින් ගත් කෙනෙක් අපි අහවල් පැත්තෙ කියා එහි තිබිණි .

තවද නීතිය ගැන මූලික මට්ටමේ දැනීමක් හෝ පාසල් විශයට ඇතුළු කළ යුතුය.

එසේම සමාජයේ අපරාධ විරෝධී බලපෑම් කන්ඩායම් ශක්තිමත් කළ යුතු අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට රුකුලක් වෙමින් එම ආයතන ශක්තිමත් කරන්නට එම බලපෑම් කන්ඩායම් ක්‍රියා කළ යුතුවේ.මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. එහෙත් අප්‍රමාදව ක්‍රියාවට නැගිය යුත්තකි.



31 comments:

  1. දැන් ඔය කොහෙද ඕව කරන්න යෝජනා යන්නෙ.
    ශ්‍රී ලංකාවෙද

    ReplyDelete
  2. ඔබ හා එකඟයි!

    ReplyDelete
  3. //අසහනකාරීන් බිහිකරන වික්ටෝරියානු සීතාම්බරය ඉවත් කළ යුතුය.//

    කොහෙ කොරන්නද? ඒක අයින් කරනවා තියා ඒක වික්ටෝරියානු සමාජයෙන් හා ඇන්ග්ලිකන් මිශනාරි ඉන්ෆ්ලුවන්ස් එකෙන් ආවයි කියන එකවත් අපේ එවුන් නොදන්නකොට.
    අපේ සංස්කෘතියේ තමන් විසින්ම පත්කරගත් ආරක්ශකයන් කියන්නෙ ඒකලු සින්හල බෞද්ද ආසියානු හැදියාව.

    වික්ටෝරියන් ගෑනු lawn ටෙනිස් ගහනකොටත් වලලුකරට හා මැනික්කටුවට එනකම් ඇඳගෙන හිටියේ, පෙරහැරවල ලීකෙලි කරන මෙහෙ ගෑනු දනිස්සට ඇඳගෙන හිටපු එකත් මිශනාරීන් අසභ්‍යයි කිව්ව. උන් දැන් බිකිනි අඳිනකොට අපේ එවුන් කොට කලිසම් අඳින එකත් අපේ සදාචාරයට විරුද්ධයි කියල අපේ සංස්කෘතික පණ්ඩිතයො කියනව.

    හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. අපේ ගෑනු හිටියෙ ඔක්කොම එලියෙ දාගෙන . ඕව ඩැකලම කාටවත් ගානක්.වුනේ නැ. ඒ කාලෙ අසහනකාරයොත් නෑ දූෂනත් නෑ.උඩරට නීතියෙ ස්ත්‍රී දූෂන ගැන සමකාලීන නීතිවලවගෙ දැඩි අවදාරනයක් නැ හේතුව ඒක එදා සමාජ ප්‍රශ්නයක් නොවීම. ඒ වගේම මිනිසා ඇදුම් අදින්න ගත්තෙ සීතලෙන් හා උෂ්නයෙන් බේරෙන්න මිස ඔය ඊනියා විලි වැසීමකට නෙමෙයි. නිරුවත නිතර දැකීමෙන් සාමාන්‍යකරනය වෙනවා. මුස්ලිම් ආක්‍රමන එක්කයි ගැහැනිය මහානාර්ඝ වස්තුවක් ලෙස ඔතල හන්ගල තියන්න පුරුදු වුනේ. ඒක තමා ඉන්දියාව එන්ගලන්තෙ හරහා අපට ආවෙ දැන් ඒක උන්ටත් වඩා අපේ දෙයක්ලු.

      Delete
  4. "සමාජයට හානිකර විය හැකි මානසික රෝගීන් හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය.මේ සඳහා අපරාධ නිවාරන දෙපාර්තමේන්තුවක් පිහිටවිය යුතුය."

    "මාධ්‍ය වලට ආචාර ධර්ම හදුන්වා දිය යුතුය. පිස්සු කෙළින මාධ්‍ය වලට එරෙහිව බලපෑම් කණ්ඩායම් ලෙස ජනතාව නැගී සිටිය යුතුය.උදේම පිරිත් කියා වැඩ අරබන මාධ්‍ය ඉන් පසු තුන් තිස් පයේම මිනිසුන්ගේ හැඟීම් අවුස්සා පිස්සු වට්ටයි. ඉන් පසුමාධ්‍ය නාඩගම් බලා මොකෙක් හරි මොකක් හරි කඩප්පුලිකමක් කළොත් ඌට එරෙහිව සමාජය උසි ගන්වමින් යළිත් රට පිස්සන් කොටුවක් කරයි."
    මේ ලිපිය කියවන්න වෙලාවක් නෑ කියල හිතෙන අය මේ කොටස් දෙකේ උපුටනවත් කියවන්නැයි ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. ඵලයට හේතුවක් තියෙන්න ඕන.එක්කො හැගීම් අවුස්සනෙ නැතිව ඉන්න ඕන.අසහනය අඩු කරගන්න ඒවත් තහනම්. විද්‍යාත්මක විසදුම් දෙන්න පුලුවන් .නමුත් ඒව කරන්න බෑ.එක එක අවාසනාවන්ත හේතු නිසා..දැන් බලන්න ටෙලි නාට්‍ය වලින් කරන්නෙ අපරාද පන්ති පවත්වන එක.

      Delete
  5. //සමාජයට හානිකර විය හැකි මානසික රෝගීන් හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය.//

    ඇත්තෙන්ම කලයුතු දෙයක්. ඒවගේම තමා දෙමව්පියෝ තමන්ගේ ලමයි ගැන මීට වඩා උනන්දුවකින් සොයා බැලීම.

    ReplyDelete
    Replies
    1. පුනරුත්ථාපනය කළ යුත්තෙ අපරාදයක් කරන්න ඉස්සරයි. දෙමවුපියො ළමයි ගැන නොබලන එකයි ලොකුම ප්‍රශ්නෙ.දැන් කොටදෙනියාවෙ සිද්දියෙ ඒ ගෙදර දොර ලොක් කරන්නෙත් නැතිව නිදාගෙන තියෙන්නෙ.

      Delete
  6. //තවද නීතිය ගැන මූලික මට්ටමේ දැනීමක් හෝ පාසල් විශයට ඇතුළු කළ යුතුය.//

    මේකට නං උඩින් ම ඒකගයි.... නීතිය හංගං ඉන්නේ.. ඒකල්ලා නීතිය නොදැන සිටීම වරදක් කියලත් කියනවා....... මේවා විකාර ම.ම

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++
      තව විෂයයන් ගණනාවක් තියෙනවා.

      Delete
    2. තව දේවල් තියනවා.සියල්ලන්ගේම ඩීඑන්.ඒ බැන්කුවක් පවත්වාගැනීම වගෙ ඒව. ඒව ගැන අම්මටසිරි ලන්කාවෙ කරන්න කියල යෝජනා කරන එකත් විහිලුවක් නිසා ලිව්වෙ නෑ.අනික තමා රහස් පොලීසිය වගෙ දක්ෂ නිළදාරීන් පුහුණු කළ යුතුයි. පොලීසියෙ බහුතරක් විමර්ශනය කියල කියන්නෙ වදදීමට.සාක්ෂි සෙවීමට නෙමෙයි.සාක්ෂි සොන්නෙත් වදදීල.නමුත් සී අයි ඩි එක මහන්සි වෙලා සාක්ෂි සොයා ගෙන නිවැරදිම සැකකරුවට දැල එලන හැටි බලන්න. නීතිය පාසල් විශයමාලාවට ඇතුල් කරන්න තියන බාදාව මට නම් තේරෙන්නෙ නෑ.සිසුන් පමනක් නෙමේ වැඩිහිටියොත් නීතිය ගැන ඩැනුවත් කරන්න ඕන.

      Delete
    3. මාධවී කියන්නේ ලිංගික අධ්‍යාපනය ඒහෙම වෙන්ටෑ.............. ඒකත් හරි... ඒක නැති නිසානේ කොල්ලෝ ලැප් වල දාගෙන හොරෙන් ඉගෙන ගන්නේ......

      Delete
  7. //මට මතකයි කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ විදුහල්පතිවරයා ඔහුගේ දරුවන් හැදූ හැටි .//

    කරුණාපාල සර් … රෙෂ්පට් ඈ !!!

    ReplyDelete
  8. ඇත්තෙන්ම වෙන්න ඕන සමාජයට හානිකර මිනිස්සුන්ව අරන් පුනරුත්තාපනය කරන එක.. එහෙම නැත්නම් මානසික රෝහලකට යවන එක.. නැත්නම් මරණ දඬුවම දෙන එක.. මොකද හිරෙන් එළියට එන්න එන්න වෙන්නේ ආයේ කලින් වරදම කරන්න පෙළබෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් නැත්නම් පාරෙ බැහැල යන්න බැරිවෙයි.ඒ වගේම අලුතෙන් ලෙඩ්ඩු නිර්මානය නොකරන එකත් සමාජයෙ වගකීමක්

      Delete
  9. මේ කියන විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතාව කියන කරුණ නොසලකා සියල්ලටම එකඟයි. කුරුටු කියනවා වගේ සමාජීය ජීවිතය ගැන විෂයයන් කීපයක් පාසල් විෂයය නිර්දේශයට ඇතුලත් කළ යුතුයි.
    දරුවන්ට යම් පමණක නීති තියෙන්න ඕනි. නැතිනම් කවදා හරි ඔවුන් රටෙන් මට්ටු වෙන කොට අපි උන්ගේ පිහිටට නෑ.

    ReplyDelete
    Replies
    1. දරුවන්ට නීති ඕනමයි.ඒ වගේම නිවැරදි මගපෙන්වීමකුත් ඕන. නැත්නම් අයාලෙ යනව.පිස්සු කෙලීම වල බැසීම අවශ්‍යනෑ. කළ යුතු දේ කිරීම මිස වල බහින්නෙ මොකටද.ඉගන ගන්න කාලෙ ඉගෙනගන්න ඕන.

      Delete
  10. කරන්න අමාරු දෙයක් උණත්, පුලුවන්නං මේක තමා හරි දේ.......... ඒත්.......

    ReplyDelete
    Replies
    1. යමක් කරන්න පෙර ඒක අමාරුයි තමයි. යුද්දෙ දිනන්න බෑ කිව්ව. මහින්ද එලවන්න අමාරුයි කිව්ව. මම නම් හිතන්නෙ අමාරු දේවල් කියල එකක් නෑ කියල. තව ටික කාලකින් මිනිස්සු අගහරු වලටත් යයි.
      විද්‍යාවෙ තාක්ෂනයෙ පෙරලි දිහා බලන්න. ඒව අපට ප්‍රාතිහාර්ය වගෙ පෙනුනට ඒවට මුල පුරල තියෙන්නෙ කිසිම දේකට අමාරුයි කියල පස්ස ගහපු නැති ධීර වීර මිනිස්සු තමයි

      Delete
  11. කරන්න පුළුවන් නම් සියල්ලටම එකඟයි.. බෑ බෑ කියලත් බෑ.. කරන්නම වෙනවා..

    ලොකුම දේ දෙමව්පියන් දරුවන් ගැන තව ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.. :/

    ReplyDelete
    Replies
    1. ඩී එන් ඒ බැංකු කතාව වගෙ ඒව පෝස්ට් එකට දැම්මෙත් නැත්තෙ ඒව අම්මටසිරි ලංකාවෙ ප්‍රායෝගික නැති නිසා. දියුණු රටවලත් මානව හිමිකම් ප්‍රශ්න නිසා ඩී එන් ඒ බෑන්ක් එකක් පිහිටවන එක මතභේදයට තුඩුදීල. එහෙම වුනොත් අපරාධයක් වුන තැනින් ලබාගන්න ඩී එන් ඒ අරන් අර බෑන්ක් එකේ තියන ඒව සර්ච් කරල අපරාධකාරය හොයන්න පුළුවන්.
      පාරෙ යන එවුන් උස්සන් ගිහින් ගහල වැරැද්ද පිළිගන්නවන ලංකාවෙ සිස්ටම් එක දිහා බලන කොට අරක මොන මානව හිමිකම් කඩවීමක්ද

      වින්දිතයන් වූ දරුවන්ගෙන් අතිමහත් බහුතරයක් අන්ත දරිද්‍ර පවුල් වලට ආයත් අය. එම පවුල් වල පවුල් සම්බන්ධතාත් අඩුයි.කොටදෙනියාවෙ සිදුවීමෙදි බලන්න. ඒ ගෙදර දොරට හරි හමන් අගුලක් වත් නෑ. ගේ පිටිපස්සෙ තුබසක්.

      මේ ළමයගෙ දෙමවුපියො මාර්ගඵල ලබලද මන්ද. මම නම් මූණුවල දුකක සේයාවක්වත් දැක්කෙ නෑ.

      දෙමවුපියන්ගෙ තමයි 50% ක් ම වැරැද්ද . හරියට ළමයි බලාගන්නවනම් ඔහොම වෙන්නෙ නෑ.අද අම්මල මෙගා ටෙලිනාට්‍යවලට හුරුවෙලා පිස්සු වැටිල ඉන්නෙ.

      Delete
  12. ..//පීඩනය වැඩිවූ විට එය අපරාධ ලෙස තැනින් තැනින් ලීක් වේ//..

    ඇත්තෙන්ම අවධනය යොමු විය යුතුම කරැනක් ඔබ දක්වලා තියෙන්නේ.ඒ කරැනේ තමයි ලිපියේ සාරාංශය තියෙන්නේ කියලත් කියන්න පුලුවන්.
    අනිත් කාරණය තමයි අපේ මිනිස්සුන්ගේ තියන සමිප්‍රදායික අදහස්.ඒ අය හිතනවා ඒක තමයි අපේ අභිමානය කියලා.අපේ සංස්කෘතිය කියලා.නමුත් එහෙම කියන අය දන්නේ නැ මිනිසාගේ අවශ්‍යතා මත සංස්කෘතිය වෙනස් වෙනවා කියන එක.සංස්කෘතික ගතිජය කියන්නේ ඒකට.වර්ථමාන ලෝකයට ගැලපෙන ලෙසින් අප වෙනස් විය යුතුයි.අධයාපන ක්ෂේත්‍රය පවා ඒ වෙනසට ලක්විය යුතුයි.චරිත සංවර්ධනයක් ඇති කරන්න පුලුවන් ක්‍රමවෙද සකස් කෙරෙන්න ඔන.ඇත්තෙන්ම එහෙම බලනකොට එක පැතිකඩක් නෙවයි බොහෝ පැතිකඩ තිබෙනවා ඔබ දක්වලා තිබෙනවා වගේ.නමුත් අපේ තියෙන්නේ හිසේ කැක්කුමට කොටිටෙ මාරැ කරනවා වගේ වැඩ විතරයි.

    ReplyDelete
    Replies
    1. අප කළ යුත්තෙ පීඩනය අඩුකරන එක. මාධ්‍ය වවාගෙන කන්නෙ මේ පීඩනය.වෙනස් නොවන ගතික කෙහෙල්මලක් මේ ලෝකෙ නෑ. මාධ්‍ය එක පැත්තකින් හැඟීම් හොඳටම අවුස්සල පීඩනය තව වැඩි කරනව.
      එක වැඩසටහනකින් රටේම ඉන්න කොණ්ඩයො පිස්සු වට්ටල ඊලඟට යන්නෙ මෙගා ටෙලිය.කලින් එක බලල කොණ්ඩයො කෙල්ලො හොයාගෙන ජනෙල් වලින් එබිකම් කරද්දි මෙගාටෙලියට වහ වැටිල.හැම කණ්ඩායමක්ම පිස්සු වට්ටන එක තමයි මාධ්‍ය කරන්නෙ.

      අද සමාජය ඉස්සරට වඩ විවෘත වෙලා ඒ නිසා විසදුම් ද වඩාත් යාවත්කාලීන විය තුයි.ඒ වගේම සූක්ෂ්ම විය යුතුයි

      Delete
  13. මෙතන ගැටලුව තියෙන්නේ යුතුය යුතුය කියන විධි ක්‍රියාවත් එක්ක යන ඒවා වැඩි එක. එතකොට වෙන්නේ ඔව් ඈ. එහෙම වෙන්ට ඕනේ නේන්නම් කියලා අපිත් ඉන්න එක. ඊට වඩා කරමු කියන එකෙන් එකක් දෙකක් තිබුනත් ඊටත් අර්ථවත් කියලා හිතෙනවා. කෙනෙකුට ගණිකා වෘත්තීය හා සමලිංගිකතත්වයට සමාජයේ තියන සීමාවන් ඉවත් කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඒ නැතත් තමන්ගේ හිතට එකඟව ඒ දේවල් අනුමත කරන්න බැරි වෙන්න පුළුවන්. හැබයි එයාට පුළුවන් ඔය සේරම නොකර පන් සිල් පද පහ පුළුවන් තරමින් ආරක්ෂා කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලාම කරන්න පුළුවන් තැනින් පටන් ගනිමු. ඒත් පන්සිල් රකින එකා පොන්නයෙක් කියල පොෂ් එවුන් ඇවිත් නෝන්ඩි දානවනම් ඒක කරන්න බෑ. අනික ආදර්ශයක් දෙන්නෙ.
      පූජක පක්ෂය ගැන සමාජයට තියෙන්නෙ අප්පිරියාවක්.
      නමුත් සංස්කෘතිකමය වශයෙන් උරුම වූ මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කළ හැකියි.
      හැඟීම් ප්‍රකෝප කිරීමට එරෙහිවත් සමාජය සීමාසහිතව නිදහස් කිරීම ගැනත් සමාජය දැණුවත් කළ යුතුයි.

      Delete
    2. //පූජක පක්ෂය ගැන සමාජයට තියෙන්නෙ අප්පිරියාවක්//
      මේක නම් ලොවෙත් සැර වැඩි නේ. සුළු තරයක් ගැන සුළු තරයකට එහෙම තියනවා වෙන්න ඇති. ඒත් බහුතරයකට තාම එහෙම ගැටලුවක් නෑ. අනික පන්සිල් රකිනවා කියන එක ඉරිදා පත්තරේ දාලා කියන්න ඕනේ නෑනේ. තමන් පාඩුවේ කර ගත්තා නම් ඒ හොඳටම ඇති. මගේ මතය උනෙත් අපිට කරන්න පුළුවන් තැනකින් පටන් ගමු කියන එක තමයි. මම පන්සිල් රකිමු කියන එක ගත්තේ ඒකට ආරම්භයක් විදිහට

      Delete
  14. මධ්‍යස්ත මත ධාරියාගේ අපූරු ලිපිය කියවන්නලැබුනේ අදයි.
    ඇත්තටම හොඳම කාලෝචිත ලිපියක්. මේ ලිපියේ තියෙන සාරාංශය හැටියට මම දකින්නේ වික්ටෝරියානු සම්ප්‍රදාය ගැන කියන ඡේදය. අන්න ඒක තමයි මේ සියලු අල කලංචි වල මූල බීජය.
    අර තවත් මිත්‍රයෙක් කියල තියෙනවා වගේ මේ බහු බූත අධි සංස්කෘතිය කර තියාගෙන ඉන්න අපේ බහුතරයක් සිංහල වාදීන් මේක වික්ටෝරියානු මූලයකින් හට ගත් දෙයක් බවවත් දන්නේ නැති එකයි අපූරුම දේ.
    මේ වගේ ලිපි නිසා අඩු ගනනේ අපි අපි වත් මේවගේ දේ ගැන විවෘත්තව කථා කරන එකවත් ඇත්තටම වැදගත් දෙයක්.
    සම්පූර්ණ ලිපිය කියවන විට අවසානයේ ටිකක් හදිසියෙන් හදිසියෙන් ලියූ බවක් වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. අපරාධවලට පෙළඹෙන මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක හේතු විශ්ලේශනය කළ යුතුයි.
      ලිපිවල අරමුණ ඒක තමයි. අපි අපිවත් කතා කරමු.
      අපරාධ බොහොමයකට හේතුව ලිංගික බඩගින්න. ඒක වෙනමම කතා කළ යුතුයි වෙනමම ප්‍රවේශයකින්.

      Delete