Tuesday, September 22, 2015

අපරාධ , අපරාධකාරයෝ සහ ලේ පිපාසිත පරපීඩක ම්ලේච්ඡයෝ

සේයා සදෙව්මි දියණියගේ අවාසනාවන්ත ඉරනම අසා ශෝක නොවූවකු නොසිටි තරම්ය. මෙවැනි සිදුවීම් වළක්වාගැනීම ගැනත් අපරාධ ගැන විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීම ගැනත් කතිකාවතක් නොවූ තරම්ය. ඒ වෙනුවට සිදුවුනේ කෝකටත් තෛලය වන එල්ලුම් ගහ ගැන කතිකාවතක් ඇති වීමය.මෙම ලිපියේ අරමුණ ස්ත්‍රී දූෂන පමනක් නොව වෙනත් අපරාධ ගැනත්  විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීමයි.අප කළ යුත්තේ අපරාධ වළක්වාගැනීමයි. වෙන්ඩ අපරාධකරුවන් පුනරුත්ථාපනය කළ යුත්තේ අපරාධ සිදුවීමට පෙරය.


අපරාධයක් යනු සමාජ පිළිවෙළ උල්ලංඝනය කිරීමකි. ස්වාධිපතියා විසින් පනවන නියෝගයක් ලෙස හෝ ස්වාභාවිකව බලපවත්වන තත්වයක් ලෙස මෙම  සමාජ පිළිවෙළ හැදින්විය හැක.අපරාධය නිසි ලෙස නිර්වචනය කිරීමට නම් නීතිය යනු කුමක්දැයි පැහැදිලිකරගතයුතුය. මට හිතෙන හැටියට නීතිය යනු දුර්වලයා ශක්තිවන්තයාගෙන් ආරක්ෂා කිරීමට  සමාජය් විසින් නිර්මානය කරගත් උපක්‍රමයකි. එහෙත් ප්‍රායෝගිකව නීතිය යනු දුර්වලයන් හා දුර්වලයන් අතර ආරාවුල් විසදන හා ශක්තිවන්තයන් දුර්වලයන්ගෙන් ආරක්ෂා කරන උපක්‍රමයකි. මෙහිදී දුර්වලකම හා බලවත් කමද සාපේක්ෂය.එයට හේතුව අපගේ සමාජය  පිරමිඩාකාර සමාජයක් නිසාය. නිළබල ක්‍රම ඇතුළු සියල්ල සකස්වී ඇත්තේ පිරමිඩාකාර ව්‍යුහයට ගැලපෙන පරිදිය.

අපරාධ නිවාරණය සඳහා අත්දුටු ක්‍රමය ලෙස ආදිකල්පිකයා සොයාගත්තේ දඩුවමයි.ඇත්තෙන්ම  දඩුවම් අපරාධවලට වඩා කෲර වූ බව පෙනේ. එසේම එම දඩුවම් වලද නිශ්චිත  බවක් නොවීය.එහෙත් පසුකාලීනව අපරාධ පිළිබදව විද්‍යාත්මක විශ්ලේශන වලට යොමුවූ අතර එම විශ්ලේශන විවිධ එළඹුම් තුලින් සිදුවිය. මෙහි ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් නැත. එම විශ්ලේශන අතර මා සිත් ගත් විග්‍රහයක් වුනේ චාල්ස් ලොම්බ්‍රෝසෝගේ විග්‍රහයයි.සමාජය නිරීක්ෂනය කිරීමේදී අපරාධ සහ ජාන අතර ඉතා අපූරු සම්බන්ධතා මට හමුවී ඇත.

අපරාධකරුවා මානසික රෝගියෙකි.අපරාධකරුවන් තුල අසානාන්ය චර්යාවන් දැඛිය හැක. සමාජය මේවා වෙනස් ලෙස දකිනවාද විය හැක. එසේම පෞර්ෂ අක්‍රමතා ඇති ආය චන්ඩින් /මැරයන් ලෙස සමාජයේ වැජඹෙන අතර  ඔවුහු සමාජයේ සම්භාවනාවටද පාත්‍ර වෙති.ඇතැම් රෝගී තත්වයන් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඇතිවිය හැක. එංගලන්තයේ එක් සීරියල් ඝාතකයෙක් එල්ලා මැරූ පසු ඔහුගේ මොළයේ ටියුමර් එකක් හදුනාගත හැකිවිය.

අපරාධය සමාජ ඉගෙනුමකි. එනම් පාදඩ ලුම්පන් සමාජ ස්ථරවල අපරාධය උත්කර්ෂයට නැංවේ. එසේම ඔවුන් තුල ඇති විශ්වාසයක් නම් පොලීසිය විසින් අල්ලගන්නේ අපරාධවලින් ඉතා සුළු කොටසක් බවයි.වින්දිතයන් ගැන ඔවුන්ට ඇත්තේ ඉතාම පහත් ආකල්පයකි.දූෂනයට ලක්වන කාන්තාවන් ගැන මංකොල්ලකෑම් හෝමිනීමැරුම් වලට ලක්වන අය ගැන ඉතා සරල ආකල්පයක් ඔවුනට ඇත.මෙම ලුම්පන් සමාජ ස්ථරය නිදාගත් ගිනිකන්දකි. එහි ලාවා මතුවන විට අප ඌයි ඌයි කියමු.

අපරාධ වර්ගීකරණයක් කිරීම ඉතා වැදගත්ය. මෙම වර්ගීකරණය මගේ බව සළකන්න.

වින්දිත දායක නොවන අපරාධ. - මෙම අපරාධ ඉතා දරුණු ගනයේය. උදාහරණයකට  යනු A හයර් යන කෙනෙකි.  B හා  C හයර් එකක් යන මුවාවෙන් පැමිණැ  ගමන අතරතුරදී  A මරා වාහනය පැහැරගනිති. මෙහිදී  A ගේ දායක්ත්යවයක් අපරාධයට ඇත්තේම නැත.
 ඇගලුම් සේවිකාවකි. ඇය රාත්‍රී බසයකින් යයි. පාදඩයන් පිරිසක් ඇයව දූෂනය කරයි. මෙහිදී  ගේ දායකත්වයක් නැත.

වින්දිත දායක අපරාධ - මේවා සිදුවීමට වින්දිතයාගේද විශාල දායකත්වයක් ලැබී ඇත.  A යම් මුදලක් හෝ දේපළක්  B ගෙන් වංචාකරයි.  කුපිත වූ  B විසින් A ව මරා දමායි. මෙහිදී  B ගේ ක්‍රියාව සාවද්‍ය වුවත් අපරාදයට A ගේ දායකත්වයක් ඇත.

සම්මුතියට / විශ්වාසයට එරෙහි අපරාධ  - කිරුම් මිනුම් වැනි වංචාවන් මෙයට ඇතුලත්ය.

සමූහයට එරෙහි අපරාධ - පොදු දේපොළ විනාශය ,කොමිස් ගැහිලි ආදිය මීට අයත්ය

හොල්මන් අපරාධ - මෙහි අපරාධකරු අපැහැදිලිය. කිසිදා සොයාගත නොහැක. උදාහරනයකට යමෙකු අපරාධයකට පොළඹවන මාධ්‍ය මීට අයත්ය. රූපවාහිනී වැඩසටහනක් බලා කෙනෙක් අපරාධයකට පෙළඹුනත්  එම රූපවාහිනීකරුවා ට කිසිදින දඩුවම් දිය නොහැක.


වින්දිතයෙක් නොමැති අපරාධ - මෙහිදී ඇතැම්විට පීඩාවට පත්වන්නෙක් නැත.රජය විස්න් පැනවූ නිසා එම නීතිය කැඩූ විට අපරාධයක් වේ. උදාහරන ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය. සද්භාවයෙන් විවාහ වූ ( එකට ජීවත්වන ) දුෂ්කර ප්‍රදේශවල යුවලක් හොයාගෙන පවුල කඩා සැමියා හිරේ යවා බිරිද පරිවාසයට යැවීමේ වීර ක්‍රියාව මීට අයත්වේ. ආදිවාසීන් හා මුස්ලිම් නීතිය යටතේ බාලවයස්කාර විවාහ සිදුවේ.


බුද්ධිමය අපරාධ - බුද්ධිමය දේපොළ මංකොල්ලය මීට අයත්වේ.

පූරවාරක්ෂන අපරාධ  - පූරවාරක්ෂන අපරාධ  - අනාගතයේ සිදුවිය හැකි ආපදාවක් ගැන උපකල්පනය කර පනවන නීතියක් කැඩීම. මාර්ග නීති කැඩීම. යම් යම් ස්ථානවලට ඇතුල්වීම තහනම් කර තිබියදී ඇතුල් වීම ආදිය මීට අයත් වේ.


අපරාධයකදී පීඩාවට පත් වූවෙක්  සමූහයට වූ පීඩාවක් පැහැදිලිව විද්‍යාමාන විය යුතුය. මෙහිදී අපරාධය නිසා වූ අවුල යථා තත්වයට පත්කරවීම ප්‍රතිකර්මය නම් වේ.මෙහිදී  එම යථා තත්වයට පත්කරවීමේදී කාර්යභාරයක් පැවරෙන්නේ පීඩකයාටය. පීඩිතයා විදි කායික මානසික ,ආර්ථික හා වෙනත් හානි පීඩකයා විසින් යථා තත්වයට පත් කළ යුතුය.

අපරාධයක දරුනු බව මැනිය යුත්තේ වින්දිතයා දක්වන ප්‍රතිරෝධයේ ප්‍රමානයටය. වින්දිතයාට කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකිව සිදුවන සමූහ ස්ත්‍රී දූෂනයක් ඉතා බරපතල අපරාධයක් වන්නේ එනිසාය.

අපරාධ ප්‍රතිකර්මයේ ඊලඟ ලක්ෂනය නම් වින්දිතයාය.මෙහිදී වින්දිතයාගේ පවුලෙ අයත් වින්දිතයන්ය . ශාරියා නීතියේ ලේ වන්දිය ඉතා ප්‍රගතිශීලී සංකල්පයක් වන්නේ එනිසාය.ලේ වන්දිය දිය හැක්කේ වින්දිතයා කැමති නම් පමනි.ඇතැම් ගෝත්‍රික සාමජ්වල මිනීමරුවාට වින්දිතයාගේ පවුල නඩත්තුව පවරා ඇථ. එය කොතරම් ප්‍රගතිශීලී දැයි බලන්න. ඊනියා දියුණු සාමාජවල වෙන්නේ පවුල් දෙකම ආනථ වීමය. එවැනි පවුල් දෙකක් අතර කාලයක් යනවිට ඇතිවන භාවාත්මක සබදතා ගැන කෙටි කතාවක් මා කියවා ඇත.


අපරාධයක් සිදුවීමට පෙර ඊට හැකිතරම් ප්‍රතිරෝධයක් දැක්විය යුතුය.එනම් අපරාධයක් සිදුවීමට කිසිම ඉඩක් නොතැබිය යුතුය. අපරාධකරුවන් බිහිකරන පාසල් වැනි අපචාරී කණ්ඩායම් මර්ධනය කළ යුතුය. එවැනි කල්ලිවල සාමාජිකයන් පුනරුත්ථාපනය කළ යුතුය.


සෑම ගමකම මෙවැනි කල්ලි තිබෙන බවත් එම කල්ලි නිදාගත් ගිනිකදු ලෙස තිබෙන බවත් සක්‍රිය වූ විට පුවත් මවන බවත් අප දනිමු.

අපරාධ සිදුවීමේදී අති බහුතරයක් සිදුවන්නේ නාදුනන පුද්ගලයන්ගෙනි. අනවශ්‍ය පුද්ගලයන් ගෙවල් වලට වද්දා ගැනීම ලොකුම වරදකි.අනවශ්‍ය පුද්ගලයන් ගෙවල් වලට වද්ද ගැනීම මෙන්ම අනවශ්‍ය තැන්වලට යාමෙන් කෙනෙක් සැකකරුවෙක් වේ.බොරු චෝදනාවලට ලක් වේ. අනවශ්‍ය දේවල් නොකිරීම මෙන්ම අනවශ්‍ය තැන්වලට නොයාම කාගෙත් ඇගට ගුනය.

අපරාධවලට මත්ද්‍රව්‍යහේතුවන බව පැහැදිලිය . මෙහිදී මත්පැන් හා දුම්වැටි වල වරදක් නොදකිමි. එහෙත්  මොළයට දැඩිලෙස බලපාන ගංජා වලින් පටන්ගන්නා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමනම් අපරාධකරුවකු වීමේ මුල් ම පියවරයි.කංසා යනු ආයුර්වේද ඖෂධයකි. එය නරක දෙයක් නොවේ. ගංජා කාරයන් අපේ ගම්වල කවදත් සිටියහ. එහෙත් ගංජ ,බාබුල් වලින් පටන් ගන්නේ මත්ද්‍රව්‍ය සාගරයටය. මානසික රෝගවලට දෙන පෙති, ගුලි යැයි කියන මත්ද්‍රව්‍ය හා ඉන්පසු හෙරොයින් වැනි උපරිම මත්ද්‍රව්‍ය දක්වා යයි.


සමාජය තුල අපරාධවලට මූලික මට්ටමේ ප්‍රතිවිරෝධයක් තිබිය යුතුය.ගමේ චන්ඩියාගේ හෝ මුඩුක්කුවෙ පාතාලයාගෙ කඩප්පුලිකම් වීරකම් ලෙස සළකා අහිංසකයන් ව පොන්නයන් ලෙස සළකන සමාජයක් තුලින් අපරාධ මුලිනුපුටන්නෙ කෙසේද.
චන්ඩියා පෞර්ෂ අක්‍රමතා ඇති ප්‍රතිකාර ගටහ් යුත්තෙක් ලෙස සළකා පොඩි තැන සිටම නීතිගරුක වන සමාජයක් හැදිය යුතුය. නැත්නම් වෙන්නෙ උගුඩුවගෙ කතාව වැන්නකි.ගහට නැග්ගට කෙහෙල් ගෙඩිය අතට ගන්නෙ නෑ. අතට ගත්තට ලෙලි ගහන්නෙ නෑ .ලෙලි ගහුවට කටට දාගන්නෙ නෑ කියා අන්තිමට කන එක සිදුවේ.

අපරාධවලට පෙළබිය හැකි යම් මානසික ගැටළු ඇති අය හදුනාගෙන් ප්‍රතිකාර කළ හැකිනම් අගේය. එසේම අපරාධ වලට පුද්ගලයන් පොළඹවන මාධ්‍ය වැඩසටහන් නවත්වා දැමිය යුතුය.
අපරාධ නිවාරනය ගැන සමාජය දැනුවත් කළ යුතු අතර මේ හරහා පුනරුත්ථාපනය වීමට යම් යම් අය ඉදිරිපත් වීමට ඉඩ ඇත.



අපරාධයක් සිදුවූ පසු ශිෂ්ට සම්පන්න ප්‍රතිකර්ම සොයාගත යුතුය. ඒවා කිසිවිට වැඩවසම් යුගවල තිබූ එල්ලුම්ගහ වැනි ම්ලේච්ඡ දේවල් නොවිය යුතුය.එල්ලුම්ගහ යනු යම් පුද්ගලයෙකුට දැඩි ;ලෙස කායික හා මානසික පීඩාවක් ලබාදී මළ සිරුර කොක්කක එල්ලා මළ සිරුරෙන්ද පළිගන්නා ම්ලේච්ඡ ක්‍රමයකි.අපරාධය සමාජයටම වැළදෙන රෝගයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය සමාජයටමය.

අපරාධ විරෝධීයැයි කියන මොබ් වල තත්වය බලමු. මේ මොබ් එන්ජීඕ වලින් කරන ඒවාය. මාධ්‍ය කුනු මිනී කාක්කන් මේ ගින්දරට පෙට්‍රල් දමති. සේයා සිද්ධියට මේ එන්ජීඕ මොබ් කී දේ කළා නම් මෙලහට හතර දෙනෙක් එල්ලලාය.

මාතලන් හා කුරුටු බ්ලොග් වල මා දැමූ කොමෙන්ට් දෙකක් පහත දක්වමි.

  1. ඉස්සරවෙලාම තාත්ත වැරදිකාරය කළා .ඊට පස්සෙ අහල පහල හිටපු කොල්ලො දෙන්නෙක් ඇල්ලුව. මං අහගෙන ගෑනියෙක් උඩ පැන පැන වොයිස් කට් එකක් දෙනව .අන්න සැකකාරයො පාපොච්ඡාරනය කළා සතියක් ඇතුලත එල්ලන්න කියල.මුන්ට ඕන සැබෑ අපරාධකාරය අල්ලන්න නෙමෙයි මොකෙක් හරි එල්ලන්න. ඩී එන් ඒ වගෙ තාක්ෂනයක් තිබ්බෙ නැත්නම් මහ විනාසයක් වෙන්නෙ.
    පාපොච්ඡාරන ගැනනම් කියල වැඩක් නෑ . අරකතාවකුත් තියෙන්නෙ ලංකා පොලීසිය සුදුහාවෙක් අල්ලපු හැටි. කළු වලහෙක් අල්ලගෙන එනකොට කීවලු මේ සුදුහාවෙක් නෙමෙයිනෙ කියල. එතකොට කලු වලහ කතා කරල කීවලු නෑ මං සුදු හාවෙක් කියල.

    ඩී එන් ඒ තාක්ෂනය නැත්නම් කොටකෙතනෙ අහිංසකයො මෙලහට එල්ලල.

    බියගම කොටෙජ් ඝාතනය වෙලාවෙ පොලීසියෙන් අල්ලපු ත්‍රීවීල් කාරය අද අබ්බගාතයෙක්.පස්සෙ එලි වුනේ මැරුවෙ පුතා කියල. මීරිගම ස්ත්‍රී දූෂනය හාමිනීමැරුම නිසා අවට සිටි සෑහෙන පිරිසක් අද අංශ භාග ලෙඩ්ඩු වෙලා. ඒ පොලිස් වධ හිංසා නිසා.අන්තිමට වඩේ සුදා ඇල්ලව. කවුද මේවට වග කියන්නෙ. මොකෙක් හරි උස්සවි දාන එක නෙමේ විමර්ශනය කියන්නෙ. හැබැයි පොලීසියට දොස් කියන්නත් බෑ. එන් ජී ඕ වලින් උද්ඝෝෂනය කරනවනෙ මොකෙක් හරි එල්ලන්න කියල.
    ReplyDelete
  2. දැන් ගොන් බූරූ මහජනයා කියනාකාරයට නඩු ඇහුවා නම්, අහිංසකයින් (අහිංසකයින්ද නැද්ද කියා තීරණය කිරීම පොලෝසිය සතුය.) තුන් දෙනෙක්ම එල්ලා අවසානය. ඒත් නියම මිනී මරුවා තවමත් අප අතරේම ඉන්නවාය. //

    කියන්න ඕන කතාව මාතලන් සුපිරියටම කියල. වැරදිකාරය තීරණය කිරීම පොලෝසියට බාරයි කියල වරහන් ඇතුලෙ දාපු එක මරු.
    කොල්ලො දෙන්න පාපොච්ඡාරනය කළාලුනෙ.
    තාත්තව ඇල්ලුවනම් ඌත් පාපොච්ඡාරනය කරාවි.
    නියම මිනීමරුව තවම අප අතර. ඒකයි ගැටළුව.

    එන්ජීඕ ගෑනියක් කිව්ව ඇයි දැන් සැකකාරයො පාපොච්ඡාරනය කළානෙ එල්ලන එක ඇයි ප්‍රමාද කියල. ඉස්සර හාමුදුරුවරු මොබ් හදාගෙන පැන්න . දැන් එන්ජීඕ කාරයො ඒ වැඩේ පටන් අරන්.

    මේ විදියෙ විමර්ශන වෙනවනම් මේ වගෙ එන්ජීඕ ක්‍රියාකාරීත්වයක් තියනවනම් ළමා අපචාර වලට හොදම විසදුම පොඩි ගෑනු ළමයි ඉන්න ගෙවල්වල තාත්තල හැකිතාක් නිවසින් බැහැරව සිටීම. ඒ වගේම අහල පහල කොල්ලො ගෙවල් අත ඇරල යාම.

    නැත්නම් කැකිල්ලෙ මාධ්‍ය කාරයො නඩු අහල එන් ජී ඕ එක්ක එකතුවෙලා ඔක්කොම ටික එල්ලනව.

දැන් තමයි නෙට් එකට ආවෙ. සතුටුයි පෝස්ට් එක ගැන.
ඇත්තටම එල්ලුම්ගස් යන්නෙ මොකවත් කර කියා ගන්න බැරි එවුන්. ලොකු එවුන්ගෙ එල්ලුම්ගස් යන්නෙ නැහැ.
එල්ලුම්ගහෙන් ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. දේශපාලන අනුභාවයෙන් දුවන පාතාලෙ හෝ කුඩු ගෙනයාම නවතින්නෙත් නැහැ
බාලයන් සමග ලිංගිකව එක්වීමේ කාමරෝගයෙන් පෙලෙන අය ට ඒ වැඩේ ඔලුවට ගැහුවම එල්ලුම් ගස් මතක් වෙන්නෙ නෑ.
ලුම්පන් පාදඩ අයට නීතිය ,ධර්මය එල්ලුම්ගස් වලින් වැඩක් නෑ .උන්ට ඕන ශොට් එකක් ගහන්න.ඊට පස්සෙ ඔළුව නරක් වුනාට පස්සෙ වයින් වුන බෝනික්කො වගෙ. අපි ඒ සමාජ ප්‍රවණතායි වළක්වන්න ඕන.
එල්ලුම්ගහ කියන්නෙ සිතූ පැතූ දේ දෙන කප් රුකක් නෙමෙයි.

එල්ලුගහෙන් ප්‍රශ්න රැසක් මතුවෙනව.අපි හිතමු අපරාදයක් වුනා කියල. මාධ්‍ය කියන කුනු මිනී කාක්කො විමර්ශනයක් කරන්න දෙන්නෙ නැතිව නඩු අහන්න ගන්නව.ඊට පස්සෙ පොලීසියට පීඩනය.පොලීසිය පීඩනය නිසා මොකෙක් හරි උසාවියට ඉදිරිපත් කරනව. අධිකරනය සාධාරනව නඩුව විභාග කරල සැකකරුවො නිදහස් කළත් ජනතාව ආයෙ උද්ඝෝෂනයෙ මොකද ඔවුන් හිතන්නෙ කොල්වින්ගෙ ගොයම් කොළ තියරියෙන් අපරාධකාරයො නිදහස් වුනා කියල.

සැබෑ අපරාදකාරය එළියෙ.

මම නම් එල්ලුම්ගහට හුගක්ම විරුද්ධ කෙනෙක් අහවල් දවසෙ අරනව කියල හිර කළාම මොන තරම් මානසික පීඩනයක්ද ඒ ඉනිහට. මැරි මැරී උපදිනව.බෙල්ලෙන් එල්ලනව කියන්නෙ මනුෂ්‍යත්වයට කරන නිගාවක්.විදුලි පුටුව හෝ විශ එන්නත ඊට වඩා ශිෂ්ට

26 comments:

  1. //මෙවැනි සිදුවීම් වළක්වාගැනීම ගැනත් අපරාධ ගැන විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීම ගැනත් කතිකාවතක් නොවූ තරම්ය.//

    මාධ්‍ය පොරවල් දැන් ඔය ලස්සන විශ්ලේශන එලි දක්වන්න්‍ෙ.
    http://www.divaina.com/2015/09/20/feature07.html

    ReplyDelete
    Replies
    1. අද තමා ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්න ලැබුනෙ. රිප්ලයි ප්‍රමාද ඒකයි.
      මම ඔය ලින්ක් එකේ ලිපිය කියෙව්වා. සාමාන්‍යයෙන් මාධ්‍යයක දකින්න නොලැබෙන ආකාරයේ විග්‍රහයක්. සමන් ගමගේ මහතාගේ ලිපියේ ලින්ක් එක දැමීමෙන් ඔබ මගේ ලිපියේ අගය වැඩි කර තිබෙනවා . ඒ ගැන ස්තුතියි.

      Delete
  2. චන්ඩි පෞර්ෂ අක්‍රමතා ඇති අය වන්දනා කරන සමාජයක් මේක ඔවුන්ට තමයි ජනතාව චන්දේ දෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ සමාජය පසුගාමී සමාජයක්. චන්ඩියාට තමයි සැළකිල්ල.චන්ඩියෙක් ඊට වඩා ලොකු චන්ඩියෙක් විසින් මර්ධනය කිරීමයි හුරු පුරුදු ක්‍රමය. ලයිසන් චන්ඩිත් ඉන්නවා. තමන්ට වඩා සාපේක්ෂ දුර්වලයෙක් හම්බවුනහම ඌට චන්ඩිකම් පෙන්නන එක තමා හැම තැනම දකින්න ලැබෙන්නෙ. ප්‍රශ්නවලට විසදුම් සොයන්න හදන්නෙත් සාහසිකත්වයෙන්මයි.

      අපේ සමාජය ථේරවාදී බෞද්ධ සමාජයක් කීවට එහෙම දෙයක් කිසිම දාක තිබිලා නෑ.ඉස්සරත් තිබිල තියෙන්නෙ රජවරු හා භික්ෂූන් විසින් පාලනය කළ මජර කුජීත ක්‍රමයක්. සමකාලීන ඉන්දියාවෙ කාබන් කොපියක්.රජා ලොකුම චන්ඩිය. බෞද්ධ දේශපාලන විද්‍යාවක් නිර්මානය කරන්න උත්සාහ දරා නෑ. සිතුම් පැතුම් අතින් අරාබිකාරයන් එක්ක අපේ ලොකු වෙනසක් නෑ.

      ප්‍රචන්ඩත්වය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමටත් අනුන්ගේ මානව හිමිකම් වලට ගරුකරන්න ඉගෙන ගැනීමටත් ප්‍රවේශයක් හදන්න ඕන. ඒක කරන්න වෙන්නෙත් සයිබරයේමයි.මොකද ඊනියා ප්‍රධාන දහරාවෙ මාධ්‍ය පනුවො ගහන අශූචි වලක් වෙලා නිසා

      Delete
  3. නීතිඥතුමා පොයින්ට් එකටම දීලා තියෙන්නෙ ඔය!

    http://vibheeshana2.blogspot.com/2015/09/blog-post_20.html?showComment=1442770281138#c7967724737786936605

    ReplyDelete
    Replies
    1. විභීෂනගෙ ලිපියත් කියෙව්වා. උඩු ගංබලා පීනන එක අමාරු වුනත් ආශ්වාදජනකයි

      Delete
  4. ශරියා නීතියේ තියෙන ලේ වන්දිය කියන දෙයට හේතුව අරාබි රජ පවුලක කෙනෙක් මිනී මැරුමක් කලොත් මැරුණ කෙනාගේ පවුලට වන්දියක් ගෙවා නිදහස් වීමට ඉඩ ලබා දීම . ඔහොම නීතියක් නැත්නම් අරාබි රජවරු ඉස්ලාමය වැලඳගන්නේ නෑ.
    ඉස්ලාමයේ තියෙන සැමියා මියගියවිට බිරිඳ මාස 3ක් ශෝක වියයුතුය කියන අදහසත් ඉස්ලාමයට පිටින් එක්කල එකක් ඉස්ලාමීය ශෛලියට අනුව නම් මිනිහා මියගිය දිනට පසු දිනම පත්තරයට මංගල යෝජනා දැමිය යුතුයි. එම නීතිය නොගෙනාවනම් අරාබි පිරිමි තරහා වෙනවා.
    ඔය වගේම තව දෙයක් තියෙනවා ඉස්ලාම් නීතියට අනුව පිරිමියෙක්ට එකවර කරගත හැක්කේ විවාහ 4යි ඒත් දැඩි කොන්දේසි වලට යටත්ව. නමුත් තමන්ට අයිති වහල් ස්ත්‍රීන් කැමති පිරිසත් සමඟ ලිංගිකව හැසිරිය හැකියි. ඉතින් තුර්කි සුල්තාන් විවාහ වුනේ නෑ ඒ වෙනුවට නාමික වහල් කාන්කාවන් විශාල පිරිසක් බිරියන් ලෙස ඇසුරු කලා

    ReplyDelete
    Replies
    1. ඔබට අරාබීන් හා මුස්ලිම්වරු ගැන සතුටුදායක දැණුමක් තිබෙන බව පේනවා. සතුටුයි ඒ ගැණ. ලේ වන්දි ක්‍රමයේ සම්භවය ගැන ඔබේ අදහස නිවැරදි විය හැකියි.සමහර විට එය ගෝත්‍රික සම්ප්‍රදායක් වෙන්නත් පුළුවන්. ඉන්දියාවෙ සමහර ගෝත්‍රවල ඊට සමාන දේවල් තියෙන බව අහල තියනවා.

      ශාරියා නීතිය ප්‍රගතිශීලී නීතියක්. අත් කකුල් කැපීම් නම් අතීත අරාබි උරුමයන්. දඩුවම් ක්‍රම දෙස පමනක් බලා ශාරියාව ගැන තක්සේරු කරන්න බෑ. ඔවුන්ගෙ දේපළ බෙදීම් සාක්ෂි ක්‍රම හා අධිකරන ක්‍රම අතිශයින්ම ඉදිරිගාමීයි.
      මෙවැන්නක් 15 වැනි සියවසේ ඇතිවීමත් මට නම් පුදුමයි. කිරි දරුවන් වංගෙඩි වල දමා කොටන නීතියක් අපට උරුම වී තිබියදී අවුරුදු 18 ට අඩු අයට මරණ දඩුවම නොදෙන ,කෙනෙක් කළ වරදට මුළු පවුලෙන්ම පලි නොගන්න නීතියක් ඔවුන්ට තිබුනා. කාලයෙ හැටියට හුඟක් හොඳයි.

      නමුත් සාක්ෂි පිළිගැනීමෙදි කාන්තාවනට අසාධාරණයක් වන බව මා පිළිගන්නවා.අඩුපාඩු තියනවා. නමුත් කාලයෙ හැටියට හරිම සාර්ථකයි.දඩුවම් ක්‍රම හමුරාබි ගෙ උරුමයක් . ඒ ප්‍රදේශවල ඔය කැපිලි කෙටිලි බහුලයි.

      මුස්ලිම් නීතිය ගැන සිංහලෙන් අගනා ග්‍රන්ථයක් කළ ජ්‍යොෂ්ඨ නීතීඥ මහතා අපේ අයිය කෙනෙක් ( විවාහ සම්බන්ධකම් හරහා ඇතිවූ ඥාතිකමකි ).ඔහුගේ ග්‍රන්ථය මුස්ලිම් ප්‍රජාවේ ඉමහත් සම්භාවනාවට පාත්‍රවූ අතර කයිරෝ විශ්වවිද්‍යාලයෙන්ද සම්මානයක් ලැබුනා.

      Delete
  5. ඉතාම හොඳ කාලෝචිත ලිපියක්.
    ඇත්තෙන්ම මේ රටෙ ඉන්න බරපතලම එහෙත් දඬුවම් නොලබන අපරාධ වලට අනුග්‍රහ දක්වන්නේ මේ ජඩ මාධ්‍ය කලාවම තමයි.
    මෑත කාලීන හොඳම ලිපි පෙල පලවන්නේ ලංකාදීප "දියත " අතිරේකයේ. එහි පල වන දාම අපරාධකරුවන්ගේ කථා කියැවීමේදී සාමාන්‍ය (විකෘති නොවූ ) මිනිස් මනසක පවා අපරාධය යනු ආතල් එක ගත හැකි අපූරු වැඩක් ලෙස සිතේ මැවෙනවා. ඒ එක්කම එහි කියැවෙන බොහෝ අපරාධ කරුවන් අහඹු ලෙස නීතියට කොටු වී ඇත්තේ අවුරුදු 10 - 15 ක් එම අපරාධ රැල්ල ගෙන ගිය පසුයි. ඉතින් කෙනෙකු එවැනි ආතල් එකක් අවුරුදු ගනනාවක් තිස්සේ ගැනීමේ අසාවක් උපදවා ගැනීම සිදු විය හැක්කක්.

    තවදෙයක්, ඔබතුමාට අද ලක් පොළොව මත සිදු වන ඉතාම බරපතල හා පොලෝසියේ මහ්ත්තුරු ඉතාම අවධානයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිදු වීමට කිසිදු ඉඩක් නොතබන අති භයානක හා දරුණුම අපරාධය මේ අපරාධ ලැයිස්තුවෙන් මග හැරී ගොසින්.
    ඒ තමයි "හෙල්මට් නැතිව මොටර් සයිකලයේ ගමන් කිරීම"

    ReplyDelete
    Replies
    1. ගිනි අවි හා ගිනි කෙළි කතාව දිවයිනේ ගියෙත් අපරාදකරුවන් උත්කර්ශයට නංවමින්. පද්මේ ,ලෝකයා ,රම්බෝ වැනි අපරාධකරුවන්ට මාර වීරත්වයක් දීල තිබුනෙ.
      මට ඒ හෙඩිම් පවා මතකයි. මොකද මාත් ඒවගෙන් මෝහනය වුනා.

      " පද්මේ සහ ලෝකයා අතර යුද්ධයක් "

      ලෝකයාගේ ඔටුන්න රම්බෝට "

      ඊලඟ ලිපිය එනකම් නොඉවසිල්ලෙන් හිටියෙ ඊලඟ පෝස්ට් කියවන. රාජගිරියේ පැටීල විලී සැමීල වගෙ වීරයො පස්සෙ ආව.

      පස්සෙ කාලෙක දැනගත්ත මුඩුක්කු ජීවිතයෙ ඛේදවාචකය නේද මේ රස කරන්නෙ කියන එක.


      ලංකාදීපෙ දියත කාලයක් 71 ජේවීපී මිනීමරුවො උත්කර්ශයට නංවල දැන් හුදකලා අපරාධ කරුවන්ට ඔටුණු පළදවනව. හරිම කණගාටුයි ඒක.දියතෙ කියවන අයට අපරාධ කරල බේරෙන්න පුළුවන් කියන හැඟීම ඇතිවෙනව.ඒ වගේම අපරාධ සාමාන්‍යකරනය කරනව. පත්තර මිනීකාක්කන්ට එරෙහිව ජනමතයක් ගොඩ නැගෙන්න ඕන.
      මාංචු අතිරේකෙත් එහෙමයි.

      වෙන රටවල මෙහෙම අපරාධ රස කරන සංස්කෘතියක් නෑ කියල මං අහල තියනව. විද්‍යුත් මාධ්‍ය වලට ඕන ප්‍රථම පුවත ගේන්න.අපරාධයක් වෙනව කියන්නෙ උන්ට පට්ට ආතල් දෙයක්.

      මං නම් උදේට පත්තරේ බලන්නෙත් නෑ .ඔළුව අවුල් වෙනව.හැම එකකම තියෙන්නෙ මිනීමැරුම් ස්ත්‍රී දූෂන මංකොල්ල.
      අපරාධ ලෝකෙ කොයි රටෙත් වෙනව. ඒවට යාන්ත්‍රනයක් තියනව. ජනතාව කුණු රහට පුරුදු කරවන එකයි වරද.අපරාධ ප්‍රථම පුවත හෝ ආතල්ම පුවත වෙන්න ඕන නෑ.

      Delete
  6. ඩී එන් ඒ තාක්ෂනය ගැන ඔය රූපවාහිනිය ඉස්සරහා කෑගහන අම්මන්ඩිලාට කිසිම අවබෝධයක් නැතිවීම ගැන ඔවුන්ට අනුකම්පා කළයුතුයි. අපේ රටේ වැඩිහිටි අධ්‍යාපනය වහාම නගාසිටුවිය යුතු බව මෙවැනි සිදුවීම් වලින් පෙන්නනවා. දැන් ඔය අපරාධ කාර චුදිතයා අල්ලාගත්තා කියමුකො. ඊළඟට ඔය මෝඩ වාහෙලා ටික උසාවිය ඉස්සරහට ඇවිත් කෑගහනවා කිසිම නීතීඥයෙක් චුදිතයා වෙනුවෙන් පෙනීහිටින්න එපා කියලා. ඒ කියන්නේ ඒ චුදිතයා වරද කෙරුවාමයි කියලා තීරණය ගන්නේ අධිකරණය නෙවෙයි. අර මෝඩ වාහෙලා. මෙන්න මේ ගෝත්‍රික ලක්‍ෂණ නැතිකිරීම සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටෙව්වොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. සාධාරණ නඩු විභාගයක් ලැබීම මානව අයිතියක්.නීතීඥ සහායක් නොළබුනහම ඔහුට පුළුවන් තමන්ට සාධාරන නඩු විභාගයක් නොලැබුන බවට පැමිනිලි කරන්න. එයින්ම ඉහල උසාවියකින් ඔහුට නිදහසත් ලැබෙනවා.ජාත්‍යාන්තර අධිකරනයකදී ඔහුට කෙළින්ම නිදහස.

      සැකකරුවන් හා වරදකරුවන් අතර වෙන්ස ඔය මෝඩ අම්මන්ඩිල දන්නෙ නෑ. කිසිම උසාවියකට වැරදිකාරයෙක් නිදහස් කරන්න ඕන නෑ. නමුත් ජනතාව අතර වැරදි මතයක් තියනව කොල්වින්ගෙ ගොයම් කොළ තියරිය ගැණ.කොල්වින් වටා මිත්‍යා කතා බොහොමයක් තිබුනා. ගොයම් කොළැ කතාව කියන්නෙ කොලය හා මාප්පිඩ අතර වෙනස සුදු නඩුකාරයා නොදැණ සිටීම.කොල්වින් කතා කරන කොට උසාවියෙ උලු ගැලවෙන බවටත් කොල්වින් එනකොට නඩුකාරය නැගිටින බවටත් නූගත් මිනිස්සු කියනව මට ඇහිල තියනවා.ඔවුන්ට අනුව කොල්වින්ට ඕනම මිනීමරුවෙක් නිදහස් කරතැහැකි.කොල්වින් කතා කරල කවුරුහරි චුදිතයෙක් නිදහස් වුනොත් සමාජය ට අනුව ඌ අනිවාර්යයෙන්ම අපරාධකරුව.

      තාක්ෂන දෝශ නිසා වරදකරුවෙක් දෙන්නෙක් නිදහස් වෙනව ඇති. ඒත් ඒක පොදු තත්වයක් නෙමෙයි.

      ඩී එන් ඒ වගෙ තාක්ශනයන් නොතිබුනානම් විශාලවිනාශයක් වෙන්නෙ. ඇමරිකාවෙ නවයොවුන් ක්‍රීඩිකාවක් දූශනය කරල මරපු වෙලාවෙ අත් අඩංගුවට ගත්තෙ බේබද්දෙක්. ඔහු ඩෙත් රෝ එකේ අවුරුදු 50 ක්ම ඉදල නිදහස් වුනේ මෑතක. නිදහස් වෙලා වැඩි දවසක් ජීවත් වුනේ නෑ. ජීවිත කාලයෙන් වැඩිම කොටසක් ඩෙත් රෝ එකක ගෙවීම නිසා ඔහු අපමන පීඩාවක හිටියෙ.ඔහු නිදහ්ස් වුන්බේ ඩී එන් ඒ නොගැලපීම නිසා. ඔහුට මරණ දඩුවම නියම කළැ යුගයේ ඩී එන් ඒ තාක්ෂනයක් තිබුනෙ නෑ. පස්සෙ සැබෑ අපරාධකරුවා අල්ලගන්නත් උදව් වුනේ ඩී එන් ඒ.

      අහිංසකයෙක් එල්ලනව කියනෙ සැබෑ අපරාධකරු නිදැල්ලෙ ඉන්නව කියන එක.

      මේ උද්ඝෝෂන නම් රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීමෙන් කරන ඒව. ජනවාරි 8 න් පස්සෙ භික්ෂූන් සතුව තිබූ සිවිල් බලය එන් ජී ඕ වලට ගියා. එන් ජී ඕ ගෑනු තමා කියන්නෙ සැකකාරයො සතියක් ඇතුලත මරන්න කියල. එක එන් ජී ඕ ගෑනියක් කිව්වනෙ සිසුවා සහ ටයිල් බාස් පාපොච්චාරනය කරන නිසා ඔවුන් සතියක් ඇතුලත මරන්න කියල.

      Delete
  7. දඬුවම්දීමේ බයකිරීමේ අගය (දියුණු සමාජයකට නොගැලපුනත්) අපේවගේ ප්‍රාථමික සමාජයකට තියනව.

    මං කිසිම විදිහකට කියන්නෙ නෑ මරණ දඬුවම හොඳ දෙයක් කියල.
    ඒත් ඒ ඒ සමාජයන්ට දැනට ගැලපෙන දියුණු වුනාම නොගැලපෙන නරක දේ තියනව. දඬුවම් දීම ගැන අප සිතිය යුත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් / වෙනත් චේතනාන්විත අපරාධකරන්නන් කුමන ප්‍රතිශතයකින් කුමන දඬුවමකින් කුමන ප්‍රමාණයක් වැලකිය හැකිද යන ප්‍රායෝගික ලෙසය. දඬුවම්වල හොඳ හා නරක සලකා අඩු නරකක් හා වැඩි හොඳක් දැනට සිදුවේයයි උපකල්පනය කල හැකි ක්‍රමයක් තෝරාගත යුතුය.

    නැතුව ආවේගාත්මක ලෙස දඬුවම් දිය යුතු යයි කීම හෝ උටෝපියානු අධි මානුෂීය ලෙස අපරාධකරුවන් දෙස බැලීම යන දෙකම ප්‍රායෝගික නොවේ

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික වැඩවසම් පාලනයට එරෙහිව නේද යහපාලනයක් ඉල්ලල හිටියෙ. අපරදෙනෙ ගෝත්‍රික රජාව එලෙව්වෙ.
      ප්‍රාථමික සමාජය ද්විතියික සමාජයක් දක්වා ප්‍රමෝට් කරන්න ඕන.
      නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කරන්න ඕන. කැබිතිගොල්ලවෙ ආබාධිතයට ගහපු දක්ෂ පොලිස්කාරයොනෙ අපට ඉන්නෙ. දැන් ඒ ආබාධිතය උසාවි දානවලු කෝටියක් සංවර ශීලෙ රැක්කෙ නෑ පොලිස් උත්තමයට ගරු කලේ නෑ කියල.

      සමාජයට පුනරුත්ථාපන ක්‍රියාවලියක් අවශ්‍යයි. පසුගාමී සමාජ කන්ඩායම් හදුනාගෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි. අපරාධකරු පුනරුත්ථාපනය කරන්න ඕන ඌ අපරාධාය කරන්න ඉස්සර. අපේ ගමේ ළමා දූෂනයකට අවුරුදු 20 ක් හිරේ ගිය මහල්ලා ට අකුරු ලියන්න බෑ.මේ වගෙ අයගෙ ආකල්ප කොහොමද.සිරගත වන අයගෙන් විශාල ප්‍රතිශතයක් මූලික අධ්‍යාපනයවත් ලබල නැහැලු.

      නාගරීකරනයත් එක්ක පාදඩ ස්තරයක් සමාජයෙ බිහිවෙලා තියනව. මේ ජනකන්ඩායමම පුනරුත්ථාපනය කරන්න ඕන. ඔය මිනිස්සු එක්ක මම කතා කරල තියනව. ඔවුන් අපරාධ ගැන දරන ආකල්ප ඇහුවොත් ඇග හිරි වටෙනව. එල්ලුම් ගහ ඕනම තමා කියන අදහස ඕනම කෙනෙකුට ඇතිවෙනව. මිනී මරනව දූෂනය කරනව කියන්නෙ උන්ට අමු දුංකොල කනව වගෙ. විවාහය කියන්නෙ ත් කෙල්ලෙක් කොහුබත් කන්දල පෙරල ගැනීම.

      මට නම් ඇතුවුනේ එල්ලුම් ගහ ගැන ධනාත්මක අදහසක් නෙමෙයි .රජය මැදිහත් වී මේ ජනකොටස පුනරුත්ථාපනය කරන්න ඕන කියල. උඩරට ගැමි පුනරුත්ථාපන අමාත්‍යාංශයක් තියනව. පුනරුත්ථාපනය කරන්න ඕන උඩරට ගැමියො නෙමෙයි ලුම්පන් පාදඩ සමාජ ස්ථරය.

      ඒ වගේම ජනමාධ්‍ය වලින් කරන භාව ප්‍රකෝපයත් නවත්වන්න ඕන.

      Delete
  8. මේ සංවාදය ඉතා වැදගත් ම.ම

    සමාජය මේ තත්වයන් ගැන දැනුවත් විය යුතුයි... ඒක සිද්ධියකට කරන්න පුළුවන් දරුණුම දේ කරන්න ගියාම සමාජයට වෙන වැරදි ගැන මේ සමාජය තාම දන්නෑ..... අනික තමා මේ විදිහ දරුණු අමානුෂික දඩුවම් ගෙනාවාම ඒක සමාජයට අවදානමක් අැති කරනවා.... මිනිස්සු ඉන්නේ මරණය අතේ තියාගෙන....

    ReplyDelete
    Replies
    1. සමාජයේ සියළුම දෙනාගෙ හිස් වලට ඉහලින් කඩුවක් සවිකර තිබෙනවා වගෙයි. ජේ ආර් ධර්මිෂ්ට සමාජයක් හදන්න ඇවිත් විධායක ජනාධිපති ක්‍රමය හදුන්වා දුන්නෙ 71 වාගෙ කැරළි ඇතිවුනොත් මුහුණ දෙන්නලු.ඔහු කෝකටත් තෛලය විදියට දැක්කෙ විධයාක ක්‍රමය. මේ අයගෙ කෝකටත් තෛලෙ එල්ලුම් ගහ.

      හැත්තැ ගනන්වල ප්‍රගතිශීලෙ ප්‍රතිගාමි කියල බෙදීමක් තිබුනලු. පහුගිය කාලෙ දේශප්‍රේමී දේශද්‍රෝහී කියල බෙදීමක් තිබුන.දැන් අලුගෝසු හා අලුගෝසු නොවන කියල බෙදීමක් ඇතිවෙලා. ඉස්සර ප්‍රතිගාමීන් දේශද්‍රෝහීන් වගෙ දැන් අලුගෝසු නොවන අය තමයි දුෂ්ටයො.

      සමාජයම අලුගෝසු මානසිකත්වයක් ඇතිකරවලා. පොලිස් ප්‍රචන්ඩත්වයට මුහුණැ දෙනෙන්ත් එල්ලුම් ගස් යන්නෙත් බැරිම එකා තමයි. මට තියනප්‍රශ්නෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දුර්වලකම නිසා අහිංසකයො එල්ලුම් ගස් යන එක. ඒ වගේම සැබෑ අපරාධකාඅරයො නිදහස් වෙන එක.

      දැක්කද පැරාගෙ අලුත්ම පෝස්ට් එක. ඒකෙදි මේ ඒ ගැන සැප්තැම්බර් 21දා දිවයින පුවත්පතේ ම පළ වූ වාර්තාවෙන් කොටසක් පළැ කරල තිබුන. පොලීසිය වරින් වර කරන වගකීමෙන් තොර ප්‍රකාශ ඉදිරියේ කිසිම පුරවැසියෙකුට ගැලවීමක් තිබෙනවද .මෙන්න ඒ කොටස

      මේ ඒ ගැන සැප්තැම්බර් 21දා දිවයින පුවත්පතේ ම පළ වූ වාර්තාවෙන් කොටසක්:

      “කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ බරපතල සැකයක්‌ මතුවී ඇතැයි පොලිස්‌පති එන්.කේ. ඉලංගකෝන් මහතා "දිවයින"ට පැවසීය

      “දැනටමත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්‌ පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ ඔස්‌සේ සිදුකරන විමර්ශන අනුව ඝාතකයා කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

      "සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණයෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන ගබඩා කර තිබූ බවද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

      "එම පරිගණයකය මේ වන විට වැඩි දුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යවා වාර්තාවක්‌ ලබා ගැනීමටද පොලිසිය කටුයුතු කර තිබේ.

      "සිදු කරගෙන යනු ලබන විමර්ශන අනුව සේයා ඝාතනයේ සැකකරුවන් ඉක්‌මනින්ම කොටු කර ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළ පොලිස්‌පතිවරයා මෙය අභිරහසක්‌ වීමට පොලිසිය කිසිසේත්ම ඉඩක්‌ නොතබන බවද පැවසීය.

      “මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

      “සේයා ඝාතනයට සම්බන්ධ ඝාතකයා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පොලිසිය දැනටමත් ජීව විද්‍යාත්මක පරීක්‍ෂණ ගණනාවකට යොමු වී ඇති අතර දැනට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ සේයා ළැදැරියගේ සිරුරේ තිබූ කොටස්‌ සන්සන්ධනය කර ඩීඑන්ඒ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමටද පියවර ගෙන ඇත."

      Delete
  9. ඉතාමත් හොද ලිපියක්. සැකපිට අත්අඩංගුවට පත්වන නිවැරදිකාරයකුගේ ඉරණම ගැන කතා කරලා වැඩක් නෑ. ඌව පොලිසියෙනුත් සමාජයෙනුත් මරලා ඉවරයි. ආයි එල්ලන්න දෙයකුත් නෑ. අපේ පොලිසිවල මේ ක්‍රියා පිළිවෙත් හා සැකකුරවන් ගැන සමාජ ආකල්ප සියල්ලම වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සැකකරුවන් හා වරදකරුවන් අතර වෙනස හදුනාගන්න තරම් අපේ සමාජය බුද්ධිමත් නෑ.රෝස පාට සාරියක් ඇදන් හිටපු එන් ජී ඕ ගෑනි සිසුවා සහ ටයිල් බාස් සතියක් ඇතුලත එල්ලන ලෙස කෑ ගහපු හැටි දැක්කද
      ළමයගෙ තාත්ත එදා හයර් එකක් නොගිහින් ගෙදර උන්නනම් ඔහුව එල්ලන කම් එන්ජීඕ කාරයො කෑගහනව.ඔහුව මාධ්‍ය මගින් සම්පූර්නයෙන්ම සමාජය ඉදිරියෙ වරදකාරය කරනව. රිමාන්ඩ් කළාම එතනින් ලැබෙන ප්‍රතිචාර දන්නවනෙ. පොලීසියෙ වැරදි නිසා මුලුජීවිතේම නාස්ති වුන අහිංසකයො දහස් ගානක් ඉන්න්ව.

      Delete
  10. ඉතා කොඳ කාලීන විග්‍රහයක්. වදින්න ඕන තැන් වලට කෙලින්ම වැදිල තියෙනවා.අපේ රටේ නීතිය පොලීසිය පෙරකදෝරුවො දූෂිතයින් නෙවෙයිනම් තව කමක් නෑ. මරන දඬුවම ගෙනෙන්න වෙහෙසෙන එවුනුත් තවත් එක පිස්සන් රැලක් වගේ. ඒ නිසාම අපරාධ නැති වෙනව කියන එක ඔවුන්ගේ ඇදහිල්ලක්.

    ReplyDelete
    Replies
    1. මේ අලුගෝසු මානසිකත්වය සංවිධානාත්මකව ඇති කරවන්නක්.මේ වගෙ සංවිධානාත්ම ම උද්ඝෝෂන රැල්ලක් මීට පෙර තිබුනෙ නෑ. දැන් සමාජය රන් කරන්නෙ එන් ජී ඕ වලින්.

      Delete
  11. ඔබේ ලිපිය බොහෝ දුරට සම්පුර්ණ නිසා මම වැඩියමක් එකතු කරන්නේ නැහැ. ප්‍රාජේ කියන කතාවටත් පදනමක් තියෙනවා. ආදිකල්පිකයා (ඔබේ වචන වලින්) සමාජයට එරෙහි වැරැද්දක් කරපු කෙනෙක්ව මරලා දැම්මේ ඒ අය දැනුම දියුණු නැති ම්ලේච්ඡයින් වූ නිසාම නෙමෙයි. ඒක තමයි ඔවුන්ට ප්‍රායෝගිකව තිබුණ හොඳම විකල්පයත්. එවැනි ප්‍රාථමික සමාජයකට දිගු කාලයක් සිරකරුවෙකු නඩත්තු කිරීමේ පිරිවැය දැරිය නොහැකියි. එතැන් සිට අපි දුර ගමණක් ඇවිත් තිබුණත් හැම සමාජයක්ම තියෙන්නේ එකම තැන නෙමෙයි. යම් සමාජයකට නිශ්චිත අවස්ථාවක හොඳම දෙය තෝරන්නේ ඒ සමාජයේ බහුතරය. හොඳ-නරක කෙසේ වුනත්, ලංකාවේ වැඩි දෙනෙක් මරණ දඬුවමම ඉල්ලා සිටිනවානම් රජයට ඒ විකල්පය සලකා බැලීමට සිදු වෙනවා. දැන් මෙතැන තියෙන ප්‍රශ්නය මේ ප්‍රකාශ වෙන්නේ සමාජයේ ඇත්තම උවමනාවද කියන එකයි. මමනම් හිතන්නේ මෙතන තියෙන්නේ රැල්ලක්. ඔය රැලි අනිත් පැත්ත ගහන්නත් වැඩි කල් යන්නේ නැහැ. දශක හයකට පමණ පෙර එරික් බචෝට මරණ දඬුවම නියම වුනු කාලයේදී මේ විදිහටම එල්ලුම් ගහට විරුද්ධව රැල්ලක් තිබී ඇති බව මා දන්නේ මගේ මවගේ පියා එහි ක්‍රියාකාරිකයෙකු වූ නිසයි. බණ්ඩාරනායක ඝාතනය සමඟ රැල්ල ආපසු අනිත් පැත්ත ගහනවා.

    ReplyDelete
    Replies
    1. මේ රැල්ල නම් එන් ජී ඕ වලින් නිර්මානය කරපු එකක්. දැනටත් අනික් පැත්ත ගහගෙන එන්නෙ. මොකද මේක තනිකරම එන්ජීඕ වලින් හදපු රැල්ලක් නිසා සබන් බුබුලක් වගෙ .එවෙලාවට ලොකුවට පෙනුනට වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ

      Delete
  12. ම,ම එක්ක එකතු වෙන්න පුළුවන් ලිපියක්.අපරාධකාරයෝ උනත් මතු වෙන්නේ සමාජයේ අප අතරින්මයි.එවැනි අපරාධකරුවන් මතු වන විටම ඔබ කියා තිබෙන ප්‍රතිවිරෝධය දැක්වීම ඉතා වැදගත් වෙන්නේ ඒ තුලින් අපරාධකරුවන් වීරත්වයට නැංවීම නතර කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සමාජය ප්‍රතිසංවිධානය කරන්න හෝ අපරාධ මුලිනුපුටා දැමීමට විද්‍යාත්මක විග්‍රහයක් කරන්න ඒ හරහා ක්‍රමවේද හදන්න ඕන නෑ .කෝකටත් තෛලෙ වගෙ එල්ලුම්ගහෙන් ඔක්කොම ප්‍රශ්න විසදෙනව කියනව .ඒක සුරබිදෙනක් කප්තුරක් වගෙ.
      මුළු සමාජයම අලුගෝසු සමාජයක් කරනවා. ජනවාරි 8 ට පෙර පෙර බණ පොත් කියවපු ගෑනු පවා එල්ලුම් ගහ ගැන කතා කරන්න ගත්ත. හැබැයි මේක කෘත්‍රිම රැල්ලක් බව තේරුම් අරන් දැන් ආපිට හැරිල.

      Delete
  13. ලිපිය කියවන්නමයි හිටියේ ඒත් කාර්යබහුල අද තමයි කියවන්න උනේ.ලිපිය අගය කරනවා හැරැනම අදහසක් දාන්නත් වෙලාවනමි මදි.වෙලාව තිබුනොත් ආයෙත් එන්නමි

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. අගය කිරීම ගැන සතුටුයි.

      Delete