Saturday, September 5, 2015

කට වට කර වැටක් බඳිමු දෙබසින් දුක වැඩි හන්දා

ලිපිය ටයිප් කරන්නට රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය ගත්තෙමි.ඒකෙ වදින්නෙත් දෙමළ අකුරුය. වැරදිලා බාමිනි යුනිකෝඩ් එක ක්ලික් කරලාය.මට අද අතිශයින්ම කාර්යබහුල වුවත් තනිතරුව හා අටමා ගේ පෝස්ට් දැක නොලියා ඉන්නට බැරිවිය. තනි තරුව කියන ලෙසම වැඩ යකාට ගියදෙන් කියා ටයිප් කරමි.මේ දවස්වල බොහෝ දෙනා කතා කරන දේශපාලන දේවල් වල සාම්‍යයක් දැකිය හැක. ඉදිරියට බොහෝ දේවල් කතා කරන්නට ලැබෙනු ඇත.

ඊයෙ බස් එකට නගිනකොටම බසයේ සිටි මිතුරෙක් මැසිවිලි නැගුවේ සම්බන්ධන්ගේ විපක්ෂ නායකකම ගැන හා තව තව දේවල් ගැනය . මා එයට උත්තර දෙකක් දුන්නෙමි. ඒ උත්තර දෙක මට ලැබුනේ මීට දශකයකටත් එහා  කාලයකදී මා විසින් නැගූ පැනයකටය. එහි පූර්වාපර සන්ධි ගලපා පසුව කියන්නෙමි.

 ඇත්තටම විපක්ෂ නායකකම ගැන මටනම් එය අවුලක් නැත.  දෙමළ ,මුස්ලිම් රාජ්‍ය නායකයෙක් පත්වුනත් මම නම් එහි වරදක් නොදකිමි.සමහරු සිංහල බෞද්ධ පාලකයෙක් මේ රටේ  හැමදාම සිටිය යුතුයැයි අදහති. සිංහල බෞද්ධ පාලකයෙක් යන අදහස රජකාලෙ දක්වා යයි.එකල එයට හේතු තිබිණි. මන්ද රජෙක් පත් කළ පසු ඌව පාලනය කිරීමේ කිසිම ව්‍යවස්ථාපිත ක්‍රමයක් එකළ නොවීය.දස රාජ ධර්මයෙන් පාලනය නොකළොත් හිස හත් කඩකට පැල්ලේවාය යන දිවුරුම ගැනීම පමණක් සිදුකෙරේ. එය නිශ්ඵල දෙයක් බව නොකිවමනාය. දස රාජ ධර්මයෙන් පාලනය කළ රජවරු අල්ප විය.බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට උත්සාහ කළේ රජුන් දෙතුන් දෙනෙක් පමණි. ඔවුහුද අසාර්ථක වූහ.නමුත් ඇමරිකාවෙ කළු ඔබාමා මෙන් ලංකාවෙද සුළු ජාතිකයෙක් පත්වීමේ වරදක් නැත.  ඒත් ලංකාවෙ කොයි දේත් සිදුවන්නෙ රුයිතෙට නිසා දෙපාරක් සිතීමත් ඇඟට ගුණය.

ජාතික ප්‍රශ්න ගැන කරන සංවාද වලදී මම බොහෝ විට මුනිවත රකිමි. ඒ කතාකර වැඩක් නැති නිසාය.මේ මුනිවත ගැන මගේ මතකය දශක දෙකකට එහාට යයි. එදාද මේ ලෙසම ජාතික ප්‍රශ්න ගැන ලොකු සංවාද ගියේය.සංවාද වලින් එහාට ගිය ක්‍රියාකාරකම්ද විය.එවකට පැවති රජය විවේචනය නොකළ කෙනෙක් නැත.සංවාද වලදී රජය වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටියේය. ඡන්දය දීම වෙනම කතාවකි.

ඔය කාලයේ මම සිටියේ නමය වසරේය.  එකළ තක්ෂිලා කියා ජනප්‍රිය ඉංග්‍රීසි පන්තියක් කුලියාපිටියේ තිබිණි.මම එහි මට වඩා වයසින් වැඩි අය සමග ඉගෙන ගත්තෙමි.එහි පන්ති ඒ සිට අනුපිලිවලින් තිබූ අතර wren and martinගේhigh school English grammar and composition පොතට අනුව රසවත්ව භෂාව ඉගැන්වීය. ඉස්කෝලෙ ඉංග්‍රීසි අප්පිරිය වී සිටි බොහෝ දෙනා ට ඉංග්‍රීසි රසවත් වුනේ මෙහිදීය. වැඩි දෙනෙක් ඕ ලෙවල් ඒ ලෙවල් ලියා ගෙදර සිටින කාලයේ මෙහි පන්තිවලට ආ අතර මා වැනි පාසල් සිසුන්ද කීප දෙනෙක් වූහ. පන්තියේ කොට කලිසන් අදින එකෙකුට සිටියේ මා පමණි.

මා අසල සිටි වැඩි මහල් සිසුවාගේ පොත නිකමට අතට ගෙන බලන විට දුටු දසුනින් මට යකා නැග්ගේය. විවිධ එජාප දේශපාලනයන්ගේ ඡායාරූප එහි වෙයි.එම ඡායාරූප වල අනෙක් පැත්තේ දින දර්ශනයකි. මෙය කිසියම් මැතිවරණයක් ඉලක්ක කර මුද්‍රණය කර බෙදා හළ ඒවාය.මම හොඳ වැඩක් කළෙමි.මම එම කැලැන්ඩර් වල දේශපාලනඥයා සිටින පැත්ත පිටතට පෙනෙන සේ ඔහුගේ සියළුම පොත්වල ඉටි කවරය තුලට දමා අතින් අතට යැව්වෙමි. මූ මෙය දැක යක්ෂයා ආරූඪ විය.ඒ කාලෙ එය නෝන්ඩි වැඩකි. ඔහු මට බැණ වැදුනේය.

මම මෙසේ ඇසුවෙමි. රටට වෙලා තියන දේ අයියට තේරෙන්නෙ නැද්ද

මොකක්ද රටට වෙලා තියෙන්නෙ?

විදේශ හමුදාවක් රට ආක්‍රමණය කරල.හොරකම මැරකම දූෂනය ඉහවහා ගිය ආණ්ඩුවක්. ඒ මදිවට මර්ධනය.

ඔහු සිනාසී මෙසේ කීවේය. රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලා ගනියි. අපට අපේ ප්‍රශ්න තියනවා.

මම තක්කු මුක්කු වුනෙමි. මෙහෙම කතා කරන අය මට හමුවී නැත.

එතකොට ඔයා රටේ කෙනෙක් නෙමෙයිද?

අපට වෙන්නෙත් හැමෝටම වෙන දේනෙ.

මම ඔහුගේ අදහසට එරෙහිව තව තව දේවල් ආවේගශීලීව කිව්වෙමි.පන්තියක් බව මට මදකට අමතක විය.පන්තියේ පාඩම මැද අපි දේශපාලනයේය.මට ඔහු ගැන ඇතිවූ අප්‍රසාදය වචනයෙන් විස්තර කළ නොහැක.තරුණයෝ රට වෙනුවෙන් ජීවිත පූජා කරති. එහෙව් අස්සෙ එක තරුණයෙක් නරුම කතා කියයි.වැඩි වෙලා මේ සංවාදය කළ නොහැකි වුනේ ගුරුවරයා මාව නැගිට්ටවූ නිසාය.පාඩම උගන්වමින් සිටි ගුරුවරයා ඉදගෙන කතා කරන්න එපා නැගිලට කතා කරන්න කියා කීවේය. එදා පාඩම වුනේ සිසුන් දෙදෙනෙක් නැගිටුවා ගුරුවරයා දෙන මාතෘකාවකට අනුව  සංවාද කිරීමයි. අපි බොහෝ විට සිටියේ මූණ හංගගෙනය. නමුත් මා පාඩමට ඇහුන්කන් නොදී ලග ඉන්න එකා සමග කතා කරන බව දැක මාව නැගිටුවා ටොපික් එකක් දී තව කෙනෙක් සමග කතා කරන ලෙස දැන්වීය.මාව එලෙස මාට්ටු විය.අසල්වැසි එජාප මිතුරාටද හිනාවක් ගියේය. 

මෙය මෙම සිදුවීම නොමැකෙන මතකයක් ලෙස මගේ මතක ගබඩාවේ තිබුනේ එදා ඔහු කී දේ සම්පූර්ණ සත්‍යක් නිසාය. එය නිකම් සත්‍යයක් නොව සර්වලෝක සත්‍යයකි. ඇත්තටම අපට ඍජුව අදාල නැති ඔය කෙහෙල්මල් ගැන වද වි යුතු නැත. ඒ ගැන ක්‍රියා කරන්නට අප පාර්ලිමේන්තුවක් පත් කළෙමු. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයගේ මතය ස්ථිර වෙයි.රටේ ආරක්ෂාවට හමුදාවක් ඇත.එසේම ට්‍රෙෂරියක් ඇත. තවද සමාජයේ හයිරාකි එකක් ඇත. එනම් නායක හාමුදුරුවරු මහා ව්‍යාපාරිකයන් ,උසස් නිළධාරීන් සිටිති. රට නැති වුනොත් වැඩි හානියක් වෙන්නෙ ඒ අයටය.අපට වෙන්නෙ අනෙක් හැමෝටම වෙන දෙයයි. ඉතින් ඇයි අපි කලබල.ඉස්සරහට යා යුත්තේ ප්‍රභූවරුය.අපට අපේ වැඩතිබෙන නිසා අප සිතිය යුත්තේ ඒ ගැනය.පොඩි මිනිසුන්ට ඔවුන්ගෙ වැඩ ඇත.රජවරු සිටුවරු ලොකු දේවල් බලා ගනිද්දෙන්.



ප්‍රභූවරු නොවන සියළුම ජනතාව සිතිය යුත්තේ එසේය. කතන්දරයක් මතක් වෙයි.

එකතරා පුද්ගලයෙක් කොටළුවෙකු පිට නැගී යන විට රණැ බෙර හඩක් ඇසී ඔහු වහාම කොටළුවා අමතා ඉක්මනින් පළා යමු අපි සතුරන්ට අහුවෙන්නයි යන්නෙ කියා කීවේය. 

කොටළුවා කීවේ ඔබ පළා යන්න මටනම් නැතිවෙන්න දෙයක් නෑ. ඔබ සිතනවද අළුත් ස්වාමියෙක් මට ලැබුනොත් බර ගෙනයාම ඇර වෙන වැඩක් මට පවරාවි කියා උත්තර දුන්නේය.

සාමාන්‍යජනතාවට රටක් නැත. රට ගැන සිතිය යුත්තේ ආර්ථිකය මෙහෙයව ධනපතියන්ය ,නෛක ශ්‍රීන් වැජඹෙන පූජකයන්ය. රට ඔවුන්ගේය. තීරණ ගන්නේ ඔවුන්ය. 

බල්ලාගෙ වැඩේ බූරුවා කරන්න ගියොත් මොකක් වෙයිද.මට කතන්දරයක් මතක් වෙයි.

එකෝමත් එක රටක ගෙදරක බල්ලෙක් හා බූරුවෙක් සිටියේය. ඒ ගෙදර බිදින්නට හොරු ආහ. බූරුවා මෙය දැක බල්ලා අමතා ඔහේට පේන්නැද්ද හොරු පැනල නේද කියා ඇසීය. 

බල්ලා කීවේ උඹ උඹේ වැඩක් බලාගනින්. මට ඉහලින් අන ලැබෙන තුරු මොකුත් කරන්න බෑ. කියාය. කතාවත් ඇත්තය. බූරුවාට මෙය බලාගෙන ඉන්න බැරිව කෑගසන්නට විය. බූරුවාගේ කෑගැහිල්ල ගෙදර සිටියවුන්ට මහ කරදරයක් විය. කෑගැසීමෙන් නොනැවතුන බූරුවා උඩ පනින්නටත් බිම පෙරලෙන්නත් අසල ඇති බඩු පොඩිකරන්නටත් විය.මේ කලබගෑනිය දුටු ගෙහිමියා මේ බූරුවට පිස්සු හැදිලා කියා සිතා බූරුවා හපා මරන ලෙස බල්ලට නියෝග කළේය. බල්ලා නැට්ට කෙළින් කර ගත්තේය. බූරුවා පිටට පැන හපා මැරුවේය. ගෙහිමියා බූරු කුන පාර අයිනට දමා අහක දමා තිබුන පරන ටයර් සහ කොල රොඩු දමා බූරු කුන පුලුස්සා දැම්මේය. ඒ කලබලය අස්සේ හොරු පැන දිව්වෝය.

බල්ලගෙ වැඩේ බූරුව කළා වගේ කියා උපමා කතාවක් ජනවහරට ආවේ එදා සිටය.

89 යුගයේ විශ්වවිද්‍යාලවල සිටි සහ පාසල් වල උසස් පන්තිවල සිටි සිසුන් විශාල පිරිසක් මැරුම් කෑහ.එකල වෛද්‍ය පීඨයේ සිටි මගේ ඥාති සහෝදරයා කීවේ ඔවුන්ට සීනියර් බැච් එකේ අතිවිශාල පිරිසක් මිය ගිය බවයි. අපරාදෙ ඩිග්‍රිය කම්ප්ලීට් නොකර දේශපාලනය කරල වුන විපත. පාසල් සිසුන්ද එසේමය.මට කණගාටුව මෙසේ දිවිපිදූවන් ශ්‍රීලනිප ,ම එ පෙ, ජවිපෙ ,වැනි දේශප්‍රේමී පක්ශවල අයයි. ඔවුන් කුඩාකළ සිටම පවුල් ආභාශය නිසා රට ගැන හැඟීමක් තිබූ අයයි.මේ පක්ෂවලට ඡන්දය දෙන අය රට ගැන හැඟීමක් ඇති අයබව මම සිතමි.

කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන වද විය යුතු නැත. ජනවාරි 8 වනිදා රට වෙනුවෙන් කළ යුතු අවසානම යුතුකමද කළ අය ඒ ගැන සෑහීමකට පත්විය යුතුය.ඡන්දය දුන්නාට මොළේ දිය නොහැක. මොළේ ඇති එකෙක් ඌව පළාත් ඡන්දයෙන් පසු දෙමළ මුස්ලිම් ඡන්දය ගෙඩිය පිටින්ම තමන්ට නොලැඹෙන බව දැනගෙනම ජනාධිපතිවරනෙකට යන්නේ නැත.එසේම රෑ වැටුන වලේ දවල් වැටෙන්නේද නැත.

යුද්ධය පැවති කාලය අපට මතකය . යුද්ධය පැවතිකාලයේ කොටින්ට ඍජුව සහාය දුන් කලාකරුවන් හා එන්ජී ඕකාරයන් දැන් කරළියට බැස යුධ අපරාධ ගැන කතා කරයි.එකෙක් නාසි යුධ අපරාධ වලට මෙය සමාන කළේය. කොටි දැන් විමුක්තිකාමීන්ය එදා යුද්ධයට පක්ෂව සිටි දේශප්‍රේමීන් අද විත්තිකරුවන් වී ඇත.

අප බලා සිටිමු. සිනමා පටයක් දෙස බලා සිටින ලෙසටම බලා සිටිමු.සයිබර් අවකාශයේදී නිස්සරනධ්‍යාශයෙන් තම මුදල් ඩේටා ශා කාලය වැය කරමින් විදේශවලින්  දහසින් බැදි පියලි ලැබූ බඩගැත්තරයන් සමඟ වාද කරමින් විශාල සේවයක් කළ සියල්ලන්ගේම සේවය අනාගත පරම්පරාවන් විසින් සිහි කරනු ඇත.

ඊයෙ බසයට නගින විට මිතුරා කී මැසිවිලි වලට දුන් උත්තර මෙන්න.

දැන් අපට අපේ වැඩ ඇත .රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලාගනීවි.

අපට වෙන්නෙත් හැමෝටම වෙන එකය.

එසේ කියා බසයේ අසුනකට බරවී  නින්දක් දැම්මෙමි.බසින විට රට ඉතිරි වී තිබුනොත් ( නැතත් මට කමක් නැත ) එච්චරය . පෙරලුන පැත්ත සැප වැඩිය.









26 comments:

  1. පට්ට පට පට.. අටමා පද හතරකින් කයා දැමූ දේ ඉතා මැනවින් සවිස්තරාත්මක ව කියා ඇත. නුඹ ගැන ආඩම්බරයි.

    අපට අපේ වැඩ ඇත.... බලා සිටිමු මේ චිත්තරපටියත්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      අපට අපේ වැඩ තියන නිසා පැත්තක ඉදන් මේ චිත්තරපටිය බලමු. 89 වාගෙ ඇක්ෂන් ෆිල්ම් එකක් නම් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා.89 නින්ජ ෆිල්ම් දැක්කට පස්සෙ ෆිල්ම් වල ෂූටින් වලටනම් දන්න එකෙකුටවත් යන්න එපා කියලයි කියන්නෙ.එහෙම ෆිල්ම් නම් වනේ වන හතුරෙකුටවත් බලන්න නොලැබේවා කියල පතනවා.

      හොඳම දේ බලා ඉන්න එක.සැප විදින ප්‍රභූවරු,නිළධාරීන් , පූජකයො ඕන මඟුලක් කරගත්තදෙන්.

      Delete
  2. රෙෂ්පට් බොස් !!! එකෙන්ම ……

    ReplyDelete
  3. Replies
    1. වෙන්නත් පුළුවන්.
      එදා කට කහන නිසා කතා කළා අද අත කහන හින්ද ලියනව. මේව ගැන දිගින් දිගට ලියන්න බලාපොරොත්තුවකුත් නෑ

      Delete
    2. බ්ලොග්වල නොනිල මහාචාර්ය මාතලන් ගොයියට අලුත් ආණ්ඩුවෙන් ආචාර්ය පදවියක් දීලා වගේ..ලොකු වචනයක් හොයාගෙන හැමතැනම කොපි පේස්ට් කොරනවද මන්දා..:P :D

      Delete
  4. //අපට වෙන්නෙත් හැමෝටම වෙන දේනෙ.//

    දැන් ඡන්දේ දීලා ඉවරයිනේ.. දැන් කොහොමත් අවුරුදු පහක් මෙහෙම තමා ඉන්න තියෙන්නේ

    ReplyDelete
  5. ලිපියේ අර්ථය හා කොමෙන්ට්ස් පරස්පරයි කියා හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
  6. //අප බලා සිටිමු. සිනමා පටයක් දෙස බලා සිටින ලෙසටම බලා සිටිමු.සයිබර් අවකාශයේදී නිස්සරනධ්‍යාශයෙන් තම මුදල් ඩේටා ශා කාලය වැය කරමින් විදේශවලින් දහසින් බැදි පියලි ලැබූ බඩගැත්තරයන් සමඟ වාද කරමින් විශාල සේවයක් කළ සියල්ලන්ගේම සේවය අනාගත පරම්පරාවන් විසින් සිහි කරනු ඇත.// ++++++++++++++++++++++
    පට්ට!!
    ඔව් වෙන එකක් වෙන්නේ ඔක්කෝටම නේ..අපි කසනවට ලිව්වට..බලන් ඉමු..පොප් කෝන් ද? අයිස් චොක් ද කන්නේ? නැත්නම් බියර් එකක්? ;)

    ReplyDelete
    Replies
    1. ඔය මොනවහරි අරන් වරෙන්. සමාන්තර විශ්වයක සිද්ධවෙන සිදුවීම් මාලාවක් දිහා බලන් ඉන්නව වගෙ ඉමු.

      Delete
  7. මමත් එකගයි..එල ද බ්‍රා
    ඊයේ රෑ සදු එක්ක කිව්වා..
    “ඔන මගුලක් වෙච්චදෙන් මම ආය මේ රටේ වෙන දේවල්වලට දුක් වෙන්න නෑ“ කියලා..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ තීරණය අරන් ඉන්නෙ.
      කතාවක් මතක් වෙනව. එක මිනිහෙක් කීවලු ලෝකෙ විනාසවුනත් කමක් නෑ මායි පොල් මුදලාලියි බේරුනොත් ඇති කියල.
      පොදු ප්‍රශ්න ගැනනම් වදවෙන්න ඕනම නෑ. නිකම් හිතට දුකක්වත් ගන්න ඕන නෑ

      Delete
  8. ඇත්තම කියනවනම් මට තේරෙන්නෙ නැති නිසා ඇහුවට කමක් නැද්ද? විපක්ෂ නායක කම TNA එකට ලැබුන එකද ප්‍රශ්නෙ?

    1.ඒක ලොකු ආපදාවක්ද?
    2.විපක්ෂ නායකකම බලගතු දෙයක්ද?
    3.එතකොට රටට හොඳ විදිහටනම් කාටද විපස්ස නායකකම ලැබෙන්න ඕනෙ?

    මෙය මගේ දේශපාලන මතය ප්‍රකාශ කිරීමක් ( නැති දෙයක් ප්‍රකාශ කල නොහැක ) හෝ sarcastic වීමට ඇසූ දෙයක් නොව සිරාවටම මට මේ ප්‍රශ්නය මොකක්ද කියල තේරෙන්නෙ නැති නිසා ඇසූ බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. සම්බන්ධන්ට විපක්ෂ නායක කම දෙන එක නරක නෑ හොඳ දෙයක්. ඒක මම පෝස්ට් එකේ මුලදිම කියල තියනවනෙ. ඔබාමට ඇමරිකාවෙ ජනාධිපතිකම දුන්න කියල අවුලක් නෑනෙ. ඇත්තටම විපක්ෂනායකකම නෙමේ ජනාධිපතිකම දුන්නත් අවුලක් නෑ. ඒක එහෙම වෙන්නත් ඕන. නැත්නම් ඒ අය සමාන පුරවැසියො වෙන්නෙ නෑනෙ.එතකොට තමයි වෙනම රාජ්‍ය ඉල්ලන මානසිකත්වය නැතිවෙන්නෙ.
      දෙමළ නායකයනුත් ඒ වරප්‍රසාද රටට අහිතකර විදියට යොදවන්නෙ නැතිව හිටියොත් හොඳයි. අනාවැකියක් කියන්න කාලය මදි. එදා අමිර්තලිංගම් කළ දේවල් නම් එච්චර හරි මදි.
      හැම දේම හොඳ විදියට වුනොත් හොඳයි. එහෙම නොවුනත් ඒක ගැන වදවෙන්නෙ නෑ කියලයි කිව්වෙ.

      විපක්ෂනායකකම බලගතු දෙයක් නොවෙයි. ඒත් සංධානයෙ මන්ත්‍රීවරු වැඩි පිරිසක් හවුල් ආණ්ඩුවට කැමති නෑ නේද
      ඒ අය ගෙ මතය උපක්‍රමශීලීව යට ගහල නේද

      Delete
  9. මධ්‍යස්ථ මෙතන නොකියා කියනවා යුඑන්පි එකට ජන්දේ දෙන උන් දේශද්‍රෝහීන් කියලා.මහින්ද ඔය තමන් වපුරපුවාගේ අස්වැන්න තමයි ඔය කපා ගත්තේ.මහින්ද රටේ යුද්ධය ඉවර කරන්න දේශපාලනික නායකත්වය දුන්නා.නමුත් එතනින් එහාට මහින්ද ගමන් කෙරුවේ කොහාටද ?තමන් ගැන අධිතක්සේරුවක් එක්ක ගිය හිතුවක්කාර ගමන දැන් කෙලවර වෙලා තියෙන්නේ.

    සම්බන්ධන් විපක්‍ෂ නායක වීම ගැන මට තියෙන එකම ගැටලුව සම්බන්ධන්දේ මතය හැමවිටම වගේ එක ජනවර්ගයකට පමණක් සිමා වූ අන්තවාදී එකක් වීමයි.අපි බලමු උඹ හිතන් ඉන්න තරම් යකා කළු නැති වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම හිතන තරම් යකා කළු නොවුනොත් හොඳයි. හැම දේම හොඳ විදියට වෙනවනම් හොඳයි.
      ගිනිපෙනෙල්ලෙන් බැටකාපු එකා කනාමැදිරි එළියටත් බයයි කිව්ව වගෙ
      මට 87/ 89 මතක් වුනා.87 දි සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තියපුව එහෙම මතක් වුනා.එක පන්තිවල හිටපු එකපාරටම අතුරුදහන් වුන අය මතක් උනා. රතුපස්වල තරුනයට තිබුන,දෙමල අයට ගෙඩි පිටින් තියන, හලාවත ධීවරයට තිබුන ඔය මානව හිමිකම්ද මොකක්ද කියන අටමගලෙ ඒ අයට තිබුනෙත් නෑ.

      මම නම් දන්න අයටත් කියන්නෙ.මොනව උනත් පාඩුවෙ ඉදපල්ල.නිකම් පරිප්පු කන්න එපා කියල. පරිප්පුව කන්න වෙන්නෙ තමන්ට තනියම .එතකොට ඔය මොකෙක්වත් නෑ.ගෙදර උන් විතරයි.
      ජනතාව පත් කරපු රජයනෙ. වෙන දෙයක් වෙන්නෙ හැමෝටමනෙ.


      ගිනිපෙනෙල්ලෙන් බැටකෑව කිව්වට අපි ඒ කාලෙත් ප්‍රේක්ෂකයො තමයි.පොඩි උන් නිසා හෝ වෙන මොකක් හරි නිසා හෝ ෂූටින් වලට ගියෙ නෑ

      Delete
    2. යූඇන්පිය කරල තියන දේවල්වල හැටියට එහෙම හිතන්නෙ නැතිවත් බෑනෙ. සුමිත් අතුකෝරාල මැරුවෙ කැරැල්ලක් තියන කාලෙක නෙමෙයි. කැරැල්ලකට හේතු හොය හොය හිටපු ජෙවීපියට මේව රස ආහාර වුනා. එදා කළ යුතුව තිබුනෙ ශ්‍රීලනිපය සහ වෙනත් ප්‍රගතිශීලීන් සමග එක්වී ඒකාබද්ධ විරෝධයක් කිරීම. 2004 දි කළා වගෙ.
      එහෙම නොකර ජේවීපිය එදා බස් ගිනිතියන්නයි මිනී මරන්නයි පටන් ගත් නිසා රාජ්‍ය ත්‍රස්තවාදය පතුරුවන්න එජාපයට පහසු වුනා.
      අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන කල්පනාවෙන් වැඩ කිරීම සියළු දෑහිතකාමීන්ගෙ වගකීම.

      Delete
  10. රිචඩ් සොයිසාට නැති ප්‍රගීත් එක්නැලිගොඩට තිබෙන දෙය කුමක්ද?
    මානව හිමිකම්

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ටුව
      එදා මාක්ස්වාදීන්ට වගේම හෙට ජාතිවාදීන්ටත් මානව හිමිකම් නෑලුනේද
      ඒකනෙ බය.
      රතුපස්වල තරුණයන්ට ,දෙමළ අයට ,හලාවත ධීවරයට මානව හිමිකම් ඕන තරම්

      Delete
  11. හොඳයි! අපි බලා සිටිමු. ඒ වගේම හඬ නගමු.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන අය ඉන්නව කියල දැනෙන කොටත් සතුටුයි

      Delete
  12. මොනවා කියන්නද ලියන්න ද බලාගන ඉම්මු යකෝ

    ReplyDelete