Sunday, September 27, 2015

අපරාධ ගහ නියපොත්තෙන්ම කඩාදාන්නේ කෙසේද

සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ගැන සිත යොමුකරන්නට සමාජයට තිබූ ඉඩ අවහිර කරවමින් එක පිට අපරාධ කිහිපයක් සිදුවිය.ගම්පහදී කම පවුලක තිබූ දෙනෙක් මරා තිබූ අතර සේයාගේ මරණය ආරංචි වුනේ ඉන් පසුය. එහි උනුසුම මැකී යන්නාටත් පෙර පියෙක් තමන් මුහුණවත් දැක නැති පෙම්වතිය වෙනුවෙන් සිය බිරිදත් බාල දියණියත් මුහුදට දැමීය.

අතුරුගිරියේදී පාසල් සිසුවෙක් කපාකොටා දැමීම අනෙක් සිද්ධියයි.
මේවායින් සේයාගේ සිදුවීමට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබිණි. අයුතු ජනරාශීන් සංවිධානය කෙරුනි. විශාල පිරිසක් රඟපෑම් වල නියැලුනහ.එහෙයින් මගේද වැඩි අවධානය යොමුවුනේ මෙම සිදුවීමටයි.


සේයා දියණිය ගේ මරණය  මා තදින් කම්පනයට පත් කළේය.මට මතක් වුනේ අමරදේවගේ සුදු නෙළුම කෝ ගීතයයි. මහවැලි කේන්ද්‍රයේදී සාහිත්‍ය දේශනයකට සහභාගි වූ විට දේශකයා සුදු නෙළුම ගීතයට පාදක වූ සිදුවීම ගැන සදහන් කරන විට මට ඇඩුනි.ඈත ගමක දුප්පත් පවුලක දියණියක් නෙළුම් මල් කැඩීමට වැවට ගිය දිනක දියේ ගිලී මියයාම මීට පාදක වූ සිදුවීමයි.ඔවුන්ගේ ජීවිකාව වුනේ මල් විකිනීමයි. මෙම සිසුවිය පිරිසිදුවට අදින දක්ෂ සිසුවියක් වූවාය. ඇය දිනපතාම පාසලට එයි. ඇය දිනක් පාසලට නොපැමිනීම ගුරුවරයාට ප්‍රශ්නාය්ක් විය . ඇයගේ මරණැය දැණගත්තේ ඉන් පසුවයි.මේ ශෝකජනක කතාව අමරදේවයන්ගේ හඩින් ගැයෙන විට  ශෝක රසය මැනවින් නිරූපනය වේ.කෝච්චියේ එනවිට සේයා දියණිය ගැන සිතා මෙම ගීතය කිහිපවරක්ම ඇසුවෙමි.

අනුන්ගේ දුකට සංවේදී වීම වැඩිදෙනෙක් තුල දැකිය හැක. මෙවැනි අයට ආධාර දීමට ඉදිරිපත් වන්නේද මේ නිසාය. එහෙත් මෙවැනි ආධාර දීමක් හෝ එසේත් නැත්නම් අපරාධ නිවාරනයට හේතු සෙවීමට හෝ උත්සාහ නොකරන සමහරු මේ තුලින් ප්‍රචන්ඩත්වය වැපිරීමට උත්සාහ කරති.බොහෝ විට මෙම අයුතු ජනරාශිවලට සහභාගි වන්නේ ත්‍රීවීල් රියදුරන් , නගරවල සිටින රස්තියාදුකාරයන් වැනි අපචාරවලට නැඹුරු පුද්ගලයන්ය.ඔවුහු සමාජයේ ඉදිරියේ හොඳ ළමයි වී සිටිති.

සැකකරුවන් බන්ධනාගාඅර ගත කළ විට බන්ධනාගාරවල සිටින සාන්තුවරය්ටන් මොවුන්ට දඩුවම් දීමට ඉක්මන් වෙති. මෙම සාන්තුවරයන්ද මීට කලකට පෙර මෙවැනිම චෝදනාවලට ලක්වී සිරගත වූ අයයි.ඇල්ගොලොග්නියා රෝගීන් වෙනත් රෝගීන් විනිශ්චය කිරීම තමන්ට පැවරුන දේව කාර්යයක් ලෙස සළකති. මහපාරේ ඇක්සිඩන්ට් එකක් වුනත් ලහිලහියේ නඩු අහන්නට එන්නේ මාලු මාකට් එකේ උන්දෑය.අනෙක් අතට පොලීසියේ ලයිසන් චන්ඩි සිටිති.සෝමාලියාව මෙනි. ඔළුව උස්සා ගෙන සිටීමට නම් චන්ඩියෙක් විය යුතුය.

සමාජය වෙලාගෙන ඇති ප්‍රචන්ඩත්වයේ ව්‍යාධිය සුව කළ යුතුය.

ප්‍රචන්ඩත්වය හාපැටියෙක් කරන සමාජ ආකල්ප ඇත. එකක් නම් කොළුකම හා පිරිමිකමයි. මේ කොළුකම /පිරිමිකම නොපෙන්වීම නිසා මා පුද්ගලිකව බොහෝ අපහසුතාවයට පත්වී ඇත. සර්පයෙක් මැරීමට සියළුදෙනා යෝජනා කළ විට මා එයට විරුද්ධ වූ නිසා මම පිරිමියෙක්ද කියා ඇසුවේ ගැහැණියකි.ඇය සර්පයා මැරීමට ඉදිරිපත් වූවාය. සර්පයා මැරීම ට සැමගේ අනුමැතිය ලැබුනත් මෙම කාන්තාව දෙස සැමෝම බැලුවේ වපර ඇසිනි. එයද එක්තරා සමාජ විද්‍යාත්මක පැතිකඩකි. එය අමුතු දෙයක් ලෙස සැළකූහ. සර්පයා මැරීමට යෝජනා ස්ථිර කළ අයද පසුව පවු බං කිය කියා මුමුනනවා ඇසුනි.අපේ සමාජය පට්ටටම පට්ට එකකි. එය හදුනාගැනීම ලෙහෙසි නැත.
තවත් වරෙක සියළුම පිරිමි දඩයමේ යාමට ලකලැහැස්තිවූ විට මා ධර්මය දෙසන්නට යාමෙන් මා එතන අමුත්තෙක් විය.මා මාංශ භක්ෂකයෙකු වුවත් සතුන් මැරීමට අකමැත්තෙමි.එය කුහකකම හෝ වෙන ඕනැම නමකින් හැදිවුවත් කමක් නැත.

කොළුකම් හා පිරිමිකම් කියා දේවල් නැත. පිරිමියා ගැහැණියට වඩා උසස් හෝ ශ්‍රේෂ්ට නොවේ. එසේනම් පිරිමියා අමුතු පොරක් විය යුතු නැත. එසේම අප ජීවත් වන්නේ ගෝත්‍රික්ල දඩයම් යුගයක නොව නිළබල ක්‍රමයක් හා ස්ථාපිත නීති ක්‍රමයක් සහිත සංවිධානාත්මක සමාජයකය.එහි සාමාජිකයන්ට තිබෙන්නේ ක්‍රමයට කීකරුව ක්‍රමයෙන් තමන්ද යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමත් ක්‍රමය ගැන ගුණදොස් දක්වා සජීවී සත්වයෙකු ලෙස ක්‍රමයට සමගාමීව ජීවත් වීමයි. අපගමන අවශ්‍ය නැත.


පුරුෂයන් අපරාධවලට පෙළඹීමට හේතුවක් ලෙස හෝමෝනීය තත්වයන් මෙන්ම මෙම සමාජ භාවයද හේතුවෙයි. මේ තත්වය නිසා අද අර්ධ නාගරික ප්‍රදේශයකවත් ඇදිරි වැටුන පසු කෙනෙකුට පාරෙ බැසයාමට නොහැක. ගංජ  වැනි මත්ද්‍රව්‍ය හා විවිධ අපචාරවලට ඇබ්බැහි වූ කොලු නඩ පළාත් අරක් අරගෙන සිටිති. මෙය අවශ්‍යද.මට මතකයි කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ විදුහල්පතිවරයා ඔහුගේ දරුවන් හැදූ හැටි .ඔවුන්ගේ කර දඩු උස් මාහ්ත් වුනත් අවසර නැතිව ගෙදරින් පිට යාමට නොහැක.යන එන තැන ඇසුරු කරන අය කරන කියන දෙය ඔහුගේ දැඩි අධීක්ෂනයට ලක්වේ. වැඩ කළ යුතු කාල සටහනක් ඇත. මෙය මහ කරදරයක් ලෙස සිතා අප හිනා වූ නමුත් ඔහුගේ දරුවන් සිව්දෙනාම මෙඩිකල් කොලෙජ් ගියේය. ඉතින් නරකද. ඒ පවුලෙ කොලුකම් කෙලි කම් මොකුත් නොවීය.විදුහල්පතිවරයාගේ පොදුනීති වලට සියළු දෙනාම යටත් විය යුතුය (ගුරුවරියක් වූ බිරිදත් ඇතුළුව ).

එකළැ ඔහු අපටත් උපදෙස් දුන්නේ අනවශ්‍ය දේ නොකරන ලෙසත් අනවශ්‍ය පුද්ගලයන් ඇසුරු නොකරන ලෙසත් අනවශ්‍ය තැන්වලට නොයන ලෙසටත්ය.නෑදෑ ගෙදරකටවත් හේතුවක් නැතිව නොයන ලෙසත් බොරුවට ගොස් වල්පල් කතාකරමින් කාලය නාස්ති නොකරන ලෙසත් ඔහු උපදෙස් දුන්නේය.ඔහුද ආදර්ශමත් විය.

කඩපිල් ගානේ නිකරුනේ සිටින කොළු නඩ පාරේ යන ගැහැනුන්ගේ අවයව ගැන විචාර යන් ඉදිරිපත් කරමින් කාලය නාස්ති කරති.මුස්ලිම් සමාජයේ මෙය නැති බව මා අසා ඇත. ඔවුන්ගේ තරුණයන් කුමක් හෝ ආර්ථික කටයුත්තක නිරත වෙති.ගම්වල තරුණයන් කුමක් හෝ ආර්ථික කටයුත්තක නිරත කරවීමට ගම්වල ප්‍රභුන් වෙර දැරිය යුතුය. ඉරානයේ කොමෙයිනි දරුණු ආකාරයට මෙය ට විසදුමක් සෙවූ බව මා අසා ඇත.


අපරාධවල බීජාංකුර වන මෙම කල්ලි /නඩ අකර්මණ්‍ය කළ යුතුය.

එසේම මානසික රෝගීන් පුනරුත්ථාපනය කළ යුතුය.සමීක්ෂනවලට අනුව ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් මානසික රෝගීන් යැයි කියවේ.සමාජයට හානිකර විය හැකි මානසික රෝගීන් හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය.මේ සඳහා අපරාධ නිවාරන දෙපාර්තමේන්තුවක් පිහිටවිය යුතුය.අපරාධයක් කළ පසු පුනරුත්ථාපනය කරන්නේ කුමකටද .පුනරුත්ථාපනය කළ යුත්තේ අපරාධයක් සිදුවීමට පෙරය.


දෙමවුපියන් ගේ රැකවරනය නොමැති දරුවන් සමාජානුයෝජනය කරන්නේ පාතාලයන් වැනි අපචාරීන් විසිනි.මොවුහු අනාගත අපරාධකරුවෝය.මෙම දරුවන් අපචාරීන්ගෙන් මුදවාගත යුතුය.හිඟන්නන්, ගනිකාවන්, මැරයන් යනු ප්‍රතිකාර අවශ්‍ය මානසික රෝගීන් සහ අපචාරීහුය.අපචාරී පුද්ගලයන් අල්ලා ඔවුන් අතරින් ප්‍රතිකාර අවශ්‍ය අයට ප්‍රතිකාර දී සෙස්සන් පුනරුත්ථාපනය කළ යුතුය.මෙයට වැයකරන මුදල අනාගත ආයෝජනයකි.


මාධ්‍ය වලට ආචාර ධර්ම හදුන්වා දිය යුතුය. පිස්සු කෙළින මාධ්‍ය වලට එරෙහිව බලපෑම් කණ්ඩායම් ලෙස ජනතාව නැගී සිටිය යුතුය.උදේම පිරිත් කියා වැඩ අරබන මාධ්‍ය ඉන් පසු තුන් තිස් පයේම මිනිසුන්ගේ හැඟීම් අවුස්සා පිස්සු වට්ටයි. ඉන් පසුමාධ්‍ය නාඩගම් බලා මොකෙක් හරි  මොකක් හරි කඩප්පුලිකමක් කළොත් ඌට එරෙහිව සමාජය උසි ගන්වමින් යළිත් රට පිස්සන් කොටුවක් කරයි.

පාසල් සිසුන්ට මතුනොව වැඩිහිටියන්ටද ලිංගික අධ්‍යාපනය දිය යුතුයැයි මම යෝජනා කරමි.වැඩිහිටියන්ගේ ලිංගික ප්‍රශ්න ඇතැම්විට ළමා අපචාර වලට හේතුවේ.විවාහයට තරුණයන් පෙළබවිය යුතු අතර සැමියා මියගොස් හෝ අත්හැරදාගිය කාන්තාවන් ගම්වල බඩු බවට /කොල්ලන්ගෙ ට්‍රේනින් ස්කූල් බවට පත් නොවී දෙවන විවාහයකට උනන්දු කළ යුතුය.

අසහනකාරීන් බිහිකරන වික්ටෝරියානු සීතාම්බරය ඉවත් කළ යුතුය.ගනිකා වෘත්තියට හා සමලිංගිකත්වයට තිබෙන සීමාවන් ඉවත් කර සමාජය නිදහස් කළ යුතුද වේ.සමාජය හැකිතාක් ලිහිල් කළ යුතුය. පීඩනය වැඩිවූ විට එය අපරාධ ලෙස තැනින් තැනින් ලීක් වේ.

පත්තරේ ප්‍රධානම් පුවත මිනීමැරුමක් විය යුතුද. අප දවස පටන් ගටහ් යුත්තේ පත්තරේ තිබෙන මිනීමැරුම් දූෂන ගැන බලා ඔළුව අවුල් කරගෙනද .ඇයි එම පුවත් පත්තරේ කොනක දාන්න බැරි. මේව ජනතාව ඉල්ලනවා කියා පත්තරකාරයන් කීමට පුළුවන. ජනතාව ඉල්ලනවා කියා කුඩු විකුනන්න බැහැනෙ.පත්තර මේ ක්‍රමය පුරුදු වුනොත් ජනතාව ඊට හැඩ ගැසෙනු ඇත.

අපරාධවලින් 99% ක්ම කරන්නේ ඉතාම නූගත් ලුම්පන් සමාජ කන්ඩායම් වලින් බව බය නැතිව කිව හැක. මානසික වශයෙන් නිරවුල් කිසිවෙක් අපරාධ නොකරති. එනිසා කළ යුත්තේ මානසික සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමුකිරීමයි.එසේම අපචාරී කන්ඩායම් බිහිවීම අපචාරී උප සංස්කෘතීන් නිර්මානය වීම වැළැක්වීමයි.

බුකියේ වීරයන් වී ජාති ආගම් වාද අවුස්සමින් නාඩගම් නටන අයට එරෙහිව අපට පුද්ගලිකව යමක් කළ හැක.වරෙක මා  පාසල්වාද ,ප්‍රදේශවාද අවුස්සමින් ඉමේජ් ශෙයා කළ  එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙකු හා සංවාදයක යෙදී ඔහුව ලැජ්ජාවට පත් කළෙමි. පිස්තෝලයක් අතින් ගත් කෙනෙක් අපි අහවල් පැත්තෙ කියා එහි තිබිණි .

තවද නීතිය ගැන මූලික මට්ටමේ දැනීමක් හෝ පාසල් විශයට ඇතුළු කළ යුතුය.

එසේම සමාජයේ අපරාධ විරෝධී බලපෑම් කන්ඩායම් ශක්තිමත් කළ යුතු අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට රුකුලක් වෙමින් එම ආයතන ශක්තිමත් කරන්නට එම බලපෑම් කන්ඩායම් ක්‍රියා කළ යුතුවේ.මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. එහෙත් අප්‍රමාදව ක්‍රියාවට නැගිය යුත්තකි.



Friday, September 25, 2015

මේ කොණ්ඩයාත් ඒ කොන්ඩයාත් හැර තවත් කොංඩයෝ සිටිත්ද

මීට සුළු මොහොතකට පෙර දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී සේයාගේ ඝාතකයා ගැන පුවතක් ප්‍රචාරය විය. අප දන්නා තරමින් ඔහු සිද්ධියේ ප්‍රධාන සැකකරුය. සැකකරුවකු වරදකරු කළ හැක්කේ අධිකරනයට පමනි. අදිකරනයට පෙර දෙරන ආයතනයෙන් නඩුව විභාගකළාද අප නොදනිමු. දෙරන නඩු ඇසීමේ කාරියට අත ගැසීම නම් වැරදිය. එය එකල තිබූ කොටි උසාවි සිහිගන්වයි.

සිරස දෙරන හිරු කුනු මිනීකාක්කන් සේයාගේ මළසිරුර තිබෙන බව අසා පියඹා ආවේ කපුටු කාක් කාක් ගොරක ඩේන් ඩේන් කියමිනි.සේයා පිලිසිදගත් හැටි පවා මුන්ට නිව්ස් විය. මෙම ලිපියේ අරමුණ මේ සක්කිලියන් ගැන ලිවීම නොවේ. මනෝ විද්‍යාත්මක කරුණක් ඉස්මතු කිරීමය.

කියන කතා වලට අනුව කොණ්ඩයා අකුරු නොදත්තෙකි.කොණ්ඩයාගේ පියා මියගොස් ඇත්තේ සිරගෙදරය. කොන්ඩයාගේ පවුලේ ආය්ද ගෙදරට වඩා සිටින්නේ හිරේය.එම පවුලම අපචාරී පවුලක් බව පෙනේ. එසේම කොණ්ඩයා නාන්නට ,දත් මදින්නට මැලි කෙනෙක්ලු. මාලු බාගෙන අමුවෙන් කනවාලු , බත් මුට්ටි උස්සාගෙන යනවාලු. මොහු සම්පූර්නයෙන්ම වනචාරියෙක් ලෙස ජීවත් වීඇත.එම කරුණු අපට වැදගත්ය. අපරාධයක් කිරීමට පෙර අපරාධකරුවන් හදුනාගත යුතු බැවිනි.

අපේ ගමේද ළමා දූශකයෙක් විය. ඔහුද අකුරු නොදත්තෙකි.ඔහු වසර 20 ක් බරපතල වැඩ ඇතිව හිරේ ගියේ වයස අවුරුදු 62 දීය.අකුරු නොදත් අය අපරාධකරුවන් ය කීම මෙහි අරමුණ නොවේ. නමුත් මොවුහු සමාජයෙන් අපගමනය වූවන්ය.මේ අයට ස්ථිර රැකියාවක් නැත. ස්ථිර රැකියාව යනු කිසියම් තැනක එකදිගට වැඩ කිරීමයි. මොවුන්ට එක තැනක දිගු කලක් සිටිය නොහැක.

මොහු සමගම සිටි ඔහුගේ තවත් මිතුරෙක් වෙයි. මටනම් සිතෙන්නේ  ඔහු අනාගත අපරාධකරුවෙකු වේය කියාය. ඔහු රාත්‍රියේදී කනත්තේ සැගවී අසල මහා මාර්ගයේ යන අය බියවද්දයි. ඒ ගස්වල අතු සෙලවීමෙනි. මොහු මේ කාර්යය සදහා රාත්‍රිය නිදිවර්ජිතව ගත කරයි. මට නම් සිතෙන්නේ බයකිරීමට එහා යන සීන් එකක් මෙහි ඇති බවය. මේ තොරතුරු අවුරුදු 5 කින් යාවත්කාලීන වූ ඒවා නොවේ.2010 දි පමන අසන්නට ලැබුන ඒවාය.


නන්දසේන රතනපාල මහතා ඔහුගේ පොත්වල ප්‍රෙතයන් ලෙස ජීවත් වන්නන් ගන කරුණු හෙළිදරවු කර ඇත. ඒ මහතාගේ සහභාගිත්ව නිරීක්ශන මටනම් අපුල දනවයි. කනත්තක ජීවත් වන ප්‍රේතයා මිනීකටු සුප් බොන බවත් අප මහාචාර්යතුමාටද ඒ සදහා ආරාධනා කළ බවත් කියවේ. මේ මහාචාර්යතුමා ගැනත් මටනම් තිබෙන්නේ ඍනාත්මක හඟීමක් බව කණැගාටුවෙන් වුවද කීමට සිදුවේ. එසේ කීම ගැන කණැගාටුවෙමි.

මෙම අසාමාන්‍ය හැසිරීම් දක්වන අය හැම ගමකම සිටිති.අසාමාන්‍ය හැසිරීම් යනු මොනවාද ? ඇත්තෙන්ම මේවා සියගනනකි.මෙම සාමාන්‍ය අසාමාන්‍ය බවද ඉරකින් ගසා වෙන් කළ නොහැක.නමුත් පහත දක්වෙන අසාමාන්‍යතා ඇති අය හදුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය.අලුතෙන් කාමරෝගීන් බිහිවීම වළැක්වා ගත යුතුය. කෙනෙක් කාමරෝගියෙක් වූ පසුව ඔහු ආහාර සොයා යයි.එවිට ඔහුගේ මනසට ආහාර ලැබීම වැළැක්වීම අපහසුය.

කාමරෝග සියගනනක් අතරින් තෝරාගත් රෝග දහයක් පහත දැක්වේ. මේවා ගැන කතා කරලත් බැරිය නොකරත් බැරිය.

pedophilia  - මෙම රෝගීන් කැමති කුඩා දරුවන් හා ලිංගික ව එක්වීමටය. පුරාන ඉන්දියාවේ ළමා විවාහ හදුන්වාදුන් මුල්ම බමුණන් පීඩොපීලියාවෙන් පෙලුනා විය හැක. පුරාන රජවරු තෘප්තිමත් කිරීමට ළාබාල දැරියන් යෙදවීම සාමාන්‍ය කරුණක් විය.ටොංගා ගෝත්‍රිකයන් වැනි ආදිකල්පිකයන්ගේ චාරීත්‍ර (දියනියන් පියවරුන් විසින් කන්‍යාභාවය් සිදලීමේ චාරීත්‍රය )  මෙයට අදාල නැත. එහිදී පියා හෝ පූජකයා කරන්නේ ලිංග ප්‍රවේශය පමණි.

Gerontophilia -  pedophilic  රෝගීන්ගේ විරුද්ධ පැත්තයි. මේ අය කැමති වයසක ගෑනුන්ටය. විසි හවිරිදි තරුණයා අවුරුදු 75 මිත්තනිය දූෂනය කරයි " වැනි පුවත් කියවීමට ලැබෙන්නේ මෙම රෝගීන් නිසාය


zoophilia - මෙම රෝගීන් කැමති සතුන් සමඟ සංවාසයටය. මෙය bestiality  ලෙසද හැදින්වේ.

necrophilia - මෙම රෝගීන් කැමති මළමිනී සමග ලිංගිකව එක්වීමටය.මොවුහු බොහෝ විට කනතුවල ජීවත් වෙති. ඔවුහු මළමිනී සම්බන්ද රැකියාවලට ද කැමතිය.ආචාර ධර්මීය කරුණු නිසා වැඩිදුරටත් යමක් කීමට නොහක.

Nymphomenia -අධික කාමුකයන් මීට අයත් වේ. මොවුන්ගේ පවුල් ජීවිත ඉක්මනින් බිදවැටේ. 


Urolognia -  මේ අය සතුටුවන්නේ විරුද්ධ ලිංගිකයන්ගේ මුත්‍රා විශයෙහිය

coprophagy - මේ අශූචි වලට ප්‍රිය රෝගීන්ය

Voyeurism - ප්‍රදර්ශනකාමය  මෙහිදී මොවුහු සිය ලිංගික අවයව අනුන්ට පෙන්වා සතුටු වෙති.නිරුවත් සිරුරු දැකීම, ඇදුම් ගලවන සැටි දකීම ඔවුන්ට මහමෙරකි. ලිංගික ක්‍රියාව අවශ්‍ය නැත.

fetishism - මෙම රෝගීන්ට මහමෙරක් වන්නේ කාන්තාවන්ගේ සපත්තු සෙරෙප්පු කුඩ ආදියයි. ඔවුන් කාන්තාවනගේ කකුල් යටිපතුල් වෙනුවෙන් ජීවිතය වුවද දෙති. ලිංගික අවයව ගැන වගේ වගක් නැත.

Algolognia - වධ දීම මගින් තෘප්තිය ලබන්නෝ අල්ගොලොග්නියා රෝගීහුය. මෙය දෙවර්ගයකි.

sadism -මෙම රෝගීන් සතුටුවන්නේ අනුන්ට වධදීමෙනි

masochism - මෙම රෝගීන් අනුන්ගෙන් වධ වේදනා විදීමෙන් සතුටු වෙති

අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ හදාරන ප්‍රධාන රෝග දහයක් ඉහත දක්වා ඇත.මේවා නිකම්ම සදහන් කළා පමනි.මේවා විස්තර ඇතිව ලියනවානම් මේ දහයට බ්ලොග් පෝස්ට් දහයක්  වත් ලිවිය යුතුය. මේ සංකීර්න විශය ක්ශේත්‍රයකි.

මෙම රොගීන් සතර අපායේ තිරිසන් අපායේ සහ ප්‍රේත ලෝකවල සිටින අය ලෙස හැදින්විය හක.මෙහි මුලින් කී  pedophilia හා අවසානයට කී Algolognia අයගෙන් සමාජයට හානිකරය. 

ඉහත කී සියල්ලෝම ජීවත්වන්නේ වනචාරීන් ලෙසය.නමුත් අවසානයට කී පරපීඩාකාමුකයන් නම් මහත්වරුන් ලෙස පෙනී සිටීමටද ඉඩ ඇත.මා දන්නා ගුරුවරයෙක් ළැමුන්ට දඩුවම් කිරීමට පුදුමාකාර පෙර සූදානමක් කරයි. දඩුවම් දෙන්නේ මනා ඉවසීමකිනි.එසේම මහා පුණ්‍යකර්මයක් කරන පරිද්දෙනි,මුහුණ ප්‍රීතියෙන් බබලයි. පරපීඩා කාමුකයන් ආරක්ෂක අංශවල රැකියාවලට කැමතිය. විශ්ව විද්‍යාල නවක වධයද පරපීඩාකාමුකත්වය එලියට පැනීමකි.බොහෝ චන්ඩින් පරපීඩාකාමුකයන්ය.

පෞර්ෂ අක්‍රමතා ඇත්තෝ සමාජයේ බුහුමනට පාත්‍ර වෙති.ඔවුහු හිත හොද මිනිස්සුය.මේ පුද්ගලයන්ට ඉහත කී රෝග එකක් හෝ දහයම හෝ තිබිය හැක.

අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ හදුනාගෙන ඇති අසාමාන්‍යතා දහස් ගනනකි. ප්‍රධාන වශයෙන් දකිය හැකි දහයක් ඉහත දැක්වූවෙමි.දරුණු පුද්ගලයන් ,වීරයන්,ආදී වශයෙන් විරුදනාම දී සමාජය ත්‍රස්ත කරන්නේ  ඇත්තෙන්ම ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් බව කීමටය. 

මුලින්ම සමාජය මෙම රෝගීන් හදුනාගත යුතුය. අනතුරුව ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ යම් යාන්ත්‍රනයක් සකස් කළ යුතුය.එවිට සමාජය සුවපත් වේ.මෙය පූව විශෝධනයක් හෝ පුනරුත්ථාපනයක් විය හැක. එසේම ජාන සහ මානසික රෝග අතර ඇති දැඩි සමබන්ධකම නිසා මෙම පුද්ගලයන්ට ජනිතයන් බිහිකිරීමටද ඉඩ නොදිය යුතුය. විකෘති කාමුකයන්ගේ දෙමවුපියන්ද එවැනිම අය බව  හදුනාගෙන ඇති බැවිනි." අර ගෑනු න්ගෙ ජන්ගි උස්සන එකා නේද මට මතකයි උන්ගෙ තාත්තත් ඉස්සර ගෑනු නාන දිහා බලං ඉදල ගුටිකාල තියනව " මෙවැනි වදන් ඔබ අසා තිබෙනවා විය හැක.


මෙම රොගීන්ට ප්‍රතිකාර කර සමාජගත කළ හැකිනම් එය කළ යුතුය. එහෙත් මොවුහු වෙන් කරන තරමට හොඳය. නැත්නම් රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ එල්ලපියෝ කියනවාට වඩා එය හොඳය. මානසික රෝගීන් එල්ලා මැරීම සිදුවුනේ මධ්‍යතන යුගයේය.මධ්‍යතන යුගයේ ජීවත්වන යම් පිරිසක් මෙරට සිටින බව පසුගිය දිනවල පැහැදිලි විය. ඔවුහුද අහිංසකයෝය. මාධ්‍ය විසින් දෙන බෝල වලට වගවිභාගයකින් තොරව පහර එල්ල කරන්නන්ය.

අපරාධ සහ අසාමාන්‍ය මනෝවිද්‍යාව ගැන හැදෑරීමට කාලය පැමින ඇත.අපරාධ වලක්වාගත හැක්කේ විද්‍යාත්මක ප්‍රවේශයන් තුලිනි. වධදීම් මැරීම් අයිති අදුරු අතීතයටය. එම ක්‍රම මගින් අපරාධ නිට්ටාවට සුව කළ නොහැක.

ඒ කොන්ඩයාත් මේ කොන්ඩයාත් හැර තවත් කොන්ඩයෝ සිටිති. කොන්ඩයන් හදුනාගත යුතුය. අලුතින් කොන්ඩයන් බිහිවීම වැළැක්විය යුතුය. එසේම එකවරක් අගුල කරකවූ පමනින් දොර ඇරගෙන කොන්ඩයන්ට ගෙවල් වලට ඇතුල් වීමට බැරිවන සේ ආරක්ෂක විධිවිධානද සකස් කළ යුතුය. පොලීසියට සාධාරන සැකයකින් පසු හා මූලික විමර්ශන වලින් පසු අත් අඩංගුවට ගැනීම් කරන ලෙස කිව යුතු අතර සැකකරුවන් හා වරදකරුවන් අතරවෙනස ජනතාවට පැහැදිලි කළැ යුතුය. රෙදි ඇදගෙන සිටීමේ වැදගත්කම පන්ති පවත්වා හෝ මාධ්‍ය කාරයන්ට ඉගන්විය යුතුය.

පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් වෛර ලැව් ගිනි වුලවා අයුතු ජනරාශි නිර්මානය නොකරමි
මළ මිනී නොවිකුනමි
අපරාධ පන්ති නොපවත්වමි
රාගය නො අවුස්සමි
දුක තොග සහ සිල්ලරට නොවිකුනමි කියා මාධ්‍ය කරුවන්ට සිල්පද පහක් හදුන්වාදිය යුතුය.



Tuesday, September 22, 2015

අපරාධ , අපරාධකාරයෝ සහ ලේ පිපාසිත පරපීඩක ම්ලේච්ඡයෝ

සේයා සදෙව්මි දියණියගේ අවාසනාවන්ත ඉරනම අසා ශෝක නොවූවකු නොසිටි තරම්ය. මෙවැනි සිදුවීම් වළක්වාගැනීම ගැනත් අපරාධ ගැන විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීම ගැනත් කතිකාවතක් නොවූ තරම්ය. ඒ වෙනුවට සිදුවුනේ කෝකටත් තෛලය වන එල්ලුම් ගහ ගැන කතිකාවතක් ඇති වීමය.මෙම ලිපියේ අරමුණ ස්ත්‍රී දූෂන පමනක් නොව වෙනත් අපරාධ ගැනත්  විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීමයි.අප කළ යුත්තේ අපරාධ වළක්වාගැනීමයි. වෙන්ඩ අපරාධකරුවන් පුනරුත්ථාපනය කළ යුත්තේ අපරාධ සිදුවීමට පෙරය.


අපරාධයක් යනු සමාජ පිළිවෙළ උල්ලංඝනය කිරීමකි. ස්වාධිපතියා විසින් පනවන නියෝගයක් ලෙස හෝ ස්වාභාවිකව බලපවත්වන තත්වයක් ලෙස මෙම  සමාජ පිළිවෙළ හැදින්විය හැක.අපරාධය නිසි ලෙස නිර්වචනය කිරීමට නම් නීතිය යනු කුමක්දැයි පැහැදිලිකරගතයුතුය. මට හිතෙන හැටියට නීතිය යනු දුර්වලයා ශක්තිවන්තයාගෙන් ආරක්ෂා කිරීමට  සමාජය් විසින් නිර්මානය කරගත් උපක්‍රමයකි. එහෙත් ප්‍රායෝගිකව නීතිය යනු දුර්වලයන් හා දුර්වලයන් අතර ආරාවුල් විසදන හා ශක්තිවන්තයන් දුර්වලයන්ගෙන් ආරක්ෂා කරන උපක්‍රමයකි. මෙහිදී දුර්වලකම හා බලවත් කමද සාපේක්ෂය.එයට හේතුව අපගේ සමාජය  පිරමිඩාකාර සමාජයක් නිසාය. නිළබල ක්‍රම ඇතුළු සියල්ල සකස්වී ඇත්තේ පිරමිඩාකාර ව්‍යුහයට ගැලපෙන පරිදිය.

අපරාධ නිවාරණය සඳහා අත්දුටු ක්‍රමය ලෙස ආදිකල්පිකයා සොයාගත්තේ දඩුවමයි.ඇත්තෙන්ම  දඩුවම් අපරාධවලට වඩා කෲර වූ බව පෙනේ. එසේම එම දඩුවම් වලද නිශ්චිත  බවක් නොවීය.එහෙත් පසුකාලීනව අපරාධ පිළිබදව විද්‍යාත්මක විශ්ලේශන වලට යොමුවූ අතර එම විශ්ලේශන විවිධ එළඹුම් තුලින් සිදුවිය. මෙහි ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් නැත. එම විශ්ලේශන අතර මා සිත් ගත් විග්‍රහයක් වුනේ චාල්ස් ලොම්බ්‍රෝසෝගේ විග්‍රහයයි.සමාජය නිරීක්ෂනය කිරීමේදී අපරාධ සහ ජාන අතර ඉතා අපූරු සම්බන්ධතා මට හමුවී ඇත.

අපරාධකරුවා මානසික රෝගියෙකි.අපරාධකරුවන් තුල අසානාන්ය චර්යාවන් දැඛිය හැක. සමාජය මේවා වෙනස් ලෙස දකිනවාද විය හැක. එසේම පෞර්ෂ අක්‍රමතා ඇති ආය චන්ඩින් /මැරයන් ලෙස සමාජයේ වැජඹෙන අතර  ඔවුහු සමාජයේ සම්භාවනාවටද පාත්‍ර වෙති.ඇතැම් රෝගී තත්වයන් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඇතිවිය හැක. එංගලන්තයේ එක් සීරියල් ඝාතකයෙක් එල්ලා මැරූ පසු ඔහුගේ මොළයේ ටියුමර් එකක් හදුනාගත හැකිවිය.

අපරාධය සමාජ ඉගෙනුමකි. එනම් පාදඩ ලුම්පන් සමාජ ස්ථරවල අපරාධය උත්කර්ෂයට නැංවේ. එසේම ඔවුන් තුල ඇති විශ්වාසයක් නම් පොලීසිය විසින් අල්ලගන්නේ අපරාධවලින් ඉතා සුළු කොටසක් බවයි.වින්දිතයන් ගැන ඔවුන්ට ඇත්තේ ඉතාම පහත් ආකල්පයකි.දූෂනයට ලක්වන කාන්තාවන් ගැන මංකොල්ලකෑම් හෝමිනීමැරුම් වලට ලක්වන අය ගැන ඉතා සරල ආකල්පයක් ඔවුනට ඇත.මෙම ලුම්පන් සමාජ ස්ථරය නිදාගත් ගිනිකන්දකි. එහි ලාවා මතුවන විට අප ඌයි ඌයි කියමු.

අපරාධ වර්ගීකරණයක් කිරීම ඉතා වැදගත්ය. මෙම වර්ගීකරණය මගේ බව සළකන්න.

වින්දිත දායක නොවන අපරාධ. - මෙම අපරාධ ඉතා දරුණු ගනයේය. උදාහරණයකට  යනු A හයර් යන කෙනෙකි.  B හා  C හයර් එකක් යන මුවාවෙන් පැමිණැ  ගමන අතරතුරදී  A මරා වාහනය පැහැරගනිති. මෙහිදී  A ගේ දායක්ත්යවයක් අපරාධයට ඇත්තේම නැත.
 ඇගලුම් සේවිකාවකි. ඇය රාත්‍රී බසයකින් යයි. පාදඩයන් පිරිසක් ඇයව දූෂනය කරයි. මෙහිදී  ගේ දායකත්වයක් නැත.

වින්දිත දායක අපරාධ - මේවා සිදුවීමට වින්දිතයාගේද විශාල දායකත්වයක් ලැබී ඇත.  A යම් මුදලක් හෝ දේපළක්  B ගෙන් වංචාකරයි.  කුපිත වූ  B විසින් A ව මරා දමායි. මෙහිදී  B ගේ ක්‍රියාව සාවද්‍ය වුවත් අපරාදයට A ගේ දායකත්වයක් ඇත.

සම්මුතියට / විශ්වාසයට එරෙහි අපරාධ  - කිරුම් මිනුම් වැනි වංචාවන් මෙයට ඇතුලත්ය.

සමූහයට එරෙහි අපරාධ - පොදු දේපොළ විනාශය ,කොමිස් ගැහිලි ආදිය මීට අයත්ය

හොල්මන් අපරාධ - මෙහි අපරාධකරු අපැහැදිලිය. කිසිදා සොයාගත නොහැක. උදාහරනයකට යමෙකු අපරාධයකට පොළඹවන මාධ්‍ය මීට අයත්ය. රූපවාහිනී වැඩසටහනක් බලා කෙනෙක් අපරාධයකට පෙළඹුනත්  එම රූපවාහිනීකරුවා ට කිසිදින දඩුවම් දිය නොහැක.


වින්දිතයෙක් නොමැති අපරාධ - මෙහිදී ඇතැම්විට පීඩාවට පත්වන්නෙක් නැත.රජය විස්න් පැනවූ නිසා එම නීතිය කැඩූ විට අපරාධයක් වේ. උදාහරන ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය. සද්භාවයෙන් විවාහ වූ ( එකට ජීවත්වන ) දුෂ්කර ප්‍රදේශවල යුවලක් හොයාගෙන පවුල කඩා සැමියා හිරේ යවා බිරිද පරිවාසයට යැවීමේ වීර ක්‍රියාව මීට අයත්වේ. ආදිවාසීන් හා මුස්ලිම් නීතිය යටතේ බාලවයස්කාර විවාහ සිදුවේ.


බුද්ධිමය අපරාධ - බුද්ධිමය දේපොළ මංකොල්ලය මීට අයත්වේ.

පූරවාරක්ෂන අපරාධ  - පූරවාරක්ෂන අපරාධ  - අනාගතයේ සිදුවිය හැකි ආපදාවක් ගැන උපකල්පනය කර පනවන නීතියක් කැඩීම. මාර්ග නීති කැඩීම. යම් යම් ස්ථානවලට ඇතුල්වීම තහනම් කර තිබියදී ඇතුල් වීම ආදිය මීට අයත් වේ.


අපරාධයකදී පීඩාවට පත් වූවෙක්  සමූහයට වූ පීඩාවක් පැහැදිලිව විද්‍යාමාන විය යුතුය. මෙහිදී අපරාධය නිසා වූ අවුල යථා තත්වයට පත්කරවීම ප්‍රතිකර්මය නම් වේ.මෙහිදී  එම යථා තත්වයට පත්කරවීමේදී කාර්යභාරයක් පැවරෙන්නේ පීඩකයාටය. පීඩිතයා විදි කායික මානසික ,ආර්ථික හා වෙනත් හානි පීඩකයා විසින් යථා තත්වයට පත් කළ යුතුය.

අපරාධයක දරුනු බව මැනිය යුත්තේ වින්දිතයා දක්වන ප්‍රතිරෝධයේ ප්‍රමානයටය. වින්දිතයාට කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකිව සිදුවන සමූහ ස්ත්‍රී දූෂනයක් ඉතා බරපතල අපරාධයක් වන්නේ එනිසාය.

අපරාධ ප්‍රතිකර්මයේ ඊලඟ ලක්ෂනය නම් වින්දිතයාය.මෙහිදී වින්දිතයාගේ පවුලෙ අයත් වින්දිතයන්ය . ශාරියා නීතියේ ලේ වන්දිය ඉතා ප්‍රගතිශීලී සංකල්පයක් වන්නේ එනිසාය.ලේ වන්දිය දිය හැක්කේ වින්දිතයා කැමති නම් පමනි.ඇතැම් ගෝත්‍රික සාමජ්වල මිනීමරුවාට වින්දිතයාගේ පවුල නඩත්තුව පවරා ඇථ. එය කොතරම් ප්‍රගතිශීලී දැයි බලන්න. ඊනියා දියුණු සාමාජවල වෙන්නේ පවුල් දෙකම ආනථ වීමය. එවැනි පවුල් දෙකක් අතර කාලයක් යනවිට ඇතිවන භාවාත්මක සබදතා ගැන කෙටි කතාවක් මා කියවා ඇත.


අපරාධයක් සිදුවීමට පෙර ඊට හැකිතරම් ප්‍රතිරෝධයක් දැක්විය යුතුය.එනම් අපරාධයක් සිදුවීමට කිසිම ඉඩක් නොතැබිය යුතුය. අපරාධකරුවන් බිහිකරන පාසල් වැනි අපචාරී කණ්ඩායම් මර්ධනය කළ යුතුය. එවැනි කල්ලිවල සාමාජිකයන් පුනරුත්ථාපනය කළ යුතුය.


සෑම ගමකම මෙවැනි කල්ලි තිබෙන බවත් එම කල්ලි නිදාගත් ගිනිකදු ලෙස තිබෙන බවත් සක්‍රිය වූ විට පුවත් මවන බවත් අප දනිමු.

අපරාධ සිදුවීමේදී අති බහුතරයක් සිදුවන්නේ නාදුනන පුද්ගලයන්ගෙනි. අනවශ්‍ය පුද්ගලයන් ගෙවල් වලට වද්දා ගැනීම ලොකුම වරදකි.අනවශ්‍ය පුද්ගලයන් ගෙවල් වලට වද්ද ගැනීම මෙන්ම අනවශ්‍ය තැන්වලට යාමෙන් කෙනෙක් සැකකරුවෙක් වේ.බොරු චෝදනාවලට ලක් වේ. අනවශ්‍ය දේවල් නොකිරීම මෙන්ම අනවශ්‍ය තැන්වලට නොයාම කාගෙත් ඇගට ගුනය.

අපරාධවලට මත්ද්‍රව්‍යහේතුවන බව පැහැදිලිය . මෙහිදී මත්පැන් හා දුම්වැටි වල වරදක් නොදකිමි. එහෙත්  මොළයට දැඩිලෙස බලපාන ගංජා වලින් පටන්ගන්නා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමනම් අපරාධකරුවකු වීමේ මුල් ම පියවරයි.කංසා යනු ආයුර්වේද ඖෂධයකි. එය නරක දෙයක් නොවේ. ගංජා කාරයන් අපේ ගම්වල කවදත් සිටියහ. එහෙත් ගංජ ,බාබුල් වලින් පටන් ගන්නේ මත්ද්‍රව්‍ය සාගරයටය. මානසික රෝගවලට දෙන පෙති, ගුලි යැයි කියන මත්ද්‍රව්‍ය හා ඉන්පසු හෙරොයින් වැනි උපරිම මත්ද්‍රව්‍ය දක්වා යයි.


සමාජය තුල අපරාධවලට මූලික මට්ටමේ ප්‍රතිවිරෝධයක් තිබිය යුතුය.ගමේ චන්ඩියාගේ හෝ මුඩුක්කුවෙ පාතාලයාගෙ කඩප්පුලිකම් වීරකම් ලෙස සළකා අහිංසකයන් ව පොන්නයන් ලෙස සළකන සමාජයක් තුලින් අපරාධ මුලිනුපුටන්නෙ කෙසේද.
චන්ඩියා පෞර්ෂ අක්‍රමතා ඇති ප්‍රතිකාර ගටහ් යුත්තෙක් ලෙස සළකා පොඩි තැන සිටම නීතිගරුක වන සමාජයක් හැදිය යුතුය. නැත්නම් වෙන්නෙ උගුඩුවගෙ කතාව වැන්නකි.ගහට නැග්ගට කෙහෙල් ගෙඩිය අතට ගන්නෙ නෑ. අතට ගත්තට ලෙලි ගහන්නෙ නෑ .ලෙලි ගහුවට කටට දාගන්නෙ නෑ කියා අන්තිමට කන එක සිදුවේ.

අපරාධවලට පෙළබිය හැකි යම් මානසික ගැටළු ඇති අය හදුනාගෙන් ප්‍රතිකාර කළ හැකිනම් අගේය. එසේම අපරාධ වලට පුද්ගලයන් පොළඹවන මාධ්‍ය වැඩසටහන් නවත්වා දැමිය යුතුය.
අපරාධ නිවාරනය ගැන සමාජය දැනුවත් කළ යුතු අතර මේ හරහා පුනරුත්ථාපනය වීමට යම් යම් අය ඉදිරිපත් වීමට ඉඩ ඇත.



අපරාධයක් සිදුවූ පසු ශිෂ්ට සම්පන්න ප්‍රතිකර්ම සොයාගත යුතුය. ඒවා කිසිවිට වැඩවසම් යුගවල තිබූ එල්ලුම්ගහ වැනි ම්ලේච්ඡ දේවල් නොවිය යුතුය.එල්ලුම්ගහ යනු යම් පුද්ගලයෙකුට දැඩි ;ලෙස කායික හා මානසික පීඩාවක් ලබාදී මළ සිරුර කොක්කක එල්ලා මළ සිරුරෙන්ද පළිගන්නා ම්ලේච්ඡ ක්‍රමයකි.අපරාධය සමාජයටම වැළදෙන රෝගයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය සමාජයටමය.

අපරාධ විරෝධීයැයි කියන මොබ් වල තත්වය බලමු. මේ මොබ් එන්ජීඕ වලින් කරන ඒවාය. මාධ්‍ය කුනු මිනී කාක්කන් මේ ගින්දරට පෙට්‍රල් දමති. සේයා සිද්ධියට මේ එන්ජීඕ මොබ් කී දේ කළා නම් මෙලහට හතර දෙනෙක් එල්ලලාය.

මාතලන් හා කුරුටු බ්ලොග් වල මා දැමූ කොමෙන්ට් දෙකක් පහත දක්වමි.

  1. ඉස්සරවෙලාම තාත්ත වැරදිකාරය කළා .ඊට පස්සෙ අහල පහල හිටපු කොල්ලො දෙන්නෙක් ඇල්ලුව. මං අහගෙන ගෑනියෙක් උඩ පැන පැන වොයිස් කට් එකක් දෙනව .අන්න සැකකාරයො පාපොච්ඡාරනය කළා සතියක් ඇතුලත එල්ලන්න කියල.මුන්ට ඕන සැබෑ අපරාධකාරය අල්ලන්න නෙමෙයි මොකෙක් හරි එල්ලන්න. ඩී එන් ඒ වගෙ තාක්ෂනයක් තිබ්බෙ නැත්නම් මහ විනාසයක් වෙන්නෙ.
    පාපොච්ඡාරන ගැනනම් කියල වැඩක් නෑ . අරකතාවකුත් තියෙන්නෙ ලංකා පොලීසිය සුදුහාවෙක් අල්ලපු හැටි. කළු වලහෙක් අල්ලගෙන එනකොට කීවලු මේ සුදුහාවෙක් නෙමෙයිනෙ කියල. එතකොට කලු වලහ කතා කරල කීවලු නෑ මං සුදු හාවෙක් කියල.

    ඩී එන් ඒ තාක්ෂනය නැත්නම් කොටකෙතනෙ අහිංසකයො මෙලහට එල්ලල.

    බියගම කොටෙජ් ඝාතනය වෙලාවෙ පොලීසියෙන් අල්ලපු ත්‍රීවීල් කාරය අද අබ්බගාතයෙක්.පස්සෙ එලි වුනේ මැරුවෙ පුතා කියල. මීරිගම ස්ත්‍රී දූෂනය හාමිනීමැරුම නිසා අවට සිටි සෑහෙන පිරිසක් අද අංශ භාග ලෙඩ්ඩු වෙලා. ඒ පොලිස් වධ හිංසා නිසා.අන්තිමට වඩේ සුදා ඇල්ලව. කවුද මේවට වග කියන්නෙ. මොකෙක් හරි උස්සවි දාන එක නෙමේ විමර්ශනය කියන්නෙ. හැබැයි පොලීසියට දොස් කියන්නත් බෑ. එන් ජී ඕ වලින් උද්ඝෝෂනය කරනවනෙ මොකෙක් හරි එල්ලන්න කියල.
    ReplyDelete
  2. දැන් ගොන් බූරූ මහජනයා කියනාකාරයට නඩු ඇහුවා නම්, අහිංසකයින් (අහිංසකයින්ද නැද්ද කියා තීරණය කිරීම පොලෝසිය සතුය.) තුන් දෙනෙක්ම එල්ලා අවසානය. ඒත් නියම මිනී මරුවා තවමත් අප අතරේම ඉන්නවාය. //

    කියන්න ඕන කතාව මාතලන් සුපිරියටම කියල. වැරදිකාරය තීරණය කිරීම පොලෝසියට බාරයි කියල වරහන් ඇතුලෙ දාපු එක මරු.
    කොල්ලො දෙන්න පාපොච්ඡාරනය කළාලුනෙ.
    තාත්තව ඇල්ලුවනම් ඌත් පාපොච්ඡාරනය කරාවි.
    නියම මිනීමරුව තවම අප අතර. ඒකයි ගැටළුව.

    එන්ජීඕ ගෑනියක් කිව්ව ඇයි දැන් සැකකාරයො පාපොච්ඡාරනය කළානෙ එල්ලන එක ඇයි ප්‍රමාද කියල. ඉස්සර හාමුදුරුවරු මොබ් හදාගෙන පැන්න . දැන් එන්ජීඕ කාරයො ඒ වැඩේ පටන් අරන්.

    මේ විදියෙ විමර්ශන වෙනවනම් මේ වගෙ එන්ජීඕ ක්‍රියාකාරීත්වයක් තියනවනම් ළමා අපචාර වලට හොදම විසදුම පොඩි ගෑනු ළමයි ඉන්න ගෙවල්වල තාත්තල හැකිතාක් නිවසින් බැහැරව සිටීම. ඒ වගේම අහල පහල කොල්ලො ගෙවල් අත ඇරල යාම.

    නැත්නම් කැකිල්ලෙ මාධ්‍ය කාරයො නඩු අහල එන් ජී ඕ එක්ක එකතුවෙලා ඔක්කොම ටික එල්ලනව.

දැන් තමයි නෙට් එකට ආවෙ. සතුටුයි පෝස්ට් එක ගැන.
ඇත්තටම එල්ලුම්ගස් යන්නෙ මොකවත් කර කියා ගන්න බැරි එවුන්. ලොකු එවුන්ගෙ එල්ලුම්ගස් යන්නෙ නැහැ.
එල්ලුම්ගහෙන් ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. දේශපාලන අනුභාවයෙන් දුවන පාතාලෙ හෝ කුඩු ගෙනයාම නවතින්නෙත් නැහැ
බාලයන් සමග ලිංගිකව එක්වීමේ කාමරෝගයෙන් පෙලෙන අය ට ඒ වැඩේ ඔලුවට ගැහුවම එල්ලුම් ගස් මතක් වෙන්නෙ නෑ.
ලුම්පන් පාදඩ අයට නීතිය ,ධර්මය එල්ලුම්ගස් වලින් වැඩක් නෑ .උන්ට ඕන ශොට් එකක් ගහන්න.ඊට පස්සෙ ඔළුව නරක් වුනාට පස්සෙ වයින් වුන බෝනික්කො වගෙ. අපි ඒ සමාජ ප්‍රවණතායි වළක්වන්න ඕන.
එල්ලුම්ගහ කියන්නෙ සිතූ පැතූ දේ දෙන කප් රුකක් නෙමෙයි.

එල්ලුගහෙන් ප්‍රශ්න රැසක් මතුවෙනව.අපි හිතමු අපරාදයක් වුනා කියල. මාධ්‍ය කියන කුනු මිනී කාක්කො විමර්ශනයක් කරන්න දෙන්නෙ නැතිව නඩු අහන්න ගන්නව.ඊට පස්සෙ පොලීසියට පීඩනය.පොලීසිය පීඩනය නිසා මොකෙක් හරි උසාවියට ඉදිරිපත් කරනව. අධිකරනය සාධාරනව නඩුව විභාග කරල සැකකරුවො නිදහස් කළත් ජනතාව ආයෙ උද්ඝෝෂනයෙ මොකද ඔවුන් හිතන්නෙ කොල්වින්ගෙ ගොයම් කොළ තියරියෙන් අපරාධකාරයො නිදහස් වුනා කියල.

සැබෑ අපරාදකාරය එළියෙ.

මම නම් එල්ලුම්ගහට හුගක්ම විරුද්ධ කෙනෙක් අහවල් දවසෙ අරනව කියල හිර කළාම මොන තරම් මානසික පීඩනයක්ද ඒ ඉනිහට. මැරි මැරී උපදිනව.බෙල්ලෙන් එල්ලනව කියන්නෙ මනුෂ්‍යත්වයට කරන නිගාවක්.විදුලි පුටුව හෝ විශ එන්නත ඊට වඩා ශිෂ්ට

Monday, September 14, 2015

ඒහි පස්සිකෝ ( එව බලව ) / තාර බර හැර මඩද සෝදා ඇත්ත මතුකරගනිමු.

බුදුන් වහන්සේගේ චරිත කතාව දෙරණ රූපවාහිනියේ කොටස් වශයෙන් යයි. මේ වන එහි පරිනිර්වාන සමයයි.අප ඇසූකියවූ දේවල් රූප්පමය ලෙසින් නැරඹීම අපූරු අත්දැකීමක් විය. මෙය මීට කලින්ද විකාශනය කළත් එය මට නැරඹිය නොහැකි විය.ලංකාවේ විකාශනය කරන විට බුදුන් නොපෙන්වා බුද්ධ පින්තූරයක් පෙන්වා තිබේ. එය හොඳය. බුදුන් වෙනුවෙන් නළුවෙක් රඟපාන හැටි දකින එක ටිකක් අවුල් නිසාය.

මම සාමාන්‍යයෙන් කෙනෙක් කියන දෙයක් එලෙසම පිළිනොගෙන හැම දෙයක් ගැනම තර්ක කරන්නට  වෙනස් පැති ඔස්සේ සිතන්නට පුරුදු වුන කෙනෙක්මි. මේ නිසා මට ආගමක් දහමක්, පක්ෂයක්, රජකෙනෙක්, දෙවිකෙනෙක් ,වීරයෙක් ,නායකයෙක් ගැන භක්තියක් පිහිටුවාගැනීමට අමාරුය.

භක්තිය අපූරු සංකල්පයකි. තමන්ට කිසිසේත්ම ලගාවිය නොහැකි යම් දෙයකට හෝ පුද්ගලයෙකුට හෝ බලවේගයකට සිය මුළු පෞර්ෂයම ඌණනය කිරීම භක්තිය ලෙස අර්ථ දැක්විය හැකියැයි මම සිතමි.භක්තිය යන වචනාය් ටිකක් අසභ්‍යයි කියා සිතෙන නිසාදෝ අපි ශ්‍රද්ධාව කියා වචනයක් ඇත.මේ දෙකම බොහෝදුරට සමානය.වෙනසක් ඇත.ශ්‍රද්ධාව යනු පැහැදීම නිසා යමකට හෝ යමෙකුට මෝහනය වීමයි.

මම කියන්නට යන්නෙ මේකයි.බුදුන් වහන්සේ සර්වඥද කියන ප්‍රශ්නය මට ඇතිවුනේ කුඩා කලදීමය.මට බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් භක්තියක් ඇතිවී නොතිබුනාම නොවේ.එවැණි අවස්ථාවක් මට මතකය. කණදුල්ල පන්සලේ අටවිසිබෝධිපූජාව දා මට ඇතිවුනේ කියා නිමකළ නොහැකි භක්තියකි.බුද්ධ රූප පසුකරගෙන යනවිට මම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද වීමි.මෙය උපාසකම්මලා තුල ඇතිවන හැඟීමම විය හැක.

අපේ ආච්චි ( අපේ පළාත්වල කියන්නෙ කිරි අම්ම කියාය ) පැවසුවේ ( විශ්වාස කළේ ) ඉරසේවය යනු සූර්යයා සම්බුදු සිරිපතුලට නමස්කාර කිරීම බවය. වර්තමානයේ පොඩි ළමයිවත් මෙය විශ්වාස නොකරති.මෙවැනි හැඟීමක් ඇති කෙනෙකුට බුදුන් ගැන ඇත්තේ අපූරු හැඟීමකි. බුදුන් යනු දහ අට රියනක් උස දෙතිස් මහා රූප ලක්ෂනයෙන් හෙබි අපූරු කායකි. අහසින් ගමන් කළ හැක.කළ නොහැකි දෙයක් නැත.රහතන් වහන්සේලා අහසින් යන නිසා අනුරාධපුර යුගයේ කාන්තාවනට වී වේලා ගැනීමට අපහසු වූ බව කියනු ලැබේ.

පසුකලෙක ත්‍රිපිටකය මෙන්ම වෙනත් ඉන්දියානු ආගමික ග්‍රන්ථ කියවන විට අප පුරුදු වී සිටියේ එක් කතාන්තරයකට බවටත් ලෝකෙයේ තවත් කතාන්දර තිබෙන බවත් අවබෝධ කර ගත්තෙමි.බුදුන් වහන්සේ ගේ යුගය වනවිට බුද්ධත්වය යන සංකල්පය ජනප්‍රිය වී තිබිනි.බුද්ධත්වය බලාපොරොත්තු වූ අය බොහෝ විය. තමන් රහත් යැ‍යි කියාගත අය ඉන්දියාව පුරාම සිටියහ.

සිද්ධාර්ථ ගෞතමයානන්ට සටන් කිරීමට සිදුවුනේ බමුණන්ගේ බිලිපූජා සමග පමණක් නොවේ.හරකුන් එළුව්න්,බල්ලන් ලෙස ජීවත් වූ අය සමගද සටන් කිරීමට සිදු විය. මේ අයට තිබූ බලය කොතරම්ද යන්න පෙනෙන්නේ ජම්බුක කතාවෙනි. බුදුන් වහන්සේ ජම්බුක දමනය කළහ. පසුව ජනතාව ඉදිරියට ගිය පළමු හමුවේදී ජනතාවට ප්‍රශ්නයක් වුනේ ගෞතම ජම්බුකව දමනය කළාද නැත්නම් ජම්බුක ගෞතමව දමනය කළාද යන්නය.ජම්බුක සතුව තිබූ සිවිල් බලය ඉන් පෙනේ.ඉන්දියාවේ ක්‍රි "පූ 6 වන සියවසේ මෙවැනි අය පහළ වීම අරුමයකි.ජම්බුක යනු අශූචි කන පරිබ්‍රාජකයෙකි.මේ අයට මිනිසුන් පෙරලි පෙරලි වැන්දහ.

අප බෞද්ධ ඇසින් දුටු පුරාණ ඉන්දියාව ජෛනයෝ වෙනත් ඇසකින් දකිති. මේ දෙකම කියවීම සුදුසුය.බිම්බිසාර ,පසේනදී කෝසල (ප්‍රසේනජිත් ), අජාසත්ත (අජාතසතෘ ) වැනි බෞද්ධ රජවරු ඔවුන්ගේ පොත්වල ජෛන රජවරු ලෙස හදුන්වා ඇත.මේ රජවරු සිය ප්‍රතිපත්ති ප්‍රකාශන රැගෙන හැම තැනටම ගියාට සැක නැත.දකින දකින අය රජා අපේ ආගමේය  කියා සතුටු වූවාට සැක නැත.

අපූරු කතාවක් මතක් වෙයි.වරක් පසේනදී  කෝසල බණ අසමින් සිටින විට පාරේ පරිබ්‍රාජක පිරිසක් ගියහ . කෝසල වහා නැගිට ගොස් ඔවුන්ට නමස්කාර කළහ.ඉන් පසු තීථකයන් පිරිසක් ආඅහ. කෝසල කලින් වර සේම කළේය. මේ ආකාරයට ශ්‍රමණැයන් කණ්ඩායම් ආ අතර කෝසලද දුව ගොස් ඔවුන්ට නමස්කාර කළේය.

ඉන්පසු බුදුන් අමතා මේ ගිය අය රහතුන් නිසා වැන්දාට කමක් නෑ නේදැයි අසා ඇත. එවිට බුදුන් රහතුන් යනු කවුදැයි පහදා බණ කියා ඇත. එවිට කෝසල

ඉතා මැණවි ඒ ගිය අය මගේ චර පුරුෂයෝය.කියා කියා ඇත. මෙහිදී කෝසල කර ඇත්තේ බුදුන් පරීක්ෂා කිරීමක් නේද

මේ කෝසලම වරෙක ජේතවනය අසල තීර්ථකයන්ගේ ආරාමයක් සෑදීමට අල්ලස් ගත්හ.


ඉස්සර රාජප්පුලා ක්‍රියා කර ඇත්තේ දේශපාලන සටකපටකම් වලින් මිස සැබෑ භක්තියෙන් නොවේ.

බුදුන් සියල්ල දත් කෙනෙක්ද කියා සිතිය හැකිද පහත දේවල්වලින් පෙනෙන්නේ සියල්ල දත් කෙනෙකුට වඩා සාමාන්‍ය සමාජ සංශෝධකයෙක් හා විද්වතකු බවයි

බුදුන් වහන්සේ පැනවූ විනය නීති වරින්වර වෙනස් කිරීම සිදු කළහ. ඒ අවස්ථාවන්ට අනුවය.අනාගතය දන්න කෙනෙක් ලෙස නොව සමූහයක් පාලනය කරන නායකයෙක් ලෙසය

උන් වහන්සේ අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු නොදුන් සේක.

වච්ඡගොත්ත සූත්‍රයේදී සර්වඥ බව ගැන අපූරු කතාවක් කී සේක.

කච්චායන හමුවේදී සියල්ල නැතැයි කීමත් සියල්ල ඇතැ‍යි කීමත් එක සේම මංමුලා වීම් බව කී සේක.

එසේම පහත දේවල් පසුකාලීනව එක් වූ බව සිතන්න හැකි නේද

සූර්ය පරිත්ත චන්ද පරිත්ත සූත්‍රවල තිබෙන භූගෝල විද්‍යාත්මක කරුණු

පොලවේ අභ්‍යන්තරය ගැන විග්‍රහය ( ජලයට යටින් වාතය )

ජාතක කතා

ඉහත දේවල් නිසා බුදුන් වහන්සේ ගැන වෙනස් කියවීමක් අවශ්‍ය බව පෙනේ.

උන් වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු සේම ලෙඩ රෝගවලට ගොදුරු වූහ.මහළු වූහ.
එසේම උන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ අට උන් වහන්සේ එතරම්ම අරුමයක් නොවූ ව පෙනේ.
බුදුන් එන බව අසා කුතුහලයෙන් නගරයට ආ පිරිසක් එකිනෙකා පෙරලා ගෙන ගියහ.එවිට එක් ශ්‍රමණයෙක් හැපී ඇද වැටුනි. එක් පුරුශයෙක් ශ්‍රමණයා නැගිටුවා ලූ විට මොකද මේ කලබලේ කියා ඇසූහ. දන්නෙ නැද්ද අද බුදුහාමුදුරුවො එනවානෙ කියා කී විට ශ්‍රමනයා " මම තමයි බුදුහාමුදුරුවෝ " කියා ඇත. මේ අනුව  බුදුන් එකළ සිටි මිනිසුන්ට වඩා වෙනස් කෙනෙක් නොවූ බව පැහැදිලිය.

මම සිතන්නේ බුදුන් ද යේසුස් මොහමඩ් සොක්‍රටීස්  වැන්නන් සේම සාමාන්‍ය මනුෂ්‍යයෙක් බවයි. උන් වහන්සේ දාර්ශනිකයෙකු , බුද්ධිමතකු සේම සමාජ සංශෝධකයෙකුද වූ සේක.එසේම පසුකාලීනව බුදුන් වහන්සේ වටා විවිධ දේවල් ගොඩ නගා ඇත,.


මම බුදුරජානන් වහන්සේට ගරු කරමි. ඊට හේතු ඇත.ඒ සර්වඥයන් වහන්සේ කෙනෙක් ලෙස නොවේ.විශිෂ්ට දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කළ දාර්ශනිකයෙකු හා විද්‍යාඥයෙකු ලෙසය.උන් වහන්සේ කී දේ කුමක්ද 

බුදුන් වහන්සේ සිටි යුගයේ ඉන්දියාවේ හා චීනයේත් දාර්ශනික චින්තාවලියක් පහළ විය. 


බටහිරින් පර්සියාවේ අහුරමස්දා දහම පැතිරී තිබිණි.පර්සියානුවෝද ඉන්දියානුවන් සේම සොබාවික වස්තූන්ට නමස්කාර කරමින් සිට සර්වබලධාරී දෙවි කෙනෙකුට නම්ස්කාර කරන්නට පටන් ගත්හ. ඔවුන්ගේ අනාගත වක්ත්රෘන් වූවේ සොරවැස්ටර් තුමාය. ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථය අවෙස්ථා නම් විය. මෙම දහමට අනුව අහුරමස්දා සහ ආරිමාන් යැ‍යි බලවේග දෙකක් වෙයි. අහුරමස්දා යහපතත් ආරිමාන් නපුරත් නියෝජනය කරයි.අවසානයේ ජය අහුරමශ්දාටය.ඊට පූරවයෙන් මැවුම්කාර බලවේගයක්ද වේ.

අසල්වැසි චීනයේ ට ඕ නම් සංකල්පයක් විය. මෙය ඉන්දියානු බ්‍රහ්මන් ගේම චීන ස්වරූපයකි.ඉන්දියානු පුද්ගල දෙවියා චීන බලපෑමෙන් බලවේගයක් වූ බව මම සිතමි.මෙම කාලයේදීම කර්ම ය බලවේගයක් විය. රා ( සෝම ) බොන ගවයන් සමග ඔබ මොබ යන වෛදික දෙවිවරු ක්‍රම ක්‍රමයෙන් බලවේග බවට පත් විය.ඒ අනුව දෙවගනන්ට බැලුම් හෙළැන බ්‍රහ්මයා වෙනුවට බ්‍රහ්මන් නම් වූ සියල්ල තුල පවතින බලවේගයක් නිර්මාණය විය. මිනිසාගේ අරමුණ එම බලවේගය හා එක් වීමයි.

දාර්ශනික ප්‍රබෝධය ඇතිවන්නේ එසේය. පවු ( කෙලෙස් ) නැති කර ගැනීමට විවිධ උපක්‍රම කියා දුන් ගුරුවරු තැනින් ඇන පහළ වේ.ශට් ශාස්තෲවරු පස්වග තවුසන් උද්දකලා කාල දේවල ලා මෙවැනි අයයි.බුදුන්ට පූර්වයෙන් මහාවීර ඉන්දියාවේද ලා ඔට්සේ චීනයේද ග්‍රීසියේ විශාල පිරිසක්ද දාර්ශනිකයන් ලෙස ජීවත් වූහ.මේ අය බුදුන් ට බලපා තිබේ. සිවුර , නමස්කාර ක්‍රම , අනුභව චාරීත්‍ර මේ සියල්ල මෙසේ උරුම වූ ඒවාය. ජෛනයන්ගේ පංචශීලයෙහි සුරාමේරය වෙනුවට තිබුනේ බ්‍රහ්මචර්යාවයි.

කපිලවස්තුවේ කපිල මුනි නම් වූ දාර්ශනිකයෙක් විය. මෙතුමන්ගේ දර්ශනය සාංඛ්‍ය දර්ශනය නම් විය.සියල්ල අනිත්‍ය බව මෙයින් කියවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්මක් එහි විය. සියල්ල වෙනස්වන සුළුය කියා ඉගැන්වීය. කපිලවස්තුවට නම වැටුනේද මෙම මුනිවරයා නිසා ඔහු කොතරම් බලපෑමක් කළාද කියා සිතිය හැක.


බෞද්ධ දර්ශනය සාංඛ්‍ය දර්ශනයේ දිගුවක් බව මට සිතේ.අවශ්‍ය නම් කපිල මුනි කාශ්‍යප බුදුන් ලෙස සිතාගැනීමට කෙනෙකුට පුළුවන.ජෛනයන්ගේද මෙවැනි තීර්ථංකරයන් 28 ක් වෙයි.වර්ධමාන 28 වැණි තීර්ථකරයන් වහන්සේය.පූර්ව බුදුවරු යන සංකල්පය බෞද්ද දහමට ආවේ ජෛනයන්ගෙනි. ජෛනාගම බුදුදහමට වඩා පැරණිය.ජෛනයන් ආදි කතෲවරයෙක් ගැනත් කියයි. ඒ පාර්ශ්වනාථය. සමහරවිට පාර්ශ්වනාථ හා කපිල මුනි එක් අයෙක් විය හැක.
ඉන්දුඉ නිම්නයෙන්ද ශ්‍රමන රූප හමුවී ඇති නිසා ඇදහිල්ල වෙනුවට දාර්ශනික විග්‍රහ පැහැදිලිවම අනාර්ය උරුමයකි. 


ඉන්දියානු දර්ශනය බහුදේවවාදයෙන් ඒක දේවවාදයටත් ඉන් පසු බලවේග යුගයටත් පැමින දැන් ශූන්‍යවාදයක් කරා පරිනාමය වී ඇති බව පෙනේ.මට තේරෙන හැටියට ඒ කියන්නෙමෙයයි.

සියල්ල වෙනස් වේ. නිත්‍ය වූ කිසිවක් නැත.මෙහිදී ආත්මයද නිත්‍ය නැත. එනිසා ආත්මයද වෙනස් වේ .එනම් ආත්මයක් නැත.මෙය කර්මය ක්ෂය  ආත්මය විශුද්ධියට කරා යාමට වෙනස් වෙයි.එනම් විශුද්ධිය කරා යාමට ආත්මයක් නැත.මෙහිදී පරස්පරයක් ඇතිවෙයි.ආත්මයක් නැත්නම් විමුක්තිය ලබන්නේ කවරක්ද

සම්මුතියක් ලෙස මමත්වය ඇත.මෙය රදා පවතින්නේ එය බිහිවීමට හේතුවූ සාධක නිසාය.එම සාධක අහෝසි වුන විට මම ද අහෝසි වේ.මෙය මෙසේ තේරුම් ගනිමු. අද ලෝකය ඊයේ ලෝකයේ ප්‍රතිපලයකි. එනම් අද ලෝකය ඊයේ ලෝකය ඇසුරින් නිර්මාණැය වූවකි. මෙය හේතුඵලවාදයයි. වෙන ගුප්ත කිසිවක් නැත.

මම කියා කෙනෙක් නැත.මෙය මෙසේ තේරුම් ගනිමු. ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එක් වී යුක්තානුවක් ඇතිවේ.ශුක්‍රානුව හා ඩිම්බය වෙනත් ජීවීන් දෙදෙනෙකුගේය.එනිසා යුක්තානුවට මමත්වයක් තිබිය නොහැක.ජීවිතය පිළිබද සියළු තොරතුරු අඩංගු සෛල බෙදී බෙදී යයි.එනිසා සැබවින්ම නොපවතින මමත්වය පසුකාලීනව මනසේ නිර්මාණය වන්නකි.


සිතිවිලි යනු චිත්ත රූපය. මෙම චිත්ත රූප ජීවියා තුල ගබඩා වෙයි.එසේම එක සමාන චිත්ත  රූප කාන්ඩ ගත වෙයි.සිතීම යනු මෙයයි.අපට යම් චිත්ත රූපයක් පහල වූ විට එම චිත්ත රූපයට සමාන චිත්ත රූප අපේ මතක ගබඩාවෙන් එකතුවෙයි. මේ පොකුර වැල මෙන් යයි. එය අවසන් වන්නේ වෙනස් චිත්ත රූපයක් ගැටෙන විටය. එයද පෙර මෙන්මය.මමත්වය පහලවනේ මෙසේ කාන්ඩගතවීමේදීය.මෙසේ කාන්ඩගතවන්නේ එක් ප්‍රධාන චිත්ත රූපයක් වටාය. එය ප්‍රධාන චේතනාව ( භවාංගය ) කියා කියමු.ධර්මාවබෝධයේදී සිදුවන්නේ මෙම ප්‍රධාන චේතනාව අහෝසි වීමයි.මමත්වය අහෝසිවූ විට ලෝකය හා මගේ බැදීමද අහෝසි වේ.

ධර්මයේ හරය එයයි.එය කෙනෙකුට පැහැදිලිව තේරුම් කළ හැකි තේරුම් ගත හැකි දෙයකි. අහසින් යාම් වැනි ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නැත.කිසිම මැජික් එකක් අදාලම නැත.

සර්වඥ කෙනෙකුගේ නොව බුද්ධිමතකුගේ සාර්ථක පැහැදිලිකිරීමකි.ඉන්දියානු තත්කාලීන දැනුම සාරසංග්‍රහ කිරීමකි.සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ කතා සත්තු කතා කරන සිදුවීම් ,දිව්‍ය ලෝකවල දිග පළාල දමා විතන්ඩවාදීව කරුණු ඉදිරිපත්කිරීම් වලින් වන්නේ නිධානයකින් වැසූ පිධානය්ක් මෙන් සත්‍ය සැගවී යාමය.

බුදුදහමේ සාරය අංගුලිමාල කතාවෙන් පිළිබිඹු වේ. ශ්‍රමන භවත් ගෞතමයන් දහස් ගනන් අංගුලිමාලලාට නවතින ලෙස කියයි. එහෙත් ඒ කිසිවෙක් නවතින්නේ නැත. ඒ වෙනුවට දුවන ලෝකයේ විවිධ අරමුණු ඔස්සේ දුවති හති වැටෙති.මොකක්ද මේ නැවතීම. නිර්මිත මන්හ්කල්පිතයක් වන මම නවත්වාගැනීමයි.සියළු සිතිවිලි බැහැරකිරීමයි. සියළු ආශාවන් දෂ්ට කරන සරපයන් බැවින් උන්ගෙන් ඈත්වීමයි.එසේ නැතිව විකාර පුදපූජා කරමින් ආශාවන් පොදි බදිමින් අඩව් අල්ලමින් දහ අට පාලිය නැටීම නොවේ.

බුදුදහම යනු ක්‍රමානුකූලව කාලයක් තිස්සේ ඇතිවූ දාර්ශනික විපරිනාමයකි. තනි පුද්ගලයෙකුගේ  සොයාගැනීමක් නොවේ. එහි කිසි ගුප්ත ගූඪ බවක්ද නැත
බුදුදහම ඇතුළු භාරතීය දර්ශන ගැන තුලනාත්මක අධ්‍යනයක් අවශ්‍යය.මෙය ශ්‍රාවකයන් නළවා මෝහනය කිරීමට නොව බුද්ධි කලම්බනය පිණිසය.





Tuesday, September 8, 2015

ඇයි බං අපට මෙහෙමවෙලා තියෙන්නෙ

මේ මාතෘකාව මම මීට පෙරත් කොමෙන්ට් වල කතා කර තිබෙන එකකි.එනම් අපේ පැරණි ශ්‍රී විභූතිය ගැනයි.මෙම ශ්‍රී විභූති කාරනය කලක් මාද විශ්වාස කළෙමි. ඉතිහාස විශය මගේ ප්‍රියතම විශයක් වුනේ මෙම විශ්වාසය නිසයි.

ආර්යයන්ගේ ආගමනයට පෙර යුගයෙන්ම ආරම්භ කරමු.යක්ෂ ගෝත්‍රිකයන් යනු මාතෘමූලික ජනවර්ගයකි. ඔවුහු රට මැදට වන්නට ජීවත් වූහ. දිවයිනේ බහුතරය වූ ඔවුන් වෙළදාම්වල නියැලුනත් රටේම බලය පවත්වාගෙන නොගියහ. නාග ගෝත්‍රිකයෝ වෙරළබඩ වෙළද රාජ්‍ය පවත්වාගෙන ගියහ. දුටු ගැමුණු යුගයේ පවා ඔවුහු බලවත් වූහ. දුටුගැමුණු රජු මියගියේද  නාගවිසෙන්ය කියා තිබේ.දුටුගැමුණු යුගය වනතුරුම නාගයන් මහා සමාජයට අනුකලනය වී නොසිටියහ.එකලද ලංකාව වෙළද මධ්‍යස්ථානයක් වන්නට ඇත.

යක්ෂ ගෝත්‍රිකයන් මෙරට ස්වාධීන ශිෂ්ටාචාරයක් ප්‍රවර්ධනය කළා කියා වරදවා නොසිතන්න.මෙරට යක්ෂ ගෝත්‍රිකයන්  යනු මැද පෙරදිග සිට නැගෙනහිර හා දකුණු ඉන්දියාව තෙක් විහිදුන අනාර්ය ශිෂ්ටාචාරයේ එක් කොටසක් පමනි.

අනාර්යයන්ගේ සභ්‍යත්වය නාගරික විය. ආර්යන් ගැමියෝද එඩේරුද වූහ.අනාරියන් ඊජිප්තුවේ සිට ඉන්දියාව තෙක් සිය අණසක විහිදුවාගෙන සිටි අතර සෙමිටික් වරු හා ආර්යයන් එය වරින් වර බිද දැමූහ.ඉතියෝපියානු භාෂාවල හා අප්‍රිකානු භාෂාවල හා ඇදහිලිවල පුදුම එලවන සුළු සමානකම් ඇත.මානව රූපාකෘති අතින් ද සමානකම් ඇත.

යක්ශ ගෝත්‍රිකයන්ගේ ශිෂ්ටාචාරය ඉන්දියාව හා ඊට එපිටින් පැවති අනාර්ය මහා සභ්‍යැත්වයක නෂ්ටාවශේෂයකි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. මෙහි විශිෂ්ට ආදර්ශයන් තිබුනේ ඉන්දු නිම්නයේය. මොහෙන්ජොදාරෝ හරප්පා සභ්‍යතවයේම කොටසක් ලෙස යක්ෂ රාජධානිය තිබූ බවත් පසු කලෙක ආ එළාර ,සේන ගුත්තික වැන්නන්ද ද්‍රවිඩයන් නොව වෙනත් අනාර්ය සභ්‍යත්වයකට අයත් අය බව සිතිය හැක. එළාරද දුටුගැමුණු මෙනම් මෙරට රාජවංශයට මුහු වූ උරුමකරුවෙකි.

ආර්ය සභ්‍යත්වය වැළැද ගැනීමට පෙර ඉන්දියානු අනාර්යයන් හා ලාංකික අනාර්යයන් එකිනෙකාගෙන් භාෂාවෙන් හෝ ඇදහිල්ලෙන් වෙනස් නොවීය.උතුරු ඉන්දියානු සභ්‍යත්වය වැළැදගත් පිරිස සිංහල වූ අතර එසේ නොවූ අය ද්‍රවිඩ විය.දකුණු ඉන්දියාවේ දවිඩ ජනකොටස් ස්වාධීනව සිය සංස්කෘතිය ගොඩ නගන්නේද උතුරු ඉන්දියානු බලපෑම් අවම කර ගනිමිනි. එහිදී උපස්ථම්භක වුනේ මුස්ලිම් ආක්‍රමනයි. මුස්ලිම්වරු ඉන්දියාවට නො ආවා නම් ද්‍රවිඩයන් ඉන්දියානු සමාජයේ ජාතියක් නොවී කුලයක් වන්නාට් ඉඩ තිබිනි.නොදන්නා බසක් කතා කළැ තොල් පළල් ලිංග පූජා කරන්නවුන් ශුද්‍රයන් ලෙස හංවඩු ගසා ඒකීය ඉන්දියානු සමාජයට අනුකලනය කරගැනීමට ඉන්ද්‍ර වරුණ වැනි එඩේර ආර්යයන්ගේ උත්සාහය සියවස් කිහිපයකින් පසු අඩාල වුනේ මුස්ලිම් ආක්‍රමන නිසාය. එසේ නොවන්නට අද අප දකින ඉන්දියාවට වඩා හාත්පසින්ම වෙනස් ඉන්දියාවක් ඇතිවනු ඇත.

දැන් අපි හොඳින් දන්නා ඉන්දියානුකෘත යුගයට එමු. ඉන් පසුවද ඇත්තටම අපට සෙස්සන්ට නැති මහානර්ඝ ඉතිහාසයක් වීද. මගේ මතය නම් අපට ආඩම්බර විය හැකි ඉතිහාසයක් නැති බවයි.පශ්චාත් ලිඛිත ඉතිහාසයේද සැක සහිත තැන් ඇත.උදාහරනයකට පඩුවස්නුවර සිදුවීම් වලට අදාල පුරාවස්තු ලෙස අප සිතා සිටි ඒවා ඊට පසුකලෙක පරාක්‍රමබා යුගයේ බව හෙළිවී ඇත. දුටු ගැමුණුට පෙර ඉතිහාසය ජනකතාවක් වැනිය.සෙසු ලෝකයේ හැම රටකම තිබූ පරිදි අපටද රාජාණ්ඩුවක් විය. එහි වරදක් නැත.රාජාණ්ඩුව නැතිවුනේ අහම්බෙනි.රජවරු අපට එපා වී තිබුනේ නැත. අපට ඕනෑ වුනේ හොඳ රජෙකි.ශ්‍රී වික්‍රම නරක වූ නිසා එංගලන්තයේ ජෝජ් මෙහි ඇවිත් රජකරතැයි අපේ ටිකිරි මොළවලට හිතුනි.එම අලකලංචි අවසානයේ අපට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබිණි.

ඉතිහාසය ලෙස අප ඉගෙන ගන්නෙ හැම එකාම අපට ගුටි දී ගිය කතා වස්තුවකුයි. හරි හෝ වැරදි වේවා මහා පරාක්‍රමබාහු විදේශ දේශපාලනයට මැදිහත් විය.

අපට සමාන ලිඛිත ඉතිහාසයක් තිබූ වෙනත් රාජ්‍ය තමන්ගේම කියා දැණුම් පද්ධතියක් , ශිල්ප ක්‍රම, හා සිය සභ්‍යත්වය අනුන්ට පැටවීමට තරම් විභව ශක්තියක් තිබූහ. මෙහිදී පර්සියාව හා චීනය උදාහරණයට ගනිමි. එහෙත් යකඩ භාවිතය ,රෙදි විවීම හා අශ්වයන් හීලෑ කළ යක්ෂ ගෝත්‍රිකයන් ගේ සභ්‍යත්වය ඉන්දියානුකරනය වූ පසු ඉතිහාසය සම්පූර්නයෙන්ම ඉන්දියානු කොපියකි. මුස්ලිම්වරු ඉන්දියාවට එනතුරුම උතුරු ඉන්දියාවේ කාබන් කොපියක් වූ ලන්කාව ඉන්පසු දකුණු ඉන්දියාවේ කාබන් කොපියක් විය.

අගනුවර කේන්ද්‍ර කරගත් මහා සංස්කෘතිය තුල සිටි විදේශශිල්පීන් ජල සම්පාදන හා ප්‍රතිමා කලාවේ යෙදුනි. මෙරටට ශිල්ප ශ්‍රේණි ඉන්දියාවෙන් ආ බව කීමෙන්ම මෙරට තිබූ ශිල්ප අහේනිය පෙනේ.ඉන්දියානු වෙදකම, ඉන්දියානු සංගීතය ,ඉන්දියානු වාරි ක්‍රම මෙරට ආනයනය කර කලෙකින් දෙශීය ලෙස රෙජිස්ටර් කිරීම සම්ප්‍රදාය විය.

අනුන් මත යැපෙන්නෙ බැරි එකාය.බුද්ධඝෝෂ පැමිණ සිංහල අටුවා ගිනිතබා බුදුබණ පාලියට නැගූ පසු සිංහල අටුවා වල මොනවා තිබුනාද කියා දැනගන්නට ක්‍රමයක්ද නැත. අභයගිරිය විනාශ කළ මහාවිහාරවාසීන් විනාශ කළේ අබයගිරි මතවාදය පමණක් නොවේ.ඉතිහාසය ගැන විකල්ප මතයක්ද වසන් කළහ.විජය ප්‍රවාදයට වෙනස් කතාවක් අභයගිරි ඉතිහාසයේ තිබූ බව කියවේ.ඉන්දියන් කිව්වොත් පෙරලි පෙරලි වදින ගතියක් එදා විය. අප සිංහල යැ‍යි සිතන අනුරාධපුර යුගයේ නම් ගම් ඇත්තෙන්ම උතුරු ඉන්දියන් ඒවායි.

ඒ අනුව අනාදිමත් කාලයක සිට අප අනුන්ගේ කාබන් කොපි ලෙස පැවති බවයි. මෙය හීනමානයක් ඇතිකරවන කතාවක් වුවද ඇත්ත කතාව ඒකය.මෙවන් පසුබිමක ලොවෙන් අඩක් පාලනය කළ රාවණා කතා නිකම්ම විහිළු පමණි.

අපට ඊනියා ස්වාධීනත්වයක් තිබූ බව කියන අනුරාධපුරයේ තතු එසේය. අනුරාධපුරයේ විදේශ හමුදා ,විදේශ ශිල්පීන් සිටි  අතර ඊට එපිටින් අල්පේච්ඡ චූල සංස්කෘතියක් විය. ජනතාවට අවශ්‍ය වුනේ ආහාර නිෂ්පාදනයට ජලයත් සාසනික කටයුතුත් පමණි.රජු සැපවිදිමින් විශාල වෙහෙර විහාර කරවමින් සිටි අතර මේවා ජනතාවගේ අමන්දානන්දයට හේතුවිය.මෙම අල්පේච්ඡත්වය අපේ දුප්පත්කමද විය. නලින් ද සිල්වා ඔහුගේ කෘතියක අයින්සටයින් අනුරාධපුරයේ සිටියානම් කුමක් කරයිද කියා අසයි. ඔහුම පිළිතුරක් දෙමින් දැණුම සංස්කෘතිය සාපේක්ෂ නිසා අයින්සටයින් වියුක්ත දැනුමක් නිරමාණය නොකරනු ඇතැයි කියයි. කතාව ඇත්තය.අලුත් නිර්මානයක් කළ එකා මරන රජෙක් සිටි නිසා කිසිවෙක් දුරට සිතන්නේ නැත. කල ශිපීන් පවා නිර්මාණැය කර අවසන් වූ පසු මැරීම හෝ ඇස් අන්ධ කිරීම සිදුකර ඇත.එසේම ගුරු මුෂ්ටි සහිතව ටික ටික අඩුවෙමින් පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ දැණුම අවසානයේ නැත්තටම් නැතිවේ.

පුතුන්ට හා ගෝලයන්ට වටිනාම දැනුම නොදී ගුරු මුෂ්ටි ලෙස තබා මිය ගිය අධම කුහකයන් බටහිර ශස්ත්‍රඥයන් හා සසදන විට අහසට පොලව මෙනි.

පොලොන්නරු යුගය වන විට අගනුවර බලවත් වුනේ දෙමළ ,කේරළ ,පාන්ඩ්‍ය හමුදාය. පරාක්‍රමබාහුගේ යුද්ධ මෙහෙයවූ සෙනවියන් ද්‍රවිඩයන් ය. දමිලාධිකාරී නම් සෙනෙවියා යටතේ දමිළ හමුදාව විදේශ යුද්ධ මෙහෙයවීය.ඉන්පසු දඹදෙනි කුරුණෑගල යාපහු යුගයන් වනවිටද මෙය වර්ධනය වූවා මිස අඩු නොවීය.කුරුණෑගල යුගයේදී රජවරු මාරුකිරීමට රාජ්පුත් හමුදාද සහභාගිවී ඇත. කුරුණෑග ගම්පොල යාපහු යුගවල අන්ධ සේනාපති ( ආන්ද්‍ර ප්‍රදේශ් ) ,වග සෙනවි ( බෙංගාලය )මල්ලයන් ,චාලුඛ්‍යයන්,කේරළයන් ,කාලිංගයන් ( ඔරිස්සා ) ලංකාවේ රාජ්‍ය කටයුතුවලට හමුදා සහිතව මැදිහත්වී ඇත. මෙය පුදුමය දනවයි.

14 සහ 15 සියවස් වන විය කෝට්ටේ රජුගේ බලය බටහිර මුහුදු සීමාවේවත් නොතිබිණි.ඇත්තෙන්ම රටේ නියම පාලකයන් වුනේ වෙළද පවුලක් වූ අලකේශවරයන් විසිනි. රජවංශය නාමිකව සිටියහ. ( ඇත්තෙන්ම පොලොන්නරුවෙන් පසු රාජවංශය අවසන් වෙයි .කාලිංඝ මාඝ සියළු කුල මිශ්‍ර කර සමාජ විපර්යාසයක් කළේය. එනිසා වර්තමාන සමාජ සංවිධානයෙහි මූලය දඹදෙනි යුගය තෙක් දිවේ.පොලොන්නරුව බිද වැටීමෙන් පසු දඹදෙනි රාජවංශය පිහිටෙව්වේ ප්‍රාදේශීය රදලයෙකි.අනුරාධපුරයේද මෙවැනි කැඩීම් දැකිය හැකිවුනත් මෙය ඉතා පැහැදිලි ඛන්ඩනයකි.

අලකේශවර හා සෙසු විදේශ බලයන් දුර්වල වී හයවන පරාක්‍රමබාහු වන විට පිරිසඉදු සිංහල රාජවංශයක් විය. එය සාපේක්ෂ තත්වයකි. එහෙත් ඊට හේතුව මේ වනවිට මුළු ඉන්දියාවම මුස්ලිම් ආධිපත්‍යට නමුතු වී තිබීමය. එයින් බේරුන මලබාරය හා දකුණු ඉන්දියාවේ දෙමළැ රාජ්‍ය තිබිණි. හයවන පරාක්‍රමබාහුගෙන් පසු යුගය සෙසු ඉන්දියානු බලවේගවලින් මිදුනත් එය සම්පූර්නයෙන්ම දෙම ආධිපත්‍යට නතුවී තිබිණි.

පෘතිගීසීන් පැමිනියේ මෙසේ ද්‍රවිඩකරනය වූ රාජ්‍යකටය. 
ඉන්දියාවේ අවසාන ද්‍රවිඩ රාජ්ය වූ විජයනගර් අධිරාජ්‍ය බිද වැටෙන යුගයේම පෘතිගීසීන් ආවේ නැතිනම් ඒ රැල්ල පෝක් සමුද්‍ර සංධිය තරණය කර ලංකාවට එන බව නිසැකය.මෙය ලියන මා ද්‍රවිඩයකු වීම වැළැකුනේ විජයනගර් අධිරාජ්‍ය බිදවැටුන නිසාය.විජයනගර් අධිරාජ්‍ය බිදවැටුනේ මුස්ලිම් ආක්‍රමන නිසාය.මා මුස්ලිම්වරයෙකු වීම වැළකුනේ පෘතුගීසීන් ලංකාවට ආ නිසාය. පෘතිගීසීන් පිටුපස ආ ප්‍රංශ හා බ්‍රිතාන්‍ය  වෙළෙන්දන් ඉන්දියාවේ තිබූ මුස්ලිම් අධිරාජ්‍යද සම්පූර්නයෙන්ම අතුගා දැමූහ.එය අවසන් වුනේ පමු ලෝක යුද්ධයෙනි. එහිදී තුර්කි ඔටෝමන් වරු සම්පූර්නයෙන්ම පරාජය කර තුර්කියටම සීමා කෙරුණි.ද්‍රවිඩ බාධකය නිසා පට තුර්කි හෝ පර්සියන් බලපෑමක් ආවේම නැත. එසේ ආවානම් අපේ භාෂාවද බරපතලම වෙනස්කම්වලට ලක් වන්නට ඉඩ තිබිණි.

දීර්ඝ ඉතිහාසයන් තිබූ ලොව සැම රටක්ම සිය ශිෂ්ටාචාරය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළත් ලංකාවේ අපි දූපතෙන් පිටට කිසිම කර්ත්‍යයක් නොකළ තරම්ය. අපේ සියළුම චින්තනය දූපත තුලම සිරවිය.අපගේ සමස්ත ව්‍යායාමය ආත්මාරක්ෂාව සදහාම විය.

බ්‍රිතාන්‍ය යුගයේ සිංහලයන් හමුදා පුහුණුවට බදවාගත් විට ඔවුහු බියේ පලා ගොස් සැගවුන බව ඔවුන් සටහන් කර ඇත. මෙය ලැජ්ජාවකි. එහෙත් පළමු ලෝක යුද්ධය වන විට ලාංකිකයන් යුද්ධයට ගියහ.එහෙත් ඔවුහු ද බොහෝ විට කර තිබුනේ බඩු උස්සාගෙන යාම වැනි ඒවායි. ගුර්කා ,පන්ජාබ් වාර්ගිකයන් මෙන් වීරත්වයක් පෙන්වාද නැත.

අපගේ රාජ්‍ය තාන්ත්‍රික පිලිගැනීමේ තරම කියාපාන කතාවක් එයි. උඩරට රජපවුල සූර්ය වංශයෙන් පැවත එන නිසා ඉන්දියාවේ සූර්ය වංශික කුමාරියක් සොයා දූතයන් ගියේ දකුණු ඉන්දියානු රජමාලිගයකටය. මොවුහු ක්ෂත්‍රියයෝ නොව ශ්ද්‍රයෝය.එහිදී නායක්කාර් ප්‍රධානියා ( මට මතක හැටියට තිරුමල ) මෙසේ කීවේය. තොපත් අපත් අතර කවදානම් හිර ගනුදෙනු සිදුවී ඇද්ද .තොප බියක් සැකක් නැතිව ආ හැටි. කියා නිග්‍රහ කළහ. ඉන්පසු දුප්පත් නායක්වරයෙක් රහසිගත තැනකට නුවර දූතයන් කැදවා ගෙන ගොස් සිය දියණියන් පාවා දී ඇත. උපායශීලී වූ මොහු ගේ පුතුන් හා බෑණා වරුන් ශ්‍රී විජය කීර්ති ශ්‍රී ආදී වශයෙන් පසුව රජ වූහ.

අප මෙතරම් පීචන් වී ඇත්තේ මන්ද කියා මට සිතුන වාර අනන්තය.මට හිතෙන්නේ අප දැනුම සහ බලය අතින් ශක්තිමත් නොවී  පසුගාමී වී ඇති බවයි.එයයි හේතුව. එය අපගේ නොහැකියාවක්ද. අපගේ වෙළද සන්නාමයන් දූපතෙන් එහාට නොයන්නේ මන්ද .යුදෙව්වො වගෙ අපේ මිනිස්සු වැඩ්ඩො නොවන්නෙ ඇයි.නලින් කියන ලෙස වියුක්ත ව සිතන්න අපට බැරිකම නම් නොවේ.මොකක් හරි අපට බැරි බැරියාවක් නම් ඇති බව මට සිතේ.

කරුණු මෙසේ හෙයින් අප මුලින්ම අපේ සැබෑ තත්වය තේරුම් ගෙන අපේ සාර්ථකත්වය රදා පවතිනුයේ සෙස්සන් සමග ගැටීමෙන් නොව සෙස්සන් සමග මුහුවීමෙන් බව තේරුම් ගත යුතුය.ඇගිල්ලෙ තරමට ඉදිමිය යුතුය. රවණා කතා බටහිර විරෝධය ,ඉන්දියන් විරෝධය ,චීන විරෝධය වැනි දේවල් අවශ්‍ය නැත.එසේම දකුණු කොරියාව ,සිංගප්පූරුව, තායිවානය, හොංකොන් ,ඩුබායි වැනි දූපත් රාජ්‍ය අවබෝධකරගත් ක්‍රමවේදය අපටද සුදුසු බව සිතමි.අපගේ මහද්වීපික මානසිකත්වය අපට ටිකක් තරමට වඩා වැඩි බව පෙනේ.


Saturday, September 5, 2015

කට වට කර වැටක් බඳිමු දෙබසින් දුක වැඩි හන්දා

ලිපිය ටයිප් කරන්නට රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය ගත්තෙමි.ඒකෙ වදින්නෙත් දෙමළ අකුරුය. වැරදිලා බාමිනි යුනිකෝඩ් එක ක්ලික් කරලාය.මට අද අතිශයින්ම කාර්යබහුල වුවත් තනිතරුව හා අටමා ගේ පෝස්ට් දැක නොලියා ඉන්නට බැරිවිය. තනි තරුව කියන ලෙසම වැඩ යකාට ගියදෙන් කියා ටයිප් කරමි.මේ දවස්වල බොහෝ දෙනා කතා කරන දේශපාලන දේවල් වල සාම්‍යයක් දැකිය හැක. ඉදිරියට බොහෝ දේවල් කතා කරන්නට ලැබෙනු ඇත.

ඊයෙ බස් එකට නගිනකොටම බසයේ සිටි මිතුරෙක් මැසිවිලි නැගුවේ සම්බන්ධන්ගේ විපක්ෂ නායකකම ගැන හා තව තව දේවල් ගැනය . මා එයට උත්තර දෙකක් දුන්නෙමි. ඒ උත්තර දෙක මට ලැබුනේ මීට දශකයකටත් එහා  කාලයකදී මා විසින් නැගූ පැනයකටය. එහි පූර්වාපර සන්ධි ගලපා පසුව කියන්නෙමි.

 ඇත්තටම විපක්ෂ නායකකම ගැන මටනම් එය අවුලක් නැත.  දෙමළ ,මුස්ලිම් රාජ්‍ය නායකයෙක් පත්වුනත් මම නම් එහි වරදක් නොදකිමි.සමහරු සිංහල බෞද්ධ පාලකයෙක් මේ රටේ  හැමදාම සිටිය යුතුයැයි අදහති. සිංහල බෞද්ධ පාලකයෙක් යන අදහස රජකාලෙ දක්වා යයි.එකල එයට හේතු තිබිණි. මන්ද රජෙක් පත් කළ පසු ඌව පාලනය කිරීමේ කිසිම ව්‍යවස්ථාපිත ක්‍රමයක් එකළ නොවීය.දස රාජ ධර්මයෙන් පාලනය නොකළොත් හිස හත් කඩකට පැල්ලේවාය යන දිවුරුම ගැනීම පමණක් සිදුකෙරේ. එය නිශ්ඵල දෙයක් බව නොකිවමනාය. දස රාජ ධර්මයෙන් පාලනය කළ රජවරු අල්ප විය.බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට උත්සාහ කළේ රජුන් දෙතුන් දෙනෙක් පමණි. ඔවුහුද අසාර්ථක වූහ.නමුත් ඇමරිකාවෙ කළු ඔබාමා මෙන් ලංකාවෙද සුළු ජාතිකයෙක් පත්වීමේ වරදක් නැත.  ඒත් ලංකාවෙ කොයි දේත් සිදුවන්නෙ රුයිතෙට නිසා දෙපාරක් සිතීමත් ඇඟට ගුණය.

ජාතික ප්‍රශ්න ගැන කරන සංවාද වලදී මම බොහෝ විට මුනිවත රකිමි. ඒ කතාකර වැඩක් නැති නිසාය.මේ මුනිවත ගැන මගේ මතකය දශක දෙකකට එහාට යයි. එදාද මේ ලෙසම ජාතික ප්‍රශ්න ගැන ලොකු සංවාද ගියේය.සංවාද වලින් එහාට ගිය ක්‍රියාකාරකම්ද විය.එවකට පැවති රජය විවේචනය නොකළ කෙනෙක් නැත.සංවාද වලදී රජය වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටියේය. ඡන්දය දීම වෙනම කතාවකි.

ඔය කාලයේ මම සිටියේ නමය වසරේය.  එකළ තක්ෂිලා කියා ජනප්‍රිය ඉංග්‍රීසි පන්තියක් කුලියාපිටියේ තිබිණි.මම එහි මට වඩා වයසින් වැඩි අය සමග ඉගෙන ගත්තෙමි.එහි පන්ති ඒ සිට අනුපිලිවලින් තිබූ අතර wren and martinගේhigh school English grammar and composition පොතට අනුව රසවත්ව භෂාව ඉගැන්වීය. ඉස්කෝලෙ ඉංග්‍රීසි අප්පිරිය වී සිටි බොහෝ දෙනා ට ඉංග්‍රීසි රසවත් වුනේ මෙහිදීය. වැඩි දෙනෙක් ඕ ලෙවල් ඒ ලෙවල් ලියා ගෙදර සිටින කාලයේ මෙහි පන්තිවලට ආ අතර මා වැනි පාසල් සිසුන්ද කීප දෙනෙක් වූහ. පන්තියේ කොට කලිසන් අදින එකෙකුට සිටියේ මා පමණි.

මා අසල සිටි වැඩි මහල් සිසුවාගේ පොත නිකමට අතට ගෙන බලන විට දුටු දසුනින් මට යකා නැග්ගේය. විවිධ එජාප දේශපාලනයන්ගේ ඡායාරූප එහි වෙයි.එම ඡායාරූප වල අනෙක් පැත්තේ දින දර්ශනයකි. මෙය කිසියම් මැතිවරණයක් ඉලක්ක කර මුද්‍රණය කර බෙදා හළ ඒවාය.මම හොඳ වැඩක් කළෙමි.මම එම කැලැන්ඩර් වල දේශපාලනඥයා සිටින පැත්ත පිටතට පෙනෙන සේ ඔහුගේ සියළුම පොත්වල ඉටි කවරය තුලට දමා අතින් අතට යැව්වෙමි. මූ මෙය දැක යක්ෂයා ආරූඪ විය.ඒ කාලෙ එය නෝන්ඩි වැඩකි. ඔහු මට බැණ වැදුනේය.

මම මෙසේ ඇසුවෙමි. රටට වෙලා තියන දේ අයියට තේරෙන්නෙ නැද්ද

මොකක්ද රටට වෙලා තියෙන්නෙ?

විදේශ හමුදාවක් රට ආක්‍රමණය කරල.හොරකම මැරකම දූෂනය ඉහවහා ගිය ආණ්ඩුවක්. ඒ මදිවට මර්ධනය.

ඔහු සිනාසී මෙසේ කීවේය. රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලා ගනියි. අපට අපේ ප්‍රශ්න තියනවා.

මම තක්කු මුක්කු වුනෙමි. මෙහෙම කතා කරන අය මට හමුවී නැත.

එතකොට ඔයා රටේ කෙනෙක් නෙමෙයිද?

අපට වෙන්නෙත් හැමෝටම වෙන දේනෙ.

මම ඔහුගේ අදහසට එරෙහිව තව තව දේවල් ආවේගශීලීව කිව්වෙමි.පන්තියක් බව මට මදකට අමතක විය.පන්තියේ පාඩම මැද අපි දේශපාලනයේය.මට ඔහු ගැන ඇතිවූ අප්‍රසාදය වචනයෙන් විස්තර කළ නොහැක.තරුණයෝ රට වෙනුවෙන් ජීවිත පූජා කරති. එහෙව් අස්සෙ එක තරුණයෙක් නරුම කතා කියයි.වැඩි වෙලා මේ සංවාදය කළ නොහැකි වුනේ ගුරුවරයා මාව නැගිට්ටවූ නිසාය.පාඩම උගන්වමින් සිටි ගුරුවරයා ඉදගෙන කතා කරන්න එපා නැගිලට කතා කරන්න කියා කීවේය. එදා පාඩම වුනේ සිසුන් දෙදෙනෙක් නැගිටුවා ගුරුවරයා දෙන මාතෘකාවකට අනුව  සංවාද කිරීමයි. අපි බොහෝ විට සිටියේ මූණ හංගගෙනය. නමුත් මා පාඩමට ඇහුන්කන් නොදී ලග ඉන්න එකා සමග කතා කරන බව දැක මාව නැගිටුවා ටොපික් එකක් දී තව කෙනෙක් සමග කතා කරන ලෙස දැන්වීය.මාව එලෙස මාට්ටු විය.අසල්වැසි එජාප මිතුරාටද හිනාවක් ගියේය. 

මෙය මෙම සිදුවීම නොමැකෙන මතකයක් ලෙස මගේ මතක ගබඩාවේ තිබුනේ එදා ඔහු කී දේ සම්පූර්ණ සත්‍යක් නිසාය. එය නිකම් සත්‍යයක් නොව සර්වලෝක සත්‍යයකි. ඇත්තටම අපට ඍජුව අදාල නැති ඔය කෙහෙල්මල් ගැන වද වි යුතු නැත. ඒ ගැන ක්‍රියා කරන්නට අප පාර්ලිමේන්තුවක් පත් කළෙමු. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයගේ මතය ස්ථිර වෙයි.රටේ ආරක්ෂාවට හමුදාවක් ඇත.එසේම ට්‍රෙෂරියක් ඇත. තවද සමාජයේ හයිරාකි එකක් ඇත. එනම් නායක හාමුදුරුවරු මහා ව්‍යාපාරිකයන් ,උසස් නිළධාරීන් සිටිති. රට නැති වුනොත් වැඩි හානියක් වෙන්නෙ ඒ අයටය.අපට වෙන්නෙ අනෙක් හැමෝටම වෙන දෙයයි. ඉතින් ඇයි අපි කලබල.ඉස්සරහට යා යුත්තේ ප්‍රභූවරුය.අපට අපේ වැඩතිබෙන නිසා අප සිතිය යුත්තේ ඒ ගැනය.පොඩි මිනිසුන්ට ඔවුන්ගෙ වැඩ ඇත.රජවරු සිටුවරු ලොකු දේවල් බලා ගනිද්දෙන්.



ප්‍රභූවරු නොවන සියළුම ජනතාව සිතිය යුත්තේ එසේය. කතන්දරයක් මතක් වෙයි.

එකතරා පුද්ගලයෙක් කොටළුවෙකු පිට නැගී යන විට රණැ බෙර හඩක් ඇසී ඔහු වහාම කොටළුවා අමතා ඉක්මනින් පළා යමු අපි සතුරන්ට අහුවෙන්නයි යන්නෙ කියා කීවේය. 

කොටළුවා කීවේ ඔබ පළා යන්න මටනම් නැතිවෙන්න දෙයක් නෑ. ඔබ සිතනවද අළුත් ස්වාමියෙක් මට ලැබුනොත් බර ගෙනයාම ඇර වෙන වැඩක් මට පවරාවි කියා උත්තර දුන්නේය.

සාමාන්‍යජනතාවට රටක් නැත. රට ගැන සිතිය යුත්තේ ආර්ථිකය මෙහෙයව ධනපතියන්ය ,නෛක ශ්‍රීන් වැජඹෙන පූජකයන්ය. රට ඔවුන්ගේය. තීරණ ගන්නේ ඔවුන්ය. 

බල්ලාගෙ වැඩේ බූරුවා කරන්න ගියොත් මොකක් වෙයිද.මට කතන්දරයක් මතක් වෙයි.

එකෝමත් එක රටක ගෙදරක බල්ලෙක් හා බූරුවෙක් සිටියේය. ඒ ගෙදර බිදින්නට හොරු ආහ. බූරුවා මෙය දැක බල්ලා අමතා ඔහේට පේන්නැද්ද හොරු පැනල නේද කියා ඇසීය. 

බල්ලා කීවේ උඹ උඹේ වැඩක් බලාගනින්. මට ඉහලින් අන ලැබෙන තුරු මොකුත් කරන්න බෑ. කියාය. කතාවත් ඇත්තය. බූරුවාට මෙය බලාගෙන ඉන්න බැරිව කෑගසන්නට විය. බූරුවාගේ කෑගැහිල්ල ගෙදර සිටියවුන්ට මහ කරදරයක් විය. කෑගැසීමෙන් නොනැවතුන බූරුවා උඩ පනින්නටත් බිම පෙරලෙන්නත් අසල ඇති බඩු පොඩිකරන්නටත් විය.මේ කලබගෑනිය දුටු ගෙහිමියා මේ බූරුවට පිස්සු හැදිලා කියා සිතා බූරුවා හපා මරන ලෙස බල්ලට නියෝග කළේය. බල්ලා නැට්ට කෙළින් කර ගත්තේය. බූරුවා පිටට පැන හපා මැරුවේය. ගෙහිමියා බූරු කුන පාර අයිනට දමා අහක දමා තිබුන පරන ටයර් සහ කොල රොඩු දමා බූරු කුන පුලුස්සා දැම්මේය. ඒ කලබලය අස්සේ හොරු පැන දිව්වෝය.

බල්ලගෙ වැඩේ බූරුව කළා වගේ කියා උපමා කතාවක් ජනවහරට ආවේ එදා සිටය.

89 යුගයේ විශ්වවිද්‍යාලවල සිටි සහ පාසල් වල උසස් පන්තිවල සිටි සිසුන් විශාල පිරිසක් මැරුම් කෑහ.එකල වෛද්‍ය පීඨයේ සිටි මගේ ඥාති සහෝදරයා කීවේ ඔවුන්ට සීනියර් බැච් එකේ අතිවිශාල පිරිසක් මිය ගිය බවයි. අපරාදෙ ඩිග්‍රිය කම්ප්ලීට් නොකර දේශපාලනය කරල වුන විපත. පාසල් සිසුන්ද එසේමය.මට කණගාටුව මෙසේ දිවිපිදූවන් ශ්‍රීලනිප ,ම එ පෙ, ජවිපෙ ,වැනි දේශප්‍රේමී පක්ශවල අයයි. ඔවුන් කුඩාකළ සිටම පවුල් ආභාශය නිසා රට ගැන හැඟීමක් තිබූ අයයි.මේ පක්ෂවලට ඡන්දය දෙන අය රට ගැන හැඟීමක් ඇති අයබව මම සිතමි.

කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන වද විය යුතු නැත. ජනවාරි 8 වනිදා රට වෙනුවෙන් කළ යුතු අවසානම යුතුකමද කළ අය ඒ ගැන සෑහීමකට පත්විය යුතුය.ඡන්දය දුන්නාට මොළේ දිය නොහැක. මොළේ ඇති එකෙක් ඌව පළාත් ඡන්දයෙන් පසු දෙමළ මුස්ලිම් ඡන්දය ගෙඩිය පිටින්ම තමන්ට නොලැඹෙන බව දැනගෙනම ජනාධිපතිවරනෙකට යන්නේ නැත.එසේම රෑ වැටුන වලේ දවල් වැටෙන්නේද නැත.

යුද්ධය පැවති කාලය අපට මතකය . යුද්ධය පැවතිකාලයේ කොටින්ට ඍජුව සහාය දුන් කලාකරුවන් හා එන්ජී ඕකාරයන් දැන් කරළියට බැස යුධ අපරාධ ගැන කතා කරයි.එකෙක් නාසි යුධ අපරාධ වලට මෙය සමාන කළේය. කොටි දැන් විමුක්තිකාමීන්ය එදා යුද්ධයට පක්ෂව සිටි දේශප්‍රේමීන් අද විත්තිකරුවන් වී ඇත.

අප බලා සිටිමු. සිනමා පටයක් දෙස බලා සිටින ලෙසටම බලා සිටිමු.සයිබර් අවකාශයේදී නිස්සරනධ්‍යාශයෙන් තම මුදල් ඩේටා ශා කාලය වැය කරමින් විදේශවලින්  දහසින් බැදි පියලි ලැබූ බඩගැත්තරයන් සමඟ වාද කරමින් විශාල සේවයක් කළ සියල්ලන්ගේම සේවය අනාගත පරම්පරාවන් විසින් සිහි කරනු ඇත.

ඊයෙ බසයට නගින විට මිතුරා කී මැසිවිලි වලට දුන් උත්තර මෙන්න.

දැන් අපට අපේ වැඩ ඇත .රටේ මිනිස්සු රටේ ප්‍රශ්න බලාගනීවි.

අපට වෙන්නෙත් හැමෝටම වෙන එකය.

එසේ කියා බසයේ අසුනකට බරවී  නින්දක් දැම්මෙමි.බසින විට රට ඉතිරි වී තිබුනොත් ( නැතත් මට කමක් නැත ) එච්චරය . පෙරලුන පැත්ත සැප වැඩිය.